Pali BJT14. චුද්දසනිපාතො.
Sinhala BJT14. චුද්දස නිපාතය
Pali BJT14. 1. 1.
Sinhala BJT14. 1. 1.
Pali BJT645. යදා අහං පබ්බජිතො අගාරස්මානගාරියං, නාභිජානාමි සඞ්කප්පං අනරියං දොසසංහිතං.
Sinhala BJT645. යම් කලෙක මම ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණියෙම් නම් එතැන් පටන් කොට ද්වේෂයෙන් යුක්ත වූ අනාර්ය්යසංකල්පයක් නො දනිමි.
Pali BJT646. ඉමෙ හඤ්ඤන්තු වජ්ඣන්තු දුක්ඛං පප්පොන්තු පාණිනො, සඞ්කප්පං නාභිජානාමි ඉමස්මිං දීඝමන්තරෙ.
Sinhala BJT646. මේ ප්රාණීහු නැසෙත්වා පෙළෙත්වා දුකට පැමිණෙත්වා’යි සංකල්පයක් මේ දීර්ඝකාලය අතුරෙහි නො දනිමි.
Pali BJT647. මෙත්තං ච අභිජානාමි අප්පමාණං සුභාවිතං, අනුපුබ්බං පරිචිතං යථා බුද්ධෙන දෙසිතං.
Sinhala BJT647. අප්රාමාණ්ය වූ මොනවට වඩනලද්දා වූ අනුක්රමයෙන් ප්රගුණකරන ලද්දා වූ මෛත්රියත් බුදුන් විසින් දෙසනලද පරිදි ඇස්සමුකොට දනිමි.
Pali BJT648. සබ්බමිත්තො සබ්බසඛො සබ්බභූතානුකම්පකො, මෙත්තං චිත්තං ච භාවෙමි අබ්යාපජ්ඣරතො{1} සදා.
Sinhala BJT648. හැමට මිතුරු වැ හැමට යහළු වැ සියලු සතුන් කෙරෙහි අනුකම්පා ඇති වැ හැමකල්හි අව්යාපාදයෙහි (සත්වයනට) හිතසුව එළවීමෙහි ඇලුණෙම් මෙත් සිතත් වඩමි.
Pali BJT649. අසංහීරං අසංකුප්පං චිත්තං ආමොදයාමහං, බ්රහ්මවිහාරං භාවෙමි ආකාපුරිසසෙවිතං.
Sinhala BJT649. ආකර්ෂණ රහිත වූවක් කෝප්ය රහිත වූවක් කොට මම සිත සතුටු කරමි. නීචජනයන් නො සෙවුනාලද බ්රහ්මවිහාරය වඩමි.
Pali BJT650. අවිතක්කං සමාපන්නො සම්මාසම්බුද්ධසාවකො, අරියෙන තුණ්හීභාවෙන උපෙතො හොති තාවදෙ.
Sinhala BJT650. ද්විතීයධ්යානයට සමවන් සම්යක් සම්බුද්ධශ්රාවක තෙමේ එකෙණෙහි ආර්ය්ය වූ තුෂ්ණිම්භාවයෙන් සමන්වාගත වූයේ වේ.
Pali BJT651. යථා’පි පබ්බතො සෙලො අචලො සුප්පතිට්ඨිතො, එවං මොහක්ඛයා භික්ඛු පබ්බතො’ව න වෙධති.
Sinhala BJT651. ශෛලපර්වතය තෙම යම් සේ අචල ද මොනවට පිහිටියේ වේ ද එපරිද්දෙන් මෝහක්ෂය හේතුකොටගෙන පර්වතයක් මෙන් (අචල) වූ මහණ තෙම නො සැලේ.
Pali BJT652. අනඞ්ගණස්ස පොසස්ස නිච්චං සුචිගවෙසිනො, වාලග්ගමත්තං පාපස්ස අබ්භමත්තං{2} ව ඛායති.
Sinhala BJT652. (රාගාදි) අඞ්ගණ රහිත වූ නිරතුරු නිරවද්ය ධර්මයන් සොයන සුලු පුරුෂයාහට කෙසගක් (වලගක්) පමණ වූ පාපය වලාකුළක් පමණ මෙන් වැටහේ.
Pali BJT653. නගරං යථා පච්චන්තං ගුත්තං සන්තරබාහිරං, එවං ගොපෙථ අත්තානං ඛණො වො{3} මා උපච්චගා.
Sinhala BJT653. ඇතුළත පිටත සහිත වැ ගෝපනය (රැකවරණ) කරන ලද පසල් නුවර යම්සේ ද එසේ තමා (සිත) රකිවු, ක්ෂණය තෙම තොප නහමක් ඉක්ම යා.
Pali BJT654. නාභිනන්දාමි මරණං නාභිනන්දාමි ජීවිතං, කාලං ච පටිකඞ්ඛාමි නිබ්බිසං භතකො යථා.
Sinhala BJT654. මරණය නො කැමැත්තෙමි, ජීවිතය නො කැමැත්තෙමි, මෙහෙ කරන කම්කරුවකු වේතනය අපේක්ෂා කරන සේ කාලය පමණක් අපේක්ෂා කරමි.
Pali BJT655. නාභිනන්දාමි මරණං නාභිනන්දාමි ජීවිතං, කාලං ච පටිකඞ්ඛාමි සම්පජානො පතිස්සතො.
Sinhala BJT655. මරණය නො කැමැත්තෙමි, ජීවිතය නො කැමැත්තෙමි, සම්යක් ප්රඥා ඇති වැ සිහි ඇති වැ කාලය පමණක් අපේක්ෂා කරමි.
