Udāna

Inspired Utterances

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 801-821 න් 821

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT“යෙ කෙචි සොකා පරිදෙවිතා වා දුක්ඛා ච ලොකස්මිං අනෙකරූපා. පියං පටිච්ච පභවන්ති එතෙ පියෙ අසන්තෙ න භවන්ති එතෙ.
Sinhala BJT“ලොවැ යම් නන්වැදෑරුම් ශෝක ද හැඬුම් ද වැලැපුම් ද දුක් ද ඇත් නම්, ඔහු ප්‍රියවස්තු හේතු කොට ගෙන පහළ වෙත්. ප්‍රිය වස්තුවක් නැති කල්හි ඔහු පහළ නො වෙති.
Pali BJTතස්මා හි තෙ සුඛිනො වීතසොකා යෙසං පියං නත්ථි කුහිඤ්චි ලොකෙ, තස්මා අසොකං විරජං පත්ථයානො පියං න කයිරාථ කුහිඤ්චි ලොකෙ”ති.
Sinhala BJTඑහෙයින් යම් කෙනෙකුන්හට ලොවැ කිසි ද තැනෙක ප්‍රියයෙක් නැත් ද, ඔහු සුවැත්තෝ ය. පහ වූ ශෝක ඇත්තෝ ය. එ බැවින් ශෝක නැති බව කෙලෙස් ධූලි නැති බව (හෙවත් රහත් බව) කැමැත්තේ ලොවැ කිසිවකුත් කෙරෙහි ප්‍රිය බවක් නො කරන්නේ ය.”
Pali BJT8. 9.
Sinhala BJT8. 9.
Pali BJTපඨමදබ්බසුත්තං
Sinhala BJTපළමු දබ්බ සූත්‍රය
Pali BJT1. එවං මෙ සුතං: එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. අථ ඛො ආයස්මා දබ්බො මල්ලපුත්තො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා දබ්බො මල්ලපුත්තො භගවන්තං එතදවොච: ‘පරිනිබ්බානකාලො මෙ’දානි සුගතා’ති. ‘යස්ස දානි ත්වං දබ්බ කාලං මඤ්ඤසී’ති.
Sinhala BJT1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවරැ කලන්‍දකනිවාප නම් වූ වේළුවනයෙහි වැඩ වසන සේක. එකල්හි මල්ල්රාජපුත්‍ර වූ දබ්බ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියහ. එළැඹ ආදරයෙන් වැඳ පසෙක හුන්හ. පසෙක හුන් මල්ලපුත්‍ර දබ්බ තෙරණුවෝ ‘වහන්ස, මට දැන් පිරිනිවෙන්නට කාලය වේ යැ’යි සැළ කළහ. ‘දබ්බයිනි, යමකට කලැ යි තෙපි සිතවු නම් එය කරනු තොප අයත් කාර්‍ය්‍යයෙකැ’යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
Pali BJT2. අථ ඛො ආයස්මා දබ්බො මල්ලපුත්තො උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා වෙහාසං අබ්භුග්ගන්ත්වා ආකාසෙ අන්තළික්ඛෙ පල්ලඞ්කෙන නිසීදිත්වා තෙජොධාතුං සමාපජ්ජිත්වා වුට්ඨහිත්වා පරිනිබ්බායි. අථ ඛො ආයස්මතො දබ්බස්ස මල්ලපුත්තස්ස වෙහාසං අබ්භුග්ගන්ත්වා ආකාසෙ අන්තළික්ඛෙ පල්ලඞ්කෙන නිසීදිත්වා තෙජොධාතුං සමාපජ්ජිත්වා වුට්ඨහිත්වා පරිනිබ්බුතස්ස සරීරස්ස ඣායමානස්ස ඩය්හමානස්ස නෙව ඡාරිකා පඤ්ඤායිත්ථ න මසි. සෙය්යථාපි නාම සප්පිස්ස වා තෙලස්ස වා ඣායමානස්ස ඩය්හමානස්ස නෙව ඡාරිකා පඤ්ඤායති න මසි, එවමෙව ඛො ආයස්මතො දබ්බස්ස මල්ලපුත්තස්ස වෙහාසං අබ්භුග්ගන්ත්වා ආකාසෙ අන්තළික්ඛෙ පල්ලඞ්කෙන නිසීදිත්වා තෙජොධාතුං සමාපජ්ජිත්වා වුට්ඨහිත්වා පරිනිබ්බුතස්ස සරීරස්ස ඣායමානස්ස ඩය්හමානස්ස නෙව ඡාරිකා පඤ්ඤායිත්ථ න මසී’ති.
