Theragāthā

Verses of the Elder Monks

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 2247 segments

පෙන්වන කොටස් 2001-2100 න් 2247

1075. පහන් දිය ඇති පුළුල්ගලතල ඇත්තා වූ ගොනඟුලන් (වඳුරන්) හා මුවන් (සියුපාවුන්) ගෙන් යුක්ත වූ දියසෙවෙලින් වැසුණා වූ ඒ පර්‍වතයෝ මා සිත් අලවත්.
1076. එකඟසිත් ඇත්තා වූ රූපාදිධර්‍මයන් මොනවට (අනිත්‍යාදි විසින්) විදර්‍ශනා කරන්නා වූ මට යම් බඳු නම් එබඳු රතියක් පසඟතුරු රැවින් මට නො වේ.
1077. (කර්‍මාරාම වැ) කර්‍ම බොහෝ කොට නො කරවුව මැනැවැ, (කල්‍යාණමිත්‍ර නො වූ) ජනයා දුරු කළ මැනැවැ, (ප්‍රත්‍යයොත්පාදානයෙහි) ව්‍යායාම නො කළ මැනැව, හෙතෙම (කුලෝපගමනයෙහි) උත්සුක වැ රසයෙහි ගිජු වැ යම් අර්‍ත්‍ථයෙක් (තමහට) සුව එළවා නම් ඒ අර්‍ත්‍ථය වමාරයි.
1078. කර්‍ම බොහෝ කොට නො කරවුව මැනැවැ, තමහට හිත නො වූ තෙල කර්‍මාධිෂ්ඨානය හළ මැනැවි, (ඉන්) කය වෙහෙසෙයි, ක්ලාන්ත වේ, හෙතෙම දුඃඛිත වූයේ සමථය නො ලබයි.
1079. පණ්ඩිතම්මන්‍යයා (ස්වාධ්‍යායශීර්‍ෂයෙන්) තොල් පහළ පමණින් තමා පමණුදු නො දකි, (අධිමානයෙන්) තද වූ කඳට ඇති වැ හැසිරෙයි, “මම ශ්‍රේෂ්ඨයෙමි” හඟී.
1080. බාල තෙම හීන වූයේ තමා ශ්‍රේෂ්ඨයකු සම කොට හඟී. නුවණැතියෝ බෙහෙවින් තදමන් ඇති මිනිසකු වූ ඔහු නො පසසත්.
1081. යමෙකුත් “මම උසස්මී.” හෝ “උසස් නො වෙමි” හෝ “පහත්මී” හෝ “එබන්දෙමී” හෝ නවවිධමානයෙහි නො සැලේ ද,
1082. එසේ නුවණැත්තා වූ තාදිගුණ ඇත්තා වූ අශෛක්‍ෂශීලයෙහි මොනොවට පිහිටියා වූ (රහත්පලසමවත් සමවැදුමින්) චිත්තසමථයෙහි යෙදුණා වූ ඔහු නුවණැතියෝ පසසත්.
1083. සබ්‍රම්සරුන් කෙරෙහි යමකුගේ ගෞරවයෙක් නො ලැබේ ද, හෙතෙම අහසට පොළොව මෙන් සද්ධර්‍මයෙන් දුරු වේ.
1084. තවද යම් කෙනකුන්හට හිරිඔතප් දෙක හැම කල්හි මොනොවට එළඹසිටියේ ද ඔහු වැඩුණු බඹසර ඇත්තාහු යැ. ඔවුන්ගේ පුනර්‍භවයෝ ක්‍ෂය වූවාහු යි.
1085. උද්ධත වූ චපල (පාසිවුරු සැරසීම් ආදිය ඇති) වූ මහණ තෙම පසුල් සිවුරින් පොරෝනාලද්දේ වේද, සිහසමින් පොරෝනාලද වඳුරකු බඳු හෙතෙම ඉන් නො හොබී.
1086. උද්ධත නො වූ චපල නො වූ (ආත්මාර්‍ත්‍ථපරාර්‍ත්‍ථයෙහි) නිපුණ වූ වසන ලද ඉඳුරන් ඇත්තා වූ මහණ තෙම ගිරිගුහායෙහි සීරදකු මෙන් පසුල්සිවුරින් හොබී.
1087. තෙල බොහෝ වූ දෙවිවරු ඍද්ධිමත්හු යැ, යශස් ඇත්තාහු යැ, බ්‍රහ්මකායික වූ ඒ සියලු දසදහසක් දෙවියෝ,
1088. ධර්‍මසේනාපති වූ වීර වූ මහත් ධ්‍යාන ඇත්තා වූ එකඟ සිත් ඇත්තා වූ ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට ඇඳිලි බැඳියාහු නමස්කාර කෙරෙමින් සිටිත්.
