Theragāthā

Verses of the Elder Monks

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

Showing entries 401-500 of 2250

SegmentPali BJTSinhala BJT
Pali BJTඉත්ථං සුදං ආයස්මා සාමිදත්තො ථෙරො ගාථං අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ... සාමිදත්ත ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTසාමිදත්තත්ථෙරගාථා.
Sinhala BJTසාමිදත්ත ස්ථවිරගාථා යි.
Pali BJTනවමො වග්ගො.
Sinhala BJTනවම වර්‍ගය යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඋද්දානය:
Pali BJTථෙරො සමිතිගුත්තො ච කස්සපො සීහසව්හයො නීතො සුනාගො නාගිතො පවිට්ඨො අජ්ජුනො ඉසි, දෙවසභො ච යො ථෙරො සාමිදත්තො මහබ්බලො’ති.
Sinhala BJTසමිතිගුත්ත ස්ථවිර යැ, කස්සප ස්ථවිර යැ, සීහ ස්ථවිර යැ, නීත ස්ථවිර යැ, සුනාග ස්ථවිර යැ, නාගිත ස්ථවිර ය, පවිට්ඨ ස්ථවිර යැ, අජ්ජුන ස්ථවිර යැ, දේවසභ ස්ථවිර යැ, මහබලැති සාමිදත්තස්ථවිර යැ යි නව වැනි වර්‍ගයෙහි තෙරවරු දස දෙනෙකි.
Pali BJTදසමො වග්ගො.
Sinhala BJTදස වැනි වග
Pali BJT1. 10. 1.
Sinhala BJT1. 10. 1.
Pali BJT91. න තථා’ මතං සතරසං සුධන්නං යං මයජ්ජ පරිභුත්තං, අපරිමිත දස්සිනා ගොතමෙන බුද්ධෙන දෙසිතො ධම්මො’ති.
Sinhala BJT91. මා විසින් දැන් යම් අමෘතයෙක් වළඳනා ලද ද, එසෙයින් සතරස මනුෂ්‍යභෝජන ද සුධා දිව්‍යභෝජනය ද අභිමත නො වෙයි, අපරිමිත වූ ඥේය දක්නාසුලු ගොයුම්ගොත් බුදුන් විසින් නිර්‍වාණධර්‍මය දෙසන ලදැ යි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා පරිපුණ්ණකො ථෙරො ගාථං අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ... පරිපුණ්ණක ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTපරිපුණ්ණකත්ථෙරගාථා.
Sinhala BJTපරිපුණ්ණක ස්ථවිරගාථා යි.
Pali BJT1. 10. 2.
Sinhala BJT1. 10. 2.
Pali BJT92. යස්සාසවා පරික්ඛීණා ආහාරෙ ච අනිස්සිතො, සුඤ්ඤතා අනිමිත්තො ච විමොක්ඛො යස්ස ගොචරො, ආකාසෙව සකුන්තානං පදං තස්ස දුරන්නයන්ති.
Sinhala BJT92. යමක් හට (කාමාදි) ආස්‍රවයෝ ක්‍ෂය වූවාහු ද, යමෙකුත් ආහාරයෙහි (තෘෂ්ණාදෘෂ්ටිනිඃශ්‍රය විසින්) නො බැඳුණේ ද, යමක්හට ශුන්‍යත, අනිමිත්ත [අප්‍රණිහිත] (යන ත්‍රිවිධ) විමෝක්‍ෂය ගෝචර වේ ද ඒ රහත්හුගේ පියසටහන අහසැ සියොතුන් මඟ මෙන් නො දතහෙන්නේ යයි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා විජයො ථෙරො ගාථං අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ... විජයස්ථවිරයන් වහන්සේ ...
Pali BJTවිජයත්ථෙරගාථා.
Sinhala BJTවිජය ස්ථවිරගාථා යි.
Pali BJT1. 10. 3.
Sinhala BJT1. 10. 3.
Pali BJT93. දුක්ඛා කාමා එරක න සුඛා කාමා එරක, යො කාමෙ කාමයති දුක්ඛං සො කාමයති එරක, යො කාමෙ න කාමයති එරක දුක්ඛං සො න කාමයති එරකා’ති.
