Pali BJT“දුවෙ භද්දියා දුවෙ ච සත්තා ලකුණ්ටකො තණ්හාක්ඛයො,{3} පපඤ්චඛයො ච කච්චානො උදපානඤ්ච උදෙනො”ති.
Sinhala BJTභද්දිය සූත්‍ර දෙක ද, සක්තසූත්‍ර දෙක ද, ලකුණ්ටකභද්දිය සූත්‍රය ද, තණ්හාක්ඛය සූත්‍රය ද, පපඤ්චක්ඛය සූත්‍රයද, කච්චාන සූත්‍රය ද, උදපාන සූත්‍රය ද, උදේන සූත්‍රය දැයි සූත්‍ර දශයෙකි.
Pali BJTපාටලිගාමියවග්ගො අට්ඨමො
Sinhala BJTපාටලිගාමිය වර්‍ගය
Pali BJT8. 1.
Sinhala BJT8. 1.
Pali BJTපඨමනිබ්බානසුත්තං
Sinhala BJTපළමුවන නිර්‍වාණ සූත්‍රය
Pali BJT1. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන භගවා භික්ඛූ නිබ්බානපටිසංයුත්තාය ධම්මියා කථාය සන්දස්සෙති සමාදපෙති සමුත්තෙජෙති සම්පහංසෙති. තෙ ච භික්ඛූ අට්ඨිං කත්වා{1} මනසි කත්වා සබ්බං චෙතසො{2} සමන්නාහරිත්වා ඔහිතසොතා ධම්මං සුණන්ති.
Sinhala BJT1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවරැ දෙව්රම් නම් වූ අරම්හි වැඩ වසන සේක. එ සමයෙහි වනාහි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූනට නිවන් පිළිබඳ වූ ධර්‍මකථායෙන් නිවන්තතු දක්වන සේක. එය ගන්වන සේක. එය ගැන්මෙහි උත්සාහවත් කරන සේක. නිවන්ගුණයෙන් මොනොවට සතුටු කරන සේක. ඒ මහණහු ද ඒ දේශනායෙන් ප්‍රයෝජන ඇති ව, ඒ දේශනාව සිත්හි කොට මුළු සිතින් සමනා නතු කළ කන් ඇත්තාහු බණ අසති.
Pali BJT2. අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:
Sinhala BJT2. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ දැන එ වේලෙහි මේ උදන් ඇනූ සේක:
Pali BJT“අත්ථි භික්ඛවෙ, තදායතනං, යත්ථ නෙව පඨවී, න ආපො, න තෙජො, න වායො, න ආකාසානඤ්චායතනං, න විඤ්ඤාණඤ්චායතනං, න ආකිඤ්චඤ්ඤායතනං, න නෙවසඤ්ඤානාසඤ්ඤායතනං, නායං ලොකො, න පරලොකො, න උභො චන්දිමසූරියා. තත්රාපාහං, භික්ඛවෙ, නෙව ආගතිං වදාමි, න ගතිං, න ඨිතිං, න චුතිං, න උපපත්තිං. අප්පතිට්ඨං, අප්පවත්තං අනාරම්මණමෙවෙතං. එසෙවන්තො දුක්ඛස්සා”ති.
Sinhala BJT“මහණෙනි, යමෙක්හි පෘථිවිධාතුව නැද්ද, ආපෝධාතුව නැද්ද, තේජෝධාතුව නැද්ද, වායුධාතුව නැද්ද, ආකාසානඤ්චායතන සිත නැද්ද, විඤ්ඤාණඤ්චායතන සිත නැද්ද, අකිඤ්ඤචඤ්ඤායතන සිත නැද්ද, නේවසඤ්ඤානාසඤ්ඤායතන සිත නැද්ද, මේ (ස්කන්‍ධ) ලෝකය නැද්ද, මෙයින් උපදනා අන්‍ය (ස්කන්‍ධ) ලෝකයකුත් නැද්ද, (එහි අඳුරක් නැති බැවින් අඳුර දුර ලන්නට) සඳහිරු දෙදෙනෙකුත් නැද්ද, එසේ වූ ඒ ආයතනය (මාර්‍ග ඵලසිතට අරමුණුවන නිවන) ඇත. මහණෙනි, එහිත් කිසිවෙකුගේ ඊමක් යෑමක් සිටීමක් මරණයක් මැරී ඉපැත්මක් නො කියමි. මෙය කිසිවෙක නො පිහිටි, ප්‍රත්‍යයයන්ගෙන් නො පවත්නා, කිසිම අරමුණෙක නො එල්බෙන දහමෙකි. මෙය ම දුකෙහි කෙළවර ය.”
Pali BJT8. 2.
Sinhala BJT8. 2.
Pali BJTදුතියනිබ්බානපසුත්තං
Sinhala BJTදෙවන නිර්‍වාණ සූත්‍රය
Pali BJT1. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන භගවා භික්ඛූ නිබ්බානපටිසංයුත්තාය ධම්මියා කථාය සන්දස්සෙති සමාදපෙති සමුත්තෙජෙති සම්පහංසෙති. තෙ ච භික්ඛූ අට්ඨි කත්වා මනසි කත්වා සබ්බං චෙතසො සමන්නාහරිත්වා ඔහිතසොතා ධම්මං සුණන්ති.
Sinhala BJT1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවරැ දෙව්රම් නම් වූ අනේපිඬුහු අරම්හි වැඩ වසන සේක. එ සමයෙහි වනාහි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූනට නිවන පිළිබඳ වූ ධර්‍මකථායෙන් නිවන් තතු දක්වන සේක. එය ගන්වන සේක. එහි උත්සාහවත් කරන සේක. සතුටු කරන සේක. ඒ මහණහු ද එයින් ප්‍රයෝජන ඇති ව ඒ දෙසුම සිත්හි කොට මුල පටන් ම මොනොවට සිතට ගෙන (නුවණින් සලකා ) නතු කළ කන් ඇත්තාහු බණ අසත්.
Pali BJT2. අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:
Sinhala BJT2. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ දැන එ වේලෙහි මේ උදන් ඇනූ සේක:
Pali BJT“දුද්දසං අන්තං{3} නාම න හි සච්චං සුදස්සනං, පටිවිද්ධා තණ්හා ජානතො පස්සතො නත්ථි කිඤ්චනං”ති.
Sinhala BJT“(ස්වභාවයෙන් ගැඹුරු බැවින් ඉතා සියුම් බැවින් නුවණ නො මුහුකළවුන් විසින්) දැක්ක නොහැකි, තෘෂ්ණා රහිත, ඒකාන්තයෙන් ඇත්තා වූ නිවන නම් සුවසේ දැක්ක හැකි නො වේ. ප්‍රහාණාභිසමය වශයෙන් තෘෂ්ණාව පිළිවිදුනා ලදී. අරීමඟනුවණින් දන්නාහට දක්නාහට තෘෂ්ණා පරිබෝධයෙක් නැත.”
Pali BJT8. 3.
Sinhala BJT8. 3.
Pali BJTතතියනිබ්බානසුත්තං
Sinhala BJTතෙවන නිර්‍වාණ සූත්‍රය
Pali BJT1. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන භගවා භික්ඛූ නිබ්බානපටිසංයුත්තාය ධම්මියා කථාය සන්දස්සෙති සමාදපෙති සමුත්තෙජෙති සම්පහංසෙති. තෙ ච භික්ඛූ අට්ඨිං කත්වා මනසි කත්වා සබ්බං චෙතසො සමන්නාහරිත්වා, ඔහිතසොතා ධම්මං සුණන්ති.
Sinhala BJT1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවරැ දෙව්රම් නම් වූ අනේපිඬුහු අරම්හි වැඩ වසන සේක. එ සමයෙහි වනාහි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූනට නිවන පිළිබඳ දැහැමි කතායෙන් (නිවන් තතු) දක්වන සේක, ගන්වන සේක, එහි උත්සාහවත් කරන සේක, සතුටු කරන සේක. ඒ භික්‍ෂූහු ද ඒ දේශනායෙන් ප්‍රයෝජන ඇති ව, එය සිත්හි කොට, එය මුල පටන් ම මොනොවට සිතට ගෙන (නුවණින් සලකා) නතු කළ කන් ඇත්තාහු බණ අසත්.
Pali BJT2. අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:
Sinhala BJT2. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ දැන එ වේලෙහි මේ උදන් ඇනූ සේක:
Pali BJT“අත්ථි භික්ඛවෙ, අජාතං අභූතං අකතං අසඞ්ඛතං. නො චෙ තං භික්ඛවෙ, අභවිස්සා අජාතං අභූතං අකතං අසඞ්ඛතං, නයිධ ජාතස්ස භූතස්ස කතස්ස සඞ්ඛතස්ස නිස්සරණං පඤ්ඤායෙථ. යස්මා ච ඛො භික්ඛවෙ, අත්ථි අජාතං අභූතං අකතං අසඞ්ඛතං, තස්මා ජාතස්ස භූතස්ස කතස්ස සඞ්ඛතස්ස නිස්සරණං පඤ්ඤායතී”ති.
Sinhala BJT“මහණෙනි, (වේදනාදීන් මෙන් හේතුප්‍රත්‍යය සමවායයෙන්) නො උපන්, (කාරණයෙන් තොර ව තෙමේ ම) පහළ නොවූ, කිසිවෙකින් නො කරන ලද, ප්‍රත්‍යයයෙන් අසංස්කෘත වූ නිර්‍වාණ ධර්‍මය (පරමාර්‍ත්‍ථ වශයෙන්) ඇත. මහණෙනි, මේ හේතුප්‍රත්‍යයයෙන් නො උපන්, නො පහළ වූ නො කරන ලද, අසංස්කෘත වූ නිර්‍වාණධාතුව (පරමාර්‍ත්‍ථවශයෙන්) අවිද්‍යමාන නම්, මෙහි හේතුප්‍රත්‍යයයෙන් උපන්, පහළ වූ, කරන ලද, සංස්කෘත වූ ස්කන්‍ධපංචකයාගේ නිඃශරණයෙක් (සංහිඳීමෙක්) නො පැනෙන්නේ ය. (නො ලැබියැ හැකි වන්නේ ය.) මහණෙනි, යම් හෙයෙකින් ම නො උපන්, නො පහළ වූ, නො කරන ලද, අසංස්කෘත ධාතුවෙක් පරමාර්‍ත්‍ථ වශයෙන් ඇත් ද, එහෙයින් උපන්, පහළ වූ, කරන ලද, සංස්කෘත වූ ස්කන්‍ධපංචකයාගේ නිඃශරණයෙක් (සංහිඳීමෙක්) පැනේ.”
Pali BJT8. 4.
Sinhala BJT8. 4.
Pali BJTචතුත්ථනිබ්බානසුත්තං
Sinhala BJTසිවුවන නිර්‍වාණ සූත්‍රය
Pali BJT1. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන භගවා භික්ඛූ නිබ්බානපටිසංයුත්තාය ධම්මියා කථාය සන්දස්සෙති සමාදපෙති සමුත්තෙජෙති සම්පහංසෙති. තෙ ච භික්ඛූ අට්ඨිං කත්වා මනසි කත්වා සබ්බං චෙතසො සමන්නාහරිත්වා ඔහිතසොතා ධම්මං සුණන්ති.
Sinhala BJT1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවරැ දෙව්රම් නම් වූ අනේපිඬුහු අරම්හි වැඩ වසන සේක. එ සමයෙහි වනාහි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූනට නිර්‍වාණප්‍රතිසංයුක්ත ධර්‍ම කථායෙන් (නිවන් තතු) දක්වන සේක, ගන්වන සේක, එහි උත්සාහවත් කරන සේක, සතුටු කරන සේක. ඒ භික්‍ෂූහු ද ඒ දේශනායෙන් ප්‍රයෝජන ඇති ව, එය සිත්හි කොට, එය මුල පටන් ම මොනොවට සිතට ගෙන (නුවණින් සලකා), නතු කළ කන් ඇත්තාහු බණ අසත්.
Pali BJT2. අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:
Sinhala BJT2. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ දැන එ වේලෙහි මේ උදන් ඇනූ සේක:
Pali BJT“නිස්සිතස්ස චලිතං. අනිස්සිතස්ස චලිතං නත්ථි. චලිතෙ අසති පස්සද්ධි. පස්සද්ධියා සති නති න හොති. නතියා අසති ආගති ගති න හොති. ආගති ගතියා අසති චුතූපපාතො න හොති. චුතූපපාතෙ අසති නෙවිධ න හුරං න උභයමන්තරෙ. එසෙවන්තො දුක්ඛස්සා”ති.
