Therīgāthā

Verses of the Elder Nuns

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 1-100 න් 777

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTඛුද්දකනිකායෙ
Sinhala BJTඛුද්දකනිකාය
Pali BJTථෙරීගාථාපාළි
Sinhala BJTථේරීගාථාපාළි
Pali BJTනමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස.
Sinhala BJTඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!
Pali BJT1. එකකනිපාතො.
Sinhala BJT1. ඒකකනිපාතය
Pali BJT1. 1.
Sinhala BJT1. 1.
Pali BJT1. සුඛං සුපාහි ථෙරිකෙ කත්වා චොළෙන පාරුතා, උපසන්තො හි තෙ රාගො සුක්ඛඩාකං ව කුම්භියන්ති.
Sinhala BJT1. ථේරිකාවෙනි, පහුල්වතින් පිවුරු කොට හඳනා පොරෝනා ලද සිරුරු ඇති වැ සුවසේ වාස කර. යම්හෙයකින් තොපගේ (සන්තානයෙහි උපදනා) කාමරාගය රත් වූ කුඹුයෙහි (බඳුනෙහි,) ශුෂ්කඩාකයක් (වියැළීගිය පළාවක්) සෙයින් අනගැමි මගින් සන්හිඳුණේ වේ ද එහෙයිනි.
Pali BJTඉත්ථං සුදං අඤ්ඤතරා ථෙරී අපඤ්ඤාතා භික්ඛුනී ගාථං අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසෙයින් ථේරිකා නම් එක්තරා අප්‍රකට මෙහෙණක් ගාථාවක් කිවු යැ.
Pali BJTඅඤ්ඤතරථෙරීගාථා.
Sinhala BJTඅඤ්ඤතර ථේරීගාථා යි.
Pali BJT1. 2.
Sinhala BJT1. 2.
Pali BJT2. මුත්තෙ මුච්චස්සු යොගෙහි චන්දො රාහුග්ගහා ඉව, විප්පමුත්තෙන චිත්තෙන අනණා භුඤ්ජ පිණ්ඩකන්ති.
Sinhala BJT2. මුත්තාවෙනි, රාහුග්‍රහයා කෙරෙන් චන්‍ද්‍රයා සෙයින් කාමාදි සතර යෝගයන් කෙරෙන් මිදෙව. කෙලෙසුන් කෙරෙන් (සමුච්ඡේදවිමුක්තීන්) මොනොවට මිදුණු සිතින් යුක්ත වැ කෙලෙස් ණය හැරපියා රට වැසියාගේ පිඬු (සිවුපසය) වළඳකර.
Pali BJTඉත්ථං සුදං භගවා මුත්තං සික්ඛමානං ඉමාය ගාථාය අභිණ්හං ඔවදතී’ති.
Sinhala BJTමෙසෙයින් භාග්‍යවතුන් වහන්සේ මුත්තා නම් සික්ඛමානාවට මේ ගයින් එක්වන් ඔවා දෙනසේක.
Pali BJTමුත්තාථෙරීගාථා.
Sinhala BJTමුත්තා ථේරීගාථා යි.
Pali BJT1. 3.
Sinhala BJT1. 3.
Pali BJT3. පුණ්ණො පූරස්සු ධම්මෙහි චන්දො පණ්ණරසොරිව,{1} පරිපුණ්ණාය පඤ්ඤාය තමොක්ඛන්ධං{2} පදාලයාති.
Sinhala BJT3. පුණ්ණාවෙනි, පුණුරැසි සඳ සෙයින් (සත්තිස් බෝධිපාක්‍ෂික) ධර්‍මයන් පිරෙව, පිරිපුන් (රහත්මඟ) නුවණින් මොහොකඳ බිඳුව.
Pali BJTඉත්ථං සුදං පුණ්ණා ථෙරී ගාථං අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසෙයින් පුණ්ණා මෙහෙණ ගාථාවක් කිවු යැ.
Pali BJTපුණ්ණාථෙරීගාථා.
Sinhala BJTපුණ්ණා ථේරීගාථා යි.
