Theragāthā

Verses of the Elder Monks

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 601-700 න් 2250

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTමහාචුන්දත්ථෙරගාථා.
Sinhala BJTමහාචුන්‍ද ස්ථවිරගාථා යි.
Pali BJT2. 2. 2.
Sinhala BJT2. 2. 2.
Pali BJT143. යෙ ඛො තෙ වෙඝමිස්සෙන{1} නානත්ථෙන{2} ච කම්මුනා මනුස්සෙ උපරුන්ධන්ති ඵරුසූපක්කමා ජනා, තෙපි තත්ථෙව{3} කීරන්ති නහි කම්මං පනස්සති.
Sinhala BJT143. යම් කෙනෙක් (වරපට ආදියෙන්) හිස වෙළීමෙන් ද නන්වැදෑරුම් වූ කර්‍මයන් ද මිනිසුන් පෙළත් නම් දරුණු වූ ප්‍රයෝග ඇති ඒ ජනයෝ ද ඒ කම්කටොලුවල තුමූ මැ හෙළනු ලැබෙත්. යම් හෙයකින් කර්‍මය තෙමේ (විපාක නො දී) නො නැසේ ද එහෙයිනි.
Pali BJT144. යං කරොති නරො කම්මං කල්යාණං යදි පාපකං, තස්ස තස්සෙව දායාදො යං යං කම්මං පකුබ්බතී’ති.
Sinhala BJT144. සත්ත්‍ව තෙම කුසල් වූ හෝ අකුසල් වූ හෝ යම් කර්‍මයක් කෙරේ ද යම් යම් කර්‍මයක් රැස් කෙරේ ද, ඒ ඒ කර්‍මය දායාද කොට ඇත්තේ වේ යයි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා ජොතිදාසො ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ආයුෂ්මත් ජෝතිදාස ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTජොතිදාසත්ථෙරගාථා.
Sinhala BJTජෝතිදාස ස්ථවිරගාථා යි.
Pali BJT2. 2. 3.
Sinhala BJT2. 2. 3.
Pali BJT145. අච්චයන්ති අහොරත්තා ජීවිතං උපරුජ්ඣති, අයු ඛීයති මච්චානං කුන්නදීනං ව ඔදකං.
Sinhala BJT145. රෑදාවල්හු ඉක්මයෙති. ජීවිතින්‍ද්‍රිය (කෙණෙහි කෙණෙහි) නිරුද්ධ වෙයි. සත්ත්‍වයන් ගේ ආයුෂ කුඩා නදීන් ගේ දිය මෙන් ක්‍ෂය වේ.
Pali BJT146. අථ පාපානි කම්මානි කරං බාලො න බුජ්ඣති, පච්ඡාස්ස කටුකං හොති විපාකො හිස්ස පාපකො’ති.
Sinhala BJT146. එතෙකුදුවත් පව්කම් කරන්නා වූ බාල තෙම (එය) නො දනියි. පසු වැ ඔහුට කටුක දුක් වෙයි. යම් හෙයකින් ඒ පාපකර්‍මයාගේ විපාකය ලාමක වේ ද එහෙයිනි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා හෙරඤ්ඤකානිත්ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ආයුෂ්මත් හෙරඤ්ඤකානි ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTහෙරඤ්ඤකානිත්ථෙරගාථා.
Sinhala BJTහෙරඤ්ඤකානි ස්ථවිරගාථා යි.
Pali BJT2. 2. 4.
Sinhala BJT2. 2. 4.
Pali BJT147. පරිත්තං දාරුමාරුය්හ යථා සීදෙ මහණ්ණවෙ, එවං කුසීතමාගම්ම සාධුජීවී පි සීදති,{4} තස්මා තං පරිවජ්ජෙය්ය කුසීතං හීනවීරියං.
Sinhala BJT147. කුඩා දරකඬෙකැ නැඟැ යම්සේ මහසයුරෙහි ගැලේ ද, එසේ මැ අලසයා නිසා මනා දිවිපැවතුම් ඇත්තේද සසරෙහි ගැලේ.
Pali BJT148. පවිවිත්තෙහි අරියෙහි පහිතත්තෙහි ඣායිහි, නිච්චං අරද්ධවිරියෙහි පණ්ඩිතෙහි සහාවසෙ’ති.
