Theragāthā

Verses of the Elder Monks

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 101-200 න් 2250

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTඉත්ථං සුදං ආයස්මා නිග්රොධො ථෙරො ගාථං අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ... නිග්‍රෝධ ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTනිග්රොධත්ථෙරගාථා.
Sinhala BJTනිග්‍රෝධ ස්ථවිරගාථා යි.
Pali BJT1. 3. 2.
Sinhala BJT1. 3. 2.
Pali BJT22. නීලා සුගීවා සිඛිනො මොරා කාරංවියං අභිනදන්ති. තෙ සීතවාතකද්දිතකලිතා{1} සුත්තං ඣායං නිබොධෙන්තී’ති.
Sinhala BJT22. නිල්වන් මනා ගෙල ඇති සිළු ඇති මොණරු “කාරංචි” වෙනෙහි වෙසෙසින් නදදෙති, ඔහු (මේඝකාලයෙහි) ශීතවාතයෙන් හටගත් “කලි” යන මිහිරි හඬ ඇත්තාහු නිදා සිටියහු ධ්‍යාන කරන්නහු ප්‍රබෝධ කෙරෙත්:
Pali BJTඉත්ථං සුදං ආයස්මා චිත්තකො ථෙරො ගාථං අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ... චිත්තක ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTචිත්තකත්ථෙරගාථා.
Sinhala BJTචිත්තක ස්ථවිරගාථා යි.
Pali BJT1. 3. 3.
Sinhala BJT1. 3. 3.
Pali BJT23. අහං ඛො වෙළුගුම්බස්මිං භුත්වාන මධුපායසං පදක්ඛිණං සම්මසන්තො ඛන්ධානං උදයබ්බයං සානුං පටිගමිස්සාමි විවෙකමනුබ්රූහයන්ති.
Sinhala BJT23. මම හුණගොමුයෙහි මිහිමුසු කිරිබත වළඳා (ශාස්තෲන් වහන්සේගේ) අවවාදය මොනොවට පිළිගන්නෙම් ස්කන්‍ධයන්ගේ උදයව්‍යය විදර්‍ශනා කෙරෙමින් විවේකය වඩමින් (පෙර විසූ) සානුවට (පර්‍වතපාර්‍ශවයෙහි සමභූමියට) වටාලා යන්නෙමි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා ගොසාලො ථෙරො ගාථං අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ... ගෝසාල ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTගොසාලත්ථෙරගාථා.
Sinhala BJTගෝසාල ස්ථවිරගාථා යි.
Pali BJT1. 3. 4.
Sinhala BJT1. 3. 4.
Pali BJT24. අනුවස්සිකො පබ්බජිතො පස්ස ධම්මසුධම්මතං තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසන’න්ති.
Sinhala BJT24. පැවිදි එක්වස් ඇතියෙහි, ධර්‍මයාගේ (ස්වාක්ඛාතතාදි) සුධර්‍මත්‍වය බලව, (තොප විසින්) ත්‍රිවිද්‍යාව ලබනලද යැ, සම්බුදුන්ගේ අවවාදය කරනලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා සුගන්ධො ථෙරො ගාථං අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ... සුගන්‍ධ ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTසුගන්ධත්ථෙරගාථා.
Sinhala BJTසුගන්‍ධ ස්ථවිරගාථා යි.
Pali BJT1. 3. 5.
Sinhala BJT1. 3. 5.
Pali BJT25. ඔභාසජාතං ඵලගං චිත්තං යස්ස අභිණ්හසො තාදිසං භික්ඛුමාසජ්ජ කණ්හ දුක්ඛං නිගච්ඡසී’ති.
Sinhala BJT25. යම් මහණක්හුගේ සිත එක්වන් හටගත් ඥානාවභාස ඇත්තේ අග්‍රඵලයට පැමිණියේ වේ ද, මාරය, එබඳු මහණහු ගටා තෝ දුකට පැමිණෙන්නෙහි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා නන්දියො ථෙරො ගාථං අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ... නන්‍දිය ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTනන්දියත්ථෙරගාථා.
Sinhala BJTනන්‍දිය ස්ථවිරගාථා යි.
Pali BJT1. 3. 6.
