Therīgāthā

Verses of the Elder Nuns

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 701-777 න් 777

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT450. කාමා කටුකා ආසී- විසූපමා යෙසු මුච්ඡිතා බාලා, තෙ දීඝරත්තං නිරයෙ සමප්පිතා හඤ්ඤන්තෙ දුක්ඛිතා.
Sinhala BJT450. බාලයෝ යම් කාමයෙක්හි මුසපත් වූවාහු ද ඒ කාමයෝ කටුකයෝ යැ ආශිර්විෂ සදෘශයහ, ඒ බාලයෝ නිරයෙහි පිහිටියාහු බොහෝ කලක් දුඃඛිත වැ (තුමූ මැ) පෙළෙත්.
Pali BJT451. සොචන්ති පාපකම්මා විනිපාතෙ පාපබුද්ධිතො, සදා කායෙන වාචාය මනසා ච අසංවුතා.
Sinhala BJT451. පව්කම් ඇති පාපබුද්ධි ඇති ඔහු හැම කල්හි කයින් වචසින් මනසින් ද අසංවෘත වූවාහු නිරයෙහි ඉපිද ශෝක කෙරෙත්.
Pali BJT452. බාලා තෙ දුප්පඤ්ඤා අචෙතනා දුක්ඛසමුදයො රුද්ධා දෙසෙන්තෙ අජානන්තා න බුජ්ඣතෙ අරියසච්චානි.
Sinhala BJT452. දුෂ්ප්‍රාඥ වූ (ආත්මහිතයෙහි) චේතනා රහිත වූ ඒ බාලයෝ දුඃඛසමුදයෙහි (-තෘෂ්ණානිමිත්ත) සංසාරයෙහි ඇවුරුණාහු (සිව්සස්දහම්) දෙසන කල්හි අරුත් නො දන්නාහු ආර්‍ය්‍යසත්‍යයන් අවබෝධ නො කෙරෙත්.
Pali BJT453. සච්චානි අම්ම බුද්ධවර- දෙසිතානි තෙ බහුතරා අජානන්තා, යෙ අභිනන්දන්ති භවගතං පිහෙන්ති{4} දෙවෙසු උපපත්තිං.
Sinhala BJT453. මෑණියනි, යම් කෙනෙක් භවය පතත් ද දෙවියන් කෙරෙහි උපත රිසියෙන් ද බුද්ධශ්‍රේෂ්ඨයන් විසින් දෙසන ලද සියුසස් නො දන්නා වූ ඔහු මැ ඉතා බොහෝ වෙත්.
Pali BJT454. දෙවෙසුපි උපපත්ති අසස්සතා භවගතෙ අනිච්චම්හි, න ච සන්තසන්ති බාලා පුනප්පුනං ජායිතබ්බස්ස.
Sinhala BJT454. සියලු භවය අනිත්‍ය කල්හි දෙවියන් කෙරෙහි උපත ද අශාශ්වත යැ, (එසේ කල්හිදු) බාලයෝ පුනපුනා ඉපදීම පිළිබඳ වැ නො ද තැතිගනිත්. (සංවේගයට නො පැමිණෙත්)
Pali BJT455. චත්තාරො විනිපාතා ද්වෙ ච ගතියො කථඤ්චි ලබ්භන්ති න ච විනිපාතගතානං පබ්බජ්ජා අත්ථි නිරයෙසු.
Sinhala BJT455. (නිරය තිරිසන් ප්‍රේත අසුර යන මොහු) සතර විනිපාතයෝ යැ, (දෙව් මිනිස් යන) දෙ ගතීහු ද දුකසේ ලැබෙත්. විනිපාතගතයනට නිරයෙහි පැවිද්ද නො ද ඇති.
Pali BJT456. අනුජානාථ මං උභයො පබ්බජිතුං දසබලස්ස පාවචනෙ අප්පොස්සුක්කා ඝටිස්සං ජාතිමරණප්පහානාය.
Sinhala BJT456. දසබලයන් වහන්සේගේ ශාසනයෙහි පැවිදිවන්නට තොප දෙ දෙන මට අවසර දුන මැනව, ජාතිමරණයන්ගේ ප්‍රහාණය පිණිස (අන්කිසයෙකැ) අල්පොත්සුක වැ වෑයම් කරමි.
Pali BJT457. කිං භවගතෙන{1} අභිනන්දිතෙන කායකලිනා අසාරෙන, භවතණ්හාය නිරොධා අනුජානාථ පබ්බජිස්සාමි.
Sinhala BJT457. කායකලි වූ අසාර වූ භවය අභිනන්‍දනා කිරීමෙන් කවර ප්‍රයෝජන ද, භවතෘෂ්ණාවගේ නිරෝධහේතුයෙන් (නිරෝධය පිණිස) පැවිදි වෙමි, මට අවසර දුන මැනවි.
Pali BJT458. බුද්ධානං උප්පාදො විවජ්ජිතො අක්ඛණො ඛණො ලද්ධො, සීලානි බ්රහ්මචරියං යාවජීවං න දූසෙය්යං.
Sinhala BJT458. (නිරයොත්පත්ති ආදී අටවැදෑරුම්) අක්‍ෂණය දුරලනලද, බුද්ධොත්පාද සඞ්ඛ්‍යාත නවවැනි ක්‍ෂණය ලබනලද, සිව්පිරිසිදු සිල් ද සසුන්බඹසර ද යාවජ්ජීවයෙන් නො කෙලෙසමි.
Pali BJT459. එවං භණති සුමෙධා මාතාපිතරො න තාව ආහාරං, ආහරියාමි{2} ගහට්ඨා මරණවසං ගතාව හෙස්සාමි.
