Pali BJT274. චිරස්සං වත මං තාතං සමණානං පරිපුච්ඡසි තෙසං තෙ කිත්තයිස්සාමි පඤ්ඤාසීලපරක්කමං.
Sinhala BJT274. පියාණෙනි, බොහෝ කලෙකින් මහණුන්ගේ ගුණ මා පුළුවුස්නහු යැ, තොපට ඒ මහණුන්ගේ ප්‍රඥාව ශීලය හා වීර්‍ය්‍යය පවසමි.
Pali BJT275. කම්මකාමා අනලසා කම්මසෙට්ඨස්ස කාරකා රාගං දොසං පජහන්ති තෙන මෙ සමණා පියා.
Sinhala BJT275. (ඔහු වත් පිළිවත් ඈ) මහණකිස කරනු රිසියහ, අනලසයෝ යැ, (නිවන් එළවන) ශ්‍රේෂ්ඨකර්‍මය කරනුවහ, එහෙයින් රාගය ද ද්වේෂය ද දුරු කෙරෙති, එකරුණෙන් මට ශ්‍රමණයෝ ප්‍රිය වෙත්.
Pali BJT276. තීණි පාපස්ස මූලානි ධුනන්ති සුචි කාරිනො සබ්බපාපං පහීනෙසං තෙන මෙ සමණා පියා.
Sinhala BJT276. අනවද්‍යකර්‍ම කරන්නාහු තුන් පව්මුල් දුරු කෙරෙති, රහත්මඟින් ඔවුන්ගේ සියලු පව් ප්‍රහීණ ය, එහෙයින් මට ශ්‍රමණයෝ ප්‍රිය වෙත්.
Pali BJT277. කායකම්මං සුචි නෙසං වචීකම්මං ච තාදිසං මනොකම්මං සුචි නෙසං තෙන මෙ සමණා පියා.
Sinhala BJT277. ඔවුන්ගේ කායකර්‍මය පවිත්‍ර වෙයි, වාක්කර්‍මය ද එබඳු ය, ඔවුන්ගේ මනඃකර්‍මය ද පවිත්‍ර වෙයි, එහෙයින් මට ශ්‍රමණයෝ ප්‍රිය වෙත්.
Pali BJT278. විමලා සඞ්ඛමුත්තා’ව සුද්ධා සන්තරබාහිරා පුණ්ණා සුක්කෙහි ධම්මෙහි තෙන මෙ සමණා පියා.
Sinhala BJT278. දෙවු සක් හා මුතු මෙන් නිර්‍මලයහ, ශුද්ධ වූ ආශය ප්‍රයෝග ඇත්තාහ, ඒකාන්ත ශුක්ල වූ කුශලධර්‍මයෙන් පරිපූර්‍ණයහ, එහෙයින් මට ශ්‍රමණයෝ ප්‍රිය වෙත්.
Pali BJT279. බහුස්සුතා ධම්මධරා අරියා ධම්මජීවිනො අත්ථං ධම්මඤ්ච දෙසෙන්ති තෙන මෙ සමණා පියා.
Sinhala BJT279. (ඔහු) බහුශ්‍රැතයෝ ය, ධර්‍මධරයහ, ආර්‍ය්‍යයෝ ය, දැහැමින් දිවිවටන්නාහ, භාෂිතාර්‍ත්‍ථය ද දේශනාධර්‍මය ද වදාරති, එහෙයින් මට ශ්‍රමණයෝ ප්‍රිය වෙත්.
Pali BJT280. බහුස්සුතා ධම්මධරා අරියා ධම්මජීවිනො එකග්ගචිත්තා සතිමන්තො තෙන මෙ සමණා පියා.
Sinhala BJT280. (ඔහු) බහුශ්‍රැතයෝ ය, ධර්‍මධරයෝ ය, ආර්‍ය්‍යයෝ ය, ධර්‍මජීවීහු ය, එකඟ වූ සිත් ඇතියහ, එළඹසිටි සිහි ඇත්තාහ, එහෙයින් මට ශ්‍රමණයෝ ප්‍රිය වෙත්.
Pali BJT281. දූරඞ්ගමා සතිමන්තො මන්තභාණී අනුද්ධතා දුක්ඛස්සන්තං පජානන්ති තෙන මෙ සමණා පියා.
Sinhala BJT281. වෙනෙහි දුර සෙනසුන් කරා යනුවහ, සිහි ඇතියෝ ය, නුවණින් බණනසුල්ලහ, සන්සුන් සිත් ඇතියහ, දුඃඛාන්ත වූ නිවන ප්‍රතිවේධ කෙරෙති, එහෙයින් මට ශ්‍රමණයෝ ප්‍රිය වෙත්.
Pali BJT282. යස්මා ගාමා පක්කමන්ති නෙ විලොකෙන්ති කිඤ්චනං අනපෙක්ඛාව ගච්ඡන්ති තෙන මෙ සමණා පියා.
Sinhala BJT282. යම් ගමෙකින් නික්ම යෙත් නම් එහි කිසිවක් අපේක්‍ෂා විසින් නො බලති, නිරපේක්‍ෂව මැ යෙති, එහෙයින් මට ශ්‍රමණයෝ ප්‍රිය වෙත්.
Pali BJT283. න තෙසං කොට්ඨෙ ඔපෙන්ති න කුම්භිං න ඛලොපියං පරිනිට්ඨිතමෙසානා තෙන මෙ සමණා පියා.
Sinhala BJT283. ඔහු තමා සතු සම්පත් කොටුයෙහි නො බහා තබති, සැළෙක නො තබති, පැසෙක නො බහති, පරකුලෙහි පිසූ අහර සොයනුවහ, එහෙයින් මට ශ්‍රමණයෝ ප්‍රිය වෙත්.
Pali BJT284. න තෙ හිරඤ්ඤං ගණ්හන්ති න සුවණ්ණං න රූපියං පච්චුප්පන්නෙන යාපෙන්ති තෙන මෙ සමණා පියා.
Sinhala BJT284. ඔහු කහවණු නො ගනිති, රන් රිදී නො ගනිති, එකෙණෙහි උපන් පසයෙන් යැපෙති, එහෙයින් මට ශ්‍රමණයෝ ප්‍රිය වෙත්.
Pali BJT285. නානාකුලා පබ්බජිතා නානාජනපදෙහි ච අඤ්ඤමඤ්ඤං පියායන්ති තෙන මෙ සමණා පියා.
