Therīgāthā

Verses of the Elder Nuns

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 601-700 න් 777

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTඉත්ථං සුදං සුභා කම්මාරධීතා ථෙරී ගාථායො අභාසීති.
Sinhala BJTමෙසේ කර්‍මාරදුහිතා වූ සුභා තෙරැණි ...
Pali BJTසුභාකම්මාරධීතුථෙරීගාථා.
Sinhala BJTසුභා ථේරීගාථා යි.
Pali BJTවීසතිනිපාතො නිට්ඨිතො.
Sinhala BJTවීසතිනිපාතය නිමි.
Pali BJT30. තිංසතිනිපාතො.
Sinhala BJT30. තිංසති නිපාතය
Pali BJT30. 1.
Sinhala BJT30. 1.
Pali BJT365. ජීවකම්බවනං රම්මං ගච්ඡන්තිං භික්ඛුනිං සුභං, ධුත්තකො සන්නිවාරෙසි තමෙනං අබ්රවී සුභා.
Sinhala BJT365. රමණීය වූ කෝමාරභච්ච ජීවකයන්ගේ අඹවනයට (දිවාවිහාර සඳහා) යන සුභා භික්‍ෂුණිය ස්ත්‍රීධූර්‍තයෙක් වැළැහී, සුභා මෙහෙණ ඔහුට මෙසේ කිවු ය.
Pali BJT366. කිං තෙ අපරාධිතං මයා යං මං ඔවරියාන තිට්ඨසි, න හි පබ්බජිතාය ආවුසො පුරිසො සම්ඵුසනාය කප්පති.
Sinhala BJT366. යම්හෙයෙකින් (තෙපි) මා අවුරා සිටියහු ද, මා විසින් තොපට කවර අපරාධයෙක් කරනලද ද? ඇවැත්නි, පැවිද්දක විසින් පුරුෂයෙක් ස්පර්‍ශ කරන්නට නො මැ කැපවෙයි.
Pali BJT367. ගරුකෙ මම සත්ථුසාසනෙ යා සික්ඛා සුගතෙන දෙසිතා, පරිසුද්ධපදං අනඞ්ගණං කිං මං ඔවරියාන තිට්ඨසි.
Sinhala BJT367. මට ශාස්තෘශාසනය (පහණසතක් සෙයින්) ගුරු වෙයි, සුගතයන් විසින් (මෙහෙණන් සඳහා) යම් ශික්‍ෂාවක් දේශිත ද එයින් පරිශුද්ධ කුසලකොට්ඨාස ඇති නිකෙලෙස් වූ මා කුමක් හෙයින් අවුරාගෙන සිටියහු ද?
Pali BJT368. ආවිලචිත්තො අනාවිලං සරජො වීතරජං අනඞ්ගණං, සබ්බත්ථ විමුත්තමානසං කිං මං ඔවරියාන තිට්ඨසි.
Sinhala BJT368. විතර්‍කයෙන් කැළැඹුණු සිත් ඇති (තෙපි) නො කැළඹුණා වූ කෙලෙස් රජස් ඇතියහු විගතරජස් වූ නිකෙලෙස් වූ සියලු තැන්හි (සමුච්ඡේදවිමුක්තියෙන්) මිදුණු සිත් ඇති මා කුමක්හෙයින් අවුරාගෙන සිටියහු ද?
Pali BJT369. දහරා ච අපාපිකා චසි කිං තෙ පබ්බජ්ජා කරිස්සති, නික්ඛිප කාසාය චීවරං එහි රමාමසෙ පුප්ඵිතෙ{1} වනෙ.
Sinhala BJT369. තෙපි තරුණ ද (රුවින්) අලාමක ද වවු. පැවිද්ද තොපට කුමක් කරන්නේ ද? කහසිවුරු බැහැර පියව, එව සුපුල් වෙනෙහි අභිරමණය කරම්හ.
Pali BJT370. මධුරඤ්ච පවන්ති සබ්බසො කුසුමරජෙන සමුට්ඨිතා දුමා, පඨමවසන්තො සුඛො උතු එහි රමාමසෙ පුප්ඵිතෙ{1} වනෙ.
Sinhala BJT370. හාත්පසින් මිහිරි සුවඳ පවන් හමා, රුක්හු කුසුම්රෙදෙන් හටගත්තවුන් වැන්නාහ, පළමු වසත් මස සුවපහස් ඍතු වෙයි, එව සුපුල් වෙනෙහි අභිරමණය කරම්හ.
Pali BJT371. කුසුමිතසිඛරාව පාදපා අභිගච්ඡන්තිව මාලුතෙරිතා, කා තුය්හං රති භවිස්සති යදි එකා වනමොතරිස්සසි.
Sinhala BJT371. මලින් ගැවැසුණු අග්ඇති වෘක්‍ෂයෝ පවනින් කම්පා වූවාහු තුතිගයන්නවුන් මෙන් සිටිති,, ඉදින් එකලා වැ වනයට වදනහු නම් තොපට කවර නම් රතියෙක් වේ ද?
Pali BJT372. වාළමිගසඞ්ඝසෙවිතං කුඤ්ජරමත්තකරෙණුලොලිතං, අසහායිකා ගන්තුමිච්ඡසි රහිතං භිංසනකං මහාවනං.
Sinhala BJT372. ව්‍යාලමෘග සමූහයා විසින් සෙවුනාලද මතැතුන් හා ඇතින්නන් විසින් අලළනලද මිනිසුන් රහිත වූ බිහිසුණු මහවනයට එකලා වැ යන්නට කැමැත්තහු යැ.
Pali BJT373. තපනීයකතාව ධීතිකා විචරසි චිත්තරථෙව{2} අච්ඡරා, කාසිකසුඛුමෙහි වග්ගුහි සොභසි වසනෙහි නූපමෙ.
Sinhala BJT373. උපමා රහිත තැනැත්තිය, තෙපි කසීසළු මෙන් සියුම් වූ සිනිඳු මට වූ වස්ත්‍රයෙන් යුක්ත ව රනින් කළ පොතලුදූරුවක් මෙන් චිත්‍රරථ නම් වනයෙහි දෙවසරක මෙන් හොබනාව.
Pali BJT374. අහං තව වසානුගො සියං යදි විහරෙමසෙ කානනන්තරෙ, න හි චත්ථි තයා පියතරො පාණො කින්නරිමන්දලොචනෙ.
