Pali BJTඋපධිං{1} පටිච්ච දුක්ඛමිදං සම්භොති සබ්බුපාදානක්ඛයා නත්ථි දුක්ඛස්ස සම්භවො ලොකමිමං පස්ස පුථූ අවිජ්ජාය පරෙතා භූතා භූතරතා භවා අපරිමුත්තා.
Sinhala BJTඋපධිප්‍රත්‍යයයෙන් මේ දුක් හටගනී. සියලු උපාදානයන්ගේ ක්‍ෂයයෙන් දුක් හටගැන්ම නො වේ. මේ බොහෝ වූ ලොව බලව. අවිද්‍යායෙන් මඩනා ලද, කර්‍මක්ලේශයන්ගෙන් උපන්, අන් සතුන් කෙරෙහි තෘෂ්ණායෙන් ඇලුණු සත්ත්‍වයෝ භවයෙන් නොමිදුණෝ ය.
Pali BJTයෙ හි කෙචි භවා සබ්බධි සබ්බත්තතාය{2} සබ්බෙ තෙ භවා අනිච්චා දුක්ඛා විපරිණාමධම්මා.
Sinhala BJTකාමභවාදි යම් භව කෙනෙක් වෙත් ද, ඒ හැම තන්හි (ස්වර්‍ගපාය මනුෂ්‍යාදි) සර්‍වභාවයෙන් ඒ සියලු භවයෝ (රූපවේදනාදි ධර්‍මයෝ) අනිත්‍යයහ, දුක්හ, පෙරැළෙන සුලුහ.
Pali BJTඑවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සතො භවතණ්හා පහීයති විභවං නාභිනන්දති සබ්බසො තණ්හානං ඛයා අසෙසවිරාගනිරොධො නිබ්බානං.
Sinhala BJTමෙසේ මෙය ඇති සැටියෙන් සම්‍යක් ප්‍රඥායෙන් දක්නහුගේ භවතෘෂ්ණාව පහ වෙයි. (උච්ඡේද දෘෂ්ටිය දුරැ ලූ බැවින්) විච්ඡෙදය නො පතයි. සර්‍වප්‍රකාරයෙන් තෘෂ්ණාවන්ගේ ක්‍ෂයයෙන් නො ඉතිරි ව ආර්‍ය්‍යමාර්‍ගයෙන් නැවැත නොඋපදනා පරිදි නිරුද්ධ වීමෙක් වේ ද ඒ (සෝපාදිශේෂ) නිර්‍වාණ යි.
Pali BJTතස්ස නිබ්බුතස්ස භික්ඛුනො අනුපාදානා පුනබ්භවො න හොති, අභිභූතො මාරො විජිතසඞ්ගාමො උපච්චගා සබ්බභවානි තාදී”ති.
Sinhala BJTඒ කෙලෙස් නිවීමෙන් නිවුණු මහණහට උපාදාන නැති බැවින් පුනර්‍භවයෙක් නො වේ. මරු මඩනා ලද්දේ ය. මෙසේ දිනූ මරයුද ඇති රහත් තෙම සියලු භවයන් ඉක්මියේ ය.”
Pali BJTනන්දවග්ගො තතියො.
Sinhala BJTතෙවෙනි නන්‍දවර්‍ගය යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTකම්මං නන්දො යසොජො ච සාරිපුත්තො ච කොලිතො, පිලින්දි කස්සපො පිණ්ඩො සිප්පං ලොකෙන තෙ දසාති.
Sinhala BJTකම්ම නන්‍ද යසොජ සාරිපුත්ත කෝලිත පිලින්‍දිවච්ඡ කස්සප පිණ්ඩපාත සිපප ලෝක යන මෙයින් ඒ සූත්‍ර දශයෙකි.
Pali BJTමෙඝියවග්ගො චතුත්ථො
Sinhala BJTමේඝිය වර්‍ගය
Pali BJT4. 1.
Sinhala BJT4. 1.
Pali BJTමෙඝියසුත්තං
Sinhala BJTමේඝිය සූත්‍රය
Pali BJT1. එවං මෙ සුතං: එකං සමයං භගවා චාලිකායං විහරති චාලිකෙ පබ්බතෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා මෙඝියො භගවතො උපට්ඨාකො හොති. අථ ඛො ආයස්මා මෙඝියො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතො ඛො ආයස්මා මෙඝියො භගවන්තං එතදවොච: ‘ඉච්ඡාමහං භන්තෙ ජන්තුගාමං පිණ්ඩාය පවිසිතු’න්ති. “යස්සදානි ත්වං මෙඝිය කාලං මඤ්ඤසී’ති.
Sinhala BJT1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ චාලිකා නුවරට නොදුරෙහි වූ චාලික පර්‍වතයෙහි වැඩ වසන සේක. එ සමයෙහි වනාහි මේඝිය තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ උපස්ථායක වෙති. එ කල්හි මේඝිය තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියහ. එකත්පසෙක සිටියාවූ මේඝිය තෙරණුවෝ ‘වහන්ස, මම් ජන්තුග්‍රාමයට පිඬු පිණිස පිවිසෙන්නට කැමැත්තෙමි’යි භාග්‍යවතුන් වහන්සේට සැළ කළහ. ‘මේඝියෙනි, තෙපි යම් ගමනකට කාලය යැ යි සිතවු නම් එය කරව’යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
Pali BJT2. අථ ඛො ආයස්මා මෙඝියො පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය ජන්තුගාමං පිණ්ඩාය පාවිසි. ජන්තුගාමෙ පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො යෙන කිමිකාලාය නදියා තීරං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා කිමිකාලාය නදියා තීරෙ ජඞ්ඝාවිහාරං අනුචඞ්කමමානො අනුවිචරමානො අද්දසා කො අම්බවනං පාසාදිකං මනුඤ්ඤං රමණීයං. දිස්වානස්ස එතදහොසි: “පාසාදිකං වතිදං අම්බවනං රමණීයං. අලං වතිදං කුලපුත්තස්ස පධානත්ථිකස්ස පධානාය. සචෙ මං භගවා අනුජානෙය්ය, ආගච්ඡෙය්යාහං ඉමං අම්බවනං පධානායා”ති.
Sinhala BJT2. ඉක්බිත්තෙන් මේඝිය තෙරණුවෝ පෙරවරුයෙහි හැඳැ පෙරෙවැ පා සිවුරු ගෙන ජන්තුග්‍රාමයට පිඬු පිණිස පිවිසියහ. ජන්තුග්‍රාමයෙහි පිඬු පිණිස හැසිරැ පසුබත් කල්හි පිණ්ඩපාතයෙන් පෙරළා ආවාහු කිමිකාලා නදියගේ තීරය කරා එළැඹියහ. එළැඹ කිමිකාලා නදිය තෙරැ ජඞ්ඝාවිහාරය පිණිස සක්මන් කරනුවෝ හැවිදිනුවෝ සිත් පහදවන සිත්කලු අඹවනයක් දුටහ. දැකීමෙන්, “මේ අඹවනය ඒකාන්තයෙන් සිත පහදවන සුලු ය, සිත්කලු ය. මෙය ප්‍රධන්වීර්‍ය්‍ය වඩනු කැමැති කුලපුතක්හට ප්‍රධන් වඩනු පිණිස සුදුසු ම ය. ඉදින් භාග්‍යවතුන් වහන්සේ මට අනුදක්නා සේක් නම්, බවුන් වඩනු පිණිස මේ අඹවනයට එන්නෙමි”යි මේ සිත විය.
Pali BJT3. අථ ඛො ආයස්මා මෙඝියො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා මෙඝියො භගවන්තං එතදවොච: “ඉධාහං භන්තෙ පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය ජන්තුගාමං පිණ්ඩාය පාවිසිං. ජන්තුගාමෙ පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො යෙන කිමිකාලාය නදියා තීරං තෙනුපසඞ්කමිං. උපසඞ්කමිත්වා කිමිකාලාය නදියා තීරෙ ජඞ්ඝාවිහාරං අනුචඞ්කමමානො අනුවිචරමානො අද්දසං අම්බවනං පාසාදිකං රමණීයං. දිස්වාන මෙ එතදහොසි: ‘පාසාදිකං වතිදං අම්බවනං රමණීයං. අලං වතිදං කුලපුත්තස්ස පධානත්ථිකස්ස පධානාය. සචෙ මං භගවා අනුජානෙය්ය, ආගච්ඡෙය්යාහං ඉමං අම්බවනං පධානායාති. සචෙ මං භන්තෙ භගවා අනුජානාති, ගච්ඡෙය්යාහං තං අම්බවනං පධානායා’ති.
Sinhala BJT3. ඉක්බිත්තෙන් මේඝිය තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹුණහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ ආදරයෙන් වැඳ, එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් මේඝිය තෙරණුවෝ “වහන්ස, මෙහි මම් පෙරවරු යෙහි හැඳ පෙරෙව පාසිවුරු ගෙන ජන්තුග්‍රාමයට පිඬු පිණිස පිවිසියෙමි. ජන්තුග්‍රාමයෙහි පිඬු පිණිස හැසිරැ බතින් පසු පිණ්ඩපාතයෙන් නැවතුණෙම්, කිමිකාලානදිය තෙරට එළැඹියෙමි. එළැඹ, කිමිකාලා නදිය තෙරැ ජඞ්ගාවිහාරයෙහි යෙදී සක්මන් කරනුයෙම්, හැවිදිනුයෙම්, ප්‍රසාද එළවන, සිත්කලු අඹවනයක් දිටිමි. දැකීමෙන් මට ‘මේ අඹවනය මහණදම් කරනු කැමැති කුලපුතක්හට ප්‍රධන් වඩනුවට ඒකාන්තයෙන් සුදුසුයැ’යි මේ සිත විය. ඉදින් භාග්‍යවතුන් වහන්සේ අනුදන්නා සේක් නම්, මම් ප්‍රධන් වඩනු පිණිස මේ අඹවනයට එන්නෙමි’යි මේ සිත විය. ඉදින් භාග්‍යවතුන් වහන්සේ අනුදක්නා සේක් නම්, මම් ප්‍රධන් වඩනු පිණිස මේ අඹවනයට යන්නෙමි”යී කීහ.
Pali BJT4. එවං වුත්තෙ භගවා ආයස්මන්තං මෙඝියං එතදවොච: ‘ආගමෙහි තාව මෙඝිය, එකකම්හා යාව අඤ්ඤොපි කොචි{1} භික්ඛු ආගච්ඡතී”ති.{2} දුතියම්පි ඛො ආයස්මා මෙඝියො භගවන්තං එතදවොච: “භගවතො භන්තෙ, නත්ථි කිඤ්චි උත්තරි{3} කරණීයං, නත්ථි කතස්ස වා පතිචයො. මය්හං ඛො පන භන්තෙ, අත්ථි උත්තරි3 කරණීයං, අත්ථි කතස්ස පතිචයො. සචෙ මං භන්තෙ, භගවා අනුජානාති ගච්ඡෙය්යාහං තං අම්බවනං පධානායා”ති. දුතියම්පි ඛො භගවා ආයස්මන්තං මෙඝියං එතදවොච: “ආගමෙහි තාව මෙඝිය, එකකම්හා යාව අඤ්ඤො කොචි4 භික්ඛු ආගච්ඡතී”ති. තතියම්පි ඛො ආයස්මා මෙඝියො භගවන්තං එතදවොච: “භගවතො භන්තෙ, නත්ථි කිඤ්චි උත්තරි3 කරණීයං, නත්ථි කතස්ස පතිචයො මය්හං ඛො පන භන්තෙ, අත්ථි උත්තරි3 කරණීයං, අත්ථි කතස්ස පතිචයො. සචෙ මං භන්තෙ, භගවා අනුජානාති, ගච්ඡෙය්යාහං තං අම්බවනං පධානායා”ති.
Sinhala BJT4. මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ මේඝිය තෙරුනට, ‘මේඝියයෙනි, මම් හුදෙකලා වෙමි. අන් මහණකු එන තෙක් කුඩා තමක් බලව’යි වදාළ සේක. දෙවෙනි වර ද මේඝිය තෙරණුවෝ කියනුවෝ, ‘වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් මත්තෙහි කටයුතු දැයෙක් නැත. කළ දැයෙහි යලි රැස් කැරුමෙක් නැත. වහන්ස, මට වනාහි මත්තෙහි කටයුතු දෑ ඇත. කළ දැයෙහි යලි රැස් කැරුම් ඇත. ඉදින් භාග්‍යවතුන් වහන්සේ මට අනුදන්නා සේක් නම්, ඒ අඹවනයට ප්‍රධන් වඩනු පිණිස යන්නෙම්වා’යි කීහ. දෙවෙනි වර ද භාග්‍යවතුන් වහන්සේ “මේඝිය තෙරුනට, ‘මේඝියයෙනි, මම් හුදකලා වෙමි. අන් කිසි මහණකු එන තුරු කුඩා තමක් බලව”යි වදාළ සේක. තෙවෙනි වර ද මේඝිය තෙරණුවෝ “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් මත්තෙහි කටයුතු දැයෙක් නැත. කළ දැයෙක හෝ යලි වැඩීමෙක් නැත. මට වනාහි වහන්ස, මත්තෙහි කටයුතු ඇත. කළ දැයෙහි වැඩුම් ඇත. ඉදින් මට භාග්‍යවතුන් වහන්සේ අනුදන්නා සේක් නම්, ඒ අඹවනයට ප්‍රධන් වඩනු පිණිස මම් යන්නෙමි”යි කීහ.
