Theragāthā

Verses of the Elder Monks

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 2001-2100 න් 2250

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT1072. අලං මෙ ඵාසුකාමස්ස පහිතත්තස්ස භික්ඛුනො, අලං මෙ යොගකාමස්ස පහිතත්තස්ස තාදිනො.
Sinhala BJT1072. උමාකුසුම් (නිල්කටරොළු) බඳු පැහැ ඇති වූ නිල්වලායෙන් වැසුණු ගුවන්තලය වැනි වු නොයෙක් පක්‍ෂිගණයා විසින් ගැවැසීගත්තාවූ ඒ පර්‍වයෝ මා රමණය කරත්.
Pali BJT1073. උම්මාපුප්ඵෙන{1} සමානා ගගනාවබ්භඡාදිතා, නානාදිජගණාකිණ්ණා තෙ සෙලා රමයන්ති මං.
Sinhala BJT1073. පහසු කැමැති වූ නිවනෙහි එළ වූ සිත් ඇති “භික්‍ෂු” වූ මට මැනැවැ, යෝග කැමැති වූ නිවනෙහි එළ වූ සිත් ඇති “තාදි” වූ මට මැනැවි.
Pali BJT1074. අනාකිණ්ණා ගහට්ඨෙහි මිගසඞ්ඝනිසෙවිතා, නානාදිජගණාකිණ්ණා තෙ සෙලා රමයන්ති මං.
Sinhala BJT1074. ගිහීන්ගෙන් ආකිණ්ර්‍ණ නො වූ මුව (සියුපා) සමූහයා විසින් සෙවුනාලද්දා වූ නොයෙක් පක්‍ෂිගණයාගෙන් ආකීර්‍ණ වූ ඒ පර්‍වතයෝ මා සිත් ගනිත්.
Pali BJT1075. අච්ඡොදිකා පුථුසිලා ගෙනඞ්ගුලමිගායුතා, අම්බුසෙවාලසඤ්ඡන්නා තෙ සෙලා රමයන්ති මං.
Sinhala BJT1075. පහන් දිය ඇති පුළුල්ගලතල ඇත්තා වූ ගොනඟුලන් (වඳුරන්) හා මුවන් (සියුපාවුන්) ගෙන් යුක්ත වූ දියසෙවෙලින් වැසුණා වූ ඒ පර්‍වතයෝ මා සිත් අලවත්.
Pali BJT1076. න පඤ්චඞ්ගිකෙන තුරියෙන රති මෙ හොති තාදිසි, යථා එකග්ගචිත්තස්ස සම්මා ධම්මං විපස්සතො.
Sinhala BJT1076. එකඟසිත් ඇත්තා වූ රූපාදිධර්‍මයන් මොනවට (අනිත්‍යාදි විසින්) විදර්‍ශනා කරන්නා වූ මට යම් බඳු නම් එබඳු රතියක් පසඟතුරු රැවින් මට නො වේ.
Pali BJT1077. කම්මං බහුකං න කාරයෙ පරිවජ්ජෙය්ය ජනං න උය්යමෙ, උස්සුක්කො සො රසානුගිද්ධො අත්ථං රිඤ්චති යො සුඛාවහො.
Sinhala BJT1077. (කර්‍මාරාම වැ) කර්‍ම බොහෝ කොට නො කරවුව මැනැවැ, (කල්‍යාණමිත්‍ර නො වූ) ජනයා දුරු කළ මැනැවැ, (ප්‍රත්‍යයොත්පාදානයෙහි) ව්‍යායාම නො කළ මැනැව, හෙතෙම (කුලෝපගමනයෙහි) උත්සුක වැ රසයෙහි ගිජු වැ යම් අර්‍ත්‍ථයෙක් (තමහට) සුව එළවා නම් ඒ අර්‍ත්‍ථය වමාරයි.
Pali BJT1078. කම්මං බහුකං න කාරයෙ පරිවජ්ජෙය්ය අනත්තනෙය්යමෙත, කිච්ඡති කායො කිලමති දුක්ඛිතො සො සමථං න වින්දති.
Sinhala BJT1078. කර්‍ම බොහෝ කොට නො කරවුව මැනැවැ, තමහට හිත නො වූ තෙල කර්‍මාධිෂ්ඨානය හළ මැනැවි, (ඉන්) කය වෙහෙසෙයි, ක්ලාන්ත වේ, හෙතෙම දුඃඛිත වූයේ සමථය නො ලබයි.
Pali BJT1079. ඔට්ඨප්පහතමත්තෙන අත්තානම්පි න පස්සති, පත්ථද්ධගීවො චරති අහං සෙය්යොති මඤ්ඤති.
Sinhala BJT1079. පණ්ඩිතම්මන්‍යයා (ස්වාධ්‍යායශීර්‍ෂයෙන්) තොල් පහළ පමණින් තමා පමණුදු නො දකි, (අධිමානයෙන්) තද වූ කඳට ඇති වැ හැසිරෙයි, “මම ශ්‍රේෂ්ඨයෙමි” හඟී.
Pali BJT1080. අසෙය්යො සෙය්යසමානං බාලො මඤ්ඤති අත්තානං, න තං විඤ්ඤූ පසංසන්ති පත්ථද්ධමානසං නරං.
Sinhala BJT1080. බාල තෙම හීන වූයේ තමා ශ්‍රේෂ්ඨයකු සම කොට හඟී. නුවණැතියෝ බෙහෙවින් තදමන් ඇති මිනිසකු වූ ඔහු නො පසසත්.
Pali BJT1081. යො ච සෙය්යොහමස්මීති නාහං සෙය්යොති වා පුන, හීනොහං{1} සදිසො වා’ති විධාසු න විකම්පති.
Sinhala BJT1081. යමෙකුත් “මම උසස්මී.” හෝ “උසස් නො වෙමි” හෝ “පහත්මී” හෝ “එබන්දෙමී” හෝ නවවිධමානයෙහි නො සැලේ ද,
Pali BJT1082. පඤ්ඤවන්තං තථා තාදිං{2} සීලෙසු සුසමාහිතං, චෙතොසමථමනුයුත්තං{3} තං වෙ{4} විඤ්ඤූ පසංසරෙ.
Sinhala BJT1082. එසේ නුවණැත්තා වූ තාදිගුණ ඇත්තා වූ අශෛක්‍ෂශීලයෙහි මොනොවට පිහිටියා වූ (රහත්පලසමවත් සමවැදුමින්) චිත්තසමථයෙහි යෙදුණා වූ ඔහු නුවණැතියෝ පසසත්.
Pali BJT1083. යස්ස සබ්රහ්මචාරීසු ගාරවො නූපලබ්භති, ආරකා හොති සද්ධම්මා නභසො පඨවී{5} යථා.
Sinhala BJT1083. සබ්‍රම්සරුන් කෙරෙහි යමකුගේ ගෞරවයෙක් නො ලැබේ ද, හෙතෙම අහසට පොළොව මෙන් සද්ධර්‍මයෙන් දුරු වේ.
Pali BJT1084. යෙසං ච හිරි ඔත්තප්පං සදා සම්මා උපට්ඨිතං, විරූළ්හබ්රහ්මචරියා තෙ{6} තෙසං ඛීණා පුනබ්භවා.
Sinhala BJT1084. තවද යම් කෙනකුන්හට හිරිඔතප් දෙක හැම කල්හි මොනොවට එළඹසිටියේ ද ඔහු වැඩුණු බඹසර ඇත්තාහු යැ. ඔවුන්ගේ පුනර්‍භවයෝ ක්‍ෂය වූවාහු යි.
Pali BJT1085. උද්ධතො චපලො භික්ඛු පංසුකූලෙන පාරුතො, කපීව සීහචම්මෙන න සො තෙනුපසොභති.
Sinhala BJT1085. උද්ධත වූ චපල (පාසිවුරු සැරසීම් ආදිය ඇති) වූ මහණ තෙම පසුල් සිවුරින් පොරෝනාලද්දේ වේද, සිහසමින් පොරෝනාලද වඳුරකු බඳු හෙතෙම ඉන් නො හොබී.
