Theragāthā

Verses of the Elder Monks

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 1401-1500 න් 2250

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT577. විවිත්තං අප්පනිග්ඝොසං වාළමිගනිසෙවිතං, සෙවෙ සෙනාසනං භික්ඛු පටිසල්ලානකාරණා.
Sinhala BJT577. මහණ තෙම ජනශූන්‍ය වූ නිශ්ශබ්ද වූ චණ්ඩමෘගයන් විසින් සෙවුනාලද වනසෙනසුන පටිසල්ලාන හේතුයෙන් සෙවුනේ යැ.
Pali BJT578. සඞ්කාරපුඤ්ජා ආහත්වා සුසානා රථියාහි ච, තතො සඞ්ඝාටිකං කත්වා ලූඛං ධාරෙය්ය චීවරං.
Sinhala BJT578. කසළගොඩින් ද සොහොනින් ද වීථියෙන් ද අසුලා ගෙනවුත් ඒ කඩින් රළු වූ සඟළ සිවුරු කොටගෙන ධරන්නේ යැ.
Pali BJT579. නීචං මනං කරිත්වාන සපදානං කුලාකුලං, පිණ්ඩිකාය චරෙ භික්ඛු ගුත්තද්වාරො සුසංවුතො.
Sinhala BJT579. ගෝපනය කළ (චක්‍ෂුරාදි) දොර ඇති (අත්කුකුස් ආදි නැතියෙන්) සුසංවෘත වූ එ මහණ මානය යට කොටගෙන පිඬු පිණිස කුලයෙන් කුලයට ගෙපිළිවෙළින් හැසිරෙන්නේ යැ.
Pali BJT580. ලූඛෙන’පි ච සන්තුස්සෙ නාඤ්ඤං පත්ථෙ රසං බහුං, රසෙසු අනුගිද්ධස්ස ඣානෙ න රමතී මනො.
Sinhala BJT580. රළුදැයිනුදු සතුටු වන්නේ යැ අන්‍ය වූ බොහෝ රස නො පතන්නේ යැ. රසයෙහි ගිජු වූවහු ගේ සිත ධ්‍යානයෙහි නො ඇලේ ද එහෙයිනි.
Pali BJT581. අප්පිච්ඡො චෙව සන්තුට්ඨො පවිවිත්තො වසෙ මුනි, අසංසට්ඨො ගහට්ඨෙහි අනාගාරෙහි චූභයං.
Sinhala BJT581. මහණ තෙමේ අල්පේච්ඡ වූයේ ලද දැයින් සතුටු වැ කායවිවේක ඇති වැ අගාර - අනගාර දෙපසින් නො මුසු වැ වසන්නේ යැ.
Pali BJT582. යථා ජළො’ව මූගො’ව අත්තානං දස්සයෙ තථා, නාතිවෙලං පභාසෙය්ය සඞ්ඝවජ්ඣම්හි පණ්ඩිතො.
Sinhala BJT582. පණ්ඩිත වූ මහණ තෙම සඟමැද ජඩ වූවකු ත් ගොළු වූවකු ත් සෙයින් තමා දක්වන්නේ යැ. පමණ ඉක්මවා නො බණන්නේ යැ.
Pali BJT583. න සො උපවදෙ කඤ්චි උපඝාතං විවජ්ජයෙ, සංවුතො පාතිමොක්ඛස්මිං මත්තඤ්ඤූ චස්ස භොජනෙ.
Sinhala BJT583. ඒ මහණ කිසිවකුට උපක්‍රෝශ නො කරන්නේ යැ. හිංසා හරනේ යැ. ප්‍රාතිමෝක්‍ෂසංවරයෙන් සංවර වූයේ භෝජනයෙහි මාත්‍රඥ වූයෙක් වන්නේ යැ.
Pali BJT584. පග්ගහීතනිමිත්තස්ස{1} චිත්තස්සුප්පාදකොවිදො, සමථං අනුයුඤ්ජෙය්ය කාලෙන ච විපස්සනං.
Sinhala BJT584. මොනවට ගත් සමාධිනිමිත්ත ඇත්තෙක් වන්නේ යැ. (ලීනෝද්ධත) චිත්තයාගේ උත්පත්තිකාරණයෙහි නිපුණ වූයෙක් වන්නේ යැ. සුදුසු කාලයෙහි ශමථයෙහි ද විදර්‍ශනායෙහි ද යෙදෙන්නේ යැ.
Pali BJT585. විරියසාතච්චසම්පන්නො යුත්තයොගො සදා සියා, න ච අප්පත්වා දුක්ඛන්තං{2} විස්සාසං එය්ය පණ්ඩිතො.
Sinhala BJT585. පණ්ඩිත මහණ නිරතුරු වීර්‍ය්‍යයෙන් යුක්ත වූයේ හැමකල්හි භාවනාවෙහි යෙදුණෙක් වන්නේ යැ. නිවනට නො පැමිණ විශ්වාසයට නො ද පැමිණෙන්නේ යැ.
Pali BJT586. එවං විහරමානස්ස සුද්ධිකාමස්ස භික්ඛුනො, ඛීයන්ති ආසවා සබ්බෙ නිබ්බුතිඤ්චාධිගච්ඡතී’ති.
Sinhala BJT586. මෙසේ වාසය කරන ශුද්ධිය කැමති මහණහුගේ සියලු ආස්‍රවයෝ ගෙවී යෙති, ක්ලේශපරිනිර්‍වාණයට ද පැමිණෙන්නේ යයි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා උපසෙනො වඞ්ගන්තපුත්තො ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් උපසේන ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළහ.
