Theragāthā

Verses of the Elder Monks

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 1701-1800 න් 2250

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT811. යථාස්ස ඝායතො ගන්ධං සෙවතො චා’පි වෙදනං, ඛීයති නොපචීයති එවං සො චරතී සතො, එවං අපචිනතො දුක්ඛං සන්තිකෙ නිබ්බානං{2} වුච්චති.
Sinhala BJT811. යම්සේ ගන්‍ධාඝ්‍රාණය කරන්නා වූ ද වේදනාව සෙවුනා වූ ද ඔහුගේ කෙලෙස් ක්‍ෂය වේ නම් රැස් නො වේ නම්, හෙතෙම එසේ සිහි ඇති වැ වෙසේ. මෙසේ දුක් පහ කරන්නහු ගේ නිවන ළඟ යැ යි කියනුලැබේ.
Pali BJT812. න සො රජ්ජති රසෙසු රසං භොත්වා{3} පතිස්සතො, විරත්තචිත්තො වෙදෙති තං ච නාජ්ඣොස්ස{1} තිට්ඨති.
Sinhala BJT812. යමෙක් රසානුභවය කොට එහි සිත් ඇත්තේ වේ ද, හෙතෙම රසයෙහි නො ඇලෙයි, විරාග සිත් ඇත්තේ අරමුණු රස විඳී, එතෙකුදු වුවත් එහි වැදැගෙන නො සිටී.
Pali BJT813. යථාස්ස සායතො රසං සෙවතො චා’පි වෙදනං, ඛීයති නොපචීයති එවං සො චරතී සතො, එවං අපචිනතො දුක්ඛං සන්තිකෙ නිබ්බානං{2} වුච්චති.
Sinhala BJT813. යම්සේ රසාස්වාදය කරන්නා වූ ද වේදනාව සෙවුනා වූ ද ඔහුගේ කෙලෙස් ක්‍ෂය වේ නම් රැස් නො වේ නම්, හෙතෙම එසේ සිහි ඇති වැ වෙසේ, මෙසේ දුක් පහ කරන්නහුට නිවන ළඟ යැ යි කියනුලැබේ.
Pali BJT814. න සො රජ්ජති ඵස්සෙසු ඵස්සං ඵුස්ස පතිස්සතො, විරත්තචිත්තො වෙදෙති තං ච නාජ්ඣොස්ස{1} තිට්ඨති.
Sinhala BJT814. යමෙක් පහස විඳ එහි සිහි ඇත්තේ වේ ද, හෙතෙම ස්පර්‍ශාලම්බනයෙහි නො ඇලෙයි, විරාග සිත් ඇත්තේ අරමුණුරස විඳී, එතෙකුදු වුවත් එහි වැදැගෙන නො සිටී.
Pali BJT815. යථාස්ස ඵුසතො ඵස්සං සෙවතො චා’පි වෙදනං, ඛීයති නොපචීයති එවං සො චරතී සති, එවං අපචිනතො දුක්ඛං සන්තිකෙ නිබ්බානං{2} වුච්චති.
Sinhala BJT815. යම්සේ පහස විඳුනා වූ ද වේදානාව සෙවුනා වූ ද ඔහුගේ කෙලෙස් ක්‍ෂය වේ නම් රැස් නො වේ නම්, හෙතෙම එසේ සිහි ඇති වැ වෙසේ, මෙසේ දුක් පහ කරන්නහුට නිවන ළඟ යැ යි කියනුලැබේ.
Pali BJT816. න සො රජ්ජති ධම්මෙසු ධම්මං ඤත්වා පතිස්සතො, විරත්තචිත්තො වෙදෙති තං ච නාජ්ඣොස්ස තිට්ඨති.
Sinhala BJT816. යමෙක් දහම්අරමුණ පසක් කොට එහි සිත් ඇත්තේ වේ ද, හෙතෙම දහම්අරමුණෙහි නො ඇලෙයි, විරාගසිත් ඇත්තේ අරමුණු රස විඳී, එතෙකුදු වුවත් එහි වැදැගෙන නො සිටී.
Pali BJT817. යථාස්ස විජානතො ධම්මං සෙවතො චා’පි වෙදනං, ඛීයති නොපචීයති එවං සො චරතී සතො, එවං අපචිනතො දුක්ඛං සන්තිකෙ නිබ්බානං{2} වුච්චතී’ති.
Sinhala BJT817. යම්සේ දහම්අරමුණ පසක් කරන්නා වූ ද වේදනාව සෙවුනා වූ ද ඔහුගේ කෙලෙස් ක්‍ෂය වේ නම් රැස් නො වේ නම්, හෙතෙම එසේ සිහි ඇති වැ වෙසේ, මෙසේ දුක් පහ කරන්නහුට නිවන ළඟ යැ යි කියනුලැබේ යි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා මාලුඞ්ක්යපුත්තො ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ආයුෂ්මත් මාලුඞ්ක්‍යපුත්ත ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළහ යි.
Pali BJTමාලුඞ්ක්යපුත්තත්ථෙරගාථා.
Sinhala BJTමාලුඞ්ක්‍යපුත්ත ස්ථවිරගාථා යි.
Pali BJT20. 1. 6.
Sinhala BJT20. 1. 6.
Pali BJT818. පරිපුණ්ණකායො සුරුචි සුජාතො චාරුදස්සනො, සුවණ්ණවණ්ණොසි භගවා සුසුක්කදාඨො{1} විරියවා.
Sinhala BJT818. පිරිපුන්සිරුරු ඇත්තෙහි, මනා සිරුරුකැලුම් ඇත්තෙහි, අභිජාතයෙහි, රමණී දැකුම් ඇත්තෙහි, රන්වන් වෙහි, භගවත්හි, සුදෝසුදු දත්පෙළ ඇතියෙහි, වීර්‍ය්‍ය ඇත්තෙහි යැ.