Pali BJT1. 4.
Sinhala BJT1. 4.
Pali BJT4. තිස්සෙ සික්ඛස්සු සික්ඛාය මා තං යොගා උපච්චගුං, සබ්බයොගවිසංයුත්තා චර ලොකෙ අනාසවා’ති.
Sinhala BJT4. තිස්සාවෙනි, (අධිශීලාදි ත්‍රිවිධ) ශික්‍ෂායෙහි හික්මෙව, (මනුෂ්‍යත්‍වය ඉන්‍ද්‍රිය අවිකලත්‍වය, බුද්ධෝත්පාදය, ශ්‍රද්ධා ප්‍රතිලාභය යන) යෝගයෝ - දුර්‍ලභක්‍ෂණයෝ තොප නහමක් ඉක්මයෙත්වා, නොහොත් කාමාදි චතුර්යෝගයෝ තොප නහමක් මඩිත්වා. සියලු මැ කාමාදියොගයන් කෙරෙන් මුක්ත වැ (එහෙයින් මැ) ආස්‍රව රහිත වැ ලොව හැසිරෙව.
Pali BJTඉත්ථං සුදං තිස්සා ථෙරී ගාථං අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසෙයින් තිස්සා මෙහෙණ ගාථාවක් කිවු යැ.
Pali BJTතිස්සාථෙරීගාථා.
Sinhala BJTතිස්සා ථේරීගාථා යි.
Pali BJT1. 5.
Sinhala BJT1. 5.
Pali BJT5. තිස්සෙ යුඤ්ජස්සු ධම්මෙහි ඛණො තං මා උපච්චගා, ඛණාතීතා හි සොචන්ති නිරයම්හි සමප්පිතා’ති.
Sinhala BJT5. තිස්සාවෙනි, (ශමථවිදර්‍ශනාධර්‍මයන් හා ආර්‍ය්‍යබෝධිපාක්‍ෂිකධර්‍මය යන) ධර්‍මයෙන් යුක්ත වව, (ප්‍රතිරූපදෙශ, අවෛකල්‍යෂඩායතන, බුද්ධොත්පාද, ශ්‍රද්ධාප්‍රතිලාභ සඞ්ඛ්‍යාත) ක්‍ෂණය තොප නහමක් ඉක්මයේවා. යම්හෙයකින් ක්‍ෂණය පැනගියාහු නිරයෙහි ඉපිද සොවිත් ද, එහෙයිනි.
Pali BJTඉත්ථං සුදං තිස්සා ථෙරී ගාථං අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසෙයින් තිස්සා මෙහෙණ ගාථාවක් කිවූ යැ.
Pali BJTතිස්සාථෙරීගාථා.
Sinhala BJTතිස්සා ථේරීගාථා යි.
Pali BJT1. 6.
Sinhala BJT1. 6.
Pali BJT6. ධීරෙ නිරොධං ඵුස්සෙහි{1} සඤ්ඤා වූපසමං සුඛං, ආරාධයාහි නිබ්බානං යොගක්ඛෙමං අනුත්තරං.{2}
Sinhala BJT6. ධීරාවෙනි, ක්ලේශනිරෝධය (නිර්‍වාණය) ස්පර්‍ශ කරව. කාමාදි පාපසංඥාවන්ගේ ව්‍යුපශම නිමිත්ත වන යෝගක්ඛේම නම් වූ සුඛාවහ වූ අනුත්තර නිර්‍වාණය ලබාගනුව.
Pali BJTඉත්ථං සුදං ධීරා ථෙරී ගාථං අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසෙයින් ධීරා මෙහෙණ ගාථාවක් කිවූ යැ.
Pali BJTධීරාථෙරීගාථා.
Sinhala BJTධීරා ථේරීගාථා යි.
Pali BJT1. 7.
Sinhala BJT1. 7.