Sinhala BJT285. නන් කුලයෙන් ද නන් දනවුයෙන් ද නික්මැ පැවිදි වූවාහු උනුන් ප්‍රිය කෙරෙති (මෛත්‍රී කෙරෙති) එහෙයින් මට ශ්‍රමණයෝ ප්‍රිය වෙත්.
Pali BJT286. අත්ථාය වත නො භොති කුලෙ ජාතාසි රොහිණී සද්ධා බුද්ධෙ ච ධම්මෙ ච සඞ්ඝෙ ච තිබ්බගාරවා.
Sinhala BJT286. පින්වත් රෝහිණිය, තෙපි බුදුන් කෙරෙහි ද දහම්හි ද සඟුන් කෙරෙහි ද සැදැහැති ව දැඩි ගෞරව ඇති ව අපට වැඩ පිණිස (මේ) කුලයෙහි උපන්නාව.
Pali BJT287. තුවං හෙතං පජානාසි පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං අම්හම්පි ච තෙ සමණා පතිගණ්හන්ති දක්ඛිණං පතිට්ඨිතො හෙත්ථ යඤ්ඤො විපුලො නො භවිස්සති.
Sinhala BJT287. තෙපි මැ තෙල අනුත්තර වූ පින්කෙත දන්නාව, ඒ ශ්‍රමණයෝ අපගේ ද දක්‍ෂිණාව පිළිගනිත් නම්, තෙල මහණුන් කෙරෙහි පිහිටුවනලද අපගේ දානධර්‍මය විපුලඵල වන්නේ ය.
Pali BJT288. සචෙ භායසි දුක්ඛස්ස සචෙ තෙ දුක්ඛමප්පියං උපෙහි සරණං බුද්ධං ධම්මං සඞ්ඝඤ්ච තාදිනං, සමාදියාහි සීලානි තං තෙ අත්ථාය හෙහිති.
Sinhala BJT288. ඉදින් (තෙපි) දුකට බිය වවු නම්, ඉදින් තොපට දුක අප්‍රිය වී නම්, තාදී වූ බුදුන් ද දහම් ද සඟුන් ද සරණ කොට යවු, සිල් සමාදන් වවු, එය තොපට වැඩ පිණිස වන්නේ ය.
Pali BJT289. උපෙහි සරණං බුද්ධං ධම්මං සඞ්ඝඤ්ච තාදිනං, සමාදියාමි සීලානි තං මෙ අත්ථාය හෙහිති.
Sinhala BJT289. මම තාදී වූ බුදුන් ද දහම් ද සඟුන් ද සරණ කොට යමි, සිල් සමාදන් වෙමි, ඒ මට වැඩ පිණිස වන්නේය.
Pali BJT290. බ්රහ්මබන්ධු පුරෙ ආසිං සො ඉදානිම්හි බ්රාහ්මණො තෙවිජ්ජො සොත්ථියො චම්හි වෙදගූ චම්හි න්හාතකොති.
Sinhala BJT290. (මම් පෙර බමුණු කුලෙහි උපතින්) බ්‍රහ්මබන්‍ධු නම් වීමි, දැන් (බාහිත පාප බැවින්) බ්‍රාහ්මණ වෙමි, අධිගම කළ ත්‍රිවිද්‍යා ඇත්තෙමි සොත්තිය ද වෙමි, මාර්‍ගඥානවේදයට පැමිණියෙම් ද නහාතක ද වෙමි’යි.
Pali BJTඉත්ථං සුදං රොහිණී ථෙරී ගාථායො අභාසීති.
Sinhala BJTමෙසේ රෝහිණී තෙරැණි ...
Pali BJTරොහිණීථෙරීගාථා.
Sinhala BJTරෝහිණී ථේරීගාථා යි.
Pali BJT20. 3.
Sinhala BJT20. 3.
Pali BJT291. ලට්ඨිහත්ථො පුරෙ ආසී සො දානි මිගලුද්දකො, ආසාය පලිපා ඝොරා නාසක්ඛි පාරමෙතවෙ.
Sinhala BJT291. පෙර දඬුගත් අත් ඇති (පිරිවැජියෙක්) විය, හේ දැන් මුව වැද්දෙකි, ආශාව හේතු කොට ගෙන දරුණු වූ (කාමසඞ්ඛ්‍යාත දෘෂ්ටිසඞ්ඛ්‍යාත) පඞ්කයෙන් නිර්‍වාණපාරයට යන්නට නො හැකි විය. (මෙසේ උපක තමා සඳහා කී ය.)
Pali BJT292. සුමුත්තං මං මඤ්ඤමානා චාපා පුත්තමතොසයී, චාපාය බන්ධනං ඡෙත්වා පබ්බජිස්සං පුනොපහං.{1}
Sinhala BJT292. (තමා කෙරෙහි) කාමයෙන් මොනොවට ඇලුණකු කොට මා සිතමින් චාපා තොමෝ පුතු නැළවූ, චාපා කෙරෙහි වූ කෙලෙස් බැඳුම් සිඳ නැවත ද මම පැවිදි වන්නෙමි.
Pali BJT293. මා මෙ කුජ්ඣි මහාවීර මා මෙ කුජ්ඣි මහාමුනී, න හි කොධපරෙතස්ස සුද්ධි අත්ථි කුතො තපො.
Sinhala BJT293. මහාවීරය, මට නහමක් කිපෙව, මහාමුනිවරය, මට නහමක් කිපෙව, කෝපයෙන් මඩනාලද්දහුට ශුද්ධියක් නැත, තපසෙක් කොයින් වේ ද?
Pali BJT294. පක්කමිස්සං ච නාලාතො කොධ නාලාය වච්ඡති, බන්ධන්තී{2} ඉත්ථිරූපෙන සමණෙ ධම්මජීවිනො.
Sinhala BJT294. ‘නාලා’ ගමිනුදු නික්ම යන්නෙමි, මේ නාලායෙහි කවරෙක් වසන්නේ ද (චාපාවෙනි, තෙපි) දැහැමින් දිවි වටන මහණුන් තමාගේ ස්ත්‍රීරූපයෙන් බඳිමින් සිටියාව.
Pali BJT295. එහි කාළ නිවත්තස්සු භුඤ්ජකාමෙ යථා පුරෙ අහඤ්ච තෙ වසී කතා යෙ ච මෙ සන්ති ඤාතකා.
Sinhala BJT295. කළුව උපකය, එව නවතුව, පෙර මෙන් කාමයන් වළඳව මම ද මාගේ යම් නෑ කෙනෙක් වෙත් නම් ඔහු දු තොප විසින් වසඟ කරනලදුම්හ.
