Pali BJTවග්ගො තතියො.
Sinhala BJTතෙවන වර්‍ගය යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඋද්දානය:
Pali BJTඋත්තරො භද්දජිත්ථෙරො සොභිතො වල්ලියො ඉසි, වීතසොකො ච යො ථෙරො පුණ්ණමාසො ච නන්දකො, භරතො භාරද්වාජො ච කණ්හදින්නො මහාමුනී’ති.
Sinhala BJTඋත්තර යැ, භද්දජි යැ, සෝභිත යැ, වල්ලිය යැ, විතසෝක යැ, පුණ්ණමාස යැ, නන්‍දක යැ, භාරද්වාජ යැ, කණ්හදින්න යැ, යන තෙරවරුන් වදාළ ගාථා යි.
Pali BJTවග්ගො චතුත්ථො.
Sinhala BJTසතරවැනි වර්‍ගය
Pali BJT2. 4. 1.
Sinhala BJT2. 4. 1.
Pali BJT181. යතො අහං පබ්බජිතො සම්මාසම්බුද්ධසාසනෙ, විමුච්චමානො උග්ගච්ඡිං කාමධාතුං උපච්චගං.
Sinhala BJT181. යම් කලෙකැ මම සම්මාසම්බුදුසසුන්හි පැවිදි වූයෙම් ද, (එතැන් පටන්) සංක්ලේශයන්ගෙන් මිදෙමින් නැගීසිටියෙමි. (නැගීසිටුනෙම් මැ අනගැමි මගින්) කාමධාතුව ඉක්මැ ගියෙමි.
Pali BJT182. බ්රහ්මුනො පෙක්ඛමානස්ස තතො චිත්තං විමුච්චි මෙ, අකුප්පා මෙ විමුත්තීති සබ්බසංයොජනක්ඛයා’ති.
Sinhala BJT182. ඉක්බිති සම්බුදුරදුන් බලාසිටිය දී මා ගේ සිත (කෙලෙසුන් කෙරෙන්) මිදුණේ යැ, සියලු සංයෝජනයන් ක්‍ෂය වීමෙන් මා ගේ විමුක්තිය අකෝප්‍ය වී යයි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා මිගසිරො ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ මේ ගාථා ආයුෂ්මත් මිගසිර ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTමිගසිරත්ථෙරගාථා.
Sinhala BJTමිගසිර ස්ථවිරගාථා යි.
Pali BJT2. 4. 2.
Sinhala BJT2. 4. 2.
Pali BJT183. අනිච්චානි ගහකානි තත්ථ තත්ථ පුනප්පුනං, ගහකාරං ගවෙසන්තො දුක්ඛා ජාති පුනප්පුනං.
Sinhala BJT183. ඒ ඒ භවයෙහි පුනපුනා උපදනා (ආත්මභාව) ගෘහයෝ අනිත්‍යයෝ යැ, ගෘහකාරකයා (තෘෂ්ණාව) සොයන්නෙම් (මෙතෙක් හැසුරුණෙමි) පුනපුනා ඉපැත්ම දුකෙකි.
Pali BJT184. ගහකාරක දිට්ඨොසි පුන ගෙහං න කාහසි, සබ්බා තෙ ඵාසුකා භග්ගා ථූණිකා{1} ච විදාළිතා,{2} විමරියාදීකතං{3} චිත්තං ඉධෙව විධමිස්සතී’ති.
Sinhala BJT184. එම්බා ගෘහකාරකය, (මා විසින් තෝ) දක්නාලද්දෙහි. යළි ගෙය නො කරන්නෙහි. තා ගේ සියලු ගොනැස්හු බිඳුනාලදහ. කැණිමඬල ද පළනලද යැ, (මා ගේ) සිත විගතාන්ත කරණලද්දේ මේ අත්බැව්හි මැ නිරුද්ධ වන්නේ යි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා සීවකො ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ මේ ගාථා ආයුෂ්මත් සීවක ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTසීවකත්ථෙරගාථා.
Sinhala BJTසීවක ස්ථවිරගාථා යි.