Pali BJT656. පරිචිණ්ණො මයා සත්ථා කතං බුද්ධස්ස සාසනං, ඔහිතො ගරුකො භාරො භවනෙත්ති සමූහතා.
Sinhala BJT656. මා විසින් ශාස්තෲන් වහන්සේ ඇසුරු කරනලදහ. බුදුන්ගේ අවවාදය කරනලද යැ. ගුරු බර බහා තබනලද්දේ යැ, භවනෙත්තිය (තෘෂ්ණාව) මුලුසුන් කරනලදි.
Pali BJT657. යස්ස චත්ථාය පබ්බජිතො අගාරස්මානගාරියං, සො මෙ අත්ථො අනුප්පත්තො සබ්බසඤ්ඤොජනක්ඛයො.
Sinhala BJT657. යම් අර්ත්ථයක් සඳහා ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණියෙම් නම් සියලු සංයෝජනයන් ක්ෂය කිරීමැ යි කියනලද ඒ අර්ත්ථය මා විසින් ලබනලද්දේ යැ.
Pali BJT658. සම්පාදෙථප්පමාදෙන එසා මෙ අනුසාසනී, හන්දාහං පරිනිබ්බිස්සං විප්පමුත්තොම්හි සබ්බධී’ති.
Sinhala BJT658. නො පමා වැ (දානශීලාදිය) සම්පාදනය කරවු. මේ මාගේ අවවාදය යි, එකත්නෙන් මම පිරිනිවෙන්නෙමි, සියලු භවයන් කෙරෙන් මිදුණෙමි’යි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා ඛදිරවනියො රෙවතො ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ආයුෂ්මත් ඛදිරවනීය රේවත ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTඛදිරවනියරෙවතත්ථෙරගාථා.
Sinhala BJTඛදිරවනියරේවත ස්ථවිරගාථා යි.
Pali BJT14. 1. 2.
Sinhala BJT14. 1. 2.
Pali BJT659. යථා’පි භද්දො ආජඤ්ඤො ධුරෙ යුත්තො ධුරාසහො,{1} මථිතො අතිභාරෙන සංයුගං නාතිවත්තති.
Sinhala BJT659. ධුරයෙහි (වියෙහි) යොදනලද රියබර උසුලනු සමත් වූ අතිහාරයෙන් මඩනාලද භද්ර වූ වෘෂභරාජයෙක් යම්සේ තමාගේ වියදඬ නො ඉක්ම සිටී ද,
Pali BJT660. එවං පඤ්ඤාය යෙ තිත්තා සමුද්දො වාරිනා යථා, න පරෙ අතිමඤ්ඤන්ති අරියධම්මො’ව පාණිනං.
Sinhala BJT660. එපරිද්දෙන් යම් කෙනෙක් ජලයෙන් සමුද්රය සෙයින් ප්රඥායෙන් තෘප්ත වූවහු ද ඔහු අන්යයන්ට අවමන් නො කරත්. (මේ) සත්ත්වයන්ගේ ආර්ය්යධර්මයෙක් මැ යි.
Pali BJT661. කාලෙ කාලවසං පත්තා භවාභවවසං ගතා, නරා දුක්ඛං නිගච්ඡන්ති තෙධ සොචන්ති මානවා.
Sinhala BJT661.මිනිස්සු (ලාභාලාභාදි) කාලයෙහි කාලයාගේ වශයට පැමිණියාහු වෘද්ධිහානි වශයට ගියාහු දුකට පැමිණෙත්. ඒ මිනිස්සු මෙලෙව්හි ශෝක කරත්.
Pali BJT662. උන්නතා සුඛධම්මෙන දුක්ඛධම්මෙන චොනතා,{2} ද්වයෙන බාලා හඤ්ඤන්ති යථාභූතං අදස්සිනො.
Sinhala BJT662. සුඛ හේතුයෙන් උන්නත වූ, යළි දුඃඛහේතුයෙන් අවනත වූ, ඇති සැටියෙන් නො දක්නාසුලු බාලයෝ දෙකරුණින් පෙළෙත්.
Pali BJT663. යෙ ච දුක්ඛෙ සුඛස්මිං ච මජ්ඣසිබ්බනිමච්චගූ{3} ඨිතා තෙ ඉන්දඛීලො’ව න තෙ උන්නතඔනතා.
Sinhala BJT663. තවද යම් කෙනෙක් දුකෙහිත් සැපෙහිත් මධ්යස්ථයෙහිත් තෘෂ්ණාව ඉක්මගියාහු නම් ඔහු ඉන්ද්රඛීලය මෙන් නිශ්චලයහ. ඔහු උන්නතාවනත නො වෙත්.
Pali BJT664. නහෙව ලාභෙ නාලාභෙ අයසෙ{4} න ච කිත්තියා, න නින්දායං පසංසාය න තෙ දුක්ඛෙ සුඛම්හි ච.
Sinhala BJT664. ඔහු ලාභයෙහි, අලාභයෙහි, අයසෙහි, කීර්තියෙහි, නින්දායෙහි, ප්රශංසායෙහි, දුකෙහි හා සුවයෙහි නො ඇලෙත් මැ යි.
Pali BJT665. සබ්බත්ථ තෙ න ලිප්පන්ති උදබින්දූව පොක්ඛරෙ, සබ්බත්ථ සුඛිතා ධීරා සබ්බත්ථ අපරාජිතා.