Pali BJT1086. අනුද්ධතො අචපලො නිපකො සංවුතින්ද්රියො, සොභති පංසුකූලෙන සීහො’ව ගිරිගබ්භරෙ.
Sinhala BJT1086. උද්ධත නො වූ චපල නො වූ (ආත්මාර්‍ත්‍ථපරාර්‍ත්‍ථයෙහි) නිපුණ වූ වසන ලද ඉඳුරන් ඇත්තා වූ මහණ තෙම ගිරිගුහායෙහි සීරදකු මෙන් පසුල්සිවුරින් හොබී.
Pali BJT1087. එතෙ සම්බහුලා දෙවා ඉද්ධිමන්තො යසස්සිනො, දසදෙවසහස්සානි සබ්බෙ තෙ බ්රහ්මකායිකා.
Sinhala BJT1087. තෙල බොහෝ වූ දෙවිවරු ඍද්ධිමත්හු යැ, යශස් ඇත්තාහු යැ, බ්‍රහ්මකායික වූ ඒ සියලු දසදහසක් දෙවියෝ,
Pali BJT1088. ධම්මසෙනාපතිං වීරං{7} මහාඣායිං සමාහිතං, සාරිපුත්තං නමස්සන්තා තිට්ඨන්ති පඤ්ජලීකතා.
Sinhala BJT1088. ධර්‍මසේනාපති වූ වීර වූ මහත් ධ්‍යාන ඇත්තා වූ එකඟ සිත් ඇත්තා වූ ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට ඇඳිලි බැඳියාහු නමස්කාර කෙරෙමින් සිටිත්.
Pali BJT1089. නමො තෙ පුරිසාජඤ්ඤ නමො තෙ පුරිසුත්තම, යස්ස තෙ නාභිජානාම යං’පි නිස්සාය ඣායති.
Sinhala BJT1089. ආජානීය පුරුෂය, ඔබට නමස්කාර වේවා! පුරුෂොත්තමය, ඔබට නමස්කාර වේවා! (තෙපි) යම් අරමුණක් නිසා ධ්‍යාන කරවු නම් තොපගේ ඒ අරමුණ (ඇපි) නො දනුම්හ.
Pali BJT1090. අච්ඡෙරං වත බුද්ධානං ගම්භීරො ගොචරො සකො, යෙ මයං නාභිජානාම වාලවෙධිසමාගතා.
Sinhala BJT1090. එකත්නෙන් ආශ්චර්‍ය්‍ය යැ, බුදුවරුන්ගේ ස්වවිෂය ගැඹුරු යැ. වාලවේධීන් සම වැ (සියුම් අරුත් දක්නට) සමර්‍ත්‍ථ වැ ආ යම්බඳු ඇපි (බුද්ධවිෂය) පිරික්සන්නමෝ නො දනුම් හ.
Pali BJT1091. තං තථා දෙවකායෙහි පූජිතං පූජනාරහං, සාරිපුත්තං තදා දිස්වා කප්පිනස්ස සිතං අහු.
Sinhala BJT1091. දේව සමූහයා විසින් එසේ පුදනලද පූජාර්‍හ වූ ඒ ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ දැකැ එදා මහාකප්පිනහට සිනායෙක් (පහළ) වි.
Pali BJT1092. යාවතා බුද්ධඛෙත්තම්හි ඨපයිත්වා මහාමුනිං, ධුතගුණෙ විසිට්ඨොහං සදිසො මෙ න විජ්ජති.
Sinhala BJT1092. සකල බුද්ධක්‍ෂේත්‍රයෙහි මහමුනිහු (සම්‍යක් සම්බුදුන්) හැරැ ධුතගුණයෙන් මා බන්දෙක් නො පැනෙයි. ධුතගුණයෙහි මම විශිෂ්ඨයෙමි.
Pali BJT1093. පරිචිණ්ණො මයා සත්ථා කතං බුද්ධස්ස සාසනං, ඔහිතො ගරුකො භාරො නත්ථි දානි පුනබ්භවො.
Sinhala BJT1093. මා විසින් ශාස්තෲන් වහන්සේ ඇසුරු කරනලදහ. බුදුන්ගේ අනුශාසනය කරනලද යැ, ගුරු බර බහා තබනලද්දේ යැ. මින්මතු (මට) පුනර්‍භවයෙක් නැති.
Pali BJT1094. න චීවරෙ න සයනෙ භොජනෙ නුපලිප්පති,{1} ගොතමො අනප්පමෙය්යො මුලාලපුප්ඵං{2} විමලං’ව, අම්බුනා නික්ඛමනින්නො{3} තිභවාභිනිස්සටො.{4}
Sinhala BJT1094. (තෘෂ්ණායෙන්) චීවරයෙහි නො තැවරෙයි, සයනයෙහි නො තැවරෙයි, භෝජනයෙහි නො තැවරෙයි, ගෞතම තෙමේ ප්‍රමාණාර්‍හ නො වේ. දිය නො තැවරෙන නිර්‍මල වූ නිලුපුලක් වැන්නැ, අභිනිෂ්ක්‍රමයට නැඹුරු වූයේ යැ, භවත්‍රයෙන් නික්මුණේ යි.
Pali BJT1095. සතිපට්ඨනගීවො සො සද්ධාහත්ථො මහාමුනි, පඤ්ඤාසීසො මහාඤාණී සදා චරති නිබ්බුතො’ති.
Sinhala BJT1095. සීවටන් මැ කඳට ඇත්තා වූ සැදැහැ මැ අත් ඇත්තා වූ මහාමුනි වූ නුවණ මැ මුදුනන් ඇත්තා වූ මහනුවණැති වූ හෙතෙම හැම කල්හි නිවියෙක් වැ වෙසේ.
Pali BJTඉත්ථං සුදං ආයස්මා මහාකස්සපො ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ආයුෂ්මත් “මහාකස්සප” ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළහ.
Pali BJTමහාකස්සපත්ථෙරගාථා.
Sinhala BJTමහාකස්සප ස්ථවිරගාථා යි
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඋද්දානය:
Pali BJTචත්තාලීසනිපාතම්හි මහාකස්සපසව්හයො, එකො’ව ථෙරො ගාථායො චත්තාලීස දුවෙ’පි චා’ති.
Sinhala BJTසතළිස් වැනි නිපාතයෙහි “මහාකස්සප” යන ස්වාභිධානය ඇති එක් මැ තෙරනමකි. ගාථාවෝ ද දෙසාළිසෙකි.
Pali BJTචත්තාලීසනිපාතො නිට්ඨිතො.
Sinhala BJTචත්තාලීසනිපාතය නිමි.
Pali BJT50. පඤ්ඤාසනිපාතො.
Sinhala BJT50. පඤ්ඤාසනිපාතය
Pali BJT50. 1. 1.
Sinhala BJT50. 1. 1.
Pali BJT1096. කදා නු’හං පබ්බතකන්දරාසු එකාකියො අද්දුතියො විහස්සං අනිච්චතො සබ්බභවං විපස්සං තං මෙ ඉදං තං නු කදා භවිස්සති.
Sinhala BJT1096. කවරදා නම් මම ගිරිකඳුරුහි එකලා වැ තෘෂ්ණා රහිත වැ වෙසෙම් ද? සියලු භවය අනිත්‍ය විසින් විදර්‍ශනා කරනෙම්ද? මා ගේ ඒ මේ පරිවිතර්‍කය කවරදා නම් (මුදුන්පත්) වන්නේ ද?
Pali BJT1097. කදා නු’හං භින්නපටන්ධරො{1} මුනි කාසාවවත්ථො අමමො නිරාසො{2} රාගං ච දොසං ච තථෙව මොහං හන්ත්වා සුඛී පවනගතො විහස්සං.
