Pali BJTසුත්තන්තපිටකෙ
Sinhala BJTසූත්‍රපිටකයෙහි
Pali BJTඛුද්දකනිකායො
Sinhala BJTකුදුගත් සඟිය
Pali BJT(තතියො ගන්ථො)
Sinhala BJT(තෙවන ග්‍රන්‍ථය)
Pali BJTඋදානපාළි
Sinhala BJTඋදාන පාළිය
Pali BJTබොධිවග්ගො පඨමො
Sinhala BJTපළමු බෝධි වර්‍ගය
Pali BJTනමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස.
Sinhala BJTඒ භගවත් අර්‍හත් සම්‍යක්සම්බුද්ධෝත්තමයන් වහන්සේට නමස්කාර වේවා.
Pali BJT1. 1.
Sinhala BJT1. 1.
Pali BJTපඨමබොධිසුත්තං
Sinhala BJTප්‍රථම බෝධි සූත්‍රය
Pali BJTඑවං මෙ සුතං: එකං සමයං භගවා උරුවෙලායං විහරති නජ්ජා නෙරඤ්ජරාය තීරෙ බොධිරුක්ඛමූලෙ පඨමාභිසම්බුද්ධො. තෙන ඛො පන සමයෙන{1} භගවා සත්තාහං එකපල්ලඞ්කෙන නිසින්නො හොති විමුත්තිසුඛපටිසංවෙදී.
Sinhala BJTමා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ අභිසම්බෝධියට පැමිණ (බුදු වැ) පළමු කොට ම උරුවෙල්දනව්හි නිල්දලා හෝ තෙරැ බෝරුක්මුලැ වසන සේක. එ සමයෙහි භාග්‍යවතුන් වහන්සේ රහත්පල සමවත්සුව විඳුනා සේක්, සතියක් එක් පලගින් හුන් සේක් වෙති.
Pali BJTඅථ ඛො භගවා තස්ස සත්තාහස්ස අච්චයෙන තම්හා සමාධිම්හා වුට්ඨහිත්වා රත්තියා පඨමං යාමං පටිච්චසමුප්පාදං අනුලොමං සාධුකං මනසාකාසි: “ඉති ඉමස්මිං සති ඉදං හොති, ඉමස්සුප්පාදා ඉදං උප්පජ්ජති, යදිදං අවිජ්ජාපච්චයා සඞ්ඛාරා, සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණපච්චයා නාමරූපං, නාමරූපපච්චයා සළායතනං, සළායතනපච්චයා ඵස්සො, ඵස්සපච්චයා වෙදනා, වෙදනාපච්චයා තණ්හා, තණ්හාපච්චයා උපාදානං, උපාදානපච්චයා භවො, භවපච්චයා ජාති, ජාතිපච්චයා ජරාමරණං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා සම්භවන්ති. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොතී”ති.
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ එ සතිය ඇවෑමෙන් ඒ සමාධියෙන් නැගී සිටැ රෑ පළමු යම්හි, “මෙසේ මේ අයුරින් මේ ප්‍රත්‍යය ඇතිවත් මැ මේ ඵලය වෙයි. මේ ප්‍රත්‍යය ඉපැද්මෙන් මේ ඵලය උපදනේ”යැ යි අනුලොම් පිළිසසමුපාව මොනොවට මෙනෙහි කළ සේක. හෙ කෙසේයයත්: “අවිද්‍යාප්‍රත්‍යයයෙන් සංස්කාරයෝ වෙති. සංස්කාරප්‍රත්‍යයයෙන් විඥානය වේ. විඥානප්‍රත්‍යයයෙන් නාමරූපය වේ. නාමරූපප්‍රත්‍යයයෙන් ෂඩායතන වේ. ෂඩායතනප්‍රත්‍යයයෙන් ස්පර්‍ශය වේ. ස්පර්‍ශප්‍රත්‍යයයෙන් වේදනාව වේ. වේදනාප්‍රත්‍යයයෙන් තෘෂ්ණාව වේ. තෘෂ්ණාප්‍රත්‍යයයෙන් උපාදානය වේ. උපාදානප්‍රත්‍යයයෙන් භවය වේ. භවප්‍රත්‍යයයෙන් ජාතිය වේ. ජාතිප්‍රත්‍යයයෙන් ජරාමරණ ශෝක පරිදේව දුක් දොම්නස් උපායාස යන මොහු වෙත්. (පහළ වෙත්.) මෙසේ මේ සියලු දුඃඛස්කන්‍ධයාගේ ඉපැද්ම වේ” යනු යි.
Pali BJTඅථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ (හැම අයුරින්) මේ අර්‍ත්‍ථය දැන එ වේලෙහි මේ උදන් ඇනූ සේක.
Pali BJTයදා හවෙ පාතුභවන්ති ධම්මා ආතාපිනො ඣායතො බ්රාහ්මණස්ස, අථස්ස කඞ්ඛා වපයන්ති සබ්බා යතො පජානාති සහෙතුධම්මන්ති.
Sinhala BJT“කෙලෙස් තවන වැර ඇති, දහන් වඩන බ්‍රාහ්මණයාට (පව් බැහැරැ කළාහට - රහත්හට) යම් ක්‍ෂණයෙක බෝපැකිදහම්හු උපදිත් ද, එ කල්හි ඔහුගේ හැම සැක දුරු වේ. යම් හෙයකින් හේ සහේතුක වූ දුඃඛස්කන‍්ධධර්‍මය දත්තේ ද එහෙයිනි” යනු යි.
Pali BJT1. 2.
Sinhala BJT1. 2.
Pali BJTදුතියබොධිසුත්තං
Sinhala BJTද්විතීය බෝධි සූත්‍රය
Pali BJTඑවං මෙ සුතං: එක සමයං භගවා උරුවෙලායං විහරති නජ්ජා නෙරඤ්ජරාය තීරෙ බොධිරුක්ඛමූලෙ පඨමාභිසම්බුද්ධො. තෙන ඛො පන සමයෙන{1} භගවා සත්තාහං එකපල්ලඞ්කෙන නිසින්නො හොති විමුත්තිසුඛපටිසංවෙදී.
Sinhala BJTමා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ අභිසම්බෝධියට පැමිණ පළමු කොට ම උරුවෙල්දනව්හි නිල්දලා හෝ තෙරැ බෝරුක්මුලැ වසන සේක. එ සමයෙහි භාග්‍යවතුන් වහන්සේ රහත්පල සමවත්සුව විඳුනා සේක්, සතියක් එක් පලගින් හුන් සේක් වෙති.
Pali BJTඅථ ඛො භගවා තස්ස සත්තාහස්ස අච්චයෙන තම්හා සමාධිම්හා වුට්ඨහිත්වා රත්තියා මජ්ඣිමං යාමං පටිච්චසමුප්පාදං පටිලොමං සාධුකං මනසාකාසි: “ඉති ඉමස්මිං අසති ඉදං න හොති, ඉමස්ස නිරොධා ඉදං නිරුජ්ඣති, යදිදං අවිජ්ජානිරොධා සඞ්ඛාරනිරොධො, සඞ්ඛාරනිරොධා විඤ්ඤාණනිරොධො, විඤ්ඤාණනිරොධා නාමරූපනිරොධො, නාමරූපනිරොධා සළායතනනිරොධො, සළායතනනිරොධා ඵස්සනිරොධො, ඵස්සනිරොධා වෙදනානිරොධො, වෙදනානිරොධා තණ්හානිරොධො, තණ්හානිරොධා උපාදානනිරොධො, උපාදානනිරොධා භවනිරොධො, භවනිරොධා ජාතිනිරොධො, ජාතිනිරොධා ජරාමරණං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා නිරුජ්ඣන්ති. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරොධො හොතී”ති.
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ එ සතිය ඇවෑමෙන් ඒ සමාධියෙන් නැගී සිටැ රෑ මැදුම් යම්හි, “මෙසේ මෙය නොමැති කල්හි මෙය නො වේ. මෙය නිරුද්ධ වීමෙන් මෙය නිරුද්ධ වේ යැ”යී ප්‍රතිලෝම ප්‍රතීත්‍යසමුත්පාදය මොනොවට මෙනෙහි කළ සේක. හේ කෙසේයයත්: “අවිද්‍යානිරෝධයෙන් සංස්කාර නිරෝධය වේ. සංස්කාරනිරෝධයෙන් විඥානනිරෝධය වේ. විඥානනිරෝධයෙන් නාමරූපනිරෝධය වේ. නාමරූප නිරෝධයෙන් ෂඩායතන නිරෝධය වේ. ෂඩායතනනිරොධයෙන් ස්පර්‍ශයනිරෝධය වේ. ස්පර්‍ශනිරෝධයෙන් වේදනානිරෝධය වේ. වේදනානිරෝධයෙන් තෘෂ්ණානිරෝධය වේ. තෘෂ්ණානිරෝධයෙන් උපාදානය නිරෝධය වේ. උපාදානනිරෝධයෙන් භවනිරෝධය වේ. භවනිරෝධයෙන් ජාතිනිරොධය වේ. ජාතිනිරෝධයෙන් ජරාමරණ ශෝකපරිදේව දුක්දොම්නස් උපායාස යන මොහු නිරුද්ධ වෙත්. මෙසේ මේ සියලු දුඃඛස්කන්‍ධයාගේ නිරෝධය වේ” යනු යි.
