Theragāthā

Verses of the Elder Monks

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

Showing entries 301-400 of 2250

SegmentPali BJTSinhala BJT
Pali BJTඉත්ථං සුදං ආයස්මා එකධම්මසවනීයො ථෙරො ගාථං අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ... ඒක ධම්මසවනීය ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTඑකධම්මසවනීයත්ථෙරගාථා.
Sinhala BJTඒකධම්මසවනීය ස්ථවිරගාථා යි.
Pali BJT1. 7. 8.
Sinhala BJT1. 7. 8.
Pali BJT68. අධිචෙතසො අප්පමජ්ජතො මුනිනො මොනපථෙසු සික්ඛතො සොකා න භවන්ති තාදිනො උපසන්තස්ස සදා සතීමතො’ති.
Sinhala BJT68. අධිචිත්ත සඞ්ඛ්‍යාත රහත්ඵල සිතැති (අනවද්‍යධර්‍මයෙහි සාතත්‍යක්‍රියා විසින්) අප්‍රමාදවිහරණ ඇති මෝනපථ (සත්තිස්බෝධිපාක්‍ෂිකධර්‍ම) යෙහි හික්මෙන තාදීගුණ ඇති උපශාන්ත වූ හැම කල්හි ස්මෘතිමත් වූ මුනිවරයාහට ශෝකයෝ නොවෙත් යයි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා එකුදානියො ථෙරො ගාථං අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ... ඒකූදානිය ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTඑකුදානියත්ථෙරගාථා.
Sinhala BJTඒකූදානිය ස්ථවිරගාථා යි.
Pali BJT1. 7. 9.
Sinhala BJT1. 7. 9.
Pali BJT69. සුත්වාන ධම්මං මහතො මහාරසං සබ්බඤ්ඤුතඤ්ඤණවරෙන දෙසිතං මග්ගං පපජ්ජිං අමතස්ස පත්තියා සො යොගක්ඛෙමස්ස පථස්ස කොවිදො’ති.
Sinhala BJT69. උතුම් වූ සර්‍වඥතාඥානයෙන් දෙසන ලද උදාර වූ (විමුක්ති) රස ඇති (සිව්සස්) දහම භාග්‍යවතුන් කෙරෙන් අසා නිර්‍වාණාධිගමය පිණිස මඟට පිළිපන්මි. ඒ භාග්‍යවතුන් වහන්සේ යෝගක්‍ෂේම (නිර්‍වාණ) මාර්‍ගයෙහි නිපුණහ යි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා ඡන්නො ථෙරො ගාථං අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ... ඡන්න ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTඡන්නත්ථෙරගාථා.
Sinhala BJTඡන්න ස්ථවිරගාථා යි.
Pali BJT1. 7. 10.
Sinhala BJT1. 7. 10.
Pali BJT70. සීලමෙව ඉධ අග්ගං පඤ්ඤවා පන උත්තමො මනුස්සෙසු ච දෙවෙ සු සීලපඤ්ඤාණතො ජය’න්ති.
Sinhala BJT70. මෙහි ශීලය මැ අග්‍ර යැ. එතෙකුදුවත් නුවණැත්තේ මැ උතුම් මිනිසුන් කෙරෙහි දු දෙවියන් කෙරෙහි දු ශීල ප්‍රඥා හෙයින් ජය (කෙලෙසුන් දිනීම) වේ යයි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා පුණ්ණො ථෙරො ගාථං අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ... පුණ්ණ ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTපුණ්ණත්ථෙරගාථා.
Sinhala BJTපුණ්ණ ස්ථවිරගාථා යි.
Pali BJTසත්තමො වග්ගො.
Sinhala BJTසප්තම වර්‍ගය යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඋද්දානය:
Pali BJTවප්පො ච වජ්ජිපුත්තො ච පක්ඛො විමලකොණ්ඩඤ්ඤො උක්ඛෙපකටවච්ඡො ච මෙඝියො එකධම්මිකො එකුදානියච්ඡන්නා ච පුණ්ණත්ථෙරො මහබ්බලො’ති.
