Therīgāthā

Verses of the Elder Nuns

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 201-300 න් 777

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT74. පිලන්ධනං විදංසෙන්තී ගුය්හං පකාසිකං බහුං, අකාසිං විවිධං මායං උජ්ඣග්ඝන්තී බහුං ජනං.
Sinhala BJT74. ගුහ්‍යස්ථාන ප්‍රකාශ කරන බොහෝ පළඳනා දක්වමින් බොහෝ බාලජනයා (පොළඹවන්නට) උස්හඬින් සිනාසෙමින් විවිධ මායා කළමු.
Pali BJT75. සාජ්ජ පිණ්ඩං චරිත්වාන මුණ්ඩා සඞ්ඝාටිපාරුතා, නිසින්නා රුක්ඛමූලම්හි අවිතක්කස්ස ලාභිනී.
Sinhala BJT75. ඒ මම් දැන් මුඬු කළ හිස් ඇති වැ සඟළ සිවුරු පෙරෙවැ පිඬු සිඟා හැසිර රුක්මුල් සෙනස්නෙහි හිඳ අවිතර්‍කධ්‍යාන පාදක කොට ඇති අග්‍රඵලය ලදුමු.
Pali BJT76. සබ්බෙ යොගා සමුච්ඡින්නා යෙ සිබ්බා යෙ ච මානුසා, ඛෙපෙත්වා ආසවෙ සබ්බෙ සීතිභූතාම්හි නිබ්බුතාති.
Sinhala BJT76. දිව්‍ය වූ ද මානුෂ වූ ද (කාමාදි යම් යෝග කෙනෙක් ඇද්ද) එහැම යෝගයෝ සිඳින ලද්දාහු සියලු කාමාදි ආස්‍රවයන් ගෙවා සිහිල් වැ කෙලෙස් පිරිනිවනින් පිරිනිවීමි.
Pali BJTඉත්ථං සුදං විමලාථෙරී ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසෙයින් විමලා මෙහෙණ ගාථා කිවු යැ.
Pali BJTවිමලාථෙරීගාථා.
Sinhala BJTවිමලා ථේරීගාථා යි.
Pali BJT5. 3.
Sinhala BJT5. 3.
Pali BJT77. අයොනිසො මනසිකාරා කාමරාගෙන අට්ටිතා,{1} අහොසිං උද්ධතා පුබ්බෙ චිත්තෙ අවසවත්තිනී.
Sinhala BJT77. අනුපාය මනසිකාරය හේතු කොට ගෙන කාමරාගයෙන් පීඩිත වැ පළමු මාගේ සිත වශයෙහි නො පවත්නා කල්හි නො සන්හුන් සිත් ඇති වූමු.
Pali BJT78. පරියුට්ඨිතා කිලෙසෙහි{2} සුභසඤ්ඤානුවත්තිනී,{3} සමං චිත්තස්ස නාලභිං{4} රාගචිත්තවසානුගා.
Sinhala BJT78. කාමරාගාදි කෙලෙසුන් විසින් මඬනා ලදු වැ ශුභසංඥා අනු වැ වැටෙන සුලු වැ රාගචිත්තයාගේ වශයට පැමිණෙමින් චිත්තශමථය නො ලදුමු.
Pali BJT79. කිසා පණ්ඩු විවණ්ණා ච සත්තවස්සානි චාරි’හං, නාහං දිවා වා රත්තිං වා සුඛං වින්දිං සුදුක්ඛිතා.
Sinhala BJT79. මම් කෘශ වැ පඬුපැහැ ඇති වැ විවර්‍ණ වූ සිරුරු ඇති වැ සත්වසක් හැසිරිණිමි. කෙලෙස්දුකින් දුක්පත් වූ මම් දහවලැ හෝ රැය හෝ මහණසුව නො ලදුමු.
Pali BJT80. තතො අජ්ජුං ගහෙත්වාන පාවිසිං වනමන්තරං, වරං මෙ ඉධ උබ්බන්ධං යඤ්ච හීනං පුනාචරෙ.
Sinhala BJT80. ඉක්බිති ‘යම් හෙයකින් හීන වූ ගිහිබවට පෙරළා පැමිණෙම් ද මෙහි ගෙලවැල්ලා මියනු ඊට වඩා උතුමැ’යි රැහැනක් ගෙන වනතුරට පිවිසීමි.
Pali BJT81. දළ්හං පාසං කරිත්වාන රුක්ඛසාඛාය බන්ධිය, පක්ඛිපිං පාසං ගීවාය{5} අථ චිත්තං විමුච්චි මෙති.
Sinhala BJT81. දැඩි වූ පුඬුවක් කොට වෘක්‍ෂශාඛායෙකැ බැඳ පුඬුව ග්‍රීවායෙහි බහාලිමි. එකල්හි මාගේ සිත සියලු ආස්‍රවයන් කෙරෙන් මිදිණි.