Sinhala BJT(තෘෂ්ණාදෘෂ්ටි දෙකින්) සංස්කාරයන් ඇසුරු කළාහට (සුවදුක් ආදිය උපන් කල්හි) සිත්සතන්හි කම්පනය වේ. (තෘෂ්ණාදෘෂ්ටි දෙකින්) සංස්කාරයන් ඇසුරු නොකළාහට (හෙවත් විවසුන් වඩන්නාහට තෘෂ්ණාදෘෂ්ටීන් අනිශ්‍රිත බැවින්) කම්පනයෙක් නැත. කම්පනය නැති කල්හි සිත්සතන්හි සංහිඳීම වේ. සංහිඳීම ඇති කල්හි විවසුන් වඩනුවාහට අර්‍හත්ත්‍ව මාර්‍ගක්‍ෂණයෙහි දී කාමාදි භවයන්හි නැමීම (හෙවත් තෘෂ්ණාව) නො වේ. භවයන්හි නැමීම නැති කල්හි පිළිසිඳ විසින් මේ භවයට ඊමෙක් මෙයින් අන් භවයකට යෑමෙක් නො වේ. භවයෙන් භවයට ඊමක් නැති කල්හි ච්‍යුති උප්පත්ති (මරණයට අනතුරු වැ ඉපැත්ම) නො වේ. ච්‍යුති උප්පත්ති නැති කල්හි මෙහි (කාමභවයේ) ද එහි (අරූපභවයේ) ද මෙ දෙක අතරේ (රූපභවයේ) ද පැවැත්ම නැත. මෙය ම දුකේ කෙළවර ය.”
Pali BJT8. 5.
Sinhala BJT8. 5.
Pali BJTචුන්දසුත්තං
Sinhala BJTචුන්‍ද සූත්‍රය
Pali BJT1. එවං මෙ සුතං: එකං සමයං භගවා මල්ලෙසු චාරිකං චරමානො මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං යෙන පාවා තදවසරි. තත්ර සුදං භගවා පාවායං විහරති චුන්දස්ස කම්මාරපුත්තස්ස අම්බවනෙ.
Sinhala BJT1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ මහත් භික්‍ෂුසඞ්ඝයා හා මල්ල රටැ සැරි සරා වඩනා සේක්, පාවා නුවරට පැමිණ වදාළ සේක. භාග්‍යවතුන් වහන්සේ එහි පාවා නුවරැ චුන්‍ද කාර්‍මාර පුත්‍රයාගේ අඹවනයෙහි වැඩ වසන සේක.
Pali BJT2. අස්සොසි ඛො චුන්දො කම්මාරපුත්තො: භගවා කිර මල්ලෙසු චාරිකං චරමානො මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං පාවං අනුප්පත්තො පාවායං විහරති මය්හං අම්බවනෙ’ති. අථ ඛො චුන්දො කම්මාරපුත්තො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො චුන්දං කම්මාරපුත්තං භගවා ධම්මියා කථාය සන්දස්සෙසි සමාදපෙසි සමුත්තෙජෙසි සම්පහංසෙසි.
Sinhala BJT2. “භාග්‍යවතුන් වහන්සේ මහත් භික්‍ෂු සමූහයක් හා මල්ල රටැ සැරි සරන සේක්, පාවා නුවරට වැඩි සේක්, පාවානුවර සමීපයේ වූ මාගේ අඹවෙනෙහි වැඩ වසන සේක් ලු”යි චුන්‍ද කාර්‍මාරපුත්‍ර ඇසී ය. ඉක්බිති චුන්‍ද කාර්‍මාරපුත්‍ර භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ ආදරයෙන් වැඳ එක් පසෙක හුන්නේ ය. එක් පසෙක හුන් චුන්‍දකාර්‍මාර පුත්‍රයාට භාග්‍යවතුන් වහන්සේ දැහැමි කතායෙන් කුසල් දහම් දැක් වූ සේක, එය මොනොවට ගැන්වූ සේක, එහි උත්සාහවත් කළ සේක, එහි තුටුපහටු කළ සේක.
Pali BJT3. අථ ඛො චුන්දො කම්මාරපුත්තො භගවතා ධම්මියා කථාය සන්දස්සිතො සමාදපිතො සමුත්තෙජිතො සම්පහංසිතො භගවන්තං එතදවොච: ‘අධිවාසෙතු මෙ භන්තෙ, භගවා ස්වාතනාය භත්තං සද්ධිං භික්ඛුසඞ්ඝෙනා’ති. අධිවාසෙසි භගවා තුණ්හීභාවෙන. අථ ඛො චුන්දො කම්මාරපුත්තො භගවතො අධිවාසනං විදිත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි.
Sinhala BJT3. එ කල්හි චුන්‍දකාර්‍මාරපුත්‍ර තෙම භාග්‍යවතුන් වහන්සේ විසින් දැහැමි කතායෙන් කුසල් දහම් දක්වන ලද්දේ, මොනොවට ගන්වන ලද්දේ, උත්සාහවත් කරන ලද්දේ, තුටුපහටු කරන ලද්දේ, භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂුසඞ්ඝයා හා සෙට මාගේ බත ඉවසන සේක් වා”යි කී ය. භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණීම්භාවයෙන් එය ඉවැසූ සේක. ඉක්බිති චුන්‍ද කාර්‍මාරපුත්‍ර තෙම භාග්‍යවතුන් වහන්සේගේ ඉවසීම දැන, හුනස්නෙන් නැගී සිට, භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ, පැදකුණු කොට, නික්මැ ගියේ ය.
Pali BJT4. අථ ඛො චුන්දො කම්මාරපුත්තො තස්සා රත්තියා අච්චයෙන සකෙ නිවෙසනෙ පණීතං ඛාදනීයං භොජනීයං පටියාදාපෙත්වා පහූතඤ්ච සූකරමද්දවං, භගවතො කාලං ආරොචාපෙසි: කාලො භන්තෙ, නිට්ඨිතං භත්තන්ති. අථ ඛො භගවා පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය සද්ධිං භික්ඛුසඞ්ඝෙන යෙන චුන්දස්ස කම්මාරපුත්තස්ස නිවෙසනං තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. නිසජ්ජ ඛො භගවා චුන්දං කම්මාරපුත්තං ආමන්තෙසි: යං තෙ චුන්ද, සූකරමද්දවං පටියත්තං, තෙන මං පරිවිස. යං පනඤ්ඤං ඛාදනීයං භොජනීයං පටියත්තං, තෙන භික්ඛුසඞ්ඝං පරිවිසාති.
Sinhala BJT4. ඉක්බිත්තෙන් චුන්‍දකාර්‍මාරපුත්‍ර තෙම එ රැය ඇවෑමෙන් සිය ගෙහි ප්‍රණීත ඛාද්‍ය භෝජ්‍ය ද බොහෝ සූකරමාර්‍දව ද පිළියෙල කරවා “වහන්ස, කාලය පැමිණියේ ය. බත පිළියෙල කොට නිමියේ යැ”යි කල් දන්වා යැවී ය. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරු සමයෙහි හැඳ පෙරෙවැ පා සිවුරු ගෙන, බික්සඟන හා චුන්‍දකාර්‍මාර පුත්‍රයාගේ ගෙය කරා එළැඹි සේක. එළැඹ පනවන ලද අස්නෙහි වැඩ හුන් සේක. වැඩ හිඳ ම භාග්‍යවතුන් වහන්සේ චුන්‍ද කාර්‍මාරපුත්‍රයා බණවා, “චුන්‍දයෙනි, යම් සූකරමාර්‍දවයෙක්{1} තොප විසින් පිළියෙල කරන ලද ද, එයින් මා වළඳවව. යම් අන් ඛාද්‍ය භොජ්‍යයෙක් පිළියෙල කරන ලද ද එයින් බික්සඟන වළඳවව”යි වදාළ සේක.
Pali BJT5. ‘එවං භන්තෙ’ති ඛො චුන්දො කම්මාරපුත්තො භගවතො පටිස්සුත්වා යං අහොසි සූකරමද්දවං පටියත්තං, තෙන භගවන්තං පරිවිසි. ‘යං පනඤ්ඤං ඛාදනීයං භොජනීයං පටියත්තං, තෙන භික්ඛුසඞ්ඝං පරිවිසි.
Sinhala BJT5. ‘එසේය, වහන්සැ’යි කියා චුන්‍ද කාර්‍මාරපුත්‍ර භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී පිළියෙල කරන ලද යම් සූකරමාර්‍දවයෙක් වී නම් එයින් භාග්‍යවතුන් වහන්සේ වැළැඳැවීය. යම් අන් ඛාද්‍යභෝජ්‍යයෙක් පිළියෙල කරන ලද නම් එයින් බික්සඟන වැළැඳැවීය.
Pali BJT6. අථ ඛො භගවා චුන්දං කම්මාරපුත්තං ආමන්තෙසි: යං තෙ චුන්ද, සූකරමද්දවං අවසිට්ඨං, තං සොබ්භෙ නිඛණාහි. නාහං තං චුන්ද, පස්සාමි සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්රහ්මකෙ සස්සමණබ්රාහ්මණියා පජාය සදෙවමනුස්සාය, යස්ස තං පරිභුත්තං සම්මා පරිණාමං ගච්ඡෙය්ය අඤ්ඤත්ර තථාගතෙනා’ති ‘එවං භන්තෙ’ති ඛො චුන්දො කම්මාරපුත්තො භගවතො පටිස්සුත්වා යං අහොසි සූකරමද්දවං අවසිට්ඨං, තං සොබ්භෙ නිඛණිත්වා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො චුන්දං කම්මාරපුත්තං භගවා ධම්මියා කථාය සන්දස්සෙත්වා සමාදපෙත්වා සමුත්තෙජෙත්වා සම්පහංසෙත්වා උට්ඨායාසනා පක්කාමි.
Sinhala BJT6. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ චුන්‍දකාර්‍මාර පුත්‍ර බණවා “චුන්‍දයෙනි, යම් සූකරමාර්‍දවයෙක් ඉතිරි ව ඇද්ද, එය වළැ ලවු. චුන්‍දයෙනි, දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලොවෙහි, මහණබමුණන් සහිත දෙව් මිනිසුන් සහිත සත්ත්‍වප්‍රජායෙහි, යමකු විසින් එය වළඳන ලද්දේ මොනොවට දිරීමට යන්නේ නම්, එ වැන්නතු තථාගතයන් හැර මම් නො දකිමි”{1}යි වදාළ සේක. ‘එසේය, වහන්සැ’යි කියා චුන්‍ද කාර්‍මාරපුත්‍ර තෙම භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී, යම් ඉතිරි සූකරමාර්‍දවයෙක් වී එය වළැ ලා භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ ය. එළැඹ වැඳ එක් පසෙක හුන්නේ ය. එක් පසෙක හුන්නාවූ චුන්‍ද කාර්‍මාර පුත්‍රයාට භාග්‍යවතුන් වහන්සේ දැහැමි කතායෙන් කටයුතු නොකටයුතු දක්වා, කටයුතු දැය මොනොවට සිතට ගන්වා, එහි උත්සාහවත් කොට, සතුටු කොට හුනස්නෙන් නැඟි වැඩිසේක.
Pali BJT7. අථ ඛො භගවතො චුන්දස්ස කම්මාරපුත්තස්ස භත්තං භුත්තාවිස්ස ඛරො ආබාධො උප්පජ්ජි ලොහිතපක්ඛන්දිකා. බාළ්හා වෙදනා වත්තන්ති මාරණන්තිකා. තත්ර සුදං භගවා සතො සම්පජානො අධිවාසෙසි අවිහඤ්ඤමානො.
Sinhala BJT7. ඉක්බිත්තෙන් චුන්‍ද කාර්‍මාරපුත්‍රයාගේ බත වැළැඳූ භාග්‍යවතුන් වහන්සේට, (එයින් තුන් මසකට පෙර බේළුව ගමෙහි දී උපන් ආබාධය මේ තාක් ම දින පතා සමවත් සමවදිමින් මැඩ පවත්වා යට පත් කරන ලද නුමුත් සිය සිරුරෙන් ම සත්ත්‍වයනට සංවේගය උපදවන අදහසින් චුන්‍දයාගේ දානයෙන් පසු එය මතු වන්නට ඉඩ දී සමවත් නො සමවන් බැවින්) ක්‍රෑර වූ ලෝහිතපක්ඛන්‍දිකා ආබාධය උපන. මරණය ළං කරන තරම් වූ දැඩි දුක් වේදනාවෝ ඇත. එහි දී භාග්‍යවතුන් වහන්සේ එළැඹ සිටි සිහි ඇති සේක්, නුවණින් පිරිසිඳ දන්නාහු, එයින් නො පෙළෙන්නාහු, එය ඉවැසූ සේක.
Pali BJT8. “අථ ඛො භගවා ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි: ආයාමානන්ද, යෙන කුසිනාරා තෙනුපසඞ්කමිස්සාමා’ති. ‘එවං භන්තෙ’ති ඛො ආයස්මා ආනන්දො භගවතො පච්චස්සොසි.
Sinhala BJT8. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ අනඳ තෙරුන් බණවා, ‘අනඳ යෙනි, එව, යමු. කුසිනාරාව කරා එළැඹෙන්නෙමු’යි වදාළ සේක. ‘එසේ ය, වහන්සැ’යි කියා ම ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ.