Sinhala BJTවප්ප ස්ථවිර යැ, වජ්ජිපුත්‍ර ස්ථවිර යැ, පක්ඛ ස්ථවිර යැ, විමල ස්ථවිර යැ, කොණ්ඩඤ්ඤ ස්ථවිර යැ, උක්ඛේපකටවච්ඡ ස්ථවිර යැ, මේඝිය ස්ථවිර යැ, ඒකධම්මසවණිය ස්ථවිර යැ, ඒකූදානිය ස්ථවිර යැ, ඡන්න ස්ථවිර යැ, පුණ්ණ ස්ථවිර යැ යි සත් වැනි වර්‍ගයෙහි තෙරවරු දස දෙනෙකි.
Pali BJTඅට්ඨමො වග්ගො
Sinhala BJTඅෂ්ටම වර්‍ගය
Pali BJT1. 8. 1.
Sinhala BJT1. 8. 1.
Pali BJT71. සුසුඛුමනිපුණත්ථදස්සිනා මතිකුසලෙන නිවාතවුත්තිනා සංසෙවිත වුද්ධසීලිනා{1} නිබ්බානං න හි තෙන දුල්ලභ’න්ති.
Sinhala BJT71. ඉතා සියුම් වූ(සත්‍යප්‍රතීත්‍යසමුත්පාදාදි) නිපුණ වූ අර්‍ත්‍ථයන් දක්නා සුලු ප්‍රඥායෙන් දක්‍ෂ වූ යටත් පැවැතුම් ඇති මොනවට සෙවුනාලද වෘද්ධශීලීන් ඇති ඔහු විසින් නිර්‍වාණය දුර්‍ලභ්‍ය නො වේ මැ යි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා වච්ඡපාලො ථෙරො ගාථං අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ... වච්ඡපාල ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTවච්ඡපාලත්ථෙරගාථා.
Sinhala BJTවච්ඡපාල ස්ථවිරගාථා යි.
Pali BJT1. 8. 2.
Sinhala BJT1. 8. 2.
Pali BJT72. යථා කළීරො සුසු වඩ්ඪිතග්ගො දුන්නික්ඛමො හොති පසාඛජාතො එවං අහං භරියායානීතාය අනුමඤ්ඤ මං පබ්බජිතොම්හි දානී’ති.
Sinhala BJT72. යම්සේ හුණකිළිලක් වැඩුණු සාඛා ඇත්තේ හටගත් ප්‍රසාඛා ඇත්තේ (පඳුරින්) බැහැර කළ නො හැකි වේ ද, එසෙයින් මම ගෙන එනලද බිරිඳගෙන් බැහැර නො කළ හැක්කෙම් වෙමි, මම දැන් පැවිදි වූයෙමි, මෑණියෙනි, එය අනුදත මැනවැ යි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා ආතුමො ථෙරො ගාථං අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ... ආතුම ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTආතුමත්ථෙරගාථා.
Sinhala BJTආතුම ස්ථවිරගාථා යි.
Pali BJT1. 8. 3.
Sinhala BJT1. 8. 3.
Pali BJT73. ජිණ්ණං ච දිස්වා දුඛිතං ච{2} බ්යාධිතං මතං ච දිස්වා ගතමායුසඞ්ඛයං තතො අහං නික්ඛමිතූන පබ්බජිං පහාය කාමානි මනොරමානී’ති.
Sinhala BJT73. ජරපත් වූවකු ද දැක දුක්පත් වූ ගිලනකු ද ගිලිහුණු ආයු ඇති මළ එකකු ද දැක එහෙයින් මම සිත්කලු වූ පස්කම්සුව හැරපියා ගිහිගෙන් නික්ම පැවිදි වීමි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා මාණවො ථෙරො ගාථං අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ... මාණව ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTමාණවත්ථෙරගාථා.
Sinhala BJTමාණව ස්ථවිරගාථා යි.
Pali BJT1. 8. 4.
Sinhala BJT1. 8. 4.
Pali BJT74. කාමච්ඡන්දො ච බ්යාපාදො ථීනමිද්ධං ච භික්ඛුනො උද්ධච්චං විචිකිච්ඡා ච සබ්බසො’ව න විජ්ජතී’ති.