Pali BJT5. “පධානන්ති ඛො මෙඝිය, වදමානං කින්ති වදෙය්යාම? යස්සදානි ත්වං මෙඝිය, කාලං මඤ්ඤසී”ති. අථ ඛො ආයස්මා මෙඝියො උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා යෙන තං අම්බවනං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා අම්බවනං අජ්ඣොගහෙත්වා අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ දිවාවිහාරං නිසීදි. අථ ඛො ආයස්මතො මෙඝියස්ස තස්මිං අම්බවනෙ විහරන්තස්ස යෙභුය්යෙන තයො පාපකා අකුසලා විතක්කා සමුදාචරන්ති. සෙය්යථිද? “කාමවිතක්කො, බ්යාපාදවිතක්කො, විහිංසාවිතක්කො”ති. අථ ඛො ආයස්මතො මෙඝියස්ස එතදහොසි: “අච්ඡරියං වත භො, අබ්භුතං වත භො සද්ධාය ච වතම්හා අගාරස්මා අනගාරියං පබ්බජිතො අථ ච පනිමෙහි තීහි පාපකෙහි අකුසලෙහි විතක්කෙහි අන්වාසත්තා සෙය්යථිදං? “කාමවිතක්කෙන, බ්යාපාදවිතක්කෙන, විහිංසාවිතක්කෙනා”ති.
Sinhala BJT5. “මේඝියයෙනි, මහණදම් කරමි යි කියන තොපට අපි අන් කුමක් කිය හැක්කමො ද? යමකට දැන් තෙපි කල් යැ යි සිතවු නම් එය කිරීම තොප අයත් වැඩෙකැ”යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. ඉක්බිත්තෙන් මේඝිය තෙරණුවෝ හුනස්සෙන් නැගී සිට භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පැදැකුණු කොට, ඒ අඹවනය කරා එළැඹියහ. එළැඹ ඒ අඹවනයට බැස ගෙන එක්තරා රුක්මුලෙක දිවාවිහාරය පිණිස හිඳගත්හ. ඉක්බිත්තෙන් (මෙසේ) ඒ අඹවෙනෙහි වසන මේඝිය තෙරුනට කාමවිතර්‍ක ව්‍යාපාදවිතර්‍ක විහිංසාවිතර්‍ක යන තුන් ලාමක අකුශල කල්පනාවෝ බෙහෙවින් පහළ වෙත්. එකල්හි මේඝිය තෙරුනට, “ආශ්චර්‍ය්‍යයෙක පින්වත්නි! නොවූවිරියෙක පින්වත්නි! මම් සැදැහැයෙන් ම ගිහිගෙන් නික්ම සසුන් වනිමි. එහෙත් කාමවිතර්‍ක ව්‍යාපාදවිතර්‍ක විහිංසාවිතර්‍ක යන මේ තුන් ලාමක අකුශල විතර්‍කවලින් ලැගුණමෝ වම්හ”යි මේ සිත විය.
Pali BJT6. අථ ඛො ආයස්මා මෙඝියො සායන්හසමයං පතිසල්ලානා වුට්ඨිතො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා මෙඝියො භගවන්තං එතදවොච: “ඉධ මය්හං භන්තෙ, තස්මිං අම්බවනෙ විහරන්තස්ස යෙභුය්යෙන තයො පාපකා අකුසලා විතක්කා සමුදාචරන්ති. සෙය්යථිදං: කාමවිතක්කො, බ්යාපාදවිතක්කො, විහිංසාවිතක්කොති. තස්ස මය්හං භන්තෙ, එතදහොසි: “අච්ඡරියං වත භො, අබ්භුතං වත භො, සද්ධාය ච වතම්හි අගාරස්මා අනගාරියං පබ්බජිතො, අථ ච පනිමෙහි තීහි පාපකෙහි අකුසලෙහි විතක්කෙහි අන්වාසත්තා.{1} සෙය්යථිදං – කාමවිතක්කෙන, බ්යාපාදවිතක්කෙන, විහිංසාවිතක්කෙන”’.
Sinhala BJT6. ඉක්බිත්තෙන් මේඝිය තෙරණුවෝ සවස් වේලෙහි පිළිසලනින් නැගී සිටියෝ, භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් මේඝිය තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට, “වහන්ස, මෙහි ඒ අඹවෙනෙහි වසන මට කාමවිතර්‍ක ව්‍යාපාදවිතර්‍ක විහිංසාවිතර්‍ක යන තුන් ලාමක අකුශල විතර්‍කයෝ බෙහෙවින් පහළ වෙත්. වහන්ස, ඒ මට “පින්වත්නි, ඒකාන්තයෙන් ආශ්චර්‍ය්‍යයක. පින්වත්නි, ඒකාන්තයෙන් අද්භූතය. ඒකාන්තයෙන් මම් සැදැහැයෙන් ම ගිහිගෙන් නික්ම සසුන් වනිමි. එහෙත් මේ කාමවිතර්‍ක ව්‍යාපාදවිතර්‍ක විහිංසාවිතර්‍ක යන මේ තුන් විතර්‍කවලින් ලැගුණමෝ වම්හ”යි මේ පවත් සැළ කළහ.
Pali BJT7. අපරිපක්කාය මෙඝිය, චෙතොවිමුත්තියා පඤ්ච ධම්මා පරිපාකාය සංවත්තන්ති. කතමෙ පඤ්ච? ඉධ මෙඝිය, භික්ඛු කල්යාණමිත්තො හොති කල්යාණසහායො කල්යාණසම්පවඞ්කො. අපරිපක්කාය මෙඝිය චෙතොවිමුත්තියා අයං පඨමො ධම්මො පරිපාකාය සංවත්තති.
Sinhala BJT7. “මේඝියයෙනි, නොමුහු කළ චිත්තවිමුක්තියගේ මුහු කිරීම පිණිස ධර්‍මයෝ පස් දෙනෙක් පවතිත්. කවර පස් දෙනෙක යත්: මේඝියයෙනි, මෙහි මහණ තෙම කලණමිතුරන් ඇත්තේ කලණ යහළුවන් ඇත්තේ, කලණ පුඟුලනට නැමුණේ වෙයි ද, මේ පළමු දහම නො මුහු කළ චිත්තවිමුක්තියගේ මුහු කිරීම පිණිස පවතී.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT(එවිට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:)
Pali BJTපුන චපරං මෙඝිය, භික්ඛු සීලවා හොති, පාතිමොක්ඛසංවරසංවුතො විහරති ආචාරගොචරසම්පන්නො අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී සමාදාය සික්ඛති සික්ඛාපදෙසු. අපරිපක්කාය මෙඝිය, චෙතොවිමුත්තියා අයං දුතියො ධම්මො පරිපාකාය සංවත්තති.
Sinhala BJTතව ද මේඝියයෙනි, මහණ තෙමේ සිල්වත් වේ ද, ප්‍රාතිමෝක්‍ෂසංවරයෙන් සංවෘත ව වෙසේ ද, ආචාරගෝචර දෙකින් සම්පූර්‍ණ වේ ද, ස්වල්පමාත්‍රවූ ද වරදෙහි බිය දක්නා සුලු වේ ද, සමාදන් කොට ගෙන සිකපදයන්හි හික්මේ ද, මේ දෙවෙනි දහම නොමුහු කළ චේතෝවිමුක්තියගේ මුහු කිරීම පිණිස පවතී.
Pali BJTපුන චපරං මෙඝිය, භික්ඛු යායං කථා අභිසල්ලෙඛිකා චෙතොවිවරණසප්පායා එකන්තනිබ්බිදාය විරාගාය නිරොධාය උපසමාය අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තති. සෙය්යථිදං? අප්පිච්ඡකථා, සන්තුට්ඨිකථා, පවිවෙකකථා, අසංසග්ගකථා, වීරියාරම්භකථා, සීලකථා, සමාධිකථා, පඤ්ඤාකථා, විමුත්තිකථා, විමුත්තිඤාණදස්සනකථා. එවරූපාය කථාය නිකාමලාභී හොති අකිච්ඡලාභී අකසිරලාභී; අපරිපක්කාය මෙඝිය චෙතොවිමුත්තියා අයං තතියො ධම්මො පරිපාකාය සංවත්තති.
Sinhala BJTතව ද මේඝියයෙනි, අල්පේච්ඡකථා සන්තුෂ්ටිකථා ප්‍රවිවෙකකථා අසංසර්‍ගකථා වීර්‍ය්‍යාරම්භකථා ශීලකථා සමාධිකථා ප්‍රඥාකථා විමුක්තිකථා විමුක්තිඥානදර්‍ශනකථා යන කෙලෙස් තුනී කරන, සිතේ ආවරණ දුරැලීමට (හෙවත් සමථවිපස්සනා වැඩීමට) සැප වූ යම් කථාවෙක් ඒකාන්තයෙන් සසර දුකෙහි කලකිරෙනු පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස, සියලු කෙලෙස් සංහිඳීම පිණිස, දතයුතු දෑ දැනීම පිණිස, සම්බෝධය පිණිස, නිවන පිණිස පවතී ද, මෙබඳු කථාවෙහි නිකාමලාභී (මෙබඳු කථා කැමැති පරිදි අසන්නට ලබන සුලු) වේ ද, සුව සේ ලබන සුලු වේ ද, මහත් සේ ලබන සුලු වේ ද, මේඝියයෙනි, මේ තෙවෙනි ධර්‍මය නො මුහු කළ චිත්තවිමුක්තියගේ මුහුකිරීම පිණිස පවතී.
Pali BJTපුන චපරං මෙඝිය, භික්ඛු ආරද්ධවිරියො විහරති අකුසලානං ධම්මානං පහානාය කුසලානං ධම්මානං උපසම්පදාය, ථාමවා දළ්හපරක්කමො අනික්ඛිත්තධුරො කුසලෙසු ධම්මෙසු. අපරිපක්කාය මෙඝිය චෙතොවිමුත්තියා අයං චතුත්ථො ධම්මො පරිපාකාය සංවත්තති.
Sinhala BJTතවද මේඝියයෙනි, මහණ තෙම අකුලස් දහම් දුරැ ලනු පිණිස, කුසල් දහම් සිය සතන්හි උපදවනු පිණිස සම්පූර්‍ණ කළ වීර්‍ය්‍ය ඇත්තේ වේ ද, කුසල් දහම්හි උත්සාහවත් වේ ද, දැඩි වීර්‍ය්‍ය ඇති වේ ද, නො බහාලූ වැර ඇත්තේ වේ ද, මේඝියයෙනි, මේ සතරවන ධර්‍මය නො මුහු කළ චිත්තවිමුක්තියගේ මුහු කිරීම පිණිස පවතී.
Pali BJTපුන චපරං මෙඝිය, භික්ඛු පඤ්ඤවා හොති උදයත්ථගාමිනියා පඤ්ඤාය සමන්නාගතො අරියාය නිබ්බෙධිකාය සම්මා දුක්ඛක්ඛයගාමිනියා. අපරිපක්කාය මෙඝිය චෙතොවිමුත්තියා අයං පඤ්චමො ධම්මො පරිපාකාය සංවත්තති.
Sinhala BJTමේඝියයෙනි, තව ද මහණ තෙම නිදොස් වූ නිර්වේධභාගික වූ, දුඃඛක්‍ෂයය (ආර්‍ය්‍යමාර්‍ගය) කරා මොනොවට යන, ස්කන්‍ධයන්ගේ උදයව්‍යය දෙක පිළිවිදුනා ප්‍රඥායෙන් සමන්‍විත වේ ද, මේඝියයෙනි,මේ පස්වන ධර්‍මය නො මුහු කළ චිත්තවිමුක්තියගේ මුහු කිරීම පිණිස පවතී.
Pali BJTඅපරිපක්කාය මෙඝිය, චෙතොවිමුත්තියා ඉමෙ පඤ්ච ධම්මා පරිපාකාය සංවත්තන්ති.
Sinhala BJTමේඝියයෙනි, නො මුහුකළ චිත්තවිමුක්තියගේ මුහු කිරීම පිණිස මේ දහම් පස් දෙන පවතිත්.”
Pali BJT8. කල්යාණමිත්තස්සෙතං මෙඝිය, භික්ඛුනො පාටිකඞ්ඛං කල්යාණසහායස්ස කල්යාණසම්පවඞ්කස්ස යං සීලවා භවිස්සති, පාතිමොක්ඛසංවරසංවුතො විහරිස්සති, ආචාරගොචරසම්පන්නො, අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී, සමාදාය සික්ඛිස්සති සික්ඛාපදෙසු. කල්යාණමිත්තස්සෙතං මෙඝිය, භික්ඛුනො පාටිකඞ්ඛං{1} කල්යාණසහායස්ස කල්යාණසම්පවඞ්කස්ස යායං කථා අභිසල්ලෙඛිකා චෙතොවිවරණසප්පායා එකන්තනිබ්බිදාය විරාගාය නිරොධාය උපසමාය අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තති.{2} සෙය්යථිදං? අප්පිච්ඡකථා, සන්තුට්ඨිකථා, පවිවෙකකථා, අසංසග්ගකථා, වීරියාරම්භකථා, සීලකථා, සමාධිකථා, පඤ්ඤාකථා, විමුත්තිකථා, විමුත්තිඤාණදස්සනකථා. එවරූපාය{3} කථාය නිකාමලාභී භවිස්සති අකිච්ඡලාභී අකසිරලාභී.