Pali BJT819. නරස්ස හි සුජාතස්ස යෙ භවන්ති වියඤ්ජනා, සබ්බෙ තෙ තව කායස්මිං මහාපුරිසලක්ඛණා.
Sinhala BJT819. අභිජාතපුරුෂයක්හුගේ යම් ලක්‍ෂණ කෙනෙක් වෙත් ද, ඒ සියලු මහාපුරුෂලක්‍ෂණයෝ ඔබගේ සිරුරෙහි වෙත්.
Pali BJT820. පසන්නනෙත්තො සුමුඛො බ්රහ්මා උජු පතාපවා, මජ්ඣෙ සමණසඞ්ඝස්ස ආදිච්චො’ව විරොචසි.
Sinhala BJT820. පස්පෑ දිස්නා නෙත් ඇත්තෙහි, මනා මුව ඇතියෙහි, ආරෝහපරිණාහසම්පන්නයෙහි, ඍජුගාත්‍ර ඇතියෙහි, ප්‍රතාපවත් වූයෙහි, මහණගණ මැද සූර්‍ය්‍යයා මෙන් බබළන්නෙහි යැ.
Pali BJT821. කල්යාණදස්සනො භික්ඛු කඤ්චනසන්නිභත්තචො, කිං තෙ සමණභාවෙන එවං උත්තමවණ්ණිනො.
Sinhala BJT821. කලණදැකුම් ඇතියෙහි, කසුන් පැහැසිවි ඇතියෙහි යැ, මහණ, මෙසේ උත්තමස්වරූප ඇති තොපට ශ්‍රමණභාවයෙන් කිම?
Pali BJT822. රාජා අරහසි භවිතුං චක්කවත්තී රථෙසභො, චාතුරන්තො විජිතාවී ජම්බුසණ්ඩස්ස{2} ඉස්සරො.
Sinhala BJT822. මහාරථික වූ සිව්සයුරු හිම් කොට ඇති පොළොවට අධිපති වූ කළ දික් විජය ඇති ජම්බුද්වීපයට ඊශ්වර වූ සක්විතිරජ වන්නට සුදුස්සෙහි යැ.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJTබුදුහු:-
Pali BJT823. ඛත්තියා භොගා රාජානො{3} අනුයන්තා භවන්ති තෙ, රාජාධිරාජා{4} මනුජින්දො රජ්ජං කාරෙහි ගොතම.
Sinhala BJT823. භෝග ඇති ක්‍ෂත්‍රිය රජවරු තොපගේ අනුගාමීහු වෙත්, ගෞතමය, රාජාධිරාජ වූ මනුජේන්‍ද්‍රයක් වැ රාජ්‍යය කරව.
Pali BJT824. රාජාහමස්මි සෙල (සෙලාති භගවා) ධම්මරාජා අනුත්තරො, ධම්මෙන වක්කං වත්තෙමි චක්කං අප්පතිවත්තියං.
Sinhala BJT824. සේල! මම රජයෙමි. නිරුත්තර වූ ධර්‍මරාජ වූයෙම් දැහැමින් අණසක පවත්වමි, අණසක (අනෙකකු විසින්) පෙරළිය නො හැක්කෙකි’යි.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJTසෙල බ්‍රාහ්මණ:-
Pali BJT825. සම්බුද්ධො පටිජානාසි (ඉති සෙලො බ්රාහ්මණො) ධම්මරාජා අනුත්තරො, ධම්මෙන චක්කං වත්තෙමි ඉති භාසසි{5} ගොතම.
Sinhala BJT825. ‘නිරුත්තර ධර්‍මරාජන් වූ සම්බුද්ධයෙමි’යි ප්‍රතිඥා කරව, ගෞතමය, දැහැමින් අණසක පවත්වමී කියව.
Pali BJT826. කො නු සෙනාපති භොතො සාවකො සත්ථු අන්වයො,{6} කො තෙ මං අනුවත්තෙති ධම්මචක්කං පවත්තිතං.
Sinhala BJT826. භවත්හුගේ සෙන්පති කවරෙ යැ? ශ්‍රාවක වූ ශාස්තෘ අන්‍වය ඇති කවරෙක් තොප විසින් පවත්වනලද මේ දහම්සක අනුවර්‍තතනය කෙරේ ද?
Pali BJT827. මයා පවත්තිතං චක්කං (සෙලාති භගවා) ධම්මචක්කං අනුත්තරං, සාරිපුත්තො අනුවත්තෙති අනුජාතො තථාගතං.
Sinhala BJT827. සේල! මා විසින් පවත්වනලද නිරුත්තර වූ ධර්‍මචක්‍රය තථාගත අනුජාත වූ ශාරිපුත්‍ර තෙමේ අනුවර්‍තනය කෙරේ.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJTබුදුහු:-
Pali BJT828. අභිඤ්ඤෙය්යං අභිඤ්ඤාතං භාවෙතබ්බං ච භාවිතං, පහාතබ්බං පහීනං මෙ තස්මා බුද්ධොස්මි බ්රාහ්මණ.
Sinhala BJT828. මා විසින් දතයුතු දැය දන්නාලද යැ, භාවිත කළ යුත්ත භාවිත යැ, ප්‍රහාතව්‍යය ප්‍රහීණ යැ, එහෙයින් බමුණ! මම බුද්ධයෙමි,
Pali BJT829. විනයස්සු මයි කඞ්ඛං අධිමුච්චස්සු බ්රාහ්මණ, දුල්ලභං දස්සනං හොති සම්බුද්ධානං අභිණ්හසො.