Sinhala BJT665. ඔහු පොකුරුපතැ දියබිඳු මෙන් කිසිතැනෙක නො ඇලෙත්. ප්රාඥයෝ හැම තැන්හි සුඛිතයහ, හැම තැන්හි අපරාජිතයහ.
Pali BJT666. ධම්මෙන ච අලාභො යො යො ච ලාභො අධම්මිකො, අලාභො ධම්මිකො සෙය්යො යං වෙ ලාභො අධම්මිකො.
Sinhala BJT666. දැහැමින් වන යම් අලාභයෙකුත් වේ නම් අන්නෑයෙන් වන යම් ලාභයෙකුත් වේ නම් (මෙදෙක අතුරින්) ඉදින් අන්නෑයෙන් වන ලාභය යමක් නම් එයට වඩා දැහැමින් වන අලාභය උතුමි.
Pali BJT667. යසො ච අප්පබුද්ධීනං විඤ්ඤූනං අයසො ච යො, අයසො’ව සෙය්යො විඤ්ඤූනං න යසො අප්පබුද්ධිනං.
Sinhala BJT667. නුවණ නැතියන්ගේ යම් යසසකුත් නුවණැතියන්ගේ යම් අයසකුත් වේ නම් (ඔවුනතුරෙහි) නුවණැතියන් ගේ අයස මැ උතුමි. නුවණ නැතියන්ගේ යසස උතුම් නො වේ.
Pali BJT668. දුම්මෙධෙහි පසංසා ච විඤ්ඤූහි ගරහා ච යා, ගරහා’ව සෙය්යො විඤ්ඤූහි යං චෙ බාලපසංසනා.
Sinhala BJT668. මූඪයන් විසින් කරන යම් ප්රශංසාවකුත් නුවණැතියන් විසින් කරන යම් ගර්හාවකුත් වේ නම් (ඔවුනතුරෙහි) ඉදින් බාලයන් විසින් කරන ප්රශංසාව යමක් නම් එයට වඩා නුවණැතියන් විසින් කරන ගර්හාව මැ උතුමි.
Pali BJT669. සුඛං ච කාමමයිකං දුක්ඛං ච පවිවෙකියං, පවිවෙක{1}දුක්ඛං සෙය්යො යං චෙ කාමමයං සුඛං.
Sinhala BJT669. කාමප්රකෘතික සුඛයෙකුත් පවිවේකයෙන් හටගත් දුඃඛයෙකුත් වේ නම් (ඔවුනතුරෙහි) ඉදින් කාමප්රකෘතික සුඛය යමක් නම් එයට වඩා පවිවේකයෙන් හටගත් දුඃඛය උතුමි.
Pali BJT670. ජීවිතං ච අධම්මෙන ධම්මෙන මරණං ච යං, මරණං ධම්මිකං සෙය්යො යං චෙ ජීවෙ අධම්මිකං.
Sinhala BJT670. අන්නෑයෙන් දිවිරැක්ම ද දැහැමින් මරණය ද යන යමෙක් වේ නම් (ඔවුනතුරෙහි) ඉදින් අන්නෑයෙන් දිවිරක්නේ යැ යන යමෙක් ඇත් ද (එයට වඩා) දැහැමින් මරණය ශ්රේෂ්ඨ යි.
Pali BJT671. කාමකොපප්පහීනා යෙ සන්තචිත්තා භවාභවෙ, චරන්ති ලොකෙ අසිතා නත්ථි තෙසං පියාප්පියං.
Sinhala BJT671. කාමකෝප ප්රහීණ වූ යම් කෙනෙක් කුදුමහත් භවයෙහි සන්හුන් සිත් ඇති වැ ලෝකයෙහි අනිශ්රිත වැ හැසිරෙත් නම් ඔවුන්ට ප්රියාප්රිය දැයෙක් නැති.
Pali BJT672. භාවයිත්වාන බොජ්ඣඞ්ගෙ ඉන්ද්රියානි බලානි ච, පප්පුය්ය පරමං සන්තිං පරිනිබ්බන්ත්යනාසවා’ති.{2}
Sinhala BJT672. බෝධ්යඞ්ගයන් ද ඉන්ද්රියයන් ද බලධර්මයන් ද වඩා පරමශාන්තියට පැමිණ රහත්හු පිරිනිවෙති’යි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා ගොදත්තො ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ආයුෂ්මත් ගෝදත්ත ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTගොදත්තත්ථෙරගාථා.
Sinhala BJTගෝදත්ත ස්ථවිරගාථා යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඋද්දානය:
Pali BJTරෙවතො චෙව ගොදත්තො ථෙරා ද්වෙ තෙ මහිද්ධිකා, චුද්දසම්හි නිපාතම්හි ගාථායො අට්ඨවීසතී’ති.
Sinhala BJTතුදුස් වැනි නිපාතයෙහි ‘රේවත’ ද ‘ගෝදත්ත’ දැ යි ඒ මහත් ඍද්ධි ඇති තෙරවරු දෙදෙනෙකි. ගාථා අටවිස්සෙකි.
Pali BJTචුද්දසනිපාතො නිට්ඨිතො.
Sinhala BJTචුද්දසනිපාතය නිමි.
Pali BJT16. සොළසනිපාතො.
Sinhala BJT16. සොළස නිපාතය
Pali BJT16. 1. 1.
Sinhala BJT16. 1. 1.
Pali BJT673. එස භිය්යො පසීදාමි සුත්වා ධම්මං මහාරසං, විරාගො දෙසිතො ධම්මො අනුපාදාය සබ්බසො.
