Theragāthā

Verses of the Elder Monks

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 2201-2250 න් 2250

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT1251. සුණන්ති ධම්මං විමලං{5} සම්මාසම්බුද්ධදෙසිතං සොභති වත සම්බුද්ධො භික්ඛුසඞ්ඝපුරක්ඛතො.
Sinhala BJT1251. සම්මාසම්බුදුන් විසින් දෙසනලද නිර්‍මල ධර්‍මය ශ්‍රවණය කෙරෙති භික්‍ෂුසඞ්ඝයා විසින් පෙරටු කරගන්නා ලද සම්බුදුහු හොබනාහුමැ යි.
Pali BJT1252. නාගනාමොසි භගවා ඉසීනං ඉසිසත්තමො, මහාමෙඝොව හුත්වාන සාවකෙ අභිවස්සති.{6}
Sinhala BJT1252. ඍෂින් අතුරෙහි සප්තමර්ෂී වූ භාග්‍යවතුන් වහන්සේ නාග නම් වූහ. මහාමේඝයක් බඳු වැ ශ්‍රාවකයන් කෙරෙහි දහම් වැසි වසිත්.
Pali BJT1253. දිවාවිහාරා නික්ඛම්ම සත්ථුස්සනකම්යතා සාවකො තෙ මහාවීර පාදෙ වන්දති වඞ්ගීසො.
Sinhala BJT1253. මහාවීරයන් වහන්ස, තොප වහන්සේගේ ශ්‍රාවක වූ “වඞ්ගීස” මහණ ශාස්තෲන් වහන්සේ දක්නා කැමැත්තෙන් දිවාවිහාරයෙන් නික්මපාසඟළු වඳී.
Pali BJT1254. උම්මග්ගපථං මාරස්ස අභිභුය්ය චරති පභිජ්ජ ඛිලානි තං පස්සථ බන්ධනපමුඤ්චකරං අසිතං’ව භාගසො පටිභජ්ජ.{7}
Sinhala BJT1254. යමෙක් මරහුගේ උන්මාර්‍ගපථය මැඩැපියා චේතෝඛිලයන් බිඳහැරැ හැසිරේ ද, සතිපට්ඨානාදි ධර්‍මයන් කොටස් විසින්, බෙදා දේශනා කෙරේ ද ක්ලේශබන්‍ධනයන් මුදන්නා වූ රාගාදි නිඃශ්‍රය රහිත වූ ඒ බුදුන් බලවු.
Pali BJT1255. ඔඝස්ස හි නිත්ථරණත්ථං අනෙකවිහිතං මග්ගං අක්ඛාසි තස්මිඤ්ච අමතෙ අක්ඛාතෙ ධම්මදසා ඨිතා අසංහීරා.
Sinhala BJT1255. යමෙක් චතුරොඝයාගේ නිස්තරණය පිණිස අනේකප්‍රකාර වූ මාර්‍ගය ප්‍රකාශ කෙළේ ද ඒ බුදුන් අමෘතය ප්‍රකාශ කළ කල්හි දහම් දක්නාහු (අනෙකක්හු විසින්) අසංහාරිය වැ සිටියාහු යැ.
Pali BJT1256. පජ්ජොතකරො අතිවිජ්ඣ ධම්මං{8} සබ්බට්ඨිතීනං අතික්කමමද්දා{9} ඤත්වා ච සච්ඡිකත්වා ච අග්ගං සො දෙසයි දසද්ධානං.
Sinhala BJT1256. ප්‍රද්‍යොතකර වූ යමෙක් දහම් අවබෝධ කොට සියලු දෘෂ්ටිස්ථානයන් ගේ හෝ විඥානස්ථිතීන්ගේ අතික්‍රමණය වූ නිවන දුටුයේ ද අග්‍ර ධර්‍මය දැන ප්‍රත්‍යක්‍ෂ කොට ඒ සර්‍වඥ තෙම පස්වග මහණුන්ට දෙසී.
Pali BJT1257. එවං සුදෙසිතෙ ධම්මෙ කො පමාදො විජානතං ධම්මං තස්මා හි තස්ස භගවතො සාසනෙ අප්පමත්තො සදා නමස්සමනුසික්ඛෙ.
