Pali BJT1. එවං මෙ සුත: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු භගවතො අවිදූරෙ නිසින්නො හොති පල්ලඞ්කං ආභුජිත්වා උජුං කායං පණිධාය පුරාණකම්මවිපාකජං දුක්ඛං තිබ්බං{1} ඛරං කටුකං වෙදනං අධිවාසෙන්තො සතො සම්පජානො අවිහඤ්ඤමානො.
Sinhala BJT1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වසන සේක. එසමයෙහි එක්තරා පැවිද්දෙක් භාග්‍යවතුන් වහන්සේ නුදුරෙහි පලග් බැඳ කය ඍජු කොට තබා පැරැණි කර්‍මවිපාකයෙකින් හටගත් දුක් වූ තියුණු වූ කර්‍කශ වූ කටුක වූ වේදනා ඉවසමින් ස්මෘතිමත් වූයේ සම්ප්‍රඥාන ඇත්තේ නො ගැටෙමින් හුන්නේ වෙයි.
Pali BJT2. අද්දසා ඛො භගවා තං භික්ඛුං අවිදූරෙ නිසින්නං පල්ලඞ්කං ආභුජිත්වා උජුං කායං පණිධාය පුරාණකම්මවිපාකජං දුක්ඛං තිබ්බං1 ඛරං කටුකං වෙදනං අධිවාසෙන්තං සතං සම්පජානං අවිහඤ්ඤමානං.
Sinhala BJT2. භාග්‍යවතුන් වහන්සේ නුදුරෙහි පලග් බැඳ කය ඍජු කොට තබාගෙන පැරැණි කර්‍මවිපාකයෙකින් හටගත් දුක් වූ තියුණු වූ කර්‍කශ වූ කටුක වූ වේදනාව ඉවසන්නා වූ ස්මෘතිමත් වූ සම්ප්‍රඥාන ඇති නො ගැටෙමින් හුන් ඒ මහණ දුටු සේක.
Pali BJT3. අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:
Sinhala BJT3. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ බව දැනැ ඒ වෙලාවෙහි මේ උදානය පහළ කළ සේක:
Pali BJT“සබ්බකම්මජහස්ස භික්ඛුනො ධුනමානස්ස පුරෙකතං රජං. අමමස්ස ඨිතස්ස තාදිනො අත්ථො නත්ථි ජනං ලපෙතවෙති.”
Sinhala BJT“දුරු කළ සියලු කර්‍මයන් ඇති, පෙර කරන ලද රජස් සඞ්ඛ්‍යාත කර්‍මවිපාකය කම්පා කොට හරින්නා වූ මමඞ්කාරය නැත්තා වූ නිර්‍වාණ ස්ථලයෙහි සිටියා වූ තාදී ගුණ ඇත්තා වූ මහණහුට (මට බෙහෙත් කරව ආදි වශයෙන්) ජනයා බණන්නට කරුණෙක් නැත.”
Pali BJT3. 2.
Sinhala BJT3. 2.
Pali BJTනන්දසුත්තං.
Sinhala BJTනන්‍ද සූත්‍රය
Pali BJT1. එවං මෙ සුත: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා නන්දො භගවතො භාතා මාතුච්ඡාපුත්තො සම්බහුලානං භික්ඛූනං එවමාරොචෙති: “අනභිරතො අහං, ආවුසො, බ්රහ්මචරියං චරාමි. න සක්කොමි බ්රහ්මචරියං සන්ධාරෙතුං, සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තිස්සාමී”ති.
Sinhala BJT1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවරැ දෙව්රම් වෙහෙර නම් වූ අනේපිඬුහු අරමෙහි වැඩ වසන සේක. එ සමයෙහි භාග්‍යවතුන් වහන්සේගේ භ්‍රාතෘ වූ සුළුමවුපත් ආයුෂ්මත් නන්‍ද තෙමේ බොහෝ භික්‍ෂූනට “ඇවැත්නි, මම් සස්නැ නො ඇලුණෙම් බඹසර සරමි. බඹසර උසුළන්නට නො හැක්කෙමි. ශික්‍ෂාව හැරැ පියා ගිහිබවට පෙරැළෙන්නෙමි”යි දන්වයි.
Pali BJT2. අථ ඛො අඤ්ඤතරො භික්ඛු යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච: “ආයස්මා භන්තෙ නන්දො භගවතො භාතා මාතුච්ඡාපුත්තො සම්බහුලානං භික්ඛූනං එවමාරොචෙති. “අනභිරතො අහං ආවුසො බ්රහ්මචරියං චරාමි. න සක්කොමි බ්රහ්මචරියං සන්ධාරෙතුං. සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තිස්සාමී”ති.
Sinhala BJT2. එකල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළැඹැ සකසා වැඳ, “වහන්ස, භාග්‍යවතුන් වහන්සේගේ භ්‍රාතෘ වූ සුළුමවුපුත් ආයුෂ්මත් නන්‍ද තෙමේ බොහෝ භික්‍ෂූනට “ඇවැත්නි, මම් සස්නැ නො ඇලුණෙම් බඹසර සරමි. බඹසර උසුළන්නට නොහැක්කෙමි. ශික්‍ෂාව හැරැ පියා ගිහිබවට පෙරැළෙන්නෙමි”යි කියා යැ යි මෙ පවත් සැළ කෙළේ ය.
Pali BJT3. අථ ඛො භගවා අඤ්ඤතරං භික්ඛුං ආමන්තෙසි: “එහි ත්වං භික්ඛු, මම වචනෙන නන්දං භික්ඛුං ආමන්තෙහි: “සත්ථා තං ආවුසො නන්ද, ආමන්තෙතී”ති. ‘එවං භන්තෙ’ති ඛො සො භික්ඛු භගවතො පටිස්සුත්වා යෙනායස්මා නන්දො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මන්තං නන්දං එතදවොච: “සත්ථා තං ආවුසො නන්ද, ආමන්තෙතී”ති.
Sinhala BJT3. එවිට භාග්‍යවතුන් වහන්සේ එක්තරා මහණකු බණවා, “මහණ, මෙහි එ, “ඇවැත් නන්‍දයෙනි, ශාස්තෲහු තොප කැඳවතැ’යි මගේ වචනයෙන් නන්‍ද භික්‍ෂුහු කැඳව”යි වදාළ සේක. ‘එසේ ය, වහන්සැ’යි කියා ම ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී ආයුෂ්මත් නන්‍ද භික්‍ෂු කරා එළැඹියේ ය. එළැඹ “ඇවැත් නන්‍දයෙනි, ශාස්තෲන් වහන්සේ මුඹ කැඳවන සේකැ”යි කීයේ ය.
Pali BJT4. ‘එවමාවුසො’ති ඛො ආයස්මා නන්දො තස්ස භික්ඛුනො පටිස්සුත්වා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො ආයස්මන්තං නන්දං භගවා එතදවොච: සච්චං කිර ත්වං නන්ද, සම්බහුලානං භික්ඛූනං එවමාරොචෙසි “අනභිරතො අහං ආවුසො බ්රහ්මචරියං චරාමි. න සක්කොමි බ්රහ්මචරියං සන්ධාරෙතුං. සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තිස්සාමීති. “එවං භන්තෙ”ති. “කිස්ස පන ත්වං නන්ද, අනභිරතො බ්රහ්මචරියං චරසි? න සක්කොසි බ්රහ්මචරියං සන්ධාරෙතුං සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තිස්සසී?”ති. “සාකියානී මං භන්තෙ ජනපදකල්යාණී ඝරා නික්ඛමන්තස්ස උපඩ්ඪුල්ලිඛිතෙහි{1} කෙසෙහි අපලොකෙත්වා මං එතදවොච: “තුවටං ඛො අය්යපුත්ත, ආගච්ඡෙය්යාසී”ති. සො ඛො අහං භන්තෙ තමනුස්සරමානො අනභිරතො බ්රහ්මචරියං චරාමි. න සක්කොමි බ්රහ්මචරියං සන්ධාරෙතුං. සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තිස්සාමී”ති.
Sinhala BJT4. ‘එසේ ය, ඇවැත්නි’යි කියා ම ආයුෂ්මත් නන්‍ද තෙම ඒ මහණහට පිළිවදන් දී භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එක් පසෙක හිඳ ගත්තේ ය. එක් පසෙක හුන්නාවූ ම ආයුෂ්මත් නන්‍දහට භාග්‍යවතුන් වහන්සේ ‘සැබැව, නන්‍ද ය, “ඇවැත්නි, නො ඇලුණෙම් මම් බඹසර සරමි. බඹසර උසුළන්නට නො හැක්කෙමි. ශික්‍ෂාව හැරපියා ගිහිබවට පෙරැළෙන්නෙමි”යි බොහෝ මහණුනට මෙසේ දැන්වූයෙහි දැ?” අසා වදාළ සේක. “එසේ ය වහන්සැ”යි ආයුෂ්මත් නන්‍ද තෙම කීය. කවර හෙයින් නො ඇලුණක් වැ බඹසර සරයි ද? බඹසර උසුළන්නට නො හැක්කෙහි ද? ශික්‍ෂාව හැරැපියා ගිහිබවට පෙරැළෙන්නෙහි දැ?”යි භාග්‍යවතුන් වහන්සේ පුළුවුත් සේක. “වහන්ස, මා ගෙන් නික්මෙද්දී සෑ දු දනවුකලණ අඩක් පණාගැසු හිසකෙසින් උපලක්‍ෂිත වැ මා බලා, ‘ස්වාමිපුත්‍රය, වහා ම එන්නැ’යි මට කිවු ය. වහන්ස, එය සිහි කරන මම් නොඇලී බඹසර සරමි. බඹසර උසුළන්නට නො හැක්කෙමි. ශික්‍ෂාව හැරපියා ගිහි බවට පෙරැළෙන්නෙමි”යි නන්‍ද තෙම කීය.
Pali BJT5. අථ ඛො භගවා ආයස්මන්තං නන්දං බාහාය{2} ගහෙත්වා සෙය්යථාපි නාම බලවා පුරිසො සම්මිඤ්ජිතං වා බාහං පසාරෙය්ය, පසාරිතං වා බාහං සම්මිඤ්ජෙය්ය, එවමෙව ජෙතවනෙ අන්තරහිතො දෙවෙසු තාවතිංසෙසු පාතුරහොසි.
Sinhala BJT5. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් නන්‍දයා අතැගෙන යම්සේ කාබලැති මිනිසෙක් වක් කළ අත දික් කරන්නේ හෝ දික් කළ අත වක් කරන්නේ ද, එ පරිද්දෙන් ම දෙව්රම්හි අතුරුදන් වැ තව්තිසා දෙව්ලොවැ පහළ වූ සේක.
Pali BJT6. තෙන ඛො පන සමයෙන පඤ්චමත්තානි අච්ඡරාසතානි සක්කස්ස දෙවානමින්දස්ස උපට්ඨානං ආගතානි හොන්ති කකුටපාදානි. අථ ඛො භගවා ආයස්මන්තං නන්දං ආමන්තෙසි: “පස්සසි නො ත්වං නන්ද, ඉමානි පඤ්ච අච්ඡරාසතානි කකුටපාදානී?”ති. “එවං, භන්තෙ”ති.
Sinhala BJT6. එ සමයෙහි පරෙවිපා බඳු රත් පැහැ පා ඇති පන්සියක් පමණ වූ දෙවඟනෝ සක්දෙවිඳුට උවටැනට ආවා වෙති. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් නන්‍දයන් අමතා “නන්‍දයෙනි, තෙපි පරෙවිපා බඳු රත්පැහැ පා ඇති මේ පන්සියක් පමණ වූ දෙවඟනන් දක්නහු දැ?” යි අසා වදාළ සේක. “එසේ ය වහන්සැ”යි නන්‍දයෝ කීහ.
Pali BJT7. තං කිං මඤ්ඤසි නන්ද, කතමා නු ඛො අභිරූපතරා වා දස්සනීයතරා ච පාසාදිකතරා ච, සාකියානී වා ජනපදකල්යාණී ඉමානි වා පඤ්ච අච්ඡරාසතානි කකුටපාදානී?”ති.
