Theragāthā

Verses of the Elder Monks

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 801-900 න් 2250

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT218. එකතිංසෙ ඉතො කප්පෙ යං සඤ්ඤමලභිං තදා, තස්සා සඤ්ඤාය වාහසා පත්තො මෙ ආසවක්ඛයො’ති.
Sinhala BJT218. මෙයින් එක්තිස් වන කපෙහි එදා මා විසින් යම් බුද්ධානුස්මෘති සංඥාවක් ලැබුයෙම් ද, ඒ සංඥාව උපනිශ්‍රය කොට ගෙන මා විසින් ආස්‍රවක්‍ෂය සඞ්ඛ්‍යාත නිරෝධය ලබනලදැ යි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා සන්ධිතො ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ මේ ගාථා ආයුෂ්මත් සන්‍ධිත ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTසන්ධිතත්ථෙරගාථා.
Sinhala BJTසන්‍ධිත ස්ථවිරගාථා යි.
Pali BJTවග්ගො පඤ්චමො.
Sinhala BJTපස්වැනි වර්‍ගය යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඋද්දානය:
Pali BJTකුමාරකස්සපො ථෙරො ධම්මපාලො ච බ්රහ්මාලි, මොඝරාජා විසාඛො ච චූළකො ච අනූපමො, වජ්ජිතො සන්ධිතො ථෙරො කිලෙසරජවාහනො’ති.
Sinhala BJTකුමාරකස්සප යැ, ධම්මපාල යැ, බ්‍රහ්මාලි යැ, මෝඝරාජ යැ, විසාඛ යැ, චූළක යැ, අනුපම යැ, වජ්ජිත යැ, සන්‍ධිත යැ, යන තෙරවරුන් වදාළගාථා යි.
Pali BJTගාථා දුකනිපාතම්හි නවුති චෙව අට්ඨ ච ථෙරා එකූනපඤ්ඤාසං භාසිතා නයකොවිදා’ති.
Sinhala BJTදුකනිපාතයෙහි ගාථා අට අනූවක් ද, නයෙහි නිපුණ එකුන්පනස් තෙර කෙනෙක් ද කියනලදහ.
Pali BJTදුකනිපාතො නිට්ඨිතො.
Sinhala BJTදුකනිපාතය නිමි.
Pali BJT3. තිකනිපාතො.
Sinhala BJT3. තික නිපාතය
Pali BJT3. 1. 1.
Sinhala BJT3. 1. 1.
Pali BJT219. අයොනි සුද්ධිමන්වෙසං අග්ගිං පරිචරිං වනෙ, සුද්ධිමග්ගං අජානන්තො අකාසිං අමරං තපං.
Sinhala BJT219. අනුපායයෙන් (නොමගින්) සංසාරශුද්ධිය සොයන්නෙම් වෙනෙහි ගිනි පිදුයෙමි. ශුද්ධියට මාර්‍ගය නො දන්නෙම් (පඤ්චතාපනාදි) අමරතපස් කෙළෙමි.
Pali BJT220. තං සුඛෙන සුඛං ලද්ධං පස්ස ධම්මසුධම්මතං, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT220. ඒ නිවන් සුවය සුවසේ (සුඛප්‍රතිපදායෙන්) ලබනලදි. ශාසනධර්‍මයා ගේ සුධර්‍මත්‍වය (නෛර්‍ය්‍යාණිකභාවය) බලව. මා විසින් ත්‍රිවිද්‍යාව ලබනලද. බුදුරදුන්ගේ අවවාදය කරනලදි.
Pali BJT221. බ්රහ්මබන්ධු පුරෙ ආසිං ඉදානි ඛොම්හි බ්රාහ්මණො, තෙවිජ්ජො නහාතකො{1} චම්හි සෙත්ථියො චම්හි වෙදගූ’ති.