Sinhala BJT673. ඒ මම (ඔබගේ) ඉතා රසවත් ධර්මය අසා බෙහෙවින් පහදිමි. සර්වප්රකාරයෙන් උපාදාන රහිත වැ විරාගධර්මය දෙසනලද්දේ යැ.
Pali BJT674. බහූනි ලොකෙ චිත්රානි අස්මිං පඨවිමණ්ඩලෙ,{1} මථෙන්ති මඤ්ඤෙ සඞ්කප්පං සුභං රාගූපසංහිතං.
Sinhala BJT674. ලෝකයෙහි විසිතුරු වූ අරමුණු බොහෝ වෙත්. (ඔහු) මේ මිනිස්ලො වැ රාගයෙන් යුක්ත වූ මිථ්යාසංකල්පය අලළතී හඟිමි.
Pali BJT675. රජමුහතං{2} ච වාතෙන යථා මෙඝොපසම්මයෙ,{3} එවං සම්මන්ති සඞ්කප්පා යදා පඤ්ඤාය පස්සති,
Sinhala BJT675. මේඝය වායුව විසින් නඟනලද ධූලි යම්සේ සන්හිඳුවා ද එසේ යම් කලෙකැ (ආර්ය්යශ්රාවක තෙම විසිතුරු අරමුණ) විදර්ශනා ප්රඥායෙන් දකී නම්, එකල්හි සංකල්පයෝ සන්හිඳෙත්.
Pali BJT676. සබ්බෙ සඞ්ඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සති, අථ නිබ්බින්දති දුක්ඛෙ එස මග්ගො විසුද්ධියා.
Sinhala BJT676. ‘සියලු සංස්කාරයෝ අනිත්යහ’යි යම්කලෙකැ (ආර්ය්යශ්රාවක තෙම) විදර්ශනා ප්රඥායෙන් දකී ද යළි දුකෙහි කළකිරේ ද (ඥානදර්ශන) විසුඬියට මේ මාර්ගය වේ.
Pali BJT677. සබ්බෙ සඞ්ඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති, අථ නිබ්බින්දති දුක්ඛෙ එස මග්ගො විසුද්ධියා.
Sinhala BJT677. ‘සියලු සංස්කාරයෝ දුඃඛයහ’යි යම් කලෙකැ ප්රඥායෙන් දකී ද යළි දුකෙහි කළකිරේ ද මේ විසුඬියට මාර්ගය යි.
Pali BJT678. සබ්බෙ ධම්මා අනත්තා’ති යදා පඤ්ඤාය පස්සති, අථ නිබ්බින්දති දුක්ඛෙ එස මග්ගො විසුද්ධියා.
Sinhala BJT678. ‘සියලු (ත්රෛභූමක) ධර්මයෝ අනාත්මයහ’යි යම් කලෙකැ ප්රඥායෙන් දකී ද යළි දුකෙහි කළකිරේ ද මේ විසුද්ධියට මාර්ගය යි.
Pali BJT679. බුද්ධානුබුද්ධො යො ථෙරො කොණ්ඩඤ්ඤො තිබ්බනික්කමො,{4} පහීනජාතිමරණො බ්රහ්මචරියස්ස කෙවලී.
Sinhala BJT679. යමෙක් බුද්ධානුබුද්ධ වූයේ ද ස්ථිර ගුණ ඇත්තේ ද, කෞණ්ඩින්ය නම් වූයේ ද දෘඪවීර්ය්ය ඇත්තේ ද, ප්රහීණ වූ ජාතිමරණ ඇත්තේ ද පිරිපුන් මඟබඹසර ඇත්තේ ද නොහොත් මඟ - ඵල නුවණ ඇත්තේ ද,
Pali BJT680. ඔඝපාසො දළ්හඛිලො පබ්බතො දුප්පදාලියො,{5} ඡෙත්වා ඛිලං ච{6} පාසං ච සෙලං භෙත්වාන{7} දුබ්භිදං, තිණ්ණො පාරඞ්ගතො ඣායී මුත්තො සො මාරබන්ධනා.
Sinhala BJT680. ඕඝපාශ ඇති ස්ථිර වූ චේතෝඛීල ඇති පැළීමට දුෂ්කර වූ අවිද්යා පර්වතයක් ඇති හෙතෙම ඛිලයත් පාශයත් සිඳැ බිඳීමට දුෂ්කර වූ පර්වතය බිඳැ ඕඝතරණය කෙළේ පරතෙරට (නිවනට) ගියේ ධ්යාන කරන සුලු වූයේ මාරබන්ධනයෙන් මිදුණේ යි.
Pali BJT681. උද්ධතො චපලො භික්ඛු මිත්තෙ ආගම්ම පාපකෙ, සංසීදති මහොඝස්මිං ඌමියා පටිකුජ්ජිතො.
Sinhala BJT681. උඩඟු (නො සන්හුන්) වූ චපල වූ මහණ තෙම පාපමිත්රයන් ලැබැ ක්රෝධ උපායාස නැමැති රළ විසින් යට කොට ගන්නාලද්දේ (කාමාදි) මහොඝයෙහි ගැලෙයි.
Pali BJT682. අනුද්ධතො අචපලො නිපකො සංවුතින්ද්රියො, කල්යාණමිත්තො මෙධාවී දුක්ඛස්සන්තකරො සියා.
Sinhala BJT682. උඩඟු නො වූ චපල නො වූ (ආත්මාර්ත්ථ පරාර්ත්ථයන්හි) නිපුණ වූ සංවරණය කරන ලද ඉඳුරන් ඇති කලණමිතුරන් ඇති නුවණැත්තේ දුක් කෙළවර කරන්නෙක් වන්නේ යි.
