Theragāthā

Verses of the Elder Monks

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 501-600 න් 2250

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTඉත්ථං සුදං ආයස්මා ජෙන්තො ථෙරො ගාථං අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ... වච්ඡගොත්ත ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTවච්ඡගොත්තත්ථෙරගාථා.
Sinhala BJTවච්ඡගොත්ත ස්ථවිරගාථා යි.
Pali BJT1. 12. 3.
Sinhala BJT1. 12. 3.
Pali BJT113. අච්ඡොදිකා පුථුසිලා ගොනඞ්ගුලමිගායුතා, අම්බුසෙවාලසඤ්ඡන්නා තෙ සෙලා රමයන්ති ම’න්ති.
Sinhala BJT113. පහන්දිය ඇති පුළුල් ගලතල ඇති ගොනඟුලන් (වඳුරන්) හා සියුපාසතුන් ගෙන් යුත් දියසෙවෙලින් ගැවසීගත් ඒ පර්‍වතයෝ මා සිත් අලවත් යයි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා වනවච්ඡො ථෙරො ගාථං අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ... වනවච්ඡ ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTවනවච්ඡත්ථෙරගාථා.
Sinhala BJTවනවච්ඡ ස්ථවිරගාථා යි.
Pali BJT1. 12. 4.
Sinhala BJT1. 12. 4.
Pali BJT114. කායදුට්ඨුල්ලගරුනො හීයමානම්හි{1} ජීවිතෙ, සරීරසුඛගිද්ධස්ස කුතො සමණ සාධුතා’ති.
Sinhala BJT114. දිවි ගෙවීයන කල්හි කායපෝෂණයෙහි නියැලුණු ශරීරසුඛයෙහි ගිජු වූවහුට ශ්‍රමණ භාවයෙන් ලැබිය හැකි සාධුත්‍වය කොයින් ලැබේ දැ යි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා අධිමුත්තො ථෙරො ගාථං අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ... අධිමුත්ත ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTඅධිමුත්තත්ථෙරගාථා.
Sinhala BJTඅධිමුත්ත ස්ථවිරගාථා යි.
Pali BJT1. 12. 5.
Sinhala BJT1. 12. 5.
Pali BJT115. එසාවහිය්යසෙ පබ්බතෙන බහුකුටජසල්ලකිකෙන,{2} නෙසාදකෙන ගිරිනා යසස්සිනා පරිච්ඡදෙනා’ති.
Sinhala BJT115. (එම්බා මහානාමයෙනි, කමටහන් මෙනෙහි නොකරන) තෙල තෝ බොහෝ කෙළිඳ හා ඉඳුසල්ගස් ඇති (නො එක් රුක්ලියෙන්) හාත්පසින් වැසුණු ප්‍රසිද්ධ වූ මේ ‘නේසාද’ නම් පර්‍වතයෙන් පිරිහෙන්නෙහි යයි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා මහානාමො ථෙරො ගාථං අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ... මහානාම ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTමහානාමත්ථෙරගාථා.
Sinhala BJTමහානාම ස්ථවිරගාථා යි.
Pali BJT1. 12. 6.
Sinhala BJT1. 12. 6.
Pali BJT116. ඡ ඵස්සායතනෙ හිත්වා ගුත්තද්වාරො සුසංවුතො, අඝමූලං වමිත්වාන පත්තො මෙ ආසවක්ඛයො’ති.
Sinhala BJT116. ආධ්‍යාත්මික ෂඩායතනය (එය පිළිබඳ කෙලෙස් නැසීම් විසින්) හැරැපියා පියූ සදොර ඇතියෙම් මොනොවට සංවර වූයෙමි. මා විසින් සසරදුකට මුල (අවිද්‍යාව හා භවතෘෂ්ණාව) වමාරාදමා ආස්‍රවක්‍ෂය (අර්‍හත්‍වය) ලබන ලද්දේ යයි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා පාරාසරියත්ථෙරො{3} ගාථං අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ... පාරාසරිය ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTපාරාසරියත්ථෙරගාථා.
Sinhala BJTපාරාසරිය ස්ථවිරගාථා යි.
Pali BJT1. 12. 7.
Sinhala BJT1. 12. 7.
Pali BJT117. සුවිලිත්තො සුවසනො සබ්බාභරණභූසිතො, තිස්සො විජ්ජා අජ්ඣගමිං කතං බුද්ධස්ස සාසන’න්ති.