Sinhala BJT1257. මෙසෙයින් දහම් මොනොවට දේසිත කල්හි දහම් දන්නවුන්ගේ කවර ප්‍රමාදයෙක් ද, එහෙයින් ඒ භාග්‍යවතුන්ගේ ශාසනයෙහි අප්‍රමත්ත වැ හැම කල්හි නමස්කාර කෙරෙමින් ත්‍රිවිධ ශික්‍ෂායෙහි හික්මෙන්නේ යැ.
Pali BJT1258. බුද්ධානුබුද්ධො යො ථෙරො කොණ්ඩඤ්ඤො තිබ්බනික්ඛමො{1} ලාභී සුඛවිහාරානං විවෙකානං අභිණ්හසො.
Sinhala BJT1258. බුද්ධානුබුද්ධ වූ දාඨවීර්‍ය්‍ය ඇති කෞණ්ඩින්‍ය නම් යම් ස්ථවිර කෙනෙක් නිරතුරු ඉහාත්මයෙහි සුඛවිහරණ ඇති ත්‍රිවිධ විවේකයන් ලැබූහු ද.
Pali BJT1259. යං සාවකෙන පත්තබ්බං සත්ථුසාසනකාරිනා සබ්බස්ස තං අනුප්පත්තං අප්පමත්තස්ස සික්ඛතො.{2}
Sinhala BJT1259. ශාස්තෲන් වහන්සේගේ අවවාදය පිළිපදනා සුලු වූ හැම ශ්‍රාවකයකු විසින් යම් උතුරුමිනිස්ගුණයෙක් ලැබිය යුතු වන්නේ නම් අප්‍රමාද වැ හික්මෙනුවහු විසින් එය අනුක්‍රමයෙන් ලබන ලදි.
Pali BJT1260. මහානුභාවො තෙවිජ්ජො චෙතොපරියකොවිදො කොණ්ඩඤ්ඤො බුද්ධදායාදො පාදෙ වන්දති සත්ථුනො.
Sinhala BJT1260. මහත් වූ අනුභව ඇති (ලබනලද) ත්‍රිවිද්‍යා ඇති, පරසිත් දන්නා නුවණෙහි නිපුණ වූ බුද්ධදායාද (ඖරසපුත්‍ර) වූ කෞණ්ඩින්‍ය ස්ථවිර තෙම ශාස්තෲන් වහන්සේගේ පාසඟළ වඳී.
Pali BJT1261. නගස්ස{3} පස්සෙ ආසීනං මුනිං දුක්ඛස්ස පාරගුං සාවකා පයිරුපාසන්ති තෙවිජ්ජා මච්චුහායිනො.
Sinhala BJT1261. මරහු බැහැර කරනසුලු වූ ත්‍රිවිද්‍යා ප්‍රාප්ත වූ ශ්‍රාවකයෝ (ඉසිගිලි) පව්පාමුල්හි (කළුගල) මතුයෙහි වැඩහුන්නා වූ (සසර) දුකින් එතර වූ මුනිඳුන් පිරිවරා හිඳිත්.
Pali BJT1262. චෙතසා අනුපරියෙති මොග්ගල්ලානො මහිද්ධිකො චිත්තං නෙසං සමන්වෙසං විප්පමුත්තං නිරූපධිං.
Sinhala BJT1262. මහත් ඍද්ධිඇති මුගලන් තෙමේ කෙලෙසුන් කෙරෙන් මිදුණු උපධි රහිත වූ ඔවුන්ගේ සිත චේතෝපරියඤාණයෙන් විමසමින් පිළිවෙළින් පිරිසිඳි.
Pali BJT1263. එවං සබ්බඞ්ගසම්පන්නං මුනිං දුක්ඛස්ස පාරගුං අනෙකාකාරසම්පන්නං පයිරුපාසන්ති ගොතමං.
Sinhala BJT1263. මෙසේ ශ්‍රාවකයෝ (ශාස්තෲ සම්පත්තියෙන් ද ශ්‍රාවක සම්පත්තියෙන් ද යන) සියලු අඞ්ගයන්ගෙන් සමන්‍විත වූ සසර දුකින් එතෙර වූ නොයෙක් අයුරු ගුණයෙන් යුක්ත වූ ගෞතම මුනිහු පිරිවරා හිඳිත්.
