Theragāthā

Verses of the Elder Monks

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 2101-2200 න් 2250

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT1158. එවං චෙ තං ජනො ජඤ්ඤා යථා ජානාමි තං අහං, ආරකා පරිවජ්ජෙය්ය ගූථට්ඨානං’ව පාවුසෙ.
Sinhala BJT1158. මම යම්සේ ඒ අශූචිපිණ්ඩය දනිම් ද ජන තෙමේ එය එපරිද්දෙන් දනී නම් වැසි කල්හි අමේධ්‍යස්ථානයක් සෙයින් දුරින් දුරු කරන්නේ යි.
Pali BJT1159. එවමෙතං මහාවීර යථා සමණ භාසසි, එත්ථ චෙකෙ විසීදන්ති පඞ්කම්හි’ව ජරග්ගවො.
Sinhala BJT1159. ශ්‍රමණයන් වහන්ස, තෙපි යම්සේ වදාරවු නම් මහාවීරය, එය එසේ යැ, එතෙකුදුවත් මඩෙහි ජරද්ගවයකු සෙයින් ඇතැමෙක් මෙහි ගැලෙත් ලගිත්).
Pali BJT1160. ආකාසම්හි හලිද්දියා යො මඤ්ඤෙථ, රජෙතවෙ, අඤ්ඤෙන වා’පි රඞ්ගෙන විඝාතුදයමෙව තං.
Sinhala BJT1160. යමෙක් කසටින් හෝ අන්රඳනෙකින් හෝ අහස රඳන්නට සිතන්නේ නම් ඒ වනාහි වෙහෙස පාළ කරන්නක් මැ වේ.
Pali BJT1161. තදාකාසසමං චිත්තං අජ්ඣත්තං සුසමාහිතං, මා පාපචිත්තෙ අහනි{7} අග්ගිඛන්ධං’ව පක්ඛිමා.
Sinhala BJT1161. (මා ගේ) ඒ සිත ආකාශය වැන්නැ, අධ්‍යාත්මයෙහි මැනැවින් සමාහිත යැ, එම්බා ළමු (නිහීන) සිත් ඇත්තීය, ගිනිකඳක් (ගටනා) පළඟකු සෙයින් (මා) නහමක් ගටව (නොගට).
Pali BJT1162. පස්ස චිත්තකතං බිම්බං අරුකායං සමුස්සිතං, ආතුරං බහුසඞ්කප්පං යස්ස නත්ථි ධුවං ඨිති.
Sinhala BJT1162. යමක්හුගේ ධ්‍රැවභාවයක් හෝ ස්ථීතිභාවයක් හෝ නැත් ද, වණ වූ ඇටසැකිල්ල විසින් ඔසවනලද්දා වූ ගිලන් වූ නොයෙක් අයුරින් සංකල්පනය කටයුතු වූ විසිතුරු කරනලද්දා වූ ඒ සිරුර බලව.
Pali BJT1163. පස්ස චිත්තකතං රූපං මණිනා කුණ්ඩලෙන ච, අට්ඨිං තචෙන ඔනද්ධං සහ වත්ථෙහි සොභති.
Sinhala BJT1163. සමින් වෙළනලද (තුන්සියක්) ඇට ඇති, මිණියෙනුදු කොඬොලිනුදු විසිතුරු කරනලද රූපය බලව (ඒ) වස්ත්‍ර සහිත වි මැ හොබනේ යි.
Pali BJT1164. අලත්තකකතා පාදා මුඛං චුණ්ණකමක්ඛිතං, අලං බාලස්ස මොහාය නො ච පාරගවෙසිනො.
Sinhala BJT1164. ලහරසින් රඳනාලද පාදයෝ, සුවඳසුනු අලෙවිදුන් මුව, බාලයාගේ සම්මෝහයට නිස්සැ පාරගවෙෂිහුගේ මෝහයට නිසි නො වෙයි.
Pali BJT1165. අට්ඨපාදකතා කෙසා නෙත්තා අඤ්ජනමක්ඛිතා, අලං බාලස්ස මොහාය නො ච පාරගවෙසිනො.
Sinhala BJT1165. අෂ්ටපාදකෘතකේශයෝ (කියඹුවැල්) ද අඳුන් ඇඳි නේත්‍රයෝ ද බාලජනයාගේ මෝහයට පමණැ, පාරගවෙෂිහුගේ මෝහයට නො ද පමණි.
Pali BJT1166. අඤ්ජනීව නවා චිත්තා පූතිකායො අලඞ්කතො, අලං බාලස්ස මොහාය නො ච පාරගවෙසිනො.
Sinhala BJT1166. සිතියම් කළ අළුත් අඳුන් කොපුවක් සෙයින් සරසනලද කුණුකය බාලයාගේ මෝහයට පමණැ, පාරගවෙෂිහුගේ මෝහයට නො ද පමණි.
Pali BJT1167. ඔදහි මිගවො පාසං නාසදා වාගුරං මිගො, භුත්වා නිවාපං ගච්ඡාම කන්දකන්තෙ මිගබන්ධකෙ.
Sinhala BJT1167. මුවවැදි තෙම මලපුඬුව දමාලී යැ, මුවා වරදැල නො පැහැසී (නො ගැටී) යැ, මුවවැද්දා හඬද්දී (ඇපි) ගොදුරු කා යම්හ.
Pali BJT1168. ඡින්නො පාසො මිගවස්ස නාසදා වාගුරං මිගො, භුත්වා නිවාපං ගච්ඡාම සොචන්තෙ මිගලුද්දකෙ.
Sinhala BJT1168. මුවවැද්දාගේ මලපුඬුව සිඳුණේ යැ, මුවා වරදැල නො පැහැසී යැ, මුවවැදි සොවිද්දී (ඇපි) ගොදුරු කා යම්හ.
Pali BJT1169. තදාසි යං භිංසනකං තදාසි ලොමහංසනං, අනෙකාකාරසම්පන්නෙ සාරිපුත්තම්හි නිබ්බුතෙ.
Sinhala BJT1169. (ශීලාදි) නොයෙක් ආකාරවරයෙන් පරිපූර්‍ණ වූ සැරියුත් තෙරුන් පිරිනිවි කල්හි යම් (සෙනහඬ ආදි) බිහිසුණු අරමුණෙක් වී නම් එකල්හි ලොමුදහගැන්ම වී,
Pali BJT1170. අනිච්චා වත සඞ්ඛාරා උප්පාදවයධම්මිනො, උප්පජ්ජිත්වා නිරුජ්ඣන්ති තෙසං වූපසමො සුඛො.
Sinhala BJT1170. අහෝ! සංස්කාරයෝ අනිත්‍යයෝ යැ. ඇතිවීම හා නැතිවීම ස්වභාව කොට ඇත්තෝ යැ, ඉපැද නිරුද්ධ වෙති, ඔවුන්ගේ සන්හිඳීම සුව යි.
Pali BJT1171. සුඛුමං තෙ පටිවිජ්ඣන්ති{1} වාලග්ගං උසුනා යථා, යෙ පඤ්චක්ඛන්ධෙ පස්සන්ති පරතො නො ච අත්තතො.