Sinhala BJT8. “මේඝියයෙනි, ‘සිල්වත් වන්නේ ය, ප්‍රාතිමෝක්‍ෂ සංවරයෙන් සංවෘත ව ආචාරගෝචරසම්පන්න ව, අල්පමාත්‍ර වූ ද වරදෙහි බිය දක්නා වු ද සුලු ව වසන්නේ ය, සමාදන් කොට ගෙන ශික්‍ෂාපදයන්හි හික්මෙන්නේ ය යන මෙය කලණමිතුරන් ඇති, කලණ යහළුවන් ඇති කලණ පුගුලනට නැමුණු මහණහු විසින් ඒකාන්තයෙන් කැමැති විය යුතු. මේඝියයෙනි, අල්පේච්ඡකථා ය, සන්තුෂ්ටිකථා ය, ප්‍රවිවෙකකථා ය, අසංසර්‍ගකථා ය, වීර්‍ය්‍යාරම්භකථා ය, ශීලකථා ය, සමාධිකථා ය, ප්‍රඥාකථා ය, විමුක්තිකථා ය, විමුක්තිඥානදර්‍ශනකථා ය යන කෙලෙස් තුනී කරන, සිතැ ආවරණ දුරැලීමට (සමථවිපස්සනාවනට) සැප වූ යම් කථාවෙක් ඒකාන්තයෙන් සසර කලකිරෙනු පිණිස, දතයුතු දෑ දැන ගැන්ම පිණිස, සතරමග නුවණින් සිවුසස් අවබෝධ කරනු පිණිස, නිවන් පිණිස පවතී ද, මෙබඳු කථා කැමැති පරිදි අසන්නට ලබන සුලු වේ, සුව සේ ලබන සුලු වේ, මහත් සේ ලබන සුලු වේ යන මෙය කලණමිතුරන් ඇති, කලණ යහළුවන් ඇති, කලණ පුගුලනට නැමුණු මහණහු විසින් ඒකාන්තයෙන් කැමැති විය යුතු.
Pali BJTකල්යාණමිත්තස්සෙතං මෙඝිය, භික්ඛුනො පාටිකඞ්ඛං1 කල්යාණසහායස්ස කල්යාණසම්පවඞ්කස්ස යං ආරද්ධවිරියො භවිස්සති{4} අකුසලානං ධම්මානං පහානාය, කුසලානං ධම්මානං උපසම්පදාය, ථාමවා දළ්හපරක්කමො අනික්ඛිත්තධුරො කුසලෙසු ධම්මෙසු.
Sinhala BJTමේඝියයෙනි, අකුසල් දහම් පහ කරනු පිණිස කුසල් දහම් වඩනු පිණිස ශක්තිමත් ය, දැඩි වැර ඇත්තේ ය, කුසල් දහම්හි නොබහාලූ වීර්‍ය්‍ය ඇත්තේ ය යන මෙය කලණමිතුරන් ඇති, කලණ යහළුවන් ඇති, කලණ පුගුලනට නැමුණු මහණහු විසින් කැමැති විය යුතු.
Pali BJTකල්යාණමිත්තස්සෙතං මෙඝිය, භික්ඛුනො පාටිකඞ්ඛං1 කල්යාණසහායස්ස කල්යාණසම්පවඞ්කස්ස යං පඤ්ඤවා භවිස්සති. උදයත්ථගාමිනියා පඤ්ඤාය සමන්නාගතො අරියාය නිබ්බෙධිකාය සම්මා දුක්ඛක්ඛයගාමිනියා.
Sinhala BJTමේඝියයෙනි, උදයව්‍යය පිළිවිදුනා නිදොස් වූ නිර්වේධභාගික වූ මොනොවට (දුක් නසන) ආර්‍ය්‍යමාර්‍ගයට පැමිණෙන ප්‍රඥායෙන් ප්‍රඥාවත් වන්නේ ය යන යමක් ඇද්ද, මෙය කලණ මිතුරන් ඇති, කලණ යහළුවන් ඇති, කලණ පුගුලනට නැමුණු භික්‍ෂූහු විසින් අපේක්‍ෂා කටයුතු ය.
Pali BJTතෙන ච පන මෙඝිය, භික්ඛුනා ඉමෙසු පඤ්චසු ධම්මෙසු පතිට්ඨාය චත්තාරො ධම්මා උත්තරි{5} භාවෙතබ්බා. “අසුභා භාවෙතබ්බා රාගස්ස පහානාය, මෙත්තා භාවෙතබ්බා බ්යාපාදස්ස පහානාය, ආනාපානස්සති භාවෙතබ්බා විතක්කුපච්ඡෙදාය, අනිච්චසඤ්ඤා භාවෙතබ්බා අස්මිමානසමුග්ඝාතාය. අනිච්චසඤ්ඤිනො මෙඝිය, අනත්තසඤ්ඤා සණ්ඨාති, අනත්තසඤ්ඤී අස්මිමානසමුග්ඝාතං පාපුණාති, දිට්ඨෙව ධම්මෙ නිබ්බානං”ති.
Sinhala BJTමේඝියයෙනි, ඒ මහණහු විසින් මේ දහම් පසෙහි පිහිටා, මත්තෙහි සතර දහම් කෙනෙක් වැඩිය යුත්තාහ. රාගය පහ කරනු පිණිස අශුභභාවනාව වැඩිය යුතු. ව්‍යාපාදය පහ කරණු පිණිස මෛත්‍රිය වැඩිය යුතු. විතර්‍ක නසනු පිණිස ආනාපාන ස්මෘතිය වැඩිය යුතු. අස්මිමානය නසනු පිණිස අනිත්‍යසංඥාව වැඩිය යුතු. මේඝියයෙනි, අනිත්‍යසංඥාව ඇත්තහුට අනාත්මසංඥාව දැඩිව පිහිටයි. අනාත්මසංඥාව ඇත්තේ අස්මීමාන විනාශයට, මෙ අත්බව්හි ම අප්‍රත්‍යය පරිනිර්‍වාණයට පැමිණෙයි.”
Pali BJT9. අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:
Sinhala BJT9. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය දැන ඒ වෙලායෙහි මේ උදන් ඇනූ සේක:
Pali BJTඛුද්දා විතක්කා සුඛුමා විතක්කා අනුග්ගතා මනසො උප්පිලාවා,{6} එතෙ අවිද්වා මනසො විතක්කෙ හුරාහුරං ධාවති භන්තචිත්තො.
Sinhala BJT“(කාමවිතර්‍කාදි) කුඩා විතර්‍ක ද (ඥාතිවිතර්‍කාදි) සියුම් විතර්‍ක දැ යි සිතින් අනුවර්‍තති වූ චිත්තයාගේ උත්පලාවන කෙනෙක් (සිතේ මතුවීම්) වෙත් ද, මේ මනෝවිතර්‍කයන් නොදැන, අවිද්‍යාතෘෂ්ණාවන්ගේ වශයෙන් භ්‍රාන්තවූ සිතැත්තේ (මෙලෝ පරලෝ වශයෙන්) අනෙක් අනෙක් භවයට දිවෙයි.
Pali BJTඑතෙ ච විද්වා මනසො විතක්කෙ ආතාපි යො සංවරතී සතීමා. අනුග්ගතෙ මනසො උප්පිලාවෙ{7} අසෙසමෙතෙ පජහාසි බුද්ධො”ති.
Sinhala BJTසිහි ඇති වීර්‍ය්‍යවත් තැනැත්තේ සිතේ මේ විතර්‍කයන් දැන ඥානසංවරයෙන් වසා ලයි. සිවුසස් අවබෝධ කළ ආර්‍ය්‍යශ්‍රාවක තෙම තව ම නොපහළ වූ (එහෙත් පහළ වන්නට සුදුසු වැ සිටි) සිතේ මේ සියලු උත්පලාවයන් මුල්සුන් කෙළේ ය. (නැවැත නොපහළවන්නවුන් ම කළේ ය).”
Pali BJT4. 2.
Sinhala BJT4. 2.
Pali BJTඋද්ධතසුත්තං
Sinhala BJTඋද්ධත සූත්‍රය
Pali BJT1. එවං මෙ සුතං: එකං සමයං භගවා කුසිනාරායං විහරති, උපවත්තනෙ මල්ලානං සාලවනෙ. තෙන ඛො පන සමයෙන සම්බහුලා භික්ඛූ භගවතො අවිදූරෙ අරඤ්ඤකුටිකායං විහරන්ති, උද්ධතා{1} උන්නළා චපලා මුඛරා විකිණ්ණවාචා මුට්ඨස්සතිනො අසම්පජානා අසමාහිතා විබ්භන්තචිත්තා පාකතින්ද්රියා.
Sinhala BJT1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කුසිනාරානුවර සමීපයේ මල්ලරජුන්ගේ උපවර්‍තන නම් සල්වෙනෙහි වැඩ වසන සේක. එ සමයෙහි බොහෝ භික්‍ෂූහු නොසංහුන් වූවෝ, ඔසොවා ගත් මාන නළ ඇත්තෝ, පාසිවුරු සැරැසීම් ආදි වූ චපල බැවින් යුත් වූවෝ, පරොස් බස් ඇත්තෝ, (තිරිසන් කථා බහුල බැවින්) ව්‍යාකූල කථා ඇත්තෝ, මුළා සිහි ඇත්තෝ, සම්පජඤ්ඤ රහිතයෝ, අසමාහිතයෝ, විභ්‍රාන්ත සිතැත්තෝ, අසංයත ඉන්‍ද්‍රිය ඇත්තෝ, භාග්‍යවතුන් වහන්සේට නොදුරෙහි අරණ්‍යකුටිකායෙක වෙසෙත්.
Pali BJT2. අද්දසා ඛො භගවා තෙ සම්බහුලෙ භික්ඛූ අවිදූරෙ අරඤ්ඤකුටිකායං විහරන්තෙ උද්ධතෙ උන්නළෙ චපලෙ මුඛරෙ විකිණ්ණවාචෙ මුට්ඨස්සතිනො අසම්පජානෙ අසමාහිතෙ විබ්භන්තචිත්තෙ පාකතින්ද්රියෙ.
Sinhala BJT2. භාග්‍යවතුන් වහන්සේ නොසංහුන් සිතැති, ඔසොවා ගත් මාන නළ ඇති, චපල බැවින් යුත්, පරොස් බසැති, ව්‍යාකූල කථා ඇති, මුළා සිහි ඇති, සම්පජඤ්ඤ රහිත, අසමාහිත විභ්‍රාන්ත සිතැති, අසංයත ඉන්‍ද්‍රිය ඇති නො දුරෙහි අරන්කිළියෙහි වසන ඒ බොහෝ මහණුන් දුටු සේක.
Pali BJT3. අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:
Sinhala BJT3. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ දැන එ වේලෙහි මේ උදන් ඇනූ සේක:
Pali BJT“අරක්ඛිතෙන කායෙන මිච්ඡාදිට්ඨිගතෙන ච. ථිනමිද්ධාභිභූතෙන වසං මාරස්ස ගච්ඡති.
Sinhala BJT“මිථ්‍යාදෘෂ්ටිය වැද ගත්, තැනමිදුයෙන් මඬනා ලද, නොරක්නා ලද ෂඩ්විඥාන සංඛ්‍යාත කය හේතු කොට ගෙන සත්ත්‍ව තෙමේ මරහු වශයට යෙයි.
Pali BJTතස්මා රක්ඛිතචිත්තස්ස සම්මාසඞ්කප්පගොචරො, ථීනමිද්ධාභිභූ භික්ඛු සබ්බා දුග්ගතියො ජහෙ”ති.
Sinhala BJTඑහෙයින් සම්‍යක්සඞ්කල්පනා ගොදුරු කොටැත්තේ, රක්නාලද සිතැත්තේ වන්නේ ය. සම්‍යග්දෘෂ්ටිය පෙරදැරි කොටැත්තේ (ස්කන්‍ධයන්ගේ) උදයව්‍යය දැන, තැනමිදු දෙක මැඩැලන මහණ තෙමේ සියලු දුර්‍ගතීන් දුරැ ලන්නේ ය.”
Pali BJT4. 3.
Sinhala BJT4. 3.
Pali BJTගොපාලකසුත්තං
Sinhala BJTගෝපාල සූත්‍රය
Pali BJT1. එවං මෙ සුතං: එකං සමයං භගවා කොසලෙසු{2} චාරිකං චරති මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං. අථ ඛො භගවා මග්ගා ඔක්කම්ම යෙන අඤ්ඤතරං රුක්ඛමූලං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. අථ ඛො අඤ්ඤතරො ගොපාලකො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො තං ගොපාලකං භගවා ධම්මියා කථාය සන්දස්සෙසි, සමාදපෙසි, සමුත්තෙජෙසි, සම්පහංසෙසි.
Sinhala BJT1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ මහත් භික්‍ෂුසඞ්ඝයා හා කොසොල් රටැ සැරි සරන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මාර්‍ගයෙන් ඉවත් වැ එක්තරා රුක්මුලක් කරා එළැඹි සේක. එළැඹ පනවන ලද අස්නෙහි වැඩ හුන් සේක. එකල්හි එක්තරා ගොපල්ලෙක් භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් ඒ ගොපල්ලාට භාග්‍යවතුන් වහන්සේ දැහැමි කථාවෙන් (කුශලාදී ධර්‍මයන්) මොනොවට දැක්වූ සේක. (ශීලාදි ධර්‍ම) මොනොවට ගැන්වූ සේක. එහි මොනොවට උත්සාහවත් කළ සේක. එහි සතුටු කැරැවූ සේක.
Pali BJT2. අථ ඛො සො ගොපාලකො භගවතා ධම්මියා කථාය සන්දස්සිතො සමාදපිතො සමුත්තෙජිතො සම්පහංසිතො භගවන්තං එතදවොච: අධිවාසෙතු මෙ භන්තෙ, භගවා ස්වාතනාය භත්තං සද්ධිං භික්ඛුසඞ්ඝෙනා’ති. අධිවාසෙසි භගවා තුණ්හීභාවෙන. අථ ඛො සො ගොපාලකො භගවතො අධිවාසනං විදිත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි. අථ ඛො සො ගොපාලකො තස්සා රත්තියා අච්චයෙන සකෙ නිවෙසනෙ පහූතං අප්පොදකපායාසං පටියාදාපෙත්වා නවඤ්ච සප්පිං, භගවතො කාලං ආරොචෙසි: ‘කාලො භන්තෙ, නිට්ඨිතං භත්තං’ති.
