Udāna

Inspired Utterances

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

Showing entries 401-500 of 821

SegmentPali BJTSinhala BJT
Pali BJT2. අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:
Sinhala BJT2. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ දැන එ වේලෙහි මේ උදන් ඇනූ සේක:
Pali BJT“උපසන්තසන්තචිත්තස්ස නෙත්තිච්ඡින්නස්ස භික්ඛුනො, වික්ඛීණො ජාතිසංසාරො මුත්තො සො මාරබන්ධනා”ති.
Sinhala BJT“උපශාන්ත වූ සංහුන් සිතැති, සුන් කරන ලද භවතෘෂ්ණා ඇති, මහණහුගේ ජාත්‍යාදි සංසාරය වෙසෙසින් ක්‍ෂීණ ය. හේ මරු බැම්මෙන් මිදුණේ ය.
Pali BJTමෙඝියවග්ගො චතුත්ථො.
Sinhala BJTසිවුවන මෙඝියවර්‍ගය යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTමෙඝියං{1} උද්ධතං{2} ගොපාලං{3} ජුණ්හං{4} නාගෙන පඤ්චමං පිණ්ඩොලො සාරිපුත්තො ච සුන්දරී භවති අට්ඨමං, උපසෙනො වඞ්ගන්තපුත්තො සාරිපුත්තො ච තෙ දසාති.
Sinhala BJTමේඝිය, උද්ධත, ගෝපාල, ජුණ්හ, නාග සූත්‍රයන් පස්වැන්න ද, පිණ්ඩෝල, සාරිපුත්ත, අටවන සුන්‍දරී, උපසේනවංගන්තපුත්ත, සාරිපුත්ත දැ යි ඒ සූත්‍ර දශයෙකි.
Pali BJTසොණවග්ගො{5} පඤ්චමො.
Sinhala BJTසෝණ වර්‍ගය
Pali BJT5. 1.
Sinhala BJT5. 1.
Pali BJTරාජසුත්තං
Sinhala BJTරාජ සූත්‍රය
Pali BJT1. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන රාජා පසෙනදි කොසලො මල්ලිකාය දෙවියා සද්ධිං උපරිපාසාදවරගතො හොති. අථ ඛො රාජා පසෙනදි කොසලො මල්ලිකං දෙවිං එතදවොච: “අත්ථි නු ඛො තෙ මල්ලිකෙ, කොචඤ්ඤො අත්තනා පියතරො?”ති.
Sinhala BJT1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවරැ ජේතවන නම් වූ අනේපිඬු අරමැ වැඩ වසන සේක. එ සමයෙහි වනාහි පසේනදී කෝසල රජ මල්ලිකාදේවිය හා පහයෙහි උඩුමහල්තලයට පැමිණියේ වේ. එ කල්හි පසේනදී කෝසල රජ තෙම මල්ලිකා දේවිය බණවා, “මල්ලිකාවෙනි, තමනට වඩා ප්‍රිය වූ කිසි අන් කෙනෙක් තොපට ඇද් දැ?යි”යි ඇසී ය.
Pali BJT“නත්ථි ඛො මෙ මහාරාජ, කොචඤ්ඤො අත්තනා පියතරො”ති.
Sinhala BJT“මහරජාණනි, මට තමාට වඩා ප්‍රිය වූ අන් කිසිවෙක් නැත් ම ය.
Pali BJT“තුය්හං පන මහාරාජ, අත්ථඤ්ඤො කොචි අත්තනා පියතරො?”ති.
Sinhala BJTමහරජාණනි, මුබට වනාහි තමනට වඩා ප්‍රිය වූ කිසි අන් කිසිවෙක් ඇත් දැ?යි” මල්ලිකා දේවී ඇසුවා ය.
Pali BJT“මය්හම්පි ඛො මල්ලිකෙ, නත්ථඤ්ඤො කොචි අත්තනා පියතරො”ති.
Sinhala BJT“මටත් මල්ලිකාවෙනි, තමාට වඩා ප්‍රිය වූ අන් කිසිවෙක් නැතැ”යි පසේනදී කොසොල් රජ කීය.
Pali BJT2. අථ ඛො රාජා පසෙනදි කොසලො පාසාදා ඔරොහිත්වා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො රාජා පසෙනදි කොසලො භගවන්තං එතදවොච:
Sinhala BJT2. ඉක්බිත්තෙන් පසේනදී කොසොල් රජ පහයෙන් බැස, භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ, එකත්පසෙකැ හිඳ ගත. එකත්පසෙක හුන්නාවූ ම පසේනදී කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය.
Pali BJT“ඉධාහං භන්තෙ, මල්ලිකාය දෙවියා සද්ධිං උපරිපාසාදවරගතො මල්ලිකාදෙවිං එතදවොචං: “අත්ථි නු ඛො තෙ මල්ලිකෙ, කොචඤ්ඤො අත්තනා පියතරො?”ති. එවංවුත්තෙ මල්ලිකාදෙවී මං එතදවොච: “නත්ථි ඛො මෙ මහාරාජ, කොචඤ්ඤො අත්තනා පියතරො”ති. “තුය්හං පන මහාරාජ, අත්ථඤ්ඤො කොචඤ්ඤො අත්තනා පියතරො”ති. එවං වුත්තෙ අහං භන්තෙ, මල්ලිකං දෙවිං එතදවොචං: “මය්හං පි ඛො මල්ලිකෙ, නත්ථඤ්ඤො කොචි අත්තනා පියතරො”ති.
Sinhala BJT“වහන්ස, මෙහි මම් මල්ලිකා දේවිය හා පහයෙහි උඩුමහල්තලයට පැමිණියෙම්, මල්ලිකා දේවිය බණවා, “මල්ලිකාවෙනි, තමනට වඩා ප්‍රිය වූ කිසි අන් කෙනෙක් තොපට ඇද්දැ?යි”යි ඇසීමි. එසේ ඇසූ කල්හි මල්ලිකා දේවි මට “මහරජාණනි, මට තමාට වඩා ප්‍රිය වූ අන් කිසිවෙක් නැත් ම යැ”යි සැළ කළා. “මහරජාණනි, මුබට වනාහි තමනට වඩා ප්‍රිය වූ කිසි අන් කිසි කෙනෙක් ඇත් දැ?”යි ඔ ද පුළුවුත්. වහන්ස, එසේ පුළුවුත් කල්හි “මල්ලිකාවෙනි, මටත් තමාට වඩා ප්‍රිය වූ අන් කිසිවෙක් නැතැ’යි මම් කීමි” යනු යි.
Pali BJT3. අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:
Sinhala BJT3. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය සලකා, ඒ වෙලායෙහි මේ උදන් ඇනූ සේක:
Pali BJT“සබ්බා දිසා අනුපරිගම්ම චෙතසා නෙවජ්ඣගා පියතරමත්තනා ක්වචි, එවං පියො පුථු අත්තා පරෙසං තස්මා න හිංසෙ පරමත්තකාමො”ති.
Sinhala BJT“සියලු දශ දිසාවන් සෙවීම් වශයෙන් සිතින් අනුව ගොස්, තමහට වඩා ප්‍රියයකු සොයන්නේ කිසි තැනෙකත් නො දක්නේය. මෙසේ ඒ අන් සත්ත්‍වයනට වෙන වෙන ම තම තමා වඩා ම ප්‍රිය වේ. එහෙයින් තමාගේ සුව කැමැති තැනැත්තේ මෙරමා නො පෙළන්නේ ය.”
Pali BJT5. 2.
Sinhala BJT5. 2.
Pali BJTඅප්පායුකසුත්තං.
Sinhala BJTඅප්පායුක සූත්‍රය
Pali BJT1. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති, ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ ඛො ආයස්මා ආනන්දො සායන්හසමයං පතිසල්ලානා වුට්ඨිතො යෙන භගවා තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච: “අච්ඡරිය! භන්තෙ, අබ්භුතං! භන්තෙ, යාව අප්පායුකා හි භන්තෙ, භගවතො මාතා අහොසි. සත්තාහජාතෙ භගවති භගවතො මාතා කාලමකාසි. තුසිතං කායං උපපජ්ජී”ති.{1} “එවමෙතං ආනන්ද, අප්පායුකා හි ආනන්ද, බොධිසත්තමාතරො හොන්ති, සත්තාහජාතෙසු බොධිසත්තෙසු බොධිසත්තමාතරො කාලං කරොන්ති, තුසිතං කායං උපපජ්ජන්තී”ති.
Sinhala BJT1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවරැ ජේතවන නම් වූ අනේපිඬු අරමැ වැඩ වසන සේක. එකල්හි අනඳ තෙරණුවෝ සවස් වේලෙහි චිත්තවිවේකයෙන් නැඟී සිටියාහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියාහ. එළැඹ ඔබ සකසා වැඳ එක් පසෙක හුන්හ. එක් පසෙක හුන් ම අනඳ තෙරණුවෝ, “වහන්ස, භාග්‍යවතුන් වහන්සේගේ මෑණියෝ අතිශයයෙන් අල්පායුෂ්ක වූ හු ය” යන්න ආශ්චර්‍ය්‍ය යි. වහන්ස, අද්භූතයි! භාග්‍යවතුන් වහන්සේගේ මෑණියෝ මුබ උපන් සත්දවසෙහි කලුරිය කළහ. තුෂිත දේවනිකායට (උත්පත්ති වශයෙන්) පැමිණියහ”යි භාග්‍යවතුන් වහන්සේට කීහ. “ආනන්‍දයෙනි, එය එසේ ය. ආනන්‍දයෙනි, බෝසත් මවුවරු අල්පායුෂ්ක වෙත්. බෝසතුන් උපන් සත් දවස වූ කල්හි බෝසත් මවුහු කලුරිය කරත්. තුෂිත දේවනිකායට පැමිණෙත්.”
Pali BJT2. අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:
Sinhala BJT2. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ සලකා එ වේලෙහි මේ උදන් ඇනූ සේක:
Pali BJT“යෙ කෙචි භූතා භවිස්සන්ති යෙ වාපි සබ්බෙ ගමිස්සන්ති පහාය දෙහං, තං සබ්බං ජානිං කුසලො විදිත්වා ආතාපියො බ්රහ්මචරියං චරෙය්යා”ති.
Sinhala BJT“යම් කිසි සත්හු කෙනෙක් පෙරැ වූවාහු ද, මතු ද වෙද් ද, යම් හැම කෙනෙක් මේ කය හැර දෙව්ලොවට යන්නාහු ද, ඒ සියලු පිරිහීම නුවණැත්තේ දැන කෙලෙස් තවන වැර ඇත්තේ බඹසර කරන්නේ ය.”
Pali BJT5. 3.
Sinhala BJT5. 3.
Pali BJTසුප්පබුද්ධකුට්ඨිසුත්තං
Sinhala BJTසුප්පබුද්ධකුට්ඨි සූත්‍රය
Pali BJT1. එවං මෙ සුතං: එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. තෙන ඛො පන සමයෙන රාජගහෙ සුප්පබුද්ධො නාම කුට්ඨී අහොසි, මනුස්සදළිද්දො මනුස්සකපණො මනුස්සවරාකො.
Sinhala BJT1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවරැ කලන්‍දකනිවාප නම් වූ වේළුවනයෙහි වැඩ වසන සේක. එ සමයෙහි වනාහි රජගහ නුවරෙහි මිනිසුන්ගේ ඉතා දිළිඳු වූ, මිනිසුන් අතරෙහි ඉතා ම දුගී වූ මිනිසුන් අතරෙහි ඉතා ම දීන වූ සුප්‍රබුද්ධ නම් කුෂ්ඨරෝගියෙක් විය.
Pali BJT2. තෙන ඛො පන සමයෙන භගවා මහතියා පරිසාය පරිවුතො ධම්මං දෙසෙන්තො නිසින්නො හොති. අද්දසා ඛො සුප්පබුද්ධො කුට්ඨී තං මහාජනකායං දූරතොව සන්නිපතිතං. දිස්වානස්ස එතදහොසි: “නිස්සංසයං ඛො එත්ථ කිඤ්චි ඛාදනීයං වා භොජනීයං වා භාජීයිස්සති. යන්නූනාහං යෙන සො මහාජනකායො තෙනුපසඞ්කමෙය්යං. අප්පෙවනාමෙත්ථ කිඤ්චි ඛාදනීයං වා භොජනීයං වා ලභෙය්යන්ති”.
Sinhala BJT2. එ සමයෙහි වනාහි භාග්‍යවතුන් වහන්සේ මහ පිරිසක් විසින් පිරිවරන ලදු වැ දහම් දෙසමින් හුන්සේක් වෙති. සුප්‍රබුද්ධ කුෂ්ඨි තෙම රැස්ව සිටි ඒ මහජන මුළුව දුරැ දී ම දිටී. දැක ඔහුට “නිසැකයෙන් ම මෙහි කිසි කෑයුතු බිදියැ යුතු දැයෙක් බෙදෙයි. ඒ මහජන මුළුව කරා ගියෙම් නම් මනා මැ නු! මෙහි දී කිසි කෑයුතු බිදියැ යුතු දැයක් ලැබ ගත හැකි වීම් නම් මැනවැ”යි මේ සිත විය.
Pali BJT3. අථ ඛො සුප්පබුද්ධො කුට්ඨී යෙන සො මහාජනකායො තෙනුපසඞ්කමි. අද්දසා ඛො සුප්පබුද්ධො කුට්ඨී භගවන්තං මහතියා පරිසාය පරිවුතං ධම්මං දෙසෙන්තං නිසින්නං. දිස්වානස්ස එතදහොසි: “න ඛො එත්ථ කිඤ්චි ඛාදනීයං වා භොජනීයං වා භාජීයති, සමණො අයං ගොතමො පරිසතිං ධම්මං දෙසෙති. යන්නූනාහම්පි ධම්මං සුණෙය්යන්ති. තත්ථෙව එකමන්තං නිසීදි. “අහම්පි ධම්මං සොස්සාමී”ති. අථ ඛො භගවා සබ්බාවන්තං පරිසං චෙතසා චෙතොපරිච්ච මනසාකාසි “කො නු ඛො ඉධ භබ්බො ධම්මං විඤ්ඤාතුං?”ති.
Sinhala BJT3. ඉක්බිත්තෙන් සුප්‍රබුද්ධකුෂ්ඨි තෙම ඒ මහජන මුළුව වෙත එළැඹියේ ය. එහි මහපිරිසක් විසින් පිරිවරන ලදු වැ දහම් දෙසමින් වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ දිටී ය. දැක ඔහුට “මෙහි කිසි කෑයුතු හෝ බිදිය යුතු හෝ දැයෙක් නො බෙදෙයි. මෙ මහණ ගොයුම්හු පිරිසෙහි දම් දෙසති. මමත් දහම් අසම් නම් මැනැවැ”යි මේ සිත විය. මෙ තෙම ‘මමත් බණ අසන්නෙමි’යි එහි ම එක් පසෙක හිඳ ගත්තේ ය. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ එකකුදු නො හැර මුළු පිරිස ම ඔවුන් සිත් සිය සිතින් පිරිසිඳ ‘මෙහි කවරෙක් නම් දහම් දැන ගන්නට (මාර්‍ගඵලාවබෝධයට) භව්‍ය දැ?”යි (උපනිඃශ්‍රය සම්පන්න දැයි) බැලූ සේක.
