Theragāthā

Verses of the Elder Monks

මූලාශ්‍රය සහ සංස්කරණ විස්තර

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 2247 segments

කියවීමේ විකල්පමෙම උපාංගයේ පමණක් සුරැකේ

ඔබගේ පෞද්ගලික සටහන

ඔබට පමණක් පෙනේ. මූලාශ්‍ර පාඨයේ කොටසක් නොවේ.

පෙන්වන කොටස් 1701-1800 න් 2247

පාඨයක් සොයන්න හෝ පිටුව වෙනස් කරන්න
kn-thag-11:202.7
814. යමෙක් පහස විඳ එහි සිහි ඇත්තේ වේ ද, හෙතෙම ස්පර්‍ශාලම්බනයෙහි නො ඇලෙයි, විරාග සිත් ඇත්තේ අරමුණුරස විඳී, එතෙකුදු වුවත් එහි වැදැගෙන නො සිටී.
kn-thag-11:202.8
815. යම්සේ පහස විඳුනා වූ ද වේදානාව සෙවුනා වූ ද ඔහුගේ කෙලෙස් ක්‍ෂය වේ නම් රැස් නො වේ නම්, හෙතෙම එසේ සිහි ඇති වැ වෙසේ, මෙසේ දුක් පහ කරන්නහුට නිවන ළඟ යැ යි කියනුලැබේ.
kn-thag-11:202.9
816. යමෙක් දහම්අරමුණ පසක් කොට එහි සිත් ඇත්තේ වේ ද, හෙතෙම දහම්අරමුණෙහි නො ඇලෙයි, විරාගසිත් ඇත්තේ අරමුණු රස විඳී, එතෙකුදු වුවත් එහි වැදැගෙන නො සිටී.
kn-thag-11:202.10
817. යම්සේ දහම්අරමුණ පසක් කරන්නා වූ ද වේදනාව සෙවුනා වූ ද ඔහුගේ කෙලෙස් ක්‍ෂය වේ නම් රැස් නො වේ නම්, හෙතෙම එසේ සිහි ඇති වැ වෙසේ, මෙසේ දුක් පහ කරන්නහුට නිවන ළඟ යැ යි කියනුලැබේ යි.
kn-thag-11:202.11
මෙසේ ආයුෂ්මත් මාලුඞ්ක්‍යපුත්ත ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළහ යි.
kn-thag-11:202.12
මාලුඞ්ක්‍යපුත්ත ස්ථවිරගාථා යි.
kn-thag-11:204.1
20. 1. 6.
kn-thag-11:204.2
818. පිරිපුන්සිරුරු ඇත්තෙහි, මනා සිරුරුකැලුම් ඇත්තෙහි, අභිජාතයෙහි, රමණී දැකුම් ඇත්තෙහි, රන්වන් වෙහි, භගවත්හි, සුදෝසුදු දත්පෙළ ඇතියෙහි, වීර්‍ය්‍ය ඇත්තෙහි යැ.
kn-thag-11:204.3
819. අභිජාතපුරුෂයක්හුගේ යම් ලක්‍ෂණ කෙනෙක් වෙත් ද, ඒ සියලු මහාපුරුෂලක්‍ෂණයෝ ඔබගේ සිරුරෙහි වෙත්.
kn-thag-11:204.4
820. පස්පෑ දිස්නා නෙත් ඇත්තෙහි, මනා මුව ඇතියෙහි, ආරෝහපරිණාහසම්පන්නයෙහි, ඍජුගාත්‍ර ඇතියෙහි, ප්‍රතාපවත් වූයෙහි, මහණගණ මැද සූර්‍ය්‍යයා මෙන් බබළන්නෙහි යැ.
kn-thag-11:204.5
821. කලණදැකුම් ඇතියෙහි, කසුන් පැහැසිවි ඇතියෙහි යැ, මහණ, මෙසේ උත්තමස්වරූප ඇති තොපට ශ්‍රමණභාවයෙන් කිම?