Pali BJT“චුන්දස්ස භත්තං භුඤ්ජිත්වා කම්මාරස්සාති මෙ සුතං, ආබාධං සම්ඵුසී ධීරො පබාළ්හං මාරණන්තිකං.
Sinhala BJT“චුන්‍ද කාර්‍මාරයාගේ බත වළඳා ඉක්බිති ධීර වූ භාග්‍යවතුන් වහන්සේ ඉතා දැඩි වූ මරණය ළං කරන තරම් වූ ආබාධයක් ස්පර්‍ශ කළ සේක.
Pali BJTභුත්තස්ස ච සූකරමද්දවෙන බ්යාධිප්පබාළ්හො උදපාදි සත්ථුනො, විරිච්චමානො භගවා අවොච: ගච්ඡාමහං කුසිනාරං නගරන්ති.”{1}
Sinhala BJTසූකරමාර්‍දවය හා (බොජුන්) වැළැඳූ ශාස්තෲන් වහන්සේට ඉතා දැඩි ව්‍යාධියෙක් උපන. භාග්‍යවතුන් වහන්සේ එක්වන් පැවැති ලෝහිතවිරේචනය ඇති සේක්, ‘මම් කුසිනාරා නුවරට යමි’යි වදාළ සේක.”{*}
Pali BJT9. අථ ඛො භගවා මග්ගා ඔක්කම්ම යෙන අඤ්ඤතරං රුක්ඛමූලං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි: “ඉඞ්ඝ මෙ ත්වං ආනන්ද, චතුග්ගුණං සඞ්ඝාටිං පඤ්ඤාපෙහි. කිලන්තො’ස්මි ආනන්ද, නිසීදිස්සාමී”ති. එවං භන්තෙ’ති ඛො ආයස්මා ආනන්දො භගවතො පටිස්සුත්වා චතුග්ගුණං සඞ්ඝාටිං පඤ්ඤාපෙසි. නිසීදි භගවා පඤ්ඤත්තෙ ආසනෙ. නිසජ්ජ ඛො භගවා ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි: “ඉඞ්ඝ මෙ ත්වං ආනන්ද, පානීයං ආහර, පිපාසිතො’ස්මි ආනන්ද, පිවිස්සාමී’ති. එවං වුත්තෙ ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච: ඉදානි භන්තෙ, පඤ්චමත්තානි සකටසතානි අතික්කන්තානි. තං චක්කච්ඡින්නං උදකං පරිත්තං ලුළිතං ආවිලං සන්දති. අයං භන්තෙ කුකුත්ථා නදී අවිදූරෙ අච්ඡොදකා සාතොදකා සීතොදකා සෙතොදකා සුපතිත්ථා රමණීයා. එත්ථ භගවා පානීයඤ්ච පිවිස්සති ගත්තානි ච සීතී කරිස්සතීති. දුතියම්පි ඛො භගවා ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි: ‘ඉඞ්ඝ මෙ ත්වං ආනන්ද, පානීයං ආහර. පිපාසිතො’ස්මි ආනන්ද, පිවිස්සාමී’ති. දුතියම්පි ඛො -පෙ- සිතීං කරිස්සතී’ති. තතියම්පි ඛො භගවා ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි: ‘ඉඞ්ඝ මෙ ත්වං ආනන්ද, පානීයං ආහර, පිපාසිතො’ස්මි ආනන්ද, පිවිස්සාමී’ති. එවං භන්තෙ’ති ඛො ආයස්මා ආනන්දො භගවතො පටිස්සුත්වා පත්තං ගහෙත්වා යෙන සා නදී තෙනුපසඞ්කමි.
Sinhala BJT9. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ මඟින් පහ වැ එක්තරා රුක්මුලක් කරා වැඩි සේක. වැඩ අනඳ තෙරුන් අමතා, ‘අනඳයෙනි, තෙපි දැන් සඟල සිවුර සතරපටක් කොට පණවවු. ක්ලාන්තයෙමි. හිඳ ගන්නෙමි’යි වදාළ සේක. ‘එසේ යැ වහන්සැ’යි කියා අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී සඟල සිවුර සතර පටක් කොට පැනැවූහ. භාග්‍යවතුන් වහන්සේ පනවන ලද එ අස්නෙහි වැඩ හුන් සේක. වැඩහිඳ ම අනඳ තෙරුන් අමතා ‘අනඳයෙනි, තෙපි මට පැන් ගෙනෙව. අනඳයෙනි, පවස් ඇත්තෙමි. පැන් බොන්නෙමි’යි වදාළ සේක. මෙසේ වදාළ කල්හි අනඳ තෙරණුවෝ “වහන්ස. දැන් පන්සියක් පමණ ගැල් ඉක්ම ගියේ ය. ඒ ගැල්සකින් සුන් ස්වල්ප වු ජලය බොර වූයේ කැළඹුණේ ගලා යෙයි. වහන්ස, පහන් දිය ඇති, මිහිරි දිය ඇති, සිසිල් දිය ඇති, බොර නො වූ දිය ඇති, මනා කොට ඇති මේ කුකුත්‍ථා නදිය නොදුරෙහි ගලා යෙයි. භාග්‍යවතුන් වහන්සේ එහි දී පැන් බොන සේක. ගාත්‍ර ද සිසිල් කැරැ ගන්නා සේකැ”යි කීහ. දෙවෙනි වරද භාග්‍යවතුන් වහන්සේ අනඳ තෙරුන් අමතා ‘අනඳයෙනි, දැන් තෙපි මට පැන් ගෙනෙව. අනඳයෙනි, පවස් ඇත්තෙමි. පැන් බොන්නෙමි’යි වදාළ සේක. දෙවෙනුව ද අනඳ තෙරණුවෝ, ‘.... සිසිල් කැරැ ගන්නා සේක් ව’යි කීහ. තෙවෙනි වර ද භාග්‍යවතුන් වහන්සේ අනඳ තෙරුන් අමතා, ‘අනඳයෙනි, තෙපි මට පැන් ගෙනෙව. පවස් ඇත්තෙමි. පැන් බොන්නෙමි’යි වදාළ සේක. ‘එසේය, වහන්සැ’යි කියා අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී පාත්‍රය ගෙන ඒ නදිය කරා එළැමුණහ.
Pali BJT10. අථ ඛො සා නදී චක්කච්ඡින්නා පරිත්තා ලුළිතා ආවිලා සන්දමානා ආයස්මන්තෙ ආනන්දෙ උපසඞ්කමන්තෙ අච්ඡා විප්පසන්නා අනාවිලා සන්දති. අථ ඛො ආයස්මතො ආනන්දස්ස එතදහොසි: අච්ඡරියං වත භො, අබ්භුතං වත භො, තථාගතස්ස මහිද්ධිකතා මහානුභාවතා. අයඤ්හි සා නදී චක්කච්ඡින්නා පරිත්තා ලුළිතා ආවිලා සන්දමානා මයි උපසඞ්කමන්තෙ අච්ඡා විප්පසන්නා අනාවිලා සන්දතීති. පත්තෙන පානීයං ආදාය යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං එතදවොච: අච්ඡරියං භන්තෙ, අබ්භුතං, භන්තෙ, තථාගතස්ස මහිද්ධිකතා මහානුභාවතා. අයඤ්හි සා භන්තෙ නදී චක්කච්ඡින්නා පරිත්තා ලුළිතා ආවිලා සන්දමානා. මයි උපසඞ්කමන්තෙ අච්ඡා විප්පසන්නා අනාවිලා සන්දති. පිවතු භගවා පානීයං. පිවතු සුගතො පානීයන්ති. අථ ඛො භගවා පානීයං අපාසි.
Sinhala BJT10. එකල්හි ඒ නදිය ගැල්සකින් මැඩුණී, මඳ දිය ඇත්තී බොර වූවා කලැඹුණී ගලා යන්නී, අනඳ තෙරුන් එළැඹෙන කල්හි පැහැදුණු පැහැදුණු දිය ඇති ව වෙසෙසින් පහන්ව, නොකැළඹුණී ගලයි. එ කල්හි අනඳ තෙරුනට “භවත්නි, තථාගතයන් වහන්සේගේ මහත් ඍද්ධි ඇති බව, මහානුභාව ඇති බව ඒකාන්තයෙන් ආශ්චර්‍ය්‍ය ය, ඒකාන්තයෙන් අද්භූත ය. ගැල්සකින් බිඳුණු මඳ දිය ඇති, කැළැඹුණු, බොර ව ගලන මේ නදිය වු කලි මා එන කල්හි පහන් වැ වෙසෙසින් පෑදුණු දිය ඇති ව, නො කැළැඹී ගලා යැ’යි මේ සිත විය. ඉක්බිති පාත්‍රයෙන් පැන් ගෙන, භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ, “වහන්ස, තථාගතයන්ගේ මහත් ඍද්ධි ඇති බව, මහානුභාව ඇති බව ආශ්චර්‍ය්‍ය ය, අද්භූත ය. වහන්ස, මේ නදිය වනාහි ගැල්සකින් බිඳුණී මඳ දිය ඇත්තී, බොර වූවා, කැළැඹුණී ගැලූය. එය මා එළැඹෙන කල්හි පිරිසිදුව පහන් දිය ඇති ව, කැලැඹුම් නැති ව ගලා යයි. භාග්‍යවතුන් වහන්සේ පැන් වළඳන සේක් වා. සුගතයන් වහන්සේ පැන් වළඳන සේක් වා”යි කීහ. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ පැන් වැළඳූ සේක:
Pali BJT11. අථ ඛො භගවා මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං යෙන කුකුත්ථා නදී තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා කුකුත්ථං නදිං අජ්ඣොගාහෙත්වා නහාත්වා ච පිවිත්වා ච{1} පච්චුත්තරිත්වා යෙන අම්බවනං තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා ආයස්මන්තං චුන්දකං ආමන්තෙසි: ‘ඉඞ්ඝ මෙ ත්වං චුන්දක, චතුග්ගුණං සඞ්ඝාටිං පඤ්ඤාපෙහි, කිලන්තො’ස්මි චුන්දක, නිපජ්ජිස්සාමී’ති. ‘එවං භන්තෙ’ති ඛො ආයස්මා චුන්දකො භගවතො පටිස්සුත්වා චතුග්ගුණං සඞ්ඝාටිං පඤ්ඤාපෙසි. අථ ඛො භගවා දක්ඛිණෙන පස්සෙන සීහසෙය්යං කප්පෙසි පාදෙ පාදං අච්චාධාය සතො සම්පජානො උට්ඨානසඤ්ඤං මනසි කරිත්වා ආයස්මා පන චුන්දකො තත්ථෙව භගවතො පුරතො නිසීදි.
Sinhala BJT11. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ මහත් බික්සඟන කැටුවැ කුකුත්‍ථා නදිය කරා එළැඹුණු සේක. එළැඹ කුකුත්‍ථා නදියට බැස නා ද පැන් වළඳා ද නැවැත ගොඩ නැඟ අඹවනය කරා එළැඹි සේක. එළැඹ චුන්‍දකතෙරුන් බණවා, ‘චුන්‍දකයෙනි, දැන් මට සඟල සිවුර සතර පටක් කොට පණවව. චුන්‍දකයෙනි, ක්ලාන්තයෙමි. වැද හෙන්නෙමි’යි වදාළ සේක. ‘එසේය, වහන්සැ’යි කියා චුන්‍දක තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී, සඟළ සිවුර සතරපටක් කොට පැණැවූහ. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ දකුණු පයෙහි වම්පය මඳක් හයා තබා සතියෙන් සම්පජඤ්ඤයෙන් යුක්ත වැ නැගිටීමෙහි සංඥාව සිත්හි කොට දකුණැළයෙන් සිංහශය්‍යාව කළ සේක. චුන්‍දක තෙරණුවෝ වනාහි එහි ම භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි වැඩ හුන්හ.
Pali BJT“ගන්ත්වාන බුද්ධො නදිකං කුකුත්ථං අච්ඡොදකං සාතොදකං විප්පසන්නං. ඔගාහි සත්ථා සුකිලන්තරූපො තථාගතො අප්පටිමො’ධ ලොකෙ.
Sinhala BJT“මෙ ලොවැ අප්‍රතිසම ශාස්තෘ වූ තථාගත බුදුරජහු ඉතා ක්ලාන්ත ස්වභාව ඇත්තාහු පිරිසිදු මිහිරි දිය ඇති වෙසෙසින් පහන් වූ කුකුත්‍ථා නදියට බටහ.
Pali BJTනහාත්වා ච පීත්වා{1} චුදතාරි සත්ථා පුරක්ඛතො භික්ඛුගණස්ස මජ්ඣෙ, සත්ථා පවත්තා භගවා‘ධ ධම්මෙ උපාගමි අම්බවනං මහෙසි.
