Pali BJT28. සඞ්ඝාටිං නික්ඛිපිත්වාන පත්තකං ච නිකුජ්ජිය, සෙලෙ ඛම්භෙසිමත්තානං තමොක්ඛන්ධං{2} පදාලියාති.
Sinhala BJT28. සඟළ අත්පසැ තබා පාත්‍රය ද යටිහුරු කොට තබා ශෛලපර්‍වතයෙහි හිඳ මෝහස්කන්‍ධය ප්‍රදාරණ කොට ස්කන්‍ධසන්තාන සඞ්ඛ්‍යාත ආත්මය මතු නූපදනා බවට පැමිණවීමෙන් විෂ්කම්භණ කළමු.
Pali BJTඉත්ථං සුදං චිත්තා ථෙරී ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසෙයින් චිත්තා මෙහෙණ ගාථා කිවු යැ.
Pali BJTචිත්තාථෙරීගාථා.
Sinhala BJTචිත්තා ථේරීගාථා යි.
Pali BJT2. 6.
Sinhala BJT2. 6.
Pali BJT29. කිඤ්චාපි ඛොම්හි දුක්ඛිතා දුබ්බලා ගතයොබ්බනා, දණ්ඩමොලුබ්භ ගච්ඡාමි පබ්බතං අභිරූහිය.
Sinhala BJT29. මම් (රොවින් පෙළීමෙන්) උපන් දුක් ඇති වැ එයින් මැ දුබල වැ ඉක්මගිය යොවුන් බව ඇත්තී වෙමි. සැරයටිය එල්බගෙන යමි. එතෙකුදු වුව (ගිජුකුළු පව්වට නැඟී -)
Pali BJT30. නික්ඛිපිත්වාන සඞ්ඝාටිං පත්තකං ච නිකුජ්ජිය නිසින්නා චම්හි සෙලම්හි අථ චිත්තං විමුච්චි මෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනන්ති.
Sinhala BJT30. සඟළ සිවුර අත්පසැ තබා පාත්‍රය ද යටිහුරු කොට තබා ශෛලපර්‍වතයෙහි හුන්මු තදනන්තර වැ (වීර්‍ය්‍යසමතායෙහි යොදනලද බැවින්) මාගේ සිත ආස්‍රවයන් කෙරෙන් මිදිණ. මා විසින් ත්‍රිවිද්‍යාවෝ ලබනලදහු. බුදුරදුන්ගේ අනුසසුන් කරන ලද.
Pali BJTඉත්ථං සුදං මෙත්තිකා ථෙරී ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසෙයින් මෙත්තිකා මෙහෙණ ගාථා කිවු යැ.
Pali BJTමෙත්තිකාථෙරීගාථා.
Sinhala BJTමෙත්තිකා ථේරීගාථා යි.
Pali BJT2. 7.
Sinhala BJT2. 7.
Pali BJT31. චාතුද්දසිං පඤ්චදසිං යා ච පක්ඛස්ස අට්ඨමී පාටිහාරියපක්ඛඤ්ච අට්ඨඞ්ගසුසමාගතං, උපොසථං උපාගඤ්ඡිං දෙවකායාභිනන්දිනී.
Sinhala BJT31. මම් දිව්‍යකාය ප්‍රාර්‍ත්‍ථනා කරමින් පක්‍ෂය සම්බන්‍ධ තුදුස්වක් පසළොස්වක් දිනයෙහි දු ප්‍රාතිහාර්‍ය්‍යපක්‍ෂ (තෙළෙස්වක, පෑළවිය, සතවක, නවවක දින) යෙහි දු අෂ්ටාඞ්ග සමන්‍වාගත වූ පෙහෙවස් වූසුමු.
Pali BJT32. සාජ්ජ එකෙන භත්තෙන මුණ්ඩා සඞ්ඝාටිපාරුතා දෙවකායං න පත්ථෙහං විනෙය්ය හදයෙ දරන්ති.
Sinhala BJT32. මම් අද එක් වේලේ වළඳන බතින් යුතු වැ මුඩු කළ කෙහෙ ඇති වැ සඟළ සිවුරු පෙරෙවි සිරුරු ඇති වැ හෘදයෙහි ක්ලේශදරථ හැරපියා දිව්‍යනිකාය නො පතමි.