Pali BJTඋපසෙනත්ථෙරගාථා.
Sinhala BJTඋපසේන ස්ථවිරගාථා යි.
Pali BJT10. 1. 7.
Sinhala BJT10. 1. 7.
Pali BJT587. විජානෙය්ය සකං අත්ථං අවලොකෙය්යාථ පාවචනං, යඤ්චෙත්ථ අස්ස පතිරූපං සාමඤ්ඤං අජ්ඣුපගතස්ස.
Sinhala BJT587. (නුවණැති පුරුෂතෙම) ස්වාර්‍ත්‍ථය විචාරා දන්නේ යැ. (සම්බුදුන් වදාළ) ප්‍රවචනය (නුවණැසින්) බලන්නේ යැ. මෙ සස්නෙහි ශ්‍රමණභාවයට එළැඹියහුට යමක් සාරූප්‍ය වේ ද එ ද බලන්නේ යි.
Pali BJT588. මිත්තං ඉධ ච{3} කල්යාණං සික්ඛා විපුලං සමාදානං, සුස්සූසා ච ගරූනං එතං සමණස්ස පතිරූපං,
Sinhala BJT588. මේ සස්නෙහි කල්‍යාණමිත්‍රයා යැ අධිශීලාදි ශික්‍ෂාසමාදාන යැ (ආචාර්‍ය්‍ය උපාධ්‍යාදි) ගුරුන්ගේ අවවාද අසනු කැමැත්ත යැ යන මේ කරුණු මහණහට සාරුප්‍ය වෙයි.
Pali BJT589. බුද්ධෙසු ච සගාරවතා ධම්මෙ අපචිති යථාභූතං, සඞ්ඝෙ ච චිත්තිකාරො එතං සමණස්ස පතිරූපං.
Sinhala BJT589. සම්බුදුරජුන් කෙරෙහි ගරු කරන බව යැ, ආර්‍ය්‍යධර්‍මය කෙරෙහි යථාභූත කොට ආදරයෙන් පිදීම යැ, ආර්‍ය්‍යසඞ්ඝයා කෙරෙහි සම්මානන යැ යන මෙ කරුණු මහණහට සාරූප්‍ය වෙයි.
Pali BJT590. ආචාරගොචරෙ යුත්තො ආජීවො සොධිතො අගාරය්හො, චිත්තස්ස ච සණ්ඨපනං එතං සමණස්ස පතිරූපං.
Sinhala BJT590. (කායිකවාචසික අව්‍යතික්‍රම සඞ්ඛ්‍යාත) ආචාරයෙනු දු (පිණ්ඩපාතාදිය පිණිස එළඹෙනුවට යුක්තස්ථාන සඞ්ඛ්‍යාත) ගෝචරයෙනු දු යුක්ත වූයේ යැ (විඥ පුරුෂයන්ගේ) ගර්‍හාවට නො නිසි සුවිශුද්ධ ආජීව යැ (ඉන්‍ද්‍රියයන්හි ගුප්තද්වාරතා සඞ්ඛ්‍යාත) චිත්තසංස්ථාපන යැ යන මෙ කරුණු මහණහට සාරූප්‍ය වෙයි.
Pali BJT591. චාරිත්තං අථ වාරිත්තං ඉරියාපථියං පසාදනීයං, අධිචිත්තෙ ච ආයොගො එතං සමණස්ස පතිරූපං.
Sinhala BJT591. චාරිත්‍රශීල යැ චාරිත්‍රශීල යැ ප්‍රසාද එළවනුවට නිසි ඉරියව් ඇසිරි කළ සම්‍යග් ප්‍රඥාව යැ (ශමථවිදර්‍ශනා සඞ්ඛ්‍යාත) අධිචිත්තයෙහි භාවනා යැ යන මෙ කරුණු මහණහට සාරූප්‍ය වෙයි.
Pali BJT592. ආරඤ්ඤකානි සෙනාසනානි පන්තානි අප්පසද්දානි, භජිතබ්බානි මුනිනා එතං සමණස්ස පතිරූපං.
Sinhala BJT592. මුනිහු විසින් සේවන කටයුතු නිහඬ වූ ජනශූන්‍ය වූ වනසෙනසුන් ඇද්ද, මෙ මහණහට සාරූප්‍ය වෙයි.
Pali BJT593. සීලං ච බාහුසච්චඤ්ච ධම්මානං පවිචයො යථාභූතං, සච්චානං අභිසමයො එතං සමණස්ස පතිරූපං.
Sinhala BJT593. චතුපාරිසුද්ධිසීල යැ බහුශ්‍රැතභාව යැ (රූපාරූප) ධර්‍මයන් ඇති සැටියෙන් විමසීම යැ ආර්‍ය්‍යසත්‍යයන් ප්‍රතිවේධ කිරීම යැ යන මේ කරුණු මහණහට සාරූප්‍ය වෙයි.
Pali BJT594. භාවයෙ ච{1} අනිච්චන්ති අනත්තසඤ්ඤං අසුභසඤ්ඤං ච, ලොකම්හි ච අනභිරතිං එතං සමණස්ස පතිරූපං.
Sinhala BJT594. (‘හැම සංස්කාරයෝ අනිත්‍යයහ’යි) අනිත්‍ය සංඥා වඩනේ යැ, (‘හැම දහම් අනාත්මයහ’යි) අනාත්මසංඥා වඩනේ යැ, (‘ත්‍රෛභූමක සංස්කාර අශුභයහ’යි) අශුභසංඥා වඩනේ යැ, හැම ලොව්හි අනභිරතිසංඥා ද වඩනේ යැ, මේ කරුණු මහණහට සාරූප්‍ය වෙයි.