Pali BJT2. 4. 3.
Sinhala BJT2. 4. 3.
Pali BJT185. අරහං සුගතො ලොකෙ වාතෙහාබාධිතො මුනි, සචෙ උණ්හොදකං අත්ථි මුනිනො දෙහි බ්රාහ්මණ.
Sinhala BJT185. ලෝකයෙහි අර්‍හත් වූ සුගත් මුනිහු වාතහේතුයෙන් හටගත් ආබාධ ඇතියාහු යැ, බ්‍රාහ්මණයෙනි, ඉදින් උණුදිය ඇත් නම් මුනිරදුට දෙනු මැනැවි.
Pali BJT186. පූජිතො පූජනීයානං{4} සක්කරෙය්යාන සක්කතො, අපචිතොපචනීයානං{5} තස්ස ඉච්ඡාමි හාතවෙ’ති.
Sinhala BJT186. (ඒ බුදුරජහු) පුජ්‍යයන් විසින් පුදනලදහ, සත්කාර කටයුත්තන් විසින් සත්කෘතයහ, වැන්ද යුත්තන් විසින් වදනා ලදහ.
Pali BJTඉත්ථං සුදං ආයස්මා උපවානො ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ මේ ගාථා ආයුෂ්මත් උපවාන ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTඋපවානත්ථෙරගාථා.
Sinhala BJTඋපවාන ස්ථවිරගාථා යි.
Pali BJT2. 4. 4.
Sinhala BJT2. 4. 4.
Pali BJT187. දිට්ඨා මයා ධම්මධරා උපාසකා කාමා අනිච්චා ඉති භාසමානා, සාරත්තරත්තා මණිකුණ්ඩලෙසු පුත්තෙසු දාරෙසු ච තෙ අපෙක්ඛා.
Sinhala BJT187. ‘කාමයෝ අනිතයහ’යි කියන්නා වූ ධර්‍මධර උපාසකයෝ මා විසින් දක්නාලදහ. ඔහු මිණිකොඬොල් කෙරෙහි බහලරාගයෙන් ඇලුණාහු දරුවන් කෙරෙහි දු අඹුවන් කෙරෙහි දු අපේක්‍ෂා ඇත්තාහු ය.
Pali BJT188. අද්ධා න ජානන්ති යථාව{6} ධම්මං කාමා අනිච්චා ඉති චාපි ආහු,{7} රාගං ච තෙසං න බලත්ථි ඡෙත්තුං තස්මා සිතා පුත්තදාරං ධනඤ්චා’ති.
Sinhala BJT188. ඔහු එකත්නෙන් දහම් ඇති සැටියෙන් නො දනිති. එතෙකුදුවූවත් කාමයෝ අනිත්‍යහ’යි කීහු. ඔවුනට රාගය සිඳිනට (ඥාන) බලයෙක් නැත. එහෙයින් අඹුදරුවන් ද ධනය ද ඇසුරු කළාහු යි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා ඉසිදින්නො ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ මේ ගාථා ආයුෂ්මත් ඉසිදින්න ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTඉසිදින්නත්ථෙරගාථා.
Sinhala BJTඉසිදින්න ස්ථවිරගාථා යි.
Pali BJT2. 4. 5.
Sinhala BJT2. 4. 5.
Pali BJT189. දෙවො ච වස්සති දෙවො ච ගළගළායති එකකො චාහං භෙරවෙ බිලෙ විහරාමි, තස්ස මය්හං එකකස්ස භෙරවෙ බිලෙ විහරතො නත්ථි භයං වා ඡම්භිතත්තං වා ලොමහංසො වා.
Sinhala BJT189. වැසි දු වසී. යළි දු වැස්ස ‘ගළගළ’ හඬින් ගලායෙයි. මම ද, එකලා වැ භයජනක ගුහායෙහි වෙසෙමි. මා එකලා වැ භයජනක ගුහායෙහි වසන්නහුට බියෙක් හෝ තැතිගැන්මෙක් හෝ ලොමුදහගැන්මෙක් හෝ නැති.