Sinhala BJT374. කිඳුරියක මෙන් මඳක් පුබුදු නෙත් ඇත්තිය, ඉදින් (අපි දෙදෙන) වනතුරෙහි එක්වැ වසමෝ නම්, මම තොපගේ වසයට පැමිණියෙම් වෙමි, තොපට වඩා ප්‍රියතර වූ ප්‍රාණියෙක් හෝ ප්‍රාණයක් (මට) නො ද ඇත් මැ යි.
Pali BJT375. යදි මෙ වචනං කරිස්සසි සුඛිතා එහි අගාරමාවස, පාසාදනිවාතවාසිනී පරිකම්මං තෙ කරොන්ති නාරියො,
Sinhala BJT375. ඉදින් (තෙපි) මාගේ වචනය කරන්නහු නම්, එව සුඛිත ව ගිහිගෙයි වාසය කරව, වාතය වැළහූ ප්‍රාසාදයන්හි වාසය කරන ස්ත්‍රීහු තොපට වතාවත් කරන්නාහ.
Pali BJT376. කාසිකසුඛුමාසි ධාරය අභිරොහෙහි{1} ච මාලවණ්ණකං, කඤ්චනමණිමුත්තකං බහුං විවිධං ආභරණං කරොමි තෙ.
Sinhala BJT376. සියුම් කසීසළු ධරව, මල්ගඳවිලෙවුන් (සිරුරට) ආරෝපණය කරව, (එයින් සැරැසෙව’යි සේ යි) තොපට රන්මිණිමුතු වලින් යුත් බොහෝ විවිධාභරණ කරමි.
Pali BJT377. සුධොතරජපච්ඡදං සුභං ගොණකතූලිත සන්ථතං නවං, අභිරුහ සයනං මහාරහං චන්දනමණ්ඩිත සාරගන්ධිකං.
Sinhala BJT377. මොනොවට දෙවීමෙන් රජස් හළ උඩුවියන් ඇති හොබනා දික් ලොම් ඇති කළු කොඳු පලස් හා හස් ලොම් ආදිය පිරූ මෙට්ට අතුරන ලද අලුත් වූ මහැගී සඳුන්හරින් සැරසූ සුවඳැති යහනට නැඟෙව.
Pali BJT378. උප්පලඤ්ච උදකතො උග්ගතං{2} යථා තං අමනුස්ස සෙවිතං, එවං තුවං බ්රහ්මචාරිනී සකෙසු අඞ්ගෙසු ජරං ගමිස්සසි.
Sinhala BJT378. රකුසන් විසින් අරග්ගත් විලෙක දියෙන් උඩට නැඟීසිටි උපුලක් යම්සේ ද එපරිදි බඹසරවසන්නක වූ තෙපි සිය සිරුරඅවයව (කිසිවකු) පරිභෝග නොකළ කල්හි මැ ජරාවට යන්නාව.
Pali BJT379. කිං තෙ ඉධ සාරසම්මතං කුණපපූරම්හි සුසානවඩ්ඪනෙ භෙදනධම්මෙ කලෙබරෙ යං දිස්වා විමනො උදික්ඛසි.
Sinhala BJT379. කුණපයෙන් පිරුණු සොහොන්බිම වඩන බිඳෙනසුලු මේ සිරුරෙහි යම් අවයවයක් දැක සොම්නස් ව බලවු නම් (කේසාදීන් අතුරෙහි) තොප විසින් කුමක් සාර යයි ගන්නා ලද ද?
Pali BJT380. අක්ඛීනි ච තුරියාරිව කින්නරියාරිව පබ්බතන්තරෙ තව මෙ නයනානුදික්ඛිය භිය්යො කාමරතී පවඩ්ඪති.
Sinhala BJT380. තොපගේ ඇස් මුවඟනකගේ ඇස් වැන්න, ගිරි අතුරෙහි හැසිරෙන කිඳුරඟනකගේ ඇස් වැන්න, තොපගේ දෙනුවන් දැක මා ගේ කාමරතිය බෙහෙවින් වැඩෙයි.
Pali BJT381. උප්පලසිඛරොපරානි තෙ විමලෙ හාටකසන්නිභෙ මුඛෙ තව මෙ නයනානුදික්ඛිය භිය්යො කාමගුණො පවඩ්ඪති.
Sinhala BJT381. කසුන්රුවක බඳු වූ තොප ගේ මුහුණෙහි රතුපුල්පෙති බඳු වූ තොප ගේ දෙනුවන් දැක මාගේ කාමගුණය බෙවින් වැඩෙයි.
Pali BJT382. අපි දූරගතා සරම්හසෙ ආයතපම්හෙ විසුද්ධදස්සනෙ න හි චත්ථි තයා පියතරො නයනා කින්නරිමන්දලොචනෙ.
Sinhala BJT382. දිගු ඇසිපිය ඇත්තිය, පිරිසිදු ඇස් ඇත්තිය, කිඳුරඟනකගේ මෙන් මඳක් පුබුදු ඇස් ඇත්තිය, තෙපි දුරට ගිය නමුදු (තොපගේ ඇස් මැ) සිහිකරමි, තොපගේ දෙනතට වඩා මට ප්‍රියතරයෙක් නැති.
Pali BJT383. අපථෙන පයාතුමිච්ඡසි චන්දං කීළනකං ගවෙස්සසි මෙරුං ලඞ්ඝෙතුමිච්ඡසි යො ත්වං බුද්ධසුතං මග්ගයසෙ.
Sinhala BJT383. තෙපි බුද්ධපුත්‍රී වූ මා පතව, (එබඳු තෙපි) නො මඟින් යන්නට කැමැත්තාව, සඳමඬල කෙලීපන්දුවක් කරනු රිස්සව, මෙරගල් පැනයන්නට රිස්සව.
Pali BJT384. නත්ථි ලොකෙ සදෙවකෙ රාගො යත්ථ’පි’දානි මෙ සියා නපි නං ජානාමි කීරිසො අථ මග්ගෙන හතො සමූලකො.
Sinhala BJT384. දැන් යම් තැනෙක මාගේ රාගයෙක් වන්නේ ද, සදේවක ලෝකයෙහි ඒ අරමුණ නැත් මැ යැ, ඒ රාගය කෙබඳු වූයෙකැයි ද නො දනිමි, මුල් සහිත රාගය ආර්‍ය්‍යමාර්‍ගයෙන් නසන ලද්දේ ය.