Pali BJT7. වීරා වීරෙහි ධම්මෙහි භික්ඛුනී භාවිතින්ද්රියා, ධාරෙහි අන්තිමං දෙහං ඡෙත්වා{3} මාරං සවාහිනින්ති.{4}
Sinhala BJT7. වීරා මෙහෙණියෙනි, (වීර්‍ය්‍යප්‍රධාන හෙයින්) වීරධර්‍ම වූ ආර්‍ය්‍ය මාර්‍ග ධර්‍මයෙන් වැඩූ ශ්‍රද්ධාදී ඉඳුරන් ඇති වැ සේනා සහිත වූ ක්ලේශ මාරයා දිනා අන්තිමදේහය ධරව.
Pali BJTඉත්ථං සුදං වීරා ථෙරී ගාථං අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසෙයින් වීරා මෙහෙණ ගාථාවක් කිවු යැ.
Pali BJTවීරාථෙරීගාථා.
Sinhala BJTවිරා ථේරීගාථා යි.
Pali BJT1. 8.
Sinhala BJT1. 8.
Pali BJT8. සද්ධාය පබ්බජිත්වාන මිත්තෙ මිත්තරතා භව, භාවෙහි කුසලෙ ධම්මෙ යොගක්ඛෙමස්ස පත්තියාති.
Sinhala BJT8. මිත්තාවෙනි, සැදැහැයෙන් පැවිදි වැ කලණ මිතුරන් කෙරෙහි ඇලුම් ඇති වව. අර්‍හත්ත්‍ව නිර්‍වාණ සඞ්ඛ්‍යාත යෝගක්‍ෂේමයාගේ අධිගමය පිණිස ආර්‍ය්‍ය මාර්‍ග ධර්‍මයන් වඩව.
Pali BJTඉත්ථං සුදං මිත්තාථෙරී ගාථං අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසෙයින් මිත්තා මෙහෙණ ගාථාවක් කිවු යැ.
Pali BJTමිත්තාථෙරීගාථා.
Sinhala BJTමිත්තා ථේරීගාථා යි.
Pali BJT1. 9.
Sinhala BJT1. 9.
Pali BJT9. සද්ධාය පබ්බජිත්වාන භද්රෙ භද්රරතා භව, භාවෙහි කුසලෙ ධම්මෙ යොගක්ඛෙමං අනුත්තරන්ති.
Sinhala BJT9. භද්‍රාවෙනි, සැදැහැයෙන් පැවිදි වැ භද්‍ර වූ ශීලාදි ධර්‍මයෙහි ඇලුම් ඇති වව, චතුර්යෝගයෙන් ක්‍ෂේම වූ නිවනට පැමිණෙනු පිණිස (සප්තත්‍රිංශද්බෝධිපාක්‍ෂික) ධර්‍මයන් වඩව.
Pali BJTඉත්ථං සුදං භද්රා ථෙරී ගාථං අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසෙයින් භද්‍රා මෙහෙණ ගාථාවක් කිවු යැ.
Pali BJTභද්රාථෙරීගාථා.
Sinhala BJTභද්‍රා ථේරීගාථා යි.
Pali BJT1. 10.
Sinhala BJT1. 10.
Pali BJT10. උපසමෙ තරෙ ඔඝං මච්චුධෙය්යං සුදුත්තරං, ධාරෙහි අන්තිමං දෙහං ජෙත්වා{1} මාරං සවාහිනින්ති.{2}
Sinhala BJT10. උපසමාවෙනි, ක්ලේශමාරයාගේ පැවැත්ම ඇති අත්‍යර්‍ත්‍ථයෙන් දුස්තර වූ සංසාරෝඝය (ආර්‍ය්‍යමාර්‍ග නෞකායෙන්) තරණය කර, සේනා සහිත කෙලෙස් මරහු දිනා (එහෙයින් මැ) අන්තිම ශරීරය ධරව.
Pali BJTඉත්ථං සුදං උපසමා ථෙරී ගාථං අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසෙයින් උපසමා මෙහෙණ ගාථාවක් කිවු යි.
Pali BJTඋපසමාථෙරීගාථා.
Sinhala BJTඋපසමා ථේරීගාථා යි.
Pali BJT1. 11.
Sinhala BJT1. 11.