Pali BJTඉත්ථං සුදං සීහා ථෙරී ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසෙයින් සීහා මෙහෙණ ගාථා කිවු යැ.
Pali BJTසීහාථෙරීගාථා.
Sinhala BJTසීහා ථේරීගාථා යි.
Pali BJT5. 4.
Sinhala BJT5. 4.
Pali BJT82. ආතුරං අසුචිං පූතිං පස්ස නන්දෙ සමුස්සයං අසුභාය චිත්තං භාවෙහි එකග්ගං සුසමාහිතං.
Sinhala BJT82. නන්‍දාවෙනි, ආතුර වූ (නානාවිධ කුණපයෙන්) අපවිත්‍ර වූ පූතිභූත ශරීරය බල. අශුභ භාවනා සම්පාදනය පිණිස (උපචාරසමාධියෙන්) එකඟ වූ (අර්‍පණාසමාධියෙන්) සුසමාහිත වූ සිත වඩව.
Pali BJT83. යඡා ඉදං තථා එතං යථා එතං තථා ඉදං දුග්ගන්ධං පූතිකං වාති බාලානං අභිනන්දිතං.
Sinhala BJT83. මේ සවිඥානක අශුභය යම්සේ ද තෙල අවිඥානක අශුභයත් එබඳු විය. තෙල අවිඥානක අශුභය යම්සේ (සුසානයෙහි හෝනේ) ද මේ සවිඥානක අශුභයත් එබඳු වෙයි. බාලයන් විසින් පතන ලදුයේ නමුදු දුගඳ හමයි.
Pali BJT84. එවමෙතං අවෙක්ඛන්තී රත්තින්දිවමතන්දිතා තතො සකාය පඤ්ඤාය අභිනිබ්භිජ්ජ{6} දක්ඛිසං.{7}
Sinhala BJT84. මෙසේ ස්වකීය භාවනාමය ප්‍රඥායෙන් (ඝනවිනබ්භෝග කරණයෙන්) ඝනසංඥා බිඳ රෑදාවල් බලමින් අනලස් වැ තෙල ස්වභාවය ඇති සිරුර මෙසේ දුටුමු.
Pali BJT85. තස්සා මෙ අප්පමත්තාය විචිනන්තියා යොනිසො යථාභූතං අයං කායො දිට්ඨො සන්තරබාහිරො.
Sinhala BJT85. ස්මෘති අවිප්‍රවාසයෙන් අප්‍රමත්ත වූ උපායමනසිකාරයෙන් විමසන ඒ මා විසින් ස්වසන්තාන පරසන්තාන භේද වූ කය ඇතිසැටියෙන් දක්නා ලද්දේ යැ.
Pali BJT86. අථ නිබ්බින්දහං{8} කායෙ අජ්ඣත්තඤ්ච විරජ්ජහං අප්පමත්තා විසංයුත්තා උපසන්තාම්හි නිබ්බුතාති.
Sinhala BJT86. අනතුරු වැ මම් ආත්මභාව සඞ්ඛ්‍යාත කයෙහි (මාර්‍ගප්‍රඥායෙන්) නිර්වේදයට පැමිණියෙමි. මම් අධ්‍යාත්මසන්තානයෙහි ද විරාගයට පැමිණියෙමි. අප්‍රමත්ත වැ සංයෝජන සමුච්ඡේදයෙන් විසංයුක්ත වැ උපශාන්ත ද පරිනිර්‍වෘත ද වූමු.
Pali BJTඉත්ථං සුදං සුන්දරීනන්දාථෙරී ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසෙයින් සුන්‍දරීනන්‍දා මෙහෙණ ගාථා කිවු යැ.
Pali BJTසුන්දරීනන්දාථෙරීගාථා.
Sinhala BJTසුන්‍දරීනන්‍දා ථේරීගාථා යි.
Pali BJT5. 5.
Sinhala BJT5. 5.
Pali BJT87. අග්ගිං චන්දඤ්ච{1} සුරියඤ්ච{1} දෙවතා ච නමස්සිහං නදීතිත්ථානි ගන්ත්වාන උදකං ඔරුහාමිහං.
Sinhala BJT87. (ඉන්‍ද්‍රාදීන් ආරාධනය සඳහා) ගිනිදෙවි ද (මසක් පාසා නව) සඳ ද (දවස් පතා උදය සවස) හිරු ද (හිරණ්‍යගර්‍භාදි බාහිර) දෙවියන් ද මම් (ශුද්ධිය පතා) නමස්කාර කළමු, නදීතීර්‍ත්‍ථයන් කරා එළඹ දියෙහි ගැලුනෙමු.
Pali BJT88. බහුවතසමාදානා අඩ්ඪං සීසස්ස ඔලිඛිං, ඡමාය සෙය්යං කප්පෙමි රත්තිං භත්තං න භුඤ්ජිහං{2}
Sinhala BJT88. බොහෝ ව්‍රත සමාදානයෙන් හිස අඩක් මුඬු කළමු. බිම හෝනෙමි. රාත්‍රිභෝජනය නො වැළඳීමි.