Sinhala BJT1171. යම් කෙනෙක් පඤ්චස්කන්‍ධය අනාත්ම විසින් දකිත් නම් ඔහු (අඳුරෙහි විදුලිය එළියෙන්) සරයෙන් වලග විදුනා සේ සියුම් අරුත් පිළිවිදිත් (විනිවිද දකිත්). ආත්ම විසින් දක්නාහු නො ද පිළිවිදිත්.
Pali BJT1172. යෙ ච පස්සන්ති සඞ්ඛාරෙ පරතො නො ච අත්තතො, පච්චබ්යාධිංසු නිපුණං වාලග්ගං උසුනා යථා.
Sinhala BJT1172. තවද යම් කෙනෙක් සංස්කාරයන් අනාත්ම විසින් දකිත් නම් ඔහු සරයෙන් වලග සේ නිපුණ වැ සියුම් අරුත් පිළිවිදියහ. ආත්ම විසින් දක්නාහු නො ද පිළිවිදියහ.
Pali BJT1173. සත්තියා විය ඔමට්ඨො ඩය්හමානො’ව මත්ථකෙ, කාමරාගප්පහානාය සතො භික්ඛු පරිබ්බජෙ.
Sinhala BJT1173. මහණ තෙම සැතින් විදුනාලද්දකු සෙයින් හිස ගිනිගත්තකු සෙයින් කාමරාග ප්‍රහාණය පිණිස සිහි ඇති වැ වෙසෙන්නේ යි.
Pali BJT1174. සත්තියා විය ඔමට්ඨො ඩය්හමානො’ව මත්ථකෙ, භවරාගප්පහානාය සතො භික්ඛු පරිබ්බජෙ.
Sinhala BJT1174. මහණ තෙම සැතින් විදුනාලද්දකු සෙයින් හිස ගිනිගත්තකු සෙයින් භවරාග ප්‍රහාණය පිණිස සිහි ඇති වැ වෙසෙන්නේ යි.
Pali BJT1175. චොදිතො භාවිතත්තෙන සරීරන්තිමධාරිනා, මිගාරමාතුපාසාදං පාදඞ්ගුට්ඨෙන කම්පයිං.
Sinhala BJT1175. වඩනාලද සිත් ඇති පැසිම් සිරුරු (අන්තිම දේහය) දරන්නහු (ශාස්තෲන් වහන්සේ) විසින් චූදිතයෙම් පයැ මහපටැඟිල්ලෙන් මුවරමාපාය සැලීමි.
Pali BJT1176. නයිදං සිථිලමාරබ්භ නයිදං අප්පෙන ථාමසා, නිබ්බානමධිගන්තබ්බං සබ්බගන්ථපමොචනං.
Sinhala BJT1176. සියලු ග්‍රන්‍ථයන් වෙසෙසින් මුදනසුලු වූ මේ නිවන වූකලී ලිහිල් වැ වැර කොට සාක්‍ෂාත් කටයුත්තේ නො වෙයි, මඳ වැරෙනුදු සාක්‍ෂාත් කටයුත්තේ නො වේ.
Pali BJT1177. අයං ච දහරො භික්ඛු අයමුත්තමපොරිසො, ධාරෙති{1} අන්තිමං දෙහං ඡෙත්වා{2} මාරං සවාහිනිං.{3}
Sinhala BJT1177. මේ උත්තම පුරුෂ වූ මේ ( “වේද” නම් වූ) තරුණ මහණ තෙමේත් සෙන් සහිත මරහු දිනා අන්තිමදේහය දරයි.
Pali BJT1178. විවරමනුපතන්ති විජ්ජුතා වෙභාරස්ස ච පණ්ඩවස්ස ච, නගවිවරගතො’ව{4} ඣායති පුත්තො අප්පටිමස්ස තාදිනො.
Sinhala BJT1178. “වෙභාර” පර්‍වතයටත් “පාණ්ඩව” පර්‍වතයටත් අතරැ වූ විවරය ලක්‍ෂ්‍ය කොට විදුලිය වැටෙයි, අප්‍රතිම (අසම) වූ තාදීහුගේ පුත්‍ර තෙම පර්‍වත විවරගත වැ ධ්‍යාන කෙරේ.
Pali BJT1179. උපසන්තො උපරතො පන්තසෙනාසනො මුනි, දායාදො බුද්ධසෙට්ඨස්ස බ්රහ්මුනා අභිවන්දිතො.
Sinhala BJT1179. උපශාන්ත වූ පව්කමින් වෙන් වූ ප්‍රාන්තසේනාසන ඇති මුනි වූ බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ ඖරසසූත්‍ර තෙම බඹහු විසින් අභිවාදනය කරනලද්දේ යි.
Pali BJT1180. උපසන්තං උපරතං පන්තසෙනාසනං මුනිං, දායාදං බුද්ධසෙට්ඨස්ස වන්ද බ්රාහ්මණ කස්සපං.
Sinhala BJT1180. බමුණ, තෝ උපශාන්ත වූ උපරත වූ ප්‍රාන්තසේනාසන ඇති මුනි වූ බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ ඖරසපුත්‍ර වූ කසුප් තෙරුන් වඳු.
Pali BJT1181. යො ච ජාතිසතං ගච්ඡෙ සබ්බා බ්රාහ්මණජාතියො, සොත්ථියො{5} වෙදසම්පන්නො මනුස්සෙසු පුනප්පුනං.
Sinhala BJT1181. යමෙකුත් මිනිසුන් අතුරෙහි පුනපුනා ජාති සියයක් සියලු බ්‍රාහ්මණජාතීන්ට (උපප්‍රාප්ති වශයෙන්) එළඹෙන්නේ නම් සොත්‍ථිය ජාති (එනම් බමුණුජාති) ඇත්තේ නම් “වේද” සම්පන්න වේ නම් -
Pali BJT1182. අජ්ඣායකො’පි චෙ අස්ස තිණ්ණං වෙදාන පාරගූ, එතස්ස වන්දනායෙතං{6} කලං නාග්ඝති සොළසිං.
Sinhala BJT1182. ඉදින් වේදධ්‍යයනය කරන්නේත් වේ නම්, ත්‍රිවේදයෙහි පරතෙරට ගියේත් වේ නම් එබන්දහුට වැඳීම මේ කසුප් තෙරුනට වැඳීමෙන් සොළසින් කලාවටත් නො අගී.
Pali BJT1183. යො සො අට්ඨවිමොක්ඛානි පුරෙභත්තං අඵස්සයි{7}, අනුලොමං පටිලොමං තතො පිණ්ඩාය ගච්ඡති.
Sinhala BJT1183. යම් මහණෙක් අෂ්ටවිමෝක්‍ෂයන් පෙරබත් වේලෙහි අනුලොම් පිළිලොම් විසින් සමවන්නේ නම් ඉක්බිති පිඬු සිඟා යේ නම් -
Pali BJT1184. තාදිසං භික්ඛුං මා හනි මාත්තානං ඛණි බ්රාහ්මණ, අභිප්පසාදෙහි මනං අරහන්තම්හි තාදිනො ඛිප්පං පඤ්ජලිකො වන්ද මා තෙ විජටි මත්ථකං.