Sinhala BJT2. එකල්හි මල්ලපුත්‍ර දබ්බ තෙරණුවෝ හුනස්නෙන් නැඟී භාග්‍යවතුන් වහන්සේ වැඳ, පැදකුණු කොට, අහස් නැඟ, අහසැ පලඟින් හිඳ තෙජොකසිණ චතුර්‍ත්‍ථධ්‍යාන සමාපත්තියට සමවැද, ඉන් නැගී පිරිනිවියහ. ඉක්බිති මෙසේ අහස් නැග අහසැ පලඟින් හිඳ, තොජොධාතුසමාපත්තියට සමවැද, එයින් නැගී පිරිනිවි, ගිනිගෙන දැවෙන මල්ලපුත්‍ර දබ්බ තෙරුන්ගේ සිරුරැ අළු හෝ දැලි නො වී ය. ගිනි ඇවිළ දැවෙන ගිතෙලෙහි හෝ තලතෙලෙහි අළු හෝ දැලි යම්සේ නො පැණේ ද, එ පරිද්දෙන් ම අහස් නැඟ අහසැ පලඟින් හිඳ තෙදකිසුණු සමවතට සමවැද, එයින් නැඟි පිරිනිවි මල්ලපුත්‍ර දබ්බ තෙරුන්ගේ ගිනි ඇවිළ දැවෙන සිරුරේ අළු හෝ දැලි නො වී ය.
Pali BJT3. අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:
Sinhala BJT3. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ සලකා එ වේලෙහි මේ උදන් ඇනූ සේක:
Pali BJT“අභෙදි කායො නිරොධි සඤ්ඤා වෙදනා සීතිභවිංසු{1} සබ්බා, වූපසමිංසු සඞ්ඛාරා විඤ්ඤාණං අත්ථමාගමා”ති.
Sinhala BJT“රූපය බිඳිණි. (රූපසංඥාදි) සියලු සංඥාව නිරුද්ධ විය. සියලු වේදනාවෝ සිසිල් වූහ. (නිවී ගියහ) සියලු (ස්පර්‍ශාදි) අවශේෂ සංස්කාරයෝ සංසිඳුණහ. සියලු විඥානය අස්තඞ්ගත වීය.”
Pali BJT8. 10.
Sinhala BJT8. 10.
Pali BJTදුතියදබ්බසුත්තං
Sinhala BJTදෙවන දබ්බ සූත්‍රය
Pali BJT1. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි භික්ඛවො’ති. ‘භදන්තෙ’ති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච: “දබ්බස්ස භික්ඛවෙ මල්ලපුත්තස්ස වෙහාසං අබ්භුග්ගන්ත්වා ආකාසෙ අන්තළික්ඛෙ පල්ලඞ්කෙන නිසීදිත්වා තෙජොධාතුං සමාපජ්ජිත්වා වුට්ඨහිත්වා පරිනිබ්බුතස්ස සරීරස්ස ඣායමානස්ස ඩය්හමානස්ස නෙව ඡාරිකා පඤ්ඤායිත්ථ න මසි. සෙය්යථාපි නාම සප්පිස්ස වා තෙලස්ස වා ඣායමානස්ස ඩය්හමානස්ස නෙව ඡාරිකා පඤ්ඤායති න මසි. එවමෙව ඛො භික්ඛවෙ දබ්බස්ස මල්ලපුත්තස්ස වෙහාසං අබ්භුග්ගන්ත්වා ආකාසෙ අන්තළික්ඛෙ පල්ලඞ්කෙන නිසීදිත්වා තෙජොධාතුං සමාපජ්ජිත්වා වුට්ඨහිත්වා පරිනිබ්බුතස්ස සරීරස්ස ඣායමානස්ස නෙව ඡාරිකා පඤ්ඤායි න මසී”ති.