Pali BJTඉත්ථං සුදං මෙත්තා{3} ථෙරී ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසෙයින් මෙත්තා මෙහෙණ ගාථා කිවු යැ.
Pali BJTමෙත්තාථෙරීගාථා.
Sinhala BJTමෙත්තා ථේරීගාථා යි.
Pali BJT2. 8.
Sinhala BJT2. 8.
Pali BJT33. උද්ධං පාදතලා අම්ම අධො වෙ කෙසමත්ථකා, පච්චවෙක්ඛස්සු’මං කායං අසුචි පූතිගන්ධිකං.
Sinhala BJT33. මෑණියෙනි, පාදතලයෙන් උඩ කේශමස්තකයෙන් යට මේ අපවිත්‍ර වූ කුණුගඳ හමන කය නුවණින් ප්‍රත්‍යවේක්‍ෂා කරව.
Pali BJT34. එවං විහරමානාය සබ්බො රාගො සමූහතො, පරිළාහො සමුච්ඡින්නො සීතිභූතාම්හි නිබ්බුතාති.
Sinhala BJT34. මෙසේ (පුතණුවන් අභය තෙරණුවන්ගේ ඔවා පරිදි, අනිත්‍යානුදර්‍ශනාදි විසින්) වාස කරන මා විසින් හැම රාගය (රහත් මඟින්) නසන ලද. හැම ක්ලේශපරිදාහ සිඳුනා ලද, (එහෙයින් මැ) සිසිල් වූමු. (සඋපාදිසේසනිබ්බාන ධාතුයෙන්) නිවියා වෙමි.
Pali BJTඉත්ථං සුදං අභයමාතා ථෙරී ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසෙයින් අභයමාතා මෙහෙණ ගාථා කිවු යැ.
Pali BJTඅභයමාතාථෙරීගාථා.
Sinhala BJTඅභයමාතා ථේරීගාථා යි.
Pali BJT2. 9.
Sinhala BJT2. 9.
Pali BJT35. අභයෙ භිදුරො කායො යත්ථ සත්තා පුථුජ්ජනා, නික්ඛිපිප්පාමිමං දෙහං සම්පජානා සතීමතී.
Sinhala BJT35. අභයාවෙනි, යම් කයෙක පුහුදුන්හු ලැගුණාහු වෙත් ද ඒ කය බිඳෙන සුලු යැ, (එකරුණ) මැනැවින් දන්නා සිහිනුවණ ඇති මම් මේ කය නිරපේක්‍ෂක වැ හැරපියමි.
Pali BJT36. බහූහි දික්ඛධම්මෙහි අප්පමාදරතාය මෙ, තණ්හක්ඛයො අනුප්පත්තො කතං බුද්ධස්ස සාසනන්ති.
Sinhala BJT36. (ජාති ජරාදි) බොහෝ වූ දුඃඛධර්‍මයෙන් පහස්නාලද (එයින් මැ) අප්‍රමාදයෙහි ඇලුණු මා විසින් තෘෂ්ණාක්‍ෂය සඞ්ඛ්‍යාත නිවන ලබන ලද. බුදුරදුන්ගේ අනුසසුන් කරනලද.
Pali BJTඉත්ථං සුදං අභයාථෙරී ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසෙයින් අභයා මෙහෙණ ගාථා කිවු යැ.
Pali BJTඅභයාථෙරීගාථා.
Sinhala BJTඅභයා ථේරීගාථා යි.
Pali BJT2. 10.
Sinhala BJT2. 10.
Pali BJT37. චතුක්ඛත්තුං පඤ්චක්ඛත්තුං විහාරා උපනික්ඛමිං, අලද්ධා චෙතසො සන්තිං චිත්තෙ අවසවත්තිනී.
Sinhala BJT37. යම් දවසෙක පටන් මම් (විරියසමතා නැතියෙන්) සිත්හි වශී වැ නො පවත්මින් (එහෙයින් මැ) චිත්තශාන්තිය (ආර්‍ය්‍යමාර්‍ගසමාධිය) නො ලැබ රැය සතර පස් වරක් වෙහෙරින් නික්ම ගියමු ද,
Pali BJT38. තස්සා මෙ අට්ඨමී රත්ති යතො තණ්හා සමූහතා, බහූහි දුක්ඛධම්මෙහි අප්පමාදරතාය මෙ, තණ්හක්ඛයො අනුප්පත්තො කතං බුද්ධස්ස සාසනන්ති.
