Therīgāthā

Verses of the Elder Nuns

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 775 segments

පෙන්වන කොටස් 201-300 න් 775

74. ගුහ්‍යස්ථාන ප්‍රකාශ කරන බොහෝ පළඳනා දක්වමින් බොහෝ බාලජනයා (පොළඹවන්නට) උස්හඬින් සිනාසෙමින් විවිධ මායා කළමු.
75. ඒ මම් දැන් මුඬු කළ හිස් ඇති වැ සඟළ සිවුරු පෙරෙවැ පිඬු සිඟා හැසිර රුක්මුල් සෙනස්නෙහි හිඳ අවිතර්‍කධ්‍යාන පාදක කොට ඇති අග්‍රඵලය ලදුමු.
76. දිව්‍ය වූ ද මානුෂ වූ ද (කාමාදි යම් යෝග කෙනෙක් ඇද්ද) එහැම යෝගයෝ සිඳින ලද්දාහු සියලු කාමාදි ආස්‍රවයන් ගෙවා සිහිල් වැ කෙලෙස් පිරිනිවනින් පිරිනිවීමි.
මෙසෙයින් විමලා මෙහෙණ ගාථා කිවු යැ.
විමලා ථේරීගාථා යි.
77. අනුපාය මනසිකාරය හේතු කොට ගෙන කාමරාගයෙන් පීඩිත වැ පළමු මාගේ සිත වශයෙහි නො පවත්නා කල්හි නො සන්හුන් සිත් ඇති වූමු.
78. කාමරාගාදි කෙලෙසුන් විසින් මඬනා ලදු වැ ශුභසංඥා අනු වැ වැටෙන සුලු වැ රාගචිත්තයාගේ වශයට පැමිණෙමින් චිත්තශමථය නො ලදුමු.
79. මම් කෘශ වැ පඬුපැහැ ඇති වැ විවර්‍ණ වූ සිරුරු ඇති වැ සත්වසක් හැසිරිණිමි. කෙලෙස්දුකින් දුක්පත් වූ මම් දහවලැ හෝ රැය හෝ මහණසුව නො ලදුමු.
80. ඉක්බිති ‘යම් හෙයකින් හීන වූ ගිහිබවට පෙරළා පැමිණෙම් ද මෙහි ගෙලවැල්ලා මියනු ඊට වඩා උතුමැ’යි රැහැනක් ගෙන වනතුරට පිවිසීමි.
81. දැඩි වූ පුඬුවක් කොට වෘක්‍ෂශාඛායෙකැ බැඳ පුඬුව ග්‍රීවායෙහි බහාලිමි. එකල්හි මාගේ සිත සියලු ආස්‍රවයන් කෙරෙන් මිදිණි.
මෙසෙයින් සීහා මෙහෙණ ගාථා කිවු යැ.
සීහා ථේරීගාථා යි.
82. නන්‍දාවෙනි, ආතුර වූ (නානාවිධ කුණපයෙන්) අපවිත්‍ර වූ පූතිභූත ශරීරය බල. අශුභ භාවනා සම්පාදනය පිණිස (උපචාරසමාධියෙන්) එකඟ වූ (අර්‍පණාසමාධියෙන්) සුසමාහිත වූ සිත වඩව.
83. මේ සවිඥානක අශුභය යම්සේ ද තෙල අවිඥානක අශුභයත් එබඳු විය. තෙල අවිඥානක අශුභය යම්සේ (සුසානයෙහි හෝනේ) ද මේ සවිඥානක අශුභයත් එබඳු වෙයි. බාලයන් විසින් පතන ලදුයේ නමුදු දුගඳ හමයි.
84. මෙසේ ස්වකීය භාවනාමය ප්‍රඥායෙන් (ඝනවිනබ්භෝග කරණයෙන්) ඝනසංඥා බිඳ රෑදාවල් බලමින් අනලස් වැ තෙල ස්වභාවය ඇති සිරුර මෙසේ දුටුමු.
85. ස්මෘති අවිප්‍රවාසයෙන් අප්‍රමත්ත වූ උපායමනසිකාරයෙන් විමසන ඒ මා විසින් ස්වසන්තාන පරසන්තාන භේද වූ කය ඇතිසැටියෙන් දක්නා ලද්දේ යැ.
