Theragāthā

Verses of the Elder Monks

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 1301-1400 න් 2250

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT509. තස්මා සද්ධං ච සීලං ච පසාදං ධම්මදස්සනං, අනුයුඤ්ජෙථ මෙධාවී සරං බුද්ධානසාසන’න්ති.
Sinhala BJT509. එහෙයින් නුවණැත්තේ බුදුන්ගේ අනුසසුන් සිහි කෙරෙමින් ශ්‍රද්ධායෙහි ද ශීලයෙහි ද ප්‍රසාදයෙහි ද ධර්‍මදර්‍ශනයෙහි ද යෙදෙන්නේ යයි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා සිරිමිත්තො ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් සිරිමීත්ත ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළහ.
Pali BJTසිරිමිත්තත්ථෙරගාථා.
Sinhala BJTසිරිමිත්ත ස්ථවිරගාථා යි.
Pali BJT8. 1. 3.
Sinhala BJT8. 1. 3.
Pali BJT510. යදා පඨමමද්දක්ඛිං සත්ථාරමකුතොභයං, තතො මෙ අහු සංවෙගො පස්සිත්වා පුරිසුත්තමං.
Sinhala BJT510. යම් දවසෙකැ කොයිනුත් බිය නැති ශාස්තෲන් වහන්සේ පළමු කොට දිටිම් ද, ඉක්බිති ඒ පුරුෂෝත්තමයා දැක මට සංවේග උපන.
Pali BJT511. සිරිං හත්ථෙහි පාදෙහි යො පණාමෙය්ය ආගතං, එතාදිසං සො සත්ථාරං ආරාධෙත්වා විරාධයෙ.
Sinhala BJT511. යමෙක් ගෙට ආ සිරිකත අතින් පයින් (පැහැරැ) පලවන්නේ ද, හෙතෙම මෙබඳු ශාස්තෲන් ආරාධනය කොට (උන් වහන්සේගේ අවවාද නො කිරීමෙන් නවම ක්‍ෂණය) වරදනේ යැ.
Pali BJT512. තදාහං{1} පුත්තදාරං ච ධනධඤ්ඤං ව ඡඩ්ඩයිං, කෙසමස්සූනි ඡෙදෙත්වා{2} පබ්බජිං අනගාරියං,
Sinhala BJT512. එකල්හි මම අඹුදරුවන් ද ධනධාන්‍ය ද හළිමි. කෙහෙරවුළු බහා සසුන්හි පැවිදි වීමි.
Pali BJT513. සික්ඛාසාජීවසම්පන්නො ඉන්ද්රියෙසු සුසංවුතො. නමස්සමානො සම්බුද්ධං විහාසිං අපරාජිතො.
Sinhala BJT513. අධිශීලශික්‍ෂායෙන් හා ප්‍රඥප්ත ශික්‍ෂාපද සඞ්ඛ්‍යාත සාජීවයෙන් යුක්ත වූයෙම් ඉන්‍ද්‍රියයන්හි මනා සංවර ඇතියෙම් අපරාජිත වූයෙම් සම්බුදුන් වඳිමින් විසීමි.
Pali BJT514. තතො මෙ පණිධී ආසි චෙතසො අභිපත්ථිතො, න නිසීදෙ මුහුත්තම්පි තණ්හාසල්ලෙ අනූහතෙ.
Sinhala BJT514. ඉක්බිති මට සිතින් පතනලද ප්‍රණිධියෙක් විය: ‘තෘෂ්ණා නමැති හුල නො උපුළ කල්හි මොහොතකුදු නො හිඳිනෙමී’ කියා යි.
Pali BJT515. තස්ස මෙවං විහරතො පස්ස විරියපරක්කමං,{3} තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT515. මෙසේ වසන ඒ මාගේ වීර්‍ය්‍යපරාක්‍රමය බලව. (මා විසින්) ත්‍රිවිද්‍යාවෝ ලබනලදහ. බුදුන්ගේ අනුසසුන් කරන ලදි.
Pali BJT516. පුබ්බෙනිවාසං ජානාමි දිබ්බචක්ඛුං{4} විසොධිතං, අරහා දක්ඛිණෙය්යොම්හි විප්පමුත්තො නිරූපධි.
Sinhala BJT516. පෙරවිසූ කඳ පිළිවෙළ දනිමි. දිවැස පිරිසිදු කරනලදි කෙලෙසුන් කෙරෙන් මිදුණු, උපධි රහිත වූ, දක්‍ෂිණාර්‍හ වූ රහතෙක් වෙමි.
Pali BJT517. තතො රත්යා විවසනෙ සුරියස්සුග්ගමනං පති, සබ්බං තණ්හං විසොසෙත්වා පල්ලඞ්කෙන උපාවිසි’න්ති.
Sinhala BJT517. ඉක්බිති රැයිම්මෙ හිරු උදාවත් මැ සියලු තෘෂ්ණාව වියළාපියා පලක් බැඳ හුන්නෙමි’යි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා මහාපන්ථකො ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් මහාපන්‍ථක ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළහ.
Pali BJTමහාපන්ථකත්ථෙරගාථා.
Sinhala BJTමහාපන්‍ථක ස්ථවිරගාථා යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඋද්දානය:
Pali BJTමහාකච්චායනො ථෙරො සිරිමිත්තො මහාපන්ථකො, එතෙ අට්ඨනිපාතම්හි ගාථායො චතුවීසතී’ති.