Pali BJT595. භවෙය්ය ච බොජ්ඣඞ්ගෙ ඉද්ධිපාදානි ඉන්ද්රියානි බලානි, අට්ඨඞ්ගමග්ගමරියං එතං සමණස්ස පතිරූපං.
Sinhala BJT595. (සප්ත) බෝධ්‍යඞ්ගයන් (සතර) ඍද්ධිපාදයන් (පඤ්ච) ඉන්‍ද්‍රියයන් (පඤ්ච) බලධර්‍මයන් ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගමාර්‍ගය (සතර සතිපට්ඨානයන් සතර සම්‍යක්ප්‍රධානයන්) වඩන්නේ යැ. මේ කරුණු මහණහට සාරූප්‍ය වෙයි.
Pali BJT596. තණ්හං පජහෙය්ය මුනි සමූලකෙ ආසවෙ පදාලෙය්ය, විහරෙය්ය විප්පමුත්තො{2} එතං සමණස්ස පතිරූප’න්ති.
Sinhala BJT596. මුනි තෙම තෘෂ්ණාව හැරපියන්නේ යැ, මුල් සහිත ආශ්‍රවයන් උදුරාපියන්නේ යැ, (සියලු කෙලෙසුන් කෙරෙන්) විප්‍රමුක්ත වැ වාස කරන්නේ යැ. මෙ කරුණු මහණහට සාරුප්‍ය වේ”යයි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා ගොතමො ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් අපර ගොතම ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළසේක.
Pali BJTඅපරගොතමත්ථෙරගාථා.
Sinhala BJTඅපරගෝතම ස්ථවිරගාථා යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඋද්දානය:
Pali BJTකාළුදායී ච සො ථෙරො එකවිහාරී ච කප්පිනො චූළපන්ථකො කප්පො ච උපසෙනො ච ගොතමො, සත්තිමෙ දසකෙ ථෙරා ගාථායො චෙත්ථ සත්තතී’ති.
Sinhala BJTකාළුදායී ස්ථවිර යැ, ඒකවිහාරී ස්ථවිර යැ, මහාකප්පින ස්ථවිර යැ, චූළපන්‍ථක ස්ථවිර යැ, කප්ප ස්ථවිර යැ, උපසේන ස්ථවිර යැ, ගොතම ස්ථවිර යැ යි දසක නිපාතයෙහි තෙරහු සත්දෙනෙක. මෙහි ගාථා සැත්තෑවෙකි.
Pali BJTදසකනිපාතො නිට්ඨිතො.
Sinhala BJTදසකනිපාතය නිමි.
Pali BJT11. එකාදසනිපාතො.
Sinhala BJT11. ඒකාදසකනිපාතය
Pali BJT11. 1. 1.
Sinhala BJT11. 1. 1.
Pali BJT597. කිං තවත්ථො වනෙ තාත උජ්ජුහානො ව පාවුසෙ, වෙරම්බා රමණීයා තෙ පවිවෙකො හි ඣායිනං.
Sinhala BJT597. දරුව, වැසිකල්හි උජ්ජුහානපර්‍වතය වැනි (අසත්ප්‍රාය) වූ වනයෙහි ඔබට කවර ප්‍රයෝජනයෙක් ද? කිම ඔබට වේරම්බවාතයෝ රමණීය වෙත් ද? පවිවේකය මැ ධ්‍යායීන්ට රමණීය යි.
Pali BJT598. යථා අබ්භානි වෙරම්බො වාතො නුදති පාවුසෙ, සඤ්ඤා මෙ අභිකීරන්ති විවෙකපටිසඤ්ඤුතා.
Sinhala BJT598. යම්සේ වැසිකල්හි වේරම්බවාතය වලාවන් බැහැර කෙරේ (ගෙනයා) ද, එසේ මැ විවේකප්‍රතිසංයුක්ත වූ සංඥාවෝ මා ගේ සිත (විවේකස්ථානයට) අදිත් (ගෙන යත්).
Pali BJT599. අපණ්ඩරො අණ්ඩසම්භවො සීවථිකාය නිකෙතවාරිකො, උප්පාදයතෙව මෙ සතිං සන්දෙහස්මිං{1} විරාගනිස්සිතං.
Sinhala BJT599. සොහොනෙහි එ මැ නිවෙස් කොට හැසිරෙන කළුපැහැ ඇති පක්‍ෂි (කවුඩු) තෙම මට සිය සිරුරෙහි විරාගනිඃශ්‍රිත වූ සිහිය එළවා මැ යි.
Pali BJT600. යං ච අඤ්ඤෙ න රක්ඛන්ති යො ච අඤ්ඤෙ න රක්ඛති, ස වෙ භික්ඛු සුඛං සෙති කාමෙසු අනපෙක්ඛවා.
Sinhala BJT600. අන්‍යයෝත් යමකු නො රකිත් නම් යමෙකුත් අන්‍යයන් නො රකී නම් කාමයෙහි අපේක්‍ෂා නැති එ මහණ තෙම ඒකාන්තයෙන් සුවසේ හොවී.
Pali BJT601. අච්ඡොදිකා පුථුසිලා ගොනඞ්ගුලමිගායුතා, අම්බුසෙවාලසඤ්ඡන්නා තෙ සෙලා රමයන්ති මං.
