Vimānavatthu

Stories of Heavenly Mansions

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 1-100 න් 1239

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTසුත්තන්තපිටකෙ
Sinhala BJTසුත්‍රාන්තපිටකයෙහි
Pali BJTවිමානවත්ථුපාළි
Sinhala BJTවිමානවස්තු පාළි
Pali BJTනමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස.
Sinhala BJTඒ භාග්‍යවත් අර්‍හත් සම්මාසම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා.
Pali BJT1. පීඨවග්ගො
Sinhala BJT1. පීඨ වර්‍ගය
Pali BJT1. 1.
Sinhala BJT1. 1.
Pali BJT1. පීඨං තෙ සොවණ්ණමයං උළාරං මනොජවං ගච්ඡති යෙන කාමං, අලඞ්කතෙ මාල්යධරෙ{1} සුවත්ථෙ ඔභාසසි විජ්ජුරිවබ්භකූටං.
Sinhala BJT1. අලංකෘත වූ දිවසළු හැඳගත් දිවමලින් බර වූ සැරැසුණු සිරුරු ඇති එම්බා දෙව්දුව, තීගේ රුවන්මුවා උදාර වූ පීඨය මනසට බඳු වේගයෙන් රිසි සේ යයි. තෝ විදුලිය වැළඳගත් සැදෑ වලාකුළක් මෙන් බබළව.
Pali BJT2. කෙන තෙ තාදිසො වණ්ණො කෙන තෙ ඉධමිජ්ඣති, උප්පජ්ජන්ති ච තෙ භොගා යෙ කෙචි මනසො පියා.
Sinhala BJT2. කවර හේතුවකින් තිට එබඳු පැහැසටහනෙක් වීද? කවර පිනෙකින් මෙහි තීගේ සුචරිත ඵලය සමෘද්ධ වේද? මනවඩන යම් කිසි සම්පත්තීහු වෙත් නම් කවර පිනෙකින් තිට ඒ භෝගයෝ පහල වෙත් ද?
Pali BJT3. පුච්ඡාමි තං දෙවි මහානුභාවෙ මනුස්සභූතා කිමකාසි පුඤ්ඤං, කෙනාසි එවං ජලිතානුභාවා වණ්ණො ච තෙ සබ්බදිසා පභාසතීති.
Sinhala BJT3. මහත් අනුභාව ඇති දෙව්දුව, තී පුළුවුස්මි. මිනිස් වූවා කවර පිනක් කෙළෙහි ද? කවර පිනෙකින් මෙබඳු දිලියෙන පුණ්‍යර්ධි ඇත්තී වෙහි ද? තීගේ සිරුරුපැහැය ද සියලු දිගුන් බබුළුවයි.
Pali BJT4. සා දෙවතා අත්තමනා මොග්ගල්ලානෙන පුච්ඡිතා, පඤ්හං පුට්ඨා වියාකාසි යස්ස කම්මස්සිදං ඵලං.
Sinhala BJT4. මුගලන් තෙරුන් විසින් පුළුවුස්නා ලද ඒ දෙව්දූ තුටුසිත් ඇත්තී මේ පුණ්‍යඵලය යම් කවර කර්‍මයක්හුගේ දැ යි පුළුවුස්නා ලද්දී මෙසේ ප්‍රකාශ කළා:
Pali BJT5. අහං මනුස්සෙසු මනුස්සභූතා අබ්භාගතානාසනකං{2} අදාසිං, අභිවාදයිං අඤ්ජලිකං අකාසිං යථානුභාවඤ්ච අදාසි දානං.
Sinhala BJT5. (වහන්ස) මිනිස්ලොව මිනිසෙක් වූ මම් ආගන්තුක වැ පැමිණි පැවිදි කෙනෙකුට අසුනක් දුනුමු. අභිවාදනය ද කළමු. අඤ්ජලිකර්‍ම ද කළමු, ශක්ති පරිදි දන් දුන්මු.
Pali BJT6. තෙන මෙ තාදිසො වණ්ණො තෙන මෙ ඉධමිජ්ඣති උප්පජ්ජන්ති ච මෙ භොගා යෙ කෙචි මනසො පියා.
Sinhala BJT6. ඒ පිනින් මට එබඳු වර්‍ණසම්පත් වෙයි. ඒ පිනින් මට මෙහි සම්පත් සමෘද්ධ වෙයි. මනවඩන යම් භොග කෙනෙක් වෙත් නම් ඒ භෝගයෝ උපදිත්.
Pali BJT7. අක්ඛාමි තෙ භික්ඛු මහානුභාව මනුස්සභූතා යමකාසි පුඤ්ඤං, තෙනම්හි එවං ජලිතානුභාවා වණ්ණො ච මෙ සබ්බදිසා පභාසතීති.
Sinhala BJT7. මහත් අනුභාව ඇති යතිවරයන් වහන්ස, මම මිනිස් වැ ඉපිද යම් පිනක් කෙළෙමි නම් එය ඔබට කියමි. ඒ පිනින් මෙසේ දිලියෙන අනුභාව ඇති වීමි. මාගේ වර්‍ණය ද සියලු දිගුන් බබුළුවා යි.
Pali BJTපඨමපීඨවිමානං.
Sinhala BJTපළමු වැනි පීඨවිමාන යි.
Pali BJT1. 2.
Sinhala BJT1. 2.
Pali BJT8. පීඨං තෙ වෙළුරියමයං උළාරං මනොජවං ගච්ඡති යෙන කාමං, අලඞ්කතෙ මාල්යධරෙ සුවත්ථෙ ඔභාසසි විජ්ජුරිවබ්භකූටං.
Sinhala BJT8. යහපත් දිවසළු හැඳගත් දිවමලින් බර වූ සැරැසුණු සිරුරු ඇති (එම්බා) දෙව්දුව, තීගේ වෙරළුමිණිමය වූ මේ උදාර වූ පීඨය මනසට බඳු වේගයෙන් රිසිසේ යයි. තෝ විදුලිය වැළඳගත් සැඳෑ වලාකුළක් මෙන් බබළව.
Pali BJT9. කෙන තෙ තාදිසො වණ්ණො කෙන තෙ ඉධමිජ්ඣති, උප්පජ්ජන්ති ච තෙ භොගා යෙ කෙචි මනසො පියා.
