Therīgāthā

Verses of the Elder Nuns

මූලාශ්‍රය සහ සංස්කරණ විස්තර

Buddha Jayanthi Tipitaka · pathnirvana/tipitaka.lk · CC BY-ND 4.0 · Fetched 2026-04-29 · 777 segments

කියවීමේ විකල්පමෙම උපාංගයේ පමණක් සුරැකේ

ඔබගේ පෞද්ගලික සටහන

ඔබට පමණක් පෙනේ. මූලාශ්‍ර පාඨයේ කොටසක් නොවේ.

පෙන්වන කොටස් 601-700 න් 777

පාඨයක් සොයන්න හෝ පිටුව වෙනස් කරන්න
kn-thig:78.7
ඉත්ථං සුදං සුභා කම්මාරධීතා ථෙරී ගාථායො අභාසීති.
kn-thig:78.8
සුභාකම්මාරධීතුථෙරීගාථා.
kn-thig:78.9
වීසතිනිපාතො නිට්ඨිතො.
kn-thig:80.1
30. තිංසතිනිපාතො.
kn-thig:80.2
30. 1.
kn-thig:80.3
365. ජීවකම්බවනං රම්මං ගච්ඡන්තිං භික්ඛුනිං සුභං, ධුත්තකො සන්නිවාරෙසි තමෙනං අබ්රවී සුභා.
kn-thig:80.4
366. කිං තෙ අපරාධිතං මයා යං මං ඔවරියාන තිට්ඨසි, න හි පබ්බජිතාය ආවුසො පුරිසො සම්ඵුසනාය කප්පති.
kn-thig:80.5
367. ගරුකෙ මම සත්ථුසාසනෙ යා සික්ඛා සුගතෙන දෙසිතා, පරිසුද්ධපදං අනඞ්ගණං කිං මං ඔවරියාන තිට්ඨසි.
kn-thig:80.6
368. ආවිලචිත්තො අනාවිලං සරජො වීතරජං අනඞ්ගණං, සබ්බත්ථ විමුත්තමානසං කිං මං ඔවරියාන තිට්ඨසි.
kn-thig:80.7
369. දහරා ච අපාපිකා චසි කිං තෙ පබ්බජ්ජා කරිස්සති, නික්ඛිප කාසාය චීවරං එහි රමාමසෙ පුප්ඵිතෙ{1} වනෙ.
kn-thig:80.8
370. මධුරඤ්ච පවන්ති සබ්බසො කුසුමරජෙන සමුට්ඨිතා දුමා, පඨමවසන්තො සුඛො උතු එහි රමාමසෙ පුප්ඵිතෙ{1} වනෙ.
kn-thig:80.9
371. කුසුමිතසිඛරාව පාදපා අභිගච්ඡන්තිව මාලුතෙරිතා, කා තුය්හං රති භවිස්සති යදි එකා වනමොතරිස්සසි.
kn-thig:80.10
372. වාළමිගසඞ්ඝසෙවිතං කුඤ්ජරමත්තකරෙණුලොලිතං, අසහායිකා ගන්තුමිච්ඡසි රහිතං භිංසනකං මහාවනං.
kn-thig:80.11
373. තපනීයකතාව ධීතිකා විචරසි චිත්තරථෙව{2} අච්ඡරා, කාසිකසුඛුමෙහි වග්ගුහි සොභසි වසනෙහි නූපමෙ.
kn-thig:80.12
374. අහං තව වසානුගො සියං යදි විහරෙමසෙ කානනන්තරෙ, න හි චත්ථි තයා පියතරො පාණො කින්නරිමන්දලොචනෙ.
kn-thig:80.13
375. යදි මෙ වචනං කරිස්සසි සුඛිතා එහි අගාරමාවස, පාසාදනිවාතවාසිනී පරිකම්මං තෙ කරොන්ති නාරියො,
kn-thig:82.1
376. කාසිකසුඛුමාසි ධාරය අභිරොහෙහි{1} ච මාලවණ්ණකං, කඤ්චනමණිමුත්තකං බහුං විවිධං ආභරණං කරොමි තෙ.
kn-thig:82.2
377. සුධොතරජපච්ඡදං සුභං ගොණකතූලිත සන්ථතං නවං, අභිරුහ සයනං මහාරහං චන්දනමණ්ඩිත සාරගන්ධිකං.
kn-thig:82.3
378. උප්පලඤ්ච උදකතො උග්ගතං{2} යථා තං අමනුස්ස සෙවිතං, එවං තුවං බ්රහ්මචාරිනී සකෙසු අඞ්ගෙසු ජරං ගමිස්සසි.