Sinhala BJT117. මම මනා සුවඳින් අලෙව් දෙන ලද්දෙමි. මහ ඇඟි කසීසළු ඇන්දෙම් සියලු අබරණින් සැරැසුණෙම් ත්‍රිවිද්‍යාව ලදිමි. (මා විසින්) බුදුන්ගේ ශාසනය කරන ලදැ යි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා යසො ථෙරො ගාථං අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ... යස ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTයසත්ථෙරගාථා.
Sinhala BJTයස ස්ථවිරගාථා යි.
Pali BJT1. 12. 8.
Sinhala BJT1. 12. 8.
Pali BJT118. අභිසත්ථොව නිපතති වයො රූපං අඤ්ඤමිව තථෙව සන්තං, තස්සෙව සතො අවිප්පවසතො අඤ්ඤස්සෙව සරාමි අත්තාන’න්ති.
Sinhala BJT118. වයස (යෞවනය) ඇණවන ලද්දකු සෙයින් (වහා) ඇදැවැටෙයි. එසේ මැ විද්‍යාමාන වූ රූපය ද අනෙකකු මෙනි. විප්‍රවාසයෙක් නැති ඒ මාගේ මැ ආත්මය අනෙකක්හු ගේ මෙන් සිහි කෙරෙම් යයි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා කිම්බිලො ථෙරො ගාථං අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ... කිම්බිල ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTකිම්බිලත්ථෙරගාථා.
Sinhala BJTකිම්බිල ස්ථවිරගාථා යි.
Pali BJT1. 12. 9.
Sinhala BJT1. 12. 9.
Pali BJT119. රුක්ඛමූලගහනං පසක්කිය නිබ්බානං හදයස්මිං ඔපිය{1} ඣාය ගොතම මා ච පාමදො{2} කිං තෙ බිලිබිලිකා කරිස්සතී’ති.
Sinhala BJT119. රුක්මුල්වදුලට පිවිස නිවන ළෙහි තබාගෙන ගෞතමයෙනි ධ්‍යාන කරව, නහමක් ප්‍රමාද වව. බිලිබිලිකා (බිලිබිලිහඬ) තට කවර අර්‍ත්‍ථයක් සාධන්නේ දැ යි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා වජ්ජිපුත්තො ථෙරො ගාථං අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ... වජ්ජිපුත්ත ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTවජ්ජිපුත්තත්ථෙරගාථා.
Sinhala BJTවජ්ජිපුත්ත ස්ථවිරගාථා යි.
Pali BJT1. 12. 10.
Sinhala BJT1. 12. 10.
Pali BJT120. පඤ්චක්ඛන්ධා පරිඤ්ඤාතා තිට්ඨන්ති ඡින්නමූලකා, දුක්ඛක්ඛයො අනුප්පත්තො පත්තො මෙ ආසවක්ඛයො’ති.
Sinhala BJT120. පඤ්චස්කන්‍ධයෝ (මා විසින්) පරිඥාතයහ. ඔහු මුල්සුන් වැ සිටිති. මා විසින් දුඃඛක්‍ෂය සඞ්ඛ්‍යාත නිවන ලබනලද, ආස්‍රවක්‍ෂය (අර්‍හත්ත්‍වය) ලබනලදැ යි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා ඉසිදත්තො ථෙරො ගාථං අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ... ඉසිදත්ත ස්ථවිරයන් වහන්සේ …
Pali BJTඉසිදත්තත්ථෙරගාථා.
Sinhala BJTඉසිදත්ත ස්ථවිරගාථා යි.
Pali BJTවග්ගො ද්වාදසමො.
Sinhala BJTදොළොස් වැනි වග යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඋද්දානය:
Pali BJTජෙන්තො ච වච්ඡගොත්තො ච වච්ඡො ච වනසව්හයො,{3} අධිමුත්තො මහානාමො පාරාසරියො{4} යසො පි ච, කිම්බිලො වජ්ජිපුත්තො ච ඉසිදත්තො මහායසො’ති.
Sinhala BJTජෙන්ත ස්ථවිර යැ, වච්ඡගොත්ත ස්ථවිර යැ, වනවච්ඡ ස්ථවිර යැ, අධිමුත්ත ස්ථවිර යැ, මහානාම ස්ථවිර යැ, පාරාසරිය ස්ථවිර යැ, යස ස්ථවිර යැ, කිම්බිල ස්ථවිර යැ, වජ්ජිපුත්ත ස්ථවිර යැ, ඉසිදත්ත ස්ථවිර යැ යි දොළොස් වැනි වගැ තෙරවරු දස දෙනෙකි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJTවීසුත්තරසතං ථෙරා කතකිච්චා අනාසවා, එකකෙව නිපාතම්හි සුසඞ්ගීතා මහෙසිභී’ති.