Sinhala BJT2. ඉක්බිත්තෙන් ඒ ගොපලු තෙම භාග්‍යවතුන් වහන්සේ විසින් දැහැමි කතායෙන් කරුණු දක්වන ලද, (ශීලාදිය) මොනොවට ගන්වන ලද, එහි උත්සාහවත් කරන ලද, එහි තුටු පහටු කරවන ලද ඒ ගොපලු තෙම භාග්‍යවතුන් වහන්සේට ‘වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මාගේ බත බික්සඟන සමග සෙට දවසට ඉවසන සේක්වා’යි මෙ බස් කී ය. භාග්‍යවතුන් වහන්සේ තූෂ්ණීම්භාවයෙන් ඉවැසූ සේක. එකල්හි ගොපලු තෙම භාග්‍යවතුන් වහන්සේගේ ඉවසීම දැන, හුන්ස්නෙන් නැගී සිට, භාග්‍යවතුන් වහන්සේ ආදරයෙන් වැඳ, පැදකුණු කොට නික්මැ ගියේ ය. ඉක්බිති ඒ ගොපලු තෙම ඒ රෑ ඇවෑමෙන් සිය ගෙහි බොහෝ දිය නොමුසු කිරිබත් ද අලුත් ගිතෙල් ද පිළියෙල කරවා, ‘වහන්ස, කල් වෙයි. බත් (පිළියෙල කොට) නිමියේ යැ’යි භාග්‍යවතුන් වහන්සේට කල් දැන්වීය.
Pali BJT3. අථ ඛො භගවා පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය සද්ධිං භික්ඛුසඞ්ඝෙන යෙන තස්ස ගොපාලකස්ස නිවෙසනං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. අථ ඛො සො ගොපාලකො බුද්ධපමුඛං භික්ඛුසඞ්ඝං අප්පොදකපායාසෙන නවෙන ච සප්පිනා සහත්ථා සන්තප්පෙසි සම්පවාරෙසි. අථ ඛො සො ගොපාලකො භගවන්තං භුත්තාවිං ඔනීතපත්තපාණිං අඤ්ඤතරං නීචං ආසනං ගහෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො තං ගොපාලකං භගවා ධම්මියා කථාය සන්දස්සෙත්වා, සමාදපෙත්වා, සමුත්තෙජෙත්වා, සම්පහංසෙත්වා උට්ඨායාසනා පක්කාමි. අථ ඛො අචිරපක්කන්තස්ස භගවතො තං ගොපාලකං අඤ්ඤතරො පුරිසො සීමන්තරිකාය ජීවිතා වොරොපෙසි.
Sinhala BJT3. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරු සමයෙහි හැඳ පෙරෙවැ පාසිවුරු ගෙනැ, බික්සඟන සමග ඒ ගොපල්ලාගේ ගෙට එළැඹි සේක. එළැඹ පනවන ලද අස්නෙහි වැඩ හුන් සේක. ඉක්බිත්තෙන් ඒ ගොපලු තෙම බුදුපාමෙක් සඟන දිය නොමුසු කිරිබතින් (හුදුකිරිබතින්) ද අලුත් ගිතෙලින් ද සැතැපවී ය, පැවැරවී ය. එ කල්හි ඒ ගොපලු තෙම දන් වැළැඳූ පාත්‍රයෙන් ඉවතට ගත් අතැති භාග්‍යවතුන් වහන්සේට එකත්පසැ එක්තරා මිටි අස්නක් ගෙනැ හුන්නේ ය. එකත්පසෙක හුන් ඒ ගොපලුහට භාග්‍යවතුන් වහන්සේ දැහැමි කථාවෙන් කරුණු දක්වා, සිල් ඈ ගන්වා, එහි උත්සාහවත් කොට, සතුටු කොට හුනස්නෙන් නැගී සිට නික්මැ ගියේය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ නික්මැ වැඩි නොබෝ කල්හි ගම් මායිම් අතරෙහි දී එක්තරා මිනිසෙක් ඒ ගොපල්ලා දිවියෙන් තොර කෙළේ ය.
Pali BJT4. අථ ඛො සම්බහුලා භික්ඛූ යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛූ භගවන්තං එතදවොචුං: “යෙන භන්තෙ, ගොපාලකෙන අජ්ජ බුද්ධපමුඛො භික්ඛුසඞ්ඝො අප්පොදකපායසෙන නවෙන ච සප්පිනා සහත්ථා සන්තප්පිතො සම්පවාරිතො, සො කිර භන්තෙ, ගොපාලකො අඤ්ඤතරෙන පුරිසෙන සිමන්තරිකාය ජීවිතා වොරොපිතො”ති.
Sinhala BJT4. එ කල්හි බොහෝ මහණහු භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ, එකත්පසෙකැ හුන්හ. එකත්පසෙකැ හුන්නා වූ ඒ මහණහු ‘වහන්ස, අද යම් ගොපල්ලකු විසින් බුදුපාමොක් සඟන දිය නොමුසු කිරිබතිනුත් අලුත් ගිතෙලිනුත් සියතින් සතපන ලද ද, පවරන ලද ද, වහන්ස, ඒ ගොපලු තෙම එක් මිනිසකු විසින් ගම්මායිම් අතරැදී දිවියෙන් තොර කරන ලදැ’යි භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැළ කළහ.
Pali BJT5. අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:
Sinhala BJT5. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ දැන, එ වේලෙහි මේ උදන් ඇනූ සේක:
Pali BJT“දිසො දිසං යන්තං කයිරා වෙරී වා පන වෙරිනං, මිච්ඡාපණිහිතං චිත්තං පාපියො නං තතො කරෙ”ති.
Sinhala BJT“සතුරෙක් සතුරකුට හෝ වෛරියෙක් වෛරියකුට යම් අනය ව්‍යසනයක් කරන්නේ නම්, වරදවා පිහිටුවන ලද සිත ඔහු එයටත් වඩා පාපතරයකු කරන්නේ ය.”
Pali BJT4. 4.
Sinhala BJT4. 4.
Pali BJTජුණ්හසුත්තං{1}
Sinhala BJTයක්ඛපහාර සූත්‍රය (ජුන්හ සූත්‍රය)
Pali BJT1. එවං මෙ සුතං: එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා ච සාරිපුත්තො ආයස්මා ච මහාමොග්ගල්ලානො කපොතකන්දරායං විහරන්ති. තෙන ඛො පන සමයෙන ආයස්මා සාරිපුත්තො ජුණ්හාය රත්තියා නවොරොපිතෙහි කෙසෙහි අබ්භොකාසෙ නිසින්නො හොති, අඤ්ඤතරං සමාධිං සමාපජ්ජිත්වා. තෙන ඛො පන සමයෙන ද්වෙ යක්ඛා සහායකා උත්තරාය දිසාය දක්ඛිණං දිසං ගච්ඡන්ති, කෙනචිදෙව කරණීයෙන. අද්දසංසු ඛො තෙ යක්ඛා ආයස්මන්තං සාරිපුත්තං ජුණ්හාය රත්තියා නවොරොපිතෙහි කෙසෙහි අබ්භොකාසෙ නිසින්නං. දිස්වාන එකො යක්ඛො දුතියං යක්ඛං එතදවොච: “පටිභාති මං සම්ම, ඉමස්ස සමණස්ස සීසෙ පහාරං දාතුං”ති. එවං වුත්තෙ සො යක්ඛො තං යක්ඛං එතදවොච: “අලං සම්ම මා සමණං ආසාදෙසි. උළාරො සො සම්ම සමණො මහිද්ධිකො මහානුභාවො”ති. දුතියම්පි ඛො සො යක්ඛො තං යක්ඛං එතදවොච: “පටිභාති මං සම්ම, ඉමස්ස සමණස්ස සීසෙ පහාරං දාතුං”ති. දුතියම්පි ඛො සො යක්ඛො තං යක්ඛං එතදවොච: “අලං සම්ම, මා සමණං ආසාදෙසි. උළාරො සො සම්ම, සමණො මහිද්ධිකො මහානුභාවො’ති. තතියම්පි ඛො සො යක්ඛො තං යක්ඛං එතදවොච: “පටිභාති මං සම්ම, ඉමස්ස සමණස්ස සීසෙ පහාරං දාතුං”ති. තතියම්පි ඛො සො යක්ඛො තං යක්ඛං එතදවොච: “අලං සම්ම, මා සමණං ආසාදෙසි. උළාරො සො සම්ම, සමණො මහිද්ධිකො මහානුභාවො”ති.
Sinhala BJT1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවරැ කලන්‍දකනිවාප නම් වූ වේළුවනයෙහි වැඩ වසන සේක. එ සමයෙහි සැරියුත් තෙරණුවෝ ද මහමුගලන් තෙරණුවෝ ද කොබෝකඳුරෙහි වෙසෙති. එ සමයෙහි වනාහි සැරියුත් තෙරණුවෝ පුරපසැ රැයෙක අලුත බෑ හිසකෙසින් යුතු වැ, එක්තරා සමවතකට සමවැදැ එළිමහන්හි හුන්නාහු වෙති. එ කල්හි යහළු වූ යක්කු දෙදෙනෙක් කිසි කටයුත්තෙකින් උතුරු දෙසින් දකුණු දෙසට යෙති. ඒ යක්කු පුරපසැ රැයෙහි අලුත බෑ හිසකෙසින් යුතු වැ එළිමහනැ හුන් සැරියුත් තෙරුන් දුටහ. දැක එක් යකෙක් දෙවෙනි යකු බණවා, ‘යහළු, මේ මහණහු හිසෙහි පහරක් දෙන්නට මට සිතේ’යැ යි කීය. මෙසේ කි කලැ ඒ යක්තෙම අනෙකාට ‘යහළු, කම් නැත, මහණහට පහර නො දෙව. ඒ මහණ උතුම් ගුණැත්තෙක. මහත් ඍද්ධි ඇත්තෙක. මහානුභාව ඇත්තෙකැ’යි කී ය. දෙවෙනි වරැ ද ඒ යක් තෙම අනෙකාට යහළු, මේ මහණහු හිසැ පහර දෙන්නට මට සිතේ’යැ යි කීය. දෙවෙනි වරැ ද ඒ යක් තෙම අනෙකාට, ‘යහළු’, කම් නැත. මහණහට පහර නො දෙව. ඒ මහණ උතුම් ගුණැත්තෙක. මහත් ඍද්ධි ඇත්තෙක. මහානුභාව ඇත්තෙකැ’යි කී ය. තෙවැනි වරැ ද ඒ යක් තෙම අනෙකා බණවා, ‘යහළු’, මේ මහණහු හිසැ පහරක් දෙන්නට මට සිතේ’යැ යි කීය. තෙවැනි වරැ ද ඒ යක් තෙම අනෙකාට, යහළු, කම් නැත. මහණහට පහර නො දෙව. ඒ මහණ උතුම් ගුණැත්තෙක, මහත් තෙද බලැත්තෙකැ’යි කී ය.
Pali BJT2. අථ ඛො සො යක්ඛො තං යක්ඛං අනාදියිත්වා ආයස්මතො සාරිපුත්තත්ථෙරස්ස සීසෙ පහාරං අදාසි: තාව මහාපහාරො අහොසි, අපි තෙන පහාරෙන සත්තරතනං වා අඩ්ඪට්ඨරතනං වා නාගං ඔසාදෙය්ය{1} මහන්තං වා පබ්බතකූටං පදාළෙය්ය. අථ ච පන සො යක්ඛො ‘ඩය්හාමි, ඩය්හාමී’ති තත්ථෙව මහානිරයං අවත්ථාසි.{2}
Sinhala BJT2. ඉක්බිති ඒ යක් තෙමේ අනෙකාගේ බස නො තකා, සැරියුත් තෙරුන්ගේ හිසැ පහරක් දුන්නේ ය. එ පහරින් සත්රියන් හෝ සත්රියන් වියත් පමණ වු ඇතකු හෝ බිමැ ගැළහිය හෙන්නේ නම්, මහගිරිකුළක් හෝ පළා දැමියැ හෙන්නේ නම් ඒසා මහපහරෙක් විය. එතෙකුදු වුවත් ඒ යක් තෙම ‘දැවෙමි, දැවෙමි’යි කියමින් එහි ම (පොළොවෙහි ගැළ) මැරී මහා නිරයට වැටුණේ ය. (අවීචි නිරයෙහි උපන්නේ ය.)
Pali BJT3. අද්දසා ඛො ආයස්මා මහාමොග්ගල්ලානො දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන තෙන යක්ඛෙන ආයස්මතො සාරිපුත්තස්ස සීසෙ පහාරං දීයමානං. දිස්වාන යෙනායස්මා සාරිපුත්තො තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා ආයස්මන්තං සාරිපුත්තං එතදවොච: “කච්චි තෙ ආවුසො ඛමනීයං? කච්චි යාපනීයං? කච්චි න’ කිඤ්චි දුක්ඛං?”ති “ඛමනීයං මෙ ආවුසො මොග්ගල්ලාන, යාපනීයං මෙ ආවුසො මොග්ගල්ලාන. අපි ච මෙ සීසං ථොකං දුක්ඛං”ති.
Sinhala BJT3. මහමුගලන් තෙරණුවෝ මිනිසුන්ගේ දැකුම් ඉම ඉක්මැ සිටි පිරිසුදු වූ දිවැසින් ඒ යකු විසින් සැරියුත් තෙරුන්ගේ හිසැ දුන් පහර දුටහ. දැක සැරියුත් තෙරුන් කරා එළැඹියහ. එළැඹ සැරියුත් තෙරුන් අමතා, ‘ඇවැත්නි, කිම? මුබට සැහිය හැකි ද? කිම? යැපිය හැකි ද? කිම කිසි දුකෙක් නැද්ද?’යි අසා වදාළහ. ‘ඇවැත්නි, මුගලන් තෙරණුවනි, මට සැහිය හැක්ක: මට යැපිය හැක්ක. එහෙත් මා හිස මඳ රිදුමෙක් වේ’යි සැරියුත් තෙරණුවෝ වදාළහ.