Pali BJT190. ධම්මතා මම සා යස්ස මෙ එකකස්ස භෙරවෙ බිලෙ විහරතො නත්ථි භයං වා ඡම්භිතත්තං වා ලොමහංසො වා’ති.
Sinhala BJT190. එකලා වැ භයජනක ගුහායෙහි වසන්නා වූ යම් බඳු මට බියෙක් හෝ තැතිගැන්මෙක් හෝ ලොමුදහගැන්මෙක් හෝ නැත් ද තෙල මා ගේ ධර්‍මස්වභාව යි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා සම්බුලකච්චානො ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ මේ ගාථා ආයුෂ්මත් සම්බුලකච්චායන ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTසම්බුලකච්චානත්ථෙරගාථා.
Sinhala BJTසම්බුලකච්චායන ස්ථවිරගාථා යි.
Pali BJT2. 4. 6.
Sinhala BJT2. 4. 6.
Pali BJT191. කස්ස සෙලූපමං චිත්තං ඨිතං නානූපකම්පති, විරත්තං රජනීයෙසු කුප්පනීයෙ න කුප්පති, යස්සෙවං භාවිතං චිත්තං කුතො තං දුක්ඛමෙස්සති.
Sinhala BJT191. කවරක්හු ගේ සිත පර්‍වතයක් මෙන් සිටියේ (ලෝදහමින්) නො සැලේ ද, ඇලුම් කටයුතු වස්තූන්හි නො ඇලේ ද, කිපියයුතු (ආඝාත) වස්තුයෙහි නො කිපේ ද, යම් (ආර්‍ය්‍ය) පුද්ගලයකුගේ සිත මෙසෙයින් වඩනාලද වී නම්, ඔහුකරා කොයින් දුක පැමිණෙන්නේ ද?
Pali BJT192. මම සෙලූපමං චිත්තං ඨිතං නානූපකම්පති, විරත්තං රජනීයෙසු කුප්පනීයෙ න කුප්පති, මමෙවං භාවිතං චිත්තං කුතො මං දුක්ඛමෙස්සතී’ති.
Sinhala BJT192. මා ගේ සිත පර්‍වතයක් සෙයින් සිටියේ (ලෝදහමින්) නො සැලෙයි, ඇලුම් කටයුතු වස්තූන්හි නො ඇලෙයි, කිපියයුත්තෙහි නො කිපෙයි, මාගේ සිත මෙසෙයින් වඩනා ලද යැ, කොයින් මා කරා දුක එන්නේ දැ? යි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා ඛිතකො ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ මේ ගාථා ආයුෂ්මත් ඛිතක ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTඛිතකත්ථෙරගාථා.
Sinhala BJTඛිතක ස්ථවිරගාථා යි.
Pali BJT2. 4. 7.
Sinhala BJT2. 4. 7.
Pali BJT193. න තාව සුපිතුං හොති රත්ති නක්ඛත්තමාලිනී, පටිජග්ගිතුමෙවෙසා රත්ති හොති විජානතා.
Sinhala BJT193. තරුවැළ ඇති රාත්‍රිය තව (සුදුසු කල් ලද යෝගීහු රහත් වන තෙක්) නින්දට කල් නො වෙයි. මේ රාත්‍රිය නුවණැත්තහු විසින් පිළිවෙත් රක්නට මැ (කැමැති වන ලද්දී) වේ.
Pali BJT194. හත්ථික්ඛන්ධාවපතිතං කුඤ්ජරො චෙ අනුක්කමෙ, සඞ්ගාමෙ මෙ මතං සෙය්යො යං චෙ ජීවෙ පරාජිතො’ති.
Sinhala BJT194. ඉදින් (එදා) සඞ්ග්‍රාමයෙහි ඇත්කඳින් යටිකුරු වැ හුණු මා ඇත් තෙමේ ඇක්මි නම් (ඒ) මා ගේ මරණය උතුමි. යම්හෙයකින් (දැන් කෙලෙස් මරුන් විසින්) පරැදුණෙම් ජීවත් වන්නෙම් ද, එහෙයිනි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා සොණො සෙලිස්සරිය{1} පුත්තත්ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ මේ ගාථා ආයුෂ්මත් සෙලිස්සරිය ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTසෙලිස්සරියත්ථෙරගාථා.
