Pali BJT1012. සුජාතො නාමහං භත්තෙ රාජපුත්තො පුරෙ අහුං, ත්වඤ්ච මං අනුකම්පාය සඤ්ඤමස්මිං නිවෙසයි.
Sinhala BJT1012. වහන්ස මම පෙරැ සුජාත නම් රාජපුත්‍රයෙක් වීමි. ඔබ වහන්සේත් අනුකම්පාවෙන් කුශල ධර්‍ම සඞ්ඛ්‍යාත සංයමයෙහි මා පිහිටුවූ සේක.
Pali BJT1013. ඛීණායුකඤ්ච මං ඤත්වා සරීරං පාදාසි සත්ථුනො, ඉමං සුජාත පූජෙහි තං තෙ අත්ථාය හෙහිති.
Sinhala BJT1013. මා පිරිහීගිය ආයු ඇතියෙකැයි දැන සුජාත මෙය පුදව, එය තා හට වැඩ පිණිස වන්නේයයි ශාස්තෲන් වහන්සේගේ සාරීරික ධාතු දුන්සේක.
Pali BJT1014. තාහං ගන්ධෙහි මාලෙහි පූජයිත්වා සමුය්යුතො, පහාය මානුසං දෙහං උපපන්නොම්හි නන්දනං.
Sinhala BJT1014. මම මැනැවින් යෙදුණෙමි. ඒ ධාතූන් ගඳින් මලින් පුදා මිනිස් සිරුර හැරැපියා නඳුන් වෙනෙහි උපන්මි.
Pali BJT1015. නන්දනොපවනෙ{1} රම්මෙ නානාදිජගණායුතෙ, රමාමි නච්චගීතෙහි අච්ඡරාහි පුරක්ඛතොති.
Sinhala BJT1015. නන්වැදෑරුම් පක්‍ෂි සමූහයාගෙන් යුත් මනරම් වූ නඳුනුයනෙහි නෘත්‍යගීතයෙන් හා දිව්‍යප්සරාවන්ගෙන් හා පෙරටු කරන ලද්දෙම් සිත් අලවා වෙසෙමි.
Pali BJTචූළරථවිමානං.
Sinhala BJTචූළරථ විමාන යි.
Pali BJT5. 14.
Sinhala BJT5. 14.
Pali BJT1016. සහස්සයුත්තං හයවාහනං සුභං ආරුය්හි මං සන්දනං නෙකචිත්තං උය්යානභූමිං අභිතො අනුක්කමං පුරින්දදො භූතපතීව වාසවො
Sinhala BJT1016. දහසක් අසුන් යෙදූ සොඳුරු වූ නන් අයුරින් විසිතුරු කරණ ලද මේ රියට නැඟ උයන්බිම සමීපයට යන්නා වූ (තෝ) භූත පති වූ පුරින්‍දද නම් සක්දෙවිඳු මෙන් (බබළහි).
Pali BJT1017. සොවණ්ණමයා තෙ රථකුබ්බරා උභො ථලෙහි{2} අංසෙහි අතීව සඞ්ගතා{3} සුජාතගුම්බා නරවීර නිට්ඨිතා විරොචති පණ්ණරසෙව චන්දො.
Sinhala BJT1017. තාගේ රන්මය රිය දෙපස වේදිකාවෝ පිල්කඩ තෙලෙහි පිහිටි යට දෙකොන් පෙදෙසින් මොනවට හැනී සිටියහ. මොනොවට පිහිටුවන ලද ටැම් සමූහයෝ සිප් ඇදුරන් විසින් නිමවන ලද්දවුන් වැනියහ. (මෙබඳු පිල්කඩ ඇති බැවින් තාගේ මේ රථය) පුණුරැසි සඳමෙන් බබළා.
Pali BJT1018. සුවණ්ණජාලාවතතො{4} රථො අයං බහූහි නා නා රතනෙහි චිත්තිතො සුනන්දිඝොසො ච සුභස්සරො ච විරොචති චාමරහත්ථ බාහුහි
Sinhala BJT1018. මේ රිය රන් දැලින් වසන ලද්දේ ය. බොහෝ වූ නන් රුවනින් විසිතුරු කරන ලද්දේ ය. කන්කලු හඬ ඇත්තේ ය. මොනොවට බබළන සුලු ය. සෙමර ගත් අත් ඇති දෙවියන් කරණ කොට ගෙන අතිශයින් බබළයි.
Pali BJT1019. ඉමා ච නාභ්යො මනසාභිනිම්මිතා රථස්ස පාදන්තර මජ්ඣභූසිතා ඉමා ච නාභ්යො{5} සතරාජි චිත්තිතො සතෙරතා විජ්ජුරිවප්පභාසරෙ
Sinhala BJT1019. මේ රිය සක්නැබහු ද සිතින් මවන ලද්දවුන් වැනියහ. රියසක් පිළිබඳ අන්තයෙහි වූ නිම් වළලුයෙන් ද අරයන් පිළිබඳ නන් රුවනින් බබළන අකුරින් ද සරසන ලද නන්වන් නොයෙක් සියගණන් රොදින් විසිතුරු බවට පැමිණි මේ නැබහු ද සතෙරත සඞ්ඛ්‍යාත විද්‍යුල්ලතා මෙන් බබළත්.
Pali BJT1020. අනෙකචිත්තාවතතො රථො අයං පුථූ ච නෙමී ච සහස්සරංසිකො තෙසං සරො සූයති{1} වග්ගුරූපො පඤ්චඞ්ගිකං තුරියමිවප්පවාදිතං
Sinhala BJT1020. මේ රිය නන්වැදෑරුම් ලියකම් ඈ විසිතුරුවලින් ගැවසී ගත්තේ ය. මහත් වූ නිම් වලල්ල ද නොයෙක් රැස් ද ඇත්තේ ය. එල්බෙන කිංකිණි දැල් ඇති ඒ මනහර වූ නාදය වැයූ පසඟතුරු නේමින්ගේ නද සේ ඇසේ.
Pali BJT1021. සිරස්මිං චිත්තං මණිචන්දකප්පිතං සදා විසුද්ධං රුචිරං පභස්සරං සුවණ්ණරාජීහි අතීව සඞ්ගතං වෙළුරියරාජීව අතීව සොභති
Sinhala BJT1021. මෙහි රියහිස විසිතුරු ය. සඳමඬල වැනි මැණික් ඔබ්බන ලද්දේ ය. හැම කල්හි පිරිසිදු ය. සිත්කලු ය. පැහැසර ය. සුවර්‍ණ රෙඛාවන්ගෙන් යුක්ත ය. වෙරළුමිණි රොදක් සේ අතිශයින් හොබී.