86. අනතුරු වැ මම් ආත්මභාව සඞ්ඛ්‍යාත කයෙහි (මාර්‍ගප්‍රඥායෙන්) නිර්වේදයට පැමිණියෙමි. මම් අධ්‍යාත්මසන්තානයෙහි ද විරාගයට පැමිණියෙමි. අප්‍රමත්ත වැ සංයෝජන සමුච්ඡේදයෙන් විසංයුක්ත වැ උපශාන්ත ද පරිනිර්‍වෘත ද වූමු.
මෙසෙයින් සුන්‍දරීනන්‍දා මෙහෙණ ගාථා කිවු යැ.
සුන්‍දරීනන්‍දා ථේරීගාථා යි.
87. (ඉන්‍ද්‍රාදීන් ආරාධනය සඳහා) ගිනිදෙවි ද (මසක් පාසා නව) සඳ ද (දවස් පතා උදය සවස) හිරු ද (හිරණ්‍යගර්‍භාදි බාහිර) දෙවියන් ද මම් (ශුද්ධිය පතා) නමස්කාර කළමු, නදීතීර්‍ත්‍ථයන් කරා එළඹ දියෙහි ගැලුනෙමු.
88. බොහෝ ව්‍රත සමාදානයෙන් හිස අඩක් මුඬු කළමු. බිම හෝනෙමි. රාත්‍රිභෝජනය නො වැළඳීමි.
89. (යළි) වස්ත්‍රාලඞ්කාරයෙන් ගඳමලින් සැරසීමෙහි ඇලී නැහැවීමෙන් හා ඇඟ ඉලීමෙන් ද කාමරාගයෙන් උපද්‍රැත වැ මේ කය සතපාලූමු.
90. මෑතභාගයෙහි සැදැහැ උපදවා සස්නෙහි පැවිදි වූමු. විදර්‍ශනා සහිත මාර්‍ගඥානයෙන් මේ කය තතුසේ දැක කාමරාගය (අගමඟින්) නසනලද්දේ යැ.
91. සියලු භවයෝ ද විෂයාභිලාෂ සඞ්ඛ්‍යාත ඉච්ඡාව ද අනාගතභව ප්‍රාර්‍ත්‍ථනාව ද සිඳිනලද්දාහු යැ. කාමාදි සියලු යෝගයන්ගෙන් විසංයුක්ත වැ චිත්තයාගේ ශාන්තියට පැමුණුමු.
මෙසෙයින් නන්‍දුත්තරා මෙහෙණ ගාථා කිවු යැ.
නන්‍දුත්තරා ථේරීගාථා යි.
92. මම් සැදැහැයෙන් ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වැ ලාභසත්කාරයෙහි උත්සුක වැ (බහුශ්‍රැත්‍ය ධර්‍මකථාදි) ඒ ඒ කරුණින් යුක්ත වැ වුසුමු.
93. මම් (ධ්‍යානවිදර්‍ශනාදි) උත්තමාර්‍ත්‍ථය හැරපියා (සිව්පස නම් වූ ආමිෂ බැවින්) හීන වූ අර්‍ත්‍ථය සේවන කෙළෙමි. කෙලෙස් වශයට ගොස් ශ්‍රාමණ්‍යාර්‍ත්‍ථය මම් නො දතුමු.
94. මා වසන ඔවරකයෙහි හුන් මට ‘තෘෂ්ණාවශයට පැමිණ නො මඟ පිළිපන්මු’යි සංවේග උපන.
95. මාගේ ජීවිතය අල්ප යැ (එ ද) ජරාව ද ව්‍යාධිය ද මඩනේ වෙයි. කය ජරාව විසින් බිඳුනා ලැබෙයි. මට ප්‍රමාද වන්නට මේ කල් නො වේ.
96. ස්කන්‍ධයන්ගේ උදයව්‍යය (අනිත්‍යාදි මනසිකාරයෙන්) ඇති සැටි බලමින් කෙලෙසුන් කෙරෙන් මිදුණු සිත් ඇති වැ නැඟී සිටියමු. බුදුන්ගේ අනුසසුන් කරනලද.