Pali BJT4. “අච්ඡරියං ආවුසො සාරිපුත්ත, අබ්භුතං ආවුසො සාරිපුත්ත, යාව මහිද්ධිකො ආයස්මා සාරිපුත්තො මහානුභාවො. ඉධ තෙ ආවුසො සාරිපුත්ත, අඤ්ඤතරො යක්ඛො සීසෙ පහාරං අදාසි. තාව මහාපහාරො අහොසි, අපි තෙන පහාරෙන සත්තරතනං වා අඩ්ඪට්ඨරතනං වා නාගං ඔසාදෙය්ය{3} මහන්තං වා පබ්බතකූටං පදාළෙය්ය, අථ ච පනායස්මා සාරිපුත්තො එවමාහ: “ඛමනීයං මෙ ආවුසො මොග්ගල්ලාන, යාපනීයං මෙ ආවුසො මොග්ගල්ලාන, අපි ච මෙ සීසං ථොකං දුක්ඛං”ති. “අච්ඡරියං ආවුසො මොග්ගල්ලාන, අබ්භුතං ආවුසො මොග්ගල්ලාන, යාව මහිද්ධිකො ආයස්මා මහාමොග්ගල්ලානො මහානුභාවො. යත්ර හි නාම යක්ඛම්පි පස්සිස්සති, මයං පනෙතරහි පංසුපිසාචකම්පි න පස්සාමා”ති. අස්සොසි ඛො භගවා දිබ්බාය සොතධාතුයා විසුද්ධාය අතික්කන්තමානුසිකාය තෙසං උභින්නං මහානාගානං ඉමං එවරූපං කථාසල්ලාපං.
Sinhala BJT4. “ඇවැත් සැරියුත්නි, සැරියුත් තෙරණුවෝ කොතරම් මහර්ද්ධිමත් ද, කොතරම් මහානුභාව ඇත්තෝ ද! යනු ආශ්චර්‍ය්‍ය ය, අද්භූත ය. ඇවැත් සැරියුත්නි, එක්තරා යකෙක් මෙහි මුබ හිසැ පහරක් දුන්නේ ය. ඒ පහරින් සත්රියන් හෝ සත්රියන් හමාරක් පමණ වූ ඇතකු නමුදු බිමැ ගැළහිය හෙන්නේ නම් මහත් වූ පව්කුළක් නමුදු පළා ලියැ හෙන්නේ නම් ඒසා මහපහරෙක් විය. එතෙකුදු වුවත් සැරියුත් තෙරණුවෝ “ඇවැත් මොගල්ලානයෙනි, මට සැහිය හැක්ක. ඇවැත් මොගල්ලානය, මට යැපියැ හැක්ක, එහෙත් මා හිසැ මඳ රිදුමෙක් වේ යැයි මෙසේ කියති”යි මහමුගලන් තෙරණුවෝ වදාළහ. එවිට සැරියුත් තෙරණුවෝ, “අපි නම් දැන් මෙහි පාංශුපිහාචයකුදු නො දකුම්හ. එසේ වූ මෙ තන්හි යකකුදු දක්නා තරම් මහමුගලන් තෙරණුවෝ මහර්ද්ධිමත්ය මහානුභාව ඇත්තෝ ය. ආශ්චර්‍ය්‍ය ය, ඇවැත් මහමුගලන් තෙරුනි, අද්භූත ය, මහමුගලන් තෙරුනි”යි වදාළහ. භාග්‍යවතුන් වහන්සේ මිනිස්විසය ඉක්මැ පැවැති පිරිසිදු දිවකන්නුවණින් ඒ අගසවු දෙ නමගේ මේ මෙ බඳු කථාසංලාපය අසා වදාළ සේක.
Pali BJT5. අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:
Sinhala BJT5. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ දැන ඒ වේලෙහි මේ උදන් ඇනු සේක:
Pali BJT“යස්ස සෙලූපමං චිත්තං ඨිතං නානූපකම්පති, විරත්තං රජනීයෙසු කොපනෙය්යෙ න කුප්පති, යස්සෙවං භාවිතං චිත්තං කුතො තං දුක්ඛමෙස්සතී”ති.
Sinhala BJT“යමකුගේ සිත ගල්පව්වක් මෙන් සිටියේ අටලෝදහමින් නො සැලේ ද, රාගය ඉපැත්මට හේතු වූ සියලු ත්‍රෛභූමක ධර්‍මයන්හි නො ඇලේ ද, කෝපය ඉපැත්මට හේතු වූ සියලු ආඝාතවස්තුයෙහි නො කිපේ ද, යමක්හුගේ සිත මෙසේ වඩනා ලද ද, ඔහු කරා දුකෙක් කොයින් එන්නේ ද? නො එන්නේ ම ය.”
Pali BJT4. 5.
Sinhala BJT4. 5.
Pali BJTනාගසුත්තං
Sinhala BJTනාග සූත්‍රය
Pali BJT1. එවං මෙ සුතං: එකං සමයං භගවා කොසම්බියං විහරති ඝොසිතාරාමෙ. තෙන ඛො පන සමයෙන භගවා ආකිණ්ණො විහරති භික්ඛූහි භික්ඛුනීහි උපාසකෙහි උපාසිකාහි රාජූහි රාජමහාමත්තෙහි තිත්ථියෙහි තිත්ථියසාවකෙහි. ආකිණ්ණො දුක්ඛං, න ඵාසු විහරති.
Sinhala BJT1. මා විසින් මෙසේ අසන ලදි: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කොසොඹෑ නුවර සමීපයේ වූ ඝෝෂිතාරාමයේ වැඩවසන සේක. එ සමයෙහි වනාහි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන්ගෙන් භික්‍ෂූණීන්ගෙන් උපාසකයන්ගෙන් උපාසිකාවන්ගෙන් රජුන්ගෙන් රාජමහාමාත්‍රයන්ගෙන් තීර්‍ත්‍ථකයන්ගෙන් තීර්‍ත්‍ථකශ්‍රාවකයන්ගෙන් ආකීර්‍ණ වැ (සම්බාධයට පැමිණි සේක් වැ) දුක සේ වසන සේක. පහසුවෙන් නො වසන සේක.
Pali BJT2. අථ ඛො භගවතො එතදහොසි: “අහං ඛො එතරහි ආකිණ්ණො විහරාමි, භික්ඛූහි භික්ඛුනීහි උපාසකෙහි උපාසිකාහි රාජූහි රාජමහාමත්තෙහි තිත්ථියෙහි තිත්ථියසාවකෙහි. ආකිණ්ණො දුක්ඛං, න ඵාසු විහරාමි. යන්නූනාහං එකො ගණම්හා වූපකට්ඨො විහරෙය්යං”ති.
Sinhala BJT2. එකල්හි භාග්‍යවතුන් වහන්සේට ‘මම් වූ කලි දැන් භික්‍ෂු භික්‍ෂුණී උපාසක උපාසිකා රාජ රාජමහාමාත්‍ර තීර්‍ත්‍ථක තීර්‍ත්‍ථකශ්‍රාවක යන මොවුන්ගෙන් ආකීර්‍ණ වැ දුක සේ වසමි. සුව සේ නො වසමි. මම් ගණයාගෙන් වෙන් වැ හුදෙකලා වැ වසන්නෙම් නම් යෙහෙකැ’යි මේ සිත විය.
Pali BJT3. අථ ඛො භගවා පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය කොසම්බියං පිණ්ඩාය පාවිසි. කොසම්බියං පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො සාමං සෙනාසනං සංසාමෙත්වා පත්තචීවරමාදාය අනාමන්තෙත්වා උපට්ඨාකෙ, අනපලොකෙත්වා භික්ඛුසඞ්ඝං, එකො අදුතියො යෙන පාරිලෙය්යකං තෙන චාරිකං පක්කාමි. අනුපුබ්බෙන චාරිකං චරමානො යෙන පාරිලෙය්යකං තදවසරි. තත්රසුදං භගවා පාරිලෙය්යකෙ විහරති, රක්ඛිතවනසණ්ඩෙ භද්දසාලමූලෙ.
Sinhala BJT3. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ පෙරවරුයෙහි හැඳ පෙරෙවැ පාසිවුරු ගෙන කොසොඹෑනුවරට පිඬු පිණිස පිවිසි සේක. කොසොඹෑ නුවරෙහි පිඬු පිණිස හැසිර බතින් පසු පිණ්ඩපාතයෙන් පෙරළා වැඩි සේක්, තමන් වහන්සේ ම සෙනසුන් සඟවා තබා, පා සිවුරු ගෙන, උපස්ථායකයන් ද නො අමතා, බික් සඟනට ද නොදන්වා, හුදෙකලා වැ, දෙවැන්නකු නැති වැ, පාරිලෙය්‍යක ගම බලා සැරි සරා වැඩි සේක. පිළිවෙළින් සැරි සරා වඩනා සේක්, පාරිලෙය්‍යක ගමට පැමිණි සේක. භාග්‍යවතුන් වහන්සේ එහි පාරිලෙය්‍යක ගම සමීපයෙහි රක්‍ෂිත (ඇත්හු විසින් රක්නා ලද) වනලැහැබෙහි භද්‍රශාල වෘක්‍ෂමූලයෙහි (සොඳුරු සල්රුක් මුල්හි) වැඩ වසන සේක.
Pali BJT4. අඤ්ඤතරො’පි ඛො හත්ථිනාගො ආකිණ්ණො විහරති, හත්ථිහි හත්ථිනීහි හත්ථිකලභෙහි හත්ථිච්ඡාපෙහි.{1} ඡින්නග්ගානි චෙව තිණානි ඛාදති. ඔභග්ගොභග්ගඤ්චස්ස සාඛාභඞ්ගං ඛාදන්ති. ආවිලානි ච පානීයානි පිවති. ඔගාහා චස්ස උත්තිණ්ණස්ස හත්ථිනියො කායං උපනිඝංසන්තියො ගච්ඡන්ති. ආකිණ්ණො දුක්ඛං, න ඵාසු විහරති. අථ ඛො තස්ස හත්ථිනාගස්ස එතදහොසි: “අහං ඛො එතරහි ආකිණ්ණො විහරාමි, හත්ථිහි හත්ථිනීහි හත්ථිකලභෙහි හත්ථිච්ඡාපෙහි.1 ඡින්නග්ගානි චෙව තිණානි ඛාදාමි. ඔභග්ගොභග්ගඤ්ච මෙ සාඛාභඞ්ගං ඛාදන්ති. ආවිලානි ච පානීයානි පිවාමි. ඔගාහා ච මෙ උත්තිණ්ණස්ස හත්ථිනියො කායං උපනිඝංසන්තියො ගච්ඡන්ති. ආකිණ්ණො දුක්ඛං, න ඵාසු විහරාමි. යන්නූනාහං එකො ගණම්හා වූපකට්ඨො විහරෙය්යං”ති.
Sinhala BJT4. එක්තරා ඇත් රජෙක් ද ඇතුන් ඇතිනින් ඇත්නහඹුන් ඇත්පොව්වන් විසින් සම්බාධයට පැමිණියේ වෙසෙයි. සුන් අග ඇති තණ ද බුදී. ඒ ඇත් රජු විසින් බිඳ බිඳ හෙළන ලද අතු කැබැලි සෙස්සෝ කත්. කැලත් දිය ද හේ බොයි. ඇතින්නෝ දියෙන් ගොඩ නැංගා වූ ඔහුගේ ඇඟ ඝටමින් යෙත්. හේ මෙසේ සම්බාධයට පැමිණියේ සැප නැති ව දුක සේ වෙසෙයි. ඉක්බිත්තෙන් ඒ ඇත්රජුට “මම් වනාහි දැන් ඇතුන් ඇතිනින් නහඹු ඇතුන් ඇත්පොව්වන් විසින් ආකීර්‍ණ වැ වෙසෙමි. සුන් අග ඇති තණ ද කමි. මා බිඳ හෙළු හෙළූ අතුකැබැලි මොහු කත්. මොවුන් නිසා බොර වූ දිය ද බොමි. පැන්තොටින් ගොඩ නැඟුණු මා ඇඟ ගහමින් ඇතින්නෝ යෙත්. මොවුන්ගෙන් සම්බාධයට පැමිණියෙම් දුකින් නො පහසුයෙන් වෙසෙමි. මම් ගණයාගෙන් වෙන් වැ හුදකලා වැ වෙසෙම් නම් යෙහෙකැ”යි මේ සිත විය.
Pali BJT5. අථ ඛො සො හත්ථිනාගො යූථා අපක්කම්ම යෙන පාරිලෙය්යකං රක්ඛිතවනසණ්ඩො භද්දසාලමූලං, යෙන භගවා තෙනුපසඞ්කමි. තත්ර සුදං{2} සො හත්ථිනාගො යස්මිං පදෙසෙ භගවා විහරති, තං පදෙසං අප්පභරිතඤ්ච කරොති, අප්පහරිතං කරොති, සොණ්ඩාය භගවතො පානීයං පරිභොජනීයඤ්ච උපට්ඨපෙති.{3}
Sinhala BJT5. ඉක්බිත්තෙන් ඒ ඇත්රජ රැළෙන් වෙන් වැ, පාරිලෙය්‍යක ගම යම් තැනෙක ද රක්‍ෂිත වනළැහැබ යම් තැනෙක ද, භද්‍රශාලාවෘක්‍ෂමූලය යම් තැනෙක ද භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක ද එහි එළැඹියේ ය. එහි ඒ ඇත් රජ, යම් පෙදෙසෙක භාග්‍යවතුන් වහන්සේ වසන සේක් ද, ඒ පෙදෙස තණපැලෑටි නැතියක් කෙරෙයි. (තණ පැළෑටි උදුරා අතු කැබැල්ලෙකින් හමදී.) සොඬින් භාග්‍යවතුන් වහන්සේට බොන පැන් ද සෙසු පරිභෝගයට දිය ද එළවයි.