Sinhala BJT7. “නන්‍දයෙනි, එය කිමැ යි සිතවු ද? සැහැදූ ජනවුකලණ ද පරෙවිපා බඳු රත් පැහැ පා ඇති මේ පන්සියක් පමණ දෙවඟනෝ ද යන මොවුන්ගෙන් කවර කෙනෙක් වඩා විශිෂ්ට රූපසම්පත් ඇත්තෝ ද, වඩා දැකුම් කටයුත්තෝ ද? වඩා ප්‍රසාද එළවන්නෝ දැ?”යි අසා වදාළ සේක.
Pali BJT“සෙය්යථාපි භන්තෙ පලුට්ඨමක්කටී කණ්ණනාසච්ඡින්නා. එවමෙව ඛො භන්තෙ සාකියානී ජනපදකල්යාණී ඉමෙසං පඤ්චන්නං අච්ඡරාසතානං උපනිධාය සඞ්ඛම්පි න උපෙති, කලම්පි න උපෙති, කලභාගම්පි න උපෙති,{3} උපනිධිම්පි න උපෙති. අථ ඛො ඉමානි පඤ්ච අච්ඡරාසතානි අභිරූපතරානි චෙ ව දස්සනීයතරානි ච පාසාදිකතරානිචා”ති.
Sinhala BJT“වහන්ස, සැහැදූ ජනවුකලණ කන්නාසා සුන් පුළුටු වැඳිරිය බඳු ය. මේ පන්සියක් දෙවඟනන් සමීපයෙහි ලා සැලැකීමෙහි දී ඕ ගණනට ද නො එයි. සොළොස් වන කලාවට ද නො එයි. කලාවෙන් කලාවට ද නො එයි. මොවුන් හා මෝ සමාන යැ යි ළඟ තැබීමට ද නො එයි. වැලිදු මේ පන්සියක් දෙවඟනෝ ම වඩා විශිෂ්ට රූපසම්පත් ඇත්තෝ ද, වඩා දැකුම් කටයුත්තෝ ද, වඩා ප්‍රසාද එළවන්නෝ ද වෙති”යි ආයුෂ්මත් නන්‍දයෝ කීහ.
Pali BJT“අභිරම නන්ද, අභිරම, නන්ද, අහං තෙ පාටිභොගො පඤ්චන්නං අච්ඡරාසතානං පටිලාභාය කකුටපාදාන”න්ති.
Sinhala BJT“නන්‍දයෙනි, සස්නෙහි සිත් අලව. නන්‍දයෙනි, සස්නෙහි සිත් අලව. මම් තොපට පරෙවිපා බඳු රත් පැහැ පා ඇති දෙවඟනන් පන්සියක් ලැබවිමට ඇප වෙමි”යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
Pali BJT“සචෙ මෙ භන්තෙ භගවා පාටිභොගො පඤ්චන්නං අච්ඡරාසතානං පටිලාභාය කකුටපාදානං, අභිරමිස්සාමහං භන්තෙ භගවති බ්රහ්මචරියෙ”ති.
Sinhala BJT“වහන්ස, ඉදින් පරෙවිපා බඳු රත් පැහැ පා ඇති දෙවඟනන් පන්සියක් ලබා දීමට භාග්‍යවතුන් වහන්සේ ඇප වන සේක නම්, මම් භාග්‍යවතුන් වහන්සේ වෙත සසුන්බඹසර රැක්මෙහි සිත් අලවන්නෙමි”යි (ආයුෂ්මත් නන්‍දයෝ කීහ.)
Pali BJT8. අථ ඛො භගවා ආයස්මන්තං නන්දං බාහායං ගහෙත්වා සෙය්යථාපි නාම බලවා පුරිසො සම්මිඤ්ජිතං වා බාහං පසාරෙය්ය, පසාරිතං වා බාහං සම්මිඤ්ජෙය්ය, එවමෙව දෙවෙසු තාවතිංසෙසු අන්තරහිතො ජෙතවනෙ පාතුරහොසි.
Sinhala BJT8. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් නන්‍දයන් අත ගෙන ශක්තිමත් පුරුෂයෙක් හැකුළු අතක් දිගු කරන්නේත් දිගු කළ අතක් හකුළන්නේත් යම්සේ ද, එසේ තව්තිසාවැසි දෙවියන් කෙරෙහි අතුරුදහන් වැ දෙව්රම්හි පහල වූ සේක.
Pali BJT9. අස්සොසුං ඛො භික්ඛූ “ආයස්මා කිර නන්දො භගවතො භාතා මාතුච්ඡාපුත්තො අච්ඡරානං හෙතු බ්රහ්මචරියං චරති, භගවා කිරස්ස පාටිභොගො පඤ්චන්නං අච්ඡරාසතානං පටිලාභාය කකුටපාදාන”න්ති. අථ ඛො ආයස්මතො නන්දස්ස සහායකා භික්ඛූ ආයස්මන්තං නන්දං භතකවාදෙන ච උපක්කිතකවාදෙන ච සමුදාචරන්ති. “භතකො කිරායස්මා නන්දො, උපක්කිතකො කිරායස්මා නන්දො, අච්ඡරානං හෙතු බ්රහ්මචරියං චරති. භගවා කිරස්ස පාටිභොගො පඤ්චන්නං අච්ඡරාසතානං පටිලාභාය කකුටපාදාන”න්ති.
Sinhala BJT9. භාග්‍යවතුන් වහන්සේගේ භ්‍රාතෘ වූ සුළුමවුපුත් ආයුෂ්මත් නන්‍දයෝ දෙවඟනන් පිණිස බඹසර සෙරෙත්ල, භාග්‍යවතුන් වහන්සේ ඔවුනට පරෙවිපා බඳු රත්පැහැ පා ඇති දෙවඟනන් පන්සියක් ලැබවීමට ඇප වූහු ලු”යි භික්‍ෂූහු ඇසූහ. ඉක්බිති ආයුෂ්මත් නන්‍දයන්ගේ යහළු භික්‍ෂූහු “ආයුෂ්මත් නන්‍දයෝ වනාහි බැළමේකරුහු ල, විකුණා ගන්නා ලද්දෝ ලු, දෙවඟනන් පිණිස බඹසර සෙරෙත් ලු. භාග්‍යවතුන් වහන්සේ පරෙවිපා බඳු රත්පැහැ පා ඇති දෙවඟනන් ලැබවීමට ඔවුනට ඇප වූ සේක් ලැ”යි ආයුෂ්මත් නන්‍දයනට භෘතකවාදයෙන් ද උපක්‍රිතකවාදයෙන් ද (භෘතකයෝ ය, උපක්‍රීතකයෝ ය යි) ව්‍යවහාර කෙරෙත්.
Pali BJT10. අථ ඛො ආයස්මා නන්දො සහායකානං භික්ඛූනං භතකවාදෙන ච උපක්කිතකවාදෙන ච අට්ටීයමානො හරායමානො ජිගුච්ඡමානො එකො වූපකට්ඨො අප්පමත්තො ආතාපී පහිතත්තො විහරන්තො න චිරස්සෙව යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති. තදනුත්තරං බ්රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහාසි. “ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායා”ති අබ්භඤ්ඤාසි. අඤ්ඤතරො ඛො පනායස්මා නන්දො අරහතං අහොසි.
Sinhala BJT10. ඉක්බිති ආයුෂ්මත් නන්‍දයෝ යහළු භික්‍ෂූන්ගේ ‘බැළයෙක, විකුණ ගන්නා ලද්දෙක’ යන වචනයෙන් පෙළනු ලබනුවෝ ලජ්ජාපත් කරනු ලබනුවෝ ගරහනු ලබනුවෝ හුදකලා වැ චිත්තවිවේකයෙන් විවික්ත වැ, අප්‍රමත්ත වැ කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇති වැ, නිවන් කරා මෙහෙයන ලද සිත් ඇති වැ වසනුවෝ, යමක් පිණිස කුලදරුවෝ මොනොවට ම ගිහිගෙන් නික්මැ සසුන් වදිත් ද, ඒ නිරුත්තර වූ මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍යාවසානය (හෙවත් රහත් බව) නොබෝ කලෙකින් ම, මෙ අත්බව්හි ම, තුමූ ම විශිෂ්ට නුවණින් දැන , නුවණැසට හමු කොට ලැබ වාසය කළහ. “පුනර්‍භවය ක්‍ෂීණ විය. මගබඹසර වැස නිමැවිණ. සත්‍යාවබෝධය පිණිස කටයුතු දැය කොට නිමැවිණ. මේ රහත්බව පිණිස තවත් කටයුත්තෙක් නැතැ”යි දැන ගත්හ. ආයුෂ්මත් නන්‍දයෝ රහතුන් අතුරෙහි එක්තරා කෙනෙක් වූහ.
Pali BJT11. අථ ඛො අඤ්ඤතරා දෙවතා අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණා කෙවලකප්පං ජෙතවනං ඔභාසෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතා ඛො සා දෙවතා භගවන්තං එතදවොච: “ආයස්මා භන්තෙ නන්දො භගවතො භාතා මාතුච්ඡාපුත්තො ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරතී”ති. භගවතො’පි ඛො ඤාණං උදපාදි: “නන්දො ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරතී”ති.
Sinhala BJT11. ඉක්බිත්තෙන් එක්තරා දෙවියෙක් රැය බොහෝ ඉක්ම ගිය කල්හි විශිෂ්ට ශරීරප්‍රභා ඇත්තේ සියලු දෙව්රම බබුළුවා, භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එක් පසෙක සිටියේ ය. එක් පසෙක සිටියා වූ ම ඒ දෙවි “වහන්ස, භාග්‍යවතුන් වහන්සේගේ භ්‍රාතෘ වූ සුළුමවුපුත් වූ ආයුෂ්මත් නන්‍දයෝ ආස්‍රවයන්ගේ ක්‍ෂයයෙන් අනාස්‍රව වූ ඵලසමාධිය ද ඵලඥානය ද මෙ අත්බව්හි ම තුමූ ම විශිෂ්ට නුවණින් දැන පසක් කොට ලැබ වෙසෙති”යි භාග්‍යවතුන් වහන්සේට සැළ කළහ. ‘නන්‍දයෝ ආස්‍රවක්‍ෂයයෙන් අනාස්‍රව වූ ඵලසමාධියත් ඵලඥානයත් මෙ අත්බව්හි ම විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට ලැබ වෙසෙති’යි භාග්‍යවතුන් වහන්සේට ද නුවණ පහළ විය.
Pali BJT12. අථ ඛො ආයස්මා නන්දො තස්සා රත්තියා අච්චයෙන යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා නන්දො භගවන්තං එතදවොච: “යං මෙ භන්තෙ භගවා පාටිභොගො, පඤ්චන්නං අච්ඡරාසතානං පටිලාභාය කකුටපාදානං. මුඤ්චාමහං භන්තෙ භගවන්තං එතස්මා පටිස්සවා”ති. මයාපි ඛො තෙ නන්ද{1} චෙතසා චෙතො පරිච්ච විදිතො: “නන්දො ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරතී’ති.
Sinhala BJT12. ඉක්බිත්තෙන් ආයුෂ්මත් නන්‍දයෝ ඒ රැය ඇවෑමෙන් භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත් පසෙක හුන්හ. එකත්පසෙක හුන්නා වූ ම ආයුෂ්මත් නන්‍දයෝ ‘වහන්ස, භාග්‍යවතුන් වහන්සේ පරෙවියන්ගේ පාබඳු රත්පැහැ පා ඇති පන්සියක් දෙවඟනන් ලැබෙන බවට මට ඇප වූ සේක් ද, වහන්ස, මම් භාග්‍යවතුන් වහන්සේ මේ ඇපයෙන් මුදමි”යි භාග්‍යවතුන් වහන්සේට සැළ කළහ. “නන්‍දයෙනි”, මා විසින් ද තොප සිත මා විසින් පිරිසිඳ; “නන්‍දයෝ ආස්‍රවයන්ගේ ක්‍ෂයයෙන් අනාස්‍රව වූ ඵලසමාධියත්, ඵලඥානයත් මෙ අත්බව්හි ම විශිෂ්ට නුවණින් දැන පසක් කොට ලැබ වෙසෙති”යි දන්නා ලද්දේ ය.
Pali BJT13. දෙවතාපි මෙ එතමත්ථං ආරොචෙසි: “ආයස්මා භන්තෙ නන්දො භගවතො භාතා මාතුච්ඡාපුත්තො ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරතී”ති. යදෙව ඛො තෙ නන්ද අනුපාදාය ආසවෙහි චිත්තං විමුත්තං,{1} අථාහං මුත්තො එතස්මා පටිස්සවා”ති.
