Theragāthā

Verses of the Elder Monks

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 1801-1900 න් 2250

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT895. රූපා සද්දා රසා ගන්ධා ඵොට්ඨබ්බා ච මනොරමා’ එතෙ ච සමතික්කම්ම අනුරුද්ධො’ව ඣායති.
Sinhala BJT895. රූපයෝ ද, ශබ්දයෝ ද, රසයෝ ද, ගන්‍ධයෝ ද, ස්පර්‍ශයෝ ද, සිත්කලු වූවෝ ය, ඔවුන් ද ඉක්ම (ධ්‍යාන කරන්නේ) අනුරුද්ධ මෙන් ධ්‍යාන කෙරේ.
Pali BJT896. පිණ්ඩපාතා පටික්කන්තො{4} එකො අදුතියො මුනි, එසති පංසුකූලානි අනුරුද්ධො අනාසවො.
Sinhala BJT896. නිරාස්‍රව වූ අනුරුද්ධමුනි තෙම පිණ්ඩපාතයෙන් නැවැත්තේ එකලා වූයේ දෙවැන්නක (තෘෂ්ණාව) නැත්තේ පංශුකූලයන් සොයයි.
Pali BJT897. විචිනී අග්ගහී ධොවී රජයී ධාරයී මුනි, පංසුකූලානි මතිමා අනුරුද්ධො අනාසවො.
Sinhala BJT897. ස්මෘතිමත් වූ නිරාස්‍රව වූ අනුරුද්ධමුනි තෙම පංශුකුලයන් ගත්තේ ය, දෙවී යැ, රැඳී යැ, දැරී යැ.
Pali BJT898. මහිච්ඡො ච අසන්තුට්ඨො සංසට්ඨො යො ච උද්ධතො, තස්ස ධම්මා ඉමෙ හොන්ති පාපකා සඞ්කිලෙසිකා.
Sinhala BJT898. යමෙකුන් මහත් වූ ආශා ඇත්තේත් සන්තෝෂ රහිත වූයේත් ආකීර්‍ණවිහාර ඇත්තේත් විසිරුණුසිත් ඇත්තේත් වේ ද, ඔහුට මේ ධර්‍මයෝ ලාමක වූ සාංක්ලේශිකයෝ වෙත්.
Pali BJT899. සතො ච හොති අප්පිච්ඡො සන්තුට්ඨො අවිඝාතවා, පවිවෙකරතො විත්තො නිච්චමාරද්ධවීරියො.
Sinhala BJT899. (යමෙකුත්) සිහි ඇත්තේත් අල්පෙච්ඡ වූයේත් සන්තුෂ්ට වූයේත් සමාහිත වූයේත් පවිවේකයෙහි ඇලුණේත් නිරතුරු ආරම්භවීර්‍ය්‍යය ඇත්තේත් වේ ද,
Pali BJT900. තස්ස ධම්ම ඉමෙ හොන්ති කුසලා බොධිපක්ඛිකා, අනාසවො ච සො හොති ඉති වුත්තං මහෙසිනා.
Sinhala BJT900. ඔහුට මේ ධර්‍මයෝ බෝධිපාක්‍ෂික කුශලයෝ වෙත්, හෙතෙම අනාස්‍රවත් වේ යැ යි මහර්ෂීහු විසින් වදාරනලදී.
Pali BJT901. මම සඞ්කප්පමඤ්ඤාය සත්ථා ලොකෙ අනුත්තරො, මනොමයෙන කායෙන ඉද්ධියා උපසඞ්කමි.
Sinhala BJT901. ලෝකයෙහි නිරුත්තර වූ ශාස්තෲන් වහන්සේ මා ගේ සංකල්පයන් දැන මනෝමය කයින් යුතු වැ ඍධියෙන් එළඹියහ.
Pali BJT902. යදා මෙ අහු සඞ්කප්පො තතො උත්තරි දෙසයි, නිප්පපඤ්චරතො බුද්ධො නිප්පපඤ්චමදෙසයි.
Sinhala BJT902. යම් කලෙක මට සංකල්පයෙක් වී ද (ශාස්තෲන් වහන්සේ) ඉන් මතුයෙහි දෙසූහ. ලෝකෝත්තරධර්‍මයෙහි ඇලුණු බුදුන් වහන්සේ ලෝකෝත්තරධර්‍මය දෙසූහ.
Pali BJT903. තස්මාහං ධම්මමඤ්ඤාය විහාසිං සාසනෙ රතො, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT903. මම උන් වහන්සේගේ ධර්‍මය දැනගෙන ශාසනයෙහි ඇලුණෙම් විසීමි, මා විසින් ත්‍රිවිද්‍යාව ලබනලද යැ, බුදුන්ගේ අවවාදය කරන ලදි.
Pali BJT904. පඤ්චපඤ්ඤාසවස්සානි යතො නෙසජ්ජිකො අහං, පඤ්චවීසතිවස්සානි යතො මිද්ධං සමූහතං.
Sinhala BJT904. යම් කලෙක පටන් මම නෙසජ්ජික වීම් ද, ඒ මට පස්පනස්වසෙකි. යම් කලෙක පටන් මා විසින් නිදි වරනලද ද ඒ මට පස්විසිවසෙකි.
Pali BJT905. නාහු අස්සාසපස්සාසා ඨිතචිත්තස්ස තාදිනො, අනෙජො සන්තිමාරබ්භ චක්ඛුමා පරිනිබ්බුතො.
Sinhala BJT905. (චතුර්‍ත්‍ථධ්‍යානයෙහි) නැවැති සිත් ඇති තාදීහු (බුදුන්) ගේ ආශ්වාස ප්‍රශ්වාසයෝ නො වූහ, අනෙජ (තෘෂ්ණා රහිත බැවින් හෝ සමාධි විසින් අකම්ප්‍ය බැවින්) වූ පසැස් ඇත්තේ නිර්‍වාණය අරමුණු කොට පිරිනිවියේ යි.
Pali BJT906. අසල්ලීනෙන චිත්තෙන වෙදනං අජ්ඣවාසයී, පජ්ජොතස්සෙව නිබ්බානං විමොක්ඛො චෙතසො අහු.