Sinhala BJT829. බමුණ, මා කෙරෙහි සැක දුරුකරව, මා හදහව, සම්බුද්ධයන්ගේ එක්වන් දැක්ම දුර්‍ලභ වේ.
Pali BJT830. යෙසං වෙ දුල්ලභො ලොකෙ පාතුභාවො අභිණ්හසො, සො’හං බ්රාහ්මණ සම්බුද්ධො{7} සල්ලකත්තො අනුත්තරො.
Sinhala BJT830. ලෝකයෙහි යම් කෙනකුන්ගේ එක්වන් පහළ වීම ඒකාන්තයෙන් දුර්‍ලභ වේ ද, බමුණ! ඒ මම නිරුත්තර ශල්‍යවෛද්‍ය වූ සම්බුද්ධයෙමි.
Pali BJT831. බ්රහ්මභූතො අතිතුලො මාරසෙනප්පමද්දනො, සබ්බාමිත්තෙ වසෙ කත්වා{8} මොදාමි අකුතොභයො.
Sinhala BJT831. බ්‍රහ්ම (ශ්‍රේෂ්ඨ) වූයෙම් නිරුපම වූයෙම් මරසෙන් මඬනසුලු වූයෙම් සියලු සතුරන් වසඟ කොට කිසිවෙකින් බිය නැත්තෙම් සතුටු වෙමි.
Pali BJT832. ඉදං භොන්තො නිසාමෙථ යථා භාසති චක්ඛුමා, සල්ලකත්තො{1} මහාවීරො සීහො’ව නදතී වනෙ.
Sinhala BJT832. භවත්නි! පසැස් ඇත්තේ යම්සේ කියා ද, එසේ මෙය අසවු, (රාගාදි ශල්‍යයන් උදුරන බැවින්) සල්ලකත්ත වූ මහාවීර තෙම වනයෙහි සිංහයකු මෙන් ගර්‍ජනා කෙරේ.
Pali BJT833. බ්රහ්මභූතං අතිතුලං මාරසෙනප්පමද්දනං, කො දිස්වා නප්පසීදෙය්ය අපි කණ්හාභිජාතිකො.
Sinhala BJT833. බ්‍රහ්ම වූ තුලනාතික්‍රාන්ති වූ මරසෙන් මඬනාසුල්ලහු දැකැ (තමපරායණ බැවින්) නීචජාතික වූ කවරෙක් නො පහදින්නේ ද?
Pali BJT834. යො මං ඉච්ඡති අන්වෙතු යො වා නිච්ඡති ගච්ඡතු, ඉධාහං පබ්බජිස්සාමි වරපඤ්ඤස්ස සන්තිකෙ.
Sinhala BJT834. යමෙක් කැමැති වේ ද (හෙ) මා අනුව ඒවා, නොහොත්, යමෙක් නො කැමැති වේ ද (හෙතෙම) යේවා, මම මෙහි උතුම් නුවණැත්තහු වෙත පැවිදි වන්නෙමි.
Pali BJT835. එතං චෙ රුච්චති භොතො සම්මාසම්බුද්ධසාසනං, මයම්පි පබ්බජිස්සාම වරපඤ්ඤස්ස සන්තිකෙ.
Sinhala BJT835. ඉදින් භවත්හට තෙල සම්‍යක් සම්බුද්ධශාසනය රුචි වේ නම්, අපිදු උතුම් නුවණැත්තහු වෙත පැවිදි වම්හ.
Pali BJT836. බ්රාහ්මණා තිසතා ඉමෙ යාචන්ති පඤ්ජලීකතා, බ්රහ්මචරියං චරිස්සාම භගවා තව සන්තිකෙ.
Sinhala BJT836. භාග්‍යවතුන් වහන්ස! මේ තුන්සියක් බ්‍රාහ‍්මණයෝ ඇඳිලි බැන්දාහු බඹසර යදිත්, (ඒ අපි) ඔබ වෙත බඹසර රක්නෙමු.
Pali BJT837. ස්වාක්ඛාතං බ්රහ්මචරියං (සෙලාති භගවා) සන්දිට්ඨිකමකාලිකං, යත්ථ අමොඝා පබ්බජ්ජා අප්පමත්තස්ස සික්ඛතො.
Sinhala BJT837. සේල! යම් සසුනෙකැ අප්‍රමාද වැ හික්මෙනුවහට පැවිද්ද අමෝඝ (නොසිස්) වේ ද එහි මාර්‍ග බ්‍රහ්මචර්‍ය්‍යය ස්වාඛ්‍යාත යැ, සාංදෘෂ්ටික යැ, අකාලික යි.
Pali BJT838. යං තං සරණමාගම්ම ඉතො අට්ඨමෙ{2} චක්ඛුම, සත්තරත්තෙන භගවා දන්තාම්හ තව සාසනෙ.
Sinhala BJT838. ඇසැතියාණෙනි! යම් හෙයෙකින් මින් අටවැනි දිනයෙහි ඔබ සරණයට පැමිණියමෝ ද, එහෙයින් භාග්‍යවතුන් වහන්ස! සත් රැයින් ඔබ සසුන්හි දැමුණම්හ.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJTබුදුහු:-
Pali BJT839. තුවං බුද්ධො තුවං සත්ථා තුවං මාරාභිභූ මුනි, තුවං අනුසයෙ ඡෙත්වා තිණ්ණො තාරෙසිමං පජං.
Sinhala BJT839. බුදු වූවහු මුඹ යැ, ශාස්තෘ වූවාහු මුඹ යැ, මාරාභිභූමුනි වූවහු මුඹ යැ, මුඹ වහන්සේ අනුශය සිඳැ පාරගත වූවහු මේ ප්‍රජාව තරණය කරවූහු යැ.