Pali BJT683. කාලපබ්බඞ්ගසඞ්කාසො කිසො ධමනිසන්ථතො, මත්තඤ්ඤූ අන්නපානස්මිං අදීනමානසො නරො.
Sinhala BJT683. කළුවැල්පුරුක් බඳු අවයව ඇති, කෘශ වූ, ඉපිලගිය නහරවැල් ඇති ආහාරපානයෙහි පමණ දන්නා වූ, නො මැලි සිත් ඇති පුරුෂ තෙම-
Pali BJT684. ඵුට්ඨො ඩංසෙහි මකසෙහි අරඤ්ඤස්මිං බ්රහාවනෙ, නාගො සඞ්ගාමසීසෙ’ව සතො තත්රාධිවාසයෙ.
Sinhala BJT684. අරණ්යයෙහි මහවනයෙහි මැසි මදුරුවන් විසින් විදුනාලද්දේ රණබිම්හි ඇතකු සෙයින් එහි සිහි ඇති වැ ඉවසන්නේ යි.
Pali BJT685. නාභිනන්දාමි මරණං නාභිනන්දාමි ජීවිතං, කාලං ච පතිකඞ්ඛාමි නිබ්බිසං භතකො යථා.
Sinhala BJT685. මරණය නො කැමැත්තෙමි. ජීවිතය නො කැමැත්තෙමි. මෙහෙ කරන කම්කරුවකු වේතනය අපේක්ෂා කරන සේ හුදෙක් කාලය අපේක්ෂා කරමි.
Pali BJT686. නාභිනන්දාමි මරණං නාභිනන්දාමි ජීවිතං, කාලං ච පතිකඞ්ඛාමි සම්පජානො පතිස්සතො.
Sinhala BJT686. මරණය නො කැමැත්තෙමි. ජීවිතය නො කැමැත්තෙමි. සම්යක් ප්රඥා ඇති වැ සිහි ඇති වැ හුදෙක් කාලය අපේක්ෂා කරමි.
Pali BJT687. පරිචිණ්ණො මයා සත්ථා කතං බුද්ධස්ස සාසනං, ඔහිතො ගරුකො භාරො භවනෙත්ති සමූහතා.
Sinhala BJT687. මා විසින් ශාස්තෲන් වහන්සේ ආශ්රිතයහ. බුදුරදුන්ගේ අනුශාසනය කරනලද යැ. ගුරු වූ බර බහාතබනලද යැ. තෘෂ්ණා සඞ්ඛ්යාත භවනෙත්තිය නසනලදු.
Pali BJT688. යස්සත්ථාය{1} පබ්බජිතො අගාරස්මානගාරියං, සො මෙ අත්ථො අනුප්පත්තො කිං මෙ සද්ධිවිහාරිනා’ති.{2}
Sinhala BJT688. යම් අර්ත්ථයක් සඳහා ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණියෙම් නම් ඒ අර්ත්ථය මා විසින් ලබනලද්දේ යැ. මට සද්ධිවිහාරිකයකුගෙන් කවර අර්ත්ථයක් දැ’යි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා අඤ්ඤාකොණ්ඩඤ්ඤො ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ආයුෂ්මත් අඤ්ඤාකොණ්ඩඤ්ඤ ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTඅඤ්ඤාකොණ්ඩඤ්ඤත්ථෙරගාථා.
Sinhala BJTඅඤ්ඤාකොණ්ඩඤ්ඤ ස්ථවිරගාථා යි.
Pali BJT16. 1. 2.
Sinhala BJT16. 1. 2.
Pali BJT689. මනුස්සභූතං සම්බුද්ධං අත්තදන්තං සමාහිතං, ඉරියමානං{3} බ්රහ්මපථෙ චිත්තස්සූපසමෙ රතං.
Sinhala BJT689. මිනිසුන් අතර උපන්නා වූ (දතයුතු දැය) තමා මැ දත්තා වූ තමා මැ දැමුණා වූ සමාහිත වූ බ්රහ්මවිහාර මාර්ගයෙහි පවත්නා වූ චිත්තයාගේ ව්යුපශමයෙහි (නිවනෙහි) ඇලුණා වූ,
Pali BJT690. යං මනුස්සා නමස්සන්ති සබ්බධම්මාන පාරගුං, දෙවා’පි තං නමස්සන්ති ඉති මෙ අරහතො සුතං.
Sinhala BJT690. මිනිස්සු (ස්කන්ධායතනාදි) සියලු ධර්මයන්ගේ පරතෙරට ගියා වූ යමකු නමඳිත් ද දෙවියෝ ද ඔහු නමඳිතී මා විසින් රහතුන් වෙත අසනලදි.
Pali BJT691. සබ්බසංයොජනාතීතං වනා නිබ්බනමාගතං,{4} කාමෙහි නෙක්ඛම්මරතං{5} මුත්තං සෙලා’ව{6} කඤ්චනං.
Sinhala BJT691. ඉක්මගිය සියලු සංයෝජනයන් ඇති, (කෙලෙස්) වනයෙන් නික්ම නිවනට පැමිණි, කාමයෙන් නික්ම නෛෂ්ක්රම්යයෙහි ඇලුණු, සෙලින් මුත් කසුනක් (රනක්) බඳු (ඔහු දෙවියෝ ද නමඳිත්).
Pali BJT692. ස වෙ අච්චන්තරුචි නාගො හිමවා චඤ්ඤෙ සිලුච්චයෙ, සබ්බෙසං නාගනාමානං සච්චනාමො අනුත්තරො.