Sinhala BJTමහකසයින් තෙරණුවෝ යැ, සිරමිත්ත තෙරණුවෝ යැ, මහාපන්‍ථක තෙරණුවෝ යැ, යන තෙරවරු අට්ඨකනිපාතයෙහි වෙති, ගාථා සූවිස්සෙකි.
Pali BJTඅට්ඨකනිපාතො නිට්ඨිතො.
Sinhala BJTඅට්ඨකනිපාතය නිමි.
Pali BJT9. නවකනිපාතො.
Sinhala BJT9. නවක නිපාතය
Pali BJT9. 1. 1.
Sinhala BJT9. 1. 1.
Pali BJT518. යදා දුක්ඛං ජරාමරණන්ති පණ්ඩිතො අවිද්දසූ යත්ථ සිතා පුථුජ්ජනා, දුක්ඛං පරිඤ්ඤාය සතොව ඣායති තතො රතිං පරමතරං න වින්දති.
Sinhala BJT518. ‘ජරාමරණ දුකැ’යි (යථාභූත කොට) නො දන්නා පෘථග්ජනයෝ යම් පඤ්චුපාදානස්කන්‍ධයෙකැ බැඳුණාහු ද, ඒ දුක නුවණැති මහණ යම් කලෙකැ (මාර්‍ගඥානයෙන්) පිරිසිඳැ දැන සිහි ඇති වැ මැ (ලක්‍ෂණොපනිධ්‍යාන විසින්) ධ්‍යාන කෙරේ ද, ඒ (විදර්‍ශනා මාර්‍ග - ඵල) රතියට වඩා පරමතර රතියක් නො ලබයි.
Pali BJT519. යදා දුක්ඛස්සාවහනිං විසත්තිකං පපඤ්චසඞ්ඝාට දුඛාධිවාහිනිං,{1} තණ්හං පහත්වාන{2} සතොව ඣායති තතො රතිං පරමතරං න වින්දති.
Sinhala BJT519. යම් කලෙකැ (නුවණැති මහණ) දුක් එළවන විසත්තිකා නම් වූ (රාගාදි) ප්‍රපඤ්ච හා (ප්‍රවෘත්ති දුඃඛ) ඝටනාව හා දුක් දනවන තෘෂ්ණාව ප්‍රහාණ කොට සිහි අති වැ ධ්‍යාන කෙරේ ද, (එකලැ) එයට වැඩි පරමතර රතියක් නො ලබයි.
Pali BJT520. යදා සිවං ද්වෙ චතුරඞ්ගගාමිනං මග්ගුත්තමං සබ්බකිලෙසසොධනං, පඤ්ඤාය පස්සිත්ව සතොව ඣායති තතො රතිං පරමතරං න වින්දති.
Sinhala BJT520. යම් කලෙකැ (නුවණැති මහණ) ක්‍ෂේම වූ මාර්‍ගයන් අතුරෙහි උත්තම වූ හැම කෙලෙස් සෝදාහරින ආර්‍ය්‍යඅෂ්ටාඞ්ග මාර්‍ගය නුවණින් දැක සිහි ඇති වැ මැ ධ්‍යාන කෙරේ ද (එකලැ) එයට වැඩි පරමතර රතියක් නො ලබයි.
Pali BJT521. යදා අසොකං විරජං අසඞ්ඛතං සන්තං පදං සබ්බකිලෙසසොධනං, භාවෙති සඤ්ඤොජනබන්ධනච්ඡිදං තතො රතිං පරමතරං න වින්දති.
Sinhala BJT521. යම් කලෙකැ (නුවණැති මහණ) ශෝක රහිත වූ පහවූ (රාගාදි) රජස් ඇති (ප්‍රත්‍යයන් විසින් නො කරනලද හෙයින්) අසංස්කෘත වූ හැම කෙලෙස් සෝදාහරින කාරණ වූ සංයෝජන සඞ්ඛ්‍යාත බන්‍ධන සිඳුනා ශාන්ත වූ (නිර්‍වාණ) පදය වඩා ද, (එකලැ) එයට වැඩි පරමතර රතියක් නො ලබයි.
Pali BJT522. යදා නභෙ ගජ්ජති මෙඝදුන්දුභි ධාරාකුලා විහගපථෙ{3} සමන්තතො, භික්ඛූ ච පබ්භාරගතො’ව ඣායති තතො රතිං පරමතරං න වින්දති.
Sinhala BJT522. යම් කලෙකැ අහස්හි දිවබෙර ගුගුරා ද (මේඝගර්‍ජනා කෙරේ ද) නුඹකුසැ හාත්පසින් වැසි දහර ගැවසුණේ ද මහණ තෙමේත් පබ්භාරගත වැ මැ ධ්‍යාන කෙරේ ද එකල්හි එයට වැඩි පරමතර රතියක් නො ලබයි.
Pali BJT523. යදා නදීනං කුසුමාකුලානං විචිත්තවානෙය්යවටංසකානං, තීරෙ නිසින්නො සමණො’ව ඣායති තතො රතිං පරමතරං න වින්දති.
Sinhala BJT523. යම් කලෙකැ (නුවැණැති මහණ) විසිතුරු වනකුසුම්කැන් ඇති ගිලිහුණු කුසුමින් ගැවැසිගත් නදීන්ගේ තීරයෙහි හුන්නේ (උතුරුමිනිස්දමින්) සුන්‍දරසිත් ඇතිවැ මැ ධ්‍යාන කෙරේ ද (එකල්හි) එයට වැඩි පරමතර රතියක් නො විදි යි.