Sinhala BJT221. පෙර (ජාතිමාත්‍රයෙන් ප්‍රඥප්ති විසින්) බ්‍රාහ්මණ වෙමි. දැන් (බහිතපාපි වන බැවින් පරමාර්‍ත්‍ථ විසින්) බ්‍රාහ්මණ වෙමි. ත්‍රිවිද්‍යා ඇත්තෙම් වෙමි. (සෝදාහළ කෙලෙස්මල ඇති බැවින්) ස්නාතක ද වෙමි. සොත්‍ථිය ද වෙමි. වේද සඞ්ඛ්‍යාත මාර්‍ගඥානයෙන් සංසාරමහොඝයාගේ නොහොත් චතුස්සත්‍යයාගේ පාරයට ගිය බැවින් වේදගූ ද වෙමි යි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා අග්ගිකභාරද්වාජො ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ මේ ගාථා ආයුෂ්මත් අඞ්ගණිකභාරද්වාජ ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTඅග්ගිකභාරද්වාජත්ථෙරගාථා.
Sinhala BJTඅඞ්ගණිකභාරද්වාජ ස්ථවිරගාථා යි.
Pali BJT3. 1. 2.
Sinhala BJT3. 1. 2.
Pali BJT222. පඤ්චාහාහං පබ්බජිතො සෙඛො අප්පත්තමානසො, විහාරං මෙ පවිට්ඨස්ස චෙතසො පණිධී අහු.
Sinhala BJT222. මම පැවිදි වැ පස්දිනක් ඇතියෙමි. නො පත් අග්‍රමාර්‍ග ඇතියෙම් ශෛක්‍ෂ වීමි. විහාරයට (ඔවරකයට) පිවිසි මට චේතෝණිධියක් (ප්‍රාර්‍ත්‍ථනාවක්) වූ යැ:
Pali BJT223. නාසිස්සං{2} න පිවිස්සාමි විහාරතො න නික්ඛමෙ, නපි පස්සං නිපාතෙස්සං{3} තණ්හාසල්ලෙ අනූහතෙ.
Sinhala BJT223. ‘තෘෂ්ණාශල්‍යය නූපුළ කල්හි නො වළඳන්නෙමි, නො බොන්නෙමි, ඔවරකයෙන් නො නික්මෙන්නෙමි, දැළයෙන් එක් ඇළයකුදු නො හොවන්නෙමි’යි.
Pali BJT224. තස්ස චෙවං විහරතො පස්ස විරියපරක්කමං, තිස්සො විජ්ජා අනුපුපත්තා කතං බුද්ධස්ස සාසන’න්ති.
Sinhala BJT224. මෙසෙයින් වසන මා ගේ වීර්‍ය්‍යපරාක්‍රමය බලව, (මා විසින්) ත්‍රිවිදාව ලබනලද, බුදුරදුන්ගේ අවවාදය කරනලදැ යි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා පච්චයො ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ මේ ගාථා ආයුෂ්මත් පච්චය ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTපච්චයත්ථෙරගාථා.
Sinhala BJTපච්චය ස්ථවිරගාථා යි.
Pali BJT3. 1. 3.
Sinhala BJT3. 1. 3.
Pali BJT225. යො පුබ්බෙ කරණීයානි පච්ඡා සො කාතුමිච්ඡති, සුඛා සො ධංසතෙ ඨානා පච්ඡා ච මනුතප්පති.
Sinhala BJT225. යමෙක් පළමු කටයුතු දැය (නො කොට) පසුව කරනු කැමති වේ ද, හෙතෙම සුඛස්ථානයෙන් (ස්වර්‍ගයෙන් හා මෝක්‍ෂයෙන්) පිරිහෙයි, පසුතැවෙන්නේ ද වේ.
Pali BJT226. යං හි කයිරා තං හි වදෙ යං න කයිරා න තං වදෙ, අකරොන්තං භාසමානං{4} පරිජානන්ති පණ්ඩිතා.
Sinhala BJT226. යමක් මැ කරන්නේ නම් එය මැ කියන්නේ යැ. යමක් නො කරන්නේ නම් එය නො කියන්නේ යැ. ඒ කියමින් නො කරන්නහුට නුවණැතියෝ බුහුමන් නො කෙරෙත්.
Pali BJT227. සුසුඛං වත නිබ්බානං සම්මාසම්බුද්ධදෙසිතං, අසොකං විරජං ඛෙමං යත්ථ දුක්ඛං නිරුජ්ඣතී’ති.
