Theragāthā

Verses of the Elder Monks

මූලාශ්‍රය සහ සංස්කරණ විස්තර

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 2247 segments

කියවීමේ විකල්පමෙම උපාංගයේ පමණක් සුරැකේ

ඔබගේ පෞද්ගලික සටහන

ඔබට පමණක් පෙනේ. මූලාශ්‍ර පාඨයේ කොටසක් නොවේ.

පෙන්වන කොටස් 801-900 න් 2247

පාඨයක් සොයන්න හෝ පිටුව වෙනස් කරන්න
kn-thag:80.15
සන්‍ධිත ස්ථවිරගාථා යි.
kn-thag:80.16
පස්වැනි වර්‍ගය යි.
kn-thag:80.17
උද්දානය:
kn-thag:80.18
කුමාරකස්සප යැ, ධම්මපාල යැ, බ්‍රහ්මාලි යැ, මෝඝරාජ යැ, විසාඛ යැ, චූළක යැ, අනුපම යැ, වජ්ජිත යැ, සන්‍ධිත යැ, යන තෙරවරුන් වදාළගාථා යි.
kn-thag:80.19
දුකනිපාතයෙහි ගාථා අට අනූවක් ද, නයෙහි නිපුණ එකුන්පනස් තෙර කෙනෙක් ද කියනලදහ.
kn-thag:80.20
දුකනිපාතය නිමි.
kn-thag:82.1
3. තික නිපාතය
kn-thag:82.2
3. 1. 1.
kn-thag:82.3
219. අනුපායයෙන් (නොමගින්) සංසාරශුද්ධිය සොයන්නෙම් වෙනෙහි ගිනි පිදුයෙමි. ශුද්ධියට මාර්‍ගය නො දන්නෙම් (පඤ්චතාපනාදි) අමරතපස් කෙළෙමි.
kn-thag:82.4
220. ඒ නිවන් සුවය සුවසේ (සුඛප්‍රතිපදායෙන්) ලබනලදි. ශාසනධර්‍මයා ගේ සුධර්‍මත්‍වය (නෛර්‍ය්‍යාණිකභාවය) බලව. මා විසින් ත්‍රිවිද්‍යාව ලබනලද. බුදුරදුන්ගේ අවවාදය කරනලදි.
kn-thag:82.5
221. පෙර (ජාතිමාත්‍රයෙන් ප්‍රඥප්ති විසින්) බ්‍රාහ්මණ වෙමි. දැන් (බහිතපාපි වන බැවින් පරමාර්‍ත්‍ථ විසින්) බ්‍රාහ්මණ වෙමි. ත්‍රිවිද්‍යා ඇත්තෙම් වෙමි. (සෝදාහළ කෙලෙස්මල ඇති බැවින්) ස්නාතක ද වෙමි. සොත්‍ථිය ද වෙමි. වේද සඞ්ඛ්‍යාත මාර්‍ගඥානයෙන් සංසාරමහොඝයාගේ නොහොත් චතුස්සත්‍යයාගේ පාරයට ගිය බැවින් වේදගූ ද වෙමි යි.
kn-thag:82.6
මෙසේ මේ ගාථා ආයුෂ්මත් අඞ්ගණිකභාරද්වාජ ස්ථවිරයන් වහන්සේ ...
kn-thag:82.7
අඞ්ගණිකභාරද්වාජ ස්ථවිරගාථා යි.
kn-thag:82.8
3. 1. 2.
kn-thag:82.9
222. මම පැවිදි වැ පස්දිනක් ඇතියෙමි. නො පත් අග්‍රමාර්‍ග ඇතියෙම් ශෛක්‍ෂ වීමි. විහාරයට (ඔවරකයට) පිවිසි මට චේතෝණිධියක් (ප්‍රාර්‍ත්‍ථනාවක්) වූ යැ:
kn-thag:82.10
223. ‘තෘෂ්ණාශල්‍යය නූපුළ කල්හි නො වළඳන්නෙමි, නො බොන්නෙමි, ඔවරකයෙන් නො නික්මෙන්නෙමි, දැළයෙන් එක් ඇළයකුදු නො හොවන්නෙමි’යි.
kn-thag:82.11
224. මෙසෙයින් වසන මා ගේ වීර්‍ය්‍යපරාක්‍රමය බලව, (මා විසින්) ත්‍රිවිදාව ලබනලද, බුදුරදුන්ගේ අවවාදය කරනලදැ යි.