Sinhala BJT459. සුමේධා මවුපියනට මෙසේ කියා: (ඉදින් පැවිදි නො ලබම් නම්) ගිහි වැසිව අහර නො මැ ගනිමි, මරණවශයට පැමිණියෙම් ම වෙමි’යි.
Pali BJT460. මාතා දුක්ඛිතා රොදති පිතා ච අස්සා සබ්බසො සමභිහතො,{3} ඝටෙන්ති සඤ්ඤාපෙතුං{4} පාසාදතලෙ ඡමාපතිතං.
Sinhala BJT460. ඇයගේ මව දුක්පත් වැ හඬයි, පියා ද සර්‍වප්‍රකාරයෙන් කඳුළු පිරුණු මුහුණු ඇති වැ පහතෙලෙහි බිම වැටී හුන් සුමේධා (ගිහි බවට) රිසි කරවන්නට වෑයම් කරයි:
Pali BJT461. උට්ඨෙහි පුත්තක කිං සොචිතෙන දින්නාසි වාරණවතිම්හි රාජා අණීකදත්තො{5} අභිරූපො තස්ස ත්වං දින්නා.
Sinhala BJT461. දරුව, නැඟීසිටුව, ශෝක කිරීමෙන් කිම? (තෙපි) වාරණවතියෙහි රජුට දෙනලද්දාව, අණීකදත්ත රජ අභිරූප යැ, තෙපි ඒ රජුට දෙන ලද්දාව.
Pali BJT462. අග්ගමහෙසී භවිස්සසි අණීකදත්තස්ස රාජිනො භරියා, සීලානි බ්රහ්මචරියං පබ්බජ්ජා දුක්කරා පුත්තක.
Sinhala BJT462. අණීකදත්ත රජුට භාර්‍ය්‍යාව වූ අගමෙහෙසි වෙහි. දරුව, සිල් ද බඹසර ද පැවිද්ද ද දුෂ්කර වේ.
Pali BJT463. රජ්ජෙ ආණා ධනමිස්සරියං භොගා සුඛා දහරිකාසි,{6} භුඤ්ජාහි කාමභොගෙ වාරෙය්යං හොතු තෙ පුත්ත.
Sinhala BJT463. (අණීකදත්තගේ) රාජ්‍යයෙහි (තොපගේ) ආඥා වැටෙයි, ධනය ද පතිකුලයෙහි ඉසුරු බව ද භොග සුව (යන සියල්ල) තොප සතු වෙයි, තෙපි තරුණ වුව, කම්සුව වළඳව, දරුව තොපගේ පතිවරය වේවා.
Pali BJT464. අථ නෙ භණති සුමෙධා මා ඊදිසිකානං භවගතං අසාරං, පබ්බජ්ජා වා හෙහිති, මරණං වා මෙ නචෙව වාරෙය්යං.
Sinhala BJT464. ඉක්බිති සුමේධා ඔවුනට කියයි: මෙබඳු සම්පත් නහමක් වේවා, භවය අසාර යැ, මාගේ පැවිද්ද හෝ මරණය හෝ වන්නේ ය, පතිවරය නො ද වන්නේ ය.
Pali BJT465. කිමිව පූතිකායමසුචිං සවනගන්ධං භයානකං කුණපං අභිසංවිසෙය්යං භස්තං අසකිං පග්ඝරණං{7} අසුචිපුණ්ණං.
Sinhala BJT465. අපවිත්‍ර වූ විහිදෙන විස්‍රගන්‍ධ ඇති (අවීතරාගයනට) බිය එළවන කුණපයක් වූ නිරතුරු වැගිරෙන අසුචියෙන් පිරුණු සම්පිහිවාවක් බඳු මේ කුණුකය කුමක් හෙයින් අභිනිවේශ කෙරෙම් ද, (තෘෂ්ණාදි විසින් ගනිම් ද,)
Pali BJT466. කිමිව තාහං ජානන්තී විකූලකං මංසසොණිතුපලිත්තං,{1} කිමිකුලාලයං සකුණභත්තං කලෙබරං කිස්ස දීයතීති.
Sinhala BJT466. අතිශයින් පිළිකුල් වූ මසින් හා ලෙයින් හා තැවරුණු ඒ කය දැනැසිටි මම කුමක් හෙයින් (අභිනිවේශ කෙරෙම් ද) කෘමිකුලයනට වාස වූ ළිහිණිනට බත් වූ මේ කලෙවරය කවර කරුණෙකින් (රුස්වා) දෙනු ලැබේ ද?
Pali BJT467. නිබ්බුය්හති සුසානං අචිරං කායො අපෙතවිඤ්ඤාණො ඡුද්ධො{2} කලිඞ්ගරං විය ජිගුච්ඡමානෙහි ඤාතීහි.
Sinhala BJT467. නොබෝ කලෙකින් පහවූ විඥානය ඇති මේ කය පිළිකුල් කරන නෑයන් විසින් (නිරර්‍ත්‍ථක) දරකඩක් සෙයින් හැරදමන ලදුයේ සොහොනට ගෙනයනු ලැබේ.
Pali BJT468. ඡුද්ධුන තං සුසානෙ පරභත්තං නහායන්ති ජිගුච්ඡන්තා, නියකා මාතාපිතරො කිං පන සාධාරණා ජනතා.
Sinhala BJT468. අන් බලු සිවල් ආදීනට ගොදුරු වූ සිරුර සොහොනෙහි හැරදමා ස්වකීය මවුපියෝ පවා (මිනිය පසුපස ආම්හ’යි) පිළිකුල් කෙරෙමින් ස්නානය කෙරෙති, සාධාරණ ජනතාව වැලිත් කියනු ම කිම?