Sinhala BJT1097. කවරදානම් මම භින්නපටධර වැ පැවිදි වැ කහවත් ඇති වැ මමත්‍ව නැති වැ ආශා රහිත වැ රාගයත් ද්වේෂයත් එසේ මැ මෝහයත් නසා මහවනගත වැ සුවසේ වෙසෙම් ද?
Pali BJT1098. කදා අනිච්චං වධරොගනීළං{3} කායං ඉමං මච්චුජරායුපද්දුතං විපස්සමානො වීතභයො විහස්සං එකො වනෙ තං නු කදා භවිස්සති.
Sinhala BJT1098. කවරදා නම් (මම) අනිත්‍ය වූ මරණයටත් රෝගයටත් කසලුවක් (කැදැල්ලක්) වූ ජරාමරණ විසින් උපද්‍රැත වූ මෙකය විදර්‍ශනා කෙරෙමින් පහ වූ භය ඇති වැ එකලා වැ වෙනෙහි වෙසෙම් ද? කවරදා නම් ඒ අදහස මුදුන් පත් වන්නේ ද?
Pali BJT1099. කදා නු’හං භයජනනිං දුඛාවහං{4} තණ්හාලතා බහුවිධානුවත්තනිං පඤ්ඤාමයං තිඛිණමසිං ගහෙත්වා ඡෙත්වා වසෙ තම්පි කදා භවිස්සති.
Sinhala BJT1099. කවරදා නම් මම භය උපදවන්නා වූ දුක් එළවන්නා වූ නොයෙක් අයුරු අරමුණු (හෝ භවයන්) අනුව පවත්නා වූ තෘෂ්ණාලතාව මඟනැණමුවා තිහිණි (මුවහත් ඇති) අසිපත ගෙනැ සිඳැලා වෙසෙම් ද? එදා කවරදා නම් මුදුන්පත් වන්නේ ද?
Pali BJT1100. කදා නු පඤ්ඤාමයමුග්ගතෙජං සත්ථං ඉසීනං සහසාදියිත්වා{5} මාරං සසෙනං සහසා භඤ්ජිස්සං සීහාසනෙ තං නු කදා භවිස්සති.
Sinhala BJT1100. කවරදා නම් මම සිහසුන් (තිර අසුන්) හි හිඳ තියුණු මුවහත් ඇත්තා වූ මාර්‍ගඥානමය වූ ඍෂීන්ගේ ශස්ත්‍රය සැහැසි වැ ගෙන සෙන් සහිත මරහු සැහැසි වැ මඩනෙම් ද? ඒ අදහස කවරදා නම් මුදුන්පත් වන්නේ ද?
Pali BJT1101. කදා නු’හං සබ්භිසමාගමෙසු දිට්ඨො භවෙ ධම්මගරූහි තාදිහි යථාවදස්සීහි ජිතින්ද්රියෙහි පධානියො තං නු කදා භවිස්සති.
Sinhala BJT1101. කවරදා නම් මම සත්පුරුෂ සමාගමයෙහි තාදීගුණ ඇත්තා වූ අවිපරීතදර්‍ශන ඇත්තා වූ දිනනලද ඉඳුරන් ඇත්තා වූ ධර්‍මගරුකයන් විසින් දක්නාලද ප්‍රධන් වීර්‍ය්‍ය ඇත්තෙම් වන්නෙම් ද? ඒ අදහස කවරදා නම් මුදුන්පත් වන්නේ ද?
Pali BJT1102. කදා නු මං තන්දිඛුදා පිපාසා වාතාතපා කීටසිරිංසපා{6} වා නබාධයිස්සන්ති{7} න තං ගිරිබ්බජෙ අත්ථත්ථියං තං නු කදා භවිස්සති.
Sinhala BJT1102. කවරදා නම් ස්වාර්‍ත්‍ථය කැමැති වූ ඒ මා ගිරිකඳුරෙහි දී අලස බව හෝ සාපවස් හෝ අවුසුළං හෝ කෘමි නුහුසුවෝ හෝ නො පෙළත් ද? ඒ අදහස කවරදා නම් මුදුන්පත් වන්නේ ද?
Pali BJT1103. කදා නු ඛො යං විදිතං මහෙසිනා චත්තාරි සච්චානි සුදුද්දසානි සමාහිතත්තො සතිමා අගච්ඡං, පඤ්ඤාය තං තං නු කදා භවිස්සති.
Sinhala BJT1103. කවරදා නම් මම මහර්ෂී වූ සම්බුදුන් විසින් යම් සත්‍යයක් අවබෝධ කරනලද නම් දැකීමට අතිශයින් දුෂ්කර වූ ඒ චතුරාර්‍ය්‍යසත්‍යයන් එකඟ වු සිත් ඇති වැ සිහි ඇති වැ මාර්‍ගප්‍රඥායෙන් අවබෝධ කරනෙම් ද? ඒ අදහස කවරදා නම් මුදුන් පත් වන්නේ ද?
Pali BJT1104. කදා නු රූපෙ අමිතෙ ච සද්දෙ ගන්ධෙ රසෙ ඵුසිතබ්බෙ ච ධම්මෙ ආදිත්තතොහං සමථෙහි යුත්තො පඤ්ඤාය දක්ඛං{8} තදිදං කදා මෙ.
Sinhala BJT1104. කවරදා නම් සමාධියෙන් යුක්ත වූ මම අප්‍රමාණ වූ රූපයන් ද ශබ්දයන් ද ගන්‍ධයන් ද ස්ප්‍රෂ්ටව්‍යයන් ද ධර්‍මාරම්මණයන් ද ගිනි ඇවිලගත්තවුන් සෙයින් (විදර්‍ශනා) ප්‍රඥායෙන් දක්නෙම් ද, මා ගේ ඒ අදහස කවරදා නම් මුදුන්පත් වන්නේ ද?
Pali BJT1105. කදා නු’හං දුබ්බචනෙන වුත්තො තතො නිමිත්තං විමනො න හෙස්සං අථො පසත්ථො’පි තතො නිමිත්තං තුට්ඨො න හෙස්සං තදිදං කදා මෙ.
Sinhala BJT1105. කවරදා නම් මම දුර්‍භාෂිතයෙන් ගටනාලද්දෙම් එය නිමිති කොට දොම්නස් නො වෙම් ද, නොහොත් පසස්නාලද්දෙම් එය නිමිති කොට තුටුයෙම් නො වෙම් ද, මා ගේ ඒ මේ අදහස කවරදා නම් මුදුන්පත් වන්නේ ද?
Pali BJT1106. කදා නු කට්ඨෙ ච තිණෙ ලතා ච ඛන්ධෙ ඉමෙහං අමිතෙ ච ධම්මෙ අජ්ඣත්තිකානෙව ච බාහිරානි ච සමං තුලෙය්යං තදිදං කදා මෙ.
Sinhala BJT1106. කවරදා නම් මම කාෂ්ටයන් ද තෘණයන් ද ලතාවන් ද මේ පඤ්චස්කන්‍ධය ද ආධ්‍යාත්මික වූත් බාහ්‍ය වූත් අප්‍රමාණ රූපධර්‍මයන් ද සමසේ තුලනය කෙරෙම් ද, මා ගේ ඒ මේ අදහස කවරදා නම් මුදුන්පත් වන්නේ ද?
Pali BJT1107. කදා නු මං පාවුසකාලමෙඝො නවෙන තොයෙන සචීවරං වනෙ ඉසිප්පයාතම්හි පථෙ වජන්තං ඔවස්සතෙ තං නු කදා භවිස්සති.
Sinhala BJT1107. කවරදා නම් වැසිකල්හි වූ මේඝය තෙම වනයෙහි ඍෂීන් ගිය මඟ සිවුරු සහිත වැ යන මා අළුත් දියෙන් තෙමන්නේ ද? (මාගේ) ඒ අදහස කවරදා නම් මුදුන්පත් වන්නේ ද?
Pali BJT1108. කදා මයූරස්ස සිඛණ්ඩිනො වනෙ දිජස්ස සුත්වා ගිරිගබ්භරෙ රුතං පච්චුට්ඨහිත්වා අමතස්ස පත්තියා සංචින්තියෙ තං නු කදා භවිස්සති.