Sinhala BJT1184. බමුණ, තෝ එබඳු මහණහු නහමක් ගට (නොගට), තමා මුලුසුන් නො කර, අර්‍හත් වූ තාදීහු කෙරෙහි සිත් පහද, වහා ඇඳිලි බැඳැ වඳු, තාගේ හිස නහමක් පළනු (නා පළාගන්).
Pali BJT1185. නෙසො{8} පස්සති සද්ධම්මං සංසාරෙන පුරක්ඛතො, අධොගමං{9} ජිම්හපථං කුම්මග්ගමනුධාවති.{10}
Sinhala BJT1185. තෙල (පොඨිල නම්) මහණ තෙම (අවිද්‍යාදි) සසර බැඳුම් විසින් පුරස්කෘත වූයේ (නව ලොවුතුරු) සදහම් නො දකී. අධෝගාමී වූ (මායාසාඨෙය්‍යාදි) වඞ්කමාර්‍ග ඇත්තා වූ (මිථ්‍යාජීව සඞ්ඛ්‍යාත) නො මඟෙහි දිවැ යේ.
Pali BJT1186. කිමී’ව මීළ්හසල්ලිත්තො{11} සඞ්ඛාරෙ අධිමුච්ඡිතො, පගාළ්හො ලාභසක්කාරෙ තුච්ඡො ගච්ඡති පොඨිලො.{12}
Sinhala BJT1186. අමේධ්‍යයෙන් හාත්පසින් තැවැරුණු පණුවකු සෙයින් සංස්කාරයෙහි බැඳුණු (ගැලුණු) ලාභයෙහි ද සත්කාරයෙහි ද වෙසෙසින් කිඳුණු පොඨිල මහණ තෙම හිස් වැ යේ.
Pali BJT1187. ඉමං ච පස්ස ආයන්තං සාරිපුත්තං සුදස්සනං, විමුත්තං උභතොභාගෙ අජ්ඣත්තං සුසමාහිතං.
Sinhala BJT1187. තෙල එන්නා වූ ශාරිපුත්‍රයන් එනම් - මනා දැකුම් ඇතියා වූ උභතොභාගවිමුක්ත වූ අධ්‍යාත්මයෙහි මොනවට සමාහිත වූ -
Pali BJT1188. විසල්ලං ඛීණසංයොගං තෙවිජ්ජං මච්චුහායිනං, දක්ඛිණෙය්යං මනුස්සානං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං,
Sinhala BJT1188. පහ වූ (රාගාදි) ශල්‍ය ඇතියා වූ ක්‍ෂය වූ සංයෝජන ඇති ත්‍රිවිද්‍යා ඇති මරහු මැඩලනසුලු වූ දක්‍ෂිණාර්‍හ වූ මිනිසුනට නිරුත්තර පින්කෙතක් වූ ශාරීපුත්‍රයන් බලව.
Pali BJT1189. එතෙ සම්බහුලා දෙවා ඉද්ධිමන්තො යසස්සිනො දසදෙවසහස්සානි සබ්බෙ බ්රහ්මපුරොහිතා මොග්ගල්ලානං නමස්සන්තා තිට්ඨන්ති පඤ්ජලීකතා.
Sinhala BJT1189. තෙල බොහෝ වූ දෙවිවරු එනම් - ඍධි ඇත්තාහු, යශස් ඇත්තාහු, බ්‍රහ්මපුරෝහිත නම් බඹලෝවැසි වූ, දසදහසක් පමණ වූ සියලු දෙවිවරු ඇඳිලි බැඳැ මුගලන් තෙරුනට නමස්කාර කරමින් සිටිත්.
Pali BJT1190. නමො තෙ පුරිසාජඤ්ඤ නමො තෙ පුරිසුත්තම යස්ස තෙ ආසවා ඛීණා දක්ඛිණෙය්යො’සි මාරිස.
Sinhala BJT1190. පුරුෂාජානීයය, ඔබට නමස්කාර වේවා පුරුෂොත්තමය ඔබට නමස්කාර වේවා! භවත, ඔබගේ ආස්‍රවයෝ ක්‍ෂය වූවාහු යැ, භවත් දක්‍ෂිණාර්‍හ වෙයි.
Pali BJT1191. පූජිතො නරදෙවෙන උප්පන්නො මරණාභිභූ පුණ්ඩරීකං’ව තොයෙන සඞ්ඛාරෙනොපලිප්පති,{1}
Sinhala BJT1191. (මුගලන් තෙර) නරදේවයන් (මිනිසුන් හා දෙවියන් හෝ සම්බුදුන්) විසින් පුදනලද්දේ (මරණයෙන් මඩනාලද ලොවැ) උපන්නේ මරණය මැඩලූයේ ජලය විසින් පඬෙර (හෙළපියුම්) සෙයින් සංස්කාරයන් විසින් නො තැවැරුණේ යි.
Pali BJT1192. යස්ස මුහුත්තෙන{2} සහස්සධා ලොකො සංවිදිතො සබ්රහ්මකප්පො වසි ඉද්ධිගුණෙ චුතූපපාතෙ කාලෙ පස්සති දෙවතා ස භික්ඛු.
Sinhala BJT1192. යමකු විසින් ඇසිල්ලෙකින් සහස්‍රීලෝකධාතුව සාක්‍ෂාත් කරන ලද නම් ඒ මුගලන් තෙර බ්‍රාහ්මයා සදෘශ යා, ඍද්ධිවිධඥානයෙහි ද චුතූපපාතඥානයෙහි ද වශීප්‍රාප්ත වූ ඒ මහණ සුදුසු කල්හි (දිවැසින්) දෙවියන් බලයි.
Pali BJT1193. සාරිපුත්තො’ව පඤ්ඤාය සීලෙන උපසමෙන ච යො’පි පාරඞ්ගතො භික්ඛු එතා’වපරමො සියා.
Sinhala BJT1193. ප්‍රඥායෙන් ද ශීලයෙන් ද ව්‍යුපශමයෙන් (කෙලෙසුන් සන්සිඳීමෙන්) ද යම් මහණෙත් පරතෙරට (පරමොතකෘෂ්ටභාවයට) ගියේ නම් හේ ශාරිපුත්‍ර බඳු යැ එතත්පරම මැ වන්නේ යි.
Pali BJT1194. කොටිසතසහස්සස්ස අත්තභාවං ඛණෙන නිම්මිනෙ{3} අහං විකුබ්බනාසු කුසලො වසීභූතොම්හි ඉද්ධියා.
Sinhala BJT1194. කෝටිලක්‍ෂයක් ආත්මභාවයන් ඇසිල්ලෙකින් මවන්නෙමි, මම ඍද්ධිවිකුර්‍වණයෙහි සමත්මි, ඍද්ධියෙහි වශී වූයෙමි.