Pali BJT469. අජ්ඣොසිතා අසාරෙ කලෙබරෙ අට්ඨිනහාරුසඞ්ඝාතෙ, ඛෙලස්සුච්චාරපස්සව පරිපුණ්ණෙ පූතිකායම්හි.
Sinhala BJT469. ඇටනහරින් බැඳුණු කෙළ කඳුළු මල මූයෙන් පිරුණු කුණුකයක් වූ නිසරු කලෙවරයෙහි (අන්‍ධ බාලයෝ තෘෂ්ණාදි විසින්) අභිනිවේශ කළාහු වෙත්.
Pali BJT470. යො න විනිබ්භුජිත්වා අබ්භන්තරමස්ස බාහිරං කයිරා, ගන්ධස්ස අසහමානා සකාපි මාතා ජිගුච්ඡෙය්ය.
Sinhala BJT470. යමෙක් ඒ කය වෙන් කොට ඒ ශරීරයාගේ ඇතුළත බැහැරකරන්නේ ද සිය මව පවා දුගඳ නො ඉවසමින් පිළිකුල් කරන්නී ය.
Pali BJT471. ඛන්ධදාතුආයතනං සඞ්ඛතං ජාතිමූලකං දුක්ඛං, යොනිසො අනුවිචිනන්තී{3} වාරෙය්යං කිස්ස ඉච්ඡෙය්යං.
Sinhala BJT471. ස්කන්‍ධ ධාතු ආයතන යන සංඛතය (ප්‍රත්‍යයොත්පන්නය) ජාතිමූලක දුකෙකැයි නුවණින් විමසන මම කුමක් හෙයින් විවාහය කැමති වෙම් ද?
Pali BJT472. දිවසෙ දිවසෙ තිසත්ති සතානි නව නවා පතෙය්යුං කායම්හි, වස්සසතම්පි ච ඝාතො සෙය්යො දුක්ඛස්ස චෙවං{4} ඛයො.
Sinhala BJT472. ඉදින් මෙසේ වට්ට දුක්ඛයාගේ ගෙවීම වේ නම්, දවසක් පාසා අලුත් අලුත් වූ තුන්සියක් අඩයටි පහර ඇත ද, හවුරුදු සියයකුදු (යථෝක්ත) අවි පහර ලැබෙනුයේ උතුම් වේ.
Pali BJT473. අජ්ඣපගච්ඡෙ ඝාතං යො විඤ්ඤායෙවං{5} සත්ථුනො වචනං, දීඝො තෙසං සංසාරො පුනප්පුනං හඤ්ඤමානානං.
Sinhala BJT473. යමෙක් මෙසේ ශාස්තෲන් වහන්සේගේ වචනය දැනගෙන ද (ජාතිමරණාදි) වධය පිළින කෙරේ ද, පුන පුනා ජාත්‍යාදීන් වෙහෙසනු ලබන ඔවුනට සසර දික් වන්නේ ය.
Pali BJT474. දෙවෙසු මනුස්සෙසු ච තිරච්ඡානයොනියා අසුරකායෙ, පෙතෙසු ච නිරයෙසු ච අපරිමිතා දිස්සරෙ{6} ඝාතා.
Sinhala BJT474. දෙව්ලොව ද මිනිස්ලොව ද තිරිසන්යොන්හි ද අසුරනිකායෙහි ද ප්‍රේතවිෂයෙහි ද නිරයෙහි ද අපරිමිත වූ පීඩාවෝ දක්නා ලැබෙත්.
Pali BJT475. ඝාතා නිරයෙසු බහූ විනිපාතගතස්ස පීළියමානස්ස{7} දෙවෙසුපි අත්තාණං නිබ්බානසුඛා පරං නත්ථි.
Sinhala BJT475. නිරයෙහි (උපන්නහුට පඤ්චවිධ බන්‍ධනාදි වූ) ද තිරශ්චීනාදි විනිපාතයනට ගියහු (කසාදීන්) පෙළනුලබන්නහුට ද බොහෝ වධයෝ වෙති, දෙවියන් කෙරෙහි දු ත්‍රාණයෙක් නැත නිවන්සුවයට වඩා උතුම් සුවයෙක් නැති.
Pali BJT476. පත්තා තෙ නිබ්බානං යෙ යුත්තා දසබලස්ස පාවචනෙ, අප්පොස්සුක්කා ඝටෙන්ති ජාතිමරණප්පහානාය.
Sinhala BJT476. යම් කෙනෙක් දසබලයන්ගේ ප්‍රවචනයෙහි යෙදුණාහු ජාති මරණයන්ගේ ප්‍රහාණය පිණිස (අන් කටයුත්තෙහි) අල්පොත්සුක වැ වෑයම් කෙරෙත් ද ඔහු නිවනට පැමිණියාහු වෙත්.
Pali BJT477. අජ්ජෙව තාතභිනික්ඛමිස්සං භොගෙහි කිං අසාරෙහි, නිබ්බින්නා මෙ කාමා වන්තසමා තාලාවත්ථුකතා.
Sinhala BJT477. පියාණෙනි, අද මැ අභිනිෂ්ක්‍රමණය කෙරෙමි, නිසරු වූ භෝගයන්ගෙන් කවර ප්‍රයෝජන ද? මා විසින් බලුවමනයක් බඳු කාමයෝ නිර්විඝ්නයහ (හරනා ලදහ) තාලවාස්තුවක් මෙන් කරනලදහ.
Pali BJT478. සාචෙවං භණති පිතරං අණීකදත්තො ච යස්ස සා දින්නා{1} උපයාස වාරණවතෙ වාරෙය්යං උපට්ඨිතෙ කාලෙ.
Sinhala BJT478. ඕ තොමෝ ද පියරජුට මෙසේ කියයි, ඕ යම් රජක්හට දෙන ලදු ද වාරණවතියෙහි ඒ අණීකදත්ත රජ ද විවාමඟුල් එළඹ සිටි කාලයෙහි පැමිණියේ ය.