kn-thag-11:204.6
822. මහාරථික වූ සිව්සයුරු හිම් කොට ඇති පොළොවට අධිපති වූ කළ දික් විජය ඇති ජම්බුද්වීපයට ඊශ්වර වූ සක්විතිරජ වන්නට සුදුස්සෙහි යැ.
kn-thag-11:204.7
823. භෝග ඇති ක්‍ෂත්‍රිය රජවරු තොපගේ අනුගාමීහු වෙත්, ගෞතමය, රාජාධිරාජ වූ මනුජේන්‍ද්‍රයක් වැ රාජ්‍යය කරව.
kn-thag-11:204.8
බුදුහු:-
kn-thag-11:204.9
824. සේල! මම රජයෙමි. නිරුත්තර වූ ධර්‍මරාජ වූයෙම් දැහැමින් අණසක පවත්වමි, අණසක (අනෙකකු විසින්) පෙරළිය නො හැක්කෙකි’යි.
kn-thag-11:204.10
සෙල බ්‍රාහ්මණ:-
kn-thag-11:204.11
825. ‘නිරුත්තර ධර්‍මරාජන් වූ සම්බුද්ධයෙමි’යි ප්‍රතිඥා කරව, ගෞතමය, දැහැමින් අණසක පවත්වමී කියව.
kn-thag-11:204.12
826. භවත්හුගේ සෙන්පති කවරෙ යැ? ශ්‍රාවක වූ ශාස්තෘ අන්‍වය ඇති කවරෙක් තොප විසින් පවත්වනලද මේ දහම්සක අනුවර්‍තතනය කෙරේ ද?
kn-thag-11:204.13
බුදුහු:-
kn-thag-11:204.14
827. සේල! මා විසින් පවත්වනලද නිරුත්තර වූ ධර්‍මචක්‍රය තථාගත අනුජාත වූ ශාරිපුත්‍ර තෙමේ අනුවර්‍තනය කෙරේ.
kn-thag-11:204.15
828. මා විසින් දතයුතු දැය දන්නාලද යැ, භාවිත කළ යුත්ත භාවිත යැ, ප්‍රහාතව්‍යය ප්‍රහීණ යැ, එහෙයින් බමුණ! මම බුද්ධයෙමි,
kn-thag-11:204.16
829. බමුණ, මා කෙරෙහි සැක දුරුකරව, මා හදහව, සම්බුද්ධයන්ගේ එක්වන් දැක්ම දුර්‍ලභ වේ.
kn-thag-11:204.17
830. ලෝකයෙහි යම් කෙනකුන්ගේ එක්වන් පහළ වීම ඒකාන්තයෙන් දුර්‍ලභ වේ ද, බමුණ! ඒ මම නිරුත්තර ශල්‍යවෛද්‍ය වූ සම්බුද්ධයෙමි.
kn-thag-11:204.18
831. බ්‍රහ්ම (ශ්‍රේෂ්ඨ) වූයෙම් නිරුපම වූයෙම් මරසෙන් මඬනසුලු වූයෙම් සියලු සතුරන් වසඟ කොට කිසිවෙකින් බිය නැත්තෙම් සතුටු වෙමි.
kn-thag-11:206.1
832. භවත්නි! පසැස් ඇත්තේ යම්සේ කියා ද, එසේ මෙය අසවු, (රාගාදි ශල්‍යයන් උදුරන බැවින්) සල්ලකත්ත වූ මහාවීර තෙම වනයෙහි සිංහයකු මෙන් ගර්‍ජනා කෙරේ.
kn-thag-11:206.2
833. බ්‍රහ්ම වූ තුලනාතික්‍රාන්ති වූ මරසෙන් මඬනාසුල්ලහු දැකැ (තමපරායණ බැවින්) නීචජාතික වූ කවරෙක් නො පහදින්නේ ද?