Sinhala BJTශාස්තෘහු ස්නානය ද කොට පැන් ද වළඳා ගොඩ නැංගහ. මෙ ශාසනධර්‍මයේ ප්‍රවක්තෘ වූ ශාස්තෘ වූ මහර්ෂී වූ භාග්‍යවත්හු භික්‍ෂුගණයා මැද පුරොගාමී වූවාහි අඹවනයට එළැඹියහ.
Pali BJTආමන්තයි චුන්දකං නාම භික්ඛුං චතුග්ගුණං පත්ථර මෙ නිපජ්ජං,{2} සො චොදිතො භාවිතත්තෙන චුන්දො චතුග්ගුණං පන්ථරි ඛිප්පමෙව.
Sinhala BJTචුන්‍දක නම් භික්‍ෂුහු අමතා ‘මා සඟළසිවුර සැතැපෙන්නට සුදුසු කොට සතර පටක් කොට එළව’යි වදාළහ. භාවිතාත්ම වූ බුදුරජුන් විසින් මෙහෙයන ලද චුන්‍දක මහණ තෙම මහා ම එය සතර පටක් කොට පැනැවී ය.
Pali BJTනිපජ්ජි සත්ථා සුකිලන්තරූපො චුන්දොපි තත්ථ පමුඛෙ නිසීදී”ති.{3}
Sinhala BJTශාස්තෘහු ඉතා ක්ලාන්ත ස්වභාව ඇත්තාහු එහි වැද හොත්හ. චුන්‍දක තෙරත් ඉදිරියෙහි හුන්නේ ය.”{*}
Pali BJT12. අථ ඛො භගවා ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි: “සියා ඛො පනානන්ද, චුන්දස්ස කම්මාරපුත්තස්ස කොචි විප්පටිසාරං උපදහෙය්ය: {4}තස්ස තෙ ආවුසො චුන්ද, අලාභා, තස්ස තෙ ආවුසො චුන්ද, දුල්ලද්ධං, යස්ස තෙ තථාගතො පච්ඡිමං පිණ්ඩපාතං භුඤ්ජිත්වා පරිනිබ්බුතො’ති. චුන්දස්ස ආනන්ද, කම්මාරපුත්තස්ස එවං විප්පටිසාරො පටිවිනොදෙතබ්බො: තස්ස තෙ ආවුසො චුන්ද, ලාභා, තස්ස තෙ ආවුසො චුන්ද සුලද්ධං, යස්ස තෙ තථාගතො පච්ඡිමං පිණ්ඩපාතං භුඤ්ජිත්වා පරිනිබ්බුතො. සම්මුඛා මෙතං ආවුසො චුන්ද භගවතො සුතං, සම්මුඛා පටිග්ගහිතං. ද්වෙ’මෙ පිණ්ඩපාතා සමසමඵලා සමසමවිපාකා, අතිවිය අඤ්ඤෙහි පිණ්ඩපාතෙහි මහප්ඵලතරා ච මහානිසංසතරා ච. කතමෙ ද්වෙ? යඤ්ච පිණ්ඩපාතං භුඤ්ජිත්වා තථාගතො අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුජ්ඣති, යඤ්ච පිණ්ඩපාතං භුඤ්ජිත්වා තථාගතො අනුපාදිසෙසාය නිබ්බානධාතුයා පරිනිබ්බායති,{5} ඉමෙ ද්වෙ පිණ්ඩපාතා සමසමඵලා සමසමවිපාකා අතිවිය අඤ්ඤෙහි පිණ්ඩපාතෙහි මහප්ඵලතරා ච මහානිසංසතරා ච. ආයුසංවත්තනිකං ආයස්මතා චුන්දෙන කම්මාරපුත්තෙන කම්මං උපචිතං, වණ්ණසංවත්තනිකං ආයස්මතා චුන්දෙන කම්මාරපුත්තෙන කම්මං උපචිතං, සුඛසංවත්තනිකං ආයස්මතා චුන්දෙන කම්මාරපුත්තෙන කම්මං උපචිතං, යසසංවත්තනිකං ආයස්මතා චුන්දෙන කම්මාරපුත්තෙන කම්මං උපචිතං, සග්ගසංවත්තනිකං ආයස්මතා චුන්දෙන කම්මාරපුත්තෙන කම්මං උපචිතං, ආධිපතෙය්යසංවත්තනිකං ආයස්මතා චුන්දෙන කම්මාරපුත්තෙන කම්මං උපචිතන්ති. චුන්දස්ස ආනන්ද, කම්මාරපුත්තස්ස එවං විප්පටිසාරො පටිවිනොදෙතබ්බො”ති.
Sinhala BJT12. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ අනඳ තෙරුන් අමතා මෙසේ වදාළ සේක: “අනඳයෙනි, චුන්‍ද කාර්‍මාරපුත්‍රයාහට ‘ඇවැත් චුන්‍දය, තථාගත තෙම යමක්හුගේ අන්තිම පිණ්ඩපාතය වළඳා පිරිනිවියේ ද, ඒ තට අලාභ ය. ඒ තා විසින් මිනිසත් බව නොයහපත් කොට ලබන ලද්දෙකැ’යි කිසිවෙක් විපිළිසරක් උපදවන්නේ ය යන්න වියැ හැක්ක. අනඳයෙනි, චුන්‍ද කාර්‍මාර පුත්‍රයාගේ විපිළිසර මෙසේ දුරු කටයුතු ය: ‘යම් බඳු තාගේ පශ්චිම පිණ්ඩපාතය වළඳා තථාගත තෙම පිරිනිවියේ ද ඒ තට ලාභ ය, ඒ තා විසින් මිනිසත් බව මොනොවට ලබන ලද්දේ ය. අන් පිණ්ඩපාතයනට වඩා මහත්පල ඇති, වඩා මහත් අනුසස් ඇති, හැම අයුරින් සම පල ඇති, සම විපාක ඇති මේ පිණඩපාතයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක් ද යත්: යම් පිණ්ඩපාතයක් වළඳා තථාගත තෙම නිරුත්තර සම්‍යක්සම්බෝධියට පැමිණේ ද, යම් පිණ්ඩපාතයක් වළඳා තථාගත තෙම නිරුපාදිශේෂ නිර්‍වාණධාතුයෙන් පිරිනිවේ ද, මේ පිණ්ඩපාත දෙක අන් පිණ්ඩපාතයනට වඩා මහත්පල ඇත්තාහුත් වඩා මහත් විපාක ඇත්තාහුත් වෙත්. ආයුෂ්මත් චුන්‍ද කාර්‍මාරපුත්‍රයා විසින් දීර්‍ඝායුෂ පිණිස පවත්නා කර්‍මයෙක් රැස් කරන ලද්දේ ය. ආයුෂ්මත් චුන්‍දකාර්‍මාරපුත්‍රයා විසින් වර්‍ණය පිණිස පවත්නා කර්‍මයෙක් රැස් කරන ලද්දේ ය. ආයුෂ්මත් චුන්‍ද කාර්‍මාරපුත්‍රයා විසින් වර්‍ණය පිණිස පවත්නා කර්‍මයෙක් රැස් කරන ලද්දේ ය. ආයුෂ්මත් චුන්‍දකාර්‍මාරපුත්‍රයා විසින් සුවය පිණිස පවත්නා කර්‍මයෙක් රැස් කරන ලද්දේ ය. ආයුෂ්මත් චුන්‍දකාර්‍මාරපුත්‍රයා විසින් ස්වර්‍ගය පිණිස පවත්නා කර්‍මයෙක් රැස් කරන ලද්දේ ය. ආයුෂ්මත් චුන්‍දකාර්‍මාරපුත්‍රයා විසින් අධිපති බව පිණිස පවත්නා කර්‍මයෙක් රැස් කරන ලද්දේ යැ’යි. ඇවැත් චුන්‍දය, භාග්‍යවතුන් වහන්සේගේ හමුයෙහි ම මා විසින් මෙය අසන ලදී. භාග්‍යවතුන් වහන්සේ හමුයෙහි ම මෙය මා විසින් පිළිගන්නා ලදැ’යි කියා මෙසේ චුන්‍දකාර්‍මාරපුත්‍රයාගේ විපිළිසර දුරු කට යුතු”යනු යි.
Pali BJT13. අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:
Sinhala BJT13. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ දැන එ වේලෙහි මේ උදන් ඇනූ සේක:
Pali BJT“දදතො පුඤ්ඤං පවඩ්ඪති සංයමතො වෙරං න චීයති, කුසලො ච ජහාති පාපකං රාගදොසමොහක්ඛයා ස නිබ්බුතො”ති.{1}
Sinhala BJT“දෙන්නහුට පින් වැඩේ. සිල්රක්නහුට වෙර නො පවතී. නුවණැත්තේ පව් දුරැ ලයි. හේ මෙසේ (පව් දුරැ ලා, රා දොස් මෝ මුල් උදුරාලීමෙන් කෙලෙස් පිරිනිවනින් එයට පසු කඳපිරිනිවනින් ද) පිරිනිවියෙක් වේ.”
Pali BJT8. 6.
Sinhala BJT8. 6.
Pali BJTපාටලිගාමිය සුත්තං
Sinhala BJTපාටලිගාමිය සූත්‍රය
Pali BJT1. එවං මෙ සුතං: එකං සමයං භගවා මගධෙසු චාරිකං චරමානො මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං, යෙන පාටලිගාමො තදවසරි. අස්සොසුං ඛො පාටලිගාමියා උපාසකා: ‘භගවා කිර මගධෙසු චාරිකං චරමානො මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං පාටලිගාමං අනුප්පත්තො’ති. අථ ඛො පාටලිගාමියා උපාසකා යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො පාටලිගාමියා උපාසකා භගවන්තං එතදවොචුං: අධිවාසෙතු නො භන්තෙ භගවා ආවසථාගාරන්ති. අධිවාසෙසි භගවා තුණ්හීභාවෙන.
Sinhala BJT1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ මහත් භික්‍ෂුසඞ්ඝයා හා මගධ රටැ සැරි සරන සේක්, පාටලිග්‍රාමයට වැඩි සේක. “භාග්‍යවතුන් වහන්සේ මහත් භික්‍ෂුසඞ්ඝයා හා මගධ රටැ සැරි සරන සේක්, පාටලියගාමියට වැඩි සේක් වනැ’යි පාටලිගම් වැසි උපාසකයෝ ඇසූහ. ඉක්බිති පාටලිගම් වැසි උපාසකයෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එක් පසෙක හිඳ ගත්හ. එක් පසෙක හිඳගත් පාටලිගම් වැසි උපාසකයෝ “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ අපගේ ආවාස ගෙය ඉවසන සේක්වා’යි කීහ: භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණීම්භාවයෙන් එය ඉවැසූ සේක.
Pali BJT2. අථ ඛො පාටලිගාමියා උපාසකා භගවතො අධිවාසනං විදිත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා යෙන ආවසථාගාරං තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා සබ්බසන්ථරිං ආවසථාගාරං සන්ථරිත්වා, ආසනානි පඤ්ඤාපෙත්වා, උදකමණිකං පතිට්ඨාපෙත්වා, තෙලප්පදීපං ආරොපෙත්වා, යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨංසු. එකමන්තං ඨිතා ඛො පාටලිගාමියා උපාසකා භගවන්තං එතදවොචුං: “සබ්බසන්ථරිසන්ථතං භන්තෙ ආවසථාගාරං. ආසනානි පඤ්ඤත්තානි. උදකමණිකො පතිට්ඨාපිතො තෙලප්පදීපො ආරොපිතො. යස්සදානි භන්තෙ භගවා කාලං මඤ්ඤතීති.
Sinhala BJT2. ඉක්බිති පාටලිගම් වැසි උපාසකයෝ භාග්‍යවතුන් වහන්සේගේ ඉවසීම දැන, හුනස්නෙන් නැගී භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදැකුණු කොට ආවාස ගෙය කරා එළැඹියහ. එළැඹ ආවාස ගෙය මුළුල්ල ම ඇතිරි අතුට, අසුන් පනවා, මහ දියසැළක් තබා, තෙල්පහන් නංවා, භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹුණහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක් පසෙක සිටියහ. එක් පසෙක සිටි පාටලිගම් වැසි උපාසකයෝ “වහන්ස, ආවාස ගෙය මුළුල්ල ම ඇතිරියෙන් ඇතිරිණි. අසුන් පැනැවිණ. දියසැළක් තැබිණ. වහන්ස, යම් ගමනකට භාග්‍යවතුන් වහන්සේ කල්දන්නා සේක් නම්, දැන් එයට කල් යැ යි සලකන සේක් වා”යී සැළ කළහ.