Sinhala BJT1108. කවරදා නම් මම වනයෙහි ගිරිළැහැබ්හි දී සිළු ඇති මයූර පාක්‍ෂියා ගේ කෙකාරවය අසා යහනින් නැඟී නිර්‍වාණාධිගමය පිණිස (අනිත්‍යාදි විසින්) මෙනෙහි කෙරෙම් ද, මා ගේ ඒ අදහස කවරදා නම් මුදුන්පත් වන්නේ ද?
Pali BJT1109. කදා නු ගඞ්ගං යමුනං සරස්සතිං පාතාලඛිත්තං වළවාමුඛං ච{1} අසජ්ජමානො පතරෙය්යමිද්ධියා විභීසනං{2} තං නු කදා භවිස්සති.
Sinhala BJT1109. කවරදා නම් මම ගඞ්ගා යැ යමුනා යැ සරස්වතී යැ යන නදීන් හා ඉතා බිහිසුණු වූ පාතාල භූමින් (නරාවළ) හා වඩබාමුඛය හා යන මොවුන් නො පැකිළැ ඍද්ධියෙන් තරණය කෙරෙම් ද, මා ගේ ඒ අදහස කවරදා නම් මුදුන්පත් වන්නේ ද?
Pali BJT1110. කදා නු නාගො’ව අසඞ්ගචාරී{3} පදාලයෙ කාමගුණෙසු ඡන්දං නිබ්බජ්ජයං සබ්බසුභං නිමිත්තං ඣානෙ යුතො තං නු කදා භවිස්සති.
Sinhala BJT1110. කවරදානම් මම (කිසිවක) නො ලැගෙන පැවැතුම් ඇති වූ ඇතකු මෙන් සියලු ශුභාරම්මණයන් නිරවශේෂයෙන් බැහැර කෙරෙමින් ධ්‍යානයෙහි යෙදුණෙම් කාමගුණයෙහි ඡන්‍දය පළනෙම් ද, මාගේ ඒ අදහස කවරදා නම් මුදුන්පත් වන්නේ ද?
Pali BJT1111. කදා ඉණට්ටො’ව දළිද්දකො නිධිං ආරාධයිත්වා ධනිකෙහි පීළිතො තුට්ඨො භවිස්සං අධිගම්ම සාසනං මහෙසිනො තං නු කදා භවිස්සති.
Sinhala BJT1111 කවරදා නම් මම ධනහිමියන් විසින් පෙළනුලැබුවා වූ ණය හෙයින් ලජ්ජා ඇත්තා වූ දිළින්දකු නිදහනක් ලැබ මෙන් මහර්ෂී වූ සම්බුදුන්ගේ ශාසනය සාක්‍ෂාත් කොට ගෙන තුෂ්ට වන්නෙම් ද, මාගේ ඒ අදහස කවරදා නම් මුදුන්පත් වන්නේ ද?
Pali BJT1112. බහූනි වස්සානි තයාම්හි යාචිතො ආගාරවාසෙන අලං නු තෙ ඉදං තං දානි මං පබ්බජිතං සමානං කිංකාරණා චිත්ත තුවං න යුඤ්ජසි.
Sinhala BJT1112. එම්බා චිත්තය, තා විසින් වනාහි දැන් තා ගේ ගිහිගේ වාසයෙන් කම් නැත’ යි බොහෝ කලක් මුළුල්ලෙහි මම අයදනාලද්දෙම් නො වෙම් ද, ඒ මා දැන් පැවිදි වත් මැ කවර හෙයින් තෝ යෝග නො කරන්නෙහි ද?
Pali BJT1113. නනු අහං චිත්ත තයාම්හි යාචිතො ගිරිබ්බජෙ චිත්රඡදා විහඞ්ගමා මහින්දඝොසත්ථන්තාභිගජ්ජිනො තෙ තං රමිස්සන්ති{4} වනම්හි ඣායිනං.
Sinhala BJT1113. එම්බා චිත්තය, තා විසින් වනාහි ගිරිකඳුරුයෙහි (වසන) ඒ විසිතුරු පියාපත් ඇත්තා වූ (මයුර) පක්‍ෂීහු ද ජලනිර්ඝෝෂයෙන් උන්නාදවත් වූ ගලතලාවෝ ද වනයෙහි ධ්‍යාන කරන්නා වූ තා රමණය කරතී’ මම අයදනා ලද්දෙම් නො වෙම් ද?
Pali BJT1114. කුලම්හි මිත්තෙ ච පියෙ ච ඤාතකෙ ඛිඩ්ඩාරතිං කාමගුණං ච ලොකෙ සබ්බං පහාය ඉමමජ්ඣපාගතො{5} අථො’පි ත්වං චිත්ත න මය්හ තුස්සසි.{6}
Sinhala BJT1114. එම්බා චිත්තය, (තාගේ) අයැදුමෙන් කුලයෙහි මිතුරන් ද ප්‍රියයන් ද නෑයන් ද ක්‍රීඩාරතිය ද ලෝකයෙහි කාමගුණයන් ද යන සියල්ල හැර දමා මේ අරනට (හෝ පැවිද්දට) එළඹියෙමි, එතෙකුදුවත් තෝ මා නො පිණවන්නෙහි යැ.
Pali BJT1115. මමෙව එතං න හි ත්වං පරෙසං සන්නාහකාලෙ පරිදෙවිතෙන කිං සබ්බං ඉදං චලමිති පෙක්ඛමානො අභිනික්ඛමිං අමතපදං{7} ජිගීසං.
Sinhala BJT1115. එම්බා චිත්තය, තෙල සිත මා ගේ මැ යැ, තෝ පරසතු නො වේ මැ යි, (ක්ලේශයුද්ධයට භාවනායෙන්) සන්නාහ සන්නද්ධ වන කල්හි වැලැප්මෙන් කිම, මේ (ත්‍රෛභූමක ධර්‍ම) සියල්ල චපල (අනිත්‍ය) යැ යි නුවණින් දක්මින් අමෘතපදය (නිවන) සොයන්නෙම් අභිනිෂ්ක්‍රමණය කෙළෙමි:
Pali BJT1116. සුයුත්තවාදී{1} ද්විපදානමුත්තමො මහාභිසක්කො නරදම්මසාරථි{2} චිත්තං චලං මක්කටසන්නිභං ඉති අවීතරාගෙන සුදුන්නිවාරයං.
Sinhala BJT1116. එම්බා චිත්තය, අවීතරාගයා විසින් වළහනු ඉතා දුකර වූ චපල සිත වනාහි වන වඳුරකු වැන්නැ යි සුභාෂිතවාදී වූ දෙපා ඇත්තවුන් අතුරෙහි උතුම් වූ (දුකට) ජගද්වෛද්‍ය වූ නරදම්‍යසාරථීහු වදාළහ.
Pali BJT1117. කාමා හි චිත්රා මධුරා මනොරමා අවිද්දසූ යත්ථ සිතා පුථුජ්ජනා තෙ දුක්ඛමිච්ඡන්ති පුනබ්භවෙසිනො චිත්තෙන නීතා නිරයෙ නිරාකතා.
Sinhala BJT1117. නුවණමඳ පුහුදුන් යම් තැනෙකැ ඇලුණාහු නම් ඒ කාමයෝ විචිත්‍රහ, මධුරහ, මනෝරම්‍යහ, ඔහු පුනර්‍භවය සොයන්නාහු සිත විසින් (සුඛයෙන්) නිරාකෘත (වළහනලදු) වැ නිරයෙහි පමුණුවන ලද්දාහු දුක් කැමැති වෙත්.
Pali BJT1118. මයූරකොඤ්චාභිරුතම්හි කානනෙ දීපීහි ව්යග්ඝෙහි පුරක්ඛතො වසං කායෙ අපෙක්ඛං ජහ මා විරාධය{3} ඉතිස්සු මං චිත්ත පුරෙ නියුඤ්ජසි.