Pali BJTඅථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙති:
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ (හැම අයුරින්) මේ අර්‍ත්‍ථය දැන එ වේලෙහි මේ උදන් ඇනූ සේක.
Pali BJTයදා හවෙ පාතුභවන්ති ධම්මා, ආතාපිනො ඣායතො බ්රාහ්මණස්ස, අථස්ස කඞ්ඛා වපයන්ති සබ්බා යතො ඛයං පච්චයානං අවෙදීති.
Sinhala BJT“කෙලෙස් තවන වැර ඇති, දහන් වඩන බ්‍රාහ්මණයාට (බාහිතපාප පුද්ගලයාහට - රහත්හට) යම් ක්‍ෂණයෙක බෝපැකිදහම්හු උපදිත් ද එ කල්හි - යම් හෙයෙකින් හේ ප්‍රත්‍යයන්ගේ නිරෝධය පිළිවිදියේ ද එහෙයින් - ඔහුගේ සියලු සැක දුරු වැ යේ” යනු යි.
Pali BJT1. 3.
Sinhala BJT1. 3.
Pali BJTතතියබොධිසුත්තං
Sinhala BJTතෘතීය බෝධි සූත්‍රය
Pali BJTඑවං මෙ සුතං: එකං සමයං භගවා උරුවෙලායං විහරති නජ්ජා නෙරඤ්ජරාය තීරෙ බොධිරුක්ඛමූලෙ පඨමාභිසම්බුද්ධො. තෙන ඛො පන සමයෙන{2} භගවා සත්තාහං එකපල්ලඞ්කෙන නිසින්නො හොති විමුත්තිසුඛපටිසංවෙදී.
Sinhala BJTමා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ අභිසම්බෝධියට පැමිණ පළමුවෙන් ම උරුවෙල්දනව්හි නිල්දලා හෝ තෙරැ බෝරුක්මුලැ වසන සේක. එ සමයෙහි භාග්‍යවතුන් වහන්සේ රහත්පල සමවත්සුව විඳුනා සේක්, සතියක් එක් පලගින් හුන් සේක් වෙති.
Pali BJTඅථ ඛො භගවා තස්ස සත්තාහස්ස අච්චයෙන තම්හා සමාධිම්හා වුට්ඨහිත්වා රත්තියා පච්ඡිමං යාමං පටිච්චසමුප්පාදං අනුලොමපටිලොමං සාධුකං මනසාකාසි: “ඉති ඉමස්මිං සති ඉදං හොති, ඉමස්සුප්පාදා ඉදං උප්පජ්ජති, ඉමස්මිං අසති ඉදං න හොති, ඉමස්ස නිරොධා ඉදං නිරුජ්ඣති. යදිදං අවිජ්ජාපච්චයා සඞ්ඛාරා, සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණපච්චයා නාමරූපං, නාමරූපපච්චයා සළායතනං, සළායතනපච්චයා ඵස්සො, ඵස්සපච්චයා වෙදනා, වෙදනාපච්චයා තණ්හා, තණ්හාපච්චයා උපාදානං, උපාදානපච්චයා භවො, භවපච්චයා ජාති, ජාතිපච්චයා ජරාමරණං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා සම්භවන්ති. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ එ සතිය ඇවෑමෙන් ඒ සමාධියෙන් නැගි සිට, රෑ පැසිම් යම්හි, “මෙසේ මෙය ඇති කල්හි මෙය වේ. මෙය ඉපැද්මෙන් මෙය උපදනේ ය. මෙය නොමැති කල්හි මෙය නො වේ. මෙය නිරුද්ධ වීමෙන් මෙය නිරුද්ධ වේ යැ”යි. අනුලෝම ප්‍රතිලෝම ප්‍රතීත්‍යසමුත්පාදය මොනොවට මෙනෙහි කළ සේක. හෙ කෙසේයයත්: “අවිද්‍යාප්‍රත්‍යයයෙන් සංස්කාරයෝ වෙති. සංස්කාරප්‍රත්‍යයයෙන් විඥානය වේ. විඥානප්‍රත්‍යයයෙන් නාමරූපය වේ. නාමරූපප්‍රත්‍යයයෙන් ෂඩායතන වේ. ෂඩායතනප්‍රත්‍යයයෙන් ස්පර්‍ශය වේ. ස්පර්‍ශප්‍රත්‍යයයෙන් වේදනාව වේ. වේදනාප්‍රත්‍යයයෙන් තෘෂ්ණාව වේ. තෘෂ්ණාප්‍රත්‍යයයෙන් උපාදානය වේ. උපාදානප්‍රත්‍යයයෙන් භවය වේ. භවප්‍රත්‍යයයෙන් ජාතිය වේ. ජාතිප්‍රත්‍යයයෙන් ජරාමරණ ශෝකපරිදේව දුක්දොම්නස් උපායාස යන මොහු වෙත් (උපදිත්.) මෙසේ මේ සියලු දුඃඛස්කන්‍ධයාගේ ඉපැද්ම වේ.
Pali BJTඅවිජ්ජායත්වෙව අසෙසවිරාගනිරොධා සඞ්ඛාරනිරොධො, සඞ්ඛාරනිරොධා විඤ්ඤාණනිරොධො, විඤ්ඤාණනිරොධා නාමරූපනිරොධො, නාමරූපනිරොධා සළායතනනිරොධො, සළායතනනිරොධා ඵස්සනිරොධො, ඵස්සනිරොධා වෙදනානිරොධො, වෙදනානිරොධා තණ්හානිරොධො, තණ්හානිරොධා උපාදානනිරොධො, උපාදානනිරොධා භවනිරොධො, භවනිරොධා ජාතිනිරොධො, ජාතිනිරොධා ජරාමරණං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා නිරුජ්ඣන්ති. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරොධො හොතී”ති.
Sinhala BJTඅවිද්‍යාවගේ ම වූ කලි නිරවශේෂ නිරෝධයෙන් සංස්කාරයන්ගේ නිරෝධය වේ. සංස්කාරයන්ගේ නිරෝධයෙන් විඥානයාගේ නිරෝධය වේ. විඥානනිරෝධයෙන් නාමරූපනිරෝධය වේ. නාමරූපනිරෝධයෙන් ෂඩායතනනිරෝධය වේ. ෂඩායතනනිරොධයෙන් ස්පර්‍ශනිරෝධය වේ. ස්පර්‍ශනිරෝධයෙන් වේදනානිරෝධය වේ. වේදනානිරෝධයෙන් තෘෂ්ණානිරෝධය වේ. තෘෂ්ණානිරෝධයෙන් උපාදානනිරෝධය වේ. උපාදානනිරෝධයෙන් භවනිරෝධය වේ. භවනිරෝධයෙන් ජාතිනිරොධය වේ. ජාතිනිරෝධයෙන් ජරාමරණ ශෝකපරිදේව දුක් දොම්නස් උපායාස යන මොහු නිරුද්ධ වෙත්. මෙසේ මේ සියලු දුඃඛස්කන්‍ධයාගේ නිරෝධය වේ.”
Pali BJTඅථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ හැම අයුරින් මේ අර්‍ත්‍ථය දැන එ වේලෙහි මේ උදන් ඇනූ සේක.
Pali BJTයදා හවෙ පාතුභවන්ති ධම්මා ආතාපිනො ඣායතො බ්රාහ්මණස්ස, විධූපයං තිට්ඨති මාරසෙනං සුරියො’ව ඔභාසයමන්තළික්ඛන්ති.
Sinhala BJT“කෙලෙස් තවන වැර ඇති, දහන් වඩන බ්‍රාහ්මණයාට (රහත්හට) යම් ක්‍ෂණයෙක බෝපැකිදහම්හු උපදිත් ද, එ කලැ හේ හිරුහු (අඳුර දුරැලා) අහස බබුළුවන්නහු මෙන් මරසෙන් විධ්වස්ත (කම්පිත) කෙරෙමින් සිටී” යනු යි.
Pali BJT1. 4.
Sinhala BJT1. 4.
Pali BJTනිග්රොධසුත්තං
Sinhala BJTන්‍යග්‍රෝධ සූත්‍රය
Pali BJTඑවං මෙ සුතං: එකං සමයං භගවා උරුවෙලායං විහරති නජ්ජා නෙරඤ්ජරාය තීරෙ අජපාලනිග්රොධමූලෙ{1} පඨමාභිසම්බුද්ධො. තෙන ඛො පන සමයෙන භගවා සත්තාහං එකපල්ලඞ්කෙන නිසින්නො හොති විමුත්තිසුඛපටිසංවෙදී.
Sinhala BJTමා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ (බුදු වැ) පළමු ව (පස්වන සතියෙහි) උරුවෙල්දනව්වෙහි නිල්දලා නී තෙරැ අජපල් නුගරුක් මුලැ වැඩ වසන සේක. එ සමයෙහි භාග්‍යවතුන් වහන්සේ රහත්පල සමවත්සුව විඳුනා සේක් සතියක් එක් පලගින් හුන් සේක් වෙති.
