Theragāthā

Verses of the Elder Monks

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 2247 segments

පෙන්වන කොටස් 101-200 න් 2247

මෙසේ ... නිග්‍රෝධ ස්ථවිරයන් වහන්සේ ...
නිග්‍රෝධ ස්ථවිරගාථා යි.
1. 3. 2.
22. නිල්වන් මනා ගෙල ඇති සිළු ඇති මොණරු “කාරංචි” වෙනෙහි වෙසෙසින් නදදෙති, ඔහු (මේඝකාලයෙහි) ශීතවාතයෙන් හටගත් “කලි” යන මිහිරි හඬ ඇත්තාහු නිදා සිටියහු ධ්‍යාන කරන්නහු ප්‍රබෝධ කෙරෙත්:
මෙසේ ... චිත්තක ස්ථවිරයන් වහන්සේ ...
චිත්තක ස්ථවිරගාථා යි.
23. මම හුණගොමුයෙහි මිහිමුසු කිරිබත වළඳා (ශාස්තෲන් වහන්සේගේ) අවවාදය මොනොවට පිළිගන්නෙම් ස්කන්‍ධයන්ගේ උදයව්‍යය විදර්‍ශනා කෙරෙමින් විවේකය වඩමින් (පෙර විසූ) සානුවට (පර්‍වතපාර්‍ශවයෙහි සමභූමියට) වටාලා යන්නෙමි.
මෙසේ ... ගෝසාල ස්ථවිරයන් වහන්සේ ...
ගෝසාල ස්ථවිරගාථා යි.
24. පැවිදි එක්වස් ඇතියෙහි, ධර්‍මයාගේ (ස්වාක්ඛාතතාදි) සුධර්‍මත්‍වය බලව, (තොප විසින්) ත්‍රිවිද්‍යාව ලබනලද යැ, සම්බුදුන්ගේ අවවාදය කරනලදි.
මෙසේ ... සුගන්‍ධ ස්ථවිරයන් වහන්සේ ...
සුගන්‍ධ ස්ථවිරගාථා යි.
25. යම් මහණක්හුගේ සිත එක්වන් හටගත් ඥානාවභාස ඇත්තේ අග්‍රඵලයට පැමිණියේ වේ ද, මාරය, එබඳු මහණහු ගටා තෝ දුකට පැමිණෙන්නෙහි.
මෙසේ ... නන්‍දිය ස්ථවිරයන් වහන්සේ ...
නන්‍දිය ස්ථවිරගාථා යි.
1. 3. 6.
26. සූර්‍ය්‍යබන්‍ධු වූ බුදුරජාණන් වහන්සේගේ සුභාෂිතය අසා (දක්‍ෂ දුනුවායකු) වලග හීයෙන් විදුනාක් මෙන් සියුම් වූ නිරෝධසත්‍යය අවබෝධ කෙළෙමි.
මෙසේ ... අභය ස්ථවිරයන් වහන්සේ ...
අභය ස්ථවිරගාථා යි.
1. 3. 7.
27. විවේකසුව වඩනුයෙම් හීතණ කුසතණ වැලුක් සුවඳහොට මුදුතණ බබුස්තණ උරයෙනුදු බැහැර කරන්නෙමි. (පයින් ඇක්මෙනු කියනු කිම.)
මෙසේ ... ලෝමසකඞ්ගිය ස්ථවිරයන් වහන්සේ ...
ලෝමසකඞ්ගිය ස්ථවිරගාථා යි.
1. 3. 8.
28. කිම (චීවරමණ්ඩනාදීන්) වස්ත්‍රයෙහි නිරත නො වූවහු ද, කිම ශරීරමණ්ඩනයෙහි නො ඇලුණහු ද, කිම තෙපි සිල්සුවඳ හමවු ද, සෙසු දුශ්ශීලප්‍රජාව සිල්සුවඳ නො හමා.
මෙසේ ... ජම්බුගාමිය ස්ථවිරයන් වහන්සේ ...
ජම්බුගාමිය ස්ථවිරගාථා යි.
29. එම්බා හාරිත, සිත (කුසිතයෙන්) නඟාලව, හීවඩුවෙක් හීය මෙන් සිත ඍජු කොට ගෙන අවිද්‍යාව පළව.
මෙසේ ... හාරිත ස්ථවිරයන් වහන්සේ ...
හාරිත ස්ථවිරගාථා යි.
1. 3. 10.
30. මට ආබාධය උපන් කල්හි “මට ආබාධයෙක් උපන, මා විසින් නො පමාවන්නට කලැ” යි මට සිහි උපනි.
මෙසේ ... උත්තිය ස්ථවිරයන් වහන්සේ ...
උත්තිය ස්ථවිරගාථා යි.
තෘතීය වර්‍ගය යි.