Pali BJT524. යදා නිසීථෙ රහිතම්හි කානනෙ දෙවෙ ගළන්තම්හි නදන්ති දාඨිනො, භික්ඛූ ච පබ්භාරගතො’ව ඣායති තතො රතිං පරමතරං න වින්දති.
Sinhala BJT524. යම් කලෙකැ රැය ජනශූන්‍ය වනයෙහි වැසිදහර ගලනා කල්හි ව්‍යාලමෘගයෝ නද දෙත් ද මහණ තෙමේත් ගල්බෙයද වාසගත වැ මැ ධ්‍යාන කෙරේ ද (එකල්හි) එයට වැඩි පරමතර රතියක් නො විඳියි.
Pali BJT525. යදා විතක්කෙ උපරුන්ධියත්තනො නගන්තරෙ නගවිවරං සමස්සිතො, වීතද්දරො විගතඛිලො’ව{1} ඣායති තතො රතිං පරමතරං න වින්දති.
Sinhala BJT525. යම් කලෙකැ තමාගේ (සන්තානයෙහි කාමාදි) විතර්‍කයන් වළකා පර්‍වත අතුරෙහි ගල්ගුහා ඇසුරු කෙළේ පහවූ (ක්ලේශ) දරථ ඇති වැ ප්‍රහීණ වූ චේතෝඛිල ඇති වැ ධ්‍යාන කෙරේ ද (එකල්හි) එයට වැඩි පරමතර රතියක් නො විඳියි.
Pali BJT526. යදා සුඛී වලඛිලසොකනාසනො නිරග්ගළො නිබ්බනථෙ විසල්ලො, සබ්බාසවෙ බ්යන්තිකතො’ව ඣායති තතො රතිං පරමතරං න වින්දතී’ති.
Sinhala BJT526. යම් කලෙකැ නුවණැති මහණ (ධ්‍යානසුඛයෙන්) සුඛිත වැ (රාගාදි) මල හා චේතෝඛිල හා ශෝක නසන (අවිද්‍යා සඞ්ඛ්‍යාත) අගුළු රහිත වැ තෘෂ්ණා රහිත වැ පහවූ (රාගාදි) හුල් ඇති වැ සියලු ආස්‍රවයන් විගතාන්ත කෙළේ මැ ධ්‍යාන කෙරේ ද (එකල්හි) එයට වැඩි පරමතර රතියක් නො විඳී යයි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා භූතො ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් භූත ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළහ.
Pali BJTභූතත්ථෙරගාථා.
Sinhala BJTභූත ස්ථවිරගාථා යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඋද්දානය:
Pali BJTභූතො තථද්දසො ථෙරො එකො ඛග්ගවිසාණවා, නවකම්හි නිපාතම්හි ගාථායො’පි ඉමා නවා’ති.
Sinhala BJTනවක නිපාතයෙහි ඛග්ගවිෂාණවන් වූ සත්‍යය දක්නා භූත නම් වූ එක් තෙර කෙනෙකි, ගාථා ද මේ නවයයි.
Pali BJTනවකනිපාතො නිට්ඨිතො.
Sinhala BJTනවක නිපාතය නිමි.
Pali BJT10. දසකනිපාතො.
Sinhala BJT10. දසක නිපාතය
Pali BJT10. 1. 1.
Sinhala BJT10. 1. 1.
Pali BJT527. අඞ්ගාරිනො දානි දුමා භදන්තෙ ඵලෙසිනො ඡදනං විප්පහාය, තෙ අච්චිමන්තො’ව පභාසයන්ති සමයො මහාවීර භගීරථානං.{1}
Sinhala BJT527. වහන්ස, දැන් වෘක්‍ෂයෝ ගිලිහුණු පරණලා ඇත්තාහු ගිනිඅඟුරු වැනි මල්පලු ඇත්තාහු ඵලගැනීමට ළං වූවාහුය. ඒ වෘක්‍ෂයෝ පහන්සිළු මෙන් බබළති. මහාවීරයන් වහන්ස, ශාක්‍යයන්ට උපකාර පිණිස මේ කල් වෙයි.
Pali BJT528. දුමානි ඵුල්ලානි මනොරමානි සමන්තතො සබ්බදිසා පවන්ති,{2} පත්තං පහාය ඵලමාසසානා කාලො ඉතො පක්කමනාය වීර.
Sinhala BJT528. සිත්කලු වූ වෘක්‍ෂයෝ පිපුණු මල් ඇත්තාහු හාත්පස සියලු දිශාවන්හි සුවඳ හමත්, පරණලා හැර ඵල ගැනීමට ළංවූවාහු ය, වීරයන් වහන්ස, මෙයින් නික්මැයෑමට කල් වෙයි.
Pali BJT529. නෙවාතිසීතං න පනාතිඋණ්හං සුඛා උතු අද්ධනියා භදන්තෙ, පස්සන්තු තං සාකියා කොලියා ච පච්ඡාමුඛං රොහිණිං තාරයන්තං.{3}
Sinhala BJT529. වහන්ස, ඉතා සිහිලස නො මැ වෙයි. ඉතා උණුසුම ද නො වෙයි, අදන් මහට සුදුසු වූ ඍතුව සැප වෙයි. ශාක්‍යයෝ ද කෝලියයෝ ද පැසුළුදිගට මුහුණ ලා රෝහිණීනදිය තරණය කරන නුඹ වහන්සේ දකිත්වා.