Pali BJT89. විභූසාමණ්ඩනරතා නහාපනුච්ඡාසනෙහි ච උපාකාසිං ඉමං කායං කාමරාගෙන අට්ටිතා.
Sinhala BJT89. (යළි) වස්ත්‍රාලඞ්කාරයෙන් ගඳමලින් සැරසීමෙහි ඇලී නැහැවීමෙන් හා ඇඟ ඉලීමෙන් ද කාමරාගයෙන් උපද්‍රැත වැ මේ කය සතපාලූමු.
Pali BJT90. තතො සද්ධං ලභිත්වාන පබ්බජිං අනගාරියං, දිස්වා කායං යථාභූතං{3} කාමරාගො සමූහතො.
Sinhala BJT90. මෑතභාගයෙහි සැදැහැ උපදවා සස්නෙහි පැවිදි වූමු. විදර්‍ශනා සහිත මාර්‍ගඥානයෙන් මේ කය තතුසේ දැක කාමරාගය (අගමඟින්) නසනලද්දේ යැ.
Pali BJT91. සබ්බෙ භවා සමුච්ඡින්නා ඉච්ඡා ච පත්ථනාපි ච, සබ්බයොගවිසංයුත්තා සන්තිං පාපුණි{4} චෙතසොති.
Sinhala BJT91. සියලු භවයෝ ද විෂයාභිලාෂ සඞ්ඛ්‍යාත ඉච්ඡාව ද අනාගතභව ප්‍රාර්‍ත්‍ථනාව ද සිඳිනලද්දාහු යැ. කාමාදි සියලු යෝගයන්ගෙන් විසංයුක්ත වැ චිත්තයාගේ ශාන්තියට පැමුණුමු.
Pali BJTඉත්ථං සුදං නන්දුත්තරා ථෙරී ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසෙයින් නන්‍දුත්තරා මෙහෙණ ගාථා කිවු යැ.
Pali BJTනන්දුත්තරාථෙරීගාථා.
Sinhala BJTනන්‍දුත්තරා ථේරීගාථා යි.
Pali BJT5. 6.
Sinhala BJT5. 6.
Pali BJT92. සද්ධාය පබ්බජිත්වාන අගාරස්මානගාරියං විචරිහං තෙන තෙන ලාභසක්කාර උස්සුකා.
Sinhala BJT92. මම් සැදැහැයෙන් ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වැ ලාභසත්කාරයෙහි උත්සුක වැ (බහුශ්‍රැත්‍ය ධර්‍මකථාදි) ඒ ඒ කරුණින් යුක්ත වැ වුසුමු.
Pali BJT93. රිඤ්චිත්වා පරමං අත්ථං හීනං අත්ථමසෙවිහං කිලෙසානං වසං ගන්ත්වා සාමඤ්ඤත්ථං න බුජ්ඣිහං.
Sinhala BJT93. මම් (ධ්‍යානවිදර්‍ශනාදි) උත්තමාර්‍ත්‍ථය හැරපියා (සිව්පස නම් වූ ආමිෂ බැවින්) හීන වූ අර්‍ත්‍ථය සේවන කෙළෙමි. කෙලෙස් වශයට ගොස් ශ්‍රාමණ්‍යාර්‍ත්‍ථය මම් නො දතුමු.
Pali BJT94. තස්සා මෙ අහු සංවෙගො නිසින්නාය විහාරකෙ උම්මග්ගපටිපන්නම්හි තණ්හාය වසමාගතා.
Sinhala BJT94. මා වසන ඔවරකයෙහි හුන් මට ‘තෘෂ්ණාවශයට පැමිණ නො මඟ පිළිපන්මු’යි සංවේග උපන.
Pali BJT95. අප්පකං ජීවිතං මය්හං ජරා ව්යාධි ච මද්දති, ජරාය භිජ්ජතෙ කායො න මෙ කාලො පමජ්ජිතුං.
Sinhala BJT95. මාගේ ජීවිතය අල්ප යැ (එ ද) ජරාව ද ව්‍යාධිය ද මඩනේ වෙයි. කය ජරාව විසින් බිඳුනා ලැබෙයි. මට ප්‍රමාද වන්නට මේ කල් නො වේ.
Pali BJT96. යථාභූතං අවෙක්ඛන්තී ඛන්ධානං උදයබ්බයං, විමුත්තචිත්තා උට්ඨාසිං කතං බුද්ධස්ස සාසනන්ති.
Sinhala BJT96. ස්කන්‍ධයන්ගේ උදයව්‍යය (අනිත්‍යාදි මනසිකාරයෙන්) ඇති සැටි බලමින් කෙලෙසුන් කෙරෙන් මිදුණු සිත් ඇති වැ නැඟී සිටියමු. බුදුන්ගේ අනුසසුන් කරනලද.