1089. ආජානීය පුරුෂය, ඔබට නමස්කාර වේවා! පුරුෂොත්තමය, ඔබට නමස්කාර වේවා! (තෙපි) යම් අරමුණක් නිසා ධ්‍යාන කරවු නම් තොපගේ ඒ අරමුණ (ඇපි) නො දනුම්හ.
1090. එකත්නෙන් ආශ්චර්‍ය්‍ය යැ, බුදුවරුන්ගේ ස්වවිෂය ගැඹුරු යැ. වාලවේධීන් සම වැ (සියුම් අරුත් දක්නට) සමර්‍ත්‍ථ වැ ආ යම්බඳු ඇපි (බුද්ධවිෂය) පිරික්සන්නමෝ නො දනුම් හ.
1091. දේව සමූහයා විසින් එසේ පුදනලද පූජාර්‍හ වූ ඒ ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ දැකැ එදා මහාකප්පිනහට සිනායෙක් (පහළ) වි.
1092. සකල බුද්ධක්‍ෂේත්‍රයෙහි මහමුනිහු (සම්‍යක් සම්බුදුන්) හැරැ ධුතගුණයෙන් මා බන්දෙක් නො පැනෙයි. ධුතගුණයෙහි මම විශිෂ්ඨයෙමි.
1093. මා විසින් ශාස්තෲන් වහන්සේ ඇසුරු කරනලදහ. බුදුන්ගේ අනුශාසනය කරනලද යැ, ගුරු බර බහා තබනලද්දේ යැ. මින්මතු (මට) පුනර්‍භවයෙක් නැති.
1094. (තෘෂ්ණායෙන්) චීවරයෙහි නො තැවරෙයි, සයනයෙහි නො තැවරෙයි, භෝජනයෙහි නො තැවරෙයි, ගෞතම තෙමේ ප්‍රමාණාර්‍හ නො වේ. දිය නො තැවරෙන නිර්‍මල වූ නිලුපුලක් වැන්නැ, අභිනිෂ්ක්‍රමයට නැඹුරු වූයේ යැ, භවත්‍රයෙන් නික්මුණේ යි.
1095. සීවටන් මැ කඳට ඇත්තා වූ සැදැහැ මැ අත් ඇත්තා වූ මහාමුනි වූ නුවණ මැ මුදුනන් ඇත්තා වූ මහනුවණැති වූ හෙතෙම හැම කල්හි නිවියෙක් වැ වෙසේ.
මෙසේ ආයුෂ්මත් “මහාකස්සප” ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළහ.
මහාකස්සප ස්ථවිරගාථා යි
උද්දානය:
සතළිස් වැනි නිපාතයෙහි “මහාකස්සප” යන ස්වාභිධානය ඇති එක් මැ තෙරනමකි. ගාථාවෝ ද දෙසාළිසෙකි.
චත්තාලීසනිපාතය නිමි.
50. පඤ්ඤාසනිපාතය
1096. කවරදා නම් මම ගිරිකඳුරුහි එකලා වැ තෘෂ්ණා රහිත වැ වෙසෙම් ද? සියලු භවය අනිත්‍ය විසින් විදර්‍ශනා කරනෙම්ද? මා ගේ ඒ මේ පරිවිතර්‍කය කවරදා නම් (මුදුන්පත්) වන්නේ ද?
1097. කවරදානම් මම භින්නපටධර වැ පැවිදි වැ කහවත් ඇති වැ මමත්‍ව නැති වැ ආශා රහිත වැ රාගයත් ද්වේෂයත් එසේ මැ මෝහයත් නසා මහවනගත වැ සුවසේ වෙසෙම් ද?
1098. කවරදා නම් (මම) අනිත්‍ය වූ මරණයටත් රෝගයටත් කසලුවක් (කැදැල්ලක්) වූ ජරාමරණ විසින් උපද්‍රැත වූ මෙකය විදර්‍ශනා කෙරෙමින් පහ වූ භය ඇති වැ එකලා වැ වෙනෙහි වෙසෙම් ද? කවරදා නම් ඒ අදහස මුදුන් පත් වන්නේ ද?
1099. කවරදා නම් මම භය උපදවන්නා වූ දුක් එළවන්නා වූ නොයෙක් අයුරු අරමුණු (හෝ භවයන්) අනුව පවත්නා වූ තෘෂ්ණාලතාව මඟනැණමුවා තිහිණි (මුවහත් ඇති) අසිපත ගෙනැ සිඳැලා වෙසෙම් ද? එදා කවරදා නම් මුදුන්පත් වන්නේ ද?