Pali BJT296. එත්තො චාපි චතුබ්භාගං යථා භාසසි ත්වං ච මෙ තයි රත්තස්ස පොසස්ස උළාරං වත තං සියා.
Sinhala BJT296. චාපාවෙනි, තෙපි මට යම්සේ කියවු නම්, තිලින් සතරෙන් කොටසක් කියව, තොප කෙරෙහි රාගයෙන් ඇලුණු පුරුෂයක් හට එය ඒකාන්තයෙන් මහත් වන්නේ ය.
Pali BJT297. කාළඞ්ගිනිං ව තක්කාරිං පුප්ඵිතං ගිරිමුද්ධනී ඵුල්ලං දාළිමයට්ඨිංව අන්තො දීපෙව පාටළිං.
Sinhala BJT297. කාළය, පවුමුදුනෙක පිපුණු තරුණ කිණිහිරි ගසක් මෙන් ද, පිපුණු දෙළුම් ගසක් මෙන් ද දූපතක් මැඳ පිපුණු පළොල් රුකක් මෙන් ද හොබනා සිරුරු ඇති.
Pali BJT298. හරිචන්දනලිත්තඞ්ගිං කාසිකුත්තමධාරිණිං තං මං රූපවතිං සන්තිං කස්ස ඔහාය ගච්ඡසි.
Sinhala BJT298. රත්සඳුන් අලෙව්දුන් අවයව ඇති උතුම් කසීසළු දරන රූපවත් වූ මා කවරක් හට හැරපියා යෙහි ද?
Pali BJT299. සාකුන්තිකොව සකුණිං යථා බන්ධිතුමිච්ඡති, ආහරිමෙන රූපෙන න මං ත්වං බාධයිස්සසි.
Sinhala BJT299. යම් සේ ළිහිණි වැද්දෙක් ළිහිණියක බඳින්නට කැමති වේ ද, එසෙයින් කෘත්‍රීම රූපයෙන් තෝ මා නො පෙළව,
Pali BJT300. ඉමං ච මෙ පුත්තඵලං කාළ උප්පාදිතං තයා, තං මං පුත්තවතිං සන්තිං කස්ස ඔහාය ගච්ඡසි.
Sinhala BJT300. කාළය මාගේ මේ පුත්‍රඵලය ද තොප විසින් උපදවන ලද, පුතකු ඇති ඒ මා කවරක්හට හැරපියා යවු ද?
Pali BJT301. ජහන්ති පුත්තෙ සප්පඤ්ඤා තතො ඤාතී තතො ධනං, පබ්බජන්ති මහාවීරා නාගො ඡෙත්වාව බන්ධනං.
Sinhala BJT301. නුවණැති පුරුෂයෝ පුත්‍රයන් හැරැපියති, යළි නෑයන් ද යළි ධනය ද හැරැපියති, ඇතෙක් (යදම්) බැඳුම් මෙන් මහාවීරයෝ ගිහිබැඳුම් සිඳපියා පැවිදි වෙත්.
Pali BJT302. ඉදානි තෙ ඉමං පුත්තං දණ්ඩෙන ඡුරිකාය වා, භූමියං වා නිසුම්භෙය්යං පුත්තසොකා න ගච්ඡසි.
Sinhala BJT302. දැන් තොපගේ මේ පුතු දඬුයෙකින් හෝ පැහැර සිරියෙකින් හෝ විද (නසමි,) බිමැ හෝ හෙළාපියමි, පුතු කෙරෙහි කළ ශෝකයෙන් නො යන්නෙහි.
Pali BJT303. සචෙ පුත්තං සිගාලානං කුක්කුරානං පදාහිසි, න මං පුත්තකතෙ{1} ජම්මී, පුනරාවත්තයිස්සසි.
Sinhala BJT303. ළමු තෙනැත්තිය, ඉදින් පුතු සිවලුන්ට හෝ ශුනකයන්ට හෝ දෙන්නෙහි නමුදු පුතු නිමිති කොට මා පෙරළා නො නවත්ව.
Pali BJT304. හන්ද ඛො දානි භද්දන්තෙ කුහිං කාළ ගමිස්සසි, කතමං ගාමං නිගමං නගරං රාජධානියො.
Sinhala BJT304. සොඳය! හිමි කාළයෙනි, දැන් කවර ගමකට නිගමකට නුවරකට රජ දහනකට හෝ කවර තැනෙක්හි යන්නහු ද?
Pali BJT305. අහුම්හ පුබ්බෙ ගණිනො අස්සමණා සමණමානිනො, ගාමෙන ගාමං විචරිම්හ නගරෙ රාජධානියො.
Sinhala BJT305. (ඇපි) පෙර ගණප්‍රධාන ව අශ්‍රමණ ව ශ්‍රමණයම්හ යන මාන ඇති වූම්හ, ගමින් ගමැ නගරයන්හි රජදහන්හි හැසිරුණම්හ.
Pali BJT306. එසො හි භගවා බුද්ධො නදිං නෙරඤ්ජරං පති, සබ්බදුක්ඛප්පහානාය ධම්මං දෙසෙති පාණිනං තස්සාහං සන්තිකෙ ගච්ඡං සො මෙ සත්ථා භවිස්සති.
Sinhala BJT306. තෙල භගවත් වූ බුදුහු නේරඤ්ජරා නදිය සමීපයෙහි සියලු දුක් නැසීම පිණිස සත්නට දහම් දෙසති. මම් ඔබ කරා යෙමි, ඔබ මට ශාස්තෘ වන්නාහ.
Pali BJT307. වන්දනං දානි වජ්ජාසි ලොකනාථං අනුත්තරං පදක්ඛිණං ච කත්වාන ආදිසෙය්යාසි දක්ඛිණං.
Sinhala BJT307. මෙ විට අනුත්තර වූ ලෝකනාථයන් වහන්සේට (මාගේ) වැඳුම් කියව, (මාගේ වැඳමෙන් වඳව’යි සේයි.) යළි පැදකුණු කොට මට පුණ්‍යදක්‍ෂිණාව දක්වා දුන මැනව.
Pali BJT308. එතං ඛො ලබ්භමම්හෙහි යථා භාසසි ත්වං ච මෙ වන්දනං දානි තෙ වජ්ජං ලොකනාථං අනුත්තරං, පදක්ඛිණං ච කත්වාන ආදිසිස්සාමි දක්ඛිණං.
Sinhala BJT308. තෙපි මට යම්සේ කියවු නම්, එපරිදි තෙල ප්‍රදක්‍ෂිණාහේතුක කුශලය වැලිත් අපගෙන් ලැබිය හැකි වෙයි, මෙ විට අනුත්තර වූ ලෝකනාථයන් වහන්සේට තීගේ වැඳුම කියන්නෙමි, යළි පැදකුණු කොට පුණ්‍යදක්‍ෂිණාව දක්වාලන්නෙමි.
