Udāna

Inspired Utterances

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

Showing entries 101-200 of 821

SegmentPali BJTSinhala BJT
Pali BJTසුඛො විවෙකො තුට්ඨස්ස සුතධම්මස්ස පස්සතො. අබ්යාපජ්ජං{1} සුඛං ලොකෙ පාණභූතෙසු සංයමො.
Sinhala BJT(චතුර්මාර්‍ගඥානසන්තෝෂයෙන්) සතුටු වූ, පහළ කරන ලද (නිවන්) දහම් ඇති, (නුවණැසින්) දක්නා වූ රහතුන් වහන්සේට (නිර්‍වාණ සඞ්ඛ්‍යාත උපධි) විවේකය සැප යි. නො කිපෙන බව සැප යි. ලොවැ සතුන් කෙරෙහි අවිහිංසාව සැපයි.
Pali BJTසුඛා විරාගතා ලොකෙ කාමානං සමතික්කමො. අස්මිමානස්ස යො විනයො එතං වෙ පරමං සුඛන්ති.{2}
Sinhala BJTලෝකයෙහි කාමයන්ගේ (යම්) ඉක්මීමක් වේ නම් ඒ විරාගතාව සැප යි. අස්මිමානයාගේ යම් දුරු කිරීමෙක් වේ නම් මේ (රහත්බව) උතුම් සැපය යි.
Pali BJT2. 2.
Sinhala BJT2. 2.
Pali BJTරාජසුත්තං
Sinhala BJTරාජ සූත්‍රය
Pali BJTඑවං මෙ සුත: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ.
Sinhala BJTමා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක.
Pali BJTතෙන ඛො පන සමයෙන සම්බහුලානං භික්ඛූනං පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තානං උපට්ඨානසාලායං සන්නිසින්නානං සන්නිපතිතානං අයමන්තරාකථා උදපාදි:
Sinhala BJTඑ සමයෙහි පසුබත්හි පිණ්ඩපාතයෙන් වැළැකුණු, දම්සබා මඬුවෙහි හුන්නාවූ, (ඒ ඒ තැනින්) රැස් වූ බොහෝ භික්‍ෂූන් අතර මේ අතුරු කථාව උපන:
Pali BJT“කො නු ඛො ආවුසො ඉමෙසං ද්වින්නං රාජූනං මහද්ධනතරො වා මහාභොගතරො වා මහාකොසතරො වා මහාවිජිතතරො වා මහාවාහනතරො වා මහබ්බලතරො වා මහිද්ධිකතරො වා මහානුභාවතරො වා රාජා වා මාගධො සෙනියො බිම්බිසාරො, රාජා වා පසෙනදි කොසලො”ති. අයඤ්චරහි තෙසං භික්ඛූනං අන්තරා කථා හොති විප්පකතා.
Sinhala BJT“ඇවැත්නි, මගධාපති සේනිය බිම්බිසාර රජ හෝ කෝශලාධිපති පසේනදි රජ හෝ (යන) මේ දෙ රජුන් අතුරෙන් කවරෙක් අතිශයින් මහද්ධන ඇත්තේ හෝ අතිශයින් මහද්භෝග ඇත්තේ හෝ අතිශයින් මහත් භාණ්ඩාගාර ඇත්තේ හෝ අතිශයින් මහත් විජිත ඇත්තේ හෝ අතිශයින් මහත් වාහන ඇත්තේ හෝ අතිශයින් මහත් බල ඇත්තේ හෝ අතිශයින් මහත් ඍද්ධි ඇත්තේ හෝ අතිශයින් මහත් ආනුභාව ඇත්තේ හෝ වේ ද?” යනු යි. ඒ භික්‍ෂූන්ගේ මේ අතුරු කථාව වූ කලි කොට අඩාළ වූයේ වෙයි.
Pali BJTඅථ ඛො භගවා සායන්හසමයං පටිසල්ලානා වුට්ඨිතො යෙනුපට්ඨානසාලා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. නිසජ්ජ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි: “කායනුත්ථ භික්ඛවෙ එතරහි කථාය සන්නිසින්නා සන්නිපතිතා, කා ච පන වො අන්තරාකථා විප්පකතා?”ති.
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සවස් වේලෙහි පලසමවතින් නැගී සිටි සේක්, දම්සබාමඩුව වෙත වැඩි සේක. වැඩැ පණවන ලද අස්නෙහි වැඩහුන් සේක. භාග්‍යවතුන් වහන්සේ (එහි) වැඩැ හිඳැ, “මහණෙනි, (තෙපි) දැන් මෙහි රැස් වූවාහු කවර නම් කථාවෙකින් යුක්ත ව හුන්නහු ද? තොපගේ අඩාළ වූ අතුරු කථාව කවර දැ”යි භික්‍ෂූන් ඇමුතූ සේක.
Pali BJTඉධ භන්තෙ අම්හාකං පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තානං උපට්ඨානසාලායං සන්නිසින්නානං සන්නිපතිතානං අයමන්තරා කථා උදපාදි: “කො නු ඛො ආවුසො ඉමෙසං ද්වින්නං රාජූනං මහද්ධනතරො වා මහාභොගතරො වා මහාකොසතරො වා මහාවිජිතතරො වා මහාවාහනතරො වා, මහබ්බලතරො වා මහිද්ධිකතරො වා මහානුභාවතරො වා, රාජා වා මාගධො සෙනියො බිම්බිසාරො, රාජා වා පසෙනදි කොසලො”ති. අයං ඛො නො භන්තෙ අන්තරාකථා විප්පකතා, අථ ඛො භගවා අනුප්පත්තො?”ති.
Sinhala BJTස්වාමීනි, මෙහි පස්වරුයෙහි පිණ්ඩපාතයෙන් වැළැකුණු, දම්සබා මඬුවෙහි ( ඒ ඒ තැනින්) රැස් වූ අප අතරැ, “ඇවැත්නි, මගධාපති සේනිය බිම්බිසාර රජ හෝ කෝශලාධිපති පසේනදි රජ හෝ (යන) මේ දෙ රජුන් අතුරෙන් කවරෙක් අතිශයින් මහද්ධන ඇත්තේ හෝ අතිශයින් මහද්භෝග ඇත්තේ හෝ, අතිශයින් මහත් භාණ්ඩාගාර ඇත්තේ හෝ, අතිශයින් මහත් විජිත ඇත්තේ හෝ, අතිශයින් මහත් වාහන ඇත්තේ හෝ, අතිශයින් මහත් බල ඇත්තේ හෝ අතිශයින් මහත් ඍද්ධි ඇත්තේ හෝ අතිශයින් මහත් අනුභාව ඇත්තේ හෝ වේ ද?” යි මේ අතුරු කථාව උපන. ස්වාමීනි, අපගේ මේ අතුරු කථාව අඩාළ විය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ වැඩැ වදාළ සේකැ”යි කීහු.
Pali BJT“න ඛ්වෙතං භික්ඛවෙ තුම්හාකං පතිරූපං කුලපුත්තානං සද්ධා අගාරස්මා අනගාරියං පබ්බජිතානං, යං තුම්හෙ එවරූපිං කථං කථෙය්යාථ. සන්නිපතිතානං වො භික්ඛවෙ ද්වයං කරණීයං ධම්මී වා කථා අරියො වා තුණ්හීභාවො”ති.
Sinhala BJTඑවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක: “මහණෙනි, තෙපි මෙබඳු කථා කරන්නහුය යන යමෙක් ඇද්ද, එය ශ්‍රද්ධාවෙන් ගිහිගෙයින් නික්මැ ශාසනයට පැමිණි කුලපුත්‍ර වූ තොපට සුදුසු නො වෙයි. මහණෙනි, (යම් තැනකට) රැස්වූ තොප විසින් දෙකක් කටයුතු ය: දැහැමි කථාව හෝ ආර්‍ය්‍ය වූ තූෂ්ණීම්භාවය හෝ”යි.
Pali BJTඅථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැන ඒ වෙලායෙහි මේ උදානය පහළ කළ සේක:
Pali BJTයඤ්ච කාමසුඛං ලොකෙ යඤ්චිදං දිවියං සුඛං, තණ්හක්ඛයසුඛස්සෙතෙ කලං නාග්ඝන්ති සොළසි”න්ති.
Sinhala BJT“ලෝකයෙහි යම් කාම සැපයෙක් වේ ද, යම් මේ දෙව්ලොව උපදනා (දෙවියන්ගේ ද මනුෂ්‍යයන්ගේ ද රූපසමාපත්ති) සැපයෙක් වේ ද, මේ (සියලු) සැප තෘෂ්ණාක්‍ෂය සඞ්ඛ්‍යාත නිවන් සැපයාගේ සොළොස් කලාවෙන් කලාවක් ද නො අගනේ ය”යනු යි.
Pali BJT2. 3.
Sinhala BJT2. 3.
Pali BJTදණ්ඩසුත්තං
Sinhala BJTදණ්ඩ සූත්‍රය
Pali BJTඑවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ.
Sinhala BJTමා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් වූ, අනේපිඬු සිටුහු ගේ ආරාමයෙහි වැඩ වසන සේක.
Pali BJTතෙන ඛො පන සමයෙන සම්බහුලා කුමාරකා අන්තරා ච සාවත්ථිං අන්තරා ච ජෙතවනං අහිං දණ්ඩෙන හනන්ති. අථ ඛො භගවා පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය සාවත්ථිං පිණ්ඩාය පාවිසි. අද්දසා ඛො භගවා සම්බහුලෙ කුමාරකෙ අන්තරා ච සාවත්ථිං අන්තරා ච ජෙතවනං අහිං දණ්ඩෙන හනන්තෙ.
Sinhala BJTඑසමයෙහි බොහෝ කුඩා දරුවෝ සැවැත්නුවරටත් ජේතවනයටත් අතරෙහි දී නයකු දණ්ඩෙකින් පෙළත්. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරු වේලෙහි හැඳැ පෙරෙවැ පා සිවුරු ගෙනැ සැවැත්නුවරට පිඬු පිණිස පිවිසි සේක. භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවරටත් ජේතවනයටත් අතරෙහි නාගයකු දණ්ඩෙකින් පෙළන ඒ බොහෝ කුඩා දරුවන් දුටු සේක.
Pali BJTඅථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැනැ ඒ වෙලාවෙහි මේ උදානය පහළ සේක:
Pali BJT“සුඛකාමානි භූතානි යො දණ්ඩෙන විහිංසති, අත්තනො සුඛමෙසානො පෙච්ච සො න ලභතෙ සුඛං.
Sinhala BJT“යමෙක් තමාහට සුව සොයන්නේ, සුව කැමැති සතුන් දඬුවමින් පෙළා ද, හේ පරලොවැ සුවක් නො ලබයි.