Sinhala BJT906. නො හැකුළුණු සිතින් (මාරණාන්තික) වේදනාව ඉවසී, ප්‍රදීපයාගේ නිවීම සෙයින් චිත්තයාගේ විමෝක්‍ෂය වී.
Pali BJT907. එතෙ පච්ඡිමිකා දානි මුනිනො ඵස්සපඤ්චමා, නාඤ්ඤෙ ධම්මා භවිස්සන්ති සමුබද්ධෙ පරිනිබ්බුතෙ.
Sinhala BJT907. දැන් මොහු මුනිහු ගේ පශ්චිමක වූ ස්පර්‍ශපඤ්මකධර්‍මයෝ යි. සම්බුදුන් පිරිනිවි කල්හි (පරිනිර්‍වාණචිත්ත චෛත්තයෙන්) අන්‍යධර්‍මයෝ නො වෙති.
Pali BJT908. නත්ථි දානි පුනාවාසො දෙවකායම්හි{1} ජාලිනි, වික්ඛීණො ජාතිසංසාරො නත්ථි දානි පුනබ්භවො.
Sinhala BJT908. ජාලිනිය! මෙතැන් පටන් දේවකායයෙහි යළි මා ගේ වාසයෙක් නැත, ජාතිසංසාරය ක්‍ෂය වූයේ ය, මින් මතු පුනර්‍භවයෙක් නැති.
Pali BJT909. යස්ස මුහුත්තෙන{2} සහස්සධා ලොකො සංවිදිතො සබ්රහ්මකප්පො, වසී ඉද්ධිගුණෙ චුතූපපාතෙ කාලෙ පස්සති දෙවතා ස භික්ඛු.{3}
Sinhala BJT909. යම් ක්‍ෂීණාස්‍රව මහණක්හු විසින් බඹලොව සහිත සහස්‍රප්‍රකාරලෝකය ප්‍රත්‍යක්‍ෂ කරන ලද්දේ ද ඍද්ධිගුණයෙහි ද චුතූපපාතඥානයෙහි ද වශීප්‍රාප්ත වූ ඒ මහණ තෙම එළඹි කල් ඇති කල්හි දෙවියන් දකී.
Pali BJT910. අන්නභාරො{4} පුරෙ ආසිං දළිද්දො ඝාසහාරකො, සමණං පටිපාදෙසිං උපරිට්ඨං යසස්සිනං.
Sinhala BJT910. පෙර දිළිඳු වූයෙම් (බැළයට) ඉඳුල් අහර ගෙන යන්නෙම් ‘අන්නහාර’ (නම්) වීමි. සමිතපාපී (සමණ) වූ කීර්තිමත් වූ ‘උපරිට්ඨ’ නම් පසේ බුදුනට (දන්) පිළිගැන්වීමි.
Pali BJT911. සොම්හි සක්යකුලෙ ජාතො අනුරුද්ධො’ති මං විදූ, උපෙතො නච්චගීතෙහි සම්මතාළප්පබොධනො.
Sinhala BJT911. ඒ මම ශාක්‍යකුලයෙහි උපන්මි, ‘අනුරුද්ධ’ යැ යි මා දත්හ. නෘත්‍යගීතයෙන් පිරිවරන ලද්දෙම් කුළුතාළමින් පිබිදෙනසුලු වූයෙමි.
Pali BJT912. අථද්දසාසිං සම්බුද්ධං සත්ථාරං අකුතොභයං, තස්මිං චිත්තං පසාදෙත්වා පබ්බජිං අනගාරියං.
Sinhala BJT912. ඉක්බිති නිර්‍භය වූ ශාස්තෘ වූ සම්බුදුන් දිටිමි, උන් වහන්සේ කෙරෙහි සිත පහදවා පැවිද්දට පැමිණියෙමි.
Pali BJT913. පුබ්බෙනිවාසං ජානාමි යත්ථ මෙ වුසිතං පුරෙ, තාවතිංසෙසු දෙවෙසු අට්ඨාසිං සතජාතියා.
Sinhala BJT913. පෙර මා විසින් යම් තැනෙක වසනලද ද (ඒ) පූර්වේනිවාසය දනිමි. තව්තිසා දෙවියන් අතුරෙහි සියක්දැහි සිටියෙමි.
Pali BJT914. සත්තක්ඛත්තුං මනුස්සින්දො අහං රජ්ජමකාරයිං, චාතුරන්තො විජිතාවී ජම්බුසණ්ඩස්ස{1} ඉස්සරො, අදණ්ඩෙන අසත්ථෙන ධම්මෙන අනුසාසයිං.
Sinhala BJT914. මම සත් ඉඩක් නරේන්‍ද්‍ර වූයෙම් රාජ්‍යය කෙළෙමි, සාගරපර්‍ය්‍යන්ත පෘථිවියට ඊශ්වර වූයෙම් දික්විජය ඇතියෙම් දඹදිවට ඉසුරු වූයෙම් දඬු නැති වැ අවි නැති වැ දැහැමින් අනුශාසනා කෙළෙමි.
Pali BJT915. ඉතො සත්ත තතො{2} සත්ත සංසාරානි චතුද්දස, නිවාසමභිජානිස්සං දෙවලොකෙ ඨිතො තදා.
Sinhala BJT915. මෙ මිනිස්ලොවින් සැවැ දෙව්ලො වැ සත්වරෙකැ, එ දෙව්ලොවින් සැවැ මිනිස්ලොවැ සත්වරෙකැ යි භවාන්තර තුදුසෙකැ එදා දෙව්ලොව සිටියෙම් පූර්වේනිවාසය දතිමි.
Pali BJT916. පඤ්චඞ්ගිකෙ සමාධිම්හි සන්තෙ{3} එකොදිභාවිතෙ, පටිප්පස්සද්ධිලද්ධම්හි{4} දිබ්බචක්ඛු{5} විසුජ්ඣි මෙ.
Sinhala BJT916. ශාන්ත වූ එකඟ බවට ගියා වූ චතුර්‍ත්‍ථධ්‍යාන සමාධිය ඇති කල්හි (කෙලෙසුන්) සන්හිඳීම ඇති කල්හි මාගේ දිව්‍යචක්‍ෂුස විශුද්ධ වී.
