Therīgāthā

Verses of the Elder Nuns

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

Showing entries 401-500 of 777

SegmentPali BJTSinhala BJT
Pali BJT202. තස්සාහං වචනං සුත්වා විහරිං සාසනෙ රතා, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT202. මම ඔබගේ බස් අසා ශාසනයෙහි නිරතවැ වාස කළමු. ත්‍රිවිද්‍යාවෝ ලබනලදහ. බුද්ධශාසනය කරන ලදි.
Pali BJT203. සබ්බත්ථ විහතා නන්දි තමොක්ඛන්ධො පදාලිතො, එවං ජානාහි පාපිම නිහතො ත්වමසි අන්තකාති.
Sinhala BJT203. හැම තැන තෘෂ්ණා නසන ලදු, මෝහස්කන්‍ධය බිඳිනලදි. පවිටු මාරය මෙසේ දනු, අන්තකය තෝ නටුයෙහි.
Pali BJTඉත්ථං සුදං සීසූපචාලා ථෙරී ගාථායො අභාසීති.
Sinhala BJTමෙසෙයින් සිසූපචාලා මෙහෙණ ගාථා කිවු යැ.
Pali BJTසීසූපචාලාථෙරිගාථා
Sinhala BJTසිසූපචාලා ථේරීගාථා යි.
Pali BJTඅට්ඨකනිපාතො නිට්ඨිතො.
Sinhala BJTඅට්ඨකනිපාතය නිමි.
Pali BJT9. නවකනිපාතො
Sinhala BJT9. නවකනිපාතය
Pali BJT9. 1.
Sinhala BJT9. 1.
Pali BJT204. මා සු තෙ වඩ්ඪ ලොකම්හි වනථො අහු කුදාචනං, මා පුත්තක පුනප්පුනං අහු දුක්ඛස්ස භාගිමා,
Sinhala BJT204. දරුව වඩ්ඪය, සත්ත්‍වලෝකයෙහි හා සංස්කාර ලෝකයෙහි ද ක්ලේශතෘෂ්ණායෙක් තට කිසි කලෙක නහමක් වේවා, පුනපුනා ජාති ආදි දුකට නහමක් හිමි වේවා.
Pali BJT205. සුඛං හි වඩ්ඪ මුනයො අනෙජා ඡින්නසංසයා, සීතිභූතා දමප්පත්තා විහරන්ති අනාසවා.
Sinhala BJT205. වඩ්ඪය, තෘෂ්ණා රහිත වූ ප්‍රහීණ වූ විචිකිත්සා ඇති ක්ලේශාභාවයෙන් සිහිල් වූ ඉන්‍ද්‍රියදමනයට පැමිණි ක්‍ෂීණාස්‍රව වූ මුනීහු සුවසේ වෙසෙත්.
Pali BJT206. තෙහානුවිණ්ණං ඉසීහි මග්ගං දස්සනපත්තියා. දුක්ඛස්සන්තකිරියාය ත්වං වඩ්ඪ අනුබ්රූහය.
Sinhala BJT206. වඩ්ඪය, තෝ ඒ ක්‍ෂීණාස්‍රව ඍෂීන් විසින් පිළිපදනා ලද ශමථ විදර්‍ශනා මාර්‍ගය ඥාන දර්‍ශනයාගේ අධිගමය පිණිස සියලු වෘත්තදුඃඛය කෙළවර කරනු පිණිස වඩව.
Pali BJT207. විසාරදාව භණසි එතමත්ථං ජනෙත්ති මෙ, මඤ්ඤාමි නූන මාමිකෙ වනථො තෙ න විජ්ජති.
Sinhala BJT207. මෑණියෙනි, තෙපි විශාරද ව මෙන් තෙල ඔවා මට කියන්නහු යැ, මාගේ මෑණියෙනි, එකත්නෙන් තොපට ගෘහශ්‍රිත ප්‍රේම මාත්‍ර වනථයෙකුදු නැතැ’යි හගිමි.
Pali BJT208. යෙ කෙචි වඩ්ඪ සංඛාරා හීනා උක්කට්ඨමජ්ඣිමා’ අණූපි අණුමත්තොපි වනථො මෙ න විජ්ජති.
Sinhala BJT208. වඩ්ඪය, හීන උත්කෘෂ්ට මධ්‍යම වූ යම් කිසි සංස්කෘත ධර්‍ම කෙනෙක් ඇද්ද ඔවුනතුරෙහි අණු වූ ද අණුමාත්‍ර වූ ද වනථයෙක් මට නැත.
Pali BJT209. සබ්බෙ මෙ ආසවා ඛීණා අප්පමත්තස්ස ඣායතො, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT209. අප්‍රමාද වැ ධ්‍යාන කරන මට හැම ආස්‍රවයෝ ක්‍ෂය වූහ, මා විසින් ත්‍රිවිද්‍යාවෝ ලබන ලදහ, බුදුන්ගේ අනුසසුන් කරන ලදි.
Pali BJT210. උළාරං වත මෙ මාතා පතො දං සමවස්සරී. පරමත්ථසංහිතා ගාථා යථාපි අනුකම්පිකා.
Sinhala BJT210. මාගේ මව අනුකම්පා ඇතියක සෙයින් (‘මා සු තෙ වඩ්ඪ ලෝකම්හි’ ආදී) පරමාර්‍ත්‍ථ සංහිත වූ මහත් වූ අවවාද පතොදයක් පැවැත් වූ යැ.
Pali BJT211. තස්සාහං වචනං සුත්වා අනුසිට්ඨිං ජනෙත්තියා, ධම්මසංවෙගමාපාදිං යොගක්ඛෙමස්ස පත්තියා.
Sinhala BJT211. මම ඒ මවගේ අනුශාසනා වචන අසා යෝගක්‍ෂේම සඞ්ඛ්‍යාත නිවනට පැමිණෙනු පිණිස ධර්‍මසංවේගයට පැමිණියෙමි.
Pali BJT212. සොහං පධානපහිතත්තො රත්තින්දිවමතන්දිතො, මාතරා චොදිතො සන්තො අඵුසිං සන්තිමුත්තමන්ති.
Sinhala BJT212. ඒ මම දවරැය නො මැලි වැ සතර සම්‍යක් ප්‍රධන් වීර්‍ය්‍යයෙන් නිවනට මෙහෙයූ සිත් ඇතියෙම් මව විසින් චෝදනා කරන ලද්දෙම් අනුත්තර ශාන්ති සඞ්ඛ්‍යාත නිවන පසක් කෙළෙමි.
Pali BJTඉත්ථං සුදං වඩ්ඪමාතා ථෙරී ගාථායො අභාසීති.
Sinhala BJTමෙසෙයින් වඩ්ඪමාතා මෙහෙණ ගාථා කියූ.
Pali BJTවඩ්ඪමාතාථෙරිගාථා.
Sinhala BJTවඩ්ඪ මාතා ථේරීගාථා යි.
Pali BJTනවකනිපාතො නිට්ඨිතො.
Sinhala BJTනවකනිපාතය නිමි
Pali BJT11. එකාදසනිපාතො.
Sinhala BJT11. ඒකාදශනිපාතය
Pali BJT11. 1.
Sinhala BJT11. 1.
Pali BJT213. කල්යාණමිත්තතා මුනිනා ලොකං ආදිස්ස වණ්ණිතා, කල්යාණමිත්තෙ භජමානො අපි බාලො පණ්ඩිතො අස්ස.
Sinhala BJT213. ශාස්තෲන් වහන්සේ විසින් සත්ත්‍වලෝකය උදෙසා කල්‍යාණමිත්‍ර භාවය පසස්නා ලදි. කල්‍යාණමිත්‍රයන් සෙවුනා (පළමු) මූඪ වූයේ පවා (පසු වැ) පණ්ඩිත වන්නේ යැ.
Pali BJT214. භජිතබ්බා සප්පුරිසා පඤ්ඤා තථා වඩ්ඪති{1} භජන්තානං, භජමානො සප්පුරිසෙ සබ්බෙහිපි දුක්ඛෙහි පමුච්චෙය්ය.{2}
Sinhala BJT214. (බුද්ධාදි) සත්පුරුෂයෝ භජන කළ යුත්තාහ. එසේ භජන කරනුවන් ගේ ප්‍රඥා වැඩෙයි. සත්පුරුෂයන් භජනය කරන්නේ හැම (ජාත්‍යාදි) දුකින් මිදෙන්නේ යැ.
Pali BJT215. දුක්ඛඤ්ච විජානෙය්ය දුක්ඛස්ස ච සමුදයං නිරොධං අට්ඨඞ්ගිකඤ්ච මග්ගං චත්තාරිපි අරියසච්චානි.
Sinhala BJT215. (සත්පුරුෂයන්) සෙවුනේ, දුඃඛයත් දැනගන්නේ යැ. දුඃඛයාගේ සමුදයත් නිරෝධයත් (නිරෝධොපාය වූ) අෂ්ටාඞ්ගිකමාර්‍ගයත් (යන) සතර ආර්‍ය්‍යසත්‍යය දැනගන්නේ යැ.
Pali BJT216. දුක්ඛො ඉත්ථිභාවො අක්ඛාතො පුරිසදම්මසාරථිනා, සපත්තිකම්පි දුක්ඛං අප්පෙකච්චා{3} සකිං විජාතායො.
Sinhala BJT216. පුරුෂදම්‍යසාරථි වූ භාග්‍යවතුන් වහන්සේ විසින් ස්ත්‍රීභාවය දුකැ’යි වදාරන ලද. සපත්නින් ඇති බව ද දුකෙකි. ඇතැම්හු වරක් වැදුවාහු - (විජායන දුක් නො සහමින්)
Pali BJT217. ගලකෙ අපි කන්තන්ති සුඛුමාලිනියො විසානි ඛාදන්ති, ජනමාරකමජ්ඣගතා උභොපි ව්යසනානි අනුභොන්ති.
Sinhala BJT217. සිය ගෙල ද සිඳුති, සියුමැලියෝ විස කති, කුක්‍ෂිගතමූඪගර්‍භ ඇත්තාහු (ගර්‍භ - ගර්‍භනී) දෙදෙන මැ මරණාන්තික ව්‍යසනයනට පැමිණෙති.
Pali BJT218. උපවිජඤ්ඤා ගච්ඡන්ති අද්දසාහං පතිං මතං පන්ථම්හි විජායිත්වාන අප්පත්තාව සකං ඝරං.
Sinhala BJT218. ළං වැ සිට වදන කල් ඇති වැ ගෙට යන මම සිය ගෙට නො පැමිණ මැ මඟ දරුවන් වදා (පිහිට පිණිස ගිය) හිමියා මළහු දුටුමු.{*}
Pali BJT219. ද්වෙ පුත්තා කාලකතා පතී ච පන්ථෙ මතො කපණිකාය, මාතා පිතා ච භාතා ඩය්හන්ති ච එකචිතකායං.
Sinhala BJT219. දුගී වූ මාගේ පුත්‍රයෝ දෙදෙන කලුරිය කළහ. හිමියා ද මඟ මළේ යැ, එක් මැ දරසෑයෙහි මවු පිය සොහොවුරු දැවෙති, (ඒ ද දුටුමු.){*}
Pali BJT220. ඛීණකුලීනෙ කපණෙ අනුභූතං තෙ දුක්ඛං අපරිමාණං අස්සු ච තෙ පවත්තං බහූනි ජාතිසහස්සානි,
Sinhala BJT220. ක්‍ෂය වැ ගිය කුලගොත් ඇත්තීය, දිළිඳු තැනැත්තිය, තී විසින් අප්‍රමාණ දුක් වළඳනා ලදි. බොහෝ දහස්ගණන් ජාතියෙහි තීගේ කඳුළු ද පැවැතිණ.{*}
Pali BJT221. වසිතා සුසානමජ්ඣෙ අථොපි ඛාදිතානි පුත්තමංසානි හතකුලිකා සබ්බගරහිතා මතපතිකා අමතං අධිගච්ඡි.
Sinhala BJT221. සොහොන් මැද වුසූමු, යළිදු පුත්‍ර මාංශ කන ලදි, නටකුල ඇති වූමු. සර්‍වජනයා විසින් ගර්හිත වූමු, මළ හිමියා ඇතියක වූමු, (එතෙකුදු වුව) නිවන් අවබෝධ කළා.{*}
Pali BJT222. භාවිතො මෙ මග්ගො අරියො අට්ඨඞ්ගිකො අමතගාමි. නිබ්බානං සච්ඡිකතං ධම්මාදාසං අපෙක්ඛිහං.
Sinhala BJT222. මා විසින් අමෘතගාමී වූ ආර්‍ය්‍යාෂ්ටාඞ්ගික මාර්‍ගය භාවිත විය. නිවන් පසක් කරනලදි, මෙසේ මම ධර්‍මමය ආදර්‍ශය දිටීමු.
Pali BJT223. අහමම්හි කන්තසල්ලා ඔහිතභාරා කතං හි කරණීයං, කිසාගොතමී ථෙරී විමුත්තචිත්තා ඉමං අභණිති.
Sinhala BJT223. මම සිඳලූ රාගාදි හුල් ඇති ව බහා තැබූ කෙලෙස් බර ඇති වූමු. (පරිඥාතාදි සොළොස්) කරණී කරන ලදි. මිදුණුසිත් ඇති කිසාගෝතමී මෙහෙණ මෙ කරුණ කිවු යැ.
Pali BJTඉත්ථං සුදං කිසාගොතමී ථෙරී ගාථායො අභාසීති.
Sinhala BJTමෙසෙයින් කිසාගෝතමී මෙහෙණ ගාථා කිවු යැ.
Pali BJTකිසාගොතමීථෙරීගාථා.
Sinhala BJTකිසාගෝතමී ථේරීගාථා යි.
Pali BJTඑකාදසනිපාතො නිට්ඨිතො
Sinhala BJTඒකාදශකනිපාතය නිමි.
Pali BJT12. ද්වාදසනිපාතො.
Sinhala BJT12. ද්වාදශනිපාතය
Pali BJT12. 1.
Sinhala BJT12. 1.
Pali BJT224. උභො මාතා ච ධීතා ච මයං ආසුං{1} සපත්තියො. තස්සා මෙ අහු සංවෙගො අබ්භුතො ලොමහංසනො.
Sinhala BJT224. මවත් දුවත් යන අපි දෙදෙන සපත්නි වූම්හ, ඒ මට අද්භූත වූ ලොමුදහ ගන්වන සංවේගයෙක් වී.
Pali BJT225. ධිරත්ථු කාමා අසුචී දුග්ගන්ධා බහු කණ්ටකා, යත්ථ මාතා ච ධීතා ච සභරියා මයං අහුං.
Sinhala BJT225. නින්‍දා වේවා, කාමයෝ අපවිත්‍රයහ, දුර්‍ගන්‍ධයහ, බොහෝ කෙලෙස් කටු ඇතියහ. වැළඳිය යුතු යම් කාමයෙක් හි මවත් දුවත් යන අපි සපත්නී වූමෝ ද (ඒ කාමය යි.)
Pali BJT226. කාමෙස්වාදීනවං දිස්වා නෙක්ඛම්මං දට්ඨු ඛෙමතො, සා පබ්බජි රාජගහෙ අගාරස්මානගාරියං.
Sinhala BJT226. කාමයෙහි ආදීනව දැක නෛෂ්ක්‍රම්‍යය නිර්‍භය විසින් දැක ඕ තොමෝ රජගහනුවර දී ගිහිගෙන් නික්ම සසුන් ගත වූ යැ, (ගඞ්ගාතීරියථේරමාතු මෙහෙණ කී ගාථා ගෙන කාමාදීනව දක්වන පිණිස කිවු යැ.)
Pali BJT227. පුබ්බෙනිවාසං ජානාමි දිබ්බචක්ඛුං{2} විසොධිතං, චෙතොපරිච්චඤාණඤ්ච සොතධාතු විසොධිතා.
Sinhala BJT227. (මම) පෙරවිසූ කඳපිළිවෙළ දනිමි. (මා විසින්) දිවැස විශුද්ධ කරනලදි, චේතෝපරියඤාණය (පරසිත් දන්නානුවණ) ත් දිබ්බසෝත ධාතුවත් විශුද්ධ කරන ලදහ.
Pali BJT228. ඉද්ධිපි මෙ සච්ඡිකතා පත්තො මෙ ආසවක්ඛයො, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT228. මා විසින් ඉදුහයෝ ද පසක් කරනලදහ. මා විසින් ආස්‍රවක්‍ෂය සඞ්ඛ්‍යාත නිවන ලබනලද, ෂට් අභිඥාවෝ සාක්‍ෂාත්කෘතයහ, බුදුන්ගේ අනුසසුන් කරනලදි. (තමා අධිගත විෂය ගෙන කියූ.)
Pali BJT229. ඉද්ධියා අභිනිම්මිත්වා චතුරස්සරථං අහං, බුද්ධස්ස පාදෙ වන්දිත්වා ලොකනාථස්ස තාදිනො.
Sinhala BJT229. මම (යමාමහපෙළහර දා) ඉදුහයෙන් අසුන් සතරදෙනෙකුන් යෙදූ රථයක් මවා ලෝකනාථ වූ තාදිගුණ ඇති බුදුන් ගේ පාසඟළ වැඳ සිටියමු.
Pali BJT230. සුපුප්ඵිතග්ගං උපගම්ම පාදපං, එකා තුවං තිට්ඨසි සාලමූලෙ, න චාපි තෙ දුතියො අත්ථි කොචි න ත්වං බාලෙ භායසි ධුත්තකානං.
Sinhala BJT230. තෙපි අග පටන් මල්ගෙන සිටි සල්රුකක් කරා එළැඹ ඒ සල්රුක් මුල්හි එකලාව සිටුව, තොපට කිසි දෙවැන්නෙක් නො ද ඇති, බාලාවෙනි, තෙපි ධූර්‍තයනට නො බියව.
Pali BJT231. සතං සහස්සානපි ධුත්තකානං සමාගතා එදිසකා භවෙය්යුං ලොමං න ඉඤ්ජෙ නපි සම්පවෙධෙ කිං මෙ තුවං මාර කරිස්සසෙකො.
Sinhala BJT231. තුලුන් බඳු ධූර්‍තයන් සියයකුදු දහසකුදු ඉදින් එළඹියාහු වෙත් නමුදු (මාගේ) රෝමයකුදු නො සැලෙන්නේ ය, නො ද කම්පා වන්නේ යැ, මාරය, තෙපි එකලා වැ මට කුමක් කරවු ද?
Pali BJT232. එසා අන්තරධායාමි කුච්ඡිං වා පවිසාමි තෙ භමුකන්තරෙ වා තිට්ඨාමි තිට්ඨන්තිං මං න දක්ඛසි.
Sinhala BJT232. (මාරය) තෙල මම් (තා ඉදිරියෙහි) අතුරුදහන් වෙමි, (නො දැනෙන සේ) තාගේ කුසට හෝ පිවිසෙමි. දෙබැම අතර හෝ සිටිමි, එසේ සිටින මා නො දක්නෙහි.
Pali BJT233. චිත්තම්හි වසීභූතාහං ඉද්ධිපාදා සුභාවිතා, ඡ මෙ අභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT233. මම් වසඟ කළ සිත් ඇති වෙමි, මා විසින් ඍද්ධිපාදයෝ මොනොවට වඩන ලදහ. ෂඩභිඥා පසක්කරන ලදහ, බුදුන්ගේ සසුන් කරන ලද.
Pali BJT234. සත්තිසූලූපමා කාමා ඛන්ධාසං අධිකුට්ටනා, යං ත්වං කාමරතිං බ්රූසි අරතීදානි සා මම.
Sinhala BJT234. කාමයෝ (මුවහත් කළ විෂ පෙවූ) සැත්හුල් බඳු වූවාහු යැ. උපාදානස්කන්‍ධයෝ ඔවුන්ගේ සිඳීමට ආධාර වූවාහු යැ (මාරය) තෝ යම් කාමරතියක් සෙවිය යුතු යයි කියෙහි ද, ඒ කාමරතිය දැන් මට අරතියකි.
Pali BJT235. සබ්බත්ථ විහතා නන්දි තමොක්ඛන්ධො පදාලිතො, එවං ජානාහි පාපිම නිහතො ත්වමසි අන්තකාති.
Sinhala BJT235. සියලු තැන්හි නන්‍දි සඞ්ඛ්‍යාත තෘෂ්ණාව නසන ලදු. තම ස්කන්‍ධ ප්‍රදාලන කරනලද, පවිට, මෙසේ දනුව, අන්තකය, තෝ මා විසින් පෙළනලදුයෙහි.
Pali BJTඉත්ථං සුදං උප්පලවණ්ණා ථෙරී ගාථායො අභාසීති.
Sinhala BJTමෙසේ උප්පලවණ්ණා තෙරැණිය ...
Pali BJTඋප්පලවණ්ණාථෙරීගාථා.
Sinhala BJTඋත්පලවණ්ණා ථේරීගාථා යි.
Pali BJTද්වාදසනිපාතො නිට්ඨිතො.
Sinhala BJTද්වාදශනිපාතය නිමි.
Pali BJT16. සොළසනිපාතො.
Sinhala BJT16. ෂෝඩශනිපාතය
Pali BJT16. 1.
Sinhala BJT16. 1.
Pali BJT236. උදකමාහරිං{1} සීතෙ සදා උදකමොතරිං, අය්යානං දණ්ඩභයභීතා වාචාදොසභයට්ටිතා.
Sinhala BJT236. ස්වාමි දරුවන්ගේ දඬුවම් බියෙන් බිය ව, වාග්දණ්ඩභීතියෙන් හා (ස්වකීය) දෝෂභීතියෙන් ද පීඩිතව, (මම්) හැම කල්හි සීතයෙහිදු දිය අළිමි. දියට බටිමි.
Pali BJT237. කස්ස බ්රාහ්මණ ත්වං භීතො සදා උදකමොතරි, වෙධමානෙහි ගත්තෙහි සීතං වෙදයසෙ භුසං.
Sinhala BJT237. බමුණාණෙනි, තෙපි කවරක් හට බියපත් වූවහු හැම කල (උදය-සවස) දියට බටහු ද, සැලෙන ගාත්‍රයෙන් යුතු ව අධික වූ සිහිල් දුක් විඳිහු ද.
Pali BJT238. ජානන්තී වත මං හොති පුණ්ණිකෙ පරිපුච්ඡසි, කරොන්තං කුසලං කම්මං රුන්ධන්තං කත පාපකං.
Sinhala BJT238. භවතිය පුණ්ණාවෙනි, කළ පව්කම් වළහන (දියෙහි ගැලීමෙන්) කුසලය රැස්කරන මා දන්නී මැ විචාරව.
Pali BJT239. යො ච වුද්ධො දහරො වා පාපකම්මං පකුබ්බතී, දකාභිසෙචනා සොපි පාපකම්මා පමුච්චති.
Sinhala BJT239. මහල්ලෙක් වේවයි තරුණයෙක් වේවයි යම් කිසිවෙක් පව්කම් බෙහෙවින් කෙරේ ද හෙතෙමේත් ජලස්නාන හේතුයෙන් පව්කමින් අතිශයින් මිදේ.
Pali BJT240. කොනු තෙ ඉදමක්ඛාසි අජානන්තස්ස අජානකො, දකාභිසෙචනා නාම පාපකම්මා පමුච්චති.
Sinhala BJT240. (කර්‍මවිපාක) නො දත් තොපට ජලස්නානයෙන් පව් කමින් මිදෙයි’ යන මෙ කරුණ (කර්‍මවිපාක) නො දත් කවරෙක් පැවැසී ද.
Pali BJT241. සග්ගං නූන ගමිස්සන්ති සබ්බෙ මණ්ඩුකකච්ඡපා, නක්කා ච සුංසුමාරා ච යෙ චඤ්ඤෙ උදකෙ චරා.
Sinhala BJT241. හැම මඬු - කැසබුවෝ ද කිඹුල්ලු ද සුංසුමාරයෝ ද අන්‍ය වූත් යම් ජලචර කෙනෙක් වෙත් නම් ඔහු දු ඒකාන්තයෙන් ස්වර්‍ගයට යන්නාහ යි සිතම්.
Pali BJT242. ඔරබ්භිකා සූකරිකා මච්ඡකා මිගබන්ධකා, චොරා ච වජ්ඣඝාතා ච යෙචඤ්ඤෙපාපකම්මිනො, දකාභිසෙචනා තෙපි පාපකම්මා පමුච්චරෙ.
Sinhala BJT242. එළුවන් මරන්නෝ ද හූරුවැද්දෝ ද කෙවුළෝ ද මුවවැද්දෝ ද සොරු ද වධ්‍යඝාතකයෝ (අළුගොසුවෝ) ද අන්‍ය වූත් පව්කම් ඇති යම් කෙනෙක් වෙත් නම්, ඔහුදු ජලස්නානයෙන් පව්කමින් මිදෙන්නාහ.
Pali BJT243. සචෙ ඉමා නදියො තෙ පාපං පුබ්බෙ කතං වහුං, පුඤ්ඤානිමානි වහෙය්යුං තෙන ත්වං පරිබාහිරො.
Sinhala BJT243. ඉදින් මේ (අචිරවතී ආදී) නදීහු තොප විසින් පෙර කළ පව් බැහැර කරන්නාහු නම්, මේ නදීහු (තොප කළ) පින ද බැහැර කරන්නාහු ය, (එකල) තෙපි ඒ පිනෙනුදු බැහැර වූවාහු ය.
Pali BJT244. යස්ස බ්රාහ්මණ ත්වං භීතො සදා උදකමොතරි, තමෙව බ්රහ්මෙ මාකාසි මා තෙ සීතං ඡවිං හනී.
Sinhala BJT244. බමුණාණෙනි, තෙපි යම් පාපයෙකින් බියපත් වූවාහු හැම කලැ උදකාවගාහන කරහු ද, බමුණාණෙනි, ඒ පාපය මැ නහමක් කළ මැනවි. (මෙබඳු) සීතය තොපගේ සිරුරෙහි සිවිය නහමක් පෙළාවා.
Pali BJT245. කුම්මග්ගං පටිපන්නං මං අරියමග්ගං සමානයි, උදකාභිසෙචනා භොති ඉමං සාටං දදාමි තෙ.
Sinhala BJT245. පින්වතිය, නොමඟට පිළිපන් මා දියෙහි ගැලීමෙන් බැහැර කොට ආර්‍ය්‍යමාර්‍ගයට පැමිණවී. (එහෙයින්) මේ සළුව තුටුපඬුරු කොට තොපට දෙමි.
Pali BJT246. තුය්හෙව සාටකො හොතු නාහං ඉච්ඡාමි සාටකං, සචෙ භායසි දුක්ඛස්ස සචෙ තෙ දුක්ඛමප්පියං.
Sinhala BJT246. සළුව තොපට මැ වේවා, මම් සළුව නො රිසි වෙමි, ඉදින් තෙපි දුකට බියවවු නම්, ඉදින් තොපට දුක අප්‍රිය වී නම්-
Pali BJT247. මාකාසි පාපකං කම්මං ආවී වා යදි වා රහො, සචෙ ච පාපකං කම්මං කරිස්සසි කරොසි වා.
Sinhala BJT247. ප්‍රකටභාවයෙන් නො පිළිසන් ව හෝ නොහොත් රහසි ව පිළිසන් කොට පව්කම් නහමක් කරව. ඉදින් පව්කම් මතු කරන්නෙහි හෝ දැන් කෙරෙහි හෝ නම්-
Pali BJT248. න තෙ දුක්ඛා පමුත්ත්යත්ථි උපෙච්චාපි පලායතො, සචෙ භාසසි දුක්ඛස්ස සචෙ තෙ දුක්ඛමප්පියං.
Sinhala BJT248. දැනගෙන පලායන්නා වූද තොපට දුකින් මිදීමෙක් නැති. ඉදින් තෙපි දුකට බිය වවු නම් ඉදින් තොපට දුක අප්‍රිය වී නම්-
Pali BJT249. උපෙහි සරණං බුද්ධං ධම්මං සඞ්ඝඤ්ච තාදිනං, සමාදියාහි සීලානි තං තෙ අත්ථාය හෙහිති.
Sinhala BJT249. තාදී වූ බුදුන් ද දහම් ද සඟුන් ද සරණ කොට යවු, සිල් සමාදන් වවු, ඒ සරණගමනය හා සීලසමාදානය තොපට වැඩ පිණිස වන්නේ යි.
Pali BJT250. උපෙමි සරණං බුද්ධං ධම්මං සඞ්ඝඤ්ච තාදිනං, සමාදියාමි සීලානි තම්මෙ අත්ථාය හෙහිති.
Sinhala BJT250. මම් තාදී වූ බුදුන් ද දහම් ද සඟුන් ද සරණ කොට යමි, සිල් සමාදන් වෙමි, ඒ මට වැඩ පිණිස වන්නේ ය.
Pali BJT251. බ්රහ්මබන්ධු පුරෙ ආසිං අජ්ජම්හි සච්ච බ්රාහ්මණො, තෙවිජ්ජො වෙදසම්පන්නො සොත්ථියො චම්හි නහාතකොති.
Sinhala BJT251. මම් පෙර (බමුණු කුලෙහි උපන් පමණින්) බ්‍රහ්මබන්‍ධු නම් වීමි, දැන් (බාහිතපාප බැවින්) පරමාර්‍ත්‍ථබ්‍රාහ්මණ වෙමි, අධිගම කළ ත්‍රිවිද්‍යා ඇතියෙමි, මාර්‍ගඥානවේදයෙන් සමන්‍විතයෙමි, සොත්තිය ද නහාතක ද වෙමි’යි.
Pali BJTඉත්ථං සුදං පුණ්ණා ථෙරී ගාථායො අභාසීති.
Sinhala BJTමෙසේ පුණ්ණා තෙරණි ...
Pali BJTපුණ්ණාථෙරීගාථා.
Sinhala BJTපුණ්ණා ථේරීගාථා යි.
Pali BJTසොළසනිපාතො නිට්ඨිතො.
Sinhala BJTෂෝඩශනිපාතය නිමි.
Pali BJT20. වීසතිනිපාතො.
Sinhala BJT20. වීංශතිනිපාතය
Pali BJT20. 1.
Sinhala BJT20. 1.
Pali BJT252. කාළකා භමරවණ්ණසාදිසා වෙල්ලිතග්ගා මම මුද්ධජා අහු, තෙ ජරාය සාණවාකසාදිසා{1} සච්චවාදිවචනං අනඤ්ඤථා.
Sinhala BJT252. (පෙර) මාගේ කේශයෝ කළුපැහැ වූවාහු බඹරුන් බඳු පැහැ ඇති ව අක්බමරු වූහ. දැන් ඔහු ජරාහේතුයෙන් සණවැහැරි බඳු වූහ. සත්‍යවාදී වූ සම්බුදුන්ගේ වචනය අන් පරිදි නො වේ.
Pali BJT253. වාසිතොව සුරභීකරණ්ඩකො පුප්ඵපූර{2} මම උත්තමඞ්ගජො, තං ජරාය සසලොමගන්ධිකං සච්චවාදිවචනං අනඤ්ඤථා.
Sinhala BJT253. මලින් ගවසන ලද මාගේ කෙස්කලබ පෙර සුවඳකැවූ පහයින් පේළාවක් බඳු විය. දැන් ජරාහේතුයෙන් සාලොම්ගඳ හමනු වෙයි. සත්‍යවාදී වචන අනන්‍යථා වේ.
Pali BJT254. කානනං’ව සහිතං සුරොපිතං කොච්ඡසූචිවිචිතග්ගසොභිතං, තං ජරාය විරලං තහිං තහිං සච්චවාදිවචනං අනඤ්ඤථා.
Sinhala BJT254. මොනොවට රෝපණය කළ හැසුණු ගෙවුයනක් බඳු වූ පණාවෙන් හා රන්හිඳින් හා අවුල් හැර සකස් කළ අග් ඇති ව හොබවන ලද ඒ කෙස්කලබ දැන් ජරාහේතුයෙන් තන්හි තන්හි විරල ව වැටුණු කෙස් ඇති වෙයි, සත්‍යවාදී බුදුන්ගේ වචනය අනන්‍යථා වේ.
Pali BJT255. කණ්හඛන්ධනසුවණ්ණමණ්ඩිතං සොභතෙ{3} සුවෙණීහි ලඞ්කතං, තං ජරාය ඛජිතං සිරං කතං සච්චවාදිවචනං අනඤ්ඤථා.
Sinhala BJT255. රන්විදුරු ආදියෙන් සරසන ලද කළු කෙස්වැටිය පෙර මොනොවට ගෙතීමෙන් හොබනේ විය, දැන් එය ජරාහේතුයෙන් ඛල්ලාට ශීර්‍ෂ වෙයි, සත්‍යවාදීන්ගේ වචනය අනන්‍යථා වේ.
Pali BJT256. චිත්තකාරසුකතාව ලෙඛිකා සොභරෙ සුභමුකා පුරෙ මම, තා ජරාය වලීහි පලම්බිතා සච්චවාදිවචනං අනඤ්ඤථා.
Sinhala BJT256. පෙර මාගේ හොබනා දෙබැම සිත්තරකු විසින් (නිල්පැහැයෙන්) මොනොවට අඳනාලද රේඛාවක් මෙන් ශෝභමාන විය, දැන් ජරා හේතුයෙන් ඒ දෙබැම නළලත්හි රැලියෙන් එල්බෙමින් සිටියා වෙයි, සත්‍යවාදීවචනය අනන්‍යථා වේ.
Pali BJT257. භස්සරා සුරුචිරා යථා මණි නෙත්තා’හෙසුං අභිනීලමයතා, තෙ ජරාය’භිහතා න සොභරෙ සච්චවාදිවචනං අනඤ්ඤථා.
Sinhala BJT257. අභිනීල ව දික් වූ මාගේ නේත්‍රයෝ පෙර නිල්මිණි මෙන් ප්‍රභාස්වර වූවාහු ඉතා සිත්කලු වූහ, දැන් ඔහු ජරායෙන් මඩනාලද්දාහු නො හොබිත්, සත්‍යවාදී වූ බුදුන්ගේ වදන් අනන්‍යථා වේ.
Pali BJT258. සණ්හතුඞ්ගසදිසී ච නාසිකා සොභතෙ{4} සු අභියොබ්බනං පති සා ජරාය උප්පකූලිතා විය සච්චවාදිවචනං අනඤ්ඤථා.
Sinhala BJT258. සොඳුරු නවයොවුනෙහි මාගේ නැහැය සිලුටු ව උස් ව (සෙසු මුඛාවයවයනට) අනුරූප ව හොබනී විය, ඕ දැන් ජරා හේතුයෙන් හැකුළුණාක් මෙනි, සත්‍යවාදීවචනය අනන්‍යථා වේ.
Pali BJT259. කඞ්කණං’ව සුකතං සුනිට්ඨිතං සොභරෙ සු මම කණ්ණපාලියො තා ජරාය වලීහි පලම්බිතා සච්චවාදිවචනං අනඤ්ඤථා.
Sinhala BJT259. පිරියම් කළ මොනවට නිමවන ලද රන්වළල්ලක් මෙන් මාගේ කන් පෙති පෙර සෝභමාන වී දැන් ඔහු ජරාහේතුයෙන් හටගත් රැලි ඇති ව එලෙන්නාහු වෙති, සත්‍යවාදී බුදුන්ගේ වදන් අනන්‍යථා වේ.
Pali BJT260. පත්තලීමකුලවණ්ණසාදිසා සොභරෙ සුදන්තා පුරෙ මම තෙ ජරාය ඛණ්ඩිතා ච පීතකා{5} සච්චවාදිවචනං අනඤ්ඤථා.
Sinhala BJT260. පෙර මාගේ මනා දන්තයෝ කඳලමුහුලු බඳු පැහැසටහන් ඇතිව සෝභමාන වූහ. දැන් ඔහු ජරාහේතුයෙන් කැඩුණාහු ද කසාවන් වූවාහු ද වෙති, සත්‍යවාදීන්ගේ වදන් අනන්‍යථා වේ.
Pali BJT261. කානනම්හි වනසණ්ඩචාරිනී කොකිලාව මධුරං නිකූජිහං තං ජරාය ඛලිතං තහිං තහිං සච්චවාදිවචනං අනඤ්ඤථා.
Sinhala BJT261. වෙනෙහි වනළැහැප්හි හැසිරෙන කෙවිලියක මෙන් පෙර මම මිහිරි කොට බිණීමි, දැන් ඒ ආලාපය ජරාහේතුයෙන් තන්හි තන්හි පැකිලෙනු වෙයි, සත්‍යවාදී බුදුවදන් අනන්‍යථා වේ.
Pali BJT262. සණ්හකම්බුරිව සුප්පමජ්ජිතා සොභතෙව සුගීවා පුරෙ මම සා ජරාය භග්ගා විනාමිතා සච්චවාදිවචනං අනඤ්ඤථා.
Sinhala BJT262. පෙර මාගේ මනා ගෙල මොනොවට පිරිසිදු කළ සිලිටි රන්සකක් සෙයින් සෝභමාන විය. දැන් එය ජරාහේතුයෙන් භග්න ව නැමුණේ වෙයි, සත්‍යවාදීන්ගේ වචනය අනන්‍යථා වේ.
Pali BJT263. වට්ටපලිඝසදිසොපමා උභො සුසොභරෙ සුබාහා පුරෙ මම තා ජරාය යථා පාටලිප්පලිතා සච්චවාදිවචනං අනඤ්ඤථා.
Sinhala BJT263. පෙර මාගේ දෙබාහුව වට වූ කනයමක් බඳු ව සෝභමාන විය, දැන් ඒ දෙබාහුව ජරාහේතුයෙන් පැළුණු පළොල් පත්තක් බඳු වී, සත්‍යවාදීන්ගේ වදන් අනන්‍යථා වේ.
Pali BJT264. සණ්හමුද්දිකසුවණ්ණමණ්ඩිතා සොභරෙ සුහත්ථා පුරෙ මම තෙ ජරාය යථ මූලමූලිකා සච්චවාදිවචනං අනඤ්ඤථා.
Sinhala BJT264. පෙර මාගේ සොඳුරු අත් යුවළ රන්මුවා සිලුටු මුදුවලින් විභූෂිත ව සෝභමාන වී, දැන් ජරාහේතුයෙන් ඒ අත් මුලාලකඬ බඳු වී, සත්‍යවාදීන්ගේ වදන් අනන්‍යථා වේ.
Pali BJT265. පීනවට්ට සහිතුග්ගතා උභො සොභරෙ සුථනකා පුරෙ මම ථෙවිකීව ලම්බන්ති නොදකා සච්චවාදිවචනං අනඤ්ඤථා.
Sinhala BJT265. පෙර මාගේ සොඳුරු පියොයුරු යුවළ හැසී වට ව (උනුන්) එක් ව උඩුමුව ව සෝභමාන වී, දැන් දියගිලිහුණු පෙරහන්කඩ සෙයින් එල්බෙයි, සත්‍යවාදී වූ බුදුරදුන්ගේ වදන් අනන්‍යථා වේ.