Sinhala BJTකොට නිමැවූ බඹසර කිස ඇති අනාස්‍රව වූ මහර්ෂී වූ තෙරවරු එක්සියවිසි දෙනෙක් ඒකක නිපාතයෙහි මැ ගාථා වදාළහ යි.
Pali BJTඑකකනිපාතො නිට්ඨිතො.
Sinhala BJTඒකකනිපාතය නිමි.
Pali BJT2. දුකනිපාතො
Sinhala BJT2. දුක නිපාතය
Pali BJTවග්ගො පඨමො.
Sinhala BJTප්‍රථම වර්‍ගය
Pali BJT2. 1. 1.
Sinhala BJT2. 1. 1.
Pali BJT121. නත්ථි කොචි භවො නිච්චො සඞ්ඛාරා වා පි සස්සතා, උප්පජ්ජන්ති ච තෙ ඛන්ධා වචන්ති අපරාපරං.
Sinhala BJT121. නිත්‍ය වූ භවයෙක් නැත, ශාශ්වත වූ සංස්කාර කෙනෙක් ද නැත. තා ගේ ස්කන්‍ධයෝ මතුමත්තෙහි උපදනාහු ද වෙති. ච්‍යුත වන්නාහු ද වෙත්.
Pali BJT122. එතමාදීනවං ඤත්වා භවෙනම්හි අනත්ථිකො, නිස්සටො සබ්බකාමෙහි පත්තො මෙ ආසවක්ඛයො’ති.
Sinhala BJT122. තෙල ආදීනව දැනැ භවයෙන් ප්‍රයෝජන නැතියෙකිම් වෙමි. සියලු වස්තුකාම ක්ලේශකාමයන් කෙරෙන් දුරු වූයෙම් වෙමි. මා විසින් ආස්‍රවක්‍ෂය ලබන ලදැ’යි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා අත්තරො ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ආයුෂ්මත් උත්තර ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළ සේකි.
Pali BJTඋත්තරත්ථෙරගාථා.
Sinhala BJTඋත්තර ස්ථවිරගාථා යි.
Pali BJT2. 1. 2.
Sinhala BJT2. 1. 2.
Pali BJT123. නයිදං අනයෙන ජීවිතං නාහාරො හදයස්ස සන්තිකො, ආහාරට්ඨිතිකො සමුස්සයො ඉති දිස්වාන චරාමි එසනං.
Sinhala BJT123. මේ ජීවිතය අන්‍යායයෙන් නො වෙයි. ආහාරය සිතට ශාන්තිය එළවන්නේ නො වෙයි. සිරුර අහර නිසා සිටුනේ වෙයි. මෙසේ දැකැ අහර සෙවීමෙහි හැසිරෙමි.
Pali BJT124. පඞ්කොති හි නං පවෙදයුං යායං වන්දනපූජනා කුලෙසු, සුඛුමං සබ්බං දුරුල්ලහං සක්කාරො කාපුරිසෙන දුජ්ජහො’ති.
Sinhala BJT124. කුලයන්හි යම් වන්‍දනපූජාවක් ඇද්ද, එය බුද්ධාදීහු පඞ්කයෙක් මැ යයි දත්හ. උදුරාලිය නොහෙන සියුම් හුලෙකැයි දත්හ. (කුමක්හෙයින යත්:) සත්කාරය කුපුරුෂයා විසින් දුරැලිය නො හැක්කේ යයි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා පිණ්ඩොලභාරද්වාජො ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ආයුෂ්මත් පිණ්ඩෝලභාරද්වාජ ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළ සේකි.
Pali BJTපිණ්ඩොලභාද්වාජත්ථෙරගාථා.
Sinhala BJTපිණ්ඩෝලභාරද්වාජ ස්ථවිරගාථා යි.
Pali BJT2. 1. 3.
Sinhala BJT2. 1. 3.
Pali BJT125. මක්කටො පඤ්චද්වාරායං කුටිකායං පසක්කිය, ද්වාරෙන අනුපරියෙති ඝට්ටයෙන්තො මුහුං මුහුං.
Sinhala BJT125. සිත් නමැති වඳුරා එළැඹැසිට පස්දොරක් ඇති කුටියෙහි ඒ ඒ දොරින් වරින් වර (අරමුණු ගැනීම් විසින්) ඝටමින් ඔබිනොබ හැසිරෙයි.