Sinhala BJT9. කවර හේතුයෙකින් තිට මෙබඳු සිරුරුපැහැයෙක් වී ද? කවර පිනෙකින් තීගේ සුචරිතඵලය මෙහි සමෘද්ධ වේ ද? මන වඩන යම්කිසි සම්පත්තීහු වෙත් නම් ඒ සම්පත්තීහු (කවර පිනෙකින්) තිට පහළ වෙත් ද?
Pali BJT10. පුච්ඡාමි තං දෙවි මහානුභාවෙ මනුස්සභූතා කිමකාසි පුඤ්ඤං, කෙනාසි එවං ජලිතානුභාවා වණ්ණො ච තෙ සබ්බදිසා පභාසතීති.
Sinhala BJT10. මහත් අනුභාව ඇති දෙව්දුව, තී විචාරමි. මිනිස් වූවා කවර පිනක් කෙළෙහි ද තීගේ මේ සිරුරුපැහැය ද සියලු දිගුන් බැබළුවයි. කවර පිනෙකින් මෙබඳු දිලිසෙන පුණ්‍යර්ද්ධි ඇත්තී වු ද?
Pali BJT11. සා දෙවතා අත්තමනා මොග්ගල්ලානෙන පුච්ඡිතා, පඤ්හං පුට්ඨා වියාකාසි යස්ස කම්මස්සිදං ඵලං.
Sinhala BJT11. මුගලන් තෙරුන් විසින් පුළුවුස්නා ලද ඒ දෙව්දූ තොමෝ තුටු සිත් ඇත්තී මේ පුණ්‍යඵලය යම් කවර කර්‍මයක්හුගේ දැ යි විචාරන ලද්දී (මෙසේ) පැවසූ ය.
Pali BJT12. අහං මනුස්සෙසු මනුස්සභූතා අබ්භාගතානාසනකං අදාසිං, අභිවාදයිං අඤ්ජලිකං අකාසිං යථානුභාවඤ්ච අදාසි දානං.
Sinhala BJT12. වහන්ස, මම පෙරැ මිනිසුන් අතර මිනිස් දුවක් වූවා එක් ආගන්තුක මහණක්හට ආසනයක් දුනිමි, වැන්දෙමි, ඇඳිලි කෙළෙමි, ශක්ති පරිදි දන් ද දුනිමි.
Pali BJT13. තෙන මෙ තාදිසො වණ්ණො තෙන මෙ ඉධමිජ්ඣති, උප්පජ්ජන්ති ච මෙ භොගා යෙ කෙචි මනසො පියා.
Sinhala BJT13. ඒ පිනෙන් මාගේ සිරුරු පැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මන වඩන යම්කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු මට පහළ වෙත්.
Pali BJT14. අක්ඛාමි තෙ භික්ඛු මහානුභාව මනුස්සභූතා යමකාසිපුඤ්ඤං, තෙනම්හි එවං ජලිතානුභාවා වණ්ණො ච මෙ සබ්බදිසා පභාසතීති.
Sinhala BJT14. මහත් අනුභාව ඇති ශ්‍රමණයන් වහන්ස, මිනිස් දුවක් වූ මම් යම් පිනක් කෙළෙමි ද (එය) ඔබට කියමි. එයින් මෙසේ දිලියෙන පුණ්‍යර්ද්ධි ඇත්තී වෙමි. මාගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි.
Pali BJTදුතියපීඨවිමානං.
Sinhala BJTද්විතීය පීඨවිමාන යි.
Pali BJT1. 3.
Sinhala BJT1. 3.
Pali BJT15. පීඨං තෙ සොවණ්ණමයං උළාරං මනොජවං ගච්ඡති යෙන කාමං, අලඞ්කතෙ මාල්යධරෙ සුවත්ථෙ ඔභාසසි විජ්ජුරිවබ්භකූටං
Sinhala BJT15. යහපත් දිවසළු හැඳගත් දිවමලින් බරවූ සැරැසුණු සිරුරු ඇති (එම්බා) දෙව්දුව, තීගේ රුවන්මුවා මේ උදාර වූ පීඨය මනසට බඳු වේගයෙන් රිසි සේ යයි. තෝ විදුලිය වැළද ගත් සැඳෑ වලාකුලක් මෙන් බබළව.
Pali BJT16. කෙන තෙ තාදිසො වණ්ණො කෙන තෙ ඉධමිජ්ඣති, උප්පජ්ජන්ති ච තෙ භොගා යෙ කෙචි මනසො පියා.
Sinhala BJT16. කවර හේතුවකින් තිට එබඳු සිරුරු පැහැයෙක් වී ද? කවර පිනෙකින් තීගේ සුචරිත ඵලය මෙහි සමෘද්ධ වේ ද? මන වඩන යම් කිසි සම්පත්තීහු වෙත් නම් ඒ සම්පත්තීහු (කවර පිනෙකින්) තිට පහළ වෙත් ද?
Pali BJT17. පුච්ඡාමි තං දෙවි මහානුභාවෙ මනුස්සභූතා කිමකාසි පුඤ්ඤං, කෙනාසි එවං ජලිතානුභාවා වණ්ණො ච තෙ සබ්බදිසා පභාසතීති.
Sinhala BJT17. මහත් අනුභාව ඇති දෙව්දුව, තී විචාරමි. මිනිස් වූවා කවර පිනක් කෙළෙහි ද? තීගේ මේ සිරුරුපැහැය ද සියලු දිගුන් බබුළුවයි. කවර පිනෙකින් මෙබඳු දිලියෙන පුණ්‍යර්ධි ඇත්තී වවු ද?
Pali BJT18. සා දෙවතා අත්තමනා මොග්ගල්ලානෙන පුච්ඡිතා, පඤ්හං පුට්ඨා වියාකාසි යස්ස කම්මස්සිදං ඵලං.
Sinhala BJT18. මුගලන් තෙරුන් විසින් පුළුවුස්නා ලද ඒ දෙව්දූ තොමෝ තුටුසිත් ඇත්තී මේ පුණ්‍යඵලය යම් කවර කර්‍මයක්හුගේ දැ යි පුළුවුස්නා ලද්දී (මෙසේ) පැවැසූ ය.