Sinhala BJT148. එහෙයින් වීර්‍ය්‍ය රහිත වූ ඒ අලසයා දුරැලන්නේ යැ. කායවිවේක ඇති කෙලෙසුන් කෙරෙන් දුරු වූ නිවනට යැවූ සිත් ඇති ධ්‍යාන කරනසුලු වූ නිතොර පටන්ගත් වීර්‍ය්‍ය ඇති පණ්ඩිතයන් සමග වසන්නේ යි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා සොමචිත්තො ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ආයුෂ්මත් සෝමමිත්ත ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTසොමචිත්තත්ථෙරගාථා.
Sinhala BJTසෝමමිත්ත ස්ථවිරගාථා යි.
Pali BJT2. 2. 5.
Sinhala BJT2. 2. 5.
Pali BJT149. ජනො ජනම්හි සම්බද්ධො ජනමෙවස්සිතො ජනො, ජනො ජනෙන හෙඨීයති හෙඨෙති ච ජනො ජනං.
Sinhala BJT149-150. (අන්‍ධබාල) ජන තෙම (අන්‍ය) ජනයා කෙරෙහි (තෘෂ්ණායෙන්) බැඳුණේ වෙයි. ජන තෙම ජනයා මැ ඇසුරු කොට සිටියේ යැ. ජන තෙම ජනයා විසින් පෙළනුලැබෙයි. යළි ජන තෙම ජනයා පෙළයි, ඒ ජනක වූ ද ජනිත වූ ද ජනයාගෙන් ඔහුට කවර අර්‍ත්‍ථයෙක් ද (මම) ජනයා ද බොහෝදෙනා පෙළාසිටුනා ඒ (තෘෂ්ණා ද්වේෂ දෙක) ද සර්‍වප්‍රකාරයෙන් හැරැ යන්නෙමැ යි.
Pali BJT150. කොහි තස්ස ජනෙනත්ථො ජනෙන ජනිතෙන වා, ජනං ඔහාය ගච්ඡං තං හෙඨයිත්වා බහුං ජනන්ති.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJTඉත්ථං සුදං ආයස්මා සබ්බමිත්තො ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ මේ ගාථා ආයුෂ්මත් සබ්බමිත්ත ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTසබ්බමිත්තත්ථෙරගාථා.
Sinhala BJTසබ්බමිත්ත ස්ථවිරගාථා යි.
Pali BJT2. 2. 6.
Sinhala BJT2. 2. 6.
Pali BJT151. කාළී ඉත්ථි බ්රහතී ධඞ්කරූපා සත්ථිං ච භෙත්වා අපරං ච සත්ථිං, බාහං{1} ච භෙත්වා අපරං ච බාහුං සීසං ච භෙත්වා දධිථාලකං’ ව එසා නිසින්නා අභිසද්දහිත්වා.
Sinhala BJT151. කවුඩකුට බඳු පැහැ ඇති මහත් වූ සිරුරක් ඇති තෙල ‘කාලී’ නම් වූ ස්ත්‍රී තොමෝ (මළ සිරුරෙහි) දෙ කළවය ද දෙ අත් ද බිඳ දීතලියක් මෙන් හිස ද බිඳ (ඒ අවයව) සුදුසු සේ ගළපා තබා හුන්නී යැ.
Pali BJT152. යො වෙ අවිද්වා උපධිං කරොති පුනප්පුනං දුක්ඛමුපෙති මන්දො, තස්මා පජානං{2} උපධිං න කයිරා මාහුං පුන භින්නසිරො සයිස්සන්ති.
Sinhala BJT152. මූඨ වූ යමෙක් ක්ලේශෝපධිය උපදවා ද, ඒ මූඨ තෙම ඒකාන්තයෙන් පුනපුනා දුකට පැමිණෙයි. එහෙයින් නුවණැත්තේ ක්ලේශෝපධිය නූපදවන්නේ යැ. කුමක් හෙයින යත්: මම යළි බිඳුණුහිස් ඇති වැ නහමක් ශයනය කෙරෙම්වා යි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා මහාකාළො ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ මේ ගාථා ආයුෂ්මත් මහාකාල ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTමහාකාළත්ථෙරගාථා.
Sinhala BJTමහාකාල ස්ථවිරගාථා යි.