Pali BJT309. තතොව කාලො පක්කාමි නදිං නෙරඤ්ජරං පති, සො අද්දසාසි සම්බුද්ධං දෙසෙන්තං අමතං පදං.
Sinhala BJT309-310. ඉක්බිති කාළ (උපක) තෙමේ නේරඤ්ජරා නදිය කරා නික්ම ගියේ ය, හේ දුක යැ, දුක් ඉපැදීම යැ, දුක් නැසීම යැ, දුක් නැසීමට පමුණුවන අරිඅටඟි මඟ යැ යන අමෘතපදය දෙසන සම්මාසම්බුදුන් දිටි.
Pali BJT310. දුක්ඛං දුක්ඛසමුප්පාදං දුක්ඛස්ස ච අතික්කමං, අරියඤ්චට්ඨඞ්ගිකං මග්ගං දුක්ඛූපසමගාමිනං.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT311. තස්ස පාදානි වන්දිත්වා කත්වාන තං පදක්ඛිණං, චාපාය ආදිසිත්වාන පබ්බජි අනගාරියං තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනන්ති.
Sinhala BJT311. හේ ඒ බුදුන්ගේ පාසඟුළු වැඳ පැදකුණු කොට චාපාවට (පුණ්‍යදක්‍ෂිණාව) දක්වාදී ශාසනයෙහි පැවිදි වී, (ඔහු විසින්) ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ, බුදුන්ගේ අනුසසුන් කරන ලදැයි.
Pali BJTඉත්ථං සුදං චාපා ථෙරී ගාථායො අභාසීති.
Sinhala BJTමෙසේ චාපා තෙරැණි ...
Pali BJTචාපාථෙරීගාථා.
Sinhala BJTචාපා ථේරීගාථා යි.
Pali BJT20. 4.
Sinhala BJT20. 4.
Pali BJT312. පෙතානි භොති පුත්තානි ඛාදමානා තුවං පුරෙ තුවං දිවා ච රත්තො ච අතීව පරිතප්පසි.
Sinhala BJT312. භවතිය, තෙපි පෙර මැරී ගිය පුතුන් කමින් (හැසුරුණාව) තෙපි රැයිදු දහවල්හි දු ඉතා ම තැවුණාව.
Pali BJT313. සාජ්ජ සබ්බානි ඛාදිත්වා සතපුත්තානි බ්රාහ්මණී, වාසෙට්ඨි කෙන වණ්ණෙන න බාළ්හං පරිතප්පසි.
Sinhala BJT313. වාසෙට්ඨි බැමිණිය, ඒ තෙපි සියලු සිය ගණන් පුතුන් කා දැන් කවර කරුණෙකින් දැඩි ව නො තැවෙවු ද?
Pali BJT314. බහූනි පුත්තසතානි ඤාතිසඞ්ඝසතානි ච ඛාදිතානි අතීතංසෙ මම තුය්හං ච බ්රාහ්මණ.
Sinhala BJT314. බමුණ, අතීත භවයෙහි මයිදු තොප දු විසින් බොහෝ සිය ගණන් පුත්‍රයෝ ද සිය ගණන් ඥාතිසමූහයෝ ද කනලදහ.
Pali BJT315. සාහං නිස්සරණං ඤත්වා ජාතියා මරණස්ස ච න සොචාමි න රොදාමි න චාපි පරිතප්පයිං.
Sinhala BJT315. ඒ මේ ජාති (ජරා) මරණයන්ගේ නිස්සරණය වූ නිවන මඟනැණින් පිළිවිද දැන ශෝක නො කරමි, නො හඬමි, උපායාසයට නො පැමිණියෙම් වෙමි.
Pali BJT316. අබ්භුතං වත වාසෙට්ඨි වාචං භාසසි එදිසිං, කස්ස ත්වං ධම්මමඤ්ඤාය ථිරං භාසසි එදිසං.
Sinhala BJT316. වාසෙට්ඨිය, ඒකාන්තයෙන් අද්භූත යැ, මෙබඳු (න සොචාමි’ යනාදි) බස් කියව. තෙපි කවර ශාස්තෘ කෙනකුන්ගේ දහම් දැන තිර කොට මෙබඳු බස් කියව් ද.
Pali BJT317. එස බ්රාහ්මණ සම්බුද්ධො නගරං මිථිලං පති, සබ්බදුක්ඛප්පහානාය ධප්පං දෙසෙසි පාණිනං.
Sinhala BJT317. බමුණ, තෙල සම්මාසම්බුදුහු මිථිලා නගරයෙහි සියලු දුක් නැසීම පිණිස සත්නට දහම් දෙසනසේක.
Pali BJT318. තස්ස බ්රාහ්මණ{1} අරහතො’ධම්මං සුත්වා නිරූපධිං, තත්ථ විඤ්ඤාතසද්ධම්මා පුත්තසොකං ව්යපානුදිං.
Sinhala BJT318. බමුණ, අර්‍හත් වූ ඒ බුදුන්ගේ නිදුක් වූ දහම් අසා එහි ප්‍රතිවේධ කළ ආර්‍ය්‍යධර්‍ම ඇති මම පුත්‍රශෝකය හැරපීමි.
Pali BJT319. සො අහම්පි ගමිස්සාමි නගරං මිථිලං පති, අප්පෙව මං සො භගවා සබ්බදුක්ඛා පමොචයෙ, අද්දස බ්රාහ්මණො බුද්ධං විප්පමුත්තං නිරූපධිං.
Sinhala BJT319. මම ද මිථිලා නගරයට යන්නෙමි, ඒ භාග්‍යවත්හු මා සියලු දුකින් මුදාලනසේක් නම් ඉතා මැනැවැ’යි බමුණු (කෙලෙසුන් කෙරෙන් හා භවයෙන්) වෙසෙසින් මිදුණු උපධි රහිත වූ බුදුන් දිටි.
Pali BJT320. සොස්ස ධම්මමදෙසෙසි මුනි දුක්ඛස්ස පාරගූ, දුක්ඛං දුක්ඛසමුප්පාසං දුක්ඛස්ස ච අතික්කමං, අරියඤ්චට්ඨඞ්ගිනං මග්ගං දුක්ඛූපසමගාමිනං.