Pali BJT1264. චන්දො යථා විගතවලාහකෙ නභෙ විරොචති වීතමලො’ව භානුමා එවං’පි අඞ්ගීරස ත්වං මහාමුනි අතිරොචසි යසසා සබ්බලොකං.
Sinhala BJT1264. පහ වූ වලා ඇති අහස්හි පුන්සඳ යම්සේ බබළා ද පහ වූ උපක්ලේශ ඇති සූර්‍ය්‍යයා යම්සේ බබළා ද එසේ මැ අඞ්ගිරස මහා මුනිවරයන් වහන්ස, මුබ වහන්සේ යසසින් මුළු ලොව අභිභවා බබළන්නාහුය.
Pali BJT1265. කාව්යෙමත්තා විචරිම්හ පුබ්බෙ ගාමා ගාමං පුරා පුරං අථද්දසාම{4} සම්බුද්ධං සබ්බධම්මාන පාරගුං.
Sinhala BJT1265. පෙර කාව්‍යකරණයෙන් මත් වැ (මානිත වැ) ගමින් ගම නුවරින් නුවර ඇවිද්දම්හ. ඉක්බිති සියලු (ඥේය) ධර්‍මයන්ගේ පරතෙරට ගියා වූ සම්බුදුන් දුටුම්හ.
Pali BJT1266. සො මෙ ධම්මමදෙසෙසි මුනි දුක්ඛස්ස පාරගූ ධම්මං සුත්වා පසීදිම්හ අද්ධා{5} නො උදපජ්ජථ.
Sinhala BJT1266. සසරදුකින් එතෙරට ගිය ඒ මුනිවරයන් වහන්සේ මට දහම් දෙසූහ, දහම් අසා ප්‍රසන්න වූම්හ, එකත්නෙන් (තුනුරුවන්) අපට (හිත පිණිස) උපන්නේ යි.
Pali BJT1267. තස්සාහං වචනං සුත්වා ඛන්ධෙ ආයතනානි ච ධාතුයො ච විදිත්වාන පබ්බජිං අනගාරියං.
Sinhala BJT1267. මම උන් වහන්සේගේ බස් අසා ස්කන්‍ධ ආයතන ධාතූන් දැනැ ගෙන සසුන්හි පැවැදි වීමි.
Pali BJT1268. බහුන්නං{6} වත අත්ථාය උප්පජ්ජන්ති තථාගතා ඉත්ථීනං පුරිසානං ච යෙ තෙ සාසනකාරකා.
Sinhala BJT1268. යම් කෙනෙක් (ශාස්තෲන් වහන්සේගේ) අවවාදය කරන්නාහු නම් ඒ බොහෝ වූ සත්‍රින්ට ද පුරුෂයන්ට ද ඒකාන්තයෙන් වැඩ පිණිස තථාගතයෝ උපදිත්.
Pali BJT1269. තෙසං ඛො වත අත්ථාය බොධිමජ්ඣගමා මුනි භික්ඛූනං භික්ඛුනීනං ච යෙ නියාමගතද්දසා.{7}
Sinhala BJT1269. යම් කෙනෙක් “සම්මත්තනියාමය” සාක්‍ෂාත් කළාහු නම් ඒ භික්‍ෂූන්ට ද භික්‍ෂූණීන්ට ද එකත්නෙන් වැඩ පිණිස භාග්‍යවතුන් වහන්සේ සම්‍යක් සම්බෝධිය සාක්‍ෂාත් කළහ.
Pali BJT1270. සුදෙසිතා චක්ඛුමතා බුද්ධෙනාදිච්චබන්ධුනා චත්තාරි අරියසච්චානි අනුකම්පාය පාණිනං.
Sinhala BJT1270. පසැස් ඇති සූර්‍ය්‍යබන්‍ධු වූ බුදුරදුන් විසින් සත්ත්‍වයන්ට අනුකම්පා පිණිස චතුරාර්‍ය්‍යසත්‍යයෝ දෙසන ලදහ.
Pali BJT1271. දුක්ඛං දුක්ඛසමුප්පාදං දුක්ඛස්ස ච අතික්කමං අරියං චට්ඨඞ්ගිකං{1} මග්ගං දුක්ඛූපසමගාමිනං.