kn-thag-11:206.3
834. යමෙක් කැමැති වේ ද (හෙ) මා අනුව ඒවා, නොහොත්, යමෙක් නො කැමැති වේ ද (හෙතෙම) යේවා, මම මෙහි උතුම් නුවණැත්තහු වෙත පැවිදි වන්නෙමි.
kn-thag-11:206.4
835. ඉදින් භවත්හට තෙල සම්‍යක් සම්බුද්ධශාසනය රුචි වේ නම්, අපිදු උතුම් නුවණැත්තහු වෙත පැවිදි වම්හ.
kn-thag-11:206.5
836. භාග්‍යවතුන් වහන්ස! මේ තුන්සියක් බ්‍රාහ‍්මණයෝ ඇඳිලි බැන්දාහු බඹසර යදිත්, (ඒ අපි) ඔබ වෙත බඹසර රක්නෙමු.
kn-thag-11:206.6
බුදුහු:-
kn-thag-11:206.7
837. සේල! යම් සසුනෙකැ අප්‍රමාද වැ හික්මෙනුවහට පැවිද්ද අමෝඝ (නොසිස්) වේ ද එහි මාර්‍ග බ්‍රහ්මචර්‍ය්‍යය ස්වාඛ්‍යාත යැ, සාංදෘෂ්ටික යැ, අකාලික යි.
kn-thag-11:206.8
838. ඇසැතියාණෙනි! යම් හෙයෙකින් මින් අටවැනි දිනයෙහි ඔබ සරණයට පැමිණියමෝ ද, එහෙයින් භාග්‍යවතුන් වහන්ස! සත් රැයින් ඔබ සසුන්හි දැමුණම්හ.
kn-thag-11:206.9
839. බුදු වූවහු මුඹ යැ, ශාස්තෘ වූවාහු මුඹ යැ, මාරාභිභූමුනි වූවහු මුඹ යැ, මුඹ වහන්සේ අනුශය සිඳැ පාරගත වූවහු මේ ප්‍රජාව තරණය කරවූහු යැ.
kn-thag-11:206.10
840. ඔබ විසින් උපධීහු ඉක්මවනලදහ, ඔබ විසින් ආස්‍රවයෝ විදාරණය කරනලදහ, උපාදාන රහිත වූවහු, සිංහයකු මෙන් පහ වූ භය භේරව ඇත්තහු යැ.
kn-thag-11:206.11
841. මේ තුන්සියක් භික්‍ෂූහු ඇඳිලි බැඳැගෙන සිටිත්. වීරයන් වහන්ස, පා සඟළ දිගු කළ මැනවැ. පුරුෂනාගයෝ ශාස්තෘහුගේ පා සඟළ වඳිත්වා! යි.
kn-thag-11:206.12
මෙසේ ආයුෂ්මත් සේල ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළහ යි.
kn-thag-11:206.13
සේල ස්ථවිරගාථා යි.
kn-thag-11:208.1
20. 1. 7.
kn-thag-11:208.2
842. මා විසින් ඇත්කඳ නැඟී සැරිසරනලද යැ, සියුම් වස්ත්‍ර දරන ලද යැ, මනා මසින් හැනූ හැල්බත් වළඳනලදි.
kn-thag-11:208.3
843. අද (ශීලාදී ගුණ හෙයින්) භද්‍ර වූ ශ්‍රමණධර්‍මයෙහි නිරත වූ පිණ්ඩාහාරයෙහි ඇලුණු උපාදාන රහිත වූ කාළිගෝධාපුත්‍ර ඒ භද්දිය තෙමේ ධ්‍යාන කෙරේ.
kn-thag-11:208.4
844. පංශුකූලිකාඞ්ග ඇති, ශ්‍රමණධර්‍මයෙහි නිරත වූ පිණ්ඩාහාරයෙහි ඇලුණු උපාදාන රහිත වූ කළිගෝධාපුත්‍ර භද්දිය තෙමේ ධ්‍යාන කෙරේ.
