Theragāthā

Verses of the Elder Monks

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 1201-1300 න් 2250

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT444. උභික්කං තිකිච්ඡන්තං තං අත්තනො ච පරස්ස ච, ජනා මඤ්ඤන්ති බාලොති යෙ ධම්මස්ස අකොවිදා.
Sinhala BJT444. යම් කෙනෙක් (ආර්‍ය්‍ය ආචාර) ධර්‍මයෙහි නො නිපුණ වෙත් ද ඒ බාලජනයෝ තමහට ද මෙරමාහට ද යන දෙදෙනාට (ක්‍රෝධව්‍යාධි හරනට) පිළියම් කරන ඒ පුද්ගල ‘බාලයෙකැ’යි හඟිති.
Pali BJT445. උප්පජ්ජෙ තෙ{1} සචෙ කොධො ආවජ්ජ කකචූපමං, උප්පජ්ජජෙ චෙ රසෙ තණ්හා පුත්තමංසූපමං සර.
Sinhala BJT445. ඉදින් (කමටහන්හි යෙදෙන තොපට) ක්‍රෝධය උපදී නම් (බුදුන් වදාළ) කකචූපම අවවාද මෙනෙහි කරව. ඉදින් රසයෙහි තෘෂ්ණා උපදී නම් පුත්‍රමාංශොපමාව සිහි කරව.
Pali BJT446. සචෙ ධාවති චිත්තං තෙ කාමෙසු ච භවෙසු ච, ඛිප්පං නිග්ගණ්හ සතියා කිට්ඨාදං විය දුප්පසු’න්ති.
Sinhala BJT446. ඉදින් තොපගේ සිත පස්කම් ගුණයෙහි ද (කාමාදි) භවයෙහි ද දිවේ නම් (එසඳ) වහා සිහියෙන් ගොයම් කන නපුරු ගොනකු සෙයින් නිගනුව’යි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා බ්රහ්මදත්තො ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් බ්‍රහ්මදත්ත ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළහ.
Pali BJTබ්රහ්මදත්තත්ථෙරගාථා.
Sinhala BJTබ්‍රහ්මදත්ත ස්ථවිරගාථා යි.
Pali BJT6. 1. 13.
Sinhala BJT6. 1. 13.
Pali BJT447. ඡන්නමතිවස්සති විවටං නාතිවස්සති, තස්මා ඡන්නං විවරෙථ එවං තං නාතිවස්සති.
Sinhala BJT447. (ආපත්ති අනාරොවන විසින්) ප්‍රතිච්ඡන්න වූයේ අතිශයින් (ආපත්ති - ක්ලේශ) වර්‍ෂා කෙරෙයි (තෙමාලයි). විවෘත වූයේ නො වසී. එහෙයින් ප්‍රතිච්ඡන්නය විවෘත කරන්නේ යැ. මෙසේ ඒ ප්‍රතිච්ඡන්නය (ඇවැත්වැසි - කෙලෙස්වැසි) නො වසී.
Pali BJT448. මච්චුනාබ්භාහතො ලොකො ජරාය පරිවාරිතො, තණ්හාසල්ලෙන ඔතිණ්ණො ඉච්ඡාධූපායිතො{2} සදා.
Sinhala BJT448. හැම කල්හි සත්ත්‍වලෝකය මරහු විසින් පහරනලද්දේ යැ. ජරාව විසින් පිරිවරනලද්දේ යැ. තෘෂ්ණාශල්‍ය විසින් බැසගන්නා ලද්දේ යැ. (අරමුණ පතන) ඊප්සාව විසින් තවනලද්දේ යි.
Pali BJT449. මච්චුනාබ්භාහතො ලොකො පරික්ඛිත්තො ජරාය ච, හඤ්ඤති නිච්චමත්තාණො{3} පත්තදණ්ඩො’ව තක්කරො.
Sinhala BJT449. සත්ත්‍වලෝකය මරහු පහරනලද්දේ යැ. ජරාව විසින් පිරිකෙව් ද කරනලද්දේ යැ. පැමිණි දඬුවම් ඇති සොරකු සෙයින් අසරණ වැ නිරතුරු පෙළෙයි.
Pali BJT450. ආගච්ඡන්තග්ගිඛන්ධා’ව මච්චු ව්යාධි ජරා තයො, පච්චුග්ගන්තුං බලං නත්ථි ජවො නත්ථි පලායිතුං.
Sinhala BJT450. මරණ යැ ව්‍යාධි යැ ජරා යැ යන තිදෙනා ගිනිකඳු සෙයින් එති. ප්‍රතිමල්‍ය වැ පෙරට යන්නට බලයෙක් නැත. (පිටුපෑ) පලායන්නට ජවයෙක් නැති.
Pali BJT451. අමොඝං දිවසං කයිරා අප්පෙන බහුකෙන වා, යං ය විජහතෙ{4} රත්තිං තදූනං තස්ස ජීවිතං.
Sinhala BJT451. මඳින් හෝ බෙහෙවින් හෝ (කරනලද විදර්‍ශනා මනසිකාරයෙන්) දවස නො සිස් කරන්නේ යැ. යම් යම් රාත්‍රියක් ඉක්මවා ද එයින් ඔහුගේ ජීවිතය ඌන වෙයි.
Pali BJT452. චරතො තිට්ඨතො වා පි ආසීනසයනස්ස වා, උපෙති චරිමා රත්ති න තෙ කාලො පමජ්ජිතු’න්ති.