Sinhala BJT74. බාහිතපාපී මහණහුට කාමච්ඡන්‍දය ද ව්‍යාපාදය ද ථීනමිද්ධය ද උද්ධච්චකුක්කුච්චය ද විචිකිච්ඡාව ද සර්‍වප්‍රකාරයෙන් මැ නැත්තේ ය යි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා සුයාමො{3} ථෙරො ගාථං අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ... සුයාම ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTසුයාමත්ථෙරගාථා.
Sinhala BJTසුයාම ස්ථවිරගාථා යි.
Pali BJT1. 8. 5.
Sinhala BJT1. 8. 5.
Pali BJT75. සාධු සුවිහිතාන දස්සනං කඞ්ඛා ඡිජ්ජති බුද්ධි වඩ්ඪති බාලම්පි කරොන්ති පණ්ඩිතං තස්මා සාධු සතං සමාගමො’ති.
Sinhala BJT75. (ශීලාදී ගුණයෙන්) මොනවට පිහිටුවනලද සිත් ඇතියන් ගේ දර්‍ශනය මැනවි. යම් හෙයකින් සැක සිඳේ ද නුවණ වැඩේ ද බාලයකු පවා පණ්ඩිතයකු කෙරේ ද එහෙයින් සත්පුරුෂයන් ගේ සමාගමය උතුම් වේ යයි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා සුසාරදො ථෙරො ගාථං අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ... සුසාරද ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTසුසාරදත්ථෙරගාථා.
Sinhala BJTසුසාරද ස්ථවිරගාථා යි.
Pali BJT1. 8. 6.
Sinhala BJT1. 8. 6.
Pali BJT76. උප්පතන්තෙසු නිපතෙ නිපතන්තෙසු උප්පතෙ වසෙ අවසමානෙසු රමමානෙසු නො රමෙ’ති.
Sinhala BJT76. (සත්ත්‍වයන් මානාදීන්) නැඟී සිටුනා කල්හි (තෙමේ) බැසැ සිටුනේ යැ, (සත්ත්‍වයන් ගුණයෙන් හෝ සමථවිදර්‍ශනාධර්‍මයෙන්) බැසැ සිටුනා කල්හි තෙමේ නැඟී සිටුනේ යැ, නොහොත් (කෙලෙසුන්) නැඟී සිටුනා කල්හි (අනුරූප ප්‍රත්‍යවේක්‍ෂණයෙකින්) විෂ්කම්භණය කරන්නේ යැ, (සමථවිදර්‍ශනාධර්‍මයන්) බැසැ සිටුනා කල්හි නඟාලන්නේ යැ, (සත්ත්‍වයන්) බඹසරැ නො වස්නා කල්හි (තෙමේ) වස්නේ යැ, (සත්ත්‍වයන්) පස්කම්ගුණයෙහි ඇලෙන කල්හි (තෙමේ) නො ඇලෙන්නේ ය යි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා පියඤ්ජහො ථෙරො ගාථං අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ... පියඤ්ජහ ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTපියඤ්ජහත්ථෙරගාථා.
Sinhala BJTපියඤ්ජහ ස්ථවිරගාථා යි.
Pali BJT1. 8. 7.
Sinhala BJT1. 8. 7.
Pali BJT77. ඉදං පුරෙ චිත්තමචාරි චාරිකං යෙනිච්ඡකං යත්ථකාමං යථාසුඛං තදජ්ජහං නිග්ගහෙස්සාමි{1} යොනිසො හත්ථිප්පභින්නං විය අඞ්කුසග්ගහො’ති.
Sinhala BJT77. පෙර මා ගේ මේ සිත රිසිසෙයින් රිසි තැනෙකැ සුවසේ හැසුරුණේ යැ, අද මම් ඒ සිත අකුසු ගත්තකු මතැතක්හු සෙයින් නුවණින් නිගන්නෙමි යි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා හත්ථාරොහපුත්තො ථෙරො ගාථං අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ... හත්‍ථාරෝහකපුත්ත ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTහත්ථාරොහපුත්තත්ථෙරගාථා.
Sinhala BJTහත්‍ථාරෝහකපුත්ත ස්ථවිරගාථා යි.
Pali BJT1. 8. 8.
Sinhala BJT1. 8. 8.