kn-thag-11:208.5
845. පිණ්ඩපාතිකඞ්ග ඇති ශ්‍රමණධර්‍මයෙහි නිරත වූ ...
kn-thag-11:208.6
846. තෙචීවරිකඞ්ග ඇති ශ්‍රමණධර්‍මයෙහි නිරත වූ ...
kn-thag-11:208.7
847. සපදානචාරිකඞ්ග ඇති ශ්‍රමණධර්‍මයෙහි නිරත වූ ...
kn-thag-11:208.8
848. ඒකාසනිකඞ්ග ඇති ශ්‍රමණධර්‍මයෙහි නිරත වූ ...
kn-thag-11:208.9
849. පත්තපිණ්ඩිකඞ්ග ඇති ශ්‍රමණධර්‍මයෙහි නිරත වූ ...
kn-thag-11:208.10
850. ඛලුපච්ඡාභත්තිකඞ්ග ඇති ශ්‍රමණධර්‍මයෙහි නිරත වූ ...
kn-thag-11:208.11
851. ආරඤ්ඤිකඞ්ග ඇති ශ්‍රමණධර්‍මයෙහි නිරත වූ ...
kn-thag-11:208.12
852. රුක්ඛමූලිකඞ්ග ඇති ශ්‍රමණධර්‍මයෙහි නිරත වූ ...
kn-thag-11:208.13
853. අබ්හොකාසිකඞ්ග ඇති ශ්‍රමණධර්‍මයෙහි නිරත වූ ...
kn-thag-11:208.14
854. සෝසානිකඞ්ග ඇති ශ්‍රමණධර්‍මයෙහි නිරත වූ ...
kn-thag-11:208.15
855. යථාසන්තතිකඞ්ග ඇති ශ්‍රමණධර්‍මයෙහි නිරත වූ ...
kn-thag-11:208.16
856. නෙසජ්ජිකඞ්ග ඇති ශ්‍රමණධර්‍මයෙහි නිරත වූ ...
kn-thag-11:208.17
857. අල්පෙච්ඡ වූ ශ්‍රමණධර්‍මයෙහි නිරත වූ ...
kn-thag-11:208.18
858. සන්තුෂ්ට වූ ශ්‍රමණධර්‍මයෙහි නිරත වූ ...
kn-thag-11:210.1
859. ප්‍රවිවික්ත වූ ශ්‍රමණධර්‍මයෙහි නිරත වූ ...
kn-thag-11:210.2
860. අසංසෘෂ්ට වූ ශ්‍රමණධර්‍මයෙහි නිරත වූ ...
kn-thag-11:210.3
861. ආරබ්ධවීර්‍ය්‍ය ඇති ශ්‍රමණධර්‍මයෙහි නිරත වූ පිණ්ඩාහාරයෙහි ඇලුණු, උපාදාන රහිත වූ ගෝධාපුත්‍ර භද්දිය තෙමේ ධ්‍යාන කෙරේ.
kn-thag-11:210.4
862. රනින් නිමැ වූ නොයෙක් කැටයම් ඇති සියක්පල් අගනා කස්ලෝතලිය හැරැදමා මැටිපාත්‍රය ගනිමි, මේ දෙවැනි අභිෂේක යි.
kn-thag-11:210.5
863. උස් වූ මඬුලුපවුරු ඇති තිර වූ අටලු කොටු ඇති පුරයෙහි ඛඞ්ගධාරීන් විසින් රක්නාලද්දෙම් ත්‍රස්ත වැ විසුයෙමි.
kn-thag-11:210.6
864. අද ඒ භද්‍ර වූ ත්‍රස්ත නො වනසුලු වූ පහ වූ භය භෛරව ඇති ගෝධාපුත්‍ර භද්දිය තෙමේ වනයෙහි පිවිස ධ්‍යාන කෙරේ.