Pali BJT11. සුමුත්තා සාධු මුත්තාම්හි තීහි ඛුජ්ජෙහි මුත්තියා, උදුක්ඛලෙන මුසලෙන පතිනා ඛුජ්ජකෙන ච, මුත්තාම්හි ජාතිමරණා භවනෙත්ති සමූහතාති.
Sinhala BJT11. මොනොවට මිදුණෙම් වෙමි. වෙනෙනුදු මොහොලිනුදු කුදු සැමියා කෙරෙනුදු යන තුන් කුදුයෙන් මිදීමෙන් මෙසේ මොනොවට මිදුණෙම් වෙමි. ජාතිමරණයෙනුදු මිදුණෙම් වෙමි. භවනෙත්ති නම් වූ තෘෂ්ණාව නසන ලදු යැ, එහෙයිනි.
Pali BJTඉත්ථං සුදං මුත්තාථෙරී ගාථං අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ මුත්තා නම් මෙහෙණ ගාථාවක් කිවු යැ.
Pali BJTමුත්තාථෙරීගාථා.
Sinhala BJTමුත්තා ථේරීගාථා යි.
Pali BJT1. 12.
Sinhala BJT1. 12.
Pali BJT12. ඡන්දජාතා අවසායී මනසා ච ඵුඨා{3} සියා, කාමෙසු අප්පටිබද්ධචිත්තා උද්ධංසොතාති වුච්චතීති.{4}
Sinhala BJT12. (අග්‍ර ඵලය පිණිස) උපන් ඡන්‍දය ඇත්තී මහණුවම්හි අවසානය (නිවන) පතන්නී (යට තුන්මග) සිතින් (නිවන) ස්පර්ශී කළා වෙයි. කාමයෙහි පිළිබැඳි සිත් නැත්තී ‘උද්ධංසොතා’යයි කියනු ලැබේ.
Pali BJTඉත්ථං සුදං ධම්මදින්නා ථෙරී ගාථං අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ධම්මදින්නා මෙහෙණ ගාථාවක් කිවු යැ.
Pali BJTධම්මදින්නාථෙරීගාථා.
Sinhala BJTධම්මදින්නා ථේරීගාථා යි.
Pali BJT1. 13.
Sinhala BJT1. 13.
Pali BJT13. කරොථ බුද්ධසාසනං යං කත්වා නානුතප්පති, ඛිප්පං පාදානි ධොවිත්වා එකමන්තෙ නිසීදථාති.
Sinhala BJT13. යම් අනුශාසනයක් කිරීමෙන් නො තැවේ ද බුදුරදුන්ගේ ඒ අනුසසුන් කරව, වහා පා දෙවැ එකත්පසෙක හිඳුව.
Pali BJTඉත්ථං සුදං විසාඛාථෙරී ගාථං අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ විශාඛා මෙහෙණ ගාථාවක් කිවු යැ.
Pali BJTවිසාඛාථෙරීගාථා.
Sinhala BJTවිසාඛා ථේරීගාථා යි.
Pali BJT1. 14.
Sinhala BJT1. 14.
Pali BJT14. ධාතුයො දුක්ඛතො දිස්වා මා ජාතිං පුනරාගමි, භවෙ ඡන්දං විරාජෙත්වා උපසන්තා චරිස්සසීති.
Sinhala BJT14. (ස්වසන්තතිපර්‍ය්‍යාපන්න වූ චක්‍ෂුරාදි) ධාතූන් දුක් විසින් දැක පුනර්‍භවයට නහමක් පැමිණෙව. භවයෙහි තෘෂ්ණා ඡන්‍දය හැරපියා උපශාන්ත වැ හැසිරෙව.
Pali BJTඉත්ථං සුදං සුමනාථෙරී ගාථං අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ සුමනා මෙහෙණ ගාථාවක් කිවු යැ.
Pali BJTසුමනාථෙරීගාථා.
Sinhala BJTසුමනා ථේරීගාථා යි.
Pali BJT1. 15.
Sinhala BJT1. 15.