Pali BJT385. ඉඞ්ගාලකුයාව උජ්ඣිතො විසපත්තොරිව අග්ගතො කතො නපි නං පස්සාමි කීරිසො අථ මග්ගෙන හතො සමූලකො,
Sinhala BJT385. අඟුරුවළකට (වාතයෙන්) නඟාදමනලද්දක් සෙයින් වනසන ලද විසබඳුනක් සෙයින් ඒ රාගය කෙබඳු දැයි නො දක්මි, සමූල රාගය ආර්‍ය්‍යමාර්‍ගයෙන් නසන ලදි.
Pali BJT386. යස්සා සියා අපච්චවෙක්ඛිතං සත්ථා වා අනුපාසිතො සියා, ත්වං තාදිසිකං පලොහය ජානන්තිං සො ඉමං විහඤ්ඤසි.
Sinhala BJT386. යම් ස්ත්‍රියක විසින් (පස්කඳ) නුවණින් ප්‍රත්‍යවේක්‍ෂා නො කරන ලද ද ශාස්තෲන් වහන්සේ හෝ (දහම්කය දැක්මෙන්) උපාසනය නොකරන ලද්දාහු ද, ඇවැත්නි, තෙපි එබඳු ස්ත්‍රියක පොලොබවු, ඒ තෙපි සිවුසස් පිළිවිද දන්නා මේ සුභා මෙහෙණ වෙහෙසන්නහු ය.
Pali BJT387. මය්හං හි අක්කුට්ඨවන්දිතෙ සුඛදුක්ඛෙ ච සති උපට්ඨිතා, සඞ්ඛතමසුභන්ති ජානිය සබ්බත්ථෙව මනො න ලිප්පති.{3}
Sinhala BJT387. යම් හෙයෙකින් ආක්‍රෝශ වන්‍දනා දෙක්හි ද සුවදුක් දෙක්හි ද මාගේ සිහි එළඹ සිටියා ද (එහෙයින්) ත්‍රෛභූමක සංස්කාරගතය අශුභ යයි දැන සියලු භවත්‍රයෙහි මැ මාගේ සිත නො ඇලෙයි.
Pali BJT388. සාහං සුගතස්ස සාවිකා මග්ගට්ඨඞ්ගිකයානයායිනී, උද්ධටසල්ලා අනාසවා සුඤ්ඤාගාරගතා රමාමහං.
Sinhala BJT388. මම ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගික මාර්‍ගයානයෙන් යනසුලු උපුටාහළ රාගාදි හුල්ඇති අනාස්‍රව වූ සුගතයන්ගේ ශ්‍රාවිකාවක් වෙමි. ශුන්‍යාගාරයෙහි ඇලුණු මම එහි සිත් අලවා වෙසෙමි.
Pali BJT389. දිට්ඨා හි මයා සුචිත්තිතා සොම්භා දාරුකපිල්ලකානි වා තන්තීහි ච ඛීලකෙහි ච විනිබද්ධා විවිධං පනච්චකා.
Sinhala BJT389. (හස්තපාදාදි ආකාරයෙන්) මොනොවට සිතුවම් කරන ලද පොතලුරූ ද දැවදඬු ආදියෙන් කළ රූකඩ ද නහරහුයින් හා (අත් ආදිය සඳහා තැබූ) දඬුයෙන් හා බඳනා ලද්දාහු විවිධාකාරයෙන් නටන්නවුන් මෙන් මා විසින් දක්නා ලද්දාහු මැ ය.
Pali BJT390. තම්හුද්ධටෙ තන්තිඛීලකෙ විස්සට්ඨෙ විකලෙ පරිපක්ඛිතෙ අවින්දෙ ඛණ්ඩසො කතෙ කිම්හි තත්ථ මනං නිවෙසයෙ.
Sinhala BJT390. ඒ නූල් හා දඬුකඩ හා උපුළ කල්හි විසුළ කල්හි තැන තැන දැමූ කල්හි විසුරුවා හළ කල්හි කඩ කඩ කළ කල්හි පොතලුරුවක් නො ලැබෙන්නේ ය, එහි කවර කොටසෙක සිත පිහිටුවා ද.
Pali BJT391. තථූපමා දෙහකානි මං තෙහි ධම්මෙහි විනා න වත්තන්ති, ධම්මෙහි විනා න වත්තති කිම්හි තත්ථ මනං නිවෙසයෙ.
Sinhala BJT391. මා පිළිබඳ ශරීරාවයවයෝ ද එබඳු උපමා ඇත්තාහු ඒ පඨවි ආදි ධර්‍මයන්ගෙන් වෙන්ව නො පවත්නාහ, දේහය ද අවයවයෙන් වෙන්ව නො පවතී, එහි පඨවිආදි කවරෙක් සිත පිහිටු වන්නේ ද,
Pali BJT392. යථා හරිතාලෙන මක්ඛිතං අද්දස චිත්තිකං භිත්තියා කතං, තම්හි තෙ විපරීත දස්සනං සඤ්ඤා මානුසිකා නිරත්ථිකා.
Sinhala BJT392. යම්සේ සිත්තරකු විසින් බිතෙක සිරියලින් සිතුවම් කරන ලද ස්ත්‍රීරූපයක් දක්නේ ද, එහි තොපගේ මනුෂ්‍ය ස්ත්‍රියක යන නිරර්‍ත්‍ථක සංඥාව විපරීත දර්‍ශනයෙකි.
Pali BJT393. මායං විය අග්ගතො කතං සුපිනන්තෙව සුවණ්ණපාදපං, උපගච්ඡසි අන්ධරිත්තකං ජනමජ්ඣෙරිව රුප්පරූපකං,
Sinhala BJT393. අන්‍ධබාලය, තෙපි (මායාකාරයකු විසින්) හමුයෙහි දක්වන ලද මායාවක් මෙන් සිහිනයෙහි දුටු රන්මුවා රුකක් මෙන් (ඉඳුරු දැලියකු විසින්) මහජනයා මැද දක්වනලද රිදී රුවක් මෙන් සිස් වූ කය (තෙල මාගේ යයි) අභිනිවේස කරව.
Pali BJT394. වට්ටනිරිව කොටරොහිතා මජ්ඣෙ බුබ්බුලකා සඅස්සුකා පිළකොළිකා එත්ථ ජායති විවිධා චක්ඛුවිධා ච පිණ්ඩිතා.