Pali BJT4. අද්දසා ඛො භගවා සුප්පබුද්ධං කුට්ඨිං තස්සං පරිසායං නිසින්නං, දිස්වානස්ස එතදහොසි: “අයං ඛො ඉධ භබ්බො ධම්මං විඤ්ඤාතුං”ති. සුප්පබුද්ධං කුට්ඨිං ආරබ්භ ආනුපුබ්බීකථං{1} කථෙසි. සෙය්යථිදං? දානකථං, සීලකථං, සග්ගකථං, කාමානං ආදීනවං ඔකාරං සඞ්කිලෙසං, නෙක්ඛම්මෙ ච2 ආනිසංසං පකාසෙසි. යදා භගවා අඤ්ඤාසි, සුප්පබුද්ධං කුට්ඨිං කල්ලචිත්තං මුදුචිත්තං විනීවරණචිත්තං උදග්ගචිත්තං පසන්නචිත්තං. අථ යා බුද්ධානං සාමුක්කංසිකා ධම්මදෙසනා තං පකාසෙසි, දුක්ඛං සමුදයං නිරොධං මග්ගං. සෙය්යථාපි නාම සුද්ධං වත්ථං අපගතකාළකං සම්මදෙව රජනං පතිගණ්හෙය්ය, එවමෙව සුප්පබුද්ධස්ස කුට්ඨිස්ස තස්මිං යෙව ආසනෙ විරජං වීතමලං ධම්මචක්ඛුං උදපාදි: ‘යං කිඤ්චි සමුදයධම්මං, සබ්බං තං නිරොධධම්මන්ති.’
Sinhala BJT4. භාග්‍යවතුන් වහන්සේ ඒ පිරිසෙහි හුන් සුප්‍රබුද්ධ කුෂ්ඨියා දුටු සේක. දැක උන් වහන්සේට ‘මේ තෙමේ ඒකාන්තයෙන් මෙහි ධර්‍මය අවබෝධ කරන්නට තරම් උපනිඃශ්‍රය සම්පත් ඇත්තෙකැ’යි මේ සිත විය. ඉක්බිති සුප්‍රබුද්ධ කුෂ්ඨියා ඇරැබ, දානකථා ද ශීලකථා ද ස්වර්‍ගකථා ද කාමයන්ගේ දෝෂ ද ලාමකබව ද කෙලෙසීම ද නෙක්ඛම්මයෙහි අනුහස් ද පැවැසූ සේක. යම් විටෙක භාග්‍යවතුන් වහන්සේ සුප්‍රබුද්ධ කුෂ්ඨීහු කර්‍මක්‍ෂම සිත් ඇතියහු කෙලෙස් පහ ව මොළොක් සිත් ඇතියහු නීවරණ පහ වූ සිතැත්තහු., (මනා පිළිවෙත්හි) ඔදවැඩි සිතැත්තහු සැදැහැයෙන් පහන් සිතැත්තහු දුටු සේක් ද, ඒ විටැ දුක් යැ සමුදය යැ නිරෝධ යැ මාර්‍ගය යැ යන බුදුවරුන්ගේ යම් සාමුතකර්‍ෂකී දේශනාවෙක් වේ නම් එය පැවසූ සේක. පහ වූ කළුබව් ඇති ශුද්ධ වස්ත්‍රය යම්සේ රඳන් පිළිගන්නේ ද, ඒ පරිද්දෙන් ම සුප්‍රබුද්ධ කුෂ්ඨියාහට ඒ ආසනයෙහි ම, ‘යමක් හටගන්නා ස්වභාවය ඇත් නම් ඒ සියල්ල නැසෙන ස්වභාවය ඇත්තේ යැ’යි පහ වූ කෙලෙස් රජස් ඇති, පහ වූ කෙලෙස්මල ඇති දහම් ඇස පහළ විය.
Pali BJT5. අථ ඛො සුප්පබුද්ධො කුට්ඨී දිට්ඨධම්මො පත්තධම්මො විදිතධම්මො පරියොගාළ්හධම්මො තිණ්ණවිචිකිච්ඡො විගතකථංකථො වෙසාරජ්ජප්පත්තො අපරප්පච්චයො සත්ථුසාසනෙ උට්ඨායාසනා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සුප්පබුද්ධො කුට්ඨී භගවන්තං එතදවොච: “අභික්කන්තං භන්තෙ, අභික්කතං භන්තෙ, සෙය්යථාපි භන්තෙ, නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්ය, පටිච්ඡන්නං වා විවරෙය්ය, මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්ය, අන්ධකාරෙ වා තෙලපජ්ජොතං ධාරෙය්ය චක්ඛුමන්තො රූපානි දක්ඛන්තී”ති. එවමෙවං භගවතා අනෙකපරියායෙන ධම්මො පකාසිතො. එසාහං භන්තෙ භගවන්තං සරණං ගච්ඡාමි, ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච. උපාසකං මං භගවා ධාරෙතු, අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගත”න්ති.
Sinhala BJT5. එ කල්හි සුප්‍රබුද්ධ කුෂ්ඨි තෙම දක්නා ලද සිවුසස් දහම් ඇත්තේ නුවණින් පැමිණි සිවුසස් දහම් ඇත්තේ, ප්‍රකට වූ සිවුසස් දහම් ඇත්තේ, නුවණින් බැසගත් සිවුසස් දහම් ඇත්තේ, ඉක්මි සැක ඇත්තේ, පහවූ විමති ඇත්තේ, ශීලාදිගුණයන්හි විශාරද බවට පැමිණියේ, බුද්ධශාසනයෙහි පරප්‍රත්‍යය නැත්තේ, හුනස්නෙන් නැගී සිටැ, භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හිඳ ගත්තේ ය. එකත්පසෙක හිඳ ගත්තා වූ ම සුප්‍රබුද්ධ කුෂ්ඨි තෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැළ කෙළේ ය: “වහන්ස, දේශනාව අභිකාන්ත ය. වහන්ස, දේශනාව අභිකාන්ත ය. වහන්ස, යම්සේ මුණින් නමා තබන ලද්දක් උඩුකුරු කොට තබන්නේ ද, වැසුණු දැයක් හෝ විවර කරන්නේ ද, මංමුළා වූවකුට මඟ කියන්නේ ද, “ඇස් ඇත්තෝ රූප දකින්නාහ’හි අඳුරෙහි තෙල් පහනක් හෝ දරන්නේ ද, එ පරිද්දෙන් ම භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් කරුණින් දහම් පවසන ලද්දේ ය. වහන්ස, ඒ මම් භාග්‍යවතුන් වහන්සේ ද ධර්‍මය ද භික්‍ෂුසඞ්ඝයා ද සරණ යෙමි, භාග්‍යවතුන් වහන්සේ අද පටන් මා දිවිහිම් කොට සරණ ගිය උපාසකයකු කොට සලකන සේක් වා” යනු යි.
Pali BJT6. අථ ඛො සුප්පබුද්ධො කුට්ඨී භගවතා ධම්මියා කථාය සන්දස්සිතො, සමාදපිතො, සමුත්තෙජිතො, සම්පහංසිතො, භගවතො භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි.
Sinhala BJT6. එකල්හි සුප්‍රබුද්ධ කුෂ්ඨි තෙමේ භාග්‍යවතුන් වහන්සේ විසින් දැහැමි කථායෙන් දක්වන ලද්දේ, උත්සාහවත් කරන ලද්දේ, සතුටු කරන ලද්දේ භාග්‍යවතුන් වහන්සේගේ වචන පිළිගෙන, සතුටු ව, හුනස්නෙන් නැගී සිට භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට නික්ම ගියේ ය.
Pali BJTඅථ ඛො සුප්පබුද්ධං කුට්ඨිං අචිරපක්කන්තං{1} ගාවී තරුණවච්ඡා අධිපාතෙත්වා ජීවිතා වොරොපෙසි.
Sinhala BJTඉක්බිත්තෙන් නික්මැ ගිය නොබෝ වේලා ඇති සුප්‍රබුද්ධ කුෂ්ඨියා පැටවස්සකු ඇති දෙනක් ඇන බිම හෙළා දිවියෙන් තොර කළා ය.
Pali BJT7. අථ ඛො සම්බහුලා භික්ඛූ යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛූ භගවන්තං එතදවොචුං: “යො සො භන්තෙ, සුප්පබුද්ධො නාම කුට්ඨී භගවතා ධම්මියා කථාය සන්දස්සිතො, සමාදපිතො, සමුත්තෙජිතො, සම්පහංසිතො, සො කාලකතො. තස්ස කා ගති, කො අභිසම්පරායො”ති?
Sinhala BJT7. එ කල්හි බොහෝ භික්‍ෂුහු භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක හුන්නාහ. එකත්පසෙක හුන්නාවූ ම ඒ භික්‍ෂූහු “වහන්ස, යම් සුප්‍රබුද්ධ නම් කුෂ්ඨියෙක් භාග්‍යවතුන් වහන්සේ විසින් දැහැමි කථාවෙන් කරුණු ලා දක්වන ලද්දේ ද, සමාදන් කරවන ලද්දේ ද, උත්සාහවත් කරන ලද්දේ ද, සතුටු කරවන ලද්දේ ද, හේ කලුරිය කළේය. ඔහුගේ ගතිය කවර යැ, පරලොවැ පැවැත්ම කවර යැ?” යි ඇසූහ.
Pali BJT8. “පණ්ඩිතො භික්ඛවෙ, සුප්පබුද්ධො කුට්ඨී. පච්චපාදි ධම්මස්සානුධම්මං, න ච මං ධම්මාධිකරණං විහෙසෙසි. සුප්පබුද්ධො භික්ඛවෙ, කුට්ඨී තිණ්ණං සංයොජනානං පරික්ඛයා සොතාපන්නො අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායනො”ති.
Sinhala BJT8. “මහණෙනි, සුප්‍රබුද්ධ නම් කුෂ්ඨි තෙම පණ්ඩිත ය. ධර්‍මානුධර්‍ම ප්‍රතිපන්න වී ය. ධර්‍මාවබෝධ කාරණයෙන් මා නො වෙහෙසී ය. මහණෙනි, සුප්‍රබුද්ධ නම් කුෂ්ඨි තෙම තුන් සංයෝජනයන්ගේ පරික්‍ෂයයෙන් සෝවාන් වූයේ, අපායට නොවැටෙන ස්වභාව ඇත්තේ, සම්‍යක‍්ත්‍වනියමයෙන් නියත වූයේ, ඉදිරි මාර්‍ගත්‍රය (සම්බෝධිය) ප්‍රතිෂ්ඨා කොට ඇත්තේ වි යැ”යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
Pali BJT9. එවං වුත්තෙ අඤ්ඤතරො භික්ඛු භගවන්තං එතදවොච: “කො නු ඛො භන්තෙ, හෙතු, කො පච්චයො යෙන සුප්පබුද්ධො කුට්ඨී අහොසි, මනුස්සදළිද්දො මනුස්සකපණො මනුස්සවරාකො?”ති.
Sinhala BJT9. මෙසේ කී කල්හි එක්තරා මහණෙක් “වහන්ස, යමෙකින් සුප්‍රබුද්ධ තෙම කුෂ්ඨ ඇත්තේ වී ද, මිනිසුන් අතුරෙහි ඉතා දිළින්දෙක්, මිනිසුන් අතරෙහි ඉතා දුගියෙක්, මිනිසුන් අතරෙහි ඉතා ම දීනයෙක් වී ද, එයට හේතුව කවරේ ද, ප්‍රත්‍යය කවරේ දැ”? යි ඇසීය.
Pali BJT10. “භූතපුබ්බං භික්ඛවෙ සුප්පබුද්ධො කුට්ඨී ඉමස්මිං යෙව රාජගහෙ සෙට්ඨිපුත්තො අහොසි. සො උය්යානභූමිං නිය්යන්තො අද්දස තගරසිඛිං පච්චෙකබුද්ධං නගරං පිණ්ඩාය පවිසන්තං, දිස්වානස්ස එතදහොසි: “ක්වායං කුට්ඨී කුට්ඨිචීවරෙන විචරතී’ති, නිට්ඨුභිත්වා අපසබ්යතො{2} කරිත්වා පක්කාමි. සො තස්ස කම්මස්ස විපාකෙන බහූනි වස්සානි බහූනි වස්සසතානි බහූනි වස්සසහස්සානි බහූනි වස්සසතසහස්සානි නිරයෙ පච්චිත්ථ. තස්සෙව කම්මස්ස විපාකාවසෙසෙන ඉමස්මිං යෙව රාජගහෙ කුට්ඨී අහොසි, මනුස්සදළිද්දො මනුස්සකපණො මනුස්සවරාකො. සො තථාගතප්පවෙදිතං ධම්මවිනයං ආගම්ම සද්ධං සමාදියි, සීලං සමාදියි, සුතං සමාදියි, චාගං සමාදියි, පඤ්ඤං සමාදියි. සො තථාගතප්පවෙදිතං ධම්මවිනයං ආගම්ම සද්ධං සමාදියිත්වා සීලං සමාදියිත්වා සුතං සමාදියිත්වා චාගං සමාදියිත්වා පඤ්ඤං සමාදියිත්වා කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපන්නො දෙවානං තාවතිංසානං සහබ්යතං. සො තත්ථ අඤ්ඤෙ දෙවෙ අතිරොචති වණ්ණෙන චෙව යසසා චාති.
Sinhala BJT10. “මහණෙනි, පෙර වූවක් කියම්. සුප්‍රබුද්ධ කුෂ්ඨි තෙම මේ රජගහ පුරයෙහි ම සිටුපුතෙක් විය. හේ උයන්බිමට යන්නේ නුවරට පිඬු පිණිස පිවිසෙන තගරසිඛී පසේබුදු දිටී. දැක ඔබට “සිවුරෙන් ඇඟ වසා හැවිදුනා මේ කුෂ්ඨියා කවරෙක් දැ?”යි මේ සිත විය. මෙසේ සිතා කෙළ එව අපසව්‍ය (නිගරු) කොට නික්ම ගියේ ය. හේ ඒ කර්‍මයේ විපාකයෙන් බොහෝ හවුරුදු, බොහෝ සිය ගණන් හවුරුදු, බොහෝ දහස්ගණන් හවුරුදු, බොහෝ සියදහස්ගණන් හවුරුදු නිරයේ පැසුණේය. ඒ කර්‍මයේ ම ඉතිරි විපාකයෙන් මේ රජගහ පුරයෙහි ම මිනිස්දිළින්දෙක් වූ මිනිස්දුගියෙක් වූ මිනිස්දීනයෙක් වූ කුෂ්ඨියෙක් විය. හේ තථාගතයන් දෙසූ ධර්‍මවිනය නිසා සැදැහැ සමාදන් කොට ගත්තේ ය. සිල් සමාදන් කොට ගත්තේ ය. බහුශ්‍රුත බව සමාදන් කොට ගත්තේ ය. ත්‍යාගය සමාදන් කොට ගත්තේ ය. ප්‍රඥාව සමාදන් කොට ගත්තේ ය. හේ තථාගතප්‍රවේදිත ධර්‍මවිනය නිසා ශ්‍රද්ධාව සමාදන් කොට ගෙන, ශීලය සමාදන් කොට ගෙන, ශ්‍රැතය සමාදන් කොට ගෙන, ත්‍යාගය සමාදන් කොට ගෙන, ප්‍රඥාව සමාදන් කොට ගෙන, කාබුන් මරණින් මතු සුගති සගලොව පැමිණියේ, තව්තිසාවැසි දෙවියන්ගේ සහභාවයට පැමිණියේ ය. හේ එහි පැහැයෙන් ද යශසින් ද අන් දෙවියන් ඉක් මැ බබළා”යැ යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
Pali BJT11. අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:
Sinhala BJT11. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ දැන එ වේලෙහි මේ උදන් ඇනූහ:
Pali BJT“චක්ඛුමා විසමානීව විජ්ජමානෙ පරක්කමෙ. පණ්ඩිතො ජීවලොකස්මිං පාපානි පරිවජ්ජයෙ”ති.