Pali BJTඅථ ඛො භගවා තස්ස සත්තාහස්ස අච්චයෙන තම්හා සමාධිම්හා වුට්ඨාසි. අථ ඛො අඤ්ඤතරො හුහුඞ්කජාතිකො{2} බ්රාහ්මණො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතො ඛො සො බ්රාහ්මණො භගවන්තං එතදවොච:
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ සතිය ඇවෑමෙන් ඒ සමාධියෙන් නැඟී සිටි සේක. එ කල්හි හුහුංකජාතික වූ එක්තරා බමුණෙක් භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක ද එ තැනට එළඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ හා සමග සතුටු විය. සතුටු වන්නට නිසි සිතැ රැඳැවිය යුතු (සිහි කටයුතු) කථා කොට නිමවා එක් පසෙක සිටියේ ය. එක් පසෙක සිටියේ ම එ බමුණු භාග්‍යවතුන් වහන්සේට මේ වචන කීය.
Pali BJT“කිත්තාවතා නු ඛො භො ගොතම බ්රාහ්මණො හොති? කතමෙ ච පන බ්රාහ්මණකරණා ධම්මා?”ති{3}
Sinhala BJT“භවද්ගෞතමයිනි, කොතෙකින් බමුණෙක් වේ ද? බමුණුබව කරණ දහම්හු කවුරු නම් වෙත් දැ?”යී
Pali BJTඅථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:
Sinhala BJTඑකල්හි භාග්‍යවතුන් වහන්සේ මේ අර්‍ත්‍ථය දැන එ වේලෙහි මේ උදන් ඇනූ සේක:
Pali BJTයො බ්රාහ්මණො බාහිතපාපධම්මො නිහුහුඞ්කො{4} නික්කසාවො යතත්තො වෙදන්තගූ වුසිතබ්රහ්මචරියො ධම්මෙන සො බ්රහ්මවාදං වදෙය්ය යස්සුස්සදා නත්ථි කුහිඤ්චි ලොකෙති.
Sinhala BJT“යම් බමුණෙක් බැහැරැ ලූ පාපධර්‍ම ඇතියේ ද, (ක්‍රෝධ මාන විසින්) හුහුංකාර නැත්තේ ද, කෙලෙස්කසට නැත්තේ ද, සංයත වූ සිතැත්තේ ද, සිවුමඟ නුවණින් නිවනට පැමිණියේ වේ ද, වැසනිමැ වූ මඟබඹසර ඇත්තේ ද, යමකුගේ (සතන්හි) ලොවැ කිසි අරමුණෙක්හි දු උත්සදයෝ (නැඟ එන රාගාදිහු) නැත් ද, හෙ තෙමේ “මම් බමුණුමි”යි බ්‍රහ්මවාදය කියනුයේ දහම් නයින් කියන්නේ ය”යනු යි.
Pali BJT1. 5.
Sinhala BJT1. 5.
Pali BJTබ්රාහ්මණසුත්තං
Sinhala BJTස්ථවිර සූත්‍රය
Pali BJTඑවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා ච සාරිපුත්තො ආයස්මා ච මහාමොග්ගල්ලානො ආයස්මා ච මහාකස්සපො ආයස්මා ච මහාකච්චායනො ආයස්මා ච මහාකොට්ඨිකො ආයස්මා ච මහාකප්පිනො ආයස්මා ච මහාචුන්දො ආයස්මා ච අනුරුද්ධො ආයස්මා ච රෙවතො ආයස්මා ච ආනන්දො{1} යෙන භගවා තෙනුපසඞ්කමිංසු. අද්දසා ඛො භගවා තෙ ආයස්මන්තෙ දූරතො’ව ආගච්ඡන්තෙ. දිස්වාන භික්ඛූ ආමන්තෙසි:. “එතෙ භික්ඛවෙ බ්රාහ්මණා ආගච්ඡන්ති, එතෙ භික්ඛවෙ බ්රාහ්මණා ආගච්ඡන්තී”ති.
Sinhala BJTමා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක. එසමයෙහි ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථිවිරයන් වහන්සේ ද, ආයුෂ්මත් මහාමෞද්ගල්‍යාන ස්ථවිරයන් වහන්සේ ද, ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ ද, ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිරයන් වහන්සේ ද, ආයුෂ්මත් මහාකොට්ඨිත ස්ථවිරයන් වහන්සේ ද, ආයුෂ්මත් මහාකප්පින ස්ථවිරයන් වහන්සේ ද, ආයුෂ්මත් මහාචුන්‍ද ස්ථවිරයන් වහන්සේ ද, ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ ද, ආයුෂ්මත් රේවත ස්ථවිරයන් වහන්සේ ද, ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ ද භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියාහ. භාග්‍යවතුන් වහන්සේ එන්නාවූ ඒ ආයුෂ්මතුන් දුර දී ම දුටු සේක. දැක “මහණෙනි, මේ බමුණෝ එති. මහණෙනි, මේ බමුණෝ එති”යි භික්‍ෂූන් ඇමැතූ සේක.
Pali BJTඑවං වුත්තෙ, අඤ්ඤතරො බ්රාහ්මණජාතිකො භික්ඛු භගවන්තං එතදවොච: – “කිත්තාවතා නු ඛො, භන්තෙ, බ්රාහ්මණො හොති? කතමෙ ච පන බ්රාහ්මණකරණා ධම්මා”ති?
Sinhala BJTමෙසේ වදාළ කල්හි බ්‍රාහ්මණ ජාතික වූ එක්තරා භික්‍ෂුවෙක් භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, කොපමණෙකින් බමුණෙක් වේ ද? බමුණු බව කරන ධර්‍මයෝ කවරහු දැ”යි මෙය කීය.
Pali BJTඅථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැනැ ඒ වෙලාවෙහි මේ උදානය පහළ කළ සේක:
Pali BJTබාහිත්වා පාපකෙ ධම්මෙ යෙ චරන්ති සදා සතා, ඛීණසංයොජනා බුද්ධා තෙ වෙ{2} ලොකස්මි බ්රාහ්මණා’ති.
Sinhala BJT“යම් කෙනෙක් ලාමක අකුශල ධර්‍මයන් දුරු කොට හැම කල්හි ස්මෘතිමත් ව හැසිරෙත් ද, ක්‍ෂය කරන ලද සංයෝජන ඇති, චතුරාර්‍ය්‍යසත්‍යාවබෝධය කළා වූ ඔවුහු ඒකාන්තයෙන් ලෝකයෙහි බ්‍රාහ්මණ වෙත්.
Pali BJT1. 6.
Sinhala BJT1. 6.
Pali BJTකස්සපසුත්තං
Sinhala BJTකාශ්‍යප සූත්‍රය
Pali BJTඑවං මෙ සුත: එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා මහාකස්සපො පිප්පලිගුහායං{3} විහරති ආබාධිකො දුක්ඛිතො බාළ්හගිලානො. අථ ඛො ආයස්මා මහාකස්සපො අපරෙන සමයෙන තම්හා ආබාධා වුට්ඨාසි.
Sinhala BJTමා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කාලන්‍දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩ වසන සේක. එ සමයෙහි ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ ආබාධික ව දුඃඛිත ව දැඩි ගිලන් ව පිප්ඵලි ගුහාවෙහි වසන සේක.
Pali BJTඅථ ඛො ආයස්මතො මහාකස්සපස්ස තම්හා ආබාධා වුට්ඨිතස්ස එතදහොසි. – “යන්නූනාහං රාජගහං පිණ්ඩාය පවිසෙය්ය”න්ති.
Sinhala BJTඉක්බිති ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ පසු කලෙක ඒ ආබාධයෙන් නැඟී සිටි සේක. පසු කලෙක ඒ ආබාධයෙන් නැඟී සිටි මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේට “මම් රජගහනුවරට පිඬු පිණිස පිවිසෙන්නෙම් නම් මැනැවැ”යි මෙබඳු සිතෙක් පහළ විය.
Pali BJTතෙන ඛො පන සමයෙන පඤ්චමත්තානි දෙවතාසතානි උස්සුක්කං ආපන්නානි හොන්ති ආයස්මතො මහාකස්සපස්ස පිණ්ඩපාතපටිලාභාය.
Sinhala BJTඑසමයෙහි පන්සියක් පමණ දෙවඟනෝ ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේට පිණ්ඩපාතය පිළිලබවනු පිණිස උත්සුක බවට පැමිණියාහු වෙති.
Pali BJTඅථ ඛො ආයස්මා මහාකස්සපො තානි පඤ්චමත්තානි දෙවතාසතානි පටික්ඛිපිත්වා පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය රාජගහං පිණ්ඩාය පාවිසි, යෙන දළිද්දවිසිඛා කපණවිසිඛා පෙසකාරවිසිඛා.