Sinhala BJT227. යම් තැනෙකැ සසරදුක නිරුද්ධ වේ නම් සම්බුදුන් විසින් දෙසන ලද ඒ ශෝක රහිත වූ රාගාදීරජස් රහිත වූ නිරුපද්‍රිත වූ නිවන එකත්නෙන් මනා සුවය වේ යයි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා බක්කුලො ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ මේ ගාථා ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTබක්කුලත්ථෙරගාථා.
Sinhala BJTබක්කුල ස්ථවිරගාථා යි.
Pali BJT3. 1. 4.
Sinhala BJT3. 1. 4.
Pali BJT228. සුඛඤ්චෙ ජීවිතුං ඉච්ඡෙ සාමඤ්ඤස්මිං අපෙක්ඛවා, සඞ්ඝිකං නාතිමඤ්ඤෙය්ය චීවරං පානභොජනං.
Sinhala BJT228. ශ්‍රමණභාවයෙහි අපේක්‍ෂා ඇත්තේ ඉදින් සුවසේ ජීවත්වන්නට කැමැත්තේ නම් සඟසතු සිවුරු පැන් - බොජුන් අවමන් නො කරන්නේ යැ.
Pali BJT229. සුඛඤ්චෙ ජීවිතුං ඉච්ඡෙ සාමඤ්ඤස්මිං අපෙක්ඛවා, අහි මුසිකසොබ්භං ව සෙවෙථ සයනාසනං.
Sinhala BJT229. ශ්‍රමණභාවයෙහි අපේක්‍ෂා ඇත්තේ ඉදින් සුවසේ ජීවත්වනු කැමැත්තේ නම් මීයකු විසින් කණිනලද බිලය සෙවුනා සර්‍පයකු සෙයින් සෙනසුන සෙවුනේ යැ.
Pali BJT230. සුඛඤ්චෙ ජීවිතුං ඉච්ඡෙ සාමඤ්ඤස්මිං අපෙක්ඛවා, ඉතරීතරෙන තුස්සෙය්ය එකධම්මඤ්ච භාවයෙති.
Sinhala BJT230. ශ්‍රමණභාවයෙහි අපේක්‍ෂා ඇත්තේ ඉදින් සුවසේ ජීවත්වනු කැමැත්තේ නම් යථාලබ්ධප්‍රත්‍යයෙන් තුටු වන්නේ යැ. එක් මැ අප්‍රමාදධර්‍මය වඩන්නේ යි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා ධනියො ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ මේ ගාථා ආයුෂ්මත් ධනිය ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTධනියත්ථෙරගාථා.
Sinhala BJTධනිය ස්ථවිරගාථා යි.
Pali BJT3. 1. 5.
Sinhala BJT3. 1. 5.
Pali BJT231. අතිසීතං අතිඋණ්හං අතිසායමිදං අහු, ඉති විස්සට්ඨකම්මන්තෙ ඛණා අච්චෙන්ති මාණවෙ.
Sinhala BJT231. ක්‍ෂණයෝ ‘මෙකල ඉතා සිහිලැ මෙකල ඉතා උණු යැ මෙකල ඉතා සවසැ’ යි හරනාලද කර්‍මාන්ත ඇති මිනිසුන් ඉක්මැ යෙත්.
Pali BJT232. යො ච{1} සීතඤ්ච උණ්හඤ්ච තිණා භිය්යො න මඤ්ඤති, කරං පුරිසකිච්චානි සො සුඛා න විහායති.
Sinhala BJT232. යමෙකුත් සිහිල් කලත් උණුකලත් තණපතින් වැඩියක්කොට නො තකා ද, පුරුෂකෘත්‍යයන් කරන්නා වූ හෙතෙම සුවයෙන් නො පිරිහේ.
Pali BJT233. දබ්බං කුසං පොටකිලං උසීරං මුඤ්ජබබ්බජං{2} උරසා පනුදිස්සාමි{3} විවෙකමනුබ්රූහයන්ති.
Sinhala BJT233. විවේකසුව වඩනුයෙම් හීතණ කුසතණ කටුපඳුරු (වැලුක්?) සුවඳහොට මුහුතණ බබුස්තණ උරයෙනුදු නෙරැපියන්නෙමි. (පයින් ඇක්මෙනු කියනු කිම්?)