Pali BJT1022. ඉමෙ ච වාළී මණිචන්දකප්පිතා ආරොහකම්බූ සුජවා බහූපමා බ්රහා මහන්තා බලිනො මහාජවා මනො තවඤ්ඤාය තථෙව සිංසරෙ
Sinhala BJT1022. මිණිමුවා සඳැස් ලකුණින් ඔවිදුනාලද ආරෝහ පරිණාහයෙන් යුක්ත වූ සෝභන ගමන් ඇති තම පමණට වඩා අධික ව පෙනෙන්නා වූ වැඩුණු සියලු අඟපසඟ ඇති මහත් ඉදුහ ඇත්තා වූ බලවත් වූ ශීඝ්‍ර ගමන් වෙග ඇති මේ අශ්වයෝත් ඔබගේ සිත දැන සිතට අනුකූල ව ම පවතිත්.
Pali BJT1023. ඉමෙ ච සබ්බෙ සහිතා චතුක්කමා මනො තවඤ්ඤාය තථෙව සිංසරෙ සමං වහන්ති මුදුකා අනුද්ධතා අමොදමානා තුරගානමුත්තමා
Sinhala BJT1023. මේ සියලු අශ්වයෝ ද සමාන ජව ඇත්තාහු සතර පයින් යන්නාහු තාගේ සිත දැන එසේ ම පවතිත්. මොළොක් සැහැවි ඇති නො කැලඹිලි ඇති සතුට පවසන උතුම් අස්හු සමව රිය උසුලත්.
Pali BJT1024. ධුනන්ති වග්ගන්ති පතන්ති{2} චම්බරෙ අබ්භුද්ධුනන්තා සුකතෙ පිළන්ධනෙ තෙසං සරො සූයති වග්ගුරූපො පඤ්චඞ්ගිකං තුරියමිවප්පවාදිතං
Sinhala BJT1024. මොනවට කළ (ක්‍ෂුද්‍රක ඝණ්ටාදී) අශ්වාලඞ්කාරයෙන් අධික වූ සලන අස්හු (කිසි විටෙකැ සෙමෙර බර ද කෙසුරු බර ද වලග ද) වෙසෙසින් සලත්. (කිසි විටෙකැ පියෙන් පිය තබා) යෙත්. (කිසි විටෙකැ) අහස්හි පැන යෙත්. ඔවුන්ගේ මනෝඥ වූ ස්වරය වයන ලද පසඟතුරු නද සේ ඇසේ.
Pali BJT1025. රථස්ස ඝොසො අපිළන්ධනාන ච{3} ඛුරස්ස නාදො අභිහිංසනාය{4} ච ඝොසො සුවග්ගු සමිතස්ස සූයති ගන්ධබ්බතුරියානි විචිත්රසංවනෙ{5}
Sinhala BJT1025. රිය හඬ ද පළඳනා හඬ ද කුර ගැටෙන හඬ ද (වරින් වර අසුන් පැවැත් වූ) හේසාරවය ද ප්‍රමුදිත වූ දෙවියන්ගේ ඝෝෂය ද චිත්‍රලතා වනයෙහි ගන්‍ධර්‍වදිව්‍යපුත්‍රයන්ගේ පඤ්චාඞ්ගික තූර්‍ය්‍යනාදය මෙන් ඉමිහිරි ව ඇසේ.
Pali BJT1026. රථෙ ඨිතා තා මිගමන්දලොචනා ආළාරපම්හා හසිතා පියංවදා වෙළුරියජාලාවතතා තනුච්ඡවා සදෙව ගන්ධබ්බ සුරග්ගපූජිතා
Sinhala BJT1026. රියෙහි සිටි මේ දෙවඟනෝ මුවපොල්ලන්ට බඳු මුදු සිනිඳු ඇස් ඇතියාහු ඝන වූ ඇස්පිහාටු ඇතියාහු සිනා මුහුණු ඇතියාහු ප්‍රිය වදන් ඇතියාහු වෙරළුමිණි දැලින් වැසූ සිරුරු ඇතියාහු සියුම්සිවි ඇතියාහු සියලු කල්හි ම ගඳඹ දෙවියන්ගෙන් හා සෙසු අගදෙවියන්ගෙන් හා ලද පිදුම් ඇතියාහු වෙත්.
Pali BJT1027. තා රත්තරත්තම්බර පීතවාසසා විසාලනෙත්තා අභිරත්තලොචනා කුලෙ සුජාතා සුතනු සුචිම්හිතා රථෙ ඨිතා පඤ්ජලිකා උපට්ඨිතා
Sinhala BJT1027. ඇලුම් දනවන සැහැවි ඇති රතු රන්වන් සළු දරන විසල් නෙත් ඇති වෙසෙසින් රන්වන් රොදින් හොබනා නුවන් ඇති උසස් දේවනිකායෙහි උපන් සොඳුරු සිරුරු ඇති මනා මදහස පහළ කරන රියෙහි සිටි ඔහු බදැඳිලි ඇති වැ එළඹ සිටියාහු ය.
Pali BJT1028. තා කම්බුකෙයූරධරා සුවාසසා සුමජ්ඣිමා ඌරුථනූපපන්නා වට්ටඞ්ගුලියො සුමුඛා සුදස්සනා රථෙ ඨිතා පඤ්ජලිකා උපට්ඨිතා
Sinhala BJT1028. රන්මුවා අඟුපලඳනා දරන මනාසළු හැඳි සිහිනිඟ ඇති පිරිපුන් වටොර හා පියයුරු ඇති කෙමෙන් දිගු වට ඇඟිලි ඇති සොඳුරු මුව ඇති මනා දැකුම් ඇති රියෙහි සිටි ඔහු බදැඳිලි ඇති ව එළඹ සිටියාහු ය.
Pali BJT1029. අඤ්ඤා සුවෙණී සුසු මිස්සකෙසියො සමං විභත්තාහි පභස්සරාහි ච අනුබ්බතා තා තව මානසෙ රතා රථෙ ඨිතා පඤ්ජලිකා උපට්ඨිතා
Sinhala BJT1029. සොඳුරු වේණි ඇති සමසේ බෙදීගිය පැහැසර රන් කෙඳියෙන් මුසු කෙහෙ ඇති අනුගත පැවැතුම් ඇති ඔබගේ සිත්හි ඇලීගිය තරුණ වූ ඒ ඇතැම් සුරඟනෝ රියෙහි සිටියෝ බදැඳිලි ඇති ව එළඹ සිටියාහු ය.
Pali BJT1030. ආවෙළිනියො පදුමුප්පලච්ඡදා අලඞ්කතා චන්දනසාරවාසිතා{1} අනුබ්බතා තා තව මානසෙ රතා රථෙ ඨිතා පඤ්ජලිකා උපට්ඨිතා
Sinhala BJT1030. පියුමුපුලින් සැදුම් ලත් රැළි දීම් ඇති දිවසඳුනෙන් අලෙව් දුන් අලඞ්කෘත වූ අනුගත පැවතුම් ඇති ඔබගේ සිත්හි ඇලීගිය රියෙහි සිටි ඔහු බදැඳිලි ඇති වැ එළඹ සිටියාහු ය.