Pali BJT530. ආසාය කසතෙ{4} ඛෙත්තං බීජං ආසාය වප්පති,{5} ආසාය වාණිජා යන්ති සමුද්දං ධනහාරකා, යාය ආසාය තිට්ඨාමි සා මෙ ආසා සමිජ්ඣතු.
Sinhala BJT530. (ගොවියා) ඵලාශාවෙන් කෙත සායි, ආශාවෙන් බිජුවට වපුර යි. ධනය සපයන වෙළෙන්දෝ ආශාවෙන් සයුරට වදිත්, මම් යම් ආශාවකින් සිටිම් නම් මා ගේ ඒ ආශාව සමෘද්ධ වේවා.
Pali BJT531. පුනප්පුනං චෙව වපන්ති බීජං පුනප්පුනං වස්සති දෙවරාජා, පුනප්පුනං ඛෙත්තං කසන්ති කස්සකා පුනප්පුනං ධඤ්ඤමුපෙති රට්ඨං.
Sinhala BJT531. ගොවියෝ පුනපුනා බිජුවට වපුරති, පුනපුනා වැසි වසී, ගොවියෝ පුනපුනා කෙත සාති, රටට පුනපුනා ධාන්‍යය ලැබෙයි.
Pali BJT532. පුනප්පුනං යාචනකා චරන්ති පුනප්පුනං දානපති දදන්තී, පුනප්පුනං දානපතී දදිත්වා පුනප්පුනං සග්ගමුපෙන්ති ඨානං.
Sinhala BJT532. යදියෝ පුනපුනා කුලයන් කරා එළැඹෙති, දානපතීහු පුනපුනා දෙති, දානපතීහු පුනපුනා දන් දී පුනපුනා සුගතියට පැමිණෙත්.
Pali BJT533. වීරො හවෙ සත්තයුගං පුනෙති යසුමිං කුලෙ ජායති භූරිපඤ්ඤො, මඤ්ඤාමහං සක්කති දෙවදෙවො තයා හි{5} ජාතො{6} මුනි සච්චනාමො.
Sinhala BJT533. යම් කුලයෙක්හි මහා ප්‍රඥා ඇති වීරයෙක් උපදනේ නම් හෙතෙම ඒකාන්තයෙන් සත්පරපුරක් පවිත්‍ර කෙරෙයි. දෙවියනට දෙවි වූ භාග්‍යවත් තෙම (ඉන් වැඩියක් පවිත්‍ර කරන්නට) හැකිවේ යයි මම් සිතමි, නුඹ වහන්සේ හේතු කොට ගෙන (ආර්‍ය්‍යජාතියෙහි උපන්) මුනි තෙම සත්‍ය වූ නම් ඇත්තේ විය.
Pali BJT534. සුද්ධොදනො නාම පිතා මහෙසිනො බුද්ධස්ස මාතා පන මායනාමා, යා බොධිසත්තං පරිහරිය කුච්ඡිනා කායස්ස භෙදා තිදිවම්හි මොදති.
Sinhala BJT534. මහර්ෂිහුගේ පිය තෙම සුද්ධෝදන නම් වෙයි. යළි යම් දේවි කෙනෙක් බෝසතුන් කුසින් උසුලා කාබුන් මරණින් මතු දෙව්ලොව සතුටු වෙත් ද, මායා නම් වූ ඕ තොමෝ බුදුන් ගේ මවු වෙ යි.
Pali BJT535. සා ගොතමී කාලකතා ඉතො චුතා දිබ්බෙහි කාමෙහි සමඞ්ගිභූතා, සා මොදති කාමගුණෙහි පඤ්චහි පරිවාරිතා දෙවගණෙහි තෙහි.
Sinhala BJT535. කලුරිය කළ ඒ ගෞතමී තොමෝ මෙයින් සැව දිව්‍යකාමයන්ගෙන් යුක්ත වූවා ය. ඕ තොමෝ ඒ දේවගණයා විසින් පිරිවරන ලද්දී පස් කම් ගුණයෙන් සතුටු වෙයි.
Pali BJT536. බුද්ධස්ස පුත්තොම්හි අසය්හසාහිනො අඞ්ගීරසස්සප්පටිමස්ස තාදිනො, පිතුපිතා මය්හං තුවංසි සක්ක ධම්මෙන මෙ ගොතම අය්යකොසී’ති.
Sinhala BJT536. (ශුද්ධෝදන) ශාක්‍යය, මම් අසහ්‍යසාහී වූ අඞ්ගීරස වූ අප්‍රතිම වූ තාදී ගුණ ඇති බුදුන්ගේ පුත්‍ර වෙමි, තෙපි මාගේ පියාගේ පිය වූවහු ය. ගෞතමය, ස්වභාවධර්‍මයෙන් මාගේ මුත්තණු වූවහු ය.
Pali BJTඉත්ථං සුදං ආයස්මා කාළුදායී ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් කාළුදායී ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළහ.
Pali BJTකාළුදායීත්ථෙරගාථා.
Sinhala BJTකාළුදායී ස්ථවිරගාථා යි.
Pali BJT10. 1. 2.
Sinhala BJT10. 1. 2.
Pali BJT537. පුරතො පච්ඡතො වා පි අපරො චෙ න විජ්ජති, අතීව ඵාසු භවති එකස්ස වසතො වනෙ.
Sinhala BJT537. ඉදින් ඉදිරියෙහි හෝ පිටුපස අනෙකක්හු නැත් නම්, එකල්හි එකලා ව වෙනෙහි වසන්නහුට ඉතා මැ පහසු වෙයි.