Sinhala BJT601. පහන් දිය ඇති පුළුල්ගලතල යැ ගොනඟුල් (වඳුරු) සිව්පා යැ යන මොවුන්ගෙන් යුත් දියසෙවෙලින් ගැවසීගත් ඒ පර්‍වතයෝ මා සිත් අලවත්.
Pali BJT602. වසිතං මෙ අරඤ්ඤෙසු කන්දරාසු ගුහාසු ච, සෙනාසනෙසු පන්තෙසු වාළමිගනිසෙවිතෙ.
Sinhala BJT602. අරණ්‍යෙයෙහි ද ගිරිකඳුරෙහි ද ගිරිගුහායෙහි ද වල්මුවන් විසින් සෙවුනාලද (වනයෙහි) දුරුසෙනසුන්හි ද මා විසූවිරූ යැ.
Pali BJT603. ඉමෙ හඤ්ඤන්තු වජ්ඣන්තු දුක්ඛං පප්පොන්තු පාණිනො. සඞ්කප්පං නාභිජානාමි අනරියං දොසසංහිතං.
Sinhala BJT603. (ඒ මම) මේ ප්‍රාණීහු නැසෙත්වා, පෙළෙත් වා, දුකට පැමිණෙත්වා යන ද්වේෂයෙන් යුත් අනාර්‍ය්‍යසංකල්පයක් නො දනිමි.
Pali BJT604. පරිචිණ්ණො මයා සත්ථා කතං බුද්ධස්ස සාසනං, ඔහිතො ගරුකො භාරො භවනෙත්ති සමූහතා.
Sinhala BJT604. මා විසින් ශාස්තෲන් වහන්සේ ඇසුරු කරනලදහ. බුදුන් වහන්සේ ගේ අනුශාසනය (අවවාදය) කරනලදි, ගරු බර බහා තබනලදි, භවනෙත්තිය (තෘෂ්ණාව) මුලසුන් කරනලදු.
Pali BJT605. යස්ස චත්ථාය පබ්බජිතො අගාරස්මානගාරියං, සො මෙ අත්ථො අනුප්පත්තො සබ්බසඤ්ඤොජනක්ඛයො.
Sinhala BJT605. තවද යම් අර්‍ත්‍ථයක් සඳහා ගිහිගෙන් නික්ම පැවිදි වූයෙම් නම්, සියලු සංයෝජනයන් ගේ ක්‍ෂයකිරීම වූ ඒ අර්‍ත්‍ථය මා විසින් අනුක්‍රමයෙන් ලබනලද්දේ යි.
Pali BJT606. නාභිනන්දාමි මරණං නාභිනන්දාමි ජීවිතං, කාලං ච පටිකඞ්ඛාමි නිබ්බිසං භතකො යථා.
Sinhala BJT606. මරණය නො කැමැත්තෙමි, ජීවිතය නො කැමැත්තෙමි, මෙහෙ කරන කම්කරුවකු වේතනය අපේක්‍ෂා කරන සේ හුදෙක් කාලය අපේක්‍ෂා කරමි.
Pali BJT607. නාභිනන්දාමි මරණං නාභිනන්දාමි ජීවිතං, කාලං ච පටිකඞ්ඛාමි සම්පජානො පතිස්සතො’ති.
Sinhala BJT607. මරණය නො කැමැත්තෙමි, ජීවිතය නො කැමැත්තෙමි, සම්‍යක් ප්‍රඥා ඇති වැ සිහි ඇති වැ හුදෙක් කාලය අපේක්‍ෂා කරමි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා සඞ්කිච්චො ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ආයුෂ්මත් සඞ්කිච්ච ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTසඞ්කිච්චත්ථෙරගාථා.
Sinhala BJTසඞ්කිච්ච ස්ථවිරගාථා යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඋද්දානය:
Pali BJTසඞ්කිච්චථෙරො එකො’ව කතකිච්චො අනාසවො, එකාදසනිපාතම්හි ගාථා එකාදසෙව චා’ති.
Sinhala BJTඑකොළොස් වැනි නිපාතයෙහි කළ (පැවිදි) කිස ඇති නිරාස්‍රව වූ එක් මැ සංකිච්ච ස්ථවිරයන් වහන්සේ යැ, ගාථා ද එකොළොසෙක් මැ යි.
Pali BJTඑකාදසනිපාතො නිට්ඨිතො.
Sinhala BJTඑකාදසකනිපාතය නිමි.
Pali BJT12. ද්වාදසනිපාතො.
Sinhala BJT12. ද්වාදස නිපාතය.
Pali BJT12. 1. 1.
Sinhala BJT12. 1. 1.
Pali BJT608. සීලමෙවිධ සික්ඛෙථ අස්මිං ලොකෙ සුසික්ඛිතං, සීලං හි සබ්බසම්පත්තිං උපනාමෙති සෙවිතං.
Sinhala BJT608. මේ සසුන්හි ශීලය මැ පුහුණු කළ මැනවැ, මෙලොව මොනවට පුහුණු කළ, සේවනය කළ ශීලය සියලු සම්පත් එළවා ද එහෙයිනි.
Pali BJT609. සීලං රක්ඛෙය්ය මෙධාවී පත්ථයානො තයො සුඛෙ, පසංසං විත්තිලාභං ච පෙච්ච සග්ගෙ ච මොදනං.