Pali BJT1031. තා මාලිනියො පදුමුප්පලච්ඡදා අලඞ්කතා චන්දනසාරවාසිතා අනුබ්බතා තා තව මානසෙ රතා රථෙ ඨිතා පඤ්ජලිකා උපට්ඨිතා
Sinhala BJT1031. පිහුමුපුලින් සැදුම්ලත් දිව සඳුනෙන් අලෙව් දුන් පුෂ්පමාලා ඇති අලඞ්කෘත වූ අනුගත පැවැතුම් ඇති ඔබගේ සිත්හි ඇලීගිය රියෙහි සිටි ඔහු බදැඳිලි ඇති ව එළඹ සිටියාහු ය.
Pali BJT1032. කණ්ඨෙසු තෙ යානි පිළන්ධනානි හත්ථෙසු පාදෙසු තථෙව සීසෙ ඔහාසයන්තී දස සබ්බසො දිසා අබ්භුද්දයං සාරදිකොව භානුමා
Sinhala BJT1032. ඔබගේ ගෙලෙහි දු අත්හි දු පාහි දු එසේ ම හිසෙහි දු යම් පළඳනාවෝ වෙත් ද, ඔහු උදා වූ සරාහිරු මෙන් හාත්පසින් දසදිගුන් බබුළුවත්.
Pali BJT1033. වාතස්ස වෙගෙන ච සම්පකම්පිතා භුජෙසු මාලා අපිළන්ධනානි ච මුඤ්චන්ති ඝොසං රුචිරං සුචිං සුභං සබ්බෙහි විඤ්ඤූහි සුතබ්බරූපං
Sinhala BJT1033. වායු වේගයෙන් ද ප්‍රකම්පිත වූ බාහුයෙහි මල්දම් ද පළඳනාවෝ ද සියලු ගඳෙව් සිප් දන්නවුන් විසින් ඇසිය යුතු වූ රුචිර වූ අමිශ්‍ර වූ මනෝඥ වූ නාදය විහිදුවත්.
Pali BJT1034. උය්යානභූම්යා ච දුවද්ධතො{2} ඨිතා රථා ච නාගා තුරියානි චස්සරො තමෙව දෙවින්ද පමොදයන්ති වීණා යථා පොක්ඛරපත්තබාහුහි
Sinhala BJT1034. දිව්‍යපුත්‍රය උයන්බිම දෙපස සිටියා වූ රියහඬ ගජහඬ තුරුහඬහු සුශික්‍ෂිත බැවින් ඉතා මනහර වූ වීණා වාදකයාගේ අතින් වාදනය කරන ලද වීණාව මෙන් තා ම ප්‍රමෝදයට පමුණුවත්.
Pali BJT1035. ඉමාසු වීණාසු බහූසු වග්ගුසු මනුඤ්ඤරූපාසු හදයෙරිතං පති{3} පවජ්ජමානාසු අතීව අච්ඡරා භමන්ති කඤ්ඤා පදුමෙසු සික්ඛිතා
Sinhala BJT1035. කන්කලු වූ මනහර වූ බොහෝ වූ මේ වීණාවන් හෘදයඞ්ගම කොට ප්‍රීතියෙන් වයනු ලබන කල්හි මොනවට හික්මුණු දිව්‍ය කන්‍යාවෝ පියුම්වල (රඟපාමින්) හැසිරෙත්.
Pali BJT1036. යදා ච ගීතානි ච වාදිතානි ච නච්චානි චෙමානි{1} සමෙන්ති එකතො අථෙත්ථ නච්චන්ති අථෙත්ථ අච්ඡරා ඔභාසයන්තී උභතො වරිත්ථියො
Sinhala BJT1036. යම් විටෙකැ මේ ගීතයෝ ද වාදිතයෝ ද නෘත්‍යයෝ ද එකට එකතු වෙත් ද, එකල්හි තෙල රියෙහි ඇතැම් අප්සරා කෙනෙක් නටති. යළි තෙල රියෙහි දෙපස සිටි උතුම් දිව්‍යස්ත්‍රීහු (වස්ත්‍රාභරණාදියෙන් දිගුන්) බබුළුවත්.
Pali BJT1037. සො මොදසි තුරියගණප්පබොධනො මහීයමානො වජිරාවුධොරිව{2} ඉමාසු වීණාසු බහුසූ වග්ගුසු මනුඤ්ඤරූපාසු හදයෙරිතං පති
Sinhala BJT1037. කන්කලු වූ මනහර වූ බොහෝ වූ මේ වීණාවන් හෘදයඞ්ගම කොට ප්‍රීතියෙන් (වයනු ලබන කල්හි) ඒ තෝ දිව්‍යතූර්‍ය්‍ය සමූහයෙන් කළ තුටු පිබිදීම් ඇති පුදනු ලබන්නා වූ ශක්‍රයා මෙන් සතුටු වෙති.
Pali BJT1038. කිං ත්වං පුරෙ කම්මමකාසි අත්තනා මනුස්සභූතො පුරිමාය ජාතියා උපොසථං කං{3}වා තුවං උපාවසි කං ධම්මචරියං වතමාභිරොචයි{4}
Sinhala BJT1038. තෝ පෙරැ මිනිස් වූයෙහි පෙරැ අත්බැව්හි කිනම් කර්‍මයක් කෙළෙහි ද? තෝ කවර පෙහෙවසක් හෝ විසූයෙහි ද? කවර ධර්‍මචර්‍ය්‍යාවක් කවර ව්‍රතයක් රුචි කෙළෙහි ද?
Pali BJT1039. නයිදං අප්පස්ස{5} කතස්ස කම්මුනො පුබ්බෙ සුචිණ්ණස්ස උපොසථස්ස වා ඉද්ධානුභාවො විපුලො අයං තව යං දෙවසඞ්ඝං අභිරොචසෙ භුසං
Sinhala BJT1039. යම් හෙයෙකින් දේව සමූහයා අතිශයින් මැඩගෙන බබළහි ද? මේ තාගේ මහත් වූ ඍද්ධ්‍යනුභාවයෙකි. මේ විපාකය පෙරැ කරනලද අල්ප කර්‍මයක්හුගේ හෝ පෙරැ පුරුදු කළ අල්ප වූ උපෝසථයක්හුගේ හෝ නො වේ.
Pali BJT1040. දානස්ස තෙ ඉදං ඵලං අථො සීලස්ස වා පන, අථො අඤ්ජලිකම්මස්ස තං මෙ අක්ඛාහි පුච්ඡිතොති
Sinhala BJT1040. තාගේ මේ විපාකය දානයක්හුගේ හෝ නොහොත් ශීලයක්හුගේ හෝ නොහොත් අඤ්ජලි කර්‍මයක්හුගේ හෝ වේ ද? මා විසින් විචාරන ලදුයෙහි එය මට කියව.