Pali BJTසුඛකාමානි භූතානි යො දණ්ඩෙන න හිංසති, අත්තනො සුඛමෙසානො පෙච්ච සො ලභතෙ සුඛ”න්ති.
Sinhala BJTයමෙක් තමාගේ සුව සොයන්නේ සුව කැමැති සතුන් දඬුවමින් නො පෙළා ද, හෙ තෙමේ පරලොවැ සුව ලබයි”.
Pali BJT2. 4.
Sinhala BJT2. 4.
Pali BJTසක්කාරසුත්තං
Sinhala BJTසත්කාර සූත්‍රය
Pali BJTඑවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ.
Sinhala BJTමා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් වූ, අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක.
Pali BJTතෙන ඛො පන සමයෙන භගවා සක්කතො හොති ගරුකතො මානිතො පූජිතො අපචිතො, ලාභී චීවරපිණ්ඩපාතසෙනාසනගිලානප්පච්චයභෙසජ්ජ-පරික්ඛාරානං. භික්ඛුසඞ්ඝො’පි සක්කතො හොති ගරුකතො මානිතො පූජිතො අපචිතො, ලාභී චීවරපිණ්ඩපාතසෙනාසනගිලානප්පච්චයභෙසජ්ජපරික්ඛාරානං.
Sinhala BJTඑසමයෙහි භාග්‍යවතුන් වහන්සේ සත්කාර කරන ලද්දාහු, ගුරුකාර කරන ලද්දාහු, බුහුමන් කරන ලද්දාහු, පුදන ලද්දාහු, අපචායන කරන ලද්දාහු, චීවර පිණ්ඩපාත ශයනාසන ග්ලානප්‍රත්‍යය භෛෂජ්‍ය පරිෂ්කාරයන් ලබන සුලු වූවාහු වෙති. භික්‍ෂුසඞ්ඝයා ද සත්කාර කරන ලද්දේ, ගුරුකාර කරන ලද්දේ, බුහුමන් කරන ලද්දේ, පුදන ලද්දේ, අපචායන කරන ලද්දේ චීවර පිණ්ඩපාත ශයනාසන ග්ලානප්‍රත්‍යය භෛෂජ්‍යපරිෂ්කාරයන් ලබන සුලු වූයේ වෙති.
Pali BJTඅඤ්ඤතිත්ථියා පන පරිබ්බාජකා අසක්කතා හොන්ති අගරුකතා අමානිතා අපූජිතා අනපචිතා, න ලාභිනො චීවරපිණ්ඩපාතසෙනාසනගිලානප්පච්චය-භෙසජ්ජපරික්ඛාරානං. අථ ඛො තෙ අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා භගවතො සක්කාරං අසහමානා භික්ඛුසඞ්ඝස්ස ච, ගාමෙ ච අරඤ්ඤෙ ච භික්ඛූ දිස්වා අසබ්භාහි ඵරුසාහි වාචාහි අක්කොසන්ති පරිභාසන්ති රොසෙන්ති විහෙසෙන්ති.
Sinhala BJTඅන්‍යතීර්‍ත්‍ථක පරිව්‍රාජකයෝ වු කලි සත්කාර නො කරන ලද්දාහු, ගුරුකාර නො කරන ලද්දාහු, බුහුමන් නො කරන ලද්දාහු, නො පුදන ලද්දාහු, අපචායන නො කරන ලද්දාහු, චීවර පිණ්ඩපාත ශයනාසන ග්ලානප්‍රත්‍යය භෛෂජ්‍ය පරිෂ්කාරයන් නො ලබන සුලු වෙති. යළි ඒ අන්‍යතීර්‍ත්‍ථක පරිව්‍රාජකයෝ භාග්‍යවතුන් වහන්සේට ද, භික්‍ෂුසඞ්ඝයාට ද (කරනු ලබන) සත්කාර නො ඉවසන්නෝ, ගමෙහි ද වෙනෙහි ද භික්‍ෂූන් දැකැ අසභ්‍ය වූ කර්‍කශ වූ වචනවලින් ආක්‍රෝශ කෙරෙති. තර්‍ජනය කෙරෙති. දොස් කියති. වෙහෙසති.
Pali BJTඅථ ඛො සම්බහුලා භික්ඛූ යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛූ භගවන්තං එතදවොචුං:
Sinhala BJTඉක්බිති බොහෝ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියෝ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳැ එකත්පසෙක හුන්නෝ ය. එකත් පසෙක හුන් ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට, මෙපවත් සැළ කළහ:
Pali BJT“එතරහි භන්තෙ භගවා සක්කතො ගරුකතො මානිතො පූජිතො අපචිතො, ලාභී චීවරපිණ්ඩපාතසෙනාසනගිලානප්පච්චයභෙසජ්ජපරික්ඛාරානං. භික්ඛුසඞ්ඝො’පි සක්කතො ගරුකතො මානිතො පූජිතො අපචිතො, ලාභී චීවරපිණ්ඩපාතසෙනාසනගිලානප්පච්චය භෙසජ්ජපරික්ඛාරානං. අඤ්ඤතිත්ථියා පන පරිබ්බාජකා අසක්කතා අගරුකතා අමානිතා අපූජිතා අනපචිතා, න ලාභිනො{1} චීවරපිණ්ඩපාතසෙනාසනගිලානප්පච්චයභෙසජ්ජපරික්ඛාරානං.
Sinhala BJT“ස්වාමීනි, දැන් භාග්‍යවතුන් වහන්සේ සත්කාර කරන ලද සේක්, ගුරුකාර කරන ලද සේක්, බුහුමන් කරන ලද සේක්, පුදන ලද සේක්, අපචායනය කරන ලද සේක්, චීවර පිණ්ඩපාත ශයනාසන ග්ලානප්‍රත්‍යය භෛෂජ්‍යපරිෂ්කාරයන් ලබන සුලු සේක් වෙති. භික්‍ෂුසඞ්ඝයා ද සත්කාර කරන ලද්දේ, ගුරුකාර කරන ලද්දේ, බුහුමන් කරන ලද්දේ, පුදන ලද්දේ, අපචායනය කරන ලද්දේ, චීවර පිණ්ඩපාත ශයනාසන ග්ලානප්‍රත්‍යය භෛෂජ්‍යපරිෂ්කාරයන් ලබන සුලු වෙයි. අන්‍යතීර්‍ත්‍ථක පරිව්‍රාජකයෝ වු කලි සත්කාර නො කරන ලද්දාහු, ගුරුකාර නො කරන ලද්දාහු, බුහුමන් නො කරන ලද්දාහු, නො පුදන ලද්දාහු, අපචායනය නො කරන ලද්දාහු, චීවර පිණ්ඩපාත ශයනාසන ග්ලානප්‍රත්‍යය භෛෂජ්‍ය පරිෂ්කාරයන් නො ලබන සුලු වෙති.
Pali BJTඅථ ඛො තෙ භන්තෙ අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා භගවතො සක්කාරං අසහමානා භික්ඛුසඞ්ඝස්ස ච ගාමෙ ච අරඤ්ඤෙ ච භික්ඛූ දිස්වා අසබ්භාහි ඵරුසාහි වාචාහි අක්කොසන්ති පරිභාසන්ති රොසෙන්ති විහෙසන්තී”ති.
Sinhala BJTවැළි දු ස්වාමීනි, ඒ අන්‍යතීර්‍ත්‍ථක පරිව්‍රාජකයෝ භාග්‍යවතුන් වහන්සේට ද, භික්‍ෂුසඞ්ඝයාට ද (කරනු ලබන) සත්කාර නො ඉවසන්නෝ ගමෙහි ද, වෙනෙහි ද, භික්‍ෂූන් දැකැ අසභ්‍ය වූ කර්‍කශ වූ වචනයෙන් ආක්‍රෝශ කෙරෙති, තර්‍ජනය කෙරෙත්, දොස් කියති, වෙහෙසති” යනුයි.
Pali BJTඅථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැනැ ඒ වේලාවෙහි මේ උදානය පහළ සේක:
Pali BJTගාමෙ අරඤ්ඤෙ සුඛදුක්ඛඵුට්ඨො, නෙවත්තතො නො පරතො දහෙථ{2} ඵුසන්ති ඵස්සා උපධිං පටිච්ච, නිරූපධිං කෙන ඵුසෙය්යු ඵස්සාති.
Sinhala BJTගමෙහි හෝ වෙනෙහි සුව දුක් දෙකින් ස්පර්‍ශ කරන ලද්දේ (හෙවත්) සුව දුක් විඳින්නේ තමාගේ වශයෙන් හෝ මෙරමාගේ වශයෙන් හෝ නො සලකන්නේ ය. (සුව දුක් වශයෙන් වින්ද යුතු) ස්පර්‍ශයෝ (ඛන්‍ධ පඤ්චක සඞ්ඛ්‍යාත) උපධිය නිසා ස්පර්‍ශ කෙරෙති. ස්පර්‍ශයෝ උපධි රහිත තැනැත්තහු කිමෙකින් ස්පර්‍ශ කෙරෙත් ද, (නො කෙරෙත් ම ය.)
Pali BJT2. 5.
Sinhala BJT2. 5.
Pali BJTඋපාසකසුත්තං
Sinhala BJTඋපාසක සූත්‍රය
Pali BJTඑවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ.
Sinhala BJTමා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක.
Pali BJTතෙන ඛො පන සමයෙන අඤ්ඤතරො ඉච්ඡානඞ්ගලකො උපාසකො සාවත්ථිං අනුප්පත්තො හොති කෙනචිදෙව කරණීයෙන. අථ ඛො සො උපාසකො සාවත්ථියං තං කරණීයං තීරෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො තං උපාසකං භගවා එතදවොච: “චිරස්සං ඛො ත්වං උපාසක, ඉමං පරියායමකාසි යදිදං ඉධාගමනායා”ති.
Sinhala BJTඑසමයෙහි ඉච්ඡානඞ්ගල නම් බමුණුගමැ වැසි එක්තරා උපාසකයෙක් කිසි යම් කටයුත්තෙකින් සැවැත්නුවරට පැමිණියේ ය. ඉක්බිති ඒ උපාසක තෙමේ සැවැත්නුවර ඒ කටයුත්ත නිමවා භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේය. එළැඹැ භාග්‍යවතුන් වහන්සේ වැඳැ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් ඒ උපාසකයාට භාග්‍යවතුන් වහන්සේ උපාසකයෙනි, තෙපි බොහෝ කලෙකින් මෙහි පැමිණියහු යැ”යි වදාළ සේක.
Pali BJT“චිරපටිකාහං භන්තෙ භගවන්තං දස්සනාය උපසඞ්කමිතුකාමො, අපි චාහං කෙහි චි කෙහි චි කිච්චකරණීයෙහි ව්යාවටො. එවාහං නාසක්ඛිං භගවන්තං දස්සනාය උපසඞ්කමිතු”න්ති.