1100. කවරදා නම් මම සිහසුන් (තිර අසුන්) හි හිඳ තියුණු මුවහත් ඇත්තා වූ මාර්‍ගඥානමය වූ ඍෂීන්ගේ ශස්ත්‍රය සැහැසි වැ ගෙන සෙන් සහිත මරහු සැහැසි වැ මඩනෙම් ද? ඒ අදහස කවරදා නම් මුදුන්පත් වන්නේ ද?
1101. කවරදා නම් මම සත්පුරුෂ සමාගමයෙහි තාදීගුණ ඇත්තා වූ අවිපරීතදර්‍ශන ඇත්තා වූ දිනනලද ඉඳුරන් ඇත්තා වූ ධර්‍මගරුකයන් විසින් දක්නාලද ප්‍රධන් වීර්‍ය්‍ය ඇත්තෙම් වන්නෙම් ද? ඒ අදහස කවරදා නම් මුදුන්පත් වන්නේ ද?
1102. කවරදා නම් ස්වාර්‍ත්‍ථය කැමැති වූ ඒ මා ගිරිකඳුරෙහි දී අලස බව හෝ සාපවස් හෝ අවුසුළං හෝ කෘමි නුහුසුවෝ හෝ නො පෙළත් ද? ඒ අදහස කවරදා නම් මුදුන්පත් වන්නේ ද?
1103. කවරදා නම් මම මහර්ෂී වූ සම්බුදුන් විසින් යම් සත්‍යයක් අවබෝධ කරනලද නම් දැකීමට අතිශයින් දුෂ්කර වූ ඒ චතුරාර්‍ය්‍යසත්‍යයන් එකඟ වු සිත් ඇති වැ සිහි ඇති වැ මාර්‍ගප්‍රඥායෙන් අවබෝධ කරනෙම් ද? ඒ අදහස කවරදා නම් මුදුන් පත් වන්නේ ද?
1104. කවරදා නම් සමාධියෙන් යුක්ත වූ මම අප්‍රමාණ වූ රූපයන් ද ශබ්දයන් ද ගන්‍ධයන් ද ස්ප්‍රෂ්ටව්‍යයන් ද ධර්‍මාරම්මණයන් ද ගිනි ඇවිලගත්තවුන් සෙයින් (විදර්‍ශනා) ප්‍රඥායෙන් දක්නෙම් ද, මා ගේ ඒ අදහස කවරදා නම් මුදුන්පත් වන්නේ ද?
1105. කවරදා නම් මම දුර්‍භාෂිතයෙන් ගටනාලද්දෙම් එය නිමිති කොට දොම්නස් නො වෙම් ද, නොහොත් පසස්නාලද්දෙම් එය නිමිති කොට තුටුයෙම් නො වෙම් ද, මා ගේ ඒ මේ අදහස කවරදා නම් මුදුන්පත් වන්නේ ද?
1106. කවරදා නම් මම කාෂ්ටයන් ද තෘණයන් ද ලතාවන් ද මේ පඤ්චස්කන්‍ධය ද ආධ්‍යාත්මික වූත් බාහ්‍ය වූත් අප්‍රමාණ රූපධර්‍මයන් ද සමසේ තුලනය කෙරෙම් ද, මා ගේ ඒ මේ අදහස කවරදා නම් මුදුන්පත් වන්නේ ද?
1107. කවරදා නම් වැසිකල්හි වූ මේඝය තෙම වනයෙහි ඍෂීන් ගිය මඟ සිවුරු සහිත වැ යන මා අළුත් දියෙන් තෙමන්නේ ද? (මාගේ) ඒ අදහස කවරදා නම් මුදුන්පත් වන්නේ ද?
1108. කවරදා නම් මම වනයෙහි ගිරිළැහැබ්හි දී සිළු ඇති මයූර පාක්‍ෂියා ගේ කෙකාරවය අසා යහනින් නැඟී නිර්‍වාණාධිගමය පිණිස (අනිත්‍යාදි විසින්) මෙනෙහි කෙරෙම් ද, මා ගේ ඒ අදහස කවරදා නම් මුදුන්පත් වන්නේ ද?
1109. කවරදා නම් මම ගඞ්ගා යැ යමුනා යැ සරස්වතී යැ යන නදීන් හා ඉතා බිහිසුණු වූ පාතාල භූමින් (නරාවළ) හා වඩබාමුඛය හා යන මොවුන් නො පැකිළැ ඍද්ධියෙන් තරණය කෙරෙම් ද, මා ගේ ඒ අදහස කවරදා නම් මුදුන්පත් වන්නේ ද?