Sinhala BJT1118. මොනරුන් විසින් විල්ළිහිණියන් විසින් කරනලද නාද ඇති වනයෙහි දිවියන් විසින් වගුන් විසින් පෙරටු කරනලදු වැ වසන්නෙහි සිරුරෙහි අපේක්‍ෂාව හැරැදමව, නවමක්‍ෂණය නහමක් වරද’යි පෙර මා (පැවිද්දෙහි) යෙදුයෙහි
Pali BJT1119. භාවෙහි ඣානානි ච ඉන්ද්රියානි{4} බලානි බොජ්ඣඞ්ගසමාධිභාවනා තිස්සො ච විජ්ජා ඵුස බුද්ධසාසනෙ ඉතිස්සු මං චිත්ත පුරෙ නියුඤ්ජසි.
Sinhala BJT1119. එම්බා චිත්තය, පෙර තෝ “බුදුසසුන්හි ධ්‍යාන වඩව, ඉන්‍ද්‍රිය බල බෝධ්‍යඞ්ගසමාධිභාවනාවන් වඩව, ත්‍රිවිද්‍යාවන් ද ලබව” යි මට අණ කෙළෙහි.
Pali BJT1120. භාවෙහි මග්ගං අමතස්ස පත්තියා නිය්යානිකං සබ්බදුඛක්ඛයොගධං අට්ඨඞ්ගිකං සබ්බකිලෙසසොධනං ඉතිස්සු මං චිත්ත පුරෙ නියුඤ්ජසි.
Sinhala BJT1120. එම්බා චිත්තය, තෝ “පෙරැ නෛර්‍ය්‍යාණික වූ සර්‍වදුඃඛක්‍ෂය සඞ්ඛ්‍යාත නිවන අරමුණු කළ සර්‍වක්ලේශශෝධන වූ අෂ්ටාඞ්ගිකමාර්‍ගය නිර්‍වාණ ප්‍රාප්තිය පිණිස වඩව” යි මෙසෙසින් මට අණ කෙළෙහි.
Pali BJT1121. දුක්ඛන්ති ඛන්ධෙ පටිපස්ස යොනිසො යතො ච දුක්ඛං සමුදෙති තං ජහ ඉධෙව දුක්ඛස්ස කරොහි අන්තං ඉතිස්සු මං චිත්ත පුරෙ නියුඤ්ජසි.
Sinhala BJT1121. එම්බා චිත්තය, පෙර තෝ “ස්කන්‍ධයන් දුකැ යි නුවණින් බලව, යළි යමකින් දුක හටගැනේ නම් එය දුරු කරව, මෙ අත් බැව්හි දී මැ දුක් කෙළවර කරව”යි මට අණ කෙළෙහි.
Pali BJT1122. අනිච්චං දුක්ඛන්ති විපස්ස යොනිසො සුඤ්ඤං අනත්තාති අඝං වධන්ති ච මනොවිචාරෙ උපරුන්ධ චෙතසො ඉතිස්සු මං චිත්ත පුරෙ නියුඤ්ජසි.
Sinhala BJT1122. එම්බා චිත්තය, පෙර තෝ “(ස්කන්‍ධයන්) අනිත්‍ය යැයි ද (උදයව්‍යය පීළිත හෙයින්) දුකැ යි ද (අසාරාදි බැවින්) ශුන්‍ය යැ යි ද අනාත්ම යැ යි ද අඝ යැ යි ද හිංසක යැ යි ද නුවණින් විදර්‍ශන කරව (අටළොස්) මනෝපවිචාරයන් සිතින් වළකව” යි මට අණ කෙළෙහි.
Pali BJT1123. මුණ්ඩො විරූපො අභිසාපමාගතො කපාලහත්ථොව කුලෙසු භික්ඛසු{5} යුඤ්ජස්සු සත්ථුවචනෙ මහෙසිනො ඉතිස්සු මං චිත්ත පුරෙ නියුඤ්ජසි.
Sinhala BJT1123. එම්බා චිත්තය, තෝ වනාහි පෙර “තෝ මුඬු වැ විරූප වැ භික්‍ෂූ සමූහයා අතුරෙහි කබල් ගත් අත් ඇති වැ (කබල්ගත් අත් ඇති වැ සිඟා ඇවිදුව යන) අභිශාපයට පැමිණියෙහි මහර්ෂී වූ ශාස්තෲන් වහන්සේගේ වචනයෙහි නියුක්ත වව”යි මට අණ කෙළෙහි.
Pali BJT1124. සුසංවුතත්තො විසිඛන්තරෙ{6} චරං කුලෙසු කාමෙසු අසඞ්ගමානසො චන්දො යථා දොසිනපුණ්ණමාසියා ඉතිස්සු මං චිත්ත පුරෙ නියුඤ්ජසි.
Sinhala BJT1124. එම්බා චිත්තය, තෝ වනාහි පෙර “තෝ සුසංවෘත වැ වීථි අතුරෙහි සරමින් පැහැදිලි පුරපසළොස්වක් දා සඳ මෙන් කුලයන්හිදු පස්කම්හිදු නො ඇලුණු සිත් ඇතියෙක් වව යි” මට අණ කෙළෙහි.
Pali BJT1125. ආරඤ්ඤිකො හොහි{7} ච පිණ්ඩපාතිකො සොසානිකො හොහි7 ච පංසුකූලිකො නෙසජ්ජිකො හොහි{7} සදා ධුතෙ රතො ඉතිස්සු මං චිත්ත පුරෙ නියුඤ්ජසි.
Sinhala BJT1125. එම්බා චිත්තය, තෝ වනාහි පෙර “තෝ හැම කල්හි ධුතාඞ්ගයෙහි ඇලුණෙහි ආරණ්‍යක වන්නැ යි පිණ්ඩපාතික වන්නැයි ස්මශානික වන්නැයි පාංශුකූලික වන්නැ යි නෙසජ්ජික වන්නැ”යි මට අණ කෙළෙහි.
Pali BJT1126. රොපෙත්ව{1} රුක්ඛානි යථා ඵලෙසී මූලෙ තරුං ඡෙත්තු තමෙව ඉච්ඡසි තථූපමං චිත්තමිදං{2} කරොසි යං මං අනිච්චම්හි චලෙ නියුඤ්ජසි.
Sinhala BJT1126. එම්බා චිත්තය, තෝ මා අනිත්‍ය වූ චලත්සංසාරයෙහි යොදවනෙහි ද ඒ තෝ ඵල කැමැත්තකු වෘක්‍ෂයන් වවා ඒ වෘක්‍ෂ මුල ලා සිඳින්නට කැමතියකු සේ මෙය කෙරෙහි.
Pali BJT1127. අරූප දූරඞ්ගම එකචාරි න තෙ කරිස්සං වචනං ඉදානිහං දුක්ඛා හි කාමා කටුකා මහබ්භයා නිබ්බානමෙවාභිමනො චරිස්සං.
Sinhala BJT1127. එම්බා රූ නැත්තව, දූරඞ්ගමය, එකලා තැනැත්තව, මින් මතු මම තාගේ වචනය නො කරන්නෙමි යම් හෙයකින් කාමයෝ (අතීතයෙහි) දුක් වූවාහු ද, (අනාගතයෙහි) කටුකඵල ඇත්තාහු ද මහත් භය ඇත්තාහු ද එහෙයින් මම නිවනට මැ මුහුණ ලා හැසිරෙන්නෙමි.
Pali BJT1128. නාහං අලක්ඛ්යා අහිරික්කතාය{3} වා න චිත්තහෙතූ න ච දූරකන්තනා ආජීවහෙතූ ච අහං න නික්ඛමිං කතො ච තෙ චිත්ත පටිස්සවො මයා.
Sinhala BJT1128. එම්බා චිත්තය, මම අභාග්‍ය හෙයින් හෝ නිර්‍ලජ්ජ බැවින් හෝ (චපල) සිතට වහල් වැ හෝ රාජද්‍රෝහි බැවින් හෝ දිවි රැකගන්නා හෙයින් හෝ ගිහිගෙන් නික්මුණෙම් නො වෙමි. මා විසින් තට තා වශයෙහි නො සිටුනා බවට ප්‍රතිඥා කරනලදි.