Pali BJT2. 2. 7.
Sinhala BJT2. 2. 7.
Pali BJT153. බහූ සපත්තෙ ලභති මුණ්ඩො සඞ්ඝාටිපාරුතො, ලාභී අන්නස්ස පානස්ස වත්ථස්ස සයනස්ස ච.
Sinhala BJT153. මුඩු වූ සඟළ සිවුර පෙරෙවියා වූ මහණ තෙම ආහාර ද පාන ද වස්ත්‍ර ද ශයන ද ලබනසුලු වූයේ බොහෝ සතුරන් ලබයි.
Pali BJT154. එතමාදීනවං ඤත්වා සක්කාරෙසු මහබ්භයං, අප්පලාභො ‘නවස්සුතො සතො භික්ඛු පරිබ්බජෙ’ති.
Sinhala BJT154. මහණ තෙම සත්කාර විෂයෙහි මහත් බිය ද තෙල ආදීනවය ද දැන මඳ වූ ලාභ ඇත්තේ තෘෂ්ණා වැගිරීම් නැත්තේ සිහි ඇති වැ හැසිරෙන්නේ යි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා තිස්සො ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ මේ ගාථා ආයුෂ්මත් තිස්ස ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTතිස්සත්ථෙරගාථා.
Sinhala BJTතිස්ස ස්ථවිරගාථා යි.
Pali BJT2. 2. 8.
Sinhala BJT2. 2. 8.
Pali BJT155. පාචීනවංසදායම්හි සක්යපුත්තා සහායකා, පහායානප්පකෙ භොගෙ උඤ්ඡාපත්තාගතෙ රතා.
Sinhala BJT155. පාචීනවංස නම් වූ වනයෙහි, යහළු වූ ශාක්‍යපුත්‍රයෝ අනල්ප වූ සම්පත් හැරදමා පිඬුසිඟීමෙන් පාත්‍රයට ලැබුණු දැයෙහි ඇලුණාහු.
Pali BJT156. ආරද්ධවිරියා පහිතත්තා නිච්චං දළ්හපරක්කමා, රමන්ති ධම්මරතියා හිත්වාන ලොකියං රතින්ති.
Sinhala BJT156. ආරබ්ධවීර්‍ය්‍ය ඇත්තාහු නිවන කරා යැවූ සිත් ඇත්තාහු සතතයෙන් දෘඪවීර්‍ය්‍ය ඇත්තාහු ලෞකික ආලම්බනයෙහි ඇල්ම හැරැ ධර්‍මරතියෙහි සිත් අලවත් යයි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා කිම්බිලො ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ මේ ගාථා ආයුෂ්මත් කිම්බිල ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTකිම්බිලත්ථෙරගාථා.
Sinhala BJTකිම්බිල ස්ථවිරගාථා යි.
Pali BJT2. 2. 9.
Sinhala BJT2. 2. 9.
Pali BJT157. අයොනිසො මනසිකාරා මණ්ඩනං අනුයුඤ්ජිසං, උද්ධතො චපලො චාසිං කාමරාගෙන අට්ටිතො.
Sinhala BJT157. අයෝනිසෝ මනසිකාරයෙන් ශරීරමණ්ඩනයෙහි යෙදුණෙමි. කාමරාගය විසින් පෙළුණෙම් නො සන්හුන් සිත් ඇත්තෙම් චපල ද වීමි.
Pali BJT158. උපායකුසලෙනාහං බුද්ධෙනාදිච්චබන්ධුනා, යොනිසො පටිපජ්ජිත්වා භවෙ චිත්තං උදබ්බහින්ති.
Sinhala BJT158. උපායෙහි දක්‍ෂ වූ සූර්‍ය්‍යබන්‍ධු වූ බුදුරදුන් කරණකොටගෙන නුවණින් පිළිපැද සසරෙහි ගිලුණු සිත නඟාලීමි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා නන්දො ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ මේ ගාථා ආයුෂ්මත් නන්‍ද ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTනන්දත්ථෙරගාථා.
Sinhala BJTනන්‍ද ස්ථවිරගාථා යි.
Pali BJT2. 2. 10.
Sinhala BJT2. 2. 10.
Pali BJT159. පරෙ ච නං පසංසන්ති අත්තා චෙ අසමාහිතො, මොඝං පරෙ පසංසන්ති අත්තා හි අසමාහිතො.
