Pali BJT723. තෙනායං දෙසිතො ධම්මො ඛයගාමී අනුත්තරො, කස්ස සාසනමාගම්ම ලබ්භතෙ තං අසොකතා.
Sinhala BJT723. උන්වහන්සේ විසින් මේ නිර්‍වාණගාමී වූ නිරුත්තර වූ ධර්‍මය දේශිත යැ, උන් වහන්සේගේ අවවාදය ලැබැ ඒ අශෝකත්‍වය ලැබේ’යි. (කීහ.)
Pali BJT724. සුත්වාන චොරා ඉසිනො සුභාසිතං, නික්ඛිප්ප සත්ථානි ච ආවුධානි ච තම්හා ච කම්මා විරමිංසු එකෙ එකෙ පබ්බජ්ජ මරොචයිංසු.
Sinhala BJT724. සොරු ඍෂිහුගේ සුභාෂිතය අසා ශස්ත්‍රයන් ද ආයුධයන් ද බහා තබා ඇතැම් කෙනෙක් ඒ සොරකමින් වැළකුණහ. ඇතැම් කෙනෙක් පැවිද්ද බැබැළවූහ (පැවිදි වූහ).
Pali BJT725. තෙ පබ්බජිත්වා සුගතස්ස සාසනෙ භාවෙත්ව බොජ්ඣඞ්ගබලානි පණ්ඩිතා උදග්ගචිත්තා සුමනා කතින්ද්රියා ඵුසිංසු නිබ්බානපදං අසඞ්ඛත’න්ති.
Sinhala BJT725. ඔහු සුගත් සසුන්හි පැවිදි වැ නුවණැති වැ බෝධ්‍යඞ්ග - බල ධර්‍මයන් වඩා ඔද වැඩිසිත් ඇති වැ සොම්නස් වැ වඩනලද ඉන්‍ද්‍රියයන් ඇති වැ අසංස්කෘත වූ නිර්‍වාණපදය පැහැසැ ගත්හ’යි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා අධිමුත්තො ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ආයුෂ්මත් අධිමුත්ත ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTඅධිමුත්තත්ථෙරගාථා.
Sinhala BJTඅධිමුත්ත ස්ථවිරගාථා යි.
Pali BJT20. 1. 2.
Sinhala BJT20. 1. 2.
Pali BJT726. සමණස්ස අහු චින්තා පාරාසරියස්ස{2} භික්ඛුනො, එකකස්ස නිසින්නස්ස පවිවිත්තස්ස ඣායිනො.
Sinhala BJT726. එකලා වැ හුන්නා වූ පවිවේකය ඇති ධ්‍යාන කරනසුලු වූ ශ්‍රමණ වූ පාරාපරිය නම් වූ භික්‍ෂූහට සිතිවිල්ලෙක් උපනි.
Pali BJT727. කිමානුපුබ්බං පුරිසො කිං වතං{3} කිං සමාචරං, අත්තනො කිච්චකිරිස්ස න ච කිඤ්චි විහෙඨයෙ.
Sinhala BJT727. මිනිසා කවර පිළිවෙතක් කවර ශීලයක් ඇසුරු කරන්නේ තමා ගේ කටයුතු කරනසුලු වන්නේ ද කිසිවකු නො පෙළන්නේත් වේ දැ?යි.
Pali BJT728. ඉන්ද්රියානි මනුස්සානං හිතාය අහිතාය ච, අරක්ඛිතානි අහිතාය රක්ඛිතානි හිතාය ච.
Sinhala BJT728. ඉන්‍ද්‍රියයෝ මිනිසුන්ට හිත පිණිස ද අහිත පිණිස ද පවතිත්, නොරක්නාලදහු අහිත පිණිසත් රක්නාලදහු හිත පිණිසත් පවතිත්.
Pali BJT729. ඉන්ද්රියානෙවං සාරක්ඛං ඉන්ද්රියානි ච ගොපයං, අත්තනො කිච්චකාරිස්ස න ච කිඤ්චි විහෙඨයෙ.
Sinhala BJT729. ඉන්‍ද්‍රියයන් මැ මැනැවින් රක්නේත් ඉන්‍ද්‍රියයන් මැ ගෝපනය කරන්නේත් තමාගේ කටයුතු කරනසුලු වෙයි, හෙතෙම කිසිවකු නො පෙළන්නේත් වේ.
Pali BJT730. චක්ඛුන්ද්රියං චෙ රූපෙසු ගච්ඡන්තං අනිවාරයං, අනාදීනවදස්සාවී සො දුක්ඛා න හි මුච්චති.
Sinhala BJT730. ඉදින් (යමෙක්) රූ අරමුණු කරා යන්නා වූ චක්‍ෂුරින්‍ද්‍රියය නො වළකන්නේ ආදීනව නො දක්නාසුලු වේ නම් හෙතෙම දුකින් නො මැ මිදේ.
Pali BJT731. සොතින්ද්රියං චෙ{1} සද්දෙසු ගච්ඡන්තං අනිවාරයං, අනාදීනවදස්සාවී සො මුක්ඛා න හි මුච්චති.
Sinhala BJT731. ඉදින් සද අරමුණු කෙරෙහි යන්නා වූ ශ්‍රෝත්‍රේන්‍ද්‍රියය නො වළකන්නේ ආදීනව නො දක්නාසුලු වේ නම් හෙතෙම දුකින් නො මැ මිදේ.
Pali BJT732. අනිස්සරණදස්සාවී ගන්ධෙ චෙ පටිසෙවති, න සො මුච්චති දුක්ඛම්හා ගන්ධෙසු අධිමුච්ඡිතො.
Sinhala BJT732. ඉදින් නිස්සරණය නො දක්නාසුලු වැ ගන්‍ධාරම්මණය සෙවුනේ නම් ගන්‍ධාරම්මණයෙහි මුසපත් වූ හෙතෙම දුකින් නො මිදේ.
Pali BJT733. අම්බිලං මධුරග්ගං ච තිත්තකග්ගමනුස්සරං, රසතණ්හාය ගධිතො හදයං නාවබුජ්ඣති.
Sinhala BJT733. ඇඹුල යැ මිහිර යැ තිත්ත යැ යන රසයන් සිහි කෙරෙමින් රසතෘෂ්ණායෙහි ගිජු වූයේ (පැවිද්දෙහි උපන්) සිත අවබෝධ නො කෙරේ.
Pali BJT734. සුභාන්යප්පටිකූලානි ඵොට්ඨබ්බානි අනුස්සරං, රත්තො රගාධිකරණං විවිධං වින්දතෙ දුඛං.