Pali BJT1129. අප්පිච්ඡතා සප්පුරිසෙහි වණ්ණිතා මක්ඛප්පහානං වූපසමො දුඛස්ස{4} ඉතිස්සු මං චිත්ත තදා නියුඤ්ජසි ඉදාකි ත්වං ගච්ඡසි පුබ්බචිණ්ණං.
Sinhala BJT1129. එම්බා චිත්තය, තෝ එකල්හි “අල්පෙච්ඡ බව සත්පුරුෂයන් විසින් වර්ණිත යැ යි, ගුණමකු බව ප්‍රහීණ කිරීම දුඃඛයා ගේ ව්‍යුපශම යැ”යි (එහෙයින් එගුණයන්හි පිහිටිය යුතු යැ යි) මට අණ කෙළෙහි ය. දැන් තෝ පෙර පුරුදු දැයට යන්නෙහි.
Pali BJT1130. තණ්හා අවිජ්ජා{5} ච පියාප්පියඤ්ච{6} සුභානි රූපානි සුඛා ච වෙදනා මනාපියා කාමගුණා ච වන්තා වන්තෙ අහං ආවමිතුං{7} න උස්සහෙ.
Sinhala BJT1130. තෘෂ්ණාව ද අවිද්‍යාව ද ප්‍රියාප්‍රියයෝ ද ශුභරූපයෝ ද සුඛවේදනාව ද මන වඩන කාමගුණයෝ ද (මා විසින්) වමාරා දමන ලදහ, වමාළ දැ යළි ගිලින්නට මම උත්සාහ නො කරමි.
Pali BJT1131. සබ්බත්ථ තෙ චිත්ත වචො කතං මයා බහූසු ජාතීසු න මෙසි කොපිතො අජ්ඣත්තසම්භවො කතඤ්ඤුතාය තෙ දුක්ඛෙ චිරං සංසරිතං තයා කතෙ.
Sinhala BJT1131. එම්බා චිත්තය, සියලු (භව, යෝනි, ගති, විඥානස්ථිති යන) තැන්හි මා විසින් තා ගේ වචනය කරනලද යැ, නොයෙක් ජාතීන්හි දී මා විසින් තෝ කෝප නො කරන ලද්දෙහි යැ. අධ්‍යාත්මයෙහි (සන්තානයෙහි) සම්භව වැද තා කළගුණ නො දන්නා බැවින් තා විසින් නිපදවන ලද (සසර) දුක්හි මා දිගුකලක් සැරිසැරූ බව යැ.
Pali BJT1132. ත්වඤ්ඤෙව නො චිත්ත කරොසි බ්රාහ්මණො ත්වං ඛත්තියො{8} රාජදසී කරොසි වෙස්සා ච සුද්දා ච භවාම එකදා දෙවත්තනං වා’පි තවෙව වාහසා.
Sinhala BJT1132. එම්බා චිත්තය, තෝ මැ අපට උපකාර වෙහි, තෝ මැ බ්‍රාහ්මණ වෙහි, තෝ මැ ක්‍ෂත්‍රිය වෙහි, තෝ මැ රජ වෙහි, තා මැ හේතු කොට ගෙන අපි ඇතැම් කලෙකැ වෛශ්‍යත් ශුද්‍රත් වම්හ. දිව්‍යභාවය ද ලබම්හ.
Pali BJT1133. තවෙ’ව හෙතූ අසුරා භවාමසෙ ත්වංමූලකං නෙරයිකා භවාමසෙ අථො තිරච්ඡානගතා’පි එකදා පෙතත්තනං වා’පි තවෙ’ව වාහසා.
Sinhala BJT1133. තා මැ හේතුකොට ගෙන අසුර වම්හ, තා මැ මුල් කොට ගෙන තිරිසන් වම්හ, තවද ඇතැම් කලෙකැ තා මැ මුල් කොට ගෙන තිරිසන්ගත ද වම්හ, තා ගේ මැ කාරණභාවයෙන් ප්‍රේතභාවය ද ලබම්හ.
Pali BJT1134. නනු{9} දුබ්භිස්සසි මං පුනප්පුනං මුහුං මුහුං චාරණීකං’ව දස්සයං{10} උම්මත්තකෙනෙව මයා පලොභසි කිඤ්චා’පි තෙ චිත්ත විරාධිතං මයා.
Sinhala BJT1134. එම්බා චිත්තය, එක්වන් චරණචිත්‍ර (පෙතිකඩ) දක්වන්නකු සෙයින් තෝ මට පුනපුනා ද්‍රෝහ වන්නෙහි නො වේ ද, උමතුවකු හා සෙයින් මා හා කෙළිමින් මා පොළොඹන්නෙහි නො වේ ද? එම්බා චිත්තය, තට මා කළ වරද කිම.
Pali BJT1135. ඉදං පුරෙ චිත්තමචාරි චාරිකං යෙනිච්ඡකං යත්ථකාමං යථාසුඛං තදජ්ජහං නිග්ගහෙස්සාමි{11} යොනිසො හත්ථිප්පභින්නං{12} විය අඞ්කුසග්ගහො.
Sinhala BJT1135. පෙර මේ සිත කැමැති අයුරින් කැමැති තැනෙකැ සුවසේ සැරි සැරී යැ, අද මම ඒ සිත අකුස්සක් ගත්තෙක් මතැතකු සෙයින් යෝනිසෝ මනසිකාරයෙන් නිගන්නෙමි.
Pali BJT1136. සත්ථා ච මෙ ලොකමිමං අධිට්ඨහි අනිච්චතො අද්ධුවතො අසාරතො, පක්ඛන්ද මං චිත්ත ජිනස්ස සාසනෙ තාරෙහි ඔඝා මහතා{1} සුදුත්තරා.
Sinhala BJT1136. මාගේ ශාස්තෲන් වහන්සේ ද මේ (ස්කන්‍ධ) ලෝකය අනිත්‍ය වශයෙන් අස්ථිර වශයෙන් අසාර වශයෙන් අධිෂ්ඨාන කළහ. එම්බා චිත්තය (තෝ) මා බුදුසසුන්හි පිවිසව, තරණයට අතිශයින් දුෂ්කර වූ මහත් වූ ඕඝයෙන් තරවාලව (එතෙර කරව).
Pali BJT1137. න තෙ ඉදං චිත්ත යථා පුරාණකං නාහං අලං තුය්හවසෙ නිවත්තිතුං, මහෙසිනො පබ්බජිතොම්හි සාසනෙ න මාදිසා හොන්ති විනාසධාරිනො.
Sinhala BJT1137. එම්බා චිත්තය, මේ ආත්මභාව (ගෘහ) ය. පැරැණි ආත්මභාව (ගෘහ) ය සෙයින් තා සතු නො වෙයි, මා තාගේ වශයෙහි නවත්නට නො මැනැවි, මම මහර්ෂිහුගේ සසුන්හි පැවිදි වීමි, මා වැන්නෝ විනාශධාරීහු නො වෙත් (ඒකාන්තයෙන් ශ්‍රමණ මැ වෙත්.)
Pali BJT1138. නගා සමුද්දා සරිතා වසුන්ධරා දිසා චතස්සො විදිසා අධො දිවා{2}, සබ්බෙ අනිච්චා තිභවා උපද්දුතා කුහිං ගතො චිත්ත සුඛං රමිස්සසි.
Sinhala BJT1138. පර්‍වතයෝ යැ සමුද්‍රයෝ යැ නදීහු යැ පෘථිවිය යැ චතුර්දිශා හැ අනුදිශා යැ (උදක සන්‍ධාරකවායුස්කන්‍ධය තෙක්) අධෝභාග යැ දේවලෝකයෝ යැ යන සියල්ල අනිත්‍යයෝ යැ, භවත්‍රය (කෙලෙසුන් විසින්) උපද්‍රැත යි. එම්බා චිත්තය, කොහි ගියෙහි සුවසේ රමණය කරන්නෙහි ද?