Sinhala BJT13. දෙවියෙක් ද ‘වහන්ස, ... නන්‍දයෝ … පසක් කොට ලැබ වෙසෙති’යි මට මෙ කරුණ සැළ කෙළේ ය. නන්‍දයෙනි, යම් විටෙක ම තොප සිත උපාදාන රහිත ව ආස්‍රව කෙරෙන් මිදුණේ ද, එ විට මම් මේ ඇපයෙන් මිදුනෙමි”යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
Pali BJT14. අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:
Sinhala BJT14. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ දැන එ වේලෙහි මේ උදන් ඇනූ සේක:
Pali BJT“යස්ස නිත්තිණ්ණො පඞ්කො ච{2} මද්දිතො කාමකණ්ටකො, මොහක්ඛයං අනුප්පත්තො සුඛදුක්ඛෙසු න වෙධතී ස භික්ඛූ”ති.{3}
Sinhala BJT“යමෙකු විසින් දෘෂ්ටි නැමැති මඩවගුර හෝ සසර නැමැති මඩවගුර තරණය කරන ලද ද, කෙලෙස් නැමැති කටුව මඩින ලද ද, යමෙක් මෝහක්‍ෂයට (රහත්පලයට) පැමිණියේ ද, ඒ මහණ සුවදුක් දෙක්හි නො සැලේ.”
Pali BJT3. 3.
Sinhala BJT3. 3.
Pali BJTයසොජසුත්තං
Sinhala BJTයශොජ සූත්‍රය
Pali BJT1. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන යසොජපමුඛානි පඤ්චමත්තානි භික්ඛුසතානි සාවත්ථිං අනුප්පත්තානි හොන්ති, භගවන්තං දස්සනාය. තෙ ච ඛො{4} ආගන්තුකා භික්ඛූ නෙවාසිකෙහි භික්ඛූහි සද්ධිං පටිසම්මොදමානා සෙනාසනානි පඤ්ඤාපයමානා පත්තචීවරානි පටිසාමයමානා උච්චාසද්දා මහාසද්දා{5} අහෙසුං. අථ ඛො භගවා ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි: “කෙ පනෙතෙ ආනන්ද, උච්චාසද්දාමහාසද්දා කෙවට්ටා මඤ්ඤෙ මච්ඡවිලොපෙ’?ති.
Sinhala BJT1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවරැ දෙව්රම් නම් වූ අනේපිඬුසිටිහු අරම්හි වැඩ වසන සේක. එ සමයෙහි වනාහි යසොජ තෙරුන් ප්‍රමුඛ පන්සියක් පමණ මහණහු භාග්‍යවතුන් වහන්සේ දක්නට සැවැත්නුවරට පැමිණියාහු වෙති. ඒ ආගන්තුක මහණහු ද නේවාසික භික්‍ෂූන් හා පිළිසඳරින් සතුටු වෙමින් සෙනසුන් පණවන්නාහු, පාසිවුරු සුරැකි කොට තබන්නාහු, උස්හඬ මහහඬ ඇත්තෝ වූහ. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ අනඳ තෙරුන් අමතා, “ආනන්‍දයෙනි, තෙල කවුරු නම් මස්වොලෝහි{1} කෙවුළන් සේ උස් හඬ මහහඬ ඇත්තෝ දැ”යි අසා වදාළ සේක.
Pali BJT“එතානි භන්තෙ යසොජපමුඛානි පඤ්චමත්තානි භික්ඛුසතානි සාවත්ථිං අනුප්පත්තානි භගවන්තං දස්සනාය. තෙ’තෙ ආගන්තුකා භික්ඛූ නෙවාසිකෙහි භික්ඛූහි සද්ධිං පටිසම්මොදමානා සෙනාසනානි පඤ්ඤාපයමානා පත්තචීවරානි පටිසාමයමානා උච්චාසද්දා මහාසද්දා”ති.
Sinhala BJT“වහන්ස, මේ යසොජ තෙරුන් ප්‍රමුඛ තෙල පන්සියක් පමණ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ දක්නා පිණිස සැවැතට පැමිණියාහු ය. ඒ ආගන්තුක භික්‍ෂූහු නේවාසික භික්‍ෂූන් හා පිළිසඳර විසින් සතුටු වෙමින් සෙනසුන් පණවන්නාහු, පාසිවුරු සුරැකි කොට තබන්නාහු, උස් හඬ මහහඬ ඇත්තාහු”යී අනඳ තෙරණුවෝ වදාළහ.
Pali BJT‘තෙනහානන්ද, මම වචනෙන තෙ භික්ඛූ ආමන්තෙහි: “සත්ථා ආයස්මන්තෙ ආමන්තෙතී’ති. ‘එවං භන්තෙ’ති ඛො ආයස්මා ආනන්දො භගවතො පටිස්සුත්වා යෙන තෙ භික්ඛූ තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා තෙ භික්ඛූ එතදවොච: ‘සත්ථා ආයස්මන්තෙ ආමන්තෙතී’ති.
Sinhala BJT“ආනන්‍දයෙනි, එසේ වී නම් මගේ වචනයෙන් ශාස්තෘ තෙම අයුෂ්මතුන් අමතා ය යි ඔවුන් කැඳව”යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. “එසේය, වහන්සැයි” ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී ඒ භික්‍ෂූන් ඒ භික්‍ෂූන් වෙත එළැඹ “ශාස්තෲන් වහන්සේ ආයුෂ්මතුන් කැඳවනසේකැ”යි ඒ භික්‍ෂූන්ට කීය.
Pali BJT‘එවමාවුසො’ති ඛො තෙ භික්ඛූ ආයස්මතො ආනන්දස්ස පටිස්සුත්වා යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නෙ ඛො තෙ භික්ඛූ භගවා එතදවොච: “කින්නු තුම්හෙ භික්ඛවෙ උච්චාසද්දා මහාසද්දා, කෙවට්ටා මඤ්ඤෙ මච්ඡවිලොපෙ”ති.
Sinhala BJT‘එසේ ය, ඇවැත්නි’යි ඒ මහණහු අනඳ තෙරුනට පිළිවදන්දී භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ඒ භික්‍ෂූන් අමතා භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි, කවර හෙයින් තෙපි මස්වොලෝව්හි කෙවුළන් සේ උස් හඬ මහහඬ ඇතියවු දැ?”යි අසා වදාළ සේක.
Pali BJT2. එවං වුත්තෙ ආයස්මා යසොජො භගවන්තං එතදවොච: “ඉමානි භන්තෙ පඤ්චමත්තානි භික්ඛුසතානි සාවත්ථිං අනුප්පත්තානි භගවන්තං දස්සනාය. තෙ’මෙ ආගන්තුකා භික්ඛූ නෙවාසිකෙහි භික්ඛූහි සද්ධිං පටිසම්මොදමානා සෙනාසනානි පඤ්ඤාපයමානා පත්තචීවරානි පටිසාමයමානා උච්චාසද්දා මහාසද්දා”{1}ති.
Sinhala BJT2. මෙසේ වදාළ කල්හි යසොජ තෙරණුවෝ “වහන්ස, මේ පන්සියක් පමණ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ දක්නා පිණිස සැවැතට පැමිණියාහු ය. ඒ මේ ආගන්තුක භික්‍ෂූහු නේවාසික භික්‍ෂූන් හා පිළිසඳරින් සතුටු වෙමින් සෙනසුන් පණවන්නාහු පාසිවුරු සුරැකි කොට තබන්නාහු උස්හඬ මහහඬ ඇතියව් හ”යි සැළ කළහ.
Pali BJT“ගච්ඡථ භික්ඛවෙ, වො පණාමෙමි. න වො මම සන්තිකෙ වත්ථබ්බ”න්ති.
Sinhala BJT“යව මහණෙනි, තොප නෙරපමි. තොප මා වෙත නො විසිය යුතු” ය යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
Pali BJT“එව, භන්තෙ”ති ඛො තෙ භික්ඛූ භගවතො පටිස්සුත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා සෙනාසනං සංසාමෙත්වා පත්තචීවරමාදාය යෙන වජ්ජී, තෙන චාරිකං පක්කමිංසු. වජ්ජීසු අනුපුබ්බෙන චාරිකං චරමානා යෙන වග්ගුමුදා නදී, තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා වග්ගුමුදාය නදියා තීරෙ පණ්ණකුටියො කරිත්වා වස්සං උපගච්ඡිංසු.
Sinhala BJT‘එසේය වහන්සැ’යි කියා ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී හුනස්නෙන් නැගී භාග්‍යවතුන් වහන්සේ පැදකුණු කොට සෙනසුන් සුරැකි කොට තබා පාසිවුරු ගෙන වැදෑරට බලා සැරි සරා වැඩියහ. වැදෑරට පිළිවෙළින් සැරි සරන්නාහු වග්ගුමුදා නදිය කරා එළැඹියහ. එළැඹ වග්ගුමුදා නදිය තෙරැ පන්සල් කොට වස් එළඹියහ.
Pali BJT3. අථ ඛො ආයස්මා යසොජො වස්සූපගතො භික්ඛූ ආමන්තෙසි: “භගවතා මයං ආවුසො පණාමිතා අත්ථකාමෙන හිතෙසිනා අනුකම්පකෙන අනුකම්පං උපාදාය. හන්ද මයං ආවුසො තථා විහාරං කප්පෙම, යථා නො විහරතං භගවා අත්තමනො අස්සා”ති.
Sinhala BJT3. ඉක්බිති යසොජ තෙරණුවෝ වස් එළැඹියෝ භික්‍ෂූන් බණවා “ඇවැත්නි, අපට වැඩ කැමති හිත පතන අනුකම්පා කරන භාග්‍යවතුන් වහන්සේ විසින් අනුකම්පාව සඳහා අපි නෙරපන ලද්දමු. එ බැවින් අපි යම්සේ වසන අපට භාග්‍යවතුන් වහන්සේ සතුටු වන සේක් ද, එසේ විසීම කරමු”යි වදාළහ.
Pali BJT‘එවමාවුසො’ති ඛො තෙ භික්ඛූ ආයස්මතො යසොජස්ස පච්චස්සොසුං. අථ ඛො තෙ භික්ඛූ වූපකට්ඨා අප්පමත්තා ආතාපිනො පහිතත්තා විහරන්තා තෙනෙවන්තරවස්සෙන සබ්බෙව තිස්සො විජ්ජා සච්ඡාකංසු.
Sinhala BJT‘එසේය, ඇවැත්නි’යි කියා ඒ මහණහු යසොජ තෙරුන්ට පිළිවදන් ඇස්වූහ. ඉක්බිත්තෙන් ඒ මහණහු විවික්ත වූවාහු නොපමා වැ කෙලෙස් තවන වැර ඇති වැ නිවන් කරා මෙහෙයූ සිතැති ව වසන්නාහු ඒ වස් සමය ඇතුළත ම සියල්ලෝම ත්‍රිවිද්‍යා පසක් කළහ.
Pali BJT4. අථ ඛො භගවා සාවත්ථියං යථාභිරන්තං විහරිත්වා යෙන වෙසාලී තෙන චාරිකං පක්කාමි. අනුපුබ්බෙන චාරිකං චරමානො යෙන වෙසාලී තදවසරි තත්ර සුදං භගවා වෙසාලියං විහරති මහාවනෙ කූටාගාරසාලායං. අථ ඛො භගවා වග්ගුමුදාතීරියානං භික්ඛූනං චෙතසා චෙතො පරිච්ච මනසි කරිත්වා ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි: “ආලොකජාතා විය මෙ ආනන්ද, එසා දිසා. ඔභාසජාතා විය මෙ ආනන්ද, එසා දිසා. යස්සං දිසායං වග්ගුමුදාතීරියා භික්ඛූ විහරන්ති. ගන්තුං අප්පටිකූලාසි මෙ මනසි කාතුං. පහිණෙය්යාසි ත්වං ආනන්ද වග්ගුමුදාතීරියානං භික්ඛූනං සන්තිකෙ දූතං, සත්ථා ආයස්මන්තෙ ආමන්තෙති. සත්ථා ආයස්මන්තානං දස්සනකාමො”ති.