kn-thag:82.12
මෙසේ මේ ගාථා ආයුෂ්මත් පච්චය ස්ථවිරයන් වහන්සේ ...
kn-thag:82.13
පච්චය ස්ථවිරගාථා යි.
kn-thag:82.14
3. 1. 3.
kn-thag:82.15
225. යමෙක් පළමු කටයුතු දැය (නො කොට) පසුව කරනු කැමති වේ ද, හෙතෙම සුඛස්ථානයෙන් (ස්වර්‍ගයෙන් හා මෝක්‍ෂයෙන්) පිරිහෙයි, පසුතැවෙන්නේ ද වේ.
kn-thag:82.16
226. යමක් මැ කරන්නේ නම් එය මැ කියන්නේ යැ. යමක් නො කරන්නේ නම් එය නො කියන්නේ යැ. ඒ කියමින් නො කරන්නහුට නුවණැතියෝ බුහුමන් නො කෙරෙත්.
kn-thag:82.17
227. යම් තැනෙකැ සසරදුක නිරුද්ධ වේ නම් සම්බුදුන් විසින් දෙසන ලද ඒ ශෝක රහිත වූ රාගාදීරජස් රහිත වූ නිරුපද්‍රිත වූ නිවන එකත්නෙන් මනා සුවය වේ යයි.
kn-thag:82.18
මෙසේ මේ ගාථා ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන් වහන්සේ ...
kn-thag:82.19
බක්කුල ස්ථවිරගාථා යි.
kn-thag:84.1
3. 1. 4.
kn-thag:84.2
228. ශ්‍රමණභාවයෙහි අපේක්‍ෂා ඇත්තේ ඉදින් සුවසේ ජීවත්වන්නට කැමැත්තේ නම් සඟසතු සිවුරු පැන් - බොජුන් අවමන් නො කරන්නේ යැ.
kn-thag:84.3
229. ශ්‍රමණභාවයෙහි අපේක්‍ෂා ඇත්තේ ඉදින් සුවසේ ජීවත්වනු කැමැත්තේ නම් මීයකු විසින් කණිනලද බිලය සෙවුනා සර්‍පයකු සෙයින් සෙනසුන සෙවුනේ යැ.
kn-thag:84.4
230. ශ්‍රමණභාවයෙහි අපේක්‍ෂා ඇත්තේ ඉදින් සුවසේ ජීවත්වනු කැමැත්තේ නම් යථාලබ්ධප්‍රත්‍යයෙන් තුටු වන්නේ යැ. එක් මැ අප්‍රමාදධර්‍මය වඩන්නේ යි.
kn-thag:84.5
මෙසේ මේ ගාථා ආයුෂ්මත් ධනිය ස්ථවිරයන් වහන්සේ ...
kn-thag:84.6
ධනිය ස්ථවිරගාථා යි.
kn-thag:84.7
3. 1. 5.
kn-thag:84.8
231. ක්‍ෂණයෝ ‘මෙකල ඉතා සිහිලැ මෙකල ඉතා උණු යැ මෙකල ඉතා සවසැ’ යි හරනාලද කර්‍මාන්ත ඇති මිනිසුන් ඉක්මැ යෙත්.
kn-thag:84.9
232. යමෙකුත් සිහිල් කලත් උණුකලත් තණපතින් වැඩියක්කොට නො තකා ද, පුරුෂකෘත්‍යයන් කරන්නා වූ හෙතෙම සුවයෙන් නො පිරිහේ.
kn-thag:84.10
233. විවේකසුව වඩනුයෙම් හීතණ කුසතණ කටුපඳුරු (වැලුක්?) සුවඳහොට මුහුතණ බබුස්තණ උරයෙනුදු නෙරැපියන්නෙමි. (පයින් ඇක්මෙනු කියනු කිම්?)
kn-thag:84.11
මෙසේ මේ ගාථා ආයුෂ්මත් මාතඞ්ගපුත්ත ස්ථවිරයන් වහන්සේ ...
kn-thag:84.12
මාතඞ්ගපුත්ත ස්ථවිරගාථා යි.
kn-thag:84.13
3. 1. 6.
kn-thag:84.14
234. පැළලුප්නුවරවැසි චිත්‍රකථා ඇති බහුශ්‍රුත වූ යම් ශ්‍රමණ කෙනෙක් වෙද්ද, ඔවුනතුරෙහි අන්‍යතර වූ මේ ආයුෂ්මත් බුජ්ජසොහිත තෙර දොරටුවෙහි සිටී.