Pali BJTඉත්ථං සුදං ආයස්මා මාතඞ්ගපුත්තො ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ මේ ගාථා ආයුෂ්මත් මාතඞ්ගපුත්ත ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTමාතඞ්ගපුත්තත්ථෙරගාථා.
Sinhala BJTමාතඞ්ගපුත්ත ස්ථවිරගාථා යි.
Pali BJT3. 1. 6.
Sinhala BJT3. 1. 6.
Pali BJT234. යෙ චිත්තකථී බහුස්සුතා සමණා පාටලිපුත්තවාසිනො, තෙසඤ්ඤතරොයමායුමා{4} ද්වාරෙ තිට්ඨති ඛුජ්ජසොභිතො.
Sinhala BJT234. පැළලුප්නුවරවැසි චිත්‍රකථා ඇති බහුශ්‍රුත වූ යම් ශ්‍රමණ කෙනෙක් වෙද්ද, ඔවුනතුරෙහි අන්‍යතර වූ මේ ආයුෂ්මත් බුජ්ජසොහිත තෙර දොරටුවෙහි සිටී.
Pali BJT235. යෙ චිත්තකථී බහුස්සුතා සමණා පාටලිපුත්තවාසිනො, තෙසඤ්ඤතරොයමායුවා ද්වාරෙ තිට්ඨති මාලුතෙරිතො.
Sinhala BJT235. පැළලුප්නුවරවැසි චිත්‍රකථා ඇති බහුශ්‍රුත වූ යම් ශ්‍රමණ කෙනෙක් වෙත් නම් ඔවුනතුරෙහි අන්‍යතර වූ මේ ආයුෂ්මත් තෙමේ (ඍද්ධිචිත්තයෙන් උපන්) පවනින් ආයේ දොරටුවෙහි සිටී.
Pali BJT236. සුයුද්ධෙන සුයිට්ඨෙන සඞ්ගාමවිජයෙන ච, බ්රහ්මචරියානුචිණ්ණෙන එවායං සුඛමෙධතී’ති.
Sinhala BJT236. (තදඞ්ගවිෂ්කම්භණ විසින්) මනා වූ ක්ලේශයුද්ධයෙන් ද සත්ප්‍රාය වූ ධර්‍මදානයෙන් ද (සමුච්ඡේදප්‍රහාණ විසින්) ලබනලද ක්ලේශසඞ්ග්‍රාමිවිජයයෙන් ද පුහුණු කළ මඟබඹසරින් ද මෙසේ මේ තෙමේ (පලසමවත්) සුවවිඳී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා ඛුජ්ජසොභිතො ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ මේ ගාථා ආයුෂ්මත් බුජ්ජසෝභිත ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTඛුජ්ජසොභිතත්ථෙරගාථා.
Sinhala BJTබුජ්ජසෝභිත ස්ථවිරගාථා යි.
Pali BJT3. 1. 7.
Sinhala BJT3. 1. 7.
Pali BJT237. යොධ කොචි මනුස්සෙසු පරපාණානි හිංසති, අස්මා ලොකා පරම්හා ච උභයා ධංසතෙ නරො.
Sinhala BJT237. මෙලොවැ මිනිසුන් අතුරෙහි යම් කිසිවෙක් පරපණ නසා ද, ඒ මිනිස් තෙම මෙලොවින් ද පරලොවින් ද යන දෙලොවින් මැ පිරිහෙයි.
Pali BJT238. යො ච මෙත්තෙන චිත්තෙන සබ්බපාණානුකම්පති, බහුං{1} සො පසවති පුඤ්ඤං තෙන තාදිසකො{2} නරො.
Sinhala BJT238. තවද යමෙක් මෙත්සිතින් යුතු වැ සියලු සතුන් කෙරෙහි අනුකම්පා කෙරේ ද, එහෙයින් ඒ එබඳු පුරිස් තෙමේ බොහෝ පින් රැස් කෙරෙහි.
Pali BJT239. සුභාසිතස්ස සික්ඛෙථ සමණූපාසනස්ස ච, එකාසනස්ස රහො චිත්තවූපසමස්ස චාති.