Pali BJT15. කායෙන සංවුතා ආසිං වාචාය උද චෙතසා, සමූලං තණ්හං අබ්බුය්හ{1} සීතිභූතම්හි නිබ්බුතාති.
Sinhala BJT15. කායසංවරයෙන් සංවෘත වීමි, වාක්සංවරයෙන් සංවෘත වීමි. වැළි අධිචිත්තයෙන් සංවෘත වීමි, අනුශය සහිත තෘෂ්ණාව උදුරාපියා සිහිල් බවට පැමිණියෙම් නිවියෙම් වෙමි.
Pali BJTඉත්ථං සුදං උත්තරාථෙරී ගාථං අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසෙයින් උත්තරා මෙහෙණ ගාථාවක් කිවු යැ.
Pali BJTඋත්තරාථෙරීගාථා.
Sinhala BJTඋත්තරා ථේරීගාථා යි.
Pali BJT1. 16.
Sinhala BJT1. 16.
Pali BJT16. සුඛං ත්වං වුඩ්ඪිකෙ සෙහි කත්වා චොළෙන පාරුතා, උපසන්තො හි තෙ රාගො සීතිභූතාසි නිබ්බුතාති.
Sinhala BJT16. වෘද්ධාවෙනි, තෙපි පහුල්වතින් සිවුරු කොට පෙරෙවියාව සුවසේ හොව, යම්හෙයෙකින් තොපගේ රාගය සන්හිණි ද එහෙයින් සිහිල් වැ පිරිනිවියා වව.
Pali BJTඉත්ථං සුදං සුමනා බුඩ්ඪපබ්බජිතා ථෙරී ගාථං අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසෙයින් වෘද්ධප්‍රව්‍රජිත සුමනා මෙහෙණ ගාථාවක් කිවු යැ.
Pali BJTසුමනාබුඩ්ඪපබ්බජිතාථෙරීගාථා.
Sinhala BJTසුමනාබුඩ්ඪපබ්බජිතා ථේරීගාථා යි.
Pali BJT1. 17.
Sinhala BJT1. 17.
Pali BJT17. පිණ්ඩපාතං චරිත්වාන දණ්ඩමොලුබ්භ දුබ්බලා, වෙධමානෙහි ගත්තෙහි තත්ථෙව නිපතිං ඡමා, දිස්වා ආදීනවං කායෙ අථ චිත්තං විමුච්චි මෙති.
Sinhala BJT17. දුබල වූයෙම් සැරයටිය එල්බගෙන පිඬු සිඟා ඇවිද වෙවුළන ගාත්‍ර ඇති වැ එහි මැ බිම හිණිමි. කයෙහි ආදීනව දැක යළි මා සිත කෙලෙසුන් කෙරෙන් මිදිණ.
Pali BJTඉත්ථං සුදං ධම්මා ථෙරී ගාථං අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසෙයින් ධම්මා මෙහෙණ ගාථාවක් කිවු යැ.
Pali BJTධම්මාථෙරීගාථා.
Sinhala BJTධම්මා ථේරීගාථා යි.
Pali BJT1. 18.
Sinhala BJT1. 18.
Pali BJT18. හිත්වා ඝරෙ පබ්බජිතා{2} හිත්වා පුත්තං පසුං පියං, හිත්වා රාගඤ්ච දොසඤ්ච අවිජ්ජඤ්ච විරාජිය, සමූලං තණ්හං අබ්බුය්හ උපසන්තම්හි නිබ්බුතාති.
Sinhala BJT18. ගිහිගෙය හැරපියා ප්‍රිය එළවන පුත්‍රයන් හා ගොමහීෂාදීන් හැරපියා රාගයත් ද්වේෂයත් ආර්‍ය්‍යමාර්‍ගයෙන් සිඳපියා අවිද්‍යාව ද මාර්‍ගයෙන් නසා අනුශය සහිත තෘෂ්ණාව උදුරාපියා උපශාන්ත වැ නිවුණුමු.
Pali BJTඉත්ථං සුදං සඞ්ඝාථෙරී ගාථං අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසෙයින් සඞ්ඝා මෙහෙණ ගාථාවක් කිවු යැ.