Sinhala BJTඉක්බිති ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ ඒ පන්සියක් පමණ දෙවඟනන් පිළිකෙවු කොට පෙරවරු වේලෙහි හැඳැ පෙරෙ වැ පාසිවුරු ගෙන රජගහනුවර දිළිඳුන් වසන, දුප්පත් මිනිසුන් වසන, පෙහෙරුන් වසන වීදියට පිඬු පිණිස පිවිසි සේක.
Pali BJTඅද්දසා ඛො භගවා ආයස්මන්තං මහාකස්සපං රාජගහෙ පිණ්ඩාය චරන්තං, යෙන දළිද්දවිසිඛා කපණවිසිඛා පෙසකාරවිසිඛා.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ රජගහනුවර දිළඳුන් දුගීන් පෙහෙරුන් වසන වීදියෙහි පිඬු පිණිස හැසිරෙන ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ දුටු සේක.
Pali BJTඅථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:
Sinhala BJTඑකල්හි භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ දැන ඒ වේලෙහි මේ ප්‍රීතිවාක්‍ය පහළ කළ සේක:
Pali BJT“අනඤ්ඤපොසිං අඤ්ඤාතං{1} දන්තං සාරෙ පතිට්ඨිතං, ඛීණාසවං වත්තදොසං, තමහං බ්රූමි බ්රාහ්මණ”න්ති.
Sinhala BJT“අනෙකකු පෝෂණය නො කරන සුලු, ප්‍රසිද්ධ වූ (ඉන්‍ද්‍රිය දමනයෙන්) දැමුණු, (විමුක්ති) සාරයෙහි පිහිටි, ක්‍ෂීණ ආස්‍රව ඇති, දුරු කරනලද (රාගාදි) දොස් ඇති, ඒ උත්තමයා බ්‍රාහ්මණයෙකැ යි මම් කියමි”.
Pali BJT1. 7.
Sinhala BJT1. 7.
Pali BJTපාවාසුත්තං
Sinhala BJTපාවා සූත්‍රය
Pali BJT1. එවං මෙ සුතං: එකං සමයං භගවා පාවායං{2} විහරති අජකලාපකෙ චෙතියෙ, අජකලාපකස්ස යක්ඛස්ස භවනෙ. තෙන ඛො පන සමයෙන භගවා රත්තන්ධකාරතිමිසායං අබ්භොකාසෙ නිසින්නො හොති. දෙවො ච එකමෙකං ඵුසායති. අථ ඛො අජකලාපකො යක්ඛො භගවතො භයං ඡම්භිතත්තං ලොමහංසං උප්පාදෙතුකාමො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවතො අවිදූරෙ තික්ඛත්තුං ‘අක්කුලො පක්කුලො’ති අක්කුලපක්කුලිකං අකාසි, ‘එසො තෙ සමණ පිසාචො’ති.
Sinhala BJT1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ පාවානුවර අජකලාපක (නම්) චෛත්‍යය සමීපයෙහි අජකලාපක නම් යක්‍ෂයාගේ දෙවොලෙහි වැඩ වසන සේක. එ සමයෙහි භාග්‍යවතුන් වහන්සේ රෑ බොල් අඳුරුයෙහි අභ්‍යවකාශයෙහි වැඩ හුන් සේක. වැස්ස ද එක එක බින්‍දුව හෙළයි. එ කල්හි අජකලාපක යක්‍ෂ තෙමේ භාග්‍යවතුන් වහන්සේට බිය, තැති ගැන්ම, ලොමුදහ ගැන්ම උපදවනු කැමැත්තේ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ ය. එළැඹැ භාග්‍යවතුන් වහන්සේට නුදුරෙහි තුන්වරක් “අක්කුල පක්කුල”යැ යි (අනුකරණ ශබ්දයක්) කෙළේ ය. “ශ්‍රමණයන් වහන්ස, මුබ වෙත මේ පිසාචයෙක් පැමිණියේ යැ” යි කීයේ ය.
Pali BJT2. අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:
Sinhala BJT2. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කරුණු දැන ඒ වෙලාවෙහි මේ ප්‍රීතිවාක්‍ය පහළ කළ සේක:
Pali BJTයදා සකෙසු ධම්මෙසු පාරගූ හොති බ්රාහ්මණො, අථ එතං පිසාචඤ්ච පක්කුලඤ්චාතිවත්තතීති.
Sinhala BJT“යම් කලෙක්හි (බාහිත පාප) බ්‍රාහ්මණ තෙමේ ස්වකීය ධර්‍මයන්හි පරතෙරට ගියේ (වේ ද), එ කල්හි (ඒ බ්‍රාහ්මණ තෙමේ) මේ පිසාචයා ද පක්කුල ශබ්දය ද ඉක්මැ සිටී.”
Pali BJT1. 8.
Sinhala BJT1. 8.
Pali BJTසඞ්ගාමජිසුත්තං
Sinhala BJTසඞ්ග්‍රාමජිත් සූත්‍රය
Pali BJT1. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා සඞ්ගාමජි සාවත්ථිං අනුප්පත්තො හොති භගවන්තං දස්සනාය. අස්සොසි ඛො ආයස්මතො සඞ්ගාමජිස්ස පුරාණදුතියිකා ‘අය්යො කිර සඞ්ගාමජි සාවත්ථිං අනුප්පත්තො’ති. සා දාරකං ආදාය ජෙතවනං අගමාසි.
Sinhala BJT1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක. එසමයෙහි ආයුෂ්මත් සඞ්ග්‍රාමජිත් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ දැකීම පිණිස සැවැත්නුවරට පැමිණියේ ය. ආයුෂ්මත් සඞ්ග්‍රාමජිත් ස්ථවිරයන්ගේ පුරාණ භාර්‍ය්‍යාව “සඞ්ග්‍රාමජිත් ආර්‍ය්‍යයන් වහන්සේ සැවැත් නුවරට වැඩියෝ ලු”යි ඇසුවා ය. ඕ තොමෝ දරුවා රැගෙන ජේතවනයට ගියා ය.
Pali BJTතෙන ඛො පන සමයෙන ආයස්මා සඞ්ගාමජි අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ දිවාවිහාරං නිසින්නො හොති. අථ ඛො ආයස්මතො සඞ්ගාමජිස්ස පුරාණදුතියිකා යෙනායස්මා සඞ්ගාමජි තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මන්තං සඞ්ගාමජිං එතදවොච: ‘ඛුද්දපුත්තාම්හි සමණ, පොස ම’න්ති. එවං වුත්තෙ ආයස්මා සඞ්ගාමජි තුණ්හී අහොසි.
Sinhala BJTඑසමයෙහි ආයුෂ්මත් සඞ්ග්‍රාමජිත් ස්ථවිර තෙමේ එක්තරා රුකක් මුල දිවාවිහාරයෙහි හුන්නේ වෙයි. එකල්හි ආයුෂ්මත් සඞ්ග්‍රාමජිත් ස්ථවිරයන්ගේ පෙරබිරිය සඞ්ග්‍රාමජිත් ස්ථවිරයන් වෙත එළැඹියා ය. එළැඹැ ආයුෂ්මත් සඞ්ග්‍රාමජිත් තෙරුන්හට “ශ්‍රමණයන් වහන්ස, කුඩා පුතකු ඇතියමු. මා පුස්නේ යැ”යි කීවා ය. මෙසේ කී කල්හි ආයුෂ්මත් සඞ්ග්‍රාමජිත් ස්ථවිර තෙමේ නිශ්ශබ්ද විය.
Pali BJTදුතියම්පි ඛො ආයස්මතො සඞ්ගාමජිස්ස පුරාණදුතියිකා ආයස්මන්තං සඞ්ගාමජිං එතදවොච: ‘ඛුද්දපුත්තාම්හි සමණ, පොස ම’න්ති. දුතියම්පි ඛො ආයස්මා සඞ්ගාමජි තුණ්හී අහොසි. තතියම්පි ඛො ආයස්මතො සඞ්ගාමජිස්ස පුරාණදුතියිකා ආයස්මන්තං සඞ්ගාමජිං එතදවොච: ‘ඛුද්දපුත්තාම්හි සමණ, පොස ම’න්ති. තතියම්පි ඛො ආයස්මා සඞ්ගාමජි තුණ්හී අහොසි.
Sinhala BJTදෙවෙනි වරත් ආයුෂ්මත් සඞ්ග්‍රාමජිත් තෙරුන්ගේ පුරාණ භාර්‍ය්‍යාව ආයුෂ්මත් සඞ්ග්‍රාමජිත් තෙරුන්හට “ශ්‍රමණයන් වහන්ස, කුඩා පුතකු ඇතියමු. මා පෝෂණය කරන්නැයි”යි කීවා ය. දෙවැනි වරත්, ආයුෂ්මත් සඞ්ග්‍රාමජිත් තෙරණුවෝ නිශ්ශබ්ද විය. තුන්වැනි වරත් ආයුෂ්මත් සඞ්ග්‍රාමජිත් ස්ථවිර තෙමේ තුෂ්ණීම්භූත විය.