Pali BJT538. හන්ද එකො ගමිස්සාමි අරඤ්ඤං බුද්ධවණ්ණිතං, ඵාසු{1} එකවිහාරිස්ස පහිතත්තස්ස භික්ඛුනො.
Sinhala BJT538. ඒකාන්තයෙන් එකලා වූයෙම් බුදුන් විසින් වනනලද වනසෙනසුනට යන්නෙමි, එකලා වැ හැසිරෙන නිවනට මෙහෙයූ සිත් ඇති මහණහට එය පහසුවෙකි.
Pali BJT539. යොගී පීතිකරං රම්මං මත්තකුඤ්ජරසෙවිතං, එකො අත්ථවසී ඛිප්පං පවිසිස්සාමි කානනං.
Sinhala BJT539. යෝගීන්ට ප්‍රීතිකර වූ රම්‍ය වූ මතැතුන් විසින් සෙවුනාලද වනයට එකලා වූයෙම් ශ්‍රමණධර්‍ම සඞ්ඛ්‍යාත අර්‍ත්‍ථයෙහි වසඟයට ගියෙම් වහා පිවිසෙමි.
Pali BJT540. සුපුප්ඵිතෙ සීතවනෙ සීතලෙ ගිරිකන්දරෙ, ගත්තානි පරිසිඤ්චිත්වා චඞ්කමිස්සාමි එකකො.
Sinhala BJT540. සුපිපි සිහිල් වෙනෙහි සිහිල් වූ ‘ගිරිකඳුරෙහි සිරුරු සෝදා එකලා වැ සක්මන් කරමි.
Pali BJT541. එකාකියො අදුතියො රමණීයෙ මහාවනෙ, කදාහං විහරිස්සාමි කතකිච්චො අනාසවො.
Sinhala BJT541. මම් එකලා වූයෙම් දෙවැන්නකු නැත්තෙම් කෘතකෘත්‍ය වූයෙම් ආශ්‍රව රහිත වූයෙම් සිත්කලු වූ මහවෙනෙහි කවර කලෙක වෙසෙම් ද?
Pali BJT542. එවං මෙ කත්තුකාමස්ස අධිප්පායො සමිජ්ඣතු, සාධයිස්සාමහං{2} යෙව නාඤ්ඤො අඤ්ඤස්ස කාරකො.
Sinhala BJT542. මෙසේ කරනු කැමති වූ මාගේ අදහස සමෘඬ වේවා. මම මැ මහණදම් සිදු කරගන්නෙමි. අනෙකක්හට අන්‍ය වූ කාරකයෙක් නැත.
Pali BJT543. එස බන්ධාමි සන්නාහං පවිසිස්සාමි කානනං, න තතො නික්ඛමිස්සාමි අප්පත්තො ආසවක්ඛයං.
Sinhala BJT543. තෙල මම් වීර්‍ය්‍ය සඞ්ඛ්‍යාත සන්නාහය බඳිමි, වනයට පිවිසෙනෙමි, ආස්‍රවක්‍ෂයට නො පැමිණියෙම් එයින් නො නික්මෙමි.
Pali BJT544. මාලුතෙ උපවායන්තෙ සීතෙ සුරභිගන්ධිකෙ,{3} අවිජ්ජං දාළයිස්සාමි නිසින්නො නගමුද්ධනි.
Sinhala BJT544. සිහිල් වූ මිහිරි සුවඳ ඇති සිහිල් පවන් හමන කල්හි කඳුමුදුන්හි හුන්නෙම් අවිද්‍යාව පළමි.
Pali BJT545. වනෙ කුසුමසඤ්ජන්නෙ පබ්භාරෙ නූන සීතලෙ, විමුත්තිසුඛෙන සුඛිතො රමිස්සාමි ගිරිබ්බජෙ.
Sinhala BJT545. මලින් ගැවසුණු එකැතින් සිහිල් වූ බෑවුම් ඇති කඳුවළලු ඇති වෙනෙහි විමුක්ති සුඛයෙන් සුඛිත වූයෙම් සිත් අලවා වෙසෙමි.
Pali BJT546. සොහං පරිපුණ්ණසංකප්පො චන්දො පණ්ණරසො යථා, සබ්බාසව පරික්ඛීණො නත්ථි දානි පුනබ්භවො’ති.
Sinhala BJT546. ඒ මම් පරිපූර්‍ණ වූ සංකල්ප ඇත්තෙම් පණුරැසි සඳු සෙයින් සියලු ආස්‍රවයන් ක්‍ෂය කෙළෙම් වෙමි, දැන් පුනර්‍භවයෙක් නැත.
Pali BJTඉත්ථං සුදං ආයස්මා එකවිහාරියො ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් ඒකවිහාරිය ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළහ.
Pali BJTඑකවිහාරියත්ථෙරගාථා.
Sinhala BJTඒකවිහාරිය ස්ථවිරගාථා යි.
Pali BJT10. 1. 3.
Sinhala BJT10. 1. 3.
Pali BJT547. අනාගතං යො පටිගච්ච පස්සති හිතං ච අත්ථං අහිතං ච තං ද්වයං, විද්දෙසිනො තස්ස හිතෙසිනො වා රන්ධං න පස්සන්ති සමෙක්ඛමානා.
Sinhala BJT547. යමෙක් නො ලත් හිතාර්‍ත්‍ථය හා අහිතාර්‍ත්‍ථය ද යන ඒ දෙක කැල මැ දක්නේ ද, ඔහුගේ මිතුරෝ හෝ සතුරෝ සොයන්නාහු නමුදු සිදුරු නො දකිත්.