kn-thig:82.4
379. කිං තෙ ඉධ සාරසම්මතං කුණපපූරම්හි සුසානවඩ්ඪනෙ භෙදනධම්මෙ කලෙබරෙ යං දිස්වා විමනො උදික්ඛසි.
kn-thig:82.5
380. අක්ඛීනි ච තුරියාරිව කින්නරියාරිව පබ්බතන්තරෙ තව මෙ නයනානුදික්ඛිය භිය්යො කාමරතී පවඩ්ඪති.
kn-thig:82.6
381. උප්පලසිඛරොපරානි තෙ විමලෙ හාටකසන්නිභෙ මුඛෙ තව මෙ නයනානුදික්ඛිය භිය්යො කාමගුණො පවඩ්ඪති.
kn-thig:82.7
382. අපි දූරගතා සරම්හසෙ ආයතපම්හෙ විසුද්ධදස්සනෙ න හි චත්ථි තයා පියතරො නයනා කින්නරිමන්දලොචනෙ.
kn-thig:82.8
383. අපථෙන පයාතුමිච්ඡසි චන්දං කීළනකං ගවෙස්සසි මෙරුං ලඞ්ඝෙතුමිච්ඡසි යො ත්වං බුද්ධසුතං මග්ගයසෙ.
kn-thig:82.9
384. නත්ථි ලොකෙ සදෙවකෙ රාගො යත්ථ’පි’දානි මෙ සියා නපි නං ජානාමි කීරිසො අථ මග්ගෙන හතො සමූලකො.
kn-thig:82.10
385. ඉඞ්ගාලකුයාව උජ්ඣිතො විසපත්තොරිව අග්ගතො කතො නපි නං පස්සාමි කීරිසො අථ මග්ගෙන හතො සමූලකො,
kn-thig:82.11
386. යස්සා සියා අපච්චවෙක්ඛිතං සත්ථා වා අනුපාසිතො සියා, ත්වං තාදිසිකං පලොහය ජානන්තිං සො ඉමං විහඤ්ඤසි.
kn-thig:82.12
387. මය්හං හි අක්කුට්ඨවන්දිතෙ සුඛදුක්ඛෙ ච සති උපට්ඨිතා, සඞ්ඛතමසුභන්ති ජානිය සබ්බත්ථෙව මනො න ලිප්පති.{3}
kn-thig:84.1
388. සාහං සුගතස්ස සාවිකා මග්ගට්ඨඞ්ගිකයානයායිනී, උද්ධටසල්ලා අනාසවා සුඤ්ඤාගාරගතා රමාමහං.
kn-thig:84.2
389. දිට්ඨා හි මයා සුචිත්තිතා සොම්භා දාරුකපිල්ලකානි වා තන්තීහි ච ඛීලකෙහි ච විනිබද්ධා විවිධං පනච්චකා.
kn-thig:84.3
390. තම්හුද්ධටෙ තන්තිඛීලකෙ විස්සට්ඨෙ විකලෙ පරිපක්ඛිතෙ අවින්දෙ ඛණ්ඩසො කතෙ කිම්හි තත්ථ මනං නිවෙසයෙ.
kn-thig:84.4
391. තථූපමා දෙහකානි මං තෙහි ධම්මෙහි විනා න වත්තන්ති, ධම්මෙහි විනා න වත්තති කිම්හි තත්ථ මනං නිවෙසයෙ.
kn-thig:84.5
392. යථා හරිතාලෙන මක්ඛිතං අද්දස චිත්තිකං භිත්තියා කතං, තම්හි තෙ විපරීත දස්සනං සඤ්ඤා මානුසිකා නිරත්ථිකා.
kn-thig:84.6
393. මායං විය අග්ගතො කතං සුපිනන්තෙව සුවණ්ණපාදපං, උපගච්ඡසි අන්ධරිත්තකං ජනමජ්ඣෙරිව රුප්පරූපකං,
kn-thig:84.7
394. වට්ටනිරිව කොටරොහිතා මජ්ඣෙ බුබ්බුලකා සඅස්සුකා පිළකොළිකා එත්ථ ජායති විවිධා චක්ඛුවිධා ච පිණ්ඩිතා.
kn-thig:84.8
395. උප්පාටිය චාරුදස්සනා න ච පජ්ජිත්ථ අසඞ්ගමානසා, හන්ද තෙ චක්ඛුං හරස්සු තං තස්ස නරස්ස අදාසි තාවදෙ.