Sinhala BJTසෙලිස්සරිය ස්ථවිරගාථා යි.
Pali BJT2. 4. 8.
Sinhala BJT2. 4. 8.
Pali BJT195. පඤ්චකාමගුණෙ හිත්වා පියරූපෙ මනොරමෙ, සද්ධාය අභිනික්ඛම්ම දුක්ඛස්සන්තකරො{2} භවෙ.
Sinhala BJT195. ප්‍රිය ස්වභාව ඇති මනරම් වූ පස්කම්ගුණ හැරපියා සැදැහැයෙන් ගිහිගෙන් නික්මැ දුක් කෙළවර කරන්නෙක් වන්නේ යැ.
Pali BJT196. නාභිනන්දාමි මරණං නාභිනන්දාමි ජීවිතං, කාලං ච පටිකඞ්ඛාමි සම්පජානො පතිස්සතො’ති.
Sinhala BJT196. මරණය නො පතමි, ජීවිතය නො කැමැත්තෙමි. මහනුවණැති වැ සිහි ඇති වැ හුදෙක් (පරිනිර්‍වාණ) කාලය අපේක්‍ෂා කෙරෙමි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා නිසභො ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ මේ ගාථා ආයුෂ්මත් නිසභ ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTනිසභත්ථෙරගාථා.
Sinhala BJTනිසභ ස්ථවිරගාථා යි.
Pali BJT2. 4. 9.
Sinhala BJT2. 4. 9.
Pali BJT197. අම්බපල්ලව සඞ්කාසං අංසෙ කත්වාන චීවරං, නිසින්නො හත්ථි ගීවාය ගාමං පිණ්ඩාය පාවිසිං.
Sinhala BJT197. (මම සිහිනෙන්) අඹදලු බඳු පැහැ ඇති සිවුරක් දසරුයෙහි ලාගෙන ඇත්කඳෙහි හුන්නෙම් ගමට පිඬු පිණිස පිවිසියෙමි.
Pali BJT198. හත්ථික්ඛන්ධතො ඔරුය්හ සංවෙගං අලභිං තදා, සොහං දිත්තො තදා සන්තො පත්තො මෙ ආසවක්ඛයො’ති.
Sinhala BJT198. (මහාජන දර්‍ශනයෙන් ලජ්ජිත වැ) ඇත්කඳින් බැසැ (පිබිදියෙම්) එකල්හි සංවේගපත් වීමි. මම එකල්හි ජාතිම්දාදියෙන් දැපුණෙමි. දැන් මා විසින් අර්‍හත්ඵලය ලබනලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා උසභො ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ මේ ගාථා ආයුෂ්මත් උසභ ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTඋසභත්ථෙරගාථා.
Sinhala BJTඋසභ ස්ථවිරගාථා යි.
Pali BJT2. 4. 10.
Sinhala BJT2. 4. 10.
Pali BJT199. අයමිති කප්පටො කප්පටකුරො අච්ඡාය අතිභරිතාය{1} අමතඝටිකායං ධම්මකතමත්තො කතපදං ඣානානි ඔචෙතුං.
Sinhala BJT199. ‘කප්පටකුර’ නම් මහණ තෙමේ ‘මේ මාගේ ජීර්‍ණවස්ත්‍රය’ යි (උපන් මිථ්‍යාවිතර්‍ක ඇත්තේ) පවිත්‍ර වූ පරිපූර්‍ණ වූ අමෘතඝටය ඇති කල්හි කෘතමාත්‍ර පැවිදි ඇත්තේ යැ, (මාගේ ශාසනය) ධ්‍යානයන් රැස් කරන්නට කරනලද (භාවනා) මාර්‍ග ඇත්තේ යි.