Sinhala BJT394. රුක්බිලයෙක තුබූ ලාවටක් බඳු ද ඇස්දලය මැද සිටි දිය බුබුලක් බඳු ද කඳුළු සහිත ද වෙයි, මෙහි අක්‍ෂිගූථ (කබ) ද උපදී (ශ්වේතපටලාදි) විවිධ අක්‍ෂිභාගයෝ ද පිඬුවූවාහු වෙත්.
Pali BJT395. උප්පාටිය චාරුදස්සනා න ච පජ්ජිත්ථ අසඞ්ගමානසා, හන්ද තෙ චක්ඛුං හරස්සු තං තස්ස නරස්ස අදාසි තාවදෙ.
Sinhala BJT395. ප්‍රියදර්‍ශනී වූ ඕතොමෝ (ඇසෙහි) ඇලීමට නො පැමිණියා ය, නො ඇලුණු සිත් ඇත්තී එකෙණෙහි ඇස උපුටා ඉඳ තොපගේ ඇස ගෙන යව’යි ඒය ඒ මිනිසාට දුන.
Pali BJT396. තස්ස ච විරමාසි තාවදෙ රාගො තත්ථ ඛමාපයී ච නං, සොත්ථි සියා බ්රහ්මචාරිනී න පුනො එදිසකං භවිස්සසි,
Sinhala BJT396. එකෙණෙහි ඔහුගේ ද ඒ ඇසෙහි රාගය දුරුවිය, බඹසර ඇත්තීය, තොපට සුව වන්නේ ය, යළි මෙබන්දක් නොවන්නේ ය යි ඇය ක්‍ෂමා කරවී.
Pali BJT397. ආසාදිය එදිසං ජනං අග්ගිං පජ්ජලිතං ව ලිඞ්ගිය, ගණ්හිය ආසිවිසං විය අපි නු සොත්ථි සියා ඛමෙහි නො.
Sinhala BJT397. දිලියෙන ගිනි වැළඳගෙන මෙන් ආශිර්විෂයකු (අතින්) ගෙන මෙන් මෙබඳු නික්ලේශී ජනයකු ඝටා කිමැ සුවයෙක් වන්නේ ද අපට ක්‍ෂමා කළ මැනවැ’යි.
Pali BJT398. මුත්තා ච තතො සා භික්ඛුණී අගමී බුද්ධවරස්ස සන්තිකං, පස්සිය වරපුඤ්ඤලක්ඛණං චක්ඛු ආසි යථා පුරාණකන්ති.
Sinhala BJT398. ඒ ධූර්‍ත පුරුෂයා කෙරෙන් මිදුණු ඒ මෙහෙණ බුද්ධ ශ්‍රේෂ්ඨයන් කරා පැමිණියා යැ, උත්තම පුණ්‍යලක්‍ෂණ ඇති බුදුන් දැක ඇස පෙර මෙන් ප්‍රකෘති වී යයි.
Pali BJTඉත්ථං සුදං සුභා ජීවකම්බවනිකා ථෙරී ගාථායො අභාසීති.
Sinhala BJTමෙසේ සුභා ජීවකම්බවනිකා තෙරැණිය …
Pali BJTජීවකම්බවනිකසුභාථෙරීගාථා.
Sinhala BJTජීවකම්බවනික සුභා ථේරීගාථා යි.
Pali BJTතිංසති නිපාතො නිට්ඨිතො.
Sinhala BJTතිංසති නිපාතය නිමි.
Pali BJT40. චත්තාලීසතිනිපාතො.
Sinhala BJT40. චත්තාලීසතිනිපාතය
Pali BJT40. 1.
Sinhala BJT40. 1.
Pali BJT399. නගරම්හි කුසුමනාමෙ පාටලිපුත්තම්හි පුථුවියා{1} මණ්ඩෙ සක්යකුලකුලීනායො ද්වෙ භික්ඛුනියො හි ගුණවතියො.
Sinhala BJT399. සකල පෘථුවි තලයට ආභරණ වූ කුසුම් පුරාභිධාන පැලලුප්හි ශාක්‍ය කුලයෙහි කුලදුහීතෘ වූ (සෑසි මුනි සසුන්හි පැවිදි වූ හෙයින් කී) ගුණවත් භික්‍ෂුණීහු දෙදෙනෙක් වූහ.
Pali BJT400. ඉසිදාසී තත්ථ එකා දුතියා බොධිත්ථෙරී{2} සීලසම්පන්නා ච, ඣානජ්ඣායනරතායො බහුස්සුතායො ධුතකිලෙසායො.
Sinhala BJT400. ඒ භික්‍ෂුණීන් දෙදෙනා කෙරෙහි එක් මෙහෙණක් ඉසිදාසීනම දෙවැන්නී සිල්සපන් බෝධිත්‍ථේරී නමු. ඔහු (ලොවී ලොවුතුරා) දැහැන් සමවැදීමෙහි ඇලුණාහු බහුශ්‍රුත වූවාහු (අගමඟින්) නැසූ කෙලෙස් ඇත්තාහු වෙති.
Pali BJT401. තා පිණ්ඩාය චරිත්වා භත්ථං කරිය ධොතපත්තායො, රහිතම්හි සුඛනිසින්නා ඉමා ගිරා අබ්භුදීරෙසුං.
Sinhala BJT401. ඔහු පිඬු සිඟා හැසිර බත් කිස නිමවා දෙවූ පාත්‍ර ඇත්තාහු විවේකස්ථානයෙක සුවසේ හුන්නාහු මේ වදන් පැවසූහ.
Pali BJT402. පාසාදිකාසි අය්යෙ ඉසිදාසී වයොපි තෙ අපරිහීනො, කිං දිස්වාන ව්යාකුලිකං{3} අථාසි නෙක්ඛම්මමනුයුත්තා.
Sinhala BJT402. ආර්‍ය්‍යාවෙනි ඉසිදාසියෙනි, තෙපි පැහැපත් වූහ. තොපගේ වයස් ද නො පිරිහුනැ, ගිහිගෙයි කවර දොසක් දැක පැවිද්දට පැමිණියහු ද?
Pali BJT403. එවං අනුයුඤ්ජියමානා සා රහිතෙ ධම්මදෙසනා කුසලා, ඉසිදාසී වචනමබ්රවී සුණ බොධි යථම්හි පබ්බජිතා.
Sinhala BJT403. මෙසේ ජනශූන්‍යස්ථානයෙහි පුළුවුස්නා ලැබූ ඒ ධර්‍මදේශනායෙහි නිපුණ වූ ඉසිදාසී මෙහෙණ “බෝධි තෙරැණියෙනි, මම් යම්සේ පැවිදි වූම් ද ඒ අසව”යි මෙ වදන් කිවුයැ.
