Therīgāthā

Verses of the Elder Nuns

මූලාශ්‍රය සහ සංස්කරණ විස්තර

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 775 segments

කියවීමේ විකල්පමෙම උපාංගයේ පමණක් සුරැකේ

ඔබගේ පෞද්ගලික සටහන

ඔබට පමණක් පෙනේ. මූලාශ්‍ර පාඨයේ කොටසක් නොවේ.

පෙන්වන කොටස් 1-100 න් 775

පාඨයක් සොයන්න හෝ පිටුව වෙනස් කරන්න
kn-thig:2.1
ඛුද්දකනිකාය
kn-thig:2.2
ථේරීගාථාපාළි
kn-thig:2.3
ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!
kn-thig:2.4
1. ඒකකනිපාතය
kn-thig:2.5
1. 1.
kn-thig:2.6
1. ථේරිකාවෙනි, පහුල්වතින් පිවුරු කොට හඳනා පොරෝනා ලද සිරුරු ඇති වැ සුවසේ වාස කර. යම්හෙයකින් තොපගේ (සන්තානයෙහි උපදනා) කාමරාගය රත් වූ කුඹුයෙහි (බඳුනෙහි,) ශුෂ්කඩාකයක් (වියැළීගිය පළාවක්) සෙයින් අනගැමි මගින් සන්හිඳුණේ වේ ද එහෙයිනි.
kn-thig:2.7
මෙසෙයින් ථේරිකා නම් එක්තරා අප්‍රකට මෙහෙණක් ගාථාවක් කිවු යැ.
kn-thig:2.8
අඤ්ඤතර ථේරීගාථා යි.
kn-thig:2.9
1. 2.
kn-thig:2.10
2. මුත්තාවෙනි, රාහුග්‍රහයා කෙරෙන් චන්‍ද්‍රයා සෙයින් කාමාදි සතර යෝගයන් කෙරෙන් මිදෙව. කෙලෙසුන් කෙරෙන් (සමුච්ඡේදවිමුක්තීන්) මොනොවට මිදුණු සිතින් යුක්ත වැ කෙලෙස් ණය හැරපියා රට වැසියාගේ පිඬු (සිවුපසය) වළඳකර.
kn-thig:2.11
මෙසෙයින් භාග්‍යවතුන් වහන්සේ මුත්තා නම් සික්ඛමානාවට මේ ගයින් එක්වන් ඔවා දෙනසේක.
kn-thig:2.12
මුත්තා ථේරීගාථා යි.
kn-thig:2.13
1. 3.
kn-thig:2.14
3. පුණ්ණාවෙනි, පුණුරැසි සඳ සෙයින් (සත්තිස් බෝධිපාක්‍ෂික) ධර්‍මයන් පිරෙව, පිරිපුන් (රහත්මඟ) නුවණින් මොහොකඳ බිඳුව.
kn-thig:2.15
මෙසෙයින් පුණ්ණා මෙහෙණ ගාථාවක් කිවු යැ.
kn-thig:2.16
පුණ්ණා ථේරීගාථා යි.
kn-thig:4.1
1. 4.
kn-thig:4.2
4. තිස්සාවෙනි, (අධිශීලාදි ත්‍රිවිධ) ශික්‍ෂායෙහි හික්මෙව, (මනුෂ්‍යත්‍වය ඉන්‍ද්‍රිය අවිකලත්‍වය, බුද්ධෝත්පාදය, ශ්‍රද්ධා ප්‍රතිලාභය යන) යෝගයෝ - දුර්‍ලභක්‍ෂණයෝ තොප නහමක් ඉක්මයෙත්වා, නොහොත් කාමාදි චතුර්යෝගයෝ තොප නහමක් මඩිත්වා. සියලු මැ කාමාදියොගයන් කෙරෙන් මුක්ත වැ (එහෙයින් මැ) ආස්‍රව රහිත වැ ලොව හැසිරෙව.
kn-thig:4.3
මෙසෙයින් තිස්සා මෙහෙණ ගාථාවක් කිවු යැ.
kn-thig:4.4
තිස්සා ථේරීගාථා යි.
kn-thig:4.5
1. 5.
kn-thig:4.6