Pali BJT1041. සො දෙවපුත්තො අත්තමනො මොග්ගල්ලානෙන පුච්ඡිතො, පඤ්හං පුට්ඨො වියාකාසි යස්ස කම්මස්සිදං ඵලං
Sinhala BJT1041. මේ විපාකය යම් කවර කර්‍මයක්හුගේ දැ යි මුගලන් තෙරුන් විසින් පුළුවුස්නා ලද සතුටු සිත් ඇති ඒ දෙව්පුත් තෙමේ (මෙසේ) පැවැසී ය.
Pali BJT1042. ජිතින්ද්රියං බුද්ධමනොමනික්කමං නරුත්තමං කස්සපමග්ගපුග්ගලං අවාපුරං තං අමතස්ස ද්වාරං දෙවාතිදෙවං සතපුඤ්ඤලක්ඛණං
Sinhala BJT1042-1043. දිනන ලද ඉඳුරන් ඇති පරිපූර්‍ණ වීර්‍ය්‍ය ඇති නර ශ්‍රේෂ්ඨ වූ අග්‍ර පුද්ගල වූ දෙවියන්ට දෙවි වූ සියපින් ලකුණෙන් යුත් නිවනට දොර විවෘත කරන්නා වූ; හස්තිරාජයක්හු හා සමාන වූ චතුරෝඝය තරණය කළා වූ සිඞ්ගීසුවර්‍ණ ජාම්බොනදසුවර්‍ණ රූපයක් බඳු වූ ඒ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ දුටුයෙමි. දැක වහා පිරිසිදු සිත් ඇත්තෙම් වීමි. ධර්‍මධ්වජ වූ ඒ බුදුරජාණන් වහන්සේ දැක,
Pali BJT1043. තමද්දසං කුඤ්ජරමොඝතිණ්ණං සුවණ්ණසිඞ්ගීනදඛීම්බසාදිසං දිස්වාන තං ඛිප්පමහුං සුචීමනො තමෙව දිස්වාන සුභාසිතද්ධජං
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT1044. තම්භන්නපානං{6} අථවාපි චීවරං සුචිං පණීතං රසසා උපෙතං පුප්ඵාභිකිණ්ණම්හි සකෙ නිවෙසනෙ පතිට්ඨපෙසිං ස අසඞ්ගමානසො
Sinhala BJT1044. නො ලැගුණු සිත් ඇති ඒ මම මලින් ගැවැසුණු සිය නිවසෙහි උන්වහන්සේ විෂයෙහි පවිත්‍ර වූ ප්‍රණීත වූ රසයෙන් යුක්ත වූ ආහාරපාන ද යළි සිවුරු ද පිළිගැන්වීමි.
Pali BJT1045. තමන්නපානෙන ච චීවරෙන ච ඛජ්ජෙන භොජ්ජෙන ච සායනෙන ච සත්තප්පයිත්වා ද්විපදානමුත්තමං සො සග්ගසො දෙවපුරෙ රමාමහං
Sinhala BJT1045. ඒ ද්විපදෝත්තම වූ සර්‍වඥයන් වහන්සේ ආහාරපානයෙන් ද චීවරයෙන් ද ඛාද්‍යයෙන් ද භෝජ්‍යයෙන් ද රස විඳගන්නා දැයින් ද සතප්වා ඒ මම ස්වර්‍ගයක් පාසා දේවපුරසඞ්ඛ්‍යාත සුදර්‍ශන මහා නගරයෙහි සිත් අලවා වෙසෙමි.
Pali BJT1046. එතෙනුපායෙන ඉමං නිරග්ගළං යඤ්ඤං යජිත්වා තිවිධං විසුද්ධං පහායහං මානුසකං සමුස්සයං ඉන්දූපමො{1} දෙවපුරෙ රමාමහං
Sinhala BJT1046. මේ නයින් විශුද්ධ වූ ත්‍රිවිධ වූ නිරවුල් වූ මේ මහදන් දී මම ඒ මිනිස් සිරුර පියා දෙව්ලොව ශක්‍රයා මෙන් සිත් අලවා වෙසෙමි.
Pali BJT1047. ආයුඤ්ච වණ්ණඤ්ච සුඛං බලඤ්ච පණීතරූපං අභිකඞ්ඛතා මුනි අන්නඤ්ච පානඤ්ච බහුං සුසඞ්ඛතං පතිට්ඨපෙතබ්බමසඞ්ගමානසෙ
Sinhala BJT1047. මුනිවරය, ප්‍රණීත වූ ආයුෂය වර්‍ණය සුඛය බලය යන මේ කැමැත්තහු විසින් බොහෝ වූ මනාව පිළියෙළ කරනලද අහර ද පැන් ද නො ඇලුණු සිත් ඇති බුදුන් විෂයෙහි පිළිගැන්විය යුතු යි.
Pali BJT1048. නයිමස්මිං ලොකෙ පරස්මිං{2} වා පන බුද්ධෙන සෙට්ඨොව සමොව විජ්ජති ආහුනෙය්යතං පරමාහුතිං ගතො පුඤ්ඤත්ථිකානං විපුලඵලෙ ඨිතන්ති
Sinhala BJT1048. මෙලොවැ හෝ පරලොවැ හෝ පිනෙන් ප්‍රයෝජන ඇති මහත් වූ පින්පල කැමතියනට ආභවනීයයන් අතුරෙහි පරම ආභවනීය භාවයට පැමිණි බුදුරජ තෙමේ ම ශ්‍රේෂ්ඨ වේ. බුදුන් හා සමයෙකුදු විද්‍යමාන නො වේ.
Pali BJTමහාරථවිමානං.
Sinhala BJTමහාරථවිමාන යි.
Pali BJTමහාරථවග්ගො පඤ්චමො.
Sinhala BJTපස්වන මහාරථවර්‍ග යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTමණ්ඩුකො රෙවතී ඡත්තො කක්කටො ද්වාරපාලකො ද්වෙ කරණීයා ද්වෙ සූචි තයො නාගා ච ද්වෙ රථා පුරිසානං පඨමො වග්ගො පවුච්චතී ති.
Sinhala BJTමණ්ඩුක යැ රේවතී යැ ඡත්ත (මාණවක) යැ කක්කටරසදායක යැ ද්වාරපාලක යැ කරණීය දෙක යැ සූචිදෙක යැ නාග තුන යැ රථදෙක යැ යි පුරුෂ විමානයන් පිළිබඳ ප්‍රථම වර්‍ගය කියනු ලැබේ.
Pali BJTභාණවාරො තතියො.
Sinhala BJTතෙවැනි බණවර නිමි.
Pali BJT6. පායාසිවග්ගො
Sinhala BJT6. පායාසි වර්‍ගය
Pali BJT6. 1.
Sinhala BJT6. 1.