Sinhala BJT“නුවණැස් ඇති පණ්ඩිත තෙමේ කායික වීර්‍ය්‍ය පවත්නා කල්හි විෂම ඇත් අස් ආදීන් මෙන් මේ සත්ලොවෙහි පාපයන් දුරැ ලන්නේ ය.”
Pali BJT5. 4.
Sinhala BJT5. 4.
Pali BJTකුමාරකසුත්තං
Sinhala BJTකුමාරක සූත්‍රය
Pali BJT1. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන සම්බහුලා කුමාරකා අන්තරා ච සාවත්ථිං අන්තරා ච ජෙතවනං මච්ඡකෙ බාධෙන්ති. අථ ඛො භගවා පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය සාවත්ථිං පිණ්ඩාය පාවිසි. අද්දසා ඛො භගවා තෙ සම්බහුලෙ කුමාරකෙ අන්තරා ච සාවත්ථිං අන්තරා ච ජෙතවනං මච්ඡකෙ බාධෙන්තෙ. දිස්වාන යෙන තෙ කුමාරකා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා තෙ කුමාරකෙ එතදවොච: “භායථ තුම්හෙ{1} කුමාරකා, දුක්ඛස්ස? අප්පියං වො දුක්ඛං?”ති? “එවං භන්තෙ, භායාම මයං{2} දුක්ඛස්ස, අප්පියං නො දුක්ඛං”ති.
Sinhala BJT1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවරැ ජේතවන නම් වූ අනේපිඬු අරමෙහි වැඩ වසන සේක. එ සමයෙහි වනාහි බොහෝ දරුවෝ සැවැතටත් දෙව්රමටත් අතරැ මසුන් පෙළත්. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරු සමයෙහි හැඳ පෙරෙවැ පාසිවුරු ගෙන සැවැතට පිඬු පිණිස පිවිසි සේක. භාග්‍යවතුන් වහන්සේ සැවැතටත් දෙව්රමටත් අතරැ මසුන් පෙළන ඒ දරුවන් දුටු සේක. දැක ඒ දරුවන් කරා එළැඹියහ. එළැඹ “දරුවෙනි, තෙපි දුකට බිය ඇත්තවු ද? දුක තොපට අප්‍රිය දැ?”යි අසා වදාළ සේක. “එසේය වහන්ස, අපි දුකට බමු. අපට දුක අප්‍රිය යැ”යි ඔහු කීහ.
Pali BJT2. අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:
Sinhala BJT2. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ සලකා එ වේලෙහි මේ උදන් ඇනූ සේක:
Pali BJT“සචෙ භායථ දුක්ඛස්ස සචෙ වො දුක්ඛමප්පියං, මා’කත්ථ පාපකං කම්මං ආවි වා යදි වා රහො.
Sinhala BJT“ඉදින් දුකට බවු නම්, ඉදින් දුක තොපට අප්‍රිය නම්, එළියේ හෝ රහසේ හෝ පව්කම් නො කරවු.
Pali BJT“සචෙ ච පාපකං කම්මං කරිස්සථ කරොථ වා, න වො දුක්ඛා පමුත්ත්යත්ථි උපෙච්චපි පලායතං”ති.
Sinhala BJTඉදින් පව්කම් කරවු නම් හෝ කරන්නහු නම් හෝ එය දැන පලා යන්නා වූ ද තොපට දුකින් මිදීමෙක් නැත.”
Pali BJT5. 5.
Sinhala BJT5. 5.
Pali BJTඋපොසථසුත්තං
Sinhala BJTඋපෝසථ සූත්‍රය
Pali BJT1. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති පුබ්බාරාමෙ මිගාරමාතුපාසාදෙ. තෙන ඛො පන සමයෙන භගවා තදහුපොසථෙ භික්ඛුසඞ්ඝපරිවුතො නිසින්නො හොති. අථ ඛො ආයස්මා ආනන්දො අභික්කන්තාය රත්තියා නික්ඛන්තෙ පඨමෙ යාමෙ උට්ඨායාසනා එකංසං චීවරං කත්වා යෙන භගවා තෙනඤ්ජලිං පණාමෙත්වා භගවන්තං එතදවොච: “අභික්කන්තා භන්තෙ, රත්ති. නික්ඛන්තො පඨමො යාමො. චිරනිසින්නො භික්ඛුසඞ්ඝො. උද්දිසතු, භන්තෙ, භගවා භික්ඛූනං පාතිමොක්ඛං”ති. එවං වුත්තෙ භගවා තුණ්හී අහොසි. දුතියම්පි ඛො ආයස්මා ආනන්දො අභික්කන්තාය රත්තියා නික්ඛන්තෙ මජ්ඣිමෙ යාමෙ, උට්ඨායාසනා එකංසං චීවරං කත්වා යෙන භගවා තෙනඤ්ජලිං පණාමෙත්වා භගවන්තං එතදවොච: “අභික්කන්තා භන්තෙ රත්ති. නික්ඛන්තො මජ්ඣිමො යාමො. චිරනිසින්නො භික්ඛුසඞ්ඝො. උද්දිසතු භන්තෙ, භගවා භික්ඛූනං පාතිමොක්ඛං”ති. දුතියම්පි ඛො භගවා තුණ්හී අහොසි. තතියම්පි ඛො ආයස්මා ආනන්දො අභික්කන්තාය රත්තියා නික්ඛන්තෙ පච්ඡිමෙ යාමෙ උද්ධටෙ අරුණෙ නන්දිමුඛියා රත්තියා උට්ඨායාසනා එකංසං චීවරං කත්වා යෙන භගවා තෙනඤ්ජලිං පණාමෙත්වා භගවන්තං එතදවොච: “අභික්කන්තා භන්තෙ රත්ති. නික්ඛන්තො පච්ඡිමො යාමො. උද්ධටො අරුණො, නන්දිමුඛී රත්ති. චිරනිසින්නො භික්ඛුසඞ්ඝො. උද්දිසතු භන්තෙ, භගවා භික්ඛූනං පාතිමොක්ඛං”ති. “අපරිසුද්ධා, ආනන්ද පරිසා’ති.
Sinhala BJT1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවරැ සමීපයෙහි වූ මෘගාරිමාතෘප්‍රාසාද නම් වූ පූර්‍වාරාමයෙහි වැඩ වසන සේක. එ සමයෙහි භාග්‍යවතුන් වහන්සේ පොහොලත් එදින බික්සඟන විසින් පිරිවරුණාහු වැඩහුන් සේක් වෙති. එකල්හි අනඳ තෙරණුවෝ රෑ බොහෝ වේලා ඉක්මැ ගිය කල්හි, පළමු යම ගෙවුණු කල්හි හුනස්නෙන් නැඟි සිට සිවුර එකස් කොට භාග්‍යවතුන් දසට ඇඳිලි නමා “වහන්ස, රෑ බොහෝ ඉක්මියේ ය. පෙර යම ගෙවිණ. බික්සඟ හිඳගත් බොහෝ වේලා ඇත්තේ ය. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූනට පාමොක් දෙසන සේක්වා”යි කීහ. මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණීම්භූත වු සේක. දෙවෙනි වර ද අනඳ තෙරණුවෝ රැය බොහෝ ඉක්මුණු කල්හි, මැදුම්යම ගෙවුණු කල්හි හුනස්නෙන් නැගිට, සිවුර එකස් කොට භාග්‍යවතුන් වහන්සේ දසට ඇඳිලි නමා, “වහන්ස, රෑ බොහෝ ඉක්මැ ගියේ ය. මැදුම් යම ගෙවිණ … පාමොක් උදෙසන සේක්වා”යි කීහ. දෙවෙනි වරද භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණීම්භූත වු සේක. තෙවෙනි වර ද අනඳ තෙරණුවෝ රෑ බොහෝ ඉක්මි කල්හි, පැසිම් යම ගෙවුණු කල්හි අරුණු නැඟි කල්හි රෑ පාන වන වේලෙහි හුනස්නෙන් නැගී සිට සිවුර එකස් කොට, භාග්‍යවතුන් වහන්සේ දසට ඇඳිලි නමා “වහන්ස, රෑ බොහෝ ඉක්ම ගියේ ය. පැසිම් යම ගෙවුණේ ය. අරුණු නැංගේ ය. රෑ පාන් වීමට ළං වැ ඇත. බික්සඟහු හිඳගත් බොහෝ වේලා ඇත්තාහ. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ පාමොක් උදෙසන සේක්වා”යි කීහ. ‘අනඳයෙනි, පිරිස අපිරිසිදු යැ’යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
Pali BJT2. අථ ඛො ආයස්මතො මහාමොග්ගල්ලානස්ස එතදහොසි: “කං නු ඛො භගවා පුග්ගලං සන්ධාය එවමාහ: ‘අපරිසුද්ධා, ආනන්ද, පරිසා’ති. අථ ඛො ආයස්මා මහාමොග්ගල්ලානො සබ්බාවන්තං භික්ඛුසඞ්ඝං චෙතසා චෙතො පරිච්ච මනසාකාසි. අද්දසා ඛො ආයස්මා මහාමොග්ගල්ලානො තං පුග්ගලං දුස්සීලං පාපධම්මං අසුචිසඞ්කස්සරසමාචාරං පටිච්ඡන්නකම්මන්තං අස්සමණං සමණපටිඤ්ඤං අබ්රහ්මචාරිං බ්රහ්මචාරීපටිඤ්ඤං අන්තොපූතිං අවස්සුතං කසම්බුජාතං මජ්ඣෙ භික්ඛුසඞ්ඝස්ස නිසින්නං. දිස්වාන උට්ඨායාසනා යෙන සො පුග්ගලො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා තංපුග්ගලං එතදවොච: “උට්ඨෙහාවුසො, දිට්ඨොසි භගවතා. නත්ථි තෙ භික්ඛූහි සද්ධිං සංවාසො’ති. අථ ඛො සො පුග්ගලො තුණ්හී අහොසි. දුතියම්පි ඛො ආයස්මා මහාමොග්ගල්ලානො තං පුග්ගලං එතදවොච: “උට්ඨෙහාවුසො, දිට්ඨොසි භගවතා. නත්ථි තෙ භික්ඛූහි සද්ධිං සංවාසො’ති. දුතියම්පි ඛො සො පුග්ගලො තුණ්හී අහොසි. තතියම්පි ඛො ආයස්මා මහාමොග්ගල්ලානො තං පුග්ගලං එතදවොච: “උට්ඨෙහාවුසො, දිට්ඨොසි භගවතා. නත්ථි තෙ භික්ඛූහි සද්ධිං සංවාසො’ති. තතියම්පි ඛො සො පුග්ගලො තුණ්හී අහොසි.
Sinhala BJT2. එකල්හි ‘අනඳයෙනි, පිරිස අපිරිසිදු යැ’යි භාග්‍යවතුන් වහන්සේ කවර පුගුලකු සඳහා මෙසේ වදාළ සේක් දැ?’යි මහමුගලන් තෙරණුවන්ට මේ සිත විය. ඉක්බිති මහමුගලන් තෙරණුවෝ එක් කෙනෙකුනුදු නොහැර සියලු ම භික්‍ෂුසඞ්ඝයා සිය සිතින් ඔවුන් සිත පිරිසිඳැ බැලූ සේක. පාපස්වභාවය ඇති, සැකයෙන් සිහි කටයුතු පැවතුම් ඇති, වැසුණු කර්‍ම ඇති, අශ්‍රමණ වූ, ශ්‍රමණයෙමි යි ප්‍රතිඥා ඇති, බඹසර නැති, බඹසැරිමි යි පිළින ඇති, ඇතුළත කුණු වූ, රාගාදි කෙලෙස් වැස්සෙන් තෙත් වූ, හටගත් කෙලෙස් කසළ ඇති, බික්සඟන මැද හුන් ඒ දුසිල් පුඟුලා ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ දුටහ. දැක හුනස්නෙන් නැගිට ඒ පුගුලා වෙත වැඩියහ. වැඩ ඇවැත, නැඟීසිටුව, භාග්‍යවතුන් වහන්සේ විසින් දක්නා ලද්දෙහි. තොපට භික්‍ෂූන් හා සහවාසයෙක් නැතැ යි වදාළහ. එකලැ එ පුගුල් නිහඬ වැ හුන්නේ ය. දෙවෙනි වර ද මහමුගලන් තෙරණුවෝ එ පුගුලාට ‘ඇවැත, නැඟීසිටුව. භාග්‍යවතුන් වහන්සේ විසින් දක්නා ලද්දෙහි. තොපට භික්‍ෂූන් හා එක් වැ විසීමෙක් නැතැ’යි වදාළහ. දෙවෙනි වර ද එ පුගුලා නිහඬ වැ හුන්නේ ය. තෙවෙනි වරද, මහමුගලන් තෙරණුවෝ ‘ඇවැත, නැඟීසිටුව, භාග්‍යවතුන් වහන්සේ විසින් දක්නා ලද්දෙහි. තොපට භික්‍ෂූන් හා එක් වැ විසීමෙක් නැතැ”යි වදාළහ. තෙවෙනි වරද, එ පුගුලා නිහඬ වැ හුන්නේ ය.
Pali BJT3. අථ ඛො ආයස්මා මහාමොග්ගල්ලානො තං පුග්ගලං බාහායං ගහෙත්වා බහිද්වාරකොට්ඨකා නික්ඛාමෙත්වා සූචිඝකං දත්වා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං එතදවොච: “නික්ඛාමිතො භන්තෙ, සො පුග්ගලො මයා. පරිසුද්ධා පරිසා. උද්දිසතු භන්තෙ, භගවා භික්ඛූනං පාතිමොක්ඛං”ති. “අච්ඡරියං, මොග්ගල්ලාන, අබ්භුතං මොග්ගල්ලාන, යාව බාහා ගහණාපි නාම සො මොඝපුරිසො ආගමෙස්සතී”ති.
Sinhala BJT3. එකල්හි මහමුගලන් තෙරණුවෝ ඒ පුගුලා අතැ ගෙන දොරොටුවෙන් පිටතට නික්මවා අගුල්හිද්ද ද මත්තෙහි ඝටිකාව ද ලා (මොනොවට දොර වසා) භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේට, “වහන්ස, ඒ පුගුලා මා විසින් නික්මවන ලද්දේ ය. පිරිස පිරිසිදු ය. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූනට පාමොක් උදෙසන සේක් වා”යි සැළ කළහ. “ආශ්චර්‍ය්‍යය, මුගලනෙනි, අද්භූත ය, මුගලනෙනි, අතින් ගන්නා තුරු ම ඒ හිස් පුරිස් තෙම ලැසි වූයේ යැ!”යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
Pali BJT4. අථ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි: “න දානාහං භික්ඛවෙ, ඉතොපරං උපොසථං කරිස්සාමි පාතිමොක්ඛං උද්දිසිස්සාමි. තුම්හෙව දානි භික්ඛවෙ ඉතොපරං උපොසථං කරෙය්යාථ, පාතිමොක්ඛං උද්දිසෙය්යාථ. අට්ඨානමෙතං භික්ඛවෙ අනවකාසො, යං තථාගතො අපරිසුද්ධාය පරිසාය උපොසථං කරෙය්ය, පාතිමොක්ඛං උද්දිසෙය්ය.”