Sinhala BJT452. යන්නාහට වේවයි සිටුනාහට වේවයි හිඳුනාහට වේවයි ශයනය කරන්නාහට වේවයි පශ්චිමරාත්‍රිය එළැඹෙයි. තොපට පමාවන්නට මේ කල් නො වේ යයි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා සිරිමන්දො ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් සිරිමන්‍ද ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළහ.
Pali BJTසිරිමන්දත්ථෙරගාථා.
Sinhala BJTසිරිමන්‍ද ස්ථවිරගාථා යි.
Pali BJT6. 1. 14.
Sinhala BJT6. 1. 14.
Pali BJT453. දිපාදකොයං අසුචි දුග්ගන්ධො පරිහීරති, නානාකුණපපරිපූරො විස්සවන්තො තතො තතො.
Sinhala BJT453. දෙපා ඇති මේ කය නොයෙක් කුණපයෙන් පිරුණේ ඒ ඒ ද්වාරයෙන් අසුචි වැගිරෙනුයේ අශුද්ධ වූයේ දුගඳ වූයේ (මල්ගඳවිලෙවුන් ආදියෙන් සකසා) පරිහරණ කරනුලැබේ.
Pali BJT454. මිගං නිලීනං කූටෙන බළිසෙනෙව අම්බුජං, වානරං විය ලෙපෙන බාධයන්ති පුථුජ්ජනං.
Sinhala BJT454. (දැල් මලපුඬු ආදි) කූටොපක්‍රමයෙන් සැඟවුණු මුවකු සෙයින් බිලියෙන් මසකු සෙයින් වඳුරුමලයෙන් වඳුරකු සෙයින් (පස්කම්හු) පෘථග්ජනයා පෙළති.
Pali BJT455. රූපා සද්දා රසා ගන්ධා ඵොට්ඨබ්බා ච මනොරමා, පඤ්චකාමගුණා එතෙ ඉත්ථිරූපස්මිං දිස්සරෙ.
Sinhala BJT455. මනරම් රූප යැ ශබ්ද යැ රස යැ ගන්‍ධ යැ ස්ප්‍රෂ්ටව්‍ය යැ යන තෙල පස්කම්ගුණයෝ ස්ත්‍රීරූපයෙහි දක්නාලැබෙත්.
Pali BJT456. යෙ එතා උපසෙවන්ති රත්තචිත්තා පුථුජ්ජනා, වඩ්ඪෙන්ති කටසිං ඝොරං අනචිනන්ති පුනබ්භවං.
Sinhala BJT456. රාගයෙන් ඇලුණු සිත් ඇති යම් පෘථග්ජන කෙනෙක් තෙල ස්ත්‍රීන් සේවන කෙරෙත් ද, ඔහු ඝෝර වූ (සංසාර සඞ්ඛ්‍යාත) සුසානය වඩති. පුනර්‍භවය රැස් කෙරෙති.
Pali BJT457. යො චෙතා{1} පරිවජ්ජෙති සප්පස්සෙව පදා සිරො, සො’මං විසත්තිකං ලොකෙ සතො සමතිවත්තති.
Sinhala BJT457. යමෙක් තුලුන් (ස්ත්‍රීන්) පාදයෙන් සර්‍පශීර්‍ෂයක් මෙන් දුරු කෙරේ ද හෙතෙම ලොවැ මෙ විසත්තිකා සඞ්ඛ්‍යාත තෘෂ්ණාව සිහි ඇති වැ ඉක්මවයි.
Pali BJT458. කාමෙස්වාදීනවං දිස්වා නෙක්ඛම්මං දට්ඨු ඛෙමතො, නිස්සටො සබ්බකාමෙහි පත්තො මෙ ආසවක්ඛයො’ති.
Sinhala BJT458. කාමයෙහි ආදීනව දැකැ නෛෂ්ක්‍රම්‍යය නිර්‍භය වශයෙන් දැකැ සියලු (ත්‍රෛභූමක) කාමයෙන් නික්මගියෙමි. මා විසින් ආස්‍රවක්‍ෂය (නිර්‍වාණය) ලබනලද්දේ යි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා සබ්බකාමී ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් සබ්බකාමී ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළහ.
Pali BJTසබ්බකාමිත්ථෙරගාථා.
Sinhala BJTසබ්බකාමී ස්ථවිරගාථා යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඋද්දානය:
Pali BJTඋරුවෙලකස්සපො ච ථෙරො තෙකිච්ඡකාරි ච මහානාගො ච කුල්ලො ච මාලුඞ්ක්යො{2} සප්පදාසකො, කාතියානො මිගජාලො ජෙන්තො සුමනසව්හයො, නහාතමුනි බ්රහ්මදත්තො සිරිමන්දො{3} සබ්බකාමී ච{4} ගාථායො චතුරාසීති ථෙරා චෙත්ථ චතුද්දසා’ති.
Sinhala BJTඋරුවේලකාශ්‍යප ස්ථවිර යැ, තෙකිච්චකාරී ස්ථවිර යැ, මහානාග ස්ථවිර යැ, කුල්ල ස්ථවිර යැ, මාලුඞ්ක්‍ය ස්ථවිර යැ, සප්පදාසක ස්ථවිර යැ, කාතියාන ස්ථවිර යැ, මිගජාල ස්ථවිර යැ, ජෙන්ත ස්ථවිර යැ, සුමන ස්ථවිර යැ, නහාතමුනි ස්ථවිර යැ, බ්‍රහ්මදත්ත ස්ථවිර යැ, සිරිමන්‍ද ස්ථවිර යැ, සබ්බකාමී ස්ථවිර යැ යි මෙහි තෙරහු තුදුස් දෙනෙකි, ගාථා සුවාසුයෙකි.