Pali BJT548. ආනාපානසතී යස්ස පරිපුණ්ණා සුභාවිතා, අනුපුබ්බං පරිචිතා යථා බුද්ධෙන දෙසිතා, සොමං ලොකං පභාසෙති අබ්භා මුත්තොව චන්දිමා.
Sinhala BJT548. යමකු විසින් බුදුන් විසින් දෙසූ පරිදි ආනාපානසතිය සම්පූර්‍ණ කොට වඩනාලද ද, පිළිවෙළින් පුරුදු කරනලද ද, හෙතෙම වලායෙන් මුත් සඳු මෙන් මෙලොව බබුළුවයි.
Pali BJT549. ඔදාතං වත මෙ චිත්තං අප්පමාණං සුභාවිතං, නිබ්බිද්ධං පග්ගහීතං ච සබ්බා ඔභාසතෙ දිසා.
Sinhala BJT549. ඒකාන්තයෙන් මාගේ සිත විශුද්ධ විය. අප්‍රමාණ සඞ්ඛ්‍යාත නිවන මොනොවට ප්‍රත්‍යක්‍ෂ කරනලද්දේ ය. සිවුසස් පිළිවිදුනාලද, සියලු කෙලෙස් නිගන්නාලද, එහෙයින් සියලු පූර්‍වාන්තාදි දිසා බබළයි.
Pali BJT550. ජීවිතෙ වා පී සප්පඤ්ඤො අපි විත්තපරික්ඛයො,{1} පඤ්ඤාය ච අලාභෙන විත්තවා පි න ජීවති.
Sinhala BJT550. නුවණැත්තේ ධනක්‍ෂයට ගියේ නමුදු ජීවත්වන්නේ මැ වෙයි, තවද ධනවත් වූයේ නමුදු ප්‍රඥාව නැතියෙන් ජීවත් නො වේ.
Pali BJT551. පඤ්ඤා සුතවිනිච්ඡිනී පඤ්ඤාකිත්තිසිලොකවඩ්ඪනී, පඤ්ඤා සහිතො නරො ඉධ අපි දුක්ඛෙසු සුඛානි වින්දති.
Sinhala BJT551. ප්‍රඥා තොමෝ ශ්‍රැතය විනිශ්චය කරන්නීය. ප්‍රඥා තොමෝ කීර්ත්ති ප්‍රශංසා වඩන්නී ය. මෙලොවැ ප්‍රඥා සහිත වූ පුරුෂ තෙමේ දුක් ඇති කල්හි දු සුව විඳී.
Pali BJT552. නායං අජ්ජතනො ධම්මො නච්ඡෙරො න පි අබ්භුතො, යත්ථ ජායෙථ මීයෙථ තත්ථ කිං විය අබ්භුතං.
Sinhala BJT552. මේ ස්වභාවධර්‍මය තෙමේ අද වූයෙක් නො වෙයි, ආශ්චර්‍ය්‍ය වූයේ නො වෙයි, අද්භූත වූයේ නො ද වෙයි, යම් තැනෙක උපදනේ නම්, මැරේ නම්, එහි කිනම් අද්භූතයෙක් ද-
Pali BJT553. අනන්තරං හි ජාතස්ස ජීවිතා{2} මරණං ධුවං, ජාතා ජාතා මරන්තීධ එවං ධම්මා හි පාණිනො.
Sinhala BJT553. උපන්නහු ගේ උපතට අනතුරු වැ මැ ජීවිතයට වඩා මරණය ඒකාන්ත වෙයි, මෙලොවැ උපනුපන්නාහු මැරෙති, සත්‍වයෝ මෙබඳු ස්වභාව ඇත්තාහු මැ යැ.
Pali BJT554. න හෙතදත්ථාය මතස්ස හොති යං ජීවිතත්ථං පරපොරිසානං, මතම්හි රුණ්ණං න යසො න ලොක්යං න වණ්ණිතං සමණබ්රාහ්මණෙහි.
Sinhala BJT554. (මළහු ගේ) ජීවිතය සඳහා අන්‍ය පුරුෂයන්ගේ යම් හැඬීමෙක් වේ ද, එය මළහු ගේ ඒ ජීවිතය පිණිස නො වේ. මළහු නිමිති කොට හැඬීම යශස්එළවන්නේත් විශුද්ධිය එළවන්නේත් නො වෙයි, මහණ බමුණන් විසිනුදු නො පහස්නා ලදි.
Pali BJT555. චක්ඛුං සරීරං උපහන්ති රුණ්ණං{3} නිහීයති වණ්ණබලං මතී ච, ආනන්දිනො තස්ස දිසා භවන්ති හිතෙසිනො නාස්ස සුඛී භවන්ති.
Sinhala BJT555. හැඬීම ඇස ද සිරැර ද පෙළ යි. වර්‍ණය බලය නුවණ ද යන මේ පිරිහෙයි. ඔහුගේ සතුරෝ තුටු වෙති. ඔහුගේ හිතවත්හු සුඛිත නො වෙත්.
Pali BJT556. තස්මා හි ඉච්ඡෙය්ය කුලෙ වසන්තෙ{4} මෙධාවිනො චෙව බහුස්සුතෙ ච, යෙසං හි පඤ්ඤාවිභවෙන කිච්චං තරන්ති නාවාය නදිං ව පුණ්ණ’න්ති.