Sinhala BJT4. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සැවැත්හි රිසි තාක් කල් වැස විසල්පුර බලා සැරි සරා වැඩි සේක. පිළිවෙළින් සැරි සරන සේක් විසල්පුරට පැමිණ වදාළ සේක. භාග්‍යවතුන් වහන්සේ එහි විසල්පුරැ මහවෙනෙහි කුළාරහල් වෙහෙරෙහි වැඩ වසන සේක. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ වග්ගුමුදාතීර වැසි මහණුන්ගේ සිත් සිය සිතින් පිරිසිඳ මෙනෙහි කොට අනඳ තෙරුන් බණවා, “ආනන්‍දයෙනි, යම් දෙසක වග්ගුමුදාතීරවාසී මහණහු වෙසෙත් ද, එ දෙස මට පහළ වු එළිය ඇත්තක් මෙනි. පහළ වූ ආලොකය ඇත්තක් මෙනි. යන්නට මෙනෙහි කරන්නට මට නොපිළිකුල්ය (මනාපය). ආනන්‍දයෙනි, තොප ‘ශාස්තෘ තෙම ආයුෂ්මතුන් කැඳවයි. ශාස්තෘ තෙම ආයුෂ්මතුන් දකිනු කැමැතිය’යි වග්ගුමුදාතීර වැසි මහණුන් වෙතට දූතයකු යවන්නේ”යි වදාළ සේක.
Pali BJT‘එවං භන්තෙ’ති ඛො ආයස්මා ආනන්දො භගවතො පටිස්සුත්වා යෙන අඤ්ඤතරො භික්ඛු තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා තං භික්ඛුං එතදවොච. “එහි ත්වං ආවුසො. යෙන වග්ගුමුදාතීරියා භික්ඛූ, තෙනුපසඞ්කමෙය්යාසි{2} උපසඞ්කමිත්වා වග්ගුමුදාතීරියෙ භික්ඛූ එවං වදෙහි: සත්ථා ආයස්මන්තෙ ආමන්තෙති. සත්ථා ආයස්මන්තානං දස්සනකාමො”ති.
Sinhala BJT‘එසේය, වහන්සැ’යි කියා අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී, එක්තරා මහණකු කරා එළැඹියහ. එළැඹ ඒ මහණහු බණවා “ඇවැත්නි, තෙපි මෙහි එව. වග්ගුමුදාතීරවාසී මහණුන් වෙතට යව. එළැඹ වග්ගුමුදාතීරවාසී මහණුනට “ඇවැත්නි, ශාස්තෘ තෙම ආයුෂ්මතුන් කැඳවයි. ශාස්තෘ තෙම ආයුෂ්මතුන්ගේ දැක්ම කැමැත්තේ ය”යි මෙසේ කියන්නැ.
Pali BJT“එවමාවුසො”ති ඛො සො භික්ඛු ආයස්මතො ආනන්දස්ස පටිස්සුත්වා – සෙය්යථාපි නාම බලවා පුරිසො සම්මිඤ්ජිතං වා බාහං පසාරෙය්ය, පසාරිතං වා බාහං සම්මිඤ්ජෙය්ය. එවමෙව මහාවනෙ කූටාගාරසාලායං අන්තරහිතො වග්ගුමුදාය නදියා තීරෙ තෙසං භික්ඛූනං පුරතො පාතුරහොසි. අථ ඛො සො භික්ඛු වග්ගුමුදාතීරියෙ භික්ඛූ එතදවොච: “සත්ථා ආයස්මන්තෙ ආමන්තෙති, සත්ථා ආයස්මන්තානං දස්සනකාමො”ති.
Sinhala BJT‘එසේ ය, ඇවැත්නි’යි කියා ඒ මහණ තෙම ආයුෂ්මත් අනද තෙරුන්ට පිළිවදන් දී ශක්තිමත් පුරුෂයෙක් හැකුළූ අත දිග හරින්නා සේ ම දිග හළ අත හකුළන්නා සේ ම මහවෙනෙහි කූටාගාරශාලා විහාරයෙහි අතුරුදන් ව වග්ගුමුදානදිය තෙරැ ඒ මහණුන් ඉදිරියේ පහළ විය. ඉක්බිත්තෙන් ඒ මහණ වග්ගුමුදාතීරවාසී මහණුනට “ශාස්තෲන් වහන්සේ ආයුෂ්මතුන් කැඳවන සේක. ශාස්තෲන් වහන්සේ ආයුෂ්මතුන් දක්නා කැමැති සේකැ”යි මෙ බස් පැවැසී ය.
Pali BJT‘එවමාවුසො’ති ඛො තෙ භික්ඛූ තස්ස භික්ඛුනො පටිස්සුත්වා සෙනාසනං සංසාමෙත්වා පත්තචීවරමාදාය සෙය්යථාපි නාම බලවා පුරිසො සම්මිඤ්ජිතං වා බාහං පසාරෙය්ය, පසාරිතං වා බාහං සම්මිඤ්ජෙය්ය. එවමෙව වග්ගුමුදාය නදියා තීරෙ අන්තරහිතා මහාවනෙ කූටාගාරසාලායං භගවතො සම්මුඛෙ පාතුරහෙසුං.
Sinhala BJT‘එසේ ය, ඇවැත්නි’යි කියා ඒ මහණහු යට කී මහණහට පිළිවදන් අස්වා සෙනසුන් සුරැකි කොට තබා පාසිවුරු ගෙන බලවත් පුරුෂයෙකු හැකුළූ අතක් දික් කරන සේ දික් කළ අත හකුළන්නා සේ ම වග්ගුමුදාතීරයෙන් අතුරුදහන් වූවාහු මහවෙනෙහි කුළාරහල්වෙහෙරෙහි භාග්‍යවතුන් වහන්සේ හමුයෙහි පහළ වූහ.
Pali BJT5. තෙන ඛො පන සමයෙන භගවා ආනෙඤ්ජෙන සමාධිනා නිසින්නො හොති. අථ ඛො තෙසං භික්ඛූනං එතදහොසි “කතමෙන නු ඛො භගවා විහාරෙන එතරහි විහරතී”ති. අථ ඛො තෙසං භික්ඛූනං එතදහොසි: “ආනෙඤ්ජෙන ඛො භගවා විහාරෙන එතරහි විහරතී”ති. සබ්බෙව ආනෙඤ්ජෙන සමාධිනා නිසීදිංසු.
Sinhala BJT5. එ සමයෙහි භාග්‍යවතුන් වහන්සේ ආනෙඤ්ජ සමාධියෙන් (චතුර්‍ත්‍ථධ්‍යානය පාදක කොටැති රහත්පල සමවතින්) වැඩ හුන් සේක් වෙති. එකල්හි ඒ මහණුනට භාග්‍යවතුන් වහන්සේ කවර නම් විහරණයෙකින් දැන් වසන සේක් දැ”යි මේ සිත විය. ඉක්බිති ඒ භික්‍ෂූන්ට භාග්‍යවතුන් වහන්සේ අනෙඤ්ජසමාධියෙන් දැන් වසන සේකැ’යි මේ සිත විය. ඉක්බිති සියල්ලෝම අනේඤ්ජසමාධියෙන් හුන්හ.
Pali BJT6. අථ ඛො ආයස්මා ආනන්දො අභික්කන්තාය රත්තියා නික්ඛන්තෙ පඨමෙ යාමෙ උට්ඨායාසනා එකංසං චීවරං කරිත්වා යෙන භගවා තෙනඤ්ජලිං පණාමෙත්වා භගවන්තං එතදවොච: “අභික්කන්තා භන්තෙ රත්ති. නික්ඛන්තො පඨමො යාමො. චිරනිසින්නා ආගන්තුකා භික්ඛූ. පටිසම්මොදතු භන්තෙ භගවා ආගන්තුකෙහි භික්ඛූහී”ති.
Sinhala BJT6. ඉක්බිති අනද තෙරණුවෝ රැය ගෙවුණු කල්හි පළමු යම ගත වුණු කල්හි භාග්‍යවතුන් වහන්සේ දිශාවට දොහොත් මුදුන් තබා වැඳ සිවුර එකස් කොට පෙරෙවැ භාග්‍යවතුන් වහන්සේ දසාවට ඇඳිලි බැඳ ගෙන “වහන්ස, රැය බොහෝ ඉක්ම ගියේ ය. පළමු යාමය නික්මුණේ ය. ආගන්තුක භික්‍ෂූහු බොහෝ වේලා හුන්නාහු වෙති. වහන්ස, ආගන්තුක භික්‍ෂූන් පිළිසඳරින් තුස්නකතා කෙරේවා”යි සැළ කළහ.
Pali BJT7. එවං වුත්තෙ භගවා තුණ්හී අහොසි. දුතියම්පි ඛො ආයස්මා ආනන්දො අභික්කන්තාය රත්තියා නික්ඛන්තෙ මජ්ඣිමෙ යාමෙ උට්ඨායාසනා එකංසං චීවරං කරිත්වා යෙන භගවා තෙනඤ්ජලිං පණාමෙත්වා භගවන්තං එතදවොච:– “අභික්කන්තා භන්තෙ රත්ති. නික්ඛන්තො මජ්ඣිමො යාමො. චිරනිසින්නා ආගන්තුකා භික්ඛූ, පටිසම්මොදතු භන්තෙ භගවා ආගන්තුකෙහි භික්ඛූහී”ති. දුතියම්පි ඛො භගවා තුණ්හී අහොසි. තතියම්පි ඛො ආයස්මා ආනන්දො අභික්කන්තාය රත්තියා නික්ඛන්තෙ පච්ඡිමෙ යාමෙ උද්ධතෙ අරුණෙ නන්දිමුඛියා රත්තියා උට්ඨායාසනා එකංසං චීවරං කරිත්වා යෙන භගවා තෙනඤ්ජලිං පණාමෙත්වා භගවන්තං එතදවොච: “අභික්කන්තා භන්තෙ රත්ති. නික්ඛන්තො පච්ඡිමො යාමො. උද්ධස්තො අරුණො. නන්දිමුඛී රත්ති. චිරනිසින්නා ආගන්තුකා භික්ඛූ, පටිසම්මොදතු භන්තෙ භගවා ආගන්තුකෙහි භික්ඛූහී”ති.
Sinhala BJT7. මෙසේ සැළ කළ කල්හි භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණීම්භූත වූ සේක. දෙවෙනි වරැ ද අනඳ තෙරණුවෝ රෑ බොහෝ වේලා ගත වූ කල්හි මැද යම නික්මුණු කල්හි හුනස්නෙන් නැඟී සිට සිවුර එකස් කොට පෙරෙවැ භාග්‍යවතුන් වහන්සේ දසාවට දොහොත් මුදුන් තබා වැඳ භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, රැය බොහෝ ඉක්මැ ගියේ ය. මැදුම් යම නික්මුණේ ය. ආගන්තුක භික්‍ෂූහු හුන් බොහෝ වේලා ඇත්තාහ. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ ආගන්තුක භික්‍ෂූන් හා පිළිසඳර කතා කතා කරන සේක්වා”යි සැළ කළහ. දෙවෙනි වර ද භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණීම්භූත වූ සේක. තෙවැනි වරැද අනඳ තෙරණුවෝ රෑ බොහෝ ඉක්මැ ගිය කල්හි පැසිම් යම්හි අරුණු නැගි කල්හි රැ පාන් වන කල්හි හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ දසාවට දොහොත් මුදුනැ තබා වැඳ “වහන්ස, රෑ බොහෝ ඉක්මිණ. පැසිම් යම ගෙවිණ. අරුණු නැගිණ. රෑ පහන් වෙයි. ආගන්තුක භික්‍ෂූහු හුන් බොහෝ කල් ඇත්තෝය. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ ආගන්තුක භික්‍ෂූන් හා පිළිසඳර කතා කතා කරන සේක්වා”යි සැළ කළහ.
Pali BJTඅථ ඛො භගවා තම්හා සමාධිම්හා වුට්ඨහිත්වා ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි: “සචෙ ඛො ත්වං ආනන්ද ජානෙය්යාසි, එත්තකම්පි තෙ නප්පටිභාසෙය්ය. අහඤ්ච ආනන්ද, ඉමානි ච පඤ්ච භික්ඛුසතානි සබ්බෙව ආනෙඤ්ජසමාධිනා නිසීදිම්හා”ති.