Sinhala BJT734. අනුකූල වූ ශුභස්පර්‍ශයන් සිහි කෙරෙමින් (එහි) ඇලුණේ රාග හේතු වූ නොයෙක් දුක් විඳී.
Pali BJT735. මනං චෙතෙහි ධම්මෙහි යො න සක්කොති රක්ඛිතුං, තතො නං දුක්ඛමන්වෙති සබ්බහෙතෙහි පඤ්චහි.
Sinhala BJT735. ඉදින් යමෙක් මේ (රූපාදි) අරමුණු කෙරෙන් සිත රක්නට නො සමත් වේ නම් එහෙයින් මේ සියලු පඤ්චාරම්මණයන් කරණ කොට ගෙන දුක ඔහු ලුහුබඳී.
Pali BJT736. පුබ්බලොහිතසම්පුණ්ණං බහුස්ස කුණපස්ස ච, නරවීරකතං වග්ගුං{2} සමුග්ගමිව චිත්තිතං.
Sinhala BJT736. සමර්‍ත්‍ථශිල්පියකු විසින් සාදනලද, විසිතුරු කරනලද, පූයා හා ලෙහෙයෙන් පිරුණු බොහෝ කුණපයෙන් ද පිරුණු මනරම් සුමුගක් (බඳුනක්) වැනි වූ,
Pali BJT737. කටුකං මධුරස්සාදං පියනිබන්ධනං දුඛං,{3} ඛුරංව මධුනා ලිත්තං උල්ලිහං{4} නාවබුජ්ඣති.
Sinhala BJT737. කටුක වූ (එහෙත්) මධුරාස්වාද ඇත්තා වූ, දුක් වූ (එහෙත්) ප්‍රිය ස්වරූප ඇත්තා වූ මිහියෙන් තවරනලද කරයක් ලොවිනා එකකු සෙයින් (සිරුර පහසනුයේ දුක) අවබෝධ නො කෙරේ.
Pali BJT738. ඉත්ථිරූපෙ ඉත්ථිසරෙ{5} ඵොට්ඨබ්බෙ’පි ඉත්ථියා, ඉත්ථිගන්ධෙසු සාරත්තො විවිධං වින්දතෙ දුඛං.
Sinhala BJT738. මාගම්රූහි ද මාගම්සදෙහි ද මාගමගේ පහසෙහි ද මාගම් ගඳෙහි ද ඇලුණේ නොයෙක් දුක් විඳී.
Pali BJT739. ඉත්ථිසොතානි සබ්බානි සන්දන්ති පඤ්ච පඤ්චසු, තෙසමාවරණං කාතුං සො සක්කොති විරියවා.
Sinhala BJT739. මාගමගේ (රූපාරම්මණාදි) පස්වැදෑරුම් වූ සියලු ශ්‍රෝතස්හු (නදීහු) (පුරුෂයාගේ) පඤ්චද්වාරයෙහි ගලා යත්, ඔවුන් අවුරන්නට වීර්‍ය්‍ය ඇති යමෙක් සමර්‍ත්‍ථ වේ නම්,
Pali BJT740. සො අත්ථවා සො ධම්මට්ඨො සො දුක්ඛො සො විචක්ඛණො, කරෙය්ය රමමානො පි{6} කිච්චං ධම්මත්ථසංහිතං.
Sinhala BJT740. හෙතෙම අර්‍ත්‍ථවත් යැ, හෙතෙම ධර්‍මස්ථ යැ, හෙතෙම දක්‍ෂ යැ, හෙතෙම විචක්‍ෂණ යැ, හෙතෙම (ගෘහරතියෙන්) රමණය කරන්නේ නමුදු ධර්‍මාර්‍ත්‍ථයෙන් යුත් කෘත්‍යයක් මැ කරන්නේ යි.
Pali BJT741. අථො සීදති සඤ්ඤුත්තං වජ්ජෙ කිච්චං නිරත්ථකං, න තං කිච්චන්ති මඤ්ඤිත්වා අප්පමත්තො විචක්ඛණො.
Sinhala BJT741. වැළිත් (ඓහිකාර්‍ත්‍ථයෙන්) යුක්ත වූ (පාරත්‍රිකාර්‍ත්‍ථ රහිත බැවින්) නිරර්‍ත්‍ථක වූ කෘත්‍යය නො කරයි, අප්‍රමාද (ස්මෘතිමත්) වූ නුවණැත්තේ ‘එය නො කටයුතු යැ යි දැනැ හරනේ යි.
Pali BJT742. යං ච අත්ථෙන සඤ්ඤුන්තං යා ච ධම්මගතා රති, තං සමාදාය වත්තෙථ සා හි උත්තමා රති.
Sinhala BJT742. අර්‍ත්‍ථසංහිත වූ යම් කෘත්‍යයෙකුත් වේ ද අධිකුශලධර්‍මගත වූ යම් රතියකුත් වේ ද එය සමාදන් වැ (මැනැවින් ගෙන) පවත්නේ යැ, එකත්නෙන් ඒ උතුම් රතිය යි.
Pali BJT743. උච්චාවචෙහුපායෙහි පරෙසමභිජිගීසති, හන්ත්වා වධිත්වා අථ සොචයිත්වා, ආලොපති සාහසා යො පරෙසං.
Sinhala BJT743. යමෙක් කුදුමහත් උපායයන් ගෙන් අන්සතු දැය දිනනු කැමැති වේ ද හෙතෙම (අනුන්) නසා, පෙළා නොහොත් ශෝක කරවා සැහැසි කමින් අන්සතු දැය වොලොගනි (පැහැරැගනී).
Pali BJT744. තච්ඡන්තො ආණියා ආණිං නිහන්ති බලවා යථා, ඉන්ද්රියානින්ද්රෙයෙහෙව නිහන්ති කුසලො{7} තථා.
Sinhala BJT744. යම්සේ (කයින් නුවණින්) සවි ඇති වඩුවෙක් ඇණයෙන් කොටමින් (දැවයෙහි සිටි) ඇණය බැහැර කෙරේ නම් එපරිද්දෙන් සමත් මහණ තෙම ඉඳුරන් කරණ කොට ගෙන මැ ඉඳුරන් බැහැර කෙරේ.
Pali BJT745. සද්ධං විරියං සමාධිං ච සතිං පඤ්ඤඤ්ච{1} භාවයං, පඤ්ච පඤ්චහි හන්ත්වාන අනීඝො යාති බ්රාහ්මණො.
Sinhala BJT745. ශ්‍රද්ධාවත් වීර්‍ය්‍යයත් සමාධියත් ස්මෘතියත් ප්‍රඥාවත් වඩන්නා වූ (බාහිත පාපී) බ්‍රාහ්මණ තෙම පසිඳුරන්ගෙන් පසිඳුරන් නසා නිදුක් වැ (නිවනට) යේ.