Pali BJTඡක්කනිපාතො නිට්ඨිතො.
Sinhala BJTඡක්කනිපාතය නිමි.
Pali BJT7. සත්තකනිපාතො.
Sinhala BJT7. සත්තක නිපාතය
Pali BJT7. 1. 1.
Sinhala BJT7. 1. 1.
Pali BJT459. අලඞ්කතා සුවසනා මාලභාරී{1} විභූසිතා, අලත්තකකතාපාදා පාදුකාරුය්හ වෙසිකා.
Sinhala BJT459. (හස්තාභරණ පාදාභරණයෙන්) අලඞ්කෘත වූ (හඳනාලද) සුන්‍දර වස්ත්‍ර ඇති, (පැලැඳි) මල්දම් ඇති, (මල්ගඳවිලෙවුනින්) සැරැසුණු ලාරසින් රැඳු පායුවළ ඇති වෙසඟනක් රන්මිරිවැඩි පයලා සිටියා යැ.
Pali BJT460. පාදුකා ඔරුහිත්වාන පුරතො පඤ්ජලීකතා, සා මං සණ්හෙන මුදුනා මිහිතපුබ්බං අභාසථ.
Sinhala BJT460. ඕ තොමෝ වහන්සඟල මුදා ඉදිරියෙහි ඇඳිලි බැඳ සිටියා මුදු මොළොක් මිහිරි තෙපුල් පෙරටු කොට තෙල වදන් කීවා යැ:
Pali BJT461. යුවාසි ත්වං පබ්බජිතො තිට්ඨාහි මම සාසනෙ, භුඤ්ජ මානුසකෙ කාමෙ අහං විත්තං දදාමි තෙ.
Sinhala BJT461. “පැවිදි වූ තෙපි යෞවන වවු, මාගේ වචනයෙහි සිටුව, මිනිස්කම්සුව වළඳව, තොපට මම සම්පත් දෙමි.
Pali BJT462. සච්චං තෙ පටිජානාමි අග්ගිං වා තෙ හරාමහං, යදා ජිණ්ණා භවිස්සාම උභො දණ්ඩපරායනා, උභො පි පබ්බජිස්සාම උභයත්ථ කටග්ගහො.
Sinhala BJT462. තොපට සත්‍යය පිළින කෙරෙමි. (සපථ පිණිස) මම තොපට ගිනි හෝ ගෙනෙමි. යම් දවසෙකැ අපි දෙදෙන මහලු වැ දණ්ඩපරායන වමෝ ද, (එකල්හි) දෙදෙන මැ පැවිදි වම්හ. ඒ දෙලො වැ දිනීමෙක් වෙයි” කියා යි.
Pali BJT463. තං ච දිස්වාන යාචන්තිං වෙසිකං පඤ්ජලීකතං, අලඞ්කතං සුවසනං මච්චුපාසං ව ඔඩ්ඩිතං.
Sinhala BJT463. අලඞ්කෘත වූ හඳනාලද සුන්‍දරවස්ත්‍ර ඇති දමනලද මළපුඬුවක් වැනි වූ ඇඳිලි බැඳ අයදනා ඒ වෙසඟන දැකැ -
Pali BJT464. තතො මෙ මනසිකාරො යොනිසො උදපජ්ජථ, ආදීනවො පාතුරහු නිබ්බිදා සමතිට්ඨථ.
Sinhala BJT464. එහෙයින් මට යෝනිසෝමනසිකාර උපන, ආදීනව පහළ විය. නිර්වේදඥානය (මාගේ හෘදයෙහි) පිහිටියේ යි.
Pali BJT465. තතො චිත්තං විමුච්චි මෙ පස්ස ධම්මසුධම්මතං, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසන’න්ති.
Sinhala BJT465. ඉක්බිති මාගේ සිත (කෙලෙසුන් කෙරෙන්) විමුක්ත විය. ධර්‍මයාගේ සුධර්‍මතාව බලව. (මා විසින්) ත්‍රිවිද්‍යා ලබනලද යැ. බුදුසසුන් කරනලදැ යි”.
Pali BJTඉත්ථං සුදං ආයස්මා සුන්දරසමුද්දො ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ආයුෂ්මත් සුන්‍දරසමුද්ද ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළහ.
Pali BJTසුන්දරසමුද්දත්ථෙරගාථා.
Sinhala BJTසුන්‍දරසමුද්ද ස්ථවිරගාථා යි.
Pali BJT7. 1. 2.
Sinhala BJT7. 1. 2.
Pali BJT466. පරෙ අම්බාටකාරාමෙ වනසණ්ඩම්හි භද්දියො, සමූලං තණ්හමබ්බුය්හ තත්ථ භද්දො ඣියායති.{2}
Sinhala BJT466. භද්දිය තෙම ශ්‍රේෂ්ඨ වූ අම්බාටක අරම්හි වනලැහැබෙහි අවිද්‍යාව සහිත තෘෂ්ණාව උපුරා සුන්‍දර වූයේ එහි ධ්‍යාන කෙරෙයි.