Sinhala BJT239. සුභාෂිත සඞ්ඛ්‍යාත පර්‍ය්‍යාප්තිධර්‍මය උගන්නේ යැ, (ශමිතපාපී) ශ්‍රමණයන් ඇසුරු කිරීම ද එකලා වැ (කර්‍මස්ථානුයෝග විසින්) එක් මැ නිෂද්‍යා ද, (ක්ලේශප්‍රහාණ විසින්) චිත්තයා ගේ ව්‍යුපශමය ද හික්මෙන්නේ යි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා වාරණො ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ මේ ගාථා ආයුෂ්මත් වාරණ ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTවාරණත්ථෙරගාථා.
Sinhala BJTවාරණ ස්ථවිරගාථා යි.
Pali BJT3. 1. 8.
Sinhala BJT3. 1. 8.
Pali BJT240. එකොපි සද්ධො මෙධාවී අස්සද්ධානීධ ඤාතිනං, ධම්මට්ඨො සීලසම්පන්නො හොති අත්ථාය බන්ධුනං,
Sinhala BJT240. සැදැහැ ඇති, නුවණ ඇති ලොවුතුරුදහම්හි සිටි සීලසම්පන්න වූ එක් පුද්ගලයා පවා මෙලොවැ සැදැහැ නැති බන්‍ධු සඞ්ඛ්‍යාත ඥාතීන්ට වැඩ පිණිස වෙයි.
Pali BJT241. නිග්ගය්හ අනුකම්පාය චොදිතො ඤාතයො මයා, ඤාතිබන්ධවපෙමෙන කාරං කත්වාන භික්ඛූසු.
Sinhala BJT241. මා විසින් අනුකම්පායෙන් නිග්‍රහ කොට චුදිත වූ ඥාතීහු ඥාතිබන්‍ධුප්‍රේමයෙන් (අවවාදයෙහි සිට) භික්‍ෂූන් විෂයයෙහි සත්කාර කොට,
Pali BJT242. තෙ අබ්භතීතා කාලංකතා පත්තා තෙ තිවිධං සුඛං, භාතරො මයුහං මාතා ච මොදන්ති කාමකාමිනො’ති.
Sinhala BJT242. මාගේ සොහොයුරෝ ද මෑණියෝ ද කලුරිය කළාහු මෙලොව ඉක්මගියාහු දෙව්ලොවැ සුව ලැබ කැමැති සැපත් ඇතියාහු සතුටු වෙත්.
Pali BJTඉත්ථං සුදං ආයස්මා පස්සිකො{3} ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ මේ ගාථා ආයුෂ්මත් පස්සික ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTපස්සිකත්ථෙරගාථා.
Sinhala BJTපස්සික ස්ථවිරගාථා යි.
Pali BJT3. 1. 9.
Sinhala BJT3. 1. 9.
Pali BJT243. කාළපබ්බඞ්ගසඞ්කාසො{4} කිසො ධමනිසන්ථතො, මත්තඤ්ඤූ අන්නපානම්හි අදීනමනසො නරො.
Sinhala BJT243. කළුවැල්පුරුක් බඳු අවයව ඇති කාශ වූ ඉපිළගිය නහර ඇති ආහාරපානයෙහි පමණ දන්නා වූ අදීන වූ සිත් ඇති පුරුෂ තෙම,
Pali BJT244. ඵුට්ඨො ඩංසෙහි මකසෙහි අරඤ්ඤස්මිං බ්රහාවනෙ, නාගො සඞ්ගාමසීසෙව සතො තත්රාධිවාසයෙ.
Sinhala BJT244. අරනෙහි මහවෙනෙහි මැස්සන් විසින් ද මදුරුවන් විසින් ද උපද්‍රැත වූයේ සඞ්ග්‍රාමභුමියෙහි හස්තිරාජයකු සෙයින් සිහි ඇති වැ ඉවසන්නේ යැ.
Pali BJT245. යථා බ්රහ්මා තථා එකො යථා දෙවො තථා දුවෙ, යථා ගාමො තථා තයො කොලාහාලං තතුත්තරින්ති.