Pali BJT1195. සමාධිවිජ්ජාවසිපාරමිං ගතො.{4} මොග්ගල්ලානගොත්තො අසිතස්ස සාසනෙ ධීරො සමුච්ඡින්දි සමාහිතින්ද්රියො නාගො යථා පූතිලතං’ව බන්ධනං.
Sinhala BJT1195. සමාධීන්හි දු විද්‍යාවන්හි (ත්‍රිවිද්‍යායෙහි) දු පරතෙරට ගියා වූ තෘෂ්ණාදි නිශ්ශ්‍රය රහිත වූවහු (ශාස්තෲන් වහන්සේ) ගේ සසුන්හි ධෛර්‍ය්‍ය ඇතියා වූ වසනලද ඉඳුරන් ඇතියා වූ මොග්ගල්ලාන ගෝත්‍ර ඇත්තේ රසකිඳ වැලක් සිඳුනා ඇතකු සෙයින් ක්ලේශබන්‍ධනය (සුවසේ) මැනැවින් සින්දේ යි.
Pali BJT1196. පරිචිණ්ණො මයා සත්ථා කතං බුද්ධස්ස සාසනං ඔහිතො ගරුකො භාරො භවනෙත්ති සමූහතා.
Sinhala BJT1196. මා විසින් ශාස්තෲන් වහන්සේ පරිවිතයහ. සම්බුදුන්ගේ අවවාදය කරනලදී. ගුරු වූ බර බහා තබනලද්දේ යැ, තෘෂ්ණාව මුලසුන් කරන ලදු.
Pali BJT1197. යස්සත්ථාය පබ්බජිතො අගාරස්මානගාරියං සො මෙ අත්ථො අනුප්පත්තො සබ්බසංයොජනක්ඛයො.
Sinhala BJT1197. යම් අර්‍ත්‍ථයක් සඳහා ගිහිගෙන් නික්මැ පැවිද්දට ගියෙම් නම්, සියලු සංයෝජනයන් ක්‍ෂය කිරීම නම් වූ ඒ අර්‍ත්‍ථය මා විසින් ලබනලද්දේ යි.
Pali BJT1198. කීදිසො නිරයො ආසි යත්ථ දුස්සී අපච්චථ විධුරං සාවකමාසජ්ජ කකුසන්ධං ච බ්රාහ්මණං.
Sinhala BJT1198. එම්බා මාරය, (කකුසඳ බුදුන්ගේ අග්‍ර) ශ්‍රාවක වූ “විධුර” නම් තෙරුන් ද කකුසඳ නම් සම්බුදුන් ද පෙළා “දුස්සී” නම් මාර තෙම යම් නිරයෙකැ පැසුණේ නම් ඒ නිරය කෙබඳු වී ද,
Pali BJT1199. සතං ආසි අයොසඞ්කූ සබ්බෙ පච්චත්තවෙදනා ඊදිසො නිරයො ආසි යත්ථ දුස්සී අපච්චථ විධුරං සාවකමාසජ්ජ කකුසන්ධං ච බ්රාහ්මණං.
Sinhala BJT1199. “විධුර” නම් ශ්‍රාවකයන් ද කකුසඳ සම්මා සම්බුදුන් ද පෙළා “දුස්සී” නම් මාර තෙම යම් නිරයෙකැ පැසිණි නම් ඒ නිරය මෙබඳු වී යැ: එහි යහුල් සියයෙක් විය, සියල්ලෝ වෙන් වෙන් වේදනා ඇත්තෝ යි.
Pali BJT1200. යො එතමභිජානාති භික්ඛු බුද්ධස්ස සාවකො තාදිසං භික්ඛුමාසජ්ජ කණ්හ දුක්ඛං නිගච්ඡසි.
Sinhala BJT1200. (මහා අභිඥාලාභි) යමෙක් තෙල කර්‍මඵලය වෙසෙසින් දනී නම් ඒ මහණ තෙම බුද්ධශ්‍රාවකයෙකි. පවිට (මාරය), තො එබඳු මහණක්හු පෙළා දුකට පැමිණෙන්නෙහි.
Pali BJT1201. මජ්ඣෙසරස්ස{1} තිට්ඨන්ති විමානා කප්පට්ඨායිනො{2} වෙළුරියවණ්ණා රුචිරා අච්චිමන්තො පභස්සරා අච්ඡරා තත්ථ නච්චන්ති පුථු නානත්තවණ්ණියො.
Sinhala BJT1201. සමුද්‍රමධ්‍යයෙහි කල්පස්ථායී වූ වෙරළුමිණි බඳු පැහැ ඇති මනෝඥ වූ ද්‍යුතිමත් වූ ප්‍රභාස්වර වූ විමානයෝ ඇත එහි නොයෙක් පැහැ ඇති බොහෝ දේවසරනු නටත්.
Pali BJT1202. යො එතමභිජානාති භික්ඛු බුද්ධස්ස සාවකො තාදිසං භික්ඛුමාසජ්ජ කණ්හ දුක්ඛං නිගච්ඡසි.
Sinhala BJT1202. යමෙක් තෙල කර්‍මඵලය ... පවිට, තෝ දුක් විඳුනෙහි.
Pali BJT1203. යො වෙ බුද්ධෙන චොදිතො භික්ඛුසඞ්ඝස්ස පෙක්ඛතො මිගාරමාතුපාසාදං පාදඞ්ගුට්ඨෙන කම්පිසං.{3}
Sinhala BJT1203. යමෙක් සම්බුදුන් විසින් චෝදනා කරන ලද නම් ඒ මම භික්‍ෂු සඞ්ඝයා බලා සිටිය දී මුවරමාපාය පයැ මහපටැඟිල්ලෙන් සැලීමි.
Pali BJT1204. යො එතමභිජානාති භික්ඛු බුද්ධස්ස සාවකො තාදිසං භික්ඛුමාසජ්ජ කණ්හ දුක්ඛං නිගච්ඡසි.
Sinhala BJT1204. යමෙක් කෙල කරුණ ... පවිට, තෝ දුකට පැමිණෙන්නෙහි
Pali BJT1205. යො වෙජයන්තපාසාදං පාදඞ්ගුට්ඨෙන කම්පයි ඉද්ධි බලෙනුපත්ථද්ධො සංවෙජෙසි ච දෙවතා.
Sinhala BJT1205. යමෙක් ඍද්ධිබලයෙන් රුකුල් ලදුයේ (දහසක් යොදුන්) විජයොත්පාය පයැ මහපටැඟිල්ලෙන් සැලී නම් සක්දෙව්රජ ද සංවේගයට පත් කෙළේ නම් (හේ මම යි)
Pali BJT1206. යො එතමභිජානාති භික්ඛු බුද්ධස්ස සාවකො තාදිසං භික්ඛුමාසජ්ජ කණ්හ දුක්ඛං නිගච්ඡසි.
Sinhala BJT1206. යමෙක් මෙ කරුණ ... පවිට තෝ දුකට පැමිණෙන්නෙහි,
Pali BJT1207. යො වෙජයන්තපාසාදෙ සක්කං සො පරිපුච්ඡති අපි ආවුසො ජානාසි තණ්හක්ඛයවිමුත්තියො තස්ස සක්කො වියාකාසි පඤ්හං පුට්ඨො යථාතථං.