Pali BJTඅථ ඛො ආයස්මතො සඞ්ගාමජිස්ස පුරාණදුතියිකා තං දාරකං ආයස්මතො සඞ්ගාමජිස්ස පුරතො නික්ඛිපිත්වා පක්කාමි ‘එස තෙ සමණ, පුත්තො. පොස න’න්ති.
Sinhala BJTඉක්බිති ආයුෂ්මත් සඞ්ග්‍රාමජිත් ස්ථවිරයන්ගේ පුරාණ භාර්‍ය්‍යාව ඒ දරුවා ආයුෂ්මත් සඞ්ග්‍රාමජිත් ස්ථවිරයන් ඉදිරියෙහි දමා “ශ්‍රමණයන් වහන්ස, මේ තෙමේ තොපගේ පුත්‍රයා ය. මොහු පෝෂණය කරන්නැ”යි කියා නික්ම ගියා ය.
Pali BJT2. අථ ඛො ආයස්මා සඞ්ගාමජි තං දාරකං නෙව ඔලොකෙසි, නපි ආලපි අථ ඛො ආයස්මතො සඞ්ගාමජිස්ස පුරාණදුතියිකා අවිදූරං ගන්ත්වා අපලොකෙන්තී අද්දස ආයස්මන්තං සඞ්ගාමජිං තං දාරකං නෙව ඔලොකෙන්තං නපි ආලපන්තං. දිස්වානස්සා එතදහොසි: ‘න චායං සමණො පුත්තෙනපි අත්ථිකො’ති. තතො පටිනිවත්තිත්වා දාරකං ආදාය පක්කාමි. අද්දසා ඛො භගවා දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන ආයස්මතො සඞ්ගාමජිස්ස පුරාණදුතියිකාය එවරූපං විප්පකාරං.
Sinhala BJT2. එකල්හි ආයුෂ්මත් සඞ්ග්‍රාමජිත් තෙරණුවෝ ඒ දරුවා (දෙස) නො ද බැලූහ. (දරුවා හා) නො ද බුණූහ. එකල්හි ආයුෂ්මත් සඞ්ග්‍රාමජිත් ස්ථවිරයන්ගේ පුරාණ භාර්‍ය්‍යාව නො දුරට ගොස් පෙරළා බලන්නී ඒ දරුවා (දෙස) නො බලන, (දරුවා හා) නො තෙපලන ආයුෂ්මත් සඞ්ග්‍රාමජිත් ස්ථවිරයන් දුටුවා ය. දැකැ, ඇයට “මේ ශ්‍රමණ තෙමේ පුත්‍රයාගෙනුදු ප්‍රයෝජන නැත්තෙකැ”යි මේ සිත විය. ඕ එතැනින් පෙරළා අවුත් දරුවා රැගෙන ගියා ය. භාග්‍යවතුන් වහන්සේ පිරිසිදු වූ, මිනිසැස ඉක්මැ සිටියා වූ, දිවැසින් ආයුෂ්මත් සඞ්ග්‍රාමජිත් ස්ථවිරයන්ගේ පුරාණ භාර්‍ය්‍යාවගේ මෙබඳු වූ ඒ විප්‍රකාරය දුටු සේක.
Pali BJT3. අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙති:
Sinhala BJT3. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැනැ ඒ වෙලාවෙහි මේ උදානය පහළ සේක:
Pali BJTආයන්තිං නාභිනන්දති පක්කමන්තිං න සොචති, සඞ්ගා සඞ්ගාමජිං මුත්තං තමහං බ්රූමි බ්රාහ්මණ’න්ති.
Sinhala BJT“එන්නියට ද සතුටු නො වෙයි. (බැහැරැ) යන්නිය දැක ද ශෝක නො කරයි. (රාගාදි පඤ්චවිධ) සඞ්ගයෙන් මිදුණු ඒ සඞ්ග්‍රාමජිත් භික්‍ෂු ‘බ්‍රාහ්මණයෙකැ’යි මම් කියමි”
Pali BJT1. 9.
Sinhala BJT1. 9.
Pali BJTජටිලසුත්තං
Sinhala BJTජටිල සූත්‍රය
Pali BJT1. එවං මෙ සුත: එකං සමයං භගවා ගයායං විහරති ගයාසීසෙ. තෙන ඛො පන සමයෙන සම්බහුලා ජටිලා සීතාසු හෙමන්තිකාසු රත්තීසු අන්තරට්ඨකෙ හිමපාතසමයෙ ගයායං උම්මුජ්ජන්ති’පි, නිමුජ්ජන්ති’පි, උම්මුජ්ජනිමුජ්ජම්පි කරොන්ති, ඔසිඤ්චන්ති’පි, අග්ගිම්පි ජුහන්ති ඉමිනා සුද්ධී’ති.
Sinhala BJT1. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ ගයා පෙදෙසෙහි වූ ගයාශීර්‍ෂයෙහි වැඩ වසන සේක. එසමයෙහි බොහෝ ජටිලයෝ ශීත වූ හිම ඍතුව පිළිබඳ රාත්‍රීන්හි (නවන් මැදින් දෙමසැ ) අතරැ හිම වැටෙන අට දවසක් පමණ වූ කාලයෙහි ‘මෙයින් ශුද්ධිය වෙතැ’යි සිතා ගයා තීර්‍ත්‍ථයෙහි දියේ ගිලී උඩ ඊම ද කෙරෙති. (නැවත) දියේ ගිලීම ද කෙරෙති. (නැවැතැ නැවැතැ) දියේ ගිලීම හා මතු වීම ද කෙරෙති. දිය වත් කිරීම ද කෙරෙති. ගිනි පිදීම ද කෙරෙති.
Pali BJTඅද්දසා ඛො භගවා තෙ සම්බහුලෙ ජටිලෙ සීතාසු හෙමන්තිකාසු රත්තීසු අන්තරට්ඨකෙ හිමපාතසමයෙ ගයායං උම්මුජ්ජන්තෙ’පි නිමුජ්ජන්තෙ’පි උම්මුජ්ජනිමුජ්ජං කරොන්තෙ’පි ඔසිඤ්චන්තෙ’පි අග්ගිම්පි ජුහන්තෙ ‘ඉමිනා සුද්ධී’ති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ ‘මෙයින් ශුද්ධිය වෙතැ’යි ශීත වූ හිම ඍතුවෙහි රාත්‍රීන්හි අතර අට දවසක් පමණ වූ හිම වැටෙන කාලයෙහි ගයාතීර්‍ත්‍ථයෙහි දියෙන් නැඟෙන්නාවූ ද දියෙහි ගිලෙන්නාවූ ද නැගීම හා ගිලීම කරන්නාවූ ද දිය වත් කර ගන්නාවූ ද, ගිනි පුදන්නා වූ ද ඒ බොහෝ ජටිලයන් දුටු සේක.
Pali BJT2. අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:
Sinhala BJT2. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැන ඒ වෙලාවෙහි මේ උදානය පහළ කළ සේක:
Pali BJTන උදකෙන සුචී හොතී බවෙහත්ථ න්හායතී ජනො යම්හි සච්චඤ්ච ධම්මො ච සො සුචී සො ච බ්රාහ්මණො’ති.
Sinhala BJT“මෙහි (ගයා තීර්‍ත්‍ථයෙහි) බොහෝ දෙනෙක් නාති. (එහෙත්) ජලයෙන් පිරිසුදු වීමෙක් නැත. යමකු කෙරෙහි සත්‍යයත්, ධර්‍මයත් ඇත් නම් හෙ තෙමේ පිරිසිදු ය. හෙ තෙමේ බ්‍රාහ්මණයෙක් වේ”
Pali BJT1. 10.
Sinhala BJT1. 10.
Pali BJTබාහියසුත්තං
Sinhala BJTබාහිය සූත්‍රය
Pali BJT1. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ.
Sinhala BJT1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වසන සේක.
Pali BJTතෙන ඛො පන සමයෙන බාහියො දාරුචීරියො සුප්පාරකෙ පටිවසති සමුද්දතීරෙ සක්කතො ගරුකතො මානිතො පූජිතො අපචිතො, ලාභී චීවරපිණ්ඩපාතසෙනාසන ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරානං. අථ ඛො බාහියස්ස දාරුචීරියස්ස රහොගතස්ස පටිසල්ලීනස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි: ‘යෙ ච ඛො කෙචි{1} ලොකෙ අරහන්තො වා අරහත්තමග්ගං වා සමාපන්නා, අහං තෙසමඤ්ඤතරො’ති.
Sinhala BJTඑසමයෙහි (දරවැහැරි දරන හෙයින්) දාරුචීරිය නම් වූ බාහිය තෙමේ ජනයා විසින් සත්කාර කරන ලද්දේ, ගරුකාර කරන ලද්දේ, බුහුමන් කරන ලද්දේ, පුදන ලද්දේ, අපචායනය (යටත් පැවැතුම්) කරන ලද්දේ චීවර පිණ්ඩපාත ශයනාසන ග්ලානප්‍රත්‍යය බෙහෙත් පිරිකර ලබන සුලු වූයේ, මුහුදු තෙරැ සුප්පාරක පටුනෙහි වෙසෙයි. එකල්හි රහසිගත වූ, හුදෙකලා වූ, බාහිය දාරුචීරියහට “ලෝකයෙහි රහත් වූ හෝ රහත්මගට පිළිපන් හෝ යම් කිසි කෙනෙක් (වෙත් නම්) මම් ඔවුනතුරෙහි එකෙකිමි”යි මෙසේ චිත්තසංකල්පනාවෙක් පහළ විය.