Pali BJT126. තිට්ඨ මක්කට මා ධාවි නහි තෙ තං යථා පුරෙ, නිග්ගහීතොසි පඤ්ඤාය නෙව{1} දූරං ගමිස්සසී’ති.
Sinhala BJT126. වඳුර, සිටුව නහමක් දුවව, තා ගේ ඒ කිළිය පෙර ලෙසින් නැත. (පියූ දොර අගුළු ඇති හෙයිනි.) මාර්‍ගප්‍රඥායෙන් නිගන්නාලදුයෙහි, එහෙයින් නහමක් දුර (ප්‍රතිසන්‍ධි වශයෙන්) යන්නෙහි යයි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා වල්ලියො ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ආයුෂ්මත් වලලිය ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTවල්ලියත්ථෙරගාථා.
Sinhala BJTවලලිය ස්ථවිරගාථා යි.
Pali BJT2. 2. 4.
Sinhala BJT2. 2. 4.
Pali BJT127. තිණ්ණං මෙ තාලපත්තානං ගඞ්ගාතීරෙ කුටී කතා, ජවසිත්තොව මෙ පත්තො පංසුකූලං ච චීවරං.
Sinhala BJT127. ගඞ්ගානදිතීරයෙහි තල්පත් තුනෙකින් මට කිළියක් කරනලද, මා ගේ පාත්‍රය මළසිරුරට කිරි ඉස්නා බඳුනක් වැන්න. සිරුර ද පාංශුකූලයෙකි.
Pali BJT128. ද්වින්නං අන්තරවස්සානං එකා වාචා මෙ භාසිතා, තතියෙ අන්තරවස්සම්හි තමොක්ඛන්ධො පදාලිතො.
Sinhala BJT128. අතුරුවස් දෙකක් තුළ මා විසින් එක් මැ බසක් කියනලදි, තෙවන අතුරුවසෙහි ලා මොහඳුරුකඳ පළනලදැ’යි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා ගඞ්ගාතීරියො ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ආයුෂ්මත් ගඞ්ගාතීරිය ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTගඞ්ගාතීරියත්ථෙරගාථා.
Sinhala BJTගඞ්ගාතීරිය ස්ථවිරගාථා යි.
Pali BJT2. 1. 5.
Sinhala BJT2. 1. 5.
Pali BJT129. අපි චෙ හොති තෙවිජ්ජො මච්චුහායී අනාසවො, අප්පඤ්ඤාතොති නං බාලා අවජානන්ති අජානතා.
Sinhala BJT129. ඉදින් පුනර්‍භවයක් නැතියෙන් මරණය නවතාලූ කාමාදි ආස්‍රව නැති ත්‍රිවිද්‍යාධරයෙක් වන්නේ නමුදු අඥානයෝ ඔහු ‘අප්‍රකටයහ’යි නො දැනීමෙන් අවඥා කෙරෙත්.
Pali BJT130. යො ච ඛො අන්නපානස්ස ලාභී හොතීධ පුග්ගලො, පාපධම්මොපි චෙ හොති සො නෙසං හොති සක්කතො’ති.
Sinhala BJT130. මෙලොව යම් පුඟුලෙක් වනාහි ආහාරපාන ලබන්නේ වේ ද, හේ පාපධම් ඇත්තේ නමුදු තෙල බාලයන් විසින් සලකන ලද්දේ වන්නේ යයි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා අජිනො ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ආයුෂ්මත් අජින ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTඅජිනත්ථෙරගාථා.
Sinhala BJTඅජින ස්ථවිරගාථා යි.
Pali BJT2. 1. 6.
Sinhala BJT2. 1. 6.
Pali BJT131. යදාහං ධම්මමස්සොසිං භාසමානස්ස සත්ථුනො, න කඞ්ඛමභිජානාමි සබ්බඤ්ඤූ අපරාජිතෙ.
Sinhala BJT131. මම යම් දවසෙක සිවුසස්දහම් ඇසීම් ද ඒ බණන බුදුන් පිළිබඳ වැ සැක කළ බවක් නො දනිමි. සර්‍වඥ වූ අපරාජිත වූ -
Pali BJT132. සත්ථවාහෙ මහාවීරෙ සාරථීනං වරුත්තමෙ, මග්ගෙ පටිපදායං වා කඞ්ඛා මය්හං න විජ්ජතී’ති.