Pali BJT917. චුතූපපාතං ජානාමි සත්තානං ආගතිං ගතිං, ඉත්ථභාවඤ්ඤථාභාවං ඣානෙ පඤ්චඞ්ගිකෙ ඨිතො.
Sinhala BJT917. පඤ්චාඞ්ගික (චතුර්‍ත්‍ථ) ධ්‍යානයෙහි සිටියෙම් සත්ත්‍වයන්ගේ ච්‍යුති උත්පත්ති, ගතාගති, ඉත්‍ථම්භාවාන්‍යථාභාව දනිමි.
Pali BJT918. පරිචිණ්ණො මයා සත්ථා කතං බුද්ධස්ස සාසනං, ඔහිතො ගරුකො භාරො භවනෙත්ති සමූහතා.
Sinhala BJT918. මා විසින් ශාස්තෲන් වහන්සේ ඇසුරු කරනලදහ, බුදුන්ගේ ශාසනය කරනලද යැ, ගුරුබර බහා තබනලද්දේ ය, තෘෂ්ණාව මුලුසුන් කරනලදු.
Pali BJT919. වජ්ජීනං වෙළුවගාමෙ අහං ජීවිතසඞ්ඛයා, හෙට්ඨතො වෙළුගුම්බස්මිං නිබ්බායිස්සං අනාසවො’ති.
Sinhala BJT919. මම ආයුක්‍ෂය හෙයින් වැදෑරට ‘වේළුව’ නම් ගම්හි හුණළැහැබ යට නිරාස්‍රව වැ පිරිනිවෙන්නෙමි’යි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා අනුරුද්ධො ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළහ’යි.
Pali BJTඅනුරුද්ධත්ථෙරගාථා.
Sinhala BJTඅනුරුද්ධ ස්ථවිරගාථා යි.
Pali BJT20. 1. 10.
Sinhala BJT20. 1. 10.
Pali BJT920. සමණස්ස අහු{6} චින්තා පුප්ඵිතම්හි මහාවනෙ, එකග්ගස්ස නිසින්නස්ස පවිවිත්තස්ස ඣායිනො.
Sinhala BJT920. මහ (සල්) වනය පිපීසිටි කල්හි (එහි) හුන් එකඟ වූ සිත් ඇති ප්‍රකර්‍ෂවිවේක ඇති ධ්‍යාන කරනසුලු වූ (පාරාසරිය) මහණහට චින්තාවක (සිතිවිල්ලෙක්) වූ ය.
Pali BJT921. අඤ්ඤථා ලොකනාථම්හි තිට්ඨන්තෙ පුරිසුත්තමෙ, ඉරියං ආසි භික්ඛූනං අඤ්ඤථා දානි දිස්සති.{7}
Sinhala BJT921. පුරුෂෝත්තම වූ ලෝහිමියන් සිටුනා කල්හි භික්‍ෂූන්ගේ පැවැත්ම අන් අයුරු (වෙනස්) වී යැ. දැන් අන් අයුරින් දක්නාලැබේ.
Pali BJT922. සීථවාතපරිත්තානං හිරිකොපීනඡාදනං, මත්තත්ථියං අභුඤ්ජිංසු සන්තුට්ඨා ඉතරීතරෙ.
Sinhala BJT922. ඉතරීතර ප්‍රත්‍යයෙහි සන්තුෂ්ට වූවාහු ශීතවාතයෙන් රැක්ම හිරිකෝප්‍යස්ථාන වැස්ම පමණක් ප්‍රයෝජන කොට සිවුරු වැළඳූහ.
Pali BJT923. පණීතං යදි වා ලූඛං අප්පං වා යදි වා බහුං, යාපනත්ථං අභුඤ්ජිංසු අගිද්ධා නාධිමුච්ඡිතා.
Sinhala BJT923. ඉදින් පිණී වූ හෝ රළු වූ හෝ මඳ වූ හෝ බොහෝ වූ හෝ බොදුන් ගිජු නො වූවාහු නො බැඳුණාහු යාපනය පිණිස වැළදූහ.
Pali BJT924. ජීවිතානං පරික්ඛාරෙ භෙසජ්ජෙ අථ පච්චයෙ, න බාළ්හං උස්සුකා ආසුං යථා තෙ ආසවක්ඛයෙ.
Sinhala BJT924. ඔහු දිවිපැවැත්මට කරුණු වූ බෙහෙත් පසයෙහි ආස්‍රවක්‍ෂයෙහි තරම් දැඩි උසා ඇතියෝ නො වූහ.
Pali BJT925. අරඤ්ඤෙ රුක්ඛමූලෙසු කන්දරාසු ගුහාසු ච, විවෙකමනුබ්රූහෙන්තා{1} විහංසු{2} තප්පරායනා.
Sinhala BJT925. අරණ්‍යයෙහි රුක්මුල්හි කඳුරුවල හා ගුහාවල විවේකය වඩන්නාහු විවේකයෙහි නම්න වැ විසූහ.
Pali BJT926. නීචා නිවිට්ඨා සුභරා මුදූ අත්ථද්ධමානසා, අබ්යාසෙකා අමුඛරා අත්ථචින්තාවසානුගා.
Sinhala BJT926. යටත් පැවැතුම් ඇත්තාහු සසුන්හි වැදැගත්තාහු සුහර වූවාහු මොළොක් වූවාහු නො දැඩිසිත් ඇත්තාහු කෙලෙස් වැගිරීම් නැත්තාහු මුඛර නො වූවාහු අර්‍ත්‍ථචින්තාවශයට ගියාහු යි.
Pali BJT927. තතො පාසාදිකං ආසි ගතං භුත්තං නිසෙවිතං, සිනිද්ධා තෙලධාරා’ව අහොසි ඉරියාපථො.
Sinhala BJT927. එහෙයින් ගමන, බොදුන, ඇසුර ප්‍රසාදික වී යැ ඉරියව්ව තෙල්දහරක් මෙන් සිනිඳු වී.
Pali BJT928. සබ්බාසවපරික්ඛීණා මහාඣායී මහාහිතා, නිබ්බුතා දානි තෙ ථෙරා පරිත්තා දානි තාදිසා.