Pali BJT404. උජ්ජෙනියා පුරවරෙ මය්හං පිතා සීලසංවුතො සෙට්ඨි, තස්සම්හි එකධීතා පියා මනාපා ච දයිතා ච.
Sinhala BJT404. (අවන්ති රට) උදේනී පුරවෙරෙහි ශීලසංවෘත වූ සිටු තෙම මාගේ පියා විය. මම ඔහුගේ ප්‍රිය මනාප වූ අනුකම්පා කටයුතු එක් මැ දුව වීමි.
Pali BJT405. අථ මෙ සාකෙතතො වරකා{4} ආගව්ඡුමුත්තමකුලීනා{5} සෙට්ඨීපහූතරතනො තස්ස මං සුණ්හමදාසි තාතො.
Sinhala BJT405. ඉක්බිති මා වියපත් කල්හි සාකේත නගරයෙන් මා පිළිබඳ උතුම් කුලයෙහි උපන් විවා මඟුල් රුස්වන්නාහු පැමිණියාහ. බොහෝ රන් රුවන් ඇති මහ සිටෙක් වී. ම පියේ මා ඔහුට ලෙහෙලි කොට දින.
Pali BJT406. සස්සුයා සසුරස්ස ච සායං පාතං පණාමමුපගම්ම, සිරසා කරොමි පාදෙ වන්දාමි යථම්හි අනුසිට්ඨා.
Sinhala BJT406. නැන්දණියන් හා මයිලණුවන්ගේ සමීපයට එළඹ උදය සවස පා පිණිපා කරමි. උන් විසින් අනුසස්නා ලදුම් ද එසෙයින් කරමි.
Pali BJT407. යා මය්හං සාමිකස්ස භගිනියො භාතුනො පටිජනො, තමෙකවරකම්පි දිස්වා උබ්බිග්ගා ආසනං දදාමි.{6}
Sinhala BJT407. මා සැමියාගේ යම් භගිනීහු ඇද්ද භාතෲහු ඇද්ද පරිජනයා වේ ද එක් වල්ලභයකුදු දැක උද්විග්නව අසුන් දෙමි.
Pali BJT408. අන්නෙන ච පානෙන ච ඛජ්ජෙන ච යං ච තත්ථ සන්නිහිතං, ඡාදෙමි උපනයාමි දෙමි ච යං යස්ස පතිරූපං.
Sinhala BJT408. අහරින් වේවයි පානයෙන් වේවයි ඛාද්‍යයෙන් වේවයි යමක් ඒ පරිවේසනස්ථානයෙහි සදාතබන ලද ද එයින් යමක් යමකුට නිසි වේ ද එය ඔහුට රුස්වමි, එළවමි, දෙමි.
Pali BJT409. කාලෙන උපට්ඨහිත්වා ඝරං සම්පගමාමි උම්මාරෙ, ධොවන්ති හත්ථපාදෙ පඤ්ජලිකා සාමිකං උපෙමි ච.
Sinhala BJT409. නිසි කල්හි උවටන් කොට එළිපත සිට හස්ත පාදයන් දෝනෙමි, දෙව ගෙට එළඹෙමි, බදැඳිලි ව හිමියා වෙත එළඹෙමි.
Pali BJT410. කොච්ඡං පසාදමඤ්ජනිඤ්ච{1} ආදාසකඤ්ච ගණ්හිත්වා පරිකම්මකාරිකා විය සයමෙව පතිං විභූසෙමි.
Sinhala BJT410. ඒ මම මැ (කෙස්මස් පිහිරෙන) පණාව ද විලෙවුන් ද අඳුන් නළ ද කැඩපත ද ගෙන දැස්සක සෙයින් හිමියා සරසමි.
Pali BJT411. සයමෙව ඔදනං සාධයාමි සයමෙව භාජනං ධොවන්තී, මාතාව එකපුත්තකං තදා{2} භත්තාරං පරිචරාමි.
Sinhala BJT411. ඒ මම මැ බත පිසමි, මම මැ බඳුනුදු දෝනෙම් මම එක් ම පුතුසෙයින් එකල සැමියාට මෙහෙ කරමි.
Pali BJT412. එවං මං භතිකතං{3} අනුරත්තං කාරිකං නිහතමානං උට්ඨායිකං අනලසං සීලවතිං දුස්සතෙ භත්තා.
Sinhala BJT412. මෙසෙයින් සැමියා මෙහෙ කළ අනුරක්ත වූ පිළිවිස කරන සුලු නටමන් ඇති උත්‍ථාන වීර්‍ය්‍ය ඇති එහෙයින් මැ අකුසීත වූ සිල්වත් වූ මා ඒ සැමි කිපී බැණ වදී.
Pali BJT413. සො මාතරඤ්ච පිතරඤ්ච භණති ආපුච්ඡාහං ගමිස්සාමි, ඉසිදාසියා න වච්ඡං එකාගාරෙහං සහවත්ථුං.
Sinhala BJT413. ඒ මා සැමි (පිළිවිසැ) ‘මම ගෙන් නික්මැ යෙමි’යි මෑණියන් හා පියාණන්ට මෙසේ කියයි. ‘ඉසිදාසිය සමග මම ඒක් ගෙයි සහවාසය නොකරමි’යි.
Pali BJT414. මා එවං පුත්ත අවච ඉසිදාසී වණ්ඩිතා පරිව්යත්තා, උට්ඨායිකා අනලසා කිං තුය්හං න රොචතෙ පුත්ත.
Sinhala BJT414. පුත්‍රය, නහමක් එසේ කියා, ඉසිදාසිය පණ්ඩිත වෙයි, අතිශය ව්‍යක්ක වෙයි, උත්‍ථාන වීර්‍ය්‍ය ඇති වෙයි, එයින් මැ අනලස වෙයි. දරුව කිම තොපට නුරුස්නේ ද?
Pali BJT415. න ච මෙ හිංසති කිඤ්චි න චාහං ඉසිදාසියා සහ වච්ඡං දෙස්සාව මෙ අලං මෙ අපුච්ඡාහං ගමිස්සාමි.
Sinhala BJT415. ඕ මට කිසිදු පීඩාවක් නොකරයි, වැලිත් මම ඉසිදාසිය හා නොවසමි, මට අප්‍රිය ද වෙයි, මට කම් නැත. මම තොප නො විචාරා මැ යෙමි.