Pali BJT467. රමන්තෙකෙ මුතිඞ්ගෙහි{3} වීණාහි පණවෙහි ච, අහං ච රුක්ඛමූලස්මිං රතො බුද්ධස්ස සාසනෙ.
Sinhala BJT467. ඇතැම් කෙනෙක් මිහිඟුබෙරයෙන් වීණායෙන් පණාබෙරයෙන් රමණය කෙරෙති. මම වූකලි බුදුසසුන්හි ඇලුණෙම් රුක්මුල්හි සිත් අලවා වෙසෙමි.
Pali BJT468. බුද්ධො චෙ{4} මෙ වරං දජ්ජා සො ච ලබ්භෙථ මෙ වරො, ගණ්හෙහං සබ්බලොකස්ස නිච්චං කායගතං සතිං.
Sinhala BJT468. ඉදින් බුදුරජාණන් වහන්සේ මට වරයක් දෙනසේක් නම් ඒ වරයත් (මනදොළ සෙයින්) මා විසින් ලබනලද්දේ වී නම් මම මුළුලොවට නිති කායගතාසති භාවනාව ගනිමි.
Pali BJT469. යෙ මං රූපෙන පාමිංසු යෙ ච ඝොසෙන අන්වගූ, ඡන්දරාගවසූපෙතා න මං ජානන්ති තෙ ජනා.
Sinhala BJT469. යම් කෙනෙක් (ලකුණ්ටක) රූප හේතුයෙන් මට අවමන් කළාහු ද යම් කෙනෙකුත් මධුරස්වර හේතුයෙන් අනුගත වූවාහු (බුහුමන් කළාහු) ද ඡන්‍දරාග වශයට පමණි ඒ (ද්විවිධ) ජනයෝ මා නො දනිති.
Pali BJT470. අජ්ඣත්තං ච න ජානාති බහිද්ධා ච න පස්සති, සමන්තාවරණො බාලො ස වෙ ඝොසෙන වුය්හති.
Sinhala BJT470. ඇතුළතත් නො දනියි, පිටතත් නො දකියි. බාල තෙම හාත්පසින් ආවරණ ඇතියේ යැ. හේ එකත්නෙන් ඝෝෂයෙන් අදනාලැබේ.
Pali BJT471. අජ්ඣත්තං ච න ජානාති බහිද්ධා ච විපස්සති, බහිද්ධා ඵලදස්සාවී සො’පි ඝොසෙන වුය්හති.
Sinhala BJT471. යමෙක් ඇතුළත නො දනී ද එතෙකුදුවත් පිටත (ශ්‍රැතියෙන් හෝ ආකල්ප සැලැකීමෙන්) දකී ද පිටත ඵල පමණක් දක්නා හෙ ද ඝෝෂයෙන් අදනාලැබේ.
Pali BJT472. අජ්ඣත්තං ච පජානාති බහිද්ධා ච විපස්සති, අනාවරණදස්සාවී න සො ඝොසෙන වුය්හතී’ති.
Sinhala BJT472. යමෙක් ඇතුළතත් (අශෛක්‍ෂශීලාදිගුණ) දනී ද පිටතත් (ආකල්පසම්පත්තිආදිය) දකී ද ආවරණ රහිත වැ දක්නා ඒ ආර්‍ය්‍ය පුද්ගල තෙම ඝෝෂයෙන් නො අදනාලැබේ යයි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා ලකුණ්ටකභද්දියො ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ආයුෂ්මත් ලකුණ්ටකභද්දිය ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළහ.
Pali BJTලකුණ්ටකභද්දියත්ථෙරගාථා.
Sinhala BJTලකුණ්ටකභද්දිය ස්ථවිරගාථා යි.
Pali BJT7. 1. 3.
Sinhala BJT7. 1. 3.
Pali BJT473. එකපුත්තො අහං ආසිං පියො මාතු පියො පිතු, බහූහි වතචරියාහි ලද්ධො ආයාචනාහි ච.
Sinhala BJT473. මම බොහෝ ව්‍රතචර්‍ය්‍යාවන්ගෙන් ද ආයාචනාවන්ගෙන් ද ලබනලද මවුහට ප්‍රිය වූ පියාහට ප්‍රිය වූ එක් මැ පුත්‍රයා වීමි.
Pali BJT474. තෙ ච මං අනුකම්පාය අත්ථකාමා හිතෙසිනො, උභො පිතා ච මාතා ච බුද්ධස්ස උපනාමයුං,
Sinhala BJT474. ඒ මවුත් පියාත් දෙදෙනා මට වැඩ කැමැත්තාහු හිත කැමැත්තාහු අනුකම්පා පිණිස මා බුදුරජාණන් වහන්සේ සමීපයට පැමිණවූහ.
Pali BJT475. කිච්ඡා ලද්ධො අයං පුත්තො සුඛුමාලො සුඛෙධිතො, ඉමං දදාම තෙ නාථ ජිනස්ස පරිචාරකං.{1}
Sinhala BJT475. “ස්වාමීනි, මේ පුත්‍ර තෙම දුකසේ ලබනලද්දේ යැ, සියුමැලි යැ, සුවසේ වඩනලද්දේ යැ, මොහු අතැවැසි කොට ජින වූ නුඹ වහන්සේට දෙම්හ”යි.
Pali BJT476. සත්ථා ච මං පටිග්ගය්හ ආනන්දං එතදබ්රවි, පබ්බාජෙහි ඉමං ඛිප්පං හෙස්සත්යාජානියො අයං.