Pali BJT746. සො අත්ථවා සො ධම්මට්ඨො කත්වා වාක්යානුසාසනිං, සබ්බෙන සබ්බං බුද්ධස්ස සො නරො සුඛමෙධතී’ති.
Sinhala BJT746. හෙතෙම තමහට වැඩ ඇත්තේ යැ, හෙතෙම බුදුන්ගේ අවවාද වාක්‍යය සියල්ලෙන් සියල්ල කොට (පිළිපැද) ධර්‍මයෙහි සිටියේ යැ, එ (උතුම්) පුරුෂ තෙම (නිවන් සුව) වඩා’ යි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා පාරාසරියො ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ආයුෂ්මත් ‘පාරාසරිය’ ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTපාරාසරියත්ථෙරගාථා.
Sinhala BJTපාරාසරිය ස්ථවිරගාථා යි.
Pali BJT20. 1. 3.
Sinhala BJT20. 1. 3.
Pali BJT747. චිරරත්තං වතාතාපී ධම්මං අනුවිචින්තයං, සමං චිත්තස්ස නාලත්ථං පුච්ඡං සමණබ්රාහ්මණෙ.
Sinhala BJT747. දිගුකලක් මුළුල්ලෙහි වීර්‍ය්‍ය ඇත්තෙම් විමෝක්‍ෂධර්‍මය සොයන්නෙම්, මහණ බමුණන් විචාරන්නෙම් චිත්තයාගේ ව්‍යුපශමය වූ ආර්‍ය්‍යධර්‍මය නො ලදිමි.
Pali BJT748. කො සො පාරඞ්ගතො ලොකෙ කො පත්තො අමතොගධං, කස්ස ධම්මං පටිච්ඡාමි පරමත්ථවිජානනං.
Sinhala BJT748. යමෙක් ලොවැ පරතෙරට ගියේ නම් හේ කවරේ ද? කවරෙක් නිර්‍වාණ නැමැති ප්‍රතිෂ්ඨාවට පැමිණියේ ද? කවරක්හුගේ පරමාර්‍ත්‍ථාවබෝධන ධර්‍මය පිළිගනිම් ද?
Pali BJT749. අන්තොවඞ්කගතො ආසි{2} මච්ඡොව ඝසමාමිසං, බද්ධො{3} මහින්දපාසෙන වෙපචිත්ත්යසුරො යථා.
Sinhala BJT749. බිලිය ගිලි මසකු මෙන් ඇතුළත (හෘදයයෙහි) වඞ්කගතයෙක් වීමි. මහේන්‍ද්‍ර (ශක්‍ර) පාශයෙන් ‘වේපචිත්ති’ අසුරයා මෙන් (මම) ක්ලෙෂපාශයෙන් බැඳුණෙමි.
Pali BJT750. අඤ්ඡාමි{4} නං න මුඤ්චාමි අස්මා සොකපරිද්දවා, කො මෙ බන්ධං මුඤ්චං ලොකෙ සම්බොධිං වෙදයිස්සති.
Sinhala BJT750. (මම) එය (ක්ලේශපාශය) අදිමි. (එතෙකුදුවත්) මේ ශෝකපරිදේවයෙන් නො මිදෙමි. ලෝකයෙහි කවරෙක් බන්‍ධනය මුදමින් මට විමොක්‍ෂමාර්‍ගය ප්‍රකාශ කරන්නේ ද?
Pali BJT751. සමණං බ්රාහ්මණං වා කං ආදිසන්තං පභඞ්ගුනං, කස්ස ධම්මං පටිච්ඡාමි ජරාමච්චුපවාහනං.
Sinhala BJT751. කෙලෙසුන් නසන්නා වූ දහම් දෙසන කවර මහණකු හෝ බමුණකු හෝ පිණිස්සෙම් (ගිවිස්නෙම්) ද, ජරාමරණ උල්පවා හරනා වූ කවරකුගේ දහම් පිණිස්නෙම් ද?
Pali BJT752. විචිකිච්ඡාකඞ්ඛාගථිතං{5} සාරම්භබලසඤ්ඤුතං, කොධප්පත්තමනත්ථද්ධං අභිජප්පප්පදාරණං.{6}
Sinhala BJT752. විචිකිච්ඡායෙන් හා සැකයෙන් ගෙතුණු (කරණොත්තරීය කරණ ලක්‍ෂණ) සාරම්භබලයෙන් මොනවට බඳනාලද ක්‍රෝධයට පැමිණි සිත් විසින් දැඩි වූ ප්‍රාර්‍ත්‍ථනා නැමැති විදාරණය ඇති,
Pali BJT753. තණ්හාධනුසමුට්ඨානං ද්වෙ ච පන්නරසායුතං, පස්ස ඔරසිකං බාළ්හං{7} භෙත්වා යදි තිට්ඨති.
Sinhala BJT753. තෘෂ්ණා නැමැති දුන්නෙන් නැඟෙන්නා වූ, (විංශද්වස්තුක සත්කායදෘෂ්ටි දශවස්තුක මිථ්‍යාදෘෂ්ටි විසින්) තිසක් පමණ වූ දෘෂ්ටිශල්‍යය ළය දැඩි වැ පළාගෙන ළයෙහි මැ සිටී. (එය) බලව.
Pali BJT754. අනුදිට්ඨීනං අප්පහානං සඞ්කප්පපරතෙජිතං,{8} තෙන විද්ධො පවෙධාමි පත්තං’ව මාලුතෙරිතං.
Sinhala BJT754. සෙසු දෘෂ්ටීන්ගේ අප්‍රහාණ කාරණය වූ මිථ්‍යා විතර්‍ක විසින් අන්‍යයන් උත්සාහවත් කරනලද්දා වූ (යම් සත්කායදෘෂ්ටිශල්‍යයෙක් ඇද්ද) එයින් විදුනාලද්දෙම් පවනින් සොලවනලද පත්‍රයක් මෙන් අතිශයින් වෙවුළමි.
Pali BJT755. අජ්ඣත්තං මෙ සමුට්ඨාය ඛිප්පං පච්චති මාමකං,{9} ඡඵස්සායතනී කායො යත්ථ සරති සබ්බදා.
Sinhala BJT755. සවැදෑරුම් ස්පර්‍ශායතනය මාගේ ආත්මභාවයෙහි නැඟී මා සතු ආත්මභාවය යුහු වැ දවයි, හේ යම් තැනෙක උපන්නේ නම් එහි හැම කල්හි හැසිරේ (පවතී).