Sinhala BJT93. ඒරකයෙනි, කාමයෝ දුඃඛයහ, එරකයෙනි, කාමයෝ සුඛයෝ නොවෙති, එරකයෙනි, යමෙක් කාමයන් කැමති වේ නම් හෙතෙම දුක් කැමති වෙයි, එරකයෙනි, යමෙක් කාමයන් නො කැමති වේ නම් හෙතෙම දුක් නො කැමති වේ යයි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා එරකො ථෙරො ගාථං අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ... ඒරක ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTඑරකත්ථෙරගාථා.
Sinhala BJTඑරක ස්ථවිරගාථා යි.
Pali BJT1. 10. 4.
Sinhala BJT1. 10. 4.
Pali BJT94. නමො හි තස්ස භගවතො සක්යපුත්තස්ස සිරීමතො, තෙනායං අග්ගප්පත්තෙන අග්ගො ධම්මො සුදෙසිතො’ති.
Sinhala BJT94. ශ්‍රීමත් වූ ශාක්‍යපුත්‍ර වූ ඒ භාග්‍යවතුන් වහන්සේට නමස්කාර වේවා, (සියලු ගුණයෙන්) අගතැන් පැමිණි උන් වහන්සේ විසින් මේ උතුම් වූ (නව ලොවුතුරු) දහම අවිපරීත කොට දෙසනලද්දේ වේ යයි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා මෙත්තජි ථෙරො ගාථං අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ... මෙත්තජි ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTමෙත්තජිත්ථෙරගාථා.
Sinhala BJTමෙත්තජි ස්ථවිරගාථා යි.
Pali BJT1. 10. 5.
Sinhala BJT1. 10. 5.
Pali BJT95. අන්ධොහං හතනෙත්තොස්මි කන්තාරද්ධානපක්කන්තො,{1} සයමානො’පි ගච්ඡිස්සං න සහායෙන පාපෙනා’ති.
Sinhala BJT95. මම නටනෙත් ඇත්තෙම් අන්‍ධ වෙමි. කතරඅදන් මඟට පැමිණියෙම් වෙමි, හෝනෙම් නමුදු පාපමිත්‍රයකු සමඟ නො යමි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා චක්ඛුපාලො ථෙරො ගාථං අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ... චක්ඛුපාල ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTචක්ඛුපාලත්ථෙරගාථා.
Sinhala BJTචක්ඛුපාල ස්ථවිරගාථා යි.
Pali BJT1. 10. 6.
Sinhala BJT1. 10. 6.
Pali BJT96. එකපුප්ඵං චජිත්වාන අසීතිං වස්සකොටියො, සග්ගෙසු පරචාරෙත්වා සෙසකෙනම්හි නිබ්බුතො’ති.
Sinhala BJT96. එක් (සමන්) මලක් පුදා අසූ කෙළක් හවුරුදු සගසුව විඳැ ඒ පුණ්‍යකර්‍මයාගේ ශේෂයෙන් පිරිනිවියෙම් වෙමි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා ඛණ්ඩසුමනො ථෙරො ගාථං අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ... ඛණ්ඩසුමන ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTඛණ්ඩසුමණත්ථෙරගාථා.
Sinhala BJTඛණ්ඩසුමන ස්ථවිරගාථා යි.
Pali BJT1. 10. 7.
Sinhala BJT1. 10. 7.
Pali BJT97. හිත්වා සතඵලං කංසං සොවණ්ණං සතරාජිකං, අග්ගහිං මත්තිකාපත්තං ඉදං දුතියාභසෙවන’න්ති.
Sinhala BJT97. සියක් පලමක් අගනා නොයෙක් රූපලේඛා ඇති රන්මුවා තලිය හැරැදමා මැටිමුවා පයක් ගතිමි, මේ මා ගේ දෙ වැනි අභිෂේකය යි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා තිස්සො ථෙරො ගාථං අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ... තිස්ස ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTතිස්සත්ථෙරගාථා.
Sinhala BJTතිස්ස ස්ථවිරගාථා යි.
Pali BJT1. 10. 8.
Sinhala BJT1. 10. 8.