Pali BJT416. තස්ස වචනං සුණිත්වා සස්සු සසුරො ච මං අපුච්ඡිංසු, කිස්ස තයා අපරද්ධං භණ විස්සත්ථා යථා භූතං.
Sinhala BJT416. ඔහුගේ බස් අසා නැදිමයිල්හු ‘තොප විසින් ඔහුට කවර විරෝධයෙක් කරන ලදද, නිසැක ව තතුසේ කියව’යි මා පුළුවුත්හ.
Pali BJT417. නපිහං අපරජ්ඣං{4} කිඤ්චි නපි හිංසෙමි න භණාමි දුබ්බවනං, කිං සක්කා කාතුය්යෙ යං මං විද්දෙස්සතෙ{5} භත්තා.
Sinhala BJT417. මම් ඔහුට කිසි විරෝධයක් නොකෙරෙමි, නො ද වෙහෙසමි. දුර්වචනයකුදු නොබණමි. ආර්‍ය්‍යාවෙනි, යම් හෙයෙකින් හිමි මට ද්වේෂ කෙරේ ද මා විසින් (එබඳු) කුමක් කළ හැකි ද.
Pali BJT418. තෙ මං පිතු ඝරං පති නයිංසු විමනා දුඛෙන අධිභූතා,{1} පුත්තං අනුරක්ඛමානා ජිතම්හසෙ රූපිනිං ලක්ඛිං.
Sinhala BJT418. ඔහු පුතු රක්නාහු ‘රූපවත් වූ ලක්‍ෂ්මියගෙන් පැරැදුණම්හ’යි දුකින් මැඩුණාහු දොම්නස් වූවාහු මා පියාගේ ගෙට යැවූහ.
Pali BJT419. අථ මං අදාසි තාතො අඩ්ඪස්ස සරම්හි දුතියකුලිකස්ස, තතො උපඩ්ඪසුඞ්කෙන යෙන මං වින්දථ සෙට්ඨි.
Sinhala BJT419. ඉක්බිති පියතෙමේ පළමු සිටු මා යම් සුංවතෙකින් ලැබී ද එයින් අඩක් සුංවතින් ආඪ්‍ය වූ දෙවැනි කුලීනයක්හුගේ ගෙහි ලා මා දුන්නේය.
Pali BJT420. තස්සපි ඝරම්හි මාසං අවසී අථ සොපි මං පටිච්ඡසි, දාසීව උපට්ඨහන්ති අදූසිකං සීලසම්පන්නං.
Sinhala BJT420. ඔහුගේ ගෙහි දු මසක් විසීමි. එකල්හි හොඳ දැස්සක මෙන් උවටන් කරන ද්‍රෝහ නො කරන සිල්සපන් වූ මා ගෙන් බැහැරැ කෙළේ යැ.
Pali BJT421. භික්ඛාය ච විචරන්තං දමකං දන්තං මෙ පිතා භණති, හොහිසි මෙ ජාමාතා නික්ඛිප පොන්තිඤ්ච{2} ඝටිකඤ්ච.
Sinhala BJT421. මපියේ භික්‍ෂා පිණිස ඇවිදුනා දැමුණු ඉඳුල් කන යාචකයකුට කියයි: ‘මා දුවගේ සැමි වුව’ හන් කඩෙරදි ද භික්‍ෂාකපාලය ද බහාලවයි.
Pali BJT422. සොපි වසිත්වා පක්ඛමථ{3} තාතං භණති දෙහි මෙ පොන්තිං{2} ඝටිකඤ්ච මල්ලකඤ්ච පුනපි භක්ඛං චරිස්සාමි.
Sinhala BJT422. ඒ ඉඳුල් කන්නා ද කලක් වැස බැස ගියේ ය. (යන්නේ) පියාට මෙසේ කියයි: ‘මාගේ මහලු පිළී ද භික්‍ෂාකපාලය ද සරාවය ද දෙව. යළිත් පිඬු සිඟා ඇවිදිමි’යි.
Pali BJT423. අථ නං භණති තාතො අම්මා සබ්බො ච මෙ ඤාතිගණවග්ගො, කිං තෙ න කිරති ඉධ භණ ඛිප්පං තං තෙ කරිහිති.
Sinhala BJT423. එසඳ මපියා ද මවු ද හැම ඥාතිගණවර්‍ගයා ද ඔහුට (වෙන වෙන) මෙසේ කියයි: ‘මෙගෙහි තට කුමක් නම් නො සැපයේ ද? කියා තට එය වහා සැපයෙයි.’
Pali BJT424. එවං භණිතො භණති යදි මෙ අත්තා සක්කොති අලං මය්හං, ඉසිදාසියා න සහ වච්ඡං එකඝරෙහං සහ වත්ථුං.
Sinhala BJT424. මෙසේ කියන ලදුයේ (තෙල) කියයි: ‘ඉදින් මාගේ ආත්මය ශක්ත වේ නම් ඉසිදාසියගෙන් මට කම් නැත. මම එක් මැ ගෙහි ඇය හා සහවාස නො කරමි.’
Pali BJT425. විස්සජ්ජිතො ගතො සො අහම්පි එකාකිනී විචින්තෙමි, අපුච්ඡිතූන ගච්ඡං මරිකායෙ{4} වා පබ්බජිස්සං වා.
Sinhala BJT425. ඒ දමකයා හැරැපියන ලදු වැ ගියේ යැ. මම ද එකලා වැ මෙසේ සිතීමි. ‘නො පිළිවිස මැ මැරෙන්නට හො යෙමි. පැවිදි වන්නෙම් හෝ වෙමි.’
Pali BJT426. අථ අය්යා ජිනදත්තා ආගච්ඡි ගොචරාය චරමානා, තාතකුලං විනයධරී බහුස්සුතා සීලසම්පන්නා.
Sinhala BJT426. එකලැ විනයධර වූ බහුශ්‍රුත වූ ශීලසම්පන්න වූ ආර්‍ය්‍ය ජිනදත්තා මෙහෙණ පිඬු පිණිස ඇවිදුමින් පියකුලය කරා පැමිණියා.
Pali BJT427. තං දිස්වානම්හාකං උට්ඨායාසනං තස්සා පඤ්ඤාපයිං, නිසින්නාය ච පාදෙ වන්දිත්වා භොජනං අදාසිං.
Sinhala BJT427. ඇය දැක නැගිට අප හුන් අස්න ඇයට පනවාලීමි. හිඳගත් ඒ මෙහෙණගේ පා වැඳ බොජුන් දින්මි.