Sinhala BJT476. ශාස්තෲන් වහන්සේත් මා පිළිගෙන අනඳ තෙරණුවන්ට තෙල කරුණ වදාළහ: “මොහු වහා පැවිදි කරව, මෙ දරු ශ්‍රේෂ්ඨ පුරුෂයෙක් වන්නේ යැ” යි.
Pali BJT477. පබ්බාජෙත්වාන මං සත්ථා විහාරං පාවිසී ජිනො, අනොග්ගතස්මිං සුරියස්මිං තතො චිත්තං විමුච්චි මෙ.
Sinhala BJT477. ශාස්තෲන් වහන්සේ මා පැවිදි කරවා විහාරයට වැඩ වදාළහ. හිරු අස්තයට නො යන තෙක් මැ ඒ විදර්‍ශනාරම්භයෙන් නො බෝ වෙලායෙහි මාගේ සිත (කෙලෙසුන් කෙරෙන්) විමුක්ත විය.
Pali BJT478. තතො සත්ථා නිරංකත්වා පටිසල්ලානවුට්ඨිතො, එහි භද්දා’ති මං ආහ සා මෙ ආසූපසම්පදා.
Sinhala BJT478. එක්බිති ශාස්තෲන් වහන්සේ සමවන් ඵලසමවත් හැරපියා පිළිසලනින් නැඟීසිටි සේක් ‘ඒව භද්‍රයෙනි’යි මට වදාළහ. ඒ මාගේ උපසම්පදා වී.
Pali BJT479. ජාතියා සත්තවස්සෙන ලද්ධා මෙ උපසම්පදා, තිස්සො විජ්ජා අනුප්පත්තා අහො ධම්මසුධම්මතා’ති.
Sinhala BJT479. උපතින් සත්හැවිරිදි වූ මා විසින් උපසම්පත් ලබනලද යැ, ත්‍රිවිද්‍යා ලබනලද යැ. ධර්‍මයාගේ සුධර්‍මතාව ආශ්චර්‍ය්‍ය යැ” යි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා භද්දො ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් භද්‍ර ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළහ.
Pali BJTභද්දත්ථෙරගාථා.
Sinhala BJTභද්‍ර ස්ථවිරගාථා යි.
Pali BJT7. 1. 4.
Sinhala BJT7. 1. 4.
Pali BJT480. දිස්වා පාසාදඡායායං චඞ්කමන්තං නරුත්තමං, තත්ථ නං උපසඞ්කම්ම වන්දිසං පුරිසුත්තමං.
Sinhala BJT480. ගන්‍ධකුටිච්ඡායායෙහි සක්මන් කරන පුරුෂෝත්තමයන් වහන්සේ දැකැ එහි උන් වහන්සේ කරා එළැඹැ පුරුෂෝත්තමයන් වහන්සේ වැන්දෙමි.
Pali BJT481. එකංසං චීවරං කත්වා සංහරිත්වාන පාණයො,{1} අනුචඞ්කමිස්සං විරජං සබ්බසත්තානමුත්තමං.
Sinhala BJT481. සිවුර එකස් කොට පෙරෙවැ දෙ අත් එක් කොට (ඇඳිලිබැඳගෙන) හැම සත්නට උතුම් වූ විගතරජස් ඇති භාග්‍යවතුන් වහන්සේ අනුව සක්මන් කෙළෙමි.
Pali BJT482. තතො පඤ්හෙ අපුච්ඡි මං පඤ්හානං කොවිදො විදූ, අච්ඡම්භී ච අභීතො ච ව්යාකාසිං සත්ථුනො අහං.
Sinhala BJT482. ඉක්බිති ප්‍රශ්නයෙහි නිපුණ වූ සර්‍වඥයන් වහන්සේ මාගෙන් කුමාරක ප්‍රශ්නයන් විචාළසේක. මම නො තැතිගත්තෙම් ද නො බිය වූයෙම් ද ශාස්තෲන් වහන්සේට ප්‍රශ්නව්‍යාකරණ (විසඳුන්) කෙළෙමි.
Pali BJT483. විස්සජ්ජිතෙසු පඤ්හෙසු අනුමොදි තථාගතො, භික්ඛුසඞ්ඝං විලොකෙත්වා ඉමමත්ථං අභාසථ.
Sinhala BJT483. පැන විසඳූ කල්හි තථාගතයන් වහන්සේ අනුමෝදන් වූහ. භික්‍ෂුසඞ්ඝයා බලා මෙ කරුණ වදාළහ:
Pali BJT484. ලාභා අඞ්ගානමගධානං යෙසායං පරිභුඤ්ජති, චීවරං පිණ්ඩපාතං ච පච්චයං සයනාසනං, පච්චුට්ඨානං ච සාමීචිං තෙසං ලාභාති චාබ්රවි.{2}
Sinhala BJT484. “මේ සෝපාක යම් කෙනකුන්ගේ සිවුරු පිඬුවා ගිලන්පස සෙනෙසුන් වළඳා නම් ඒ අඟුමගධ දනවු වැසියනට ලාභයෙකි. දැකැ හුනස්නෙන් නැඟීසිටිනු ද සාමීචිකර්‍ම ද ඔවුනට ලාභයෙකැ’යි වදාළහ.
Pali BJT485. අජ්ජතග්ගෙ මං සොපාක දස්සනායුපසඞ්කම,{3} එසා චෙව තෙ සොපාක භවතු උපසම්පදා.