Pali BJT98. රූපං දිස්වා සති මුට්ඨා පියනිමිත්තං මනසිකරොතො, සාරත්තචිත්තො වෙදෙති තං ච අජ්ඣොස තිට්ඨති, තස්ස වඩ්ඪන්ති ආසවා භවමූලා භවගාමිනො’ති.{1}
Sinhala BJT98. ප්‍රියනිමිත්ත මෙනෙහි කරනුවක්හට රූ අරමුණ දැක සිහි මුළා වී ද, ඇලුණු සිතැති හෙතෙම ඒ රූපාලම්බනය විඳගන්නේ වේ ද, එහි බැසගෙන සිටුනේ ත් වේ ද, ඔහුට භවයට මුල් වූ භවගාමී වූ ආස්‍රවයෝ වැඩෙත් යයි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා අභයො ථෙරො ගාථං අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ... අභය ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTඅභයත්ථෙරගාථා.
Sinhala BJTඅභය ස්ථවිරගාථා යි.
Pali BJT1. 10. 9.
Sinhala BJT1. 10. 9.
Pali BJT99. සද්දං සුත්වා සති මුට්ඨා පියනිමිත්තං මනසිකරොතො, සාරත්තචිත්තො වෙදෙති තං ච අජ්ඣොස තිට්ඨති, තස්ස වඩ්ඪන්ති ආසවා සංසාරමුපගාමිනො’ති.{2}
Sinhala BJT99. ප්‍රිය නිමිත්ත මෙනෙහි කරනුවක්හට ශබ්දාලම්බනයක් අසා සිහි මුළා වී ද, ඇලුණු සිතැති හෙතෙම ඒ ශබ්දාලම්බනය විඳගන්නේ වේ ද, එහි බැසගෙන සිටුනේ ත් වේ ද, ඔහුට සසරට පමුණුවන ආස්‍රවයෝ වැඩෙත් ය යි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා උත්තියො ථෙරො ගාථං අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ... උත්තිය ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTඋත්තියත්ථෙරගාථා.
Sinhala BJTඋත්තිය ස්ථවිරගාථා යි.
Pali BJT1. 10. 10.
Sinhala BJT1. 10. 10.
Pali BJT100. සම්මප්පධානසම්පන්නො සතිපට්ඨානගොචරො, විමුත්තිකුසුමසඤ්ඡන්නො පරිනිබ්බිස්සත්යනාසවො’ති.
Sinhala BJT100. සම්‍යක් ප්‍රධන් වීර්‍ය්‍යයෙන් යුක්ත වූ සීවටන් අරමුණු කොටැ ඇති විමුක්ති නැමැති මලින් සැදුණු මහණ ආස්‍රව රහිත වැ පිරිනිවෙන්නේ යි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා දෙවසභො ථෙරො ගාථං අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ... දේවසභ ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTදෙවසභත්ථෙරගාථා.
Sinhala BJTදේවසභ ස්ථවිරගාථා යි.
Pali BJTදසමො වග්ගො.
Sinhala BJTදස වැනි වග යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඋද්දානය:
Pali BJTපරිපුණ්ණකො ච විජයො එරකො මෙත්තජී මුනි, චක්ඛුපාලො ඛණ්ඩසුමනො තිස්සො ච අභයො{3} තථා, උත්තියො ච මහාපඤ්ඤො ථෙරො දෙවසභො පි චා’ති.
Sinhala BJTපරිපුණ්ණක ස්ථවිර යැ විජය ස්ථවිර යැ එරක ස්ථවිර යැ මෙත්තජි ස්ථවිර යැ චක්ඛුපාල ස්ථවිර යැ ඛණ්ඩසුමන ස්ථවිර යැ තිස්ස ස්ථවිර යැ අභය ස්ථවිර යැ මහාප්‍රාඥ වූ උත්තිය ස්ථවිර යැ දේවසභ ස්ථවිර යැ යි දස වැනි වගෙහි තෙරවරු දස දෙනෙකි.
Pali BJTඑකාදසමො වග්ගො.
Sinhala BJTඑකොළොස් වැනි වග
Pali BJT1. 11. 1.