Sinhala BJT692. ඒ බුද්ධනාග තෙමේ ඒකාන්තයෙන් අන්යපර්වතයන් ඉක්ම සිටි හිමවත් පර්වතය මෙන් අත්යන්තයෙන් බැබළී, ‘නාග’ නාමය ඇති සියල්ලන් අතුරෙහි නිරුත්තර වූ සත්යනාමය ඇත්තේ යි.
Pali BJT693. නාගං වො කිත්තයිස්සාමි න හි ආගුං කරොති සො, සොරච්චං අවිහිංසා ච පාදා නාගස්ස තෙ දුවෙ.
Sinhala BJT693. තොපට නාග(හස්ති)යා ප්රකාශ කරන්නෙමි, හෙතෙම පව් නො මැ කෙරේ. ශීලයත් කරුණාවත් යන එදෙක නාගයාගේ (පූර්ව) පාදයෝ යි.
Pali BJT694. සති ච සම්පජඤ්ඤං ච චරණා නාගස්ස තෙ පරෙ, සද්ධාහත්ථො මහානාගො උපෙක්ඛාසෙතදන්තවා.
Sinhala BJT694. ස්මෘතියත් සම්යක්ප්රඥාවත් නාගයාගේ ඒ අන්ය (පසු) පාදයෝ යි. මහානාග තෙමේ ශ්රද්ධා නැමැති අත් ඇත්තේ යැ. උපේක්ෂා නැමැති සුදුදළ ඇත්තේ යි.
Pali BJT695. සති ගීවා සිරො පඤ්ඤා වීමංසා ධම්මචින්තනා, ධම්මකුච්ඡිසමාවාසො විවෙකො තස්ස වාලධි.
Sinhala BJT695. ස්මෘතිය ඔහුගේ ග්රීවය යැ, ප්රඥාව ශීර්ෂය යැ, ධර්මචින්තාව විමර්ශනය යැ, (සමථ - විදර්ශනා) ධර්මය කුක්ෂිය යැ, විවේකය වාලධිය යි.
Pali BJT696. සො ඣායී අස්සාසරතො අජ්ඣත්තං සුසමාහිතො, ගච්ඡං සමාහිතො නාගො ඨිතො නාගො සමාහිතො.
Sinhala BJT696. ඒ නාග තෙමේ ධ්යාන කරන සුලු යැ, ආස්වාදයෙහි (නිවනෙහි) ඇලුණේ යැ, අධ්යාත්මයෙහි මොනවට සමාහිත යැ, නාග තෙම යන්නේ සමාහිත යැ, සිටියේ සමාහිත යි.
Pali BJT697. සයං සමාහිතො නාගො නිසින්නො’පි සමාහිතො, සබ්බත්ථ සංවුතො නාගො එසා නාගස්ස සම්පදා.
Sinhala BJT697. නාග තෙම හෝනේ සමාහිත යැ, හුන්නේ ද සමාහිත යැ, සියලු අරමුණෙහි සංවෘත යැ, මේ වනාහි නාගයාගේ සමාපත්තිය යි.
Pali BJT698. භුඤ්ජති අනවජ්ජානි සාවජ්ජානි න භුඤ්ජති, ඝාසමච්ඡාදනං ලද්ධා සන්නි’ධිං පරිවජ්ජයං.
Sinhala BJT698. වස්ත්රාහාර ලැබ සන්නිධිකාරය (රැස්කිරීම) දුරු කරනුයේ නිරවද්ය දැය වළඳයි. සාවද්ය දැය නො වළඳයි.
Pali BJT699. සංයොජනං අණුං ථූලං සබ්බං ඡෙත්වාන බන්ධනං, යෙන යෙනෙව ගච්ඡති අනපෙක්ඛොව ගච්ඡති.
Sinhala BJT699. සංයෝජන යැ කුදුමහත් සියලු කෙලෙස් බැඳුම් යැ යන මොවුන් (මාර්ගඥානයෙන්) සිඳැ යම් යම් මැ දිශායෙකින් යේ නම් අපේක්ෂා රහිත වැ මැ යේ.
Pali BJT700. යථාපි උදකෙ ජාතං පුණ්ඩරීකං පවඩ්ඪති, නොපලිප්පති තොයෙන සුචිගන්ධං මනොරමං.
Sinhala BJT700. යම්සේ දියෙහි උපන්නා වූ සුවඳැති මනරම් පඬෙර (හෙළපියුම) දියෙහි වැඩේ ද දියෙන් නො තැවරේ ද,
Pali BJT701. තථෙව ච ලොකෙ ජාතො බුද්ධො ලොකෙ විහරති, නොපලිප්පති ලොකෙන තොයෙන පදුමං යථා.
Sinhala BJT701. එසේ මැ ලෝකයෙහි උපන් සර්වඥ තෙමේ ලෝකයෙහි වෙසෙයි. දියෙන් පියුම යම්සේ නම් එසේ මැ ලෝකය විසින් නො තැවරේ.
Pali BJT702. මහාගිනි පජ්ජලිතො අනාහාරොපසම්මති, අඞ්ගාරෙසු ච සන්තෙසු නිබ්බුතො’ති පවුච්චති.
Sinhala BJT702. ඇවිලගත් මහගින්න නිරාහාර වූයේ (දර නැත්තේ) සන්හිඳේ. අගුරු ඇති කල්හි දු නිවුණේ යැ යි කියනු ලැබේ.