Sinhala BJT928. සියලු ආස්‍රවයන් ක්‍ෂය කළා වූ මහත් - ධ්‍යායී වූ මහත් හිතයන් වූ ඒ තෙරවරු දැන් පිරිනිවියහ, එබන්දෝ දැන් අල්පයහ.
Pali BJT929. කුසලානං ච ධම්මානං පඤ්ඤාය ච පරික්ඛයා, සබ්බාකාරවරූපෙතං ලුජ්ජතෙ ජිනසාසනං.
Sinhala BJT929. කුශලධර්‍මයන් හා ප්‍රඥාව ගේ අභාව හෙයින් (ආදිකාල්‍යාණතාදි) සියලු ආකාරයෙන් යුක්ත වූ ජිනශාසනය වැනැසේ.
Pali BJT930. පාපකානං ච ධම්මානං කිලෙසානං ච යො උතු, උපට්ඨිතා විවෙකාය යෙ ච සද්ධම්මසෙසකා.
Sinhala BJT930. පාපධර්‍මයන්ට ද ක්ලේශයන්ට ද මේ කාලය යි. යම් කෙනෙක් විවේකයට එළඹියාහු නම් ඔහු ද සද්ධර්‍මශේෂක වෙත්. (ප්‍රතිපත්තිය මිස ලොවුතුරු දහම් පල ගන්වන්නට නො සමත් බව කී සේ යි.)
Pali BJT931. තෙ කිලෙසා පවඩ්ඪන්තා ආවිසන්ති බහුං ජනං, කීළන්ති මඤ්ඤෙ බාලෙහි උම්මත්තෙහි ව රක්ඛසා.
Sinhala BJT931. ඒ ක්ලේශයෝ වැඩෙමින් බොහෝ දෙනාට අවුසිත් (ආවිෂ්ට වෙත්). උමතුවන් සමඟ රකුසන් මෙන් බාලයන් සමඟ කෙළිතී සිතම්.
Pali BJT932. කිලෙසෙහාභිභූතා තෙ තෙන තෙන විධාවිතා, නරා කිලෙසවත්ථූසු සසඞ්ගාමෙව{3} ඝොසිතෙ.
Sinhala BJT932. සඞ්ග්‍රාමභූමියෙහි (සෙන්පතිහු විසින්) අණ කළ කල්හි සෙයින් කෙලෙසුන් විසින් අභිභවනය කරනලද ඒ මිනිස්සු ක්ලේශවස්තූන්හි ඒ ඒ අරමුණු විසින් දුවවනලද්දාහු -
Pali BJT933. පරිච්චජිත්වා සද්ධම්මං අඤ්ඤමඤ්ඤෙහි භණ්ඩරෙ, දිට්ඨිගතානි අන්වෙන්තා ඉදං සෙය්යොති මඤ්ඤරෙ.
Sinhala BJT933. සද්ධර්‍මය හැරදමා ඔවුනොවුන් සමඟ කලහ කෙරෙත්, මිථ්‍යාදෘෂ්ටීන් අනුගමනය කරන්නාහු මේ මැ ශ්‍රේෂ්ඨ යැ යි සිතත්.
Pali BJT934. ධනං ච පුත්තං භරියං ච ඡඩ්ඩයිත්වාන නිග්ගතා, කටච්ඡුභික්ඛාහෙතූ{4} අකිච්චානි නිසෙවරෙ.
Sinhala BJT934. ධනයත් අඹුදරුවනුත් හැරැදමා ගිහිගෙන් නික්මුණාහු ළුවක් අහර හේතුවිනුදු නො කටයුතු කෙරෙත්.
Pali BJT935. උදරාවදෙහකං භුත්වා සයන්තුත්තානසෙය්යකා, කථා වඩ්ඪෙන්ති{5} පටිබුද්ධා{6} යා කථා සත්ථුගරහිතා.
Sinhala BJT935. කුස පුරා වළඳා උඩුකුරු වැ හොවිත්. පිබිදුණාහු යම් කථාවක් ශාස්තෲන් විසින් ගරහනලද නම් ඒ කථා පෝෂණය කෙරෙත්.
Pali BJT936. සබ්බකාරුකසිප්පානි චිත්තීකත්වාන{7} සික්ඛරෙ, අවූපසන්තා අජ්ඣත්තං සාමඤ්ඤත්ථො’ති අච්ඡති.
Sinhala BJT936. නො සන්හුන් සිත් ඇත්තාහු සියලු කාර්මිකශිල්පයන් ආදරය කොට උන්නේ, ශ්‍රාමණ්‍යාර්‍ත්‍ථය වෙන් වැ පවතී.
Pali BJT937. මත්තිකං තෙලං චුණ්ණං ච උදකාසනභොජනං, ගිහීනං උපනාමෙන්ති ආකඞ්ඛන්තා බහුත්තරං.
Sinhala BJT937. මතුයෙහි බොහෝ (ලාභ) කැමැත්තාහු මැටි, තෙල්, නහනසුණු, දිය, අසුන් හා බොජුන් ද ගිහීනට පිරිනමත්.
Pali BJT938. දන්තපොනං කපිත්ථං ච පුප්ඵං ඛාදනියානි{8} ච, පිණ්ඩපාතෙ ච සම්පන්නෙ{9} අම්බෙ ආමලකානි ච.
Sinhala BJT938. දැහැටි ද දිවුල්පල ද මල් ද කැවිලි ආදිය ද සූපයෙන් යුත් පිඬුවා ද අඹපල ද ඇඹුළුපල ද (ගිහීනට පිරිනමත්).
Pali BJT939. භෙසජ්ජෙසු යථා වෙජ්ජා කිච්චාකිච්චෙ යථා ගිහී, ගණිකා’ව විභූසායං ඉස්සරෙ ඛත්තියා යථා.
Sinhala BJT939. (ගිහීනට) බෙහෙත් කිරීමෙහි වෙදකු වැන්න, කුදුමහකටයුත්තෙහි ගිහියකු වැන්න. සිරුරු සැරැසීමෙහි ගණිකාවක වැන්න, ඓශ්චර්‍ය්‍යයෙහි ක්‍ෂත්‍රියයකු වැන්න.