kn-thag:84.15
235. පැළලුප්නුවරවැසි චිත්‍රකථා ඇති බහුශ්‍රුත වූ යම් ශ්‍රමණ කෙනෙක් වෙත් නම් ඔවුනතුරෙහි අන්‍යතර වූ මේ ආයුෂ්මත් තෙමේ (ඍද්ධිචිත්තයෙන් උපන්) පවනින් ආයේ දොරටුවෙහි සිටී.
kn-thag:84.16
236. (තදඞ්ගවිෂ්කම්භණ විසින්) මනා වූ ක්ලේශයුද්ධයෙන් ද සත්ප්‍රාය වූ ධර්‍මදානයෙන් ද (සමුච්ඡේදප්‍රහාණ විසින්) ලබනලද ක්ලේශසඞ්ග්‍රාමිවිජයයෙන් ද පුහුණු කළ මඟබඹසරින් ද මෙසේ මේ තෙමේ (පලසමවත්) සුවවිඳී.
kn-thag:84.17
මෙසේ මේ ගාථා ආයුෂ්මත් බුජ්ජසෝභිත ස්ථවිරයන් වහන්සේ ...
kn-thag:84.18
බුජ්ජසෝභිත ස්ථවිරගාථා යි.
kn-thag:86.1
3. 1. 7.
kn-thag:86.2
237. මෙලොවැ මිනිසුන් අතුරෙහි යම් කිසිවෙක් පරපණ නසා ද, ඒ මිනිස් තෙම මෙලොවින් ද පරලොවින් ද යන දෙලොවින් මැ පිරිහෙයි.
kn-thag:86.3
238. තවද යමෙක් මෙත්සිතින් යුතු වැ සියලු සතුන් කෙරෙහි අනුකම්පා කෙරේ ද, එහෙයින් ඒ එබඳු පුරිස් තෙමේ බොහෝ පින් රැස් කෙරෙහි.
kn-thag:86.4
239. සුභාෂිත සඞ්ඛ්‍යාත පර්‍ය්‍යාප්තිධර්‍මය උගන්නේ යැ, (ශමිතපාපී) ශ්‍රමණයන් ඇසුරු කිරීම ද එකලා වැ (කර්‍මස්ථානුයෝග විසින්) එක් මැ නිෂද්‍යා ද, (ක්ලේශප්‍රහාණ විසින්) චිත්තයා ගේ ව්‍යුපශමය ද හික්මෙන්නේ යි.
kn-thag:86.5
මෙසේ මේ ගාථා ආයුෂ්මත් වාරණ ස්ථවිරයන් වහන්සේ ...
kn-thag:86.6
වාරණ ස්ථවිරගාථා යි.
kn-thag:86.7
3. 1. 8.
kn-thag:86.8
240. සැදැහැ ඇති, නුවණ ඇති ලොවුතුරුදහම්හි සිටි සීලසම්පන්න වූ එක් පුද්ගලයා පවා මෙලොවැ සැදැහැ නැති බන්‍ධු සඞ්ඛ්‍යාත ඥාතීන්ට වැඩ පිණිස වෙයි.
kn-thag:86.9
241. මා විසින් අනුකම්පායෙන් නිග්‍රහ කොට චුදිත වූ ඥාතීහු ඥාතිබන්‍ධුප්‍රේමයෙන් (අවවාදයෙහි සිට) භික්‍ෂූන් විෂයයෙහි සත්කාර කොට,
kn-thag:86.10
242. මාගේ සොහොයුරෝ ද මෑණියෝ ද කලුරිය කළාහු මෙලොව ඉක්මගියාහු දෙව්ලොවැ සුව ලැබ කැමැති සැපත් ඇතියාහු සතුටු වෙත්.
kn-thag:86.11
මෙසේ මේ ගාථා ආයුෂ්මත් පස්සික ස්ථවිරයන් වහන්සේ ...
kn-thag:86.12
පස්සික ස්ථවිරගාථා යි.
kn-thag:86.13
3. 1. 9.
kn-thag:86.14
243. කළුවැල්පුරුක් බඳු අවයව ඇති කාශ වූ ඉපිළගිය නහර ඇති ආහාරපානයෙහි පමණ දන්නා වූ අදීන වූ සිත් ඇති පුරුෂ තෙම,
kn-thag:86.15
244. අරනෙහි මහවෙනෙහි මැස්සන් විසින් ද මදුරුවන් විසින් ද උපද්‍රැත වූයේ සඞ්ග්‍රාමභුමියෙහි හස්තිරාජයකු සෙයින් සිහි ඇති වැ ඉවසන්නේ යැ.