Sinhala BJT“ස්වාමීනි, මම් බොහෝ කලෙක පටන් භාග්‍යවතුන් වහන්සේ දකින්නට එනු කැමැත්තෙම් වීමි. එසේ වුවත් මම යම් කුදු මහත් කටයුතුවල යෙදී සිටියෙමි. මේ හෙයින් ම මට භාග්‍යවතුන් වහන්සේ දකින්නට එන්නට නො හැකි වී යැ”යි. උවසු කීය.
Pali BJTඅථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැන ඒ වෙලාවෙහි මේ උදානය පහළ සේක:
Pali BJTසුඛං වත තස්ස න හොති කිඤ්චි සඞ්ඛාතධම්මස්ස බහුස්සුතස්ස, සකිඤ්චනං පස්ස විහඤ්ඤමානං ජනො ජනස්මිං පටිබද්ධරූපො{1}ති.
Sinhala BJT“යමකුට (රාගාදි) පළිබෝධයෙක් නැත් ද, මනා කොට සිද්ධ කරන ලද (මාර්‍ග) ඇති, (එහෙයින්ම ප්‍රතිවේධ බහුශ්‍රැතත්‍වයෙන්) බහුශ්‍රුත වූ, ඒ ක්‍ෂීණාස්‍රවයාට ඒකාන්තයෙන් සුවෙකි. එහෙයින් ම පෙළෙන (රාගාදි) පළිබෝධ සහිත පුද්ගලයා බලව. ජන තෙමේ (අන්‍ය) ජනයා කෙරෙහි බැඳී ගිය ස්වභාව ඇත්තේ ය.”
Pali BJT2. 6.
Sinhala BJT2. 6.
Pali BJTගබ්භිනීසුත්තං
Sinhala BJTගර්භිනී සූත්‍රය
Pali BJTඑවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ.
Sinhala BJTමා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක.
Pali BJTතෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්ස පරිබ්බාජකස්ස දහරා මාණවිකා පජාපති හොති ගබ්භිනී උපවිජඤ්ඤා.
Sinhala BJTඑ සමයෙහි එක්තරා පරිව්‍රාජකයකුගේ තරුණ වූ මෙණෙවියක් (බමුණුදුවක්) භාර්‍ය්‍යා වූවා, හටලත් දරුගප් ඇත්තී (අද හෙටැයි) එළැඹැ සිටි වදන කල්ඇත්තී වෙයි.
Pali BJTඅථ ඛො සා පරිබ්බාජිකා තං පරිබ්බාජකං එතදවොච: “ගච්ඡ ත්වං බ්රාහ්මණ, තෙලං ආහාර, යං මෙ විජාතාය භවිස්සතී”ති. එවං වුත්තෙ සො පරිබ්බාජකො තං පරිබ්බාජිකං එතදවොච: “කුතො පනාහං, භොති තෙලං ආහරාමී”ති. දුතියම්පි ඛො සා පරිබ්බාජිකා තං පරිබ්බාජකං එතදවොච: “ගච්ඡ ත්වං බ්රාහ්මණ, තෙලං ආහර, යං මෙ විජාතාය භවිස්සතී”ති. දුතියම්පි ඛො සො පරිබ්බාජකො තං පරිබ්බාජිකං එතදවොච: “කුතො පනාහං භොති තෙලං ආහරාමී”ති. තතියම්පි ඛො සා පරිබ්බාජිකා තං පරිබ්බාජකං එතදවොච: “ගච්ඡ ත්වං බ්රාහ්මණ, තෙලං ආහර, යං මෙ විජාතාය භවිස්සතී”ති.
Sinhala BJTඉක්බිති ඒ පරිව්‍රාජිකාව පරිව්‍රාජකයාහට, “බ්‍රාහ්මණය තෝ යා. යම් ඒ තෙලක් වැදූ මට උපකාර වේ ද එබඳු තෙලක් ගෙනැ එව”යි මෙ බස් කිවු ය. මෙසේ කී කල්හි ඒ පරිව්‍රාජක තෙමේ ඒ පරිව්‍රාජිකාවට “පින්වතිය, මම කොයින් තෙල් ගෙන එන්නෙම් දැ?” යි කී ය. දෙවෙනි වරටත් ඒ පරිව්‍රාජිකාව ඒ පරිව්‍රාජකයාට, “බ්‍රාහ්මණය තෝ යා. යම් තෙලක් වැදූ මට උපකාර වේ ද, එබඳු තෙලක් ගෙනෙව”යි කිවු ය. දෙවෙනි වරත් ඒ පරිව්‍රාජක තෙමේ ඒ පරිව්‍රාජිකාවට “පින්වතිය, මම් කොයින් තෙල් ගෙන එන්නෙම් දැ?” යි කී ය. තුන්වන වරත් ඒ පරිව්‍රාජිකාව පරිව්‍රාජකයාට “බ්‍රාහ්මණය, තෝ යා. යම් තෙලක් වැදූ මට උපකාර වේ නම් එබඳු තෙලක් ගෙනෙව”යි කිවු ය.
Pali BJTතෙන ඛො පන සමයෙන රඤ්ඤො පසෙනදිස්ස කොසලස්ස කොට්ඨාගාරෙ සමණස්ස වා බ්රාහ්මණස්ස වා සප්පිස්ස වා තෙලස්ස වා යාවදත්ථං පාතුං දිය්යති නො නීහරිතුං.
Sinhala BJTඑසමයෙහි පසේනදි කොසොල් රජුගේ කෝෂ්ඨාගාරයෙහි ශ්‍රමණයකුට හෝ බ්‍රාහ්මණයකුට ගිතෙල් හෝ තලතෙල් ආදි තෙල් හෝ ඇති තාක් බොන්නට දෙනු ලැබේ. බැහැරැ ගෙනැ යන්නට නො දෙනු ලැබේ.
Pali BJTඅථ ඛො තස්ස පරිබ්බාජකස්ස එතදහොසි: “රඤ්ඤො ඛො පන{1} පසෙනදිස්ස කොසලස්ස කොට්ඨාගාරෙ සමණස්ස වා බ්රාහ්මණස්ස වා සප්පිස්ස වා තෙලස්ස වා යාවදත්ථං පාතුං දිය්යති නො නීහරිතුං. යන්නූනාහං රඤ්ඤො පසෙනදිස්ස කොසලස්ස කොට්ඨාගාරං ගන්ත්වා තෙලස්ස යාවදත්ථං පිවිත්වා ඝරං ආගන්ත්වා උග්ගිරිත්වාන{2} දදෙය්යං, යං ඉමිස්සා විජාතාය භවිස්සතී”ති.
Sinhala BJTඉක්බිති ඒ පරිව්‍රාජකයාහට “පසේනදි කොසොල් රජුගේ කෝෂ්ඨාගාර යෙහි ශ්‍රමණයකුට හෝ බ්‍රාහ්මණයකුට හෝ ගිතෙල් හෝ (තලතෙල් ආදි) තෙල් හෝ ඇති තාක් බොන්නට දෙනු ලැබේ. බැහැර ගෙනැ යන්නට නො දෙනු ලැබේ. යම් හෙයකින් මම පසේනදි කොසොල් රජුගේ කෝෂ්ඨාගාරයට ගොස් යම් ඒ තෙලක් වැදූ මැයට උපකාර වන්නේ නම්, ඒ තෙල් ඇති තාක් බී ගෙට අවුත් වමාරා දෙන්නෙම් නම් මැනැවැ”යි මෙබඳු සිතෙක් විය.
Pali BJTඅථ ඛො සො පරිබ්බාජකො රඤ්ඤො පසෙනදිස්ස කොසලස්ස කොට්ඨාගාරං ගන්ත්වා තෙලස්ස යාවදත්ථං පිවිත්වා ඝරං ආගන්ත්වා නෙව සක්කොති උද්ධං කාතුං, න පන අධො. සො දුක්ඛාහි තිබ්බාහි ඛරාහි කටුකාහි වෙදනාහි ඵුට්ඨො ආවට්ටති, පරිවට්ටති.
Sinhala BJTඉක්බිති ඒ පරිව්‍රාජක තෙමේ පසේනදී කොසොල් රජුගේ කෝෂ්ඨාගාරයට ගොස් තෙල් ඇති තාක් බී ගෙට අවුත් වමාරන්නට ද විරේක කරන්නට ද නො හැකි වෙයි. හේ දුක් වූ, තියුණු වූ, කර්‍කශ වූ, කටුක වූ, වේදනාවන්ගෙන් ස්පර්‍ශ කරන ලද්දේ ඔබ මොබ පෙරැළෙයි. හාත්පස පෙරැළෙයි.
Pali BJTඅථ ඛො භගවා පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය සාවත්ථිං පිණ්ඩාය පාවිසි. අද්දසා ඛො භගවා තං පරිබ්බාජකං දුක්ඛාහි තිබ්බාහි ඛරාහි කටුකාහි වෙදනාහි ඵුට්ඨං ආවට්ටමානං පරිවට්ටමානං.
Sinhala BJTඑකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරු වේලෙහි හැඳ පෙරව පාසිවුරු ගෙනැ සැවැත්නුවරට පිඬු පිණිස පිවිසි සේක. භාග්‍යවතුන් වහන්සේ දුක් වූ, තියුණු වූ, කර්‍කශ වූ, කටුක වූ, වේදනාවන්ගෙන් ස්පර්‍ශ කරන ලද, ඔබ මොබ පෙරැළෙන, හාත්පස පෙරැළෙන, ඒ පරිව්‍රාජකයා දුටු සේක.
Pali BJTඅථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැනැ ඒ වෙලාවෙහි මේ උදානය පහළ කළ සේක:
Pali BJTසුඛිනො වත යෙ අකිඤ්චනා වෙදගුනො හි ජනා අකිඤ්චනා, සකිඤ්චනං පස්ස විහඤ්ඤමානං ජනො ජනස්මිං පටිබද්ධචිත්තො{3}ති.
Sinhala BJT“යම් කෙනෙක් (රාගාදි) පළිබෝධ නැත්තාහු ද (ඔහු) ඒකාන්තයෙන් සුඛිත වෙත්. (ආර්‍ය්‍ය මාර්‍ග සඞ්ඛ්‍යාත) වේදයෙන් (නිවනට) පැමිණි ඒ ක්‍ෂීණාස්‍රවයෝ තුමූ ඒකාන්තයෙන් (රාගාදි) පළිබෝධ නැතියව්හි. ජන තෙමේ (අන්‍ය) ජනයා කෙරෙහි බැඳී ගිය සිත් ඇත්තේ ය. (එහෙයින්) දුකට පැමිණෙන (රාගාදි) පළිබෝධ සහිත පුද්ගලයා බලව.”