Pali BJT200. මා ඛො ත්වං කප්පට පචාලෙසි මා තං උපකණ්ණකම්හි{2} තාළෙස්සං, නහ{3} ත්වං කප්පට මත්තමඤ්ඤාසි සඞ්ඝමජ්ඣම්හි පචලායමානො’ති.
Sinhala BJT200. එම්බා කප්පටය, තෝ නො නිදව, (දේශනාහස්තයෙන්) තට කන්මුලැ පහර නො දෙන්නෙමි. කප්පටය, සඟමැද නිඳන තෝ පමණ නො දත්තෙහි යයි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා කප්පටකුරො ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ මේ ගාථා කප්පටකුර ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTකප්පටකුරත්ථෙරගාථා.
Sinhala BJTකප්පටකුර ස්ථවිරගාථා යි.
Pali BJTවග්ගො චතුත්ථො.
Sinhala BJTසතරවැනි වර්‍ගය යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඋද්දානය:
Pali BJTමිගසිරො සීවකො ච උපවානො ච පණ්ඩිතො ඉසිදන්නො ච කච්චානො ඛිතකො ච මහාවසි සෙලිස්සරියො නිසභො ච උසභො කප්පටකුරො’ති.
Sinhala BJTමිගසිර යැ, සීවක යැ, පණ්ඩිත වූ උපවාන යැ, ඉසිදින්න යැ, සම්බුලකච්චාන යැ, ඛිතක යැ, සෙලිස්සර යැ, නිසභ යැ, උසභ යැ, කප්පටකුර යැ යන දසතෙරුන්ගේ ගාථා යි.
Pali BJTවග්ගො පඤ්චමො.
Sinhala BJTපස්වැනි වර්‍ගය
Pali BJT2. 5. 1.
Sinhala BJT2. 5. 1.
Pali BJT201. අහො බුද්ධා අහො ධම්මා අහො නො සත්ථු සම්පදා, යත්ථ එතාදිසං ධම්මං සාවකො සච්ඡිකාහිසි.
Sinhala BJT201. යම් ශාස්තෘ කෙනකුන් වෙත මේ බඳු ශ්‍රාවක තෙම ලොව්තුරුදහමක් සාක්‍ෂාත් කරන්නේ ද, ඒ බුදුහු අසිරිමත්හ, දහම්හු අසිරිමත්හ, අපගේ ශාස්තෲන් වහන්සේගේ (දශබලාදි) සම්පත්හු ආශ්චර්‍ය්‍යයෝ යි.
Pali BJT202. අසඞ්ඛෙය්යෙසු කප්පෙසු සක්කායාධිගතා අහූ{1} තෙසමයං පච්ඡිකො චරිමො’ යං සමුස්සයො, ජාතිමරණසංසාරො නත්ථි දානි පුනබ්භවො’ති.
Sinhala BJT202. ගණන් නැති මහාකල්පයන්හි පඤ්චෝපාදානස්කන්‍ධයෝ මා විසින් ලබනලද්දාහු ය. ඔවුනතුරෙහි මේ පශ්චිම වූ පඤ්චස්කන්‍ධය යි. මේ අන්තිමශරීරය යි. ජාතිමරණ සහිත සංසාර සඞ්ඛ්‍යාත වූ පුනර්‍භවයෙක් දැන් නැතැ යි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා කුමාරකස්සපො ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ මේ ගාථා ආයුෂ්මත් කුමාරකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTකුමාරකස්සපත්ථෙරගාථා.
Sinhala BJTකුමාරකාශ්‍යප ස්ථවිරගාථා යි.
Pali BJT2. 5. 2.
Sinhala BJT2. 5. 2.
Pali BJT203. යො හවෙ දහරො භික්ඛු යුඤ්ජති බුද්ධසාසනෙ, ජාගරො පතිසුත්තෙසු{2} අමොඝං තස්ස ජීවිතං.
Sinhala BJT203. එකත්නෙන් යම් තරුණමහණෙක් බුදුසසුන්හි (අප්‍රමාද වැ) වෑයම් කෙරේ ද, (අවිද්‍යානිද්‍රායෙන්) නිදන්නන් අතුරෙහි (ශ්‍රද්ධාදීන් නිදි වරන්නේ වේ ද, ඔහු ගේ ජීවිතය නො සිස් වෙයි.