Pali BJT1139. ධිතිප්පරං{3} කිං මම චිත්ත කාහිසි න තෙ අලං චිත්ත වසානුවත්තකො, න ජාතු භස්තං උභතොමුඛං{4} ඡුපෙ ධිරත්ථු පූරං නව සොතසන්දනිං.{5}
Sinhala BJT1139. එම්බා චිත්තය, ධෛර්‍ය්‍ය පිහිට කොට ඇති මට තෝ කුමක් කරන්නෙහි ද, චිත්තය, (මම) තාගේ වශයෙහි පවත්නෙම් නො වෙමි, දෙපස මුව ඇති සම්පිහිවාවක් කිසිකලෙකත් නො පහසන්නේ යැ. අශුචියෙන් පිරුණා වූ ශ්‍රෝතස් නවයකින් අශුචි වැගිරෙන්නා වූ කයට නින්‍දා වේවා!
Pali BJT1140. වරාහඑණෙය්ය විගාළ්හසෙවිතෙ පබ්භාරකූටෙ පකතෙ’ව සුන්දරෙ, නවම්බුනා පාවුසසිත්තකානනෙ තහිං ගුහාගෙහගතො රමිස්සසි.
Sinhala BJT1140. එම්බා චිත්තය, තෝ වනාහි වල්හූරන් හා “එණි” මුවන් විසින් පිවිස සෙවුනා ලද ප්‍රාග්හාරයන් හා ගිරිකුළු ඇති, පියොවින් මැ සුන්‍දර වූ භූමිභාග ඇති, අළුත් වැසි දියෙන් තෙත් වූ ඒ වනයෙහි ගුහා නැමැති ගෙට පැමිණියෙහි (භාවනා රතියෙන්) රමණය කරව.
Pali BJT1141. සුනීලගීවා සුසිඛා සුපෙඛුණා සුචිත්තපත්තච්ඡදනා විහඞ්ගමා, සුමඤ්ජුඝොසත්ථනිතාභිගජ්ජිනො තෙ තං රමිස්සන්ති{6} වනම්හි ඣායිනං.
Sinhala BJT1141. (එම්බා චිත්තය), සුනිල්ගෙල ඇත්තා වූ මනාසිළු ඇත්තා වූ මනා පිල්බර ඇත්තා වූ විසිතුරු පියාපත් සෙවෙණි ඇත්තා වූ පක්‍ෂී වූ මේඝගර්‍ජනා හේතුයෙන් මිහිරිහඬින් නාද කරනසුලු වූ ඒ මයුරයෝ වනයෙහි ධ්‍යාන කරනසුලු වූ තා සිත් අළවන්නාහ.
Pali BJT1142. වුට්ඨම්හි දෙවෙ චතුරඞ්ගුලෙ තිණෙ සංපුප්ඵිතෙ මෙඝනිභම්හි කානනෙ, නගන්තරෙ විටපිසමො සයිස්සං තං මෙ මුදූ හෙහිති තූලසන්නිභං.
Sinhala BJT1142. වැසි වට කල්හි, සිව් අඟුල් තණ ඇති කල්හි, වැසිවලා බඳු වූ වනය මොබවට පිපීගිය කල්හි, පර්‍වත අතුරෙහි රුක් බඳු වැ හෝනෙමි, ඒ තණ පසතුරුණ අළුත් යහනක් සෙයින් මට මොළොක් වන්නේ යි.
Pali BJT1143. තථා තු කස්සාමි{7} යථා’පි ඉස්සරො යං ලබ්භති තෙන’පි හොතු මෙ අලං, න තාහං කස්සාමි{8} යථා අතන්දිතො බිළාරභස්තං’ව යථා සුමද්දිතං.
Sinhala BJT1143. (එම්බා චිත්තය) ඊශ්වර පුරුෂයෙක් (බැළයකු) යම්සේ නම් මම එසේ තා වසඟ කරන්නෙමි, (සියුපසයෙන්) යම්තමක් හෝ ලැබේ නම් ඉනිඳු මට පමණ වේවා! (භාවනායෙහි) නො මැළියෙක් යම්සේ නම් මම එසේ තා මොනොවට මඩනාලද බළල්සම්පිහිවාවක් සෙයින් (කර්‍මක්‍ෂම) නො කරන්නෙම් ද?
Pali BJT1144. තථා තු කස්සාමි යථා’පි ඉස්සරො යං ලබ්භති තෙන’පි හොතු මෙ අලං, විරියෙන තං මය්හ වසානයිස්සං ගජං’ව මත්තං කුසලඞ්කුසග්ගහො.
Sinhala BJT1144. (එම්බා චිත්තය) ඊශ්වර පුරුෂයෙක් (බැලයකු) යම්සේ නම් මම එසේ තා වසඟ කරන්නෙමි, (සියුපසයෙහි) යම්තමක් හෝ ලැබේ නම් ඉනිදු මට පමණ වේවා, දක්‍ෂ වූ ඇතරුවෙක් මතැනකු සෙයින් (මම) වීර්‍ය්‍යයෙන් තා මා ගේ වශයට පමුණුවන්නෙමි.
Pali BJT1145. තයා සුදන්තෙන අවට්ඨිතෙන{1} හි හයෙන යොග්ගාචරියො’ව උජ්ජුනා, පහොමි මග්ගං පටිපජ්ජිතුං සිවං චිත්තානුරක්ඛීහි සදා නිසෙවිතං.
Sinhala BJT1145. (එම්බා චිත්තය) මොනොවට දැමුණා වූ (සමාහිත බැවින්) සිටියා වූ තා කරණ කොටගෙන ඍජු ගති ඇති අශ්වාජානියයකු කරණකොට ගෙන අස්දම්සැරියකු සෙයින් මම චිත්තානුරක්‍ෂීන් විසින් හැම කල්හි සෙවුනාලද ක්‍ෂේමමාර්‍ගයට පැමිණෙන්නට සමත්මි.
Pali BJT1146. ආරම්මණෙ තං බලසා නිබන්ධිසං{2} නාගං’ව ථම්භම්හි දළ්හාය රජ්ජුයා, තං මෙ සුගුත්තං සතියා සුභාවිතං අනිස්සිතං සබ්බභවෙසු හෙහිසි.
Sinhala BJT1146. එම්බා චිත්තය, දැඩි රැහැනින් ටැඹෙකැ බඳනාලද ඇතකු සෙයින් භාවනා බලයෙන් මම තා අරමුණෙහි බඳින්නෙමි. මා විසින් සිහියෙන් මොනොවට රක්නාලද්දා වූ (භාවනායෙන්) මොනොවට වඩනාලද්දා වූ ඒ තෝ සියලු භවයන්හි අනිශ්ශ්‍රිත වන්නෙහි.
Pali BJT1147. පඤ්ඤාය ඡෙත්වා විපථානුසාරිනං යොගෙන නිග්ගය්හ පථෙ නිවෙසිය, දිසුවා සමුදයං විභවං ච සම්භවං දායාදකො හෙහිසි අග්ගවාදිනො.
Sinhala BJT1147. නො මඟ යන්නා වූ ඉඳුරන් (පටිසඞ්ඛාන) ප්‍රඥායෙන් සිඳ යෝග (විදර්‍ශනා භාවනා) යෙන් නිග්‍රහ (දමනය) කොට මාර්‍ග (විදර්‍ශනාවීථි) යෙහි පිවිසවා (ආයතනයන්ගේ ) සමුදය ද විභවය ද සම්භවය ද (මාර්‍ගප්‍රඥායෙන්) දැක අග්‍රවාදීන් (සම්බුදුන්) ගේ ඖරස පුත්‍ර වන්නෙහි.