Pali BJT78. අනෙකජාතිසංසාරං සන්ධාවිස්සං අනිබ්බිසං තස්ස මෙ දුක්ඛජාතස්ස දුක්ඛක්ඛන්ධො අපරද්ධො’ති.
Sinhala BJT78. (සසරවට) නවත්නා නුවණ නො ලබන්නෙම් නොයෙක් දෑ සියදහස් ගණන් කල් ඇවිද්දෙමි, හටගත් දුක් ඇති ඒ මා ගේ දුක්රැස (රහත්මගින්) නටුයේ වේ ය යි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා මෙණඩසිරො ථෙරො ගාථං අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ... මෙණ්ඩසිර ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTමෙණ්ඩසිරත්ථෙරගාථා.
Sinhala BJTමෙණ්ඩසිර ස්ථවිරගාථා යි.
Pali BJT1. 8. 9.
Sinhala BJT1. 8. 9.
Pali BJT79. සබ්බො රාගො පහීනො මෙ සබ්බො දොසො සමූහතො සබ්බො මෙ විගතො මොහො සීතිභූතොස්මි නිබ්බුතො’ති.
Sinhala BJT79. මා ගේ සියලු රාගය ප්‍රහීණ යැ සියලු ද්වේෂය නටුයේ යැ. මා ගේ සියලු මෝහය පහ වැ ගියේ යැ, නිවුණෙම් සිහිල් බවට පැමිණියෙම් වෙමි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා රක්ඛිතො ථෙරො ගාථං අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ... රක්ඛිත ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTරක්ඛිතත්ථෙරගාථා.
Sinhala BJTරක්ඛිත ස්ථවිරගාථා යි.
Pali BJT1. 8. 10.
Sinhala BJT1. 8. 10.
Pali BJT80. යං මයා පකතං කම්මං අප්පං වා යදි වා බහුං{2} සබ්බමෙතං පරික්ඛීණං නත්ථි දානි පුනබ්භවො’ති.
Sinhala BJT80. මා විසින් මඳ වූ හෝ බොහෝ වූ හෝ යම් කර්‍මයක් කරනලද නම් තෙල සියල්ල ක්‍ෂය වූයේ යැ, දැන් යළි පුනර්‍භවයෙක් නැතැ යි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා උග්ගො ථෙරො ගාථං අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ... උග්ග ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTඋග්ගත්ථෙරගාථා.
Sinhala BJTඋග්ග ස්ථවිරගාථා යි.
Pali BJTඅට්ඨමො වග්ගො.
Sinhala BJTඅෂ්ටම වර්‍ගය යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඋද්දානය:
Pali BJTවච්ඡපාලො ච යො ථෙරො ආතුමො මාණවො ඉසි සුයාමො ච සුසාරදො ථෙරො යො ච පියඤ්ජහො ආරොහපුත්තො මෙණ්ඩසිරො රක්ඛිතො උග්ගසව්හයො’ති.
Sinhala BJTවච්ඡපාල ස්ථවිර යැ, ආතුම ස්ථවිර යැ, මාණව ස්ථවිර යැ, සුයාම ස්ථවිර යැ, සුසාරද ස්ථවිර යැ, පියඤ්ජහ ස්ථවිර යැ, ආරෝහපුත්ත ස්ථවිර යැ, මෙණ්ඩසිර ස්ථවිර යැ, රක්ඛිත ස්ථවිර යැ, උග්ග ස්ථවිර යැ යි අට වැනි වගැ තෙරවරු දස දෙනෙකි.
Pali BJTනවමො වග්ගො.
Sinhala BJTනවම වර්‍ගය
Pali BJT1. 9. 1.
Sinhala BJT1. 9. 1.
Pali BJT81. යං මයා පකතං පාපං පුබ්බෙ අඤ්ඤාසු ජාතිසු ඉධෙව තං වෙදනීයං වත්ථු අඤ්ඤං න විජ්ජතී’ති.
Sinhala BJT81. පෙර අන් ජාතිවල මා විසින් යම් පව්කමෙක් කරනලද නම් ඒ කර්‍මවිපාකය මේ අත්බැව්හි මැ වින්දයුතු වෙයි, අන් කඳපබඳෙක් නැති (එහෙයිනි) යි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා සමිතිගුත්තො ථෙරො ගාථං අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ... සමිතිගුත්ත ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTසමිතිගුත්තත්ථෙරගාථා.