5. තිස්සාවෙනි, (ශමථවිදර්‍ශනාධර්‍මයන් හා ආර්‍ය්‍යබෝධිපාක්‍ෂිකධර්‍මය යන) ධර්‍මයෙන් යුක්ත වව, (ප්‍රතිරූපදෙශ, අවෛකල්‍යෂඩායතන, බුද්ධොත්පාද, ශ්‍රද්ධාප්‍රතිලාභ සඞ්ඛ්‍යාත) ක්‍ෂණය තොප නහමක් ඉක්මයේවා. යම්හෙයකින් ක්‍ෂණය පැනගියාහු නිරයෙහි ඉපිද සොවිත් ද, එහෙයිනි.
kn-thig:4.7
මෙසෙයින් තිස්සා මෙහෙණ ගාථාවක් කිවූ යැ.
kn-thig:4.8
තිස්සා ථේරීගාථා යි.
kn-thig:4.9
1. 6.
kn-thig:4.10
6. ධීරාවෙනි, ක්ලේශනිරෝධය (නිර්‍වාණය) ස්පර්‍ශ කරව. කාමාදි පාපසංඥාවන්ගේ ව්‍යුපශම නිමිත්ත වන යෝගක්ඛේම නම් වූ සුඛාවහ වූ අනුත්තර නිර්‍වාණය ලබාගනුව.
kn-thig:4.11
මෙසෙයින් ධීරා මෙහෙණ ගාථාවක් කිවූ යැ.
kn-thig:4.12
ධීරා ථේරීගාථා යි.
kn-thig:4.13
1. 7.
kn-thig:4.14
7. වීරා මෙහෙණියෙනි, (වීර්‍ය්‍යප්‍රධාන හෙයින්) වීරධර්‍ම වූ ආර්‍ය්‍ය මාර්‍ග ධර්‍මයෙන් වැඩූ ශ්‍රද්ධාදී ඉඳුරන් ඇති වැ සේනා සහිත වූ ක්ලේශ මාරයා දිනා අන්තිමදේහය ධරව.
kn-thig:4.15
මෙසෙයින් වීරා මෙහෙණ ගාථාවක් කිවු යැ.
kn-thig:4.16
විරා ථේරීගාථා යි.
kn-thig:4.17
1. 8.
kn-thig:4.18
8. මිත්තාවෙනි, සැදැහැයෙන් පැවිදි වැ කලණ මිතුරන් කෙරෙහි ඇලුම් ඇති වව. අර්‍හත්ත්‍ව නිර්‍වාණ සඞ්ඛ්‍යාත යෝගක්‍ෂේමයාගේ අධිගමය පිණිස ආර්‍ය්‍ය මාර්‍ග ධර්‍මයන් වඩව.
kn-thig:4.19
මෙසෙයින් මිත්තා මෙහෙණ ගාථාවක් කිවු යැ.
kn-thig:4.20
මිත්තා ථේරීගාථා යි.
kn-thig:6.1
1. 9.
kn-thig:6.2
9. භද්‍රාවෙනි, සැදැහැයෙන් පැවිදි වැ භද්‍ර වූ ශීලාදි ධර්‍මයෙහි ඇලුම් ඇති වව, චතුර්යෝගයෙන් ක්‍ෂේම වූ නිවනට පැමිණෙනු පිණිස (සප්තත්‍රිංශද්බෝධිපාක්‍ෂික) ධර්‍මයන් වඩව.
kn-thig:6.3
මෙසෙයින් භද්‍රා මෙහෙණ ගාථාවක් කිවු යැ.
kn-thig:6.4
භද්‍රා ථේරීගාථා යි.
kn-thig:6.5
1. 10.
kn-thig:6.6
10. උපසමාවෙනි, ක්ලේශමාරයාගේ පැවැත්ම ඇති අත්‍යර්‍ත්‍ථයෙන් දුස්තර වූ සංසාරෝඝය (ආර්‍ය්‍යමාර්‍ග නෞකායෙන්) තරණය කර, සේනා සහිත කෙලෙස් මරහු දිනා (එහෙයින් මැ) අන්තිම ශරීරය ධරව.
kn-thig:6.7
මෙසෙයින් උපසමා මෙහෙණ ගාථාවක් කිවු යි.
kn-thig:6.8
උපසමා ථේරීගාථා යි.
kn-thig:6.9
1. 11.
kn-thig:6.10
11. මොනොවට මිදුණෙම් වෙමි. වෙනෙනුදු මොහොලිනුදු කුදු සැමියා කෙරෙනුදු යන තුන් කුදුයෙන් මිදීමෙන් මෙසේ මොනොවට මිදුණෙම් වෙමි. ජාතිමරණයෙනුදු මිදුණෙම් වෙමි. භවනෙත්ති නම් වූ තෘෂ්ණාව නසන ලදු යැ, එහෙයිනි.
kn-thig:6.11
මෙසේ මුත්තා නම් මෙහෙණ ගාථාවක් කිවු යැ.
kn-thig:6.12
මුත්තා ථේරීගාථා යි.
kn-thig:6.13
1. 12.
kn-thig:6.14