Sinhala BJT1207. යමෙක් “ඇවැත්නි, තෘෂ්ණා විමුක්තිය දනී දැ?යි විජයොත්පායෙහි සක් දෙව්රජ විචාරා ද (හේ යැ මේ) සක්දෙව්රජ තෙමේ ප්‍රශ්න විචාරන ලද්දේ තත් පරිද්දෙන් ඔහුට ප්‍රකාශ කෙළේ යි
Pali BJT1208. යො එතමභිජානාති භික්ඛු බුද්ධස්ස සාවකො තාදිසං භික්ඛුමාසජ්ජ කණ්හ දුක්ඛං නිගච්ඡසි.
Sinhala BJT1208. යමෙක් මෙකරුණ ... පවිට, තෝ දුකට පැමිණෙන්නෙහි
Pali BJT1209. යො බ්රහ්මානං පරිපුච්ඡති සුධම්මායං ඨිතො{4} සභං අජ්ජා’පි ත්යාවුසො සා දිට්ඨි යා තෙ දිට්ඨි පුරෙ අහු පස්සසි වීතිවත්තන්තං බ්රහ්මලොකෙ පභස්සරං.
Sinhala BJT1209. යමෙක් (බඹලොවැ) “සුධර්‍මා” නම් සභායෙහි සිටියේ “ඇවැත්නි, පෙර තාගේ යම් (බඹලොවට පැමිණිය හැකි කිසි මහණ බමුණු කෙනෙක් නැතැ යි) දාෂ්ටියක් වූ නම් අදත් ඒ දෘෂ්ටිය ඇද්ද? බඹලොවැ සැරිසරන (ශ්‍රාවකසඞ්ඝයා පිරුවැර භාග්‍යවතුන් වහන්සේගේ) ඕභාසය බලව’යි මහබඹහු විචාරා නම්, (හේ මුගලනි.)
Pali BJT1210. තස්ස බ්රහ්මා වියාකාසි පඤ්හං පුට්ඨො යථාතථං න මෙ මාරිස සා දිට්ඨි යා මෙ දිට්ඨි පුරෙ අහු.
Sinhala BJT1210. මහබඹ තෙම ප්‍රශ්න විචාරන ලදු වැ ඔහුට ඇවැත්නි, පෙර මට (බඹලොවට පැමිණිය - හැකි මහණ බමුණු කෙනෙක් නැති යි) යම් දෘෂ්ටියක් වූ නම් ඒ දෘෂ්ටිය දැන් මට නැති.
Pali BJT1211. පස්සාමි වීතිවත්තන්තං බ්රහ්මලොකෙ පභස්සරං සො’හං අජ්ජ කතං වජ්ජං අහං නිච්චොම්හි සස්සතො.
Sinhala BJT1211. බඹලොවැ සැරිසරන (ශ්‍රාවක සඞ්ඝයා සම්බුදුන් ගේ) ඕභාසය දක්මි, ඒ මම අද “මම නිත්‍යයෙමි”, “මම ශාශ්වතයෙමි” කෙසේ කියම් දැ’යි ප්‍රකාශ කෙළේ යි.
Pali BJT1212. යො එතමභිජානාති භික්ඛු බුද්ධස්ස සාවකො තාදිසං භික්ඛුමාසජ්ජ කණ්හ දුක්ඛං නිගච්ඡසි.
Sinhala BJT1212. යමෙක් මෙ කරුණ ... පවිට. තෝ දුකට පැමිණෙන්නෙහි.
Pali BJT1213. යො මහානෙරුනො කූටං විමොක්ඛෙන අඵස්සසි වනං පුබ්බවිදෙහානං යෙ ච භූමිසයා නරා.
Sinhala BJT1213. යමෙක් ධ්‍යානවිමෝක්‍ෂ (නිශ්ශ්‍රිත අභිඥාඥාන) යෙන් මහමෙර ගල් මුදුන ස්පර්‍ශ කෙළේ යැ, ජම්බුද්වීපය ද පූර්‍වවිදේහය ද යම් ද්වීප කෙනෙක් බිමැ හෝනා මිනිසුන් ඇත්තාහු නම් ඒ (අපරගොයාන උතුරුකුරු) දිවයින් ද ස්පර්‍ශ කෙළේ යි.
Pali BJT1214. යො එතමභිජානාති භික්ඛු බුද්ධස්ස සාවකො තාදිසං භික්ඛුමාසජ්ජ කණ්හ දුක්ඛං නිගච්ඡසි.
Sinhala BJT1214. යමෙක් තෙල කරුණ වෙසෙසින් දනී නම් (හේ) බුද්ධශ්‍රාවක වූ මහණ තෙමේ යි. පවිට, තෝ එබඳු මහණහු ගටා (පෙළා) දුකට පැමිණෙන්නෙහි.
Pali BJT1215. න වෙ අග්ගි චෙතයති අහං බාලං ඩහාමීති, බාලො’ව{1} ජලිතං අග්ගිං ආසජ්ජන පදය්හති.{2}
Sinhala BJT1215. මම බාලයකු දවමැ යි ගින්න නො සිතා මැ යි, බාල තෙමේ මැ දැල්වෙන ගින්න ගටා දැවේ.
Pali BJT1216. එවමෙව තුවං මාර ආසජ්ජන{3} තථාගතං සයං දහිස්සසි අත්තානං බාලො අග්ගිං’ව සම්ඵුසං.
Sinhala BJT1216. මාරය, එපරිද්දෙන් මැ තෝ තථාගතයන් වහන්සේ ගටා ගිනි පැහැසැගන්නා බාලයකු මෙන් තෙමේ තමා දවන්නෙහි.
Pali BJT1217. අපුඤ්ඤං පසවී මාපො ආසජ්ජන තථාගතං කින්නු මඤ්ඤසි පාපිම න මෙ පාපං විපච්චති.
Sinhala BJT1217. දුස්සීමාර තෙම තථාගතයන් වහන්සේ පෙළා අකුසල් රැස් කෙළේ ය. එම්බා පාපිම (මාරය), කිම “මට පව් නො පැසේ යැ” යි තෝ සිතයි ද,
Pali BJT1218. කරතො තෙ චීයතෙ{4} පාපං චිරරත්තාය අන්තක මාර නිබ්බින්ද බුද්ධම්හා ආසං මාකාසි භික්ඛුසු.
Sinhala BJT1218. එම්බා අන්තකය, කරන්නාවූ තට බොහෝ කලක් (අනර්‍ත්‍ථ) පිණිස පව් රැස් වෙයි. මාරය, තෝ විසින් සිව්සස් බුදුන් (බුද්ධශ්‍රාවක) කෙරෙන් කළකිරෙව මහණුන් කෙරෙහි විරුද්ධ වෙමි ආශා නො කරව.