Sinhala BJTසමිතිගුත්ත ස්ථවිරගාථා යි.
Pali BJT1. 9. 2.
Sinhala BJT1. 9. 2.
Pali BJT82. යෙන යෙන සුභික්ඛානි සිවානි අභයානි ච තෙන පුත්තක ගච්ඡස්සු මා සොකාපහතො භවා’ති.
Sinhala BJT82. යම් යම් දිශාභාගයෙක්හි රට සුභික්‍ෂ ද ක්‍ෂේම ද නිර්‍භය ද පුතණුවෙනි, එතැන්හි යව, (අන් තැන්හි ගොස්) නහමක් සොවින් පෙළෙව යි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා කස්සපො ථෙරො ගාථං අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ … කස්සප ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTකස්සපත්ථෙරගාථා.
Sinhala BJTකස්සප ස්ථවිරගාථා යි.
Pali BJT1. 9. 3.
Sinhala BJT1. 9. 3.
Pali BJT83. සීහප්පමත්තා විහර රත්තින්දිවමතන්දිතො භාවෙහි කුසලං ධම්මං ජහ සීඝං සමුස්සයන්ති.
Sinhala BJT83. එම්බා සීහය, අප්‍රමත්ත (සතිසම්පජඤ්ඤ ඇති) වැ වාස කරා දවරැය නො කුසීත වැ කුසල්දහම් වඩව, ආත්මභාවය වහා දුරුකරව යි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා සීහො ථෙරො ගාථං අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ... සීහ ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTසීහත්ථෙරගාථා.
Sinhala BJTසීහ ස්ථවිරගාථා යි.
Pali BJT1. 9. 4.
Sinhala BJT1. 9. 4.
Pali BJT84. සබ්බරත්තිං සුපිත්වාන දිවා සඞ්ගණිකෙ රතො, කුදස්සු{1} නාම දුම්මෙධො දුක්ඛස්සන්තං කරිස්සතී’ති.
Sinhala BJT84. මුළු රෑ නිදාසිට දහවල් ගණසඞ්ගණිකායේහි ඇලුණු දුෂ්ප්‍රාඥ කවරදා නම් සසරදුක් කෙළවර කරන්නේ දැයි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා නීතො ථෙරො ගාථං අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ... නීත ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTනීතත්ථෙරගාථා.
Sinhala BJTනීත ස්ථවිරගාථා යි.
Pali BJT1. 9. 5.
Sinhala BJT1. 9. 5.
Pali BJT85. චිත්තනිමිත්තස්ස කොවිදො පවිවෙකරසං විජානිය, ඣායං නිපකො පතිස්සතො අධිගච්ඡෙය්ය සුඛං නිරාමිසන්ති.
Sinhala BJT85. භාවනා චිත්තයාගේ නිමිත්තග්‍රහණයෙහි දක්‍ෂ වූ ප්‍රවිවේකරසය වෙසෙසින් දැන ධ්‍යාන කරන පාරිහාරික නුවණ ඇති එළඹැ සිටි සිහි ඇති මහණ නිරාමිසසුඛය ලබන්නේ ය යි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා සුනාගො ථෙරො ගාථං අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ... සුනාග ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTසුනාගත්ථෙරගාථා.
Sinhala BJTසුනාග ස්ථවිරගාථා යි.
Pali BJT1. 9. 6.
Sinhala BJT1. 9. 6.
Pali BJT86. ඉතො බහිද්ධා පුථු අඤ්ඤවාදිනං මග්ගො න නිබ්බානගමො යථා අයං, ඉතිස්සු සඞ්ඝං භගවානුසාසති සත්ථා සයං පාණිතලෙව දස්සය’න්ති.