Sinhala BJT132. සාර්‍ත්‍ථවාහ වූ මහාවීර වූ සාරථීන් කෙරෙහි අත්‍යුත්තම සාරථි වූ බුදුන් කෙරෙහි ද, මාර්‍ගයෙහි හෝ ප්‍රතිපත්තියෙහි ද මා ගේ සැකයෙක් නැතැ’යි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා මෙලජිනො ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ආයුෂ්මත් මෙලජින ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTමෙලජිනත්ථෙරගාථා.
Sinhala BJTමෙලජින ස්ථවිරගාථා යි.
Pali BJT2. 1. 7.
Sinhala BJT2. 1. 7.
Pali BJT133. යථා අගාරං දුච්ඡන්නං වුට්ඨි සමතිවිජ්ඣති, එවං අභාවිතං චිත්තං රාගො සමතිවිජ්ඣති.
Sinhala BJT133. මොනොවට සෙවෙණි නො කළ ගෙයක් යම් සේ වැස්ස විනිවිද යන්නේ වේ ද, එපරිද්දෙන් රාගය තෙම අභාවිත වූ සිත විනිවිද යන්නේ යැ.
Pali BJT134. යථා අගාරං සුච්ඡන්නං වුට්ඨි න සමතිවිජ්ඣති, එවං සුභාවිතං චිත්තං රාගො න සමතිවිජ්ඣති.
Sinhala BJT134. මොනොවට සෙවෙණි කළ ගෙයක් යම් සේ වැස්ස විනිවිද නො යන්නේ වේ ද, එපරිද්දෙන් රාගය තෙම සුභාවිත වූ සිත විනිවිද නො යන්නේ ය යි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා රාධො ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ආයුෂ්මත් රාධ ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTරාධත්ථෙරගාථා.
Sinhala BJTරාධ ස්ථවිරගාථා යි.
Pali BJT2. 1. 8.
Sinhala BJT2. 1. 8.
Pali BJT135. ඛීණා හි මය්හං ජාති වුසිතං ජිනසාසනං, පහීනො ජාලසඞ්ඛාතො භවනෙත්ති සමූහතා.
Sinhala BJT135. මාගේ ජාති සඞ්ඛ්‍යාත පුනර්‍භවය ක්‍ෂය වූයේ මැ වෙයි මඟබඹසරවස් වැස නිමවනලද, ජාල සඞ්ඛ්‍යාත වූ දෘෂ්ටි අවිද්‍යා දෙක ප්‍රහීණ යැ, භවතෘෂ්ණා නසනලදු.
Pali BJT136. යස්සත්ථාය පබ්බජිතො අගාරස්මානගාරියං, සො මෙ අත්ථො අනුප්පත්තො සබ්බසංයොජනක්ඛයො’ති.
Sinhala BJT136. ගිහිගෙන් නික්ම ශාසනයෙහි යමක් සඳහා පැවිදි වීම් ද, මා විසින් සර්‍වසංයෝජනක්‍ෂය සඞ්ඛ්‍යාත ඒ අර්‍ත්‍ථය (නිවන) ලබනලදැ’යි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා සුරාධො ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ආයුෂ්මත් සුරාධ ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTසුරාධත්ථෙරගාථා.
Sinhala BJTසුරාධ ස්ථවිරගාථා යි.
Pali BJT2. 1. 9.
Sinhala BJT2. 1. 9.
Pali BJT137. සුඛං සුපන්ති මුනයො යෙ ඉත්ථිසු න බජ්ඣරෙ, සදා වෙ රක්ඛිතබ්බාසු යාසු සච්චං සුදුල්ලභං.
Sinhala BJT137. හැම කල්හි ඒකාන්තයෙන් රැකියැයුතු යම් ස්ත්‍රී කෙනකුන් කෙරෙහි සත්‍යය අත්‍යර්‍ත්‍ථයෙන් නො ලැබියැ හැක්කේ ද, එබඳු ස්ත්‍රීන් කෙරෙහි යම් මුනි කෙනෙක් නො බැඳෙත් ද, ඒ මුනිහු සුවසේ වෙසෙත්.
Pali BJT138. වධං චරිම්හ තෙ කාම අනණා දානි තෙ මයං, ගච්ඡාම දානි නිබ්බානං යත්ථ ගන්ත්වා න සොචතී’ති.