Sinhala BJT38. ඒ මා විසින් අට වැනි රාත්‍රියෙහි තෘෂ්ණාව නසන ලදු. බොහෝ වූ දුඃඛ ධර්‍මයෙන් පහස්නා ලද. (එහෙයින් මැ) අප්‍රමාදයෙහි ඇලුණු මා විසින් නිවන් ලබනලද. බුදුරදුන්ගේ අනුශාසනා කරන ලදි.
Pali BJTඉත්ථං සුදං සාමා ථෙරී ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසෙයින් සාමා මෙහෙණ ගාථා කිවු යැ.
Pali BJTසාමාථෙරීගාථා.
Sinhala BJTසාමා ථේරීගාථා යි.
Pali BJTදුකනිපාතො නිට්ඨිතො.
Sinhala BJTදුකනිපාතය නිමි.
Pali BJT3. තිකනිපාතො.
Sinhala BJT3. තිකනිපාතය
Pali BJT3. 1.
Sinhala BJT3. 1.
Pali BJT39. පණ්ණවීසතිවස්සානි යතො පබ්බජිතාය මෙ නාභිජානාමි චිත්තස්ස සමං ලද්ධං කුදාචනං.
Sinhala BJT39. පැවිදි වූ තැන් පටන් කොට මට පස්විසිවසක් ගෙවී ගියේ යැ. (මේ දෑතුර) කිසි කලෙක ලද චිත්තෝපශමයක් නො දනිමි.
Pali BJT40. අලද්ධා චෙතසො සන්තිං චිත්තෙ අවසවත්තිනී තතො සංවෙගමාපාදිං සරිත්වා ජිනසාසනං.
Sinhala BJT40. භාවනා චිත්තයෙහි වශවර්තිභාවයක් නැති මම චිත්තශාන්තියක් නො ලැබ එයින් ජිනශාසනය සිහි කොට සංවේගයට පැමිණියමු.
Pali BJT41. බහූහි දුක්ඛධම්මෙහි අප්පමාදරතාය මෙ තණ්හක්ඛයො අනුප්පත්තො කතං බුද්ධස්ස සාසනං අජ්ජ මෙ සත්තමී රත්ති යතො තණ්හා විසොසිතාති.
Sinhala BJT41. (ජාතිජරාදි) බොහෝ දුඃඛධර්‍මයන් විසින් පහරන ලද අප්‍රමාදයෙහි ඇලුණු මට තෘෂ්ණාක්‍ෂය ලැබිණ, මවිසින් බුදුධශාසනය කරන ලද. තෘෂ්ණා වියළුණු තැන් පටන් කොට අද මට සත්වන දින වෙයි.
Pali BJTඉත්ථං සුදං සාමා ථෙරී ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසෙයින් සාමා මෙහෙණ ගාථා කිවු යැ.
Pali BJTසාමාථෙරීගාථා.
Sinhala BJTසාමා ථේරීගාථා යි.
Pali BJT3. 2.
Sinhala BJT3. 2.
Pali BJT42. චතුක්ඛත්තුං පඤ්චක්ඛත්තුං විහාරා උපනික්ඛමිං අලද්ධා චෙතසො සන්තිං චිත්තෙ අවසවත්තිනී.
Sinhala BJT42. චිත්ත භාවනායෙහි වශවර්තී භාවයක් නැති මම චිත්ත ශාන්තිය නො ලදින් සතර පස් වරක් විහාරයෙන් බැස ගියෙමු.
Pali BJT43. සා භික්ඛුනිං උපගඤ්ඡිං{1} යා මෙ සද්ධායිකා අහු සා මෙ ධම්මමදෙසෙසි ඛන්ධායතනධාතුයො.
Sinhala BJT43. මා විසින් ශ්‍රාද්ධෙය වූ (ඇදහියයුතු වූ) යම් මෙහෙණක් වූ ද මම ඒ මෙහෙණ කරා එළැඹියා වෙමි. ඒ මෙහෙණ ස්කන්‍ධ ධාතු ආයතන නිඃශ්‍රිත වූ දහමක් දෙසූ.