Pali BJTඅථ ඛො බාහියස්ස දාරුචීරියස්ස පුරාණසාලොහිතා දෙවතා අනුකම්පිකා අත්ථකාමා බාහියස්ස දාරුචීරියස්ස චෙතසා චෙතොපරිවිතක්කමඤ්ඤාය, යෙන බාහියො දාරුචීරියො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා බාහියං දාරුචීරියං එතදවොච: ‘නෙ ව ඛො ත්වං බාහිය අරහා. නාපි අරහත්තමග්ගං වා සමාපන්නො. සාපි තෙ පටිපදා නත්ථි යාය වා ත්වං අරහා අස්ස,{2} අරහත්තමග්ගං වා සමාපන්නො’ති. ‘අථ කෙ චරහි සදෙවකෙ ලොකෙ අරහන්තො වා අරහත්තමග්ගං වා සමාපන්නො?’ති. ‘අත්ථි බාහිය උත්තරෙසු ජනපදෙසු සාවත්ථි නාම නගරං. තත්ථ සො භගවා එතරහි විහරති අරහං සම්මාසම්බුද්ධො. සො හි බාහිය භගවා අරහා චෙව, අරහත්තාය ච ධම්මං දෙසෙතී’ති.
Sinhala BJTඑකල්හි ඒ දරවැහැරිසිවුරු දරන බාහිය පිරිවැජියාගේ පැරැණි සහලේ නෑ දෙවියෙක් අනුකම්පා කරනුයේ වැඩ කැමැත්තේ දාරුචීවරික පිරිවැජියාගේ චිත්තපරිවිතර්‍කය සිය සිතින් දැන, දාරුචීරිය පිරිවැජියා වෙත පැමිණියේ ය. පැමිණැ දාරුචීරිය බාහියහට මෙසේ කී ය; “බාහියය, තෝ රහතෙක් නො වෙහි. රහත්මඟට පිළිපන්නෙක් ද නො වෙහි. යම් ප්‍රතිපත්තියෙකින් තෝ රහත් හෝ වන්නෙහි නම්, රහත්මඟට පිළිපන්නෙක් හෝ වන්නෙහි නම්, ඒ ප්‍රතිපත්තිය ද තට නැතැ”යි කී ය. “එසේ නම් දෙවියන් සහිත ලෝකයෙහි දැන් කවරෙක් නම් රහත් හෝ රහත්මඟට පැමිණියේ හෝ වේ දැ?”යි හේ ඇසී ය. “බාහියය, උතුරුජනව්යෙහි සැවැත් නම් නුවරෙක් ඇත. එහි අර්‍හත් වූ සම්‍යක් සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ දැන් වසන සේක. බාහියය, ඒ භාග්‍යවතුන් වහන්සේ රහත් ද (වෙති) රහත්බව පිණිස ධර්‍මය ද දෙසති”යි කී ය.
Pali BJTඅථ ඛො බාහියො දාරුචීරියො තාය දෙවතාය සංවෙජිතො තාවදෙව සුප්පාරකා{3} පක්කාමි සබ්බත්ථ එකරත්තිපරිවාසෙන. යෙන සාවත්ථි ජෙතවනං අනාථපිණ්ඩිකස්ස ආරාමො{4} තෙනුපසඞ්කමි. තෙන ඛො පන සමයෙන සම්බහුලා භික්ඛූ අබ්භොකාසෙ චඞ්කමන්ති. අථ ඛො බාහියො දාරුචීරියො යෙන තෙ භික්ඛූ තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා තෙ භික්ඛූ එතදවොච: ‘කහන්නු ඛො භන්තෙ එතරහි භගවා විහරති අරහං සම්මාසම්බුද්ධො? දස්සනකාමම්හා මයං තං භගවන්තං{5} අරහන්තං සම්මාසම්බුද්ධ’න්ති. අන්තරඝරං පවිට්ඨො ඛො බාහිය, භගවා පිණ්ඩායා’ති.
Sinhala BJTඉක්බිති දාරුචීරිය බාහිය තෙමේ ඒ දෙවියා විසින් සංවේගයට පමුණුවන ලදු ව එකෙණෙහි ම සුප්පාරක පටුනෙන් පිටත් විය. සියලු තැන්හි එක්රැයක් (පමණක්) විසීමෙන් සැවැත්නුවර සමීපයෙහි අනේපිඬු සිටුහුගේ ජේතවනාරාමයට එළැඹියේ ය. එසමයෙහි බොහෝ භික්‍ෂූහු අභ්‍යවකාශයෙහි සක්මන් කෙරෙති. ඉක්බිති දාරුචීරිය බාහිය තෙමේ ඒ භික්‍ෂූන් කරා එළැඹියේ ය. එළැඹ ඒ භික්‍ෂූන්හට “ස්වාමීනි, ඒ අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ භාග්‍යවතුන් වහන්සේ දැන් කොහි වාසය කරන සේක් ද? අපි ඒ අර්‍හත් වූ සම්‍යක්සම්බුද්ධ වූ භාග්‍යවතුන් වහන්සේ දකිනු කැමැත්තම්හ”යි කී ය. “බාහියය, ඒ භාග්‍යවතුන් වහන්සේ පිඬු පිණිස ඇතුළුගමට පිවිසි සේකැ”යි ඒ භික්‍ෂූහු කීහ.
Pali BJT2. අථ ඛො බාහියො දාරුචීරියො තරමානරූපො ජෙතවනා නික්ඛමිත්වා සාවත්ථිං පවිසිත්වා අද්දස භගවන්තං සාවත්ථියං පිණ්ඩාය චරන්තං පාසාදිකං පසාදනීයං සන්තින්ද්රියං සන්තමානසං උත්තමදමථසමථමනුප්පත්තං{6} දන්තං ගුත්තං යතින්ද්රියං නාගං. දිස්වාන යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවතො පාදෙ සිරසා නිපතිත්වා භගවන්තං එතදවොච: ‘දෙසෙතු මෙ භන්තෙ භගවා ධම්මං, දෙසෙතු සුගතො ධම්මං, යං මමස්ස දීඝරත්තං හිතාය සුඛායා’ති.
Sinhala BJT2. ඉක්බිති දාරුචීරිය බාහිය තෙමේ වෙළෙවි ස්වභාව ඇත්තේ ජෙතවනයෙන් නික්මැ සැවැත්නුවර පිවිසැ, සැවැත්නුවර පිඬු පිණිස හැසිරෙන්නාවූ, ප්‍රසාදාවහ වූ, ප්‍රසාදාර්‍හ වූ, සන්හුන් ඉඳුරන් ඇති, සන්හුන් සිත් ඇති, උතුම් වු (ඉන්‍ද්‍රිය) දමනයට හා (ඉන්‍ද්‍රිය) ශමථයට පැමිණැ සිටි, (කයින්) දැමුණු (වචනයෙන්) රැකුණු (සිතින්) සංවර වූ ඉන්‍ද්‍රියයන් ඇති, (ඡන්‍දාදියෙන් අගතියට නොයන හෙයින්) නාග (ශ්‍රේෂ්ඨ) වූ භාග්‍යවතුන් වහන්සේ දිටී ය. දැකැ භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. එළැඹැ භාග්‍යවතුන් වහන්සේගේ දෙපාමුල හිසින් වැටී භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, යම් ධර්‍මයක් මට බොහෝ කාලයක් හිත පිණිස සුව පිණිස පවත්නේ ද, ඒ ධර්‍මය භාග්‍යවතුන් වහන්සේ මට දෙසත්වා. සුගතයන් වහන්සේ ධර්‍මය දෙසත්වා”යි කී ය.
Pali BJTඑවං වුත්තෙ භගවා බාහියං දාරුචීරියං එතදවොච: ‘අකාලො ඛො තාව බාහිය, අන්තරඝරං පවිට්ඨම්හා පිණ්ඩායා’ති.
Sinhala BJTමෙසේ කල්හි භාග්‍යවතුන් වහන්සේ බාහිය දාරුචීරියහට “පිඬු පිණිස ඇතුළු ගමට පිවිසියම්හ. එහෙයින් දැන් (බණ කීමට) නො කල්යැ”යි වදාළ සේක.
Pali BJTදුතියම්පි ඛො බාහියො දාරුචීරියො භගවන්තං එතදවොච: “දුජ්ජානං ඛො පනෙතං භන්තෙ භගවතො වා ජීවිතන්තරායානං, මය්හං වා ජීවිතන්තරායානං. දෙසෙතු මෙ භන්තෙ භගවා ධම්මං, දෙසෙතු සුගතො ධම්මං, යං මමස්ස දීඝරත්තං හිතාය සුඛායා”ති.