Pali BJT940. නෙකතිකා වඤ්චනිකා කූටසක්ඛි අපාටුකා,{10} බහූහි පරිකප්පෙහි ආමිසං පරිභුඤ්ජරෙ.
Sinhala BJT940. ශඨ බැව්හි නියුක්ත වූවාහු කපට ක්‍රියායෙහි නියුක්ත වූවාහු බොරු සාක්‍ෂ්‍ය කියනසුලු වූවාහු අසංයම පැවැතුම් ඇත්තාහු බොහෝ වූ මිථ්‍යාජීවයන්ගෙන් ආමිස වළඳත්.
Pali BJT941. ලෙසකප්පෙ පරියායෙ පරිකප්පෙනුධාවිතා, ජීවිකත්ථා උපායෙන සඞ්කඩ්ඪන්ති බහුං ධනං.
Sinhala BJT941. කප්පියප්‍රතිරූපක වූ පර්‍ය්‍යායයෝග ඇති කැපයෙහි දිවගිය ජීවිකාර්‍ත්‍ථ ඇත්තෝ (ප්‍රත්‍යය උපදවන) උපායයෙන් බොහෝ ධනය ඇදගනිත්.
Pali BJT942. උපට්ඨාපෙන්ති පරිසං කම්මතො නො ච ධම්මතො, ධම්මං පරෙසං දෙසෙන්ති ලාභතො නො ච අත්ථතො.
Sinhala BJT942. පිරිස ලවා උවැටන් කරවත්, (එ ද) කර්‍ම හෙයිනි, වැළිත් ධර්‍ම හෙයින් නො වේ, අනුනට දහම් දෙසත්, (එද) ලාභ නිමිත්තෙනි, වැළිත් අර්‍ත්‍ථ නිමිත්තෙන් නො වේ.
Pali BJT943. සඞ්ඝලාභස්ස භණ්ඩන්ති සඞ්ඝතො පරිබාහිරා,{1} පරලාභූපජීවන්තා{2} අහිරීකා{3} න ලජ්ජරෙ.
Sinhala BJT943. සඞ්ඝයා කෙරෙන් බැහැරැ වූවාහු සඞ්ඝලාභයට කලහ කෙරෙති. අනුන් ගේ ලාභයෙන් රැකෙන්නා වූ (ඒ) අහිරිකයෝ ලජ්ජා නො වෙත්.
Pali BJT944. නානුයුත්තා තථා එකෙ මුණ්ඩා සඞ්ඝාටිපාරුතා, සම්භාවනංයෙවිච්ඡන්ති ලාභසක්කාරමුච්ඡිතා.
Sinhala BJT944. එසේ මැ ශ්‍රමණධර්‍මයෙහි නො යෙදුණු මුඬු වූ සඟළ පෙරෙවි ඇතැම් කෙනෙක් ලාභසත්කාරයෙහි මුසපත් වූවාහු සම්භාවනය මැ කැමැති වෙත්.
Pali BJT945. එවං නානප්පයාතම්හි න දානි{4} සුකරං තථා, අඵුසිතං{5} වා ඵුසිතුං ඵුසිතං නානුරක්ඛිතුං.
Sinhala BJT945. මෙසේ විවිධත්‍වයට ගිය කල්හි මෙකල ස්පර්‍ශ නො කළ (ධ්‍යානාදි) දහම් ස්පර්‍ශ කරන්නට හෝ ස්පර්‍ශ කළ දහම් රක්නට හෝ සුකර නො වේ.
Pali BJT946. යථා කණ්ටකට්ඨානම්හි චරෙය්ය අනුපාහනො, සතිං උපට්ඨපෙත්වාන එවං ගාමෙ මුනී චරෙ.
Sinhala BJT946. යම්සේ වහන් නැතියෙක් කටුපියසෙහි හැසිරෙන්නේ නම් එපරිද්දෙන් මුනි තෙම සිහි එළවා ගෙන ගමෙහි හැසිරෙන්නේ යි.
Pali BJT947. සරිත්වා පුබ්බකෙ යොගී තෙසං වත්තමනුස්සරං, කිඤ්චා’පි පච්ඡිමො කාලො ඵුසෙය්ය අමතං පදං.
Sinhala BJT947. පූර්‍වයෙහිදිවූ යෝගීන් සිහි කොට ඔවුන්ගේ වත් අනුගමනය කරන්නේ ඉදින් පශ්චිමවයස් ඇත්තේ නමුදු නිවනට පැමිණෙන්නේ යී.
Pali BJT948. ඉදං වත්වා සාලවනෙ සමණො භාවිතින්ද්රියො, බ්රාහ්මණො පරිනිබ්බායී ඉසි ඛීණපුනබ්භවො’ති.
Sinhala BJT948. වඩනාලද ඉඳුරන් ඇති (බාහිතපාපී හෙයින්) බ්‍රාහ්මණ වූ ඍෂි වූ ක්‍ෂය කළ පුනර්‍භවය ඇති (පාරාසරිය) මහණ තෙම සල්වෙනෙහි දී මෙය වදාරා පිරිනිවියේ යි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා පාරාසරියො ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ආයුෂ්මත් පාරාසරිය ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළහ යි.
Pali BJTපාරාසරියත්ථෙරගාථා.
Sinhala BJTපාරාසරිය ස්ථවිරගාථා යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඋද්දානය:
Pali BJTඅධිමුත්තො පාරාසරියො තෙලකානි රට්ඨපාලො, මාලුඞ්ක්යසෙලො භද්දියො අඞ්ගුලි දිබ්බචක්ඛුකො. පාරාසරියො දසෙතෙ වීසතිනිපාතම්හි පරිකිත්තිතා, ගාථායො ද්වෙසතා හොන්ති පඤ්චතාලීස උත්තරින්ති.
Sinhala BJTඅධිමුත්ත යැ, පාරාසරිය යැ, තේලකානි යැ, රට්ඨපාල යැ, මාලුඞ්ක්‍යපුත්ත යැ, සේල යැ, භද්දිය යැ, අඞ්ගුලිමාල යැ, අනුරුද්ධ යැ, පාරාසරිය යැ යි මේ දශ දෙනා විසි වැනි නිපාතයෙහි ප්‍රසිද්ධ යැ, ගාථාවෝ පන්සාලිස් තුරා දෙසියයක් වෙති.