Pali BJT1219. ඉති මාරං අතජ්ජෙසි භික්ඛු භෙසකලාවනෙ තතො සො දුම්මනො යක්ඛො තත්ථෙවන්තරධායථා’ති.{5}
Sinhala BJT1219. මෙසේ මහණ (මුගලන්) තෙම “භේසකලා” වනයෙහි දී මරහුට තර්‍ජනය කෙළේ යැ, ඉක්බිති ඒ මාර තෙම දොම්නස් වැ එහි මැ අතුරුදහන් වී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා මහාමොග්ගල්ලානො ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ආයුෂ්මත් “මහමොග්ගල්ලාන” ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළහ.
Pali BJTමහාමොග්ගල්ලානත්ථෙරගාථා.
Sinhala BJTමහමොග්ගල්ලාන ස්ථවිරගාථා යි
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඋද්දානය:
Pali BJTසට්ඨිකම්හි නිපාතම්හි මොග්ගල්ලානො මහිද්ධිකො එකො’ව ථෙරො ගාථායො{2} අට්ඨසට්ඨි භවන්ති තා’ති.
Sinhala BJTසැට වැනි නිපාතයෙහි මහත් ඍද්ධි ඇති එක් මැ “මහමුගලන් ස්ථවිරයන් වහන්සේ” යැ. ගාථාවෝ ද අටසැටකි.
Pali BJTසට්ඨිනිපාතො නිට්ඨිතො.
Sinhala BJTසට්ඨිනිපාතය නිමි.
Pali BJT70. මහානිපාතො.
Sinhala BJT70. මහානිපාතය
Pali BJT70. 1. 1.
Sinhala BJT70. 1. 1.
Pali BJT1220. නික්ඛන්තං වත මං සන්තං අගාරස්මානගාරියං{1} විතක්කා උපධාවන්ති පගබ්භා කණ්හතො ඉමෙ.
Sinhala BJT1220. මා ගිහිගෙන් “අනගාරිය” සසුනට නික්මෙත් මැ මේ සැහැසි (තිලීජ්ජ) වූ (කාමාදිපාප) විතර්‍කයෝ ලාමක බැවින් ලුහුබඳිත්.
Pali BJT1221. උග්ගපුත්තා මහිස්සාසා සික්ඛිතා දළ්හධම්මිනො සමන්තා පරිකිරෙය්යුං සහස්සං අපලායිනං.
Sinhala BJT1221. සහස්‍රස්ථාමධනු ඇති, ධනුශ්ශිල්පය උගත්, මහධනුර්වේදී වූ උග්‍රපුත්‍රයෝ දහස් දෙනෙක් හාත්පසින් සර වගුරුවන්නාහු නමුදු ඔහු නො ‘පළා යනසුලු මා නො පෙළන්නාහ. (පෙළනු නො සමත්හ’යි සේ යි).
Pali BJT1222. සචෙ’පි එත්තකා භිය්යො ආගමිස්සන්ති ඉත්ථියො නෙව මං බ්යාධයිස්සන්ති ධම්මෙ සම්හි පතිට්ඨිතං.{2}
Sinhala BJT1222. ඉදින් මෙයටත් වැඩි මාගම්හු එන්නාහු නමුදු ඔහු ස්වකීය ධර්‍මයෙහි පිහිටි මා නො පෙළත් මැ යි (පෙළනු නො සමත්හ’යි සේ යි)
Pali BJT1223. සක්ඛීහි මෙ සුතං එතං{3} බුද්ධස්සාදිච්චබන්ධුනො නිබ්බානගමනං මග්ගං තත්ථ මෙ නිරතො මනො.
Sinhala BJT1223. මා විසින් පසක් කොට (හමුවෙහි) සූර්‍ය්‍යබන්‍ධු (හිරුගොත්) වූ සම්බුදුන් ගේ තෙල නිවන් ගමන් මඟ අසන ලදි. ඒ (විදසුන්) මඟැ මා සිත නිරත වේ.
Pali BJT1224. එවං චෙ මං{4} විහරන්තං පාපිම උපගච්ඡසි තථා මච්චු කරිස්සාමි න මෙ මග්ගම්පි දක්ඛසි.{5}
Sinhala BJT1224. එම්බා කෙලෙස් මරුව, තෝ මෙසේ (අශුභ භාවනායෙහි ද විදර්‍ශනාභාවනායෙහි ද නිරත වැ) වෙසෙන මා වෙත එළඹියෙහි, යම්සේ මා ගේ (ආගිය) මඟ පවා (තෝ) නො දක්නෙහි නම් එසේ මරණය කරන්නෙමි.
Pali BJT1225. අරතිං රතිං ච පහාය සබ්බසො ගෙහෙසිතං ච විතක්කං වනථං න කරෙය්ය කුහිඤ්චි නිබ්බනථො{6} අවනථො ස භික්ඛු.{7}
Sinhala BJT1225. යමෙක් (අධිකුශල ධර්‍මයන්හි) උකටලි බවත් (පස්කම් ගුණයෙහි) ඇල්මත් ගෙහසිත (මිථ්‍යා) විතර්‍කයත් සර්‍වප්‍රකාරයෙන් හැරැදමා කිසි තැනෙක්හිදු තෘෂ්ණාව නො කරන්නේ නම් තෘෂ්ණායෙන් නික්මුණු (එහෙයින් මැ) තෘෂ්ණා රහිත වූ හෙතෙම ශ්‍රමණ වේ.
Pali BJT1226. යමිධ පඨවිං ච වෙහාසං රූපගතං ජගතොගධං කිඤ්චි පරිජීයති සබ්බමතිච්චං එවං සමෙච්ච චරන්ති මුතත්තා.{8}
Sinhala BJT1226. මේ ලෝකයෙහි භූමිනිශ්ශ්‍රිත වූ ද ආකාශස්ථ (දෙව්ලෝ ඇසිරිකළ වූ ද ජගත් පර්‍ය්‍යාපන්න (ලෞකික) වූ යම්කිසි රූපජාතයෙක් වේ නම් (ඒ) සියල්ල වෙසෙසින් දිරයි, අනිත්‍ය යැයි මෙසේ ප්‍රතිවේධ කොට රහත්හු වෙසෙත්.
Pali BJT1227. උපධීසු ජනා ගධිතාසෙ දිට්ඨෙ සුතෙ{9} පටිඝෙ ච මුතෙ ච එත්ථ විනොදය ඡන්දමනෙජො යො හෙත්ථ න ලිප්පති මුනි තමාහු.
Sinhala BJT1227. දනෝ (ස්කන්‍ධාදි) උපධීන්හි බැඳුණාහු යැ, රූපාලම්බනයෙහි ද ශබ්දාලම්බනයෙහි ද ස්ප්‍රෂ්ටව්‍යාලම්බනයෙහි ද ගන්‍ධ-රසාලම්බනයන්හි ද යන මෙහි තෘෂ්ණා රහිත වූයේ කාමච්ඡන්‍දය දුරු කරන්නේ යැ. යමෙක් මෙහි (තෘෂ්ණාලේපයෙන්) නො තැවරේ නම් ඔහු මුනි යැ යි (නුවණැතියෝ) කියත්.