Pali BJT1049. යථා වනං චිත්තලතං පභාසති උය්යානසෙට්ඨං තිදසානමුත්තමං තථූපමං තුය්හමිදං විමානං ඔභාසයං තිට්ඨති අන්තළික්ඛෙ
Sinhala BJT1049. (එම්බා දිව්‍යපුත්‍රය) තව්තිසා දෙවියනට උතුම් වූ උයන් අතුරෙහි ශ්‍රේෂ්ඨ වූ චිත්‍රලතාවනය යම්සේ බබළා ද, එබඳු වූ තාගේ මේ විමානය අහසෙහි බබළමින් සිටි.
Pali BJT1050. දෙවිද්ධිපත්තොසි මහානුභාවො මනුස්සභූතො කිමකාසි පුඤ්ඤං කෙනාසි එවං ජලිතානුභාවො වණ්ණො ච තෙ සබ්බදිසා පභාසතීති
Sinhala BJT1050. (තෝ) දේවර්ධියට පැමිණියෙහි. මහත් අනුභාව ඇත්තෙහි. මනුෂ්‍ය වූයේ කිනම් පිනක් කෙළෙහි ද? තාගේ සිරුර පැහැය ද සියලු දිගුන් බබුළුවයි. කවර පිනෙකින් මෙබඳු දිලිසෙන පුණ්‍යර්ධි ඇත්තෙහි ද?
Pali BJT1051. සො දෙවපුත්තො අත්තමනො මොග්ගල්ලානෙන පුච්ඡිතො, පඤ්හං පුට්ඨො වියාකාසි යස්ස කම්මස්සිදංඵලන්ති
Sinhala BJT1051. මේ පුණ්‍යඵලය කවර කර්‍මයක්හුගේ දැ යි මුගලන් තෙරුන් විසින් පුළුවුස්නාලද ඒ දිව්‍යපුත්‍ර තෙමේ තුටු සිත් ඇත්තේ (මෙසේ) පැවසී ය.
Pali BJT1052. අහඤ්ච භරියා ච මනුස්සලොකෙ ඔපානභූතා ඝරමාවසිම්භ අන්නඤ්ච පානඤ්ච පසන්නචිත්තා සක්කච්ච දානං විපුලං අදම්හ
Sinhala BJT1052. (වහන්ස) මම ද (මාගේ) බිරිය ද මිනිස්ලොවැ පැන් පොකුණක් බඳුව ගිහිගෙයි විසුම්හ. (සඞ්ඝයා විෂයෙහි) පහන් සිත් ඇති ව අහර ද පැන් ද සකස් කොට මහත් දානයක් පිදුම්හ.
Pali BJT1053. තෙන මෙ තාදිසො වණ්ණො තෙන මෙ ඉධමිජ්ඣති, උප්පජ්ජන්ති ච මෙ භොගා යෙ කෙචි මනසො පියා
Sinhala BJT1053. ඒ පිනෙන් මාගේ සිරුරු පැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මන වඩන යම්කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු මට පහළ වෙත්.
Pali BJT1054. අක්ඛාමි තෙ භික්ඛු මහානුභාව මනුස්සභූතො යමකාසි පුඤ්ඤං තෙනම්හි එවං ජලිතානුභාවො වණ්ණො ච මෙ සබ්බදිසා පභාසතීති
Sinhala BJT1054. මහත් අනුභාව ඇති ශ්‍රමණයන් වහන්ස, මිනිස් වූ මම යම් පිනක් කෙළෙම් ද, (එය) ඔබට කියමි. එයින් මෙසේ දිලියෙන පුණ්‍යර්ධි ඇත්තෙමි. මාගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි.
Pali BJTඅගාරියවිමානං.
Sinhala BJTඅගාරියවිමාන යි.
Pali BJT6. 2.
Sinhala BJT6. 2.
Pali BJT1055. යථා වනං චිත්තලතං පභාසති උය්යානසෙට්ඨං තිදසානමුත්තමං තථූපමං තුය්හමිදං විමානං ඔභාසයං තිට්ඨති අන්තළික්ඛෙ
Sinhala BJT1055. (එම්බා දිව්‍යපුත්‍රය) තව්තිසා දෙවියනට උතුම් වූ උයන් අතුරෙහි ශ්‍රේෂ්ඨ වූ චිත්‍රලතා වනය යම්සේ බබළා ද, එබඳු වූ තාගේ මේ විමානය අහසෙහි බබළමින් සිටී.
Pali BJT1056. දෙවිද්ධිපත්තොසි මහානුභාවො මනුස්සභූතො කිමකාසි පුඤ්ඤං කෙනාසි එවං ජලිතානුභාවො වණ්ණො ච තෙ සබ්බදිසා පභාසති
Sinhala BJT1056. (තෝ) දේවර්ධියට පැමිණියෙහි. මහත් අනුභාව ඇත්තෙහි. මනුෂ්‍ය වූයේ කිනම් පිනක් කෙළෙහි ද? තාගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි. කිනම් පිනෙකින් මෙසේ දිලිසෙන පුණ්‍යර්ධි ඇත්තෙහි ද?
Pali BJT1057. සො දෙවපුත්තො අත්තමනො මොග්ගල්ලානෙන පුච්ඡිතො, පඤ්හං පුට්ඨො වියාකාසි යස්ස කම්මස්සිදං ඵලන්ති
Sinhala BJT1057. මේ පුණ්‍යඵලය යම් කවර කර්‍මයක්හුගේ දැ යි මුගලන් තෙරුන් විසින් පුළුවුස්නාලද ඒ දිව්‍යපුත්‍ර තෙමේ තුටුසිත් ඇත්තේ (මෙසේ) පැවසී ය.
Pali BJT1058. අහඤ්ච භරියා ච මනුස්සලොකෙ ඔපානභූතා ඝරමාවසිම්හ අන්නඤ්ච පානඤ්ච පසන්නචිත්තා සක්කච්ච දානං විපුලං අදම්හ
Sinhala BJT1058. (වහන්ස) මම ද (මාගේ) බිරිය ද මිනිස්ලොවැ පැන් පොකුණක් බඳුව ගිහිගෙයි විසුම්හ. (සඞ්ඝයා විෂයෙහි) පහන් සිත් ඇති ව අහර ද පැන් ද සකස් කොට මහත් දානයක් පිදුම්හ.
Pali BJT1059. තෙන මෙ තාදිසො වණ්ණො තෙන මෙ ඉධමිජ්ඣති, උප්පජ්ජන්ති ච මෙ භොගා යෙ කෙචි මනසො පියා
Sinhala BJT1059. ඒ පිනෙන් මාගේ සිරුරු පැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මන වඩන යම්කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු මට පහළ වෙත්.