Sinhala BJTදෙවෙනි වරටත් දාරුචීරිය බාහිය තෙමේ භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේගේ ජීවිතයට අන්තරායකර ධර්‍මයන්ගේ හෝ මගේ ජීවිතයට අන්තරායකර ධර්‍මයන්ගේ ඇති බව හෝ නැති බව දැනගත නො හැකි ය. (එහෙයින්) වහන්ස, යම් ධර්‍මයෙක් මට බොහෝ කලක් මුළුල්ලෙහි හිත පිණිස, සුව පිණිස (පවත්නේ නම්) ඒ ධර්‍මය භාග්‍යවතුන් වහන්සේ මට දෙසත්වා. සුගතයන් වහන්සේ ඒ ධර්‍මය දෙසත්වා යැ”යි කී ය.
Pali BJTදුතියම්පි ඛො භගවා බාහියං දාරුචීරියං එතදවොච: “අකාලො ඛො තාව බාහිය. අන්තරඝරං පවිට්ඨම්හා පිණ්ඩායා”ති.
Sinhala BJTදෙවෙනි වරත් භාග්‍යවතුන් වහන්සේ දාරුචීරිය බාහියහට “ඇතුළු ගමට පිඬු පිණිස පිවිසියම්හ. බාහියය. දැන් (බණ කීමට) නො කල්යැ”යි වදාළ සේක.
Pali BJTතතියම්පි ඛො බාහියො දාරුචීරියො භගවන්තං එතදවොච: “දුජ්ජානං ඛො පනෙතං, භන්තෙ, භගවතො වා ජීවිතන්තරායානං, මය්හං වා ජීවිතන්තරායානං. දෙසෙතු මෙ භන්තෙ භගවා ධම්මං, දෙසෙතු සුගතො ධම්මං, යං මමස්ස දීඝරත්තං හිතාය සුඛායා”ති.
Sinhala BJTතුන්වැනි වරත් දාරුචීරිය බාහිය තෙමේ භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේගේ ජීවිතයට අන්තරායකර ධර්‍මයන්ගේ හෝ මගේ ජීවිතයට අන්තරායකර ධර්‍මයන්ගේ හෝ (ඇති නැති බව) දැනැගත නො හැකි ය. (එහෙයින්) වහන්ස, යම් ධර්‍මයෙක් මට බොහෝ කලක් මුළුල්ලෙහි හිත පිණිස, සුව පිණිස (පවත්නේ නම්) ඒ ධර්‍මය භාග්‍යවතුන් වහන්සේ මට දෙසත්වා, සුගතයන් වහන්සේ ඒ ධර්‍මය දෙසත්වා”යි කී ය.
Pali BJTතස්මාතිහ තෙ බාහිය, එවං සික්ඛිතබ්බ: “දිට්ඨෙ දිට්ඨමත්තං භවිස්සති, සුතෙ සුතමත්තං භවිස්සති, මුතෙ මුතමත්තං භවිස්සති, විඤ්ඤාතෙ විඤ්ඤාතමත්තං භවිස්සතී”ති. එවං හි තෙ බාහිය, සික්ඛිතබ්බං.
Sinhala BJTඑවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ: ‘එසේ නම් බාහියය, මෙහි ලා තොප විසින් මෙසේ හික්මිය යුතු ය: දක්නා ලද්දෙහි (රූපයෙහි) දක්නා ලද පමණක් වන්නේ ය. අසන ලද්දෙහි (ශබ්දයෙහි) අසන ලද්ද පමණක් වන්නේ ය. දන්නා ලද්දෙහි (=ගන්‍ධ රස පොට්ඨබ්බයන්හි) දන්නා ලද්ද පමණක් වන්නේ ය. සිතන ලද්දෙහි සිතන ලද්ද පමණක් වන්නේ ය. බාහිය, මෙසේ තොප විසින් හික්මිය යුතුය.
Pali BJTයතො ඛො තෙ බාහිය, දිට්ඨෙ දිට්ඨමත්තං භවිස්සති, සුතෙ සුතමත්තං භවිස්සති, මුතෙ මුතමත්තං භවිස්සති. විඤ්ඤාතෙ විඤ්ඤාතමත්තං භවිස්සති, තතො ත්වං බාහිය න තෙන. යතො ත්වං බාහිය න තෙන, තතො ත්වං බාහිය න තත්ථ. යතො ත්වං බාහිය න තත්ථ, තතො ත්වං බාහිය නෙවිධ, න හුරං, න උභයමන්තරෙන{1}. එසෙවන්තො දුක්ඛස්සා”ති.
Sinhala BJT“බාහියය, යම් කලෙක්හි (නොහොත්) යම් හේතුවෙකින් තොපට දක්නා ලද්දෙහි දක්නා ලද පමණක් වන්නේ ද, අසන ලද්දෙහි අසන ලද්ද පමණක් වන්නේ ද, දන්නා ලද්දෙහි දන්නා ලද්ද පමණක් වන්නේ ද, විශේෂයෙන් දන්නා ලද්දෙහි විශේෂයෙන් දන්නා ලද්ද පමණක් වන්නේ ද, එකල්හි (නොහොත්) ඒ හේතුවෙන් තෝ ඒ (රූපාදිය) හා නො බැඳුණු තැනැත්තෙක් (වන්නෙහි ය). බාහියය, යම් කලෙක්හි (නොහොත්) යම් හේතුවෙකින් තෝ ඒ (රූපායතනාදිය) හා නොබැඳුණු තැනැත්තෙක් වන්නෙහි ද, එකල්හි (නොහොත්) ඒ හේතුවෙන් තෝ එහි නො බැඳුණු තැනැත්තෙක් (වන්නෙහි) ය. යම් කලෙක්හි (නොහොත්) යම් හේතුවෙකින් බාහිය ය, තෝ එහි (=රූපායතනාදියෙහි) නො බැඳුණු තැනැත්තෙක් වන්නෙහි ද, එකල්හි (නොහොත්) ඒ හේතුවෙන් බාහියය, තෝ මෙලොව ද නො උපදින්නෙහි, පරලොව ද නො (උපදින්නෙහි), දෙ ලොවෙහි ම ද නො (උපදින්නෙහි) දුක පිළිබඳ කෙළවර මෙය ම වන්නේ ය”යි යනු යි.
Pali BJT3. අථ ඛො බාහියස්ස දාරුචීරියස්ස භගවතො ඉමාය සඞ්ඛිත්තාය ධම්මදෙසනාය තාවදෙව අනුපාදාය ආසවෙහි චිත්තං විමුච්චි.
Sinhala BJT3. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේගේ මේ සංක්‍ෂිප්ත ධර්‍මදේශනාවෙන් එකෙණෙහි ම දාරුචීරිය බාහියයාගේ සිත උපාදාන රහිත වැ ආස්‍රවයන් කෙරෙන් මිදිණි.
Pali BJTඅථ ඛො භගවා බාහියං දාරුචීරියං ඉමිනා සඞ්ඛිත්තෙන ඔවාදෙන ඔවදිත්වා පක්කාමි.
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ දාරිචීරිය බාහියහට මේ සංක්‍ෂිප්ත අවවාදයෙන් අවවාද කොට වැඩි සේක.
Pali BJTඅථ ඛො අචිරපක්කන්තස්ස භගවතො බාහියං දාරුචීරියං ගාවී තරුණවච්ඡා අධිපාතෙත්වා ජීවිතා වොරොපෙසි.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ වැඩි නොබෝ වෙලාවෙකින් ළදරු වස්සකු ඇති දෙනක් දාරුචීරිය බාහියයා බිමැ හෙළා ජීවිතයෙන් තොර කළා ය.
Pali BJTඅථ ඛො භගවා සාවත්ථියං පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො සම්බහුලෙහි භික්ඛූහි සද්ධිං නගරම්හා නික්ඛමිත්වා අද්දස බාහියං දාරුචීරියං කාලකතං. දිස්වාන භික්ඛූ ආමන්තෙසි: “ගණ්හථ භික්ඛවෙ බාහියස්ස දාරුචීරියස්ස සරීරකං. මඤ්චකං ආරොපෙත්වා නීහරිත්වා ඣාපෙථ. ථූපඤ්චස්ස කරොථ. සබ්රහ්මචාරී වො භික්ඛවෙ කාලකතො”ති.
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර පිඬු පිණිස හැසිරැ බතින් පසු (පස්වරුවෙහි) පිණ්ඩපාතයෙන් වැළකුණු සේක්, බොහෝ භික්‍ෂූන් සමග නුවරින් නික්මැ, කලුරිය කළ දාරුචීරිය බාහියයා දුටු සේක. දැකැ භික්‍ෂූන් ඇමතූ සේක: “මහණෙනි, දාරුචීරිය බාහියයාගේ ශරීරය ගනුව. ඇඳෙක නංවා බැහැර ගෙන ගොස් දවව. ඔහුට ස්තූපයක් ද කරව. මහණෙනි, තොපගේ සබ්‍රහ්මචාරියෙක් කලුරිය කෙළේ යැ”යි වදාළ සේක.