Sinhala BJT1271. දුකැ, දුක් උපදනා හේතු යැ, දුක ඉක්මවීම (නිරෝධ) යැ, දුක් සන්හිඳුවනුසුලු අරී අටඟමඟ යැ යන-
Pali BJT1272. එවමෙතෙ තථා වුත්තා දිට්ඨා මෙ තෙ යථා තථා සදත්ථො මෙ අනුප්පත්තො කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT1272. තෙල සත්‍යධර්‍මයෝ මෙසේ ඇතිසැටියෙන් දෙසනලද්දාහු යැ ඒ ධර්‍මයෝ දෙසනලද පරිද්දෙන් මා විසින් පසක් කරන ලදහ. මා විසින් ස්වාර්‍ත්‍ථය අනුක්‍රමයෙන් ලබනලද යැ. බුදුන්ගේ අවවාදය කරනලදි.
Pali BJT1273. ස්වාගතං වත මෙ ආසි මම බුද්ධස්ස සන්තිකෙ සංවිභත්තෙසු{2} ධම්මෙසු යං සෙට්ඨං තදුපාගමිං.
Sinhala BJT1273. ඒකාන්තයෙන් මනා ඊමෙක් මට විය. මාගේ බුදුන් හමුයෙහි දී විභාග කරන ලද ධර්‍මයන් අතුරෙහි යම් ධර්‍මයක් ශ්‍රේෂ්ඨ නම් මම එය සාක්‍ෂාත් කෙළෙමි.
Pali BJT1274. අභිඤ්ඤාපාරමිප්පත්තො සොතධාතු විසොධිතා{3} තෙවිජ්ජො ඉද්ධිපත්තොම්හි චෙතොපරියකොවිදො.
Sinhala BJT1274. (මා විසින්) ෂඩ්භිඥාවන්ගේ පරතෙර පැමිණෙන ලද යැ ශ්‍රෝත්‍රධාතුව විශෝධනය කරන ලද යැ, (මම) ත්‍රිවිද්‍යා ඇත්තෙමි. ඍද්ධිවිධඥානය ලද්දෙමි, චේතෝපරියඤාණයෙහි නිපුණයෙමි.
Pali BJT1275. පුච්ඡාමි සත්ථාරමනොමපඤ්ඤං දිට්ඨො’ව ධම්මෙ යො විචිකිච්ඡානං ඡෙත්වා අග්ගාළවෙ කාලමකාසි භික්ඛු ඤාතො යසස්සී අභිනිබ්බුතත්තො.
Sinhala BJT1275. මහාප්‍රාඥ වූ ශාස්තෲන් වහන්සේ විචාරමි, යම් මහණෙක් මේ අත් බැව්හි මැ සැක සිඳ ප්‍රකට වැ යශස් ඇති වැ සන්හුන් සිත් ඇත්තේ ද ඒ මහණ තෙම “අග්ගාළවචේතිය” නම් වූ වෙහෙරෙහි දී කලුරිය කෙළේ ය.
Pali BJT1276. නිග්රොධකප්පො ඉති තස්ස නාමං, තයා කතං භගවා බ්රාහ්මණස්ස සො’හං{4} නමස්සං අචරිං මුත්ත්යපෙඛො{5} ආරද්ධවිරියො දළ්හධම්මදස්සී.
Sinhala BJT1276. භාග්‍යවතුන්වහන්ස, “නිග්‍රෝධකප්පඉසි” යනු බ්‍රාහ්මණ ජාතික වූ ඔහුට මුබ වහන්සේ විසින් කරන ලද නමෙකි. නිවන් දහම් දක්නාසුලු භාග්‍යවතුන් වහන්ස, ඒ මම (එකල්හි) මොක්‍ෂයෙහි අපේක්‍ෂා ඇතියෙම් රුකුළුවැර ඇතියෙම් නමස්කාර කෙරෙමින් සිටියෙමි.
Pali BJT1277. තං සාවකං සක්ක මයං’පි සබ්බෙ අඤ්ඤාතුමිච්ඡාම සමන්තචක්ඛු සමවට්ඨිතා{6} නො සවනාය සොතා{8} තුවං නො{9} සත්ථා ත්වමනුත්තරොසි.