Sinhala BJT485. සෝපාකයෙනි, අද පටන් දක්නා පිණිස මා කරා එළඹෙව. සෝපාකයෙනි, තෙල ප්‍රශ්නව්‍යාකරණ මැ තොපගේ උපසම්පදා වේවා”යි.
Pali BJT486. ජාතියා සත්තවස්සොහං ලද්ධාන උපසම්පදං, ධාරෙමි අන්තිමං දෙහං අහො ධම්මසුධම්මතා’ති.
Sinhala BJT486. මම උපතින් සත්හැවිරිදි වූයෙම් උපසම්පත් ලැබැගෙන අන්තිම ශරීර ධරමි. ධර්‍මයාගේ සුධර්‍මතාව ආශ්චර්‍ය්‍ය නියා යැ’යි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා සොපාකො ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් සෝපාක ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළහ.
Pali BJTසොපාකත්ථෙරගාථා.
Sinhala BJTසෝපාක ස්ථවිරගාථා යි.
Pali BJT7. 1. 5.
Sinhala BJT7. 1. 5.
Pali BJT487. සරෙ හත්ථෙහි භඤ්ජිත්වා කත්වාන කුටිමච්ඡිසං, තෙන මෙ සරභඞ්ගොති නාමං සම්මුතියා අහු.
Sinhala BJT487. (මම) හීතණ අතින් බිඳගෙන පන්සලක් කොටගෙන වාස කෙළෙමි. එයින් මට ‘සරභඞ්ග’ යයි නමෙක් සම්මුතියෙන් විය.
Pali BJT488. න මය්හං කප්පතෙ අජ්ජ සරෙ හත්ථෙහි භඤ්ජිතුං, සික්ඛාපදා නො පඤ්ඤත්තා ගොතමෙන යසස්සිනා.
Sinhala BJT488. අද මට හීතණ අතින් බිඳිනට නො කැප වෙයි. යසස්වී වූ ගොයුම්ගොතුවන් විසින් අපට සිඛපද පනවනලදි.
Pali BJT489. සකලං සමත්තං රොගං සරභඞ්ගො නාද්දසං{4} පුබ්බෙ, සො’යං රොගො දිට්ඨො වචනකරෙනාතිදෙවස්ස.
Sinhala BJT489. සරභඞ්ග වූ මම (ශාස්තෲන් වහන්සේගේ අවවාදලාභයට) පෙර සියලු (උපාදානස්කන්‍ධ සඞ්ඛ්‍යාත) රෝගය නිරවශේෂ කොට නුදුටිමි. දේවාතිදේව බුදුන්ගේ වචනය කරන මා විසින් ඒ රෝගය දක්නාලද්දේ යැ.
Pali BJT490. යෙනෙව මග්ගෙන ගතො විපස්සී යෙනෙව මග්ගෙන සිඛී ච වෙස්සභූ, කකුසන්ධකොණාගමනා ච කස්සපො තෙනඤ්ජසෙන අගමාසි ගොතමො.
Sinhala BJT490. යම් මැ මඟෙකින් විපස්සී බුදුහු වැඩිසේක් නම් යම් මැ මඟෙකින් සිඛී බුදුහු ද වෙස්සභූ බුදුහු ද කකුසඳ බුදුහු ද කෝණාගමන බුදුහු ද කාශ්‍යප බුදුහු ද වැඩි සේක් නම් එමඟින් ගෞතම බුදුහු වැඩිසේක.
Pali BJT491. වීතතණ්හා අනාදානා සත්ත බුද්ධා ඛයොගධා, යෙහයං දෙනිතො ධම්මො ධම්මභූතෙහි තාදිහි.
Sinhala BJT491. දුරු කළ තෘෂ්ණා ඇති උපාදාන රහිත වූ නිවනෙහි පිහිටි (විපස්සී ආදී) සත් බුදු කෙනෙකි. (නවලොවුතුරු) දහමින් උපන් තාදීගුණ ඇති උන් වහන්සේ විසින් මෙ දහම දෙසනලදි:
Pali BJT492. චත්තාරි අරියසච්චානි අනුකම්පාය පාණිනං, දුක්ඛං සමුදයො මග්ගො නිරොධො දුක්ඛසඞ්ඛයො.
Sinhala BJT492. (උපාදානස්කන්‍ධපඤ්චක සඞ්ඛ්‍යාත) දුඃඛ යැ (දුකට කරුණු වූ තෘෂ්ණා සඞ්ඛ්‍යාත) සමුදය යැ දුඃඛනිරෝධයට උපාය වූ ආර්‍ය්‍යමාර්‍ග යැ (අධිගත) යම් නිරොධයෙක්හි සසරැ අනන්ත වූ දුක නවතී ද ඒ දුඃඛක්‍ෂ ය වූ නිරෝධ යැ යන සතර ආර්‍ය්‍යසත්‍යයෝ සත්ත්‍වයනට අනුකම්පා පිණිස දෙසනලදහ.
Pali BJT493. යස්මිං නිවත්තතෙ දුක්ඛං සංසාරස්මිං අනන්තකං, භෙදා ඉමස්ස කායස්ස ජීවිතස්ස ච සඞ්ඛයා, අඤ්ඤො පුනබ්භවො නත්ථි සුවිමුත්තොම්හි සබ්බධී’ති.