Sinhala BJT4. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් අමතා මෙසේ වදාළ සේක: “මහණෙනි, දැන් මෙයින් මතු පොහෝ නො කරන්නෙමි. පාමොක් නො උදෙසන්නෙමි. මහණෙනි, දැන් මෙයින් මතු තෙපි ම පොහෝ කරවු. පාමොක් උදෙසවු. මහණෙනි, ‘තථාගත තෙම අපිරිසිදු පිරිසෙහි පොහේ කරන්නේ ය, පාමොක් උදෙසන්නේ ය’ යන යමෙක් ඇද් ද. මෙය නොකරුණෙකි, නොවිය හැක්කෙකි.
Pali BJT5. අට්ඨිමෙ, භික්ඛවෙ, මහාසමුද්දෙ අච්ඡරියා අබ්භුතා ධම්මා, යෙ දිස්වා දිස්වා අසුරා මහාසමුද්දෙ අභිරමන්ති. කතමෙ අට්ඨ{1}
Sinhala BJT5. මහණෙනි, යම් දෑ දැක දැක අසුරයෝ මහමුදෙහි ඇලෙත් නම් මහමුදෙහි වූ මේ අසිරිමත් පුදුම අටෙකි. කවර අටෙක් ද? යත්:
Pali BJT(1.) මහාසමුද්දො භික්ඛවෙ, අනුපුබ්බනින්නො, අනුපුබ්බපොණො, අනුපුබ්බපබ්භාරො, නායතකෙනෙව පපාතො. යං භික්ඛවෙ මහාසමුද්දො අනුපුබ්බනින්නො, අනුපුබ්බපොණො, අනුපුබ්බපබ්භාරො, නායතකෙනෙව පපාතො. අයං භික්ඛවෙ, මහාසමුද්දෙ පඨමො අච්ඡරියො අබ්භුතො ධම්මො, යං යං දිස්වා දිස්වා අසුරා මහාසමුද්දෙ අභිරමන්ති.
Sinhala BJT(1) මහණෙනි, මහමුහුද පිළිවෙළින් නිම්න ය. පිළිවෙළින් නැඹුරු ය. පිළිවෙළින් නිම්නයට බර වූයේ ය. එක එල්ලේ ම බෑවුම නො වේ. මහණෙනි, මහමුහුද පිළිවෙළින් නිම්න ය, පිළිවෙළින් නැඹුරු ය. පිළිවෙළින් නිම්නයට බර වූයේ ය. එක එල්ලේ ම බෑවුම නො වේ යන යමෙක් ඇද්ද, මහණෙනි, යමක් දැක දැක අසුරයෝ මහමුහුදෙහි ඇලෙත් නම් ඒ පළමුවන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මයෝ වේ.
Pali BJT(2.) පුන චපරං භික්ඛවෙ, මහාසමුද්දො ඨිතධම්මො වෙලං නාතිවත්තති. යං භික්ඛවෙ, මහාසමුද්දො ඨිතධම්මො වෙලං නාතිවත්තති. අයම්පි භික්ඛවෙ මහාසමුද්දෙ දුතියො අච්ඡරියො අබ්භුතො ධම්මො, යං දිස්වා දිස්වා අසුරා මහාසමුද්දෙ අභිරමන්ති.
Sinhala BJT(2) තව ද මහණෙනි, මහමුහුද ස්ථිත ස්වභාව ඇත්තේ වෙරළ ඉක්ම නො යෙයි. මහණෙනි, මහමුහුද ස්ථිත ස්වභාව ඇත්තේ වෙරළ ඉක්ම නොයේ යන යමෙක් ඇද්ද, මහණෙනි, මේ තෙම යමක් දැක දැක අසුරයෝ මහමුහුදෙහි ඇලෙත් නම් ඒ දෙවෙනි ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය යි.
Pali BJT(3.) පුන චපරං භික්ඛවෙ, මහාසමුද්දො න මතෙන කුණපෙන සංවසති. යං යං හොති මහාසමුද්දෙ මතං කුණපං, තං ඛිප්පඤ්ඤෙව තීරං වාහෙති,{1} ථලං උස්සාදෙති{2}. යං භික්ඛවෙ මහාසමුද්දො න මතෙන කුණපෙන සංවසති, යං හොති මහාසමුද්දෙ මතං කුණපං, තං ඛිප්පඤ්ඤෙව තීරං වාහෙති, ථලං උස්සාදෙති. අයම්පි භික්ඛවෙ, මහාසමුද්දෙ තතියො අච්ඡරියො අබ්භුතො ධම්මො, යං දිස්වා දිස්වා අසුරා මහාසමුද්දෙ අභිරමන්ති.
Sinhala BJT(3) තව ද මහණෙනි, මහමුහුද මළකුණු හා එක් වැ නො වසයි. මහමුහුදෙහි යම් මළකුණෙක් වේ නම්, එය වහා ම මුහුදුතෙරට පමුණුවයි, ගොඩට නගයි. මහණෙනි, මහමුහුද මළකුණු හා එක් වැ නො වසයි, මළකුණු ගොඩට නගයි යන යමෙක් ඇද්ද, මහණෙනි, මෙය ද අසුරයෝ යමක් දැක දැක මහමුහුදෙහි ඇලෙත් නම්, මහමුහුදෙහි ඒ තෙවෙනි ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය වේ.
Pali BJT(4.) පුන චපරං භික්ඛවෙ, යා කාචි මහානදියො, සෙය්යථිදං: ගඞ්ගා, යමුනා, අචිරවතී, සරභූ, මහී. තා මහාසමුද්දං පත්වා ජහන්ති පුරිමානි නාමගොත්තානි, මහාසමුද්දොත්වෙව සඞ්ඛං ගච්ඡන්ති. යං භික්ඛවෙ, යා කාචි මහානදියො, සෙය්යථිදං: ගඞ්ගා, යමුනා, අචිරවතී, සරභූ, මහී. තා මහාසමුද්දං පත්වා ජහන්ති පුරිමානි නාමගොත්තානි, මහාසමුද්දොත්වෙව සඞ්ඛං ගච්ඡන්ති. අයම්පි භික්ඛවෙ මහාසමුද්දෙ චතුත්ථො අච්ඡරියො අබ්භුතො ධම්මො, යං දිස්වා දිස්වා අසුරා මහාසමුද්දෙ අභිරමන්ති.
Sinhala BJT(4) තව ද මහණෙනි, ගඞ්ගා යමුනා අචිරවතී සරභූ මහී යන යම් මහා නදී කෙනෙක් වෙත් ද, ඔහු මහමුහුදට පැමිණියෝ පළමු නම් ගොත් හරිති. මහමුහුදැ යි ම ව්‍යවහාරයට යෙත්. මහණෙනි, ගඞ්ගා යමුනා ... යම් නදී කෙනෙක් වෙත් ද, ඔහු මහ මුහුදැ යි ම ව්‍යවහාරයට යන යමෙක් ඇද්ද, මෙය ද මහණෙනි, යමක් දැක දැක අසුරයෝ මහමුහුදෙහි ඇලෙත් නම්, ඒ සිවුවන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය වේ.
Pali BJT(5.) පුන චපරං භික්ඛවෙ, යා ච ලොකෙ සවන්තියො මහාසමුද්දං අප්පෙන්ති, යා ච අන්තලික්ඛා ධාරා පපතන්ති, න තෙන මහාසමුද්දස්ස ඌනත්තං වා පූරත්තං වා පඤ්ඤායති. යං භික්ඛවෙ, යා ච ලොකෙ සවන්තියො මහාසමුද්දං අප්පෙන්ති, යා ච අන්තළික්ඛා ධාරා පපතන්ති, න තෙන මහාසම්මුද්දස්ස ඌනත්තං වා පූරත්තං වා පඤ්ඤායති. අයම්පි භික්ඛවෙ, මහාසමුද්දෙ පඤ්චමො අච්ඡරියො අබ්භුතධම්මො,{3} යං දිස්වා දිස්වා අසුරා මහාසමුද්දෙ අභිරමන්ති.
Sinhala BJT(5) තව ද මහණෙනි, ලොවැ යම් ගං හෝ කෙනෙක් මහමුහුදට ගලා බසිත් ද, අහසින් යම් වැසිදහර කෙනෙක් වැටෙත් ද, එයින් මහමුහුදේ අඩුබවෙක් හෝ පිරුණු බවෙක් හෝ නො පැණෙයි. මහණෙනි, යම් ගං හෝ කෙනෙක් ගලා බසිත් ද, අහසින් යම් වැසිදහර කෙනෙක් හෙත් ද, එයින් මහමුහුදේ අඩුබවෙක් හෝ පිරුණු බවෙක් හෝ නො පැණේ යන යමෙක් ඇද්ද, මහණෙනි, මෙය ද යමක් දැක දැක අසුරයෝ මහමුහුදෙහි ඇලෙත් නම්, ඒ මහමුහුදෙහි වූ පස්වන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය වේ.
Pali BJT(6.) පුන චපරං භික්ඛවෙ, මහාසමුද්දො එකරසො ලොණරසො. යං භික්ඛවෙ, මහාසමුද්දො එකරසො ලොණරසො, අයම්පි භික්ඛවෙ, මහාසමුද්දෙ ඡට්ඨො අච්ඡරියො අබ්භුතධම්මො, යං දිස්වා දිස්වා අසුරා මහාසමුද්දෙ අභිරමන්ති.
Sinhala BJT(6) තව ද මහණෙනි, මහමුහුද එක් රස ම ඇත්තේ ලුණුරස ඇත්තේ වේ. මහණෙනි, මහමුහුද එක් රස ම ඇත්තේ ලුණුරස ඇත්තේ වේ යන යමෙක් ඇද්ද, මහණෙනි, යමක් දැක දැක අසුරයෝ මහමුහුදෙහි ඇලෙත් නම් මෙය ද මහමුහුදෙහි වූ සවන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය වේ.
Pali BJT(7.) පුන චපරං භික්ඛවෙ මහාසමුද්දො බහුරතනො, අනෙකරතනො. තත්රිමානි රතනානි, සෙය්යථිදං: මුත්තා, මණි, වෙළුරියො සඞ්ඛො, සිලා, පවාළං, රජතං, ජාතරූපං, ලොහිතඞ්කො, මසාරගල්ලං. යං භික්ඛවෙ මහාසමුද්දො බහුරතනො අනෙකරතනො, තත්රිමානි රතනානි. සෙය්යථිදං: මුත්තා, මණි, වෙළුරියො, සඞ්ඛො, සිලා, පවාළං, රජතං, ජාතරූපං, ලොහිතඞ්කො මසාරගල්ලං. අයම්පි භික්ඛවෙ මහාසමුද්දෙ සත්තමො අච්ඡරියො අබ්භුතධම්මො, යං දිස්වා දිස්වා අසුරා මහාසමුද්දෙ අභිරමන්ති.
Sinhala BJT(7) තව ද මහණෙනි, මහමුහුද බොහෝ රුවන් ඇත්තේ ය. නොයෙක් රුවන් ඇත්තේ ය. එහි මුතු මිණි මිණි වෙරළු සක් සිලා පබළු රිදී රන් රත්මිණි මැසිරිගල් යන මේ රුවන්හු වෙත්. මහණෙනි, මහමුහුද බොහෝ රුවන් ඇත්තේ ය ... මේ රුවන්හු වෙත් යන යමෙක් ඇද්ද, මහණෙනි, මෙය ද, යමක් දැක දැක අසුරයෝ මහමුහුදෙහි ඇලෙත් නම්, ඒ සත්වන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය වේ.
Pali BJT(8.) පුන චපරං භික්ඛවෙ, මහාසමුද්දො මහතං භූතානං ආවාසො. තත්රිමෙ භූතා: තිමි, තිමිඞ්ගලො, තිමිරපිඞ්ගලො, අසුරා, නාගා, ගන්ධබ්බා. සන්ති මහාසමුද්දෙ යොජනසතිකාපි අත්තභාවා, ද්වියොජනසතිකාපි අත්තභාවා, තියොජනසතිකාපි අත්තභාවා, චතුයොජනසතිකාපි අත්තභාවා, පඤ්චයොජනසතිකාපි අත්තභාවා. යං භික්ඛවෙ, මහාසමුද්දො මහතං භූතානං ආවාසො. තත්රිමෙ භූතා: තිමි, තිමිඞ්ගලො, තිමිරපිඞ්ගලො, අසුරා, නාගා, ගන්ධබ්බා. සන්ති මහාසමුද්දෙ යොජනසතිකාපි අත්තභාවා, ද්වියොජනසතිකාපි අත්තභාවා, තියොජනසතිකාපි අත්තභාවා, චතුයොජනසතිකාපි අත්තභාවා, පඤ්චයොජනසතිකාපි අත්තභාවා. අයම්පි භික්ඛවෙ, මහාසමුද්දෙ අට්ඨමො අච්ඡරියො අබ්භුතධම්මො, යං දිස්වා දිස්වා අසුරා මහාසමුද්දෙ අභිරමන්ති.
Sinhala BJT(8) තවද මහණෙනි, මහමුහුද මහත් සත්ත්‍වයනට වාසස‍්ථානය වේ. එහි තිමි තිමිඞ්ගල තිමිරපිඞ්ගල අසුර නාග ගන්‍ධර්‍ව යන මේ සත්ත්‍වයෝ වෙති. මහමුහුදෙහි යොදුන් සියක් පමණ වු අත්බව් ඇත්තෝ ද, යොදුන් දෙසියක් පමණ අත්බව් ඇත්තෝ ද, යොදුන් තුන්සියක් පමණ වු අත්බව් ඇත්තෝ ද, යොදුන් සාරසියක් පමණ අත්බව් ඇත්තෝ ද, යොදුන් පන්සියක් පමණ අත්බව් ඇත්තෝ ද වෙත්. මහණෙනි, මහමුහුද මහත් සතුන්ගේ වාසස්ථානය වෙයි ... එහි … යොදුන් පන්සියක් පමණ අත්බව් ඇත්තෝ ද වෙත් යන යමෙක් ඇද්ද, මහණෙනි, යමක් දැක දැක අසුරයෝ මහමුහුදෙහි ඇලෙත් නම්, මෙය ද මහමුහුදෙහි වූ ඒ අටවන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය වේ.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ, මහාසමුද්දෙ අට්ඨ අච්ඡරියා අබ්භුතධම්මා{1} යෙ දිස්වා දිස්වා අසුරා මහාසමුද්දෙ අභිරමන්ති.
Sinhala BJTමහණෙනි, යමක් දැක දැක අසුරයෝ මහමුහුදෙහි ඇලෙත් නම් මොහු ඒ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍ම අට ය.
Pali BJT6. එවමෙව ඛො භික්ඛවෙ, ඉමස්මිං ධම්මවිනයෙ අට්ඨ අච්ඡරියා අබ්භුතධම්මා{2} යෙ දිස්වා දිස්වා භික්ඛූ ඉමස්මිං ධම්මවිනයෙ අභිරමන්ති. කතමෙ අට්ඨ?