Pali BJT19. අප්පස්ස කම්මස්ස ඵලං මමෙදං{1} යෙනම්හි{2} එවං ජලිතානුභාවා, අහං මනුස්සෙසු මනුස්සභූතා පුරිමාය ජාතියා මනුස්සලොකෙ
Sinhala BJT19. (වහන්ස) මම පෙරැ අත්බැව්‍හි මිනිසුන් අතර මිනිස් දුවක් වූවා යම් පිනෙකින් මෙසේ දිලිසෙන පුණ්‍යර්ධි ඇත්තී වෙම් ද? මෙය (පෙර කළ) මාගේ ස්වල්ප කුශල කර්‍මයක්හු පිළිබඳ විපාකයෙකි.
Pali BJT20. අද්දසං විරජං භික්ඛුං විප්පසන්නමනාවිලං, තස්ස අදාසහං පීඨං පසන්නා සෙහි පාණිහි
Sinhala BJT20. පහවූ රාගාදි රජස් ඇති වෙසෙසින් පහන් වූ කෙලෙස් කිලුටෙන් නො කැළැඹුණු සිත් ඇති මහණක්හු දිටිමි. (දැක) පහන් වූ මම් උන්වහන්සේට සියතින් පුටුවක් දුනිමි.
Pali BJT21. තෙන මෙ තාදිසො වණ්ණො තෙන මෙ ඉධමිජ්ඣති, උප්පජ්ජන්ති ච මෙ භොගා යෙ කෙචි මනසො පියා
Sinhala BJT21. ඒ පිනෙන් මාගේ සිරුරුපැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මන වඩන යම්කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු මට පහළ වෙත්.
Pali BJT22. අක්ඛාමි තෙ භික්ඛු මහානුභාව මනුස්සභූතා යමකාසි පුඤ්ඤං, තෙනම්හි එවං ජලිතානුභාවා වණ්ණො ච මෙ සබ්බාදිසා පභාසතීති.
Sinhala BJT22. මහත් අනුභාව ඇති ශ්‍රමණයන් වහන්ස, මිනිස් දුවක් වූ මම යම් පිනක් කෙළෙමි ද (එය) ඔබට කියම්. එයින් මෙසේ දිලියෙන අනුභාව ඇත්තී වෙමි. මාගේ සිරුරුපැහැය ද සියලු දිගුන් බබුළුවයි.
Pali BJTතතියපීඨවිමානං.
Sinhala BJTතෘතීය පීඨවිමාන යි.
Pali BJT1. 4.
Sinhala BJT1. 4.
Pali BJT23. පීඨං තෙ වෙළුරියමයං උළාරං මනොජවං ගච්ඡති යෙන කාමං, අලඞ්කතෙ මාල්යධරෙ සුවත්ථෙ ඔභාසසි විජ්ජුරිවබ්භකූටං.
Sinhala BJT23. යහපත් දිවසළු හැඳගත් දිවමලින් බර වූ සැරැහුණු සිරුරු අති (එම්බා) දෙව්දුව තීගේ රුවන්මුවා මේ උදාර වූ පීඨය මනසට බඳු වේගයෙන් රිසි සේ යයි. තෝ විදුලිය වැළඳගත් සැඳෑ වලාකුලක් මෙන් බැබළව.
Pali BJT24. කෙන තෙ තාදිසො වණ්ණො කෙන තෙ ඉධමිජ්ඣති, උප්පජ්ජන්ති ච තෙ භොගා යෙ කෙචි මනසො පියා.
Sinhala BJT24. කවර හේතුවකින් තිට එබඳු සිරුරුපැහැයෙක් වී ද, කවර පිනෙකින් තීගේ සුචරිතඵලය මෙහි සමෘද්ධ වේ ද, මන වඩන යම්කිසි සම්පත්තීහු වෙත් නම් ඒ සම්පත්තීහු (කවර පිනෙකින්) තිට පහළ වෙත් ද?
Pali BJT25. පුච්ඡාමි තං දෙවි මහානුභාවෙ මනුස්සභූතා කිමකාසි පුඤ්ඤං, කෙනාසි එවං ජලිතානුභාවා වණ්ණො ච තෙ සබ්බදිසා පභාසතීති.
Sinhala BJT25. මහත් අනුභාව ඇති දෙව්දුව, තී විචාරමි. මිනිස් වූවා කවර පිනක් කෙළෙහි ද, තීගේ මේ සිරුරුපැහැය ද සියලු දිගුන් බබුලුවයි. කවර පිනකින් මෙබඳු දිලියෙන පුණ්‍යර්ද්ධි ඇත්තී වවු ද?
Pali BJT26. සා දෙවතා අත්තමනා මොග්ගල්ලානෙන පුච්ඡිතා, පඤ්හං පුට්ඨා වියාකාසි යස්ස කම්මස්සිදං ඵලං.
Sinhala BJT26. මුගලන් තෙරුන් විසින් පුළුවුස්නාලද ඒ දෙව්දූ තොමෝ තුටුසිත් ඇත්තී මේ පුණ්‍යඵලය යම් කර්‍මයක්හු ගේ දැ යි පුළුවුස්නා ලද්දී (මෙසේ ) පැවසූ ය.
Pali BJT27. අප්පස්ස කම්මස්ස ඵලං මමෙදං යෙනම්හි එවං ජලිතානුභාවා අයං මනුස්සෙසු මනුස්සභූතා පුරිමාය ජාතියා මනුස්සලොකෙ.
Sinhala BJT27. (වහන්ස) මම (පෙර) අත්බැව්‍හි මිනිස් ලොවැ මිනිසුන් අතර මිනිස් දුවක් වූවා යම් පිනෙකින් මෙසේ දිලියෙන පුණ්‍යර්ද්ධි ඇත්තී වෙම්ද මෙය (පෙර කළ) මාගේ ස්වල්ප කුශල කර්‍මයක්හු පිළිබඳ විපාකයෙකි.
Pali BJT28. අද්දසං විරජං භික්ඛුං විප්පසන්නමනාවිලං, තස්ස අදාසහං පීඨං පසන්නා සෙහි පාණිහි.
Sinhala BJT28. පහවූ රාගාදි රජස් ඇති වෙසෙසින් පහන් වූ කෙලෙස් කිලුටෙන් නො කැලඹුණු සිත් ඇති මහණක්හු දුටිමි. (දැක) පහන් වූ මම් උන් වහන්සේට සියතින් පුටුවක් දුනිමි.