Sinhala BJT493. මේ (පඤ්චස්කන්‍ධ) කායයාගේ භේදයෙනුදු ජීවිතේන්‍ද්‍රියයාගේ ක්‍ෂය වීමෙනුදු මතු අන්‍ය පුනර්‍භවයෙක් නැත. හැම තැන්හි (කෙලෙසුන්ගෙන් ද භවයෙන් ද, මොනොවට මිදුණෙමි’යි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා සරභඞ්ගො ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් සරභඞ්ග ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළහ.
Pali BJTසරභඞ්ගත්ථෙරගාථා.
Sinhala BJTසරභඞ්ග ස්ථවිරගාථා යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඋද්දානය:
Pali BJTසුන්දරසමුද්දො ථෙරො ථෙරො ලකුණ්ටභද්දියො, භද්දො ථෙරො ච සොපාකො සරභඞ්ගො මහාඉසි, සත්තකෙ පඤ්චකා ථෙරා ගාථායො පඤ්චතිංසතී’ති.
Sinhala BJTසුන්‍දරසමුද්ද ස්ථවිර යැ, ලකුණ්ටකභද්දිය ස්ථවිර යැ, භද්ද ස්ථවිර යැ , සෝපාක ස්ථවිර යැ , මහර්ෂි සරභඞ්ග ස්ථවිර යැ සත්තකනිපාතයෙහි තෙරහු පස් දෙනෙකි. ගාථා පන්තිසෙකි.
Pali BJTසත්තකනිපාතො නිට්ඨිතො.
Sinhala BJTසත්තක නිපාතය නිමි.
Pali BJT8. අට්ඨකනිපාතො.
Sinhala BJT8. අට්ඨක නිපාතය
Pali BJT8. 1. 1.
Sinhala BJT8. 1. 1.
Pali BJT494. කම්මං බහුකං න කාරයෙ පරිවජ්ජෙය්ය ජනං න උය්යමෙ, සො උස්සුක්කො රසානුගිද්ධො අත්ථං රිඤ්චති යො සුඛාධිවාහො.
Sinhala BJT494. බොහෝ වූ නවහම් නො කරන්නේ යැ. (ගණසඞ්ගණිකායේන් වෙන් වීම් විසින්) ජනයා හරනේ යැ. (සිවුපස පිණිස) උත්සාහ නො කරන්නේ යැ. ප්‍රත්‍යයෙහි උත්සුක වූ රසයෙහි ගිජු වූ ඒ මහණ සුව එළවන යම් අර්‍ත්‍ථයෙක් වේ නම් ඒ අර්‍ත්‍ථය හරනේ යැ.
Pali BJT495. පඞ්කො’ති හි නං අවෙදයුං{1} යායං වන්දනපූජනා කුලෙසු, සුඛුමං සල්ලං දුරුබ්බහං සක්කාරො කාපුරිසෙන දුජ්ජහො.
Sinhala BJT495. කුලයෙහි යම් මේ වැඳුම් පිදුම් වේ ද එය පඞ්කයෙක් මැ යයි ද, උගුළුවාලිය නොහෙන සියුම් හුලෙකැයි ද, (ආර්‍ය්‍යයෝ) දත්හ. සත්කාර කාපුරුෂයා විසින් නො හළ හැක්ක.
Pali BJT496. න පරස්සූපනිධාය කම්මං මච්චස්ස පාසකං, අත්තනා තං න සෙවෙය්ය කම්මබන්ධූහි මාතියා.
Sinhala BJT496. මෙරමා ලවා පව්කම් නො කරවන්නේ යැ. තෙමේ ඒ පව්කම් නො සෙවුනේ යැ. යම් හෙයෙකින් සත්ත්‍වයෝ කර්‍මය බන්‍ධු කොට ඇත්තාහු ද එහෙයිනි.
Pali BJT497. න පරෙ වචනා චොරො න පරෙ වචනා මුනි, අත්තා ච නං{2} යථා වෙත්ති{3} දෙවා’පි නං තථා විදුං.{4}
Sinhala BJT497. මෙරමා බසින් සොරකම් නො වෙයි. මෙරමා බසින් මුනිවරයෙක් ද නො වෙයි. තෙමේ යම්සේ ඔහු දනී නම් දෙවියෝ ද එසේ දනිති.
Pali BJT498. පරෙ ච න විජානන්ති මයමෙත්ථ යමාමසෙ, යෙ ච තත්ථ විජානන්ති තතො සම්මන්ති මෙධගා.
Sinhala BJT498. බාල වූ අන්‍යයෝ ‘අපි මෙලොවැ මැරෙම්හ’යි නො දනිති. එහි ලා යම් පණ්ඩිත කෙනෙක් (‘අපි මැරෙම්හ’යි) දනිත් ද, ඒ හේතුයෙන් පරහිංසාවෝ සන්හිඳෙත්.
Pali BJT499. ජීවතෙ වා’පි සප්පඤ්ඤො අපි විත්තපරික්ඛයො,{5} පඤ්ඤාය ච අලාභෙන විත්තවා’පි න ජීවති.
Sinhala BJT499. සප්‍රාඥ තෙම ධනයෙන් පිරිහුණේ නමුදු ජීවත් වේ මැ යි. එතෙකුදු වත් ප්‍රඥාව නො ලැබීමෙන් ධනය ඇත්තේ නමුදු ජීවත් නො වේ.
Pali BJT500. සබ්බං සුණාති සොතෙන සබ්බං පස්සති චක්ඛුනා, න ච දිට්ඨං සුතං ධීරො සබ්බං උජ්ඣිතුමරහති.