Pali BJT479. අථ අසිත නිචිතමුදුකෙ කෙසෙ ඛග්ගෙන ඡින්දිය සුමෙධා, පාසාදං ච පිධෙත්වා{2} පඨමජ්ඣානං සමාපජ්ජි.
Sinhala BJT479. එකල්හි සුමේධා නිල්වන් හැසුණු මුදු කෙස් කලබ කඩුවෙන් සිඳ (තමා වසන) පහයෙහි දොර වසා (කේසයෙහි පටික්කූලමනසිකාර කොට) පළමුවන දැහැන් සමවනි.
Pali BJT480. සා ච තහිං සමාපන්නා අණීකදත්තො{3} ච ආගතො නගරං, පාසාදෙව සුමෙධා අනිච්චසඤ්ඤා සුභාවෙති.
Sinhala BJT480. ඕ තොමෝ ද එහි සමවත් සමවන, අණීකදත්ත ද නුවරට පැමිණියේ ය, සුමේධා පහයෙහි මැ සිට (ධ්‍යානපාදක කොට) අනිත්‍යසංඥා මොනොවට වඩයි.
Pali BJT481. සා ච මනසිකරොති අණීකදත්තො{3} ච ආරුහි තුරිතං මණිකනකභූසිතඞ්ගො කතඤ්ජලී යාචති සුමෙධං.
Sinhala BJT481. ඕ තොමෝ ද අනිත්‍ය මෙනෙහි කරයි, අණීකදත්ත ද රන්මිණිබරණින් සැරසූ සිරුරු ඇති වැ වහා පහයට නැංගේ ය, (හේ) කළ ඇඳිලි ඇති වැ සුමේධාවට යාච්ඤා කරයි.
Pali BJT482. අජ්ජෙ ආණාධනමිස්සරියං භොගා සුඛා දහරිකාසි,{4} භුඤ්ජාහි කාමභොගෙ කාමසුඛා සුදුල්ලභා ලොකෙ.
Sinhala BJT482. රාජ්‍යයෙහි ආධිපත්‍යය ද ධනය ද ඉසුරු බව ද භොග සුඛ (යන සියල්ල) තොප සතු වෙයි, තෙපි තරුණ වවු, කාමභෝගයන් වළද වවු, ලොවැ කාමසුඛයෝ දුර්‍ලභ වෙත්.
Pali BJT483. නිස්සට්ඨං තෙ රජ්ජං භොගෙ භුඤ්ජස්සු දෙහි දානානි, මා දුම්මනා අහොසි මාතාපිතරො තෙ දුක්ඛිතා.
Sinhala BJT483. රාජ්‍ය තොපට පරිත්‍යාග කරන ලද, භෝගයන් වළඳව, දන් දෙව, නහමක් දොම්නස් වව, තොපගේ මවුපිය දෙදෙන දුකට පැමිණියාහ.
Pali BJT484. තං තං භණති සුමෙධා කාමෙහි අනත්ථිකා විගතමොහා, මා කාමෙ අභිනන්දි කාමෙස්වාදීනවං පස්ස.
Sinhala BJT484. සුමේධා ඔහුට මෙසේ කියයි, මම් කාමයන්ගෙන් ප්‍රයෝජන නැතියකිම් වෙමි, පහව ගිය මෝහ ඇති වෙමි, (තෙපි) කාමයන්හි නහමක් සතුටු වෙව, කාමයන්හි ආදීනව බලව.
Pali BJT485. චාතුද්දීපො රාජා මන්ධාතා ආසි කාමභොගීනමග්ගො අතිත්තො කාලං කතො න චස්ස පරිපූරිතා ඉච්ඡා.
Sinhala BJT485. සතර මහදිවට අධිපති වූ කාමභෝගීන් කෙරෙන් අග්‍ර වූ මන්‍ධාතු නම් සක්විති රජෙක් වී හේ කාමයෙන් නො තිත් වැ කලුරිය කෙළේ, ඔහුගේ ද (කාමයන්හි) ආශාව නො පිරිණ.
Pali BJT486. සත්තරතනානි වස්සෙය්ය වුට්ඨිමා දසදිසා සමන්තෙන න චත්ථි තිත්ති කාමානං අතිත්තාව මරන්ති නරා.
Sinhala BJT486. මේඝය හාත්පසින් දසදිගැ සත්රුවන් වැසි වස්නේ නමුදු (මන්‍ධාතු රජුට සෙයින්) කාමයන් පිළිබඳ තෘප්තියෙක් නො ද ඇති, මනුෂ්‍යයෝ අතෘප්ත ව මැ මැරෙත්.
Pali BJT487. අසිසූනූපමා කාමා කාමා සප්පසිරූපමා, උක්කූපමා අනුදහන්ති අට්ඨිකඞ්කල සන්නිභා.
Sinhala BJT487. කාමයෝ කඩුව හා මස්ලොඹුව හා බඳු උපමා ඇත්තාහ, කාමයෝ සර්‍පශීර්‍ෂ බඳු උපමා ඇත්තාහ, උල්කෝපම වැ අනුදහනය කෙරෙති, අස්ථිකඞ්කාල සදෘශයහ.
Pali BJT488. අනිච්චා අද්ධුවා කාමා බහුදුක්ඛා මහාවිසා, අයොගුලොව සන්තත්තො අඝමූලා දුමප්ඵලා.{1}
Sinhala BJT488. කාමයෝ අනිත්‍යයෝ යැ අධ්‍රැවයෝ යැ බොහෝ දුක් ඇත්තාහ, ගරල බන්දහ, දවසක් මුළුල්ලෙහි තැවුණු යගුළක් මෙන් දුකට මූලයහ, ද්‍රැමඵල සදෘශයහ.