12. (අග්‍ර ඵලය පිණිස) උපන් ඡන්‍දය ඇත්තී මහණුවම්හි අවසානය (නිවන) පතන්නී (යට තුන්මග) සිතින් (නිවන) ස්පර්ශී කළා වෙයි. කාමයෙහි පිළිබැඳි සිත් නැත්තී ‘උද්ධංසොතා’යයි කියනු ලැබේ.
kn-thig:6.15
මෙසේ ධම්මදින්නා මෙහෙණ ගාථාවක් කිවු යැ.
kn-thig:6.16
ධම්මදින්නා ථේරීගාථා යි.
kn-thig:6.17
1. 13.
kn-thig:6.18
13. යම් අනුශාසනයක් කිරීමෙන් නො තැවේ ද බුදුරදුන්ගේ ඒ අනුසසුන් කරව, වහා පා දෙවැ එකත්පසෙක හිඳුව.
kn-thig:6.19
මෙසේ විශාඛා මෙහෙණ ගාථාවක් කිවු යැ.
kn-thig:6.20
විසාඛා ථේරීගාථා යි.
kn-thig:8.1
1. 14.
kn-thig:8.2
14. (ස්වසන්තතිපර්‍ය්‍යාපන්න වූ චක්‍ෂුරාදි) ධාතූන් දුක් විසින් දැක පුනර්‍භවයට නහමක් පැමිණෙව. භවයෙහි තෘෂ්ණා ඡන්‍දය හැරපියා උපශාන්ත වැ හැසිරෙව.
kn-thig:8.3
මෙසේ සුමනා මෙහෙණ ගාථාවක් කිවු යැ.
kn-thig:8.4
සුමනා ථේරීගාථා යි.
kn-thig:8.5
1. 15.
kn-thig:8.6
15. කායසංවරයෙන් සංවෘත වීමි, වාක්සංවරයෙන් සංවෘත වීමි. වැළි අධිචිත්තයෙන් සංවෘත වීමි, අනුශය සහිත තෘෂ්ණාව උදුරාපියා සිහිල් බවට පැමිණියෙම් නිවියෙම් වෙමි.
kn-thig:8.7
මෙසෙයින් උත්තරා මෙහෙණ ගාථාවක් කිවු යැ.
kn-thig:8.8
උත්තරා ථේරීගාථා යි.
kn-thig:8.9
1. 16.
kn-thig:8.10
16. වෘද්ධාවෙනි, තෙපි පහුල්වතින් සිවුරු කොට පෙරෙවියාව සුවසේ හොව, යම්හෙයෙකින් තොපගේ රාගය සන්හිණි ද එහෙයින් සිහිල් වැ පිරිනිවියා වව.
kn-thig:8.11
මෙසෙයින් වෘද්ධප්‍රව්‍රජිත සුමනා මෙහෙණ ගාථාවක් කිවු යැ.
kn-thig:8.12
සුමනාබුඩ්ඪපබ්බජිතා ථේරීගාථා යි.
kn-thig:8.13
1. 17.
kn-thig:8.14
17. දුබල වූයෙම් සැරයටිය එල්බගෙන පිඬු සිඟා ඇවිද වෙවුළන ගාත්‍ර ඇති වැ එහි මැ බිම හිණිමි. කයෙහි ආදීනව දැක යළි මා සිත කෙලෙසුන් කෙරෙන් මිදිණ.
kn-thig:8.15
මෙසෙයින් ධම්මා මෙහෙණ ගාථාවක් කිවු යැ.
kn-thig:8.16
ධම්මා ථේරීගාථා යි.
kn-thig:8.17
1. 18.
kn-thig:8.18
18. ගිහිගෙය හැරපියා ප්‍රිය එළවන පුත්‍රයන් හා ගොමහීෂාදීන් හැරපියා රාගයත් ද්වේෂයත් ආර්‍ය්‍යමාර්‍ගයෙන් සිඳපියා අවිද්‍යාව ද මාර්‍ගයෙන් නසා අනුශය සහිත තෘෂ්ණාව උදුරාපියා උපශාන්ත වැ නිවුණුමු.
kn-thig:8.19
මෙසෙයින් සඞ්ඝා මෙහෙණ ගාථාවක් කිවු යැ.
kn-thig:8.20
සඞ්ඝා ථේරීගාථා යි.
kn-thig:8.21
ඒකකනිපාතය නිමි.
kn-thig:10.1
2. දුකනිපාතය
kn-thig:10.2
2. 1.
kn-thig:10.3