Sinhala BJT500. කනින් සියල්ල අසයි. ඇසින් සියල්ල දකියි. ප්‍රාඥ තෙම දුටු ඇසූ සියල්ල හරනට හෝ ගන්නට නිසි නො වෙයි.
Pali BJT501. චක්ඛුමාස්ස{6} යථා අන්ධො සොතවා බධිරො යථා, පඤ්ඤවාස්ස යථා මූගො බලවා දුබ්බලොරිව, අථ අත්ථෙ සමුප්පන්නෙ සයෙථ මතසායික’න්ති.
Sinhala BJT501. ඇස් ඇත්තේ නමුදු (නො බැලියයුත්තෙහි) අන්‍ධයකු මෙන් වන්නේ යැ. කන් ඇත්තේ නමුදු (නො ඇසියැ යුත්තෙහි) බිහිරකු මෙන් වන්නේ යැ, නුවණැත්තේ නමුදු (නො දතයුත්තෙහි) මූඪයකු මෙන් වන්නේ යැ. බල ඇත්තේ නමුදු (නො කටයුත්තෙහි) දුබලයකු මෙන් වන්නේ යැ, යළි නො කටයුතු දැයක් එළඹසිටි කල්හි මරඇඳ හෝනකු සෙයින් හෝනේ යැ’යි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා මහාකච්චායනො ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් මහා කච්චායන ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළහ.
Pali BJTමහාකච්චායනත්ථෙරගාථා.
Sinhala BJTමහාකච්චායන ස්ථවිරගාථා යි.
Pali BJT8. 1. 2.
Sinhala BJT8. 1. 2.
Pali BJT502. අක්කොධනොනුපනාහී අමායො රිත්තපෙසුනො, ස වෙ තාදිසකො භික්ඛු එවං පෙච්ච න සොචති.
Sinhala BJT502. නො කිපෙන සුලු වූ වෙර නො බඳනා සුලු වූ මායා රහිත වූ පිසුනුබස් නැති එබඳු වූ යම් මහණෙක් ඇද්ද, හේ යථෝක්ත ප්‍රතිපත්තියෙන් ඒකාන්තයෙන් පරලොවැ ශෝක නො කරයි.
Pali BJT503. අක්කොධනොනුපනාහී අමායො රිත්තපෙසුනො, ගුත්තද්වාරො සදා භික්ඛු එවං පෙච්ච න සොචති.
Sinhala BJT503. නො කිපෙනසුලු වූ වෙර නො බඳනා සුලු වූ මායා රහිත වූ පිසුනුබස් නැති පියූ (කායාදි) දොර ඇති මහණ මෙසේ හැම කල්හි පරලොවැ නො සොස්නේ යැ ...
Pali BJT504. අක්කොධනොනුපනාහී අමායො රිත්තපෙසුනො, කල්යාණසීලො සො{1} භික්ඛු එවං පෙච්ච න සොචති.
Sinhala BJT504. නො කිපෙනසුලු වූ වෙර නො බඳනාසුලු වූ මායා රහිත වූ පිසුනුබස් නො කියන කලණසිල් ඇති ඒ මහණ මෙසේ පරලොවැ නො සොස්නේ යැ.
Pali BJT505. අක්කොධනොනුපනාහී අමායො රිත්තපෙසුනො, කල්යාණමිත්තො සො{1} භික්ඛු එවං පෙච්ච න සොචති.
Sinhala BJT505. නො කිපෙනසුලු වූ වෙර නො බඳනාසුලු වූ මායා රහිත වූ පිසුනුබස් නො කියන කලණමිතුරන් ඇති ඒ මහණ මෙසේ පරලොවැ නො සොස්නේ යැ.
Pali BJT506. අක්කොධනොනුපනාහී අමායො රිත්තපෙසුනො, කල්යාණපඤ්ඤො සො{1} භික්ඛු එවං පෙච්ච න සොචති.
Sinhala BJT506. නො කිපෙනසුලු වූ වෙර නොබඳනා සුලු වූ මායා රහිත වූ පිසුනුබස් නො කියන කලණපැන ඇති ඒ මහණ මෙසේ පරලොව නො සොස්නේ යැ.
Pali BJT507. යස්ස සද්ධා තථාගතෙ අචලා සුප්පතිට්ඨිතා සීලං ච යස්ස කල්යාණං අරියකන්තං පසංසිතං.
Sinhala BJT507. යමක්හුගේ ශ්‍රද්ධාව තථාගතයන් කෙරෙහි අචල වැ මොනොවට පිහිටියා ද යමක්හුගේ ශීලය ද කල්‍යාණ වූයේ ආර්‍ය්‍යයනට ප්‍රිය වූයේ පසස්නා ලද්දේ වේ ද-
Pali BJT508. සඞ්ඝෙ පසාදො යස්සත්ථි උජු භූතං ච දස්සනං, අදළිද්දොති තං ආහු අමොඝං තස්ස ජීවිතං.
Sinhala BJT508. සඞ්ඝයා කෙරෙහි ප්‍රසාදයට යමක්හට ඇද්ද, (අචල වැ පිහිටියේ වේ ද) ඍජු වූ දර්‍ශනයත් යමක්හට ඇද්ද, (අචල වැ පිහිටියේවේ ද) ඒ පුද්ගලයා ‘නොදිළිඳු යැ’යි කීහු. ඔහුගේ ජීවිතය නො සිස් වෙයි.