Pali BJT2. 7.
Sinhala BJT2. 7.
Pali BJTඑකපුත්තකසුත්තං.
Sinhala BJTඒකපුත්‍ර සූත්‍රය
Pali BJTඑවං මෙ සුතං – එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ.
Sinhala BJTමා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වසන සේක.
Pali BJTතෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්ස උපාසකස්ස එකපුත්තකො පියො මනාපො කාලඞ්කතො හොති. අථ ඛො සම්බහුලා උපාසකා අල්ලවත්ථා අල්ලකෙසා දිවා දිවස්ස යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නෙ ඛො තෙ උපාසකෙ භගවා එතදවොච: “කින්නුඛො තුම්හෙ උපාසකා, අල්ලවත්ථා අල්ලකෙසා ඉධූපසඞ්කමන්තා දිවා දිවස්සා”ති.
Sinhala BJTඑසමයෙහි එක්තරා උපාසකයකු ගේ ප්‍රිය වූ මනාප වූ එක ම පුත්‍රයා කලුරිය කෙළේ වෙයි. ඉක්බිති බොහෝ උපාසකයෝ තෙත් වූ වස්ත්‍ර ඇත්තාහු තෙත් වූ කෙස් ඇත්තාහු මධ්‍යාහ්න වෙලාවෙහි භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියෝ ය. එළැඹැ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක හුන්නෝ ය. භාග්‍යවතුන් වහන්සේ එකත්පසෙක හුන්නා වූ ඒ උපාසකයනට “උපාසකයිනි, කවර හෙයෙකින් තෙපි මධ්‍යාහ්නවේලාවෙහි තෙත් වූ වස්ත්‍ර ඇත්තාහු තෙත් වූ කෙස් ඇත්තාහු මෙහි පැමිණියහු දැ?”යි අසා වදාළ සේක.
Pali BJTඑවං වුත්තෙ සො උපාසකො භගවන්තං එතදවොච: “මය්හං ඛො භන්තෙ එකපුත්තකොසි පියො මනාපො කාලඞ්කතො. තෙන මයං අල්ලවත්ථා අල්ලකෙසා ඉධූපසඞ්කමන්තා දිවා දිවස්සා”ති.
Sinhala BJTමෙසේ වදාළ කල්හි ඒ උපාසක තෙමේ භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, මට ප්‍රිය වූ මනාප වූ එක ම පුත්‍රයෙක් විය. ඒ පුත්‍රයා කලුරිය කෙළේ ය. ඒ හේතුවෙන් අපි තෙත් වූ වස්ත්‍ර ඇත්තමෝ, තෙත් වූ කෙස් ඇත්තමෝ මධ්‍යාහ්නවේලාවෙහි මෙහි පැමිණියම්හ යි කී ය.
Pali BJTඅථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැනැ ඒ වෙලාවෙහි මේ උදානය පහළ කළ සේක:
Pali BJTපියරූපස්සාදගථිතාසෙ{1} දෙවකායා පුථු මනුස්සා ච, අඝාවිනො පරිජුන්නා මච්චුරාජස්ස වසං ගච්ඡන්ති.
Sinhala BJTප්‍රිය ස්වභාවය ඇති රූපස්කන්‍ධාදීන්හි (සුඛ) වේදනාස්වාදයෙන් බැඳීගිය සිත් ඇති බොහෝ (චාතුර්මහාරාජිකාදි) දේවසමූහයෝ ද, මනුෂ්‍යයෝ ද (කායික චෛතසික දුකින්) දුඃඛිත වූවාහු (රෝගාදි විපත්තියෙන් හා යෞවනාරෝග්‍යාදි සම්පත්තියෙන් ද) පිරිහුනාහු මෘත්‍යුරාජයා ගේ වශයට යෙති.
Pali BJTයෙ වෙ දිවා ච රත්තො ච අප්පමත්තා ජහන්ති පියරූපං, තෙ වෙ ඛණන්ති අඝමූලං මච්චුනො ආමිසං දුරතිවත්තන්ති.
Sinhala BJTයම් කිසි කෙනෙක් දහවල්හි දු, රාත්‍රියෙහි දු අප්‍රමත්ත ද, ඔවුහු ඒකාන්තයෙන් ප්‍රියරූපය දුරු කෙරෙති. ඔවුහු මාරයාගේ ආමිෂය වූ (මේ ශාසනයෙන් පිටත කිසිවකු විසිනුත්) ඉක්මෙන්නට නොහැකි දුකට මුල් වූ තෘෂ්ණාව ඒකාන්තයෙන් සාරා දමත්.
Pali BJT2. 8.
Sinhala BJT2. 8.
Pali BJTසුප්පවාසාසුත්තං.
Sinhala BJTසුප්‍රවාසා සූත්‍රය
Pali BJTඑවං මෙ සුතං: එකං සමයං භගවා කුණ්ඩියායං{2} විහරති කුණ්ඩධානවනෙ තෙන ඛො පන සමයෙන සුප්පවාසා කොලියධීතා සත්තවස්සානි ගබ්භං ධාරෙති සත්තාහං මූළ්හගබ්භා. සා දුක්ඛාහි තිබ්බාහි ඛරාහි කටුකාහි වෙදනාහි ඵුට්ඨා තීහි විතක්කෙහි අධිවාසෙති:
Sinhala BJTමා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කුණ්ඩියා (නම්) නගරය සමීපයෙහි කුණ්ඩධාන (නම්) වනයෙහි වැඩ වසන සේක. එ සමයෙහි සුප්පවාසා නම් කෝලිය දූහිතෘ තොමෝ සත් වසක් මුළුල්ලෙහි ගර්‍භයක් දරයි: සත්දවසක් මුළුල්ලෙහි මූඪගර්‍භ ව සිටියි. ඕ තොමෝ දුක් වූ තියුණු කර්‍කශ වූ කටුක වූ, වේදනාවන්ගෙන් ස්පර්‍ශ කරන ලද්දී ත්‍රිවිධ විතර්‍කයන් කරණ කොට ගෙන ඉවසනු හැකි වෙයි:
Pali BJT“සම්මාසම්බුද්ධො වත සො භගවා යො ඉමස්ස එවරූපස්ස දුක්ඛස්ස පහානාය ධම්මං දෙසෙති, සුපටිපන්නො වත තස්ස භගවතො සාවකසඞ්ඝො, යො ඉමස්ස එවරූපස්ස දුක්ඛස්ස පහානාය පටිපන්නො. සුසුඛං වත තං නිබ්බානං යත්ථිදං{3} එවරූපං දුක්ඛං න සංවිජ්ජතී”ති.
Sinhala BJT“යම් කෙනෙක් මෙබඳු මේ දුක දුරු කිරීම පිණිස දහම් දෙසන සේක් ද, ඒ භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන් සම්‍යක් සම්බුද්ධයහ. යමෙක් මෙබඳු මේ දුක දුරු කිරීම පිණිස පිළිපන්නේ ද, ඒ භාග්‍යවතුන් වහන්සේගේ සඞ්ඝ තෙමේ ඒකාන්තයෙන් සුපිළිපන්නේ ය. යම් නිවනෙක මෙබඳු මේ දුකෙක් නො මැත්තේ ද, ඒ නිවන ඒකාන්තයෙන් උතුම් ම සුවය” යනු ත්‍රිවිධ විතර්‍කය යි.
Pali BJTඅථ ඛො සුප්පවාසා කොලියධීතා සාමිකං ආමන්තෙසි: “එහි ත්වං අය්යපුත්ත, යෙන භගවා තෙනුපසඞ්කම. උපසඞ්කමිත්වා මම වචනෙන භගවතො පාදෙ සිරසා වන්දාහි. අප්පාබාධං අප්පාතඞ්කං ලහුට්ඨානං බලං ඵාසුවිහාරං පුච්ඡ: “සුප්පවාසා භන්තෙ කොලියධීතා භගවතො පාදෙ සිරසා වන්දති. අප්පාබාධං අප්පාතඞ්කං ලහුට්ඨානං බලං ඵාසුවිහාරං පුච්ඡතී”ති. එවඤ්ච වදෙහි: “සුප්පාවාසා භන්තෙ කොලියධීතා සත්තවස්සානි ගබ්භං ධාරෙති, සත්තාහං මූළ්හගබ්භා. සා දුක්ඛාහි තිබ්බාහි ඛරාහි කටුකාහි වෙදනාහි ඵුට්ඨා තීහි විතක්කෙහි අධිවාසෙති: “සම්මාසම්බුද්ධො වත සො භගවා, යො ඉමස්ස එවරූපස්ස දුක්ඛස්ස පහානාය ධම්මං දෙසෙති. සුපටිපන්නො වත තස්ස භගවතො සාවකසඞ්ඝො, යො ඉමස්ස එවරූපස්ස දුක්ඛස්ස පහානාය පටිපන්නො. සුසුඛං වත තං නිබ්බානං යත්ථිදං එවරූපං දුක්ඛං න සංවිජ්ජතී”’ති.
Sinhala BJTඉක්බිති සුප්පාවාසා කෝලිය දූහිතෘ තොමෝ හිමියා අමතා, “ආර්‍ය්‍යපුත්‍රය, මුබ (මෙහි) එන්නැ: භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹෙන්නැ. එළැඹැ මාගේ වචනයෙන් භාග්‍යවතුන් වහන්සේ ගේ පා වඳින්නැ. ආබාධ නැති නියා ද රෝග නැති නියා ද, සැහැල්ලු පැවැතුම් ඇති නියා ද, (ශරීර) බලය ද, පහසු විහරණය ද විචාරන්නැ. “ස්වාමීනි, සුප්පාවාසා කෝලිය දුහිතෘ තොමෝ හිසින් භාග්‍යවතුන් වහන්සේගේ පා වඳියි. ආබාධ නැති නියා ද, රෝග නැති නිසා ද, සැහැල්ලු පැවැතුම් ඇති නියා ද (ශරීර) බලය ද පහසු විහරණය ද විචාරයි. ස්වාමීනි, සුප්පාවාසා කෝලිය දුහිතෘ තොමෝ සත්අවුරුද්දක් මුළුල්ලෙහි ගබක් දරයි. සත්දවසක් මුළුල්ලෙහි මූඪගර්‍භ ව සිටියි. ඕ තොමෝ දුක් වූ තියුණු වූ කර්‍කශ වූ කටුක වූ වේදනාවන්ගෙන් ස්පර්‍ශ කරන ලද්දී ‘යම් කෙනෙක් මෙ බඳු මේ දුක දුරු කරනු පිණිස දහම් දෙසන සේක් ද, ඒ භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන් සම්‍යක් සම්බුද්ධයහ. යමෙක් මෙබඳු මේ දුක දුරු කිරීම පිණිස පිළිපදින්නේ ද ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සඞ්ඝ තෙමේ ඒකාන්තයෙන් සුපිළිපන් ය. යම් නිවනෙක මෙබඳු මේ දුකෙක් නො මැත් ද ඒ නිවන ඒකාන්තයෙන් උතුම් ම යැ යන තුන් විතර්‍ක හේතු කොට ගෙන ඒ දුක් ඉවසනු හැකි වේ යැ යි සැළ කරන්නැ”යි කිවු ය.