Pali BJT840. උපධී තෙ සමතික්කන්තා ආසවා තෙ පදාලිතා, සීහො’ව අනුපාදානො පහීනභයභෙරවො.
Sinhala BJT840. ඔබ විසින් උපධීහු ඉක්මවනලදහ, ඔබ විසින් ආස්‍රවයෝ විදාරණය කරනලදහ, උපාදාන රහිත වූවහු, සිංහයකු මෙන් පහ වූ භය භේරව ඇත්තහු යැ.
Pali BJT841. භික්ඛවො තිසතා ඉමෙ තිට්ඨන්ති පඤ්ජලීකතා, පාදෙ වීර පසාරෙහි නාගා වන්දන්තු සත්ථුනො’ති.
Sinhala BJT841. මේ තුන්සියක් භික්‍ෂූහු ඇඳිලි බැඳැගෙන සිටිත්. වීරයන් වහන්ස, පා සඟළ දිගු කළ මැනවැ. පුරුෂනාගයෝ ශාස්තෘහුගේ පා සඟළ වඳිත්වා! යි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා සෙලො ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ආයුෂ්මත් සේල ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළහ යි.
Pali BJTසෙලත්ථෙරගාථා.
Sinhala BJTසේල ස්ථවිරගාථා යි.
Pali BJT20. 1. 7.
Sinhala BJT20. 1. 7.
Pali BJT842. යාතං මෙ හත්ථිගීවාය සුඛුමා වත්ථා පධාරිතා, සාලීනං ඔදනො භුත්තො සුචීමංසූපසෙචනො.
Sinhala BJT842. මා විසින් ඇත්කඳ නැඟී සැරිසරනලද යැ, සියුම් වස්ත්‍ර දරන ලද යැ, මනා මසින් හැනූ හැල්බත් වළඳනලදි.
Pali BJT843. සොජ්ජ භද්දො සාතතිකො උඤ්ඡාපත්තාගතෙ{1} රතො, ඣායති අනුපාදානො පුත්තො ගොධාය භද්දියො.
Sinhala BJT843. අද (ශීලාදී ගුණ හෙයින්) භද්‍ර වූ ශ්‍රමණධර්‍මයෙහි නිරත වූ පිණ්ඩාහාරයෙහි ඇලුණු උපාදාන රහිත වූ කාළිගෝධාපුත්‍ර ඒ භද්දිය තෙමේ ධ්‍යාන කෙරේ.
Pali BJT844. පංසුකූලී සාතතිකො උඤ්ඡාපත්තාගතෙ{1} රතො, ඣායති අනුපාදානො පුත්තො ගොධාය භද්දියො.
Sinhala BJT844. පංශුකූලිකාඞ්ග ඇති, ශ්‍රමණධර්‍මයෙහි නිරත වූ පිණ්ඩාහාරයෙහි ඇලුණු උපාදාන රහිත වූ කළිගෝධාපුත්‍ර භද්දිය තෙමේ ධ්‍යාන කෙරේ.
Pali BJT845. පිණ්ඩපාතී සාතතිකො උඤ්ඡාපත්තාගතෙ1 රතො, ඣායති අනුපාදානො පුත්තො ගොධාය භද්දියො.
Sinhala BJT845. පිණ්ඩපාතිකඞ්ග ඇති ශ්‍රමණධර්‍මයෙහි නිරත වූ ...
Pali BJT846. තෙචිවරී සාතතිකො උඤ්ඡාපත්තාගතෙ{1} රතො, ඣායති අනුපාදානො පුත්තො ගොධාය භද්දියො.
Sinhala BJT846. තෙචීවරිකඞ්ග ඇති ශ්‍රමණධර්‍මයෙහි නිරත වූ ...
Pali BJT847. සපදානචාරී සාතතිකො උඤ්ඡාපත්තාගතෙ{1} රතො, ඣායති අනුපාදානො පුත්තො ගොධාය භද්දියො.
Sinhala BJT847. සපදානචාරිකඞ්ග ඇති ශ්‍රමණධර්‍මයෙහි නිරත වූ ...
Pali BJT848. එකාසනී සාතතිකො උඤ්ඡාපත්තාගතෙ{1} රතො, ඣායති අනුපාදානො පුත්තො ගොධාය භද්දියො.
Sinhala BJT848. ඒකාසනිකඞ්ග ඇති ශ්‍රමණධර්‍මයෙහි නිරත වූ ...
Pali BJT849. පත්තපිණ්ඩී සාතතිකො උඤ්ඡාපත්තාගතෙ{1} රතො, ඣායති අනුපාදානො පුත්තො ගොධාය භද්දියො.
Sinhala BJT849. පත්තපිණ්ඩිකඞ්ග ඇති ශ්‍රමණධර්‍මයෙහි නිරත වූ ...
Pali BJT850. ඛලුපච්ඡාභත්තී සාතතිකො උඤ්ඡාපත්තාගතෙ{1} රතො, ඣායති අනුපාදානො පුත්තො ගොධාය භද්දියො.
Sinhala BJT850. ඛලුපච්ඡාභත්තිකඞ්ග ඇති ශ්‍රමණධර්‍මයෙහි නිරත වූ ...
Pali BJT851. ආරඤ්ඤිකො සාතතිකො උඤ්ඡාපත්තාගතෙ1 රතො, ඣායති අනුපාදානො පුත්තො ගොධාය භද්දියො.
Sinhala BJT851. ආරඤ්ඤිකඞ්ග ඇති ශ්‍රමණධර්‍මයෙහි නිරත වූ ...