Pali BJTවීසතිනිපාතො නිට්ඨිතො.
Sinhala BJTවීසතිනිපාතය නිමි.
Pali BJT30. තිංසතිනිපාතො.
Sinhala BJT30. තිංසතිනිපාතය
Pali BJT30. 1. 1.
Sinhala BJT30. 1. 1.
Pali BJT949. පාසාදිකෙ බහූ දිස්වා භවිතත්තෙ සුසංවුතෙ, ඉසි පණ්ඩරස්ස ගොත්තො අපුච්ඡි ඵුස්සසව්හයං.
Sinhala BJT949. ප්‍රාසාදික වූ වඩනාලද සිත් ඇති සන්හුන් ඉඳුරන් ඇති බොහෝ දෙනා (භික්‍ෂූන්) දැකැ ‘පණ්ඩරගොත්ත’ නම් තවුස් තෙම ‘ඵුස්ස’ නමැති තෙරුන් විචාළේ යි.
Pali BJT950. කිංඡන්දා කිමධිප්පායා කිමාකප්පා භවිස්සරෙ, අනාගතම්හි කාලම්හි තං මෙ අක්ඛාහි පුච්ඡිතො.
Sinhala BJT950. අනාගතකාලයෙහි (භික්‍ෂූහු) කෙබඳු ඡන්‍ද ඇතියාහු කෙබඳු අදහස් ඇතියාහු කෙබඳු ආකල්ප ඇතියාහු වෙත් ද? විචාරනලද මට එය කියනු මැනැවි.
Pali BJT951. සුණොහි වචනං මය්හං ඉසිපණ්ඩරසව්හය, සක්කච්චං උපධාරෙහි ආක්ඛිචිස්සාම්යනාගතං.
Sinhala BJT951. පණ්ඩරාභිධාන රුසිය, මා ගේ වචනය අසනු මැනැවැ, සකසා සලකනු මැනැවැ, අනාගතය ප්‍රකාශ කරන්නෙමි.
Pali BJT952. කොධනා උපනාහී ච මක්ඛී ථම්භී සඨා බහූ, ඉස්සුකී නානාවාදා ච භවිස්සන්ති අනාගතෙ.
Sinhala BJT952. කිපෙනසුල්ලෝ ද බද්ධවෛර ඇත්තෝ ද ගුණමකුවෝ ද අතිමානයෝ ද නැතිගුණ පාළ කරන්නෝ ද ඊර්‍ෂ්‍යා ඇත්තෝ ද වෙන් වෙන් දෘෂ්ටි ඇත්තෝ ද අනාගතයෙහි වන්නාහ.
Pali BJT953. අඤ්ඤාතමානිනො ධම්මෙ ගම්භීරෙ තීරගොචරා, ලහුකා අගරු ධම්මෙ අඤ්ඤමඤ්ඤමගාරවා.
Sinhala BJT953. ගැඹුරු දහම්හි දතිමී මාන ඇත්තාහු වෙරළ මැ ඇසුරු කළාහු චපල වූවාහු සද්ධර්‍මයෙහි ගෞරව නැත්තාහු අන්‍යෝන්‍ය ගෞරව නැත්තාහු (අනාගතයෙහි වන්නාහ).
Pali BJT954. බහූ ආදීනවා ලොකෙ උප්පජ්ජිස්සන්ත්යනාගතෙ,{1} සුදෙසිතං ඉමං ධම්මං කිලෙසිස්සන්ති දුම්මතී.
Sinhala BJT954. අනාගත ලෝකයෙහි බොහෝ ආදීනවයෝ උපදින්නාහ, මොනවට දෙසනලද මේ ආගමසද්ධර්‍මය දුර්‍මතීහු කෙලෙසන්නාහ.
Pali BJT955. ගුණහීනා’පි සඞ්ඝම්හි වොහරන්තා{2} විසාරදා, බලවන්තො භවිස්සන්ති මුඛරා අස්සුතාවිනො.
Sinhala BJT955. අශ්‍රැතවත් ගුණහීනයෝ ද සඟමැදැ කථා කරන්නාහු බුහුටි වූවාහු රළුබස් ඇත්තාහු බලවත් වන්නාහ.
Pali BJT956. ගුණවන්තො’පි සඞ්ඝම්හි වොහරන්තා යථාත්ථතො, දුබ්බලා තෙ භවිස්සන්ති හිරීමනා අනත්ථිකා.
Sinhala BJT956. ගුණවත්තු ද සඟමැදැ අර්‍ත්‍ථානුරූප වැ කථා කරන්නාහු ලජ්ජාසිත් ඇත්තාහු පලක් නැත්තාහු දුර්‍වල වන්නාහ.
Pali BJT957. රජතං ජාතරූපං ච ඛෙත්තං වත්ථුමජෙළකං, දාසිදාසං ච දුම්මෙධා සාදියිස්සන්ත්යනාගතෙ.{3}
Sinhala BJT957. දුෂ්ප්‍රාඥයෝ අනාගතයෙහි රන්-රිදී ද කෙත් වතු ද එළු තිරෙළුවන් ද දැසිදසුන් ද ඉවසන්නාහ.
Pali BJT958. උජ්ඣානසඤ්ඤිනො බාලා සීලෙසු අසමාහිතා, උන්නළා විචරිස්සන්ති කලහාභිරතා මගා.
Sinhala BJT958. අයුණු කියන සිත් ඇති, සිව්පිරිසිදු සිල්හි සමාහිත නො වූ, උස් වූ හිස්මන් ඇති, කලහයෙහි ඇලුණු බාලයෝ මෘගයන් මෙන් හැසිරෙන්නාහ.
Pali BJT959. උද්ධතා ච භවිස්සන්ති නීලචීවරපාරුතා, කුහා ථද්ධා ලපා සිඞ්ගී චරිස්සන්ත්යරියා විය.
Sinhala BJT959. නිල්සිවුරු පෙරෙවියාහු උඩඟු ද වන්නාහ, කුහු වැ දැඩි සිත් ඇති වැ ප්‍රත්‍යොත්පාදක කථා ඇති වැ ශෘඞ්ගාරචරිත ඇති වැ ආර්‍ය්‍යයන් මෙන් හැසිරෙන්නාහු ද වෙත්.