උද්දානය:
නිග්‍රෝධ ස්ථවිර යැ, චිත්තක ස්ථවිර යැ, ගෝසාල ස්ථවිර යැ, සුගන්‍ධ ස්ථවිර යැ, නන්‍දිය ස්ථවිර යැ, අභය ස්ථවිර යැ, ලෝමසකඞ්ගිය ස්ථවිර යැ, ජම්බුගාමියපුත්ත ස්ථවිර යැ, හාරිත ස්ථවිර යැ, උත්තිය ස්ථවිර යැ යි තෘතීය වර්‍ගයෙහි තෙරවරු දස දෙනෙකි.
චතුර්‍ත්‍ථ වර්‍ගය
1. 4. 1.
31. අරණ්‍යයෙහි වූ මහවනයෙහි මැසිමදුරු ආදීන් විසින් පහස්නා ලද්දේ රණබිම්හි ඇතකු සෙයින් සිහි ඇති වැ එහි ඉවසා වෙසෙන්නේ යි.
මෙසේ ... ගබ්භරතීරිය ස්ථවිරයන් වහන්සේ ...
ගබ්භරතිරිය ස්ථවිරගාථා යි.
1. 4. 2.
32. දිරායන ආත්මභාවයෙන් අජරය (නිවන), තැවෙන ආත්මභාවයෙන් පරමශාන්ති වූ යෝගක්‍ෂේම වූ නිරුත්තර වූ නිවන පිරිවටන්නෙමි. (ගනුදෙනු කරන්නෙමි යි සේ යි)
මෙසේ ... සුප්පිය ස්ථවිරයන් වහන්සේ ...
සුප්පිය ස්ථවිරගාථා යි.
33. යම්සේ ප්‍රිය වූ එක් මැ පුතු කෙරෙහි හිතෛෂී වන්නේ නම් එසේ සියලු සතුන් කෙරෙහි හැම තැන්හි හිතෛෂී වන්නේ ය.
මෙසේ ... සෝපාක ස්ථවිරයන් වහන්සේ ...
සෝපාක ස්ථවිරගාථා යි.
34. දන්නහු විසින් හැම කල්හි මැ තෙල මාගම්හු නො එළඹෙන ලද්දාහු උතුම් වෙති. ‘පෝසිය’ නම් වූ මම අරණ්‍යයෙන් ගමට අවුත් ඉක්බිති ගෙට පිවිසියෙමි, ඒ යහනින් නැඟී බසකුදු නො බැණ පිටත්වූයෙමි.
මෙසේ ... පෝසිය ස්ථවිරයන් වහන්සේ ...
පෝසිය ස්ථවිරගාථා යි.
35. යමෙක් නිවනට පැමිණෙනු සඳහා ඍජුමාර්‍ග වූ ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගමාර්‍ගය වඩා ද ඒ පිළිවෙත් පුරන සුව කැමැත්තේ (නිරාමිස) සුවය ද ලැබෙයි, කීර්තියට ද පැමිණෙ යි, ඔහුගේ යසස ද වැඩේ.
මෙසේ ... සාමඤ්ඤකානි ස්ථවිරයන් වහන්සේ ...
සාමඤ්ඤකානි ස්ථවිරගාථා යි.
36. (දශකථාවස්තු) ශ්‍රවණය මැනැවැ, ඒ අනුව හැසිරීම ද, මැනැවැ, හැම කල්හි (ක්ලේශනිවාස වූ) පඤ්චකාමගුණයෙන් වෙන් වැ විසීම මැනැවැ, අරුත් පිළිවිසීම මැනැවැ, එය ගෞරවයෙන් පිළිගැනීම මැනැවි. තෙල කිඤ්චන (පළිබෝධ) රහිත වූවහු ගේ මහණදම වේ යයි.
මෙසේ ... කුමාපුත්ත ස්ථවිරයන් වහන්සේ ...
කුමාපුත්ත ස්ථවිරගාථා යි.
1. 4. 7.
37. අසංයත වැ හැසිරෙන්නාහු නොයෙක් ජනපදයට යෙති, චිත්තසමාධිය ද වරද්දාගනිති, ජනපදචාරිකාව කවර අර්‍ත්‍ථයක් කරන්නේ ද එහෙයින්, (අරති වශයෙන් උපන්) සාරම්භය දුරැලා (තෘෂ්ණාදෘෂ්ටි විසින්) නො පෙරටු කරන ලදුයේ ධ්‍යාන කරන්නේ යයි.
මෙසේ ... කුමාපුත්ත තෙරුන්ගේ සහායක ස්ථවිරයන් වහන්සේ ...
කුමාපුත්ත ස්ථවිර සහායකත්‍ථේරගාථා යි.
1. 4. 8.