Pali BJT852. රුක්ඛමූලිකො සාතතිකො උඤ්ඡාපත්තාගතෙ{1} රතො, ඣායති අනුපාදානො පුත්තො ගොධාය භද්දියො.
Sinhala BJT852. රුක්ඛමූලිකඞ්ග ඇති ශ්‍රමණධර්‍මයෙහි නිරත වූ ...
Pali BJT853. අබ්භොකාසී සාතතිකො උඤ්ඡාපත්තාගතෙ{1} රතො, ඣායති අනුපාදානො පුත්තො ගොධාය භද්දියො.
Sinhala BJT853. අබ්හොකාසිකඞ්ග ඇති ශ්‍රමණධර්‍මයෙහි නිරත වූ ...
Pali BJT854. සොසානිකො සාතතිකො උඤ්ඡාපත්තාගතෙ{1} රතො, ඣායති අනුපාදානො පුත්තො ගොධාය භද්දියො.
Sinhala BJT854. සෝසානිකඞ්ග ඇති ශ්‍රමණධර්‍මයෙහි නිරත වූ ...
Pali BJT855. යථාසන්ථතිකො සාතතිකො උඤ්ඡාපත්තාගතෙ{1} රතො, ඣායති අනුපාදානො පුත්තො ගොධාය භද්දියො.
Sinhala BJT855. යථාසන්තතිකඞ්ග ඇති ශ්‍රමණධර්‍මයෙහි නිරත වූ ...
Pali BJT856. නෙසජ්ජිකො සාතතිකො උඤ්ඡාපත්තාගතෙ{1} රතො, ඣායති අනුපාදානො පුත්තො ගොධාය භද්දියො.
Sinhala BJT856. නෙසජ්ජිකඞ්ග ඇති ශ්‍රමණධර්‍මයෙහි නිරත වූ ...
Pali BJT857. අප්පිච්ඡො සාතතිකො උඤ්ඡාපත්තාගතෙ{1} රතො, ඣායති අනුපාදානො පුත්තො ගොධාය භද්දියො.
Sinhala BJT857. අල්පෙච්ඡ වූ ශ්‍රමණධර්‍මයෙහි නිරත වූ ...
Pali BJT858. සන්තුට්ඨො සාතතිකො උඤ්ඡාපත්තාගතෙ{1} රතො, ඣායති අනුපාදානො පුත්තො ගොධාය භද්දියො.
Sinhala BJT858. සන්තුෂ්ට වූ ශ්‍රමණධර්‍මයෙහි නිරත වූ ...
Pali BJT859. පවිවිත්තො සාතතිකො උඤ්ඡාපත්තාගතෙ{1} රතො, ඣායති අනුපාදානො පුත්තො ගොධාය භද්දියො.
Sinhala BJT859. ප්‍රවිවික්ත වූ ශ්‍රමණධර්‍මයෙහි නිරත වූ ...
Pali BJT860. අසංසට්ඨො සාතතිකො උඤ්ඡාපත්තාගතෙ{1} රතො, ඣායති අනුපාදානො පුත්තො ගොධාය භද්දියො.
Sinhala BJT860. අසංසෘෂ්ට වූ ශ්‍රමණධර්‍මයෙහි නිරත වූ ...
Pali BJT861. ආරද්ධවිරියො සාතතිකො උඤ්ඡාපත්තාගතෙ{1} රතො, ඣායති අනුපාදානො පුත්තො ගොධාය භද්දියො.
Sinhala BJT861. ආරබ්ධවීර්‍ය්‍ය ඇති ශ්‍රමණධර්‍මයෙහි නිරත වූ පිණ්ඩාහාරයෙහි ඇලුණු, උපාදාන රහිත වූ ගෝධාපුත්‍ර භද්දිය තෙමේ ධ්‍යාන කෙරේ.
Pali BJT862. හිත්වා සතපලං කංසං සොවණ්ණං සතරාජිකං, අග්ගහිං මත්තිකාපත්තං ඉදං දුතියාභිසෙචනං.
Sinhala BJT862. රනින් නිමැ වූ නොයෙක් කැටයම් ඇති සියක්පල් අගනා කස්ලෝතලිය හැරැදමා මැටිපාත්‍රය ගනිමි, මේ දෙවැනි අභිෂේක යි.
Pali BJT863. උච්චෙ මණ්ඩලිපාකාරෙ දළ්හමට්ටාලකොට්ඨකෙ, රක්ඛිතො ඛග්ගහත්ථෙහි උත්තසං විහරිං පුරෙ.
Sinhala BJT863. උස් වූ මඬුලුපවුරු ඇති තිර වූ අටලු කොටු ඇති පුරයෙහි ඛඞ්ගධාරීන් විසින් රක්නාලද්දෙම් ත්‍රස්ත වැ විසුයෙමි.
Pali BJT864. සොජ්ජ භද්දො අනුත්රාසී පහීනභයභෙරවො, ඣායති වනමොගය්හ පුත්තො ගොධාය භද්දියො.
Sinhala BJT864. අද ඒ භද්‍ර වූ ත්‍රස්ත නො වනසුලු වූ පහ වූ භය භෛරව ඇති ගෝධාපුත්‍ර භද්දිය තෙමේ වනයෙහි පිවිස ධ්‍යාන කෙරේ.
Pali BJT865. සීලක්ඛන්ධෙ පතිට්ඨාය සතිං පඤ්ඤං ච භාවයං, පාපුණිං අනුපුබ්බෙන සබ්බසංයොජනක්ඛය’න්ති.