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ සමාධියෙන් නැගී සිට අනඳ තෙරුන් බණවා “ආනන්‍දයෙනි,ඉදින් තෙපි දන්නහු නම්, මෙ පමණකුදු තොපට නො වැටහෙන්නේ ය. (නො සිතෙන්නේ ය). ආනන්‍දයෙනි, මමත් මේ පන්සියක් භික්‍ෂූහුත් යන අපි හැමදෙනමෝ අනෙඤ්ජසමාධියෙන් හුන්නම්හ” යි වදාළ සේක.
Pali BJT8. අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:
Sinhala BJT8. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය දැන (සලකා) ඒ වේලෙහි මේ උදන් ඇනූ සේක:
Pali BJT“යස්ස ජිතො කාමකණ්ටකො අක්කොසො ච වධො ච බන්ධනඤ්ච, පබ්බතො විය සො ඨිතො අනෙජො සුඛදුක්ඛෙසු න වෙධතී ස භික්ඛූ”ති.
Sinhala BJT“යමක්හු විසින් ක්ලේශකාම නැමැති කටුව දිනන ලද්දේ (ප්‍රහත කරන ලද්දේ) වේ ද, ආක්‍රෝශ ද වධ ද බන්‍ධන ද දිනන ලද්දේ වේ ද, ඒ මහණ පර්‍වතයක් මෙන් අචල ව සිටියේ සුව දුක්හි කම්පිත නො වේ.”
Pali BJT3. 4.
Sinhala BJT3. 4.
Pali BJTසාරිපුත්තසුත්තං.
Sinhala BJTශාරීපුත්‍ර සූත්‍රය
Pali BJT1. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා සාරිපුත්තො භගවතො අවිදූරෙ නිසින්නො හොති පල්ලඞ්කං ආභුජිත්වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා. අද්දසා ඛො භගවා ආයස්මන්තං සාරිපුත්තං අවිදූරෙ නිසින්නං පල්ලඞ්කං ආභුජිත්වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා.
Sinhala BJT1. මා විසින් මෙසේ අසන ලදි. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවරැ දෙව්රම් නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එ සමයෙහි වනාහි සැරියුත් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට නොදුරෙහි පලක් බැඳ උඩුකය ඍජු කොට පිහිටුවා සමාධි අරමුණට සිහිය යොමු කොට එළවා තබා වැඩ හුන්නාහු වෙති. භාග්‍යවතුන් වහන්සේ පලක් බැඳ කය ඍජු කොට තබා අරමුණට අභිමුඛ කොට සිහිය එළවා නොදුරෙහි වැඩ හුන් සැරියුත් තෙරුන් දුටු සේක.
Pali BJT2. අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:
Sinhala BJT2. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ කරුණ දැන එ වේලෙහි මේ උදන් ඇනූ සේක.
Pali BJT“යථාපි පබ්බතො සෙලො අචලො සුප්පතිට්ඨිතො, එවං මොහක්ඛයා භික්ඛු පබ්බතො’ව න වෙධතී”ති.
Sinhala BJT“යම්සේ ගල්පව්වෙක් අචල වැ මොනොවට පිහිටියේ ද, එසේ ම මහණ තෙම මෝහය ක්‍ෂීණ වීමෙන් පව්වක් මෙන් නො සැලේ.”
Pali BJT3. 5.
Sinhala BJT3. 5.
Pali BJTකොලිතසුත්තං.
Sinhala BJTකෝලිත සූත්‍රය
Pali BJT1. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා මහාමොග්ගල්ලානො භගවතො අවිදූරෙ නිසින්නො හොති, පල්ලඞ්කං ආභුජිත්වා උජුං කායං පණිධාය කායගතාය සතියා අජ්ඣත්තං සූපට්ඨිතාය. අද්දසා ඛො භගවා ආයස්මන්තං මහාමොග්ගල්ලානං අවිදූරෙ නිසින්නං පල්ලඞ්කං ආභුජිත්වා උජුං කායං පණිධාය කායගතාය සතියා අජ්ඣත්තං සූපට්ඨිතාය.
Sinhala BJT1. මා විසින් මෙසේ අසන ලදි. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයේ දෙව්රම් නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එසමයෙහි මහමුගලන් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට නොදුරෙහි පලක් බැඳ, උඩුකය ඍජු කොට පිහිටුවා සිය සතන්හි මොනොවට එළඹැ සිටි කය අරමුණු කොට පැවැති සිහියෙන් යුතු වැ හුන්නාහු වෙති. භාග්‍යවතුන් වහන්සේ පලක් බැඳ කය ඍජු කොට පිහිටුවා සිය සතන්හි මොනොවට එළඹැ සිටි කය අරමුණු කොට පැවැති සිහියෙන් යුතු වැ නොදුරෙහි වැඩැ හුන් මහමුගලන් තෙරුන් දුටු සේක.
Pali BJT2. අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:
Sinhala BJT2. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ දැන ඒ වේලෙහි මේ උදන් ඇනූ සේක.
Pali BJT“සති කායගතා උපට්ඨිතා ඡසු ඵස්සායතනෙසු සංවුතො, සතතං භික්ඛු සමාහිතො ජඤ්ඤා නිබ්බාණමත්තනො”ති.
Sinhala BJT“යමක්හුගේ කය අරමුණු කොට ඇති සිහිය එළඹැ සිටියේ වේ ද, යමෙක් ස්පර්‍ශයට කාරණ වූ සදොරෙහි සංවෘත වූයේ ද, (සදොරෙහි ඉන්‍ද්‍රිය සංවරයෙන් සංවෘත ද) එසේ වූ නිරතුරු විපස්සනා සමාධියෙන් සමාහිත වූ මහණ තෙම තමාගේ (පසක් කිරීමෙන්) නිවන දන්නේ ය.”
Pali BJT3. 6.
Sinhala BJT3. 6.
Pali BJTපිලින්දිවච්ඡසුත්තං.
Sinhala BJTපිලින්‍දිවච්ඡ සූත්‍රය
Pali BJT1. එවං මෙ සුතං: එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දක නිවාපෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා පිලින්දිවච්ඡො{1} භික්ඛූ වසලවාදෙන සමුදාචරති. අථ ඛො සම්බහුලා භික්ඛූ යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛූ භගවන්තං එතදවොචුං: ‘ආයස්මා භන්තෙ පිලින්දිවච්ඡො භික්ඛූ වසලවාදෙන සමුදාචරතී”ති.
Sinhala BJT1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහි වූ කලන්‍දකනිවාප නම් වූ වේළුවනයෙහි වැඩ වසන සේක. එ සමයෙහි වනාහි පිලින්‍දිවච්ඡ තෙරණුවෝ (‘එව වසලය, ඉවත යා වසලය’ යන ආදී වශයෙන්) වසල වාදයෙන් මහණුනට කතා කෙරෙති. එකල්හි බොහෝ මහණහු භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක හුන්හ. එකත් පසෙක හුන්නාවූ ම ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, ආයුෂ්මත් පිලින්‍දිවච්ඡයෝ භික්‍ෂූන්හට වසලවාදයෙන් කතා කෙරෙති”යි මෙ පවත් සැළ කළහ.
Pali BJT2. අථ ඛො භගවා අඤ්ඤතරං භික්ඛුං ආමන්තෙසි: එහි ත්වං භික්ඛු, මම වචනෙන පිලින්දිවච්ඡං භික්ඛුං ආමන්තෙහි: සත්ථා තං ආවුසො පිලින්දිවච්ඡ ආමන්තෙතී’ති. ‘එවං භන්තෙ’ති ඛො සො භික්ඛු භගවතො පටිස්සුත්වා යෙනායස්මා පිලින්දිවච්ඡො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මන්තං පිලින්දිවච්ඡං එතදවොච: ‘සත්ථා තං ආවුසො ආමන්තෙතී’ති. ‘එවමාවුසො’ති ඛො ආයස්මා පිලින්දිවච්ඡො තස්ස භික්ඛුනො පටිස්සුත්වා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො ආයස්මන්තං පිලින්දිවච්ඡං භගවා එතදවොච: ‘සච්චං කිර ත්වං වච්ඡ, භික්ඛූ වසලවාදෙන සමුදාචරසී”ති. ‘එවං භන්තෙ’ති.
Sinhala BJT2. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ එක්තරා මහණක්හු බණවා “මහණ තෝ මෙහි එ. ‘ඇවැත්නි, පිලින්‍දිවච්ඡයනි, ශාස්තෲහු තොප කැඳවති’යි මා වචනයෙන් පිලින්‍දිවච්ඡදයා කැඳව”යි වදාළ සේක. ‘එසේ ය, වහන්සැ’යි කියා ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී පිලින්‍දිවච්ඡ තෙරුන් කරා එළැඹියේ ය. එළැඹ පිලින්‍දිවච්ඡ තෙරුන්ට ‘ඇවැත්නි, ශාස්තෲන් වහන්සේ මුඹ කැඳවති’යි කීහ. ‘එසේ ද ඇවැත්නි?’ යි කියා පිලින්‍දිවච්ඡ තෙරණුවෝ ඒ මහණහට පිළිවදන් දී භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක හිඳ ගත්හ. එකත්පසෙක හුන්නාවූ ම පිලින්‍දිවච්ඡ තෙරුනට භාග්‍යවතුන් වහන්සේ වච්ඡයෙනි, තොප වසලවාදයෙන් මහණුන් අමතති යනු සැබෑ දැ?” යි අසා වදාළ සේක. ‘එසේ ය වහන්සැ’යි තෙරණුවෝ වදාළහ.
Pali BJT3. අථ ඛො භගවා ආයස්මතො පිලින්දිවච්ඡස්ස පුබ්බෙනිවාසං මනසි කරිත්වා භික්ඛූ ආමන්තෙසි: “මා ඛො තුම්හෙ භික්ඛවෙ වච්ඡස්ස{2} භික්ඛුනො උජ්ඣායිත්ථ. න භික්ඛවෙ වච්ඡො දොසන්තරො, භික්ඛූ වසලවාදෙන සමුදාචරති. වච්ඡස්ස භික්ඛවෙ භික්ඛුනො පඤ්ච ජාතිසතානි අබ්බොකිණ්ණානි බ්රාහ්මණකුලෙ පච්චාජාතානි. සො තස්ස වසලවාදො දීඝරත්තං සමුදාචිණ්ණො.{3} තෙනායං වච්ඡො භික්ඛූ වසලවාදෙන සමුදාචරතී”ති.
Sinhala BJT3. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පිලින්‍දිවච්ඡ තෙරුන්ගේ පෙර වුසූ කඳපිළිවෙළ මෙනෙහි කොට, ‘මහණෙනි, තෙපි වච්ඡ මහණනුට උජඣායන (පහත් කොට සිතීම) නො කරව. මහණෙනි, වච්ඡයෝ ද්වේෂ සහගත සිත් ඇති වැ මහණනුට වසලවාදයෙන් කතා නො කරති. වච්ඡ මහණුන්දෑගේ අතීත පන්සියක් ම අත්බව්හු අතරක් නැතිව ම බමුණු කුලයෙහි උපන්නාහ. ඔවුන්ගේ ඒ ‘වසලයා’ යන වචනය බොහෝ කලක් කියා ගෙන එන ලද්දෙකි. එහෙයින් මේ වච්ඡයෝ මහණනුට (‘වසලයා’යි) වසලවාදයෙන් (පෙර පුරුද්ද අනුව) කතා කෙරෙති.
Pali BJT4. අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:
Sinhala BJT4. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ දැන එ වේලෙහි මේ උදන් ඇනූ සේක.
Pali BJT“යම්හි න මායා වසති{4} න මානො යො වීතලොභො අමමො නිරාසො, පනුන්නකොධො{5} අභිනිබ්බුතත්තො, සො බ්රාහ්මණො සො සමණො ස භික්ඛූ”ති.
Sinhala BJT“යමක්හු කෙරෙහි මායාවෙක් නො පවත්නේ ද, මානයෙක් නො පවත්නේ ද, යමෙක් පහ වූ ලෝභය ඇත්තේ ද, මමායන රහිත ද, ආශා රහිත ද, මුල් සුන් කළ ක්‍රෝධය ඇත්තේ ද, (කෙලෙස් පිරිනිවනින්) නිවුණු සිතැත්තේ ද, බ්‍රාහ්මණයාත් හේ ම ය, ශ්‍රමණයාත් හේ ම ය, භික්‍ෂූවනුයේත් හේ ම ය.”
Pali BJT3. 7.