Pali BJT489. රුක්ඛඵලූපමා කාමා මංසපෙසූපමා දුඛා, සුපිනොපමා වඤ්චනියා කාමා යාචිතකූපමා.
Sinhala BJT489. කාමයෝ වෘක්‍ෂඵලෝපමයහ, මාංශපේශි බන්දහ, දුක් උපදවනු වහ, ස්වප්නෝපම වැ වඤ්චා කරනුවහ, කාමයෝ පිරුළු කොට ගත් දෑ බන්දහ.
Pali BJT490. සත්තිසූලූපමා කාමා රොගො ගණ්ඩො අඝං නිඝං, අඞ්ගාරකාසුසදිසා අඝමූලං භයං වධො.
Sinhala BJT490. කාමයෝ සැත්හුල් බන්දහ, රුජාකර යැ ගඬක් වැන්නහ, දුකට මුල් හෙයින් අඝ යැ, මරණයට පමුණුවනුයෙන් නීඝ යැ, ගිනිඅඟුරුවළක් වැන්නහ, දුකට මුලැ, බිය එළවනු යැ, වධකයකු වැන්නහ.
Pali BJT491. එවං බහුදුඛා කාමා අක්ඛාතා අන්තරායිකා, ගච්ඡථ න මෙ භවගතෙ විස්සාසො අත්ථි අත්තනො.
Sinhala BJT491. මෙසේ කාමයෝ බොහෝ දුක් ඇත්තාහයි කියන ලදහ, (සගට මොකට) අන්තරායකරයහ, තෙපි යවු. ආත්මීය යයි භවයෙහි මාගේ විශ්වාසයෙක් නැති.
Pali BJT492. කිං මම පරො කරිස්සති අත්තනො සීසම්හි ඩය්හමානම්හි, අනුබන්ධෙ ජරාමරණෙ තස්ස ඝාතාය ඝටිතබ්බං.
Sinhala BJT492. තම හිස ගිනිගෙන දැවෙන කල්හි අනෙකෙක් මට කුමක් කරන්නේ ද, ජරාමරණ දෙක ලුහුබඳනා කල්හි එය නැසීම පිණිස වෑයම් කළ යුතු යැ.
Pali BJT493. ද්වාරං අවාපුරිත්වාහං මාතාපිතරො අනීකදත්තඤ්ච දිස්වාන ඡමං නිසින්නෙ රොදන්තෙ ඉදමවොචං.
Sinhala BJT493. මම දොර විවර කොට මවුපියන් ද අණීකදත්ත ද දැක බිමැ හිඳ හඬනුවනට මෙසේ කීමි.
Pali BJT494. දීඝො බාලානං සංසාරො පුනප්පුනඤ්ච රොදතං, අනමතග්ගෙ පිතු මරණෙ භාතු වධෙ අත්තනො ච වධෙ.
Sinhala BJT494. අවිදිතාග්‍ර වූ සසරැ පියාගේ මරණයෙහි ද සහෝදරයාගේ වධයෙහි ද තමාගේ වධයෙහි ද පුනපුනා හඬන බාලයනට සසර දික් වේ.
Pali BJT495. අස්සු ථඤ්ඤං රුධිරං සංසාරං අනමතග්ගතො සරතං,{2} සත්තානං සංසරතං සරාහි අට්ඨීනඤ්ච සන්නිචයං.
Sinhala BJT495. (මාතෘමරණාදි ශෝකයෙන් හැඬූ) කඳුළු ද (ළදරු කලැ පී) කිරි ද (සතුරන් විසින් කෙටුවහුගේ සිරිරින් ගුළු) ලෙහෙ ද සසර අවිදිතාග්‍ර හෙයින් එය (කේසා මහත් දැයි) සිහි කරන සසර සැරිසරන සත්ත්‍වයන්ගේ අස්ථිරාශිය ද සිහිකර.
Pali BJT496. සර චතුරොදධි උපනීතෙ අස්සු ථඤ්ඤ රුධිරම්හි සර එකකප්පමට්ඨීනං සඤ්චයං විපුලෙන සමං.
Sinhala BJT496. (බුදුවරයන් විසින්) සියුසයුර උපමා කොට එළවන ලද (ඇසින් හුණු) කඳුළු (තනෙන් පී) කිරි (සිරිරින් ගුළු) ලේ යන මෙහි පමණ සිහිකර, එක් කපෙක අස්ථීන්ගේ රාශිය වෛපුල්‍ය පර්‍වතසම කොට සිහිකර.
Pali BJT497. අනමතග්ගෙ සංසරතො මහිං ජම්බුදීපමුපනීතං, කෙ ළට්ඨිමත්තගුලිකා මාතාමාතුස්වෙව නප්පහොන්ති.
Sinhala BJT497. ජම්බුදීප සඞ්ඛ්‍යාත පෘථිවිය ඩෙබරැට පමණින් ගුළි කොට මේ මාගේ මව යැ මේ මවගේ මව යැ යනාදී එක් එක් ගුළිය වෙන් කරන්නේ නම්) ඩෙබරැට සා ගුළි මාතාමහීන් කෙරෙහි මැ නො පොහෝනාහ, (අවිදිතාග්‍ර වූ සසරැ සැරිසරන සත්ත්‍වයාට සසර දිගබව දක්වනු සඳහා) උපමා විසින් එළවූ කරුණ සිහිකර.
Pali BJT498. සර තිණකට්ඨසාඛාපලාසං උපනීතං අනමතග්ගතො,{1} චතුරඞ්ගුලිකා ඝටිකා පිතුපිතුස්වෙව නප්පහොන්ති.