Sinhala BJT865. ශීලස්කන්‍ධයෙහි පිහිටා සමාධියත් ප්‍රඥාවත් වඩනෙම් අනුක්‍රමයෙන් සියලු සංයෝජනයන් ගේ ක්‍ෂය භාවයට පැමිණියෙමි යි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා භද්දියො කාළිගොධාය පුත්තො ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ආයුෂ්මත් කාළිගෝධාපුත්‍ර භද්දිය ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළහ යි.
Pali BJTභද්දියත්ථෙරගාථා.
Sinhala BJTභද්දිය ස්ථවිරගාථා යි.
Pali BJT20. 1. 8.
Sinhala BJT20. 1. 8.
Pali BJT866. ගච්ඡං වදෙසි සමණට්ඨිතොම්හි මමං ච බ්රූසි ඨිතමට්ඨිතො’ති, පුච්ඡාමි තං සමණ එතමත්ථං කථං{2} ඨිතො ත්වං අහමට්ඨිතොම්හි.
Sinhala BJT866. මහණ! යන්නෙහි ‘සිටියෙමි’යි කියහි, සිටි මා ‘නො සිටියහ’යි ද කියහි, මහණ! මෙකරුණ ඔබ විචාරමි, භවත් කෙසේ සිටියෙ යැ? මම කෙසේ නො සිටියෙම් වේ ද?
Pali BJT867. ඨිතො අහං අඞ්ගුලිමාල සබ්බදා සබ්බෙසු භූතෙසු නිධාය දණ්ඩං, තුවඤ්ච පාණෙසු අසඤ්ඤතොසි තස්මා ඨිතොහං තුවමට්ඨිතොසි.
Sinhala BJT867. අඟුල්මල! මම හැම කල්හි සියලු සතුන් කෙරෙහි දණ්ඩනය හැරපියා සිටියෙමි, තෝ වනාහි ප්‍රාණීන් කෙරෙහි සංයම රහිත වෙහි, එහෙයින් මම සිටියෙමි, තෝ නො සිටියෙහි.
Pali BJT868. චිරස්සං වත මෙ මහිතො මහෙසි මහාවනං සමණො පච්චුපාදි, සො’හං චජිස්සාමි සහස්සපාපං සුත්වාන ගාථං තව ධම්මයුත්තං.
Sinhala BJT868. පූජිත වූ මහර්ෂි වූ ශ්‍රමණ තෙම කලෙකින් මට හිත පිණිස මහවනයට එළඹියේ යැ, මම ඔබගේ ධර්‍මයුක්ත වූ ගාථාව අසා දහසක් පව් හැරැදමන්නෙමි.
Pali BJT869. ඉච්චෙව චොරො අසිමාවුධං ච සොබ්භෙ පපාතෙ නරකෙ අන්වකාසි, අවන්දි චොරො සුගතස්ස පාදෙ තත්ථෙව පබ්බජ්ජමයාචි බුද්ධං.
Sinhala BJT869. මෙසේ කියා අඟුල්මල් සොර අසිපත ද සෙසු අවි ද හෙබෙහි ප්‍රපාතයෙහි, පොළෝ විවරයෙහි දැමී යැ, සොරා බුදුන් ගේ පාසඟළු වැන්දේ යැ, එතැන්හි මැ බුදුන් ගෙන් පැවිද්ද අයැදී.
Pali BJT870. බුද්ධො ච ඛො කාරුණිකො මහෙසි යො සත්ථා ලොකස්ස සදෙවකස්ස, තමෙහි භික්ඛූ’ති තදා අවොච එසො’ව තස්ස අහු භික්ඛුභාවො.
Sinhala BJT870. එක්බිති යම් කෙනෙක් දෙවියන් සහිත සත්ත්‍වලෝකයාට කාරුණික වෙත් ද, මහර්ෂී වෙත් ද ඒ බුදුහු ‘එව මහණැ’යි එදා ඔහුට වදාළහ. එ මැ ඔහු ගේ භික්‍ෂුභාවය වී.
Pali BJT871. යො ච පුබ්බෙ පමජ්ජිත්වා පච්ඡා සො නප්පමජ්ජති, සො’මං ලොකං පභාසෙති අබ්භා මුත්තො’ව චන්දිමා.
Sinhala BJT871. යමෙකු පළමු ප්‍රමාදයට පැමිණ පසුව අප්‍රමාද වේ ද හෙතෙම වලායෙන් මුත් නිසයුරු සෙයින් මෙලොව බබුළුවයි.
Pali BJT872. යස්ස පාපං කතං කම්මං කුසලෙන පිථීයති,{1} සො’මං ලොකං පභාසෙති අබ්භා මුත්තො’ව චන්දිමා.
Sinhala BJT872. යමකු විසින් කරනලද පව්කම් කුශලයෙන් වසනුලැබේ ද හෙතෙම වලායෙන් මුත් නිසයුරු සෙයින් මෙලොව බබුළුවයි.
Pali BJT873. යො හවෙ දහරො භික්ඛු යුඤ්ජති බුද්ධසාසනෙ, සො’මං ලොකං පභාසෙති අබ්භා මුත්තො’ව චන්දිමා.
Sinhala BJT873. යම් තරුණ මහණෙක් ත්‍රිවිධශික්‍ෂායෙහි යුක්තප්‍රයුක්ත වේ ද හෙතෙම ඒකාන්තයෙන් වලායෙන් මුත් නිසයුරු සෙයින් මෙලොව බබුළුවයි.
Pali BJT874. දිසා’පි{2} මෙ ධම්මකථං සුණන්තු දිසා’පි මෙ යුඤ්ජන්තු බුද්ධසාසනෙ, දිසා’පි{2} මෙ තෙ මනුජෙ{3} භජන්තු යෙ ධම්මමෙවාදාපෙන්ති{4} සන්තො.