Sinhala BJT3. 7.
Pali BJTකස්සපසුත්තං.
Sinhala BJTකාශ්‍යප සූත්‍රය
Pali BJT1. එවං මෙ සුත:– එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා මහාකස්සපො පිප්පලිගුහායං{6} විහරති. සත්තාහං එකපල්ලඞ්කෙන නිසින්නො හොති අඤ්ඤතරං සමාධිං සමාපජ්ජිත්වා.
Sinhala BJT1. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයේ කලන්‍දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩ වසන සේක. එ සමයෙහි වනාහි මහසුප් තෙරණුවෝ පිප්ඵලීගුහායෙහි වැඩ වෙසෙති. (එසේ වැඩ වසනුවෝ) එක්තරා සමාධියකට සමවැද එක් පලඟින් වැඩහුන්නාහු වෙති.
Pali BJT2. අථ ඛො ආයස්මා මහාකස්සපො තස්ස සත්තාහස්ස අච්චයෙන තම්හා සමාධිම්හා වුට්ඨාසි: අථ ඛො ආයස්මතො මහාකස්සපස්ස තම්හා සමාධිම්හා වුට්ඨිතස්ස එතදහොසි:– ‘යන්නූනාහං රාජගහං පිණ්ඩාය පවිසෙය්ය’න්ති. තෙන ඛො පන සමයෙන පඤ්චමත්තානි දෙවතාසතානි උස්සුක්කං ආපන්නානි හොන්ති, ආයස්මතො මහාකස්සපස්ස පිණ්ඩපාතපටිලාභාය. අථ ඛො ආයස්මා මහාකස්සපො තානි පඤ්චමත්තානි දෙවතාසතානි පටික්ඛිපිත්වා පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය රාජගහං පිණ්ඩාය පාවිසි.
Sinhala BJT2. ඉක්බිති මහසුප් තෙරණුවෝ ඒ සතිය ඇවෑමෙන් ඒ සමාධියෙන් නැඟී සිටියහ. ඉක්බිති ඒ සමාධියෙන් නැඟී සිටි මහසුප් තෙරුනට ‘මම් රජගහනුවරට පිඬු පිණිස පිවිසෙන්නෙම් නම් යෙහෙකැ’යි මේ සිත වී ය. ඒ සමයෙහි වනාහි පන්සියක් පමණ දේවතාවෝ මහසුප් තෙරුනට පිණ්ඩපාතය පිළිලබවනුවට (බොජුන් පිරිනමන්නට) උත්සුක බවට පැමිණියෝ වෙති. එ කල්හි මහසුප් තෙරණුවෝ ඒ පන්සියක් පමණ දේවතාවන් පිළිකෙවු කොට, පෙරවරු සමයෙහි හැඳ පෙරෙවැ පා සිවුරු ගෙන රජගහපුරයට පිඬු පිණිස පිවිසුණහ.
Pali BJT3. තෙන ඛො පන සමයෙන සක්කො දෙවානමින්දො ආයස්මතො මහාකස්සපස්ස පිණ්ඩපාතං දාතුකාමො හොති. පෙසකාරවණ්ණං අභිනිම්මිනිත්වා තන්තං විනාති. සුජා{1} අසුරකඤ්ඤා තසරං පූරෙති.
Sinhala BJT3. එ සමයෙහි සක්දෙවිඳු මහසුප් තෙරුනට පිඬුපා දෙනු කැමැත්තේ වෙයි. හෙ පෙහෙර වෙසක් මවාගෙන හූ කටියි. අසුර දූ සුජා තොමෝ නඩාව (පිළී වියන සරස් දංඩ) පුරා ලයි.
Pali BJT4. අථ ඛො ආයස්මා මහාකස්සපො රාජගහෙ සපදානං පිණ්ඩාය චරමානො යෙන සක්කස්ස දෙවානමින්දස්ස නිවෙසනං තෙනුපසඞ්කමි. අද්දසා ඛො සක්කො දෙවානමින්දො ආයස්මන්තං මහාකස්සපං දූරතොව ආගච්ඡන්තං. දිස්වාන ඝරා නික්ඛමිත්වා පච්චුග්ගන්ත්වා හත්ථතො පත්තං ගහෙත්වා ඝරං පවිසිත්වා ඝටියා ඔදනං උද්ධරිත්වා පත්තං පූරෙත්වා ආයස්මතො මහාකස්සපස්ස පාදාසි. සො අහොසි පිණ්ඩපාතො අනෙකසූපො අනෙකබ්යඤ්ජනො අනෙකසූපරසබ්යඤ්ජනො.
Sinhala BJT4.එ කල්හි මහසුප් තෙරණුවෝ රජගහනුවරැ ගෙපිළිවෙළින් පිඬු පිණිස හැසිරෙනුවෝ වෙස්වළා හුන් සක්දෙවිඳුහුගේ ගෙය කරා එළඹියහ. සක්දෙවිඳු වඩනා මහසුප් තෙරුන් දුර දී ම දිටී. දැක ගෙන් නික්ම පෙර ගමන් කොට අතින් පාත්‍රය ගෙන ගෙට වැද සැළියෙන් බත් ගෙන පාත්‍රය පුරා මහසුප් තෙරුනට දුන. එ පිණ්ඩපාත භෝජනය නොයෙක් සූප ඇත්තේ නොයෙක් ව්‍යාඤ්ජන ඇත්තේ නානාවිධ අග්‍රරස සහිත සූපව්‍යඤ්ජන ඇත්තේ විය.
Pali BJT5. අථ ඛො ආයස්මතො මහාකස්සපස්ස එතදහොසි: ‘කො නු ඛො අයං සත්තො, යස්සායං එවරූපො ඉද්ධානුභාවො’ති. අථ ඛො ආයස්මතො මහාකස්සපස්ස එතදහොසි: ‘සක්කො ඛො අයං දෙවානමින්දො’ති. ඉති විදිත්වා සක්කං දෙවානමින්දං එතදවොච: කතං ඛො තෙ ඉදං කොසිය. මාස්සු පුනපි එවරූපමකාසී”ති.
Sinhala BJT5. එ කල්හි මහසුප් තෙරුනට ‘යමක්හට මෙ බඳු ඍද්ධ්‍යනුභාවයෙක් වේ නම් ඒ මේ සත්ත්‍ව තෙම කවරෙක් නම් වේ දැ”යි මේ සිත විය. ඉක්බිති මහසුප් තෙරුනට ‘මේ වනාහි සක්දෙවිඳු යැ’යි මේ සිත විය. මෙසේ දැන, ‘කෝසිය ය, මෙය තා විසින් කරණ ලද්දෙක. යලිදු මෙ බන්දක් නො කරව’යි වදාළහ.
Pali BJT6. ‘අම්හාකම්පි භන්තෙ කස්සප, පුඤ්ඤෙන අත්ථො: අම්හාකම්පි පුඤ්ඤෙන කරණීය”න්ති. අථ ඛො සක්කො දෙවානමින්දො ආයස්මන්තං මහාකස්සපං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා වෙහාසං අබ්භුග්ගන්ත්වා ආකාසෙ අන්තළික්ඛෙ තික්ඛත්තුං උදානං උදානෙසි: “අහො දානං පරමදානං කස්සපෙ සුප්පතිට්ඨිතං, අහො දානං පරමදානං කස්සපෙ සුප්පතිට්ඨිත”න්ති.
Sinhala BJT6. “වහන්ස, අපටත් පිනෙන් වැඩ ඇත. අපටත් පිනෙන් කටයුතු ඇතැ”යි සක්දෙවිඳු කී. ඉක්බිති සක්දෙවිඳු මහසුප් තෙරුන් සකසා වැඳ පැදකුණු කොට අහස් නැඟ අහසෙහි දී, “ආශ්චර්‍ය්‍ය ය! කසුප් තෙරුන් කෙරෙහි සුපිහිටි දනෙකි! උතුම් දනෙකි! ආශ්චර්‍ය්‍ය ය! කසුප් තෙරුන් කෙරෙහි සුපිහිටි දනෙකි! උතුම් දනෙකි”යී තෙවරක් උදන් ඇනී ය.
Pali BJT7. අස්සොසි ඛො භගවා දිබ්බාය සොතධාතුයා විසුද්ධාය අතික්කන්තමානුසිකාය{2} සක්කස්ස දෙවානමින්දස්ස වෙහාසං අබ්භුග්ගන්ත්වා ආකාසෙ අන්තළික්ඛෙ තික්ඛත්තුං උදානං උදානෙන්තස්ස “අහො දානං පරමදානං කස්සපෙ සුප්පතිට්ඨිතං, අහො දානං පරමදානං කස්සපෙ සුප්පතිට්ඨිතං, අහො දානං පරමදානං කස්සපෙ සුප්පතිට්ඨිත”න්ති.
Sinhala BJT7. භාග්‍යවතුන් වහන්සේ මිනිසුන්ගේ ඇසුම් ඉම ඉක්මැ අසන්නට ඉවහල් වූ පිරිසිදු දිව කනින් “ආශ්චර්‍ය්‍ය ය! කසුප්තෙරුන් කෙරෙහි සුපිහිටි දනෙකි. උතුම් දනෙකි”යි අහස් නැඟ උදන් අනන සක්දෙවිඳුගේ වචනය ඇසූහ.
Pali BJT8. අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:
Sinhala BJT8. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ අරුත දැන එ වේලෙහි මේ උදන් ඇනූ සේක.
Pali BJT“පිණ්ඩපාතිකස්ස භික්ඛුනො අත්තභරස්ස අනඤ්ඤපොසිනො, දෙවා පිහයන්ති තාදිනො උපසන්තස්ස සදා සතිමතො”ති.
Sinhala BJT“පිණ්ඩපාතිකාඞ්ගය පුරණ තමා ම පුස්නා අමිෂයෙන් අනුන් නො පුස්නා අටලෝ දහමින් නො සැලෙන උපශාන්ත වූ හැම කල්හි සිහි ඇති මහණහට දෙවියෝ ආදර උපදවත්.”
Pali BJT3. 8.
Sinhala BJT3. 8.
Pali BJTපිණ්ඩපාතිකසුත්තං
Sinhala BJTපිණ්ඩපාතික සූත්‍රය
Pali BJT1. එවං මෙ සුත:– එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන සම්බහුලානං භික්ඛූනං පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තානං කරෙරිමණ්ඩලමාළෙ සන්නිසින්නානං සන්නිපතිතානං අයමන්තරා කථා උදපාදි:
Sinhala BJT1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවරැ දෙව්රම් නම් වූ අනේපිඬුහුගේ අරමෙහි වැඩ වසන සේක. එ සමයෙහි වනාහි පසුබත්සමයෙහි පිණ්ඩපාතයෙන් පෙරළා පැමිණි, කරෙරිමණ්ඩලමාලකයෙහි එක් වැ හුන්, එක් රැස් වූ, මහණුන් අතරැ මේ කථාව පහළ විය:
Pali BJT“පිණ්ඩපාතිකො ආවුසො භික්ඛු පිණ්ඩාය චරන්තො ලභති, කාලෙන කාලං මනාපිකෙ චක්ඛුනා රූපෙ පස්සිතුං. ලභති කාලෙන කාලං මනාපිකෙ සොතෙන සද්දෙ සොතුං. ලභති කාලෙන කාලං මනාපිකෙ ඝානෙන ගන්ධෙ ඝායිතුං. ලභති කාලෙන කාලං මනාපිකෙ ජිව්හාය රසෙ සායිතුං. ලභති කාලෙන කාලං මනාපිකෙ කායෙන ඵොට්ඨබ්බෙ ඵුසිතුං. පිණ්ඩපාතිකො ආවුසො භික්ඛු සක්කතො ගරුකතො මානිතො පූජිතො අපචිතො පිණ්ඩාය චරති. හන්දා ආවුසො මයම්පි පිණ්ඩපාතිකා හොම. මයම්පි ලච්ඡාම කාලෙන කාලං මනාපිකෙ චක්ඛුනා රූපෙ පස්සිතුං. මයම්පි ලච්ඡාම කාලෙන කාලං මනාපිකෙ සොතෙන සද්දෙ සොතුං. මයම්පි ලච්ඡාම කාලෙන කාලං මනාපිකෙ ඝානෙන ගන්ධෙ ඝායිතුං. මයම්පි ලච්ඡාම කාලෙන කාලං මනාපිකෙ ජිව්හාය රසෙ සායිතුං. මයම්පි ලච්ඡාම කාලෙන කාලං මනාපිකෙ කායෙන ඵොට්ඨබ්බෙ ඵුසිතුං. මයම්පි සක්කතා ගරුකතා මානිතා පූජිතා අපචිතා පිණ්ඩාය චරිස්සාමා”ති. අයඤ්චරහි තෙසං භික්ඛූනං අන්තරාකථා හොති විප්පකතා.