Sinhala BJT159. ඉදින් තෙමේ සමාධි රහිත වේ නම් එතෙකුදුවත් අන්‍යයෝ ඔහු පසසත් නම්, ඔහු සිස් කොට පසසත්. (තමා සමාහිත නො වන හෙයිනි.)
Pali BJT160. පරෙ ච නං ගරහන්ති අත්තා චෙ සුසමාහි, මොඝං පරෙ ගරහන්ති අත්තා හි සුසමාහිතො’ති.
Sinhala BJT160. ඉදින් තෙමේ සමාහිත සිත් ඇත්තේ නම්, එතෙකුදුවත් අන්‍යයෝ ඔහු ගරහත් නම්, ඔහු සිස් කොට ගරහත්. (තමා සමාහිත හෙයිනි.)
Pali BJTඉත්ථං සුදං ආයස්මා සිරිමා ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ මේ ගාථා ආයුෂ්මත් සිරිමන්ත ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTසිරිමාත්ථෙරගාථා.
Sinhala BJTසිරිමන්ත ස්ථවිරගාථා යි.
Pali BJTවග්ගො දුතියො.
Sinhala BJTදෙවැනි වර්‍ගය යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඋද්දානය:
Pali BJTචුන්දො ච ජොතිදාසො ච ථෙරො හෙරඤ්ඤකානි ච, සොමමිත්තො සබ්බමිත්තො කාලො තිස්සො ච කිම්බිලො නන්දො ච සිරිමා චෙව දස ථෙරා මහිද්ධිකා’ති.
Sinhala BJTචුන්‍ද ස්ථවිර යැ, ජෝතිදාස ස්ථවිර යැ, හෙරඤ්ඤකානි ස්ථවිර යැ, සොමමිත්ත ස්ථවිර යැ, සබ්බමිත්ත ස්ථවිර යැ, කාල ස්ථවිර යැ, තිස්ස ස්ථවිර යැ, කිම්බිල ස්ථවිර යැ, නන්‍ද ස්ථවිර යැ, සිරිමන්ත ස්ථවිර යැ යි දෙවැනි වර්‍ගයෙහි මහත් ඍද්ධි ඇති තෙරවරු දස දෙනෙකි.
Pali BJTවග්ගො තතියො.
Sinhala BJTතෙවන වර්‍ගය
Pali BJT2. 3. 1.
Sinhala BJT2. 3. 1.
Pali BJT161. ඛන්ධා මයා පරිඤ්ඤාතා තණ්හා මෙ සුසමූහතා, භාවිතා මම බොජ්ඣඞ්ගා පත්තො මෙ ආසවක්ඛයො.
Sinhala BJT161. පඤ්චස්කන්‍ධයෝ මා විසින් පිරිසිඳ දන්නා ලදහ. තෘෂ්ණාව මා විසින් මොනොවට උපුරනලද යැ. බෝධ්‍යඞ්ගයෝ මා විසින් වඩන ලදහ. නිර්‍වාණය මා විසින් ලබනලදී.
Pali BJT162. සොහං ඛන්ධෙ පරිඤ්ඤාය අබ්බූහිත්වාන{1} ජාලිනිං, භාවයිත්වාන බොජ්ඣඞ්ගෙ නිබ්බායිස්සං අනාසවො’ති.
Sinhala BJT162. ඒ මම ස්කන්‍ධයන් පිරිසිඳ දැන තෘෂ්ණාව උපුටා දමා බෝධ්‍යඞ්ගයන් වඩා ආස්‍රව රහිත වැ පිරිනිවෙන්නෙමී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා උත්තරො ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ මේ ගාථා ආයුෂ්මත් උත්තර ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTඋත්තරත්ථෙරගාථා.
Sinhala BJTඋත්තර ස්ථවිරගාථා යි.
Pali BJT2. 3. 2.
Sinhala BJT2. 3. 2.
Pali BJT163. පනාදො නාම සො රාජා යස්ස යූපො සුවණ්ණයො, තිරියං සොළසපබ්බෙධො{2} උද්ධමාහු{3} සහස්සධා.