Sinhala BJT498. ලොවැ සියලු තෘණ කාෂ්ට ශාඛා පලාස (සතරඟුල් පමණින් කැබලි කොට එක් එක් කඩ මේ මාගේ පියා යැ මේ පියාගේ පියා යැ යනාදීන් වෙන් කරන්නේ නම්) ඒ සතරඟුල් කඩ පීතෘපීතෲන් කෙරෙහි මැ නො පොහෝනේ යැ, සසර අවිදිතාග්‍ර භාවයෙහි උපමා විසින් එළවන ලද කරුණ සිහිකර.
Pali BJT499. සර{2} කාණකච්ඡපං පුබ්බසමුද්දෙ අපරතො ච යුගච්ඡිද්දං සර තස්ස ච පටිමුක්කං මනුස්සලාභම්හි ඔපම්මං.
Sinhala BJT499. මිනිසත් බැව් ලැබීමෙහි ඖපම්‍ය වූ (අවුරුදු සියයකට වරක් උඩ එන) කණකැස්බා සිහිකර, පෙරදිග මුහුදෙහි ලූ (අපර භාගයෙන් බටහිර උතුරු දකුණු මුහුදෙහි) වාතවේගයෙන් බමණ වියසිදුර ද (සියවසෙකින් උඩ එන) ඒ කණකැස්බාගේ (වියසිදුරෙහි) ඇමුනුණු හිස ද සිහිකර.
Pali BJT500. සර රූපං ඵෙණපිණ්ඩොපමස්ස කායකලිකො අසාරස්ස ඛන්ධෙ පස්ස අනිච්චෙ සරාහි නිරයෙ බහුවිඝාතෙ.{3}
Sinhala BJT500. පෙණපිඬකට බඳු උපමා ඇති නීසර වූ කායකලිහුගේ (-කිලිටි සිරුර පිළිබඳ) රූපය සිහිකර, අනිත්‍ය වූ ස්කන්‍ධයන් බල, නිරයෙහි බොහෝ දුක් සිහිකර.
Pali BJT501. සර කටසීවඩ්ඪන්තෙ පුනප්පුනං තාසු තාසු ජාතිසු, සර කුම්භීගභයානි ච සරාහි චත්තාරි සච්චානි.
Sinhala BJT501. පුනපුනා ඒ ඒ ජාතියෙහි සොහොන්බිම වඩන (සත්ත්‍වයන්) සිහිකර, කිඹුල්බිය (-උදරපෝෂණය පිණිස නො කටයුතු කරන බව) ද සිහිකර, දුක්ඛාදි සිව්සස් (තතුසේ) සිහිකර.
Pali BJT502. අමතම්හි විජ්ජමානෙ කිං තව පඤ්චකටුකෙන පීතෙන, සබ්බා හි කාමරතියො කටුකතරා පඤ්චකටුකෙන.
Sinhala BJT502. බුදුන් වදාළ සදහම් අමා (නොහොත් අමෘතය) විද්‍යාමාන කල්හි පඤ්චකාමගුණ සෙවීමෙන් (නොහොත් පස්කුළු පීමෙන්) තොපට කවර ප්‍රයෝජන ද, සියලු මැ කාමරතීහු පඤ්චකටුකයට වඩා අතිශයින් කටුකයෝ යි.
Pali BJT503. අමතම්හි විජ්ජමානෙ කිං තව කාමෙහි යෙ සපරිළාහා{4} සබ්බා හි කාමරතියො ජලිතා කුථිතා කම්පිතා සන්තපිතා.
Sinhala BJT503. සදහම්අමා ඇතිකල්හි යම් කාමකෙනෙක් පරිදාහ සහිත වෙත් නම්, ඒ කාමයන්ගෙන් තොපට කවර ප්‍රයෝජන ද, සියලු මැ කාමරතීහු (එකොළොස්ගින්නෙන්) ජ්වලිතයෝ යැ, ක්‍වථිතයෝ යැ, කම්පිත වූවාහු තැවුණාහු ද වෙත්.
Pali BJT504. අසපත්තම්හි සමානෙ කිං තව කාමෙහි යෙ බහුසපත්තා, රාජග්ගිචොරඋදකප්පියෙහි සාධාරණා කාමා බහූසපත්තා.
Sinhala BJT504. සතුරන් රහිත නෛෂ්ක්‍රම්‍යය ඇතිකල්හි යම් කාමකෙනෙක් බොහෝ සතුරන් ඇත්තාහු ද ඒ කාමයන්ගෙන් තොපට කවර ප්‍රයෝජන ද කාමයෝ රජ ගිනි සොර දිය අප්‍රියයන් හා සාධාරණයහ, බොහෝ සතුරන් ඇත්තාහ.
Pali BJT505. මොක්ඛම්හි විජ්ජමානෙ කිං තව කාමෙහි යෙසු{5} වධබන්ධො, කාමෙසු හි අසතා කාමා{6} වධබන්ධනදුක්ඛානි{7} අනුභොන්ති.
Sinhala BJT505. මෝක්‍ෂය විද්‍යාමාන කල්හි යම් කාමකෙනකුන් විෂයෙහි මරණාදී වධය හා සිරබැඳුම් ආදි බන්‍ධන වේ ද, තොපට ඒ කාමයන්ගෙන් කවර ප්‍රයෝජන ද, යම්හෙයෙකින් කාමයෝ ලාමක වෙත් ද (කාමීහු) වධබන්‍ධන දුක් විඳිත් ද එහෙයිනි.
Pali BJT506. ආදීපිතා තිණුක්කා ගණ්හන්තං දහන්ති නෙව මුඤ්චන්තං, උක්කොපමා හි කාමා දහන්ති යෙ තෙ න මුඤ්චන්ති.
