Theragāthā

Verses of the Elder Monks

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 201-300 න් 2250

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTඉත්ථං සුදං ආයස්මා සානුත්ථෙරො ගාථං අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ... සානු ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTසානුත්ථෙරගාථා.
Sinhala BJTසානු ස්ථවිරගාථා යි.
Pali BJT1. 5. 5.
Sinhala BJT1. 5. 5.
Pali BJT45. යථාපි භද්දො ආජඤ්ඤො ඛලිත්වා පතිතිට්ඨති එවං දස්සනසම්පන්නං සම්මාසම්බුද්ධසාවකන්ති.
Sinhala BJT45. යම්සේ සොඳුරු වූ අජානීය වෘෂභයා පැකිලැ වහා නැඟී සිටුනේ ද, එසෙයින් දර්‍ශනසම්පන්න වූ සම්‍යක්සම්බුද්ධශ්‍රාවක වූ මා සලකව යි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා රමණීයවිහාරිත්ථෙරො ගාථං අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ... රමණීයවිහාරී ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTරමණීයවිහාරිත්ථෙරගාථා.
Sinhala BJTරමණීයවිහාරී ස්ථවිරගාථා යි.
Pali BJT1. 5. 6.
Sinhala BJT1. 5. 6.
Pali BJT46. සද්ධායාහං පබ්බජිතො අගාරස්මානගාරියං සති පඤ්ඤා ච මෙ වුද්ධා චිත්තං ච සුසමාහිතං කාමං කරස්සු රූපානි නෙව මං බාධයිස්සසී’ති.{1}
Sinhala BJT46. මම සැදැහැයෙන් ගිහිගෙන් (නික්මැ) සසුනට පැමිණියෙමි. මා ගේ ස්මෘතියත් ප්‍රඥාවත් (අර්‍හත්ත්‍වය තෙක්) වැඩුණහ. සිතත් මොනවට සමාහිත වෙයි. (මාරය) කැමති සේ විප්‍රකාර කරව, (තෝ එයින්) මා නො පෙළන්නෙහි මැ යි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා සමිද්ධිත්ථෙරො ගාථං අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ... සමිද්ධි ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTසමිද්ධිත්ථෙරගාථා.
Sinhala BJTසමිද්ධි ස්ථවිරගාථා යි.
Pali BJT1. 5. 7.
Sinhala BJT1. 5. 7.
Pali BJT47. නමො තෙ බුද්ධවීරත්ථු විප්පමුත්තොසි සබ්බධි තුය්හාපදානෙ විහරං විහරාමි අනාසවො’ති.
Sinhala BJT47. බුද්ධවීරයන් වහන්ස, මුබ වහන්සේට නමස්කාර වේවා! (මුබ වහන්සේ) සියලු සංස්කාරගතයෙහි මොනවට මිදුණහු යැ, (මම) මුබ වහන්සේගේ ප්‍රතිපත්තිචර්‍ය්‍යායෙහි වෙසෙන්නෙම් ආශ්‍රව රහිත වැ වෙසෙමි යි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා උජ්ජයො ථෙරො ගාථං අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ... උජ්ජය ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTඋජ්ජයත්ථෙරගාථා.
Sinhala BJTඋජ්ජය ස්ථවිරගාථා යි.
Pali BJT1. 5. 8.
Sinhala BJT1. 5. 8.
Pali BJT48. යතො අහං පබ්බජිතො අගාරස්මානගාරියං නාභිජානාමි සඞ්කප්පං අනරියං දොසසංහිත’න්ති.
Sinhala BJT48. යම් තැනෙකැ පටන්ගෙන මම ගිහිගෙන් (නික්ම) පැවිද්දට පැමිණියෙම් ද, එතැන් සිට දෝෂයෙන් යුක්ත වූ (එහෙයින් මැ) අනාර්‍ය්‍ය වූ සංකල්පයක් (ඉපැදැවූවා) නො දනිමි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා සඤ්ජයො ථෙරො ගාථං අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ... සඤ්ජය ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTසඤ්ජයත්ථෙරගාථා.