Sinhala BJT6. මහණෙනි, එපරිද්දෙන් ම යම් දෑ දැක දැක මහණහු මේ සස්නෙහි ඇලෙත් ද, එසේ වූ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මයෝ අට දෙනෙක් මෙ සස්නෙහි ඇත. කවර අට දෙනෙක් ද? යත්:
Pali BJT(1.) සෙය්යථාපි භික්ඛවෙ, මහාසමුද්දො අනුපුබ්බනින්නො, අනුපුබ්බපොණො, අනුපුබ්බපබ්භාරො, නායතකෙනෙව පපාතො. එවමෙව ඛො භික්ඛවෙ, ඉමස්මිං ධම්මවිනයෙ අනුපුබ්බසික්ඛා, අනුපුබ්බකිරියා, අනුපුබ්බපටිපදා, නායතකෙනෙව අඤ්ඤාපටිවෙධො. යං භික්ඛවෙ, ඉමස්මිං ධම්මවිනයෙ අනුපුබ්බසික්ඛා, අනුපුබ්බකිරියා, අනුපුබ්බපටිපදා, නායතකෙනෙව අඤ්ඤාපටිවෙධො. අයං භික්ඛවෙ, ඉමස්මිං ධම්මවිනයෙ පඨමො අච්ඡරියො අබ්භුතධම්මො,{3} යං දිස්වා දිස්වා භික්ඛූ ඉමස්මිං ධම්මවිනයෙ අභිරමන්ති.
Sinhala BJT(1) මහණෙනි, මහමුහුද යම් සේ පිළිවෙළින් නිම්න වූයේ පිළිවෙළින් ගැඹුරු වූයේ, පිළිවෙළින් නිම්නයට බර වූයේ, එක එල්ලේ ම බෑවුම් නැත්තේ වේ ද, එසේ ම මහණෙනි, මේ සස්නෙහි අනුපූර්‍වශික්‍ෂා අනුපූර්‍වක්‍රියා අනුපූර්‍ව ප්‍රතිපදා වේ. පිළිවෙළ ඉක්මැ (ශිලසමාධිප්‍රඥා නො පුරා) එක්වන ම රහත්බව් පැමිණීම නො වේ. මහණෙනි, මේ සස්නෙහි අනුපූර්‍වශික්‍ෂා … වේ .. එක් වන ම රහත්බව් පැමිණීම නො වේ යන යමෙක් ඇද්ද, මහණෙනි, මේ තෙම, යමක් දැක දැක මහණහු මෙ සස්නෙහි ඇලෙත් නම්, ඒ මේ සස්නෙහි ඇති පළමු වන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය වේ.
Pali BJT(2.) සෙය්යථාපි භික්ඛවෙ, මහාසමුද්දො ඨිතධම්මො වෙලං නාතිවත්තති, එවමෙව ඛො භික්ඛවෙ යං මයා සාවකානං සික්ඛාපදං පඤ්ඤත්තං, තං මම සාවකා ජීවිතහෙතු පි නාතික්කමන්ති. යං භික්ඛවෙ මයා සාවකානං සික්ඛාපදං පඤ්ඤත්තං තං මම සාවකා ජීවිතහෙතු පි නාතික්කමන්ති. අයම්පි භික්ඛවෙ ඉමස්මිං ධම්මවිනයෙ දුතියො අච්ඡරියො අබ්භුතධම්මො,{4} යං දිස්වා දිස්වා භික්ඛූ ඉමස්මිං ධම්මවිනයෙ අභිරමන්ති.
Sinhala BJT(2) මහණෙනි, යම් සේ මහාසමුද්‍රය ස්ථිතභාවය ඇත්තේ වෙරළ ඉක් මැ නො යේ ද, එසේ ම මහණෙනි, මා විසින් සව්වනට යම් සිකපදයෙක් පණවන ලද නම්. එය මා සව්වෝ (සෝවාන් ආදි ආර්‍ය්‍යශ්‍රාවකයෝ) ජීවිත හේතුයෙනුදු ඉක්මැ නො යෙත්. මහණෙනි, මා විසින් සව්වනට යම් සිකපදයෙක් පණවන ලද නම් එය මා සව්වෝ ජීවිතහේතුයෙනුදු ඉක්මැ නොයෙත් යන යමෙක් ඇද්ද, මහණෙනි, මෙයද, යමක් දැක දැක මහණහු මෙ සස්නෙහි ඇලෙත් නම්, මෙ සස්නෙහි වූ ඒ දෙවෙනි ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය වේ.
Pali BJT(3.) සෙය්යථාපි භික්ඛවෙ, මහාසමුද්දො න මතෙන කුණපෙන සංවසති, යං හොති මහාසමුද්දෙ මතං කුණපං තං ඛිප්පඤ්ඤෙව තීරං වාහෙති, ථලං උස්සාදෙති. එවමෙව ඛො භික්ඛවෙ යො සො පුග්ගලො දුස්සීලො පාපධම්මො අසුචි සඞ්කස්සරසමාචාරො පටිච්ඡන්නකම්මන්තො, අස්සමණො සමණපටිඤ්ඤො අබ්රහ්මචාරී බ්රහ්මචාරිපටිඤ්ඤො, අන්තොපූති අවස්සුතො කසම්බුජාතො, න තෙන සඞ්ඝො සංවසති. අථ ඛො නං ඛිප්පඤ්ඤෙව සන්නිපතිත්වා උක්ඛිපති.
Sinhala BJT(3) මහණෙනි, යම් සේ මහමුහුද මළකුණු හා එක් වැ නො වෙසේ ද, මහමුහුදෙහි යම් මළ කුණෙක් වී නම් එය වහා ම මුහුදු තෙරට පමුණුවා ද, ගොඩට නඟා ද, එසේ ම මහණෙනි, දුශ්ශීල වූ පාපස්වභාව ඇති, අශුද්ධ වූ, සැකයෙන් සිහි කටයුතු පැවැතුම් ඇති, වැසුණු කර්‍ම ඇති, අශ්‍රමණ වැ ශ්‍රමණයෙමි යි පිළින කරන, අබ්‍රහ්මචාරී වැ බ්‍රහ්මචාරීමි යි පිළින කරන, ඇතුළත කුණු වූ, රාගාදියෙන් තෙත් වූ, හටගත් කෙලෙස් කසළ ඇති යම් පුඟුලෙක් වේ ද, සඞ්ඝයා ඔහු හා එක්වැ නො වෙසේ. වැලි බික්සඟන වහාම රැස් වැ ඔහු නෙරපයි.
Pali BJTකිඤ්චාපි සො හොති මජ්ඣෙ භික්ඛුසඞ්ඝස්ස නිසින්නො, අථ ඛො සො ආරකාව සඞ්ඝම්හා, සඞ්ඝො ච තෙන. යං භික්ඛවෙ, යො සො පුග්ගලො දුස්සීලො, පාපධම්මො අසුචිසඞ්කස්සරසමාචාරො පටිච්ඡන්නකම්මන්තො අස්සමණො සමණපටිඤ්ඤො, අබ්රහ්මචාරී බ්රහ්මචාරිපටිඤ්ඤො, අන්තොපූති, අවස්සුතො, කසම්බුජාතො, න තෙන සඞ්ඝො සංවසති. අථ ඛො නං ඛිප්පඤ්ඤෙව සන්නිපතිත්වා උක්ඛිපති, කිඤ්චාපි සො හොති මජ්ඣෙ භික්ඛුසඞ්ඝස්ස නිසින්නො, අථ ඛො සො ආරකාව සඞ්ඝම්හා, සඞ්ඝො ච තෙන. අයම්පි භික්ඛවෙ, ඉමස්මිං ධම්මවිනයෙ තතියො අච්ඡරියො අබ්භුතධම්මො,{1} යං දිස්වා දිස්වා භික්ඛූ ඉමස්මිං ධම්මවිනයෙ අභිරමන්ති.
Sinhala BJTහේ බික්සඟන මැද හුන්නේ වී නමුදු වැලි හේ සඞ්ඝයා කෙරෙන් ද සඞ්ඝයා ඔහු කෙරෙන් ද ඈත් ම යැ. මහණෙනි, දුශ්ශීල වූ පාපස්වභාව ඇති, අශුද්ධ වූ .... හටගත් කෙලෙස් කසළ ඇති යම් පුඟුලෙක් වේ ද ... සඞ්ඝයා ඔහු කෙරෙන් ඈත් ම යැ යන යමෙක් ඇද්ද, මහණෙනි, මෙය ද යමක් දැක දැක භික්‍ෂූහු මෙ සස්නෙහි ඇලෙත් නම් ඒ තෙවෙනි ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය වේ.
Pali BJT(4.) සෙය්යථාපි භික්ඛවෙ, යා කාචි මහානදියො, සෙය්යථිදං: ගඞ්ගා, යමුනා, අචිරවතී, සරභූ, මහී. තා මහාසමුද්දං පත්වා{2} ජහන්ති පුරිමානි නාමගොත්තානි, මහාසමුද්දොත්වෙව සඞ්ඛං ගච්ඡන්ති. එවමෙව ඛො භික්ඛවෙ චත්තාරො වණ්ණා ඛත්තියා, බ්රාහ්මණා, වෙස්සා, සුද්දා තෙ තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ අගාරස්මා අනගාරියං පබ්බජිත්වා ජහන්ති පුරිමානි නාමගොත්තානි, සමණා සක්යපුත්තියාත්වෙව සඞ්ඛං ගච්ඡන්ති. යං භික්ඛවෙ චත්තාරො මෙ වණ්ණා ඛත්තියා, බ්රාහ්මණා, වෙස්සා, සුද්දා තෙ තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ අගාරස්මා අනගාරියං පබ්බජිත්වා ජහන්ති පුරිමානි නාමගොත්තානි, සමණා සක්යපුත්තියාත්වෙව සඞ්ඛං ගච්ඡන්ති අයම්පි භික්ඛවෙ ඉමස්මිං ධම්මවිනයෙ චතුත්ථො අච්ඡරියො අබ්භුතධම්මො, යං දිස්වා දිස්වා භික්ඛූ ඉමස්මිං ධම්මවිනයෙ අභිරමන්ති.
Sinhala BJT(4) මහණෙනි, ගඞ්ගා ... මහී යන යම මහා නදී කෙනෙක් වෙත් ද, යම් සේ ඔහු මහමුහුදට පැමිණ පළමු නම්ගොත් හරිත් ද, මහමුහුද යැ යි ම ව්‍යවහාරයට යෙත් ද, එසේ ම මහණෙනි, කැත් බමුණු වෙළෙඳ සුදුරු යන මේ සතර කුලයෝ වෙත් ද, ඔහු ගිහිගෙන් නික් මැ තථාගත ප්‍රවිදිත ශාසනයෙහි පැවිදිවැ පළමු නම්ගොත් හරිත්, ශාක්‍යපුත්‍රීය ශ්‍රමණයෝ ම යැ යි ව්‍යවහාරයට යෙත්. මහණෙනි, කැත් .... යන සතර කුලයෝ වෙත් ද, ඔහු .... පළමු නම් ගොත් හරිත් ශාක්‍යපුත්‍රීය ශ්‍රමණයෝ යී ම ව්‍යවහාරයට යෙත් යන යමෙක් ඇද්ද, මහණෙනි මෙයද, යමක් දැක දැක භික්‍ෂූහු මෙ සස්නෙහි ඇලෙත් නම්, මෙ සස්නෙහි වූ ඒ සතරවෙනි ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය වේ.
Pali BJT(5.) සෙය්යථාපි භික්ඛවෙ, යා ච ලොකෙ සවන්තියො මහාසමුද්දං අප්පෙන්ති, යා ච අන්තළික්ඛා ධාරා පපතන්ති, න තෙන මහාසමුද්දස්ස ඌනත්තං වා පූරත්තං වා පඤ්ඤායති. එව මෙව ඛො භික්ඛවෙ, බහූ චෙපි භික්ඛූ අනුපාදිසෙසාය නිබ්බානධාතුයා පරිනිබ්බායන්ති. න තෙන නිබ්බානධාතුයා ඌනත්තං වා පූරත්තං වා පඤ්ඤායති. යං භික්ඛවෙ, බහූ චෙපි භික්ඛූ අනුපාදිසෙසාය නිබ්බානධාතුයා පරිනිබ්බායන්ති, න තෙන නිබ්බානධාතුයා ඌනත්තං වා පූරත්තං වා පඤ්ඤායති. අයම්පි භික්ඛවෙ, ඉමස්මිං ධම්මවිනයෙ පඤ්චමො අච්ඡරියො අබ්භුතධම්මො.{3} යං දිස්වා දිස්වා භික්ඛූ ඉමස්මිං ධම්මවිනයෙ අභිරමන්ති.
Sinhala BJT(5) මහණෙනි, ලොවැ යම් ගං හෝ කෙනෙක් මහමුහුදට ගලා බසිත් ද, අහසින් යම් වැසි දහර කෙනෙක් වැටෙත් ද, එයින් මහමුහුදේ අඩුබවෙක් හෝ පිරුණු බවෙක් නො පැණේ ද, එසේ ම මහණෙනි, බොහෝ වූ ද භික්‍ෂූහු අනුපාදිශේෂ නිර්‍වාණධාතුයෙන් පිරිනිවෙත් නුමුදු එයින් නිර්‍වාණධාතුවෙහි අඩුබවෙක් හෝ පිරුණු බවෙක් නො පැණේ. මහණෙනි, බොහෝ වූ ද භික්‍ෂූහු අනුපාදිශේෂ නිර්‍වාණධාතුයෙන් පිරිනිවෙත් නුමුදු එයින් නිර්‍වාණධාතුවෙහි අඩුබවෙක් හෝ පිරුණු බවෙක් යම් සේ නො පැණේ ද, මෙය ද මහණෙනි, මෙය ද මහණෙනි, යමක් දැක දැක භික්‍ෂූහු මෙ සස්නෙහි ඇලෙත් නම්, ඒ පස්වන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය වේ.
Pali BJT(6.) සෙය්යථාපි භික්ඛවෙ, මහාසමුද්දො එකරසො ලොණරසො. එවමෙව ඛො, භික්ඛවෙ, අයං ධම්මවිනයො එකරසො විමුත්තිරසො. යං භික්ඛවෙ, අයං ධම්මවිනයො එකරසො විමුත්තිරසො. අයම්පි භික්ඛවෙ ඉමස්මිං ධම්මවිනයෙ ඡට්ඨො අච්ඡරියො අබ්භුතධම්මො. යං දිස්වා දිස්වා භික්ඛූ ඉමස්මිං ධම්මවිනයෙ අභිරමන්ති.
Sinhala BJT(6) මහණෙනි, මහමුහුද යම් සේ එක ම රස ඇත්තේ, ලුණුරස ඇත්තේ වේ ද, එසේ ම මහණෙනි, මේ සස්න එක ම රස ඇත්තේ විමුක්තිරස ඇත්තේ වේ. මහණෙනි, මෙ සස්න එක ම රස ඇත්තේ විමුක්තිරස ඇත්තේ වේ යන යමෙක් ඇද් ද, මෙය ද මහණෙනි, යමක් දැක දැක භික්‍ෂූහු මෙ සස්නෙහි ඇලෙත් නම් ඒ සවන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය වේ.