Sinhala BJT86. මේ නිර්‍වාණගාමී මාර්‍ගය යම්සේ වේ ද එබඳු මාර්‍ගයෙක් මෙයින් බැහැර වෙන් වෙන් රහත් බැව් කියන සුල්ලන් (නානාතීර්‍ත්‍ථකයන්) ට නැතැ යි භාග්‍යවත් ශාස්තෲන් වහන්සේ තමන් වහන්සේ අත්ලෙහි තුබූවක් සෙයින් දක්වමින් භික්‍ෂුසඞ්ඝයාට අනුශාසනා කරන සේකැ යි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා නාගිතො ථෙරො ගාථං අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ... නාගිත ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTනාගිතත්ථෙරගාථා.
Sinhala BJTනාගිත ස්ථවිරගාථා යි.
Pali BJT1. 9. 7.
Sinhala BJT1. 9. 7.
Pali BJT87. ඛන්ධා දිට්ඨා යථාභූතං භවා සබ්බෙ පදාලිතා වික්ඛීණො ජාතිසංසාරො නත්ථි දානි පුනබ්භවො’ති.
Sinhala BJT87. පඤ්චස්කන්‍ධයෝ තත්වූ පරිද්දෙන් දක්නාලදහ, සියලු භවයෝ (මාර්‍ගඥානයෙන්) පළනලදහ, ජාති සඞ්ඛ්‍යාත සංසාරය වෙසෙසින් ක්‍ෂය කරනලද යැ, දැන් පුනර්‍භවයෙක් නැතැ යි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා පවිට්ඨො ථෙරො ගාථං අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ... පවිට්ඨ ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTපවිට්ඨත්ථෙරගාථා.
Sinhala BJTපවිට්ඨ ස්ථවිරගාථා යි.
Pali BJT1. 9. 8.
Sinhala BJT1. 9. 8.
Pali BJT88. අසක්ඛිං වත අත්තානං උද්ධාතුං උදකා ජලං වුය්හමානො මහොඝෙව සච්චානි පටිවිජ්ඣහ’න්ති.
Sinhala BJT88. මහවතුරෙහි ඉල්පීයනුවකු සෙයින් තමා සසර නැමැති දියපහරින් නිවන් නමැති ගොඩබිමැ නඟාසිටුවන්නට ඒකාන්තයෙන් පොහොසත් වීමි. (කුමක් හෙයින යත්) මම සියුසස් පිළිවිදැ දනිම් ද (එහෙයිනි) යි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා අජ්ජුනො ථෙරො ගාථං අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ... අජ්ජුන ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTඅජ්ජුනත්ථෙරගාථා.
Sinhala BJTඅජ්ජුන ස්ථවිරගාථා යි.
Pali BJT1. 9. 9.
Sinhala BJT1. 9. 9.
Pali BJT89. උත්තිණ්ණා පඞ්කපලිපා පාතාලා පරිවජ්ජිතා, මුත්තා ඔඝා ච ගන්ථා ච සබ්බෙ මානා විසංහතා’ති.
Sinhala BJT89. පඞ්ක (මඩ) පලිප (මහමඩ) සඞ්ඛ්‍යාත කාමරාගඡන්‍දරාගයෝ තරණය කරනලදහ, පාතාල සඞ්ඛ්‍යාත මිථ්‍යාදෘෂ්ටීහු දුරු කරන ලදහ, (කාමාදි) ඕඝයෙන් ද (අභිධ්‍යාදි) කායග්‍රන්‍ථයෙන් ද මිදුණෙම් වෙමි, සියලු මානයෝ මුලුසුන් කරනලදහ යි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා දෙවසභො ථෙරො ගාථං අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ... දේවසභ ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTපඨමදෙවසභත්ථෙරගාථා.
Sinhala BJTදේවසභ ස්ථවිරගාථා යි.
Pali BJT1. 9. 10.
Sinhala BJT1. 9. 10.
Pali BJT90. පඤ්චක්ඛන්ධා පරිඤ්ඤාතා තිට්ඨන්ති ඡින්නමූලකා, වික්ඛීණො ජාතිසංසාරො නත්ථි දානි පුනබ්භවො’ති.
Sinhala BJT90. (මා විසින්) පඤ්චස්කන්‍ධයෝ පිරිසිඳැ දන්නාලද්දාහු මුල්සුන් වැ සිටිති, ජාති සඞ්ඛ්‍යාත සංසාරය වෙසෙසින් ක්‍ෂය කරනලද, දැන් පුනර්‍භවයෙක් නැතැ යි.