Pali BJT3. අථ ඛො භගවා නිවාසෙත්වා{2} පත්තචීවරමාදාය සද්ධිං භික්ඛුසඞ්ඝෙන යෙන ආවසථාගාරං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පාදෙ පක්ඛාලෙත්වා ආවසථාගාරං පවිසිත්වා මජ්ඣිමං ථම්භං නිස්සාය පුරත්ථාභිමුඛො නිසීදි. භික්ඛුසඞ්ඝො’පි ඛො පාදෙ පක්ඛාලෙත්වා ආවසථාගාරං පවිසිත්වා පච්ඡිමං{3} භිත්තිං නිස්සාය පුරත්ථාභිමුඛො නිසීදි භගවන්තං යෙව පුරෙක්ඛත්වා. පාටලිගාමියාපි ඛො උපාසකා පාදෙ පක්ඛාලෙත්වා ආවසථාගාරං පවිසිත්වා පුරත්ථිමං භිත්තිං නිස්සාය පච්ඡිමාභිමුඛා නිසීදිංසු භගවන්තං යෙව පුරෙක්ඛත්වා.{4}
Sinhala BJT3. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ හැඳ පෙරෙව පාසිවුරු ගෙන බික්සඟන හා ආවාස ගෙය කරා වැඩි සේක. වැඩ පා දෙවැ ආවාස ගෙට පිවිසැ, මැදුම් ටැඹට පිටදී පෙරදිගට මුහුණ ලා වැඩ හුන් සේක. බික්සඟහු ද පා දෙවැ ආවාස ගෙට වැද පැසිම් දිගැ බිත්තියට පිටු දී පැසිම් පෙරදිගට මුහුණ ලා, භාග්‍යවතුන් වහන්සේ ම පෙරටු කොටැ හුන්හ. පාටලිගම් වැසි උපාසකයෝ ද පා දෙවැ ආවාස ගෙට වැද, පෙර දිගැ බිත්තියට පිටු දී පැසිම් දිගට මුහුණ ලා භාග්‍යවතුන් වහන්සේ ම පෙරටු කොට හිඳ ගත්හ.
Pali BJT4. අථ ඛො භගවා පාටලිගාමියෙ උපාසකෙ ආමන්තෙසි: පඤ්චිමෙ ගහපතයො ආදීනවා දුස්සීලස්ස සීලවිපත්තියා. කතමෙ පඤ්ච?
Sinhala BJT4. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පාටලිගම් වැසි උපාසකයන් ඇමතූ සේක: “ගැහැවියනි, දුසිල්හුගේ සිල්විපත්ති මේ දොස් පසෙකි. කවර පසෙක් ද? යත්:
Pali BJTඉධ ගහපතයො, දුස්සීලො සීලවිපන්නො පමාදාධිකරණං මහතිං භොගජානිං නිගච්ඡති. අයං පඨමො ආදීනවො දුස්සීලස්ස සීලවිපත්තියා.
Sinhala BJTගැහැවියනි, මෙහි දුසිල් තෙම බුන් සංවර ඇතියේ පමා හෙයින් මහත් භෝගපරිහාණියට පැමිණේ. මේ දුසිල්හුගේ සිල්විපත්හි පළමු වන දොස ය.
Pali BJTපුන චපර, ගහපතයො, දුස්සීලස්ස සීලවිපන්නස්ස පාපකො කිත්තිසද්දො අබ්භුග්ගච්ඡති. අයං දුතියො ආදීනවො දුස්සීලස්ස සීලවිපත්තියා.
Sinhala BJTතව ද ගැහැවියනි, බුන් සංවර ඇති දුසිල්හුගේ ලාමක වූ අපකීර්තිශබ්දයෙක් පැන නඟී. මේ දුසිල්හුගේ සිල්විපත්හි දෙවන වන දොස ය.
Pali BJTපුන චපරං ගහපතයො, දුස්සීලො සීලවිපන්නො යඤ්ඤදෙව පරිසං උපසඞ්කමති යදි ඛත්තියපරිසං යදි බ්රාහ්මණපරිසං යදි ගහපතිපරිසං යදි සමණපරිසං අවිසාරදො උපසඞ්කමති මඞ්කුභූතො. අයං තතියො ආදීනවො දුස්සීලස්සි සීලවිපත්තියා.
Sinhala BJTතව ද ගැහැවියනි, බුන් සංවර ඇති දුසිල් තෙම කැත්පිරිසකට හෝ බමුණුපිරිසකට හෝ ගැහැවි පිරිසකට හෝ මහණපිරිසකට හෝ යම් ම පිරිසකට එළැඹේ ද තෙද නැත්තේ මකු වූයේ (බිමට හෙළූ මුහුණ ඇත්තේ) එළැඹේ. මේ දුසිල්හුගේ සිල්විපත්හි තෙවන දොස ය.
Pali BJTපුන චපරං ගහපතයො, දුස්සීලො සීලවිපන්නො සම්මූළ්හො කාලං කරොති. අයං චතුත්ථො ආදීනවො දුස්සීලස්ස සීලවිපත්තියා.
Sinhala BJTතව ද ගැහැවියනි, බුන් සංවර ඇති දුසිල් තෙම සිහිමුළා වූයේ කලුරිය කෙරෙයි. මේ දුසිල්හුගේ සිල්විපත්හි සිවුවන දොස ය.
Pali BJTපුන චපරං ගහපතයො, දුස්සීලො සීලවිපන්නො කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති. අයං පඤ්චමො ආදීනවො දුස්සීලස්ස සීලවිපත්තියා.
Sinhala BJTතව ද ගැහැවියනි, බුන් සංවර ඇති දුසිල් තෙම කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ, දුකට තැන් වූ විවස වැ වැටෙන තැන් වූ නිරයට පැමිණේ. මේ දුසිල්හුගේ සිල්විපත්හි පස්වන දොස ය.
Pali BJTඉමෙ ඛො ගහපතයො, පඤ්ච ආදීනවා දුස්සීලස්ස සීලවිපත්තියා’ති.
Sinhala BJTගැහැවියනි, මොහු වනාහි දුසිල්හුගේ සිල්විපත් දොස් පස ය.
Pali BJT5. පඤ්චිමෙ ගහපතයො, ආනිසංසා සීලවතො සීලසම්පදාය. කතමෙ පඤ්ච?
Sinhala BJT5. ගැහැවියනි, සිල්වත්හුගේ සිල්සැපත්හි (ශීලසම්පත්තියේ) මේ අනුසස් පසෙකි. කවර පසෙක් ද? යත්:
Pali BJTඉධ, ගහපතයො, සීලවා සීලසම්පන්නො අප්පමාදාධිකරණං මහන්තං භොගක්ඛන්ධං අධිගච්ඡති. අයං පඨමො ආනිසංසො සීලවතො සීලසම්පදාය.
Sinhala BJTගැහැවියනි, මෙහි සිල්වත් තෙමේ ශීලයෙන් යුක්ත වූයේ නො පමා හෙයින් මහත් භොග රැසක් ලබයි. මේ සිල්වත්හුගේ ශීලසම්පත්තියේ පළමු අනුසස ය.
Pali BJTපුන චපරං ගහපතයො, සීලවතො සීලසම්පන්නස්ස කල්යාණො කිත්තිසද්දො අබ්භුග්ගච්ඡති. අයං දුතියො ආනිසංසො සීලවතො සීලසම්පදාය.
Sinhala BJTතව ද ගැහැවියෙනි, සිල්වත් වූ ශීලයෙන් යුක්තයාගේ උතුම් යසගොසෙක් පැන නගී. මේ සිල්වත්හුගේ ශිලසම්පත්තියේ දෙවන අනුසස ය.
Pali BJTපුන චපරං ගහපතයො, සීලවා සීලසම්පන්නො යඤ්ඤදෙව පරිසං උපසඞ්කමති යදි ඛත්තියපරිසං යදි බ්රාහ්මණපරිසං යදි ගහපතිපරිසං යදි සමණපරිසං විසාරදො උපසඞ්කමති අමඞ්කුභූතො. අයං තතියො ආනිසංසො සීලවතො සීලසම්පදාය.
Sinhala BJTතව ද ගැහැවියෙනි, සිල්වත් වූ ශීලයෙන් යුක්ත වූ තැනැත්තේ කැත් පිරිසකට හෝ බමුණුපිරිසකට හෝ ගැහැවිපිරිසකට හෝ මහණපිරිසකට හෝ යම් ම පිරිසකට එළැඹේ ද තෙදැත්තේ බිය නැත්තේ එළැඹෙයි. මේ සිල්වත්හුගේ ශිලසම්පත්තියේ තෙවන අනුසස ය.
Pali BJTපුන චපරං ගහපතයො, සීලවා සීලසම්පන්නො අසම්මූළ්හො කාලං කරොති. අයං චතුත්ථො ආනිසංසො සීලවතො සීලසම්පදාය.
Sinhala BJTතව ද ගැහැවියෙනි, සිල්වත් ශීලයෙන් සම්පූර්‍ණ තැනැත්තේ නොමුළා ව කලුරිය කෙරේ. මේ සිල්වත්හුගේ ශිලසම්පත්තියේ සිවුවන අනුසස ය.
Pali BJTපුන චපරං ගහපතයො, සීලවා සීලසම්පන්නො කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති. අයං පඤ්චමො ආනිසංසො සීලවතො සීලසම්පදාය.
Sinhala BJTතව ද ගැහැවියෙනි, සිල්වත් ශීලයෙන් සම්පූර්‍ණ තැනැත්තේ කාබුන් මරණින් මතු මනාප ගති ඇති සග ලොවට පැමිණෙයි. මේ සිල්වත්හුගේ ශිලසම්පත්තියේ පස්වන අනුසස ය.
Pali BJTඉමෙ ඛො ගහපතයො, පඤ්ච ආනිසංසා සීලවතො සීලසම්පදායාති.
Sinhala BJTගැහැවියෙනි, මොහු වනාහි සිල්වත්හුගේ ශිලසම්පත්තියේ අනුසස් පස ය.
Pali BJT6. අථ ඛො භගවා පාටලිගාමියෙ උපාසකෙ බහුදෙව රත්තිං ධම්මියා කථාය සන්දස්සෙත්වා සමාදපෙත්වා සමුත්තෙජෙත්වා සම්පහංසෙත්වා උය්යොජෙසි: අභික්කන්තා ඛො ගහපතයො රත්ති, යස්සදානි තුම්හෙ කාලං මඤ්ඤථා’ති.{1} අථ ඛො{2} පාටලිගාමියා උපාසකා භගවතො භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කමිංසු.
Sinhala BJT6. භාග්‍යවතුන් වහන්සේ පාටලිගම් වැසි උපාසකයනට රෑ බොහෝ වේලා ධර්‍මකථායෙන් ශීලාදි ප්‍රතිපත් දක්වා එය මොනොවට ගන්වා, එහි උත්සාහවත් කරවා, එහි සතුටු කරවා, ඉක්බිති ‘ගැහැවියනි, රැය ඉක්මිණ. තොපට යන්නට කාලය ය. එබැවින් යන්නැ’යි ඔවුන් යැවූ සේක. එකල්හි පාටලිගම් වැසි උපාසකයෝ භාග්‍යවතුන් වහන්සේගේ වචනය ආදර කොට පිළිගෙන අනුමෝවැ හුනස්නෙන් නැගී, භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට නික්මුණහ.
Pali BJTඅථ ඛො භගවා අචිරපක්කන්තෙසු පාටලිගාමියෙසු උපාසකෙසු සුඤ්ඤාගාරං පාවිසි.
Sinhala BJTඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ පාටලි ගම් වැසි උපාසකයන් නික්මුණු නොබෝ වේලායෙහි ශූන්‍යාගාරයට පිවිසි සේක.
Pali BJT7. තෙන ඛො පන සමයෙන සුනීධවස්සකාරා මගධමහාමත්තා පාටලිගාමෙ නගරං මාපෙන්ති වජ්ජීනං පටිබාහාය. තෙන ඛො පන සමයෙන සම්බහුලා දෙවතායො සහස්සසහස්සෙව {1}පාටලිගාමෙ වත්ථූනි පරිග්ගණ්හන්ති. යස්මිං පදෙසෙ මහෙසක්ඛා දෙවතා වත්ථූනි පරිග්ගණ්හන්ති, මහෙසක්ඛානං තත්ථ රඤ්ඤං රාජමහාමත්තානං චිත්තානි නමන්ති නිවෙසනානි මාපෙතුං. යස්මිං පදෙසෙ මජ්ඣිමා දෙවතා වත්ථූනි පරිග්ගණ්හන්ති, මජ්ඣිමානං තත්ථ රඤ්ඤං රාජමහාමත්තානං චිත්තානි නමන්ති නිවෙසනානි මාපෙතුං. යස්මිං පදෙසෙ නීචා දෙවතා වත්ථූනි පරිග්ගණ්හන්ති, නීචානං තත්ථ රඤ්ඤං රාජමහාමත්තානං චිත්තානි නමන්ති නිවෙසනානි මාපෙතුං. අද්දසා ඛො භගවා දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන තා දෙවතායො සහස්සසහස්සෙව{2} පාටලිගාමෙ වත්ථූනි පරිග්ගණ්හන්තියො. යස්මිං පදෙසෙ මහෙසක්ඛා දෙවතා වත්ථූනි පරිග්ගණ්හන්ති, මහෙසක්ඛානං තත්ථ රඤ්ඤං රාජමහාමත්තානං චිත්තානි නමන්ති නිවෙසනානි මාපෙතුං. යස්මිං පදෙසෙ මජ්ඣිමා දෙවතා වත්ථූනි පරිග්ගණ්හන්ති, මජ්ඣිමානං තත්ථ රඤ්ඤං රාජමහාමත්තානං චිත්තානි නමන්ති නිවෙසනානි මාපෙතුං. යස්මිං පදෙසෙ නීචා දෙවතා වත්ථූනි පරිග්ගණ්හන්ති, නීචානං තත්ථ රඤ්ඤං රාජමහාමත්තානං චිත්තානි නමන්ති නිවෙසනානි මාපෙතුන්ති.