Pali BJT204. තස්මා සද්ධඤ්ච සීලඤ්ච පසාදං ධම්මදස්සනං, අනුයුඤ්ජෙථ මෙධාවී සරං බුද්ධාන සාසන’න්ති.
Sinhala BJT204. එහෙයින් නුවණැති මහණ තෙම බුදුන්ගේ අවවාදය සිහි කරන්නේ ශ්‍රද්ධා යැ ශීල යැ තුනුරුවන්හි ප්‍රසාද යැ සියුසස්දහම් දැකුම් යැ යන මෙහි ව්‍යායාම කරන්නේ යි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා ධම්මපාලො ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ මේ ගාථා ආයුෂ්මත් ධම්මපාල ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTධම්මපාලත්ථෙරගාථා.
Sinhala BJTධම්මපාල ස්ථවිරගාථා යි.
Pali BJT2. 5. 3.
Sinhala BJT2. 5. 3.
Pali BJT205. කස්සින්ද්රියානි සමථඞ්ගතානි අස්සා යථා සාරථිනා සුදන්තා පහීනමානස්ස අනාසවස්ස දෙවාපි තස්ස පිහයන්ති තාදිනො’ති.
Sinhala BJT205. කවරක්හු ගේ ඉන්‍ද්‍රියයෝ අස්දම්සැරිහු විසින් මොනොවට දමනය කරනලද අසුන් මෙන් සන්හුන් බවට ගියාහු ද, ප්‍රහීණ වූ මානය ඇති අනාස්‍රව වූ තාදී (අකම්ප්‍ය) වූ කවරක්හට දෙවියෝ පවා කැමැති වෙත් ද,
Pali BJT206. මහින්ද්රියානි සමථඞ්ගතානි අස්සා යථා සාරථිනා සුදන්තා පහීනමානස්ස අනාසවස්ස දෙවාපි මය්හං පිහයන්ති තාදිනො’ති.
Sinhala BJT206. මා ගේ ඉන්‍ද්‍රියයෝ අස්දම්සැරිහු විසින් මොනොවට දමනය කරනලද අසුන් මෙන් සන්හුන් බවට ගියාහු යැ, ප්‍රහීණ වූ මානය ඇති අනාස්‍රව වූ තාදී වූ මට දෙවියෝ පවා කැමැති වෙත් යයි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා බ්රහ්මාලි ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ මේ ගාථා බ්‍රහ්මාලි ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTබ්රහ්මාලිත්ථෙරගාථා.
Sinhala BJTබ්‍රහ්මාලි ස්ථවිරගාථා යි.
Pali BJT2. 5. 4.
Sinhala BJT2. 5. 4.
Pali BJT207. ඡවිපාපක චිත්තභද්දක මොඝරාජ සතතං සමාහිතො, හෙමන්තිකසීතකාලරත්තියො භික්ඛු ත්වංසි කථං කරිස්සසි.
Sinhala BJT207. (රොවින් නට බැවින්) නපුරුසිවි ඇති භද්‍ර වූ සිත ඇති එම්බා මෝඝරාජය, තෙපි එක්වන් සමාහිත සිත් ඇත්තාව, තෙපි පැවිදි වූවාහු (අනුන් සෙනසුන් නො දෙන කල්හි සඟසතු සෙනසුනට ද නො පිවිසැ) හිමපාතසමයෙහි සිත වූ රෑ මුළුල්ල කිසෙයින් දිවි පැවැත් වූහු ද?
Pali BJT208. සම්පන්නසස්සා මගධා කෙවලා ඉති මෙ සුතං, පලාලච්ඡන්නකො සෙය්යං යථඤ්ඤෙ සුඛජීවිනො’ති.