Sinhala BJT874. මා ගේ සතුරෝ ද (මා ඇසූ) ධර්‍මකථාව අසත්වා! මාගේ සතුරෝ ද බුද්ධශාසනයෙහි යුක්තප්‍රයුක්ත වෙත්වා! (යෙදෙත්වා!) යම් සත්පුරුෂ කෙනෙක් ධර්‍මය මැ ගන්වත් ද මාගේ සතුරෝ ද එබඳු මිනිසුන් භජනය කෙරෙත්වා!
Pali BJT875. දිසා හි මෙ ඛන්තිවාදානං අවිරොධප්පසංසිනං, සුණන්තු ධම්මං කාලෙන තඤ්ච අනුවිධීයන්තු.
Sinhala BJT875. මා ගේ සතුරෝ ක්‍ෂාන්තිවාදීන්ගේ මෛත්‍රිය පසස්නවුන් ගේ ධර්‍මය සුදුසු කල්හි අසත්වා! එ ද අනුගමනය කෙරෙත්වා!
Pali BJT876. නහි ජාතු සො මමං හිංසෙ අඤ්ඤං වා පන කිඤ්චනං, පප්පුය්ය පරමං සන්තිං රක්ඛෙය්ය තසථාවරෙ.
Sinhala BJT876. ඒ මාගේ සතුරා කිසි කලෙකැ මා නො මැ නසන්නේ යැ, අන් කිසිවකු හෝ නො නසන්නේ යැ, (හෙතෙම) පරම ශාන්තියට පැමිණ තැතිගන්නවුන් (පුහුදුන්) හා ස්ථාවරයන් (රහතුන්) රක්නේ යි.
Pali BJT877. උදකං හි නයන්ති නෙත්තිකා උසුකාරා නමයන්ති තෙජනං, දාරුං නමයන්ති තච්ඡකා අත්තානං දමයන්ති පණ්ඩිතා.
Sinhala BJT877. දියාලුවෝ (කැමැති තැනට) දියගෙන යෙති, හීවඩුවෝ හී ඍජු කෙරෙති. දැවවඩුවෝ දැව නමති, නුවණැතියෝ ආත්මය දමනය කෙරෙත්.
Pali BJT878. දණ්ඩෙනෙකෙ දමයන්ති අඞ්කුසෙහි කසාහි ච, අදණ්ඩෙන අසත්ථෙන අහං අන්තොම්හි තාදිනා.
Sinhala BJT878. ඇතැම් කෙනෙක් කැවිටිනුදු අකුස්සෙනුදු කසයෙනුදු දමනය කරත්, මම කැවිටි නැති අවි නැති තාදිහු (බුදුන්) විසින් දමනය කරනලද්දෙමි වෙමි.
Pali BJT879. අභිංසකො’ති මෙ නාමං හිංසකස්ස පුරෙ සතො, අජ්ජාහං සච්චනාමොම්හි න නං හිංසාමි කිඤ්චනං.
Sinhala BJT879. හිංසක වූ මට පෙර ‘අහිංසක’ යැ යි නමෙක් වී යැ, අද මම නිබොරු නම් ඇත්තෙමි, කිසිවකු නො නසමි.
Pali BJT880. චොරො අහං පුරෙ ආසිං අඞ්ගුලිමාලො’ති විස්සුතො, වුය්හමානො මහොඝෙන බුද්ධං සරණමාගමං.
Sinhala BJT880. පෙර මම ‘අඞ්ගුලිමාල’යි ප්‍රසිද්ධ වූ සොර වීමි, (කාමාදි) මහොඝය විසින් පා කොට ගෙන යන ලද්දෙම් බුදුන් සරණගියෙමි.
Pali BJT881. ලොහිතපාණී{5} පුරෙ ආසිං අඞ්ගුලිමාලො’ති විස්සුතො, සරණාගමනං පස්ස භවනෙත්ති සමූහතා.
Sinhala BJT881. පෙර අඟුල්මලැ යි ප්‍රසිද්ධ වූයෙම් ලෙහෙ වැකුණු අත් ඇත්තෙම් වීමි, සරණාගමන අනුසස් බලව. (මා විසින්) තෘෂ්ණාව උගුළුවන ලදු.
Pali BJT882. තාදිසං කම්මං කත්වාන බහුං දුග්ගතිගාමිනං ඵුට්ඨො කම්මවිපාකෙන අනණො භුඤ්ජාමි භොජනං.
Sinhala BJT882. දුගතියට යනසුලු එබඳු බොහෝ පව්කම් කොට කර්‍මවිපාකය විසින් ස්පර්‍ශ කරනලද්දෙම් ණය නැති ව සිව්පසය වළඳමි.
Pali BJT883. පමාදමනුයුඤ්ජන්ති බාලා දුම්මෙධිනො ජනා. අප්පමාදං ච මෙධාවී ධනං සෙට්ඨං’ව රක්ඛති.
Sinhala BJT883. නුවණ නැති බාලජනයෝ ප්‍රමාදයෙහි පුනපුනා යෙදෙති, නුවණැත්තේ වැළිත් ශ්‍රේෂ්ඨධනයක් මෙන් අප්‍රමාදය රකී.
Pali BJT884. මා පමාදමනුයුඤ්ජෙථ මා කාමරතිසන්ථවං, අප්පමත්තො හි ඣායන්තො පප්පොති පරමං සුඛං.
Sinhala BJT884. පමායෙන් කල් නො ගළවවු, කාමරතිසන්‍ථවය නො ලබවු, අප්‍රමාද වූ ධ්‍යාන කරන පුද්ගල තෙම පරමසුවය ලබයි.
Pali BJT885. ස්වාගතං නාපගතං නෙතං දුම්මන්තිතං මම, සංවිභත්තෙසු{6} ධම්මෙසු යං සෙට්ඨං තදුපාගමං.