Sinhala BJT1. 11. 1.
Pali BJT101. හිත්වා ගිහිත්තං අනවොසිතත්තො මුඛනඞ්ගලී ඔදරිකො කුසීතො, මහාවරාහො’ව නිවාපපුට්ඨො පුනප්පුනං ගබ්භමුපෙති මන්දො.
Sinhala BJT101. ගිහි බව හැරැපියා වැසැ නිම කළ ආර්‍ය්‍යවාස නැති (ආත්ම ඛණනයෙහි) මුව මැ නඟුල කොට ඇති උදරපූරණයෙහි නියැලුණු කුසීත වූ අඥාන තෙමේ (කුඩු ආදී) හූරුබකින් පුස්නාලද මහහූරකු මෙන් පුනපුනා ගර්‍භවාසයට පැමිණේ යයි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා බෙලට්ඨානිකො ථෙරො ගාථං අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ... බෙලට්ඨානික ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTබෙලට්ඨානිකත්ථෙරගාථා.
Sinhala BJTබෙලට්ඨානික ස්ථවිරගාථා යි.
Pali BJT1. 11. 2.
Sinhala BJT1. 11. 2.
Pali BJT102. මානෙන වඤ්චිතාසෙ සඞ්ඛාරෙසු සඞ්කිලිස්සමානාසෙ,{1} ලාභාලාභෙන මථිතා සමාධිං නාධිගච්ඡන්තී’ති.
Sinhala BJT102. (නවවිධ) මානයෙන් නුළුවාහු සඞ්ඛතධර්‍මයන් විෂයෙහි (තෘෂ්ණාදි) විසින් කෙලෙසෙන්නාහු ලාභාලාභ හෙයින් මඩනාලද්දාහු චිත්තසමාධිය නො ලබත් යයි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා සෙතුච්ඡො ථෙරො ගාථං අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ... සේතුච්ඡ ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTසෙතුච්ඡත්ථෙරගාථා.
Sinhala BJTසේතුච්ඡ ස්ථවිරගාථා යි.
Pali BJT1. 11. 3.
Sinhala BJT1. 11. 3.
Pali BJT103. නාහං එතෙන අත්ථිකො සුඛිතො ධම්මරසෙන තප්පිතො, පීත්වාන{2} රසග්ගමුත්තමං න ච කාහාමි විසෙන සන්ථව’න්ති.
Sinhala BJT103. මම තෙල ආමිසරසයෙන් ප්‍රයෝජන ඇත්තෙම් නො වෙමි, ධර්‍මරසයෙන් සුඛිතයෙමි, සුහිතයෙමි, උතුම් වූ අග්‍ර (දහම්) රසය පානය කොට (පස්කම්සුව) විෂය සමඟ සන්‍ථවය නො කරන්නෙමි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා බන්ධුරො{3} ථෙරො ගාථං අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ... බන්‍ධුර ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTබන්ධුරත්ථෙරගාථා.
Sinhala BJTබන්‍ධුර ස්ථවිරගාථා යි.
Pali BJT1. 11. 4.
Sinhala BJT1. 11. 4.
Pali BJT104. ලහුකො වත මෙ කායො ඵුට්ඨො ච පීතිසුඛෙන විපුලෙන තූලමිව එරිතං මාලුතෙන පිලවතීව මෙ කායො’ති.
Sinhala BJT104. මා ගේ සිරුර එකත්නෙන් ලුහු වූයේ වෙයි, මහත් වූ ප්‍රීති සුඛයෙන් පහස්නාලද්දේත් වෙයි, මා ගේ සිරුර සුළඟින් නඟන ලද පුලුන්රොදක් සෙයින් (අහස්හි) පාවේ යයි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා ඛිතකො ථෙරො ගාථං අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ … ඛිතක ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTඛිතකත්ථෙරගාථා.
Sinhala BJTඛිතක ස්ථවිරගාථා යි.
Pali BJT1. 11. 5.
Sinhala BJT1. 11. 5.
Pali BJT105. උක්කණඨිතොපි න වසෙ රමමානොපි පක්කමෙ, නත්වෙවානත්ථසංහිතං වසෙ වාසං විචක්ඛණො’ති.