Sinhala BJT245. හුදෙකලා වූයේ බ්‍රහ්මයා බඳු යැ දෙදෙන දෙවියකු බඳු යැ, තිදෙන ගමක් බඳු යැ ඉන් මතු කෝලහලයක් බඳු යි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා යසොජො ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ මේ ගාථා ආයුෂ්මත් යසොජ ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTයසොජත්ථෙරගාථා.
Sinhala BJTයසොජ ස්ථවිරගාථා යි.
Pali BJT3. 1. 10.
Sinhala BJT3. 1. 10.
Pali BJT246. අහු තුය්හං පුරෙ සද්ධා සා තෙ අජ්ජ න විජ්ජති, යං තුය්හං තුය්හමෙවෙතං නත්ථි දුච්චරිතං මම.
Sinhala BJT246. පෙර තට (මා කෙරෙහි) ශ්‍රද්ධා විය. එය දැන් තට නැත. යමක් තාගේ නම් තෙල දැය තට මැ වේවා මාගේ දුශ්චරිතයෙක් නැත.
Pali BJT247. අනිච්චා හි චලා සද්ධා එවං දිට්ඨා හි සා මයා, රජ්ජන්තිපි විරජ්ජනිති තත්ථ කිං ජිය්යතෙ මුනි.
Sinhala BJT247. යම් හෙයකින් (පෘථග්ජන) ශ්‍රද්ධාව අනිත්‍ය ද එහෙයින් චල වෙයි. මා විසින් ඒ මෙසේ දක්නා ලද යැ, රක්ත ද වෙති විරක්ත ද වෙති, කිම එහි මුනි තෙම පිරිහේ ද?
Pali BJT248. පච්චති මුනිනො භත්තං ථොක ථොකං කුලෙ කුලෙ, පිණ්ඩිකාය චරිස්සාමි අත්ථි ජඞ්ඝාබලං මමා’ති.
Sinhala BJT248. මුනිහුට කුලයක් පාසා බත් ටික ටික පැසෙයි, පිඬු පිණිස හැසිරෙන්නෙමි, මාගේ ජඞ්ඝාබල ඇති.
Pali BJTඉත්ථං සුදං ආයස්මා සාටිමත්තියො ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ මේ ගාථා ආයුෂ්මත් සාටිමත්තිය ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTසාටිමත්තියත්ථෙරගාථා.
Sinhala BJTසාටිමත්තිය ස්ථවිරගාථා යි.
Pali BJT3. 1. 11.
Sinhala BJT3. 1. 11.
Pali BJT249. සද්ධාය අභිනික්ඛම්ම නවපබ්බජිතො නවො, මිත්තෙ භජෙය්ය කල්යාණෙ සුද්ධාජීවෙ අතන්දිතෙ.
Sinhala BJT249. සැදැහැයෙන් ගිහිගෙන් නික්මැ අලුතැ පැවිදි වූ නවක තෙම සම්‍යගාජීව ඇති ආරබ්ධවීර්‍ය්‍ය ඇති කල්‍යාණමිත්‍රයන් භජනය කරන්නේ යැ.
Pali BJT250. සද්ධාය අභිනික්ඛම්ම නවපබ්බජිතො නවො, සඞ්ඝස්මිං විහරං භික්ඛු සික්ඛෙථ විනයං බුධො.
Sinhala BJT250. සැදැහැයෙන් ගිහිගෙන් නික්මැ අලුතැ පැවිදි වූ නුවණැති නවක මහණ තෙම සඞ්ඝයා කෙරෙහි වෙසෙමින් විනය උගන්නේ යැ.
Pali BJT251. සද්ධාය අභිනික්ඛම්ම නවපබ්බජිතො නවො, කප්පාකප්පෙසු කුසලො විහරෙය්ය{1} අපුරක්ඛතො.
Sinhala BJT251. සැදැහැයෙන් නික්මැ අලුතැ පැවිදි වූ නවක තෙම කැප අකැප දැයෙහි නිපුණ වැ තෘෂ්ණාදීන් පුරස්කෘත නො වැ වසන්නේ යි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා උපාලිත්ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ මේ ගාථා ආයුෂ්මත් උපාලි ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTඋපාලිත්ථෙරගාථා.
Sinhala BJTඋපාලි ස්ථවිරගාථා යි.
Pali BJT3. 1. 12.
Sinhala BJT3. 1. 12.