kn-thag:86.16
245. හුදෙකලා වූයේ බ්‍රහ්මයා බඳු යැ දෙදෙන දෙවියකු බඳු යැ, තිදෙන ගමක් බඳු යැ ඉන් මතු කෝලහලයක් බඳු යි.
kn-thag:86.17
මෙසේ මේ ගාථා ආයුෂ්මත් යසොජ ස්ථවිරයන් වහන්සේ ...
kn-thag:86.18
යසොජ ස්ථවිරගාථා යි.
kn-thag:88.1
3. 1. 10.
kn-thag:88.2
246. පෙර තට (මා කෙරෙහි) ශ්‍රද්ධා විය. එය දැන් තට නැත. යමක් තාගේ නම් තෙල දැය තට මැ වේවා මාගේ දුශ්චරිතයෙක් නැත.
kn-thag:88.3
247. යම් හෙයකින් (පෘථග්ජන) ශ්‍රද්ධාව අනිත්‍ය ද එහෙයින් චල වෙයි. මා විසින් ඒ මෙසේ දක්නා ලද යැ, රක්ත ද වෙති විරක්ත ද වෙති, කිම එහි මුනි තෙම පිරිහේ ද?
kn-thag:88.4
248. මුනිහුට කුලයක් පාසා බත් ටික ටික පැසෙයි, පිඬු පිණිස හැසිරෙන්නෙමි, මාගේ ජඞ්ඝාබල ඇති.
kn-thag:88.5
මෙසේ මේ ගාථා ආයුෂ්මත් සාටිමත්තිය ස්ථවිරයන් වහන්සේ ...
kn-thag:88.6
සාටිමත්තිය ස්ථවිරගාථා යි.
kn-thag:88.7
3. 1. 11.
kn-thag:88.8
249. සැදැහැයෙන් ගිහිගෙන් නික්මැ අලුතැ පැවිදි වූ නවක තෙම සම්‍යගාජීව ඇති ආරබ්ධවීර්‍ය්‍ය ඇති කල්‍යාණමිත්‍රයන් භජනය කරන්නේ යැ.
kn-thag:88.9
250. සැදැහැයෙන් ගිහිගෙන් නික්මැ අලුතැ පැවිදි වූ නුවණැති නවක මහණ තෙම සඞ්ඝයා කෙරෙහි වෙසෙමින් විනය උගන්නේ යැ.
kn-thag:88.10
251. සැදැහැයෙන් නික්මැ අලුතැ පැවිදි වූ නවක තෙම කැප අකැප දැයෙහි නිපුණ වැ තෘෂ්ණාදීන් පුරස්කෘත නො වැ වසන්නේ යි.
kn-thag:88.11
මෙසේ මේ ගාථා ආයුෂ්මත් උපාලි ස්ථවිරයන් වහන්සේ ...
kn-thag:88.12
උපාලි ස්ථවිරගාථා යි.
kn-thag:88.13
3. 1. 12.
kn-thag:88.14
252. ලොවැ සම්මෝහයට හේතු වූ පස්කම්ගුණයෝ එකත්නෙන් නුවණැති වූ ආත්මාර්‍ත්‍ථචින්තනයෙහි සමර්‍ත්‍ථ වූ මා හෙලාලූහ.
kn-thag:88.15
253. කෙලෙස් මරහුගේ ගෝචරයෙහි පිවිසියෙම් දැඩි වූ (රාග) ශල්‍යයෙන් විදුනා ලද්දෙම් මම මාරයාගේ පාශයෙන් මිදෙන්නට හැකි වීමි.
kn-thag:88.16
254. මා විසින් සියලු කාමයෝ ප්‍රහීණ කරනලදහ. සියලු භවයෝ නසනලදහ. ජාති සංසාරය ක්‍ෂය කරනලද්දේ යැ. මින් මතු පුනර්‍භවයෙක් නැති.
kn-thag:88.17
මෙසේ මේ ගාථා ආයුෂ්මත් උත්තරපාල ස්ථවිරයන් වහන්සේ ...
kn-thag:88.18
උත්තරපාල ස්ථවිරගාථා යි.
kn-thag:90.1
3. 1. 13.
kn-thag:90.2
255. මෙහි රැස්වූ තාක් නෑ වූ තෙපි සියල්ලෝ (මා ගේ වචනය) අසවු, තොපට මම දහම් දෙසන්නෙමි, පුනපුනා ඉපැද්ම දුකෙකි.