Pali BJT756. තං න පස්සාමි තෙකිච්ඡං යො මෙතං සල්ලමුද්ධරෙ, නානාරජ්ජෙන සත්ථෙන නාඤ්ඤෙන විචිකිච්ඡිතං.
Sinhala BJT756. යමෙක් ඒෂණිසලාකායෙන් හෝ සැතින් හෝ අන්‍ය මන්ත්‍රාගදයකින් හෝ පිළියම් නො කළහැකි මාගේ ඒ ශල්‍යය උදුරා නම් ඒ සැත් වෙදහු නො දක්මි.
Pali BJT757. කො මෙ අසත්ථො අවණො සල්ලමබ්භන්තරපස්සයං, අහිංසං සබ්බගත්තානි සල්ලං මෙ උද්ධරිස්සති.
Sinhala BJT757. කවරෙක් සැත් නැති වැ වණ රහිත වැ කිසි අවයවයක් නො පෙළමින් මාගේ හෘදය ඇසිරි කොට ඇති (දෘෂ්ටි-ක්ලේශ) ශල්‍යය උදුරන්නේ ද?
Pali BJT758. ධම්මප්පති හි සො සෙට්ඨො විසදොසප්පවාහකො, ගම්භීරෙ පතිතස්ස මෙ ථලං පාණිං ච{1} දස්සයෙ.
Sinhala BJT758. (යමෙක්) ගැඹුරෙහි වැටුණු මට නිර්‍වාණ ස්ථලයත් මාර්‍ග හස්තයත් ඇරැපව් නම් ධර්‍මහේතුවින් විෂදෝෂයන් සිඳුනා වූ හෙතෙම ශ්‍රේෂ්ඨ යි.
Pali BJT759. රහදෙ’හමස්මි ඔගාළ්හො අහාරියරජමත්තිකෙ,{2} මායාඋසූයසාරම්භ{3} ථීනමිද්ධමපත්ථටෙ.
Sinhala BJT759. මම ඉවත් කළ නො හැකි වූ රාගාදි රජස් මැටි ඇති මායා උසූයා, සාරම්භ, ථීනමිද්ධ යන මොවුන් පැතිර ඇති ජලාශයෙකැ ගිලුණෙම් වෙමි.
Pali BJT760. උද්ධච්චමෙඝථනිතං සඤ්ඤොජනවලාහකං, වාහා වහන්ති දුද්දිට්ඨිං{4} සඞ්කප්පා රාගනිස්සිතා.
Sinhala BJT760. ඖද්ධත්‍ය නැමැති මේඝගර්‍ජනා ඇති සංයෝජන නැමැති වලාහක ඇති රාගනිශ්ශ්‍රිත සංකල්ප නැමැති ප්‍රවාහයෝ මිසදිටු මා අපාය නැමැති සමුද්‍රයට ගෙනයත්.
Pali BJT761. සවන්ති සබ්බධි සොතා ලතා උබ්භිජ්ජ තිට්ඨති, තෙ සොතෙ කො නිවාරෙය්ය තං ලතං කො හි ඡෙච්ඡති.
Sinhala BJT761. තෘෂ්ණාදි ශ්‍රෝතස්හු රූපාරම්මණාදි සියලු තැන්හි ගලා යෙත්. තෘෂ්ණා ලතාව හැප්සැ සිටී, ඒ ශ්‍රෝතසුන් කවරෙක් වළහන්නේ ද? ඒ ලතාව කවරෙක් සිඳලන්නේ ද?
Pali BJT762. වෙලං කරොථ භද්දන්තෙ සොතානං සන්නිවාරණං, මා තෙ මනොමයො සොතො රුක්ඛං’ව සහසා ලුවෙ.
Sinhala BJT762. වහන්ස, ශ්‍රෝතසුන් අවුරන හෙයක් (වේල්ලක්) කරවු, තොපගේ මනෝමය ශ්‍රෝතය රුකක් මෙන් (තොප) ලාහෙළා නො සිඳීවා (නො හෙළාවා:)
Pali BJT763. එවං මෙ භයජාතස්ස අපාරා පාරමෙසතො, තාණො පඤ්ඤාවුධො සත්ථා ඉසිසඞ්ඝනිසෙවිතො.
Sinhala BJT763. මෙසේ හටගත් බිය ඇත්තා වූ මෙතෙරින් (සසරින්) එතෙර (නිවන) සොයන්නා වූ මට ආරක්‍ෂක වූ ඍෂිසමූහයා විසින් සෙවුනා ලද, ප්‍රඥා නැමැති ආයුධ ඇති ශාස්තෲන් වහන්සේ,
Pali BJT764. සොපාණං සුකතං සුද්ධං ධම්මසාරමයං දළං,{5} පාදාසි වුය්හමානස්ස ‘මා භායී’ති ච අබ්රවී.{6}
Sinhala BJT764. මොනවට කරනලද ශුද්ධ වූ ධර්‍මසාරමය වූ දෘඪ වූ සෝපාණයක් දුන්හ, (දියෙහි) පාවී යන්නා වූ මට ‘නහමක් බව’යි ද වදාළහ.
Pali BJT765. සතිපට්ඨානපාසාදං ආරුය්හ පච්චවෙක්ඛිසං, යං තං පුබ්බෙ අමඤ්ඤිස්සං සක්කායාභිරතං පජං.
Sinhala BJT765. සීවටන් පහයට නැඟැ ප්‍රත්‍යවේක්‍ෂා කෙළෙමි. සත්කායයෙහි ඇලුණු යම් ඒ ප්‍රජාවක් පෙර (අඥාන බැවින් සාරත්වයෙන්) සිතුයෙම් නම්,
Pali BJT766. යදා ච මග්ගමද්දක්ඛිං නාවාය අභිරූහනං, අනධිට්ඨාය අත්තානං තිත්ථමද්දක්ඛිමුත්තමං.
Sinhala BJT766. (ඒ මම) වැළිදු යම් කලෙකැ නැවට නැඟෙන මඟ දුටුයෙම් නම්, එකල්හි ආත්මයෙහි නො සිට උත්කෘෂ්ට වූ තීර්‍ත්‍ථය දිටිමි.
Pali BJT767. සල්ලං අත්තසමුට්ඨානං භවනෙත්තිපභාවිතං,{7} එතෙසං අප්පවත්තාය දෙසෙසි මග්ගමුත්තමං.
Sinhala BJT767. ක්ලේශ ශල්‍යය සන්තානයෙහි නැඟුණේ යැ, භවතෘෂ්ණාව විසින් පහළ කරනලද්දේ යැ, මොවුන්ගේ නො පැවැත්ම පිණිස උතුම් මඟ (ශාස්තෲන් වහන්සේ) දෙසූහ.