Pali BJT29. තෙන මෙ තාදිසො වණ්ණො තෙන මෙ ඉධමිජ්ඣති, උප්පජ්ජන්ති ච මෙ භොගා යෙ කෙචි මනසො පියා.
Sinhala BJT29. ඒ පිනෙන් මාගේ සිරුරුපැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මන වඩන යම්කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු මට පහළ වෙත්.
Pali BJT30. අක්ඛාමි තෙ භික්ඛු මහානුභාව මනුස්සභූතා යමකාසි පුඤ්ඤං, තෙනම්හි එවං ජලිතානුභාවා වණ්ණො ච මෙ සබ්බදිසා පභාසතීති.
Sinhala BJT30. මහත් අනුභාව ඇති ශ්‍රමණයන් වහන්ස, මිනිස් දුවක් වූ මම යම් පිනක් කෙළෙම් ද, (එය) ඔබට කියමි. එයින් මෙසේ දිලියෙන පුණ්‍යර්ද්ධි ඇත්තී වෙමි. මාගේ සිරුරුපැහැය ද සියලු දිගුන් බබුළුවයි.
Pali BJTචතුත්ථපීඨවිමානං.
Sinhala BJTචතුර්‍ත්‍ථ පීඨවිමාන යි.
Pali BJT1. 5.
Sinhala BJT1. 5.
Pali BJT31. කුඤ්ජරො තෙ වරාරොහො නානා රතනකප්පනො, රුචිරො ථාමවා ජවසම්පන්නො{1} ආකාසම්හි සමීහති. 32. පදුමී පදුමපත්තක්ඛී{2} පදුමුප්පලජුතින්ධරො,{3} පදුම චුණ්ණාභිකිණ්ණඞ්ගො සොණ්ණපොක්ඛරමාලවා{4}
Sinhala BJT31-32. පියුම් පෙති වැනි ඇස් ඇති දෙව්දුව, නොයෙක් රුවනින් කළ සන්නාහ ඇති සිත්කලු වූ ශක්තිමත් වූ ශීඝ්‍ර ජව ඇති පියුම් පැහැයෙන් යුක්ත වු පියුම් උපුල් පැහැ දරන්නා වු පියුම්කෙසුරෙන් ගැවසී ගත් සිරුරු ඇති රනින් කළ පියුම් මල්දම් දරන්නා වූ තීගේ මේ උතුම් ඇත්වාහනය අහසෙහි (පිට සිටියවුන් නො සල්මින්) යයි.
Pali BJT33. පදුමානුසටං මග්ගං පදුමපත්තවිභූසිතං, ඨීතං වග්ගුමනුග්ඝාති මිතං ගච්ඡති වාරණො
Sinhala BJT33. ඒ ඇත්වාහනය පියුම්වලින් ගැවසීගත්තා වූ නන්පැහැති පියුම් පෙත්තෙන් වෙසෙසින් බබළමින් සිටියා වූ මාර්‍ගයෙහි මැනැවින් පමණින් යුතුව පා තබමින් ගමන් කරයි.
Pali BJT34. තස්ස පක්කමමානස්ස සොණ්ණකංසා රතිස්සරා, තෙසං සූය්යති නිග්ඝොසො තුරියෙ පඤ්චඞ්ගිකෙ යථා
Sinhala BJT34. යන්නා වූ ඒ ඇත්වාහනය දෙපස කන්කලු නද ඇති රන්මුවා ඝණ්ටාවෝ (එල්බෙමින් සැලෙත්) ඔවුන්ගේ නාදය පසඟතුරු නද මෙන් ඇසේ.
Pali BJT35. තස්ස නාගස්ස ඛන්ධස්මිං සුචිවත්ථා අලඞ්කතා, මහන්තං අච්ඡරාසඞ්ඝං වණ්ණෙන අතිරොචසි{5}
Sinhala BJT35. ඒ ඇත්වාහනයාගේ කඳෙහි පිවිතුරු සළුපටින් සැරසීසිටි තෙපි මහත් වූ දිව්‍යකන්‍යා සමූහයා රූපයෙන් ඉක්මවා බබළව.
Pali BJT36. දානස්ස තෙ ඉදං ඵලං අථො සීලස්ස වා පන, අථො අඤ්ජලිකම්මස්ස තං මෙ අක්ඛාහි පුච්ඡිතාති.
Sinhala BJT36. තීගේ මේ පුණ්‍යවිපාකය දානයක්හුගේ ද, නැතහොත් ශීලයක් හුගේ ද, එසේත් නැතහොත් අඤ්ජලීකර්‍මයක්හුගේ දැ යි මා විසින් විචාරන ලද්දී එය කියව.
Pali BJT37. සා දෙවතා අත්තමනා මොග්ගල්ලානෙන පුච්ඡිතා, පඤ්හං පුට්ඨා වියාකාසි යස්ස කම්මස්සිදං ඵලන්ති.
Sinhala BJT37. මුගලන් තෙරුන් විසින් පුළුවුස්නාලද ඒ දෙව්දූ තොමෝ තුටු සිත් ඇත්තී මේ පුණ්‍යඵලය යම් කවර කර්‍මයක්හුගේ දැයි පුළුවුස්නා ලද්දී (මෙසේ) පැවසූ ය.
Pali BJT38. දිස්වාන ගුණසම්පන්නං ඣායිං ඣානරතං සතං, අදාසිං පුප්ඵාභිකිණ්ණං ආසනං දුස්සසන්ථතං.
Sinhala BJT38. සියලු (ශ්‍රමණ) ගුණයෙන් යුක්ත වූ ධ්‍යාන කරන සුලු වූ සත්පුරුෂ වූ දැහැනෙහි ඇලුණු මහණක්හු දැක (උන්වහ්හන්සේට වැඩහිඳීම පිණිස) මලින් ගැවසුණු අලුත් පිළි අතුළ අසුනක් දුනිමි.
Pali BJT39. උපඩ්ඪපදුමමාලාහං ආසනස්ස සමන්තතො, අබ්භොකිරිස්සං පත්තෙහි පසන්නා සෙහි පාණීහි.
Sinhala BJT39. ඒ අසුන හාත්පස (බිමැ) මම අඩක් පමණ සියුම් මල්මාලා තබා සියතින් මා මල්පෙති විසිරවීමි.
Pali BJT40. තස්ස කම්මස්ස කුසලස්ස{1} ඉදං මෙ ඊදිසං ඵලං, සක්කාරො ගරුකාරො ච දෙවානං අපචිතා අහං.