Sinhala BJT208. සියලු මගධ රට පැසුණු ගොයම් ඇත්තේ යයි මා විසින් අසනලද පිදුරින් සොයනලද සිරුරු ඇත්තෙම් සුඛජීවී සෙස්සන් සෙයින් ශයනය කෙළෙම් යයි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා මොඝරාජත්ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ මේ ගාථා ආයුෂ්මත් මෝඝරාජ ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTමොඝරාජත්ථෙරගාථා.
Sinhala BJTමෝඝරාජ ස්ථවිරගාථා යි.
Pali BJT2. 5. 5.
Sinhala BJT2. 5. 5.
Pali BJT209. න උක්ඛිපෙ නො ච පරික්ඛිපෙ පරෙ න ඔක්ඛිපෙ පාරගතං න එරයෙ, න චත්තවණ්ණං පරිසාසු බ්යාහරෙ අනුද්ධතො සම්මිතභාණි සුබ්බතො.
Sinhala BJT209. තමා නොද හුවාදක්නේ යැ, මෙරමා නොද හෙළාදක්නේ යැ, පහත් කොට නො බලවත්වන්නේ යැ, රහතුන් වහන්සේ නො ගටන්නේ යැ, තමාගුණ පිරිස් මැද නො කියන්නේ යැ, සන්හුන්නෙක්, පමණ දැන බණන්නෙක්, මනා පැවතුම් ඇත්තෙක් වන්නේ යි.
Pali BJT210. සුසුඛුමනිපුණත්ථදස්සිනා මතිකුසලෙන නිවාතවුත්තිනා, සංසෙවිතවුද්ධසීලිනා නිබ්බානං න හි තෙන දුල්ලභන්ති.
Sinhala BJT210. ඉතා සියුම් තියුණු (සත්‍යප්‍රතිත්‍යසමුත්පාදාදි) අර්‍ත්‍ථ දක්නාසුලු වූ ප්‍රඥායෙහි දක්‍ෂ වූ යටත් පැවැතුම් ඇත්තා වූ වෘද්ධයන් සෙවුනාසුලු වූ ඒ මහණහු විසින් යම් හෙයකින් නිර්‍වාණය දුර්‍ලභ්‍ය නො වේ ද, එහෙයිනි යි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා විසාඛො පඤ්චාලපුත්තො ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ මේ ගාථා විසාඛපඤ්චාලිපුත්ත ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTවිසාඛපඤ්චාලපුත්තත්ථෙරගාථා.
Sinhala BJTවිසාඛපඤ්චාලිපුත්ත ස්ථවිරගාථා යි.
Pali BJT2. 5. 6.
Sinhala BJT2. 5. 6.
Pali BJT211. නදන්ති මොරා සුසිඛා සුපෙඛුණා සුනීලගීවා සුමුඛා සුගජ්ජිනො, සුසද්දලා චාපි මහාමහී අයං සුබ්යාපිතම්බු{1} සුවලාහකං නභං.
Sinhala BJT211. මනා සිළු ඇති මනා පිල්කලබ ඇති මනා නිල්ගෙල ඇති මනා මුවතුඬු ඇති මනහර නාද ඇති මොනරු නද දෙති. මේ මහපොළොව ද මනා නිල්තණ ඇත්තී යැ, මොනොවට පැතිරගිය දිය ඇත්තී යැ, අහස සොඳුරු වලාකුළු ඇත්තේ යි.
Pali BJT212. සුකල්ලරූපො සුමනස්ස ඣාය තං{2} සුතික්ඛමො{3} සාධු සුබුද්ධසාසනෙ, සුසුක්කසුක්කං නිපුණං සුදුද්දසං ඵුසාමි තං උත්තමමච්චුතං පදන්ති.
Sinhala BJT212. මනාසිත් ඇත්තහුට (ඍතුසත්ප්‍රායාදීන්) අතිශයින් මනෝඥස්වභාව ඇත්තේ යැ, එහෙයින් ධ්‍යාන කරව, සම්‍යක්සම්බුද්ධශාසනයෙහි මනා වීර්‍ය්‍යය ඇති වැ ඒ උතුම් අතිශයින් දැකීමට දුෂ්කර වූ තියුණු වූ සුදෝසුදු අච්‍යුතපදය (නිවන) ස්පර්‍ශ කරව යි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා චූළකො ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ මේ ගාථා ආයුෂ්මත් චූළක ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTචූළකත්ථෙරගාථා.