Pali BJT960. තෙලසණ්ඨෙහි{4} කෙසෙහි චපලං අඤ්ජිතක්ඛිකා,{5} රථියාය ගමිස්සන්ති දන්තවණ්ණිකපාරුතා.{6}
Sinhala BJT960. දළ පැහැ සිවුරු පෙරෙවියාහු තෙලින් මට කළ කෙසින් යුතැ වැ චපල වැ අඳුන් ඇඳි නුවන් ඇති වැ මහමඟැ යන්නාහ.
Pali BJT961. අජෙගුච්ඡං විමුත්තෙහි සුරත්තං අරහද්ධජං, ජිගුච්ඡිස්සන්ති කාසාවං ඔදාතෙසු සමුච්ඡිතා.
Sinhala BJT961. සුදුවත්හි මොනොවට මුසපත් (ගිජු) වූවාහු ආර්‍ය්‍යයන් විසින් මොනොවට රඳනාලද (එහෙයින් මැ) පිළිකුල් නො කටයුතු අර්‍හත් ධ්වජය වූ කහවත පිළිකුල් කරන්නාහ.
Pali BJT962. ලාභකාමා භවිස්සන්ති කුසීතා හීනවීරියා, කිච්ඡන්තා වනපත්ථානි{7} ගාවන්තෙසු වසිස්සරෙ.
Sinhala BJT962. කුසීතයෝ, හීනවීර්‍ය්‍යයෝ, ලාභකැමැතියෝ වන්නාහ. වානප්‍රස්ථසේනාසනයන්හි ක්ලාන්ත වන්නාහු ග්‍රාමාන්ත සෙනාසනයන්හි වසන්නාහ.
Pali BJT963. යෙ යෙ ලාභං ලභිස්සන්ති මිච්ඡාජීවරතා සදා, තෙ තෙ’ව අනුසික්ඛන්තා භමිස්සන්ති{1} අසංයතා.
Sinhala BJT963. යම් යම් කෙනෙක් මිථ්‍යාජීවයෙහි ඇලුණාහු හැම කල්හි ලාභ ලබත් ද, ඔවුන් ඔවුන් අනු වැ හික්මෙන්නාහු අසංයත වැ හැසිරෙන්නාහ.
Pali BJT964. යෙ යෙ අලාභිනො ලාභං න තෙ පුජ්ජා භවිස්සරෙ, සුපෙසලෙ’පි තෙ ධීරෙ සෙවිස්සන්ති න තෙ තදා.
Sinhala BJT964. යම් යම් කෙනෙක් ලාභ නො ලබනසුලුහු නම් ඔහු පූජ්‍ය නො වන්නාහ, එකල ඔවුන් සුපේශලයන් වුව ද ප්‍රාඥවන් වුව ද ඔහු සේවනය නො කරන්නාහ.
Pali BJT965. පිලක්ඛුරජනං රත්තං ගරහන්තා සකං ධජං, තිත්ථියානං ධජං කෙචි ධාරෙස්සන්ත්යවදාතකං.{2}
Sinhala BJT965. කිසි කෙනෙක් කළුනුග කසටින් රඳනාලද ස්වකීය ධ්වජය වූ කහවත ගරහන්නාහු තීර්‍ත්‍ථකයන්ගේ ධ්වජය වූ සුදුවත් දරන්නාහ.
Pali BJT966. අගාරවො ච කාසාවෙ තදා තෙසං භවිස්සති, පටිසඞ්ඛා ච කාසාවෙ භික්ඛූනං න භවිස්සති.
Sinhala BJT966. එකල්හි කහවත කෙරෙහි ඔවුන්ගේ අගෞරවය ද වන්නේ යැ. කහවත්හි භික්‍ෂූන්ගේ ප්‍රත්‍යවේක්‍ෂා ද නො වන්නේ යි.
Pali BJT967. අභිභූතස්ස දුක්ඛෙන සල්ලවිද්ධස්ස රුප්පතො, පටිසඞ්ඛා මහාඝොරා නාගස්සාසි අචින්තියා.
Sinhala BJT967. විෂ සහිත හීයෙන් විදුනාලද (එහෙයින්) මැ දුකින් මඩනාලද ශරීරවිකාරයට පැමිණෙන්නා වූ (සදත්) ඇත්රජහට ද අචින්ත්‍ය වූ අතිශයින් ගුරු (බර) වූ ප්‍රත්‍යවේක්‍ෂාව වූ.
Pali BJT968. ඡද්දන්තො හි තදා දිස්වා සුරත්තං අරහද්ධජං, තාවදෙව භණී ගාථා ගජො අත්ථොපසංහිතා.
Sinhala BJT968. ඒ එසේ මැ යි. එදා සදත්ඇත්රජ මොනොවට රඳනාලද අර්‍හත් ධ්වජය දැක එකෙණෙහි අර්‍ත්‍ථනිශ්ශ්‍රීත වූ ගාථා කී.
Pali BJT969. අනික්කසාවො කාසාවං යො වත්ථං පරිදහෙස්සති, අපෙතො දමසච්චෙන න සො කාසාවමරහති.
Sinhala BJT969. නො පහ වූ (රාගාදි) කසට ඇති යමෙක් කහවත් පරිභෝග කෙරේ නම් ඉන්‍ද්‍රියදමය හා සත්‍යයෙන් තොර වූ හෙතෙම කහවතට නො හොබී.
Pali BJT970. යො ච වන්තකසාවස්ස සීලෙසු සුසමාහිතො, උපෙතො දමසච්චෙන ස වෙ කාසාවමරහති.
Sinhala BJT970. තවද යමෙක් පහ කළ කෙලෙස් කසට ඇත්තේ වේ නම් ශීලයෙහි පිහිටියේ නම් ඉන්‍ද්‍රියදමය හා වාක්සත්‍යයෙන් යුක්ත නම් හෙතෙම එකත්නෙන් කහවතට හොබී.
Pali BJT971. විපන්නසීලො දුම්මෙධො පාකටො කම්මකාරියො, විබ්භන්තචිත්තො නිස්සුක්කො න සො කාසාවමරහති.