Sinhala BJT1277. ශාක්‍යයන් වහන්ස, අපි සියලු දෙනා මැ ඒ (කලුරිය කළ) මහණහු දැනගන්නට කැමැත්තම්හ. සියල්ල දක්නාණෙනි, අපගේ කන් (එකරුණ) අසන්නට යොමු විය. වහන්ස, වහන්සේ අපගේ ශාස්තෘ වූ සේක. වහන්සේ අනුත්තර වූ සේක.
Pali BJT1278. ඡින්ද නො{10} විචිකිච්ඡං බ්රූහි මෙතං පරිනිබ්බුතං වෙදය භූරිපඤ්ඤ මජ්ඣෙ’ව නො භාස සමන්තචක්ඛු සක්කො’ව දෙවාන සහස්සනෙත්තො.
Sinhala BJT1278. අපගේ විචිකිච්ඡාව සින්ද මැනැවැ, තෙල කරුණු මට වදාළ මැනවැ, මහා ප්‍රාඥයාණෙනි, සියල්ල දක්නාණෙනි, පිරිනිවියහු දැනැ දෙවියන් මැද සහස්නෙත් සක්රජහු සෙයින් අප පිරිස්මැද වදාළ මැනවි.
Pali BJT1279. යෙ කෙචි ගන්ථා{11} ඉධ මොහමග්ගා අඤ්ඤාණපක්ඛා විචිකිච්ඡඨානා{12} තථාගතං පත්වා න තෙ භවන්ති චක්ඛුං හි එතං පරමං නරානං.
Sinhala BJT1279. මෙලොවැ මෝහයට මාර්‍ග වූ අඥානපක්‍ෂ ඇති, විචිකිච්ඡාවට කරැණු වූ (අභිධ්‍යාදි) යම් කිසි ග්‍රන්‍ථකෙනෙක් වෙත් නම් ඔහු තථාගතයන් වහන්සේ කරා පැමිණ අභාවයට යෙත්, යම්හෙයකින් තෙල තථාගතයන් වහන්සේ මිනිසුනට පරමචක්‍ෂුස වේ ද එහෙයිනි.
Pali BJT1280. නො චෙ හි ජාතු පුරිසො කිලෙසෙ වාතො යථා අබ්භඝනං විහානෙ{13} තමොවස්ස නිවුතො{14} සබ්බලොකො ජොතිමන්තො’පි න පභාසෙය්යුං.{15}
Sinhala BJT1280. ඉදින් යම් හෙයකින් තථාගත තෙම වායුව වැසිවලාවක් සෙයින් කෙලෙස් නොනසා නම් ඔකත්නෙන් මුළු ලොව අඳුරින් වැසුණේ මැ වන්නේ යැ, (ශාරිපුත්‍රාදි) ද්‍යුතිමත්හු ද නො බබලන්නාහු මැ යි.
Pali BJT1281. ධීරා ච පජ්ජොතකරා භවන්ති තං තං අහං වීර{1} තථෙව මඤ්ඤෙ විපස්සිනං ජානමුපාගමිම්හා පරිසාසු{2} නො ආවිකරොහි කප්පං.
Sinhala BJT1281. පණ්ඩිත පුරුෂයෝ නැණපහන් කරන්නාහු වෙත්, එහෙයින් වීරයන් වහන්ස, මම ඔබ එසේ මැ හඟිම් (සියලු ධර්‍මයන්) වෙසෙසින් දක්නාසුලු තැනැත්තහු වෙත දන්නහු වෙත එළඹියම්හ. පිරිස් මැද අපට “නිග්‍රෝධකප්ප” හෙළි කළ මැනවි.
Pali BJT1282. ඛිප්පං ගිරං එරය වග්ගු වග්ගුං හංසො’ව පග්ගය්හ සනිකං නිකූජ බින්දුස්සරෙන සුවිකප්පිතෙන සබ්බෙ’ව තෙ උජ්ජුගතා සුණොම.
Sinhala BJT1282. භාග්‍යවතුන් වහන්ස, මනහර වූ වදන් නො ලස් වැ උසුරුවනු මැනැවැ, කඳට නඟා පියා සලා (තුටු පහටු වැ කූජනය කරන) හංසයකු සෙයින් මොනොවට විකල්පනය කරනලද බින්‍දුස්වරයෙන් යුතු වැ සෙමින් වදාහළ මැනැවැ, (අපි) සියලු දෙනා මැ එකඟසිත් ඇති වැ අසම්හ.