Pali BJTඉත්ථං සුදං මිත්තා කාළී ථෙරී ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසෙයින් මෙත්තාකාළි මෙහෙණ ගාථා කිවු යැ.
Pali BJTමිත්තාකාළිථෙරීගාථා.
Sinhala BJTමෙත්තාකාළි ථේරීගාථා යි.
Pali BJT5. 7.
Sinhala BJT5. 7.
Pali BJT97. අගාරස්මිං වසන්තීහං ධම්මං සුත්වාන භික්ඛුනො, අද්දසං විරජං ධම්මං නිබ්බානං පදමච්චුතං.
Sinhala BJT97. මම් පෙර ගිහිගෙයි වසනුවී රහත් පැවිදි කෙනකුන්ගේ දහම් අසා කෙලෙස්රජස් රහිත වූ නිර්‍වාණ සඞ්ඛ්‍යාත වූ ච්‍යුති රහිත වූ අසඞ්ඛත ධර්‍මය දහම් ඇසින් දුටුමු.
Pali BJT98. සාහං පුත්තං ධීතරඤ්ච{1} ධනධඤ්ඤඤ්ච ඡඩ්ඩිය කෙසෙ ඡෙදාපයිත්වාන පබ්බජිං අනගාරියං.
Sinhala BJT98. ඒ මම් පුතු ද දුව ද ධනධාන්‍ය ද හැරපියා කෙහෙ බහවා සස්නෙහි පැවිදි වූමු.
Pali BJT99. සික්ඛමානා අහං සන්තී භාවෙන්තී මග්ගමඤ්ජසං, පහාසිං රාගදොසඤ්ච තදෙකට්ඨෙ ච ආසවෙ.
Sinhala BJT99. සික්ඛමානාවක් වූ මම අඤ්ජස සඞ්ඛ්‍යාත උපරි මාර්‍ගය වඩමින් රාගද්වේෂ දෙක ද තදේකස්ථ ආස්‍රවයන් ද දුරු කළමු.
Pali BJT100. භික්ඛුනී උපසම්පජ්ජ පුබ්බෙ ජාතිමනුස්සරිං විසොධිතං දිබ්බචක්ඛුං විමලං සාධුභාවිතං.
Sinhala BJT100. උපසපන් මෙහෙණක වැ පෙරවිසූකඳපිළිවෙළ සිහි කළමු. විගතමල වූ බුද්ධාදි සාධූන් විසින් වඩනලද දිවැස් නුවණ පිරිසිදු කරනලද.
Pali BJT101. සඞ්ඛාරෙ පරතො දිස්වා හෙතුජාතෙ පලොකිතෙ පහාසිං ආසවෙ සබ්බෙ සීතිභූතාම්හි නිබ්බුතාති.
Sinhala BJT101. ප්‍රත්‍යුත්පන්න වූ බිඳෙන සුලු වූ තෛභූමක සංස්කාරයන් අනාත්ම හෙයින් දැක සියලු ආස්‍රවයන් අගමගින් දුරු කළමු. සිහිල් වැ කෙලෙස් පිරිනිවනින් පිරිනිවුණුමු.
Pali BJTඉත්ථං සුදං සකුලා ථෙරී ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසෙයින් සකුලා මෙහෙණ ගාථා කිවු යැ.
Pali BJTසකුලාථෙරීගාථා.
Sinhala BJTසකුලා ථේරීගාථා යි.
Pali BJT5. 8.
Sinhala BJT5. 8.
Pali BJT102. දස පුත්තෙ විජායිත්වා අස්මිං රූපසමුස්සයෙ තතොහං දුබ්බලා ජිණ්ණා භික්ඛුනිං උපසඞ්කමිං.
Sinhala BJT102. මේ රූප සඞ්ඛ්‍යාත ශරීරයෙහි සිට දස දරු කෙනකුන් වදා එහෙයින් දුර්‍වල වැ දිරාගිය මම් මෙහෙණක කරා එළඹියමු.
Pali BJT103. සා මෙ ධම්මමදෙසෙසි ඛන්ධායතනධාතුයො තස්සා ධම්මං සුණිත්වාන කෙසෙ ඡෙත්වාන පබ්බජිං.
Sinhala BJT103. ඒ මෙහෙණ මට ස්කන්‍ධායතනධාතු නිඃශ්‍රිත වූ දහම් දෙසූ ඇගේ දහම් අසා කෙහෙ බහා පැවිදි වූමු.
Pali BJT104. තස්සා මෙ සික්ඛමානාය දිබ්බචක්ඛු විසොධිතං, පුබ්බෙනිවාසං ජානාමි යත්ථ මෙ වුසිතං පුරෙ.
Sinhala BJT104. සික්ඛමානාවක වූ මා විසින් දිවැස පිරිසිදු කරනලද. පෙර යම් ජාතියක මාගේ වාස වි ද ඒ පෙර විසූ කඳපිළිවෙළ දනිමි.