Sinhala BJT1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවරැ දෙව්රම් නම් වූ අනේපිඬුසිටුහු අරමෙහි වැඩ වසන සේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි භික්‍ෂූනට අඬ ගා වදාළ සේක. ‘වහන්සැ’යි ඒ භික‍්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: “මහණෙනි, අහස් නැඟ, අහසැ පලඟින් හිඳ, තෙදකිසුණු සමවත සමවැද, එයින් නැඟී පිරිනිවි මල්ලපුත්‍ර දබ්බයන්ගේ ගිනි ගෙන දැවෙන සිරුරේ අළු නො ම පැනිණ. දැලි හෝ නො ම පැනිණ. මහණෙනි, ගිනි ඇවිළැ දැවෙන ගිතෙලෙහි හෝ තලතෙලෙහි අළු හෝ දැලි යම්සේ නොම පැනේ ද, මහණෙනි, එ පරිද්දෙන් ම අහස් නැඟ, අහසෙහි පලඟින් හිඳ තෙදකිසුණු සමවත සමවැද එයින් නැඟී පිරිනිවි මල්ලපුත්‍ර දබ්බයන්ගේ ගිනි ඇවිළ ගෙන දැවෙන සිරුරැ අළු නො ම පැනිණ, දැලි හෝ නො ද පැනිණ” යනුයි.
Pali BJT2. අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:
Sinhala BJT2. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ සලකා එ වේලෙහි මේ උදන් ඇනූ සේක:
Pali BJT“අයොඝනහතස්සෙව ජලතො ජාතවෙදසො, අනුපුබ්බූපසන්තස්ස යථා න ඤායතෙ ගති.
Sinhala BJT“යකුළෙන් පහළ කලැ නැඟි දිලියෙන පිළිවෙළින් නිවුණු ගින්න ගිය තැනෙක් යම්සේ නො පැනේ ද,
Pali BJTඑවං සම්මා විමුත්තානං කාමබන්ධොඝතාරිනං, පඤ්ඤාපෙතුං ගති නත්ථි පත්තානං අචලං සුඛං”ති.
Sinhala BJTඑසේම කාමප්‍රබන්‍ධය ද (හෙවත් කාමෝඝය ද) සෙසු ඕඝ ද තරණය කළ, නොසැලෙන නිවන් සුව පැමිණි රහතුන්ගේ (දෙව්මිනිස් ඈ ගති අතුරෙන් මෙ නම් ගතියකට පැමිණේ යැ යි) පනවන්නට ගතියෙක් නැත”
Pali BJTපාටලිගාමියවග්ගො අට්ඨමො.
Sinhala BJTඅටවන පාටලිගාමිය වර්‍ගයයි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTනිබ්බානා චතුරො වුත්තා චුන්දො පාටලිගාමියො, ද්විධා පථො විසාඛා ච දබ්බෙහි ද්වීහි{2} තෙ දසා’ති.
Sinhala BJTනිර්‍වාණ සූත්‍ර සතරෙක් ද චුන්‍ද පාටලිගාමිය ද්විධාපථ විශාඛා යන සූත්‍ර ද දබ්බ සූත්‍ර දෙක ද සහ සියලු ඒ දශ සූත්‍ර කෙනෙක් කියන ලදහ.
Pali BJTවග්ගමිදං පඨමං වර බොධි වග්ගමිදං දුතියං මුචලින්දො, නන්දකවග්ගවරො තතියො තු මෙඝීයවග්ගවරො ච චතුත්ථො.
Sinhala BJTමේ පළමු වන වර්‍ගය උතුම් වූ බෝධිවර්‍ගය ය. දෙවැන්න මුචලින්‍ද වර්‍ගය ය. තෙවැන්න වනාහි උතුම් නන්‍දක වර්‍ගය ය. සතරවැන්න උතුම් මේඝිය වර්‍ගය ය.
Pali BJTපඤ්චමවග්ගවරන්තිධ සොණො ඡට්ඨමවග්ගවරං ජච්චන්ධො,{3} සත්තමවග්ගවරන්ති ච චූල්ලො පාටලිගාමවරට්ඨමවග්ගො.
Sinhala BJTමෙහි පස්වන උතුම් සෝණ වර්‍ගය ය. සවන උතුම් ජච්චන්‍ධ වර්‍ගය ය. සත්වැන්න උතුම් චුල්ල වර්‍ගය ය. අටවැන්න උතුම් පාටලිගාමිය වර්‍ගය ය. (මෙසේ වර්‍ග අටෙක.)
Pali BJTඅසීති මනූනක සුත්තවරං වග්ගමිධට්ඨකං සුවිභත්තං, දස්සිත චක්ඛුමතා විමලෙන අද්ධා තමුදානමිතීදමාහූ.{4}
Sinhala BJTනො අඩු වූ අසූවක් උතුම් සූත්‍ර ඇති උතුම් වර්‍ග අටෙක් මෙහි මොනොවට බෙදන ලද්දේ ය. ඒකාන්තයෙන් ඒ මෙය උදාන නමැ යි කීහු.
Pali BJTඋදානපාළි සමත්තා.
Sinhala BJTඋදානපාළිය නිමි.