Sinhala BJT40. මා කළ ඒ කුශල කර්‍මයාගේ විපාකය මේ ය , මෙබඳු ය (දෙවියන්ගේ ) සත්කාරය හා ගෞරවය (මා කෙරෙහි ) විය. මම දෙවියන් විසින් පුදන ලද්දී වෙමි.
Pali BJT41. යො චෙ සම්මාවිමුත්තානං සත්තානං බ්රහ්මචාරිනං, පසන්නො ආසනං දජ්ජා එවං නන්දො යථා අහං.
Sinhala BJT41. යමෙක ඒකාන්තයෙන් මොනවට කෙලෙසුන් කෙරෙන් මිදුණා වූ ශාන්ත කයවාග්මනස් කර්‍ම ඇති බ්‍රහ්මචාරීන්ට සැදෑ සිතැත්තේ අසුනක් දේ නම් හෙතෙමේ මා මෙන් දිව්‍ය සම්පත් ලබා සතුටු වන්නේය .
Pali BJT42. තස්මාහි අත්ථකාමෙන මහන්තම්භිකඞ්ඛතා, ආසනං දාතබ්බං හොති සරීරන්තිමධාරිනන්ති.
Sinhala BJT42. එබැවින් තමාට හිත කැමති මහත් පින්ඵල කැමැත්තහු විසින් රහතුන් වහන්සේට අසුන් දියයුතු වේ.
Pali BJTකුඤ්ජරවිමානං.
Sinhala BJTකුඤ්ජරවිමාන යි.
Pali BJT1. 6.
Sinhala BJT1. 6.
Pali BJT43. සුවණ්ණච්ඡදනං නාවං නාරී ආරුය්හ තිට්ඨසි, ඔගාහසි පොක්ඛරණිං පදුමං ඡින්දසි පාණිනා.
Sinhala BJT43. ( එම්බා) දෙව්දුව, තෝ රනින් කළ පියසි ඇති නැවකට නැගී සිටින්නෙහිය. ( එසේ ම දිව කුසුමෙන් ගැවසුණු) පොකුණට බැස යිටිනෙහි අතින් පුයුම් නෙළනෙහි.
Pali BJT44. කෙන තෙ තාදිසො වණ්ණො කෙන තෙ ඉධමිජ්ඣති, උප්පජ්ජන්ති ච තෙ භොගා යෙ කෙචි මනසො පියා.
Sinhala BJT44. කවර හේතුවකින් තිට එබඳු සිරුරුපැහැයෙක් වි ද? කවර පිනෙකින් තීගේ සුචරිතඵලය මෙහි සමෘද්ධ වේ ද? මනවඩන යම්කිසි සම්පත්තීහු වෙත්ද? ඒ සම්පත්තීහු (කවර පිනෙකින්) තිට පහළ වෙත් ද?
Pali BJT45. පුච්ඡාමි තං දෙවි මහානුභාවෙ මනුස්සභූතා කිමකාසි පුඤ්ඤං, කෙනාසි එවං ජලිතානුභාවා වණ්ණො ච තෙ සබ්බදිසා පභාසතීති,
Sinhala BJT45. මහත් අනුභව ඇති දෙව්දුව, තී විචාරමි. මිනිස්වූවා කවර පිනක් කළහු ද? තීගේ මේ සිරුරුපැහැය ද සියලු දිගින් බබුළුවයි. කවර පිනෙකින් මෙබඳු දිලියෙන පුණ්‍යර්ධි ඇත්තී වවු ද?
Pali BJT46. සා දෙවතා අත්තමනා මොග්ගල්ලානෙන පුච්ඡිතා, පඤ්හං පුට්ඨා වියාකාසි යස්සකම්මස්සිදං ඵලන්තී.
Sinhala BJT46. මුගලන් තෙරුන් විසින් පුළුවුස්නා ලද ඒ දෙව්දූ තොමෝ තුටුසිත් ඇත්තී මේ පුණ්‍යඵලය යම් කවර කර්‍මයක්හුගේ දැයි පුළුවුස්නා ලද්දී(මෙසේ) පැවසූ ය.
Pali BJT47. අහං මනුස්සෙසු මනුස්සභූතා පුරිමාය ජාතියා මනුස්සලොකෙ, දිස්වාන භික්ඛූ තසිතෙ කිලන්තෙ උට්ඨාය පාතුං උදකං අදාසිං.
Sinhala BJT47. මම පෙරැ අත්බැව්හි මිනිස් ලොවැ මිනිසුන් කෙරෙහි මිනිස් දුවක් වූවා. හටගත් පවස් ඇති ක්ලාන්ත වූ භික්‍ෂූන් දැක වහා නැගී සිට වළඳන්නට පැනිත්තක් දුනිමි.
Pali BJT48. යො වෙ කිලන්තාන පිපාසිතානං උට්ඨාය පාතුං උදකං දදාති, සීතොදකා තස්ස භවන්ති නජ්ජො පහූතමාල්යා බහුපුණ්ඩරීකා.
Sinhala BJT48. යමෙක් ඒකාන්තයෙන් ක්ලාන්ත වූ හටගත් පැවස් අත්තවුනට වහා නැගී සිට පැන් දේ ද, ඔහුට සිහිල් දිය පිරුණු බොහෝ මලින් ගැවසී ගත් බොහෝ සුදු පියුම් ඇති නදීහු පහළ වෙති.
Pali BJT49. තමාපගා අනුපරියන්ති සබ්බදා සීතොදිකා වාලුකසන්ථතා නදී, අම්බා ච සාලා තිලකා ච ජම්බුයො උද්දාලකා පාටලියො ච ඵුල්ලා.
Sinhala BJT49. හැමකල්හි ම සිහිල් දිය ගලා බස්නා සිහිල් දිය පිරුණු සුදුවැලි අතුරන ලද ගඞ්ගාවෝ ඒ විමන වටකොට සිටිති. පිපුණු මල් ඇති අඹ සල් තිලක දඹ ඇසළ පළොල් රුක්හු ද (එහි) වෙති.
Pali BJT50. තං භූමිභාගෙහි උපෙතරූපං විමානසෙට්ඨං භුසසොභමානං, තස්සීධ{1} කම්මස්ස අයං විපාකො එතාදිසං කතපුඤ්ඤා{2} ලභන්ති.