Pali BJT105. අනිමිත්තඤ්ච භාවෙමි එකග්ගා සුසමාහිතා, අනන්තරා විමොක්ඛාසිං අනුපාදාය නිබ්බුතා.
Sinhala BJT105. එකඟ වූ සමාහිත වූ සිත් ඇති වැ අනිමිත්තභාවනාව වඩමි. රහත්මඟට අනතුරු වැ උපන් විමෝක්‍ෂ ඇති වූමු. රූපාදි කිසි දහමක් උපාදාන නො කොට නිවුණුමු.
Pali BJT106. පඤ්චක්ඛන්ධා පරිඤ්ඤාතා තිට්ඨන්ති ඡින්නමූලකා, ධී තවත්ථු ජරෙ ඡම්මෙ{2} නත්ථි දානි පුනබ්භවොති.
Sinhala BJT106. පරිඥාත වූ පඤ්චස්කන්‍ධයෝ සුන්මුල් ඇති වැ සිටිති. ලාමක වූ ජරාව, තිට නිගා වේවා. දැන් පුනර්‍භවයෙක් නැති.
Pali BJTඉත්ථං සුදං සොණා ථෙරී ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසෙයින් සෝණා මෙහෙණ ගාථා කිවු යැ.
Pali BJTසොණථෙරීගාථා.
Sinhala BJTසෝණා ථේරීගාථා යි.
Pali BJT5. 9.
Sinhala BJT5. 9.
Pali BJT107. ලුනකෙසි පඞ්කධරී වකසාටී පුරෙ චරිං, අවජ්ජෙ වජ්ජමතිනී වජ්ජෙ චාවජ්ජදස්සිනී.
Sinhala BJT107. පෙර නුවටු වැ තල්ඇටින් සුන් කෙහෙ ඇති වැ දත්මල ඇති වැ එක්සළුවක් හැඳ පෙරෙවැ අනවද්‍යයෙහි සාවද්‍ය යැ යන දෘෂ්ටි ඇති වැ සාවද්‍යයෙහි අනවද්‍ය යැ යි දක්මින් හැසිරුණුමු.
Pali BJT108. දිවාවිහාරා නික්ඛම්ම ගිජ්ඣකූටම්හි පබ්බතෙ අද්දසං විරජං බුද්ධං භික්ඛුසඞ්ඝපුරක්ඛතං.
Sinhala BJT108. ගිජුකුළු පව්යෙහි දිවා විහාරස්ථානයෙන් නික්ම භික්‍ෂුසඞ්ඝයා විසින් පිරිවරනලද, කෙලෙස්රජස් රහිත වූ බුදුන් දුටුමු.
Pali BJT109. නිහච්ච ජාණුං වන්දිත්වා සම්මුඛා පඤ්ජලිං අකං, එහි භද්දෙති මං අවච සා මෙ ආසූපසම්පදා.
Sinhala BJT109. බුදුන් හමුයෙහි දෙදණ බිමැ පිහිටුවා වැඳ ඇඳිලි කළමු. ‘එව භද්‍රාවෙනි’යි (බුදුහු) මට වදාළහ. ඒ මට උපසම්පත් විය.
Pali BJT110. චිණ්ණා අඞ්ගා ච මගධා වජ්ජී කාසී ච කොසලා, අනණා පණ්ණාසවස්සානි රට්ඨපිණ්ඩමභුඤ්ජිහං.
Sinhala BJT110. අංග මගධ වජ්ජි කාසි කෝසල යන යම් ජනපද කෙනෙක් (පෙර මා විසින්) හැසිරෙන ලද්දාහු ද (එහි මැ) ණය රහිත වැ (රහත් වැ) පනස්වසක් මම රටවැසියා දුන් පිඬුවා වැළඳූමු.
Pali BJT111. පුඤ්ඤං වත පසවී බහුං සප්පඤ්ඤො වතායං උපාසකො, යො භද්දාය චීවරං අදාසි විප්පමුත්තාය සබ්බගන්ථෙහීති.
Sinhala BJT111. සප්‍රාඥ වූ යම් උපාසකයෙක් සියලු ග්‍රන්‍ථයන්ගෙන් මිදුණු භද්‍රා මෙහෙණහට සිවුරු දුන්නේ ද මේ තෙමෙ බොහෝ පින් රැස් කෙළේ වී.
Pali BJTඉත්ථං සුදං භද්දා කුණ්ඩලකෙසා ථෙරී ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසෙයින් භද්‍දාකුණ්ඩලකේසා මෙහෙණ ගාථා කිවු යැ.
Pali BJTභද්දාකුණ්ඩලකෙසාථෙරීචගාථා.
Sinhala BJTභද්‍දාකුණ්ඩලකේසා ථේරීගාථා යි.
Pali BJT5. 10.