මෙසෙයින් මෙත්තාකාළි මෙහෙණ ගාථා කිවු යැ.
මෙත්තාකාළි ථේරීගාථා යි.
97. මම් පෙර ගිහිගෙයි වසනුවී රහත් පැවිදි කෙනකුන්ගේ දහම් අසා කෙලෙස්රජස් රහිත වූ නිර්‍වාණ සඞ්ඛ්‍යාත වූ ච්‍යුති රහිත වූ අසඞ්ඛත ධර්‍මය දහම් ඇසින් දුටුමු.
98. ඒ මම් පුතු ද දුව ද ධනධාන්‍ය ද හැරපියා කෙහෙ බහවා සස්නෙහි පැවිදි වූමු.
99. සික්ඛමානාවක් වූ මම අඤ්ජස සඞ්ඛ්‍යාත උපරි මාර්‍ගය වඩමින් රාගද්වේෂ දෙක ද තදේකස්ථ ආස්‍රවයන් ද දුරු කළමු.
100. උපසපන් මෙහෙණක වැ පෙරවිසූකඳපිළිවෙළ සිහි කළමු. විගතමල වූ බුද්ධාදි සාධූන් විසින් වඩනලද දිවැස් නුවණ පිරිසිදු කරනලද.
101. ප්‍රත්‍යුත්පන්න වූ බිඳෙන සුලු වූ තෛභූමක සංස්කාරයන් අනාත්ම හෙයින් දැක සියලු ආස්‍රවයන් අගමගින් දුරු කළමු. සිහිල් වැ කෙලෙස් පිරිනිවනින් පිරිනිවුණුමු.
මෙසෙයින් සකුලා මෙහෙණ ගාථා කිවු යැ.
සකුලා ථේරීගාථා යි.
102. මේ රූප සඞ්ඛ්‍යාත ශරීරයෙහි සිට දස දරු කෙනකුන් වදා එහෙයින් දුර්‍වල වැ දිරාගිය මම් මෙහෙණක කරා එළඹියමු.
103. ඒ මෙහෙණ මට ස්කන්‍ධායතනධාතු නිඃශ්‍රිත වූ දහම් දෙසූ ඇගේ දහම් අසා කෙහෙ බහා පැවිදි වූමු.
104. සික්ඛමානාවක වූ මා විසින් දිවැස පිරිසිදු කරනලද. පෙර යම් ජාතියක මාගේ වාස වි ද ඒ පෙර විසූ කඳපිළිවෙළ දනිමි.
105. එකඟ වූ සමාහිත වූ සිත් ඇති වැ අනිමිත්තභාවනාව වඩමි. රහත්මඟට අනතුරු වැ උපන් විමෝක්‍ෂ ඇති වූමු. රූපාදි කිසි දහමක් උපාදාන නො කොට නිවුණුමු.
106. පරිඥාත වූ පඤ්චස්කන්‍ධයෝ සුන්මුල් ඇති වැ සිටිති. ලාමක වූ ජරාව, තිට නිගා වේවා. දැන් පුනර්‍භවයෙක් නැති.
මෙසෙයින් සෝණා මෙහෙණ ගාථා කිවු යැ.
සෝණා ථේරීගාථා යි.
107. පෙර නුවටු වැ තල්ඇටින් සුන් කෙහෙ ඇති වැ දත්මල ඇති වැ එක්සළුවක් හැඳ පෙරෙවැ අනවද්‍යයෙහි සාවද්‍ය යැ යන දෘෂ්ටි ඇති වැ සාවද්‍යයෙහි අනවද්‍ය යැ යි දක්මින් හැසිරුණුමු.
108. ගිජුකුළු පව්යෙහි දිවා විහාරස්ථානයෙන් නික්ම භික්‍ෂුසඞ්ඝයා විසින් පිරිවරනලද, කෙලෙස්රජස් රහිත වූ බුදුන් දුටුමු.
109. බුදුන් හමුයෙහි දෙදණ බිමැ පිහිටුවා වැඳ ඇඳිලි කළමු. ‘එව භද්‍රාවෙනි’යි (බුදුහු) මට වදාළහ. ඒ මට උපසම්පත් විය.