Pali BJT1283. පහීනජාතිමරණං අසෙසං නිග්ගය්හ ධොනං{3} පටිවෙදියාමි{4} න කාමකාරො හි{5} පුථුජ්ජනානං සඞ්ඛෙය්යකාරො’ව තථාගතානං.
Sinhala BJT1283. නිරවශේෂ කොට ප්‍රහාණය කළ ජාතිමරණ ඇති කම්පා කරන ලද පව් ඇති බුදුන් ලවා ඇවිටිලි කොට දහම් දෙසවමි. කාමකාරයෙක් (කැමැත්තක් කරනු හැකියාවක්) පුහුදුන්හට නැත. විමසා කිරීම මැ තථාගතයන්ට ඇත්තේ යි.
Pali BJT1284. සම්පන්නවෙය්යාකරණං තවෙදං සමුජ්ජුපඤ්ඤස්ස{6} සමුග්ගහීතං අයමඤ්ජලි පච්ඡිමො සුප්පණාමිතො මා මොහයී ජානමනොමපඤ්ඤ.
Sinhala BJT1284. (භාග්‍යවතුන් වහන්ස,) ඍජු ප්‍රශ්නයට මුබ වහන්සේගේ මේ පරිපූර්‍ණ විසර්‍ජනය මා විසින් මැනැවින් උගන්නා ලද්දේ යැ, මේ පශ්චිම අඤ්ජලිය මොනොවට බඳනාලද්දේ යැ, මහාප්‍රඥායන් වහන්ස, කප්පගේ ගතිය (දන්නාසේක් එය නො දෙසීමෙන්) නහමක් මුළා කරන සේක්වා.
Pali BJT1285. පරොවරං{7} අරියධම්මං විදිත්වා මා මොහයී ජානමනොමවීර{8} වාරිං යථා ඝම්මනි ඝම්මතත්තො වාචාභිකඞ්ඛාමි සුතං පවස්ස.{9}
Sinhala BJT1285. මහාවීරයාණෙනි, පරාවර (ලෞකික ලෝකෝත්තර විසින් සුන්‍දරාසුන්‍දර) වූ සිව්සස් දහම් අවබෝධ කොට (දතයුතු) සියල්ල දන්නා සේක් නො දෙසීමෙන් මුළා නො කළ මැනවැ ඝර්‍මකාලයෙහි ග්‍රීෂමයෙන් තැවුණකු ජලය මෙන් දේෂනය කැමැත්තෙමි, (එහෙයින් මැ) ශ්‍රැතය (ශබ්දායතනය) වගුළ මැනවි (වදාළ මැනවැ යි සේ යි).
Pali BJT1286. යදත්ථිකං{10} බ්රහ්මචරියං අචාරි කප්පායනො කච්චි සතං අමොඝං නිබ්බායි සො ආදු සඋපාදිසෙසො{11} යථා විමුත්තො අහු තං සුණොම.
Sinhala BJT1286. පූජ්‍ය “කප්ප” තෙමේ යමක් සඳහා සත්පුරුෂයන්ගේ නොසිස් වූ බඹසර හසළේ නම් කිම, හෙතෙම අනුපාදිශේෂයෙන් පිරිනිවියේ ද? විමුක්තයකු සෙයින් වී ද? එය අසම්හ.
Pali BJT1287. අච්ඡෙච්ඡි තණ්හං ඉධ නාමරූපෙ (ඉති භගවා) තණ්හාය සොතං දීඝරත්තානුසයිතං අතාරි ජාතිං මරණං{12} අසෙසං ඉච්චබ්රවී භගවා පඤ්චසෙට්ඨො.
Sinhala BJT1287. මේ ලෝකයෙහි නාමරූප විෂයෙහි වූ තෘෂ්ණාව සිඳලූයේ යැ, දිගුකලක් මුළුල්ලෙහි අනුශය වූ තෘෂ්ණාශ්‍රොතස තරණය කළේ යැ. ජාතිමරණ දෙක නිරවශේෂ කොට තරණය කරවී ය යි (පසස් ඇති හෙයින්) පඤ්ච ශ්‍රේෂ්ඨ වූ භාග්‍යවතුන් වහන්සේ වදාළහ.