Sinhala BJT5. 10.
Pali BJT112. නඞ්ගලෙහි කසං ඛෙත්තං බීජානි පවපං ඡමා, පුත්තදාරානි පොසෙන්තා ධනං වින්දන්ති මානවා.
Sinhala BJT112. මාණවකයෝ නඟුලින් කුඹුරු සාමින් භූමියෙහි බිජු වපුරන්නාහු අඹුදරුවන් පෝෂණය කෙරෙමින් ධනය ලබත්.
Pali BJT113. කිමහං සීලසම්පන්නා සත්ථුසාසනකාරිකා, නිබ්බානං නාධිගච්ඡාමි අකුසිතා අනුද්ධතා.
Sinhala BJT113. ශීලසම්පන්න වූ ශාස්තෲන් වහන්සේගේ සසුන් කරන නුකුසී වූ උඩඟු නො වූ මම කුමක් හෙයින් නිවන පසක් නො කෙරෙම් ද?
Pali BJT114. පදෙ පක්ඛාලයිත්වාන උදකෙසු කරොමහං, පදොදකඤ්ච දිස්වාන ථලතො නින්නමාගතං.
Sinhala BJT114. පා දෝනා හේතුයෙන් (තුන් වරක්) දිය ඔත් කල්හි උස්බිමින් පහතට ගලාගිය පාදොවුන් දිය දැක මම් නිමිති කෙරෙමි.
Pali BJT115. තතො චිත්තං සමාධෙසිං අස්සං භද්දං’වජානියං, තතො දීපං ගහෙත්වාන විහාරං පාවිසිං අහං.
Sinhala BJT115. අනතුරු වැ භද්‍ර වූ ආජානීය අශ්වයකු සෙයින් සිත විදර්‍ශනා සමාධියෙන් සමාහිත කළමු. ඉක්බිති මම් පහන අතින් ගෙන විහාරයට පිවිසියමු.
Pali BJT116. සෙය්යං ඔලොකයිත්වාන මඤ්චකම්හි උපාවිසිං, තතො සූචිං ගහෙත්වාන වට්ටිං ඔකස්සයාමහං පදීපස්සෙව නිබ්බානං විමොක්ඛො අහු චෙතසොති.
Sinhala BJT116. ශයනය පහන්එලියෙන් බලා ඇඳෙහි හිඳගතුමු. ඉක්බිති මම් හිඳ ගෙන (පහන නිවන්නට) වැටිය ඇදපූමු. (එසඳ) පහන නිවීමක් මෙන් චිත්තයාගේ විමෝක්‍ෂය වී.
Pali BJTඉත්ථං සුදං පටාචාරා ථෙරී ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසෙයින් පටාචාරා මෙහෙණ ගාථා කිවු යැ.
Pali BJTපටාචාරාථෙරීගාථා.
Sinhala BJTපටාචාරා ථේරීගාථා යි.
Pali BJT5. 11.
Sinhala BJT5. 11.
Pali BJT117. මූසලානි ගහෙත්වාන ධඤ්ඤං කොට්ටෙන්ති මානවා{1} පුත්තදාරානි පොසෙන්තා ධනං වින්දන්ති මානවා{1}:
Sinhala BJT117. මිනිස්හු මොහොල් ගෙන ධාන්‍ය කොටති. මිනිස්හු අඹුදරුවන් පුස්මින් ධනය ලබත්.
Pali BJT118. කරොථ බුද්ධසාසනං යං කත්වා නානුතප්පති, ඛිප්පං පාදානි ධොවිත්වා එකමන්තෙ නිසීදථ, චෙතොසමථමනුයුත්තා කරොථ බුද්ධසාසනං.
Sinhala BJT118. යම් අනුසස්නක් කොට නො තැවේ ද ඒ බුදුසසුන් කරව, වහා පා දෙව විවේකස්ථානයෙකැ හිඳුව. චිත්තශමථයෙහි යෙදී කමටහන් භාවනා විසින් බුද්ධශාසනය කරව.
Pali BJT119. තස්සා තා වචනං සුත්වා පටාචාරාය සාසනං, පාදෙ පක්ඛාලයිත්වාන එකමන්තං උපාවිසුං, චෙතොසමථමනුයුත්තා අකංසු බුද්ධසාසනං.
Sinhala BJT119. ඒ මෙහෙණහු ඒ පටාචාරාවගේ ඔවා බස් අසා පා දෙව විවේකස්ථානයෙකැ හුන්හ. චිත්තශමථයෙහි යෙදුණාහු බුදුසසුන් කළහ.
Pali BJT120. රත්තියා පුරිමෙ යාමෙ පුබ්බජාතිං අනුස්සරුං, රත්තියා මජ්ඣිමෙ යාමෙ දිබ්බචක්ඛුං විසොධයුං, රත්තියා පච්ඡිමෙ යාමෙ තමොක්ඛන්ධං පදාලයුං.