Pali BJTසඞ්ඝාථෙරීගාථා.
Sinhala BJTසඞ්ඝා ථේරීගාථා යි.
Pali BJTඑකකනිපාතො නිට්ඨිතො.
Sinhala BJTඒකකනිපාතය නිමි.
Pali BJT2. දුකනිපාතො.
Sinhala BJT2. දුකනිපාතය
Pali BJT2. 1.
Sinhala BJT2. 1.
Pali BJT19. ආතුරං අසුචිං පූතිං පස්ස නන්දෙ සමුස්සයං, අසුභාය චිත්තං භාවෙහි එකග්ගං සුසමාහිතං.
Sinhala BJT19. නන්‍දාවෙනි, ආතුර වූ අපවිත්‍ර වූ පූතිභාවයට ගිය (තෙල) ශරීරය බල, වික්‍ෂේප නැතියෙන් ඒකාග්‍ර වූ (අරමුණෙහි මොනොවට පිහිටියෙන්) සුසමාහිත වූ සිත අසුභය පිණිස වඩව.
Pali BJT20. අනිමිත්තඤ්ච භාවෙහි මානානුසයමුජ්ජහ, තතො මානාභිසමයා උපසන්තා චරිස්සසීති.
Sinhala BJT20. (නිත්‍යනිමිත්තාදීන් දුරලනුයෙන්) අනිමිත්ත නම් වූ විපස්සනාව වඩව, මානානුශය දුරලව, ඉක්බිති මානයාගේ දුරු කිරීමෙන් උපශාන්ත වැ වාස කරව.
Pali BJTඉත්ථං සුදං භගවා අභරූපනන්දං සික්ඛමානං ඉමාහි ගාථාහි අභිණ්හං ඔවදතීති.
Sinhala BJTමෙසෙයින් භාග්‍යවතුන් වහන්සේ අභිරූපනන්‍දා සික්ඛමානාවට මේ ගාථායෙන් නරතුරු ඔවදන් දෙනසේක.
Pali BJTඅභිරූපනන්දාථෙරීගාථා.
Sinhala BJTඅභිරූපනන්‍දා ථේරීගාථා යි.
Pali BJT2. 2.
Sinhala BJT2. 2.
Pali BJT21. යෙ ඉමෙ සත්තබොජ්ඣඞ්ගා මග්ගා නිබ්බානපත්තියා, භාවිතා තෙ මයා සබ්බෙ යථා බුද්ධෙන දෙසිතා.
Sinhala BJT21. නිර්‍වාණාවබෝධයට මාර්‍ග වූ යම් සප්තබෝධ්‍යඞ්ග කෙනෙක් ඇද්ද යම් පරිදි බුදුන් විසින් දෙසන ලද්දාහු ද ඒ හැම බෝධ්‍යඞ්ගයෝ මා විසින් භාවිතයහ.
Pali BJT22. දිට්ඨො හි මෙ සො භගවා අන්තිමොයං සමුස්සයො, වික්ඛීණො ජාතිසංසාරො නත්ථි දානි පුනබ්භවො’ති.
Sinhala BJT22. යම් හෙයෙකින් මා විසින් ඒ ධර්‍මකාය සඞ්ඛ්‍යාත භාග්‍යවතුන් වහන්සේ (ආර්‍ය්‍යධර්‍මදර්‍ශනයෙන්) දක්නා ලද්දාහු ද එහෙයින් මේ අන්තිම ශරීරය වෙයි. ජාතිසංසාරය ක්‍ෂය වී දැන් පුනර්‍භවයෙක් නැති.
Pali BJTඉත්ථං සුදං ජෙන්තා ථෙරී ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසෙයින් ජෙන්තා මෙහෙණ ගාථා කිවු යැ.
Pali BJTජෙන්තාථෙරීගාථා.
Sinhala BJTජෙන්තා ථේරීගාථා යි.
Pali BJT2. 3.
Sinhala BJT2. 3.