kn-thag-11:210.7
865. ශීලස්කන්‍ධයෙහි පිහිටා සමාධියත් ප්‍රඥාවත් වඩනෙම් අනුක්‍රමයෙන් සියලු සංයෝජනයන් ගේ ක්‍ෂය භාවයට පැමිණියෙමි යි.
kn-thag-11:210.8
මෙසේ ආයුෂ්මත් කාළිගෝධාපුත්‍ර භද්දිය ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළහ යි.
kn-thag-11:210.9
භද්දිය ස්ථවිරගාථා යි.
kn-thag-11:210.10
20. 1. 8.
kn-thag-11:210.11
866. මහණ! යන්නෙහි ‘සිටියෙමි’යි කියහි, සිටි මා ‘නො සිටියහ’යි ද කියහි, මහණ! මෙකරුණ ඔබ විචාරමි, භවත් කෙසේ සිටියෙ යැ? මම කෙසේ නො සිටියෙම් වේ ද?
kn-thag-11:210.12
867. අඟුල්මල! මම හැම කල්හි සියලු සතුන් කෙරෙහි දණ්ඩනය හැරපියා සිටියෙමි, තෝ වනාහි ප්‍රාණීන් කෙරෙහි සංයම රහිත වෙහි, එහෙයින් මම සිටියෙමි, තෝ නො සිටියෙහි.
kn-thag-11:210.13
868. පූජිත වූ මහර්ෂි වූ ශ්‍රමණ තෙම කලෙකින් මට හිත පිණිස මහවනයට එළඹියේ යැ, මම ඔබගේ ධර්‍මයුක්ත වූ ගාථාව අසා දහසක් පව් හැරැදමන්නෙමි.
kn-thag-11:210.14
869. මෙසේ කියා අඟුල්මල් සොර අසිපත ද සෙසු අවි ද හෙබෙහි ප්‍රපාතයෙහි, පොළෝ විවරයෙහි දැමී යැ, සොරා බුදුන් ගේ පාසඟළු වැන්දේ යැ, එතැන්හි මැ බුදුන් ගෙන් පැවිද්ද අයැදී.
kn-thag-11:210.15
870. එක්බිති යම් කෙනෙක් දෙවියන් සහිත සත්ත්‍වලෝකයාට කාරුණික වෙත් ද, මහර්ෂී වෙත් ද ඒ බුදුහු ‘එව මහණැ’යි එදා ඔහුට වදාළහ. එ මැ ඔහු ගේ භික්‍ෂුභාවය වී.
kn-thag-11:210.16
871. යමෙකු පළමු ප්‍රමාදයට පැමිණ පසුව අප්‍රමාද වේ ද හෙතෙම වලායෙන් මුත් නිසයුරු සෙයින් මෙලොව බබුළුවයි.
kn-thag-11:212.1
872. යමකු විසින් කරනලද පව්කම් කුශලයෙන් වසනුලැබේ ද හෙතෙම වලායෙන් මුත් නිසයුරු සෙයින් මෙලොව බබුළුවයි.
kn-thag-11:212.2
873. යම් තරුණ මහණෙක් ත්‍රිවිධශික්‍ෂායෙහි යුක්තප්‍රයුක්ත වේ ද හෙතෙම ඒකාන්තයෙන් වලායෙන් මුත් නිසයුරු සෙයින් මෙලොව බබුළුවයි.
kn-thag-11:212.3
874. මා ගේ සතුරෝ ද (මා ඇසූ) ධර්‍මකථාව අසත්වා! මාගේ සතුරෝ ද බුද්ධශාසනයෙහි යුක්තප්‍රයුක්ත වෙත්වා! (යෙදෙත්වා!) යම් සත්පුරුෂ කෙනෙක් ධර්‍මය මැ ගන්වත් ද මාගේ සතුරෝ ද එබඳු මිනිසුන් භජනය කෙරෙත්වා!