Pali BJT3. පරමන්ති ඛො සො කොලියපුත්තො සුප්පවාසාය කොලියධීතාය පටිස්සුණිත්වා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො කොලියපුත්තො භගවන්තං එතදවොච:
Sinhala BJT3. ‘මැනැවැ’ යි ඒ කෝලිය පුත්‍ර තෙමේ සුප්පාවාසා කෝලිය දුහිතෘවට පිළිවදන් දී භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. එළැඹැ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක හුන්නේ ය. එකත් පසෙක හුන්නා වු ඒ කෝලියපුත්‍ර තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය:
Pali BJT“සුප්පවාසා භන්තෙ කොලියධීතා භගවතො පාදෙ සිරසා වන්දති, අප්පාබාධං අප්පාතඞ්කං ලහුට්ඨානං බලං ඵාසුවිහාරං පුච්ඡතීති. එවඤ්ච වදෙති: ‘සුප්පවාසා භන්තෙ කොලියධීතා සත්තවස්සානි ගබ්භං ධාරෙති සත්තාහං මූළ්හගබ්භා සා දුක්ඛාහි තිබ්බාහි ඛරාහි කටුකාහි වෙදනාහි ඵුට්ඨා තීහි විතක්කෙහි අධිවාසෙති: ‘සම්මාසම්බුද්ධො වත සො භගවා, යො ඉමස්ස එවරූපස්ස දුක්ඛස්ස පහානාය ධම්මං දෙසෙති. සුපටිපන්නො වත තස්ස භගවතො සාවකසඞ්ඝො, යො ඉමස්ස එවරූපස්ස දුක්ඛස්ස පහානාය පටිපන්නො. සුසුඛං වත නිබ්බානං, යත්ථිදං එවරූපං දුක්ඛං න සංවිජ්ජතී”ති.
Sinhala BJT“වහන්ස, සුප්පාවාසා කෝලියදුහිතෘ තොමෝ හිසින් භාග්‍යවතුන් වහන්සේගේ පා වඳියි. ආබාධ රහිත නියා ද, රෝග රහිත නියා ද, සැහැල්ලු පැවතුම් ඇති නියා ද (ශරීර) බලය ද, පහසු විහරණය ද විචාරයි. මෙසේත් කියයි: ‘වහන්ස, සුප්පාවාසා කෝලියදුහිතෘ තොමෝ සත් අවුරුද්දක් මුළුල්ලෙහි ගබක් දරයි. සත් දවසක් මුළුල්ලෙහි මූඪගර්‍භ ව ඕ තොමෝ දුක් වූ තියුණු වූ කර්‍කශ වූ කටුක වූ වේදනාවන්ගෙන් ස්පර්‍ශ කරන ලද්දී “යම් කෙනෙක් මෙ බඳු මේ දුක දුරු කරනු පිණිස දහම් දෙසන සේක් ද, ඒ භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන් සම්‍යක් සම්බුද්ධයහ. යමෙක් මෙ බඳු මේ දුක දුරු කිරීම පිණිස පිළිපදින්නේ ද, ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සඞ්ඝ තෙමේ ඒකාන්තයෙන් සුපිළිපන් ය. යම් නිවනෙක මෙ බඳු මේ දුක නැත් ද, ඒ නිවන ඒකාන්තයෙන් උතුම් ම සුව යැ”යි ත්‍රිවිධ විතර්‍කයෙන් ඉවසා ය’ යනුයි.
Pali BJT“සුඛිනී හොතු සුප්පවාසා කොලියධීතා අරොගා, අරොගං පුත්තං විජායතූ”ති. සහ වචනා ච පන භගවතො සුප්පවාසා කොලියධීතා සුඛිනී අරොගා අරොගං පුත්තං විජායි.
Sinhala BJT“සුප්පාවාසා කෝලියදුහිතෘ තොමෝ සුඛිත වේවා, නීරෝග වේවා, නීරෝග පුත්‍රයකු වදාවා”යී භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. භාග්‍යවතුන් වහන්සේගේ ඒ වචනය සමග ම සුප්පාවාසා කෝලියදුහිතෘ තොමෝ සුඛිත වූවා නීරෝග වූවා නීරෝග පුත්‍රයකු වැදුවා ය.
Pali BJT‘එවං භන්තෙ’ති ඛො සො කොලියපුත්තො භගවතො භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා යෙන සකං ඝරං තෙන පච්චායාසි.
Sinhala BJT“වහන්ස, එසේ යැ”යි ඒ කෝලියපුත්‍ර තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගෙන, නැවතත් සතුට ප්‍රකාශ කොට අස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ මනා කොට වැඳ පැදකුණු කොට ස්වකීය ගෘහය කරා ගියේ ය.
Pali BJTඅද්දසා ඛො කොලියපුත්තො සුප්පවාසං කොලියධීතරං සුඛිනිං අරොගං, අරොගං පුත්තං විජාතං. දිස්වානස්ස එතදහොසි: “අච්ඡරියං වත භො, අබ්භුතං වත භො, තථාගතස්ස මහිද්ධිකතා මහානුභාවතා, යත්ර හි නාමායං සුප්පවාසා කොලියධීතා සහ වචනා ච පන භගවතො සුඛිනී අරොගා අරොගං පුත්තං විජායිස්සතී”ති. අත්තමනො පමුදිතො පීතිසොමනස්සජාතො අහොසි.
Sinhala BJTකෝලියපුත්‍ර තෙමේ නීරෝග පුත්‍රයකු වැදුවා වූ සුඛිත වූ නීරෝග වූ සුප්පාවාසා කෝලියදුහිතෘ දුටුයේ ය. දැකැ ඔහුට “යම් බඳු වූ මේ කෝලියදුහිතෘ තොමෝ භාග්‍යවතුන් වහන්සේගේ වචනයත් සමග ම සුව පත් වූවා, නීරෝග වූවා, නීරෝග වූ පුත්‍රයකු වැදූ ද, පින්වත්නි, ඒ තථාගතයන් වහන්සේ ගේ මහත් ඍද්ධි ඇති බව මහත් අනුභාව ඇති බව ඒකාන්තයෙන් ආශ්චර්‍ය්‍යය. ඒකාන්තයෙන් අද්භූත යැ”යී මෙ බඳු සිතෙක් විය. හේ සතුටු සිත් ඇත්තේ අතිශයින් ප්‍රමෝදය ඇත්තේ, හටගත් බලවත් ප්‍රීතිය හා සොම්නස ඇත්තේ විය.
Pali BJTඅථ ඛො සුප්පවාසා කොලියධීතා සාමිකං ආමන්තෙසි: “එහි ත්වං අය්යපුත්ත, යෙන භගවා තෙනුපසඞ්කම, උපසඞ්කමිත්වා මම වචනෙන භගවතො පාදෙ සිරසා වන්දාහි, සුප්පවාසා භන්තෙ කොලියධීතා භගවතො පාදෙ සිරසා වන්දතී”ති. එවඤ්ච වදෙහි: “සුප්පවාසා භන්තෙ කොලියධීතා සත්තවස්සානි ගබ්භං ධාරෙසි, සත්තාහං මූළ්හගබ්භා. සා එතරහි සුඛිනී අරොගා, අරොගං පුත්තං විජාතා. සා සත්තාහං බුද්ධපමුඛං භික්ඛුසඞ්ඝං භත්තෙන නිමන්තෙති. අධිවාසෙතු කිර භන්තෙ භගවා සුප්පවාසාය කොලියධීතාය සත්ත භත්තානි සද්ධිං භික්ඛුසඞ්ඝෙනා”ති.
Sinhala BJTඉක්බිති සුප්පාවාසා කෝලියදුහිතෘ තොමෝ හිමියා ඇමතුවා ය: “ආර්‍ය්‍යපුත්‍රය, මුඹ මෙහි එන්නැ. භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹෙන්නැ. එළැඹැ ‘වහන්ස, සුප්පවාසා කෝලියදුහිතෘ භාග්‍යවතුන් වහන්සේගේ පා හිසින් වඳී’ යන මාගේ වචනයෙන් භාග්‍යවතුන් වහන්සේගේ පා හිසින් වඳින්නැ. මෙසේත් කියන්න. ‘වහන්ස, සුප්පවාසා නම් කෝලිය දුහිතෘ තොමෝ සත් අවුරුද්දක් මුළුල්ලෙහි ගබක් දැරුවා ය. සත් දවසක් මුළුල්ලෙහි මූඪගර්‍භව සිටියා ය. ඕ දැන් සුඛිත වූවා, නීරෝග වූවා, නීරෝග වු පුත්‍රයකු වැදුවා ය. ඕ තොමෝ සත් දවසක් මුළුල්ලෙහි බුදුපාමොක් බික්සඟනට බතින් නිමතයි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂුසඞ්ඝයාත් සමග සුප්පවාසා කෝලියදූහිතෘවගේ සත් බතක් ඉවසා වදාරන සේක්වා’යි කියන්නැයි”යී කිවු ය.
Pali BJT6. පරමන්ති ඛො සො කොලියපුත්තො සුප්පවාසාය කොලියධීතාය පටිස්සුණිත්වා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සො කොලියපුත්තො භගවන්තං එතදවොච: “සුප්පවාසා භන්තෙ කොලියධීතා භගවතො පාදෙ සිරසා වන්දති. එවඤ්ච වදෙති: සුප්පවාසා භන්තෙ කොලියධීතා සත්තවස්සානි ගබ්භං ධාරෙසි. සත්තාහං මූළ්හගබ්භා. සා එතරහි සුඛිනී අරොගා අරොගං පුත්තං විජාතා. සා සත්තාහං බුද්ධපමුඛං භික්ඛුසඞ්ඝං භත්තෙන නිමන්තෙති. අධිවාසෙතු කිර භන්තෙ භගවා සුප්පවාසාය කොලියධීතාය සත්ත භත්තානි සද්ධිං භික්ඛුසඞ්ඝෙනා”ති.