Sinhala BJT50. එවැනි (පොකුණු ගඞ්ගා හා උයන්වලින් යුත්) භූමිභාගයන් ගෙන් පැසසියයුතු බැවින් යුක්ත වූ බෙහෙවින් බබළන ශ්‍රේෂ්ඨ වූ දිව්‍ය විමාන ලබත්. (එදා මා විසින් කළ) ඒ කර්‍මයාගේ මෙහි මේ විපාකය වෙයි. කළ පිනැත්තෝ මෙබඳු සම්පත් ලබත්.
Pali BJT51. තෙන මෙ තාදිසො වණ්ණො තෙන මෙ ඉධමිජ්ඣති, උප්පජ්ජන්ති ච මෙ භොගා යෙ කෙචි මනසො පියා.
Sinhala BJT51. ඒ පිනෙන් මාගේ සිරුරුපැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මන වඩන යම් කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු මට පහළ වෙත්.
Pali BJT52. අක්ඛාමි තෙ භික්ඛු මහානුභාව මනුස්සභූතා යමකාසි පුඤ්ඤං, තෙනම්හි එවං ජලිතානුභාවා වණ්ණො ච මෙ සබ්බදිසා පභාසතීති.
Sinhala BJT52. මහත් අනුභාව ඇති ශ්‍රමණයන් වහන්ස, මිනිස් දුවක් වු මම යම් පිනක් කෙළෙම් ද, (එය) ඔබට කියමි. එයින් මෙසේ දිලියෙන පුණ්‍යර්ද්ධි ඇත්තී වෙමි. මාගේ සිරුරුපැහැය ද සියලු දිගුන් බබුළුවයි.
Pali BJTපඨමනාවාවිමානං.
Sinhala BJTප්‍රථම නාවාවිමාන යි.
Pali BJT1. 7.
Sinhala BJT1. 7.
Pali BJT53. සුවණ්ණච්ඡදනං නාවං නාරී ආරුය්හ තිට්ඨසි, ඔගාහසි පොක්ඛරණිං පදුමං ඡින්දසි පාණිනා.
Sinhala BJT53. (එම්බා) දෙව්දුව, තෝ රනින් කළ පියසි ඇති නැවකට නැගී සිටිනහු. (එසේ ම දිව කුසුමෙන් ගැවසුණු) පොකුණට බැස සිටිනහු. අතින් පියුම් නෙළනහු.
Pali BJT54. කෙන තෙ තාදිසො වණ්ණො කෙන තෙ ඉධමිජ්ඣති, උප්පජ්ජන්ති ච තෙ භොගා යෙ කෙචි මනසො පියා.
Sinhala BJT54. කවර හේතුවකින් තිට එබඳු සිරුරු පැහැයෙක් වී ද? කවර පිනෙකින් තීගේ සුචරිතඵලය මෙහි සමෘද්ධ වේ ද? මනවඩන යම් කිසි සම්පත්තීහු වෙත් ද ඒ සම්පත්තීහු (කවර පිනෙකින්) තිට පහළ වෙත් ද?
Pali BJT55. පුච්ඡාමි තං දෙවි මහානුභාවෙ මනුස්සභූතා කිමකාසි පුඤ්ඤං, කෙනාසි එවං ජලිතානුභාවා වණ්ණො ච තෙ සබ්බදිසා පභාසතීති.
Sinhala BJT55. මහත් අනුභාව ඇති දෙව්දුව, තී විචාරමි. මිනිස් වූවා කවර පිනක් කළහු ද? තීගේ මේ සිරුරුපැහැය ද සියලු දිගුන් බබුළුවයි. (කවර පිනෙකින්) මෙබඳු දිලියෙන පුණ්‍යර්ද්ධි ඇත්තී වවු ද?
Pali BJT56. සා දෙවතා අත්තමනා මොග්ගල්ලානෙන පුච්ඡිතා, පඤ්හං පුට්ඨා වියාකාසි යස්ස කම්මස්සිදං ඵලං.
Sinhala BJT56. මුගලන් තෙරුන් විසින් පුළුවුස්නා ලද ඒ දෙව්දූ තොමෝ තුටුසිත් ඇත්තී මේ පුණ්‍යඵලය යම් කර්‍මයක්හුගේ දැ යි මෙසේ පැවසූ ය.
Pali BJT57. අහං මනුස්සෙසු මනුස්සභූතා පුරිමාය ජාතියා මනුස්සලොකෙ, දිස්වාන භික්ඛුං තසිතං කිලන්තං උට්ඨාය පාතුං උදකං අදාසිං.
Sinhala BJT57. මම පෙර, අත්බැව්හි මිනිස් ලොවැ මිනිසුන් අතර මිනිස් දුවක් වූවා. හටගත් පවස් ඇති ක්ලාන්ත වූ මහණක්හු දැක නැගී සිට බීමට පැන් දුනිමි.
Pali BJT58. යො චෙ කිලන්තස්ස පිපාසිතස්ස උට්ඨාය පාතුං උදකං දදාති, සීතොදකා තස්ස භවන්ති නජ්ජො පහූතමාල්යා බහුපුණ්ඩරීකා.
Sinhala BJT58. යමෙක් ඒකාන්තයෙන් ක්ලාන්ත වූ හටගත් පවස් ඇති මහණක්හට නැගී සිට වළඳන්නට පැන් දේ ද ඔහුට සිහිල් දිය පිරුණු බොහෝ මල් ඇති බොහෝ සුදු පියුම් ඇති නදීහු පහළ වෙත්.
Pali BJT59. තමාපගා අනුපරියන්ති සබ්බදා සීතොදකා වාලුකසන්ථතා නදී, අම්බා ච සාලා තිලකා ච ජම්බුයො උද්දාලකා පාටලියො ච ඵුල්ලා.
Sinhala BJT59. හැම කල්හිම සිහිල්දිය ගලාබස්නා සිහිල්දිය පිරුණු සුදුවැලි අතුරන ලද ගඞ්ගාවෝ ඒ විමන වටකොට සිටිත්. පිපුණු මල් ඇති අඹ සල් තිලක දඹ ඇසළ පළොල් රුක්හු ද (එහි) වෙති.