Sinhala BJT105. මම උකටලියෙම් නමුදු වෙසෙමි, බැහැර නො යෙමි, ඇලෙනුයෙම් නමුදු පියායෙමි, නො වෙසෙමි, නුවණැති මහණ අනර්‍ත්‍ථ එළවන වාසය නො කරන්නේ මැ යි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා මලිතවම්භො ථෙරො ගාථං අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ... මලිතවම්භ ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTමලිතවම්භත්ථෙරගාථා.
Sinhala BJTමලිතවම්භ ස්ථවිරගාථා යි.
Pali BJT1. 11. 6.
Sinhala BJT1. 11. 6.
Pali BJT106. සතලිඞ්ගස්ස අත්ථස්ස සතලක්ඛණධාරිනො, එකඞ්ගදස්සී දුම්මෙධො සතදස්සී ච පණ්ඩිතො’ති.
Sinhala BJT106. නො එක් ලිඞ්ග ඇති නො එක් ලක්‍ෂණ ධරන අර්‍ත්‍ථයා ගේ එක් අඞ්ගයක් දක්නාසුලු වූයේ දුෂ්ප්‍රාඥ වෙයි. නො එක් අඞ්ග(සියල්ල) දක්නාසුලු වූයේ මැ ප්‍රාඥ වේ යයි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා සුහෙමන්තො ථෙරො ගාථං අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ... සුහේමන්ත ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTසුහෙමන්තත්ථෙරගාථා.
Sinhala BJTසුහේමන්ත ස්ථවිරගාථා යි.
Pali BJT1. 11. 7.
Sinhala BJT1. 11. 7.
Pali BJT107. පබ්බජිං තුලයිත්වාන අගාරස්මානගාරියං, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසන’න්ති.
Sinhala BJT107. (කාමයෙහි ආදීනව හා නෛෂ්ක්‍රම්‍යයෙහි අනුසස්) තුලනය කොට ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වීමි, (ඒ මා විසින්) ත්‍රිවිද්‍යා ලබන ලදු. බුදුසසුන් කරන ලදැ යි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා ධම්මසවො ථෙරො ගාථං අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ... ධම්මසව ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTධම්මසවත්ථෙරගාථා.
Sinhala BJTධම්මසව ස්ථවිරගාථා යි.
Pali BJT1. 11. 8.
Sinhala BJT1. 11. 8.
Pali BJT108. ස වීසංවස්සසතිකො පබ්බජිං අනගාරියං, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසන’න්ති.
Sinhala BJT108. ඒ මම(ජාතියෙන්) එක්සියවිසිවස් ඇත්තෙම් සස්නෙහි පැවිදි වීමි. (මා විසින්) ත්‍රිද්‍යා ලබනලදු. බුදුසසුන් කරනලදැ යි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා ධම්මසවපිතුත්ථෙරො ගාථං අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ... ධම්මසවපිතු ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTධම්මසවපිතුත්ථෙරගාථා.
Sinhala BJTධම්මසවපිතු ස්ථවිරගාථා යි.
Pali BJT1. 11. 9.
Sinhala BJT1. 11. 9.
Pali BJT109. න නූනායං පරමහිතානුකම්පිනො රහොගතො අනුවිගණෙති සාසනං, තථාහයං විහරති පාකතින්ද්රියො මිගී යථා තරුණජාතිකා වනෙ’ති.
Sinhala BJT109. මේ මහණ රහසිගත වැ (කායවිවේකයුක්ත වැ) පරමහිතානුකම්පී භාග්‍යවත්හු ගේ පිළිවෙත් සසුන් නො තකා යි හැඟිමි. ඒ එසේ මැ යි. මේ තෙමේ වනයෙහි තරුණ ස්වභාව ඇති මුවඟනක සේ පියවි ඉඳුරන් ඇති වැ වෙසේ යයි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා සඞ්ඝරක්ඛිතො ථෙරො ගාථං අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ... සඞ්ඝරක්ඛිත ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTසඞ්ඝරක්ඛිතත්ථෙරගාථා.
Sinhala BJTසඞ්ඝරක්ඛිත ස්ථවිරගාථා යි.