kn-thag:90.3
256. වීර්‍ය්‍යය කරවූ, කුසීත බැවින් නික් මෙවු, බුදුසසුන්හි යුක්තප්‍රයුක්ත වවු, නළාගාරයක් (බටගසින් කළ ගෙයක්) වනසන අත්රජකු සෙයින් මරහුගේ සෙනඟ (කෙලෙස්) විධවංසනය කරවු.
kn-thag:90.4
257. යමෙක් මේ ධර්‍මවිනයයෙහි අප්‍රමාද වැ වාසය කරන්නේ ද (හෙතෙම) ජාතිසංසාරය හැරදමා දුක් කෙළවර කරන්නේ යි.
kn-thag:90.5
මෙසේ මේ ගාථා ආයුෂ්මත් අභිභූත ස්ථවිරයන් වහන්සේ ...
kn-thag:90.6
අභිභූත ස්ථවිරගාථා යි.
kn-thag:90.7
3. 1. 14.
kn-thag:90.8
258. සසරැ සැරිසරන්නෙම් පුනපුනා නිරයට ගියෙමි, ප්‍රේතලෝකයට ගියෙමි, ඉවසිය නො හෙන්නා වූ තිරිසන් යොන්හි දු මා නොයෙක් අයුරින් බොහෝ කල් විසූවිරූ යැ.
kn-thag:90.9
259. (මා විසින්) මිනිසත් බව ද ලබනලද (මම) කාමාචවරදිව්‍යකායට ද වරින් වරැ ගියෙමි, (මා) රූපභවයෙහි අරූපභවයෙහි නෛවසංඥනාසංඥාභවයෙහි අසංඥභවයෙහි සිටිවිරූ යැ.
kn-thag:90.10
260. (මා විසින්) අසාර වූ සංඛත (ප්‍රත්‍යයසමවාය විසින් කරන ලද) වූ අස්ථිර වූ හැම කල්හි කම්පිත (භඞ්ගුර) වූ කාමභවාදී සම්භවයෝ මොනොවට දන්නාලදහ. මම අධ්‍යාත්මයෙහි උපන් ඒ සඞ්ඛතයාගේ ස්වභාවය දැනගෙන (මාර්‍ගප්‍රඥාස්මෘතියෙන්) සිහි ඇතියෙම් නිවනට මැ පැමිණියෙමි.
kn-thag:90.11
මෙසේ මේ ගාථා ආයුෂ්මත් ගොතම ස්ථවිරයන් වහන්සේ ...
kn-thag:90.12
ගොතම ස්ථවිරගාථා යි.
kn-thag:90.13
3. 1. 15.
kn-thag:90.14
261. යමෙක් පළමු කටයුතු දැය පසුව කරනු කැමැති වේ ද, හෙතෙම සුඛස්ථානයෙන් (ස්වර්‍ගයෙන් හා මෝක්‍ෂයෙන්) පිරිහෙයි, පසුතැවෙන්නේ ද වේ.
kn-thag:90.15
262. යමක් මැ කරන්නේ නම් එය මැ කියන්නේ යැ, යමක් නො කරන්නේ නම් එය නො කියන්නේ යැ, ඒ කියමින් නො කරන්නහුට නුවණැතියෝ බුහුමන් නො කෙරෙත්.
kn-thag:90.16
263. යම් තැනෙකැ සසරදුක් නිරුද්ධ වේ නම් සම්බුදුන් විසින් දේශිත වූ ශෝක රහිත වූ රාගාදිරජස් රහිත වූ නිරුප්‍රද්‍රිත වූ නිවන එකත්නෙන් මනා සුවය වේ යයි.
kn-thag:90.17
මෙසේ මේ ගාථා ආයුෂ්මත් හාරිතස්ථවිරයන් වහන්සේ ...
kn-thag:90.18
හාරිත ස්ථවිරගාථා යි.
kn-thag:92.1
3. 1. 16.
kn-thag:92.2
264. නිවන්සුව පතනුයේ පාපමිත්‍රයන් හැරදමා උත්තමපුද්ගලයන් සෙවුනේ යැ. ඔහුගේ අවවාදයෙහි ද සිටුනේ යැ.
kn-thag:92.3
265. කුඩා දඬුකඬකට නැඟ යම්සේ මහසයුරෙහි ගිලෙන්නේ ද, එසෙයින් කුසීතයා කරා පැමිණ මනාදිවිපෙවෙත් ඇත්තේ ද ගිලෙයි (පිරිහෙයි.)