Sinhala BJT320. වට්ටදුක්ඛයාගේ පරතෙරට පැමිණි ඒ මුනීහු ඔහුට දුක යැ, දුක් ඉපදීම යැ දුක් නැසීම යැ දුක් නැසීමට පමුණුවන අරිඅටඟිමඟ යැ යන සියුසස් දහම් දෙසූසේක.
Pali BJT321. තත්ථ විඤ්ඤාතසද්ධම්මො පබ්බජ්ජං සමරොචයිං, සුජාතො තීහි රත්තිහි තිස්සො විජ්ජා අඵස්සයී.
Sinhala BJT321. එහි දී අවබෝධ කළ සිව්සස් දහම් ඇති සුජාත තෙම පැවිද්ද රුචි කෙළේ ය. තුන්රැයෙකින් ත්‍රිවිද්‍යාවන් ප්‍රත්‍යක්‍ෂ කෙළේ ය.
Pali BJT322. එහි සාරථි ගච්ඡාහි රථං නීයාදියාහි’මං, ආරොග්යං බ්රාහ්මණිං වජ්ජා පබ්බජිතොදානි බ්රාහ්මණො, සුජාතො තීහි රත්තිහි තිස්සො විජ්ජා අඵස්සයී.
Sinhala BJT322. එව රියසැරිය, යා, මේ රිය (බැමිණියට) පාවාදෙව. බැමිණියට (මාගේ) නිරෝගි බව කියව, දැන් සුජාත බමුණු පැවිදිවූයේ තුන්රැයෙකින් ත්‍රිවිද්‍යාවන් පසක්කළැ’යි කියව.
Pali BJT323. තතො ච රථමාදාය සහස්සං චාපි සාරථි, ආරොග්යං බ්රාහ්මණිංවොච පබ්බජිතොදානි බ්රාහ්මණො, සුජාතො තීහි රත්තිහි තිස්සො විජ්ජා අඵස්සයී.
Sinhala BJT323. ඉක්බිති රියසැරි තෙම රිය ද (මග වියදමට ගෙනෙන ලද) කහවණු දහස ද ගෙන ගොස් බැමිණියට (ඔහු) නිරෝග බව කී, දැන් සුජාත බමුණු පැවිදි වූයේ තුන්රැයකින් ත්‍රිවිද්‍යාවන් පසක් කළේ යයි ද කී.
Pali BJT324. එතං චාහං අස්සරථං සහස්සං චාපි සාරථි, තෙවිජ්ජං බ්රාහ්මණං ඤත්වා{1} පුණ්ණපත්තං දදාමි තෙ.
Sinhala BJT324. රිය සැරිය බමුණු ත්‍රිවිද්‍යා ඇතියහු දැන තෙල අසුන් යෙදූ රිය ද කහවණු දහස ද තොපට තුටුපඬුරු කොට දෙමි.
Pali BJT325. තුය්හෙව හොත්වස්සරථො{2} සහස්සං චාපි බ්රාහ්මණී, අහම්පි පබ්බජිස්සාමි වරපඤ්ඤස්ස සන්තිකෙ.
Sinhala BJT325. බැමිණියනි, අස්රිය ද කහවණු දහස ද තොපට මැ වේවා. මම ද උත්තමප්‍රාඥ වූ බුදුන් වෙත පැවිදිවන්නෙමි.
Pali BJT326. හත්ථි ගවස්සං මණිකුණ්ඩලඤ්ච ඵීතඤ්චිමං ගහවිභවං පහාය, පිතා පබ්බජිතො තුය්හං භුඤ්ජ භොගානි සුන්දරී තුවං දායාදිකා කුලෙ.
Sinhala BJT326. සුන්‍දරිය, තොපගේ පිය තෙම ඇත්හු ද ගව අස්හු ද මිණි කොඬොල් ද යනාදී බොහෝ වූ ගෘහොපකරණ ද හැරදමා පැවිදි විය, තෙපි මේ භෝගයන් පරිභෝග කරව, තෙපි ම මේ කුලයෙහි දායාද්‍යයට සුදුස්සව.
Pali BJT327. හත්ථි ගවස්සං මණිකුණ්ඩලඤ්ච රම්මං චිමං ගහවිභවං පහාය, පිතා පබ්බජිතො මය්හං පුත්තසොකෙන අට්ටිතො අහම්පි පබ්බජිස්සාමි භාතුසොකෙන අට්ටිතා.
Sinhala BJT327. මාගේ පිය තෙම පුත්‍රශෝකයෙන් දුකට පැමිණියේ ඇත්හු ද ගව අස්හු ද මිණි - කොඬොල් ද යනාදි වූ සිත්කලු ගෘහොපකරණ ද හැරපියා පැවිදිවිය, භ්‍රාතෘශෝකයෙන් දුකට පැමිණි මම ද පැවිදි වෙමි.
Pali BJT328. සො තෙ ඉජ්ඣතු සඞ්කප්පො යං ත්වං පත්ථෙසි සුන්දරී, උත්තිට්ඨපිණ්ඩො උඤ්ඡා ච පංසුකූලං ච චීවරං, එතානි අභිසම්භොන්ති පරලොකෙ අනාසවා.
Sinhala BJT328. සුන්‍දරිය, තෙපි යම් පැවිද්දක් පතවු නම්, තොපගේ ඒ පැවිදි සංකල්පය සමෘද්ධ වේවා, ගෙයක් පාසා සිට ලැබියයුතු පිණ්ඩය ද පිඬුසිඟා යෑම ද පාංශුකූල චීවරය ද යන මේ ලැබෙමින් පරලොවැ අනාස්‍රව වවු.
Pali BJT329. සික්ඛමානාය මෙ අය්යෙ දිබ්බචක්ඛුං{3} විසොධිතං, පුබ්බෙනිවාසං ජානාමි යත්ථ මෙ වුසිතං පුරෙ.
Sinhala BJT329. ආර්‍ය්‍යාවෙනි, ශික්‍ෂමාණාවක වූ මා විසින් දිවඇස පිරිසිදු කරන ලද, මා පෙර යම් තැනෙක වුසූ නම් ඒ පූර්‍වනිවාස දනිමි.
Pali BJT330. තුවං නිස්සාය කල්යාණී ථෙරී සඞ්ඝස්ස සොභනෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT330. භික්‍ෂුණීසඞ්ඝයාට සඞ්ඝස්ථවිරා වූ හොබනා ගුණ ඇති ඇති කල්‍යාණ මිත්‍ර වූ ආර්‍ය්‍යාවෙනි, තොප නිසා (මා විසින්) ත්‍රිවිද්‍යාවෝ ලබන ලදහ. බුදු සසුන් කරන ලද.