Sinhala BJT6. ඒ කෝලියපුත්‍ර තෙමේ සුප්පවාසා කෝලිය දුහිතෘවට ‘මැනැවැ’යි පිළිවදන් දී භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. එළැඹැ භාග්‍යවතුන් වහන්සේ වැඳැ එකත්පසෙක හුන්නේ ය. එකත් පසෙක හුන්නාවූ ඒ කෝලිය පුත්‍ර තෙමේ භාග්‍යවතුන් වහන්සේට “වහන්ස සුප්පවාසා කෝලිය දුහිතෘ තොමෝ භාග්‍යවතුන් වහන්සේගේ පා හිසින් වඳියි. වහන්ස, සුප්පවාසා කෝලිය දුහිතෘ තොමෝ සත් වසක් මුළුල්ලෙහි ගබක් දැරුවා ය. සත් දවසක් මුළුල්ලෙහි මූඪ ගර්‍භ වූවා ය. ඕ තොමෝ දැන් සුඛිතවූවා, නීරෝග වූවා, නීරෝගවූ පුත්‍රයකු වැදුවා ය. ඕ තොමෝ සත් දවසක් මුළුල්ලෙහි බුදුපාමොක් බික් සඟනට බතින් නිමතයි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂුසඞ්ඝයා සමග සුප්පවාසා කෝලිය දූහිතෘවගේ සත් බත ඉවසා වදාරන සේක්වා යි මෙසේත් කියා ය” යි සැළ කෙළේ ය.
Pali BJT7. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරෙන උපාසකෙන බුද්ධපමුඛො භික්ඛුසඞ්ඝො ස්වාතනාය භත්තෙන නිමන්තිතො හොති. සො ච උපාසකො ආයස්මතො මහාමොග්ගල්ලානස්ස උපට්ඨාකො හොති. අථ ඛො භගවා ආයස්මන්තං මහාමොග්ගල්ලානං ආමන්තෙසි: “එහි ත්වං මොග්ගල්ලාන, යෙන සො උපාසකො තෙනුපසඞ්කමෙය්යාසි:{1} උපසඞ්කමිත්වා තං උපාසකං එවං වදෙහි: “සුප්පවාසා ආවුසො කොලියධීතා සත්තවස්සානි ගබ්භං ධාරෙසි, සත්තාහං මූළ්හගබ්භා. සා එතරහි සුඛිනී අරොගා අරොගං පුත්තං විජාතා. සා සත්තාහං බුද්ධපමුඛං භික්ඛුසඞ්ඝං භත්තෙන නිමන්තෙති. කරොතු සුප්පවාසා කොලියධීතා සත්තභත්තානි. පච්ඡා ත්වං කරිස්සති.{2} තුය්හෙසො උපට්ඨාකො”ති.
Sinhala BJT7. එසමයෙහි එක්තරා උපාසකයකු විසින් බුද්ධප්‍රමුඛ භික්‍ෂුසංඞ්ඝයා හෙට දවස පිණිස බතින් නිමතන ලද්දේ වෙයි. ඒ උපාසක තෙමේ ද ආයුෂ්මත් මහාමෞද්ගල්‍යාන ස්ථවිරයන් වහන්සේගේ උපස්ථායක වෙයි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් මහාමෞද්ගල්‍යාන ස්ථවිරයන් වහන්සේ අමතා, “මහාමෞද්ගල්‍යානයෙනි, තෙපි මෙහි එව. ඒ උපාසකයා වෙත එළැඹෙව. එළැඹ ඒ උපාසකයාට “ඇවැත්නි, සුප්පවාසා කෝලිය දුහිතෘ තොමෝ සත් වසක් මුළුල්ලෙහි ගබක් දැරුවා ය. සත් දවසක් මුළුල්ලෙහි මූඪගර්‍භව වූවා ය. ඕ තොමෝ දැන් සුඛිත වූවා, නීරෝග වූවා, නීරෝග වූ පුත්‍රයකු වැදුවාය. ඕ තොමෝ සත් දවසක් මුළුල්ලෙහි බුදුපාමොක් බික්සඟනට බතින් නිමතයි. සුප්පවාසා කෝලියදුහිතෘ තොමෝ සත් බතක් පවත්වාවා, පසු ව හේ දන් දෙනු හැකි වන්නේ යයි කියව. ඒ උපාසක තෙමේ තොපගේ උපස්ථායකයෙකැ”යි වදාළ සේක.
Pali BJT8. එවං භන්තෙ’ති ඛො ආයස්මා මහාමොග්ගල්ලානො භගවතො පටිස්සුණිත්වා යෙන සො උපාසකො, තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා තං උපාසකං එතදවොච: “සුප්පවාසා ආවුසො කොලියධීතා සත්තවස්සානි ගබ්භං ධාරෙසි. සත්තාහං මූළ්හගබ්භා සා එතරහි සුඛිනී, අරොගා, අරොගං පුත්තං විජාතා. සත්තාහං බුද්ධපමුඛං භික්ඛුසඞ්ඝං භත්තෙන නිමන්තෙති. කරොතු සුප්පවාසා කොලියධීතා සත්තභත්තානි, පච්ඡා ත්වං කරිස්සසී{2}”ති. “සචෙ මෙ භන්තෙ අය්යො මහාමොග්ගල්ලානො තිණ්ණං ධම්මානං පාටිභොගො භොගානඤ්ච ජීවිතස්ස ච සද්ධාය ච, කරොතු සුප්පවාසා කොලියධීතා සත්තභත්තානි. පච්ඡා අහං කරිස්සාමී”ති. “ද්වින්නං ඛො තෙ අහං ආවුසො ධම්මානං පාටිභොගො භොගානඤ්ච ජීවිතස්ස ච. සද්ධාය පන ත්වංයෙව පාටිභොගො”ති. “සචෙ මෙ භන්තෙ, අය්යො මහාමොග්ගල්ලානො ද්වින්නං ධම්මානං පාටිභොගො භොගානඤ්ච ජීවිතස්ස ච, කරොතු සුප්පවාසා කොලියධීතා සත්තභත්තානි. පච්ඡා අහං කරිස්සාමී”ති.
Sinhala BJT8. මෞද්ගල්‍යාන ස්ථවිරයන් වහන්සේ “වහන්ස, එසේයැ”යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී ඒ උපාසකයා වෙත එළැඹියහ. එළැඹැ ඒ උපාසකයාහට “ඇවැත්නි, සුප්පවාසා කෝලිය දුහිතෘ තොමෝ සත් වසක් මුළුල්ලෙහි ගබක් දැරුවා ය. සත් දවසක් මුළුල්ලෙහි මූඪගර්‍භව වූවා ය. ඕ තොමෝ දැන් සුඛිත වූවා, නීරෝග වූවා, නීරෝග වු පුත්‍රයකු වැදුවාය. සත්දවසක් මුළුල්ලෙහි බුදුරජුන් ප්‍රමුඛ භික්‍ෂුසඞ්ඝයාට බතින් නිමන්ත්‍රණ කරයි. සුප්පවාසා කෝලියදුහිතෘ තොමෝ සත් බතක් පවත්වා වා, පසු ව තෙපි සඞ්ඝයාට දන් දීම කරව”යි කීහ. “ඉදින් ආර්‍ය්‍ය වූ මෞද්ගල්‍යාන ස්ථවිරයන් වහන්සේ මගේ වස්තු ජීවිත ශ්‍රද්ධා යන කරුණු තුන පිළිබඳ ව ඇප වන්නාහු නම් සුප්පවාසා කෝලියදුහිතෘ තොමෝ සත් බත් පවත්වා වා. පසුව මම දන් දෙන්නෙමැ”යි කීයේ ය. “ඇවැත්නි, තොපගේ වස්තු ජීවිත යන කරුණු දෙක පිළිබඳ ව මම ඇපකාරයෙකිම් වෙමි. ශ්‍රද්ධාව පිළිබඳව වූ කලි තොපට තෙපි ම ඇප වව යි වදාළ සේක. වහන්ස, ඉදින් ආර්‍ය්‍ය වූ මෞද්ගල්‍යාන ස්ථවිරයන් වහන්සේ වස්තු ජීවිත යන කරුණු දෙක පිළිබඳව ඇපවන සේක් නම්, සුප්පවාසා කෝලිය දුහිතෘ තොමෝ සත් බත් පවත්වා වා. පසුව මම දන් දීම කරන්නෙමැ”යි උපාසක තෙමේ කීයේ ය.
Pali BJTඅථ ඛො ආයස්මා මහාමොග්ගල්ලානො තං උපාසකං සඤ්ඤාපෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං එතදවොච:
Sinhala BJTඉක්බිති ආයුෂ්මත් මහාමෞද්ගල්‍යාන ස්ථවිරයන් වහන්සේ ඒ උපාසකයාහට දන්වා භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියහ. එළැඹැ භාග්‍යවතුන් වහන්සේට මෙය කීහ.
Pali BJT“සඤ්ඤත්තො භන්තෙ සො උපාසකො මයා, කරොතු සුප්පවාසා කොලියධීතා සත්තභත්තානි, පච්ඡා සො කරිස්සතී”ති.
Sinhala BJT“වහන්ස, මා විසින් ඒ උපාසකයාහට දන්වන ලද්දේ ය. සුප්පවාසා කෝලියදුහිතෘ තොමෝ සත් බත් පවත්වා වා. පසු ව හේ කරන්නේ යැ”යි.
Pali BJT9. අථ ඛො සුප්පවාසා කොලියධීතා සත්තාහං බුද්ධපමුඛං භික්ඛුසඞ්ඝං පණීතෙන ඛාදනීයෙන භොජනීයෙන සහත්ථා සන්තප්පෙසි, සම්පවාරෙසි. තඤ්ච දාරකං භගවන්තං වන්දාපෙසි, සබ්බඤ්ච භික්ඛුසඞ්ඝං.
Sinhala BJT9. ඉක්බිති සුප්පවාසා කෝලියදුහිතෘ තොමෝ සත් දවසක් මුළුල්ලෙහි බුදුරජුන් ප්‍රමුඛ භික්‍ෂුසඞ්ඝයා ප්‍රණීත වූ ඛාද්‍යයෙන් ද, භෝජ්‍යයෙන් ද සිය අතින් සන්තර්‍පණය කළා ය. සම්ප්‍රවාරණය කළා ය. ඒ දරුවා ලවා භාග්‍යවතුන් වහන්සේ ද සියලු භික්‍ෂුසඞ්ඝයා ද වැන්දැවූ ය.
Pali BJT10. අථ ඛො ආයස්මා සාරිපුත්තො තං දාරකං එතදවොච: “කච්චි තෙ දාරක, ඛමනීයං, කච්චි යාපනීයං, කච්චි න කිඤ්චි දුක්ඛ”න්ති. “කුතො මෙ භන්තෙ සාරිපුත්ත, ඛමනීයං. කුතො යාපනීය. සත්තවස්සානි මෙ ලොහිතකුම්භියං{1} වුත්ථානී”ති.