Pali BJT(7.) සෙය්යථාපි භික්ඛවෙ, මහාසමුද්දො බහුරතනො අනෙකරතනො, තත්රිමානි රතනානි: සෙය්යථිද? මුත්තා, මණි, වෙළුරියො සඞ්ඛො, සිලා, පවාළ, රජතං, ජාතරූපං, ලොහිතඞ්කො, මසාරගල්ලං. එවමෙව ඛො භික්ඛවෙ අයං ධම්මවිනයො බහුරතනො අනෙකරතනො, තත්රිමානි රතනානි: සෙය්යථිදං? චත්තාරි සතිපට්ඨානානි,{1} චත්තාරි සම්මප්පධානානි,{2} චත්තාරො ඉද්ධිපාදා, පඤ්චින්ද්රියානි, පඤ්චබලානි, සත්තබොජ්ඣඞ්ගා, අරියො අට්ඨඞ්ගිකො මග්ගො. යං භික්ඛවෙ, අයං ධම්මවිනයො බහුරතනො, අනෙකරතනො තත්රිමානි රතනානි: සෙය්යථිදං? චත්තාරි සතිපට්ඨානානි, චත්තාරි සම්මප්පධානානි,{3} චත්තාරො ඉද්ධිපාදා, පඤ්චින්ද්රියානි, පඤ්චබලානි, සත්තබොජ්ඣඞ්ගා, අරියො අට්ඨඞ්ගිකො මග්ගො. අයම්පි භික්ඛවෙ ඉමස්මිං ධම්මවිනයෙ සත්තමො අච්ඡරියො අබ්භුතධම්මො,{4} යං දිස්වා දිස්වා භික්ඛූ ඉමස්මිං ධම්මවිනයෙ අභිරමන්ති.
Sinhala BJT(7) මහණෙනි, මහමුහුද යම් සේ බොහෝ රුවන් ඇත්තේ ද, නොයෙක් රුවන් ඇත්තේ ද, එහි මුතු මිණි ..... මැසිරිගල් යන මේ රුවන්හු වෙත් ද, එසේ ම මහණෙනි, මෙ සස්න බොහෝ රුවන් ඇත්තේ ය, නොයෙක් රුවන් ඇත්තේ ය, එහි සතර සීවටන්හු ය, සතර සම්‍යක් ප්‍රධාන ය, සතර ඉදුපා ය, පස් ඉඳුරෝ ය, පස් බල ය, සත් බොඳඟහු ය, අරීඅටඟි මඟ ය, යන මේ රුවන්හු වෙත්. මහණෙනි, මෙ සස්න බොහෝ රුවන් ඇත්තේ ය. … එහි සතර සීවටන්හු ය … අරීඅටඟි මඟ ය යන මේ රුවන්හු වෙත් යන යමෙක් ඇද්ද, මෙය ද මහණෙනි, යමක් දැක දැක භික්‍ෂූහු මෙ සස්නෙහි ඇලෙත් නම් ඒ මෙ සස්නැ සත්වන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය වේ.
Pali BJT(8.) සෙය්යථාපි භික්ඛවෙ, මහාසමුද්දො මහතං භූතානං ආවාසො, තත්රිමෙ භූතා: තිමි, තිමිඞ්ගලො, තිමිරපිඞ්ගලො, අසුරා, නාගා, ගන්ධබ්බා, සන්ති මහාසමුද්දෙ යොජනසතිකාපි අත්තභාවා, ද්වියොජනසතිකාපි අත්තභාවා, තියොජනසතිකාපි අත්තභාවා, චතුයොජනසතිකාපි අත්තභාවා, පඤ්චයොජනසතිකාපි අත්තභාවා. එවමෙව ඛො භික්ඛවෙ, අයං ධම්මවිනයො මහතං භූතානං ආවාසො. තත්රිමෙ භූතා: සොතාපන්නො, සොතාපත්තිඵලසච්ඡිකිරියාය පටිපන්නො, සකදාගාමි, සකදාගාමිඵලසච්ඡිකිරියාය පටිපන්නො, අනාගාමී, අනාගාමිඵලසච්ඡිකිරියාය පටිපන්නො, අරහා, අරහත්තඵලසච්ඡිකිරියාය{5} පටිපන්නො. අයං භික්ඛවෙ ඉමස්මිං ධම්මවිනයෙ අට්ඨමො අච්ඡරියො අබ්භුතධම්මො,{6} යං දිස්වා දිස්වා භික්ඛූ ඉමස්මිං ධම්මවිනයෙ අභිරමන්ති.
Sinhala BJT(8) මහණෙනි, මහමුහුද යම් සේ මහත් සත්ත්‍වයනට වාසස්ථාන වේ ද, යම් සේ එහි තිමි තිමිඞ්ගල ..... ගන්‍ධර්‍ව යන මේ සත්ත්‍වයෝ වෙත් ද, යම් සේ මහමුහුදෙහි සියක්යොදුන් අත්බව් ඇති සත්හු ද … පන්සියක් යොදුන් අත්බව් ඇති සත්හු ද, මහණෙනි, එපරිද්දෙන් ම මෙ සස්න මහත් සත්ත්‍වයන්ගේ වාසස්ථානය වේ. එහි සෝවාන් ය, සෝවාන්පල පසක් කිරීමට පිළිපන්නේ ය, සෙදැගැමි ය, සෙදැගැමිපල පසක් කිරීමට පිළිපන්නේ ය, අනැඟැමි ය, අනැඟැමි පල පසක් කිරීමට පිළිපන්නේ ය, රහත් ය, රහත්පල පසක් කිරීමට පිළිපන්නේ ය යන මේ මහත් සත්හු වෙති. මෙය ද මහණෙනි, යමක් දැක දැක භික්‍ෂූහු මෙ සස්නැ ඇලෙත් නම් ඒ මෙ සස්නෙහි ඇති අටවන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය වේ.
Pali BJTඉමෙ ඛො, භික්ඛවෙ, ඉමස්මිං ධම්මවිනයෙ අට්ඨ අච්ඡරියා අබ්භුතධම්මා.{7} යෙ දිස්වා දිස්වා භික්ඛූ ඉමස්මිං ධම්මවිනයෙ අභිරමන්තී”ති.
Sinhala BJTමහණෙනි, යම් දෑ දැක දැක භික්‍ෂූහු මෙ සස්නැ ඇලෙත් ද, මහණෙනි, මේ වනාහි මෙ සස්නෙහි වූ ඒ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මයෝ අට දෙන වෙති යනු යි.
Pali BJT7. අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:
Sinhala BJT7. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ සලකා එ වේලෙහි මේ උදන් ඇනූ සේක:
Pali BJT“ඡන්නමතිවිවස්සති{8} විවටං නාතිවස්සති. තස්මා ඡන්නං විවරෙථ එවං තං නාතිවස්සතී”ති.
Sinhala BJT“වැසුණ වරද ඉතා වසී. විවෘත වූයේ ඉතා නො වසී. එ හෙයින් වැසුණ වරද හෙළි කරන්නේ ය. මෙසේ එය ඉතා නො වසී.”
Pali BJT5. 6.
Sinhala BJT5. 6.
Pali BJTසොණසුත්තං
Sinhala BJTසෝණ සූත්‍රය
Pali BJT1. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා මහාකච්චායනො අවන්තීසු විහරති කුරරඝරෙ පවත්තෙ පබ්බතෙ. තෙන ඛො පන සමයෙන සොණො උපාසකො කුටිකණ්ණො ආයස්මතො මහාකච්චානස්ස උපට්ඨාකො හොති. අථ ඛො සොණස්ස උපාසකස්ස කුටිකණ්ණස්ස රහොගතස්ස පතිසල්ලීනස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි: “යථා යථා ඛො අය්යො මහාකච්චායනො ධම්මං දෙසෙති, නයිදං සුකරං අගාරං අජ්ඣාවසතා එකන්තපරිපුණ්ණං එකන්තපරිසුද්ධං සඞ්ඛලිඛිතං බ්රහ්මචරියං චරිතුං. යන්නූනාහං කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජෙය්යන්ති.
Sinhala BJT1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවරැ දෙව්රම් නම් වූ අනේපිඬු අරමැ වැඩ වසන සේක. එ සමයෙහි වනාහි මහකසයින් තෙරණුවෝ අවන්තිරට කුරරඝර නුවර සමීපයෙහි පවත්ත නම් පව්වෙහි වැඩ වසන සේක. එ කල්හි සෝණ කුටිකණ්ණ උපාසක තෙම මහකසයින් තෙරුන්ගේ උපස්ථායක වෙයි. එකලැ වනාහි එකලා වූ චිත්තවිවේකයෙන් යුක්ත වූ සෝණකුටිකණ්ණ උපාසකයාට, “ආර්‍ය්‍ය වූ මහකසයින් තෙරණුවෝ යම් යම් සේ දහම් දෙසත් ද, එසේ එසේ නුවණින් සලකා බලන මට ගිහි ගෙයි වසන මා විසින් ඒකාන්තයෙන් පිරිපුන් කොට ඒකාන්තයෙන් පිරිසිදු කොට ශංඛලිඛිතයක් සේ කොට මේ බඹසර රක්නට නො හැකි වේ, මම් කෙහෙරවුළු බා කසාවත් හැඳ ගිහි ගෙන් නික්මැ සසුන් වදින්නෙම් නම් ඉතා යෙහෙකැ”යි මේ සිත විය.
Pali BJT2. අථ ඛො සොණො උපාසකො කුටිකණ්ණො යෙනායස්මා මහාකච්චායනො තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා ආයස්මන්තං මහාකච්චායනං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සොණො උපාසකො කුටිකණ්ණො ආයස්මන්තං මහාකච්චායනං එතදවොච: “ඉධ මය්හං භන්තෙ, රහොගතස්ස පතිසල්ලීණස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි: ‘යථා යථා ඛො අය්යො මහාකච්චායනො ධම්මං දෙසෙති. නයිදං සුකරං අගාරං අජ්ඣාවසතා එකන්තපරිපුණ්ණං එකන්තපරිසුද්ධං සඞ්ඛලිඛිතං බ්රහ්මචරියං චරිතුං. යන්නූනාහං කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජෙය්ය’න්ති. පබ්බාජෙතු මං භන්තෙ, අය්යො මහාකච්චායනො”ති.
Sinhala BJT2. ඉක්බිත්තෙන් සෝණ කුටිකණ්ණ උපාසක තෙම මහකසයින් තෙරුන් කරා එළැඹියේ ය. එළැඹ මහකසයින් තෙරුන් ආදරයෙන් වැඳ එකත්පසෙක හුන්නේ ය. එක් පසෙක හුන් සෝණකුටිකණණ උපාසක තෙම මහකසයින් තෙරුන්ට “වහන්ස, මෙහි හුදෙකලා ව චිත්තවිවේකයෙන් යුක්ත වූ මට මේ සිත විය: “යම් යම් සේ ආර්‍ය්‍ය මහකසයින් තෙරණුවෝ දහම් දෙසත් ද, එසේ එසේ නුවණින් සලකන මට ‘මේ සසුන බඹසර ගිහිගෙයි වසන්නාහු විසින් ඒකාන්තයෙන් පිරිපුන් කොට, ඒකාන්තයෙන් පිරිසිදු කොට, ශඞ්ඛලිඛිතය සේ කොට පුරන්නට පහසු නො වේ. මම් කෙහෙ රවුළු බා කසාවත් හැඳ ගිහි ගෙන් නික්මැ සසුන් වදින්නෙම් වීම් නම් යෙහෙකැ’යි මේ සිත විය. වහන්ස, ආර්‍ය්‍ය වූ කසයින් තෙරණුවෝ මා පැවිදි කෙරෙත්වා”යි මෙ බස් කී ය.
Pali BJT3. එවං වුත්තෙ ආයස්මා මහාකච්චායනො සොණං උපාසකං කුටිකණ්ණං එතදවොච: “දුක්කරං ඛො සොණ, යාවජීවං එකභත්තං එකසෙය්යං බ්රහ්මචරියං, ඉඞ්ඝ ත්වං සොණ, තත්ථෙව ආගාරිකභූතො සමානො බුද්ධානං සාසනං අනුයුඤ්ජ, කාලයුත්තං එකභත්තං එකසෙය්යං බ්රහ්මචරියං”ති. අථ ඛො සොණස්ස උපාසකස්ස කුටිකණ්ණස්ස යො අහොසි පබ්බජ්ජාභිසඞ්ඛාරො සො පටිපස්සම්භි.
Sinhala BJT3. මෙසේ කී කල්හි මහකසයින් තෙරණුවෝ සෝණකුටිකණ්ණ උපාසකයාට, “සෝණයෙනි, දිවි ඇතිතාක් එක්බත, එකලා ශයනය, බඹසර යන මෙය දුෂ්කර ය. එ බැවින් සෝණයෙනි, තෙපි එහි ගිහිව ම චාතුද්දසී පඤ්චදසී ආදි සුදුසු කාලය හා යෙදුණු එක්බත එකලා ශයනය බඹසර යන බුදුවරුන්ගේ ශාසනයෙහි යෙදෙවු”යි වදාළහ. එකල්හි සෝණ කුටිකණ්ණ උපාසකයාට, පැවිද්දට යම් උත්සාහයෙක් වී නම් එය සංසිඳිණ.
Pali BJT4. දුතියම්පි ඛො සොණස්ස උපාසකස්ස කුටිකණ්ණස්ස රහොගතස්ස පතිසල්ලීනස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි: “යථා යථා ඛො අය්යො මහාකච්චායනො ධම්මං දෙසෙති. නයිදං සුකරං අගාරං අජ්ඣාවසතා එකන්තපරිපුණ්ණං එකන්තපරිසුද්ධං සඞ්ඛලිඛිතං බ්රහ්මචරියං චරිතුං. යන්නූනාහං කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජෙය්ය”න්ති. දුතියම්පි ඛො සොණො උපාසකො කුටිකණ්ණො යෙනායස්මා මහාකච්චායනො තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා ආයස්මන්තං මහාකච්චායනං එතදවොච: “ඉධ මය්හං භන්තෙ, රහොගතස්ස පතිසල්ලීනස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි: ‘යථා යථා ඛො අය්යො මහාකච්චායනො ධම්මං දෙසෙති නයිදං සුකරං අගාරං අජ්ඣාවසතා එකන්තපරිපුණ්ණං එකන්තපරිසුද්ධං සඞ්ඛලිඛිතං බ්රහ්මචරියං චරිතුං. යන්නූනාහං කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජෙය්ය”න්ති. “පබ්බාජෙතු මං භන්තෙ, අය්යො මහාකච්චායනො”ති.
Sinhala BJT4. දෙවෙනි වරැ ද, හුදකලා වූ චිත්තවිවේකයෙහි යෙදුණු සෝණ කුටිකණ්ණ උපාසකයාට, “යම් යම් සේ ම ආර්‍ය්‍ය වූ මහකසයින් තෙරණුවෝ දහම් දෙසත් ද, ඒ ඒ අයුරින් නුවණින් සලකා බලන මට “ගිහිගෙයි වසන්නහු විසින් ඒකාන්තයෙන් පිරිපුන් කොට, ඒකාන්තයෙන් පිරිසිදු කොට, ශඞ්ඛලිඛිතය සේ කොට මේ බඹසර පුරන්නට පහසු නො වේ, මම් කෙස්රවුළු බා කසාවත් හැඳ ගිහිගෙන් නික්මැ සසුන් වන්නෙම් වීම් නම් ඉතා යෙහෙකැ”යි මේ සිත විය. දෙවෙනි වරැ ද, සෝණ කුටිකණ්ණ උපාසක තෙම මහකසයින් තෙරුන් කරා එළැඹියේ ය. එළැඹ ඔබට, “වහන්ස, යම් යම් සේ ආර්‍ය්‍ය මහකසයින් තෙරණුවෝ දහම් දෙසත් ද, එසේ එසේ නුවණින් සලකන මට මේ සසුන් බඹසර ගිහි ගෙයි වසන්නහු විසින් ඒකාන්තයෙන් පිරිපුන් කොට, ඒකාන්තයෙන් පිරිසිදු කොට, ශඞ්ඛලිඛිතය සේ කොට පුරන්නට පහසු නො වේ. මම් කෙහෙ රවුළු බා දමා කසාවත් හැඳ පෙරෙව ගිහි ගෙන් නික්මැ සසුන් වදින්නෙම් නම් ඉතා යෙහෙකැ’යි මෙහි හුදෙකලා ව චිත්තවිවේකයෙන් යුක්ත වූ මට මේ සිත විය. ආර්‍ය්‍ය වූ මහකසයින් තෙරණුවෝ මා පැවිදි කෙරෙත්වා”යී කී ය.