Pali BJT703. අත්ථස්සායං විඤ්ඤාපනී උපමා විඤ්ඤූහි දෙසිතා, විඤ්ඤිස්සන්ති මහානාගා නාගං නාගෙන දෙසිතං.
Sinhala BJT703. මේ වනාහි නුවණැතියන් විසින් දෙසනලද අර්ත්ථප්රකාශක උපමාවකි. මහානාගයෝ (ක්ෂීණාශ්රවයෝ) නාගයා (මා) විසින් දෙසනලද නාගයා හඳුනත්.
Pali BJT704. වීතරාගො වීතදොසො වීතමොහො අනාසවො, සරීරං විජහං නාගො පරිනිබ්බිස්සන්ත්යනාසවො’ති.
Sinhala BJT704. පහ වූ රාගය ඇති, පහ වූ ද්වේෂය ඇති, පහ වූ මෝහය ඇති (සඋපාදිශේෂ නිර්වාණයෙන්) නිරාස්රට වූ බුද්ධනාග තෙමේ ශරීරය හරිමින් (ඛන්ධපරිනිබ්බානයෙන්) පිරිනිවෙන්නේ යි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා උදායී ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ආයුෂ්මත් උදායී ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTඋදායිත්ථෙරගාථා.
Sinhala BJTඋදායී ස්ථවිරගාථා යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඋද්දානය:
Pali BJTකොණ්ඩඤ්ඤො ච උදායී ච ථෙරා ද්වෙ තෙ මහිද්ධිකා, සොළසම්හි නිපාතම්හි ගාථායො ද්වෙ ච තිංස චා’ති.
Sinhala BJTසොළොස් වැනි නිපාතයෙහි කොණ්ඩඤ්ඤ ද උදායී දැයි මහත් ඍද්ධි ඇති ඒ තෙරවරු දෙදෙනෙකි. ගාථා ද දෙතිසෙකි.
Pali BJTසොළසනිපාතො නිට්ඨිතො.
Sinhala BJTසොළසනිපාතය නිමි.
Pali BJT20. වීසතිනිපාතො.
Sinhala BJT20. වීසතිනිපාතය
Pali BJT20. 1. 1.
Sinhala BJT20. 1. 1.
Pali BJT705. යඤ්ඤත්ථං වා ධනත්ථං වා යෙ හනාම මයං පුරෙ, අවසෙ තං භයං හොති වෙධන්ති විලපන්ති ච.
Sinhala BJT705. පෙර අපි බිලියම් පිණිස හෝ ධනය පිණිස හෝ යම් කෙනකුන් අවස කොට නැසූවමෝ නම් ඔවුනට බිය උපන. එහෙයින් ඔහු වෙවුළූහ. වැලපුණහ.
Pali BJT706. තස්ස තෙ නත්ථි භීතත්තං භිය්යො වණ්ණො පසීදති, කස්මා න පරිදෙවෙසි එවරූපෙ මහබ්භයෙ.
Sinhala BJT706. ඒ තොපට බිය බවෙක් නැත. සිරුරු පැහැය බෙහෙවින් පැහැපත් යැ. මෙබඳු මහබිය ඇති කල්හි කවර හෙයින් නො වැලපෙහි ද?
Pali BJT707. නත්ථි චෙතසිකං දුක්ඛං අනපෙක්ඛස්ස ගාමණි, අතික්කන්තා භයා සබ්බෙ ඛීණසංයොජනස්ස වෙ.
Sinhala BJT707. ගාමණිය, අපේක්ෂා රහිතයාහට මානසික දුඃඛයෙක් නැත. ක්ෂය වූ සංයෝජන ඇතියහු විසින් ඒකාන්තයෙන් සියලු භය ඉක්මවනලදහ.
Pali BJT708. ඛීණාය භවනෙත්තියා දිට්ඨෙ ධම්මෙ යථාතථෙ, න භයං මරණෙ හොති භාරනික්ඛෙපනෙ යථා.
Sinhala BJT708. ක්ෂීණ වූ භවනෙත්තිය (තෘෂ්ණාව) ඇති කල්හි ඇති සැටියෙන් දක්නාලද සිව්සස්දම් ඇති කල්හි බර බහා තැබූ කල්හි යම්සේ ද එසේ මරණයෙහි බිය නූපදී.
Pali BJT709. සුචිණ්ණං බ්රහ්මචරියං මෙ මග්ගො චාපි සුභාවිතො, මරණෙ මෙ භයං නත්ථි රොගානමිව සඞ්ඛයෙ.
Sinhala BJT709. මා විසින් බඹසර මොනවට හසළේ යැ. මාර්ගය ද මොනවට වඩනලද යැ, රෝගයන්ගේ ක්ෂයයෙහි මෙන් මට මරණයෙහි බියෙක් නැති.
Pali BJT710. සුචිණ්ණං බ්රහ්මචරියං මෙ මග්ගො චාපි සුභාවිතො, නිරස්සාදා භවා දිට්ඨා විසං පීත්වාව{1} ඡඩ්ඩිතං.
Sinhala BJT710. මා විසින් බඹසර මොනවට හසළේ යැ, මාර්ගය ද මොනවට වඩනලද යැ. ආස්වාද රහිත භවයෝ දක්නාලදහ. (මේ මරණය) විෂ පානය කොට වමාළා වැන්න.
Pali BJT711. පාරගූ අනුපාදානො කතකිච්චො අනාසවො, තුට්ඨො ආයුක්ඛයා හොති මුත්තො ආඝාතනා යථා.