Pali BJT331. අනුජානාහි මෙ අය්යෙ ඉච්ඡෙ සාවත්ථි ගන්තවෙ, සීහනාදං නදිස්සාමි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ.
Sinhala BJT331. ආර්‍ය්‍යාවෙනි, මට අවසර දුන මැනැව, සැවතට යන්නට කැමැත්තමු, බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ සමීපයෙහි සිංහනාද කරමි.
Pali BJT332. පස්ස සුන්දරී සත්ථාරං හෙමවණ්ණං හරිත්තවං, අදන්තානං දමෙතාරං සම්බුද්ධමකුතොභායං.
Sinhala BJT332. සුන්‍දරිය, ස්වර්‍ණවර්‍ණ වූ රන්වන් සිවිපැහැ ඇති අදාන්තයන් දමනය කරන සම්බුද්ධ වූ කොයිනුදු බිය නැති ශාස්තෲන්වහන්සේ බලව.
Pali BJT333. පස්ස සුන්දරිමායන්තිං විප්පමුත්තං නිරූපධිං, වීතරාගං විසංයුත්තං කතකිච්චං අනාසවං.
Sinhala BJT333. කෙලෙසුන් කෙරෙන් මිදුණු උපදි රහිත වූ විගත රාග වූ සංයෝජන රහිත වූ කළ සිව්මඟකිස ඇති අනාස්‍රව වූ එන්නා වූ සුන්‍දරී නම් මා බලනු මැනැව.
Pali BJT334. බාරාණසිතො නික්ඛම්ම තව සන්තිකමාගතා, සාවිකා තෙ මහාවීර පාදෙ වන්දති සුන්දරී.
Sinhala BJT334. මහාවීරයන් වහන්ස, බරණැසින් නික්ම නුඹවහන්සේ සමීපයට පැමිණි ශ්‍රාවිකා වූ සුන්‍දරී නුඹවහන්සේගේ පාදයන් වඳී.
Pali BJT335. තුවං බුද්ධො තුවං සත්ථා තුය්හං ධීතාම්හි බ්රාහ්මණ, ඔරසා මුඛතො ජාතා කතකිච්චා අනාසවා.
Sinhala BJT335. බාහිතපාපී බ්‍රාහ්මණයන් වහන්ස, නුඹවහන්සේ බුද්ධයහ, නුඹවහන්සේ ශාස්තෲහ, (මේ) නුඹවහන්සේගේ ඖරස වූ (ආර්‍ය්‍යමාර්‍ග) මුඛයෙන් උපන් කළ කිස ඇති අනාස්‍රව වූ දුහිතෘ වෙමි.
Pali BJT336. තස්සා තෙ ස්වාගතං භද්දෙ තතො තෙ අදුරාගතං, එවං හි දන්තා ආයන්ති සත්ථුපාදානි වන්දිතා, වීතරාගා විසංයුත්තා කතකිච්චා අනාසවා’ති.
Sinhala BJT336. භද්‍රා සුන්‍දරිය, (ආර්‍ය්‍යමාර්‍ගදමථයෙන්) දැමුණු වීතරාග වූ විගතසංයෝජන වූ කෘතකෘත්‍ය වූ අනාස්‍රව වූවාහු ශාස්තෲන්ගේ පාසගුළු වඳිමින් මෙසේ මැ පැමිණෙති, තොප (මෙහි මා වෙත) පැමිණීම ස්වාගතයෙකි, තොපගේ ඊම දුරාගතයෙක් නො වේ යයි.
Pali BJTඉත්ථං සුදං සුන්දරී ථෙරී ගාථායො අභාසීති.
Sinhala BJTමෙසේ සුන්‍දරී තෙරැණී ...
Pali BJTසුන්දරීථෙරීගාථා.
Sinhala BJTසුන්‍දරී ථේරීගාථා යි.
Pali BJT20. 5.
Sinhala BJT20. 5.
Pali BJT337. දහරා අහං සුද්ධවසනා යං පුරෙ ධම්මමස්සුණිං, තස්සා මෙ අප්පමත්තාය සච්චාභිසමයො අහු.
Sinhala BJT337. යම්හෙයෙකින් පෙර ශුද්ධවස්ත්‍රාභරණයෙන් සැරැසුණු තරුණ වූ මම ( බුදුන් වෙත) බණ ඇසීම් ද එහෙයින් එළඹ සිටි සිහි ඇති මට සත්‍යාවබෝධය විය.
Pali BJT338. තතොහං සබ්බකාමෙසු භුසං අරතිමජ්ඣගං, සක්කායස්මිං භයං දිස්වා නෙක්ඛම්මඤ්ඤෙව{1} පීහයෙ.
Sinhala BJT338. එහෙයින් මම සියලු (දිව්‍ය - මානුෂ) කාමයන්හි අරතියට පැමිණිමි, පඤ්චෝපාදානස්කන්‍ධයෙහි භය නුවණැසින් දැක පැවිද්ද ම කැමැතිවෙමි.
Pali BJT339. හිත්වානහං ඤාතිගණං දාසකම්මකරානි ච, ගාමක්ඛෙත්තානි ඵීතානි රමණීයෙ පමොදිතෙ.
Sinhala BJT339. මම ඥාතිසමූහයා ද දසුන් කම්කරුවන් ද සමෘද්ධ වූ ගම්කෙත් ද සිත්කලු වූ සතුටු එළවන භෝගයන් ද හැරපියා (පැවිදිවීමි)
Pali BJT340. පහායාහං පබ්බජිතා සාපතෙය්යමනප්පකං, එවං සද්ධාය නික්ඛම්ම සද්ධම්මෙ සුප්පවෙදිතෙ න මෙතං{2} අස්ස පතිරූපං ආකිඤ්චඤ්ඤං හි පත්ථයෙ.
Sinhala BJT340. ‘මම අනල්ප වූ සම්පත් හැරපියා මෙසේ සැදැහැයෙන් ගිහිගෙන් නික්ම (බුදුන් විසින්) මැනැවින් අවබෝධ කළ ආර්‍ය්‍යවිනයෙහි පැවිදිවීමි, එහෙයින් තෙල මට සුදුසු නොවන්නේය, අකිඤ්චනභාවය මැ පතමි.