Sinhala BJT1. 3. 6.
Pali BJT26. සුත්වා සුභාසිතං වාචං බුද්ධස්සාදිච්චබන්ධුනො පච්චව්යධිං හි නිපුණං වාලග්ගං උසුනා යථා’ති.
Sinhala BJT26. සූර්‍ය්‍යබන්‍ධු වූ බුදුරජාණන් වහන්සේගේ සුභාෂිතය අසා (දක්‍ෂ දුනුවායකු) වලග හීයෙන් විදුනාක් මෙන් සියුම් වූ නිරෝධසත්‍යය අවබෝධ කෙළෙමි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා උභයො ථෙරො ගාථං අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ... අභය ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTඋභයත්ථෙරගාථා.
Sinhala BJTඅභය ස්ථවිරගාථා යි.
Pali BJT1. 3. 7.
Sinhala BJT1. 3. 7.
Pali BJT27. දබ්බං කුසං පොටකිලං උසීරං මුඤ්ජබබ්බජං{1} උරසා පනුදිස්සාමි{2} විවෙකමනුබ්රූහය’න්ති.
Sinhala BJT27. විවේකසුව වඩනුයෙම් හීතණ කුසතණ වැලුක් සුවඳහොට මුදුතණ බබුස්තණ උරයෙනුදු බැහැර කරන්නෙමි. (පයින් ඇක්මෙනු කියනු කිම.)
Pali BJTඉත්ථං සුදං ආයස්මා ලොමසකඞ්ගියො ථෙරො ගාථං අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ... ලෝමසකඞ්ගිය ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTලොමසකඞ්ගියත්ථෙරගාථා.
Sinhala BJTලෝමසකඞ්ගිය ස්ථවිරගාථා යි.
Pali BJT1. 3. 8.
Sinhala BJT1. 3. 8.
Pali BJT28. කච්චි නො වත්ථපසුතො කච්චි නො භූසනාරතො කච්චි සීලමයං ගන්ධං කිං ත්වං වායසි{3} නෙතරා පජා’ති.
Sinhala BJT28. කිම (චීවරමණ්ඩනාදීන්) වස්ත්‍රයෙහි නිරත නො වූවහු ද, කිම ශරීරමණ්ඩනයෙහි නො ඇලුණහු ද, කිම තෙපි සිල්සුවඳ හමවු ද, සෙසු දුශ්ශීලප්‍රජාව සිල්සුවඳ නො හමා.
Pali BJTඉත්ථං සුදං ආයස්මා ජම්බුගාමිකපුත්තො ථෙරො ගාථං අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ... ජම්බුගාමිය ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTජම්බුගාමිකත්ථෙරගාථා.
Sinhala BJTජම්බුගාමිය ස්ථවිරගාථා යි.
Pali BJT1. 3. 9.
Sinhala BJT1. 3. 9.
Pali BJT29. සමුන්නමයමත්තානං උසුකාරො’ව තෙජනං චිත්තං උජුං කරිත්වාන අවිජ්ජං භින්ද{4} හාරිතා’ති.
Sinhala BJT29. එම්බා හාරිත, සිත (කුසිතයෙන්) නඟාලව, හීවඩුවෙක් හීය මෙන් සිත ඍජු කොට ගෙන අවිද්‍යාව පළව.
Pali BJTඉත්ථං සුදං ආයස්මා හාරිතො ථෙරො ගාථං අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ... හාරිත ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTහාරිතත්ථෙරගාථා.
Sinhala BJTහාරිත ස්ථවිරගාථා යි.
Pali BJT1. 3. 10.
Sinhala BJT1. 3. 10.
Pali BJT30. ආබාධෙ මෙ සමුප්පන්නෙ සති මෙ උපපජ්ජථ ආබාධො මෙ සමුප්පන්නො කාලො මෙ නප්පමජ්ජිතුන්ති.
Sinhala BJT30. මට ආබාධය උපන් කල්හි “මට ආබාධයෙක් උපන, මා විසින් නො පමාවන්නට කලැ” යි මට සිහි උපනි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා උත්තියො ථෙරො ගාථං අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ... උත්තිය ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTඋත්තියත්ථෙරගාථා.