Pali BJT44. තස්සා ධම්මං සුණිත්වාන යථා මං අනුසාසි සා සත්තාහං එකපල්ලඞ්කෙ නිසීදිං සුඛසමප්පිතා අට්ඨමියා පාදෙ පසාරෙසිං තමොක්ඛන්ධං{2} පදාලියාති.
Sinhala BJT44. යම් පරිදි ඒ මෙහෙණ මට අනුශාසනා කළා ද ඇගේ ධර්‍මානු ශාසනය අසා සුඛසමර්පිත වැ සත් දිනක් එක් පලගෙහි හිණිමි. මෝහස්කන්‍ධය පළාපියා අටවන දින පා දිගු කළමු.
Pali BJTඉත්ථං සුදං උත්තමා ථෙරී ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසෙයින් උත්තමා මෙහෙණ ගාථා කිවු යැ.
Pali BJTඋත්තමාථෙරීගාථා.
Sinhala BJTඋත්තමා ථේරීගාථා යි.
Pali BJT3. 3.
Sinhala BJT3. 3.
Pali BJT45. යෙ ඉමෙ සත්තබොජ්ඣඞ්ගා මග්ගා නිබ්බානපත්තියා භාවිතා තෙ මයා සබ්බෙ යථා බුද්ධෙන දෙසිතා.
Sinhala BJT45. නිර්‍වාණප්‍රාප්තියට මාර්‍ග වූ යම් සප්තබෝධ්‍යඞ්ග කෙනෙක් ඇද්ද ඒ හැම මා විසින් බුදුරදුන් දෙසන ලද පරිදි භාවිතයහ.
Pali BJT46. සුඤ්ඤතස්සානිමිත්තස්ස ලාභිනීහං යදිච්ඡකං ඔරසා ධීතා බුද්ධස්ස නිබ්බානාභිරතා සදා.
Sinhala BJT46. ශූන්‍යතසමාපත්තිය ද අනිමිත්තසමාපත්තිය ද කැමති සේ ලබන, බුදුරදුන්ගේ ඖරස දුහිතෘ වූ මම් හැම කල්හි නිවන්හි ඇලුණුමු.
Pali BJT47. සබ්බෙ කාමා සමුච්ඡින්නා යෙ දිබ්බා යෙ ච මානුසා වික්ඛීණො ජාතිසංසාරො නත්ථිදානි පුනබ්භවොති.
Sinhala BJT47. දිව්‍යමය වූත් මනුෂ්‍යමය වූත් යම් වස්තු කාම කෙනෙක් ඇද්ද ඒ හැම කාමයෝ මා විසින් සමුච්ඡේද විසින් සිඳුනා ලදහ. ජාති සංසාරය ක්‍ෂය කරන ලද, මින් මතු පුනර්‍භවයෙක් නැති.
Pali BJTඉත්ථං සුදං අපරා උත්තමා ථෙරී ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසෙයින් අන්‍ය උත්තමා නම් මෙහෙණක් ගාථා කිවු යැ.
Pali BJTඋත්තමාථෙරීගාථා.
Sinhala BJTඋත්තමා ථේරීගාථා යි.
Pali BJT3. 4.
Sinhala BJT3. 4.
Pali BJT48. දිවාවිහාරා නික්ඛම්ම ගිජ්ඣකූටම්හි පබ්බතෙ නාගමොගාහමුත්තිණ්ණං නදීතීරම්හි අද්දසං.
Sinhala BJT48. (මම්) ගිජුකුළු පව්වෙහි දිවාවිහාරයෙන් නික්ම සප්පිනිකා නදී තීරයෙහි දී දියෙහි බැස ගොඩ ආ ඇතක්හු දුටුමු.
Pali BJT49. පුරිසො අඞ්කුසමාදාය දෙහි පාදන්ති යාචති නාගො පසාරයී පාදං පුරිසො නාගමාරුහි.