Sinhala BJTසඤ්ජය ස්ථවිරගාථා යි.
Pali BJT1. 5. 9.
Sinhala BJT1. 5. 9.
Pali BJT49. විහවිහාභිනදිතෙ සිප්පිකාභිරුතෙහි ච න මෙ තං ඵන්දති චිත්තං එකත්තනිරතං හි මෙ’ති.
Sinhala BJT49. වටුවන්ගේ හඬට (හැඬීම නිසා) ද හුනපුපුළුවන් ගේ නොහොත් දඬුලෙහෙනුන් ගේ හඬට (හඬින්) ද මාගේ ඒ සිත නො සැලෙයි. යම් හෙයකින් මා සිත නිවන් අරමුණු කොට පවතී ද එහෙයිනැ යි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා රාමණෙය්යකො ථෙරො ගාථං අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ... රාමණෙය්‍ය ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTරාමණෙය්යකත්ථෙරගාථා.
Sinhala BJTරාමණෙය්‍ය ස්ථවිරගාථා යි.
Pali BJT1. 5. 10.
Sinhala BJT1. 5. 10.
Pali BJT50. ධරණී ච සිඤ්චති{2} වාති මාලුතො විජ්ජුතා චරති නභෙ උපසමන්ති{3} විතක්කා චිත්තං සුසමාහිතං මමා’ති.
Sinhala BJT50. දෙරණ ද තෙමෙයි, සිහිල් සුළං හමයි, අහසැ විදුලි කොටයි, මාගේ විතර්‍කයෝ සන්හිඳෙති, (එහෙයින්) මැ සිත ද සමාහිත වී යයි.
Pali BJTඉත්ථං සුදං විමලො ථෙරො ගාථං අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ... විමල ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTවිමලත්ථෙරගාථා.
Sinhala BJTවිමල ස්ථවිරගාථා යි.
Pali BJTපඤ්චමො වග්ගො.
Sinhala BJTපඤ්චම වර්‍ගය යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඋද්දානය:
Pali BJTසිරිවඩ්ඪො රෙවතො ථෙරො සුමඞ්ගලො සානුසව්හයො රමණීයවිහාරී ච සමිද්ධිඋජ්ජයසඤ්ජයා රාමණෙය්යො ච සො ථෙරො විමලො ච රණඤ්ජහො’ති.
Sinhala BJTසිරිවඩ්ඪ ස්ථවිර යැ, ඛදිරවනියරේවත ස්ථවිර යැ, සුමඞ්ගල ස්ථවිර යැ, සානු ස්ථවිර යැ, රමණීයවිහාරී ස්ථවිර යැ, සමිද්ධි ස්ථවිර යැ, උජ්ජය ස්ථවිර යැ, සඤ්ජය ස්ථවිර යැ, රාමණෙය්‍ය ස්ථවිර යැ, විමල ස්ථවිර යැ යි පස් වැනි වර්‍ගයෙහි තෙරවරු දස දෙනෙකි.
Pali BJTඡට්ඨො වග්ගො.
Sinhala BJTෂෂ්ඨ වර්‍ගය
Pali BJT1. 6. 1.
Sinhala BJT1. 6. 1.
Pali BJT51. වස්සති දෙවො යථා සුගීතං ඡන්නා මෙ කුටිකා සුඛා නිවාතා චිත්තං සුසමාහිතං ච මය්හං අථ චෙ පත්ථයසි පවස්ස දෙවා’ති.
Sinhala BJT51. සොඳුරු ගැයුමක් සෙයින් වැසි වසී, මාගේ කිළිය සොයන ලද, පරිභෝගසුඛ හා පියූ වාකවුළු ඇත. මාගේ සිත ද (නිවන් අරමුණෙහි) මොනොවට එකඟ විය. මේඝය, දැන් රිසියෙයි නම් වස්ව යි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා ගොධිකො ථෙරො ගාථං අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ... ගෝධික ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTගොධිකත්ථෙරගාථා.
Sinhala BJTගෝධික ස්ථවිරගාථා යි.