Pali BJT1288. එස සුත්වා පසීදාමි වචො තෙ ඉසිසත්තම අමොඝං කිර මෙ පුට්ඨං න මං වඤ්චෙසි බ්රාහ්මණො.
Sinhala BJT1288. ඍෂිසප්තමයන් වහන්ස, මුඹ වහන්සේගේ තෙල වදන් අසා පහදිමි. මා විසින් විචාරනලද්ද නො සිස් යැ, බ්‍රාහ්මණ තෙමේ (භාග්‍යවතුන් වහන්සේ) මා නො රැවටී.
Pali BJT1289. යථාවාදී තථාකාරී අහු බුද්ධස්ස සාවකො අච්ඡෙච්ඡි වච්චුනො ජාලං තතං මායාවිනො දළ්හං.
Sinhala BJT1289. බුද්ධශ්‍රාවක තෙමේ යථාවාදී තථාකාරී විය, මායාවී මරහුගේ (ත්‍රෛභූමක වර්‍තයෙහි) පතළා වූ දැඩි වූ (තෘෂ්ණා) ජාලය සින්දේ යැ.
Pali BJT1290. අද්දස භගවා ආදිං උපාදානස්ස කප්පියො අච්චගා වත කප්පානො{1} මච්චුධෙය්යං සුදුත්තරං.
Sinhala BJT1290. භාග්‍යවතුන් වහන්සේ උපාදානයා (වර්‍තයා) ගේ මූල කාරණය දුටහ. “කප්ප” තෙමේ තරණයට අති දුෂ්කර වූ ත්‍රෛභූමක වර්‍තය ඒකාන්තයෙන් ඉක්මගියේ යි.
Pali BJT1291. තං දෙවදෙවං වන්දාමි පුත්තං තෙ ද්විපදුත්තම අනුජාතං මහාවීරං නාගං නාගස්ස ඔරස’න්ති.
Sinhala BJT1291. ද්විපදෝත්තමයන් වහන්ස! දෙවියනට දෙවි වූ මුඹ වහන්සේ වඳිමි. (යළි) බුද්ධනාග වූ මුඹ වහන්සේගේ අනුජාතපුත්‍ර වූ ඖරසපුත්‍ර වූ මහාවීර වූ (නිග්‍රෝධකප්ප) නම් නාගයා වඳිමි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා වඞ්ගීසො ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළහ.
Pali BJTවඞ්ගීසත්ථෙරගාථා.
Sinhala BJTවඞ්ගීස ස්ථවිරගාථා යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඋද්දානය:
Pali BJTසත්තතිම්හි නිපාතම්හි වඞ්ගීසො පටිභානවා එකො’ව ථෙරො නත්ථඤ්ඤො ගාථායො එකසත්තතී’ති.
Sinhala BJTසැත්තෑ වැනි නිපාතයෙහි ප්‍රතිභානවත් එක් මැ වඞ්ගීස ස්ථවිරයන් වහන්සේ යැ, අනෙකෙක් නැති. ගාථා ද එක් සැත්තෑවකි.
Pali BJTමහානිපාතො නිට්ඨිතො.
Sinhala BJTමහානිපාතය නිමි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඋද්දානය:
Pali BJTසහස්සං හොන්ති තා ගාථා තීණි සට්ඨි සතානි ච ථෙරා ච ද්වෙ සතා සට්ඨි චත්තාරො ච පකාසිතා.
Sinhala BJTඒ ගාථාවෝ එක්දහස් දෙසියඑක්අනූවක් වෙති, තෙරවරු ද දෙසිය සිව්සැටක් වෙති ප්‍රකාශ කරනලදහ.
Pali BJTසීහනාදං නදිත්වාන බුද්ධපුත්තා අනාසවා ඛෙමන්තං පාපුණිත්වාන අග්ගික්ඛන්ධා’ව නිබ්බුතා’ති.
Sinhala BJTනිරාසුව වූ බුද්ධපුත්‍රයෝ සිංහනාද කොට නිවනට පැමිණ ගිනිකඳු මෙන් පිරිනිවියහ.
Pali BJTථෙරගාථාපාළි නිට්ඨිතා.
Sinhala BJTථේරගාථා නිමි.