Sinhala BJT609. ප්‍රශංසාව ද සන්තෝෂ ලාභය ද පරලෙව්හි ස්වර්‍ගයෙහි මෝදනය ද යන ත්‍රිවිධසුඛයන් කැමති වන්නා වූ නුවණැත්තේ සිල් රැක්ක මැනැවි.
Pali BJT610. සීලවා හි බහූ මිත්තෙ සඤ්ඤමෙනාධිගච්ඡති, දුස්සීලො පන මිත්තෙහි ධං සතෙ පාපමාචරං.
Sinhala BJT610. සිල් ඇත්තේ මැ සංවරය කරණ කොට ගෙන බොහෝ මිතුරන් ලබයි. දුශ්ශීල තෙමේ වැළිත් ලාමක ක්‍රියා කරන්නේ මිතුරන් කෙරෙන් පහ වේ.
Pali BJT611. අවණ්ණං ච අකිත්තිං ච දුස්සීලො ලභතෙ නරො, වණ්ණං කිත්තිං පසංසං ච සදා ලභති සීලවා.
Sinhala BJT611. දුශ්ශීල පුරුෂ තෙම ගර්‍හාවත් අපකීර්තියත් ලබයි. සිල්වත් පුරුෂ තෙම හැම කල්හි ගුණකථනයත් කීර්තියත් ප්‍රශංසාවත් ලබයි.
Pali BJT612. ආදි සීලං පතිට්ඨා ච කල්යාණානං ච මාතුකං, පමුඛං සබ්බධම්මානං තස්මා සීලං විසොධයෙ.
Sinhala BJT612. ශීලය (කුශලධර්‍මයන්ට) මූලයත් ප්‍රතිෂ්ඨාත් වෙයි. කල්‍යාණධර්‍මයන්ට ද මවකි. සියලු ධර්‍මයන්ට ප්‍රමුඛ යැ. එහෙයින් සිල් පිරිසිදු කරන්නේ යි.
Pali BJT613. වෙලා ච සංවරො{1} සීලං චිත්තස්ස අභිහාසනං, තිත්ථං ච සබ්බබුද්ධානං තස්මා සීලං විසොධයෙ.
Sinhala BJT613. ශීලය චිත්තයා ගේ වෙරළ (සීමාව) ත් සංවරයත් සන්තෝෂකාරණයත් සියලු බුදුවරුන්ගේ තීර්‍ත්‍ථයත් වෙයි. එහෙයින් සිල් පිරිසුදු කරන්නේ යි.
Pali BJT614. සීලං බලං අප්පටිමං සීලං ආවුධමුත්තමං, සීලමාභරණං සෙට්ඨං සීලං කවචමබ්භුතං.
Sinhala BJT614. ශීලය අසදෘශ බලයෙකි, ශීලය උතුම් ආයුධයෙකි, ශීලය ශ්‍රේෂ්ඨ ආභරණයෙකි, ශීලය අද්භූත කවචයෙකි (සන්නාහයෙකි).
Pali BJT615. සීලං සෙතු මහෙසක්ඛො සීලං ගන්ධො{2} අනුත්තරො, සීලං විලෙපනං සෙට්ඨං යෙන වාති දිසොදිසං.
Sinhala BJT615. ශීලය මහබල ඇති හෙයකි. යමෙකින් දසනුදස හමා නම් එ ශීලය අනුත්තරගන්‍ධයෙකි. ඒ ශීලය ශ්‍රේෂ්ඨ විලේපනයෙකි.
Pali BJT616. සීලං සම්බලමෙවග්ගං සීලං පාථෙය්යමුත්තමං, සීලං සෙට්ඨො අතිවාහො යෙන යාති දිසොදිසං.
Sinhala BJT616. යමෙකින් දසනුදසහි යේ නම් ඒ ශීලය අග්‍ර වූ බත්පළාවකි (බත්මුළෙකි) ඒ ශීලය උතුම් වූ මාර්ගෝපකරණයෙකි. ඒ ශීලය ශ්‍රේෂ්ඨ වූ යානයෙකි.
Pali BJT617. ඉධෙව නින්දං ලභති පෙච්චාපායෙ ච දුම්මනො, සබ්බත්ථ දුම්මනො බාලො සීලෙසු අසමාහිතො.
Sinhala BJT617. නපුරුසිත් ඇත්තේ මෙලෙව්හි මැ නින්‍දා ලබයි, පරලෙව්හි අපායෙහි ද නින්‍දා ලබයි, ශීලයෙහි නො පිහිටි බාල තෙමේ සියලු තැන්හි දොම්නස් ඇත්තේ වේ.
Pali BJT618. ඉධෙව කිත්තිං ලභති පෙච්ච සග්ගෙ ච සුම්මනො, සබ්බත්ථ සුමනො ධීරො සීලෙසු සුසමාහිතො.
Sinhala BJT618. මනා සිත් ඇත්තේ මෙලෙව්හි මැ කීර්තිය ලබයි. පරලෙව්හි ස්වර්‍ගයෙහි ද කීර්තිය ලබයි. ශීලයෙහි මොනවට පිහිටි නුවණැත්තේ හැමතැන්හි සොම්නස් වේ.
Pali BJT619. සීලමෙව ඉධ අග්ගං පඤ්ඤවා පන උත්තමො, මනුස්සෙසු ච දෙවෙසු සීලපඤ්ඤාණතො ජය’න්ති.
Sinhala BJT619. මෙ සසුන්හි ශීලය මැ අග්‍ර යැ, එතෙකුදු වුවත් නුවණැත්තේ උතුමි. මිනිසුන් අතුරෙහි දු දෙවියන් අතුරෙහි දු ශීල ප්‍රඥා - දෙකින් ජය වේ.