Sinhala BJT7. එ සමයෙහි වනාහි මගධරට (අජාසත්) රජහුගේ මහ ඇමති වූ සුනීධ වස්සකාර දෙදෙන ලිච්ඡවී රජුන් ප්‍රතිබාහනය කරනු පිණිස පාටලි ගමෙහි නුවරක් මවත්. එ සමයෙහි වූ කලි දේවතාවෝ (එක එක මුළුවකට) දහස් දහස් ව පාටලිගමෙහි ගෙවතු (ගෘහවස්තූන්) පිරිසිඳ ගනිත්. යම් පෙදෙසෙක මහත් පිරිවර ඇති දේවතාවෝ වාස්තුපරිග්‍රහණය කෙරෙත් ද, එහි ගෙවල් කරන්නට මහත් පිරිවර ඇති රජුන්ගේ රාජමහාමාත්‍රයන්ගේ සිත් නැමේ. යම් පෙදෙසෙක මැදුම් පෙලෙහි වූ දේවතාවෝ වාස්තුපරිග්‍රහණය කෙරෙත් ද, එහි ගෙවල් කරන්නට මැදුම් පෙලෙහි වූ රජුන්ගේ රාජමහාමාත්‍රයන්ගේ සිත් නැමේ. යම් පෙදෙසෙක කුදුපෙලෙහි දේවතාවෝ වාස්තුපරිග්‍රහණය කෙරෙත් ද, එහි ගෙවල් කරන්නට කුදු පෙලෙහි වූ රජුන්ගේ රාජමහාමාත්‍රයන්ගේ සිත් නැමේ. භාග්‍යවතුන් වහන්සේ මිනිසැසෙහි විෂයසීමාව ඉක්මැ දැක්ක හැකි වූ පිරිසිදු වූ දිවැසින්, ‘යම් පෙදෙසෙක මහපිරිවර ඇති දෙවියෝ ගෙවතු පිරිසිඳ ගනිත් ද, එහි ගෙවල් නංවන්නට මහපිරිවර ඇති රජ රජමහමැතියන් සිත් නැමේ යැ යි ද, යම් පෙදෙසෙක මැදුම් පෙලෙහි දෙවියෝ ගෙවතු පිරිසිඳ ගනිත් ද එහි ගෙ නංවන්නට මැදුම් පෙලේ වූ රජ රජමහමැතියන් සිත් නැමේ යැ යි ද, යම් පෙදෙසෙක කුදු පෙලේ වූ දෙවියෝ ගෙවතු පිරිසිඳ ගනිත් ද එහි ගෙ නංවන්නට කුදු පෙලේ වූ රජ රජමහමැතියන් සිත් නැමේ යැ යි දැ යි පාටලිග්‍රාමයෙහි ගෙවතු පිරිසිඳ ගන්නා (මුළු මුළු වූ) දහස් දහස් ගණන් ම දෙවියන් දුටුසේක.
Pali BJT8. අථ ඛො භගවා තස්සා රත්තියා පච්චුසසමයෙ පච්චුට්ඨාය ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි: ‘කො නු ඛො ආනන්ද, පාටලිගාමෙ නගරං මාපෙතී?’ති.
Sinhala BJT8. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ ඒ රැයෙහි අලුයම් වේලෙහි නැගී සිට අනඳ තෙරුන් බණවා, අනඳයෙනි, කවරෙක් නම් පාටලිගමෙහි නුවරක් මවා දැ?’යි අසා වදාළ සේක.
Pali BJT“සුනීධවස්සකාරා භන්තෙ, මගධමහාමත්තා පාටලිගාමෙ නගරං මාපෙන්ති වජ්ජීනං පටිබාහායා”ති.
Sinhala BJT‘වහන්ස, මගධරට රජුගේ මහමැති වූ සුනීධ වස්සකාර දෙදෙන ලිච්ඡවීන් ප්‍රතිබාහනය කරනු පිණිස පාටලි ගමෙහි නුවරක් මවති.’යි අනඳ තෙරණුවෝ වදාළහ.
Pali BJT‘සෙය්යථාපි ආනන්ද, දෙවෙහි තාවතිංසෙහි සද්ධිං මන්තෙත්වා, එවමෙව ඛො ආනන්ද, සුනීධවස්සකාරා මගධමහාමත්තා පාටලිගාමෙ නගරං මාපෙන්ති වජ්ජීනං පටිබාහාය.
Sinhala BJTඅනඳයෙනි, යම්සේ තව්තිසා වැසි දෙවියන් හා මන්ත්‍රණය කොට කෙරෙත් ද, එසේ ම අනඳයෙනි, මගධමහාමාත්‍ර වූ සුනීධ වස්සකාර දෙදෙනා ලිච්ඡවීන් පිළිබහනුවට පාටලිගමෙහි නුවරක් මවත්.
Pali BJT9. ඉධාහං ආනන්ද, අද්දසං දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සම්බහුලා දෙවතායො සහස්සසහස්සෙව පාටලිගාමෙ වත්ථූනි පරිග්ගණ්හන්තියො: යස්මිං පදෙසෙ මහෙසක්ඛා දෙවතා වත්ථූනි පරිග්ගණ්හන්ති, මහෙසක්ඛානං තත්ථ රඤ්ඤං රාජමහාමත්තානං චිත්තානි නමන්ති නිවෙසනානි මාපෙතුං. යස්මිං පදෙසෙ මජ්ඣිමා දෙවතා වත්ථූනි පරිග්ගණ්හන්ති, මජ්ඣිමානං තත්ථ රඤ්ඤං රාජමහාමත්තානං චිත්තානි නමන්ති නිවෙසනානි මාපෙතුං. යස්මිං පදෙසෙ නීචා දෙවතා වත්ථූනි පරිග්ගණ්හන්ති, නීචානං තත්ථ රඤ්ඤං රාජමහාමත්තානං චිත්තානි නමන්ති නිවෙසනානි මාපෙතුන්ති.
Sinhala BJT9. අනඳයෙනි, මෙහි මිනිසැසින් දැක්ක හැකි ඉම ඉක්මැ දක්නට පොහොසත් වූ පිරිසිදු වූ දිවැසින් යම් පෙදෙසක මහබලැති දෙවියෝ ගෙවතු පිරිසිඳ ගනිත් නම් එහි ගෙ තනන්නට මහබලැති රජුන්ගේ රජමහමැතියන්ගේ සිත් නැමේ යැ යි ද, යම් පෙදෙසෙක මැදුම් බලැති දෙවියෝ ගෙවතු පිරිසිඳ ගනිත් නම් එහි ගෙ තනන්නට මැදුම්බලැති රජුන්ගේ රජමහ මැතියන්ගේ සිත් නැමේ’යැ යි ද, යම් පෙදෙසෙක මඳ බලැති දෙවියෝ ගෙවතු පිරිසිඳ ගනිත් නම්, එහි ගෙවල් තනන්නට මඳ බලැති රජුන්ගේ රජමහමැතියන්ගේ සිත් නැමේ යැයි දැ යි, මෙසේ මුළු මුළු ව දහස් දහස් බොහෝ දෙවිවරුන් ගෙවතු පිරිසිඳ ගන්නවුන් දිටිමි.
Pali BJT10. යාවතා ආනන්ද, අරියං ආයතනං, යාවතා වණිප්පථො, ඉදං අග්ගනගරං භවිස්සති පාටලිපුත්තං පුටභෙදනං. පාටලිපුත්තස්ස ඛො ආනන්ද, තයො අන්තරායා භවිස්සන්ති අග්ගිතො වා උදකතො වා මිථුභෙදතො වා’ති.
Sinhala BJT10. අනඳයෙනි, යම් පමණ ආර්‍ය්‍යායතන (ආර්‍ය්‍යමිනිසුන් පැමිණෙන තැන) වේ ද, යම් පමණ වෙළෙදපොල වේ ද, මෙය ඒ හැමට අග්‍ර වූ නොයෙක් දෙසින් ගෙනා බඩුපොදි ලිහන තැන වූ පාටලිපුත්‍ර නම් නගරය වන්නේ ය. “අනඳයෙනි, පාටලිපුත්‍ර නගරයට ගින්නෙන් ද දියෙන් ද ඔවුනොවුන්ගේ භේදයෙන් දැ යි තුන් අන්තරාය කෙනෙක් වන්නාහ”යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
Pali BJT11. අථ ඛො සුනීධවස්සකාරා මගධමහාමත්තා යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදිංසු, සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං අට්ඨංසු. එකමන්තං ඨිතා ඛො සුනීධවස්සකාරා මගධමහාමත්තා භගවන්තං එතදවොචුං: අධිවාසෙතු නො භවං ගොතමො අජ්ජතනාය භත්තං සද්ධිං භික්ඛුසඞ්ඝෙනාති. අධිවාසෙසි භගවා තුණ්හීභාවෙන.
Sinhala BJT11. ඉක්බිති මගද මහමැති සුනීධ වස්සකාර දෙදෙන භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ හා සතුටු වූහ. සතුටට නිසි වූ, සිතැ රැඳැවිය යුතු වූ කතාව නිමවා එක් පසෙකැ සිටියහ. එක් පසෙක සිටි මහද මහමැති සුනීධ වස්සකාර යන දෙදෙන භාග්‍යවතුන් වහන්සේට ‘භවද්ගෞතමයෝ බික්සඟන හා අද දවසට අප ඉවසත් වා’යි මෙය කීහ. භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණීම්භාවයෙන් ඉවැසූ සේක.
Pali BJT12. අථ ඛො සුනීධවස්සකාරා මගධමහාමත්තා භගවතො අධිවාසනං විදිත්වා යෙන සකො ආවසථො තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා සකෙ ආවසථෙ පණීතං ඛාදනීයං භොජනීයං පටියාදාපෙත්වා භගවතො කාලං ආරොචෙසුං:{1} “කාලො භො ගොතම, නිට්ඨිතං භත්තන්ති. අථ ඛො භගවා පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය සද්ධිං භික්ඛුසඞ්ඝෙන යෙන සුනීධවස්සකාරානං මගධමහාමත්තානං ආවසථො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. අථ ඛො සුනීධවස්සකාරා මගධමහාමත්තා බුද්ධපමුඛං භික්ඛුසඞ්ඝං පණීතෙන ඛාදනීයෙන භොජනීයෙන සහත්ථා සන්තප්පෙසුං සම්පවාරෙසුං.
Sinhala BJT12. ඉක්බිති මගද මහමැති සුනීධ වස්සකාර දෙදෙන භාග්‍යවතුන් වහන්සේ ඉවැසූ නියා දැන තමන් වසන ගෙට ගියහ. ගොස් තමන් වසන ගෙහි ප්‍රණීත කෑයුතු බුදියැ යුතු දෑ පිළියෙල කරවා, “භවද්ගෞතමයිනි, බත පිළියෙල කොට නිමැවිණ. වඩනට කල් වේ’යැ යි කියා කල් ගෙහූහ. එක ලැ භාග්‍යවතුන් වහන්සේ පෙරවරුයෙහි සිවුරු හැඳ පෙරෙව බික්සඟන හා මගද මහමැති සුනීධ වස්සකාර දෙදෙනාගේ නිවෙස කරා එළැඹි සේක. එළැඹැ පණවන ලද අස්නැ වැඩහුන් සේක. එකල්හි ඒ සුනීධ වස්සකාර මගදමහමැති දෙදෙන බුදුපාමොක් බික්සඟන ප්‍රණීත ඛාද්‍යභෝජ්‍යයෙන් සියතින් සැතැප්වූහ. මොනොවට වැළැඳවූහ.