Pali BJT1060. අක්ඛාමි තෙ භික්ඛු මහානුභාව මනුස්සභූතො යමකාසි පුඤ්ඤං තෙනම්හි එවං ජලිතානුභාවො වණ්ණො ච මෙ සබ්බදිසා පභාසතීති
Sinhala BJT1060. මහත් අනුභාව ඇති ශ්‍රමණයන් වහන්ස, මිනිස් වූ මම යම් පිනක් කෙළෙම් ද, (එය) ඔබට කියමි. එයින් මෙසේ දිලියෙන පුණ්‍යර්ධි ඇත්තෙමි. මාගේ සිරුරුපැහැය ද සියලු දිගුන් බබුළුවයි.
Pali BJTදුතියඅගාරියවිමානං.
Sinhala BJTදුතිය අගාරියවිමාන යි
Pali BJT6. 3.
Sinhala BJT6. 3.
Pali BJT1061. උච්චමිදං මණිථූණං විමානං සමන්තතො සොළස යොජනානි කූටාගාරා සත්තසතා උළාරා වෙළුරියත්ථම්හා රුචකත්ථතා සුභා
Sinhala BJT1061. ඉතා උස්වූ පියුම්රාමිණි ආදියෙන් කළ ටැම් ඇති මේ විමානය හාත්පසින් සොළොස් යොදුනෙකි. වෙරළුමිණියෙන් කළ ටැම් ඇති රුවන් පෝරු අතුළ බිම් ඇති උදාර වූ යහපත් වූ කුළුගෙවල් සත් සියයෙක් වෙත්.
Pali BJT1062. තත්ථච්ඡසි පිවසි ඛාදසි ච දිබ්බා ච වීණා පවදන්ති වග්ගුං අට්ඨට්ඨකා සික්ඛිතා සාධුරූපා දිබ්බා ච කඤ්ඤා තිදසචරා උළාරා නච්චන්ති ගායන්ති පමොදයන්තී
Sinhala BJT1062. එහි (තෝ) සිටිනෙහි ය, පානය කරනෙහි ය, අනුභව කරනෙහි ය. දිව්‍යවීණාවෝ ද මිහිරි සේ වාදනය වෙති. සූසැටක් පමණ වූ පුහුණුවූ සොඳුරු සැහැවි ඇති දෙව්ලොව සුවසේ හැසිරෙන්නා වූ උදාර වූ දිව්‍යකන්‍යාවෝ ද නටති ගයති ප්‍රමෝද වෙත්.
Pali BJT1063. දෙවිද්ධිපත්තොසි මහානුභාවො මනුස්සභූතො කිමකාසි පුඤ්ඤං කෙනාසි එවං ජලිතානුභාවො වණ්ණො ච තෙ සබ්බදිසා පභාසතීති
Sinhala BJT1063. (තෝ) දේවර්ධියට පැමිණියෙහි. මහත් අනුභාව ඇත්තෙහි. මනුෂ්‍ය වූයේ කිනම් පිනක් කෙළෙහි ද, තාගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි. කිනම් පිනෙකින් මෙසේ දිලියෙන පුණ්‍යර්ධි ඇත්තේ වෙහි ද?
Pali BJT1064. සො දෙවපුත්තො අත්තමනො මොග්ගල්ලානෙන පුච්ඡිතො, පඤ්හං පුට්ඨො වියාකාසි යස්ස කම්මස්සිදං ඵලන්ති
Sinhala BJT1064. මේ පුණ්‍යඵලය යම් කවර කර්‍මයක්හුගේ දැ යි මුගලන් තෙරුන් විසින් පුළුවුස්නාලද ඒ දේවපුත්‍ර තෙමේ තුටුසිත් ඇත්තේ (මෙසේ) පැවැසී ය.
Pali BJT1065. ඵලදායී ඵලං විපුලං ලභති දදමුජ්ජුගතෙසු{1} පසන්නමානසො සො හි මොදති{2} සග්ගගතො තිදිවෙ අනුභොති ච පුඤ්ඤඵලං විපුලං තථෙවාහං{3} මහාමුනි අදාසිං චතුරො ඵලෙ
Sinhala BJT1065. (වහන්ස) පහන්සිත් ඇති ඍජුමාර්‍ගයට පැමිණියා වූ ආර්‍ය්‍ය පුද්ගලයන් විෂයෙහි පලතුරු දන්දෙන පුද්ගල තෙමේ මහත් පුණ්‍යඵලය ලබයි. හෙතෙමේ (උත්පත්ති විසින්) දෙව්ලොව ගියේ තව්තිසා භවනෙහි සතුටු වෙයි. එහි දී (මා මෙන්) මහත් පින්පල ද අනුභව කරයි. මහා මුනිවරයෙනි එසේම මම ද ඵල සතරක් දුනිමි.
Pali BJT1066. තස්මාහි ඵලං අලමෙව දාතුං නිච්චං මනුස්සෙන සුඛත්ථිකෙන දිබ්බානි වා පත්ථයතා සුඛානි මනුස්සසොභග්ගතමිච්ඡතා වා
Sinhala BJT1066. එහෙයින් ම දිවසැපත් පතන්නා වූ හෝ මිනිස් සැපත් කැමැත්තා වූ හෝ සැප කැමැති මිනිසා විසින් නිතර ඵල දානය කරන්නට සුදුසු ම ය.
Pali BJT1067. තෙන මෙ තාදිසො වණ්ණො තෙන මෙ ඉධමිජ්ඣති, උප්පජ්ජන්ති ච මෙ භොගා යෙ කෙචි මනසො පියා
Sinhala BJT1067. ඒ පිනෙන් මාගේ සිරුරු පැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මන වඩන යම්කිසි සම්පත්තීහු වෙත් ද ඒ සම්පත්තීහු මට පහළ වෙත්.
Pali BJT1068. අක්ඛාමි තෙ භික්ඛු මහානුභාව මනුස්සභූතො යමකාසි පුඤ්ඤං තෙනම්හි එවං ජලිතානුභාවො වණ්ණො ච මෙ සබ්බදිසා පභාසතීති.
Sinhala BJT1068. මහත් අනුභාව ඇති ශ්‍රමණයන් වහන්ස, මිනිස් වූ මම යම් පිනක් කෙළෙම් ද, (එය) ඔබට කියමි. එයින් මෙසේ දිලියෙන පුණ්‍යර්ධි ඇත්තෙමි මාගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි.
Pali BJTඵලදායකවිමානං
Sinhala BJTඵලදායකවිමාන යි
Pali BJT6. 4.
Sinhala BJT6. 4.
Pali BJT1069. චන්දො යථා විගතවලාහකෙ නභෙ ඔභාසයං ගච්ඡති අන්තළික්ඛෙ තථූපමං තුය්හමිදං විමානං ඔභාසයං තිට්ඨති අන්තළික්ඛෙ
Sinhala BJT1069. (එම්බා දිව්‍යපුත්‍රය) පහවූ වලාකුළු ඇති නුබකුසැ චන්‍ද්‍රයා යම්සේ අහසේ බබළමින් යේ ද. එබඳු වූ තාගේ මේ විමානය අහසෙහි බබළමින් සිටී.