1110. කවරදානම් මම (කිසිවක) නො ලැගෙන පැවැතුම් ඇති වූ ඇතකු මෙන් සියලු ශුභාරම්මණයන් නිරවශේෂයෙන් බැහැර කෙරෙමින් ධ්‍යානයෙහි යෙදුණෙම් කාමගුණයෙහි ඡන්‍දය පළනෙම් ද, මාගේ ඒ අදහස කවරදා නම් මුදුන්පත් වන්නේ ද?
1111 කවරදා නම් මම ධනහිමියන් විසින් පෙළනුලැබුවා වූ ණය හෙයින් ලජ්ජා ඇත්තා වූ දිළින්දකු නිදහනක් ලැබ මෙන් මහර්ෂී වූ සම්බුදුන්ගේ ශාසනය සාක්‍ෂාත් කොට ගෙන තුෂ්ට වන්නෙම් ද, මාගේ ඒ අදහස කවරදා නම් මුදුන්පත් වන්නේ ද?
1112. එම්බා චිත්තය, තා විසින් වනාහි දැන් තා ගේ ගිහිගේ වාසයෙන් කම් නැත’ යි බොහෝ කලක් මුළුල්ලෙහි මම අයදනාලද්දෙම් නො වෙම් ද, ඒ මා දැන් පැවිදි වත් මැ කවර හෙයින් තෝ යෝග නො කරන්නෙහි ද?
1113. එම්බා චිත්තය, තා විසින් වනාහි ගිරිකඳුරුයෙහි (වසන) ඒ විසිතුරු පියාපත් ඇත්තා වූ (මයුර) පක්‍ෂීහු ද ජලනිර්ඝෝෂයෙන් උන්නාදවත් වූ ගලතලාවෝ ද වනයෙහි ධ්‍යාන කරන්නා වූ තා රමණය කරතී’ මම අයදනා ලද්දෙම් නො වෙම් ද?
1114. එම්බා චිත්තය, (තාගේ) අයැදුමෙන් කුලයෙහි මිතුරන් ද ප්‍රියයන් ද නෑයන් ද ක්‍රීඩාරතිය ද ලෝකයෙහි කාමගුණයන් ද යන සියල්ල හැර දමා මේ අරනට (හෝ පැවිද්දට) එළඹියෙමි, එතෙකුදුවත් තෝ මා නො පිණවන්නෙහි යැ.
1115. එම්බා චිත්තය, තෙල සිත මා ගේ මැ යැ, තෝ පරසතු නො වේ මැ යි, (ක්ලේශයුද්ධයට භාවනායෙන්) සන්නාහ සන්නද්ධ වන කල්හි වැලැප්මෙන් කිම, මේ (ත්‍රෛභූමක ධර්‍ම) සියල්ල චපල (අනිත්‍ය) යැ යි නුවණින් දක්මින් අමෘතපදය (නිවන) සොයන්නෙම් අභිනිෂ්ක්‍රමණය කෙළෙමි:
1116. එම්බා චිත්තය, අවීතරාගයා විසින් වළහනු ඉතා දුකර වූ චපල සිත වනාහි වන වඳුරකු වැන්නැ යි සුභාෂිතවාදී වූ දෙපා ඇත්තවුන් අතුරෙහි උතුම් වූ (දුකට) ජගද්වෛද්‍ය වූ නරදම්‍යසාරථීහු වදාළහ.
1117. නුවණමඳ පුහුදුන් යම් තැනෙකැ ඇලුණාහු නම් ඒ කාමයෝ විචිත්‍රහ, මධුරහ, මනෝරම්‍යහ, ඔහු පුනර්‍භවය සොයන්නාහු සිත විසින් (සුඛයෙන්) නිරාකෘත (වළහනලදු) වැ නිරයෙහි පමුණුවන ලද්දාහු දුක් කැමැති වෙත්.
1118. මොනරුන් විසින් විල්ළිහිණියන් විසින් කරනලද නාද ඇති වනයෙහි දිවියන් විසින් වගුන් විසින් පෙරටු කරනලදු වැ වසන්නෙහි සිරුරෙහි අපේක්‍ෂාව හැරැදමව, නවමක්‍ෂණය නහමක් වරද’යි පෙර මා (පැවිද්දෙහි) යෙදුයෙහි
1119. එම්බා චිත්තය, පෙර තෝ “බුදුසසුන්හි ධ්‍යාන වඩව, ඉන්‍ද්‍රිය බල බෝධ්‍යඞ්ගසමාධිභාවනාවන් වඩව, ත්‍රිවිද්‍යාවන් ද ලබව” යි මට අණ කෙළෙහි.
1120. එම්බා චිත්තය, තෝ “පෙරැ නෛර්‍ය්‍යාණික වූ සර්‍වදුඃඛක්‍ෂය සඞ්ඛ්‍යාත නිවන අරමුණු කළ සර්‍වක්ලේශශෝධන වූ අෂ්ටාඞ්ගිකමාර්‍ගය නිර්‍වාණ ප්‍රාප්තිය පිණිස වඩව” යි මෙසෙසින් මට අණ කෙළෙහි.