Pali BJT252. පණ්ඩිතං වත මං සන්තං අලමත්ථවිචින්තකං, පඤ්චකාමගුණා ලොකෙ සම්මොහා පාතයිංසු මං.
Sinhala BJT252. ලොවැ සම්මෝහයට හේතු වූ පස්කම්ගුණයෝ එකත්නෙන් නුවණැති වූ ආත්මාර්‍ත්‍ථචින්තනයෙහි සමර්‍ත්‍ථ වූ මා හෙලාලූහ.
Pali BJT253. පක්ඛන්නො{2} මාරවිසයෙ දළ්හසල්ලසමප්පිතො, අසක්ඛිං මච්චුරාජස්ස අහං පාසා පමුච්චිතුං.
Sinhala BJT253. කෙලෙස් මරහුගේ ගෝචරයෙහි පිවිසියෙම් දැඩි වූ (රාග) ශල්‍යයෙන් විදුනා ලද්දෙම් මම මාරයාගේ පාශයෙන් මිදෙන්නට හැකි වීමි.
Pali BJT254. සබ්බෙ කාමා පහීනා මෙ භවා සබ්බෙ විදාළිතා,{3} වික්ඛීණො ජාතිසංසාරො නත්ථි දානි පුනබ්භවො’ති.
Sinhala BJT254. මා විසින් සියලු කාමයෝ ප්‍රහීණ කරනලදහ. සියලු භවයෝ නසනලදහ. ජාති සංසාරය ක්‍ෂය කරනලද්දේ යැ. මින් මතු පුනර්‍භවයෙක් නැති.
Pali BJTඉත්ථං සුදං ආයස්මා උත්තරපාලත්ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ මේ ගාථා ආයුෂ්මත් උත්තරපාල ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTඋත්තරපාලත්ථෙරගාථා.
Sinhala BJTඋත්තරපාල ස්ථවිරගාථා යි.
Pali BJT3. 1. 13.
Sinhala BJT3. 1. 13.
Pali BJT255. සුණාථ ඤාතයො සබ්බෙ යාවන්තෙත්ථ සමාගතා, ධම්මං වො දෙසයිස්සමි දුක්ඛා ජාති පුනප්පුනං.
Sinhala BJT255. මෙහි රැස්වූ තාක් නෑ වූ තෙපි සියල්ලෝ (මා ගේ වචනය) අසවු, තොපට මම දහම් දෙසන්නෙමි, පුනපුනා ඉපැද්ම දුකෙකි.
Pali BJT256. ආරභථ නික්ඛමථ යුඤ්ජථ බුද්ධසාසනෙ, ධුනාථ මච්චුනො සෙනං නළාගාරං ව කුඤ්ජරො.
Sinhala BJT256. වීර්‍ය්‍යය කරවූ, කුසීත බැවින් නික් මෙවු, බුදුසසුන්හි යුක්තප්‍රයුක්ත වවු, නළාගාරයක් (බටගසින් කළ ගෙයක්) වනසන අත්රජකු සෙයින් මරහුගේ සෙනඟ (කෙලෙස්) විධවංසනය කරවු.
Pali BJT257. යො ඉමස්මිං ධම්මවිනයෙ අප්පමත්තො විහෙස්සති{1} පහාය ජාතිසංසාරං දුක්ඛස්සන්තං කරිස්සතී’ති.
Sinhala BJT257. යමෙක් මේ ධර්‍මවිනයයෙහි අප්‍රමාද වැ වාසය කරන්නේ ද (හෙතෙම) ජාතිසංසාරය හැරදමා දුක් කෙළවර කරන්නේ යි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා අභිභූතො ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ මේ ගාථා ආයුෂ්මත් අභිභූත ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTඅභිභූතත්ථෙරගාථා.
Sinhala BJTඅභිභූත ස්ථවිරගාථා යි.
Pali BJT3. 1. 14.
Sinhala BJT3. 1. 14.
Pali BJT258. සංසරං හි නිරයං අගච්ඡිසං{2} පෙතලොකමගමං පුනප්පුනං, දුක්ඛමම්හි පි තිරච්ඡානයොනියං{3} නෙකධා හි වුසිතං චිරං මයා.