Sinhala BJTඋත්තිය ස්ථවිරගාථා යි.
Pali BJTතතියො වග්ගො.
Sinhala BJTතෘතීය වර්‍ගය යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඋද්දානය:
Pali BJTනිග්රොධො චිත්තකො ථෙරො ගොසාලථෙරො සුගන්ධො නන්දියො උභයො ථෙරො ථෙරො ලොමසකඞ්ගියො ජම්බුගාමිකපුත්තො ච හාරිතො උත්තියො ඉසීති.
Sinhala BJTනිග්‍රෝධ ස්ථවිර යැ, චිත්තක ස්ථවිර යැ, ගෝසාල ස්ථවිර යැ, සුගන්‍ධ ස්ථවිර යැ, නන්‍දිය ස්ථවිර යැ, අභය ස්ථවිර යැ, ලෝමසකඞ්ගිය ස්ථවිර යැ, ජම්බුගාමියපුත්ත ස්ථවිර යැ, හාරිත ස්ථවිර යැ, උත්තිය ස්ථවිර යැ යි තෘතීය වර්‍ගයෙහි තෙරවරු දස දෙනෙකි.
Pali BJTචතුත්ථො වග්ගො
Sinhala BJTචතුර්‍ත්‍ථ වර්‍ගය
Pali BJT1. 4. 1.
Sinhala BJT1. 4. 1.
Pali BJT31. ඵුට්ඨො ඩංසෙහි මකසෙහි අරඤ්ඤස්මිං බ්රහාවනෙ නාගො සඞ්ගාමසීසෙව සතො තත්රාධිවාසයෙ’ති.
Sinhala BJT31. අරණ්‍යයෙහි වූ මහවනයෙහි මැසිමදුරු ආදීන් විසින් පහස්නා ලද්දේ රණබිම්හි ඇතකු සෙයින් සිහි ඇති වැ එහි ඉවසා වෙසෙන්නේ යි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා ගබ්භරතීරියො ථෙරො ගාථං අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ... ගබ්භරතීරිය ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTගබ්භරතීරියත්ථෙරගාථා.
Sinhala BJTගබ්භරතිරිය ස්ථවිරගාථා යි.
Pali BJT1. 4. 2.
Sinhala BJT1. 4. 2.
Pali BJT32. අජරං ජිරමානෙන තප්පමානෙන නිබ්බුතිං නිම්මිස්සං පරමං සන්තිං යොගක්ඛෙමං අනුත්තර’න්ති.
Sinhala BJT32. දිරායන ආත්මභාවයෙන් අජරය (නිවන), තැවෙන ආත්මභාවයෙන් පරමශාන්ති වූ යෝගක්‍ෂේම වූ නිරුත්තර වූ නිවන පිරිවටන්නෙමි. (ගනුදෙනු කරන්නෙමි යි සේ යි)
Pali BJTඉත්ථං සුදං ආයස්මා සුප්පියො ථෙරො ගාථං අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ... සුප්පිය ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTසුප්පියත්ථෙරගාථා.
Sinhala BJTසුප්පිය ස්ථවිරගාථා යි.
Pali BJT1. 4. 3.
Sinhala BJT1. 4. 3.
Pali BJT33. යථාපි එකපුත්තස්මිං පියස්මිං කුසලී සියා එවං සබ්බෙසු පාණෙසු සබ්බත්ථ කුසලො සියා’ති.
Sinhala BJT33. යම්සේ ප්‍රිය වූ එක් මැ පුතු කෙරෙහි හිතෛෂී වන්නේ නම් එසේ සියලු සතුන් කෙරෙහි හැම තැන්හි හිතෛෂී වන්නේ ය.
Pali BJTඉත්ථං සුදං ආයස්මා සොපාකො ථෙරො ගාථං අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ... සෝපාක ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTසොපාකත්ථෙරගාථා.
Sinhala BJTසෝපාක ස්ථවිරගාථා යි.
Pali BJT1. 4. 4.
Sinhala BJT1. 4. 4.
Pali BJT34. අනාසන්නවරා එතා නිච්චමෙව විජානතා ගාමා අරඤ්ඤමාගම්ම තතො ගෙහං උපාවිසිං තතො උට්ඨාය පක්කමිං අනාමන්තිය{1} පොසියො’ති.