Pali BJT1070. දෙවිද්ධිපත්තොසි මහානුභාවො මනුස්සභූතො කිමකාසි පුඤ්ඤං කෙනාසි එවං ජලිතානුභාවො වණ්ණො ච තෙ සබ්බදිසා පභාසතීති
Sinhala BJT1070. (තෝ) දේවර්ධියට පැමිණියෙහි, මහත් අනුභාව ඇත්තෙහි. මනුෂ්‍ය වූයේ කිනම් පිනක් කෙළෙහි ද? තාගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි. කිනම් පිනෙකින් මෙසේ දිලිසෙන පුණ්‍යර්ධි ඇත්තෙහි ද?
Pali BJT1071. සො දෙවපුත්තො අත්තමනො මොග්ගල්ලානෙන පුච්ඡිතො, පඤ්හං පුට්ඨො වියාකාසි යස්ස කම්මස්සිදං ඵලන්ති
Sinhala BJT1071. මේ පුණ්‍යඵලය යම් කවර කර්‍මයක්හුගේ දැ යි මුගලන් තෙරුන් විසින් පුළුවුස්නාලද ඒ දේවපුත්‍ර තෙමේ තුටුසිත් අත්තේ (මෙසේ) පැවසී ය.
Pali BJT1072. අහඤ්ච භරියා ච මනුස්සලොකෙ උපස්සයං අරහතො අදම්හ අන්නඤ්ච පානඤ්ච පසන්නචිත්තා සක්කච්ච දානං විපුලං අදම්හ
Sinhala BJT1072. මම ද (මාගේ) බිරිය ද මිනිස් ලොවැ (එක්තරා) රහත් නමකට සෙනසුනක් පිදුම්හ. පැහැදුණු සිත් ඇත්තමෝ අහර ද පැන් ද සකසා මහත් දානයක් පිදුම්හ.
Pali BJT1073. තෙන මෙ තාදිසො වණ්ණො තෙන මෙ ඉධමිජ්ඣති උප්පජ්ජන්ති ච මෙ භොගා යෙ කෙචි මනසො පියා
Sinhala BJT1073. ඒ පිනෙන් මාගේ සිරුරු පැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මන වඩන යම්කිසි සම්පත්තීහු වෙත් ද ඒ සම්පත්තීහු මට පහළ වෙත්.
Pali BJT1074. අක්ඛාමි තෙ භික්ඛු මහානුභාව මනුස්සභූතො යමකාසි පුඤ්ඤං තෙනම්හි එවං ජලිතානුභාවො වණ්ණො ච මෙ සබ්බදිසා පභාසතීති
Sinhala BJT1074. මහත් අනුභාව ඇති ශ්‍රමණයන් වහන්ස, මිනිස් වූ මම යම් පිනක් කෙළෙම් ද, (එය) ඔබට කියමි. එයින් මෙසේ දිලියෙන පුණ්‍යර්ධි ඇත්තෙමි. මාගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි.
Pali BJTපඨමඋපස්සයදායකවිමානං.
Sinhala BJTපඨම උපස්සයදායකවිමාන යි.
Pali BJT6. 5.
Sinhala BJT6. 5.
Pali BJT1075. සුරියො යථා විගතවලාහකෙ නභෙ ඔභාසයං ගච්ඡති අන්තළික්ඛෙ තථූපමං තුය්හමිදං විමානං ඔභාසයං තිට්ඨති අන්තළික්ඛෙ
Sinhala BJT1075. (එම්බා දිව්‍යපුත්‍රය) පහවූ වලාකුළු ඇති නුබකුසැ අන්තරීක්‍ෂයෙහි හිරු යම් සේ බබළමින් යේ ද , එබඳු වූ තාගේ මේ විමානය අහසෙහි බබළමින් සිටී.
Pali BJT1076. දෙවිද්ධිපත්තොසි මහානුභාවො මනුස්සභූතො කිමකාසි පුඤ්ඤං කෙනාසි එවං ජලිතානුභාවො වණ්ණො ච තෙ සබ්බදිසා පභාසතීති
Sinhala BJT1076. (තෝ) දේවර්ධියට පැමිණියෙහි, මහත් අනුභාව ඇත්තෙහි. මනුෂ්‍ය වූයේ කිනම් පිනක් කෙළෙහි ද? තාගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි. කිනම් පිනෙකින් මෙසේ දිලිසෙන පුණ්‍යර්ධි ඇත්තෙහි ද?
Pali BJT1077. සො දෙවපුත්තො අත්තමනො මොග්ගල්ලානෙන පුච්ඡිතො, පඤ්හං පුට්ඨො වියාකාසි යස්ස කම්මස්සිදං ඵලන්ති
Sinhala BJT1077. මුගලන් තෙරුන් විසින් මේ පුණ්‍යඵලය කවර කර්‍මයක්හුගේ දැ යි පුළුවුස්නාලද ඒ දිව්‍යපුත්‍ර තෙමේ තුටුසිත් ඇත්තේ (මෙසේ) පැවසී ය.
Pali BJT1078. අහඤ්ච භරියා ච මනුස්සලොකෙ උපස්සයං අරහතො අදම්හ අන්නඤ්ච පානඤ්ච පසන්නචිත්තා සක්කච්ච දානං විපුලං අදම්හ
Sinhala BJT1078. (වහන්ස) මම ද (මාගේ) බිරිය ද මිනිස්ලොවැ (එක්තරා) රහත් නමකට සෙනසුනක් පිදුම්හ. (එමෙන් ම) පහන් සිතැත්තාහු අහර ද පැන් ද සකස් කොට මහත් දානයක් පිදුම්හ.
Pali BJT1079. තෙන මෙ තාදිසො වණ්ණො තෙන මෙ ඉධමිජ්ඣති උප්පජ්ජන්ති ච මෙ භොගා යෙ කෙචි මනසො පියා
Sinhala BJT1079. ඒ පිනෙන් මාගේ සිරුරු පැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මන වඩන යම්කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු මට පහළ වෙත්.
Pali BJT1080. අක්ඛාමි තෙ භික්ඛු මහානුභාව මනුස්සභූතො යමකාසි පුඤ්ඤං තෙනම්හි එවං ජලිතානුභාවො වණ්ණො ච මෙ සබ්බදිසා පභාසතීති
Sinhala BJT1080. මහත් අනුභාව ඇති ශ්‍රමණයන් වහන්ස, මිනිස් වූ මම යම් පිනක් කෙළෙම් ද, (එය) ඔබට කියමි. එයින් මෙසේ දිලියෙන පුණ්‍යර්ධි ඇත්තෙමි. මාගේ සිරුරු පැහැය ද සියලුදිගුන් බබුළුවයි.