Pali BJT768. දීඝරත්තානුසයිතං චිරරත්තමධිට්ඨිතං,{8} බුද්ධො මෙ පානුදී ගන්ථං{9} විසදොසප්පවාහනො’ති.
Sinhala BJT768. ක්ලේශවිෂදෝෂයන් සිඳුනා සර්‍වඥ තෙම දිගුකලක් අනුශය වැ පැවැති, බොහෝ කලක් සන්තානාරූඪ වැ සිටි, මාගේ (අභිධ්‍යාකායග්‍රන්‍ථාදි) ග්‍රන්‍ථය පහ කෙළේ යි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා තෙලකානි ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ආයුෂ්මත් තේලකානි ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTතෙලකානිත්ථෙරගාථා.
Sinhala BJTතේලකානි ස්ථවිරගාථා යි.
Pali BJT20. 1. 4.
Sinhala BJT20. 1. 4.
Pali BJT769. පස්ස චිත්තකතං{1} බිම්බං අරුකායං සමුස්සිතං, ආතුරං බහුසඞ්කප්පං යස්ස නත්ථි ධුවං ඨිති.
Sinhala BJT769. යම් ශරීරයක්හුගේ ධ්‍රැව (නිත්‍ය) ස්ථිතිභාවයක් නැද් ද, වණ වූ ඇටසැකිල්ල විසින් හුවනලද්දා වූ, ගිලන් වූ, බාල ජනයන් විසින් නොයෙක් අයුරින් සංකල්පනය කටයුතු වූ, විසිතුරු කරනලද්දා වූ ඒ සිරුර බලව.
Pali BJT770. පස්ස චිත්තකතං{1} රූපං මණිනා කුණ්ඩලෙන ච, අට්ඨිං තචෙන{2} ඔනද්ධං සහ වත්ථෙහි සොභති.
Sinhala BJT770. සමින් වෙළනලද (තුන්සියක්) ඇට ඇති, මිණියෙනුදු කෙඬොලිනු ද විසිතුරු කරනලද රූපය බලව, වස්ත්‍ර සහිත වැ මැ හොබී.
Pali BJT771. අලත්තකකතා පාදා මුඛං චුණ්ණකමක්ඛිතං, අලං බාලස්ස මොහාය නො ච පාරගවෙසිනො.
Sinhala BJT771. ලාරසින් රඳනා ලද පාදයෝ, සුවඳ සුන්නෙන් තවරනලද මුව, බාලයා ගේ සම්මෝහයට පමණැ, පාරගවෙෂිහු ගේ මෝහයට නො ද පමණි.
Pali BJT772. අට්ඨපාදකතා{3} කෙසා නෙත්තා අඤ්ජනමක්ඛිතා, අලං බාලස්ස මොහාය නො ච පාරගවෙසිනො.
Sinhala BJT772. කියඹුවැල් ද අඳුන් ඇඳි නෙත් ද බාලයාගේ මෝහයට පමණැ, පාරගවෙෂිහු ගේ මෝහයට නො ද පමණි.
Pali BJT773. අඤ්ජනීව නවා චිත්තා පූතිකායො අලඞ්කතො, අලං බාලස්ස මොහාය නො ච පාරගවෙසිනො.
Sinhala BJT773. සිතියම් කළ අළුත් අඳුන් කොපුවක් මෙන් සරසනලද කුණුකය බාලයාගේ මෝහයට පමණැ, පාරගවෙෂිහුගේ මෝහයට නො ද පමණි.
Pali BJT774. ඔදහි මිගවො පාසං නාසදා වාගුරං{4} මිගො, භුත්වා නිවාපං ගච්ඡාම කන්දන්තෙ මිගබන්ධකෙ.
Sinhala BJT774. මුවවැදි තෙම මලපුඩුව දමාලී යැ, මුවා පාශය නො පැහැසී (නො ගැටී) යැ, මුවවැද්දා හඬද්දී (ඇපි) ගොදුරු කා යම්හ.
Pali BJT775. ඡින්නො පාසො{5} මිගවස්ස නාසදා වාගුරං{4} මිගො, භුත්වා නිවාපං ගච්ඡාම සොචන්තෙ මිගලුද්දකෙ.
Sinhala BJT775. මුවවැද්දාගේ මලපුඬුව සිඳුණේ යැ, මුවා පාශය නො පැහැසී යැ, මුවවැද්දා සොවිද්දී (ඇපි) ගොදුරු කා යම්හ.
Pali BJT776. පස්සාමි ලොකෙ සධනෙ මනුස්සෙ ලද්ධාන විත්තං න දදන්ති මොහා, ලුද්ධා{6} ධනං සන්නිචයං කරොන්ති භිය්යො ව කාමෙ අභිපත්ථයන්ති.
Sinhala BJT776. ලෝකයෙහි ධනවත් මිනිසුන් දක්මි, ඔහු ධනය ලැබැ මෝහ හේතුවින් නො දෙත්, ලුබ්ධයෝ ධනය රැස් කෙරෙත්, මතුයෙහි බෙහෙවින් මැ කාමයන් ප්‍රාර්‍ත්‍ථනා කෙරෙත්.
Pali BJT777. රාජා පසය්හ පඨවිං විජෙත්වා සසාගරන්තං මහිමාවසන්තො, ඔරං සමුද්දස්ස අතිත්තරූපො පාරං සමුද්දස්ස’පි පත්ථයෙථ.
Sinhala BJT777. රජ තෙම බලාත්කාරයෙන් පෘථිවිය දිනාගෙන සයුරු හිම කොට ඇති පොළොවැ රජය කරන්නේ මුහුදින් මෙතෙරට නො තිත් සැහැවි ඇතියා වැ මුහුදින් එතෙර ද ප්‍රාර්‍ත්‍ථනා කරන්නේ යි.
Pali BJT778. රාජා ච අඤ්ඤෙ ච බහූ මනුස්සා අවීතතණ්හා මරණං උපෙන්ති, ඌනාව හුත්වාන ජහන්ති දෙහං කාමෙහි ලොකම්හි න හත්ථි තිත්ති.
Sinhala BJT778. රජ තෙමේ ද අනිත් බොහෝ මිනිස්සු ද නො පහ වූ තෘෂ්ණා ඇති වැ මරණයට පැමිණෙත්, නුපුන් මනදොළ මැ ඇති වැ සිරුර හැරැදමත්, ලෝකයෙහි කාම හේතුවින් තෘප්තියක් නැත් මැ යි.
Pali BJT779. කන්දන්ති නං ඤාති පකිරිය කෙසෙ අහො වතා නො අමරාති චාහු, වත්ථෙන නං පාරුතං නීහරිත්වා චිතං සමොධාය තතො ඩහන්ති.