Sinhala BJT34. දන්නහු විසින් හැම කල්හි මැ තෙල මාගම්හු නො එළඹෙන ලද්දාහු උතුම් වෙති. ‘පෝසිය’ නම් වූ මම අරණ්‍යයෙන් ගමට අවුත් ඉක්බිති ගෙට පිවිසියෙමි, ඒ යහනින් නැඟී බසකුදු නො බැණ පිටත්වූයෙමි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා පොසියො ථෙරො ගාථං අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ... පෝසිය ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTපොසියත්ථෙරගාථා.
Sinhala BJTපෝසිය ස්ථවිරගාථා යි.
Pali BJT1. 4. 5.
Sinhala BJT1. 4. 5.
Pali BJT35. සුඛං සුඛත්ථො ලභතෙ තදාචරං කිත්තිං ච පප්පොති යසස්ස වඩ්ඪති යො අරියමට්ඨඞ්ගිකමඤ්ජසං උජුං භාවෙති මග්ගං අමතස්ස පත්තියා’ති.
Sinhala BJT35. යමෙක් නිවනට පැමිණෙනු සඳහා ඍජුමාර්‍ග වූ ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගමාර්‍ගය වඩා ද ඒ පිළිවෙත් පුරන සුව කැමැත්තේ (නිරාමිස) සුවය ද ලැබෙයි, කීර්තියට ද පැමිණෙ යි, ඔහුගේ යසස ද වැඩේ.
Pali BJTඉත්ථං සුදං ආයස්මා සාමඤ්ඤකානිත්ථෙරො ගාථං අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ... සාමඤ්ඤකානි ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTසාමඤ්ඤකානිත්ථෙරගාථා.
Sinhala BJTසාමඤ්ඤකානි ස්ථවිරගාථා යි.
Pali BJT1. 4. 6.
Sinhala BJT1. 4. 6.
Pali BJT36. සාධු සුතං සාධු චරිතකං සාධු සදා අනිකෙතවිහාරො අත්ථපුච්ඡනං පදක්ඛිණකම්මං එතං සාමඤ්ඤමකිඤ්චනස්සා’ති.
Sinhala BJT36. (දශකථාවස්තු) ශ්‍රවණය මැනැවැ, ඒ අනුව හැසිරීම ද, මැනැවැ, හැම කල්හි (ක්ලේශනිවාස වූ) පඤ්චකාමගුණයෙන් වෙන් වැ විසීම මැනැවැ, අරුත් පිළිවිසීම මැනැවැ, එය ගෞරවයෙන් පිළිගැනීම මැනැවි. තෙල කිඤ්චන (පළිබෝධ) රහිත වූවහු ගේ මහණදම වේ යයි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා කුමාරපුත්තො ථෙරො ගාථං අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ... කුමාපුත්ත ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTකුමාරපුත්තත්ථෙරගාථා.
Sinhala BJTකුමාපුත්ත ස්ථවිරගාථා යි.
Pali BJT1. 4. 7.
Sinhala BJT1. 4. 7.
Pali BJT37. නානාජනපදං යන්ති විචරන්තො අසඤ්ඤතා සමාධිං ච විරොධෙන්ති කිංසු රට්ඨචරියා කරිස්සති තස්මා විනෙය්ය සාරම්භං ඣායෙය්ය අපුරක්ඛතො’ති.
Sinhala BJT37. අසංයත වැ හැසිරෙන්නාහු නොයෙක් ජනපදයට යෙති, චිත්තසමාධිය ද වරද්දාගනිති, ජනපදචාරිකාව කවර අර්‍ත්‍ථයක් කරන්නේ ද එහෙයින්, (අරති වශයෙන් උපන්) සාරම්භය දුරැලා (තෘෂ්ණාදෘෂ්ටි විසින්) නො පෙරටු කරන ලදුයේ ධ්‍යාන කරන්නේ යයි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා කුමාපුත්තත්ථෙරස්ස සහායකා ථෙරො ගාථං අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ... කුමාපුත්ත තෙරුන්ගේ සහායක ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTකුමාපුත්තසහායකත්ථෙරගාථා.