Pali BJT60. තං භූමිභාගෙහි උපෙතරූපං විමානසෙට්ඨං භුසසොභමානං, තස්සීධ කම්මස්ස අයං විපාකො එතාදිසං කතපුඤ්ඤා ලභන්ති.
Sinhala BJT60. එවැනි භූමිභාගයන් ගෙන් පැසසියයුතු බැවින් යුක්ත වූ අතිශයින් බබළන ශ්‍රේෂ්ඨ වූ දිව්‍යවිමාන ලබත්. (එදා මා විසින් කළ) ඒ කර්‍මයාගේ මෙහි මේ විපාකය වෙයි. කළ පිනැත්තෝ මෙබඳු සම්පත් ලබත්.
Pali BJT61. තෙන මෙ තාදිසො වණ්ණො තෙන මෙ ඉධමිජ්ඣති, උප්පජ්ජන්ති ච මෙ භොගා යෙ කෙචි මනසො පියා.
Sinhala BJT61. ඒ පිනෙන් මාගේ සිරුරුපැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මන වඩන යම් කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු මට පහළ වෙත්.
Pali BJT62. අක්ඛාමි තෙ භික්ඛු මහානුභාව මනුස්සභූතා යමකාසි පුඤ්ඤං,{*} තෙනම්හි එවං ජලිතානුභාවා වණ්ණො ච මෙ සබ්බදිසා පභාසතීති.
Sinhala BJT62.මහත් අනුභාව ඇති ශ්‍රමණයන් වහන්ස, මිනිස් දුවක් වූ මම යම් පිනක් කෙළෙම් ද, (එය) ඔබට කියමි. එයින් මෙසේ දිලියෙන පුණ්‍යර්ද්ධි ඇත්තී වෙමි. මාගේ සිරුරුපැහැය ද සියලු දිගුන් බබුළුවයි.
Pali BJTදුතියනාවාවිමානං.
Sinhala BJTද්විතීය නාවාවිමාන යි.
Pali BJT1. 8.
Sinhala BJT1. 8.
Pali BJT63. සුවණ්ණච්ඡදනං නාවං නාරී ආරුය්හ තිට්ඨසි, ඔගාහසි පොක්ඛරණිං පදුමං ඡින්දසි පාණිනා.
Sinhala BJT63. (එම්බා) දෙව්දුව, තෝ රනින් කළ පියසි ඇති නැවකට නැගී සිටිනහු. (එසේ ම දිව කුසුමෙන් ගැවසුණු) පොකුණට බැස සිටිනහු. අතින් පියුම් නෙළනහු.
Pali BJT64. කූටාගාරා නිවෙසා තෙ විභත්තා භාගසො මිතා, දද්දල්ලමානා ආභන්ති සමන්තා චතුරො දිසා.
Sinhala BJT64. කොටස් වශයෙන් බෙදනලද ප්‍රමාණවත් වූ, කුළුගෙවල් ඇති බබළන්නා වූ තීගේ නිවෙස්හු හාත්පස සිවුදිගුන් බබුළුවත්.
Pali BJT65. කෙන තෙ තාදිසො වණ්ණො කෙන තෙ ඉධමිජ්ඣති, උප්පජ්ජන්ති ච තෙ භොගා යෙ කෙචි මනසො පියා.
Sinhala BJT65. කවර හේතුවකින් තිට එබඳු සිරුරුපැහැයෙක් වී ද? කවර පිනෙකින් තීගේ සුචරිතඵලය මෙහි සමෘද්ධ වේ ද? මන වඩන යම් කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු (කවර පිනෙකින්) තිට පහළ වෙත් ද?
Pali BJT66. පුච්ඡාමි තං දෙවි මහානුභාවෙ මනුස්සභූතා කිමකාසි පුඤ්ඤං, කෙනාසි එවං ජලිතානුභාවා වණ්ණො ච තෙ සබ්බදිසා පභාසතීති.
Sinhala BJT66. මහත් අනුභාව ඇති දෙව්දුව, තී විචාරමි. මිනිස් වූවා කවර පිනක් කළහු ද, තීගේ මේ සිරුරුපැහැය ද සියලු දිගුන් බබුළුවයි. කවර පිනෙකින් මෙබඳු දිලියෙන පුණ්‍යර්ද්ධි ඇත්තී වූ ද?
Pali BJT67. සා දෙවතා අත්තමනා සම්බුද්ධෙනෙව පුච්ඡිතා පඤ්හං පුට්ඨා වියාකාසි යස්ස කම්මස්සිදං ඵලන්ති.
Sinhala BJT67. සම්බුදු රදුන් විසින් ම පුළුවුස්නා ලද ඒ දෙව්දූ තොමෝ තුටුසිත් ඇත්තී මේ පුණ්‍යඵලය යම් කවර කර්‍මයක්හුගේ දැයි (මෙසේ) පැවසූ ය.
Pali BJT68. අහං මනුස්සෙසු මනුස්සභූතා පුරිමාය ජාතියා මනුස්සලොකෙ, දිස්වාන භික්ඛූ තසිතෙ කිලන්තෙ උට්ඨාය පාතුං උදකං අදාසිං.
Sinhala BJT68. මම පෙර අත්බැවුහි මිනිස් ලොවැ මිනිසුන් අතර මිනිස්දුවක් වූවා. හටගත් පවස් ඇති ක්ලාන්ත වූ භික්‍ෂූන් දැක නැගී සිට පීමට පැන් දුනිමි.
Pali BJT69. යො වෙ කිලන්තාන පිපාසිතානං උට්ඨාය පාතුං උදකං දදාති, සීතොදකා තස්ස භවන්ති නජ්ජො පහූතමාල්යා බහු පුණ්ඩරීකා.
Sinhala BJT69.යමෙක් ඒකාන්තයෙන් හටගත් පවස් ඇති ක්ලාන්ත වූවන්ට නැගී සිට පීමට පැන් දේ ද, ඔහුට සිහිල් දිය පිරුණු බොහෝ මල් ඇති බොහෝ සුදුපියුම් ඇති නදීහු පහළ වෙති.
Pali BJT70. තමාපගා අනුපරියන්ති සබ්බදා සීතොදකා වාලුකසන්ථතා නදී, අම්බා ච සාලා තිලකා ච ජම්බුයො උද්දාලකා පාටලියො ච ඵුල්ලා.