Sinhala BJT120. රෑ පෙරයමැ පෙරවිසූ කඳ පිළිවෙළ සිහි කළහ. රෑ මැදියමැ දිවැස පිරිසිදු කළහ. රෑ අලුයමැ මොහඳුරුකඳ බිඳලූහ.
Pali BJT121. උට්ඨාය පාදෙ වන්දිංසු කතා තෙ අනුසාසනී, ඉන්දංව තිදසා දෙවා සඞ්ගාමෙ අපරාජිතං, පුරක්ඛත්වා විහරියාම තෙවිජ්ජම්හ අනාසවාති.
Sinhala BJT121. හුනස්නෙන් නැඟීසිට (තොපගේ අනුසසුන් කරන ලදැ’යි) පසඟපිහිටුවා පා වැන්දාහ. තිදස්පුරවැසි දෙවියෝ සඞ්ග්‍රාමයෙහි දිනූ ඉන්‍ද්‍රයා සෙයින් (ඇපි තොප) පෙරටු කොට වාස කරම්හ. ත්‍රිවිද්‍යා ඇති අනාස්‍රව වූම්හ.
Pali BJTඉත්ථං සුදං තිංසමත්තා ථෙරී භික්ඛුනියො ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසෙයින් තිසක් පමණ මෙහෙණහු ගාථා කිවු යැ.
Pali BJTතිංසමත්තාථෙරී භික්ඛූනීගාථා.
Sinhala BJTතිංසත් ථේරීගාථා යි.
Pali BJT5. 12.
Sinhala BJT5. 12.
Pali BJT122. දුග්ගතාහං පුරෙ ආසිං විධවා ච අපුත්තිකා, විනා මිත්තෙහි ඤාතීහි භත්තචොළස්ස නාධිගං.
Sinhala BJT122. මම පෙර හිමියා නැති දූ පුතුන් නැති දුක්පත් වූවක් වූමු. ඥාතිමිත්‍රයන් නැති වූමු. (එයින් මැ) බත්පිළී නො ලත්මු.
Pali BJT123. පත්තං දණ්ඩඤ්ච ගණ්හිත්වා භික්ඛමානා කුලාකුලං, සීතුණ්හෙන ච ඩය්හන්තී සත්තවස්සානි චාරිහං.
Sinhala BJT123. මම මැටිපය ද දඬුකඩක් ද ගෙන ගෙන් ගෙට සිඟමින් ශීතොෂ්ණයෙන් දැවෙමින් සත්වසක් හැසිරුණුමු.
Pali BJT124. භික්ඛුනිං පුන දිස්වාන අන්නපානස්ස ලාභිනිං, උපසඞ්කම්මාවොචං පබ්බජ්ජං අනගාරියං.
Sinhala BJT124. යළි ආහාරපාන ලබනසුලු පටාචාරා මෙහෙණ දැක ඇය කරා එළඹ සසුන් පැවිද්ද (‘දෙනුමැනවැ’යි) කීමු.
Pali BJT125. සා ච මං අනුකම්පාය පබ්බාජෙසි පටාචාරා, තතො මං ඔවදිත්වාන පරමත්ථෙ නියොජයී.
Sinhala BJT125. ඒ පටාචාරා මෙහෙණ ද අනුකම්පායෙන් මා පැවිදි කළා. ඉක්බිති ඔවාදී මා පරමාර්‍ත්‍ථයෙහි (කමටහන් කියා) යෙදූ.
Pali BJT126. තස්සාහං වචනං සුත්වා අකාසිං අනුසාසනිං, අමොඝොය්යාය ඔවාදො තෙවිජ්ජම්හි අනාසවාති.
Sinhala BJT126. මම ඇය බස් අසා ඒ අනුසසුන් කළමු. ආර්‍ය්‍යාවගේ ඔවා නො සිස් විය. ත්‍රිවිද්‍යාප්‍රාප්ත වූමු. අනාස්‍රව වූමු.
Pali BJTඉත්ථං සුදං චන්දා ථෙරී ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසෙයින් චන්‍ද්‍රා මෙහෙණ ගාථා කිවු යැ.
Pali BJTචන්දාථෙරීගාථා.
Sinhala BJTචන්‍ද්‍රා ථේරීගාථා යි.
Pali BJTපඤ්චකනිපාතො නිට්ඨිතො.
Sinhala BJTපඤ්චක නිපාතය නිමි.
Pali BJT6. ඡක්කනිපාතො.
Sinhala BJT6. ඡක්කනිපාතය.
Pali BJT6. 1.
Sinhala BJT6. 1.
Pali BJT127. යස්ස මග්ගං න ජානාති ආගතස්ස ගතස්ස වා තං කුතො ආගතං සත්තං මම පුත්තොති රොදසි.