Sinhala BJT779. ඥාතීහු කෙහෙවලු විසුරුවාගෙන ඔහු ගැන හඬත්, ‘අහෝ එකත්නෙන් අප නෑයෝ අමර වෙත්ව’යි ද කියත්, ඉක්බිති කඩින් පොරෝනාලද ඔහු ගෙන ගොස් සෑය නගා දවත්.
Pali BJT780. සො ඩය්හති සූලෙහි තුජ්ජමානො එකෙන වත්ථෙන පහාය භොගෙ, න මීයමානස්ස භවන්ති තාණා ඤාතී ච මිත්තා අථවා සහායා.
Sinhala BJT780. හෙතෙම භෝගයන් හැරැ එක්වතින් යුතු වැ හුලින් පෙළනු ලැබෙමින් දැවෙයි, මැරෙන්නහුට ඥාතීහූ ද මිත්‍රයෝ ද නොහොත් සහායකයෝ ද ආරක්‍ෂක නො වෙත්.
Pali BJT781. දායාදකා තස්ස ධනං හරන්ති සත්තො පන ගච්ඡති යෙන කම්මං, න මීයමානං ධනමන්වෙති කිඤ්චි පුත්තා ච දාරා ච ධනං ච රට්ඨං.
Sinhala BJT781. දායාදයෝ ඔහුගේ ධනය ගෙන යෙත්. සත්ත්‍ව තෙම කර්‍මානුරූපවැ යේ, අඹුදරුවෝ යැ ධනය යැ රට යැ යන කිසිවක් මැරෙන්නහු අනු වැ නො ඒ.
Pali BJT782. න දීඝමායුං ලභතෙ ධනෙන න චා’පි විත්තෙන ජරං විහන්ති, අප්පං හි තං{1} ජීවිතමාහු ධීරා අසස්සතං විප්පරිණාමධම්මං.
Sinhala BJT782. ධන හේතුවින් දීර්‍ඝායුෂ නො ලැබෙයි. භෝග හේතුවින් ජරාව නො නැසෙයි, ‘ජීවිතය අල්ප යැ, අශාශ්වත යැ, විපරිණාම ස්වභාව ඇත්තේ යැ’යි ප්‍රාඥයෝ කීහු මැ යි.
Pali BJT783. අඩ්ඪා දළිද්දා ච ඵුසන්ති ඵස්සං බාලො ච ධීරො ච තථෙව ඵුට්ඨො, බාලො හි බාල්යා වධිතො’ව සෙති ධීරො ච නො වෙධති ඵස්සඵුට්ඨො.
Sinhala BJT783. ධනවත්තු ද දිළින්දෝ ද පහස පහසිත් (ස්පර්‍ශය ලැබෙත්,) නුවණ මඳ වූයේ ද නුවණැත්තේ ද එසේ මැ පැහැසුණේ (ස්පර්‍ශ ලද්දේ) වෙයි, බාල තෙම බාල බැවින් පෙළුණේ මැ හො වී. පහසින් පැහැසුණු නුවණැත්තේ මැ නො සැලේ.
Pali BJT784. තස්මා හි පඤ්ඤා’ව ධනෙන සෙය්යා{2} යාය වොසානමිධාධිගච්ඡති, අබ්යොසිතත්තා{3} හි භවාභවෙසු, පාපානි කම්මානි කරොති{4} මොහා.
Sinhala BJT784. එහෙයින් මැ යමෙකින් මෙලොවැ කෙළවරට යේ නම් ඒ ප්‍රඥාව මැ ධනයට වඩා ශ්‍රේෂ්ඨ යැ, නිෂ්ඨාවට නො පැමිණියේ කුදුමහ භවයන්හි මෝහ හේතුවින් පව්කම් කෙරේ.
Pali BJT785. උපෙති ගබ්භඤ්ච පරඤ්ච ලොකං සංසාරමාපජ්ජ පරම්පරාය, තස්සප්පඤ්චො අභිසද්දහන්තො උපෙති ගබ්භඤ්ච පරඤ්ච ලොකං.
Sinhala BJT785. පුනපුනා සසරට පැමිණ ගැබටත් පරලොවටත් එළැඹෙයි, ඔහුගේ පාපක්‍රියා හදහන මඳනුවණැත්තේ ද ගැබටත් පරලොවටත් එළැඹේ.
Pali BJT786. චොරො යථා සන්ධිමුඛෙ ගහීතො සකම්මුනා හඤ්ඤති පාපධම්මො, එවං පජා පච්ච{5} පරම්හි ලොකෙ සකම්මුනා හඤ්ඤති පාපධම්මා.{6}
Sinhala BJT786. ලාමකගති ඇති සොර තෙම සන්‍ධිමුඛයෙහි (උමංබිඳුමෙහි) දී බැඳැ ගන්නාලද්දේ සියකැමින් යම්සේ පෙළනුලැබේ ද එසේ මැ පාපධර්‍ම ඇති ප්‍රජාව පරලොවට පැමිණ ස්වකීය කර්‍මය විසින් පෙළනුලබ.
Pali BJT787. කාමා හි චිත්රා මධුරා මනොරමා විරූපරූපෙන මථෙන්ති චිත්තං, ආදීනවං කාමගුණෙසු දිස්වා තස්මා අහං පබ්බජිතොම්හි රාජ.
Sinhala BJT787. නරපතිය, යම්හෙයෙකින් කාමයෝ විසිතුරු ද මිහිරි ද මනරම් ද විවිධරූප ස්වභාවයෙන් සිත් අලළත් ද, එහෙයින් මැ මම කාමගුණයෙහි ආදීනව දැකැ පැවිදි වූයෙමි.
Pali BJT788. දුමප්ඵලානීව පතන්ති මානවා දහරා ච වුද්ධා ච සරීරභෙදා, එතම්පි දිස්වා පබ්බජිතොම්හි රාජ අපණ්ණකං සාමඤ්ඤමෙව සෙය්යො,
Sinhala BJT788. තරුණ වූ ද මහලු වූ ද මිනිස්සු ශරීරභේද හෙයින් ද්‍රැමඵලයන් (ගස්ගෙඩි) මෙන් ඇද වැටෙත්, මහරජ තෙල කරුණ ද දැකැ පැවිදි වීමි, නිවැරැදි ශ්‍රමණභාවය මැ උත්තරීතර යි.
Pali BJT789. සද්ධායාහං පබ්බජිතො උපෙතො ජිනසාසනෙ, අවඤ්ඣා මය්හං පබ්බජ්ජා අනණො භුඤ්ජාමි භොජනං.