Sinhala BJT885. මනා ඊමෙකි, නිරර්‍ත්‍ථක වූයේ නො වේ, මා විසින් තෙල (පැවිදි වෙමි යන කරුණ) නපුරු කොට සිතනලද්දේ නො වේ, (සාවද්‍ය අනවද්‍යා දි විසින්) විභාග කරනලද ධර්‍මයෙහි යමක් ශ්‍රේෂ්ඨ නම් එ නිවන ට පැමිණියෙමි.
Pali BJT886. ස්වාගතං නාපගතං නෙතං දුම්මන්තිතං මම, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT886. මනා ඊමෙකි, නිරර්‍ත්‍ථක වූයේ නො වේ, මා විසින් තෙල නපුරු කොට සිතනලද්දේ නො වේ, ත්‍රිවිද්‍යාව අනුක්‍රමයෙන් ලබනලද යැ, බුදුන් ගේ අනුශාසනය කරනලදි.
Pali BJT887. අරඤ්ඤෙ රුක්ඛමූලෙ වා පබ්බතෙසු ගුහාසු වා, තත්ථ තත්ථෙව අට්ඨාසිං උබ්බිග්ගමනසො තදා.
Sinhala BJT887. අරණ්‍යයෙහි හෝ රුක්මුල හෝ පර්‍වතයෙහි හෝ ගුහායෙහි හෝ ඒ ඒ තැන්හි මැ කලකුළුසිත් ඇති වැ එදා සිටියෙමි.
Pali BJT888. සුඛං සයාමි ඨායාමි සුඛං කප්පෙමි ජීවිතං, අහත්ථපාසො මාරස්ස අහො සත්ථානුකම්පිතො.
Sinhala BJT888. සුවසේ හොවිමි, සිටිමි, සුවසේ දිවි ගෙවමි, මරහු ගේ අත් පසින් බැහැර යෙමි, අසිරි යැ! ශාස්තෘහු විසින් අනුකම්පිතයෙමි.
Pali BJT889. බ්රහ්මජච්චො පුරෙ ආසිං උදිච්චො උභතො අහු,{1} සොජ්ජ පුත්තො සුගතස්ස ධම්මරාජස්ස සත්ථුනො.
Sinhala BJT889. පෙර බ්‍රාහ්මණජාතික වීමි, (මා පිය) දෙපසින් පරිශුද්ධ වීමි, ඒ මම අද සුගත වූ ධර්‍මරාජන් වූ ශාස්තෘහු ගේ පුත්‍රයෙමි.
Pali BJT890. වීතතණ්හො අනාදානො ගුත්තද්වාරො සුසංවුතො, අඝමූලං වධිත්වාන{2} පත්තො මෙ ආසවක්ඛයො.
Sinhala BJT890. පහ කළ තෘෂ්ණා ඇතියෙම් උපාදාන රහිතයෙම් ඉඳුරන්හි වසන ලද දොර ඇතියෙම් සුසංවෘත වූයෙම් වෙමි. දුක්මුල් සිඳැ මා විසින් ආස්‍රවක්‍ෂය (නිවන) ලබනලද්දේ යි.
Pali BJT891. පරිචිණ්ණො මයා සත්ථා කතං බුද්ධස්ස සාසනං, ඔහිතො ගරුකො භාරො භවනෙත්ති සමූහතා’ති.
Sinhala BJT891. මා විසින් ශාස්තෲන් වහන්සේ ඇසුරු කරනලදහ, බුදුන්ගේ අනුශාසනය කොට නිමවනලදි, ගුරු බර බහා තබනලද්දේ යැ තෘෂ්ණාව උපුරනලද්දී යැ.
Pali BJTඉත්ථං සුදං ආයස්මා අඞ්ගුලිමාලො ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ආයුෂ්මත් අඞ්ගුලිමාල ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළහ යි.
Pali BJTඅඞ්ගුලිමාලත්ථෙරගාථා.
Sinhala BJTඅඞ්ගුලිමාල ස්ථවිරගාථා යි.
Pali BJT20. 1. 9.
Sinhala BJT20. 1. 9.
Pali BJT892. පහාය මාතාපිතරො භගිනී ඤාතිභාතරො, පඤ්චකාමගුණෙ හිත්වා අනුරුද්ධො’ව ඣායතු.
Sinhala BJT892. මාපියන්, සොහොවුරි නෑ සොහොවුරන් හැරැදමා පස්කම්ගුණ හැරැදමා (යමෙක් ධ්‍යාන කෙරේ නම් හෙතෙම) අනුරුද්ධමුනි මෙන් ධ්‍යාන කෙරේ.
Pali BJT893. සමෙතො නච්චගීතෙහි සම්මතාළප්පබොධනො, න තෙන සුද්ධිමජ්ඣගං{3} මාරස්ස විසයෙ රතො.
Sinhala BJT893. නෘත්‍යගීතයෙන් යුක්ත වූයෙම්, කුළුතාළමින් පිබිදෙනසුලු වූයෙම්, කාමගුණයෙහි ඇලුණෙම් එයින් ශුද්ධියට නො පැමිණියෙමි.
Pali BJT894. එතං ච සමතික්කම්ම රතො බුද්ධස්ස සාසනෙ, සබ්බොඝං සමතික්කම්ම අනුරුද්ධො’ව ඣායති.
Sinhala BJT894. තෙල පස්කම් ගුණය ද ඉක්ම බුදුසසුන්හි ඇලුණේ (කාමාදි) සියලු ඕඝයන් මැනැවින් ඉක්ම අනුරුද්ධ මෙන් ධ්‍යාන කෙරේ.