1121. එම්බා චිත්තය, පෙර තෝ “ස්කන්‍ධයන් දුකැ යි නුවණින් බලව, යළි යමකින් දුක හටගැනේ නම් එය දුරු කරව, මෙ අත් බැව්හි දී මැ දුක් කෙළවර කරව”යි මට අණ කෙළෙහි.
1122. එම්බා චිත්තය, පෙර තෝ “(ස්කන්‍ධයන්) අනිත්‍ය යැයි ද (උදයව්‍යය පීළිත හෙයින්) දුකැ යි ද (අසාරාදි බැවින්) ශුන්‍ය යැ යි ද අනාත්ම යැ යි ද අඝ යැ යි ද හිංසක යැ යි ද නුවණින් විදර්‍ශන කරව (අටළොස්) මනෝපවිචාරයන් සිතින් වළකව” යි මට අණ කෙළෙහි.
1123. එම්බා චිත්තය, තෝ වනාහි පෙර “තෝ මුඬු වැ විරූප වැ භික්‍ෂූ සමූහයා අතුරෙහි කබල් ගත් අත් ඇති වැ (කබල්ගත් අත් ඇති වැ සිඟා ඇවිදුව යන) අභිශාපයට පැමිණියෙහි මහර්ෂී වූ ශාස්තෲන් වහන්සේගේ වචනයෙහි නියුක්ත වව”යි මට අණ කෙළෙහි.
1124. එම්බා චිත්තය, තෝ වනාහි පෙර “තෝ සුසංවෘත වැ වීථි අතුරෙහි සරමින් පැහැදිලි පුරපසළොස්වක් දා සඳ මෙන් කුලයන්හිදු පස්කම්හිදු නො ඇලුණු සිත් ඇතියෙක් වව යි” මට අණ කෙළෙහි.
1125. එම්බා චිත්තය, තෝ වනාහි පෙර “තෝ හැම කල්හි ධුතාඞ්ගයෙහි ඇලුණෙහි ආරණ්‍යක වන්නැ යි පිණ්ඩපාතික වන්නැයි ස්මශානික වන්නැයි පාංශුකූලික වන්නැ යි නෙසජ්ජික වන්නැ”යි මට අණ කෙළෙහි.
1126. එම්බා චිත්තය, තෝ මා අනිත්‍ය වූ චලත්සංසාරයෙහි යොදවනෙහි ද ඒ තෝ ඵල කැමැත්තකු වෘක්‍ෂයන් වවා ඒ වෘක්‍ෂ මුල ලා සිඳින්නට කැමතියකු සේ මෙය කෙරෙහි.
1127. එම්බා රූ නැත්තව, දූරඞ්ගමය, එකලා තැනැත්තව, මින් මතු මම තාගේ වචනය නො කරන්නෙමි යම් හෙයකින් කාමයෝ (අතීතයෙහි) දුක් වූවාහු ද, (අනාගතයෙහි) කටුකඵල ඇත්තාහු ද මහත් භය ඇත්තාහු ද එහෙයින් මම නිවනට මැ මුහුණ ලා හැසිරෙන්නෙමි.
1128. එම්බා චිත්තය, මම අභාග්‍ය හෙයින් හෝ නිර්‍ලජ්ජ බැවින් හෝ (චපල) සිතට වහල් වැ හෝ රාජද්‍රෝහි බැවින් හෝ දිවි රැකගන්නා හෙයින් හෝ ගිහිගෙන් නික්මුණෙම් නො වෙමි. මා විසින් තට තා වශයෙහි නො සිටුනා බවට ප්‍රතිඥා කරනලදි.
1129. එම්බා චිත්තය, තෝ එකල්හි “අල්පෙච්ඡ බව සත්පුරුෂයන් විසින් වර්ණිත යැ යි, ගුණමකු බව ප්‍රහීණ කිරීම දුඃඛයා ගේ ව්‍යුපශම යැ”යි (එහෙයින් එගුණයන්හි පිහිටිය යුතු යැ යි) මට අණ කෙළෙහි ය. දැන් තෝ පෙර පුරුදු දැයට යන්නෙහි.
1130. තෘෂ්ණාව ද අවිද්‍යාව ද ප්‍රියාප්‍රියයෝ ද ශුභරූපයෝ ද සුඛවේදනාව ද මන වඩන කාමගුණයෝ ද (මා විසින්) වමාරා දමන ලදහ, වමාළ දැ යළි ගිලින්නට මම උත්සාහ නො කරමි.