Sinhala BJT“ඇවැත්නි, පිණ්ඩපාතිකාඞ්ගය රක්නා මහණ තෙම පිඬු පිණිස හැසිරෙන්නේ කලින් කලැ ඇසින් මන වඩන රූප දක්නට ලබයි. කලින් කලැ කනින් මන වඩන හඬ අසන්නට ලබයි. කලින් කලැ මන වඩන ගඳ ආඝ්‍රාණ කරන්නට ලබයි. කලින් කලැ මන වඩන රස ආස්වාද කරන්නට ලබයි. කලින් කලැ මන වඩන ස්ප්‍රෂ්ටව්‍යයන් ස්පර්‍ශ කරන්නට ලබයි. ඇවැත්නි, පිණ්ඩපාතික මහණ තෙම සත්කාර ලදුයේ ගෞරව ලදුයේ බුහුමන් ලදුයේ පුදන ලදුයේ යටත් පැවතුම් ලදුයේ පිඬු පිණිස හැසිරෙයි. එබැවින් ඇවැත්නි, අපි දු පිණ්ඩපාතිකාඞ්ගය රක්නමෝ වම්: අපි දු කලින් කලැ ඇසින් මන වඩන රූප දකින්නට ලබන්නමු, අපි දු කලින් කලැ කනින් මන වඩන හඬ අසන්නට ලබන්නමු. අපි දු කලින් කලැ ඝ්‍රාණයෙන් මන වඩන ගඳ ආඝ්‍රාණ කරන්නට ලබන්නමු. අපි දු කලින් කලැ දිවින් මන වඩන රස ආස්වාද කරන්නට ලබන්නමු. අපි දු කලින් කලැ කයින් මන වඩන ස්ප්‍රෂ්ටව්‍ය ස්පර්‍ශ කරන්නට ලබන්නමු. අපි දු සත්කාර ලදූමෝ ගුරුකාර ලදූමෝ බුහුමන් ලදූමෝ පුදන ලදූමෝ යටත් පැවතුම් ලදුමෝ පිඬු පිණිස හැසිරෙන්නමු” යනු යි. ඒ භික්‍ෂූන් අතරැ මේ කථාව අඩාළ වී ය.
Pali BJT2. අථ ඛො භගවා සායන්හසමයං පතිසල්ලානා වුට්ඨිතො යෙන කරෙරිමණ්ඩලමාළො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. නිසජ්ජ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි: “කායනුත්ථ භික්ඛවෙ, එතරහි කථාය සන්නිසින්නා කා ච පන වො අන්තරා කථා විප්පකතා”ති.
Sinhala BJT2. එකල්හි භාග්‍යවතුන් වහන්සේ සවස් වේලෙහි චිත්තවිවේකයෙන් නැඟී සිටි සේක්, කරෙරිමණ්ඩලමාලය කරා එළැඹි සේක. එළැඹ පණවන ලද අස්නෙහි වැඩ හුන් සේක. භාග්‍යවතුන් වහන්සේ වැඩ හිඳ ම භික‍්ෂූන් අමතා “මහණෙනි, දැන් තෙපි කවර නම් කථාවෙකින් හුන්නහු ද? තොපගේ කවර නම් කථාවෙක් අඩාළ වී දැ?” යි අසා වදාළ සේක.
Pali BJT3. ඉධ භන්තෙ අම්හාකං පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තානං කරෙරිමණ්ඩලමාළෙ සන්නිසින්නානං සන්නිපතිතානං අයමන්තරා කථා උදපාදි: ‘පිණ්ඩපාතිකො ආවුසො භික්ඛු පිණ්ඩාය චරන්තො ලභති කාලෙන කාලං මනාපිකෙ චක්ඛුනා රූපෙ පස්සිතුං ලභති කාලෙන කාලං මනාපිකෙ සොතෙන සද්දෙ සොතුං. ලභති කාලෙන කාලං මනාපිකෙ ඝානෙන ගන්ධෙ ඝායිතුං, ලභති කාලෙන කාලං මනාපිකෙ ජිව්හාය රසෙ සායිතුං ලභති කාලෙන කාලං මනාපිකෙ කායෙන ඵොට්ඨබ්බෙ ඵුසිතුං. පිණ්ඩපාතිකො ආවුසො භික්ඛු සක්කතො ගරුකතො මානිතො පූජිතො අපචිතො පිණ්ඩාය චරති. හන්ද ආවුසො මයම්පි පිණ්ඩපාතිකා හොම මයම්පි ලච්ඡාම කාලෙන කාලං මනාපිකෙ චක්ඛුනා රූපෙ පස්සිතුං. -පෙ- මයම්පි ලච්ඡාම කාලෙන කාලං මනාපිකෙ කායෙන ඵොට්ඨබ්බෙ ඵුසිතුං. මයම්පි සක්කතා ගරුකතා මානිතා පූජිතා අපචිතා පිණ්ඩාය චරිස්සාමා”ති. අයං ඛො නො භන්තෙ අන්තරා කථා හොති විප්පකතා. අථ ඛො භගවා{1} අනුප්පත්තො”ති.
Sinhala BJT3. “වහන්ස, පසුබත් සෙමෙහි පිණ්ඩපාතයෙන් පෙරළා ආ කරෙරිමණ්ඩලමාලකයෙහි එක් වැ හුන් එක් රැස් වූ අප අතරැ මේ කථාව පහළ විය. ඇවැත්නි, පිණ්ඩපාතිකාඞ්ගය රකිනා මහණ තෙම පිඬුපිණිස හැසිරෙන්නේ කලින් කලැ ඇසින් මන වඩන රූප දක්නට ලබයි ... අපිදු සත්කාර ලදුමෝ ගුරුකාර ලදුමෝ බුහුමන් ලදුමෝ පුදන ලදුමෝ යටත් පැවතුම් ලදුමෝ පිඬු පිණිස හැසිරෙන්නෙමු” යනු යි. වහන්ස, අප අතරැ මේ කථාව අඩාළ වූයේ වෙයි. එකල්හි භාග්‍යවතුන් වහන්සේ වැඩි සේකැ”යි ඒ මහණහු කීහ.
Pali BJT4. නඛ්වෙතං භික්ඛවෙ තුම්හාකං පතිරූපං කුලපුත්තානං සද්ධා අගාරස්මා අනගාරියං පබ්බජිතානං. යං තුම්හෙ එවරූපිං කථං කථෙය්යාථා. “සන්නිපතිතානං ඛො භික්ඛවෙ ද්වයං කරණීයං, ධම්මී වා කථා අරියො ව. තුණ්හීභාවො”ති.
Sinhala BJT4. “මහණෙනි, තෙපි මෙබඳු කථාවක් කියන්නහුය යන යමෙක් ඇද්ද, මෙය සැදැහෙන් ගිහිගෙන් නික්ම සසුන් වන් කුලදරු වූ තොපට නොනිසිය. මහණෙනි, එක්රැස් වූ තොප විසින් දැහැමි කතාව හෝ ආර්‍ය්‍ය තුෂ්ණීම්භාවය යන මේ කටයුතු දෑ දෙකෙකැ”යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
Pali BJT5. අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි: –
Sinhala BJT5. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ දැන, එවේලෙහි මේ උදන් ඇනූ සේක:
Pali BJT“පිණ්ඩපාතිකස්ස භික්ඛුනො අත්තභරස්ස අනඤ්ඤපොසිනො, දෙවා පිහයන්ති තාදිනො නො චෙ සද්දසිලොකනිස්සිතො”ති.
Sinhala BJT“යම් මහණෙක් තමා පිළිබඳ යසගීහඬ ඇසුරු නො කෙළේ නම් (නො පතා නම්) පිණ්ඩපාතිකාඞ්ගය රක්නා තමා ම පුස්නා අනෙකකු නො පුස්නා අටලෝදහමින් නො සැලෙන ඒ මහණහට දෙවියෝ (ද) ආදර කෙරෙත්.”
Pali BJT3. 9.
Sinhala BJT3. 9.
Pali BJTසිප්පසුත්තං
Sinhala BJTශිල්ප සූත්‍රය
Pali BJT1. එවං මෙ සුත:– එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන සම්බහුලානං භික්ඛූනං පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තානං මණ්ඩලමාලෙ සන්නිසින්නානං සන්නිපතිතානං අයමන්තරාකථා උදපාදි: “කො නු ඛො ආවුසො සිප්පං ජානාති, කො කිං සිප්පං සික්ඛි, කතරං සිප්පං සිප්පානං අග්ග”න්ති.
Sinhala BJT1. මා විසින් මෙසේ අසන ලදි: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ දෙව්රම් නම් වූ අනේපිඬුසිටුහු අරමෙහි වැඩ වසන සේක. එ සමයෙහි වනාහි පසුබත් සෙමෙහි පිණ්ඩපාතයෙන් පෙරළා ආ මණ්ඩලමාළයෙහි එක්වැ හුන් එක්රැස් වූ මහණුන් අතුරෙහි “ඇවැත්නි, කවරෙක් නම් ශිල්ප දනී ද? කවරෙක් කවර ශිල්පයක් උගත්තේ ද? කවර ශිල්පයෙක් ශිල්ප අතුරෙහි අග්‍ර දැ?”යි මේ කථාව උපන.
Pali BJT2. තත්ථෙකච්චෙ එවමාහංසු. “හත්ථිසිප්පං සිප්පානං අග්ග”න්ති. එකච්චෙ එවමාහංසු: “අස්සසිප්පං සිප්පානං අග්ග”න්ති. එකච්චෙ එවමාහංසු: “රථසිප්පං සිප්පානං අග්ග”න්ති. එකච්චෙ එවමාහංසු: “ධනුසිප්පං සිප්පානං අග්ග”න්ති. එකච්චෙ එවමාහංසු: “ථරුසිප්පං සිප්පානං අග්ග”න්ති. එකච්චෙ එවමාහංසු: “මුද්දාසිප්පං සිප්පානං අග්ග”න්ති. එකච්චෙ එවමාහංසු: “ගණනසිප්පං සිප්පානං අග්ග”න්ති. එකච්චෙ එවමාහංසු: “සඞ්ඛානසිප්පං සිප්පානං අග්ග”න්ති. එකච්චෙ එවමාහංසු: “ලෙඛාසිප්පං සිප්පානං අග්ග”න්ති. එකච්චෙ එවමාහංසු: “කාවෙය්යසිප්පං සිප්පානං අග්ග”න්ති. එකච්චෙ එවමාහංසු: “ලොකායතසිප්පං සිප්පානං අග්ග”න්ති. එකච්චෙ එවමාහංසු: “ඛත්තවිජ්ජාසිප්පං{1} සිප්පානං අග්ග”න්ති. අයඤ්චරහි තෙසං භික්ඛූනං අන්තරාකථා හොති විප්පකතා.
Sinhala BJT2. එහි ඇතැම් කෙනෙක් ‘හස්තිශිල්පය ශිල්ප අතුරෙහි අග්‍ර යැ’යි කීහ. සමහරු අශ්වශිල්පය ශිල්ප අතුරෙහි අග්‍ර යැ’යි කීහ. රථශිල්පය ශිල්ප අතුරෙහි අග්‍රයැ’යි කෙනෙක් කීහ. ‘ධනුශිල්පය ශිල්ප අතුරෙහි අග්‍ර යැ’යි ඇතැම්හු කීහ. ආයුධශිල්පය සිප් අතුරෙහි අග්‍ර යැ’යි සමහරු කීහ. ‘මුද්‍රාශිල්පය ශිල්ප අතුරෙන් අග්‍ර යැ’යි සමහරු කීහ. ‘ගණනාශිල්පය ශිල්ප අතුරෙහි අග්‍ර යැ’යි සමහරු කීහ. සඞ්ඛ්‍යානශිල්පය ශිල්ප අතුරෙන් අග්‍ර යැ’යි සමහරු කීහ. ‘ලෙඛනශිල්පය ශිල්ප අතුරෙහි අග්‍ර යැ’යි සමහරු කීහ. ‘කාව්‍යශිල්පය ශිල්ප අතුරෙන් අග්‍ර යැ’යි කෙනෙක් කීහ. ලෝකායත (විතණ්ඩ) ශිල්පය ශිල්ප අතුරෙන් අග්‍රය’යි කෙනෙක් කීහ. ‘ක්‍ෂත්‍රවිද්‍යා ශිල්පය (නීතිශාස්ත්‍රය) ශිල්ප අතුරෙන් අග්‍ර යැ’යි කෙනෙක් කීහ. ඒ භික්‍ෂූන් අතරැ මේ කථාව අඩාළ වූයේ වෙයි.