Sinhala BJT10 ඉක්බිති ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ඒ දරුවාට. “කිම, දරුව තොපට සැහිය හැකි ද? කිම යැපිය හැකි ද? කිම කිසියම් දුකෙක් නැත් දැ?”යි වදාළ සේක. “වහන්ස, ශාරිපුත්‍රයන් වහන්ස, මට සැහිය හැක්කෙක් කොයින් ද, යැපිය හැක්කෙක් කොයින් ද මා විසින් සත් හවුරුද්දක් ලේසැළියෙක වාසය කරන ලදී”යි දරු කී ය.
Pali BJT11. අථ ඛො සුප්පවාසා කොලියධීතා “පුත්තො මෙ ධම්මසෙනාපතිනා සද්ධිං මන්තෙතී”ති, අත්තමනා පමුදිතා{2} පීතිසොමනස්සජාතා අහොසි.
Sinhala BJT11. එකල්හි සුප්පවාසා කෝලියදුහිතෘ තොමෝ “මා පුතා දම්සෙනෙවි සැරියුත් හිමියන් සමග කථා කෙරේ යැ”යි සතුටු සිත් ඇත්තී, ප්‍රමුදිත වූවා හටගත් ප්‍රීති සෞමනස්‍යය ඇත්තී වූ ය.
Pali BJT12. අථ ඛො භගවා (සුප්පවාසං කොලියධීතරං අත්තමනං පමුදිතං{3} පීතිසොමනස්සජාතං දිස්වා{4} සුප්පවාසං කොලියධීතරං එතදවොච: “ඉච්ඡෙය්යාසි ත්වං සුප්පවාසෙ, අඤ්ඤම්පි එවරූපං පුත්ත”න්ති. “ඉච්ඡෙය්යාමහං භගවා අඤ්ඤානි’පි එවරූපානි සත්ත පුත්තානී”ති .
Sinhala BJT12. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සතුටු සිත් ඇති ප්‍රමුදිත වූ හටගත් ප්‍රීති සෞමනස්‍යය ඇති, සුප්පවාසා කෝලියදුහිතෘ ව දැකැ, “සුප්පවාසායෙනි, තෙපි අන්‍ය වූ ද මෙ බඳු පුතකු කැමැත්තාව”යි වදාළහ. “භාග්‍යවතුන් වහන්ස, මම අන්‍ය වු ද මෙ බඳු සත් පුතුන් කැමැත්තමු”යි ඕ කිවු ය.
Pali BJT13. අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:
Sinhala BJT13. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැනැ, ඒ වෙලාවෙහි මේ උදානය පහළ කළ සේක:
Pali BJT“අසාතං සාතරූපෙන පියරූපෙන අප්පියං, දුක්ඛං සුඛස්ස රූපෙන පමත්තමතිවත්තතී”ති.
Sinhala BJT“අමධුර දෑ මධුරස්වභාවයෙනුත් අප්‍රිය දෑ ප්‍රියස්වභාවයෙනුත් දුක සුඛස්වභාවයෙනුත් ප්‍රමාදී පුද්ගලයා ඉක්මැ යේ.”
Pali BJT2. 9.
Sinhala BJT2. 9.
Pali BJTවිසාඛාසුත්තං
Sinhala BJTවිශාඛා සූත්‍රය
Pali BJT1. එවං මෙ සුත:– එකං සමයං භගවා සාවත්ථියං විහරති පුබ්බාරාමෙ මිගාරමාතුපාසාදෙ. තෙන ඛො පන සමයෙන විසාඛාය මිගාරමාතුයා කොචිදෙව අත්ථො රඤ්ඤෙ පසෙනදිම්හි කොසලෙ පටිබද්ධො හොති. තං රාජා පසෙනදි කොසලො න යථාධිප්පායං තීරෙති.
Sinhala BJT1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ පූර්‍වාරාමයෙහි මෘගාරිමාතාප්‍රාසාදයෙහි වැඩ වසන සේක. එසමයෙහි මෘගාරිමාතෘ නම් වූ විශාඛාවට පසේනදි කොසොල් රජ්ජුරුවන් කෙරෙහි පිළිබඳ වු (පසේනදි රජුලවා කරවා ගත යුතු) කිසියම් කටයුත්තෙක් වෙයි. එය පසේනදි කොසොල් රජ ඇයගේ අදහස පරිදි තීරණය නො කරයි.
Pali BJTඅථ ඛො විසාඛා මිගාරමාතා දිවාදිවස්ස යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො විසාඛං මිගාරමාතරං භගවා එතදවොච: “හන්ද කුතො නු ත්වං විසාඛෙ, ආගච්ඡසි දිවාදිවස්සා”ති.
Sinhala BJTඉක්බිති මෘගාරිමාතා විශාඛා මධ්‍යාහ්න වෙලාවෙහි භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹුණු. එළැඹැ භාග්‍යවතුන් වහන්සේ මනා කොට වැඳ එකත් පසෙක් හුන. එකත් පසෙක හුන්නා වූ මෘගාරිමාතෘ වූ විශාඛාවට භාග්‍යවතුන් වහන්සේ “විශාඛාවෙනි, තෙපි දැන් දෙවෙන් දහවලැ කොහි සිට එන්නහුදැ?”යි වදාළහ.
Pali BJT“ඉධ මෙ භන්තෙ කොචිදෙව අත්ථො රඤ්ඤෙ පසෙනදිම්හි කොසලෙ පටිබද්ධො හොති. තං රාජා පසෙනදි කොසලො න යථාධිප්පායං තීරෙතී”ති.
Sinhala BJT“වහන්ස, මට මෙහි පසේනදි කොසොල් රජ්ජුරුවන් අයත් කිසියම් කටයුත්තෙක් වෙයි. එය පසේනදි කොසොල් රජ මා අදහස පරිදි තීරණය නො කෙරේ යැ”යි සැළ කළා ය.
Pali BJT2. අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:
Sinhala BJT2. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැනැ ඒ වෙලාවෙහි මේ උදානය පහළ කළ සේක.
Pali BJT“සබ්බං පරවසං දුක්ඛ, සබ්බං ඉස්සරියං සුඛං, සාධාරණෙ විහඤ්ඤන්ති යොගා හි දුරතික්කමා”ති.
Sinhala BJT“අනුන් අයත් සියල්ල දුක් ය. සියලු ලොවී ලොවුතුරා ඉසුරු බව සුව ය. සාධාරණය ඉටු කරවා ගැනීමෙහි ලා සියල්ලෝ දුකට පැමිණෙති.(කාමාදි) යෝගයෝ ඉක්මීමෙහි දුෂ්කර වෙති.
Pali BJT2. 10.
Sinhala BJT2. 10.
Pali BJTභද්දියසුත්තං
Sinhala BJTභද්දිය සූත්‍රය
Pali BJT1. එවං මෙ සුත: එකං සමයං භගවා අනුපියායං විහරති අම්බවනෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා භද්දියො කාළිගොධාය පුත්තො අරඤ්ඤගතො’පි රුක්ඛමූලගතො’පි සුඤ්ඤාගාරගතො’පි අභික්ඛණං උදානං උදානෙසි: “අහො සුඛං, අහො සුඛ”න්ති. අස්සොසුං ඛො සම්බහුලා භික්ඛූ ආයස්මතො භද්දියස්ස කාළිගොධාය පුත්තස්ස අරඤ්ඤගතස්ස’පි රුක්ඛමූලගතස්ස’පි සුඤ්ඤාගාරගතස්ස’පි අභික්ඛණං උදානං උදානෙන්තස්ස “අහො සුඛං අහො සුඛ”න්ති. සුත්වාන නෙසං එතදහොසි: “නිස්සංසයං ඛො ආවුසො ආයස්මා භද්දියො කාළිගොධාය පුත්තො අනභිරතො බ්රහ්මචරියං චරති, යං’ස පුබ්බෙ අගාරියභූතස්ස රජ්ජසුඛං, සො තමනුස්සරමානො අරඤ්ඤගතො’පි රුක්ඛමූලගතො’පි සුඤ්ඤාගාරගතො’පි අභික්ඛණං උදානං උදානෙති: අහො සුඛං අහො සුඛ”න්ති
Sinhala BJT1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ අනුපියනුවර අඹවෙනෙහි වැඩ වසන සේක. එසමයෙහි කාළිගෝධාවගේ පුත්‍ර වූ ආයුෂ්මත් භද්දිය ස්ථවිරයන් වහන්සේ වනයට ගියාහු ද, රුක්මුලට ගියාහු ද, ශූන්‍යාගාරයට ගියාහු ද, හැම විට ම “අහෝ සුවයෙක අහෝ සුවයෙකැ”යි උදන් අනන සේක. බොහෝ භික්‍ෂූහු වනයට ගියාවූ ද, රුක්මුලට ගියාහු ද ශූන්‍යාගාරයට ගියාවූ ද කාළිගෝධාවගේ පුත්‍ර වූ ආයුෂ්මත් භද්දිය ස්ථවිරයන් වහන්සේගේ නිතර “අහෝ සුවයෙකි අහෝ සුවයෙකැ”යි පහළ කරන උදානය ඇසූහ. අසා ඔවුනට “ඇවැත්නි නිසැකයෙන් ම කාළිගෝධාවගේ පුත්‍ර වූ ආයුෂ්මත් භද්දිය ස්ථවිරයන් වහන්සේ (ශාසනයෙහි) නො ඇලුණාහු බඹසර හැසිරෙති. පෙර ගිහිගෙයි සිටි ඔහුට යම් රජසුවයෙක් වී නම් හෙ තෙමේ එය සිහි කරන්නේ වනයට ගියේ ද රුක්මුලට ගියේ ද ශූන්‍යාගාරයට ගියේ ද “අහෝ සුවයෙකි, අහෝ සුවයෙකැයි උදන් පහළ කෙරේ යැ”යි මෙබඳු සිතෙක් විය.
Pali BJT2. අථ ඛො සම්බහුලා භික්ඛූ යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛූ භගවන්තං එතදවොචුං: “ආයස්මා භන්තෙ භද්දියො කාළිගොධාය පුත්තො අරඤ්ඤගතො’පි රුක්ඛමූලගතො’පි සුඤ්ඤාගාරගතො’පි අභික්ඛණං උදානං උදානෙති: ‘අහො සුඛං අහො සුඛ’න්ති. නිස්සංසයං ඛො භන්තෙ ආයස්මා භද්දියො කාළිගොධාය පුත්තො අනභිරතො බ්රහ්මචරියං චරති. යං’ස පුබ්බෙ අගාරියභූතස්ස රජ්ජසුඛං, සො තමනුස්සරමානො අරඤ්ඤගතො’පි රුක්ඛමූලගතො’පි සුඤ්ඤාගාරගතො’පි අභික්ඛණං උදානං උදානෙති: “අහො සුඛං අහො සුඛ”න්ති.