110. අංග මගධ වජ්ජි කාසි කෝසල යන යම් ජනපද කෙනෙක් (පෙර මා විසින්) හැසිරෙන ලද්දාහු ද (එහි මැ) ණය රහිත වැ (රහත් වැ) පනස්වසක් මම රටවැසියා දුන් පිඬුවා වැළඳූමු.
111. සප්‍රාඥ වූ යම් උපාසකයෙක් සියලු ග්‍රන්‍ථයන්ගෙන් මිදුණු භද්‍රා මෙහෙණහට සිවුරු දුන්නේ ද මේ තෙමෙ බොහෝ පින් රැස් කෙළේ වී.
මෙසෙයින් භද්‍දාකුණ්ඩලකේසා මෙහෙණ ගාථා කිවු යැ.
භද්‍දාකුණ්ඩලකේසා ථේරීගාථා යි.
112. මාණවකයෝ නඟුලින් කුඹුරු සාමින් භූමියෙහි බිජු වපුරන්නාහු අඹුදරුවන් පෝෂණය කෙරෙමින් ධනය ලබත්.
113. ශීලසම්පන්න වූ ශාස්තෲන් වහන්සේගේ සසුන් කරන නුකුසී වූ උඩඟු නො වූ මම කුමක් හෙයින් නිවන පසක් නො කෙරෙම් ද?
114. පා දෝනා හේතුයෙන් (තුන් වරක්) දිය ඔත් කල්හි උස්බිමින් පහතට ගලාගිය පාදොවුන් දිය දැක මම් නිමිති කෙරෙමි.
115. අනතුරු වැ භද්‍ර වූ ආජානීය අශ්වයකු සෙයින් සිත විදර්‍ශනා සමාධියෙන් සමාහිත කළමු. ඉක්බිති මම් පහන අතින් ගෙන විහාරයට පිවිසියමු.
116. ශයනය පහන්එලියෙන් බලා ඇඳෙහි හිඳගතුමු. ඉක්බිති මම් හිඳ ගෙන (පහන නිවන්නට) වැටිය ඇදපූමු. (එසඳ) පහන නිවීමක් මෙන් චිත්තයාගේ විමෝක්‍ෂය වී.
මෙසෙයින් පටාචාරා මෙහෙණ ගාථා කිවු යැ.
පටාචාරා ථේරීගාථා යි.
117. මිනිස්හු මොහොල් ගෙන ධාන්‍ය කොටති. මිනිස්හු අඹුදරුවන් පුස්මින් ධනය ලබත්.
118. යම් අනුසස්නක් කොට නො තැවේ ද ඒ බුදුසසුන් කරව, වහා පා දෙව විවේකස්ථානයෙකැ හිඳුව. චිත්තශමථයෙහි යෙදී කමටහන් භාවනා විසින් බුද්ධශාසනය කරව.
119. ඒ මෙහෙණහු ඒ පටාචාරාවගේ ඔවා බස් අසා පා දෙව විවේකස්ථානයෙකැ හුන්හ. චිත්තශමථයෙහි යෙදුණාහු බුදුසසුන් කළහ.
120. රෑ පෙරයමැ පෙරවිසූ කඳ පිළිවෙළ සිහි කළහ. රෑ මැදියමැ දිවැස පිරිසිදු කළහ. රෑ අලුයමැ මොහඳුරුකඳ බිඳලූහ.
121. හුනස්නෙන් නැඟීසිට (තොපගේ අනුසසුන් කරන ලදැ’යි) පසඟපිහිටුවා පා වැන්දාහ. තිදස්පුරවැසි දෙවියෝ සඞ්ග්‍රාමයෙහි දිනූ ඉන්‍ද්‍රයා සෙයින් (ඇපි තොප) පෙරටු කොට වාස කරම්හ. ත්‍රිවිද්‍යා ඇති අනාස්‍රව වූම්හ.
මෙසෙයින් තිසක් පමණ මෙහෙණහු ගාථා කිවු යැ.
තිංසත් ථේරීගාථා යි.