Pali BJT6. අථ ඛො භගවතො රහොගතස්ස පතිසල්ලීනස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි: “අහං ඛො පුබ්බෙ ආකිණ්ණො විහාසිං, භික්ඛූහි භික්ඛුනීහි උපාසකෙහි උපාසිකාහි රාජූහි රාජමහාමත්තෙහි තිත්ථියෙහි තිත්ථියසාවකෙහි, ආකිණ්ණො දුක්ඛං, න ඵාසු විහාසිං. සො’ම්හි එතරහි අනාකිණ්ණො විහරාමි, භික්ඛූහි භික්ඛුනීහි උපාසකෙහි උපාසිකාහි රාජූහි රාජමහාමත්තෙහි තිත්ථියෙහි තිත්ථියසාවකෙහි. අනාකිණ්ණො සුඛං ඵාසු විහරාමී”ති.
Sinhala BJT6. ඉක්බිත්තෙන් එකලා වැ චිත්තවිවේකයෙන් හුන් භාග්‍යවතුන් වහන්සේට “මම් වනාහි පූර්‍වයෙහි සම්බාධයට පැමිණ විසීමි. භික්‍ෂු භික්‍ෂුණී උපාසක උපාසිකා රාජ රාජමහාමාත්‍ර තීර්‍ත්‍ථක තීර්‍ත්‍ථකශ්‍රාවක යන මොවුන්ගෙන් ආකීර්‍ණ වැ පහසු නැති වැ දුක සේ විසීමි. ඒ මම් දැන් සම්බාධ නැති වැ වෙසෙමි. භික්‍ෂු භික්‍ෂුණී උපාසක උපාසිකා රාජ රාජමහාමාත්‍ර තීර්‍ත්‍ථක තීර්‍ත්‍ථකශ්‍රාවකයන්ගෙන් අනාකීර්‍ණ වැ පහසුයෙන් සුව සේ වෙසෙමි”යි මේ චිත්තසංකල්පනාව පහළ විය.
Pali BJT7. තස්සපි ඛො හත්ථිනාගස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි: අහං ඛො පුබ්බෙ ආකිණ්ණො විහාසිං, හත්ථිහි හත්ථිනීහි හත්ථිකලභෙහි හත්ථිච්ඡාපෙහි. ඡින්නග්ගානි චෙව තිණානි ඛාදිං. ඔභග්ගොභග්ගඤ්ච මෙ සාඛාභඞ්ගං ඛාදිංසු. ආවිලානි ච පානීයානි පිවාසිං, ඔගාහා ච මෙ උත්තිණ්ණස්ස හත්ථිනියො කායං උපනිඝංසන්තියො අගමංසු. ආකිණ්ණො දුක්ඛං න ඵාසු විහාසිං. සො’ම්හි එතරහි අනාකිණ්ණො විහරාමි, හත්ථිහි හත්ථිනීහි හත්ථිකලභෙහි හත්ථිච්ඡාපෙහි. අච්ඡින්නග්ගානි චෙව තිණානි ඛාදාමි, ඔභග්ගොභග්ගඤ්ච මෙ සාඛාභඞ්ගං න ඛාදන්ති. අනාවිලානි ච පානීයානි පිවාමි. ඔගාහා ච මෙ උත්තිණ්ණස්ස හත්ථිනියො න කායං උපනිඝංසන්තියො ගච්ඡන්ති, අනාකිණ්ණො සුඛං ඵාසු විහරාමී”ති.
Sinhala BJT7. ඒ ඇත්රජුට ද “මම් වනාහි පෙරැ ඇතුන් ඇතිනින් නහඹු ඇතුන් ඇත්පොව්වන් විසින් සම්බාධ ඇති වැ විසීමි. අගසුන් තණ කෑයෙමි. මා විසින් බිඳ හෙළු හෙළූ අතුකැබලි අන්‍යයෝ කෑහ. අනුන් නිසා බොර වූ පැන් ද පීමි. ඇතින්නෝ පැන් තොටින් ගොඩ නැංගා වූ මා ඇඟ ගහමින් ගියහ. සම්බාධ ඇති ව පහසු නැති වැ දුක සේ විසීමි. ඒ මම් දැන් ඇතුන් ඇතිනින් නහඹු ඇතුන් ඇත්පොව්වන් විසින් සම්බාධ නැති වැ වෙසෙමි. අග නොසුන් තණ ද කමි. මා විසින් බිඳ හෙළු හෙළූ අතු කැබලි අන් කෙනෙක් නො කත්. නො කැලඹුණු දිය ද බොමි. පැන්තොටින් ගොඩ නැගුනු මාගේ කය ඝටමින් ඇතින්නෝ නො යෙත්. එබැවින් සම්බාධ නැති වැ පහසු සේ වෙසෙමි”යි මෙසේ චිත්ත සංකල්පනාවෙක් පහළ විය.
Pali BJT8. අථ ඛො භගවා අත්තනො ච පවිවෙකං විදිත්වා තස්ස ච හත්ථිනාගස්ස චෙතසා චෙතොපරිවිතක්කමඤ්ඤාය තායං වෙලායං ඉමං උදානං උදානෙසි:
Sinhala BJT8. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ තමන්ගේ කායවිවේකය ද සලකා, ඒ ඇත්රජුගේ ද චිත්තසංකල්පය තමන් සිතින් දැන ඒ වේලෙහි මේ උදන් ඇනූ සේක.
Pali BJT“එතං නාගස්ස නාගෙන ඊසාදන්තස්ස හත්ථිනො, සමෙති චිත්තං චිත්තෙන යදෙකො රමතෙ{1} වනෙ”ති.
Sinhala BJT“යම් හෙයකින් මේ ඇත් තෙම හුදෙකලා වැ වනයෙහි ඇලේ ද, එ කරුණින් රියඉස් වැනි දත් ඇති ඇත්රජුහුගේ මේ සිත බුද්ධනාගයාගේ සිත හා එක්බඳු වේ.”
Pali BJT4. 6.
Sinhala BJT4. 6.
Pali BJTපිණ්ඩොලසුත්තං
Sinhala BJTපිණ්ඩෝල සූත්‍රය
Pali BJT1. එවං මෙ සුත: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා පිණ්ඩොලභාරද්වාජො භගවතො අවිදූරෙ නිසින්නො හොති පල්ලඞ්කං ආභුජිත්වා උජුං කායං පණිධාය, ආරඤ්ඤිකො{2}. පිණ්ඩපාතිකො, පංසුකූලිකො, තෙචීවරිකො, අප්පිච්ඡො, සන්තුට්ඨො, පවිවිත්තො, අසංසට්ඨො, ආරද්ධවිරියො, ධුතවාදො අධිචිත්තමනුයුත්තො.
Sinhala BJT1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවන නම් වූ අනේපිඬුසිටු අරම්හි වැඩ වසන සේක. එ සමයෙහි වනාහි පිණ්ඩෝලභාරද්වාජ තෙරණුවෝ ආරණ්‍යක වූවෝ, පිණ්ඩපාතික වූවෝ, පාංශුකූලික වූවෝ, ත්‍රෛචීවරික වූවෝ, අල්පේච්ඡ වූවෝ, සන්තුෂ්ට වූවෝ, ප්‍රවිවික්ත වූවෝ, ගිහියන් හා අසංසෘෂ්ට වූවෝ, සම්පූර්‍ණ කළ වීර්‍ය්‍ය ඇත්තෝ, ධූතවාද වූවෝ, රහත්පලසමවතෙහි යෙදුණෝ භාග්‍යවතුන් වහන්සේ නොදුරු තන්හි පලක් බැඳ කය ඍජු කොට පිහිටුවා වැඩ හුන්නාහු වෙති.
Pali BJT2. අද්දසා ඛො භගවා ආයස්මන්තං පිණ්ඩොලභාරද්වාජං අවිදූරෙ නිසින්නං පල්ලඞ්කං ආභුජිත්වා උජුං කායං පණිධාය, ආරඤ්ඤිකං, පිණ්ඩපාතිකං, පංසුකූලිකං, තෙචීවරිකං, අප්පිච්ඡං, සන්තුට්ඨං, පවිවිත්තං, අසංසට්ඨං, ආරද්ධවිරියං, ධුතවාදං අධිචිත්තමනුයුත්තං.
Sinhala BJT2. භාග්‍යවතුන් වහන්සේ තමනට නොදුරෙහි පලක් බැඳ කය ඍජු කොට පිහිටුවා හුන් ආරණ්‍යක වූ පිණ්ඩපාතික වූ පාංශුකූලික වූ, ත්‍රෛචීවරික වූ, අල්පේච්ඡ වූ, සන්තුෂ්ට වූ, ප්‍රවිවික්ත වූ, අසංසෘෂ්ට වූ, සම්පූර්‍ණ කළ වීර්‍ය්‍ය ඇති, ධූතවාද වූ, රහත්පල සමවත්හි යෙදුනු පිණ්ඩෝලභාරද්වාජ තෙරුන් දුටු සේක.
Pali BJT3. අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:
Sinhala BJT3. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ සලකා එ වේලෙහි මේ උදන් ඇනූ සේක:
Pali BJT“අනූපවාදො අනූපඝාතො පාතිමොක්ඛෙ ච සංවරො, මත්තඤ්ඤුතා ච භත්තස්මිං පන්තඤ්ච{1} සයනාසනං. අධිචිත්තෙ ච ආයොගො එතං බුද්ධානසාසනං”ති.
Sinhala BJT“වචනයෙන් කිසිවකුට උපවාද නො කිරීම ද, කයින් කිසිවකුට පීඩා නො කිරීම ද, ප්‍රාතිමෝක්‍ෂයෙහි සංවරය කිරීම ද, බොජුන්හි පමණ දැනීම ද, භාවනාකූල ජනවිවිත්ත සෙනසුන ද, රහත්පලසිත උපදවනු සඳහා ශමථවිදර්‍ශනා වශයෙන් උත්සාහය ද යන මේ බුදුවරුන්ගේ අවවාදානුශාසන”යි.
Pali BJT4. 7.
Sinhala BJT4. 7.
Pali BJTසාරිපුත්ත සුත්තං
Sinhala BJTශාරීපුත්‍ර සූත්‍රය
Pali BJT1. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා සාරිපුත්තො භගවතො අවිදූරෙ නිසින්නො හොති පල්ලඞ්කං ආභුජිත්වා උජුං කායං පණිධාය, අප්පිච්ඡො, සන්තුට්ඨො, පවිවිත්තො, අසංසට්ඨො, ආරද්ධවිරියො, අධිචිත්තමනුයුත්තො. අද්දසා ඛො භගවා ආයස්මන්තං සාරිපුත්තං අවිදූරෙ නිසින්නං පල්ලඞ්කං ආභුජිත්වා උජුං කායං පණිධාය අප්පිච්ඡං සන්තුට්ඨං පවිවිත්තං අසංසට්ඨං ආරද්ධවිරියං අධිචිත්තමනුයුත්තං.
Sinhala BJT1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවරැ ජේතවන නම් වූ අනේපිඬු අරම්හි වැඩවසන සේක. එ සමයෙහි වනාහි සැරියුත් තෙරණුවෝ අල්පේච්ඡ වූවෝ, සන්තුෂ්ට වූවෝ, ප්‍රවිවික්ත වූවෝ, අසංසෘෂ්ට වූවෝ, ආරබ්ධවීර්‍ය්‍ය ඇත්තෝ, රහත්පල සමවතැ යෙදුණෝ භාග්‍යවතුන් වහන්සේට නොදුරු තන්හි හුන්නාහු වෙති. භාග්‍යවතුන් වහන්සේ අල්පේච්ඡ වූ සන්තුෂ්ට වූ ප්‍රවිවික්ත වූ අසංසෘෂ්ට වූ ආරබ්ධවීර්‍ය්‍ය ඇති රහත්පල සමවත්හි යෙදුණු පලක් බැඳ කය ඍජු කොට පිහිටුවා නොදුරෙහි හුන් සැරියුත් තෙරුන් දුටු සේක් ම ය.
Pali BJT2. අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:
Sinhala BJT2. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ සලකා එ වේලෙහි මේ උදන් ඇනූ සේක:
Pali BJT“අධිචෙතසො අප්පමජ්ජතො මුනිනො මොනපථෙසු සික්ඛතො, සොකා න භවන්ති තාදිනො උපසන්තස්ස සදා සතීමතො”ති.
Sinhala BJT“අධිචිත්තයෙන් යුක්ත, පමා නොවන, මෞනපථයන්හි හික්මෙන, උපශාන්ත වූ, හැම කල්හි සිහි ඇති, අටලෝ දහමින් නොසැලෙන, මුනිහට ශෝකයෝ නො වෙත්.”
Pali BJT4. 8.
Sinhala BJT4. 8.
Pali BJTසුන්දරීසුත්තං.
Sinhala BJTසුන්‍දරී සූත්‍රය
Pali BJT1. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන භගවා සක්කතො හොති ගරුකතො මානිතො පූජිතො අපචිතො, ලාභී චීවරපිණ්ඩපාතසෙනාසන ගිලානපච්චය භෙසජ්ජ පරික්ඛාරානං. භික්ඛුසඞ්ඝොපි සක්කතො හොති ගරුකතො මානිතො පූජිතො අපචිතො ලාභී චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජ පරික්ඛාරානං. අඤ්ඤතිත්ථියා පන පරිබ්බාජකා අසක්කතා හොන්ති අගරුකතා අමානිතා අපූජිතා අනපචිතා. න ලාභිනො චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චය භෙසජ්ජ පරික්ඛාරානං.