Sinhala BJTකුමාපුත්ත ස්ථවිර සහායකත්‍ථේරගාථා යි.
Pali BJT1. 4. 8.
Sinhala BJT1. 4. 8.
Pali BJT38. යො ඉද්ධියා සරභුං{1} අට්ඨපෙසි සො ගවම්පති අසිතො අනෙජො තං සබ්බසඞ්ගාතිගතං මහාමුනිං දෙවා නමස්සන්ති භවස්ස පාරගු’න්ති.
Sinhala BJT38. යමෙක් ඍද්ධිබලයෙන් ‘සරභූ’ නම් ගඟ නැවැත්වී ද, ඒ ගවම්පති තෙම (තෘෂ්ණාදෘෂ්ටි) නිශ්‍රය රහිත වූයේ (එහෙයින් මැ) නික්ලේශී වෙයි, සියලු (රාගාදික්ලේශ) සඞ්ගයන් ඉක්ම ගිය භවපාරයට පැමිණි ඒ මහමුනිහු දෙවියෝ නමදිත් යයි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා ගවම්පතිත්ථෙරො ගාථං අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ... ගවම්පති ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTගවම්පතිත්ථෙරගාථා.
Sinhala BJTගවම්පති ස්ථවිරගාථා යි.
Pali BJT1. 4. 9.
Sinhala BJT1. 4. 9.
Pali BJT39. සත්තියා විය ඔමට්ඨො ඩය්හමානො’ව මත්ථකෙ කාමරාගප්පහානාය සතො භික්ඛු පරිබ්බජෙ’ති.
Sinhala BJT39. අඩයටියෙන් පහර ලද්දකු සෙයින් ද, හිස ගිනි ඇවිළ ගත් කල්හි සෙයින් ද මහණ තෙම සිහි ඇති වැ කාමරාගයන් දුරැලීම පිණිස වැර වඩන්නේ යයි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා තිස්සො ථෙරො ගාථං අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ... තිස්ස ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTතිස්සත්ථෙරගාථා.
Sinhala BJTතිස්ස ස්ථවිරගාථා යි.
Pali BJT1. 4. 10.
Sinhala BJT1. 4. 10.
Pali BJT40. සත්තියා විය ඔමට්ඨො ඩය්හමානො’ව මත්ථකෙ භවරාගප්පහානාය සතො භික්ඛු පරිබ්බජෙ’ති.
Sinhala BJT40. අඩයටියෙන් පහර ලද්දකු සෙයින් ද හිස ගිනි ඇවිළගත් කල්හි සෙයින් ද මහණ තෙම සිහි ඇති වැ භවරාගය දුරැලීම පිණිස වැර වඩන්නේ යයි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා වඩ්ඪමානො ථෙරො ගාථං අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ... වර්ධමාන ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTවඩ්ඪමානත්ථෙරගාථා.
Sinhala BJTවර්ධමාන ස්ථවිරගාථා යි.
Pali BJTචතුත්ථො වග්ගො.
Sinhala BJTචතුර්‍ත්‍ථ වර්‍ගය යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඋද්දානය:
Pali BJTගබ්භරතීරියො සුප්පියො සොපාකො චෙව පොසියො සාමඤ්ඤකානි කුමාපුත්තො කුමාපුත්තසහායකො ගවම්පති තිස්සත්ථෙරො වඩ්ඪමානො මහායසො’ති.
Sinhala BJTගබ්භරතීරිය ස්ථවිර යැ, සුප්පිය ස්ථවිර යැ, සෝපාක ස්ථවිර යැ, පෝසිය ස්ථවිර යැ, සාමඤ්ඤකානි ස්ථවිර යැ, කුමාපුත්‍ර ස්ථවිර යැ, කුමාපුත්‍ර සහායක ස්ථවිර යැ, ගවම්පති ස්ථවිර යැ, තිස්ස ස්ථවිර යැ, මහායසස් ඇති වර්ධමාන ස්ථවිර යැ යි චතුර්‍ත්‍ථ වර්‍ගයෙහි තෙරවරු දස දෙනෙකි.
Pali BJTපඤ්චමො වග්ගො
Sinhala BJTපඤ්චම වර්‍ගය
Pali BJT1. 5. 1.