122. මම පෙර හිමියා නැති දූ පුතුන් නැති දුක්පත් වූවක් වූමු. ඥාතිමිත්‍රයන් නැති වූමු. (එයින් මැ) බත්පිළී නො ලත්මු.
123. මම මැටිපය ද දඬුකඩක් ද ගෙන ගෙන් ගෙට සිඟමින් ශීතොෂ්ණයෙන් දැවෙමින් සත්වසක් හැසිරුණුමු.
124. යළි ආහාරපාන ලබනසුලු පටාචාරා මෙහෙණ දැක ඇය කරා එළඹ සසුන් පැවිද්ද (‘දෙනුමැනවැ’යි) කීමු.
125. ඒ පටාචාරා මෙහෙණ ද අනුකම්පායෙන් මා පැවිදි කළා. ඉක්බිති ඔවාදී මා පරමාර්‍ත්‍ථයෙහි (කමටහන් කියා) යෙදූ.
126. මම ඇය බස් අසා ඒ අනුසසුන් කළමු. ආර්‍ය්‍යාවගේ ඔවා නො සිස් විය. ත්‍රිවිද්‍යාප්‍රාප්ත වූමු. අනාස්‍රව වූමු.
මෙසෙයින් චන්‍ද්‍රා මෙහෙණ ගාථා කිවු යැ.
චන්‍ද්‍රා ථේරීගාථා යි.
පඤ්චක නිපාතය නිමි.
6. ඡක්කනිපාතය.
127. මෙලොවට ආවාවූ හෝ මෙලොවින් ගියාවූ හෝ යම් මැ කෙනකුගේ ආගියමඟ නො දන්නේ ද, කොහි සිට ආවාවූ ඒ සතකු ගෙන ‘මාගේ පුත්‍රයහ’යි අඬන්නෙහි ද?
128. මෙලොවට ආවාවූ හෝ මෙලොවින් ගියාවූ හෝ ඔහුගේ මඟ දන්නෙහි ද ඔහු ගෙන ශෝක නො කරන්නෙහි යැ. ප්‍රාණීහු මෙබඳු සැහැවි ඇත්තාහු යැ.
129. නො යදනාලදු වැ එලොවින් ආයේ යැ, නො අනුදන්නා ලදු වැ මෙලොවින් ගියේ යැ කිසියම් ගතියක් සිට මෙලොව අවුත් කිහිප දිනක් වැස මෙලොවිනුදු අන් ගතියකට පිළිසිඳ විසින් ගියේ යැ එයිනුදු අන් භවයකට යෙයි.
130. මළේ මනුෂ්‍ය ආදී රූපයෙන් සැරිසරමින් යෙයි යම්සේ ආයේ වේ ද එසේ ගියේ යැ, එහිලා කවර පරිදේවනායෙක් ද!
131. යම් මෙහෙණක් ශෝකයෙන් මඬනාලද මාගේ පුත්‍ර ශෝකය දුරලූ ද ඕතොමෝ මාගේ නො දැකියහෙන ළය ඇසුරු කළ ශෝක නමැති හුල ඒකාන්තයෙන් උදුරා ලූ යැ.
132. මම දැන් උදුරලූ හුල් ඇති වැ තෘෂ්ණා නැති වැ පිරිනිවි බුදුන් දහම් සඟුන් සරණ කොට යෙමි.
මෙසෙයින් පන්සියක් පමණ තෙරැණිහු ගාථා කීහු.
පන්සියක් පමණ තෙරැණින්ගේ ගාථා යි.
133. මම් පුත්‍රශෝකයෙන් පීඩිත වැ එහෙයින් මැ විසංඥ වැ එයින් මැ නග්න වැ විසුළ කෙහෙ ඇති වැ ඒ ඒ තැන හැසිරුණුමු.
134. කසළගොඩෙහි ද සොහොන්හි ද රියමඟ ද වාස කළමු. තුන්වසක්කල් සාපවසින් පෙළෙමින් හැසිරුණුමු.
135. අනතුරු ව මියුලුනුවර බලා වඩනා අදාන්තයන් දමනය කරන කොයිනුදු බිය නැති සුගත වූ සම්බුද්ධයන් වහන්සේ දුටුමු.