Sinhala BJT70. හැම කල්හි ම සිහිල්දිය ගලාබස්නා සිහිල්දිය පිරුණු සුදුවැලි අතුරනලද ගඞ්ගාවෝ ඔහුගේ විමන වටකොට සිටිත්. පිපුණු මල් ඇති අඹ සල් තිලක දඹ ඇසල පළොල් රුක්හු ද එහි වෙත්.
Pali BJT71. තං භූමිභාගෙහි උපෙතරූපං විමානසෙට්ඨං භුසසොභමානං, තස්සීධ කම්මස්ස අයං විපාකො එතාදිසං කතපුඤ්ඤා ලභන්ති.
Sinhala BJT71. එවැනි භූමිභාගයන්ගෙන් පැසසියයුතු බැවින් යුක්ත වූ අතිශයින් බබළන දිව්‍යවිමාන ලබත්. (එදා මාවිසින් කළ) ඒ කර්‍මයාගේ මෙහි මේ විපාකය වෙයි. කළ පිනැත්තෝ මෙබඳු සම්පත් ලබත්.
Pali BJT72. කූටාගාරා නිවෙසා මෙ විභත්තා භාගසො මිතා, දද්දල්ලමානා ආභන්ති සමන්තා චතුරො දිසා.
Sinhala BJT72. කොටස් වශයෙන් බෙදනලද ප්‍රමාණවත් වූ කුළුගෙවල් ඇති බබළන්නා වූ මාගේ නිවෙස්හු හාත්පස සිවුදිගුන් බබුළුවත්.
Pali BJT73. තෙන මෙ තාදිසො වණ්ණො තෙන මෙ ඉධමිජ්ඣති, උප්පජ්ජන්ති ච මෙ භොගා යෙ කෙචි මනසො පියා.
Sinhala BJT73. ඒ පිනෙන් මාගේ සිරුරුපැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මන වඩන යම්කිසි සම්පත්තීහු වෙත් ද? ඒ සම්පත්තීහු මට පහළ වෙත්.
Pali BJT74. තෙනම්හි එවං ජලිතානුභාවා වණ්ණො ච මෙ සබ්බදිසා පභාසති, එතස්ස කම්මස්ස ඵලං මමෙදං අත්ථාය බුද්ධො උදකං අපායීති{1}.
Sinhala BJT74. මෙසේ මම ඒ පිනෙන් දිලියෙන පුණ්‍යර්ධි ඇත්තී වෙමි. ඒ මාගේ සිරුරුපැහැය ද සියලු දිගුන් බබුළුවයි. බුදුරජාණන් වහන්සේ මාගේ ප්‍රයෝජනය පිණිස පැන් වැළදුසේක් ද ඒ කුසල කර්‍මයාගේ මේ විපාකය වේ.
Pali BJTතතියනාවා විමානං.
Sinhala BJTතෘතීය නාවාවිමාන යි.
Pali BJT1. 9.
Sinhala BJT1. 9.
Pali BJT75. අභික්කන්තෙන වණ්ණෙන යා ත්වං තිට්ඨසි දෙවතෙ, ඔභාසෙන්ති දිසා සබ්බා ඔසධී විය තාරකා.
Sinhala BJT75. (එම්බා) දෙව්දුව, යම්බඳු වූ තෝ මනා රුසිරින් සියලු දිගුන් බබුළුවමින් දවහත් තරුව සේ සිටිවු ද,
Pali BJT76. කෙන තෙ තාදිසො වණ්ණො කෙන තෙ ඉධමිජ්ඣති, උප්පජ්ජන්ති ච තෙ භොගා යෙ කෙචි මනසො පියා.
Sinhala BJT76. කවර හේතුවකින් තිට එබඳු සිරුරුපැහැයෙක් වී ද? කවර පිනෙකින් තීගේ සුචරිතඵලය මෙහි සමෘද්ධ වේ ද? මන වඩන යම්කිසි සම්පත්තීහු වෙත් ද? ඒ සම්පත්තීහු (කවර පිනෙකින්) තිට පහළ වෙත් ද?
Pali BJT77. කෙන ත්වං විමලොභාසා අතිරොචසි දෙවතෙ{2}, කෙන තෙ සබ්බගත්තෙහි සබ්බා ඔභාසරෙ{3} දිසා.
Sinhala BJT77. (එම්බා) දෙව්දුව, නිර්‍මල වූ ශරීරාලෝකයක් ඇති තෙපි කවර පිනෙකින් (අන් හැම සුරන් මැඩ) බබළන්නහු ද? කවර පිනෙකින් තීගේ සියලු ශරීරාවයවයන්ගෙන් සියලු දිගුහු බබළත් ද?
Pali BJT78. පුච්ඡාමි තං දෙවි මහානුභාවෙ මනුස්සභූතා කිමකාසි පුඤ්ඤං, කෙනාසි එවං ජලිතානුභාවා වණ්ණො ච තෙ සබ්බදිසා පභාසතීති.
Sinhala BJT78.මහත් අනුභාව ඇති දෙව්දුව, තී විචාරමි. මිනිස් වූවා කවර පිනක් කළහු ද? තීගේ (මේ) සිරුරුපැහැය ද සියලු දිගුන් බබුළුවයි. (කවර පිනෙකින්) මෙබඳු දිලියෙන පුණ්‍යර්ද්ධි ඇත්තී වූ ද?
Pali BJT79. සා දෙවතා අත්තමනා මොග්ගල්ලානෙන පුච්ඡිතා, පඤ්හං පුට්ඨා වියාකාසි යස්ස කම්මස්සිදං ඵලං.
Sinhala BJT79. මුගලන් තෙරුන් විසින් පුළුවුස්නා ලද ඒ දෙව්දූ තොමෝ තුටුසිත් ඇත්තී මේ පුණ්‍යඵලය යම් කවර කර්‍මයක්හුගේ දැ යි (මෙසේ) පැවැසූ ය.
Pali BJT80. අහං මනුස්සෙසු මනුස්සභූතා පුරිමාය ජාතියා මනුස්සලොකෙ, තමන්ධකාරම්හි තිමීසිකායං පදීපකාලම්හි අදං පදීපං{1}
Sinhala BJT80.මම පෙර අත්බැව්හි මිනිස්ලොවැ මිනිසුන් අතර මිනිස් දුවක් වූවා පහන් දැල්වීමට සුදුසු බොල් ගන අඳුරෙහි පහන් උපකරණ දුනිමි.