Sinhala BJT506. දැල්වෙන තණහුල අතින් ගන්නහු දවයි, හරනහු නො මැ දවා, එසේ මැ ය, කාමයෝ උල්කෝපම වෙති. යම් කෙනෙක් ඒ කාමයන් නො පියත් ද, ඒ සත්ත්‍වයන් දවත් මැ යි.
Pali BJT507. මා අප්පකස්ස හෙතු කාමසුඛස්ස විපුලං ජහී සුඛං, මා පුථුලොමොව බලිසං ගිලිත්වා පච්ඡා විහඤ්ඤසි.
Sinhala BJT507. අල්ප වූ කාමසුඛය හේතු කොට මහත් වූ ලෝකෝත්තර සුඛය නහමක් දුරුකර, බිලිය ගිලැ මසකු මෙන් පසුව නහමක් වැනැසෙව.
Pali BJT508. කාමං කාමෙසු දමස්සු තාව සුනඛොව සඞ්ඛලාබද්ධො කාහින්ති ඛු තං කාමා ඡාතා සුනඛං ව චණ්ඩාලා.
Sinhala BJT508. ඒකාන්තයෙන් කාමවිෂයෙහි ඉඳුරන් දමනය කරව. බලුදමින් බඳනාලද ශුනකයකු සෙයින් (තෙපි කාමබන්‍ධනයෙන්) බඳනාලද්දහු යැ, සයින් පෙළුණු සැඬොල්හු ශුනකයකු (ලැබ යම්සේ නසත් ද) කාමයෝ තොප එසේ කරන්නාහ.
Pali BJT509. අපරිමිතං ච දුක්ඛ බහූනි ච චිත්තදොමනස්සානි, අනුභොහිසි කාමෙසු යුත්තො පටිනිස්සජ අද්ධුවෙ කාමෙ.
Sinhala BJT509. කාමයන්හි යෙදුණු තෙපි අපරිමිත වූ කායික දුක් ද බොහෝ චෛතසික වූ දොම්නස් ද විඳින්නහු ය, එහෙයින් අනිත්‍ය වූ කාමයන් දුරුකරව.
Pali BJT510. අජරම්හි විජ්ජමානෙ කිං තව කාමෙහි යෙසු ජරාමරණව්යාධිගහිතා සබ්බා සබ්බත්ථ ජාතියො.
Sinhala BJT510. යම් කාම කෙනකුන් ඇති කල්හි සියලු භවාදියෙහි සියලු ජාතීහු ජරාමරණව්‍යාධීන් විසින් ගන්නා (මඩනා) ලද්දාහු ද එහෙයින් අජර වූ නිවන ඇතිකල්හි තොපට කාමයන්ගෙන් කවර ප්‍රයෝජන ද?
Pali BJT511. ඉදමජරමිදමමරං ඉදමජරාමරපදමසොකං, අසපත්තමසම්බාධං අඛලිතමභයං නිරුපතාපං.
Sinhala BJT511. මේ නිවන ජරා රහිත යැ, මෙය මරණ රහිත යැ, මෙය අජරාමර බවට කාරණ යැ, ශෝක රහිත යැ, සපත්තධර්‍ම රහිත යැ, ක්ලේශසම්බාධ රහිත යැ, දුශ්චරිතකිලුටු රහිත යැ, නිර්‍භය යැ, තැවුල් රහිත යි.
Pali BJT512. අධිගතමිදං බහූහි අමතමජ්ජාපි ච ලභනීයමිදං, යො යොනිසො පයුඤ්ජති න ච සක්කා අඝටමානෙන.
Sinhala BJT512. මේ අමාමහනිවන බොහෝ බුද්ධාදි ආර්‍ය්‍යන් විසින් ප්‍රත්‍යක්‍ෂ කරනලද, දැනුදු යමෙක් (ශාස්තෲන් විසින් දෙන ලද උපායෙහි සිට) නුවණින් යෝග කෙරේ ද (ඔහු විසින්) පැමිණිය හැකි වෙයි, උත්සාහ නො කරනුවහු විසින් ලැබිය නොහැකි වේ.
Pali BJT513. එවං භණති සුමෙධා සඞ්ඛරගතෙ රතිමලභමානා, අනුනෙන්ත්යණීකදත්තං කෙසෙ ච ඡමං ඛිපි සුමෙධා.
Sinhala BJT513. සංස්කාරප්‍රවෘත්තියෙහි අභිරතිය නොලබන සුමේධා මෙසේ කියයි, යළි අණීකදත්ත රජුට හඟවමින් සුමේධා (කඩුවෙන් කැපූ) තම කෙස් වැටිය බිමැ හෙළු.
Pali BJT514. උට්ඨාය අණීකදත්තො පඤ්ජලිකො යාචි තස්සා පිතරං සො, විස්සජ්ජෙථ සුමෙධං පබ්බජිතුං විමොක්ඛසච්චදස්සා.
Sinhala BJT514. ඒ අණීකදත්තරජ නැඟීසිට ඇඳිලි බැඳ ඇගේ පියරජුට යාච්ඤා කෙළේ: සුමේධා පැවිදිවන්නට හරිනු මැන, (ඕ) අවිපරීත වූ විමෝක්‍ෂසත්‍යය දක්නී වේවා.
Pali BJT515. විස්සජ්ජිතා මාතාපිතූහි පබ්බජි සොකභයභීතා, ඡ අභිඤ්ඤා සච්ඡිකතා අග්ගඵලං සික්ඛමානාය.
Sinhala BJT515. මවුපියන් විසින් හරනා ලද ශොකභයින් බියපත් වූ ඕ පැවිදි වූ යැ, ශික්‍ෂමාණ වූ ඇය විසින් ෂඩභිඥාවෝ පසක් කරන ලදහ, අග්‍රඵල වූ අර්‍හත්ත්‍වය පසක් කරන ලදි.