1131. එම්බා චිත්තය, සියලු (භව, යෝනි, ගති, විඥානස්ථිති යන) තැන්හි මා විසින් තා ගේ වචනය කරනලද යැ, නොයෙක් ජාතීන්හි දී මා විසින් තෝ කෝප නො කරන ලද්දෙහි යැ. අධ්‍යාත්මයෙහි (සන්තානයෙහි) සම්භව වැද තා කළගුණ නො දන්නා බැවින් තා විසින් නිපදවන ලද (සසර) දුක්හි මා දිගුකලක් සැරිසැරූ බව යැ.
1132. එම්බා චිත්තය, තෝ මැ අපට උපකාර වෙහි, තෝ මැ බ්‍රාහ්මණ වෙහි, තෝ මැ ක්‍ෂත්‍රිය වෙහි, තෝ මැ රජ වෙහි, තා මැ හේතු කොට ගෙන අපි ඇතැම් කලෙකැ වෛශ්‍යත් ශුද්‍රත් වම්හ. දිව්‍යභාවය ද ලබම්හ.
1133. තා මැ හේතුකොට ගෙන අසුර වම්හ, තා මැ මුල් කොට ගෙන තිරිසන් වම්හ, තවද ඇතැම් කලෙකැ තා මැ මුල් කොට ගෙන තිරිසන්ගත ද වම්හ, තා ගේ මැ කාරණභාවයෙන් ප්‍රේතභාවය ද ලබම්හ.
1134. එම්බා චිත්තය, එක්වන් චරණචිත්‍ර (පෙතිකඩ) දක්වන්නකු සෙයින් තෝ මට පුනපුනා ද්‍රෝහ වන්නෙහි නො වේ ද, උමතුවකු හා සෙයින් මා හා කෙළිමින් මා පොළොඹන්නෙහි නො වේ ද? එම්බා චිත්තය, තට මා කළ වරද කිම.
1135. පෙර මේ සිත කැමැති අයුරින් කැමැති තැනෙකැ සුවසේ සැරි සැරී යැ, අද මම ඒ සිත අකුස්සක් ගත්තෙක් මතැතකු සෙයින් යෝනිසෝ මනසිකාරයෙන් නිගන්නෙමි.
1136. මාගේ ශාස්තෲන් වහන්සේ ද මේ (ස්කන්‍ධ) ලෝකය අනිත්‍ය වශයෙන් අස්ථිර වශයෙන් අසාර වශයෙන් අධිෂ්ඨාන කළහ. එම්බා චිත්තය (තෝ) මා බුදුසසුන්හි පිවිසව, තරණයට අතිශයින් දුෂ්කර වූ මහත් වූ ඕඝයෙන් තරවාලව (එතෙර කරව).
1137. එම්බා චිත්තය, මේ ආත්මභාව (ගෘහ) ය. පැරැණි ආත්මභාව (ගෘහ) ය සෙයින් තා සතු නො වෙයි, මා තාගේ වශයෙහි නවත්නට නො මැනැවි, මම මහර්ෂිහුගේ සසුන්හි පැවිදි වීමි, මා වැන්නෝ විනාශධාරීහු නො වෙත් (ඒකාන්තයෙන් ශ්‍රමණ මැ වෙත්.)
1138. පර්‍වතයෝ යැ සමුද්‍රයෝ යැ නදීහු යැ පෘථිවිය යැ චතුර්දිශා හැ අනුදිශා යැ (උදක සන්‍ධාරකවායුස්කන්‍ධය තෙක්) අධෝභාග යැ දේවලෝකයෝ යැ යන සියල්ල අනිත්‍යයෝ යැ, භවත්‍රය (කෙලෙසුන් විසින්) උපද්‍රැත යි. එම්බා චිත්තය, කොහි ගියෙහි සුවසේ රමණය කරන්නෙහි ද?
1139. එම්බා චිත්තය, ධෛර්‍ය්‍ය පිහිට කොට ඇති මට තෝ කුමක් කරන්නෙහි ද, චිත්තය, (මම) තාගේ වශයෙහි පවත්නෙම් නො වෙමි, දෙපස මුව ඇති සම්පිහිවාවක් කිසිකලෙකත් නො පහසන්නේ යැ. අශුචියෙන් පිරුණා වූ ශ්‍රෝතස් නවයකින් අශුචි වැගිරෙන්නා වූ කයට නින්‍දා වේවා!
1140. එම්බා චිත්තය, තෝ වනාහි වල්හූරන් හා “එණි” මුවන් විසින් පිවිස සෙවුනා ලද ප්‍රාග්හාරයන් හා ගිරිකුළු ඇති, පියොවින් මැ සුන්‍දර වූ භූමිභාග ඇති, අළුත් වැසි දියෙන් තෙත් වූ ඒ වනයෙහි ගුහා නැමැති ගෙට පැමිණියෙහි (භාවනා රතියෙන්) රමණය කරව.