Sinhala BJT258. සසරැ සැරිසරන්නෙම් පුනපුනා නිරයට ගියෙමි, ප්‍රේතලෝකයට ගියෙමි, ඉවසිය නො හෙන්නා වූ තිරිසන් යොන්හි දු මා නොයෙක් අයුරින් බොහෝ කල් විසූවිරූ යැ.
Pali BJT259. මානුසො පි ච භවොභිරාධිතො සග්ගකායමගමං සකිං සකිං, රූපධාතුසු අරූපධාතුසු නෙවසඤ්ඤිසු අසඤ්ඤීසුට්ඨිතං.
Sinhala BJT259. (මා විසින්) මිනිසත් බව ද ලබනලද (මම) කාමාචවරදිව්‍යකායට ද වරින් වරැ ගියෙමි, (මා) රූපභවයෙහි අරූපභවයෙහි නෛවසංඥනාසංඥාභවයෙහි අසංඥභවයෙහි සිටිවිරූ යැ.
Pali BJT260. සම්භවා සුවිදිතා අසාරකා සඞ්ඛතා පචලිතා සදෙරිතා, තං විදිත්වා{4} මහමත්තසම්භවං, සන්තිමෙව සතිමා සමජ්ඣග’න්ති.
Sinhala BJT260. (මා විසින්) අසාර වූ සංඛත (ප්‍රත්‍යයසමවාය විසින් කරන ලද) වූ අස්ථිර වූ හැම කල්හි කම්පිත (භඞ්ගුර) වූ කාමභවාදී සම්භවයෝ මොනොවට දන්නාලදහ. මම අධ්‍යාත්මයෙහි උපන් ඒ සඞ්ඛතයාගේ ස්වභාවය දැනගෙන (මාර්‍ගප්‍රඥාස්මෘතියෙන්) සිහි ඇතියෙම් නිවනට මැ පැමිණියෙමි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා ගොතමො ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ මේ ගාථා ආයුෂ්මත් ගොතම ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTගොතමත්ථෙරගාථා.
Sinhala BJTගොතම ස්ථවිරගාථා යි.
Pali BJT3. 1. 15.
Sinhala BJT3. 1. 15.
Pali BJT261. යො පුබ්බෙ කරණීයානි පච්ඡා සො කාතුමිච්ඡති, සුඛා සො ධංසතෙ ඨානා පච්ඡා ච මනුතප්පති.
Sinhala BJT261. යමෙක් පළමු කටයුතු දැය පසුව කරනු කැමැති වේ ද, හෙතෙම සුඛස්ථානයෙන් (ස්වර්‍ගයෙන් හා මෝක්‍ෂයෙන්) පිරිහෙයි, පසුතැවෙන්නේ ද වේ.
Pali BJT262. යඤ්හි කයිරා තඤ්හි වදෙ යං න කයිරා න තං වදෙ, අකරොන්තං භාසමානං{5} පරිජානන්ති පණ්ඩිතා.
Sinhala BJT262. යමක් මැ කරන්නේ නම් එය මැ කියන්නේ යැ, යමක් නො කරන්නේ නම් එය නො කියන්නේ යැ, ඒ කියමින් නො කරන්නහුට නුවණැතියෝ බුහුමන් නො කෙරෙත්.
Pali BJT263. සුසුඛං වත නිබ්බානං සම්මාම්බුද්ධදෙසිතං, අසොකං විරජං ඛෙමං යත්ථ දුක්ඛං නිරුජ්ඣතී’ති.
Sinhala BJT263. යම් තැනෙකැ සසරදුක් නිරුද්ධ වේ නම් සම්බුදුන් විසින් දේශිත වූ ශෝක රහිත වූ රාගාදිරජස් රහිත වූ නිරුප්‍රද්‍රිත වූ නිවන එකත්නෙන් මනා සුවය වේ යයි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා හාරිතො ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ මේ ගාථා ආයුෂ්මත් හාරිතස්ථවිරයන් වහන්සේ ...
Pali BJTහාරිතත්ථෙරගාථා.
Sinhala BJTහාරිත ස්ථවිරගාථා යි.
Pali BJT3. 1. 16.
Sinhala BJT3. 1. 16.