Sinhala BJT163. (යටගිය දවසැ) ‘පානාද’ වූ නම් ප්‍රසිද්ධ රජෙක් වී යැ. යම් රජක්හුගේ ප්‍රසාදය රන්මුවා වූයේ සරස සරපතන සොළසක් ඇත්තේ උස සරපතන දහසක් ඇත්තේ වී ද,
Pali BJT164. සහස්සකණ්ඩො{4} සතභෙණ්ඩු{5} ධජාලූ හරිතාමයො, අනච්චුං තත්ථ ගන්ධබ්බා ඡසභස්සානි සත්තධා’ති.
Sinhala BJT164. සහස්බුමු වූයේ (නඟාලූ) ධ්වජබහුල වූ චාමීකරස්වර්‍ණමය සිය ගණන් නිර්ව්‍යුහ ඇත්තේ ද, එහි සත් තැනෙකැ සදහසක් නළුවෝ නැටූහු ද, ඒ රජ තෙමේ යි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා භද්දජි ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ මේ ගාථා ආයුෂ්මත් භද්දජි ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTභද්දජිත්ථෙරගාථා.
Sinhala BJTභද්දජි ස්ථවිරගාථා යි.
Pali BJT2. 3. 3.
Sinhala BJT2. 3. 3.
Pali BJT165. සතිමා පඤ්ඤවා භික්ඛු ආරද්ධබලවීරියො, පඤ්චකප්පසතානාහං එකරත්තිං අනුස්සරිං.
Sinhala BJT165. සිහි ඇති (අභිඥා) නුවණ ඇති පටන්ගන්නාලද බල හා වීර්‍ය්‍ය ඇති මහණකු වූ මම පන්සියක් කප් එක්රැය මෙන් සිහි කළෙමි.
Pali BJT166. චත්තාරො සතිපට්ඨානෙ සත්ත අට්ඨ ච භාවයං, පඤ්චකප්පසතානාහං එකරත්තිං අනුස්සරින්ති.
Sinhala BJT166. සතර සීවටන් ද සප්තබෝධ්‍යඞ්ගයන් ද අෂ්ටමාර්‍ගාඞ්ගයන් ද වඩනුයෙම් පන්සියක් කප් එක්රැය මෙන් සිහි කළෙමි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා සොභිතො ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ මේ ගාථා ආයුෂ්මත් සෝභිත ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTසොභිතත්ථෙරගාථා.
Sinhala BJTසෝභිත ස්ථවිරගාථා යි.
Pali BJT2. 3. 4.
Sinhala BJT2. 3. 4.
Pali BJT167. යං කිච්චං දළ්හවිරියෙන යං කිච්චං බොද්ධුමිච්ඡතා, කරිස්සං නාවරුජ්ඣිස්සං පස්ස විරියං පරක්කමං.{6}
Sinhala BJT167. දෘඪවීර්‍ය්‍ය ඇතියහු විසින් යමක් කටයුතු නම් සියුසස් දැනගනු රිසියහු විසින් යමක් කටයුතු නම්, (එය) කරන්නෙම්, නො වළහන්නෙමි, වීර්‍ය්‍ය සඞ්ඛ්‍යාත සම්‍යග්ව්‍යායාමය බලව.
Pali BJT168. ත්වං ච මෙ මග්ගමක්ඛාහි අඤ්ජසං අමතොගධං, අහං මොනෙන මොනිස්සං ගඞ්ගාසොතො’ව සාගරන්ති.
Sinhala BJT168. නුඹවහන්සේ වැළිත් මට නිර්‍වාණය පිහිට කොට ඇති ඍජු වූ (ආර්‍ය්‍ය) මාර්‍ගය වදහළ මැනැවැ, මම (නො වළහා) සයුර කරා යන ගඞ්ගාශ්‍රෝතසක් සෙයින් ආර්‍ය්‍යමාර්‍ගයෙන් (නිර්‍වාණය) ප්‍රතිවේධ කරන්නෙමි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා වල්ලියො ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ මේ ගාථා ආයුෂ්මත් වල්ලිය ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTවල්ලියත්ථෙරගාථා.
Sinhala BJTවල්ලිය ස්ථවිරගාථා යි.
Pali BJT2. 3. 5.
Sinhala BJT2. 3. 5.
Pali BJT169. කෙසෙ මෙ ඔලිඛිස්ස’න්ති කප්පකො උපසඞ්කමි, තතො අදාසමාදාය සරීරං පච්චවෙක්ඛිසං.