Sinhala BJT49. පුරුෂයෙක් අකුස්සක් ගෙන පය දෙවයි ඉල්වයි, ඇත් පාද ප්‍රසාරණ කෙළේ යැ, පුරුෂ තෙම ඇතු පිට නැංගේ යි.
Pali BJT50. දිස්වා අදන්තං දමිතං මනුස්සානං වසං ගතං, තතො චිත්තං සමාධෙසිං ඛලු තාය වනං ගතාති.
Sinhala BJT50. (පෙර) අදාන්ත වූ (ඇතරුවන්) විසින් දමනය කරනලද (එහෙයින් මැ) මිනිසුන්ගේ වසයට ගිය (ඇතු දැක) ඉක්බිති ඒ (ඇතුගේ) ක්‍රියා හේතුවින් මැ අරණට ගිය මම චිත්තසමාධාන කළමු.
Pali BJTඉත්ථං සුදං දන්තිකා ථෙරී ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසෙයින් දන්තිකා මෙහෙණ ගාථා කිවු යැ.
Pali BJTදන්තිකාථෙරීගාථා.
Sinhala BJTදන්තිකා ථේරීගාථා යි.
Pali BJT3. 5.
Sinhala BJT3. 5.
Pali BJT51. අම්ම ජීවතීති{1} වනම්හි කන්දසි අත්තානං අධිගච්ඡ උබ්බිරී චූළාසීති සහස්සානි සබ්බා ජීව සනාමිකා එතම්හාළානෙ දඩ්ඪා තාසං කමනුසොචසි.
Sinhala BJT51. උබ්බිරිය, තෝ ‘ම දියණියනි, ජීවන්තියෙනි’යි ආහ්වාන කෙරෙහි උබ්බිරිය (පළමු) තමා දනුව, තෙල සොහොන්හි සූවාසු දහසක් දෙනා දවන ලද, හැම දෙනා ජීවන්තිය සමාන නම් ඇත්තාහ. උන් කෙරෙහි කවරක සඳහා ශෝක කරව.
Pali BJT52. අබ්බහී වත මෙ සල්ලං දුද්දසං හදයනිස්සිතං{2} යං මෙ සොකපරෙතාය ධීතුසොකං ව්යපානුදී.
Sinhala BJT52. යම් හෙයකින් සොවින් මඬනා ලද මා ගේ දුහිතෘශෝකය බැහැර කළ සේක් ද, එහෙයින් දැක්ක නො හෙන හදවත් ඇසිරි කළ මාගේ ශෝකශල්‍යය උපුළසේක් මැ යි.
Pali BJT53. සාජ්ජ අබ්බූළ්හසල්ලාහං නිච්ඡාතා පරිනිබ්බුතා බුද්ධං ධම්මඤ්ච සඞ්ඝඤ්ච උපෙමි සරණං මුනින්ති.
Sinhala BJT53. ඒ මම් අද උපුළ හුල් ඇති වැ තෘෂ්ණා රහිත වැ (එහෙයින් මැ කෙලෙස් පිරිනිවනින්) පිරිනිවියා සර්‍වඥ වූ බුදුනුදු දහමුදු සඟුනුදු සරණ කොට එළඹෙමි.
Pali BJTඉත්ථං සුදං උබ්බරී ථෙරී ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසෙයින් උබ්බරී මෙහෙණ ගාථා කිවු යැ.
Pali BJTඋබ්බිරීථෙරීගාථා.
Sinhala BJTඋබ්බරී ථේරීගාථා යි.
Pali BJT3. 6.
Sinhala BJT3. 6.
Pali BJT54. කිමෙ{3} කතා රාජගහෙ මනුස්සා මධුපීතාව{4} අච්ඡරෙ යෙ සුක්කං න උපාසන්ති දෙසෙන්තිං බුද්ධසාසනං.
Sinhala BJT54. යම් කෙනෙක් බුද්ධානුශාසනය දෙසන සුක්කා මෙහෙණ කරා නො එළඹෙත් ද රජගහනුවර වැසි මේ මිනිස්හු කුමක් කළාහු මධුපානය කළවුන් සෙයින් හිඳිත් ද?
Pali BJT55. තඤ්ච අප්පටිවානීයං අසෙචනකමොජවං පිවන්ති මඤ්ඤෙ සප්පඤ්ඤා වලාහකමිවද්ධගු.