1141. (එම්බා චිත්තය), සුනිල්ගෙල ඇත්තා වූ මනාසිළු ඇත්තා වූ මනා පිල්බර ඇත්තා වූ විසිතුරු පියාපත් සෙවෙණි ඇත්තා වූ පක්‍ෂී වූ මේඝගර්‍ජනා හේතුයෙන් මිහිරිහඬින් නාද කරනසුලු වූ ඒ මයුරයෝ වනයෙහි ධ්‍යාන කරනසුලු වූ තා සිත් අළවන්නාහ.
1142. වැසි වට කල්හි, සිව් අඟුල් තණ ඇති කල්හි, වැසිවලා බඳු වූ වනය මොබවට පිපීගිය කල්හි, පර්‍වත අතුරෙහි රුක් බඳු වැ හෝනෙමි, ඒ තණ පසතුරුණ අළුත් යහනක් සෙයින් මට මොළොක් වන්නේ යි.
1143. (එම්බා චිත්තය) ඊශ්වර පුරුෂයෙක් (බැළයකු) යම්සේ නම් මම එසේ තා වසඟ කරන්නෙමි, (සියුපසයෙන්) යම්තමක් හෝ ලැබේ නම් ඉනිඳු මට පමණ වේවා! (භාවනායෙහි) නො මැළියෙක් යම්සේ නම් මම එසේ තා මොනොවට මඩනාලද බළල්සම්පිහිවාවක් සෙයින් (කර්‍මක්‍ෂම) නො කරන්නෙම් ද?
1144. (එම්බා චිත්තය) ඊශ්වර පුරුෂයෙක් (බැලයකු) යම්සේ නම් මම එසේ තා වසඟ කරන්නෙමි, (සියුපසයෙහි) යම්තමක් හෝ ලැබේ නම් ඉනිදු මට පමණ වේවා, දක්‍ෂ වූ ඇතරුවෙක් මතැනකු සෙයින් (මම) වීර්‍ය්‍යයෙන් තා මා ගේ වශයට පමුණුවන්නෙමි.
1145. (එම්බා චිත්තය) මොනොවට දැමුණා වූ (සමාහිත බැවින්) සිටියා වූ තා කරණ කොටගෙන ඍජු ගති ඇති අශ්වාජානියයකු කරණකොට ගෙන අස්දම්සැරියකු සෙයින් මම චිත්තානුරක්‍ෂීන් විසින් හැම කල්හි සෙවුනාලද ක්‍ෂේමමාර්‍ගයට පැමිණෙන්නට සමත්මි.
1146. එම්බා චිත්තය, දැඩි රැහැනින් ටැඹෙකැ බඳනාලද ඇතකු සෙයින් භාවනා බලයෙන් මම තා අරමුණෙහි බඳින්නෙමි. මා විසින් සිහියෙන් මොනොවට රක්නාලද්දා වූ (භාවනායෙන්) මොනොවට වඩනාලද්දා වූ ඒ තෝ සියලු භවයන්හි අනිශ්ශ්‍රිත වන්නෙහි.
1147. නො මඟ යන්නා වූ ඉඳුරන් (පටිසඞ්ඛාන) ප්‍රඥායෙන් සිඳ යෝග (විදර්‍ශනා භාවනා) යෙන් නිග්‍රහ (දමනය) කොට මාර්‍ග (විදර්‍ශනාවීථි) යෙහි පිවිසවා (ආයතනයන්ගේ ) සමුදය ද විභවය ද සම්භවය ද (මාර්‍ගප්‍රඥායෙන්) දැක අග්‍රවාදීන් (සම්බුදුන්) ගේ ඖරස පුත්‍ර වන්නෙහි.
1148. එම්බා චිත්තය, තෝ වනාහි චතුර්විධ විපර්‍ය්‍යාසයන්ගේ වශයෙහි සිටි මා ගම්දරුවකු සෙයින් (රිසිසේ) ඔබ මොබ අදනෙහි යැ (එහෙත්) සංයෝජනබන්‍ධයෙන් සිඳුනා වූ කාරුණික වූ මහමුනිහු (සම්බුදුන්) එකත්නෙන් මොනොවට සෙවුනෙහි.
1149. එම්බා චිත්තය, මම (වෘක්‍ෂලතාදියෙන්) විසිතුරු වූ වනයෙහි ස්වෛරී මෘගයෙක් යම්සේ ඇලේ නම් එසේ මැ වැසි කල්හි වලාපෙළ ඇති සිත්කලු වූ පර්‍වතයක් ලැබැ නිරවුල් (විවික්ත) වූ ඒ පර්‍වතයෙහි සිත් අලවන්නෙමි, තෝ නිසැක වැ පරදනෙහි.