Sinhala BJT789. මම සැදැහැයෙන් පැවිදි වීමි, ශාස්තෘශාසනයෙහි පිළිවෙතට එළැඹියෙමි, මා ගේ පැවිද්ද නො වඳ යැ, ණය නැත්තෙම් අහර වළඳමි.
Pali BJT790. කාමෙ ආදිත්තතො දිස්වා ජාතරූපානි සත්ථතො, ගබ්භවොක්කන්තිතො දුක්ඛං නිරයෙසු මහබ්භයං.
Sinhala BJT790. කාමයන් ඇවිළගත්තවුන් ලෙසින්, ස්වර්‍ණවිකෘතීන් ආයුධයන් ලෙසින් දැකැ ගර්‍භාචක්‍රාන්තියෙහි පටන් දුක් යැ, නිරයෙහි මහත් භය යැ යන,
Pali BJT791. එතමාදීනවං ඤත්වා සංවෙගං අලභිං තදා, සො’හං විද්ධො තදා සන්තො සම්පත්තො ආසවක්ඛයං.
Sinhala BJT791. තෙල ආදීනව දැනැ එදා සංවේගය ලදිමි, මම එදා (ගිහිකල්හි රාගාදිශල්‍යයෙන්) විදුනාලද්දෙම් මැ ආස්‍රවක්‍ෂයට පැමිණියෙමි.
Pali BJT792. පරිචිණ්ණො මයා සත්ථා කතං බුද්ධස්ස සාසනං, ඔහිතො ගරුකො භාරො භවනෙත්ති සමූහතා.
Sinhala BJT792. මා විසින් ශාස්තෲන් වහන්සේ ඇසුරු කරනලදහ, බුදුන්ගේ අවවාදය කරනලදි, ගුරුබර බහා තබනලද්දේ යැ, තෘෂ්ණාව උදුරනලදු.
Pali BJT793. යස්සත්ථාය පබ්බජිතො අගාරස්මානගාරියං, සො මෙ අත්ථො අනුප්පත්තො සබ්බසංයොජනක්ඛයො’ති.
Sinhala BJT793. යම් අර්‍ත්‍ථයක් සඳහා ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණියෙම් ද සියලු සංයෝජනයන් ක්‍ෂය කිරීම වූ ඒ අර්‍ත්‍ථය මා විසින් ලබනලද්දේ යි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා රට්ඨපාලො ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ආයුෂ්මත් රට්ඨපාල ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළහයි.
Pali BJTරට්ඨපාලත්ථෙරගාථා.
Sinhala BJTරට්ඨපාල ස්ථවිරගාථා යි.
Pali BJT20. 1. 5.
Sinhala BJT20. 1. 5.
Pali BJT794. රූපං දිස්වා සති මුට්ඨා පියං නිමිත්තං{1} මනසිකරොතො, සාරත්තචිත්තො වෙදෙති තං ච අජ්ඣොස්ස{2} තිට්ඨති.
Sinhala BJT794. රූපය දැකැ ශුභ නිමිති මෙනෙහි කරන්නහුගේ සිහි මුළා වෙයි, රාග සිත් ඇත්තේ (එය) විඳී, යළි එහි වැදැගෙන සිටී.
Pali BJT795. තස්ස වඩ්ඪන්ති වෙදනා අනෙකා රූපසම්භවා, අභිජ්ඣා ච විහෙසා ච චිත්තමස්සූපහඤ්ඤති, එවමාචිනතො දුක්ඛං ආරා නිබ්බානං{3} වුච්චති.
Sinhala BJT795. ඔහු ගේ නොයෙක් වේදනාවෝ රූපයෙන් හටගත්තාහු වැඩෙත්. අභිධ්‍යාවත් ව්‍යාපාදයත් විසින් ඔහුගේ සිත පෙළනුලැබේ, මෙසේ දුක් රැස් කරන්නහුට නිවන දුර යැ යි කියනු ලැබේ.
Pali BJT796. සද්දං සුත්වා සති මුට්ඨා පියං නිමිත්තං මනසිකරොතො, සාරත්තචිත්තො වෙදෙති තං ච අජ්ඣොස්ස{2} තිට්ඨති.
Sinhala BJT796. ශබ්දය අසා ශුභ නිමිති මෙනෙහි කරන්නහුගේ සිහි මුළා වෙයි, රාග සිත් ඇත්තේ එය විඳී, යළි එහි වැදැගෙන සිටී.
Pali BJT797. තස්ස වඩ්ඪන්ති වෙදනා අනෙකා සද්දසම්භවා, අභිජ්ඣා ච විහෙසා ච චිත්තමස්සූපහඤ්ඤති, එවමාචිනතො දුක්ඛං ආරා නිබ්බානං{3} වුච්චති.
Sinhala BJT797. ඔහුගේ නොයෙක් වේදනාවෝ ශබ්දාරම්මණයෙන් හටගත්තාහු වැඩෙත්, අභිධ්‍යාවත් ව්‍යාපාදයත් විසින් ඔහුගේ සිත පෙළනුලැබේ, මෙසේ දුක් රැස් කරන්නහුට නිවන දුර යැ යි කියනුලැබේ.
Pali BJT798. ගන්ධං ඝත්වා සති මුට්ඨා පියං නිමිත්තං මනසිකරොතො, සාරත්තචිත්තො වෙදෙති තං ච අජ්ඣොස්ස{2} තිට්ඨති.
Sinhala BJT798. ගන්‍ධාඝ්‍රාණය කොට ශුභ නිමිති මෙනෙහි කරන්නහුගේ සිහි මුළා වෙයි, රාග සිත් ඇත්තේ එය විඳී, යළි එහි වැදැගෙන සිටී.
Pali BJT799. තස්ස වඩ්ඪන්ති වෙදනා අනෙකා ගන්ධසම්භවා, අභිජ්ඣා ච විහෙසා ච චිත්තමස්සූපහඤ්ඤති, එවමාචිනතො දුක්ඛං ආරා නිබ්බානං{3} වුච්චති.
Sinhala BJT799. ඔහුගේ නොයෙක් වේදනාවෝ ගන්‍ධාරම්මණයෙන් හටගත්තාහු වැඩෙත්, අභිධ්‍යාවත් ව්‍යාපාදයත් විසින් ඔහුගේ සිත පෙළනුලැබේ, මෙසේ දුක් රැස් කරන්නහුගේ නිවන දුර යැ යි කියනුලැබේ.
Pali BJT800. රසං භොත්වා සති මුට්ඨා පියං නිමිත්තං මනසිකරොතො, සාරත්තචිත්තො වෙදෙති තං ච අජ්ඣොස්ස{2} තිට්ඨති.
Sinhala BJT800. රසය අනුභව කොට ශුභ නිමිති මෙනෙහි කරන්නහුගේ සිහි මුළා වෙයි, රාග සිත් ඇත්තේ එය විඳී, යළි එහි වැදැගෙන සිටී.