Pali BJT1. 6. 2.
Sinhala BJT1. 6. 2.
Pali BJT52. වස්සති දෙවො යථා සුගීතං ඡන්නා මෙ කුටිකා සුඛා නිවාතා චිත්තං සුසමාහිතං ච කායෙ අථ චෙ පත්ථයසි පවස්ස දෙවා’ති.
Sinhala BJT52. සොඳුරු ගැයුමක් සෙයින් වැසි වසී, මාගේ කිළිය සොයනලද, පරිභෝගසුඛ හා පියූ වාකවුළු ඇත. (මාගේ සිත ද කාගියාසී අරමුණෙහි ලා) මොනවට එකඟ විය. මේඝය දැන් රිසියෙයි නම් වස්ව යි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා සුබාහුත්ථෙරො ගාථං අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ... සුබාහු ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTසුබාහුත්ථෙරගාථා.
Sinhala BJTසුබාහු ස්ථවිරගාථා යි.
Pali BJT1. 6. 3.
Sinhala BJT1. 6. 3.
Pali BJT53. වස්සති දෙවො යථා සුගීතං ඡන්නා මෙ කුටිකා සුඛා නිවාතා තස්සං විහරාමි අප්පමත්තො අථ චෙ පත්ථයසි පවස්ස දෙවා’ති.
Sinhala BJT53. සොඳුරු ගැයුමක් සෙයින් වැසි වසී, මාගේ කිළිය සොයනලද, පරිබොගසුඛ හා පියූ වාකවුළු ඇත. ඒ කිළියෙහි නො පමා වැ වෙසෙමි. මේඝය, දැන් රිසියෙයි නම් වස්ව යි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා වල්ලියො ථෙරො ගාථං අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ... වල්ලිය ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTවල්ලියත්ථෙරගාථා.
Sinhala BJTවල්ලිය ස්ථවිරගාථා යි.
Pali BJT1. 6. 4.
Sinhala BJT1. 6. 4.
Pali BJT54. වස්සති දෙවො යථා සුගීතං ඡන්නා මෙ කුටිකා සුඛා නිවාතා තස්සං විහරාමි අදුතියො අථ චෙ පත්ථයසි පවස්ස දෙවා’ති.
Sinhala BJT54. සොඳුරු ගැයුමක් සෙයින් වැසි වසී, මාගේ කිළිය සොයනලද, පරිභෝගසුඛ හා පියූ වාකවුළු ඇත, එහි එකලා වැ වෙසෙමි. මේඝය, දැන් රිසියෙයි නම් වස්ව යි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා උත්තියො ථෙරො ගාථං අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ... උත්තිය ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTඋත්තියත්ථෙරගාථා.
Sinhala BJTඋත්තිය ස්ථවිරගාථා යි.
Pali BJT1. 6. 5.
Sinhala BJT1. 6. 5.
Pali BJT55. ආසන්දි කුටිකං කත්වා ඔගය්හ අඤ්ජනං වනං තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසන’න්ති.
Sinhala BJT55. අඳුන්වනයට වැදැ දික්හඟලාපුටුව කුටිය කොට ගෙන (වෙසෙමින් මා විසින්) ත්‍රිවිද්‍යා ලබන ලදු. බුදුසසුන් කරනලදැ යි.
Pali BJTඉත්ථං සුදං අඤ්ජනවනියො ථෙරො ගාථං අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ... අඤ්ජනවනිය ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTඅඤ්ජනවනියත්ථෙරගාථා.
Sinhala BJTඅඤ්ජනවනිය ස්ථවිරගාථා යි.
Pali BJT1. 6. 6.
Sinhala BJT1. 6. 6.
Pali BJT56. කො කුටිකායං භික්ඛු කුටිකායං වීතරාගො සුසමාහිත චිත්තො එවං ජානාහි ආවුසො අමොඝා තෙ කුටිකා කතා’ති.