Sinhala BJT1. 5. 1.
Pali BJT41. විවරමනුපතන්ති විජ්ජුතා වෙභාරස්ස ච පණ්ඩවස්ස ච නගවිවරගතො ච ඣායති පුත්තො අප්පටිමස්ස තාදිනො’ති.
Sinhala BJT41. විදුලීහු වෙභාර පර්‍වතයා ගේ ද පාණ්ඩවපර්‍වතයාගේ ද විවරයෙහි (අතර) වැටෙති. අනුපම වූ තාදීහු (භාග්‍යවතුන් වහන්සේ) ගේ පුත්‍ර තෙම පර්‍වතගුහාගත වැ ධ්‍යාන කෙරේ යයි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා සිරිවඩ්ඪො ථෙරො ගාථං අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ... සිරිවඩ්ඪ ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTසිරිවඩ්ඪත්ථෙරගාථා.
Sinhala BJTසිරිවඩ්ඪ ස්ථවිරගාථා යි.
Pali BJT1. 5. 2.
Sinhala BJT1. 5. 2.
Pali BJT42. චාලෙ උපචාලෙ සීසූපචාලෙ පතිස්සතා නු ඛො විහරථ ආගතො වො වාලං විය වෙධී’ති.
Sinhala BJT42. චාලා, උපචාලා, සිසූපචාලා හෙරණුනි, (තෙපි) සිහි ඇති වැ වෙසෙවු ද? (තියුණු නුවණ ඇති බැවින්) වාලවේධී ස්වරූප වූ තොපගේ මයිල් (සැරියුත්) තෙරණුවෝ ආහ යි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා ඛදිරවනියො රෙවතො ථෙරො ගාථං අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ... ඛදිරවනියරේවත ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTඛදිරවනියරෙවතත්ථෙරගාථා.
Sinhala BJTඛදිරවනියරේවත ස්ථවිරගාථා යි.
Pali BJT1. 5. 3.
Sinhala BJT1. 5. 3.
Pali BJT43. සුමුත්තිකො සුමුත්තිකො සාහු සුමුත්තිකොම්හි තීහි ඛුජ්ජකෙහි අසිතාසු මයා නඞ්ගලාසු මයා කුද්දාලාසු{1} මයා යදිපි ඉධමෙව ඉධමෙව අථවා පි අලමෙව අලමෙව ඣාය සුමඞ්ගල ඣාය සුමඞ්ගල අප්පමත්තො විහර සුමඞ්ගලා’ති.
Sinhala BJT43. මොනවට මිදුණෙමි, මොනවට මිදුණෙමි, තුන්කුදුයෙන් (මම) මැනවින් මිදුණෙම් වෙමි. මා දෑකැත්තෙන් මිදීම යැ, මා නඟුලින් මිදීම යැ, මා හුදැල්ලෙන් මිදීම යි. ඉදින් (ඒ අසිතාදිය) මෙහි මැ වුව ද එතෙකුදුවත් (එයින්) කම් නැත. කම් නැත. සුමඞ්ගලයෙනි, ධ්‍යාන වඩව, සුමඞ්ගලයෙනි, ධ්‍යාන වඩව. අප්‍රමත්ත වැ වාසය කරව සුමඞ්ගලයෙනි යි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා සුමඞ්ගලො ථෙරො ගාථං අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ... සුමඞ්ගල ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTසුමඞ්ගලත්ථෙරගාථා.
Sinhala BJTසුමඞ්ගල ස්ථවිරගාථා යි.
Pali BJT1. 5. 4.
Sinhala BJT1. 5. 4.
Pali BJT44. මතං වා අම්ම රොදන්ති යො වා ජීවං න දිස්සති ජීවන්තං මං අම්ම පස්සන්තී කස්මා මං අම්ම රොදසී’ති.
Sinhala BJT44. මෑණියනි, මළහුට හෝ දිවිවැටෙන යමෙක් නො පැනේ නම් (ඔහුට) හෝ හඬති. මෑණියෙනි, දිවිවැටෙන මා දකිමින් මෑණියනි, කවර හෙයින් මට හඬවු දැ?යි.