Pali BJT5. දුතියම්පි ඛො ආයස්මා මහාකච්චායනො සොණං උපාසකං කුටිකණ්ණං එතදවොච: “දුක්කරං ඛො සොණ, යාවජීවං එකභත්තං එකසෙය්යං බ්රහ්මචරියං. ඉඞ්ඝ ත්වං සොණ, තත්ථෙව අගාරිකභූතො සමානො බුද්ධානං සාසනං අනුයුඤ්ජ, කාලයුත්තං එකභත්තං එකසෙය්යං බ්රහ්මචරියං”ති. දුතියම්පි ඛො සොණස්ස උපාසකස්ස කුටිකණ්ණස්ස යො අහොසි පබ්බජ්ජාභිසඞ්ඛාරො සො පටිප්පස්සම්භි.
Sinhala BJT5. දෙවෙනි වර ද මහකසයින් තෙරණුවෝ සෝණකුටිකණ්ණ උපාසකයාට, “සෝණයෙනි, දිවි ඇතිතාක් එක්බත, එකලා ශයනය, බඹසර යන මේ දෑ දුෂ්කර ය. එබැවින් සෝණයෙනි, තෙපි එහි ගිහි ව ම සුදුසු කල් හා යෙදුණු එක්බත, එකලා ශයනය, බඹසර යන බුද්ධශාසනයෙහි යෙදෙවු”යි වදාළහ. දෙවෙනි වරැ ද සෝණ කුටිකණ්ණ උපාසකයාට, යම් පැවිද්දෙහි උත්සාහයෙක් වී නම්, එය සංසිඳුණේ ය.
Pali BJT6. තතියම්පි ඛො සොණස්ස උපාසකස්ස කුටිකණ්ණස්ස රහොගතස්ස පතිසල්ලීණස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි: ‘යථා යථා ඛො අය්යො මහාකච්චායනො ධම්මං දෙසෙති. නයිදං සුකරං අගාරං අජ්ඣාවසතා එකන්තපරිපුණ්ණං එකන්තපරිසුද්ධං සඞ්ඛලිඛිතං බ්රහ්මචරියං චරිතුං, යන්නූනාහං කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජෙය්ය”න්ති.
Sinhala BJT6. තෙවෙනි වර ද එකලා වූ චිත්තවිවේකයෙන් යුක්ත වූ සෝණ උපාසකයාට, “යම් යම් සේ ආර්‍ය්‍ය මහකසයින් තෙරණුවෝ දහම් දෙසත් ද, එසේ එසේ නුවණින් සලකා බලන මට ගිහිගෙයි වසන්නහු විසින් ඒකාන්තයෙන් පිරිපුන් කොට, ඒකාන්තයෙන් පිරිසිදු කොට ශඞ්ඛලිඛිතය සේ කොට බඹසර පුරන්නට පහසු නො වේ, මම් කෙහෙරවුළු බා කසා වත් හැඳ ගිහිගෙන් නික්මැ සසුන් වදනෙම් නම් ඉතා යෙහෙකැ”යි මේ සිත විය.
Pali BJTතතියම්පි ඛො සොණො උපාසකො කුටිකණ්ණො යෙනායස්මා මහාකච්චායනො තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා ආයස්මන්තානං මහාකච්චායනං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සොණො උපාසකො කුටිකණ්ණො ආයස්මන්තං මහාකච්චායනං එතදවොච: “ඉධ මය්හං භන්තෙ, රහොගතස්ස පතිසල්ලීණස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි: “යථා යථා ඛො අය්යො මහාකච්චායනො ධම්මං දෙසෙති. නයිදං සුකරං අගාරං අජ්ඣාවසතා එකන්තපරිපුණ්ණං එකන්තපරිසුද්ධං සඞ්ඛලිඛිතං බ්රහ්මචරියං චරිතුං, යන්නූනාහං කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජෙය්ය”න්ති. “පබ්බාජෙතු මං භන්තෙ, අය්යො මහාකච්චායනො”ති.
Sinhala BJTතෙවෙනි වර ද, සෝණ කුටිකණ්ණ උපාසක තෙම මහකසයින් තෙරුන් කරා එළැඹියේ ය. එළැඹ ඔබ වැඳ එකත්පස් ව හුන්නේ ය. එකත්පස්ව හුන් හෙතෙම ඒ තෙරුනට “වහන්ස, යම් යම් සේ ආර්‍ය්‍ය මහකසයින් තෙරණුවෝ දහම් දෙසත් ද, එසේ එසේ නුවණින් සලකන මට මේ සසුන් බඹසර ගිහිගෙයි වසන්නහු විසින් ඒකාන්තයෙන් පිරිපුන් කොට, ඒකාන්තයෙන් පිරිසිදු කොට, ශඞ්ඛලීඛිතය සේ කොට පුරන්නට පහසු නො වේ. මම් කෙහෙ රවුළු බා කසාවත් හැඳ පෙරෙව ගිහිගෙන් නික්ම සසුන් වදින්නෙම් නම් ඉතා යෙහෙකැ’යි මෙහි හුදකලා වැ චිත්තවිවේකයෙන් යුක්ත වූ මට මේ සිත විය. ආර්‍ය්‍ය වූ මහකසයින් තෙරණුවෝ මා පැවිදි කෙරෙත්වා”යි මෙ බස් කී ය.
Pali BJT7. අථ ඛො ආයස්මා මහාකච්චායනො සොණං උපාසකං කුටිකණ්ණං පබ්බාජෙසි. තෙන ඛො පන සමයෙන අවන්තිදක්ඛිණාපථො අප්පභික්ඛුකො හොති. අථ ඛො ආයස්මා මහාකච්චායනො තිණ්ණං වස්සානං අච්චයෙන කිච්ඡෙන කසිරෙන තතො තතො දසවග්ගං භික්ඛුසඞ්ඝං සන්නිපාතෙත්වා ආයස්මන්තං සොණං උපසම්පාදෙසි.
Sinhala BJT7. ඉක්බිත්තෙන් මහකසයින් තෙරණුවෝ සෝණ කුටිකණ්ණ උවසහු පැවිදි කළහ. එ සමයෙහි වනාහි අවන්ති දක්‍ෂිණාපථය කිහිප නමක් පමණක් භික්‍ෂූන් ඇත්තේ වේ. එ කල්හි මහකසයින් තෙරණුවෝ තුන් වසක් ඇවෑමෙන් දුකින් ආයාසයෙන් ඒ ඒ තැනින් දස නමක් වූ බික්සඟ මුළුවක් රැස් කොට ආයුෂ්මත් සෝණයන් උපසපන් කළහ.
Pali BJT8. අථ ඛො ආයස්මතො සොණස්ස වස්සං වුත්ථස්ස රහොගතස්ස පතිසල්ලීණස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි: “න ඛො මෙ සො භගවා සම්මුඛා දිට්ඨො, අපි ච සුතො යෙව මෙ සො භගවා ‘ඊදිසො ච ඊදිසො චා’ති. සචෙ මං උපජ්ඣායො අනුජානෙය්ය, ගච්ඡෙය්යාහං තං භගවන්තං දස්සනාය අරහන්තං සම්මාසම්බුද්ධ”න්ති.
Sinhala BJT8. ඉක්බිත්තෙන් වස් වැස නිමැ වූ, හුදකලා වූ චිත්තවිවේකයෙන් හුන්නා වූ ආයුෂ්මත් සොණයනට “මා විසින් ඒ භාග්‍යවතුන් වහන්සේ ඇස් හමුයෙහි නො දක්නා ලද සේක් ම ය. එහෙත් ඒ භාග්‍යවතුන් වහන්සේ මෙබඳු ද මෙබඳු ද වන සේකැ යි ඇසූ පමණ ම ය. ඉදින් උපාධ්‍යායයන් වහන්සේ මට අනුදක්නා සේක් නම්, ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ දක්නට මම් යන්නෙම් වා”යි චිත්ත සංකල්පනාවෙක් පහළ විය.
Pali BJTඅථ ඛො ආයස්මා සොණො සායන්හසමයං පටිසල්ලානා වුට්ඨිතො යෙනායස්මා මහාකච්චායනො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මන්තං මහාකච්චානං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා සොණො ආයස්මන්තං මහාකච්චානං එතදවොච: ඉධ මය්හං භන්තෙ, රහොගතස්ස පතිසල්ලීණස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි, “න ඛො මෙ සො භගවා සම්මුඛා දිට්ඨො, අපි ච සුතො යෙව මෙ සො භගවා ඊදිසො ච ඊදිසො චා’ති. සචෙ මං උපජ්ඣායො අනුජානෙය්ය, ගච්ඡෙය්යාහං තං භගවන්තං දස්සනාය අරහන්තං සම්මාසම්බුද්ධන්ති “සාධු සාධු, සොණ, ගච්ඡ ත්වං සොණ, තං භගවන්තං දස්සනාය අරහන්තං සම්මාසම්බුද්ධ”න්ති.
Sinhala BJTඉක්බිත්තෙන් ආයුෂ්මත් සෝණයෝ සවස් වේලෙහි චිත්තවිවේකයෙන් නැඟී සිටියාහු මහකසයින් තෙරුන් කරා එළඹියහ. එළැඹ මහකසයින් තෙරුන් සකසා වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ම ආයුෂ්මත් සෝණයෝ මහකසයින් තෙරුනට “වහන්ස, මෙහි එකලා වැ චිත්තවිවේකයෙන් යුක්ත වූ මට මෙසේ චිත්ත සංකල්පනාවෙක් පහළ විය: “මා විසින් ඒ භාග්‍යවතුන් වහන්සේ ඇස්හමුවෙහි නො දක්නා ලද සේක. එතෙකුදු වුවත් ඒ භාග්‍යවතුන් වහන්සේ මෙබඳු මෙබඳු වන සේකැ යි ඇසූ පමණ ම ය. ඉදින් උපාධ්‍යායයන් වහන්සේ මට අනුදක්නා සේක් නම් ඒ භගවත් අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ දක්නට මම් යන්නෙම් වා”යි මෙය සැළ කළහ. “සෝණයෙනි, මැනැවි මැනැවි සෝණයෙනි, ඒ භගවත් අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ දක්නට තෙපි යවු.
Pali BJT9. දක්ඛිස්සසි ත්වං සොණ, තං භගවන්තං පාසාදිකං පසාදනීයං සන්තින්ද්රියං සන්තමානසං උත්තමසමථදමථමනුප්පත්තං දන්තං ගුත්තං යතින්ද්රියං නාගං. දිස්වාන මම වචනෙන භගවතො පාදෙ සිරසා වන්දාහි, අප්පාබාධං අප්පාතඞ්කං ලහුට්ඨානං බලං ඵාසුවිහාරඤ්ච පුච්ඡ:{1} උපජ්ඣායො මෙ භන්තෙ, ආයස්මා මහාකච්චායනො භගවතො පාදෙ සිරසා වන්දති, අප්පාබාධං අප්පාතඞ්කං ලහුට්ඨානං බලං ඵාසුවිහාරඤ්ච පුච්ඡතී”’ති. ‘එවං භන්තෙ’ති ඛො ආයස්මා සොණො ආයස්මතො මහාකච්චායනස්ස භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා උට්ඨායාසනා ආයස්මන්තං මහාකච්චායනං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා සෙනාසනං සංසාමෙත්වා පත්තචීවරමාදාය යෙන සාවත්ථි තෙන චාරිකං පක්කාමි. අනුපුබ්බෙන චාරිකං චරමානො යෙන සාවත්ථි ජෙතවනං අනාථපිණ්ඩිකස්ස ආරාමො යෙන භගවා තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා සොණො භගවන්තං එතදවොච: “උපජ්ඣායො මෙ භන්තෙ, ආයස්මා මහාකච්චායනො භගවතො පාදෙ සිරසා වන්දති, අප්පාබාධං අප්පාතඞ්කං ලහුට්ඨානං බලං ඵාසුවිහාරඤ්ච පුච්ඡතී”ති. කච්චි භික්ඛු ඛමනීයං? කච්චි යාපනීයං? කච්චි’සි අප්පකිලමථෙන අද්ධානං ආගතො? න ච පිණ්ඩකෙන කිලන්තොසී?”ති. ඛමනීයං භගවා, යාපනීයං භගවා, අප්පකිලමථෙන චාහං භන්තෙ, අද්ධානං ආගතො න ච පිණ්ඩකෙන කිලන්තොම්හී”ති.
Sinhala BJT9. සෝණයෙනි, තෙපි ප්‍රසාද එළවන්නාවූ, පැහැදීමට නිමිති වූ සංහුන් ඉඳුරන් ඇති, සංහුන් සිත් ඇති, උතුම් ශමථයට ද දමථයට ද පැමිණ සිටි, දාන්ත කායසමාචාර ඇති, රැකුණු වාක්සමාචාර ඇති, සංයත මනඉන්‍ද්‍රිය ඇති, නාග (ශ්‍රේෂ්ඨ) වූ ඒ භාග්‍යවතුන් වහන්සේ දක්නහු ය. දැක මාගේ වචනයෙන් භාග්‍යවතුන් වහන්සේ සිරිපා හිස නමා වඳින්න. ආබාධරහිත බව රෝග රහිත බව, ලහුට්ඨාන කායබලය සැප විහරණය ද විචාරන්න. වහන්ස, මාගේ උපාධ්‍යාය වු මහකසයින් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා හිස නමා වඳිති. ආබාධරහිත බව රෝග රහිත බව ... කායබලය සැප විහරණය ද විචාරති”යි කියන්නැ යි මහකසයින් තෙරණුවෝ වදාළහ. ‘එසේ ය, වහන්සැ’යි කියා ම ආයුෂ්මත් සෝණයෝ මහකසයින් තෙරුන්ගේ වචනය පිළිගෙන, සතුටු වැ හුනස්නෙන් නැගී සිට, මහකසයින් තෙරුන් ආදරයෙන් වැඳ පැදකුණු කොට, සෙනසුන් සුරැකි කොට තබා, පාසිවුරු ගෙන සැවැත්නුවර බලා සැරිසරා වැඩියහ. පිළිවෙළින් සැරි සරනුවෝ, සැවැත්නුවරැ දෙව්රම් නම් අනේපිඬු අරමට භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ ආදරයෙන් වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන්නා වූ ම ආයුෂ්මත් සෝණයෝ, “වහන්ස, මාගේ උපාධ්‍යාය වූ ආයුෂ්මත් මහකසයින්හු භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා හිස නමා වඳිති. ආබාධ නැති නියා, රෝග නැති නියා ද කායබලයද සුඛවිහරණය ද විචාරති”යි කීහ. “මහණ, සැහිය හැකි ද? යැපිය හැකි ද? මෙතෙක් දුර ආයාසයෙක් නැතිව ආයෙහි ද? අහරින් ක්ලාන්ත නො වූයෙහි දැ?”යි භාග්‍යවතුන් වහන්සේ අසා වදාළ සේක. ‘භාග්‍යවතුන් වහන්සේ, ඉවැසියැ හැකි යි. භාග්‍යවතුන් වහන්ස, යැපියැ හැකි යි. වහන්ස, ක්ලාන්ත රහිත ව ද දික් මඟ ආමි. අහරින් ක්ලාන්ත නො වීමි’යි සෝණයෝ කීහ.