Sinhala BJT56. කුටියෙහි කවරෙක් ද? කුටියෙහි වීතරාග වූ මොනවට සන්හුන් සිතැති මහණෙක්මි. ‘තා ගේ කුටිය සඵල කරන ලදැ’යි මෙසේ දනැ යි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා කුටිවිහාරිත්ථෙරො ගාථං අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ... කුටිවිහාරිය ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTකුටිවිහාරිත්ථෙරගාථා.
Sinhala BJTකුටිවිහාරිය ස්ථවිරගාථා යි.
Pali BJT1. 6. 7.
Sinhala BJT1. 6. 7.
Pali BJT57. අයමාහු පුරාණියා කුටි අඤ්ඤං පත්ථයසෙ නවං කුටිං ආසං කුටියා විරාජය දුක්ඛා භික්ඛු පුන නවා කුටී’ති.
Sinhala BJT57. මේ පැරණි කුටියක් විය, අන් නවකිළියක් පතන්නෙහි, මහණ, කිළියෙහි ආශාව හරුව, නවකුටිය දුක් එළවා යි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා දුතියකුටිවිහාරිත්ථෙරො ගාථං අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ... දෙවැනි කුටිවිහාරිය ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTදුතියකුටිවිහාරිත්ථෙරගාථා.
Sinhala BJTදුතියකුටිවිහාරිය ස්ථවිරගාථා යි.
Pali BJT1. 6. 8.
Sinhala BJT1. 6. 8.
Pali BJT58. රමණීයො මෙ කුටිකා සද්ධාදෙය්යා මනොරමා න මෙ අත්ථො කුමාරීහි යෙසං අත්ථො තහිං ගච්ඡථ නාරියො’ති.
Sinhala BJT58. සද්ධාදෙය්‍යධනයෙන් නිමවනලද මා ගේ මේ කුටිය සිත්කලු යැ. මට කුමරියන් ගෙන් කම් නැත. කුමරියෙනි, යම් කෙනකුන්ට (තොපගෙන්) වැඩෙක් වේ නම් එහි යව යි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා රමණීයකුටිකො ථෙරො ගාථං අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ... රමණීයකුටික ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTරමණීයකුටිකත්ථෙරගාථා.
Sinhala BJTරමණීයකුටික ස්ථවිරගාථා යි.
Pali BJT1. 6. 9.
Sinhala BJT1. 6. 9.
Pali BJT59. සද්ධායාහං පබ්බජිතො අරඤ්ඤෙ මෙ කුටිකා කතා අප්පමත්තො ච ආතාපී සම්පජානො පතිස්සතො’ති.
Sinhala BJT59. මම සැදැහැයෙන් පැවිදි වීමි, මට වෙනෙහි කුටියක් කරනලදු. අප්‍රමත්ත වූයෙම් කෙලෙසුන් තවන වැර ඇත්තෙම් සම්‍යක්ප්‍රඥා ඇත්තෙම් එළඹ සිටි සිහි ඇත්තෙම් වෙමි යි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා කොසලවිහාරිත්ථෙරො ගාථං අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ... කෝසලවිහාරිය ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTකොසලවිහාරිත්ථෙරගාථා.
Sinhala BJTකෝසලවිහාරිය ස්ථවිරගාථා යි.
Pali BJT1. 6. 10.
Sinhala BJT1. 6. 10.
Pali BJT60. තෙ මෙ ඉජ්ඣිංසු සඞ්කප්පා යදත්ථො පවිසිං කුටිං විජ්ජාවිමුත්තිං පච්චෙස්සං මානානුසයමුජ්ජහි’න්ති.
Sinhala BJT60. යමක් ප්‍රයෝජන කොට ඇත්තෙම් කිළියට පිවිසියෙම් ද, මා ගේ ඒ සංකල්පයෝ සමෘද්ධ වූහ, ත්‍රිවිද්‍යා අර්‍හත්ඵලවිමුක්ති සොයන්නෙම් මානානුසයයන් හළිමි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා සීවලිත්ථෙරො ගාථං අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ... සීවලී ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTසීවලිත්ථෙරගාථා.