Pali BJT516. අච්ඡරියං අබ්භුතං තං නිබ්බානං ආසි රාජතඤ්ඤාය, පුබ්බෙනිවාසචරිතං යථා බ්යාකරි පච්ඡිමෙ කාලෙ.
Sinhala BJT516. රාජපුත්‍රී වූ සුමේධාවට ඒ ක්ලේශපරිනිර්‍වාණ වූ නිවන ආශ්චර්‍ය්‍ය අද්භූත වී, පශ්චිම වූ ස්කන්‍ධපරිනිර්‍වාණ කාලයෙහි ස්වකීය පූර්‍වනිවාසචරිතය යම්සේ ප්‍රකාශ කළා ද ඒ එසේ දතයුතු.
Pali BJT517. භගවති කොණාගමනෙ සඞ්ඝාරාමම්හි නවනිවෙසම්හි සඛියො තිස්සො ජනියො විහාරදානං අදාසිම්හාසෙ.{1}
Sinhala BJT517. කෝණාගමන භාග්‍යවතුන් වහන්සේ ලොවැ පහළ වූ කලැ අභිනවයෙන් පිහිටුවනලද සඞ්ඝාරාමයෙහි (ධනඤ්ජානී යැ ඛේමා යැ මම යැ යන) තුන්යෙහෙළි වැ උපන් අපි විහාරදානය දුනුම්හ.
Pali BJT518. දසක්ඛත්තුං සතක්ඛත්තුං දසසතක්ඛත්තුං සතානි ච සතක්ඛත්තුං, දෙවෙසු උපපජ්ජිම්හ කො පන වාදො මනුස්සෙසු.
Sinhala BJT518. (ඒ විහාරදානයාගේ අනුහසින්) දසවර ද සියවර ද දහස්වර ද දසදහස්වර ද දෙවියන් කෙරෙහි උපනුම්හ, මිනිසුන් කෙරෙහි උපන් වාර කියනු මැ කිම.
Pali BJT519. දෙවෙසු මහිද්ධිකා අහුම්හ මානුසකම්හි කො පන වාදො, සත්තරතනස්ස මහෙසී ඉත්ථිරතනං අහං ආසිං.
Sinhala BJT519. දෙවියන් කෙරෙහි උපන් කලැ මහත් ඍද්ධි ඇති වූම්හ, මිනිසුන් කෙරෙහි උපන් කලැ කියනුම කිම, මම සප්තවිධ රත්නයෙන් යුත් සක්විතිරජුට මෙහෙසි වූ ස්ත්‍රීරත්නය වීමි.
Pali BJT520. සො හෙතු සො පභවො තං මූලං සාව සාසනෙ ඛන්ති, තං පඨමං සමොධානං තං ධම්මරතාය නිබ්බානං.
Sinhala BJT520. (යථෝක්ත දෙව්මිනිස්සුව ලැබීමට) කෝණාගමන බුදුන් කලැ (දෙනලද විහාරදානයෙහි) ඒ අනුසස හේතු විය. එය ප්‍රභව විය, එය මුල් විය, මේ ශාස්තෘශාසනයෙහි ඒ මැ නිධ්‍යානක්‍ෂාන්තිය විය, ශාසනයෙහි ඒ ප්‍රථම සමාගමය විය, දහම්හි ඇලුණු සුමේධාවගේ ඒ නිර්‍වාණ පදප්‍රාප්තිය වී.
Pali BJT521. එවං කරොන්ති යෙ සද්දහන්ති වචනං අනොමපඤ්ඤස්ස නිබ්බින්දන්ති භවගතෙ නිබ්බින්දිත්වා විරජ්ජන්තීති.
Sinhala BJT521. යම් කෙනෙක් (මා විසින් පූර්‍ව ආත්මභාවයෙහි හා දැනුදු යම්සේ කරනලද නම්) එපරිදි කෙරෙත් ද, (ඥේයපර්‍ය්‍යාන්ත ඥාන ඇති බැවින්) පරිපූර්‍ණ ප්‍රඥා ඇති බුදුන්ගේ වචනය හදහත් ද, ඔහු (ත්‍රෛභූමක සංස්කාර සඞ්ඛ්‍යාත) භවගතයෙහි (විදර්‍ශනා ප්‍රඥායෙන්) නිර්වේදයට පැමිණෙති (-කලකිරෙති) නිර්වේදයට පැමිණ (සියලු භවගතයෙන්) මිදෙත් යයි.
Pali BJTඉත්ථං සුදං සුමෙධා ථෙරී ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසේ සුමේධා ස්ථවිරීන් වහන්සේ ගාථාවන් ප්‍රකාශ කළාහ’යි.
Pali BJTසුමෙධාථෙරීගාථා.
Sinhala BJTසුමේධා ථේරීගාථා යි.
Pali BJTමහානිපාතො නිට්ඨිතො.
Sinhala BJTමහානිපාතය නිමි.
Pali BJTගාථාසතානි චත්තාරි අසීති පුන චුද්දස ථෙරියෙකුත්තරසතා සබ්බා තා ආසවක්ඛයාති.
Sinhala BJT“ථේරීගාථාපාළි”යෙහි ගාථා පන්සිය විසි එකක් ද වෙති, ස්ථවිරීහු ඒකෝත්තරශතයෙකි, (එක්සියඑක්දෙනෙකි) ඔහු හැමදෙන ආස්‍රවක්‍ෂය සඞ්ඛ්‍යාත රහත් බවට පැමිණියෝ යි.
Pali BJTථෙරීගාථා සමත්තා.
Sinhala BJTථේරීගාථා සමාප්ත යි.