Pali BJT1148. චතුබ්බිපල්ලාසවසං අධිට්ඨිතං ගාමණ්ඩලං’ව පරිනෙසි චිත්ත මං, නූන{3} සඤ්ඤොජනබන්ධනච්ඡිදං සංසෙවසෙ කාරුණිකං මහාමුනිං.
Sinhala BJT1148. එම්බා චිත්තය, තෝ වනාහි චතුර්විධ විපර්‍ය්‍යාසයන්ගේ වශයෙහි සිටි මා ගම්දරුවකු සෙයින් (රිසිසේ) ඔබ මොබ අදනෙහි යැ (එහෙත්) සංයෝජනබන්‍ධයෙන් සිඳුනා වූ කාරුණික වූ මහමුනිහු (සම්බුදුන්) එකත්නෙන් මොනොවට සෙවුනෙහි.
Pali BJT1149. මිගො යථා සෙරි සුචිත්තකානනෙ රම්මං ගිරිං පාවුසඅබ්භමාලිනිං,{4} අනාකුලෙ තත්ථ නගෙ රමිස්සං{5} අසංසයං චිත්ත පරාභවිස්සසි.
Sinhala BJT1149. එම්බා චිත්තය, මම (වෘක්‍ෂලතාදියෙන්) විසිතුරු වූ වනයෙහි ස්වෛරී මෘගයෙක් යම්සේ ඇලේ නම් එසේ මැ වැසි කල්හි වලාපෙළ ඇති සිත්කලු වූ පර්‍වතයක් ලැබැ නිරවුල් (විවික්ත) වූ ඒ පර්‍වතයෙහි සිත් අලවන්නෙමි, තෝ නිසැක වැ පරදනෙහි.
Pali BJT1150. යෙ තුය්හ ඡන්දෙන වසෙන වත්තිනො නරා ච නාරී ච අනුභොන්ති යං සුඛං, අවිද්දසූ මාරවසානුවත්තිනො භවාභනන්දී තව චිත්ත සාවකා’ති.{6}
Sinhala BJT1150. එම්බා චිත්තය, තොපගේ ඡන්‍දයෙහි ද වශයෙහි ද සිටුනා වූ යම් නරනාරී කෙනෙක් යම් ගේහනිශ්ශ්‍රිතසුඛයක් අනුභව කරන්නාහු නම් නුවණ මඳ වූ ද මරහුගේ වශයෙහි පවත්නාසුලු වූ ද භවය මැ කැමති වනසුලු වූ ද ඔහු තාගේ ශ්‍රාවකයෝ යි (මම එබඳු නො වෙමි සේ යි).
Pali BJTඉත්ථං සුදං ආයස්මා තාලපුටො ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ආයුෂ්මත් “තාලපුට” ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළහ.
Pali BJTතාලපුටත්ථෙරගාථා.
Sinhala BJTතාලපුට ස්ථවිරගාථා යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඋද්දානය:
Pali BJTපඤ්ඤාසම්හි නිපාතම්හි එකො තාලපුටො සුචි ගාථායො තත්ථ පඤ්ඤාස පුන පඤ්ච ච උත්තරින්ති.
Sinhala BJTපනස් වැනි නිපාතයෙහි ශෝභන වූ එක් මැ ‘තාලපුට’ ස්ථවිරයන් වහන්සේ යැ එහි ගාථාවෝ පසක් වැඩි පනසෙකි. (පස්පනසෙකි).
Pali BJTපඤ්ඤාසනිපාතො නිට්ඨිතො.
Sinhala BJTපඤ්ඤාසනිපාතය නිමි.
Pali BJT60. සට්ඨිනිපාතො.
Sinhala BJT60. සට්ඨිනිපාතය
Pali BJT60. 1. 1.
Sinhala BJT60. 1. 1.
Pali BJT1151. ආරඤ්ඤකා පිණ්ඩපාතිකා උඤ්ඡාපත්තාගතෙ රතා, දාළෙමු මච්චුනො සෙනං අජ්ඣත්තං සුසමාහිතා.
Sinhala BJT1151. (අපි) ආරණ්‍යක වැ පිණ්ඩපාතික වැ පිඬුසිඟීමෙන් පාත්‍රයට පැමිණි අහරෙහි තුටු වැ (ගෝචර) අධ්‍යාත්මයෙහි මැනැවින් සමාහිත වැ මරහුගේ සේනාව සුන් කරම්හ.
Pali BJT1152. ආරඤ්ඤකා පිණ්ඩපාතිකා උඤ්ඡාපත්තාගතෙ රතා, ධුනාම{1} මච්චුනො සෙනං නළාගාරං’ව කුඤ්ජරො.
Sinhala BJT1152. (අපි) ආරණ්‍යක වැ පිණ්ඩපාතික වැ පිඬුසිඟීමෙන් පාත්‍රයට පැමිණි අහරෙහි තුටු වැ ඇත්රදෙක් නළාගාරයක් (බටගෙයක්) සෙයින් මරසෙන් සලවම්හ.
Pali BJT1153. රුක්ඛමූලිකා සාතතිකා උඤ්ඡාපත්තාගතෙ රතා, දාළෙමු මච්චුනො සෙනං අජ්ඣත්තං සුසමාහිතා.
Sinhala BJT1153. (අපි) වෘක්‍ෂ මූලික වැ (භාවනායෙහි) සාතත්‍යකාරී (නිරතුරු යෙදුණක් වැ) සිඟා ලද අහරෙහි තුටු වැ (ගෝචර) අධ්‍යාත්මයෙහි මැනැවින් සමාහිත වැ මරසෙන් සුන් කරම්හ.
Pali BJT1154. රුක්ඛමූලිකා සාතතිකා උඤ්ඡාපත්තාගතෙ රතා, ධුනාම මච්චුනො සෙනං නළාගාරං’ව කුඤ්ජරො.
Sinhala BJT1154. (අපි) වෘක්‍ෂමූලික වැ (භාවනායෙහි) සාතත්‍යකාරී (නිරතුරු යෙදුණක්) වැ සිඟා ලද අහරෙහි තුටු වැ ඇත්රදෙක් නළාගාරයක් සෙයින් මරසෙන් සලවම්හ.
Pali BJT1155. අට්ඨිකඞ්කාලකුටිකෙ{2} මංසනනහාරුසිබ්බිතෙ,{3} ධිරත්ථු පූරෙ දුග්ගන්ධෙ පරගත්තෙ මමායසෙ,
Sinhala BJT1155. එම්බා ඇටසැකිලිමුවා කිළියක් ඇත්තිය, මසින් හා නහර වැලින් හිවුණිය (මැසුණිය). අසුචියෙන් පිරුණිය, දුගඳ වහන්නිය, තිට නින්‍දා වේවා! මෙරමා අයත් සිරුරෙහි තෝ මමායන කරනෙහි.
Pali BJT1156. ගූථභස්තෙ තචොනද්ධෙ උරගණ්ඩ{4} පිසාචිනී, නව සොතානි තෙ කායෙ යානි සන්දන්ති සබ්බදා.
Sinhala BJT1156. එම්බා පුප්පිහිවාව (ගූථහස්ත්‍රාව), සමින් වැසුණිය, ළඟඬු (උරයෙහි නැඟුණු ගඬු ඇති) පිසස්නිය, යම් (ව්‍රණමුඛ) කෙනෙක් හැම තල්හි (අශූචි) වගුරත් නම් තීගේ සිරුරෙහි ඒ ව්‍රණමුඛයෝ නව දෙනෙකි.
Pali BJT1157. තව සරීරං නවසොතං දුග්ගන්ධකරං පරිබන්ධං,{5} භික්ඛු පරිවජ්ජයතෙ තං මීළ්හඤ්ච{6} යථා සුචිකාමො.
Sinhala BJT1157. තිගේ සිරුර වණමුව නවයක් ඇතියේ යැ, දුගඳකර යැ, පරිබන්‍ධ (මනා පිළිවෙතට බාධක) යෙකි, පිරිසිදු බව කැමැත්තකු සෙයින් මහණ තෙම ඒ පුප් (අශූචි) වළ දුරු කෙරේ.