38. යමෙක් ඍද්ධිබලයෙන් ‘සරභූ’ නම් ගඟ නැවැත්වී ද, ඒ ගවම්පති තෙම (තෘෂ්ණාදෘෂ්ටි) නිශ්‍රය රහිත වූයේ (එහෙයින් මැ) නික්ලේශී වෙයි, සියලු (රාගාදික්ලේශ) සඞ්ගයන් ඉක්ම ගිය භවපාරයට පැමිණි ඒ මහමුනිහු දෙවියෝ නමදිත් යයි.
මෙසේ ... ගවම්පති ස්ථවිරයන් වහන්සේ ...
ගවම්පති ස්ථවිරගාථා යි.
1. 4. 9.
39. අඩයටියෙන් පහර ලද්දකු සෙයින් ද, හිස ගිනි ඇවිළ ගත් කල්හි සෙයින් ද මහණ තෙම සිහි ඇති වැ කාමරාගයන් දුරැලීම පිණිස වැර වඩන්නේ යයි.
මෙසේ ... තිස්ස ස්ථවිරයන් වහන්සේ ...
තිස්ස ස්ථවිරගාථා යි.
1. 4. 10.
40. අඩයටියෙන් පහර ලද්දකු සෙයින් ද හිස ගිනි ඇවිළගත් කල්හි සෙයින් ද මහණ තෙම සිහි ඇති වැ භවරාගය දුරැලීම පිණිස වැර වඩන්නේ යයි.
මෙසේ ... වර්ධමාන ස්ථවිරයන් වහන්සේ ...
වර්ධමාන ස්ථවිරගාථා යි.
චතුර්‍ත්‍ථ වර්‍ගය යි.
උද්දානය:
ගබ්භරතීරිය ස්ථවිර යැ, සුප්පිය ස්ථවිර යැ, සෝපාක ස්ථවිර යැ, පෝසිය ස්ථවිර යැ, සාමඤ්ඤකානි ස්ථවිර යැ, කුමාපුත්‍ර ස්ථවිර යැ, කුමාපුත්‍ර සහායක ස්ථවිර යැ, ගවම්පති ස්ථවිර යැ, තිස්ස ස්ථවිර යැ, මහායසස් ඇති වර්ධමාන ස්ථවිර යැ යි චතුර්‍ත්‍ථ වර්‍ගයෙහි තෙරවරු දස දෙනෙකි.
පඤ්චම වර්‍ගය
1. 5. 1.
41. විදුලීහු වෙභාර පර්‍වතයා ගේ ද පාණ්ඩවපර්‍වතයාගේ ද විවරයෙහි (අතර) වැටෙති. අනුපම වූ තාදීහු (භාග්‍යවතුන් වහන්සේ) ගේ පුත්‍ර තෙම පර්‍වතගුහාගත වැ ධ්‍යාන කෙරේ යයි.
මෙසේ ... සිරිවඩ්ඪ ස්ථවිරයන් වහන්සේ ...
සිරිවඩ්ඪ ස්ථවිරගාථා යි.
1. 5. 2.
42. චාලා, උපචාලා, සිසූපචාලා හෙරණුනි, (තෙපි) සිහි ඇති වැ වෙසෙවු ද? (තියුණු නුවණ ඇති බැවින්) වාලවේධී ස්වරූප වූ තොපගේ මයිල් (සැරියුත්) තෙරණුවෝ ආහ යි.
මෙසේ ... ඛදිරවනියරේවත ස්ථවිරයන් වහන්සේ ...
ඛදිරවනියරේවත ස්ථවිරගාථා යි.
43. මොනවට මිදුණෙමි, මොනවට මිදුණෙමි, තුන්කුදුයෙන් (මම) මැනවින් මිදුණෙම් වෙමි. මා දෑකැත්තෙන් මිදීම යැ, මා නඟුලින් මිදීම යැ, මා හුදැල්ලෙන් මිදීම යි. ඉදින් (ඒ අසිතාදිය) මෙහි මැ වුව ද එතෙකුදුවත් (එයින්) කම් නැත. කම් නැත. සුමඞ්ගලයෙනි, ධ්‍යාන වඩව, සුමඞ්ගලයෙනි, ධ්‍යාන වඩව. අප්‍රමත්ත වැ වාසය කරව සුමඞ්ගලයෙනි යි.
මෙසේ ... සුමඞ්ගල ස්ථවිරයන් වහන්සේ ...
සුමඞ්ගල ස්ථවිරගාථා යි.
44. මෑණියනි, මළහුට හෝ දිවිවැටෙන යමෙක් නො පැනේ නම් (ඔහුට) හෝ හඬති. මෑණියෙනි, දිවිවැටෙන මා දකිමින් මෑණියනි, කවර හෙයින් මට හඬවු දැ?යි.