Pali BJT341. යො ජාතරූපං රජතං ඡඩ්ඩෙත්වා පුනරාගමෙ රජතං ජාතරූපං වා න බොධාය න සන්තියා නෙතං සමණ සාරුප්පං න එතං අරියං ධනං.{3}
Sinhala BJT341. යම් පුඟුලෙක් රන් රිදී ආදිය හැරපියා නැවත ගන්නේ නම් (හේ පඬුවන් අතර කෙසේ හිස ඔසොවන්නේ ද?) රිදී හෝ රන් හෝ සත්‍යාවබෝධය පිණිස නොවේ, නිවන පිණිස නොවේ, තෙල ශ්‍රමණසාරුප්‍ය නො වෙයි, තෙල ආර්‍ය්‍යධනය නො වේ.
Pali BJT342. ලොභනං මදනං චෙතං මොහනං රජවඩ්ඪනං, සාසඞ්කං බහු ආයාසං නත්ථි චෙත්ථ ධුවං ඨිති.
Sinhala BJT342. තෙල ලෝභ උපදවනු ද මද එළවනු ද මුළා කරනු ද කෙලෙස් රජස් වඩනු ද ආශඞ්කා සහිත ද බොහෝ ආයාස ඇත්තේ ද වෙයි, තෙල ධනයෙහි ධ්‍රැවබවක් ස්ථිතබවක් හෝ නැති.
Pali BJT343. එත්ථ රත්තා පමත්තා ච සංකිලිට්ඨමනා නරා, අඤ්ඤමඤ්ඤෙන ව්යාරුද්ධා පුථුපුබ්බන්ති මෙධගං.
Sinhala BJT343. තෙල ධනයෙහි ඇලුණා වූ ද ප්‍රමත්ත වූ ද සංක්ලිෂ්ට වූ සිත් ඇති සත්ත්‍වයෝ ඔවුනොවුන් ප්‍රතිවිරුද්ධ වූවාහු බොහෝ කලහ කෙරෙත්.
Pali BJT344. වධො බන්ධො පරික්ලෙසො ජානි සොකපරිද්දවො, කාමෙසු අධිපන්නානං දිස්සතෙ ව්යසනං බහුං.
Sinhala BJT344. කාමයන්හි බැසගෙන සිටියානට මරණය (අන්‍දුබන්‍ධාදි) බන්‍ධනය (හස්තච්ඡේදාදි) වෙහෙසය (ධනාදීන්ගේ) හානිය ශෝක පරිදේවය යන බොහෝ ව්‍යසන දක්නා ලැබේ.
Pali BJT345. තං මං ඤාතී අමිත්තාව කිං වො කාමෙසු යුඤ්ජථ, ජානාථ මං පබ්බජිතං කාමෙසු භයදස්සනිං.
Sinhala BJT345. එබඳු වූ මා ඥාති වූ යුෂ්මත්හු පසමිතුරන් සෙයින් කුමක් හෙයින් කාමයන්හි යොදවවු ද, කාමයන්හි බිය දක්නාසුලු වූ මා පැවිදි වූවක කොට දන්නහු ය.
Pali BJT346. න හිරඤ්ඤසුවණ්ණෙන පරික්ඛීයන්ති ආසවා අමිත්තා වධකා කාමා සපත්තා සල්ලබන්ධනා.
Sinhala BJT346. හිරණ්‍ය ස්වර්‍ණයෙන් (කාමාදි) ආස්‍රවයෝ ක්‍ෂය වීමට නොයෙති, කාමයෝ අමිත්‍රයෝ යැ වධකයෝ යැ සතුරෝ යැ සල්‍යබන්‍ධනයෝ යි.
Pali BJT347. තං මං ඤාතී අමිත්තාව කිං වො කාමෙසු යුඤ්ජථ, ජානාථ මං පබ්බජිතං මුණ්ඩං සඞ්ඝාටිපාරුතං.
Sinhala BJT347. එබඳු මා ඥාති වූ යුෂ්මත්හු පසමිතුරන් සෙයින් කුමක් හෙයින් කාමයන්හි යොදවවු ද, මුඬුකළ කෙස් ඇති සඟළ සිවුරු පෙරැ වූ මා පැවිදි වූවක කොට දන්නහු ය.
Pali BJT348. උත්තිට්ඨපිණ්ඩො උඤ්ඡො ච පංසුකූලං ච චීවරං, එතං ඛො මම සාරුප්පං අනාගාරූපනිස්සයො.
Sinhala BJT348. ගෙයක් පාසා සිට ලද පිණ්ඩාහාරය ද (ඒ සඳහා) පිඬු සිඟායෑම ද පාංශුකූල චීවරය ද පැවිද්දනට නිසි ජීවිතපරිෂ්කාරය ද යන මේ මට සුදුසු වේ.
Pali BJT349. වන්තා මහෙසීහි කාමා යෙ දිබ්බා යෙ ච මානුසා ඛෙමට්ඨානෙ විමුත්තා තෙ පත්තා තෙ අචලං සුඛං.
Sinhala BJT349. දිව්‍ය වූ ද මානුෂික වූ ද යම් කාමයෝ වෙත් ද ඔහු බුද්ධාදි මහර්ෂීන් විසින් හැරදමනලද්දාහ, ඒ මහර්ෂීහු ක්‍ෂේමස්ථාන වූ නිවන අරමුණුකොට විමුක්තයහ, ඔහු අචල වූ නිවන්සුවයට පැමිණියාහ.
Pali BJT350. සාහං කාමෙහි සඞ්ගච්ඡිං යෙසු තාණං න විජ්ජති, අමිත්තා වධකා කාමා අග්ගික්ඛන්ධසමා{1} දුඛා.
Sinhala BJT350. යම් කාමකෙනකුන් කෙරෙහි අනර්‍ත්‍ථපරිත්‍රාණයෙක් නැද්ද (එහෙයින්) මම කාමයන් හා සමාගමයට නොයමි. කාමයෝ අමිත්‍රයෝ යැ වධකයෝ යැ ගිනිකඳු සම ව දුක් ඇත්තාහු යි.
Pali BJT351. පරිපන්ථො එස භයො සවිඝාතො සකණ්ටකො, ගෙධො සුවිසමො ලෙපො මහන්තො මොහනාමුඛො.
Sinhala BJT351. තෙල උවදුරෙක භයෙක චිත්තපීඩායෙක කටුසහිතයෙක ගේධයෙක, අතිවිෂයෙක ලේපයෙක මහත් වූ මොහයනට දොරටුයෙකි.
Pali BJT352. උපසග්ගො භීමරූපො කාමා සප්පසිරූපමා, යෙ බාලා අභිනන්දන්ති අන්ධභූතා පුථුජ්ජනා.