kn-thig:84.9
396. තස්ස ච විරමාසි තාවදෙ රාගො තත්ථ ඛමාපයී ච නං, සොත්ථි සියා බ්රහ්මචාරිනී න පුනො එදිසකං භවිස්සසි,
kn-thig:84.10
397. ආසාදිය එදිසං ජනං අග්ගිං පජ්ජලිතං ව ලිඞ්ගිය, ගණ්හිය ආසිවිසං විය අපි නු සොත්ථි සියා ඛමෙහි නො.
kn-thig:84.11
398. මුත්තා ච තතො සා භික්ඛුණී අගමී බුද්ධවරස්ස සන්තිකං, පස්සිය වරපුඤ්ඤලක්ඛණං චක්ඛු ආසි යථා පුරාණකන්ති.
kn-thig:84.12
ඉත්ථං සුදං සුභා ජීවකම්බවනිකා ථෙරී ගාථායො අභාසීති.
kn-thig:84.13
ජීවකම්බවනිකසුභාථෙරීගාථා.
kn-thig:84.14
තිංසති නිපාතො නිට්ඨිතො.
kn-thig:86.1
40. චත්තාලීසතිනිපාතො.
kn-thig:86.2
40. 1.
kn-thig:86.3
399. නගරම්හි කුසුමනාමෙ පාටලිපුත්තම්හි පුථුවියා{1} මණ්ඩෙ සක්යකුලකුලීනායො ද්වෙ භික්ඛුනියො හි ගුණවතියො.
kn-thig:86.4
400. ඉසිදාසී තත්ථ එකා දුතියා බොධිත්ථෙරී{2} සීලසම්පන්නා ච, ඣානජ්ඣායනරතායො බහුස්සුතායො ධුතකිලෙසායො.
kn-thig:86.5
401. තා පිණ්ඩාය චරිත්වා භත්ථං කරිය ධොතපත්තායො, රහිතම්හි සුඛනිසින්නා ඉමා ගිරා අබ්භුදීරෙසුං.
kn-thig:86.6
402. පාසාදිකාසි අය්යෙ ඉසිදාසී වයොපි තෙ අපරිහීනො, කිං දිස්වාන ව්යාකුලිකං{3} අථාසි නෙක්ඛම්මමනුයුත්තා.
kn-thig:86.7
403. එවං අනුයුඤ්ජියමානා සා රහිතෙ ධම්මදෙසනා කුසලා, ඉසිදාසී වචනමබ්රවී සුණ බොධි යථම්හි පබ්බජිතා.
kn-thig:86.8
404. උජ්ජෙනියා පුරවරෙ මය්හං පිතා සීලසංවුතො සෙට්ඨි, තස්සම්හි එකධීතා පියා මනාපා ච දයිතා ච.
kn-thig:86.9
405. අථ මෙ සාකෙතතො වරකා{4} ආගව්ඡුමුත්තමකුලීනා{5} සෙට්ඨීපහූතරතනො තස්ස මං සුණ්හමදාසි තාතො.
kn-thig:86.10
406. සස්සුයා සසුරස්ස ච සායං පාතං පණාමමුපගම්ම, සිරසා කරොමි පාදෙ වන්දාමි යථම්හි අනුසිට්ඨා.
kn-thig:86.11
407. යා මය්හං සාමිකස්ස භගිනියො භාතුනො පටිජනො, තමෙකවරකම්පි දිස්වා උබ්බිග්ගා ආසනං දදාමි.{6}
kn-thig:88.1
408. අන්නෙන ච පානෙන ච ඛජ්ජෙන ච යං ච තත්ථ සන්නිහිතං, ඡාදෙමි උපනයාමි දෙමි ච යං යස්ස පතිරූපං.
kn-thig:88.2
409. කාලෙන උපට්ඨහිත්වා ඝරං සම්පගමාමි උම්මාරෙ, ධොවන්ති හත්ථපාදෙ පඤ්ජලිකා සාමිකං උපෙමි ච.
kn-thig:88.3
410. කොච්ඡං පසාදමඤ්ජනිඤ්ච{1} ආදාසකඤ්ච ගණ්හිත්වා පරිකම්මකාරිකා විය සයමෙව පතිං විභූසෙමි.
kn-thig:88.4
411. සයමෙව ඔදනං සාධයාමි සයමෙව භාජනං ධොවන්තී, මාතාව එකපුත්තකං තදා{2} භත්තාරං පරිචරාමි.
kn-thig:88.5
412. එවං මං භතිකතං{3} අනුරත්තං කාරිකං නිහතමානං උට්ඨායිකං අනලසං සීලවතිං දුස්සතෙ භත්තා.