Sinhala BJT55. නුවණැති පුරුෂයෝ (ශ්‍රෝතෲන්ගේ කන් පිණවනුයෙන්) නො බැහැර කළ හෙන පියවින් මැ රසවත් වූ එයින් මැ ඔදවත් වූ ඒ දහම (කාන්තාරයෙහි දී) මාර්ගිකයන් මේඝජලය බොන්නාක් මෙන් (සවන් දෝතින්) බොති’ සිතම්.
Pali BJT56. සුක්කා සුක්කෙහි ධම්මෙහි වීතරාගා සමාහිතා ධාරෙති අන්තිමං දෙහං ඡෙත්වා මාරං සවාහිනින්ති.{5}
Sinhala BJT56. සුක්කා මෙහෙණ කුශල ධර්‍මයෙන් යුක්ත වැ පැහූ රාග ඇත්තී රහත් ඵලසමවතට වැදුණී වාහිනී සහිත මාරයා පරදවා අන්තිම දේහය දරයි.
Pali BJTඉත්ථං සුදං සුක්කා ථෙරී ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසෙයින් සුක්කා මෙහෙණ ගාථා කිවු යැ.
Pali BJTසුක්කාථෙරීගාථා.
Sinhala BJTසුක්කා ථේරීගාථා යි.
Pali BJT3. 7.
Sinhala BJT3. 7.
Pali BJT57. නත්ථි නිස්සරණං ලොකෙ කිං විවෙකෙන කාහසි භුඤ්ජාහි කාමරතියො මාහු පච්ඡානුතාපිනී.
Sinhala BJT57. ලෝකයෙහි නිවනෙක් නැත, කාය විවේකයෙන් කුමක් කෙරෙහි, කාමක්‍රීඩාරති වළඳ කර, පසු වැ අනුතාප ඇති නො වා. (මාරයාගේ වචන යි.)
Pali BJT58. සත්තිසූලූපමා කාමා ඛන්ධාසං අධිකුට්ටනා යං ත්වං කාමරතිං බ්රූසි අරතී දානි සා මම.
Sinhala BJT58. කාමයෝ විෂ පී සැත්හුල් වැනියහ. තෙල කාමයනට උපාදානස්කන්‍ධයෝ මස්ලොඹු වැනියහ. තෝ යම් කාමරතියක් කියෙහි ද ඒ දැන් මට අරතියෙකි.
Pali BJT59. සබ්බත්ථ විහතා නන්දී තමොක්ඛන්ධො පදාලිතො එවං ජානාහි පාපිම නිහතො ත්වමසි අන්තකාති.
Sinhala BJT59. හැම විෂයෙහි තෘෂ්ණා නසන ලද. මෝහස්කන්‍ධය පළන ලදි, මාරය මෙසේ දනුව. මාරය තෝ නටුයෙහි.
Pali BJTඉත්ථං සුදං සෙලා ථෙරී ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසෙයින් සෙලා මෙහෙණ ගාථා කිවු යැ.
Pali BJTසෙලාථෙරීගාථා.
Sinhala BJTසෙලා ථේරීගාථා යි.
Pali BJT3. 8.
Sinhala BJT3. 8.
Pali BJT60. යං තං ඉසීහි පත්තබ්බං ඨානං දුරභිසම්භවං න තං ද්වඞ්ගුලපඤ්ඤාය{1} සක්කා පප්පොතුමිත්ථියා.
Sinhala BJT60. බුද්ධාදි ඍෂින් විසින් පැමිණිය යුතු (තදන්‍යයන් විසින්) දුකසේ නිපදවාලියහෙන අර්‍හත්ත්‍ව සඞ්ඛ්‍යාත යම් පරමාශ්වාස කාරණයෙක් ඇද්ද එය දෑගිලි නුවණැති ස්ත්‍රිය විසින් පැමිණෙන්නට නො හැක්ක.
Pali BJT61. ඉත්ථිභාවො නො කිං කයිරා චිත්තම්හි සුසමාහිතෙ ඤාණම්හි වත්තමානම්හි සම්මා ධම්මං විපස්සතො.