Sinhala BJTසීවලී ස්ථවිරගාථා යි.
Pali BJTඡට්ඨො වග්ගො.
Sinhala BJTෂෂ්ඨ වර්‍ගය යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඋද්දානය:
Pali BJTගොධිකො ච සුබාහු ච වල්ලියො උත්තියො ඉසි අඤ්ජනවනියො ථෙරො දුවෙ කුටිවිහාරිනො රමණීයකුටිකො ච කොසලව්හයසීවලී’ති.
Sinhala BJTගෝධික ස්ථවිර යැ, සුබාහු ස්ථවිර යැ, වල්ලිය ස්ථවිර යැ, උත්තිය ස්ථවිර යැ, අඤ්ජනවනිය ස්ථවිර යැ, කුටිවිහාරී ස්ථවිර දෙනම යැ, රමණීයකුටික ස්ථවිර යැ, කෝසල ස්ථවිර යැ, සීවලී ස්ථවිර යැ යි ස වැනි වර්‍ගයෙහි තෙරවරු දස දෙනෙකි.
Pali BJTසත්තමො වග්ගො
Sinhala BJTසප්තම වර්‍ගය
Pali BJT1. 7. 1.
Sinhala BJT1. 7. 1.
Pali BJT61. පස්සති පස්සො පස්සන්තං අපස්සන්තං ච පස්සති අපස්සන්තො අපස්සන්තං පස්සන්තං ච න පස්සතී’ති.
Sinhala BJT61. දර්‍ශනසම්පන්න වූ ආර්‍ය්‍ය තෙමේ අවිපරීත කොට දක්නා ආර්‍ය්‍යයා දකී, අවිපරීත කොට නො දක්නා පෘථජ්ජනයා ද දකී. අවිපරීතඥානයෙන් තොර වූ අන්‍ධබාලපෘථජ්ජන තෙමේ ආර්‍ය්‍යයාත් අනාර්‍ය්‍යයාත් නො දක්නේ ය යි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා වප්පො ථෙරො ගාථං අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ... වප්ප ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTවප්පත්ථෙරගාථා.
Sinhala BJTවප්ප ස්ථවිරගාථා යි.
Pali BJT1. 7. 2.
Sinhala BJT1. 7. 2.
Pali BJT62. එකකා මයං අරඤ්ඤෙ විහරාම අපවිද්ධං ව වනස්මිං දාරුකං තස්ස මෙ බහුකා පිහයන්ති නෙරයිකා විය සග්ගගාමිනන්ති.
Sinhala BJT62. වනයෙහි හැර දමන ලද දරකඬක් සෙයින් අපි හුදෙකලාවමෝ වෙනෙහි වසම්හ. ස්වර්‍ගාමීන් (කැමති වන) නිරිසතුන් සෙයින් බොහෝ දෙනා මට කැමති වෙත්.
Pali BJTඉත්ථං සුදං ආයස්මා වජ්ජිපුත්තො ථෙරො ගාථං අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ... වජ්ජිපුත්ත ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTවජ්ජිපුත්තත්ථෙරගාථා.
Sinhala BJTවජ්ජිපුත්ත ස්ථවිරගාථා යි.
Pali BJT1. 7. 3.
Sinhala BJT1. 7. 3.
Pali BJT63. චුතා පතන්ති පතිතා ගිද්ධා ච පුනරාගතා කතං කිච්චං රතං රම්මං සුඛෙනන්වාගතං සුඛන්ති.
Sinhala BJT63. මාංශපේශිය මුවින් ගිලිහුණී අනුක්‍රමයෙන් වැටෙමින් (බිමැ) පතිත වූ යැ, එතෙකුදුවත් (උකුස්සෝ) ගිජු වූවාහු වටාලා ආහ. ච්‍යුත වූවාහු නිරයාදියෙහි හෙති, හුණුවාහු ද කාමාදිභවයෙහි ගිජු වූවාහු වටාලා ආවාහු මැයි, මා විසින් (පරිඤ්ඤාදි සොළසවිධ) කෘත්‍යය කරනලදැ යැ, රමණය කළ යුත්ත (නිවන) රමණය කරන ලද යැ. (විදර්‍ශනා මාර්‍ග) සුවයෙන් (ඵල-නිර්‍වාණ) සුවය ලබන ලදැ යි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා පක්ඛො ථෙරො ගාථං අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ... පක්ඛ ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTපක්ඛත්ථෙරගාථා.