Pali BJT428. අන්නෙන ච පානෙන ච ඛජ්ජෙන ච යං ච තත්ථ සන්නිහිතං, සන්තප්පයිත්වාවොචං අය්යෙ ඉච්ඡාමි පබ්බජිතුන්ති.
Sinhala BJT428. ආහාරයෙනුදු පානයෙනුදු ඛාද්‍යයෙනුදු එහි එළවා තැබූ යමක් ඇත් නම් එයිනුදු සතපා මෙසේ කීමි: ‘ආර්‍ය්‍යාවෙනි, පැවිදි වන්නට කැමැත්තෙමි’යි.
Pali BJT429. අථ මං භණති තාතො ඉධෙව පුත්තක චරාහි ත්වං ධම්මං අන්නෙන ච පානෙන ව සන්තප්පය සමණෙ ද්විජාතී ච.
Sinhala BJT429. එසඳ පියා මට මෙසේ කියයි: ‘දියණියනි, මෙගෙහි මැ තෝ බ්‍රම්සරාදි දහම හැසිරෙව. ආහාරයෙනුදු පානයෙනුදු මහණුන් හා බමුණන් සතපව’.
Pali BJT430. අථාහං භණාමි තාතං රොදන්තී අඤ්ජලිං පණාමෙත්වා, පාපං හි මයා පකතං කම්මං නං නිජ්ජරිස්සාමි.
Sinhala BJT430. ඉක්බිති මම අඬමින් ඇඳිලි බැඳ පියාට කියමි: ‘මා විසින් පව්කමෙක් කරන ලදි. ඒ පව දිරවාලමි’යි.
Pali BJT431. අථ මං භණති තාතො පාපුණ බොධිං ච අග්ගධම්මං ච, නිබ්බානං ච ලභස්සු යං සච්ඡිකරි ද්විපදසෙට්ඨො.
Sinhala BJT431. එසඳ පියේ මට මෙසේ කියයි: ද්වීපද ශ්‍රේෂ්ඨ වූ බුදුහු යම් දහමක් පසක් කළසේක් ද ඒ බෝධිය හා අග්‍ර ධර්‍මයට පැමිණෙව. නිවන් ද ලබව’යි.
Pali BJT432. මාතාපිතූ අභිවාදයිත්වා සබ්බං ච ඤාතිගණවග්ගං, සත්තාහං පබ්බජිතා තිස්සො විජ්ජා අඵස්සයිං.
Sinhala BJT432. දෙමාපියන් හා හැම ඥාතිගණවර්‍ගයා සකසා වැඳ පැවිදි වැ සත් දිනෙකින් ත්‍රිවිද්‍යාවන් පසක් කෙළෙමි.
Pali BJT433. ජානාමි අත්තනො සත්ත ජාතියො යස්සායං ඵලං විපාකො, තං තව ආචික්ඛිස්සං තං එකමනා නිසාමෙහි.
Sinhala BJT433. තමා පිළිබඳ ජාති සතක් දනිමි. යම් පාපකර්‍මයක්හුගේ මේ ඵලවිපාකයෙක් වේ ද එය තොපට කියමි. ඒකාග්‍රචිත්ත වැ ඒ අසව.
Pali BJT434. නගරම්හි එරකච්ඡෙ සුවණ්ණකාරො අහං පහූතධනො, යොබ්බනමදෙන මත්තො සො පරදාරමසෙවිහං.
Sinhala BJT434. මම එරකච්ඡ නම් නුවර ප්‍රභූතධන ඇති ස්වර්‍ණකාරයෙක් වීමි. යෞවනමදයෙන් මත්ත වැ මම පරදාරසේවනය කෙළෙමි.
Pali BJT435. සොහං තතො චවිත්වා නිරයම්හි අපච්චිසං චිරං, පක්කො තතො ච උට්ඨහිතිවා මක්කටියා කුච්ඡම්හි ඔක්කමිං.
Sinhala BJT435. මම එයින් සැවැ දීර්‍ඝකාලයක් නිරෑහි පැසිණිමි. එහි පැසුණෙම් එයින් නැඟී වැඳිරියක කුස පිළිසිඳ ගතිමි.
Pali BJT436. සත්තාහජාතකං මං මහාකපියූථපො නිල්ලච්ඡෙසි, තස්සෙතං කම්මඵලං යථාපි ගන්ත්වාන පරදාරං.
Sinhala BJT436. උපන් සත්දවසැති මා කපියූථයෙහි නායක මහ වඳුරු (ඵලොද්ධරණයෙන්) පුරිස් ලකුණු නැසී යැ. පරදාරයන් කරා ගොස් යම් පරිදි කර්‍ම ඇද්ද, ඒ පරදාරසේවනයාගේ තෙල කර්‍මඵල යි.
Pali BJT437. සොහං තතො චවිත්වා කාලං කරිත්වා සින්ධවාරඤ්ඤෙ, කාණාය ච ඛඤ්ජාය ච එළකියා කුච්ඡමොක්කමිං.
Sinhala BJT437. මම් එයින් සැවැ කලුරිය කොට සින්‍ධචාරණ්‍යයෙහි කන වූ කුදු වූ එළියක කුස පිළිසිඳ ගත්මි.
Pali BJT438. ද්වාදසවස්සානි අහං නිල්ලච්ඡිතො දාරකෙ පරිවහිත්වා, කිමිනාවට්ටා අකල්ලො යථාපි ගන්ත්වාන පරදාරං.
Sinhala BJT438. (එහිදී) බීජෝද්ධරණය කරනු ලැබූ මම් දොළොස් හවුරුද්දක් මුළුල්ලෙහි (පිටැ හිඳගත්) දරුවන් උසුලා පරදාරයන් කරාගොස් යම්සේ ද එපරිදි (අභිජාතස්ථානයෙහි) පණුවන් ගැවසීමෙන් පීඩිත වූයෙම් ගිලන් වීමි.
Pali BJT439. සොහං තතො චවිත්වා ගොවාණිජකස්ස ගාවියා ජාතො, වච්ඡො ලාඛා තම්බො නිල්ලච්ඡිතො ද්වාදසෙ මාසෙ.
Sinhala BJT439. මම් එයින් සැවැ ගවවෙළෙඳකුගේ දෙනක කුස උපන්නෙම් ලතුරස මෙන් තඹවන් වස්සකු වැ උපන් දොළොස්වැනි මස බීජෝද්ධරණය කරනලදුයෙමි.