Sinhala BJT127. මෙලොවට ආවාවූ හෝ මෙලොවින් ගියාවූ හෝ යම් මැ කෙනකුගේ ආගියමඟ නො දන්නේ ද, කොහි සිට ආවාවූ ඒ සතකු ගෙන ‘මාගේ පුත්‍රයහ’යි අඬන්නෙහි ද?
Pali BJT128. මග්ගඤ්ච ඛොස්ස ජානාසි ආගතස්ස ගතස්ස වා න නං සමනුසොචෙසි එවං ධම්මා හි පාණිනො.
Sinhala BJT128. මෙලොවට ආවාවූ හෝ මෙලොවින් ගියාවූ හෝ ඔහුගේ මඟ දන්නෙහි ද ඔහු ගෙන ශෝක නො කරන්නෙහි යැ. ප්‍රාණීහු මෙබඳු සැහැවි ඇත්තාහු යැ.
Pali BJT129. අයාචිතො තතාගච්ඡි අනනුඤ්ඤාතො{1} ඉතො ගතො කුතොචි නූන ආගන්ත්වා වසිත්වා කතිපාහකං ඉතො’පි අඤ්ඤෙන ගතො තතො අඤ්ඤෙන{2} ගච්ඡති.
Sinhala BJT129. නො යදනාලදු වැ එලොවින් ආයේ යැ, නො අනුදන්නා ලදු වැ මෙලොවින් ගියේ යැ කිසියම් ගතියක් සිට මෙලොව අවුත් කිහිප දිනක් වැස මෙලොවිනුදු අන් ගතියකට පිළිසිඳ විසින් ගියේ යැ එයිනුදු අන් භවයකට යෙයි.
Pali BJT130. පෙතො මනුස්සරූපෙන ස සරන්තො ගමිස්සති, යථාගතො තථා ගතො කා තත්ථ පරිදෙවනා.
Sinhala BJT130. මළේ මනුෂ්‍ය ආදී රූපයෙන් සැරිසරමින් යෙයි යම්සේ ආයේ වේ ද එසේ ගියේ යැ, එහිලා කවර පරිදේවනායෙක් ද!
Pali BJT131. අබ්බහී වත මෙ සල්ලං දුද්දසං හදයනිස්සිතං{3} යා මෙ සොකපරෙතාය පුත්තසොකං ව්යපානුදි.
Sinhala BJT131. යම් මෙහෙණක් ශෝකයෙන් මඬනාලද මාගේ පුත්‍ර ශෝකය දුරලූ ද ඕතොමෝ මාගේ නො දැකියහෙන ළය ඇසුරු කළ ශෝක නමැති හුල ඒකාන්තයෙන් උදුරා ලූ යැ.
Pali BJT132. සාජ්ජ අබ්බූළ්හසල්ලාහං නිච්ඡාතා පරිනිබ්බුතා බුද්ධං ධම්මඤ්ච සඞ්ඝඤ්ච උපෙමි සරණං මුනිං.
Sinhala BJT132. මම දැන් උදුරලූ හුල් ඇති වැ තෘෂ්ණා නැති වැ පිරිනිවි බුදුන් දහම් සඟුන් සරණ කොට යෙමි.
Pali BJTඉත්ථං සුදං පඤ්චසතමත්තා ථෙරී භික්ඛුනියො ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසෙයින් පන්සියක් පමණ තෙරැණිහු ගාථා කීහු.
Pali BJTපඤ්චසතමත්තානං ථෙරීනං ගාථා.
Sinhala BJTපන්සියක් පමණ තෙරැණින්ගේ ගාථා යි.
Pali BJT6. 2.
Sinhala BJT6. 2.
Pali BJT133. පුත්තසොකෙනහං අට්ටා ඛිත්තචිත්තා විසඤ්ඤිනී, නග්ගා පකිණ්ණකෙසි ච තෙන තෙන විචාරිහං.
Sinhala BJT133. මම් පුත්‍රශෝකයෙන් පීඩිත වැ එහෙයින් මැ විසංඥ වැ එයින් මැ නග්න වැ විසුළ කෙහෙ ඇති වැ ඒ ඒ තැන හැසිරුණුමු.
Pali BJT134. වසිං{4} සඞ්කාරකූටෙසු සුසානෙ රථියාසු ච අචරිං තීණි වස්සානි ඛුප්පිපාසා සමප්පිතා.
Sinhala BJT134. කසළගොඩෙහි ද සොහොන්හි ද රියමඟ ද වාස කළමු. තුන්වසක්කල් සාපවසින් පෙළෙමින් හැසිරුණුමු.
Pali BJT135. අථද්දසාසිං{5} සුගතං නගරං මිථිලං පති,{6} අදන්තානං දමෙතාරං සම්බුද්ධමකුතොභයං.
Sinhala BJT135. අනතුරු ව මියුලුනුවර බලා වඩනා අදාන්තයන් දමනය කරන කොයිනුදු බිය නැති සුගත වූ සම්බුද්ධයන් වහන්සේ දුටුමු.