Sinhala BJT61. සිත අර්‍හන්මාර්‍ග සමාධියෙන් මොනොවට සමාහිත කල්හි රහත් මාර්‍ගඥානය පවත්නා කල්හි සිව්සස් දහම් පරිඥා දි විසින් මොනොවට දක්මින් සිටිය දී ස්ත්‍රිභාවය අපට කුමක් කරන්නේ ද?
Pali BJT62. සබ්බත්ථ විහතා නන්දි තමොක්ඛන්ධො පදාලිතො එවං ජානාහි පාපිම නිහතො ත්වමසි අන්තකාති.
Sinhala BJT62. හැම විෂයෙහි තෘෂ්ණා නසන ලද, මෝහස්කන්‍ධය පළන ලදි, මාරය මෙසේ දනුව, මාරය තෝ නටුයෙහි.
Pali BJTඉත්ථං සුදං සොමා ථෙරී ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසෙයින් සෝමා මෙහෙණ ගාථා කිවු යැ.
Pali BJTසොමාථෙරීගාථා.
Sinhala BJTසෝමා ථේරීගාථා යි.
Pali BJTතිකනිපාතො නිට්ඨිතො.
Sinhala BJTතිකනිපාතය නිමි.
Pali BJT4. චතුක්කනිපාතො.
Sinhala BJT4. චතුක්කනිපාතය
Pali BJT4. 1.
Sinhala BJT4. 1.
Pali BJT63. පුත්තො බුද්ධස්ස දායාදො කස්සපො සුසමාහිතො, පුබ්බෙනිවාසං යො වෙදී සග්ගාපායඤ්ච පස්සති.
Sinhala BJT63. සම්‍යක් සම්බුද්ධයන්ගේ අනුජාත පුත්‍ර වූ එහෙයින් මැ ඔබගේ දායාද වූ මොනොවට සමාහිත සිත් ඇති යම් කාශ්‍යප නම් ස්ථවිර කෙනෙක් පෙර විසූ කඳ පිළිවෙළ දත්තාහු ද ස්වර්‍ගය හා අපාය හා දිවැසින් දකිත් ද,
Pali BJT64. අථො ජාතික්ඛයං පත්තො අභිඤ්ඤාවොසිතො මුනි, එතාහි තීහි විජ්ජාහි තෙවිජ්ජො හොති බ්රාහ්මණො.
Sinhala BJT64. යළි ජාතික්‍ෂය සඞ්ඛ්‍යාත අර්‍හත්ත්‍වයට පැමිණියාහු ද මේ ත්‍රිවිද්‍යාවන් හේතු කොට ගෙන ත්‍රිවිද්‍යාප්‍රාප්ත බ්‍රාහ්මණ වෙත් ද,
Pali BJT65. තථෙව භද්දාකාපිලානි තෙවිජ්ජා මච්චුහායිනී, ධාරෙති අන්තිමං දෙහං ඡෙත්වා{1} මාරං සවාහිනිං.{2}
Sinhala BJT65. එසෙයින් මැ භද්‍රාකාපිලානී මෙහෙණ ත්‍රිවිද්‍යා ඇත්තී මරු පළවා හරින සුලුවී සෙන් සහිත මරු දිනා අන්තිම ශරීරය ධරයි.
Pali BJT66. දිස්වා ආදීනවං ලොකෙ උභො පබ්බජිතා මයං, ත්යම්හා ඛීණාසවා දන්තා සීතිභූතාම්හ නිබ්බුතාති.
Sinhala BJT66. අපි දෙදෙනමෝ ලොව ආදීනව දැක ඒ අපි උත්තමදමනයෙන් දැමුණමෝ ක්‍ෂීණාස්‍රව වූම්හ.
Pali BJTඉත්ථං සුදං භද්දාකාපිලානී ථෙරී ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසෙයින් භද්‍රාකාපිලානී මෙහෙණ ගාථා කිවු යැ.
Pali BJTභද්දාකාපිලානීථෙරීගාථා.
Sinhala BJTභද්දාකාපිලානී ථේරීගාථා යි.
Pali BJTචතුක්කනිපාතො නිට්ඨිතො.
Sinhala BJTචතුක්ක නිපාතය නිමි.
Pali BJT5. පඤ්චකනිපාතො.