Pali BJT1228. අට්ඨ සට්ඨිසිතා සවිතක්කා පුථුජ්ජනතායං{10} අධම්මා නිවිට්ඨා න ච වග්ගගතස්ස{11} කුහිඤ්චි නො පන දුට්ඨුල්ලගාහී{12} ස භික්ඛු.
Sinhala BJT1228. තවද (‘අධිච්චසමුප්පන්න’ වාදය හැර) සැටක් පමණ වූ මිසදිටුව ඇසුරු කළ අධර්‍ම (මිථ්‍යා) විතර්‍කයෝ පෘථග්ජන සමූහයා තුළ ප්‍රවිෂ්ට වූහ. යමෙක් කිසි තැනෙකැ (ශාශ්වතාදි) මිථ්‍යාදෘෂ්ටි) වර්‍ගගතයෙක් (තල්ලබ්ධිකයෙක්) නො වන්නේ නම් යළි දුර්‍භාෂිතයන් ගන්නා සුල්ලෙක් නො වන්නේ නම් හෙතෙම භික්‍ෂු නම් වේ. නොහොත් ෂෂ්ඨාලම්බනය (ධර්‍මාලම්බන) ඇසුරු කළ බොහෝ වූ අධර්‍ම විතර්‍කයෝ ජනතාව තුළ පිවිසියහ. යමෙක් කිසි තැනෙකැ ක්ලේශවර්‍ගගතයෙක් නො වන්නේ නම් දුර්‍භාෂිත ගන්නාසුල්ලෙක් නො වන්නේ නම් යළි හෙතෙම භික්‍ෂු නම් වේ.
Pali BJT1229. දබ්බො චිරරත්තසමාහිතො{1} අකුහකො නිපකො අපිහාලු, සන්තං පදං අජ්ඣගමා මුනි පටිච්ච පරිනිබ්බුතො කඞ්ඛති කාලං.
Sinhala BJT1229. නුවණැත්තේ දිගුකලක් මුළුල්ලෙහි සමාහිත වැ කොහොන් බව රහිත වැ නිපුණ වැ තෘෂ්ණා රහිත වැ නිවනට පැමිණියේ මුනිවැ සෝපාදිශේෂනිර්‍වාණධාතුයෙන් පිරිනිවියේ (අනුපාදිශෙෂනිර්‍වාණයට) කල් බලයි.
Pali BJT1230. මානං පජහස්සු ගොතම මනපථං ච ජහස්සු අසෙසං මානපථම්හි{2} ස මුච්ඡිතො විප්පටිසාරී හුවා චිරරත්තං.
Sinhala BJT1230. ගෞතම ශ්‍රාවකය, (තෝ) මානය දුරුකර, (ජාති ආදි) සියලු මානපථය ද දුරුකර, මානපථයෙහි මුසපත් වූයේ දිගුකලක් විපිළිසර වී
Pali BJT1231. මක්ඛෙන මක්ඛිතා පජා මානහතා නිරයං පපතන්ති{3} සොචන්ති ජනා චිරරත්තං මානහතා නිරයං උපපන්නා.
Sinhala BJT1231. මකු බව විසින් ප්‍රජාව (ගුණ මැකීමෙන්) පිස්නාලද යැ. මානය විසින් නට ගුණ ඇත්තෝ නිරයට වැටෙත්. මානය විසින් නට ගුණ ඇති, නිරයට පැමිණි ජනයෝ දිගුකලක් මුළුල්ලෙහි සොවිත්.
Pali BJT1232. න හි සොචති භික්ඛු කදාචි මග්ගජිනො සම්මා පටිපන්නො කිත්තිං ච සුඛං චානුභොති ධම්මදසො’ති තමාහු තථත්තං.
Sinhala BJT1232. මාර්‍ගයෙන් දිනූ කෙලෙස් ඇති මොනොවට පිළිපන් මහණ තෙම කිසිකලෙක නො සොවී මැ යි හෙතෙම කීර්තියත් සුඛයත් විඳී තථභාවයට ගිය ඔහු ධර්‍මය දක්නෙකැ යි නුවණැතියෝ කීහු.
Pali BJT1233. තස්මා අඛිලො පධානවා{4} නීවරණානි පහාය විසුද්ධො මානං ච පහාය අසෙසං විජ්ජායන්තකරො සමිතාවී.
Sinhala BJT1233. එහෙයින් (තෝ) චේතෝඛිල රහිත වැ ප්‍රධන්වීර්‍ය්‍ය ඇති වැ නීවරණයන් ප්‍රහීණ කොට පිරිසිදු සිත් අති වැ සියලු මානය ද දුරු කොට සන්හුන් කෙලෙස් ඇති වැ ත්‍රිවිද්‍යායෙන් (දුක්) කෙළවරට පැමිණියෙක් වව.
Pali BJT1234. කාමරාගෙන ඩය්හාමි චිත්තං මෙ පරිඩය්හති සාධු නිබ්බාපනං බ්රූහි අනුකම්පාය ගොතම.
Sinhala BJT1234. කාමරාගයෙන් දැවෙමි, මාගේ සිත හාත්පසින් දැවෙයි. ගෞතම (ගෝත්‍ර ඇති) යෙනි. අනුකම්පා කොට (රාගය) නිවන උපාය වදාළ මැනැවි.
Pali BJT1235. සඤ්ඤාය විපරියෙසා චිත්තං තෙ පරිඩය්හති නිමිත්තං පරිවජ්ජෙහි සුභං රාගූපසංහිතං.
Sinhala BJT1235. (අශුභයෙහි ශුභ යැයි) සංඥාවිපර්‍ය්‍යාසයෙන් තොපගේ සිත හාත්පසින් දැවෙයි. රාගය ඇසුරු කළ ශුභනිමිත්ත දුරු කරව.
Pali BJT1236. සඞ්ඛාරෙ පරතො පස්ස දුක්ඛතො මා ච අත්තතො නිබ්බාපෙහි මහාරාගං මා ඩයිහිත්ථො පුනප්පුනං.{*}
Sinhala BJT1236. සංස්කාරයන් අනාත්ම වශයෙන් බලව, දුක් වශයෙන් බලව, ආත්මවශයෙන් නො බලව, මහාරාගය නිවව, පුනපුනා නො දැවෙව.
Pali BJT1237. අසුභාය චිත්තං භාවෙහි එකග්ගං සුසමාහිතං සති කායගතාත්යත්ථු නිබ්බිදාබහුලො භව.
Sinhala BJT1237. සිත අවික්‍ෂිප්ත කොට (අරමුණෙහි) මොනවට පිහිටුවා අශුභානු දර්‍ශනායෙන් වඩව. තොප ගේ සිහිය කය අනුවගියා වේවා, නිර්වේද බහුලයෙක් වෙව.
Pali BJT1238. අනිමිත්තඤ්ච භාවෙහි මානානුසයමුජ්ජහ තතො මානාභිසමයා උපසන්තො චරිස්සසි.
Sinhala BJT1238. අනිමිත්තභාවනාව ද වඩව, මානානුසය ද දුරුකරව. මානාභිසමයෙන් උපශාන්ත වැ වෙසෙහි.