19. නන්‍දාවෙනි, ආතුර වූ අපවිත්‍ර වූ පූතිභාවයට ගිය (තෙල) ශරීරය බල, වික්‍ෂේප නැතියෙන් ඒකාග්‍ර වූ (අරමුණෙහි මොනොවට පිහිටියෙන්) සුසමාහිත වූ සිත අසුභය පිණිස වඩව.
kn-thig:10.4
20. (නිත්‍යනිමිත්තාදීන් දුරලනුයෙන්) අනිමිත්ත නම් වූ විපස්සනාව වඩව, මානානුශය දුරලව, ඉක්බිති මානයාගේ දුරු කිරීමෙන් උපශාන්ත වැ වාස කරව.
kn-thig:10.5
මෙසෙයින් භාග්‍යවතුන් වහන්සේ අභිරූපනන්‍දා සික්ඛමානාවට මේ ගාථායෙන් නරතුරු ඔවදන් දෙනසේක.
kn-thig:10.6
අභිරූපනන්‍දා ථේරීගාථා යි.
kn-thig:10.7
2. 2.
kn-thig:10.8
21. නිර්‍වාණාවබෝධයට මාර්‍ග වූ යම් සප්තබෝධ්‍යඞ්ග කෙනෙක් ඇද්ද යම් පරිදි බුදුන් විසින් දෙසන ලද්දාහු ද ඒ හැම බෝධ්‍යඞ්ගයෝ මා විසින් භාවිතයහ.
kn-thig:10.9
22. යම් හෙයෙකින් මා විසින් ඒ ධර්‍මකාය සඞ්ඛ්‍යාත භාග්‍යවතුන් වහන්සේ (ආර්‍ය්‍යධර්‍මදර්‍ශනයෙන්) දක්නා ලද්දාහු ද එහෙයින් මේ අන්තිම ශරීරය වෙයි. ජාතිසංසාරය ක්‍ෂය වී දැන් පුනර්‍භවයෙක් නැති.
kn-thig:10.10
මෙසෙයින් ජෙන්තා මෙහෙණ ගාථා කිවු යැ.
kn-thig:10.11
ජෙන්තා ථේරීගාථා යි.
kn-thig:10.12
2. 3.
kn-thig:10.13
23. සුමුත්තිකාවෙනි, සුමුත්තිකාවෙනි, මොහොලින් මොනොවට මිදුණමු. මාගේ සැමියා නිර්ලජ්ජයෙක. (හේ මට නො රිසි වෙයි) (දිවි තකා කැරෙන) ඡත්‍රය ද නො රිසි වෙයි. මාගේ බත් පිසන සැළිය දියබරණ ගඳ හමයි. (මෙ හැමයෙන් මොනවට මිදුණමු)
kn-thig:10.14
24. මම් රාගය ද ද්වේෂය ද ‘චිච්චිටි චිච්චිටි’ යන අනුකරණයෙන් නසාලමි. මම වෘක්‍ෂමූලයට එළඹ ‘අහෝසුඛං’ යි සුඛවශයෙන් ධ්‍යාන කරමි.
kn-thig:10.15
මෙසෙයින් සුමඞ්ගලමාතා මෙහෙණ ගාථා කිවු යැ.
kn-thig:10.16
සුමඞ්ගල මාතා ථේරීගාථා යි.
kn-thig:12.1
2. 4.
kn-thig:12.2
25. කසීරට උපදනා සුංවත් යම් පමණ වේ ද මට එපමණ සුංවත් වී. නියම්ගම් වැසි ජනයා ඒ අගය කොට ගෙන එයින් අඩෙකින් මා අගය කොට තැබී.
kn-thig:12.3
26. ඉක්බිති මම රූපයෙහි කලකිරුණුමි. කලකිරුණු මම විරාගයට පැමිණියමු: වැළි පුනපුනා ජාති සංසාරයට නො දුවමි. මා විසින් ත්‍රිවිද්‍යාවෝ පසක් කරන ලදහු. බුදුන්ගේ අනුසසුන් කරන ලද.
kn-thig:12.4
මෙසෙයින් අඩ්ඪකාසී මෙහෙණ ගාථා කිවු යැ.
kn-thig:12.5
අඩ්ඪකාසී ථේරීගාථා යි.
kn-thig:12.6
2. 5.
kn-thig:12.7
27. මම (මඳ වූ මස්ලේ ඇති බැවින්) කෘශ ශරීර ඇති වැ ගිලන් වැ දැඩි දුබල වුව ද, (යම් මැ තැනෙක) යමින් සැරයටිය එල්බගෙන යමි. (එබඳු වී නමුදු) ගිජුකුළුපව්වට නැඟී,