kn-thag-11:212.4
875. මා ගේ සතුරෝ ක්‍ෂාන්තිවාදීන්ගේ මෛත්‍රිය පසස්නවුන් ගේ ධර්‍මය සුදුසු කල්හි අසත්වා! එ ද අනුගමනය කෙරෙත්වා!
kn-thag-11:212.5
876. ඒ මාගේ සතුරා කිසි කලෙකැ මා නො මැ නසන්නේ යැ, අන් කිසිවකු හෝ නො නසන්නේ යැ, (හෙතෙම) පරම ශාන්තියට පැමිණ තැතිගන්නවුන් (පුහුදුන්) හා ස්ථාවරයන් (රහතුන්) රක්නේ යි.
kn-thag-11:212.6
877. දියාලුවෝ (කැමැති තැනට) දියගෙන යෙති, හීවඩුවෝ හී ඍජු කෙරෙති. දැවවඩුවෝ දැව නමති, නුවණැතියෝ ආත්මය දමනය කෙරෙත්.
kn-thag-11:212.7
878. ඇතැම් කෙනෙක් කැවිටිනුදු අකුස්සෙනුදු කසයෙනුදු දමනය කරත්, මම කැවිටි නැති අවි නැති තාදිහු (බුදුන්) විසින් දමනය කරනලද්දෙමි වෙමි.
kn-thag-11:212.8
879. හිංසක වූ මට පෙර ‘අහිංසක’ යැ යි නමෙක් වී යැ, අද මම නිබොරු නම් ඇත්තෙමි, කිසිවකු නො නසමි.
kn-thag-11:212.9
880. පෙර මම ‘අඞ්ගුලිමාල’යි ප්‍රසිද්ධ වූ සොර වීමි, (කාමාදි) මහොඝය විසින් පා කොට ගෙන යන ලද්දෙම් බුදුන් සරණගියෙමි.
kn-thag-11:212.10
881. පෙර අඟුල්මලැ යි ප්‍රසිද්ධ වූයෙම් ලෙහෙ වැකුණු අත් ඇත්තෙම් වීමි, සරණාගමන අනුසස් බලව. (මා විසින්) තෘෂ්ණාව උගුළුවන ලදු.
kn-thag-11:212.11
882. දුගතියට යනසුලු එබඳු බොහෝ පව්කම් කොට කර්‍මවිපාකය විසින් ස්පර්‍ශ කරනලද්දෙම් ණය නැති ව සිව්පසය වළඳමි.
kn-thag-11:212.12
883. නුවණ නැති බාලජනයෝ ප්‍රමාදයෙහි පුනපුනා යෙදෙති, නුවණැත්තේ වැළිත් ශ්‍රේෂ්ඨධනයක් මෙන් අප්‍රමාදය රකී.
kn-thag-11:212.13
884. පමායෙන් කල් නො ගළවවු, කාමරතිසන්‍ථවය නො ලබවු, අප්‍රමාද වූ ධ්‍යාන කරන පුද්ගල තෙම පරමසුවය ලබයි.
kn-thag-11:212.14
885. මනා ඊමෙකි, නිරර්‍ත්‍ථක වූයේ නො වේ, මා විසින් තෙල (පැවිදි වෙමි යන කරුණ) නපුරු කොට සිතනලද්දේ නො වේ, (සාවද්‍ය අනවද්‍යා දි විසින්) විභාග කරනලද ධර්‍මයෙහි යමක් ශ්‍රේෂ්ඨ නම් එ නිවන ට පැමිණියෙමි.
kn-thag-11:214.1
886. මනා ඊමෙකි, නිරර්‍ත්‍ථක වූයේ නො වේ, මා විසින් තෙල නපුරු කොට සිතනලද්දේ නො වේ, ත්‍රිවිද්‍යාව අනුක්‍රමයෙන් ලබනලද යැ, බුදුන් ගේ අනුශාසනය කරනලදි.