Sinhala BJT169. නැහැවි ‘මා ගේ කෙස් කපමි’යි මා කරා එළැඹියේ යැ. ඉක්බිති මම කැටපත ගෙන (මාගේ) සිරුර බැලීමි.
Pali BJT170. තුච්ඡො කායො අදිස්සිත්ථ අන්ධකාරො{1} තමො ව්යගා, සබ්බෙ චොළා සමුච්ඡින්නා නත්ථි දානි පුනබ්භවො’ති.
Sinhala BJT170. මට සිරුර තුව්ජ වැ පැණින අවිද්‍යා නැමැති අන්‍ධකාරය පහ විය, සියලු කෙලෙස් නැමැති කඩමාලු නොහොත් සොරු නසනලදහ. දැන් පුනර්‍භවයෙක් නැතැ යි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා වීතසොකො ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ මේ ගාථා ආයුෂ්මත් වීතසෝක ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTවීතසොකත්ථෙරගාථා.
Sinhala BJTවීතසෝක ස්ථවිරගාථා යි.
Pali BJT2. 3. 6.
Sinhala BJT2. 3. 6.
Pali BJT171. පඤ්චනීවරණෙ හිත්වා යොගක්ඛෙමස්ස පත්තියා, ධම්මාදාසං ගහෙත්වාන ඤාණදස්සනමත්තනො.
Sinhala BJT171. පඤ්චනීවරණයන් හැරපියා නිවනට පැමිණෙනු පිණිස තමා ගේ ඥානදර්‍ශනය වූ විදර්‍ශනාඥාන සඞ්ඛ්‍යාත ධර්‍මාදර්‍ශය (දහම් කැටපත) ගෙන,
Pali BJT172. පච්චවෙක්ඛිං ඉමං කායං සබ්බං සන්තරබාහිරං, අජ්ඣත්තඤ්ච බහිද්ධා ච තුච්ඡො කායො අදිස්සථා’ති.
Sinhala BJT172. ඇතුළත පිටත (ආද්ධ්‍යාත්මික බාහිරායතන) සහිත වූ මේ සියලු ශරීරය නුවණැසින් බැලීමි. ස්වසන්තානයෙහි ද පරසන්තානයෙහි ද තුච්ඡ වූ කය (පඤ්චස්කන්‍ධ සඞ්ඛ්‍යාත ආත්මභාවය) දක්නාලද්දේ යි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා පුණ්ණමාසො ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ මේ ගාථා ආයුෂ්මත් පුණ්ණමාස ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTපුණ්ණමාසත්ථෙරගාථා.
Sinhala BJTපුණ්ණමාස ස්ථවිරගාථා යි.
Pali BJT2. 3. 7.
Sinhala BJT2. 3. 7.
Pali BJT173. යථාපි භද්දො ආජඤ්ඤො ඛලිත්වා පතිතිට්ඨති, භිය්යො ලද්ධාන සංවෙගං අදීනො වහතෙ ධුරං.
Sinhala BJT173. යම්සේ භද්‍ර වූ අජානීයවෘෂභ තෙම පැකිළැ යළි නැඟීසිටී ද, බෙහෙවින් සංවේගය ලැබැ අදීන වැ ධුරය උසුලා ද,
Pali BJT174. එවං දස්සනසම්පන්නං සම්මාසම්බුද්ධසාවකං, ආජානීයං{2} මං ධාරෙථ පුත්තං බුද්ධස්ස ඔරසන්ති.
Sinhala BJT174. එසෙයින් දර්‍ශනසම්පන්න වූ සම්‍යක්සම්බුද්ධශ්‍රාවක වූ බුදුරදුන්ගේ ඖරසපුත්‍ර වූ මා පුරුෂාජානීයයකු කොට සලකනසේක්වා යි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා නන්දකො ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ මේ ගාථා ආයුෂ්මත් නන්‍දක ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTනන්දකත්ථෙරගාථා.
Sinhala BJTනන්‍දක ස්ථවිරගාථා යි.
Pali BJT2. 3. 8.
Sinhala BJT2. 3. 8.