Sinhala BJT2. ඉක්බිති බොහෝ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියෝ ය. එළැඹැ භාග්‍යවතුන් වහන්සේ මනා කොට වැඳ එකත් පසෙක හුන්හ. එකත් පසෙක හුන් ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, කාළිගෝධාවගේ පුත්‍ර වූ ආයුෂ්මත් භද්දිය ස්ථවිර තෙමේ වනයට ගිය ද, රුක්මුලට ගිය ද, ශූන්‍යාගාරයට ගිය ද, නිතර “අහෝ සුවයෙකි, අහෝ සුවයෙකැ”යි උදන් අනයි. වහන්ස, නිසැකයෙන් ම කාළිගෝධාවගේ පුත්‍ර වූ ආයුෂ්මත් භද්දිය ස්ථවිර තෙමේ ශාසනයෙහි නො ඇලුණේ බඹසර හැසිරෙයි. පෙර ගිහිගෙයි සිටි ඔහුට යම් රජසුවයෙක් වී නම් හේ එය සිහි කරමින් වනයට ගියේ ද රුක්මුලට ගියේ ද ශූන්‍යාගාරයට ගියේ ද නිතරම “අහෝ සුවයෙක, අහෝ සුවයෙකැ”යි උදන් අනායි කීහ.
Pali BJT3. අථ ඛො භගවා අඤ්ඤතරං භික්ඛුං ආමන්තෙසි: –“එහි ත්වං භික්ඛු, මම වචනෙන භද්දියං භික්ඛුං ආමන්තෙහි: සත්ථා තං ආවුසො භද්දිය ආමන්තෙතී”ති.
Sinhala BJT3. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ එක්තරා මහණකු ඇමැතූ සේක. “මහණ තෝ (මෙහි) එ. ‘ඇවැත, භද්දියය, ශාස්තෲන් වහන්සේ තා අමතති’යි මාගේ වචනයෙන් භද්දිය භික්‍ෂු කැඳව”යි වදාළ සේක.
Pali BJT“එවං භන්තෙ”ති ඛො සො භික්ඛු භගවතො පටිස්සුත්වා යෙනායස්මා භද්දියො කාළිගොධාය පුත්තො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මන්තං භද්දියං කාළිගොධාය පුත්තං එතදවොච “සත්ථා තං ආවුසො භද්දිය, ආමන්තෙතී”ති.
Sinhala BJT“වහන්ස, එසේ යැ”යි ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී කාළිගෝධාවගේ පුත්‍ර වූ ආයුෂ්මත් භද්දිය ස්ථවිරයන් වහන්සේ වෙත එළැඹියේ ය. එළැඹැ කාළිගෝධාවගේ පුත්‍ර වූ භද්දිය ස්ථවිරයන් වහන්සේට “ඇවැත භද්දිය ය, ශාස්තෘන් වහන්සේ තා කැඳවන සේකැ”යි කීය.
Pali BJT“එවමාවුසො”ති ඛො ආයස්මා භද්දියො කාළිගොධාය පුත්තො තස්ස භික්ඛුනො පටිස්සුත්වා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො ආයස්මන්තං භද්දියං කාළිගොධාය පුත්තං භගවා එතදවොච: “සච්චං කිර ත්වං භද්දිය, අරඤ්ඤගතො’පි රුක්ඛමූලගතො’පි සුඤ්ඤාගාරගතො’පි අභික්ඛණං උදානං උදානෙසි: ‘අහො සුඛං, අහො සුඛ”න්ති. “එවං භන්තෙ”ති. “කිං පන ත්වං භද්දිය, අත්ථවසං සම්පස්සමානො අරඤ්ඤගතො’පි රුක්ඛමූලගතො’පි සුඤ්ඤාගාරගතො’පි අභික්ඛණං උදානං උදානෙසි: ‘අහො සුඛං අහො සුඛ”න්ති.
Sinhala BJT“ඇවැත් එසේ යැ”යි කාළිගෝධාවගේ පුත්‍ර වූ ආයුෂ්මත් භද්දිය ස්ථවිරයන් වහන්සේ ඒ භික්‍ෂුහට පිළිවදන් දී භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියහ. එළැඹැ භාග්‍යවතුන් වහන්සේ මනා කොට වැඳ එකත් පසෙක හුන්හ. එකත් පසෙක හුන්නාවූ කාළිගෝධාවගේ පුත්‍ර වූ ආයුෂ්මත් භද්දිය ස්ථවිරයන්ට භාග්‍යවතුන් වහන්සේ - “සැබව, භද්දිය ය, වනයට ගිය ද, රුක්මුලට ගිය ද, ශූන්‍යාගාරයට ගිය ද තෝ නිතර ‘අහෝ සුවයෙකි අහෝ සුවයෙකැ’යි උදන් අනයි? වදාළහ. “එසේය වහන්ස”යි හේ කී ය. “භද්දිය ය, වනයට ගිය ද, රුක්මුලට ගිය ද, ශූන්‍යාගාරයට ගිය ද තෝ කවර ප්‍රයෝජනයක් දකිමින් නිතර ම “අහෝ සුවයෙක අහෝ සුවයෙකැයි උදන් අනයි දැ”යි භාග්‍යවතුන් වහන්සේ අසා වදාළ සේක.
Pali BJT“පුබ්බෙ මෙ භන්තෙ අගාරියභූතස්ස රජ්ජං කාරෙන්තස්ස අන්තො’පි අන්තෙපුරෙ රක්ඛා සුසංවිහිතා අහොසි, බහි’පි අන්තෙපුරෙ රක්ඛා සුසංවිහිතා අහොසි. අන්තො’පි නගරෙ රක්ඛා සුසංවිහිතා අහොසි, බහි’පි නගරෙ රක්ඛා සුසංවිහිතා අහොසි. අන්තො’පි ජනපදෙ රක්ඛා සුසංවිහිතා අහොසි බහි’පි ජනපදෙ රක්ඛා සුසංවිහිතා අහොසි. සො ඛො අහ, භන්තෙ එවං රක්ඛිතො ගොපිතො සන්තො භීතො උබ්බිග්ගො උස්සඞ්කී උත්රාසී{1} විහාසිං. එතරහි ඛො පනාහං භන්තෙ අරඤ්ඤගතො’පි රුක්ඛමූලගතො’පි සුඤ්ඤාගාරගතො’පි එකො අභිතො අනුබ්බිග්ගො අනුස්සඞ්කී අනුත්රාසී{2} අප්පොස්සුක්කො පන්නලොමො පරදවුත්තො{3} මිගභූතෙන චෙතසා විහරාමි. ඉදං ඛො අහං භන්තෙ අත්ථවසං සම්පස්සමානො අරඤ්ඤගතො’පි රුක්ඛමූලගතො’පි සුඤ්ඤාගාරගතො’පි අභික්ඛණං උදානං උදානෙමි:{4} ‘අහො සුඛං අහො සුඛ”න්ති.
Sinhala BJT“වහන්ස, පෙර ගිහිගෙයි සිටි රජය කරන මට අන්තඃපුරයෙහි ඇතුළත ද ආරක්‍ෂාව සලසන ලද්දේ විය. අන්තඃපුරයෙහි පිටත ද ආරක්‍ෂාව සලසන ලද්දේ විය. නගරයෙහි ඇතුළත ද ආරක්‍ෂාව සලසන ලද්දේ විය. නගරයෙහි පිටත ද ආරක්‍ෂාව සලසන ලද්දේ විය. ජනපදයෙහි ඇතුළත ද ආරක්‍ෂාව සලසන ලද්දේ විය. ජනපදයෙහි පිටත ද ආරක්‍ෂාව සලසන ලද්දේ විය. වහන්ස, ඒ මම් මෙසේ රක්‍ෂිත ගෝපිත වූයෙම් ම බිය වූයෙම් බියෙන් සැලුනෙම් නැගුණු සැක ඇත්තෙම් තැති ගැනුම් ඇත්තෙම් වාසය කළෙමි. වහන්ස, දැන් වනාහි මම වනයට ගියෙම් ද, රුක්මුලට ගියෙම් ද, ශූන්‍යාගාරයට ගියෙම් ද, හුදකලා වූයෙම් ද, බිය නොවූයෙම් බියෙන් නො සැලුනෙම් නැගුණු සැක නැතියෙම් තැතිගැනුම් නැතියෙම් ලොමුදහ නැතියෙම් අනුන් විසින් දෙන ලද චීවරාදියෙන් යැපෙන්නෙම්, මුවාගේ සිත වැනි (කිසිවක් කෙරෙහි අපේක්‍ෂා නැති) සිතෙකින් (යුක්ත ව) වසමි. වහන්ස, මම මේ කාරණය බලමින් වනයට ගියෙම් ද, රුක්මුලට ගියෙම් ද, ශූන්‍යාගාරයට ගියෙම් ද, ‘අහෝ සුවයෙකි අහෝ සුවයෙකැ’යි උදන් පහළ කෙරෙමි”යි තෙරණුවෝ කීහ.
Pali BJT4. අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:
Sinhala BJT4. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැනැ ඒ වෙලාවෙහි මේ උදානය පහළ කළ සේක:
Pali BJT“යස්සන්තරතො න සන්ති කොපා ඉති භවාභවතඤ්ච වීතිවත්තො, තං විගතභයං සුඛිං අසොක, දෙවා නානුභවන්ති දස්සනායා”ති.
Sinhala BJT“යමෙකුගේ අභ්‍යන්තරයෙහි කෝපයෝ නැත් ද, යම් හෙයෙකින් සම්පත් විපත් ආදි භවාභවතාව ඉක්මැ සිටියේ ද, මෙබඳු වූ පහ ව ගිය භය ඇති, සුඛිත වූ, ශෝක නැති, ක්‍ෂීණාස්‍රවයා දකින්නට දෙවියෝ අසමර්‍ත්‍ථ වෙත්.”
Pali BJTමුචලින්දවග්ගො දුතියො.
Sinhala BJTදෙවෙනි මුචලින්‍ද වර්‍ගය යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTමුචලින්දො රාජා දණ්ඩෙන, සක්කාරො උපාසකෙන ච. ගබ්භිනී එකපුත්තො ච සුප්පවාසා විසාඛා ච කාළිගොධාය භද්දියොති.
Sinhala BJTමුචලින්‍ද, රාජ, දණ්ඩ, සක්කාර, උපාසක, ගබ්භීනි, ඒකපුත්ත, සුප්පවාසා, විසාඛා, භද්දිය යී සූත්‍ර දශයෙකි.
Pali BJTනන්දවග්ගො තතියො
Sinhala BJTනන්‍ද වර්‍ගය
Pali BJT3. 1.
Sinhala BJT3. 1.
Pali BJTකම්මසුත්තං
Sinhala BJTකර්‍ම සූත්‍රය