kn-thig:88.6
413. සො මාතරඤ්ච පිතරඤ්ච භණති ආපුච්ඡාහං ගමිස්සාමි, ඉසිදාසියා න වච්ඡං එකාගාරෙහං සහවත්ථුං.
kn-thig:88.7
414. මා එවං පුත්ත අවච ඉසිදාසී වණ්ඩිතා පරිව්යත්තා, උට්ඨායිකා අනලසා කිං තුය්හං න රොචතෙ පුත්ත.
kn-thig:88.8
415. න ච මෙ හිංසති කිඤ්චි න චාහං ඉසිදාසියා සහ වච්ඡං දෙස්සාව මෙ අලං මෙ අපුච්ඡාහං ගමිස්සාමි.
kn-thig:88.9
416. තස්ස වචනං සුණිත්වා සස්සු සසුරො ච මං අපුච්ඡිංසු, කිස්ස තයා අපරද්ධං භණ විස්සත්ථා යථා භූතං.
kn-thig:88.10
417. නපිහං අපරජ්ඣං{4} කිඤ්චි නපි හිංසෙමි න භණාමි දුබ්බවනං, කිං සක්කා කාතුය්යෙ යං මං විද්දෙස්සතෙ{5} භත්තා.
kn-thig:90.1
418. තෙ මං පිතු ඝරං පති නයිංසු විමනා දුඛෙන අධිභූතා,{1} පුත්තං අනුරක්ඛමානා ජිතම්හසෙ රූපිනිං ලක්ඛිං.
kn-thig:90.2
419. අථ මං අදාසි තාතො අඩ්ඪස්ස සරම්හි දුතියකුලිකස්ස, තතො උපඩ්ඪසුඞ්කෙන යෙන මං වින්දථ සෙට්ඨි.
kn-thig:90.3
420. තස්සපි ඝරම්හි මාසං අවසී අථ සොපි මං පටිච්ඡසි, දාසීව උපට්ඨහන්ති අදූසිකං සීලසම්පන්නං.
kn-thig:90.4
421. භික්ඛාය ච විචරන්තං දමකං දන්තං මෙ පිතා භණති, හොහිසි මෙ ජාමාතා නික්ඛිප පොන්තිඤ්ච{2} ඝටිකඤ්ච.
kn-thig:90.5
422. සොපි වසිත්වා පක්ඛමථ{3} තාතං භණති දෙහි මෙ පොන්තිං{2} ඝටිකඤ්ච මල්ලකඤ්ච පුනපි භක්ඛං චරිස්සාමි.
kn-thig:90.6
423. අථ නං භණති තාතො අම්මා සබ්බො ච මෙ ඤාතිගණවග්ගො, කිං තෙ න කිරති ඉධ භණ ඛිප්පං තං තෙ කරිහිති.
kn-thig:90.7
424. එවං භණිතො භණති යදි මෙ අත්තා සක්කොති අලං මය්හං, ඉසිදාසියා න සහ වච්ඡං එකඝරෙහං සහ වත්ථුං.
kn-thig:90.8
425. විස්සජ්ජිතො ගතො සො අහම්පි එකාකිනී විචින්තෙමි, අපුච්ඡිතූන ගච්ඡං මරිකායෙ{4} වා පබ්බජිස්සං වා.
kn-thig:90.9
426. අථ අය්යා ජිනදත්තා ආගච්ඡි ගොචරාය චරමානා, තාතකුලං විනයධරී බහුස්සුතා සීලසම්පන්නා.
kn-thig:90.10
427. තං දිස්වානම්හාකං උට්ඨායාසනං තස්සා පඤ්ඤාපයිං, නිසින්නාය ච පාදෙ වන්දිත්වා භොජනං අදාසිං.
kn-thig:92.1
428. අන්නෙන ච පානෙන ච ඛජ්ජෙන ච යං ච තත්ථ සන්නිහිතං, සන්තප්පයිත්වාවොචං අය්යෙ ඉච්ඡාමි පබ්බජිතුන්ති.
kn-thig:92.2
429. අථ මං භණති තාතො ඉධෙව පුත්තක චරාහි ත්වං ධම්මං අන්නෙන ච පානෙන ව සන්තප්පය සමණෙ ද්විජාතී ච.
kn-thig:92.3
430. අථාහං භණාමි තාතං රොදන්තී අඤ්ජලිං පණාමෙත්වා, පාපං හි මයා පකතං කම්මං නං නිජ්ජරිස්සාමි.
kn-thig:92.4
431. අථ මං භණති තාතො පාපුණ බොධිං ච අග්ගධම්මං ච, නිබ්බානං ච ලභස්සු යං සච්ඡිකරි ද්විපදසෙට්ඨො.