Sinhala BJTචූළක ස්ථවිරගාථා යි.
Pali BJT2. 5. 7.
Sinhala BJT2. 5. 7.
Pali BJT213. නන්දමානාගතං චිත්තං සූලමාරොපමානකං, තෙන තෙනෙව වජසි යෙන සූලං කලිඞ්ගරං.
Sinhala BJT213. (ඒ ඒ භවයෙහි තෘෂ්ණා විසින්) සතුටු වෙමින් ආ සිත භව සඞ්ඛ්‍යාත සූලයට (දිවස්හුලට) නගනුයේ භව සඞ්ඛ්‍යාත සූලය, කාමගුණ සඞ්ඛ්‍යාත දම්ගෙඩිය යම් යම් තැනෙකැ ද ඒ ඒ තැන්හි මැ යෙහි.
Pali BJT214. තාහං චිත්තකලිං බ්රූමි තං බ්රූමි චිත්තදුබ්භකං, සත්ථා තෙ දුල්ලභො ලද්ධො මානත්ථෙ මං නියොජයීති.
Sinhala BJT214. එහෙයින් එම්බා චිත්තය, මම තා කාලකණ්ණිය යි කියමි. තා චිත්තද්‍රෝහී යයි කියමි. තා විසින් දුර්‍ලභ වූ ශාස්තෲන් වහන්සේ ලබනලදහ. මා අවැඩෙහි නහමක් යොදව යි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා අනුපමො ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ මේ ගාථා ආයුෂ්මත් අනුපම ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTඅනුපමත්ථෙරගාථා.
Sinhala BJTඅනුපම ස්ථවිරගාථා යි.
Pali BJT2. 5. 8.
Sinhala BJT2. 5. 8.
Pali BJT215. සංසරං දීඝමද්ධානං ගතීසු පරිවත්තිසං, අපස්සං අරියසච්චානි අන්ධභූතො පුථුජ්ජනො.
Sinhala BJT215. පෘථග්ජන වූ (අවිද්‍යායෙන්) අන්‍ධ වූ මම ආර්‍ය්‍යසත්‍යයන් නො දක්නෙම් දිගුකලක් මුළුල්ලෙහි (භවයෙහි) සැරිසරමින් සුගතිදුර්‍ගතින්හි පෙරැළුණෙමි.
Pali BJT216. තස්ස මෙ අප්පමත්තස්ස සංසාරා විනලීකතා, ගති{1} සබ්බා සමුච්ඡින්නා නත්ථි දානි පුනබ්භවො’ති.
Sinhala BJT216. අප්‍රමාද වූ ඒ මා විසින් සංසාර සඞ්ඛ්‍යාත කර්‍මක්ලේශයෝ මුලුසුන් කරනලදහ. සියලු ගති මැනැවින් නසනලදහ. මින් මතු පුනර්‍භවයෙක් නැතැ යි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා වජ්ජිතො ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ මේ ගාථා ආයුෂ්මත් වජ්ජිත ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTවජ්ජිතත්ථෙරගාථා.
Sinhala BJTවජ්ජිත ස්ථවිරගාථා යි.
Pali BJT2. 5. 9.
Sinhala BJT2. 5. 9.
Pali BJT217. අස්සත්ථෙ හරිතොකාසෙ සංවිරූළ්හම්පි පාදපෙ, එකං බුද්ධගතං සඤ්ඤං අලභිත්ථං පතිස්සතො.
Sinhala BJT217. පලාවන් පැහැ ඇති මොනොවට වැඩුණු ඇසතු බෝරුක පිහිටි තැන්හි (සිඛී සම්බුදුනට පැනනැගුණු ඇටඹබොරුක්මුල දී) එළැඹැසිටි සිහි ඇත්තෙම් එක් බුද්ධානුස්මෘති සංඥාවක් ලදිමි.