Sinhala BJT1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර, ජේතවන නම් වූ අනේපිඬු අරමැ වැඩ වසන සේක. එ සමයෙහි වනාහි භාග්‍යවතුන් වහන්සේ ලෝවැස්සා විසින් සත්කාර කරන ලද ගරු කරන ලද බුහුමන් කරන ලද පුදන ලද යටත්පැවතුම් දක්වන ලද සේක් වෙති. සිවුරු බොජුන් සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර ලබන සේක් වෙති. අන්තොටු පිරිවැජ්ජෝ වනාහි සත්කාර නොලදුවෝ, ගුරුකාර නො ලදුවෝ, බුහුමන් නොලදුවෝ, පූජා නො ලදුවෝ, යටත්පැවතුම් නො ලදුවෝ වෙති. සිවුරු බොජුන් සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර නො ලබන සුල්ලෝ වෙති.
Pali BJT2. අථ ඛො තෙ අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා භගවතො සක්කාරං අසහමානා භික්ඛුසඞ්ඝස්ස ච. යෙන සුන්දරී පරිබ්බාජිකා තෙනුපසඞ්කමිංසු, උපසඞ්කමිත්වා සුන්දරිං පරිබ්බාජිකං එතදවොචුං: “උස්සහසි භගිනි, ඤාතීනං අත්ථං කාතුං?”ති. “ක්යාහං අය්යා, කරොමි, කිං මයා න සක්කා කාතුං?{2} ජීවිතම්පි මෙ පරිච්චත්තං ඤාතීනං අත්ථායා”ති.
Sinhala BJT2. ඉක්බිත්තෙන් ඒ අන්තොටු පිරිවැජ්ජෝ භාග්‍යවතුන් වහන්සේට ද භික්‍ෂුසඞ්ඝයාට ද ලැබෙන සත්කාර නො ඉවසන්නෝ, සුන්‍දරී පිරිවැජිය කරා එළැඹුණහ. එළැඹ, “බිහිනිය, නෑයනට වැඩක් කරන්නට හැක්කහු දැ”යි කීහ. “ආර්‍ය්‍යයෙනි, කුමක් කෙරෙම් ද? මා විසින් කට නොහැකි කිමෙක් ද? නෑයන්ගේ යහපත පිණිස දිවි පවා මා විසින් පරිත්‍යක්ත යැ”ඕ කිවු ය.
Pali BJT3. “තෙන හි භගිනි, අභික්ඛණං ජෙතවනං ගච්ඡාහී”ති. “එවමය්යා”ති ඛො සුන්දරී පරිබ්බාජිකා තෙසං අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං පටිස්සුත්වා අභික්ඛණං ජෙතවනං අගමාසි. යදා තෙ අඤ්ඤිංසු” අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා “වොදිට්ඨා{1} ඛො සුන්දරී පරිබ්බාජිකා බහුජනෙන අභික්ඛණං ජෙතවනං ගච්ඡතී”ති{2} අථ නං ජීවිතා වොරොපෙත්වා තත්ථෙව ජෙතවනස්ස පරිඛාකූපෙ නිඛණිත්වා{3} යෙන රාජා පසෙනදි කොසලො තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා රාජානං පසෙනදිං කොසලං එතදවොචුං: “යා සා මහාරාජ, සුන්දරී පරිබ්බාජිකා, සා නො නදිස්සතී”ති. “කත්ථ පන තුම්හෙ ආසඞ්කථා”ති. “ජෙතවනෙ මහාරාජා”ති. “තෙන හි ජෙතවනං විචිනථා”ති.
Sinhala BJT3. “එසේ නම් බිහිනිය, එක්වන් දෙව්රමට යව”යි ඔහු කීහ. “එසේ ය, ආර්‍ය්‍යයෙනි”යි කියා ම සුන්‍දරී පිරිවැජිය ඒ අන්තොටු පිරිවැජ්ජනට පිළිවදන් දී එක්වන් දෙව්රමට ගියා ය. ‘බොහෝ දෙනා විසින් දක්නා ලදු ව සුන්‍දරී පිරිවැජිය එක්වන් දෙව්රම් යේ’ යැ යි යම් විටෙක ඒ අන්තොටු පිරිවැජ්ජෝ දැන ගත්තාහු ද, එකල්හි ඇය දිවියෙන් තොර කොට, එහි ම ජේතවනයේ දිය අගලෙහි වළැ ලා පසේනදී කොසොල්රජු වෙත එළැඹියහ. එළැඹ, “මහරජ, යම් සුන්‍දරී නම් පිරිවැජියක් වූ ද, ඕ අප විසින් නො දක්නා ලබායැ”යි සැළ කළහ. “තෙපි කොහි සැක කරවු දැ?”යි රජ පිළිවිත. “මහරජ, ජේතවනයෙහි යැ”යි ඔහු කීහ. “එසේ නම් ජේතවනය සොයා බලව”යි රජ කීය.
Pali BJT4. අථ ඛො තෙ අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා ජෙතවනං විචිනිත්වා යථා නිඛණිතං පරිඛාකූපා5 උද්ධරිත්වා මඤ්චකං ආරොපෙත්වා සාවත්ථිං පවෙසෙත්වා රථියාය රථියං සිඞ්ඝාටකෙන සිඞ්ඝාටකං උපසඞ්කමිත්වා මනුස්සෙ උජ්ඣාපෙසුං:
Sinhala BJT4. ඉක්බිති ඒ අන්තොටු පිරිවැජ්ජෝ ජේතවනය පුරා සොයා හැවිද, තමන් වළැ ලූ පරිදි ම දිය අගලැ වළෙන් ගොඩට ගෙන ඇඳෙක නංවා, සැවැත්නුවරට පිවිස්වා (ඇතුළු කොට) වීථියෙන් වීථියට, තුන්මංහන්දියෙන් තුන්මංහන්දියට එළැඹ, මිනිසුන්හට මෙසේ කීහ:
Pali BJT“පස්සථය්යා, සමණානං සක්යපුත්තියානං කම්මං, අලජ්ජිනො ඉමෙ සමණා සක්යපුත්තියා දුස්සීලා පාපධම්මා මුසාවාදිනො අබ්රහ්මචාරිනො. ඉමෙ හි නාම ධම්මචාරිනො සමචාරිනො බ්රහ්මචාරිනො සච්චවාදිනො සීලවන්තො කල්යාණධම්මා පටිජානිස්සන්ති. නත්ථි ඉමෙසං සාමඤ්ඤං. නත්ථි ඉමෙසං බ්රහ්මඤ්ඤං. නට්ඨං ඉමෙසං සාමඤ්ඤ. නට්ඨං ඉමෙසං බ්රහ්මඤ්ඤං. කුතො ඉමෙසං සාමඤ්ඤං? කුතො ඉමෙසං බ්රහ්මඤ්ඤං? අපගතා ඉමෙ සාමඤ්ඤා. අපගතා ඉමෙ බ්රහ්මඤ්ඤා. කථං හි නාම පුරිසො පුරිසකිච්චං කරිත්වා ඉත්ථිං ජීවිතා වොරොපෙස්සතී”ති.
Sinhala BJT“ආර්‍ය්‍යයෙනි, ශාක්‍යපුත්‍රීය මහණුන්ගේ කමක් බලව. මේ ශාක්‍යපුත්‍රීය මහණහු අලජ්ජීහු ය. දුශ්ශීලය හ. නිහීන පැවැතුම් ඇතියම්හ. මුසවා කියන්නෝය. බඹසර නැත්තෝ ය. මොවුහු වූ කලී ‘කුසල්දහම් සරනුවම්හ. සම හැසුරුම් ඇතියම්හ, බඹසැරියම්හ, සබවස් ඇතියම්හ, සිල්වතුම්හ, කලණසැහැවි ඇතියම්හ’යි පිළින දුන්හුය. මුන්ගේ මහණදමෙක් නැත. මුන්ගේ පව් බැහැරැ කළ බවෙක් නැත. මොවුන්ගේ මහණබව් නටුයේ ය. මොවුන්ගේ පව් බැහැරැ ලූ බව් නටුයේ ය. මොවුනට මහණබවෙක් කොයින් ද? මොවුන්ගේ පව් බැහැරැ ලූ බවෙක් කොයින් ද? මොහු මහණ බැවින් පහ වූහ. මොහු පව් බැහැරැ ලූ බව කෙරෙන් පහ වූහ. කෙසේ නම් පිරිමියෙක් මෙවුන්දම් සෙවැ ස්ත්‍රියක් දිවි ගළවා ද?” යනු යි.
Pali BJT5. තෙන ඛො පන සමයෙන සාවත්ථියං මනුස්සා භික්ඛූ දිස්වා අසබ්භාහි ඵරුසාහි6 වාචාහි අක්කොසන්ති, පරිභාසන්ති, රොසෙන්ති{4} විහෙසෙන්ති: “අලජ්ජිනො ඉමෙ සමණා සක්යපුත්තියා දුස්සීලා පාපධම්මා මුසාවාදිනො අබ්රහ්මචාරිනො. ඉමෙ හි නාම ධම්මචාරිනො සමචාරිනො බ්රහ්මචාරිනො සච්චවාදිනො සීලවන්තො කල්යාණධම්මා පටිජානිස්සන්ති. නත්ථි ඉමෙසං සාමඤ්ඤං, නත්ථි ඉමෙසං බ්රහ්මඤ්ඤං. නට්ඨං ඉමෙසං සාමඤ්ඤං, නට්ඨං ඉමෙසං බ්රහ්මඤ්ඤං. කුතො ඉමෙසං සාමඤ්ඤං? කුතො ඉමෙසං බ්රහ්මඤ්ඤං? අපගතා ඉමෙ සාමඤ්ඤා, අපගතා ඉමෙ බ්රහ්මඤ්ඤා. කථං හි නාම පුරිසො පුරිසකිච්චං කරිත්වා ඉත්ථිං ජීවිතා වොරොපෙස්සතී?”ති.
Sinhala BJT5. එ කලැ සැවැත්හි මිනිස්සු භික්‍ෂූන් දැක, “මේ ශාක්‍යපුත්‍රීය ශ්‍රමණයෝ අලජ්ජීහු ය, දුශ්ශීලයෝ ය, පාපස්වභාව ඇැත්තෝ ය, මුසාවාදීහු ය. අබ්‍රහ්මචාරීහු ය. අපි ධර්‍මචාරීම්හ, සමචාරීම්හ, බ්‍රහ්මචාරීම්හ, සත්‍යවාදීම්හ, සිල්වතුම්හ, කලණදහම් ඇතියම්හ”යි මොහුදු පිළින දුන්හු. මොවුන්ගේ මහණකමෙක් නැත, මොවුන්ගේ බ්‍රාහහ්මණ බවෙක් නැත. මොවුන්ගේ මහණ බව නටුයේය, මොවුන්ගේ බ්‍රාහ්මණ බව නටුයේ ය. මොවුනට මහණ බවෙක් කොයින් ද? මොවුනට බ්‍රාහ්මණ බවෙක් කොයින් ද? මොහු මහණ බැවින් බැහැරැ වූවෝ ය. බ්‍රාහ්මණ බැවින් බැහැරැ වූවෝ ය. කෙසේ නම් පිරිමියෙක් මෙවුන්දම් සෙවැ ස්ත්‍රිය දිවියෙන් තොර කෙරේ දැ?”යි නොසැබි පරොස් බසින් අක්‍රොශ කෙරෙත්, පරිභව කෙරෙත්, රොස් උපදවත්, වෙහෙසත්.
Pali BJT6. අථ ඛො සම්බහුලා භික්ඛූ පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය සාවත්ථිං පිණ්ඩාය පාවිසිංසු. සාවත්ථියං පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තා යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛූ භගවන්තං එතදවොචුං: “එතරහි භන්තෙ, සාවත්ථියං මනුස්සා භික්ඛූ දිස්වා අසබ්භාහි ඵරුසාහි වාචාහි අක්කොසන්ති, පරිභාසන්ති, රොසෙන්ති, විහෙසෙන්ති. ‘අලජ්ජිනො ඉමෙ සමණා සක්යපුත්තියා දුස්සීලා පාපධම්මා මුසාවාදිනො අබ්රහ්මචාරිනො. ඉමෙ හි නාම ධම්මචාරිනො සමචාරිනො බ්රහ්මචාරිනො සච්චවාදිනො සීලවන්තො කල්යාණධම්මා පටිජානිස්සන්ති. නත්ථි ඉමෙසං සාමඤ්ඤං. නත්ථි ඉමෙසං බ්රහ්මඤ්ඤං. නට්ඨං ඉමෙසං සාමඤ්ඤං. නට්ඨං ඉමෙසං බ්රහ්මඤ්ඤං. කුතො ඉමෙසං සාමඤ්ඤං? කුතො ඉමෙසං බ්රහ්මඤ්ඤං? අපගතා ඉමෙ සාමඤ්ඤා. අපගතා ඉමෙ බ්රහ්මඤ්ඤා. කථං හි නාම පුරිසො පුරිසකිච්චං කරිත්වා ඉත්ථිං ජීවිතා වොරොපෙස්සතී?”ති.
Sinhala BJT6. එකල්හි බොහෝ භික්‍ෂූහු පෙරවරු කාලයෙහි හැඳ පෙරෙව පාසිවුරු ගෙන, සැවැතට පිඬු පිණිස පිවිසියහ. සැවැතෙහි පිඬු පිණිස හැසිරැ පසුබත් සමයෙහි පිණ්ඩපාතයෙන් පෙරළා ආවාහු භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක හිඳ ගත්හ. එකත්පසෙක හුන්නා වූ ම ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ: “වහන්ස, දැන් සැවැත්නුවර මිනිස්සු භික්‍ෂූන් දැක,” මේ ශ්‍රමණශාක්‍යපුත්‍රීයයෝ අලජ්ජීහු ය, දුශ්ශීලයෝ ය, පාපස්වභාව ඇත්තෝ ය, මුසාවාදීහු ය, අබ්‍රහ්මචාරීහු ය, මොහු නම්, ‘තුමූ ධර්‍මචාරීම්හ යි, සමචාරිම්හ යි, බ්‍රහ්මචාරීම්හ යි, සත්‍යවාදීම්හ යි, සිල්වතුම්හි යි, කලණදහම් ඇත්තම්හ යි පිළින දුන්හ. මොවුනට මහණබවෙක් නැත. මොවුනට බ්‍රාහ්මණබවෙක් නැත. මොවුන්ගේ මහණ බව නටුයේ ය, මොවුන්ගේ බ්‍රාහ්මණ බව නටුයේ ය. මොවුනට මහණබවෙක් කොයින් ද? මොවුනට බ්‍රාහ්මණ බවෙක් කොයින් ද? මොහු මහණ බැවින් පහ වූවෝ ය. මොහු බ්‍රාහ්මණ බැවින් පහ වූවෝ ය. කෙසේ නම් පිරිමියෙක් පුරිස්කිස (මෙවුන්දම) කොට ස්ත්‍රිය දිවියෙන් තොර කෙරේදැ?”යි අසභ්‍ය වූ පරුෂ වචනයෙන් ආක්‍රෝශ කෙරෙත්, පරිභව කෙරෙත්, රොස් දනවත්, වෙහෙසත්”යනු යි.