Pali BJT801. තස්ස වඩ්ඪන්ති වෙදනා අනෙකා රසසම්භවා, අභිජ්ඣා ච විහෙසා ච චිත්තමස්සූපහඤ්ඤති, එවමාචිනතො දුක්ඛං ආරා නිබ්බානං{3} වුච්චති.
Sinhala BJT801. ඔහු ගේ නොයෙක් වේදනාවෝ රසාරම්මණයෙන් හටගත්තාහු වැඩෙත්, අභිධ්‍යාවත් ව්‍යාපාදයත් විසින් ඔහුගේ සිත පෙළනුලැබේ. මෙසේ දුක් රැස් කරන්නහුගේ නිවන දුර යැ යි කියනුලැබේ.
Pali BJT802. ඵස්සං ඵුස්ස සති මුට්ඨා පියං නිමිත්තං මනසි කරොතො, සාරත්තචිත්තො වෙදෙති තං ච අජ්ඣොස්ස{2} තිට්ඨති.
Sinhala BJT802. ස්පර්‍ශය විඳ ශුභ නිමිති මෙනෙහි කරන්නහුගේ සිහි මුළා වෙයි, රාග සිත ඇත්තේ එය විඳී, යළි එහි වැදැගෙන සිටී.
Pali BJT803. තස්ස වඩ්ඪන්ති වෙදනා අනෙකා ඵස්සසම්භවා, අභිජ්ඣා ච විහෙසා ච චිත්තමස්සූපහඤ්ඤති, එවමාචිනතො දුක්ඛං ආරා නිබ්බානං{3} වුච්චති.
Sinhala BJT803. ඔහුගේ නොයෙක් වේදනාවෝ ස්පර්‍ශාරම්මණයෙන් හටගත්තාහු වැඩෙත්, අභිධ්‍යාවත් ව්‍යාපාදයත් විසින් ඔහුගේ සිත පෙළනුලැබේ, මෙසේ දුක් රැස් කරන්නහුගේ නිවන දුර යැ යි කියනුලැබේ.
Pali BJT804. ධම්මං ඤත්වා සති මුට්ඨා පියං නිමිත්තං මනසිකරොතො, සාරත්තචිත්තො වෙදෙති තං ච අජ්ඣොස්ස{2} තිට්ඨති.
Sinhala BJT804. ධර්‍මාරම්මණය දැනැ ශුභ නිමිති මෙනෙහි කරන්නහුගේ සිහි මුළා වෙයි, රාග සිත් ඇත්තේ එය විඳී, යළි එහි වැදැගෙන සිටී.
Pali BJT805. තස්ස වඩ්ඪන්ති වෙදනා අනෙකා ධම්මසම්භවා, අභිජ්ඣා ච විහෙසා ච චිත්තමස්සූපහඤ්ඤති, එවමාචිනතො දුක්ඛං ආරා නිබ්බානං{3} වුච්චති.
Sinhala BJT805. ඔහුගේ නොයෙක් වේදනාවෝ ධර්‍මාරම්මණයෙන් හටගත්තාහු වැඩෙත්, අභිධ්‍යාවත් ව්‍යාපාදයත් විසින් ඔහුගේ සිත පෙළනුලැබේ, මෙසේ දුක් රැස් කරන්නහුට නිවන දුර යැ යි කියනුලැබේ.
Pali BJT806. න සො රජ්ජති රූපෙසු රූපං දිස්වා පතිස්සතො, විරත්තචිත්තො වෙදෙති තං ච නාජ්ඣොස්ස{4} තිට්ඨති.
Sinhala BJT806. යමෙක් රූ අරමුණ දැකැ එහි සිහි ඇත්තේ වේ ද, හෙතෙම රූපයෙහි නො ඇලෙයි, විරාග සිත් ඇත්තේ අරමුණු රස විඳී, එතෙකුදු වුවත් එහි වැදැගෙන නො සිටී.
Pali BJT807. යථාස්ස පස්සතො රූපං සෙවතො චා’පි වෙදනං, ඛීයති නොපචීයති එවං සො චරතී සතො, එවං අපචිනතො දුක්ඛං සන්තිකෙ නිබ්බානං{3} වුච්චති.
Sinhala BJT807. යම්සේ රූපය දක්නා වූ ද (එය අරමුණු කොට උපන්) වේදනාව සෙවුනා වූ ද ඔහුගේ කෙලෙස් ක්‍ෂය වේ ද රැස් නො වේ ද හෙතෙම එසේ සිහි ඇති වැ වෙසේ, මෙසේ දුක් පහ කරන්නහුට නිවන ළඟ යැ යි කියනුලැබේ.
Pali BJT808. න සො රජ්ජති සද්දෙසු සද්දං සුත්වා පතිස්සතො, විරත්තචිත්තො වෙදෙති තං ච නාජ්ඣොස්ස{1} තිට්ඨති.
Sinhala BJT808. යමෙක් ශබ්දය අසා එහි සිහි ඇත්තේ වේ ද, හෙතෙම ශබ්දයෙහි නො ඇලෙයි, විරාග සිත් ඇත්තේ අරමුණු රස විඳී, එතෙකුදු වුවත් එහි වැදැගෙන නො සිටී.
Pali BJT809. යථාස්ස සුණතො සද්දං සෙවතො චා’පි වෙදනං, ඛීයති නොපචීයති එවං සො චරතී සතො, එවං අපචිනතො දුක්ඛං සන්තිකෙ නිබ්බානං{2} වුච්චති.
Sinhala BJT809. යම්සේ ශබ්දය ශ්‍රවණය කරන්නා වූ ද වේදනාව සෙවුනා වූ ද ඔහුගේ කෙලෙස් ක්‍ෂය වේ නම් රැස් නො වේ නම්, හෙතෙම එසේ සිහි ඇති වැ වෙසේ, මෙසේ දුක් පහ කරන්නහුට නිවන ළඟ යැ යි කියනුලැබේ.
Pali BJT810. න සො රජ්ජති ගන්ධෙසු ගන්ධං ඝත්වා පතිස්සතො, විරත්තචිත්තො වෙදෙති තං ච නාජ්ඣොස්ස{1} තිට්ඨතී’ති.
Sinhala BJT810. යමෙක් ගන්‍ධාඝ්‍රාණය කොට එහි සිහි ඇත්තේ වේ ද, හෙතෙම ගන්‍ධාරම්මණයෙහි නො ඇලෙයි, විරාග සිත් ඇත්තේ අරමුණුරස විඳී, එතෙකුදු වුවත් එහි වැදැගෙන නො සිටී.