Pali BJT“එවං භන්තෙ”ති ඛො තෙ භික්ඛූ භගවතො පටිස්සුත්වා බාහියස්ස දාරුචීරියස්ස සරීරකං මඤ්චකං ආරොපෙත්වා නීහරිත්වා ඣාපෙත්වා ථූපඤ්චස්ස කත්වා යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු.
Sinhala BJT‘ස්වාමිනී, එසේයැ’යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී, දාරුචීරිය බාහියයාගේ ශරීරය ඇඳෙක නංවා බැහැරැ ගෙන ගොස් දවා, ඔහුට ස්තූපයක් ද කොට, භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියෝ ය..
Pali BJTඑකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛූ භගවන්තං එතදවොචුං: “දඩ්ඪං භන්තෙ බාහියස්ස දාරුචීරියස්ස සරීරං. ථූපො චස්ස කතො. තස්ස කා ගති? කො අභිසම්පරායො?”ති.
Sinhala BJTඑළැඹැ භාග්‍යවතුන් වහන්සේ වැඳැ එක්පසෙක හුන්හ. එක් පසෙක හුන්නාවූ ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ ගෙන් “ස්වාමීනි, බාහිය (නම්) දාරුචීරිය (භික්‍ෂූහු) ගේ ශරීරය දවන ලද්දේ ය. ඔහුගේ ස්තූපය ද කරන ලද්දේ ය. ඔහුගේ ගතිය කවර? අභිසම්පරාය (පරලොව) කවරේ දැ”යි මෙසේ විචාළහ:
Pali BJT“පණ්ඩිතො භික්ඛවෙ, බාහියො දාරුචීරියො පච්චපාදි ධම්මස්සානුධම්මං. න ච මං ධම්මාධිකරණං විහෙසෙසි. පරිනිබ්බුතො භික්ඛවෙ බාහියො දාරුචීරියො”ති.
Sinhala BJT“මහණෙනි, බාහිය දාරුචීරිය පණ්ඩිතයෙක (ලෝකෝත්තර) ධර්‍මය පිළිබඳ අනුධර්‍මයට (ශීල විශුද්ධි ආදි ප්‍රතිපද්ධර්‍මයට) පිළිපන්නේ ය. ධර්‍මය නිසා මා නො වෙහෙසී ය. මහණෙනි, බාහිය දාරුචීරිය තෙමේ පිරිනිවියේ යැ”යි වදාළ සේක.
Pali BJTඅථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැන ඒ වෙලාවෙහි මේ උදානය (ප්‍රීති වාක්‍යය) පහළ කළ සේක:
Pali BJT“යත්ථ ආපො ච පඨවී තෙජො වායො න ගාධති, න තත්ථ සුක්කා ජොතන්ති ආදිච්චො නප්පකාසති, න තත්ථ චන්දිමා භාති තමො තත්ථ න විජ්ජති. යදා ච අත්තනා වෙදී මුනි මොනෙන බ්රාහ්මණො, අථ රූපා අරූපා ච සුඛදුක්ඛා පමුච්චතී”ති.
Sinhala BJT“යම් නිර්‍වාණ ධාතුවෙක ආපෝධාතුව ද පෘථිවි ධාතුව ද තේජෝ ධාතුව ද වායෝධාතුව ද නො පිහිටා ද, එහි තාරකාවෝ නො බබළති, සූර්‍ය්‍යයා නො බබළයි, එහි චන්‍ද්‍රයා නො බබළයි, එහි අන්‍ධකාරය නැත. මෞන සඞ්ඛ්‍යාත මාර්‍ග ඥානයෙන් (යුක්ත හෙයින්) මුනි (නම්) වූ බ්‍රාහ්මණ තෙමේ යම් කලෙක්හි තෙමේ ම (නිර්‍වාණය) අවබෝධ කෙළේ ද, එකල්හි රූපලෝකප්‍රතිසන්‍ධියෙන් ද, අරූපලෝකප්‍රතිසන්‍ධියෙන් ද, සුඛ දුඃඛ සඞ්ඛ්‍යාත කාමාවචරප්‍රතිසන්‍ධියෙන් ද මිදේ”.
Pali BJTඅයම්පි උදානො වුත්තො භගවතා ඉති මෙ සුතන්ති.
Sinhala BJTමේ උදානය ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදැ යි මා විසින් අසන ලදී.
Pali BJTබොධිවග්ගො පඨමො.
Sinhala BJTපළමු බෝධි වර්‍ගය යි.
Pali BJTතත්රුද්දානං භවති:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTතයො ච බොධි නිග්රොධො තෙ ථෙරා කස්සපෙන ච. පාවාය සඞ්ගාමජි ජටිලා බාහියෙන තෙ දසාති.
Sinhala BJTබෝධි සූත්‍ර තුන ද, නිග්‍රෝධ සූත්‍රය, ස්ථවිර සූත්‍රය, කාශ්‍යප සූත්‍රය, පාවා සූත්‍රය, සඞ්ගාමජී සූත්‍රය, ජටිල සූත්‍රය, බාහිය සූත්‍රය යන මෙයින් ඒ සූත්‍ර දසයෙක් වේ.
Pali BJTමුචලින්දවග්ගො දුතියො
Sinhala BJTමුචලින්‍ද වර්‍ගය
Pali BJT2. 1.
Sinhala BJT2. 1.
Pali BJTමුචලින්දසුත්තං
Sinhala BJTමුචලින්‍ද සූත්‍රය
Pali BJTඑවං මෙ සුත: එකං සමයං භගවා උරුවෙලායං විහරති නජ්ජා නෙරඤ්ජරාය තීරෙ මුචලින්දමූලෙ පඨමාභිසම්බුද්ධො. තෙන ඛො පන සමයෙන භගවා සත්තාහං එකපල්ලඞ්කෙන නිසින්නො හොති, විමුත්තිසුඛපටිසංවෙදී.
Sinhala BJTමා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ බුදු ව පළමු කොට උරුවෙල්දනව්වෙහි නේරඤ්ජරා නදීතීරයෙහි මිදෙල්ල ගස මුල වැඩවසන සේක. එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ පලසමවත්සුව විඳුනා සේක්, සත්දවසක් මුළුල්ලෙහි එක්පලඟින් වැඩහුන් සේක.
Pali BJTතෙන ඛො පන සමයෙන මහා අකාලමෙඝො උදපාදි සත්තාහවද්දලිකා සීතවාතදුද්දිනී. අථ ඛො මුචලින්දො නාගරාජා සකභවනා නික්ඛමිත්වා භගවතො කායං සත්තක්ඛත්තුං භොගෙහි පරික්ඛිපිත්වා උපරි මුද්ධනි මහන්තං ඵණං විහච්ච අට්ඨාසි: “මා භගවන්තං සීතං, මා භගවන්තං උණ්හං, මා භගවන්තං ඩංසමකසවාතාතපසිරිංසපසරීසපසම්ඵස්සො”ති. අථ ඛො භගවා තස්ස සත්තාහස්ස අච්චයෙන තම්හා සමාධිම්හා වුට්ඨාසි.
Sinhala BJTඑසමයෙහි සිහිල්පවනින් වැලලි වූ සද්දා වදුලු ඇති මහ අකල් වැස්සෙක් උපන. ඉක්බිති මුදලිඳු නාරජ සිය බවනෙන් නික්මැ අවුත්, භාග්‍යවතුන් වහන්සේ කරා ශීතයෙක් නො පැමිණේවා. භාග්‍යවතුන් වහන්සේ කරා උෂ්ණයෙක් නො පැමිණේවා. භාග්‍යවතුන් වහන්සේ කරා මැසි මදුරු වා අවු දිග්දෑ (දීර්‍ඝජාතිකයන්ගේ) පහසෙක් නො වේ වා’යී භාග්‍යවතුන් වහන්සේගේ සිරුර සත්වරක් දරණවැලින් වට කොට, හිස මතැ මහත් පෙණය කොට, සිටියේ ය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ සත්දවස ඇවෑමෙන් ඒ සමාධියෙන් නැගී සිටි සේක.
Pali BJTඅථ ඛො මුචලින්දො නාගරාජා විද්ධං විගතවලාහකං දෙවං විදිත්වා භගවතො කායා භොගෙ විනිවෙඨෙත්වා සකවණ්ණං පටිසංහරිත්වා මාණවකවණ්ණං අභිනිම්මිනිත්වා භගවතො පුරතො අට්ඨාසි පඤ්ජලිකො භගවන්තං නමස්සමානො.
Sinhala BJTඉක්බිති මුදලිඳු නාරජ පහ වැ ගිය වලාකුළු ඇති අහස පිරිසිදු වූවා දැනැ බුදුරදුන් සිරුරෙන් දරණවැල ඉවත් කොට ස්වකීය වේශය අතුරුදහන් කොට කුමරවෙසක් මවා ගෙන බුදුරදුන් ඉදිරියෙහි බැඳැඳිලි ව බුදුරජුන් දිසාවට වැඳ ගෙන සිටියේ ය.
Pali BJTඅථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැන ඒ වෙලාවෙහි මේ උදන් ඇනූ සේක: