Therīgāthā

Verses of the Elder Nuns

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

Showing entries 301-400 of 777

SegmentPali BJTSinhala BJT
Pali BJT136. සචිත්තං{7} පටිලද්ධාන වන්දිත්වාන උපාවිසිං සො මෙ ධම්මමදෙසෙසි අනුකම්පාය ගොතමො.
Sinhala BJT136. පියවි සිත් ලැබ වැඳ ඔබ කරා එළැඹුමු, ඒ ගොයුම්ගොත් බුදුහු මට අනුකම්පායෙන් දහම් දෙසූසේක.
Pali BJT137. තස්ස ධම්මං සුණිත්වාන පබ්බජිං අනගාරියං යුඤ්ජන්තී සත්ථු වචනෙ සච්ඡාකාසිං පදං සිවං.
Sinhala BJT137. ඔබගේ දහම් අසා සසුන්හි පැවිදි වූමු. බුද්ධ වචනයෙහි (භාවනානුයෝග වශයෙන්) යෙදෙමින් නිර්‍වාණ පදය පසක් කළමු.
Pali BJT138. සබ්බෙ සොකා සමුච්ඡින්නා පහීනා එතදන්තීකා පරිඤ්ඤාතා හි මෙ වත්ථු යතො සොකානසම්භවො.
Sinhala BJT138. තෙල නිවන කෙළවර කොට ඇති සියලු ශෝකයෝ මුලුසුන්හ. ප්‍රහීණයහ. යම් වස්තුයෙක ශෝකසම්භවය වේ ද, මා විසින් ඒ වස්තූහු ත්‍රිවිධ පරිඥායෙන් දන්නා ලදහ.
Pali BJTඉත්ථං සුදං වාසෙට්ඨි ථෙරී ගාථායො අභාසීති.
Sinhala BJTමෙසෙයින් වාසෙට්ඨි මෙහෙණ ගාථා කිවු ය.
Pali BJTවාසෙට්ඨිථෙරිගාථා.
Sinhala BJTවාසෙට්ඨි ථේරීගාථා යි.
Pali BJT6. 3.
Sinhala BJT6. 3.
Pali BJT139. දහරා ත්වං රූපවතී අහම්පි දහරො යුවා, පඤ්චඞ්ගිකෙන තුරුයෙන එහි ඛෙමෙ රමාමසෙ.
Sinhala BJT139. ඛේමාවෙනි, තෝ යොවුන් විය පත් රූපවත්හු. මම ද යොවුන් පත් තරුණයෙමි. එව පසඟතුරුයෙන් රමණය කරම්හ.
Pali BJT140. ඉමිනා පූතිකායෙන ආතුරෙන පභඞ්ගුනා අට්ටියාමි{1} හරායාමි කාමතණ්හා සමූහතා.
Sinhala BJT140. ආතුර වූ බිඳෙන සුලු මේ කුණුකයින් පිළිකුල් කරමි. විළි ඇති කරමි, කාම තෘෂ්ණාවෝ මුලුසුන් කරන ලදහ.
Pali BJT141. සත්තිසූලූපමාකාමා ඛන්ධාසං{2} අධිකුට්ටනා යං ත්වං කාමරතිං බ්රූසි අරති දානි සා මම.{3}
Sinhala BJT141. කාමයෝ සැත්හුල් වැනියහ, ස්කන්‍ධයෝ ඔවුනට මස්ලොඹු වැනියහ, තෝ යම් කාම රතියක් කියෙහි ද, එය දැන් මට අරතියෙකි.
Pali BJT142. සබ්බත්ථ විහතා නන්දි තමොක්ඛන්ධො පදාලිතො එවං ජානාහි පාපිම නිහතො ත්වමසි අන්තක.
Sinhala BJT142. හැම තන්හි තෘෂ්ණා නසන ලදු, මොහඳුරු කඳ පළන ලදි, මාරය, මෙසේ දනුව, මාරය තෝ නටුයෙහි.
Pali BJT143. නක්ඛත්තානි නමස්සන්තා අග්ගිං පරිචරං වනෙ යථාභුච්චං අජානන්තා බාලා සුද්ධිං අමඤ්ඤථ.
Sinhala BJT143. බාලයෝ නකත් වඳනාහු වනයෙහි ගිනිදෙවි පුදනුවෝ යථාභූතාර්‍ත්‍ථය නො දන්නාහු ශුද්ධිය සිතූහු.
Pali BJT144. අහඤ්ච ඛො නමස්සන්තී සම්බුද්ධං පුරිසුත්තමං පරිමුත්තා සබ්බදුක්ඛෙහි සත්ථුසාසනකාරිකාති.
Sinhala BJT144. මමත් පුරුෂෝත්තම සම්‍යක් සම්බුද්ධයන් වඳිමින් බුදුන්ගේ අනුසසුන්කරු වී හැම දුකින් මිදුණුමු.
Pali BJTඉත්ථං සුදං ඛෙමා ථෙරී ගාථායො අභාසීති.
Sinhala BJTමෙසෙයින් ඛේමාථේරී ගාථා කිවු ය.
Pali BJTඛෙමාථෙරීගාථා.
Sinhala BJTඛේමා ථේරීගාථා යි.
Pali BJT6. 4.
Sinhala BJT6. 4.
Pali BJT145. අලඞ්කතා සුවසනා මාලිනී චන්දනුක්ඛිතා සබ්බාභරණසඤ්ඡන්නා දාසීගණපුරක්ඛතා.
Sinhala BJT145. අලඞ්කෘත ව මනා අච්ඡාදන ඇති ව මල්දම් ධර ව චන්‍දනකල්කයෙන් අනුලිප්ත ව සර්‍වාභරණයෙන් ගැවසූ සිරුරු ඇති ව දැසි ගණයා විසින් පුරස්කෘත ව-
Pali BJT146. අන්නං පානඤ්ච ආදාය ඛජ්ජභොජ්ජමනප්පකං ගෙහතො නික්ඛමිත්වාන උය්යානමභිහාරයිං.
Sinhala BJT146. ආහාර හා පානවර්‍ග ද අනල්ප ඛාද්‍ය භෝජ්‍ය ද ගෙන ගෙයින් නික්මැ උයනට එළැවීමි.
Pali BJT147. තත්ථ රමිත්වා කීළිත්වා ආගච්ඡන්ති සකං ඝරං විහාරං දට්ඨුං{4} පවිසිං සාකෙතෙ අඤ්ජනං වනං.
Sinhala BJT147. ඒ උයන්හි රමණය කොට කෙළැ සියගෙට එන මම සාකේත නුවර සමීපයෙහි වූ අඤ්ජනවන විහාරය දක්නට පිවිසීමි.
Pali BJT148. දිස්වාන ලොකපජ්ජොතං වන්දිත්වාන උපාවිසිං. සෙ මෙ ධම්මමදෙසෙසි අනුකම්පාය චක්ඛුමා.
Sinhala BJT148. ලොවට පහන් වැනි බුදුන් දැක වැඳැ ඔබ කරා එළැඹීමි, ඒ පසැස් වූ බුදුහු අනුකම්පායෙන් මට දහම් දෙසූහු.
Pali BJT149. සුත්වා ච ඛො මහෙසිස්ස සච්චං අප්පටිවිජ්ඣහං තත්ථෙව විරජං ධම්මං ඵුස්සයිං අමතං පදං.
Sinhala BJT149. මහර්ෂි බුදුන්ගේ බස් අසා මම සත්‍යප්‍රතිවේධ කළමු, ඒ අසුන්හි මැ විරාග ධර්‍ම සඞ්ඛ්‍යාත අමෘතපදය පසක් කළමු.
Pali BJT150. තතො විඤ්ඤාත සද්ධම්මා පබ්බජිං අනගාරියං තිස්සො විජ්ජා අනුප්පත්තා අමොඝං බුද්ධසාසනං.
Sinhala BJT150. ඉක්බිති දත් දහම් ඇති ව සසුන්හි පැවිදි වීමි. ත්‍රිවිද්‍යාවෝ ලබන ලදහ. බුදුසසුන් නො සිස් වෙයි.
Pali BJTඉත්ථං සුදං සුජාතා ථෙරී ගාථායො අභාසීති.
Sinhala BJTමෙසෙයින් සුජාතාථේරී ගාථා කිවු ය.
Pali BJTසුජාතාථෙරීගාථා.
Sinhala BJTසුජාතා ථේරීගාථා යි.
Pali BJT6. 5.
Sinhala BJT6. 5.
Pali BJT151. උච්චෙ කුලෙ අහං ජාතා බහුවිත්තෙ මහද්ධනෙ වණ්ණරූපෙන සම්පන්නා ධීතා මෙඝස්ස අත්රජා.
Sinhala BJT151. මම බොහෝ තුෂ්ටිජනක ද්‍රව්‍ය ඇති මහද්ධන ඇති උදාර වූ වෛශ්‍යකුලයෙහි උපන්මු. වර්‍ණයෙන් හා රූපයෙන් සම්පන්න වැ මේඝ නම් සිටු හට උරදා දුවක් වූමු.
Pali BJT152. පත්ථිතා රාජපුත්තෙහි සෙට්ඨිපුත්තෙහි භිජ්ඣිතා{1} පිතු මෙ පෙසයී දූතං දෙථ මය්හං අනොපමං.
Sinhala BJT152. රජ දරුවන් විසින් පතන ලදුමු, සිටු දරුවන් විසින් කැමති වන ලදුමු, “මට අනෝපමා දුව දෙව”යි මාපිය හට දූතයකු එවී.
Pali BJT153. යත්තකං තුලිතා එසා තුය්හං ධීතා අනූපමා. තතො අට්ඨගුණං දස්සං හිරඤ්ඤං රතනානි ච.
Sinhala BJT153. තොපගේ දූ වූ තෙල අනෝපමාව යම්තාක් ධන වටතී තුලනා කරන ලදු ද, එයට වඩා අටගුණයක් හිරණ්‍ය හා රත්න දෙමි, කියා යි.
Pali BJT154. සාහං දිස්වාන සම්බුද්ධං ලොකජෙට්ඨං අනුත්තරං තස්ස පාදානි වන්දිත්වා එකමන්තං උපාවිසිං.
Sinhala BJT154. ඒ මට ලෝකජ්‍යේෂ්ඨ වූ අනුත්තර වූ සම්බුදුන් දැක ඔබගේ පා වැඳ එකත්පස් වැ හුනුමු.
Pali BJT155. සො මෙ ධම්මමදෙසෙසි අනුකම්පාය ගොතමො නිසින්නා ආසනෙ තස්මිං ඵුස්සයිං{2} තතියං ඵලං.
Sinhala BJT155. ඒ ගොයුම්ගොත් බුදුහු අනුකම්පායෙන් මට දහම් දෙසූහු, ඒ අසුන්හි හුන් මම අනගැමිඵල පසක් කළමු.
Pali BJT156. තතො කෙසානි ඡෙත්වාන පබ්බජිං අනගාරියං අජ්ජ මෙ සත්තමී රත්ති යතො තණ්හා විසොසිතා.
Sinhala BJT156. ඉක්බිති කෙස් බහා සසුන්හි පැවිදි වූමු, යම් දිනෙක තෘෂ්ණා නස්නා ලදු ද, එතැන් සිට මට අද සත්වන දිනය යි.
Pali BJTඉත්ථං සුදං අනොපමා ථෙරී ගාථායො අභාසීති.
Sinhala BJTමෙසෙයින් අනෝපමාථේරී ගාථා කිවු ය.
Pali BJTඅනොපමාථෙරීගාථා.
Sinhala BJTඅනෝපමා ථේරීගාථා යි.
Pali BJT6. 6.
Sinhala BJT6. 6.
Pali BJT157. බුද්ධවීර නමොත්යත්ථු සබ්බසත්තානමුත්තම යො මං දුක්ඛා පමොචෙසි අඤ්ඤඤ්ච බහුකං ජනං
Sinhala BJT157. යමෙක් සසරදුකින් මා හා අන්‍ය බොහෝ ජනයාත් මුදාලී ද සර්‍ව සත්‍වෝත්තම වූ බුද්ධවීරයන් වහන්ස, ඒ තොප වහන්සේට නමස්කාර වේවා!
Pali BJT158. සබ්බදුක්ඛං පරිඤ්ඤාතං හෙතුතණ්හා විසොසිතා භාවිතො අට්ඨඞ්ගිකො{3} මග්ගො නිරොධෙ ඵුසිතො මයා
Sinhala BJT158. මා විසින් හැම දුක් සර්‍වාකාරයෙන් දන්නා ලද, හේතු තෘෂ්ණාව නස්නා ලදු, අරිඅටඟිමඟ ද නිරෝධය ද ඥානස්පර්‍ශයෙන් පහස්නා ලදි.
Pali BJT159. මාතා පුත්තො පිතා භාතා අය්යකා ච පුරෙ අහුං යථාභුච්චං අජානන්තී සංසරීහං අනිබ්බිසං.
Sinhala BJT159. මම (ප්‍රවෘත්ති හේතු ආදි) යථාභූතාර්‍ත්‍ථය නො දන්මින් සසරමුහුදෙහි පිහිටක් නො ලබමින් අපරාපරොත්පත්ති විසින් සැරිසැරීමි. අතීතයෙහි වරෙක මවු වූමු, වරෙක පුත් වූමු, වරෙක පිය වූමු වරෙක සොහොයුරු වූමු, වරෙක මුත්නු වූමු.
Pali BJT160. දිට්ඨො හි මෙ සො භගවා අන්තිමො’යං සමුස්සයො වික්ඛීණො ජාතිසංසාරො නත්ථි දානි පුනබ්භවො.
Sinhala BJT160. මා විසින් ඒ භාග්‍යවතුන් වහන්සේ නුවණැසින් දක්නා ලදහ. මේ අන්තිම දේහය වෙයි. ජාති සංසාරය ක්‍ෂීණ විය. දැන් පුනර්‍භවයෙක් නැත.
Pali BJT161. ආරද්ධවිරියෙ පහිතත්තෙ නිච්චං දළ්හපරක්කමෙ සමග්ගෙ සාවකෙ පස්සෙ එසා බුද්ධාන වන්දනා.
Sinhala BJT161. රුකුළු වැර ඇති නිවනට මෙහෙයූ සිත් ඇති සතතයෙන් දෘඪ පරාක්‍රම ඇති ශීලාදීන් සමග ව සිටි සව්වන් දකුමු. තෙල වන්‍දනා ඒ බුදුනට වෙයි.
Pali BJT162. බහුන්නං{4} වත අත්ථාය මායා ජනයි ගොතමං ව්යාධිමරණතුන්නානං දුක්ඛක්ඛන්ධ ව්යපානුදී’ති
Sinhala BJT162. මහාමායා තොමෝ බොහෝ දෙනාට වැඩ පිණිස මැ ගොයුම්ගොත් බුදුන් ප්‍රසව කළා (එසේ මැ යැ) ව්‍යාධි මරණ දෙකින් පෙළෙනුවන්ගේ දුඃඛරාශිය බැහැර කළේ යි.
Pali BJTඉත්ථං සුදං මහාපජාපතිගොතමි ථෙරී ගාථායො අභාසීති.
Sinhala BJTමෙසෙයින් මහාප්‍රජාපතී ගෝතමී මෙහෙණ ගාථා කිවු ය.
Pali BJTමහාපජාපතීගොතමීථෙරීගාථා.
Sinhala BJTමහාප්‍රජාපතී ගෝතමී ථේරීගාථා යි.
Pali BJT6. 7.
Sinhala BJT6. 7.
Pali BJT163. ගුත්තෙ යදත්ථං පබ්බජ්ජා හිත්වා පුත්තං පසුං පියං තමෙව අනුබ්රූහෙහි මා චිත්තස්ස වසං ගමී.
Sinhala BJT163. ගුත්තාවෙනි, ප්‍රිය වූ පුතු ද වස්තුව ද හැරපියා යම් ක්ලේශපරිනිර්‍වාණ ස්කන්‍ධ පරිනිර්‍වාණයක් සඳහා බ්‍රම්සරවස් කැමතිවන ලද ද එය මැ පුනපුනා වඩව, චිත්තවශයට නහමක් යා.
Pali BJT164. චිත්තෙන චඤ්චිතා සත්තා මාරස්ස විසයෙ රතා අනෙකජාතිසංසාරං සන්ධාවන්ති අවිද්දසූ.
Sinhala BJT164. චිත්තයා විසින් නුළු කරනලද අවිද්වත් සත්ත්‍වයෝ මාරයාගේ විෂයෙහි ඇලුණාහු නොයෙක් ජාතිසංසාරයෙහි දිවෙති.
Pali BJT165. කාමච්ඡන්දඤ්ච ව්යාපාදං සක්කායදිට්ඨිමෙව ච සීලබ්බතපරාමාසං විචිකිච්ඡඤ්ච පඤ්චමං.
Sinhala BJT165. කාමච්ඡන්‍දය ව්‍යාපාදය සත්කායදෘෂ්ටිය ශීලව්‍රතපරාමර්‍ශය පස්වැනි විචිකිත්සා යි.
Pali BJT166. සඤ්ඤොජනානි එතානි පජහිත්වාන භික්ඛුනී, ඔරමාගමනීයානි නයිදං පුනරෙහිසි.
Sinhala BJT166. කාමධාතුවට පමුණුවන්නට නිසි තෙල සංයෝජනයන් අනගැමි මඟින් හැරපියා මෙහෙණ නැවත මේ භවයට නො ඒ.
Pali BJT167. රාගං මානං අවිජ්ජඤ්ච උද්ධච්චඤ්ච විවජ්ජිය, සඤ්ඤොජනානි ඡෙත්වාන දුක්ඛස්සන්තං කරිස්සසි.
Sinhala BJT167. රූපාරූපරාග ද මානය ද අවිද්‍යා ද ඖද්ධත්‍යය ද හැර පඤ්ච උද්ධම්භාගිය සංයෝජනයනුදු සිඳ දුක් කෙළවර කරව.
Pali BJT168. ඛෙපෙත්වා ජාතිසංසාරං පරිඤ්ඤාය පුනබ්භවං දිට්ඨෙව ධම්මෙ නිච්ඡාතා උපසන්තා චරිස්සසීති.
Sinhala BJT168. ජාතිසංසාරය ක්‍ෂය කොට පුනර්‍භවය පිරිසිඳ ගෙන ඉහාත්මයෙහි ම නිස්තෘෂ්ණ වැ උපශාන්ත වැ ඉරියව් පවත්ව.
Pali BJTඉත්ථං සුදං ගුත්තා ථෙරී ගාථායො අභාසීති.
Sinhala BJTමෙසෙයින් ගුත්තා මෙහෙණ ගාථා කිවු යැ.
Pali BJTගුත්තාථෙරීගාථා.
Sinhala BJTගුත්තා ථේරීගාථා යි.
Pali BJT6. 8.
Sinhala BJT6. 8.
Pali BJT169. චතුක්ඛත්තුං පඤ්චක්ඛත්තුං විහාරා උපනික්ඛමිං අලද්ධා චෙතසො සන්තිං චිත්තෙ අවසවත්තිනී.
Sinhala BJT169. චිත්තයෙහි අවශවර්තී වැ චිත්තශාන්තිය නො ලදින් සතර පස් වරක් විහාරයෙන් නික්ම ගියමු.
Pali BJT170. භික්ඛුනිං උපසඞ්කම්ම සක්කච්චං පරිපුච්ඡහං, සා මෙ ධම්මමදෙසෙසි ධාතු ආයතනානි ච.
Sinhala BJT170-171. ඛේමා මෙහෙණ කරා එළඹ මම සකසා පරිපෘච්ඡා කළමු. මට නිර්‍වාණප්‍රාප්තිය සඳහා ධාතු ආයතනයෝ යැ චතුරාර්‍ය්‍ය සත්‍යයෝ යැ ශ්‍රද්ධාදි ඉන්‍ද්‍රියයෝ යැ ශ්‍රද්ධාදි බලයෝ යැ බෝධ්‍යඞ්ග හා අෂ්ටාඞ්ගිකමාර්‍ග යැ යන දහම් දෙසූ.
Pali BJT171. චත්තාරි අරියසච්චානි ඉන්ද්රියානි බලානි ච බොජ්ඣඞ්ගට්ඨඞ්ගිකං මග්ගං උත්තමත්ථස්ස පත්තියා.
Sinhala BJTSegment missing in this edition
Pali BJT172. තස්සාහං වචනං සුත්වා කරොන්තී අනුසාසනිං, රත්තියා පුරිමෙ යාමෙ පුබ්බජාතිමනුස්සරිං.
Sinhala BJT172. මම ඇයගේ බස් අසා අනුසසුන් කරමින් රැය පළමු යමැ පූර්‍වනිවාසානුගත ඥානය සිහි කළමු.
Pali BJT173. රත්තියා මජ්ඣිමෙ යාමෙ දිබ්බචක්ඛුං විසොධයිං, රත්තියා පච්ඡිමෙ යාමෙ තමොක්ඛන්ධං පදාලයිං.
Sinhala BJT173. රැය මැදුම් යමැ දිවැස් ශුද්ධ කළමු. රැය පැසිම් යමැ මෝහස්කන්‍ධය බිඳ ලූමු.
Pali BJT174. පීතිසුඛෙන ච කායං ඵරිත්වා විහරිං තදා, සත්තමියා පාදෙ පසාරෙසිං තමොක්ඛන්ධං පදාලියාති.
Sinhala BJT174. එකලැ ප්‍රීතිසුඛයෙන් නාම කය ස්පර්‍ශ කොට ගෙන වාස කළමු. සත්වන දින මෝහස්කන්‍ධය බිඳපියා පාදප්‍රසාරණ ද කළමු.
Pali BJTඉත්ථං සුදං විජයා ථෙරී ගාථායො අභාසීති.
Sinhala BJTමෙසෙයින් විජයා මෙහෙණ ගාථා කිවු යැ.
Pali BJTවිජයාථෙරිගාථා.
Sinhala BJTවිජයා ථේරීගාථා යි.
Pali BJTඡක්කනිපාතො නිට්ඨිතො.
Sinhala BJTඡක්කනිපාතය නිමි.
Pali BJT7. සත්තකනිපාතො
Sinhala BJT7. සත්තක නිපාතය.
Pali BJT7. 1.
Sinhala BJT7. 1.
Pali BJT175. මුසලානි ගහෙත්වාන ධඤ්ඤං කොට්ටෙන්ති මානවා, පුත්තදාරානි පොසෙන්තා ධනං වින්දන්ති මානවා.
Sinhala BJT175. මනුෂ්‍යයෝ මොහොල් ගෙන ධාන්‍ය කොටති. මනුෂ්‍යයෝ අඹුදරුවන් පුස්නාහු ධනය ලබත්.
Pali BJT176. ඝටෙථ බුද්ධසාසනෙ යං කත්වා නානුතප්පති, ඛිප්පං පාදානි ධොවිත්වා එකමන්තං නිසීදථ.
Sinhala BJT176. යම් අනුශාසනාවක් කොට පසුව නො තැවේ ද ඒ බුද්ධානුශාසනාවෙහි ව්‍යායාම කරව. වහා දෙපා දොවා එකත්පසෙක හිඳගනුව.
Pali BJT177. චිත්තං උපට්ඨපෙත්වාන එකග්ගං සුසමාහිතං, පච්චවෙක්ඛථ සඞ්ඛාරෙ පරතො නො ච අත්තතො.
Sinhala BJT177. සිත එකඟ කොට සුසමාහිත කොට එළවාගෙන සංස්කාරයන් අනාත්ම වශයෙන් ප්‍රත්‍යවේක්‍ෂා කරව, ආත්ම වශයෙන් ප්‍රත්‍යවේක්‍ෂා නො කරව.
Pali BJT178. තස්සාහං වචානං සුත්වා පටාචාරානුසාසනිං, පාදෙ පක්ඛාලයිත්වාන එකමන්තෙ උපාවිසිං.
Sinhala BJT178. මම ඇයගේ මේ පටාචාරානුශාසනා වචනය අසා දෙපා දෙව එකත්පසෙක හිඳගතුමු.
Pali BJT179. රත්තියා පුරිමෙ යාමෙ පුබ්බජාතිමනුස්සරිං. රත්තියා මජ්ඣිමෙ යාමෙ දිබ්බචක්ඛුං විසොධයිං.
Sinhala BJT179. රැය පෙර යමැ පූර්‍වනිවාසය සිහි කළමු. රැය මැදුම් යමැ දිවැස ශුද්ධ කළමු.
Pali BJT180. රත්තියා පච්ඡිමෙ යාමෙ තමොක්ඛන්ධං පදාලයිං, තෙවිජ්ජා අථ වුට්ඨාසිං කතා තෙ අනුසාසනී
Sinhala BJT180. රැය පැසුළුයමැ මෝහස්කන්‍ධය බිඳ ලූමු. ඉක්බිති ත්‍රිවිද්‍යාප්‍රාප්ත වැ නැඟී සිටියමු. තොපගේ අනුසසුන් කළමු.
Pali BJT181. සක්කංව දෙවා තිදසා සඞ්ගාමෙ අපරාජිතා, පුරක්ඛත්වා විහරාමි තෙවිජ්ජම්හි අනාසවාති.
Sinhala BJT181. ත්‍රිදශදෙවියන් සඞ්ග්‍රාමයෙහි ලා දිනූ ශක්‍රයා වට කොට සිටුනාක් සෙයින් පෙරටු කොට ගෙන වාස කරමි. ආස්‍රව රහිත වැ ත්‍රිවිද්‍යාප්‍රාප්ත වැ වාස කරමි.
Pali BJTඉත්ථං සුදං උත්තරා ථෙරී ගාථායො අභාසීති.
Sinhala BJTමෙසෙයින් උත්තරා මෙහෙණ ගාථා කිවු යැ.
Pali BJTඋත්තරාථෙරීගාථා.
Sinhala BJTඋත්තරා ථේරීගාථා යි.
Pali BJT7. 2.
Sinhala BJT7. 2.
Pali BJT182. සතිං උපට්ඨපෙත්වාන භික්ඛුනී භාවිතින්ද්රියා, පටිවිජ්ඣි පදං සන්තං සඞ්ඛාරූපසමං සුඛං,
Sinhala BJT182. කායාදියෙහි සිහි එළවා (ආර්‍ය්‍යමාර්‍ගභාවනායෙන්) භාවිත ශ්‍රද්ධාදි ඉඳුරන් ඇති තෙල මෙහෙණ සර්‍වසංස්කාරයනට උපශම හේතු වූ අත්‍යන්තසුඛ නිර්‍වාණ පදය ප්‍රතිවේධ කළා, (චාලා මෙහෙණ මරුට මෙසේ කිවු යැ)
Pali BJT183. කන්නු උද්දිස්ස මුණ්ඩාසි සමණී විය දිස්සසි, න ච රොචෙසි පාසණ්ඩෙ නිමිදං චරසි මොමුහා.
Sinhala BJT183. (තෙපි) කවරක්හු උදෙසා මුඬු කළහු, මෙහෙණක සෙයින් දක්නහු. පාෂණ්ඩන් නො රුස්නහු, සම්මූඪ වැ කුමට ඇවිදිනහු ද? (මාරයාගේ බසි.)
Pali BJT184. ඉතො බහිද්ධා පාසණ්ඩා දිට්ඨියො උපනිස්සිතා, න තෙ ධම්මං විජතන්ති න තෙ ධම්මස්ස කොවිදා.
Sinhala BJT184. ශාශ්වතාදි දෘෂ්ටින් ඇසුරු කළ පාෂණ්ඩයෝ මෙසස්නෙන් බැහැර වෙති, ඔහු ධර්‍මය නො දනිති, ඔහු ධර්‍මකෝවිද නො වෙති.
Pali BJT185. අත්ථි සක්යකුලෙ ජාතො බුද්ධො අප්පටිපුග්ගලො, සො මෙ ධම්මවදෙසෙසි දිට්ඨිනං සමතික්කමං.
Sinhala BJT185. ශාක්‍යකුලයෙහි ජාත වූ අප්‍රතිපුද්ගල වූ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ කෙනෙක් ඇත, උන් වහන්සේ මට දෘෂ්ටි සමතික්‍රමණොපාය වූ දහමක් දෙසූහ.
Pali BJT186. දුක්ඛං දුක්ඛසමුප්පාදං දුක්ඛස්ස ච අතික්කමං, අරියඤ්චට්ඨඞ්ගිකං මග්ගං දුක්ඛූපසමගාමිනං.
Sinhala BJT186. දුඃඛසත්‍ය යැ දුඃඛසමුදයසත්‍ය යැ දුඃඛනිරෝධසත්‍ය යැ දුක්ඛොපශමය කරා පමුණුවන ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ග සත්‍ය යැ යන මේ යැ.
Pali BJT187. තස්සාහං වචනං සුත්වා විහරිං සාසනෙ රතා, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං
Sinhala BJT187. මම උන් වහන්සේගේ බස් අසා සස්නෙහි ඇලුම් ඇති වැ වාස කළමු, ත්‍රිවිධ විද්‍යාවෝ ලබන ලදහ. බුදුන්ගේ අනුසසුන් කරන ලදි.
Pali BJT188. සබ්බත්ථ විහතා නන්දී තමොක්ඛන්ධෙ පදාලිතො. එවං ජානාහි පාපිම නිහතො ත්වමසි අන්තකාති.
Sinhala BJT188. හැම තැන්හි තෘෂ්ණා නසන ලදු, මෝහස්කන්‍ධය බිඳිනලදී. පවිටු මාරය මෙසේ දනු, අන්තකය තෝ නටුයෙහි.
Pali BJTඉත්ථං සුදං චාලා ථෙරී ගාථායො අභාසීති.
Sinhala BJTමෙසෙයින් චාලා මෙහෙණ ගාථා කිවු යැ.
Pali BJTචාලාථෙරීගාථා.
Sinhala BJTචාලා ථේරීගාථා යි.
Pali BJT7. 3.
Sinhala BJT7. 3.
Pali BJT189. සතිමතී චක්ඛුමතී භික්ඛුනී භාවිතින්ද්රියා, පටිවිජ්ඣි පදං සන්තං අකාපුරිසසෙවිතං.
Sinhala BJT189. ස්මෘතිමත් වූ ප්‍රඥාචක්‍ෂුසින් චක්‍ෂුර්මත් වූ වැඩූ ශ්‍රද්ධාදි ඉඳුරන් ඇති තෙල මෙහෙණ බුද්ධාදි ආර්‍ය්‍යයන් විසින් සෙවුනා ලද ශාන්තපද සඞ්ඛ්‍යාත නිවන ප්‍රතිවේධ කළා, (උපචාලා මෙහෙණ මෙසේ උදන් ඇනූ.)
Pali BJT190. කින්නු ජාතිං න රොචෙසි ජාතො කාමානි භුඤ්ජති, භුඤ්ජාහි කාමරතියො මාහු පච්ඡානුතාපිනී.
Sinhala BJT190. යම්හෙයකින් ජාතිය නො රුස්නහු නම්, එයට කරුණු කිම. උපන්නේ රූපාදි කාමයන් වළඳ කෙරේ. කාමරති වළඳව. පසු වැ නො තැවෙනු වව. (මාරයා කී.)
Pali BJT191. ජාතස්ස මරණං හොති හත්ථපාදානඡෙදනං. වධබන්ධපරික්ලෙසං ජාතො දුක්ඛං නිගච්ඡති.
Sinhala BJT191. උපන්නාහට මරණ වෙයි. (උපන් හෙයින්) අත්පා සිඳුම් වෙයි. ජීවිතහානි මුෂ්ටිප්‍රහාරාදි වධ පරික්ලේශ හා (කාරාගෘහවාසාදි) බන්‍ධ පරික්ලේශ වෙයි, මෙසෙයින් උපන්නේ දුකට පැමිණෙයි.
Pali BJT192. අත්ථ සක්යකුලෙ ජාතො සම්බුද්ධො අපරාජිතො, සො මෙ ධම්මමදෙසෙසි ජාතියා සමතික්කමං.
Sinhala BJT192. ශාක්‍යකුලයෙහි උපන් අපරාජිත වූ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ කෙනෙක් ඇත. උන් වහන්සේ මට ජාති සමතික්‍රමණොපාය වූ දහමක් දෙසූසේක.
Pali BJT193. දුක්ඛං දුක්ඛසමුප්පාදං දුක්ඛස්ස ච අතික්කමං, අරියඤ්චට්ඨඞ්ගිකං මග්ගං දුක්ඛූපසමගාමිනං,
Sinhala BJT193. දුඃඛසත්‍ය යැ දුඃඛසමුදයසත්‍ය යැ දුඃඛනිරෝධසත්‍ය යැ දුඃඛොපශමය කරා පමුණුවන ආර්‍ය්‍යාෂ්ටාඞ්ගික මාර්‍ගසත්‍ය යි.
Pali BJT194. තස්සාහං වචනං සුත්වා විහරං සාසනෙ රතා. සිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT194. මම උන් වහන්සේගේ වචන අසා සස්නෙහි ඇලුම් ඇති වැ වාස කළමු. (මා විසින්) ත්‍රිවිද්‍යා ලබන ලදු. බුදුසසුන් කරන ලදි.
Pali BJT195. සබ්බත්ථ විහතා නන්දි තමොක්ඛන්ධො පදාලිතො, එවං ජානාහි පාපිම නිහතො ත්වමසි අන්තකාති.
Sinhala BJT195. හැම තන්හි නන්‍දි සඞ්ඛ්‍යාත තෘෂ්ණා නසන ලදු. මෝහස්කන්‍ධය පළන ලද්දේ යැ. පවිටු මාරය මෙසේ දනුව. අන්තකය තෝ නටුයෙහි.
Pali BJTඉත්ථං සුදං උපචාලාථෙරී ගාථායො අභාසීති.
Sinhala BJTමෙසෙයින් උපචාලා මෙහෙණ ගාථා කිවු යැ.
Pali BJTඋපචාලාථෙරිගාථා
Sinhala BJTඋපචාලා ථේරීගාථා යි.
Pali BJTසත්තකනිපාතො නිට්ඨිතො.
Sinhala BJTසත්තකනිපාතය නිමි.
Pali BJT8. අට්ඨකනිපාතො.
Sinhala BJT8. අට්ඨකනිපාතය
Pali BJT8. 1.
Sinhala BJT8. 1.
Pali BJT196. භික්ඛුනී සූලසම්පන්නා ඉන්ද්රියෙසු සුසංවුතා, අධිගච්ඡෙ පදං සන්තං අසෙචනකමොජවං.
Sinhala BJT196. පරිශුද්ධශීලයෙන් යුක්ත වූ ඉන්‍ද්‍රියයෙහි මොනොවට සංවෘත වූ මෙහෙණ අව්‍යාසේක වූ ස්වභාවමධුර වූ ශාන්තපද සඞ්ඛ්‍යාත නිර්‍වාණය ලබන්නී යැ. (සිසූපචාලා මෙහෙණ කිවු යැ.)
Pali BJT197. තාවතිංසා ච යාමා ච තුසිතා චාපි දෙවතා. නිම්මාණරතිනො දෙවා යෙ දෙවා වසවත්තිනො, තත්ථ චිත්තං පණිධෙහි තත්ථ තෙ වුසිතං පුරෙ.
Sinhala BJT197. යම් දෙවි කෙනකුන් කෙරෙහි පෙර තී විසින් වාස කරන ලද ද යම් තව්තිසාවැසි දෙවි කෙනෙක් ඇද්ද, යාම දෙවි කෙනෙක් ඇද්ද, තුෂිත දෙවිකෙනෙක් ඇද්ද, නිම්මාණරති දෙවි කෙනෙක් ඇද්ද, වශවර්ති දෙවි කෙනෙක් ඇද්ද ඔවුන් කෙරෙහි සිත් පිහිටුවාලව, (මාරයා කී.)
Pali BJT198. තාවතිංසා ච යාමා ච තුසිතා චාපි දෙවතා, නිම්මාණරතිනො දෙවා යෙ දෙවා වසවත්තිනො.
Sinhala BJT198. තව්තිසාවැසි වූත් යාමවැසි වූත් තුෂිතවැසි වූත්, යම් දෙවි කෙනෙක් ඇද්ද, නිම්මාණරති වැසි යම් දෙවි කෙනෙක් ඇද්ද, යම් වශවර්ති දෙවි කෙනෙක් ඇද්ද, (ඔහු හැම)
Pali BJT199. කාලං කාලං භවාභවං සක්කායස්මිං පුරක්ඛතා, අවීතිවත්තා සක්කායං ජාතිමරණසාරිනො.
Sinhala BJT199. ඒ ඒ කල භවයෙන් භවයෙහි ස්කන්‍ධපඤ්චකයෙහි පුරස්කෘත්‍යකාරීව පිහිටියාහු වෙති. ස්කන්‍ධපඤ්චකය ඉක්ම නොගියාහු ජාතිමරණ අනුව යන්නාහු වෙති.
Pali BJT200. සබ්බො ආදිපිතො ලොකො සබ්බො ලොකො පදීපිතො, සබ්බො පජ්ජලිතො ලොකො සබ්බො ලොකො පකම්පිතො.
Sinhala BJT200. හැම ලොව රාගාදීන් ඇවිළැගත්තේ වෙයි, හැම ලොව එයින් මැ ප්‍රදීප්ත වෙයි, හැම ලොව වෙසෙසින් ජ්වලිත වෙයි. හැම ලොව මෙසේ ප්‍රකම්පිත වෙයි.
Pali BJT201. අකම්පියං අතුලියං අපුථුජ්ජනසෙවිතං, බුද්ධො ච ධම්මං දෙසෙසි තත්ථ මෙ නිරතො මනො.
Sinhala BJT201. සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ කම්පා නො කළ හෙන තුලනා නො කළ හෙන ආර්‍ය්‍යයන් විසින් සෙවුනා ලද නවලොව්තුරා දහම් දෙසූසේක, එහිලා මාගේ සිත නිරත වෙයි.