Pali BJTඉත්ථං සුදං ආයස්මා සීලවො ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ආයුෂ්මත් සීලව ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළහ.
Pali BJTසීලවත්ථෙරගාථා.
Sinhala BJTසීලව ස්ථවිරගාථා යි.
Pali BJT12. 1. 2.
Sinhala BJT12. 1. 2.
Pali BJT620. නීචෙ කුලම්හි ජාතො’හං දළිද්දො අප්පභොජනො, හීනකම්මං මමං ආසි අහොසි පුප්ඵඡඩ්ඩකො.
Sinhala BJT620. මම පහත් කුලයෙහි උපන්මි, දිළින්දෙමි, අල්පභෝජන ඇත්තෙමි, පහත් රැකියාවක් මට වී යැ, පුස්සඩු වීමි.
Pali BJT621. ජිගුච්ඡිතො මනුස්සානං පරිභූතො ච වම්භිතො, නීචං මනං කරිත්වාන වන්දිසං{1} බහුකං ජනං.
Sinhala BJT621. මිනිසුන් විසින් පිළිකුල් කරනලදු වැ යළි අවමන් කරන ලදු වැ ගරහනලදු වැ යටත්සිත් කොටගෙන බොහෝ දෙනා වැන්දෙමි.
Pali BJT622. අථද්දසාසිං සම්බුද්ධං භික්ඛුසඞ්ඝපුරක්ඛතං, පවිසන්තං මහාවීරං මගධානං පුරුත්තමං.
Sinhala BJT622. භාග්‍යයෙකි! මගධ දනව්වෙහි අගනුවරට පිවිසෙන්නා වූ භික්‍ෂුසඞ්ඝයා විසින් පෙරටුකොට ඇති මහාවීර වූ සම්බුදුන් දිටිමි.
Pali BJT623. නික්ඛිපිත්වාන ව්යාභඞ්ගිං වන්දිතුං උපසඞ්කමිං, මමෙව අනුකම්පාය අට්ඨාසි පුරිසුත්තමො.
Sinhala BJT623. (මම) කද බහා තබා වඳින්නට එළැඹියෙමි. පුරුෂෝත්තම තෙමේ මට මැ අනුකම්පා පිණිස නැවැත්තේ යි.
Pali BJT624. වන්දිත්වා සත්ථුනො පාදෙ එකමන්තං ඨිතො තදා, පබ්බජ්ජං අහමායාචිං සබ්බසත්තානමුත්තමං.
Sinhala BJT624. එදා ශාස්තෲන් ගේ පාසඟළ වැඳ එකත්පසෙකැ සිටියෙම් සියලු සතුනට උතුම් වූ පැවිද්ද මම අයැදියෙමි.
Pali BJT625. තතො කාරුණිකො සත්ථා සබ්බලොකානුකම්පකො, එහි භික්ඛූති මං ආහ සා මෙ ආසූපසම්පදා.
Sinhala BJT625. ඉක්බිති කාරුණික වූ, සියලු ලෝකයාට අනුකම්පා ඇති ශාස්තෲන් වහන්සේ ‘එව මහණැ’යි මට වදාළහ, ඒ මාගේ උපසම්පදාව වී යැ.
Pali BJT626. සො’හං එකො අරඤ්ඤස්මිං විහරන්තො අතන්දිතො, අකාසිං සත්ථු වචනං යථා මං ඔවදී ජිනො.
Sinhala BJT626. ඒ මම එකලා වැ අරණ්‍යයෙහි වසන්නෙම් නො මැලියෙම්, බුදුහු යම්සේ මට අවවාද කළෝ නම් එසේ ශාස්තෲවචනය කෙළෙමි.
Pali BJT627. රත්තියා පඨමං යාමං පුබ්බජාතිමනුස්සරිං, රත්තියා මජ්ඣිමං යාමං දිබ්බචක්ඛුං විසොධයිං,{2} රත්තියා පච්ඡිමෙ යාමෙ තමෙඛන්ධං පදාලයිං.
Sinhala BJT627. රෑ පෙරයම්හි පූර්‍වජාතිය සිහි කෙළෙමි, රෑ මැදියම්හි දිවැස ශෝධනය කෙළෙමි. __check translation here__
Pali BJT628. තතො රත්යා විවසනෙ{3} සුරියස්සුග්ගමනං පති, ඉන්දො බ්රහ්මා ච ආගන්ත්වා මං නමස්සිංසු පඤ්ජිලී.
Sinhala BJT628. රෑ පැසුළුයම්හි, ඒ රැය අවසන්හි හිරු උදාවන්නා හා මැ (අවිදු) අඳුරුකඳ පැළුයෙමි.
Pali BJT629. නමො තෙ පුරිසාජඤ්ඤ නමො තෙ පුරිසුත්තම, යස්ස තෙ ආසවා ඛීණා දක්ඛිණෙය්යොසි මාරිස.
Sinhala BJT629. ‘ඉන්‍ද්‍ර’ ද ‘බ්‍රහ්ම’ ද අවුත් ‘පුරුෂශ්‍රේෂ්ඨය ඔබට නමස්කාර වේවා. පුරුෂොත්තමය ඔබට නමස්කාර වේවා. යම්හෙයෙකින් ඔබගේ ආස්‍රවයෝ ක්‍ෂය වූවාහු ද (එහෙයින්) දක්‍ෂිණාර්‍හ වෙහි’යි ඇඳිලි බැන්දාහු මට නමස්කාර කළහ.