Pali BJT1239. තමෙව වාචං භාසෙය්ය යායත්තානං න තාපයෙ පරෙ ච න විහිංසෙය්ය සා වෙ වාචා සුභාසිතා.
Sinhala BJT1239. යම් වචනයකින් තමා නො තවන්නේ නම් මෙරමාත් නො පෙළන්නේ නම් එ මැ වචනය කියන්නේ යැ, එකත්නෙන් ඒ වචනය සුභාෂිත වේ.
Pali BJT1240. පියවාචමෙව භාසෙය්ය යා වාචා පටිනන්දිතා යං අනාදාය පාපානි පරෙසං භාසතෙ පියං.
Sinhala BJT1240. යම් වචනයක් මෙරමා විසින් පිළිගන්නා ලද නම් යම් වචනයක් කියන්නේ මෙරමා ගේ අනිටු වචනයන් නො ගෙන ප්‍රිය වචනයක් මැ කියා නම් එ මැ ප්‍රිය වචනය කියන්නේ යි.
Pali BJT1241. සච්චං වෙ අමතා වාචා එස ධම්මො සනන්තනො සච්චෙ අත්ථෙ ච ධම්මෙ ච ආහු සත්තො පතිට්ඨිතා.
Sinhala BJT1241. සත්‍යය ඒකාන්තයෙන් අමෘතවචනයෙකි, තෙල සත්‍ය වචනය පුරාණධර්‍මයෙකි, සත්පුරුෂයෝ සත්‍ය වූ අර්‍ත්‍ථයෙහිත් ධර්‍මයෙහිත් පිහිටියාහු යැ යි (නුවණැතියෝ) කීහු.
Pali BJT1242. යං බුද්ධො භාසති වාචං ඛෙමං නිබ්බානපත්තියා දුක්ඛස්සන්තකිරියාය සා වෙ වාචානමුත්තමා.
Sinhala BJT1242. නිවනට පැමිණෙනු පිණිස දුක් කෙළවර කරනු පිණිස සර්‍වඥයන් වහන්සේ යම් ක්‍ෂේම වූ වචනයක් වදාරත් නම් ඒ වචනය ඒකාන්තයෙන් වචනයෙන් අතුරින් උතුමි.
Pali BJT1243. ගම්භීරපඤ්ඤො මෙධාවී මග්ගාමග්ගස්ස කොවිදො සාරිපුත්තො මහාපඤ්ඤො ධම්මං දෙසෙති භික්ඛූනං.
Sinhala BJT1243. ගම්භීර ප්‍රඥා ඇති, ධම්මෝජප්‍රඥා ඇති, මාර්‍ගාමාර්‍ගයෙහි නිපුණ වූ මහාප්‍රාඥ වූ ශාරීපුත්‍ර තෙමේ භික්‍ෂූන්ට දහම් දෙසයි.
Pali BJT1244. සඞ්ඛිත්තෙන’පි දෙසෙති විත්ථාරෙන’පි භාසති සාලිකායිව{1} නිග්ඝොසො පටිභානං උදීරයී.{2}
Sinhala BJT1244. සැකෙවිනුදු දෙසයි, විතරිනුදු කියයි, සැළලිහිණියකට බඳු මියුරු හඬ ඇත්තේයැ, (කියනු කැමැති කල්හි මුහුදෙහි රළ පෙළ මෙන්) ප්‍රතිභානය (වැටහීම) නැඟ එයි.
Pali BJT1245. තස්ස තං දෙසයන්තස්ස සුණන්ති{3} මධුරං ගිරං සරෙන රජනීයෙන සවනීයෙන වග්ගුනා, උදග්ගචිත්තා මුදිතා සොතං ඔධෙන්ති භික්ඛවො.
Sinhala BJT1245. කාන්ත වූ ශ්‍රවණීය වූ මනෝහර වූ ස්වරයෙන් දෙසන්නා වූ ඒ දහම් සෙනෙවිහුගේ ඒ මිහිරි වදන් භික්‍ෂූහු උන්මුඛ වූ සිත් ඇති වැ මුදිත වැ අසත්, කන්යොමු කරත්.
Pali BJT1246. අජ්ජ පණ්ණරසෙ විසුද්ධියා භික්ඛූ පඤ්චසතා සමාගතා සංයොජනබන්ධනච්ඡිදා අනීඝා ඛීණපුනබ්භවා ඉසී.
Sinhala BJT1246. අද පණුරැසිපොහෝයෙහි විශුද්ධිපචාරණය සඳහා සංයෝජන සංඛ්‍යාත බන්‍ධනයන් සිඳැ ලූ නිදුක් වූ ක්‍ෂය කළ පුනර්‍භවය ඇති ඍෂි වූ පන්සියක් භික්‍ෂූහු රැස්වූහු.
Pali BJT1247. චක්කවත්තී යථා රාජා අමච්චපරිවාරිතො සමන්තා අනුපරියෙති සාගරන්තං මහිං ඉමං.
Sinhala BJT1247. යම්සේ ඇමැතියන් පිරිවැරූ සක්විතිරජ තෙම සයුරු කෙළවර කොට ඇති මෙපොළොව හාත්පස්හි (සියලු තැන්හි) සැරිසරා ද,
Pali BJT1248. එවං විජිතසඞ්ගාමං සත්ථවාහං අනුත්තරං සාවකා පයිරුපාසන්ති තෙවිජ්ජා මච්චුහායිනො.
Sinhala BJT1248. එසේ මැ මාරයා බැහැර කරනසුලු වූ ත්‍රිවිද්‍යා ප්‍රපාප්ත වූ ශ්‍රාවකයෝ දිනනලද ක්ලේශසඞ්ග්‍රාම ඇති නිරුත්තර වූ සාර්‍ත්‍ථවාහ වූ භාග්‍යවතුන් වහන්සේ පර්‍ය්‍යුපාසනය කෙරෙත්.
Pali BJT1249. සබ්බෙ භගවතො පුත්තා පලාසෙත්ථ{4} න විජ්ජති තණ්හාසල්ලස්ස හන්තාරං වන්දෙ ආදිච්චබන්ධුනං.
Sinhala BJT1249. සියල්ලෝ භාග්‍යවතුන් වහන්සේගේ පුත්තු යැ. මෙහි අසාරයෙක් නො පැනේ, තෘෂ්ණාශල්‍යය උපුරන්නා වූ සූර්‍ය්‍යබන්‍ධූහු වඳිමි.
Pali BJT1250. පරොසහස්සං භික්ඛූනං සුගතං පයිරුපාසති දෙසෙන්තං විරජං ධම්මං නිබ්බානං අකුතොභයං.
Sinhala BJT1250. භික්‍ෂූන් අයිරා දහසක් (දහසකට වැඩි භික්‍ෂුහු) පහ වූ රාගාදි රජස් ඇති කොයිනුත් බිය නැති නිවන් දහම් දෙසන සුගතයන් වහන්සේ පර්‍ය්‍යුපාසන කෙරෙයි.