Sinhala BJT556. යම්හෙයකින් පිරුණු නදියක් නැවකින් මෙන් යම් කෙනකුන්ගේ ප්‍රඥාසම්පත්තියෙන් කටයුතු තරණය කෙරෙත් ද, එහෙයින් මැ කුලයෙහි වසනුයේ එබඳු නුවැණැතියන් ද බහුශ්‍රැතයන් ද කැමති වන්නේ ය යි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා මහාකප්පිකො ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් මහා කප්පින ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළහ.
Pali BJTමහාකප්පිනත්ථෙරගාථා.
Sinhala BJTමහාකප්පින ස්ථවිරගාථා යි.
Pali BJT10. 1. 4.
Sinhala BJT10. 1. 4.
Pali BJT557. දන්ධා මය්හං ගති ආසි පරිභූතො පුරෙ අහං, භාතා ච මං පණාමෙසි ගච්ඡ දානි තුවං ඝරං.
Sinhala BJT557. මා ගේ ඥානගතිය දන්‍ධ වූවා යැ, පෙර මම හෙළාදක්නාලදුයෙම් වීමි, සොහොයුරු ද “තෝ දැන් ගෙට යා”යි මා නෙරී යැ.
Pali BJT558. සොහං පණාමිතො භාතා{5} සඞ්ඝාරාමස්ස කොට්ඨකෙ, දුම්මනො තත්ථ අට්ඨාසිං සාසනස්මිං අපෙඛවා.{6}
Sinhala BJT558. ඒ මම් සොහොවුරු විසින් නෙරනාලදුයෙම් ඒ සඟරමැ දොරකොටුව වෙත ශාසනයෙහි අපේක්‍ෂා ඇති වැ නො සතුටුසිත් ඇති වැ සිටියෙමි.
Pali BJT559. භගවා තත්ථ ආගඤ්ඡි සීසං මය්හං පරාමසි, බාහාය මං ගහෙත්වාන සඞ්ඝාරාමං පවෙසයී.
Sinhala BJT559. බුදුහු එහි වැඩියහ. මා හිස පිරිමැදි සේක. මා අත ගෙන සඟරමට ඇතුළු කළ සේක.
Pali BJT560. අනුකම්පාය මෙ සත්ථා පාදාසි පාදපුඤ්ඡනිං එතං සුද්ධං අධිට්ඨෙහි එකමන්තං ස්වධිට්ඨිතං.
Sinhala BJT560. බුදුහු මට අනුකම්පායෙන් පාපිස්නකඩක් දුන්හ, එක් පසෙක සිට තෙල සුදු කඩ මොනවට අධිෂ්ඨාන කොට ඉටාගනුව’යි වදාළ සේක.
Pali BJT561. තස්සාහං වචනං සුත්වා විහාසිං සාසනෙ රතො, සමාධිං පටිපාදෙසිං උත්තමත්ථස්ස පත්තියා.
Sinhala BJT561. මම් ඒ බුදුන් ගේ බස් අසා සසුන්හි ඇලුණෙම් විසීමි උත්තමාර්‍ත්‍ථයට පැමිණීම සඳහා සමාධිය ඉපැදවීමි.
Pali BJT562. පුබ්බෙනිවාසං ජානාමි දිබ්බචක්ඛු{7} විසොධිතං, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT562. පෙරවිසූ කඳ පිළිවෙළ දනිමි, දිවැස පිරිසිදු කරනලද, ත්‍රිවිද්‍යාවෝ ලබනලදහ. බුදුන් ගේ අනුසසුත් කරනලද.
Pali BJT563. සහස්සක්ඛත්තුමත්තානං නිම්මිනිත්වාන පන්ථකො, නිසීදම්බවනෙ රම්මෙ යාව කාලප්පවෙදනා.{1}
Sinhala BJT563. පන්‍ථක තෙම කල් දන්වනතුරු රම්‍ය වූ අඹ වෙනෙහි තමා දහස්වර අත්බැව් මවාගෙන හුන්නේ යැ.
Pali BJT564. තතො මෙ සත්ථා පාහෙසි දූතං කාලප්පවෙදකං, පවෙදිතම්හි කාලම්හි වෙහාසාදුපසඞ්කමිං.{2}
Sinhala BJT564. ඉක්බිති බුදුහු කල්දන්වන දූතයකු මා වෙත එවූහ. කල් දැන්වූ කල්හි අහසින් එහි එළැඹියෙමි.
Pali BJT565. වන්දිත්වා සත්ථුනො පාදෙ එකමන්තං නිසීදහං, නිසින්නං මං විදිත්වාන අථ සත්ථා පටිග්ගහී.
Sinhala BJT565. මම් බුදුන් පා වැඳ එකත්පසෙක හිනිමි. ඉක්බිති බුදුහු මා දැන (දැකිණිදිය) පිළිගත්හ.
Pali BJT566. ආයාගො සබ්බලොකස්ස ආහුතීනං පටිග්ගහො, පුඤ්ඤක්ඛෙත්තං මනුස්සානං පටිගණ්හිත්ථ දක්ඛිණ’න්ති.
Sinhala BJT566. සියලු ලෝකයා විසින් ඇරැපිදියයුතු වූ දක්‍ෂිණාවන් පිළිගන්නා වූ මිනිසුන්ට පින්කෙත් වූ බුදුහු දක්‍ෂිණාව පිළිගත් සේකැ යි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා චූළපන්ථකො ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් චූළපන්‍ථක ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළහ.
Pali BJTචූළපන්ථකත්ථෙරගාථා.
Sinhala BJTචූළපන්‍ථක ස්ථවිරගාථා යි.
Pali BJT10. 1. 5.