kn-thag-11:214.2
887. අරණ්‍යයෙහි හෝ රුක්මුල හෝ පර්‍වතයෙහි හෝ ගුහායෙහි හෝ ඒ ඒ තැන්හි මැ කලකුළුසිත් ඇති වැ එදා සිටියෙමි.
kn-thag-11:214.3
888. සුවසේ හොවිමි, සිටිමි, සුවසේ දිවි ගෙවමි, මරහු ගේ අත් පසින් බැහැර යෙමි, අසිරි යැ! ශාස්තෘහු විසින් අනුකම්පිතයෙමි.
kn-thag-11:214.4
889. පෙර බ්‍රාහ්මණජාතික වීමි, (මා පිය) දෙපසින් පරිශුද්ධ වීමි, ඒ මම අද සුගත වූ ධර්‍මරාජන් වූ ශාස්තෘහු ගේ පුත්‍රයෙමි.
kn-thag-11:214.5
890. පහ කළ තෘෂ්ණා ඇතියෙම් උපාදාන රහිතයෙම් ඉඳුරන්හි වසන ලද දොර ඇතියෙම් සුසංවෘත වූයෙම් වෙමි. දුක්මුල් සිඳැ මා විසින් ආස්‍රවක්‍ෂය (නිවන) ලබනලද්දේ යි.
kn-thag-11:214.6
891. මා විසින් ශාස්තෲන් වහන්සේ ඇසුරු කරනලදහ, බුදුන්ගේ අනුශාසනය කොට නිමවනලදි, ගුරු බර බහා තබනලද්දේ යැ තෘෂ්ණාව උපුරනලද්දී යැ.
kn-thag-11:214.7
මෙසේ ආයුෂ්මත් අඞ්ගුලිමාල ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළහ යි.
kn-thag-11:214.8
අඞ්ගුලිමාල ස්ථවිරගාථා යි.
kn-thag-11:214.9
20. 1. 9.
kn-thag-11:214.10
892. මාපියන්, සොහොවුරි නෑ සොහොවුරන් හැරැදමා පස්කම්ගුණ හැරැදමා (යමෙක් ධ්‍යාන කෙරේ නම් හෙතෙම) අනුරුද්ධමුනි මෙන් ධ්‍යාන කෙරේ.
kn-thag-11:214.11
893. නෘත්‍යගීතයෙන් යුක්ත වූයෙම්, කුළුතාළමින් පිබිදෙනසුලු වූයෙම්, කාමගුණයෙහි ඇලුණෙම් එයින් ශුද්ධියට නො පැමිණියෙමි.
kn-thag-11:214.12
894. තෙල පස්කම් ගුණය ද ඉක්ම බුදුසසුන්හි ඇලුණේ (කාමාදි) සියලු ඕඝයන් මැනැවින් ඉක්ම අනුරුද්ධ මෙන් ධ්‍යාන කෙරේ.
kn-thag-11:214.13
895. රූපයෝ ද, ශබ්දයෝ ද, රසයෝ ද, ගන්‍ධයෝ ද, ස්පර්‍ශයෝ ද, සිත්කලු වූවෝ ය, ඔවුන් ද ඉක්ම (ධ්‍යාන කරන්නේ) අනුරුද්ධ මෙන් ධ්‍යාන කෙරේ.
kn-thag-11:214.14
896. නිරාස්‍රව වූ අනුරුද්ධමුනි තෙම පිණ්ඩපාතයෙන් නැවැත්තේ එකලා වූයේ දෙවැන්නක (තෘෂ්ණාව) නැත්තේ පංශුකූලයන් සොයයි.
kn-thag-11:214.15
897. ස්මෘතිමත් වූ නිරාස්‍රව වූ අනුරුද්ධමුනි තෙම පංශුකුලයන් ගත්තේ ය, දෙවී යැ, රැඳී යැ, දැරී යැ.