Pali BJTදුතිය උපස්සයදායකවිමානං.
Sinhala BJTදුතිය උපස්සයදාකවිමාන යි.
Pali BJT6. 6.
Sinhala BJT6. 6.
Pali BJT1081. උච්චමිදං මණිථූණං විමානං සමන්තතො ද්වාදස යොජනානි කූටාගාරා සත්තසතා සුභා වෙළුරියත්ථම්භා රුචකත්ථතා සුභා
Sinhala BJT1081. ඉතා උස්වූ පියුම්රාමිණි ආදියෙන් කළ ටැම් ඇති මේ විමානය හාත්පසින් දොළොස් යොදුනෙකි. වෙරළුමිණියෙන් කළ ටැම් ඇති රුවන් පෝරු අතුළ බිම් ඇති උදාරවූ යහපත්වූ කුළුගෙවල් සත් සියයෙක් වෙත්.
Pali BJT1082. දෙවිද්ධිපත්තොසි මහානුභාවො මනුස්සභූතො කිමකාසි පුඤ්ඤං කෙනාසි එවං ජලිතානුභාවො වණ්ණො ච තෙ සබ්බදිසා පභාසතීති
Sinhala BJT1082. (තෝ) දේවර්ධියට පැමිණියෙහි මහත් අනුභාව ඇත්තෙහි. මනුෂ්‍ය වූයේ කිනම් පිනක් කෙළෙහි ද? තාගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි. කිනම් පිනෙකින් මෙසේ දිලියෙන පුණ්‍යර්ද්ධි ඇත්තේ වෙහි ද?
Pali BJT1083. සො දෙවපුත්තො අත්තමනො මොග්ගල්ලානෙන පුච්ඡිතො, පඤ්හං පුට්ඨො වියාකාසි යස්ස කම්මස්සිදං ඵලන්ති
Sinhala BJT1083. මුගලන් තෙරුන් විසින් මේ පුණ්‍යඵලය යම් කවර කර්‍මයක්හුගේ දැ යි විචාරන ලද ඒ දිව්‍යපුත්‍ර තෙමේ තුටුසිත් ඇත්තේ (මෙසේ) පැවසී ය.
Pali BJT1084. අහං මනුස්සෙසු මනුස්සභූතො දිස්වාන භික්ඛුං තසිතං කිලන්තං එකාහං භික්ඛුං පටිපාදයිස්සං සමඞ්ගිභත්තෙන තදා අකාසිං
Sinhala BJT1084. (වහන්ස) මම මිනිසුන් අතරැ මිනිසෙක් වූයෙම් හටගත් පවස් ඇති ක්ලාන්ත වූ එක් මහණකු දැක (මා සඳහා පිළියෙල වූ) එක බතක් පිදීමි. එකල්හි (ඔහු) බතින් යුතුවූවකු කෙළෙමි.
Pali BJT1085. තෙන මෙ තාදිසො වණ්ණො තෙන මෙ ඉධමිජ්ඣති උප්පජ්ජන්ති ච මෙ භොගා යෙ කෙචි මනසො පියා
Sinhala BJT1085. ඒ පිනෙන් මාගේ සිරුරු පැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මන වඩන යම්කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු මට පහළ වෙත්.
Pali BJT1086. අක්ඛාමි තෙ භික්ඛු මහානුභාව මනුස්සභූතො යමකාසි පුඤ්ඤං තෙනම්හි එවං ජලිතානුභාවො වණ්ණො ච මෙ සබ්බදිසා පභාසතීති
Sinhala BJT1086. මහත් අනුභාව ඇති ශ්‍රමණයන් වහන්ස, මිනිස් වූ මම යම් පිනක් කෙළෙම් ද, (එය) ඔබට කියමි. එයින් මෙසේ දිලියෙන පුණ්‍යර්ධි ඇත්තෙම් වෙමි. මාගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි.
Pali BJTභික්ඛාදායකවිමානං.
Sinhala BJTභික්ඛාදායක විමානයි.
Pali BJT6. 7.
Sinhala BJT6. 7.
Pali BJT1087. උච්චමිදං මණිථූණං විමානං සමන්තතො සොළස යොජනානි කූටාගාරා සත්තසතා උළාරා වෙළුරියත්ථම්භා රුචකත්ථතා සුභා
Sinhala BJT1087. ඉතා උස්වූ පියුම්රාමිණි ආදියෙන් කළ ටැම් ඇති මේ විමානය හාත්පසින් සොළොස් යොදුනෙකි. වෙරළුමිණියෙන් කළ ටැම් ඇති රුවන්පෝරු ඇතුරූ බිම් ඇති උදාර වූ යහපත් වූ කුළුගෙවල් සත් සියයෙක් වෙත්.
Pali BJT1088. තත්ථච්ඡසි පිවසි ඛාදසි ච දිබ්බා ච වීණා පවදන්ති වග්ගුං අට්ඨට්ඨකා සික්ඛිතා සාධුරූපා දිබ්බා ච කඤ්ඤා තිදසචරා උළාරා නච්චන්ති ගායන්ති පමොදයන්ති
Sinhala BJT1088. එහි (තෝ) සිටිනෙහි ය. පානය කරනෙහි ය, අනුභව කරනෙහි ය, දිව්‍ය වීණාවෝ ද මිහිරි සේ වාදනය වෙති, සූ සැටක් පමණ වූ පුහුණු වූ සොඳුරු සැහැවි ඇති දෙව්ලොව සුවසේ හැසිරෙන්නා වූ උදාර වූ දිව්‍යකන්‍යාවෝ ද නටති ගයති ප්‍රමෝද වෙත්.
Pali BJT1089. දෙවිද්ධිපත්තොසි මහානුභාවො මනුස්සභූතො කිමකාසි පුඤ්ඤං කෙනාසි එවං ජලිතානුභාවො වණ්ණො ච තෙ සබ්බදිසා පභාසතීති
Sinhala BJT1089. (තෝ) දේවර්ධියට පැමිණියෙහි මහත් අනුභාව ඇත්තෙහි. මනුෂ්‍ය වූයෙහි කිනම් පිනක් කෙළෙහි ද? තාගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි. කිනම් පිනෙකින් මෙසේ දිලියෙන පුණ්‍යර්ධි ඇත්තෙහි ද?
Pali BJT1090. සො දෙවපුත්තා අත්තමනො මොග්ගල්ලානෙන පුච්ඡිතො, පඤ්හං පුට්ඨො වියාකාසි යස්ස කම්මස්සිදං ඵලං
Sinhala BJT1090. මේ පුණ්‍යඵලය යම් කවර කර්‍මයක්හු ගේ දැ යි මුගලන් තෙරුන් විසින් පුළුවුස්නාලද ඒ දේවපුත්‍ර තෙමේ තුටු සිත් ඇත්තේ (මෙසේ) පැවසී ය.