Pali BJT13. අථ ඛො සුනීධවස්සකාරා මගධමහාමත්තා භගවන්තං භුත්තාවිං ඔනීතපත්තපාණිං අඤ්ඤතරං නීචං ආසනං ගහෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නෙ ඛො සුනීධවස්සකාරෙ මගධමහාමත්තෙ භගවා ඉමාහි ගාථාහි අනුමොදි:
Sinhala BJT13. ඉක්බිති සුනීධ වස්සකාර මගද මහමැතිහු භාග්‍යවතුන් වහන්සේ වළඳා පාත්‍රයෙන් ඉවතට ගත් අත් අතැති නියා දැක එක්තරා මිටි අස්නක් ගෙන එක් පසෙක හිඳ ගත්හ. එක් පසෙක හුන් මගද මහමැති වූ සුනීධ වස්සකාර දෙදෙනාට භාග්‍යවතුන් වහන්සේ මේ ගාථායෙන් අනුමෝදනා බණ වදාළ සේක:
Pali BJT“යස්මිං පදෙසෙ කප්පෙති වාසං පණ්ඩිතජාතියො, සීලවන්තෙත්ථ භොජෙත්වා සඤ්ඤතෙ බ්රහ්මචාරයො.{2}
Sinhala BJT“පණ්ඩිතස්වභාවය ඇති තැනැත්තේ යම් පෙදෙසෙක වාසය කෙරේ ද, හේ සිය ගෙහිදී සංයමය ඇති බඹසර රක්නා සිල්වතුන් වළඳවා,
Pali BJTයා තත්ථ දෙවතා ආසුං තාසං දක්ඛිණමාදිසෙ,{3} තා පූජිතා පූජයන්ති, මානිතා මානයන්ති නං.
Sinhala BJTඑහි යම් ගෘහදේවතා කෙනෙක් වෙත් නම් ඔවුනට පින් දෙන්නේ ය. පිනෙන් පුදනු ලැබූ බුහුමන් කරනු ලැබූ ඔහු ඔහුට (රැක ගැනුම් වශයෙන්) පූජා කෙරෙත්, බුහුමන් කෙරෙත්.
Pali BJTතතො නං අනුකම්පන්ති මාතා පුත්තං’ව ඔරසං, දෙවතානුකම්පිතො පොසො සදා භද්රානි පස්සතී”ති.
Sinhala BJTඉක්බිති ඔහු මවක ළෙහි හොවා වඩන ලද පුතක්හට සෙයින් ඔහුට අනුකම්පා කරත්. දේවතාවන් විසින් අනුකම්පිත පුරුෂ තෙම හැම කල්හි සොඳුරු දෑ දකී.”
Pali BJT14. අථ ඛො භගවා සුනීධවස්සකාරානං මගධමහාමත්තානං ඉමාහි ගාථාහි අනුමොදිත්වා උට්ඨායාසනා පක්කාමි. තෙන ඛො පන සමයෙන සුනීධවස්සකාරා මගධමහාමත්තා භගවන්තං පිට්ඨිතො පිට්ඨිතො අනුබන්ධා හොන්ති: යෙනජ්ජ සමණො ගොතමො ද්වාරෙන නික්ඛමිස්සති තං ගොතමද්වාරං නාම භවිස්සති. යෙන තිත්ථෙන ගඞ්ගං නදිං තරිස්සති තං ගොතමතිත්ථං නාම භවිස්සතී’ති.
Sinhala BJT14. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ මගද මහමැති සුනීධ වස්සකාර දෙදෙනාට මේ ගාථායෙන් අනුමෝදනා කොට හුනස්නෙන් නැගී නික්මුණු සේක. එ සමයෙහි වූ කලි මගද මහමැති සුනීධ වස්සකාර දෙදෙන, ‘අද යම් දොරෙකින් මහණ ගොයුම්හු නික්මෙන්නාහු නම්, එය ගොයුම්දොර නම් වන්නේ ය. යම් තොටෙකින් ගංගානදිය තරණය කරන්නාහු නම්, එය ගොයුමතොට නම් වන්නේ යැ යි කියා භාග්‍යවතුන් වහන්සේ පසු පසින් අනුව ගියාහු වෙත්.
Pali BJT15. අථ ඛො භගවා යෙන ද්වාරෙන නික්ඛමි, තං ගොතමද්වාරං නාම අහොසි. අථ ඛො භගවා යෙන ගඞ්ගා නදී තෙනුපසඞ්කමි. තෙන ඛො පන සමයෙන ගඞ්ගා නදී පූරා හොති සමතිත්තිකා කාකපෙය්යා, අප්පෙකච්චෙ මනුස්සා නාවං පරියෙසන්ති, අප්පෙකච්චෙ උළුම්පං පරියෙසන්ති, අප්පෙකච්චෙ කුල්ලං බන්ධන්ති අපාරාපාරං{1} ගන්තුකාමා. අථ ඛො භගවා සෙය්යථාපි නාම බලවා පුරිසො සම්මිඤ්ජිතං වා බාහං පසාරෙය්ය පසාරිතං වා බාහං සමිඤ්ජෙය්ය, එවමෙව{2} ගඞ්ගාය නදියා ඔරිමතීරෙ ඔරිමතීරෙ අන්තරහිතො පාරිමතීරෙ පච්චුට්ඨාසි සද්ධිං භික්ඛුසඞ්ඝෙන. අද්දසා ඛො භගවා තෙ මනුස්සෙ අප්පෙකච්චෙ නාවං පරියෙසන්තෙ, අප්පෙකච්චෙ උළුම්පං පරියෙසන්තෙ, අප්පෙකච්චෙ කුල්ලං බන්ධන්තෙ අපාරාපාරං ගන්තුකාමෙ.
Sinhala BJT15. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ යම් දොරෙකින් නික්මුණෝ ද එය ගොයුම්දොර නම් විය. ඉන් පසු භාග්‍යවතුන් වහන්සේ ගඞ්ගානදිය කරා වැඩි සේක. එසමයෙහි ගඞ්ගා නදිය ගොඩ සිට කවුඩකු විසින් පැන් පිය හැකි පරිදි දෙගොඩ තළා පිරුණී වෙයි. මෙගොඩින් එ ගොඩට කැමැති ඇතැම් මිනිස්සු නැවක් සොයත්. සමහරු උඩුපයක් සොයත්. සමහරු පසුරක් බඳිත්. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ බික්සඟන හා, ශක්තිමත් පුරුෂයෙක් හැකුළු අත දිගු කරන්නේ දිගු කළ අත හකුළන්නේ යම් සේ ද එසේ ම ගඞ්ගා නදියේ මෙ තෙරැ අතුරුදහන් වූ සේක එ ගොඩ පිහිටිසේක. භාග්‍යවතුන් වහන්සේ, මෙගොඩින් එගොඩ යනු කැමති ව ඇතැමුන් නැවක් සොයනුවන්, ඇතැමුන් උඩුපයක් සොයනුවන්, ඇතැමුන් පසුරක් බඳිනුවන් දුටු සේක් මය.
Pali BJT16. අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:
Sinhala BJT16. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ සලකා එ වේලෙහි මේ උදන් ඇනූ සේක:
Pali BJT“යෙ තරන්ති අණ්ණවං සරං සෙතුං කත්වාන විසජ්ජ පල්ලලානි, කුල්ලං හි ජනො පබන්ධති තිණ්ණා මෙධාවිනො ජනා”ති.{3}
Sinhala BJTයම් කෙනෙක් (ගැඹුරු පුළුල් වූ) සංසාර සාගරය හා තෘෂ්ණානදිය තරණය කෙරෙත් ද, ඔහු ආර්‍ය්‍යමාර්‍ග නමැති හෙය කොට පලවලයන් (දිය පිරුණු වළ තැන්) ආමර්‍ශනය නො කොට මැ තරණය කෙරෙති. මේ ජන තෙම වූකලි (මේ දියත්ත තරණය කරනු සඳහා) පසුරු බඳී. ආර්‍ය්‍යමාර්‍ග ඥානයෙන් යුත් ජනයෝ (පසුරක් නැති වැ මැ) තරණය කළහ.
Pali BJT8. 7.
Sinhala BJT8. 7.
Pali BJTද්විධාපථසුත්තං
Sinhala BJTද්විධාපථ සූත්‍රය
Pali BJT1. එවං මෙ සුතං: එකං සමයං භගවා කොසලෙසු අද්ධානමග්ගපටිපන්නො හොති ආයස්මතා නාගසමාලෙන පච්ඡාසමණෙන. අද්දසා ඛො ආයස්මා නාගසමාලො අන්තරාමග්ගෙ ද්වෙධාපථං. දිස්වාන භගවන්තං එතදවොච: ‘අයං භන්තෙ භගවා පන්ථො ඉමිනා ගච්ඡාමා’ති. එවං වුත්තෙ භගවා ආයස්මන්තං නාගසමාලං එතදවොච: ‘අයං නාගසමාල පන්ථො ඉමිනා ගච්ඡාමා’ති. දුතියම්පි ඛො -පෙ- තතියම්පි ඛො ආයස්මා නාගසමාලො භගවන්තං එතදවොච: ‘අයං භන්තෙ භගවා පන්ථො ඉමිනා ගච්ඡාමා’ති . එවං වුත්තෙ භගවා ආයස්මන්තං නාගසමාලං එතදවොච: ‘අයං නාගසමාල, පන්ථො ඉමිනා ගච්ඡාමා’ති. අථ ඛො ආයස්මා නාගසමාලො භගවතො පත්තචීවරං තත්ථෙව ඡමායං නික්ඛිපිත්වා පක්කාමි, ‘ඉදං භන්තෙ භගවතො පත්තචීවරන්ති.
Sinhala BJT1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ නාගසමාල තෙරහු පසු මහණ කොට ගෙන කොසොල් රටැ දික් මඟට පිළිපන් සේක් වෙති. නාගසමාල තෙරණුවෝ අතරමඟැ දෙමං සන්‍ධියක් දුටුයේ ය. දැක භාග්‍යවතුන් වහන්සේට භාග්‍යවතුන් වහන්ස, මේ මඟ ය. මෙයින් යමු’යි කී ය. මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ නාගසමාල තෙරහට ‘නාගසමාලය, යෑ යුතු මඟ මේ අනෙක ය. මෙයින් යමු’යි වදාළ සේක. දෙවෙනි වර ද තෙවන වර ද නාගසමාල තෙර ‘භාග්‍යවතුන් වහන්ස, මේ මඟ ය. මෙයින් යමු’යි කී ය. තෙවෙනි වර ද භාග්‍යවතුන් වහන්සේ නාගසමාලය, තෙරහට ‘නාගසමාලය, යෑ යුතු මඟ මේ අනෙක ය. මෙයින් යමු’යි වදාළ සේක. එ කල්හි නාගසමාල තෙර තෙල භාග්‍යවතුන් වහන්සේගේ පාසිවුරු බිමැ තබා නික්ම ගියේ ය.
Pali BJT2. අථ ඛො ආයස්මතො නාගසමාලස්ස තෙන පන්ථෙන ගච්ඡන්තස්ස අන්තරාමග්ගෙ චොරා නික්ඛමිත්වා හත්ථෙහි ච පාදෙහි ච විහෙඨෙසුං, පත්තඤ්ච භින්දිංසු සඞ්ඝාටිඤ්ච විප්ඵාලෙසුං. අථ ඛො ආයස්මා නාගසමාලො භින්නෙන පත්තෙන විප්ඵාලිතාය සඞ්ඝාටියා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා නාගසමාලො භගවන්තං එතදවොච: ඉධ මය්හං භන්තෙ තෙන පන්ථෙන ගච්ඡන්තස්ස අන්තරාමග්ගෙ චොරා නික්ඛමිත්වා හත්ථෙහි ච පාදෙහි ච විහෙඨෙසුං, පත්තඤ්ච භින්දිංසු, සඞ්ඝාටිඤ්ච විප්ඵාලෙසු’න්ති.
Sinhala BJT2. ඉක්බිති එ මඟින් යන නාගසමාල තෙරහට මග අතුරෙහි සොරු නික්මැ අතින් පයින් තැළූහ. පාත්‍රය ද බින්දහ. සඟල සිවුර ද ඉරා දැමූහ. එ කල්හි නාගසමාල තෙර බිඳුණු පාත්‍රයෙන් ඉරී ගිය සඟළ සිවුරින් යුතු ව භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹුණේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එක් පසෙක හිඳ ගත්තේ ය. එක් පසෙක හිඳ ගත් නාගසමාල තෙර භාග්‍යවතුන් වහන්සේට ‘වහන්ස, මෙහි ඒ මඟින් මා යද්දී මඟ අතුරැ සොරු නික්මැ අතින් පයින් මට පහළහ, පාත්‍රය ද බින්දහ. සඟළ සිවුර ද ඉරා දැමූහ’යි සැළ කෙළේ ය.
Pali BJT3. අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:
Sinhala BJT3. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ සලකා එ වේලෙහි මේ උදන් ඇනූහ:
Pali BJT“සද්ධිං චරමෙකතො වසං මිස්සො අඤ්ඤජනෙන වෙදගූ, විද්වා පජහාති පාපකං කොඤ්චො ඛීරපකො’ව නින්නග”න්ති.