Pali BJT7. නෙසො භික්ඛවෙ සද්දො චිරං භවිස්සති. සත්තාහමෙව{1} භවිස්සති. සත්තාහස්ස අච්චයෙන අන්තරධායිස්සති. තෙන හි භික්ඛවෙ යෙ මනුස්සා භික්ඛූ දිස්වා අසබ්භාහි ඵරුසාහි වාචාහි අක්කොසන්ති, පරිභාසන්ති රොසෙන්ති, විහෙසෙන්ති, තෙ තුම්හෙ ඉමාය ගාථාය පටිවොදෙථ:
Sinhala BJT7. “මහණෙනි, මේ ශබ්දය බොහෝ කල් නො පවත්නේය. සතියක් ම මෙය පවත්නේ ය. සතිය ඇවෑමෙන් අතුරුදන් වන්නේ ය. මහණෙනි, එබැවින්, යම් මිනිස් කෙනෙක් භික්‍ෂූන් දැක, අසභ්‍ය පරුෂ වචනයෙන් ආක්‍රෝශ කෙරෙත් නම්, පරිභව කෙරෙත් නම්, රොස් නංවත් නම්, වෙහෙසත් නම් ඔවුනට තෙපි මේ ගාථායෙන් පෙරළා චෝදනා කරව:
Pali BJT“අභූතවාදී නිරයං උපෙති යො චාපි කත්වා න කරොමි චාහ,{2} උභො’පි තෙ පෙච්ච සමා භවන්ති නිහීනකම්මා මනුජා පරත්ථා’ති.
Sinhala BJT“බොරු කියන තැනැත්තේ නිරයට පැමිණේ. යමෙක් කොට ‘නො කෙළෙමි’යි කියා නම්, හේ ද නිරයට පැමිණේ. පහත් කර්‍ම ඇති ඒ මිනිස්සු දෙදෙන ම පරලොව ගොස් පරලොව්හි දී (විපාක දුක් විසින්) සම වෙත්”
Pali BJT8. අථ ඛො තෙ භික්ඛූ භගවතො සන්තිකෙ ඉමං ගාථං පරියාපුණිත්වා යෙ මනුස්සා භික්ඛූ දිස්වා අසබ්භාහි ඵරුසාහි වාචාහි අක්කොසන්ති පරිභාසන්ති රොසෙන්ති, විහෙසෙන්ති. තෙ මනුස්සෙ ඉමාය ගාථාය පටිචොදෙන්ති:
Sinhala BJT8. ඉක්බිත්තෙන් ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථා ඉගෙන, යම් මිනිස් කෙනෙක් භික්‍ෂූන් දැක නොසැබි පරොස් බසින් ආක්‍රෝශ කෙරෙත් නම්, පරිභව කෙරෙත් නම්, රොස් දනවත් නම්, වෙහෙසත් නම්, ඒ මිනිසුන්හට මේ ගාථායෙන් පෙරළා චෝදනා කෙරෙත්:
Pali BJT“අභූතවාදී නිරයං උපෙති යො වාපි කත්වා න කරොමි චාහ,{3} උභො පි තෙ පෙච්ච සමා භවන්ති නිහීනකම්මා මනුජා පරත්ථා”ති.
Sinhala BJT“බොරු කියන තැනැත්තේ නිරයට පැමිණේ. යමෙක් කොට ‘නො කෙළෙමි’යි කියා නම්, හේ ද නිරයට පැමිණේ. පහත් කර්‍ම ඇති ඒ මිනිස්සු දෙදෙනා ම පරලොව ගොස් පරලොව්හි දී (විපාක දුක් විසින්) සම වෙත්.”
Pali BJT9. මනුස්සානං එතදහොසි: “අකාරකා ඉමෙ සමණා සක්යපුත්තියා, නයිමෙහි කතං, සපන්ති ඉමෙ සමණා සක්යපුත්තියා”ති. නෙව සො සද්දො චිරං අහොසි. සත්තාහමෙව අහොසි, සත්තාහස්ස අච්චයෙන අන්තරධායි. අථ ඛො සම්බහුලා භික්ඛූ යෙන භගවා තෙනුපසඞ්කමිංසු, උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු, එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛූ භගවතො එතදවොචුං: “අච්ඡරියං භන්තෙ! අබ්භුතං භන්තෙ! යාව සුභාසිතඤ්චිදං භන්තෙ, භගවතා ‘නෙසො භික්ඛවෙ සද්දො චිරං භවිස්සති. සත්තාහමෙව භවිස්සති. සත්තාහස්ස අච්චයෙන අන්තරධායිස්සතී’ති. අන්තරහිතො සො භන්තෙ, සද්දො”ති.
Sinhala BJT9. (භික්‍ෂූන්ගේ වචන ඇසූ) මිනිසුන්හට “මේ ශාක්‍යපුත්‍රීය ශ්‍රමණයෝ මේ අපරාධය නො කොළෝ ය. මොවුන් විසින් මෙය නො කරන ලදී. මේ ශාක්‍යපුත්‍රීය ශ්‍රමණයෝ ශාප දෙත්”යැ යි. මේ සිත විය. ඒ ශබ්දය බොහෝ කල් නො පැවැත්තේ ය. සතියක් ම එය පැවැත්තේ ය. සතිය ඇවෑමෙන් අතුරුදහන් විය. ඉක්බිත්තෙන් බොහෝ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන්නා වූ ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, ආශ්චර්‍ය්‍ය යි! වහන්ස, අද්භූත යි! වහන්ස, “මේ ශබ්දය බොහෝ කල් නො පවත්නේ ය. සතියක් ම මෙය පවත්නේ ය. සතිය ඇවෑමෙන් අතුරුදන් වන්නේ යැ’යි භාග්‍යවතුන් වහන්සේ විසින් අත්‍යර්‍ත්‍ථයෙන් සුභාෂිතය. වහන්ස, ඒ ශබ්දය අතුරුදන් වියැ”යි මෙය සැළ කළහ.
Pali BJT10. අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:
Sinhala BJT10. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ සලකා එ වේලෙහි මේ උදන් ඇනූ සේක:
Pali BJT“තුදන්ති වාචාය ජනා අසඤ්ඤතා සරෙහි{1} සඞ්ගාමගතං’ව කුඤ්ජරං, සුත්වාන වාක්යං ඵරුසං උදීරිතං අධිවාසයෙ භික්ඛු අදුට්ඨචිත්තො”ති.
Sinhala BJT“යුදවන් ඇතුට, සතුරු යෝධයෝ ශරයෙන් මෙන්, සංවර නැති (නොහික්මුණු) බාලජනයෝ වචනයෙන් විදිත්. මහණ තෙම අනුන් විසින් කියන ලද පරොස් බස් අසා නොකිපි සිතැත්තේ ඉවසන්නේ ය.”
Pali BJT4. 9.
Sinhala BJT4. 9.
Pali BJTඋපසෙනසුත්තං
Sinhala BJTඋපසේන සූත්‍රය
Pali BJT1. එවං මෙ සුතං: එකං සමයං භගවා රාජගහෙ විහරති, වෙළුවනෙ කලන්දකනිවාපෙ. අථ ඛො ආයස්මතො උපසෙනස්ස වඞ්ගන්තපුත්තස්ස රහොගතස්ස පතිසල්ලීනස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි: “ලාභා වත මෙ, සුලද්ධං වත මෙ, සත්ථා ච මෙ භගවා අරහං සම්මාසම්බුද්ධො. ස්වාක්ඛාතෙ චම්හි ධම්මවිනයෙ අගාරස්මා අනගාරියං පබ්බජිතො. සබ්රහ්මචාරිනො ච{2} මෙ සීලවන්තො කල්යාණධම්මා. සීලෙසු ච’ම්හි පරිපූරකාරී, සමාහිතො ච’ම්හි එකග්ගචිත්තො. අරහා ච’ම්හි ඛීණාසවො. මහිද්ධිකො ච’ම්හි මහානුභාවො. භද්දකං මෙ ජීවිතං භද්දකං මරණං”ති.
Sinhala BJT1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවරැ කලන්‍දකනිවාප නම් වූ වේළුවනයෙහි වැඩ වසන සේක. එ කල්හි එකලා වූ, චිත්තවිවේකයෙන් යුක්ත වූ වඞ්ගාන්තපුත්‍ර උපසේන තෙරුනට “අහෝ! මේ මනුෂ්‍යත්‍වාදීහු ඒකාන්තයෙන් මා ලත් ලාභයෝ ය. මා ලත් සහනැ, පැවිදි උපසපු ආදිය අහෝ! ඒකාන්තයෙන් මොනොවට ම ලද්දේ ය! භාග්‍යවත් වූ මාගේ ශාස්තෘ ද ඒකාන්තයෙන් සම්‍යක්සම්බුද්ධ ය. මොනොවට වදාරන ලද දහම් විනය ඇති කල්හි ගිහිගෙන් නික්ම සසුන් වනිමි. මාගේ සබ්රම්සරුහු ද සිල්වත්හ, කලණ දහම් ඇත්තෝ ය. මම් ද ශීලයන්හි පරිපූරකාරී වෙමි. එකඟ වූ සිතැතියෙම් සමාහිත ද වෙමි. ආස්‍රව ක්‍ෂීණ කළ රහතෙකිම් ද වෙමි. මහත් ඍද්ධි ඇතියෙම්, මහත් අනුභාව ඇතියෙම් ද වෙමි. මාගේ ජීවත් වීම ද මැනැවි. මාගේ මරණය (ස්කන්‍ධපරිනිර්‍වාණය) ද මැනැවි”යී මෙසේ චිත්තසංකල්පයෙක් පහළ විය.
Pali BJT2. අථ ඛො භගවා ආයස්මතො උපසෙනස්ස වඞ්ගන්තපුත්තස්ස චෙතසා චෙතොපරිවිතක්කමඤ්ඤාය තායං වෙලායං ඉමං උදානං උදානෙසි:
Sinhala BJT2. එකල්හි භාග්‍යවතුන් වහන්සේ සිය සිතින් වඞ්ගාන්තපුත්‍ර වූ උපසේන තෙරුන්ගේ චිත්තපරිවිතර්‍කය දැන එ වේලෙහි මේ උදන් ඇනූ සේක:
Pali BJT“යං ජීවිතං න තපති, මරණන්තෙ න සොචති, ස වෙ දිට්ඨපදො ධීරො සොකමජ්ඣෙ න සොචති.
Sinhala BJT“ජීවිතය තෙම (හෙවත් නැවැත ස්කන්‍ධයන්ගේ පැවැත්ම) යම් පුඟුලකු නො පෙළා ද, මරණ සඞ්ඛ්‍යාත අවසානයෙහි හෝ නො සොවී ද, දක්නා දුඃඛාදි සත්‍යපද ඇති ධීර තෙම ශෝකහෙතූන් මැද නො සොවී.
Pali BJTඋච්ඡින්නභවතණ්හස්ස සන්තචිත්තස්ස භික්ඛුනො, වික්ඛීණො ජාතිසංසාරො නත්ථි තස්ස පුනබ්භවො”ති.
Sinhala BJTමුල් සුන් කළ භවතෘෂ්ණා ඇති, සංහුන් සිතැති මහණහුගේ ජාත්‍යාදි වූ සංසාරය වෙසෙසින් ක්‍ෂීණ වූයේ වේ. ඔහුට පුනර්‍භවයෙක් නැත.“
Pali BJT4. 10.
Sinhala BJT4. 10.
Pali BJTසාරිපුත්තසුත්තං.
Sinhala BJTශාරීපුත්‍ර සූත්‍රය
Pali BJT1. එවං මෙ සුතං – එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා සාරිපුත්තො භගවතො අවිදූරෙ නිසින්නො හොති, පල්ලඞ්කං ආභුජිත්වා උජුං කායං පණිධාය අත්තනො උපසමං පච්චවෙක්ඛමානො. අද්දසා ඛො භගවා ආයස්මන්තං සාරිපුත්තං අවිදූරෙ නිසින්නං පල්ලඞ්කං ආභුජිත්වා උජුං කායං පණිධාය අත්තනො උපසමං පච්චවෙක්ඛමානං.
Sinhala BJT1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවරැ ජේතවන නම් වූ අනේපිඬු අරමැ වැඩ වසන සේක. එ සමයෙහි වනාහි සැරියුත් තෙරණුවෝ පලක් බැඳ, කය ඍජු කොට පිහිටුවා තමන්ගේ ක්ලේශව්‍යුපශමය නුවණින් සලකා බලනුවෝ භාග්‍යවතුන් වහන්සේට නොදුරෙහි වැඩ හුන්නාහු වෙති. භාග්‍යවතුන් වහන්සේ නොදුරෙහි පලක් බැඳ කය ඍජු කොට පිහිටුවා තමන්ගේ ක්ලේශව්‍යුපශමය නුවණින් සලකා බලමින් වැඩ හුන් සැරියුත් තෙරුන් දුටු සේක් ම ය.