Sinhala BJT10. 1. 5.
Pali BJT567. නානාකුණපසම්පුණ්ණො මහාඋක්කාරසම්භවො, චන්දනිකං ව පරිපක්කං මහාගණ්ඩො මහාවණො.
Sinhala BJT567. නන්වැදෑරුම් මලයෙන් පිරුණු වැසිකිළියක් සේ පිළිකුල් මවුකුසැ උපන් පැරණි ගවරවළක් බඳු වූ මහගඬක් මහාව්‍රණයක් බඳු වු -
Pali BJT568. පුබ්බරුහිරසම්පුණ්ණො ගූථකූපෙන ගාළහිතො,{3} ආපො පග්ඝරණො{4} කායො සදා සන්දති පූතිකං.
Sinhala BJT568. ලේපූයාවෙන් පිරුණු වර්චසින් බර වූ වැගිරෙන අප්ධාතු ඇති මෙ කය හැමකල්හි කුණුව වැහෙයි.
Pali BJT569. සට්ඨිකණ්ඩරසම්බන්ධො මංසලෙපනලෙපිතො, චම්මකඤ්චුකසන්නද්ධො පූතිකායො නිරත්ථකො.
Sinhala BJT569. සැටක් මහනහරින් බැඳුණු මාංසසඞ්ඛ්‍යාත ලේපයෙන් අනුලිප්ත වූ චර්‍මසඞ්ඛ්‍යාත කඤ්චුකයෙන් සන්නඬ වූ මේ කුණුකය නිෂ්ප්‍රයෝජන වේ.
Pali BJT570. අට්ඨිසඞ්ඝාටඝටිතො නහාරු{5} සුත්තනිබන්ධනො, නෙකෙසං සඞ්ගතිභාවා කප්පෙති ඉරියාපථං.
Sinhala BJT570. ඇටසැකිල්ලෙන් ගටනලද නහර නමැති හූ බැඳුම් ඇති මෙ කය නො යෙක් චතුර්මහාභූතාදීන් ගේ සම්බන්‍ධයෙන් ඉරියවු පවත්වයි.
Pali BJT571. ධුවප්පයාතො මරණස්ස{6} මච්චුරාජස්ස සන්තිකෙ, ඉධෙව ඡඩ්ඩයිත්වාන යෙන කාමඞ්ගමො නරො.
Sinhala BJT571. මරණය කරා නිරතුරු පැමිණෙන එයින් මැ මරහු ළඟ සිටි මෙ කය මෙහි මැ ලාපියා මිනිසා කැමති සේ යන්නේ යැ.
Pali BJT572. අවිජ්ජා{7} නිවුතො කායො චතුගන්ථෙන ගත්ථිතො, ඔඝසංසීදනො කායො අනුසයජාලමොත්ථතො.
Sinhala BJT572. කය අවිද්‍යානීවරණයෙන් වැසිණ, සතර කායග්‍රන්‍ථයෙන් ගෙතිණ, මේ කය චතුරෝඝයෙහි ගැලෙන්නේ වෙයි, අනුසය නමැති දැලින් මඩනාලද.
Pali BJT573. පඤ්චනීවරණෙ යුත්තො විතක්කෙන සමප්පිතො, තණ්හාමූලෙනානුගතො මොහච්ඡදනඡාදිතො.
Sinhala BJT573. පඤ්චනීවරණයෙන් යුක්ත වූ විතර්‍කයෙන් සමර්පිත වූ තෘෂ්ණාසඞ්ඛ්‍යාත භවමූලයෙන් අනුගත වූ මෝහසඞ්ඛ්‍යාත ඡදනයෙන් සොයන ලද-
Pali BJT574. එවායං වත්තතෙ කායො කම්මයන්තෙන යන්තිතො, සම්පත්ති ච විපත්ත්යන්තා නානාභාවො විපජ්ජති.
Sinhala BJT574. මෙසේ මෙ කය පවත්නේ ය, කර්‍මසඞ්ඛ්‍යාත යන්ත්‍රයෙන් සංඝටිතය, සම්පත්තිය ද විපත්තිය කෙළවර කොට ඇත, විනාභාවය ද වෙනස් ලෙස පැමිණෙයි.
Pali BJT575. යෙමං කායං මමායන්ති අන්ධබාලා පුථුජ්ජනා, වඩ්ඪෙන්ති කටසිං ඝෙරං ආදියන්ති පුනබ්භවං.
Sinhala BJT575. අන්‍ධබාල වූ යම් පෘථග්ජන කෙනෙක් මේ කය මමායනා කෙරෙත් ද ඔහු ඝෝර වූ සසර වඩති, පුනර්‍භවය පුනපුනා ගනිත්.
Pali BJT576. යෙ’මං කායං විවජ්ජෙන්ති ගූථලිත්තං’ව පන්නගං, භවමූලං වමිත්වාන පරිනිබ්බන්ත්යනාසවා.{8}
Sinhala BJT576. යම් (ශ්‍රැතවත්) කෙනෙක් අසුචි වැකුණු සර්‍පයකු සෙයින් මේ කය හැරපියත් ද, ඔහු භවමූල වූ තෘෂ්ණාව නඟාපියා ආස්‍රව නැත්තාහු පිරිනිවෙන්නාහ යි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා කප්පො ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් කප්ප ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළහ.
Pali BJTකප්පත්ථෙරගාථා.
Sinhala BJTකප්ප ස්ථවිරගාථා යි.
Pali BJT10. 1. 6.
Sinhala BJT10. 1. 6.