Sinhala BJT711. (සසර) පරතෙරට ගියා වූ, උපාදාන රහිත වූ, කළ කිස ඇති, නිරාස්රව (රහත්) තෙමේ දම්ගෙඩියෙන් මිදුණකු මෙන් ආයුඃක්ෂය හේතුයෙන් තුටු වේ.
Pali BJT712. උත්තමං ධම්මතං පත්තො සබ්බලොකෙ අනත්ථිකො, ආදිත්තාව ඝරා මුත්තො මරණස්මිං න සොචති.
Sinhala BJT712. උත්තමධර්මස්වභාවයට (රහත් බවට) පැමිණියේ මුළු ලොව අපේක්ෂා රහිත වැ ගිනිගත් ගෙයින් මිදුණකු සෙයින් මරණයෙහි ශෝක නො කෙරේ.
Pali BJT713. යදත්ථි සඞ්ගතං කිඤ්චි භවො වා{2} යත්ථ ලබ්භති, සබ්බං අනිස්සරං එතං ඉති වුත්තං මහෙසිනා.
Sinhala BJT713. යම්කිසි ප්රතිත්යසමුත්පන්නයෙක් ඇත් ද, යම් තැනෙකැ භවයෙක් හෝ ලැබේ ද, තෙල සියල්ල අනීශ්වර යැ යි මහර්ෂීහු (බුදුන්) විසින් දෙසන ලදි.
Pali BJT714. යො තං තථා පජානාති යථා බුද්ධෙන දෙසිතං, න ගණ්හාති භවං කිඤ්චි සුතත්තංව අයොගුළං.
Sinhala BJT714. බුදුන් විසින් දෙසනලද පරිදි යමෙක් ඒ භවත්රය දනී නම් හෙතෙම මැනැවින් තවනලද යවටක් සෙයින් කිසිභවයක් නො ගනී.
Pali BJT715. න මෙ හොති අහොසින්ති භවිස්සන්ති න හොති මෙ, සඞ්ඛාරා විගමිස්සන්ති තත්ථ කා පරිදෙවනා.
Sinhala BJT715. (පෙර) ‘වූයෙමි’ සිතෙක් මට නැත, (මතු) ‘වන්නෙමි’ සිතෙක් මට නැති, සංස්කාරයෝ පහව යෙත්, එහි කවර නම් වැලැපුමෙක් ද?
Pali BJT716. සුද්ධං ධම්මසමුප්පාදං සුද්ධං සඞ්ඛරසන්තතිං, පස්සන්තස්ස යථාභූතං න භයං හොති ගාමණි.
Sinhala BJT716. ගාමිණිය, හුදු ධර්මසමුත්පාදය හුදු සංස්කාර ප්රබන්ධය ඇති සැටියෙන් දක්නාහට බියෙක් නූපදී.
Pali BJT717. තිණකට්ඨසමං ලොකං යදා පඤ්ඤාය පස්සති, මමත්තං සො අසංවින්දං ‘නත්ථි මෙ’ති න සොචති.
Sinhala BJT717. යමෙක් යම් කලෙකැ තෘණකාෂ්ටසම වූ (සංස්කාර) ලෝකය ප්රඥායෙන් දකී ද හෙතෙම මමත්වය නො ලබන්නේ ‘මට නැතැ’ යි නො සොවී.
Pali BJT718. උක්කණ්ඨාමි සරීරෙන භවෙනම්හි අනත්ථිකො, සො’යං භිජ්ජිස්සති කායො අඤ්ඤො ච න භවිස්සති.
Sinhala BJT718. (මම) සිරුරින් උකටලී වෙමි, භවයෙන් අර්ත්ථයක් නැතියෙමි. මේ කය බිඳෙයි. අනෙක් කයෙක් නො වන්නේ යි.
Pali BJT719. යං වො කිච්චං සරීරෙන තං කරොථ යදිච්ඡථ, න මෙ තප්පච්චයා තත්ථ දොසො පෙමං ච හොහිති.
Sinhala BJT719. සිරුරින් තොපට යම් කිසෙක් ඇත් ද ඉදින් කැමැත්තහු නම් එය කරවු, ඒ හේතුයෙන් මට එහි ද්වේෂයෙක් හෝ ප්රේමයෙක් හෝ නො වන්නේ යි.
Pali BJT720. තස්ස තං වචනං සුත්වා අබ්භුතං ලොමහංසනං, සත්ථානි නික්ඛිපිත්වාන මාණවා එතදබ්රවුං.
Sinhala BJT720. උන්වහන්සේගේ ඒ අද්භූත වූ ලොමුදහගන්වන වචනය අසා සොරු ආයුධ බහා තබා මෙය කීහු,
Pali BJT721. කිං භද්දන්තෙ{1} කරිත්වාන කො වා ආචරියො තව, කස්ස සාසනමාගම්ම ලබ්භතෙ තං අසොකතා.
Sinhala BJT721. වහන්ස, ඔබ ගේ ආචාර්ය්ය තෙමේ කවරෙක් හෝ වේ ද කුමක් හෝ කොට කවරකු ගේ හෝ අවවාද ලැබැ ඒ අශෝකත්වය ලැබේ දැ? යි
Pali BJT722. සබ්බඤ්ඤූ සබ්බදස්සාවී ජිනො ආචරියො මම, මහාකාරුණිකො සත්ථා සබ්බලොකතිකිච්ඡකො.
Sinhala BJT722. සර්වඥ වූ සර්වදර්ශී වූ මහා කාරුණික වූ ශාස්තෘ වූ ජගද්වෛද්ය වූ ජින තෙමේ මාගේ ආචාර්ය්ය තෙමේ යි.