Pali BJT10. අථ ඛො භගවා ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි: ‘ඉමස්සානන්ද ආගන්තුකස්ස භික්ඛුනො සෙනාසනං පඤ්ඤාපෙහී”ති. අථ ඛො ආයස්මතො ආනන්දස්ස එතදහොසි: යස්ස ඛො මං භගවා ආණාපෙති, ඉමස්සා’නන්ද, ආගන්තුකස්ස භික්ඛුනො සෙනාසනං පඤ්ඤාපෙහී’ති. ඉච්ඡති භගවා තෙන භික්ඛුනා සද්ධිං එකවිහාරෙ වත්ථුං. ඉච්ඡති භගවා ආයස්මතා සොණෙන සද්ධිං එකවිහාරෙ වත්ථුං, යස්මිං විහාරෙ භගවා විහරති තස්මිං විහාරෙ ආයස්මතො සොණස්ස සෙනාසනං පඤ්ඤාපෙසි. අථ ඛො භගවා බහුදෙවරත්තිං අබ්භොකාසෙ නිසජ්ජාය වීතිනාමෙත්වා පාදෙ පක්ඛාලෙත්වා විහාරං පාවිසි. ආයස්මා’පි ඛො සොණො බහුදෙවරත්තිං අබ්භොකාසෙ නිසජ්ජාය වීතිනාමෙත්වා පාදෙ පක්ඛාලෙත්වා විහාරං පාවිසි. අථ ඛො භගවා රත්තියා පච්චූසසමයං පච්චුට්ඨාය ආයස්මන්තං සොණං අජ්ඣෙසි, පටිභාතු තං භික්ඛු ධම්මො{2} භාසිතුන්ති. එවං, භන්තෙ’ති ඛො ආයස්මා සොණො භගවතො පටිස්සුත්වා සොළස අට්ඨකවග්ගිකානි සබ්බානෙව සරෙන අභණි. අථ ඛො භගවා ආයස්මතො සොණස්ස සරභඤ්ඤපරියොසානෙ අබ්භනුමොදි: සාධු! සාධු! භික්ඛු, සුග්ගහිතානි භික්ඛු, සොළස අට්ඨකවග්ගිකානි සුමනසිකතානි සුපධාරිතානි, කල්යාණියාසි{3} වාචාය සමන්නාගතො විස්සට්ඨාය අනෙලගලාය අත්ථස්ස විඤ්ඤාපනියා, කතිවස්සො’සි ත්වං භික්ඛූ?’ති. ‘එකවස්සො අහං භගවාති. කිස්ස පන ත්වං භික්ඛු එවං චිරං අකාසී?”ති. චිරදිට්ඨො මෙ භන්තෙ කාමෙසු ආදීනවො, අපි ච සම්බාධො ඝරාවාසො බහුකිච්චො බහුකරණීයො”ති.
Sinhala BJT10. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ අනඳ තෙරුන් බණවා “ආනන්‍දයෙනි, මේ ආගන්තුක භික්‍ෂු නමට සෙනසුන් පණවන්නැ’යි වදාළ සේක. එකල්හි අනඳතෙරුනට “ආනන්‍දයෙනි, මේ ආගන්තුක භික්‍ෂුනමට සෙනසුන් පණවන්නැ’යි භාග්‍යවතුන් වහන්සේ යමකු සඳහා මට අණවන සේක් ද, භාග්‍යවතුන් වහන්සේ ඒ භික්‍ෂු නම සමග එක් වෙහෙරෙහි ම වසන්නට කැමැති සේකැ”යි මේ සිත විය. ඉන් පසු අනඳ තෙරණුවෝ යම් වෙහෙරක භාග්‍යවතුන් වහන්සේ වසන සේක් ද, එ වෙහෙරෙහි ආයුෂ්මත් සොණයනට සෙනසුන් පැණැවූහ. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ රෑ බොහෝ වේලා එළපහනෙහි හිඳීමෙන් කල් යවා, පා දෙව වෙහෙරට පිවිසි සේක. ආයුෂ්මත් සෝණයෝ ද රෑ බොහෝ වේලා එළිමහනැ හිඳීමෙන් කල් යවා, පා දොවා වෙහෙරට පිවිසියහ. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ රෑ අලුයම්හි නැගී සිට ආයුෂ්මත් සෝණනයට ‘මහණ, දහමක් කියන්නට තොපට වැටහේවා (දහමක් දෙසවු’) යි වදාළ සේක. “එසේ ය වහන්සැ’යි ම ආයුෂ්මත් සෝණයෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී (සූත්‍රනිපාතයෙහි) අෂ්ටකවර්‍ගයට අයත් සියලු ම සොළොස් සූත්‍ර ස්වරභණ්‍යයෙන් කීහ. එවිට භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් සෝණයන්ගේ ස්වරභණ්‍යවසානයෙහි මැනැව, මැනැව, මහණ අෂ්ටකවර්‍ගයට අයත් සොළොස් සූත්‍ර මොනොවට උගන්නා ලදී. මොනොවට මෙනෙහි කරන ලදි, අරුත් විසින් මොනොවට සලකා බලන ලදි. විමුක්ත වූ නිදොස් වූ අදහස් කළ අරුත් හඟවනු සමත් වූ කලණ වචනයෙන් සමන්‍විතයෙහි ය. මහණ, තෙපි, වස් කීයක් ඇත්තාව?”යි වදාළ සේක. වහන්ස, මම් එක්වස් ඇතියෙමි’යි සෝණයෝ කීහ. “මහණ, තෝ කවර හෙයින් මෙසේ පැවිදි වන්නට බොහෝ කල් යැවීහි දැ”යි භාග්‍යවතුන් වහන්සේ ඇසූ සේක. “වහන්ස, මා විසින් කාමයන්හි ආදීනව දක්නා ලද බොහෝ කල් විය. එහෙත් ගිහිගෙයි විසීම සම්බාධ ය, කෘත්‍යබහුල ය, කරණී බෙහෙව (එහෙයින් එයින් නික්මෙන්නට කල්ගත වී යැ”) යි සෝණයෝ කීහ.
Pali BJT11. අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:
Sinhala BJT11. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ දැන එ වේලෙහි මේ උදන් ඇනූහ.
Pali BJT“දිස්වා ආදීනවං ලොකෙ ඤත්වා ධම්මං නිරූපධිං, අරියො න රමතී පාපෙ පාපෙ න රමතී සුචී”ති.
Sinhala BJT“ආර්‍ය්‍ය තෙමේ සියලු සංස්කාර ලෝකයෙහි දොස් දැක, උපධිරහිත නිර්‍වාණධර්‍මය දැන, ස්වල්ප වු ද ලාමක දැයෙහි නො ඇලේ. පිරිසිදු පුගුල් තෙමේ කිලිටි දැයෙහි නො ඇලේ.”
Pali BJT5. 7.
Sinhala BJT5. 7.
Pali BJTරෙවතසුත්තං
Sinhala BJTරේවත සූත්‍රය
Pali BJT1. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා කඞ්ඛාරෙවතො භගවතො අවිදූරෙ නිසින්නො හොති පල්ලඞ්කං ආභුජිත්වා උජුං කායං පණිධාය අත්තනො{1} කඞ්ඛාවිතරණවිසුද්ධිං පච්චවෙක්ඛමානො. අද්දසා ඛො භගවා ආයස්මන්තං කඞ්ඛාරෙවතං අවිදූරෙ නිසින්නං පල්ලඞ්කං ආභුජිත්වා උජුං කායං පණිධාය අත්තනො කඞ්ඛාවිතරණවිසුද්ධිං පච්චවෙක්ඛමානං.
Sinhala BJT1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර දෙව්රම් නම් වූ අනේපිඬු අරම්හි වැඩ වසන සේක. එ සමයෙහි කඞ්ඛාරේවත තෙරණුවෝ පලක් බැඳ කය ඍජු කොට පිහිටුවා තමන්ගේ කාඞ්ක්‍ෂාවිතරණවිශුද්ධිය නුවණින් බලනුවෝ භාග්‍යවතුන්ට නොදුරෙහි හුන්නාහු වෙත්. භාග්‍යවතුන් වහන්සේ පලක් බැඳ කය ඍජු කොට පිහිටුවා තමන්ගේ කාඞ්ක්‍ෂාවිතරණවිශුද්ධිය නුවණින් බලමින් නොදුරෙහි හුන් කඞ්ඛාරේවත තෙරුන් දුටු සේක.
Pali BJT2. අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:
Sinhala BJT2. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය දැන එ වේලෙහි මේ උදන් ඇනූ සේක:
Pali BJT“යා කාචි කඞ්ඛා ඉධ වා හුරං වා සකවෙදියා වා පරවෙදියා වා, ඣායිනො{2} තා පජහන්ති සබ්බා ආතාපිනො බ්රහ්මචරියං චරන්තා”ති.
Sinhala BJT“මේ අත්බව්හි හෝ අතීතානාගත අත්බව්හි, සිය අත්බව් අරමුණු කොට පවත්නා හෝ මෙරමා අත්බව් අරමුණු කොට පවත්නා හෝ යම් සැකයෙක් වේ ද, ඒ සියල්ල කෙලෙස් තවන වැර ඇති, බඹසර සරන්නා වූ ධ්‍යානයෙහි ඇලුණාහු දුරැ ලති.”
Pali BJT5. 8.
Sinhala BJT5. 8.
Pali BJTආනන්දසුත්තං
Sinhala BJTනන්‍ද සූත්‍රය (සඞ්ඝභේද)
Pali BJT1. එවං මෙ සුතං: එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා ආනන්දො තදහුපොසථෙ පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය රාජගහං පිණ්ඩාය පාවිසි. අද්දසා ඛො දෙවදත්තො ආයස්මන්තං ආනන්දං රාජගහෙ පිණ්ඩාය චරන්තං, දිස්වාන යෙන ආයස්මා ආනන්දො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මන්තං ආනන්දං එතදවොච: අජ්ජතග්ගෙ දානාහං ආවුසො ආනන්ද, අඤ්ඤත්රෙව භගවතා අඤ්ඤත්ර භික්ඛුසඞ්ඝා උපොසථං කරිස්සාමි සඞ්ඝකම්මානි චා’ති. අථ ඛො ආයස්මා ආනන්දො රාජගහෙ පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච: “ඉධාහං භන්තෙ පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය රාජගහං පිණ්ඩාය පාවිසිං. අද්දසා ඛො මං භන්තෙ දෙවදත්තො රාජගහෙ පිණ්ඩාය චරන්තං. දිස්වාන යෙනාහං තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා මං එතදවොච: ‘අජ්ජතග්ගෙ දානාහං ආවුසො ආනන්ද, අඤ්ඤත්රෙව භගවතා අඤ්ඤත්ර භික්ඛුසඞ්ඝා උපොසථං කරිස්සාමි සඞ්ඝකම්මානි චා’ති. අජ්ජ භන්තෙ දෙවදත්තො සඞ්ඝං භින්දිස්සති උපොසථඤ්ච කරිස්සති සඞ්ඝකම්මානි චා’ති.
Sinhala BJT1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවරැ කලන්‍දකනිවාප නම් වූ වේළුවනයෙහි වැඩ වසන සේක. එ සමයෙහි අනඳ තෙරණුවෝ පොහොලත් එදින පෙරවරු වේලෙහි හැඳ පෙරෙවැ පාසිවුරු ගෙන රජගහ නුවරට පිඬු පිණිස පිවිසියහ. දෙව්දත් තෙර රජගහ නුවරැ පිඬු පිණිස හැසිරෙන අනඳ තෙරුන් දිටී. දැක, අනඳ තෙරුන් වෙත එළැඹියේ ය. එළැඹැ අනඳ තෙරුනට ‘ඇවැත් අනඳය, අදින් ඉදිරියට මම් භාග්‍යවතුන් වහන්සේගෙන් වෙන් ව ම, භික්‍ෂූසඞ්ඝයාගෙන් වෙන් ව ම පොහෝ ද සඞ්ඝකර්‍ම ද කරන්නෙමි’යි කී ය. එකල්හි අනඳ තෙරණුවෝ රජගහ නුවරැ පිඬු පිණිස හැසිරැ බතින් පසු, පිණ්ඩපාතයෙන් පෙරළා ආයේ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ ය. එළැඹැ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක් පසෙක හුන්නෝ ය. එක් පසෙක හුන්නා වූ ම අනඳ තෙරණුවෝ ‘වහන්ස, මම් පෙරවරුයෙහි හැඳ පෙරෙවැ පාසිවුරු ගෙන මෙහි රජගහ නුවරට පිඬු පිණිස පිවිසියෙමි. වහන්ස, රජගහ නුවර පිඬු පිණිස හැසිරෙන මා දෙව්දත් තෙර දිටී ය. දැක මා වෙත ආයේ ය. අවුත් මට “ඇවැත් අනඳ ය, අදින් ඉදිරියට මම් භාග්‍යවතුන් වහන්සේගෙන් වෙන් ව ම, භික්‍ෂූසඞ්ඝයාගෙන් වෙන් ව ම, පොහෝ කරන්නෙමි, සඞ්ඝකර්‍ම ද කරන්නෙමි’යි මට මෙය කී ය. වහන්ස, අද දෙව්දත් තෙම සඞ්ඝයා දෙකඩකට බිඳින්නේ ය, වෙන් ව ම පොහෝ ද සඞ්ඝකර්‍ම ද කරන්නේ යැ”යි සැළ කළහ.
Pali BJT2. අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:
Sinhala BJT2. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ දැන, එ වේලෙහි මේ උදන් ඇනූහ:
Pali BJT“සුකරං සාධුනා සාධු සාධු පාපෙන දුක්කරං, පාපං පාපෙන සුකරං පාපමරියෙහි දුක්කරං”ති.
Sinhala BJT“සත්පුරුෂයා විසින් හොඳ දැය සුව සේ කට හැකි ය. පවිටහු විසින් හොඳ දැය කරනු නො හැක්ක. පවිටා විසින් පව සුව සේ කට හැකි ය. ආර්‍ය්‍යයන් විසින් පව කරනු නො හැක්ක.”
Pali BJT5. 9.
Sinhala BJT5. 9.
Pali BJTසද්ධායමානසුත්තං
Sinhala BJTසද්ධායමාන සූත්‍රය
Pali BJT1. එවං මෙ සුතං: එකං සමයං භගවා කොසලෙසු චාරිකං චරති මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං. තෙන ඛො පන සමයෙන සම්බහුලා මාණවකා භගවතො අවිදූරෙ සද්ධායමානරූපා{1} අතික්කමන්ති. අද්දසා ඛො භගවා සම්බහුලෙ මාණවකෙ අවිදූරෙ සද්ධායමානරූපෙ අතික්කමන්තෙ.
Sinhala BJT1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ මහත් භික්‍ෂුසමූහයක් හා කොසොල් රටැ සැරි සරන සේක. එ සමයෙහි වනාහි බොහෝ (බමුණු) තරුණයෝ මෙරමාට හෙලා තළා බස් දොඩන්නාහු භාග්‍යවතුන් වහන්සේට නොදුරු තැන්හි ඉක්මැ යෙත්. භාග්‍යවතුන් වහන්සේ එසේ අනුනට හෙලා තළා බස් දොඩමින් යන ඒ බමුණු තරුණයන් දුටු සේක.