Sinhala BJT971. යමෙක් ශීලවිපන්න නම් දුෂ්ප්‍රාඥ නම් ‘දුශ්ශීල ය’යි ප්‍රකට නම් යථේපසිතයක් (මරහුට කැමැති සෙයක්) කරනුයේ නම් වික්‍ෂිප්ත වූ සිත් ඇත්තේ නම් කුශලධර්‍ම රහිත නම් හෙතෙම කහවතට නො හොබී.
Pali BJT972. යො ච සීලෙන සම්පන්නො වීතරාගො සමාහිතො, ඔදාතමනසඞ්කප්පො සවෙ කාසාවමරහති.
Sinhala BJT972. යමෙකුන් ශීලසම්පන්න නම් වීතරාග නම් සමාහිත නම් සුවිශුද්ධමනෝවිතර්‍ක ඇත්තේ නම් හෙතෙම එකත්නෙන් කහවතට හොබී.
Pali BJT973. උද්ධතො උන්නළො බාලො සීලං යස්ස න විජ්ජති, ඔදාතකං අරහති කාසාවං කිං කරිස්සති.
Sinhala BJT973. යමෙක් උද්ධිත නම් උස් වූ හිස්මන් ඇත්තේ නම් අව්‍යක්ත නම් යමක්හුගේ ශීලය නො පැනේ නම් හෙතෙම සුදුවතට සුදුසු යැ, කහවත් කුමක් කරන්නේ ද?
Pali BJT974. භික්ඛූ ච භික්ඛුනියො ච දුට්ඨචිත්තා අනාදරා, තාදීනං මෙත්තචිත්තානං නිග්ගණ්හිස්සන්ත්යනාගතෙ.{3}
Sinhala BJT974. අනාගතයෙහි මහණහු ද මෙහෙණහු ද ද්විෂ්ට වූ සිත් ඇති වැ අනාදර වැ මෙත් සිත් ඇති තාදිගුණැතියන් නිගන්නාහ.
Pali BJT975. සික්ඛාපෙන්තා’පි ථෙරෙහි බාලා චීවරධාරණං, න සුණිස්සන්ති දුම්මෙධා පාකටා කාමකාරියා.
Sinhala BJT975. දුෂ්ප්‍රාඥ වූ ‘දුශ්ශීල යැ’යි ප්‍රකට වූ හිතුවක් කරන්නා වූ බාලයෝ තෙරුන් විසින් සිවුරු ධැරීමෙහි හික්මවනු ලබන්නාහු ද නො අසන්නාහ.
Pali BJT976. තෙ තථා සික්ඛිතා බාලා අඤ්ඤමඤ්ඤං අගාරවා, නාදියිස්සන්තුපජ්ඣායෙ ඛළුඞ්කො විය සාරථිං.
Sinhala BJT976. එසේ හික්මවනලද ඒ බාලයෝ උනුනට ගෞරව නැතියාහු රියසැරිහු නො තකන කුළුඅසකු මෙන් උපාධ්‍යායන් කෙරෙහි ආදරය නො කරන්නාහ.
Pali BJT977. එවං අනාගතද්ධානං පටිපත්ති භවිස්සති, භික්ඛූනං භික්ඛුනීනං ච පත්තෙ කාලම්හි පච්ඡිමෙ.
Sinhala BJT977. මහණුන්ගේ ද මෙහෙණන්ගේ ද පශ්චිම කාලය පැමිණි කල්හි අනාගත කාලයෙහි මෙබඳු පිළිවෙත් වන්නේ යි.
Pali BJT978. පුරා ආගච්ඡතෙ එතං අනාගතං මහබ්භයං, සුබ්බචා හොථ සඛිලා අඤ්ඤමඤ්ඤං සගාරවා.
Sinhala BJT978. තෙල අනාගත මහබිය එන්නට පෙර (තෙපි) සුවච වැ මෘදුසිත් ඇති වැ උනුනට ගෞරව සහිත වවු.
Pali BJT979. මෙත්තචිත්තා කාරුණිකා හොථ සීලෙසු සංවුතා, ආරද්ධවිරියා පහිතත්තා නිච්චං දළ්හපරක්කමා.
Sinhala BJT979. (තෙපි) මෙත්සිත් ඇතියහු කරුණා ඇතියහු ශීලයෙහි සංවෘත වූවහු ආරබ්ධවීර්‍ය්‍ය ඇතියහු නිවනෙහි යවනලද සිත් ඇතියහු නිරතුරු දැඩි පරාක්‍රම ඇතියහු වවු.
Pali BJT980. පමාදං භයතො දිස්වා අප්පමාදං ච ඛෙමතො, භාවෙථට්ඨඞ්ගිකං මග්ගං ඵුසන්තා{1} අමතං පද’න්ති.
Sinhala BJT980. ප්‍රමාදය භය වශයෙන් ද අප්‍රමාදය ක්‍ෂේම වශයෙන් ද දැකැ අමෘතපදය ස්පර්‍ශ කෙරෙමින් අෂ්ටාඞ්ගික මාර්‍ගය වඩවු.
Pali BJTඉත්ථං සුදං ආයස්මා ඵුස්සො ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ආයුෂ්මත් ‘ඵුස්ස’ ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළහ’යි.
Pali BJTඵුස්සත්ථෙරගාථා.
Sinhala BJTඵුස්ස ස්ථවිරගාථා යි.
Pali BJT30. 1. 2.
Sinhala BJT30. 1. 2.
Pali BJT981. යථාචාරී යථාසතො සතීමා යතසඞ්කප්පජ්ඣායි අප්පමත්තො, අජ්ඣත්තරතො සමාහිතත්තො{2} එකො සන්තුසිතො තමාහු භික්ඛුං.
Sinhala BJT981. (යමෙක්) ශීලසම්පන්න ද ආර්‍ය්‍යයන් හා එක්බඳු ද ස්මෘතිමත් ද සංයත සංකල්ප ඇති වැ ධ්‍යාන කරනසුලු ද ප්‍රමාද රහිත ද කමටහන් වැඩීමෙහි ඇලුණේ ද එකඟසිත් ඇත්තේ ද එකලා වූයේ ද සන්තුෂ්ට ද ඔහු භික්‍ෂු යැ යි කීහු.