Sinhala BJT138. කාමය, තා ගේ නැස්ම කළම්හ. ඒ අපි දැන් ණය නැතියම්හ. යම් තැනෙක ගොස් නො සොස්නේ ද, දැන් ඒ නිවන කරා යම්හ’යි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා ගොතමො ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ආයුෂ්මත් ගෞතම ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTගොතමත්ථෙරගාථා.
Sinhala BJTගෞතම ස්ථවිරගාථා යි.
Pali BJT2. 1. 10.
Sinhala BJT2. 1. 10.
Pali BJT139. පුබ්බෙ හන්ති අත්තානං පච්ඡා හන්ති සො පරෙ, සුහතං හන්ති අත්තානං වීතසෙනෙව පක්ඛිමා.
Sinhala BJT139. කුහක තෙමේ පළමු මැ තමා නසන්නේ යැ, හෙතෙම පසුවැලා මෙරමා ද නසන්නේ යැ, ලිහිණිවැදි වීතංසයෙන් (ලිහිණියන් මුළාකරන වැස්මෙන්) ලිහිණින් නසන්නාක් මෙන් තමා සුහත කොට නසන්නේ යැ.
Pali BJT140. න බ්රාහ්මණො බහිවණ්ණො අන්තො වණ්ණො හි බ්රාහ්මණො, යසුමිං පාපානි කම්මානි ස වෙ කණ්හො සුජම්පතී’ති.
Sinhala BJT140. බැහැර ඊර්‍ය්‍යාපථසම්පත්ති ඇත්තේ බ්‍රාහ්මණ නො වෙයි. ඇතුළත ශීලාදි සම්පත් ඇත්තේ මැ බ්‍රාහ්මණ වෙයි. ශක්‍රය, යමකු කෙරෙහි පාපකර්‍මයෝ ඇත් ද, හේ ඒකාන්තයෙන් නිහීන පුද්ගලයෙක් වන්නේ ය යි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා වසභො ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ආයුෂ්මත් වසභ ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTවසභත්ථෙරගාථා.
Sinhala BJTවසභ ස්ථවිරගාථා යි.
Pali BJTවග්ගො පඨමො.
Sinhala BJTප්‍රථම වර්‍ගය යි
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඋද්දානය:
Pali BJTඋත්තරො චෙව පිණ්ඩොලො වල්ලිතො තීරියො ඉසි, අජිනො ච මෙලජිනො රාධො සුරාධො ගොතමො, වසභෙන ඉමෙ හොන්ති දස ථෙරා මහිද්ධිකා’ති.
Sinhala BJTඋත්තර යැ, පිණ්ඩෝල යැ, වල්ලිය යැ, තිරිය යැ, අජින යැ, මෙළජින යැ, රාධ යැ, සුරාධ යැ, ගොතම යැ, වසභ යැ යන රහතුන් වහන්සේලා වදාළ ගාථා යි.
Pali BJTවග්ගො දුතියො.
Sinhala BJTදෙවැනි වර්‍ගය
Pali BJT2. 2. 1.
Sinhala BJT2. 2. 1.
Pali BJT141. සුස්සූසා සුතවද්ධනී සුතං පඤ්ඤාය වද්ධනං, පඤ්ඤාය අත්ථං ජානාති ඤාතො අත්ථො සුඛාවහො.
Sinhala BJT141. අසනු කැමැත්ත බහුශ්‍රැතභාවය වඩයි. ශ්‍රැතය ප්‍රඥාව වර්ධනය කෙරෙයි. ප්‍රඥායෙන් අර්‍ත්‍ථය දැනගනී. දැනගන්නා ලද අර්‍ත්‍ථය තෙමේ සුව එළවයි.
Pali BJT142. සෙවෙථ පන්තානි සෙනාසනානි චරෙය්ය සංයොජන විප්පමොක්ඛං, සචෙ රතිං නාධිගච්ඡෙය්ය තත්ථ සඞ්ඝෙ වසෙ රක්ඛිතත්තො සතීමා’ති.
Sinhala BJT142. වෙනෙහි ඉතා දුරුසෙනසුන් සෙවුනේ යැ. සංයෝජනයන්ගෙන් මිදීම වූ විදර්‍ශනාමාර්‍ගභාවනාව කරන්නේ යැ ඉදින් එහි රතිය නො ලබන්නේ නම් සඞ්ඝයා වෙත (කමටහන් පිරිසිඳගැන්මෙන්) රක්නාලද සිත් ඇති වැ සිහි වැ වසන්නේ යි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා මහාචුන්දො ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ආයුෂ්මත් මහාචුන්‍ද ස්ථවිරයන් වහන්සේ ...