Pali BJT266. කඤ්චනස්ස ඵලනංව සුමට්ටං සොභතෙ සුකායො පුරෙ මම සො වලීහි සුඛුමාහි ඔතතො සච්චවාදිවචනං අනඤ්ඤථා.
Sinhala BJT266. පෙර මාගේ සොඳුරු වූ කය (දැහිගුල් තවරා) මොනොවට පිරිමදනාලද රන්පුවරුවක් සෙයින් හොබනේ විය, දැන් ඒ කය සියුම් රැලියෙන් (තැන තැන) පැතුරුණේ විය, සත්‍යවාදී බුදුන්ගේ වදන් අනන්‍යථා වේ.
Pali BJT267. නාගභොගසදිසොපමා උභො සොභරෙ සුඌරු පුරෙ මම තෙ ජරාය යථ වෙළුනාළියො සච්චවාදීවචනං අනඤ්ඤථා.
Sinhala BJT267. පෙර මාගේ සොඳුරු දෙකලවේ ඇත්සොඬ බඳු ව සෝභමාන වී, දැන් ඒ දෙකලවේ ජරාහේතුයෙන් හුණදඬු බඳු වෙයි, සත්‍යවාදී බුදුන්ගේ වදන් අනන්‍යථා වේ.
Pali BJT268. සණ්හනූපුරසුවණ්ණමණ්ඩිතා සොභරෙ සුජඞ්ඝා පුරෙ මම තා ජරාය තිලදණ්ඩකාරිව සච්චවාදිවචනං අනඤ්ඤථා.
Sinhala BJT268. පෙර මාගේ සොඳුරු වූ දෙදඟ රන්මුවා සිලුටු නුරුවළායෙන් විභූෂිත ව සෝභමාන වී, දැන් ජරාහේතුයෙන් ඒ දෙදඟ තලදඬු මෙන් වෙයි, සත්‍යවාදී වූ බුදුන්ගේ වදන් අනන්‍යථා වේ.
Pali BJT269. තූලපුණ්ණසදිසොපමා උභො සොභරෙ සුපාදා පුරෙ මම තෙ ජරාය ඵුටිතා වලීමතා සච්චවාදිවචනං අනඤ්ඤථා.
Sinhala BJT269. පෙර මාගේ සොඳුරු දෙපාදයෝ හිඹුල්පුළුන් පුරවන ලද්දවුන් මෙන් සෝභමාන වූහ, දැන් ඒ පාදයෝ ජරාහේතුයෙන් පැළුණාහු හටගත් රැළි ඇත්තාහු වෙති, සත්‍යවාදී බුදුන්ගේ වදන් අනන්‍යථා වේ.
Pali BJT270. එදිසො අහු අයං සමුස්සයො ජජ්ජරො බහු දුඛානමාලයො සොපලෙපපතිතො ජරාඝාරො සච්චවාදිවචනං අනඤ්ඤථා.
Sinhala BJT270. මාගේ මේ සිරුර මෙබඳු (යථෝක්තප්‍රකාර) විය, දැදුරු වූයේ (ජරාදිහේතුක වූ) බොහෝ දුකට වාසස්ථාන විය, ඒ කය ආලේප රහිත වැ වැටීමට ළංවූ දිරූ ගෙයක් බඳු වෙයි, නොහොත් ජරාවට ගෘහ වෙයි, අවිතථවාදී වූ සම්මාසම්බුදුන්ගේ වචනය අන් පරිද්දෙකින් නො වේ.
Pali BJTඉත්ථං සුදං අම්බපාලී ථෙරී ගාථායො අභාසීති.
Sinhala BJTමෙසේ අම්බපාලී තෙරැණී ...
Pali BJTඅම්බපාලිථෙරීගාථා.
Sinhala BJTඅම්බපාලී ථේරීගාථා යි.
Pali BJT20. 2.
Sinhala BJT20. 2.
Pali BJT271. සමණාති භොති ත්වං සයසි{1} සමණාති පටිබුජ්ඣසි{2} සමණානමෙව{3} කිත්තෙසි සමණී නූන භවිස්සසි.
Sinhala BJT271. භවතිය, නුඹ ‘සමණා’ (ශ්‍රමණයහ) යි කියමින් නිදව, ‘සමණා’යි කියමින් පිබිදෙව, (හැම කල) මහණුන් මැ නොහොත් මහණුන්ගේ ගුණ මැ පසසව, (සිතින්) මෙහෙණක් මැ යයි සිතම්.
Pali BJT272. විපුලං අන්නඤ්ච පානඤ්ච සමණානං පයච්ඡසි{4} රොහිණී’දානි පුච්ඡාමි කෙන තෙ සමණා පියා?
Sinhala BJT272. බොහෝ ආහාර පාන ද මහණුනට දෙව, දරුව රෝහිණිය, දැන් තී පුළුවුස්මි, කුමක් හෙයින් නුඹට ශ්‍රමණයෝ ප්‍රිය වෙත් ද?
Pali BJT273. අකම්මකාමා අලසා පරදත්තොපජීවිනො ආසංසුකා සාදුකාමා කෙන තෙ සමණා පියා?
Sinhala BJT273. (ඔහු තමහට ද පරහට ද වැඩදා) කිසිවක් නො කරනු රිසියහ, කුසීතයෝ යැ, පරා දුන් දැයින් මැ දිවිවටන සුල්ලහ, (එහෙයින් ම බත් වත් ආදිය) පතා සිටුනාහ, මිහිරි දැය මැ රිසියහ, කුමක් හෙයින් නුඹට ශ්‍රමණයෝ ප්‍රිය වෙත් ද?