Pali BJT3. අථ ඛො භගවා සායන්හසමයං පතිසල්ලානා වුට්ඨිතො යෙන මණ්ඩලමාලො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. නිසජ්ජ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි: “කායනුත්ථ භික්ඛවෙ එතරහි කථාය සන්නිසින්නා, කා ච පන වො අන්තරා කථා විප්පකතා”ති.
Sinhala BJT3. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ සවස් වේලෙහි සමවත් සුවෙන් නැගී සිටි සේක් මණ්ඩලමාළය කරා එළැඹි සේක. එළැඹ පණවන ලද අස්නෙහි වැඩ හුන් සේක. වැඩහිඳ ම භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි, දැන් කවර නම් කථාවෙකින් එක් වැ හුන්නහු ද? තොපගේ කවර නම් කථාවෙක් අඩාළ වි දැ?”යි භික්‍ෂූන් අමතා වදාළ සේක.
Pali BJT4. ඉධ භන්තෙ අම්හාකං පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තානං මණ්ඩලමාලෙ සන්නිසින්නානං සන්නිපතිතානං අයමන්තරා කථා උදපාදි: “කො නු ඛො ආවුසො සිප්පං ජානාති, කො කිං සිප්පං සික්ඛි, කතරං සිප්පං සිප්පානං අග්ග”න්ති. තත්ථෙකච්චෙ එවමාහංසු: “හත්ථිසිප්පං සිප්පානං අග්ග”න්ති. එකච්චෙ එවමාහංසු: ‘අස්සසිප්පං සිප්පානං අග්ග”න්ති. එකච්චෙ එවමාහංසු: “රථසිප්පං සිප්පානං අග්ග”න්ති. එකච්චෙ එවමාහංසු: “ධනුසිප්පං සිප්පානං අග්ග”න්ති. එකච්චෙ එවමාහංසු: “ථරුසිප්පං සිප්පානං අග්ග”න්ති. එකච්චෙ එවමාහංසු: “මුද්දාසිප්පං සිප්පානං අග්ග”න්ති. එකච්චෙ එවමාහංසු: “ගණනසිප්පං සිප්පානං අග්ග”න්ති. එකච්චෙ එවමාහංසු: “සඞ්ඛානසිප්පං සිප්පානං අග්ග”න්ති. එකච්චෙ එවමාහංසු: “ලෙඛාසිප්පං සිප්පානං අග්ග”න්ති. එකච්චෙ එවමාහංසු: “කාවෙය්යසිප්පං සිප්පානං අග්ග”න්ති. එකච්චෙ එවමාහංසු: “ලොකායතසිප්පං සිප්පානං අග්ග”න්ති. එකච්චෙ එවමාහංසු: ඛත්තවිජ්ජා සිප්පං{2} සිප්පානං අග්ග”න්ති. අයං ඛො නො භන්තෙ අන්තරා කථා හොති විප්පකතා. අථ ඛො භගවා{3} අනුප්පත්තොති.
Sinhala BJT4. “වහන්ස, මෙහි පසුබත් සමයෙහි පිණ්ඩපාතයෙන් පෙරළා ආ මණ්ඩලමාළයෙහි එක් වැ හුන් එක්රැස් වූ අප අතරැ “ඇවැත්නි, කවරෙක් නම් ශිල්ප දනී ද? කවරෙක් කවර ශිල්පයක් උගත්තේ ද? කවර ශිල්පයෙක් ශිල්ප අතුරෙහි අග්‍ර වේ ද?”යි මෙසේ කථාවෙක් පහළ විය. එහි ඇතැම් කෙනෙක් ‘හස්තිශිල්පය ශිල්ප අතුරෙහි අග්‍ර යැ’යි කෙනෙක් කීහ ... ක්‍ෂත්‍රවිද්‍යා ශිල්පය (නීතිශාස්ත්‍රය) ශිල්ප අතුරෙන් අග්‍ර යැ’යි කෙනෙක් කීහ. වහන්ස, අප අතරැ මේ කථාව අඩාළ වූයේ වේ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ වැඩි සේකැ”යි ඒ භික්‍ෂූහු සැළ කළහ.
Pali BJT5. “නඛ්වෙතං භික්ඛවෙ තුම්හාකං පතිරූපං කුලපුත්තානං සද්ධා අගාරස්මා අනගාරියං පබ්බජිතානං, යං තුම්හෙ එවරූපිං කථං කථෙය්යාථ. සන්නිපතිතානං වො භික්ඛවෙ ද්වයං කරණීයං, “ධම්මී වා කථා අරියො වා තුණ්හීභාවො”ති.
Sinhala BJT5. “මහණෙනි, තෙපි මෙබඳු කථාවක් කරන්නහුය යන යමෙක් ඇද්ද, සැදැහැයෙන් ගිහිගෙන් නික්මැ සසුන් වන් කුලදරු වූ තොපට මෙය නොසුදුසු ය. මහණෙනි, එක් රැස් වූ තොප විසින් දැහැමි කථාව හෝ ආර්‍ය තුෂ්ණිම්භාවය යන කටයුතු දැ දෙකෙකැ”යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
Pali BJT6. අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:
Sinhala BJT6. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැන එ වේලෙහි මේ උදන් ඇනූ සේක.
Pali BJTඅසිප්පජීවී ලහු අත්ථකාමො යතින්ද්රියො සබ්බධි විප්පමුත්තො, අනොකසාරී අමමො නිරාසො හිත්වා මානං එකචරො ස භික්ඛූ”ති.
Sinhala BJT“ශිල්පයෙකින් දිවි නොරක්නා සැහැල්ලු පැවැතුම් ඇති, දෙවියන් සහිත ලෝවැස්සාට වැඩ කැමැති සංයත වූ ඉඳුරන් ඇති හැමතන්හි මිදුණු ෂඩායතනයන්හි නොහැසිරෙන මමායන රහිත වූ ආශාරහිත වූ මානය දුරු කොට (ගණ්සඞ්ගණිකාව හැර) එකලා වැ හැසිරෙන යම් ඒ මහණෙක් වේද, හේ (බුන් කෙලෙස් ඇත්තේ පරමාර්‍ත්‍ථ වශයෙන්) භික්‍ෂු නමි.”
Pali BJT3. 10.
Sinhala BJT3. 10.
Pali BJTලොකවොලොකනසුත්තං.
Sinhala BJTලෝකව්‍යවලෝකන සූත්‍රය
Pali BJT1. එවං මෙ සුත: එකං සමයං භගවා උරුවෙලායං විහරති නජ්ජා නෙරඤ්ජරාය තීරෙ බොධිරුක්ඛමූලෙ පඨමාභිසම්බුද්ධො. තෙන ඛො පන සමයෙන භගවා සත්තාහං එකපල්ලඞ්කෙන නිසින්නො හොති විමුත්තිසුඛපටිසංවෙදී.
Sinhala BJT1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ උරුවෙල්දනව්වෙහි නිල්දලාගංතෙරැ බෝරුක්මුලැ බුදු වැ පළමු කොට ම වාසය කරන සේක. එ සමයෙහි වනාහි භාග්‍යවතුන් වහන්සේ රහත්පල සමවත් සුව විඳුනාසේක් සත් දවසක් එක්පලගෙකින් හුන්සේක් වෙති.
Pali BJT2. අථ ඛො භගවා තස්ස සත්තාහස්ස අච්චයෙන තම්හා සමාධිම්හා වුට්ඨහිත්වා බුද්ධචක්ඛුනා ලොකං වොලොකෙසි. අද්දසා ඛො භගවා බුද්ධචක්ඛුනා ලොකං වොලොකෙන්තො සත්තෙ අනෙකෙහි සන්තාපෙහි සන්තප්පමානෙ, අනෙකෙහි ච පරිළාහෙහි පරිඩය්හමානෙ රාගජෙහිපි දොසජෙහිපි මොහජෙහිපිති.
Sinhala BJT2. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ ඒ සතිය ඇවෑමෙන් ඒ සමාධියෙන් නැඟි සිට බුදුඇසින් ලොව බැලූ සේක. භාග්‍යවතුන් වහන්සේ බුදුඇසින් ලොව බලන සේක් රාගයෙන් උපන් ද, ද්වේෂයෙන් උපන් ද, මෝහයෙන් උපන් දැ යි නොයෙක් සතැව්ලියෙන් තැවෙන නොයෙක් දැවිල්ලෙන් දැවෙන සත්ත්‍වයන් දුටුසේක් ම ය.
Pali BJT3. අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:
Sinhala BJT3. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය දැන ඒ වේලෙහි මේ උදන් ඇනු සේක.
Pali BJT“අයං ලොකො සන්තාපජාතො ඵස්සපරෙතො රොගං වදති අත්තතො, යෙන යෙන හි මඤ්ඤති තතො තං හොති අඤ්ඤථා.
Sinhala BJT“මේ ලොව හටගත් සතැව්ලි ඇත්තේ වෙයි. (එහෙයින් ම) දුක් පහසින් මඩනා ලද්දේ ය. පහසින් උපදනා වේදනා නැමැති රෝගය (මම සුවපත් වෙමි, මම සුවපත් වෙමි ආදීන්) තමා වශයෙන් කියයි. යම් යම් අයුරෙකින් සිතන්නේ ද, එයින් අන් සැටියෙකින් ම එය වේ.
Pali BJTඅඤ්ඤථාභාවී භවසත්තො ලොකො භවපරෙතො භවමෙවාභිනන්දති. යදභිනන්දති තං භයං යස්ස භායති තං දුක්ඛං. භවවිප්පහානාය ඛො පනිදං බ්රහ්මචරියං වුස්සති.
Sinhala BJTතමන්ගේ හිතසුවෙහි ම ඇලුණු සත් ලොව තමා සිතන සැටියෙන් අන් පරිද්දෙකින් ම වන සුලු ය. (එසේ ඇති කල්හි දු) ලෝවැසි තෙම (මඤ්ඤනා වශයෙන් කල්පනා කොට ගන්නා ලද (අභිවෘද්ධියෙහි ආශායෙන් මඩනා ලද්දේ අවිද්‍යාමාන වූ වෘද්ධියක් ම කැමැති වෙයි. යම් කාමාදිභවයක් (හෝ යසඉසුරු ආදි වෘද්ධියක්) කැමති වේ ද (සිතින් පිළිගනී ද) එය (අනිත්‍යාදි විපරිණාම ස්වභාව හේතුයෙන්) බියෙකි. (බිය උපදවන්නෙකි). යම් අනිත්‍යතාදියෙකින් බිය ගනී ද, එය දුකෙකි. කාමභවාදි භවයාගේ දුරැලීම පිණිස ම මේ මගබඹසර පුරනු ලැබේ.
Pali BJTයෙ හි කෙචි සමණා වා බ්රාහ්මණා වා භවෙන භවස්ස විප්පමොක්ඛමාහංසු සබ්බෙ තෙ අවිප්පමුත්තා භවස්මාති වදාමි.
Sinhala BJTයම් මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ භවයෙකින් භවයෙක (හෝ සියලු භවයෙන් ම හෝ) මිදීමක් කීහු ද, ඒ සියලු අන්තොටුවෝ භවයෙන් නොමිදුණාහ යි කියමි.
Pali BJTයෙ වා පන කෙචි සමණා වා බ්රාහ්මණා වා විභවෙන භවස්ස නිස්සරණමාහංසු සබ්බෙ තෙ අනිස්සටා භවස්මාති වදාමි.
Sinhala BJTයම් මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ උච්ඡේදදෘෂ්ටියෙන් භවයෙන් නික්මීම කීහු ද, ඒ සියල්ලෝ භවයෙන් නොමිදුණෝ යැ යි කියමි.