1150. එම්බා චිත්තය, තොපගේ ඡන්‍දයෙහි ද වශයෙහි ද සිටුනා වූ යම් නරනාරී කෙනෙක් යම් ගේහනිශ්ශ්‍රිතසුඛයක් අනුභව කරන්නාහු නම් නුවණ මඳ වූ ද මරහුගේ වශයෙහි පවත්නාසුලු වූ ද භවය මැ කැමති වනසුලු වූ ද ඔහු තාගේ ශ්‍රාවකයෝ යි (මම එබඳු නො වෙමි සේ යි).
මෙසේ ආයුෂ්මත් “තාලපුට” ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළහ.
තාලපුට ස්ථවිරගාථා යි.
උද්දානය:
පනස් වැනි නිපාතයෙහි ශෝභන වූ එක් මැ ‘තාලපුට’ ස්ථවිරයන් වහන්සේ යැ එහි ගාථාවෝ පසක් වැඩි පනසෙකි. (පස්පනසෙකි).
පඤ්ඤාසනිපාතය නිමි.
60. සට්ඨිනිපාතය
1151. (අපි) ආරණ්‍යක වැ පිණ්ඩපාතික වැ පිඬුසිඟීමෙන් පාත්‍රයට පැමිණි අහරෙහි තුටු වැ (ගෝචර) අධ්‍යාත්මයෙහි මැනැවින් සමාහිත වැ මරහුගේ සේනාව සුන් කරම්හ.
1152. (අපි) ආරණ්‍යක වැ පිණ්ඩපාතික වැ පිඬුසිඟීමෙන් පාත්‍රයට පැමිණි අහරෙහි තුටු වැ ඇත්රදෙක් නළාගාරයක් (බටගෙයක්) සෙයින් මරසෙන් සලවම්හ.
1153. (අපි) වෘක්‍ෂ මූලික වැ (භාවනායෙහි) සාතත්‍යකාරී (නිරතුරු යෙදුණක් වැ) සිඟා ලද අහරෙහි තුටු වැ (ගෝචර) අධ්‍යාත්මයෙහි මැනැවින් සමාහිත වැ මරසෙන් සුන් කරම්හ.
1154. (අපි) වෘක්‍ෂමූලික වැ (භාවනායෙහි) සාතත්‍යකාරී (නිරතුරු යෙදුණක්) වැ සිඟා ලද අහරෙහි තුටු වැ ඇත්රදෙක් නළාගාරයක් සෙයින් මරසෙන් සලවම්හ.
1155. එම්බා ඇටසැකිලිමුවා කිළියක් ඇත්තිය, මසින් හා නහර වැලින් හිවුණිය (මැසුණිය). අසුචියෙන් පිරුණිය, දුගඳ වහන්නිය, තිට නින්‍දා වේවා! මෙරමා අයත් සිරුරෙහි තෝ මමායන කරනෙහි.
1156. එම්බා පුප්පිහිවාව (ගූථහස්ත්‍රාව), සමින් වැසුණිය, ළඟඬු (උරයෙහි නැඟුණු ගඬු ඇති) පිසස්නිය, යම් (ව්‍රණමුඛ) කෙනෙක් හැම තල්හි (අශූචි) වගුරත් නම් තීගේ සිරුරෙහි ඒ ව්‍රණමුඛයෝ නව දෙනෙකි.
1157. තිගේ සිරුර වණමුව නවයක් ඇතියේ යැ, දුගඳකර යැ, පරිබන්‍ධ (මනා පිළිවෙතට බාධක) යෙකි, පිරිසිදු බව කැමැත්තකු සෙයින් මහණ තෙම ඒ පුප් (අශූචි) වළ දුරු කෙරේ.
1158. මම යම්සේ ඒ අශූචිපිණ්ඩය දනිම් ද ජන තෙමේ එය එපරිද්දෙන් දනී නම් වැසි කල්හි අමේධ්‍යස්ථානයක් සෙයින් දුරින් දුරු කරන්නේ යි.
1159. ශ්‍රමණයන් වහන්ස, තෙපි යම්සේ වදාරවු නම් මහාවීරය, එය එසේ යැ, එතෙකුදුවත් මඩෙහි ජරද්ගවයකු සෙයින් ඇතැමෙක් මෙහි ගැලෙත් ලගිත්).
1160. යමෙක් කසටින් හෝ අන්රඳනෙකින් හෝ අහස රඳන්නට සිතන්නේ නම් ඒ වනාහි වෙහෙස පාළ කරන්නක් මැ වේ.