Pali BJT175. එහි නන්දක ගච්ඡාම උපජ්ඣායස්ස සන්තිකං, සීහනාදං නදිස්සාම බුද්ධසෙට්ඨස්ස සම්මුඛා.
Sinhala BJT175. එව නන්‍දකයෙනි, උපාධ්‍යායයන් වහන්සේ (සම්බුදුරදුන්) වෙත යම්හ, බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ හමුයෙහි සිංහනාද පවත්වම්හ.
Pali BJT176. යාය නො අනුකම්පාය අම්හෙ පබ්බාජයී මුනි, සො නො අත්ථො අනුප්පත්තො සබ්බසංයොජනක්ඛයො’ති.
Sinhala BJT176. යම් අර්‍ත්‍ථයක් සඳහා අපට අනුකම්පායෙන් භාග්‍යවතුන් වහන්සේ අප පැවිදි කළසේක් නම් සියලු සංයෝජනයන් ක්‍ෂය කිරීම වූ ඒ අර්‍ත්‍ථය (අර්‍හත්ඵලය) අප විසින් ලබනලදැ යි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා භරතො ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ මේ ගාථා ආයුෂ්මත් භරත ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTභරතත්ථෙරගාථා.
Sinhala BJTභරත ස්ථවිරගාථා යි.
Pali BJT2. 3. 9.
Sinhala BJT2. 3. 9.
Pali BJT177. නදන්ති එවං සප්පඤ්ඤා සීහාව ගිරිගබ්භරෙ, වීරා විජිතසඞ්ගාමා ඡෙත්වා මාරං සවාහිනිං{1}.
Sinhala BJT177. මෙසේ සෙන් සහිත මරු දිනා දිනනලද සඞ්ග්‍රාම ඇති, අග්‍රමාර්‍ග ප්‍රඥා සහිත වූ වීරයෝ (ශ්‍රාවකයෝ) ගිරිගුහායෙහි සිංහයන් සෙයින් නද දෙත් (අභීතනාද කෙරෙත්.)
Pali BJT178. සත්ථා ච පරිචිණ්ණො මෙ ධම්මො සඞ්ඝො ච පූජිතො, අහං ච විත්තො සුමනො පුත්තං දිස්වා අනාසවන්ති.
Sinhala BJT178. මා විසින් ශාස්තෲන් වහන්සේ ඇසුරු කරනලදහ. ධර්‍මය ද සඞ්ඝයා ද පුදනලද යැ, ක්‍ෂිණාස්‍ර වූ පුතණුවන් දැක (නිරාමිස ප්‍රීතියෙන්) තුටු වූයෙම් සොම්නස් වීමි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා භාරද්වාජො ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ මේ ගාථා ආයුෂ්මත් භාරද්වාජ ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTභාරද්වාජත්ථෙරගාථා.
Sinhala BJTභාරද්වාජ ස්ථවිරගාථා යි.
Pali BJT2. 3. 10.
Sinhala BJT2. 3. 10.
Pali BJT179. උපාසිතා සප්පුරිසා සුතා ධම්මා අභිණ්හසො, සුත්වාන පටිපජ්ජිස්සං අඤ්ජසං අමතොගධං.
Sinhala BJT179. (මා විසින් ශාරීපුත්‍රාදි) සත්පුරුෂයෝ සෙවුනාලදහ. එක්වන් (නිතර) දහම් අසනලද යැ, අසා නිර්‍වාණය පිහිට කොට ඇති මඟට පිළිපන්මි.
Pali BJT180. භවරාගහතස්ස මෙ සතො භවරාගො පුන මෙ න විජ්ජති, න චාහු න ච මෙ{2} භවිස්සති න ච මෙ එතරහිපි{3} විජ්ජතී’ති.
Sinhala BJT180. නැසූ භාවරාගය ඇති මට ඒ භාවරාගය යළි නො පැනේ. (අග්‍රමාර්‍ගාධිගමයෙහි පටන්) නො වී යැ, (මත්තෙහි) මට නො ද වන්නේ යැ, දැනුදු මට නැති.
Pali BJTඉත්ථං සුදං ආයස්මා කණ්හදින්නො ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ මේ ගාථා ආයුෂ්මත් කණ්හදින්න ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTකණ්හදින්නත්ථෙරගාථා.
Sinhala BJTකණ්හදින්න ස්ථවිරගාථා යි.