Pali BJT630. තතො දිස්වාන මං සත්ථා දෙවසඞ්ඝපුරක්ඛතං, සිතං පාතුකරිත්වාන ඉමමත්ථං අභාසථ.
Sinhala BJT630. ඉක්බිති ශාස්තෲන් වහන්සේ දිව්‍යසමූහයා විසින් පුරස්කෘත (සම්භාවිත) වූ මා දැක සිනා පාළ කොට මෙකරුණ වදාළහ.
Pali BJT631. තපෙන බ්රහ්මචරියෙන සඤ්ඤමෙන දමෙන ච, එතෙන බ්රාහ්මණො හොති එතං බ්රාහ්මණමුත්තම, න්ති.
Sinhala BJT631. තපසිනු දු බඹසරිනු දු ශීලයෙනු දු ප්‍රඥායෙනු දු යන මෙකරුණින් බ්‍රාහ්මණ වෙයි, මේ උතුම් බමුණු යැ යි (කීහු) යි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා සුනීතො ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ආයුෂ්මත් සුනීත ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළහ.
Pali BJTසුනීතත්ථෙරගාථා.
Sinhala BJTසුනීත ස්ථවිරගාථා යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඋද්දානය:
Pali BJTසීලවා ච සුනීතො ච ථෙරා ද්වෙ තෙ මහිද්ධිකා ද්වාදසම්හි නිපාතම්හි ගාථායො චතුවීසතී’ති.
Sinhala BJTදොළොස් වැනි නිපාතයෙහි සීලව ද, සුනීත දැ යි තෙරවරු දෙදෙනෙකි. ඔහු මහත් ඍද්ධි ඇත්තාහු යැ, ගාථාවෝ සූවිස්සෙකි.
Pali BJTද්වාදසනිපාතො නිට්ඨිතො.
Sinhala BJTද්වාදසනිපාතය නිමි.
Pali BJT13. තෙරසනිපාතො.
Sinhala BJT13. තෙරස නිපාතය
Pali BJT13. 1. 1.
Sinhala BJT13. 1. 1.
Pali BJT632. යාහු රට්ඨෙ සමුක්කට්ඨො රඤ්ඤො අඞ්ගස්ස පද්ධගූ, ස්වාජ්ජ ධම්මෙසු උක්කට්ඨො සොණො දුක්ඛස්ස පාරගූ.
Sinhala BJT632. අඟුරජහුගේ පිරිවරෙහි (රටවැසි) වූ යමෙක් අඟුරටෙහි අත්‍යුත්කෘෂ්ට වූයේ නම් ඒ ‘සෝණ’ තෙමේ අද ධර්‍මයෙහි උත්කෘෂ්ට වැ දුඃඛයා ගේ පරතෙරට ගියේ යි.
Pali BJT633. පඤ්ච ඡින්දෙ පඤ්ච ජහෙ පඤ්ච චුත්තරි භාවයෙ, පඤ්ච සඞ්ගාතිගො භික්ඛු ඔඝතිණ්ණො’ති වුච්චති.
Sinhala BJT633. (ඕරම්භාගිය සංයෝජන) පස සිඳින්නේ යැ, (උද්ධම්භාගියසංයෝජන) පස ප්‍රහාණය කරන්නේ යැ. මත්තෙහි (ශ්‍රද්ධාදි ඉන්‍ද්‍රිය) පස වඩන්නේයැ, (රාග, දොස, මෝහ, මාන, දිට්ඨි යන) පඤ්චසඞ්ගයන් ඉක්ම ගිය මහණ තෙම ඕඝතිණ්ණ යැ යි කියනුලැබේ.
Pali BJT634. උන්නළස්ස පමත්තස්ස බාහිරාසස්ස භික්ඛුනො, සීලං සමාධි පඤ්ඤා ච පාරිපූරිං න ගච්ඡති.
Sinhala BJT634. උස් වැ ගිය මාන ඇති, ප්‍රමාදයට පැමිණි, බාහිරායතනයන්හි ආශා ඇති මහණහුගේ ශීලයත් සමාධියත් ප්‍රඥාවත් පරිපූර්‍ණ බවට නො යේ.
Pali BJT635. යං හි කිච්චං තදපවිද්ධං අකිච්චං පන කයිරති, උන්නළානං පමත්තානං තෙසං වඩ්ඪන්ති ආසවා.
Sinhala BJT635. උස්වගිය මානනළ ඇති ප්‍රමත්තයන් විසින් කළයුතු යමක් ඇත්නම් ඒ හැරදමනලදී. නො කළයුත්ත වැළිත් කරනුලැබේ. ඔවුන් ගේ ආස්‍රවයෝ වැඩෙත්.
Pali BJT636. යෙසං ච සුසමාරද්ධා නිච්චං කායගතා සති, අකිච්චං තෙ න සෙවන්ති කිච්චෙ සාතච්චකාරිනො, සතානං සම්පජානානං අත්ථං ගච්ඡන්ති ආසවා.
Sinhala BJT636. තවද යම් කෙනකුන් විසින් නිතොර වැ කාගියාසී දැඩි වැ ගන්නාලද ද කළයුත්තෙහි සාතත්‍යකාරී වූ ඔහු නො කළයුත්ත නො කරත්, සිහි ඇතියන්ගේ, සම්‍යක්ප්‍රඥා ඇතියන්ගේ ආස්‍රවයෝ අස්තයට යෙත් (ක්‍ෂය වෙත්).