Sinhala BJT5. පඤ්චකනිපාතය
Pali BJT5. 1.
Sinhala BJT5. 1.
Pali BJT67. පණ්ණවීසතිවස්සානි යතො පබ්බජිතා අහං නච්ඡරාසඞ්ඝතමත්තම්පි{1} චිත්තස්සූපසමජ්ඣගං.
Sinhala BJT67. යම් තැනක පටන් පැවිදි වූ මම් පස්විසිවසක් මුළුල්ලෙහි අසුරුසන් ලන පමණ ඇසිල්ලකුදු චිත්තෝපශමය නො ලත්මු.
Pali BJT68. අලද්ධා චෙතසො සන්තිං කාමරාගෙනවස්සුතා, බාහාපග්ගය්හ කන්දන්තී විහාරං පාවිසිං අහං.
Sinhala BJT68. කාමරාගයෙන් තෙත් වැ චිත්තශාන්තියක් නො ලැබ මම් දෙ අත් බැඳ හඬමින් විහාරයට පිවිසීමි.
Pali BJT69. තං භික්ඛුනීමුපාගඤ්ජිං{2} යා මෙ සද්ධායිකා අහු, සා මෙ ධම්මමදෙසෙසි ඛන්ධායතනධාතුයො.
Sinhala BJT69. යම් (ධම්මදින්නා) මෙහෙණක් මා විසින් හැදැහිය යුතු වූ ද මම් ඒ මෙහෙණ කරා එළඹීමි. ඒ මෙහෙණ මට ස්කන්‍ධායතනධාතූන් (පිළිබඳ) දහම් දෙසූ.
Pali BJT70. තස්සා ධම්මං සුණිත්වාන එකමන්තෙ උපාවිසිං, පුබ්බෙනිවාසං ජානාමි දිබ්බචක්ඛුං විසොධිතං.
Sinhala BJT70. ඇගේ දහම් අසා එකත්පස්හි හිනිමි. මම් පෙරවිසූ කඳපිළිවෙළ දනිමි. මා විසින් දිවැස පිරිසිදු කරන ලද.
Pali BJT71. චෙතොපරියඤාණඤ්ච සොතධාතු විසොධිතා, ඉදිධිපි මෙ සච්ඡිකතා පත්තො මෙ ආවක්ඛයො, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනන්ති.
Sinhala BJT71. චේතෝපරියඤාණය ද පිරිසිදු කරන ලද. දිබ්බසොතධාතුව ද පිරිසිදු කරනලදු. මා විසින් ඍද්ධිය පසක් කරන ලදු. මා විසින් ආස්‍රවක්‍ෂය ලබනලද, ෂඩභිඥා ප්‍රත්‍යක්‍ෂ කරන ලදහු. බුදුසසුන් කරන ලදි.
Pali BJTඉත්ථං සුදං අඤ්ඤතරා ථෙරී ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසෙයින් එක්තරා මෙහෙණක් ගාථා කිවු යැ.
Pali BJTඅඤ්ඤතරාථෙරීගාථා.
Sinhala BJTඅඤ්ඤතරා ථේරීගාථා යි.
Pali BJT5. 2.
Sinhala BJT5. 2.
Pali BJT72. මත්තා වණ්ණෙන රූපෙන සොභග්ගෙන යසෙන ච, යොබ්බනෙන චූපත්ථද්ධා අඤ්ඤාසමතිමඤ්ඤිහං.
Sinhala BJT72. මම් වර්‍ණයෙන් රූපයෙන් සෞභාග්‍යයෙන් හා යසසින් ද මත් වූමු. යෞවන මදයෙන් තදමත් ඇති වැ අන්‍ය ස්ත්‍රීන් ඉක්මවා සිතූමු.
Pali BJT73. විභූසිත්වා{3} ඉමං කායං සුචිත්තං බාලලාපනං, අට්ඨාසිං වෙසිද්වාරම්හි ලුද්දො පාසමිවොඩ්ඩිය.
Sinhala BJT73. මොනොවට විසිතුරු කළ (මම යැ මාගේ යැයි) බාලයනට කියවන මේ කය සරසාගෙන මලපුඬු එව මුව වැද්දකු සෙයින් වේශීගෘහද්වාරයෙහි සිටියමු.