Pali BJT1. 11. 10.
Sinhala BJT1. 11. 10.
Pali BJT110. නගා නගග්ගෙසු සුසංවිරූළ්හා උදග්ගමෙඝෙන නවෙන සිත්තා විවෙකකාමස්ස අරඤ්ඤසඤ්ඤිනො ජනෙති භිය්යො උසභස්ස කල්යත’න්ති.
Sinhala BJT110. කඳුමුදුන්හි මොනොවට වැඩුණු, වැසිකල්හි මහත් වූ අභිනව මේඝය විසින් තෙමනලද වෘක්‍ෂයෝ අරණ්‍යයෙහි ගිය සංඥා ඇති විවේකය කැමති උසභහට මතුමත්තෙහි (භාවනාවට) සුදුසුබව උපදවත් යයි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා උසභො ථෙරො ගාථං අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ... උසභ ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTඋසභත්ථෙරගාථා.
Sinhala BJTඋසභ ස්ථවිරගාථා යි.
Pali BJTඑකාදසමො වග්ගො.
Sinhala BJTඑකොළොස් වැනි වග යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඋද්දානය:
Pali BJTබෙලට්ඨානිකසෙතුච්ඡා බන්ධුරො ඛිතකො ඉසී, මලිතවම්භො සුහෙමන්තො ධම්මසවො ධම්මසවපිතා, සඞ්ඝරක්ඛිතත්ථෙරො ච උසභො ච මහාමුනී’ති.
Sinhala BJTබෙලට්ඨානික ස්ථවිර යැ, සේතුච්ඡ ස්ථවිර යැ, බන්‍ධුර ස්ථවිර යැ, ඛිතක ස්ථවිර යැ, මලිතවම්භ ස්ථවිර යැ, සුහේමන්ත ස්ථවිර යැ, ධම්මසව ස්ථවිර යැ, ධම්මසවපිතු ස්ථවිර යැ, සඞ්ඝරක්ඛිත ස්ථවිර යැ, උසභ ස්ථවිර යැ යි එකොළොස් වැනි වගෙහි තෙරවරු දස දෙනෙකි.
Pali BJTවග්ගො ද්වාදසමො.
Sinhala BJTදොළොස් වැනි වග
Pali BJT1. 12. 1.
Sinhala BJT1. 12. 1.
Pali BJT111. දුප්පබ්බජ්ජං වෙ දුරධිවාසා ගෙහා ධම්මො ගම්භීරො දුරධිගමා භොගා, කිච්ඡා වුත්ති නො ඉතරීතරෙනෙව යුත්තං චින්තෙතුං සතතමනිච්චත’න්ති.
Sinhala BJT111. ඒකාන්තයෙන් පැවිද්ද දුෂ්කර යැ, ගෘහයෝ දුෂ්කරවාස ඇත්තාහු යැ, දහම් ගැඹුරු වෙයි, භෝගයෝ දුකසේ ලැබියයුත්තාහ. යථාලාභ ප්‍රත්‍යයෙන් මැ අප ගේ දිවිවැටුම දුක් වෙයි, එහෙයින් නිතර අනිත්‍යය මෙනෙහි කිරීම යුතුය යි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා ජෙන්තො ථෙරො ගාථං අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ... ජෙන්ත ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTජෙන්තත්ථෙරගාථා.
Sinhala BJTජෙන්ත ස්ථවිරගාථා යි.
Pali BJT1. 12. 2.
Sinhala BJT1. 12. 2.
Pali BJT112. තෙවිජ්ජොහං මහාඣායී චෙතොසමථකොවිදො සදත්ථො මෙ අනුප්පත්තො කතං බුද්ධස්ස සාසන’න්ති.
Sinhala BJT112. මම ත්‍රිවිද්‍යා ඇත්තෙම් මහත් ධ්‍යාන ඇත්තෙම් චිත්තශමථයෙහි දක්‍ෂ වූයෙම් වෙමි, මා විසින් ස්වාර්‍ත්‍ථය (අර්‍හත්ත්‍වය) ලබනලද්දේ ය, බුදුන් ගේ අවවාදය කරනලදැ යි.