Pali BJT637. උජුමග්ගම්හි අක්ඛාතෙ ගච්ඡථ මා නිවත්තථ, අත්තනා චොදයත්තානං නිබ්බානමභිහාරයෙ.
Sinhala BJT637. ශාස්තෲන් වහන්සේ වදාළ ඍජුමාර්‍ගයෙහි යවු, නො නවතිවූ. තමා තමාට චෝදනා කළ මැනවැ, (තමා) නිවනට පමුණුවන්නේ යි.
Pali BJT638. අච්චාරද්ධම්හි විරියම්හි සත්ථා ලොකෙ අනුත්තරො, වීණොපමං කිරිත්වා මෙ ධම්මං දෙසෙසි චක්ඛුමා.
Sinhala BJT638. පමණ ඉක්ම පටන් ගත් වීර්‍ය්‍ය ඇති කල්හි ලෝකයෙහි නිරුත්තර වූ ඇස් ඇති ශාස්තෲන් වහන්සේ ‘වීණොපමා’ කොට මට දහම් දෙසූහ.
Pali BJT639. තස්සාහං වචනං සුත්වා විහාසිං සාසනෙ රතො, සමථං පටිපාදෙසිං උත්තමත්ථස්ස පත්තියා, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT639. මම උන් වහන්සේගේ වචනය අසා සසුන්හි ඇලුණෙම් කල් යැවීමි. අර්‍හත්ත්‍වයට පැමිණෙනු පිණිස (ඉන්‍ද්‍රිය සමතාව) සම්පාදනය කෙළෙමි. (මා විසින්) ත්‍රිවිද්‍යාව ලබනලද යැ, බුදුන්ගේ අවවාදය කරනලදි.
Pali BJT640. නෙක්ඛම්මෙ අධිමුත්තස්ස පවිවෙකං ච චෙතසො, අබ්යාපජ්ඣාධිමුත්තස්ස උපාදානක්ඛයස්ස ච.
Sinhala BJT640. නෛෂ්ක්‍රම්‍යයෙහි නිම්න (නැඹුරු) වූ චිත්තයාගේ පවිවේකයෙහි නිම්න වූ නිදුක්බැව්හි නිම්න වූ අර්‍හත්ත්‍වයෙහි නිම්නවූ -
Pali BJT641. තණ්හක්ඛයාධිමුත්තස්ස අසම්මොහං ච චෙතසො, දිස්වා ආයතනුප්පාදං සම්මා චිත්තං විමුච්චති.
Sinhala BJT641. නිර්‍වාණයෙහි නිම්න වූ චිත්තයාගේ අසම්මෝහයෙහි (ආර්‍ය්‍යමාර්‍ගයෙහි) නිම්න වූ තැනැත්තහුගේ සිත (චක්‍ෂුරාදි) ආයතනෝත්පාදය දැක (ආස්‍රවයන් කෙරෙන්) මොනවට මිදෙයි.
Pali BJT642. තස්ස සම්මා විමුත්තස්ස සන්තචිත්තස්ස භික්ඛුනො, කතස්ස පතිචයො නත්ථි කරණීයං න විජ්ජති.
Sinhala BJT642. (කෙලෙසුන් කෙරෙන්) මොනවට මිදුණු එහෙයින් මැ සන්හුන් සිත් ඇති ඒ මහණහු විසින් කරනලද කර්‍මයාගේ උපචයෙක් නැති. (ඔහු විසින්) කළයුත්තෙක් (කෘතකෘත්‍ය බැවින්) නො පැනේ.
Pali BJT643. සෙලො යථා එකඝනො වාතෙන න සමීරති, එවං රූපා රසා සද්දා ගන්ධා ඵස්සා ච කෙවලා.
Sinhala BJT643. යම්සේ ඒකඝනපර්‍වතයක් සුළඟට නො සැලේ නම්, එපරිද්දෙන් රූප යැ රස යැ ශබ්ද යැ ගන්‍ධ යැ ස්පර්‍ශ යැ යන සියලු -
Pali BJT644. ඉට්ඨා ධම්මා අනිට්ඨා ච නප්පවෙධෙන්ති තාදිනො, ඨිතං චිත්තං විසඤ්ඤුත්තං වයඤ්චස්සාතුපස්සතී’ති.
Sinhala BJT644. ඉෂ්ටධර්‍මයෝ ද අනිෂ්ටධර්‍මයෝ ද අකම්ප්‍ය වූ සංයොග රහිත වූ තාදිහු ගේ සිත කම්පා නො කරත්. (හෙතෙම) ඒ ආරම්මණයාගේ නිරෝධය ද දකී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා සොණො කොළිවීසො ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ආයුෂ්මත් ‘කොළිවීස සෝණ’ ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළහ.
Pali BJTසොණත්ථෙරගාථා.
Sinhala BJT‘සෝණ’ ස්ථවිරගාථා යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඋද්දානය:
Pali BJTසොණො කොළිවිසො ථෙරො එකොයෙව මහිද්ධිකො, තෙරසම්හි නිපාතම්හි ගාථායො චෙත්ථ තෙරසා’ති.
Sinhala BJTතෙළෙස් වැනි නිපාතයෙහි එක් මැ මහත් ඍද්ධි ඇති කොළිවීස සෝණ ස්ථවිරයන් වහන්සේ යැ, මෙහි ගාථාවෝ ද තෙ ළෙසෙකි.
Pali BJTතෙරසනිපාතො නිට්ඨිතො.
Sinhala BJTතෙරසනිපාතය නිමි.