Sinhala BJTපක්ඛ ස්ථවිරගාථා යි.
Pali BJT1. 7. 4.
Sinhala BJT1. 7. 4.
Pali BJT64. දුමව්හයාය උප්පන්නො ජාතො පණ්ඩරකෙතුනා කෙතුහා කෙතුනායෙව මහාකෙතුං පධංසයීති.
Sinhala BJT64. හෙළ කෙහෙලි ඇතියහු (බිම්සර රජුහු) නිසා අම්බපාලිය කෙරෙහි උපන්නේ (මාන) ධ්වජය නැසුනේ ප්‍රඥා (කේතුයෙන්) මැ කෙලෙස් මරහු අභිභවනය කෙළේ යි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා විමලො කොණ්ඩඤ්ඤො ථෙරො ගාථං අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ... විමලකොණ්ඩඤ්ඤ ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTවිමලකොණ්ඩඤ්ඤත්ථෙරගාථා.
Sinhala BJTවිමලකොණ්ඩඤ්ඤ ස්ථවිරගාථා යි.
Pali BJT1. 7. 5.
Sinhala BJT1. 7. 5.
Pali BJT65. උක්ඛෙපකටවච්ඡස්ස සඞ්කලිතං බහූහි වස්සෙහි තං භාසති ගහට්ඨානං සුනිසින්නො උළාරපාමොජ්ජො’ති.{1}
Sinhala BJT65. උක්ඛේපකටවච්ඡ මහණහු විසින් හවුරුදු බොහෝ ගණනකින් සිත්හි ලා රැස් කරනලද යම් දහමෙක් වේ ද, හෙ විමුක්තායතන ශීර්‍ෂයෙහි සිටියේ උදාර වූ ප්‍රමෝදය ඇති වැ ඒ දහම ගිහියනට දේශනා කෙරේ යයි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා උක්ඛෙපකටවච්ඡො ථෙරො ගාථං අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ... උක්ඛේපකටවච්ඡ ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTඋක්ඛෙපකටවච්ඡත්ථෙරගාථා.
Sinhala BJTඋක්ඛේපකටවච්ඡ ස්ථවිරගාථා යි.
Pali BJT1. 7. 6.
Sinhala BJT1. 7. 6.
Pali BJT66. අනුසාසි මහාවීරො සබ්බධම්මානපාරගූ තස්සාහං ධම්මං සුත්වාන විහාසිං සන්තිකෙ සතො{1} තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසන’න්ති.
Sinhala BJT66. සියලු ධර්‍මයන් ගේ පරතෙරට ගිය මහාවීර වූ සර්‍වඥයන් වහන්සේ (මට) අවවාද කළහ, මම උන් වහන්සේ ගේ දහම අසා සිහි ඇති වැ උන්වහන්සේ කෙරෙහි විසීමි. (ඒ මා විසින්) ත්‍රිවිද්‍යා ලබන ලදු. බුදුසසුන් කරනලදැ යි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා මෙඝියො ථෙරො ගාථං අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ... මේඝිය ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTමෙඝියත්ථෙරගාථා.
Sinhala BJTමේඝිය ස්ථවිරගාථා යි.
Pali BJT1. 7. 7.
Sinhala BJT1. 7. 7.
Pali BJT67. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා වික්ඛීණො ජාතිසංසාරො නත්ථි දානි පුනබ්භවො’ති.
Sinhala BJT67. මා විසින් ක්ලේශයෝ දවනලදහ. සියලු (කාමාදි) භවයෝ නසන ලදහ, ජාතිසංසාරය වෙසෙසින් ක්‍ෂය විය. දැන් පුනර්‍භවයෙක් නැතැ යි.