Pali BJT23. සුමුත්තිකෙ සුමුත්තිකෙ{1} සාධු මුත්තිකාම්හි මුසලස්ස, අහිරිකො මෙ ඡත්තකං වාපි{2} උක්ඛලිකා මෙ දෙඩ්ඪුභං වාති.
Sinhala BJT23. සුමුත්තිකාවෙනි, සුමුත්තිකාවෙනි, මොහොලින් මොනොවට මිදුණමු. මාගේ සැමියා නිර්ලජ්ජයෙක. (හේ මට නො රිසි වෙයි) (දිවි තකා කැරෙන) ඡත්‍රය ද නො රිසි වෙයි. මාගේ බත් පිසන සැළිය දියබරණ ගඳ හමයි. (මෙ හැමයෙන් මොනවට මිදුණමු)
Pali BJT24. රාගඤ්ච අහං දොසඤ්ච චිච්චිටි චිච්චිටීති විහනාමි, සා රුක්ඛමූලමුපගම්ම අහොසුඛන්ති සුඛතො ඣායාමීති.
Sinhala BJT24. මම් රාගය ද ද්වේෂය ද ‘චිච්චිටි චිච්චිටි’ යන අනුකරණයෙන් නසාලමි. මම වෘක්‍ෂමූලයට එළඹ ‘අහෝසුඛං’ යි සුඛවශයෙන් ධ්‍යාන කරමි.
Pali BJTඉත්ථං සුදං සුමඞ්ගලමාතාථෙරී ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසෙයින් සුමඞ්ගලමාතා මෙහෙණ ගාථා කිවු යැ.
Pali BJTසුමඞ්ගලමාතාථෙරීගාථා.
Sinhala BJTසුමඞ්ගල මාතා ථේරීගාථා යි.
Pali BJT2. 4.
Sinhala BJT2. 4.
Pali BJT25. යාව කාසිජනපදො සුඞ්කො මෙ තත්තකො අහු, තං කත්වා නෙගමො අග්ඝං අඩ්ඪෙනග්ඝං{1} ඨපෙසි මං.
Sinhala BJT25. කසීරට උපදනා සුංවත් යම් පමණ වේ ද මට එපමණ සුංවත් වී. නියම්ගම් වැසි ජනයා ඒ අගය කොට ගෙන එයින් අඩෙකින් මා අගය කොට තැබී.
Pali BJT26. අථ නිබ්බින්දහං රූපෙ නිබ්බින්දං ච විරජ්ජහං, මා පුන ජාතිසංසාරං සන්ධාවෙය්යං පුනප්පුනං, තිස්සො විජ්ජා අච්ඡිකතා කතං බුද්ධස්ස සාසනන්ති.
Sinhala BJT26. ඉක්බිති මම රූපයෙහි කලකිරුණුමි. කලකිරුණු මම විරාගයට පැමිණියමු: වැළි පුනපුනා ජාති සංසාරයට නො දුවමි. මා විසින් ත්‍රිවිද්‍යාවෝ පසක් කරන ලදහු. බුදුන්ගේ අනුසසුන් කරන ලද.
Pali BJTඉත්ථං සුදං අඩ්ඪකාසීථෙරී ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසෙයින් අඩ්ඪකාසී මෙහෙණ ගාථා කිවු යැ.
Pali BJTඅඩ්ඪකාසීථෙරීගාථා.
Sinhala BJTඅඩ්ඪකාසී ථේරීගාථා යි.
Pali BJT2. 5.
Sinhala BJT2. 5.
Pali BJT27. කිඤ්චාපි ඛොම්හි කිසිකා ගිලානා බාළ්හදුබ්බලා, දණ්ඩමොලුබ්භ ගච්ඡාමි පබ්බතං අභිරූහිය.
Sinhala BJT27. මම (මඳ වූ මස්ලේ ඇති බැවින්) කෘශ ශරීර ඇති වැ ගිලන් වැ දැඩි දුබල වුව ද, (යම් මැ තැනෙක) යමින් සැරයටිය එල්බගෙන යමි. (එබඳු වී නමුදු) ගිජුකුළුපව්වට නැඟී,