Pali BJT440. වොඪූන නඞ්ගලමහං සකටඤ්ච ධාරයාමි, අන්ධො වට්ටො අකල්ලො යථාපි ගන්ත්වාන පරදාරං.
Sinhala BJT440. මම නගුල උසුලා ගැල් ද ධැරීමි, පරදාරයන් කරා ගොස් යම්සේ ද එපරිදි අන්‍ධ වැ පීඩිත වූයෙම් ගිලන් වීමි.
Pali BJT441. සොහං තතො චවිත්වා වීථියා දාසියා ඝරෙ ජාතො, නෙව මහිලා න පුරිසො යථාපි ගන්ත්වාන පරදාරං.
Sinhala BJT441. මම් එයින් සැවැ නගරවීථියෙහි ගෘහදාසියක කුස උපන්නෙමි, පරදාරයන් කරා ගොස් යම්සේ ද එපරිදි නො ඉතිරි නො පිරිමි වීමි. (ජාතිනපුංසක වීමි’යි සේයි.)
Pali BJT442. තිංසති වස්සම්හි මතො සාකටිකකුලම්හි දාරිකා ජාතා, කපණම්හි අප්පභොගෙ ධනිකපුරිසපාතබහුලම්හි.
Sinhala BJT442. තිස්වැනි හවුරුද්දෙහි මියැගියෙම්. දිළිඳුවූ අල්පභෝග වූ ණය හිමි පුරුෂයන්ගේ පැමිණීම බහුල කොට ඇති ගැල්කරුකුලයකැ දැරියක් වැ උපන්මි.
Pali BJT443. තං මං තතො සත්ථවාහො උස්සන්නාය විපුලාය වඩ්ඪියා, විකඩ්ඪති විලපන්තිං අච්ඡින්දිත්වා කුලඝරස්ස.
Sinhala BJT443. ඉක්බිති සාත්තුනායක තෙම පොලීමිල උත්සන්න වැ මහත් වැ ගියකල්හි වැලැපෙන මා (මාගේ) කුලගෙයින් පැහැරගෙන ආකර්‍ෂණ කෙරෙයි.
Pali BJT444. අථ සොළසමෙ වස්සෙ දිස්වාන මං පත්ත යොබ්බනං, කඤ්ඤමොරුන්ධතස්ස පුත්තො ගිරිදාසො නාම නාමෙන.
Sinhala BJT444. එකල්හි සොළොස්වැනි හවුරුද්දෙහි පැමිණි යොවුන් බව ඇති කන්‍යාවක වූ මා දැක නමින් ගිරිදාස නම් වූ ඒ සාර්‍ත්‍ථවාහකයාගේ පුත්‍ර තෙම (පිළිබඳසිත් ඇතිව) තමා අයත් කොට ගෙහි ලී යැ.
Pali BJT445. තස්සපි අඤ්ඤා භරියා සීලවතී ගුණවතී යසවතී ච, අනුරත්තං භත්තාරං තස්සාහං විද්දෙසනමකාසිං.
Sinhala BJT445. ඔහුට ද සිල්වත් වූ ගුණවත් යශස් ඇති හිමියා කෙරෙහි අනුරක්ත වූ අන් භාර්‍ය්‍යාවක් වූ යැ, මම ඔහුට (ඒ බිරිය කෙරෙහි) විද්වේෂණකර්‍මය කෙළෙමි. (හේ ඈට කිපෙනසේ පිළිපන්මි.)
Pali BJT446. තස්සෙතං කම්මඵලං යං මං අපකිරිතූන ගච්ඡන්තී, දාසීව උපට්ඨහන්තිං තස්සපි අන්තො කතො මයාති.
Sinhala BJT446. යම් හෙයෙකින් දැස්සක මෙන් උවටන් කරන මා (ස්වාමීහු) හැරපියා යෙත්ද, ඒ අකුශලයාගේ තෙල, කර්‍මඵල යි, මා විසින් ඒ පාපකර්‍මය ද කෙළවර කරන ලද්දේ යයි.
Pali BJTඉත්ථං සුදං ඉසිදාසී ථෙරී ගාථායො අභාසීති.
Sinhala BJTමෙසේ ඉසිදාසි තෙරණී ...
Pali BJTඉසිදාසිථෙරීගාථා.
Sinhala BJTඉසිදාසී ථේරීගාථා යි.
Pali BJTචත්තාලීසතිනිපාතො සමත්තො.
Sinhala BJTචත්තාලීසතිනිපාතය නිමි.
Pali BJTමහානිපාතො.
Sinhala BJTමහා නිපාතය
Pali BJT1.
Sinhala BJT1.
Pali BJT447. මන්තාවතියා නගරෙ රඤ්ඤො කොඤ්චස්ස අග්ගමහෙසියා, ධීතා ආසි{1} සුමෙධා පසාදිතා{2} සාසනකරෙහි.
Sinhala BJT447. මන්තාවතී නගරයෙහි කොඤ්ච නම් රජුගේ අගමෙහෙසිය කුස උපන් සුමේධා නම් දියැණිකෙනෙක් වූ යැ, ඕ ශාස්තෘශාසනකර වූ (ආර්‍ය්‍යයන් විසින්) සසුන්හි පහදවන ලද්දී යැ.
Pali BJT448. සීලවතී චිත්තකථා බහුස්සුතා බුද්ධසාසනෙ විනීතා, මාතාපිතරො උපගම්ම භණති උභයො නිසාමෙථ.
Sinhala BJT448. සිල්වත් වූ විසිතුරු ධර්‍මකථා ඇති බහුශ්‍රුත වූ බුදුසසුන්හි හික්මුණු සුමේධා මවුපියන් කරා එළැඹ ‘(ඔබ) දෙදෙන අසත්වා’යි මෙසේ කියා:
Pali BJT449. නිබ්බානාභිරතාහං අසස්සතං භවගතං යදිපි දිබ්බං, කිමඞ්ග පන තුච්ඡා කාමා අප්පස්සාදා බහුවිඝාතා.
Sinhala BJT449. මම නිවනෙහි ඇලුම් ඇති වෙමි, දෙව්ලොවැ වූ ද භවගතය අශාශ්වත යැ, මානුසික කාම කියනු කිමැ, (ඔහු) තුච්ඡයෝ යැ අල්පාස්වාදයෝ යැ බොහෝ උවදුරු ඇත්තාහ.