Sinhala BJT352. බිහිසුණු සැහැවි ඇති උවදුරෙකි, මෝහයෙන් අන්‍ධ වූ පුහුදුන් බාලයෝ යම්බඳු කාමයන් පතා සිටිත් ද ඒ කාමයෝ (සප්‍රතිභයාර්‍ත්‍ථයෙන්) සර්‍පශීර්‍ෂොපම වූහ.
Pali BJT353. කාමපඞ්කෙන සත්තාහි බහූ ලොකෙ අවිද්දසූ, පරියන්තං නාභිජානන්ති ජාතියා මරණස්ස ච.
Sinhala BJT353. ලොවැ කාමපඞ්කයෙන් ඇලුණාවූ බොහෝ අඥානයෝ ජාතිමරණයන්ගේ කෙළවර නොදනිත්.
Pali BJT354. දුග්ගතිගමනං මග්ගං මනුස්සා කාමහෙතුකං, බහුං වෙ පටිපජ්ජන්ති අත්තනො රොගමාවහං.
Sinhala BJT354. මනුෂ්‍යයෝ ඒකාන්තයෙන් තමහට රෝග එළවන කාම හේතුක වූ දුගතියට යන මගට බොහෝ කොට පිවිසෙත්.
Pali BJT355. එවං අමිත්තජනනා තාපනා සංකිලෙසිකා, ලොකාමිසා බන්ධනීයා{2} කාමා මරණබන්ධනා.
Sinhala BJT355. මෙසේ පසමිතුරන් උපදවන තැවුලි කරන සාංක්ලේශික වූ ලෝකාමිෂ වූ සංයෝජනයන් විසින් බැන්දයුතු වූ කාමයෝ (භවාදියෙහි ඉපදීමට කරුණු හෙයින්) පාදබන්‍ධනයෝ යි.
Pali BJT356. උම්මාදනා උල්ලපනා කාමා චිත්තප්පමාථිනො{3} සත්තානං සංකිලෙසාය ඛිපං{4} මාරෙන ඔඩ්ඩිතං.
Sinhala BJT356. උමතුබව ඇති කරන ‘අහෝ සුව යැ’යි කියවන කාමයෝ සිත් කළඹන සුලු වූහ, සත්ත්‍වයන්ගේ කෙලෙසීම පිණිස මරහු විසින් ඔබනලද කෙමිනෙකි.
Pali BJT357. අනන්තාදීනවා කාමා බහුදුක්ඛා මහාවිසා, අප්පස්සාදා රණකරා සුක්කපක්ඛවිසොසනා.
Sinhala BJT357. කාමයෝ අනන්ත ආදීනව (දෝෂ) ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ, මහත් විෂබඳු වූහ, අල්ප වූ ආස්වාද ඇත්තාහ, මහත් රාගාදිය වඩනාහු ය, (සත්ත්‍වයන්ගේ) කුශලපක්‍ෂය වනසන්නාහ.
Pali BJT358. සාහං එතාදිසං කත්වා ව්යසනං කාමහෙතුකං, න තං පච්චාගමිස්සාමි නිබ්බානාභිරතා සදා.
Sinhala BJT358. මම් කාම හේතුක වූ ව්‍යසනය මෙබඳු යයි කොට (සලකා) ඒ කාමයට පෙරළා නො එමි, හැම කල්හි නිවනෙහි අභිරත වීම ද එහෙයිනි.
Pali BJT359. රණං තරිත්වා{1} කාමානං සීතිභාවාභිකඞ්ඛිනී, අප්පමත්තා විහස්සාමි තෙසං සංයොජනක්ඛෙයෙ.
Sinhala BJT359. සීතිභාව සඞ්ඛ්‍යාත අර්‍හත්ත්‍වය කැමති වූ මම කාමයන් පිළිබඳ ක්ලේශය තරණය කොට සර්‍වසංයෝජනක්‍ෂය සඞ්ඛ්‍යාත නිවනෙහි අප්‍රමත්ත ව වෙසෙමි.
Pali BJT360. අසොකං විරජං ඛෙමං අරියඤ්චට්ඨඞ්ගිකං උජුං, තං මග්ගං අනුගච්ඡාමි යෙන තිණ්ණා මහෙසිනො.
Sinhala BJT360. බුද්ධාදි මහර්ෂීහු යම් මඟෙකින් සසර තරණය කළාහු ද ශෝක රහිත වූ විරජ වූ නිර්‍භය වූ ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගික වූ ඒ ඍජු මාර්‍ගය අනුගමනය කරමි.
Pali BJT361. ඉමං පස්සථ ධම්මට්ඨං සුභං කම්මාරධීතරං, අනෙජං උපසම්පජ්ජ රුක්ඛමූලම්හි ඣායති.
Sinhala BJT361. ආර්‍ය්‍යඵලධර්‍මයෙහි සිටි මේ සුභා නම් කඹුරුදියණියන් බලව. ඕ අනෙජසඞ්ඛ්‍යාත රහත්ඵලයට පැමිණ රුක්මුල්හි හිඳ ඒ පල සමවතින් ධ්‍යාන කෙරෙයි.
Pali BJT362. අජ්ජට්ඨමී පබ්බජිතා සද්ධා සද්ධම්මසොභනා, විනීතුප්පලවණ්ණාය තෙවිජ්ජා මච්චුහායිනී.
Sinhala BJT362. අද පැවිදි වූ අටවැනි දිනය ඇති ශ්‍රද්ධාසම්පන්න වූ මඟපල දහම් අධිගමයෙන් ශෝභන වූ උප්පලවණ්ණා විසින් හික්මවන ලද ත්‍රිවිද්‍යා ඇති මරුන් දුරුකළාවූ.
Pali BJT363. සායං භුජිස්සා අනණා භික්ඛුනී භාවිතින්ද්රියා, සබ්බයොගවිසංයුත්තා කතකිච්චා අනාසවා.
Sinhala BJT363. ක්ලේශදාසව්‍යයෙන් නිදැසි වූ කාමච්ඡන්‍දාදිය දුරලීමෙන් අණන වූ වැඩූ ශ්‍රද්ධාදි ඉඳුරන් ඇති මේ සුභා මෙහෙණ සියලු යෝගයෙන් විසංයුක්ත වූවා කළ කිස ඇත්තී අනාස්‍රව වූ.
Pali BJT364. තං සක්කො දෙවසඞ්ඝෙන උපසඞ්කම්ම ඉද්ධියා, නමස්සති භූතපති සුභං කම්මාරධීතරන්ති.
Sinhala BJT364. භූතපති වූ ශක්‍ර තෙමේ දේවසමූහයා සමග ඉදුහයෙන් ඇය කරා එළඹ සුභා නම් කඹුරු දියණියන් වඳී ය යි.