kn-thig:92.5
432. මාතාපිතූ අභිවාදයිත්වා සබ්බං ච ඤාතිගණවග්ගං, සත්තාහං පබ්බජිතා තිස්සො විජ්ජා අඵස්සයිං.
kn-thig:92.6
433. ජානාමි අත්තනො සත්ත ජාතියො යස්සායං ඵලං විපාකො, තං තව ආචික්ඛිස්සං තං එකමනා නිසාමෙහි.
kn-thig:92.7
434. නගරම්හි එරකච්ඡෙ සුවණ්ණකාරො අහං පහූතධනො, යොබ්බනමදෙන මත්තො සො පරදාරමසෙවිහං.
kn-thig:92.8
435. සොහං තතො චවිත්වා නිරයම්හි අපච්චිසං චිරං, පක්කො තතො ච උට්ඨහිතිවා මක්කටියා කුච්ඡම්හි ඔක්කමිං.
kn-thig:92.9
436. සත්තාහජාතකං මං මහාකපියූථපො නිල්ලච්ඡෙසි, තස්සෙතං කම්මඵලං යථාපි ගන්ත්වාන පරදාරං.
kn-thig:92.10
437. සොහං තතො චවිත්වා කාලං කරිත්වා සින්ධවාරඤ්ඤෙ, කාණාය ච ඛඤ්ජාය ච එළකියා කුච්ඡමොක්කමිං.
kn-thig:94.1
438. ද්වාදසවස්සානි අහං නිල්ලච්ඡිතො දාරකෙ පරිවහිත්වා, කිමිනාවට්ටා අකල්ලො යථාපි ගන්ත්වාන පරදාරං.
kn-thig:94.2
439. සොහං තතො චවිත්වා ගොවාණිජකස්ස ගාවියා ජාතො, වච්ඡො ලාඛා තම්බො නිල්ලච්ඡිතො ද්වාදසෙ මාසෙ.
kn-thig:94.3
440. වොඪූන නඞ්ගලමහං සකටඤ්ච ධාරයාමි, අන්ධො වට්ටො අකල්ලො යථාපි ගන්ත්වාන පරදාරං.
kn-thig:94.4
441. සොහං තතො චවිත්වා වීථියා දාසියා ඝරෙ ජාතො, නෙව මහිලා න පුරිසො යථාපි ගන්ත්වාන පරදාරං.
kn-thig:94.5
442. තිංසති වස්සම්හි මතො සාකටිකකුලම්හි දාරිකා ජාතා, කපණම්හි අප්පභොගෙ ධනිකපුරිසපාතබහුලම්හි.
kn-thig:94.6
443. තං මං තතො සත්ථවාහො උස්සන්නාය විපුලාය වඩ්ඪියා, විකඩ්ඪති විලපන්තිං අච්ඡින්දිත්වා කුලඝරස්ස.
kn-thig:94.7
444. අථ සොළසමෙ වස්සෙ දිස්වාන මං පත්ත යොබ්බනං, කඤ්ඤමොරුන්ධතස්ස පුත්තො ගිරිදාසො නාම නාමෙන.
kn-thig:94.8
445. තස්සපි අඤ්ඤා භරියා සීලවතී ගුණවතී යසවතී ච, අනුරත්තං භත්තාරං තස්සාහං විද්දෙසනමකාසිං.
kn-thig:94.9
446. තස්සෙතං කම්මඵලං යං මං අපකිරිතූන ගච්ඡන්තී, දාසීව උපට්ඨහන්තිං තස්සපි අන්තො කතො මයාති.
kn-thig:94.10
ඉත්ථං සුදං ඉසිදාසී ථෙරී ගාථායො අභාසීති.
kn-thig:94.11
ඉසිදාසිථෙරීගාථා.
kn-thig:94.12
චත්තාලීසතිනිපාතො සමත්තො.
kn-thig:96.1
මහානිපාතො.
kn-thig:96.2
1.
kn-thig:96.3
447. මන්තාවතියා නගරෙ රඤ්ඤො කොඤ්චස්ස අග්ගමහෙසියා, ධීතා ආසි{1} සුමෙධා පසාදිතා{2} සාසනකරෙහි.
kn-thig:96.4
448. සීලවතී චිත්තකථා බහුස්සුතා බුද්ධසාසනෙ විනීතා, මාතාපිතරො උපගම්ම භණති උභයො නිසාමෙථ.
kn-thig:96.5
449. නිබ්බානාභිරතාහං අසස්සතං භවගතං යදිපි දිබ්බං, කිමඞ්ග පන තුච්ඡා කාමා අප්පස්සාදා බහුවිඝාතා.