Sinhala BJT“මාර්‍ගඥානයෙන් සත්‍යාවබෝධය කළ නුවණැත්තේ අඥ ජනයා හා එක් වැ හැසිරෙන්නේ එක් වැ වසන්නේ එ පමණෙකින් මිශ්‍ර වූයේ නුමුදු අභද්‍ර වූ ලාමක දැය දුරැ ලයි. (දියමුසු කිරි එළැවූ කල) කිරි පමණක් බොන කොස්ලිහිණියා දිය හැර ලන්නාක් මෙනි.”
Pali BJT8. 8.
Sinhala BJT8. 8.
Pali BJTවිසාඛාසුත්තං
Sinhala BJTවිශාඛා සූත්‍රය
Pali BJT1. එවං මෙ සුතං එකං සමයං භගවා සාවත්ථියං විහරති පුබ්බාරාමෙ මිගාරමාතුපාසාදෙ. තෙන ඛො පන සමයෙන විසාඛාය මිගාරමාතුයා නත්තා කාලඞ්කතා හොති පියා මනාපා. අථ ඛො විසාඛා මිගාරමාතා අල්ලවත්ථා අල්ලකෙසා දිවාදිවස්ස යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො විසාඛං මිගාරමාතරං භගවා එතදවොච: ‘හන්ද කුතො නු ත්වං විසාඛෙ ආගච්ඡසි අල්ලවත්ථා අල්ලකෙසා ඉධූපසඞ්කන්තා දිවාදිවස්සා?ති.
Sinhala BJT1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවරැ මිගාරමාතුපාසාද නම් වූ පූර්‍වාරාම විහාරයෙහි වැඩ වසන සේක. එ සමයෙහි වනාහි මිගාරමාතු නම් වූ විශාඛාවගේ ප්‍රිය මනාප වූ මිනිබිරියක් කලුරිය කළා වෙයි. එ කල්හි මිගාරමාතු නම් වූ විශාඛා තොමෝ තෙත් වස්ත්‍ර ඇත්තී තෙත් හිසකේ ඇත්තී දෙවෙන්දාවල භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියා ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එක් පසෙක හුනු. භාග්‍යවතුන් වහන්සේ එක් පසෙක් හුන්නා වූ ම මෘගාරාමාතා විශාඛාව බණවා, “විශාඛාවෙනි, දැන් තෙත් වත් ඇති වැ තෙත් කෙහෙ ඇති වැ තෙපි කොයින් එවු ද? කොහි සිට මේ මධ්‍යාහ්නයෙහි මෙහි එළැඹුණුව?”යි වදාළ සේක.
Pali BJT“නත්තා මෙ භන්තෙ පියා මනාපා කාලඞ්කතා තෙනාහං අල්ලවත්ථා අල්ලකෙසා ඉධූපසඞ්කන්තා දිවාදිවස්සා”ති.
Sinhala BJT“වහන්ස, මා ප්‍රිය මනාප මිනිබිරියක් කලුරිය කළා ය. එහෙයින් මම් තෙත් වත් ඇති වැ තෙත් කෙහෙ ඇති වැ මද්දහන්හි මෙහි එළැඹියෙමි”යි ඕ කිවු ය.
Pali BJT“ඉච්ඡෙය්යාසි ත්වං විසාඛෙ යාවතිකා සාවත්ථියා මනුස්සා තාවතිකෙ පුත්තෙ ච නත්තාරො චා”ති.
Sinhala BJT“විශාඛාවෙනි, සැවැත් නුවරැ යම් පමණ මිනිස්සු ඇත් නම් එ පමණ ම දූ පුතුන් ද මුනුබුරු මිනිබිරියන් ද කැමැත්තහු දැ?”යි භාග්‍යවතුන් වහන්සේ අසා වදාළ සේක.
Pali BJT“ඉච්ඡෙය්යාමහං භගවා යාවතිකා සාවත්ථියා මනුස්සා තාවතිකෙ පුත්තෙ ච නත්තාරො චා”ති.
Sinhala BJT“භාග්‍යවතුන් වහන්ස, යම් පමණ මිනිස්සු සැවැත්නුවරෙහි ඇත් නම් එපමණ ම දූපුතුනුත් මුනුබුරු මිනිබිරියනුත් කැමැත්තෙමි”යි (ඕ කිවු ය).
Pali BJT2. “කීවබහුකා පන විසාඛෙ සාවත්ථියා මනුස්සා දෙවසිකං කාලං කරොන්තී?”ති.
Sinhala BJT2. “විශාඛාවනි, දිනපතා කොපමණ මිනිස්සු සැවැත්නුවරෙහි කලුරිය කෙරෙත් ද?”
Pali BJT“දසපි භන්තෙ සාවත්ථියා මනුස්සා දෙවසිකං කාලං කරොන්ති, නවපි භන්තෙ සාවත්ථියා මනුස්සා දෙවසිකං කාලං කරොන්ති. අට්ඨපි භන්තෙ සාවත්ථියා මනුස්සා දෙවසිකං කාලං කරොන්ති, සත්තපි භන්තෙ සාවත්ථියා මනුස්සා දෙවසිකං කාලං කරොන්ති, ඡපි භන්තෙ සාවත්ථියා මනුස්සා දෙවසිකං කාලං කරොන්ති, පඤ්චපි භන්තෙ සාවත්ථියා මනුස්සා දෙවසිකං කාලං කරොන්ති, චත්තාරොපි භන්තෙ සාවත්ථියා මනුස්සා දෙවසිකං කාලං කරොන්ති, තීණිපි භන්තෙ සාවත්ථියා මනුස්සා දෙවසිකං කාලං කරොන්ති, ද්වෙ’පි භන්තෙ සාවත්ථියා මනුස්සා දෙවසිකං කාලං කරොන්ති, එකො’පි භන්තෙ සාවත්ථියා මනුස්සො දෙවසිකං කාලං කරොති, අවිවිත්තා භන්තෙ සාවත්ථි මනුස්සෙහි කාලං කරොන්තෙහී”ති.
Sinhala BJT“වහන්ස, දිනපතා සැවැත් නුවරැ දශ දෙනෙකුත් මිනිස්සු කලුරිය කෙරෙත්. දිනපතා සැවැත්නුවරැ නව දෙනෙකුත් මිනිස්සු කලුරිය කෙරෙත්. දිනපතා අට දෙනෙකුත් මිනිස්සු කලුරිය කෙරෙත්. දිනපතා සත් දෙනෙකුත් මිනිස්සු කලුරිය කෙරෙත්. දිනපතා සදෙනෙකුත් ... පස් දෙනෙකුත් … සිවුදෙනෙකුත් … තිදෙනෙකුත් … දෙදෙනෙකුත් කලුරිය කෙරෙත්. දිනපතා සැවැත් නුවරැ එකමිනිසෙකුත් කලුරිය කෙරෙයි. වහන්ස, කලුරිය කරන මිනිසුන්ගෙන් සැවැත් නුවර නොසිස් යැ”යි (ඕ කිවු යැ.)
Pali BJT‘තං කිං මඤ්ඤසි විසාඛෙ අපි නු ත්වං කදාචි කරහචි අනල්ලවත්ථං අනල්ලකෙසා වා?”ති.
Sinhala BJT“විශාඛාවනි, ඒ කිමැ යි සිතවු ද? (එසේ කලැ) තෙපි කිසි විටෙකත් නොතෙත් වස්ත්‍ර ඇති වනු නොතෙත් කෙහෙ ඇති වනු හැක්කහු දැ?”යි (භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.)
Pali BJT3. “නො හෙතං භන්තෙ. අලං මෙ භන්තෙ තාවබහුකෙහි පුත්තෙහි ච නත්තාරෙහි චා”ති.
Sinhala BJT3. “වහන්ස, මෙය නො වන්නෙකි. වහන්ස, මට එතරම් බොහෝ දූපුතුන්ගෙන් මුනුබුරු මිනිබිරියන්ගෙන් කම් නැතැ”යි ද (ඕ කිවු ය.)
Pali BJT“යෙසං ඛො විසාඛෙ, සතං පියානි, සතං තෙසං දුක්ඛානි. යෙසං නවුති පියානි, නවුති තෙසං දුක්ඛානි. යෙසං අසීති පියානි, අසීති තෙසං දුක්ඛානි. යෙසං සත්තති පියානි, සත්තති තෙසං දුක්ඛානි. යෙසං සට්ඨි පියානි, සට්ඨි තෙසං දුක්ඛානි. යෙසං පඤ්ඤාසං පියානි, පඤ්ඤාසං තෙසං දුක්ඛානි.
Sinhala BJT“විශාඛාවනි, යම් කෙනෙකුන්හට ප්‍රියවස්තු සියෙක් වේ නම් ඔවුනට සියෙක් දුක් වේ. යම් කෙනෙකුන්හට ප්‍රියවස්තු අනූවක් වේ නම් ඔවුනට අනුවෙක් දුක් වේ. යම් කෙනකුන්හට ප්‍රියවස්තු අසූවෙක් වේ නම් ඔවුනට අසූවෙක් දුක් වේ. යම් කෙනකුන්හට ප්‍රියවස්තු සැත්තෑවෙක් නම්, ඔවුනට සැත්තෑවෙක් දුක් වේ. යම් කෙනකුන්හට ප්‍රියවස්තු සැටෙක් වේ නම්, ඔවුනට සැටෙක් දුක් වේ. යම් කෙනකුන්හට ප්‍රියවස්තු පනසෙක් වේ නම් ඔවුනට දුක් පනසෙක් වේ.
Pali BJTයෙසං චත්තාරීසං පියානි, චත්තාරීසං තෙසං දුක්ඛානි, යෙසං තිංසං පියානි, තිංසං තෙසං දුක්ඛානි. යෙසං වීසං පියානි, වීසං{1} තෙසං දුක්ඛානි, යෙසං දස පියානි, දස තෙසං දුක්ඛානි. යෙසං නව පියානි, නව තෙසං දුක්ඛානි. යෙසං අට්ඨ පියානි, අට්ඨ තෙසං දුක්ඛානි. යෙසං සත්ත පියානි, සත්ත තෙසං දුක්ඛානි. යෙසං ඡ පියානි, ඡ තෙසං දුක්ඛානි. යෙසං පඤ්ච පියානි, පඤ්ච තෙසං දුක්ඛානි. යෙසං චත්තාරි පියානි, චත්තාරි තෙසං දුක්ඛානි. යෙසං තීණි පියානි, තීණි තෙසං දුක්ඛානි. යෙසං ද්වෙ පියානි, ද්වෙ තෙසං දුක්ඛානි. යෙසං එකං පියං, එකං තෙසං දුක්ඛං. යෙසං නත්ථි පියං, නත්ථි තෙසං දුක්ඛං, අසොකා තෙ විරජා අනුපායාසාති වදාමී”ති.
Sinhala BJTයම් කෙනකුන්හට ප්‍රියවස්තු සතළිසෙක් නම් ඔවුනට දුක් සතළිසෙක් වේ. යම් කෙනකුන්හට ප්‍රියවස්තු තිසෙක් නම් ඔවුනට දුක් තිසෙක් වේ. යම් කෙනකුන්හට ප්‍රියවස්තු විස්සක් නම් ඔවුනට දුක් විස්සෙක. යම් කෙනකුන්හට ප්‍රියවස්තු දසයෙක් නම් ඔවුනට දුක් දසයෙකි. යම් කෙනකුන්හට ප්‍රියවස්තු නවයෙක් නම් ඔවුනට දුක් නවයෙකි. යම් කෙනකුන්හට ප්‍රියවස්තු අටෙක් නම් ඔවුනට දුක් අටෙකි. යම් කෙනකුන්හට ප්‍රියවස්තු සතෙක් නම් ඔවුනට දුක් සතෙකි. යම් කෙකුන්හට ප්‍රියවස්තු සයෙක් නම් ඔවුනට දුක් සයෙකි. යම් කෙනකුන්හට ප්‍රිය වස්තු පසෙක් නම් ඔවුනට දුක් පසෙකි. යම් කෙනකුන්හට ප්‍රියවස්තු සතරෙක් නම් ඔවුනට දුක් සතරෙකි. යම් කෙනෙකුන්හට ප්‍රිය වස්තු තුනෙක් නම් ඔවුනට දුක් තුනෙකි. යම් කෙනකුන්හට ප්‍රියවස්තු දෙකෙක් නම් ඔවුනට දුක් දෙකෙකි. යම් කෙනකුන්හට ප්‍රියවස්තු එකෙක් නම් ඔවුනට දුක් එකෙකි. යම් කෙනකුන්හට ප්‍රිය වස්තුවෙක් නැත් නම් ඔවුනට දුකෙක් නැත. ඔහු ශෝක නැත්තෝ රාගාදි රජස් නැත්තෝ උපායාස නැත්තෝ යැ යි කියමි”යි (භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.)
Pali BJT4. අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:
Sinhala BJT4. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ සලකා එ වේලෙහි මේ උදන් ඇනූ සේක: