Theragāthā

Verses of the Elder Monks

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 1101-1200 න් 2250

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT377. පුබ්බෙ ජටිලභූතස්ස යා මෙ සිද්ධි{1} පරිත්තිකා, තාහං තදා නිරංකත්වා පබ්බජිං ජිනසාසනෙ.
Sinhala BJT377. පෙර ජටිල වූ මට අල්ප වූ ලාභාසත්කාරමය වූ යම් ඉදුහයෙක් වී ද එය මම එදා නිග්‍රහ කළ කල්හි හැරපියා බුදුසස්නෙහි පැවිදි වීමි.
Pali BJT378. පුබ්බෙ යඤ්ඤෙන සන්තුට්ඨො කාමධාතුපුරක්ඛතො, පච්ඡා රාගං ච දොසං ච මොහං චාපි සමූහනිං.
Sinhala BJT378. පෙර කාමලෝකය පෙරටු කොට සිටියෙම් යාගයෙන් සතුටු වූයෙම් පසුවැ (සුගත්සස්නෙහි සිට) රාගයත් ද්වේෂයත් මෝහයත් (නිරවශේෂ කොට) නසාලීමි.
Pali BJT379. පුබ්බෙනිවාසං ජානාමි දිබ්බචක්ඛු විසොධිතං, ඉද්ධිමා පරචිත්තඤ්ඤූ දිබ්බසොතඤ්ච පාපුණිං.
Sinhala BJT379. (දැන්) පෙරවිසූ කඳපිළිවෙළ දනිමි (මා විසින්) දිවැස් පිරිසිදු කරන ලද. (මම) ඉදුහ ඇතියෙම් පරසිත් දන්නෙම් දිව්‍යශ්‍රෝත්‍රඥානය ද ලත්මි.
Pali BJT380. යස්ස චත්ථාය පබ්බජිතො අගාරස්මානගාරියං,{2} සො මෙ අත්ථො අනුප්පත්තො සබ්බසංයොජනක්ඛයො’ති.
Sinhala BJT380. මම යම් අර්‍ත්‍ථයක් පිණිස ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වීම් ද සියලු සංයෝජනයන්ගේ ක්‍ෂය වූ ඒ අර්‍ත්‍ථය මා විසින් ලබනලදැ’යි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා උරුවෙලකස්සපො ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් උරුවේලකස්සප ස්ථවිරයන් වහන්සේ ගාථා කීහ.
Pali BJTඋරුවෙලකස්සපත්ථෙරගාථා.
Sinhala BJTඋරුවේලකස්සප ස්ථවිරගාථා යි.
Pali BJT6. 1. 2.
Sinhala BJT6. 1. 2.
Pali BJT381. අතිහිතා වීහි ඛලගතා සාලී, න ච ලභෙ පිණ්ඩං කථමහං කස්සං.
Sinhala BJT381. වී කොටුගුළෙහි තබනලද, හැල් කලවිටෙහි රැස් කොට තබන ලද, පිඬු නො ලබමි. මම කෙසේ සානෙම් ද? (දිවි රක්නෙම් දැ?යි පාපී මාර කියයි.)
Pali BJT382. බුද්ධමප්පමෙය්යං අනුස්සර{3} පසන්නො, පීතියා ඵුටසරීරො හොහිසි{4} සතතමුදග්ගො.
Sinhala BJT382. පහන්සිත් ඇති වැ ප්‍රමාණාර්‍හ නො වූ බුදුන් සිහි කරව, (ඵරැණලක්‍ෂණ) ප්‍රීතියෙන් පතළ සිරිරින් යුතු වැ හැම කල්හි නැගීසිටි සිත් ඇති වව.
Pali BJT383. ධම්මමප්පමෙය්යං අනුස්සර{3} පසන්නො, පීතියා ඵුටසරීරො හොහිසි{4} සතතමුදග්ගො.
Sinhala BJT383. පහන් සිත් ඇති වැ ප්‍රමාණාර්‍හ නො වූ දහම් සිහි කරව, ප්‍රීතියෙන් පතළ සිරිරින් යුතු වැ හැම කල් නිරතුරු නැගිසිටි සිත් ඇති වව.
Pali BJT384. සඞ්ඝමප්පමෙය්යං අනුස්සර{3} පසන්නො, පීතියා ඵුටසරීරො හොහිසි{4} සතතමුදග්ගො.
Sinhala BJT384. පහන්සිත් ඇති වැ ප්‍රමාණාර්‍හ නො වූ සඟුන් සිහි කරව. ප්‍රීතියෙන් පතළ සිරිරින් යුතු වැ හැම කල්හි නැඟීසිටි සිත් ඇති වව. (තෙරණුවෝ තමනට ඕවා දෙති.)
Pali BJT385. අබ්භොකාසෙ විහරසි සීතා හෙමන්තිකා ඉමා රත්තියො, මා සීතෙන පරෙතො විහඤ්ඤිත්ථො පවිස ත්වං විහාරං ඵුසිතග්ගළං.
Sinhala BJT385. (තෙපි) අබවස්හි වාස කරන්නවු යැ. මේ හේමන්තික රාත්‍රීහු සීතයහ සීතයෙන් මඬනාලදු වැ නහමක් නැසෙව. තෙපි වසනලද කවුළු ඇති වෙහෙරට පිවිසෙව. (පාපීමාර කියයි.)
Pali BJT386. ඵුසිස්සං චතස්සො අප්පමඤ්ඤායො තාහි ච සුඛිතො විහරිස්සං, නාහං සීතෙන විහඤ්ඤිස්සං අනිඤ්ජිතො විහරන්තො’ති.
Sinhala BJT386. සතර අප්‍රාමාණ්‍යයන් (බ්‍රහ්මවිහාරයන්) පහස්නෙමි. (කලින් කල සමවදනෙමි.) එයින් (උපන්) සුව ඇති වැ වාස කරන්නෙමි. මම ආනෙඤ්ඡ සමාපත්ති ඇති වැ වාස කරන්නෙම් සීතයෙන් නො නස්නෙමි’යි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා තෙකිච්ඡකානි ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් තෙකිච්ඡකානි ස්ථවිරයන් වහන්සේ ගාථා කීහ.
Pali BJTතෙකිච්ඡකානිත්ථෙරගාථා.
Sinhala BJTතෙකිච්ඡකානි ස්ථවිරගාථා යි.
Pali BJT6. 1. 3.
Sinhala BJT6. 1. 3.
Pali BJT387. යස්ස සබ්රහ්මචාරීසු ගාරවො නූපලබ්භති, පරිහායති සද්ධම්මා මච්ඡො අප්පොදකෙ යථා.
Sinhala BJT387. යමක්හට සබ්‍රම්සරුන් කෙරෙහි ගෞරවයෙක් විද්‍යාමාන නො වේ ද, (හෙතෙම) දියත්තෙකැ මසකු සෙයින් සදහමින් පිරිහෙයි.
Pali BJT388. යස්ස සබ්රහ්මචාරීසු ගාරවො නූපලබ්භති, න විරූහති සද්ධම්මෙ ඛෙත්තෙ බීජංව පූතිකං.
Sinhala BJT388. යමක්හට සබ්‍රම්සරුන් කෙරෙහි ගෞරවයෙක් නැද්ද, හේ කෙතෙහි කුණුවූ බිජුවට සෙයින් සදහම්හි නො වැඩේ.
Pali BJT389. යස්ස සබ්රහ්මචාරීසු ගාරවො නූපලබ්භති, අරකා හොති නිබ්බානා, ධම්මරාජස්ස සාසනෙ.
Sinhala BJT389. යමක්හට සබ්‍රම්සරුන් කෙරෙහි ගෞරවයෙක් නැද්ද, හේ ධර්‍මරාජයන් ගේ සස්නෙහි නිවනින් දුරු වෙයි.
Pali BJT390. යස්ස සබ්රහ්මචාරීසු ගාරවො උපලබ්භති, න විහායති සද්ධම්මා මච්ඡො බව්හොදකෙ යථා.
Sinhala BJT390. යමක්හට සබ්‍රම්සරුන් කෙරෙහි ගෞරවයෙක් විද්‍යාමාන වේ ද, හේ දියඹෙහි මසකු සෙයින් සදහමින් නො පිරිහෙයි.
Pali BJT391. යස්ස සබ්රහ්මචාරීසු ගාරවො උපලබ්භති, සො විරූහති සද්ධම්මෙ ඛෙත්තෙ බීජංව භද්දකං.
Sinhala BJT391. යමක්හට සබ්‍රම්සරුන් කෙරෙහි ගෞරවයෙක් ඇද්ද, හේ කෙත්හි සොඳුරු බිජුවට සෙයින් සදහම්හි වැඩෙයි.
Pali BJT392. යස්ස සබ්රහ්මචාරීසු ගාරවො උපලබ්භති, සන්තිකෙ හොති නිබ්බානං ධම්මරාජස්ස සාසනෙ’ති.
Sinhala BJT392. යමක්හට සබ්‍රම්සරුන් කෙරෙහි ගෞරවයෙක් ඇද්ද, හේ ධර්‍මරාජයන්ගේ සස්නෙහි නිවන් ළඟ මැ වේ යයි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා මහානාගො ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් මහානාග ස්ථවිරයන් වහන්සේ ගාථා කීහ.
Pali BJTමහානාගත්ථෙරගාථා.
Sinhala BJTමහානාග ස්ථවිරගාථා යි.
Pali BJT6. 1. 4.
Sinhala BJT6. 1. 4.
Pali BJT393. කුල්ලො සීවථිකං ගන්ත්වා අද්දස ඉත්ථිමුජ්ඣිතං, අපවිද්ධං සුසානස්මිං ඛජ්ජන්තිං කිමිහී ඵුටං.
Sinhala BJT393. කුල්ල තෙරණු වූ මම අමුසොහොනට ගොස් සොහොන්හි හැරපියනලද කෘමීන් විසින් පැතිරගෙන කනුලබන ස්ත්‍රියක දිටිමි.
Pali BJT394. ආතුරං අසුචිං පූතිං පස්ස කුල්ල සමුස්සයං, උග්ඝරන්තං පග්ඝරන්තං බාලානං අභිනන්දිතං.
Sinhala BJT394. කුල්ල තෙරණුවනි, දුකින් පෙළනලද අපවිත්‍ර වූ කුණු වූ (උඩු වණමුවින් අසුචි) ඉතිරෙන (යටි වණමුවින් අසුචි) වැගිරෙන (අඳපුහුදුන්) බාලයන් විසින් (තෘෂ්ණාමානදෘෂ්ටින්) අභිනිවේශ කොට සතුටු වනලද සිරුර බලව.
Pali BJT395. ධම්මාදාසං ගහෙත්වාන ඤාණදස්සනපත්තියා, පච්චවෙක්ඛිං ඉමං කායං තුච්ඡං සන්තරබාහිරං.
Sinhala BJT395. විදර්‍ශනාඥාන සඞ්ඛ්‍යාත ධර්‍මාදර්‍ශය ගෙන මාර්‍ගඥාන සඞ්ඛ්‍යාත ඥානදර්‍ශනයාගේ අධිගමය පිණිස සිස්වූ ඇතුළු බැහැරි සහිත මෙකය ප්‍රත්‍යවේක්‍ෂා කෙළෙමි.
Pali BJT396. යථා ඉදං තථා එතං, යථා එතං තථා ඉදං, යථා අධො තථා උද්ධං යථා උද්ධං තථා අධො.
Sinhala BJT396. මේ කය යම්සේ ද තෙල කය එසේ යැ, තෙල කය යම්සේ ද මේ කය එසේ යැ, (නාභියෙන් යට) අධඃකාය යම්සේ ද (නාභියෙන් මතු) ඌර්ධ්වකාය එසේ යැ උඩුකය යම්සේ ද යටිකය එසේ යි.
Pali BJT397. යථා දිවා තථා රත්තිං යථා රත්තිං තථා දිවා, යථා පුරෙ තථා පච්ඡා යථා පච්ඡා තථා පුරෙ.
Sinhala BJT397. මේ කය දවහල්හි (අසුචි වගුරනුයේ) යම්සේ ද රාත්‍රියෙහි එසේ යැ, රාත්‍රියෙහි යම්සේ ද දහවල්හි එසේ යැ පෙර (තරුණකාලයෙහි අසුචි වගුරනුයේ) යම්සේ ද පසු (මහලු කල්හි) එසේ යැ. පසුකල්හි යම්සේ ද පෙරකල්හි එසේ යි.
Pali BJT398. පඤ්චඞ්ගිකෙන තුරියෙන න රතී හොති තාදිසී, යථා එකග්ගචිත්තස්ස සම්මා ධම්මං විපස්සතො’ති.
Sinhala BJT398. යම්සේ එකඟසිත් ඇති මැනැවින් ස්කන්‍ධයන්ගේ උදයව්‍යය දක්නාහට යම් බඳු ධර්‍මරතියක් වේ ද එවන් රතියක් පසඟතුරුගෝසිනුදු නො වේ යයි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා කුල්ලො ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් කුල්ල ස්ථවිරයන් වහන්සේ ගාථා කීහ.
Pali BJTකුල්ලත්ථෙරගාථා.
Sinhala BJTකුල්ල ස්ථවිරගාථා යි.
Pali BJT6. 1. 5.
Sinhala BJT6. 1. 5.
Pali BJT399. මනුජස්ස පමත්තචාරිනො තණ්හා වඩ්ඪති මාලුවා විය, සො පලවති හුරා හුරං ඵලමිච්ඡං ව වනස්මිං වානරො.
Sinhala BJT399. ප්‍රමාදචර්‍ය්‍යා ඇති සත්ත්‍වයාගේ තෘෂ්ණාව මාලුවාලතාවක් සෙයින් වැඩෙයි. හෙතෙම වනයෙහි ඵල කැමැති වඳුරකු මෙන් භවයෙන් භවයට දිව යෙයි.
Pali BJT400. යං එසා සහතෙ{1} ජම්මි තණ්හා ලොකෙ විසත්තිකා, සොකා තස්ස පවඩ්ඪන්ති අභිවට්ඨං ව බීරණං.
Sinhala BJT400. ලෝකයෙහි විසත්තිකා යයි කියනලද තෙල ලාමක වූ (ෂඩ්ද්වාරික) තෘෂ්ණා තොමෝ යම් පුද්ගලයකු මැඩලා ද ඔහට ශෝකයෝ වැසි වට බෙරු තණ (සැවැන්න) සෙයින් වැඩෙති.
Pali BJT401. යො චෙතං{2} සහතෙ ජම්මිං තණ්හං ලොකෙ දුරච්චයං, සොකා තම්හා පපතන්ති උදබින්දුව පොක්ඛරා.
Sinhala BJT401. ලොවැ යමෙක් ඒකාන්තයෙන් ඉක්මවාලිය නොහැකි තෙල ලාමක තෘෂ්ණාව මැඩලා ද, ඔහු කෙරෙන් ශෝකයෝ පොකුරුපතින් දියබිඳු සෙයින් ගිලිහෙති.
Pali BJT402. තං වො වදාමි භද්දං වො යාවන්තෙත්ථ සමාගතා, තණ්හාය මූලං ඛණථ උසීරත්ථෙව බීරණං, මා වො නළං ව සොතො ව මාරො භඤ්ජි පුනප්පුනං.
Sinhala BJT402. මෙහි යම් පමණ රැස්වූහු ද ඒ තොපට කියමි. තොපට යහපතෙක් මැ වේවා. (තෙපි) සුවඳහොට කැමැතියකු බෙරුතණ සෙයින් තෘෂ්ණාවගේ මුල් සිඳිවු.
Pali BJT403. කරොථ බුද්ධවචනං ඛණො වො{3} මා උපච්චගා, ඛණාතීතා හි සොචන්ති නිරයම්හි සමප්පිතා.
Sinhala BJT403. මාර තෙම තොප නදීශ්‍රෝතස (ගංඉවුරෙහි නැඟි) හුණපඳුරක් සෙයින් පුනපුනා නහමක් නසාවා. බුද්ධවචනය කරවු. (බුද්ධෝත්පාදක්‍ෂණාදි) ක්‍ෂණය තොප නහමක් ඉක්මයා. යම් හෙයකින් ක්‍ෂණය ඉක්මවූවාහු නිරෑහි උපන්නාහු සොවිත්ද එහෙයිනි.
Pali BJT404. පමාදො රජො සබ්බදා{4} පමාදානුපතිතො රජො, අප්පමාදෙන විජ්ජාය අබ්බහෙ සල්ලමත්තනො’ති.
Sinhala BJT404. (රූපාදි අරමුණෙහි සිහිමුළාව යයි කියනලද) ප්‍රමාදය රජසෙකි. (රාගාදි) රජස් ප්‍රමාද විසින් වැටුණේ වෙයි. අප්‍රමාදයෙන් (සම්‍යක්ස්මෘතියෙන්) අර්‍හන්මාර්‍ගවිද්‍යායෙන් තමාගේ (හෘදයනිඃශ්‍රිත රාගාදි) ශල්‍යය උදුරන්නේ යි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා මාලුඞ්ක්යපුත්තො ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් මාලුඞ්ක්‍යපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ගාථා කීහ.
Pali BJTමාලුඞ්ක්යපුත්තත්ථෙරගාථා.
Sinhala BJTමාලුඞ්ක්‍යපුත්‍ර ස්ථවිරගාථා යි.
Pali BJT6. 1. 6.
Sinhala BJT6. 1. 6.
Pali BJT405. පණ්ණවීසති වස්සානි යතො පබ්බජිතො අහං, අච්ඡරාසඞ්ඝාතමත්තම්පි චෙතොසන්තිමනජ්ඣගං.
Sinhala BJT405. මම යම් දවසෙක පටන් පැවිදි වීම් ද (ඒ මේ) පස්විසි වස මුළුල්ලෙහි අසුරුසනක් පමණ කාලයකුදු චිත්තසමාධානයක් නො ලත්මි.
Pali BJT406. අලද්ධා චිත්තස්සෙකග්ගං කාමරාගෙන අද්දිතො,{5} බාහා පග්ගය්හ කන්දන්තො විහාරා උපනික්ඛමිං.
Sinhala BJT406. කාමරාගයෙන් මඩනාලද්දෙම් සිත්හි එකඟබවක් නො ලැබ දෙඅත් (මුදුනෙහි) බැඳගෙන හඬමින් (නිවස්නා) වෙහෙරින් බැහැර නික්මියෙමි.
Pali BJT407. සත්ථං වා ආහරිස්සාමි කො අත්ථො ජීවිතෙන මෙ, කථං හි සික්ඛං පච්චක්ඛං කාලං කුබ්බෙථ මාදිසො.
Sinhala BJT407. (දිවි හරනට) ශාස්ත්‍රයක් හෝ ගන්නෙමි (සැතින් පැහැරපියමි.) මාගේ ජීවිතයෙන් කවර අර්‍ත්‍ථයෙක් ද, මා වැන්නෙක් කෙසේ නම් ශික්‍ෂාප්‍රත්‍යාඛ්‍යාන කෙරෙමින් (ගිහි වැ) කලුරිය කරන්නේ ද?
Pali BJT408. තදාහං ඛුරමාදාය මඤ්චකම්හි උපාවිසිං, පරිනීතො ඛුරො ආසි ධමනිං ඡෙත්තුමත්තනො.
Sinhala BJT408. එදවසැ (ජීවිතයෙහි කලකිරුණු) මම් කරය ගෙන යහනෙහි හිඳගතිමි. (මා විසින්) තමාගේ ගලනහර සිඳින්නට කරය ගලයෙහි එළවාතබනලද්දේ විය.
Pali BJT409. තතො මෙ මනසිකාරො යොනිසො උදපජ්ජථ, ආදීනවො පාතුරහු නිබ්බිදා සමතිට්ඨථ.
Sinhala BJT409. ඉක්බිති මට යෝනිසෝ මනසිකාරය උපන, ආදීනව පහළ වී, නිර්වේදඥානය (සිත්හි) පිහිටියේ යැ.
Pali BJT410. තතො චිත්තං විමුච්චි මෙ පස්ස ධම්මසුධම්මතං, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසන’න්ති.
Sinhala BJT410. ඉක්බිති (විදර්‍ශනාඥානයට අනතුරු වැ) මාගේ සිත් කෙලෙසුන් කෙරෙන් මිදිණ. ධර්‍මයාගේ සුධර්‍මතාව බලව (මා විසින්) ත්‍රිවිද්‍යා ලබනලද යැ. බුදුන්ගේ අනුශාසනා කරනලදැ යි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා සප්පදාසො ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් සප්පදාස ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළහ.
Pali BJTසප්පදාසත්ථෙරගාථා.
Sinhala BJTසප්පදාස ස්ථවිරගාථා යි.
Pali BJT6. 1. 7.
Sinhala BJT6. 1. 7.
Pali BJT411. උට්ඨෙහි{1} නිසීදි කාතියාන මා නිද්දාබහුලො අහු ජාගරස්සු, මා තං අලසං පමත්තබන්ධු කූටෙනෙව ජිනාතු මච්චුරාජා.
Sinhala BJT411. කාතියානයෙහි, (සයනයෙන්) නැඟී සිටුව, (පලක් බැඳ) හිඳුව, නිද්‍රා බහුල නොවව, ජාගර්‍ය්‍යානුයෝගයෙහි යෙදෙව, මුළාසී ඇතියනට නෑ වූ මාර තෙම අලස වූ තොප වඤ්චනායෙන් මෙන් නො දිනාවා.
Pali BJT412. සයථාපි{2} මහාසමුද්දවෙගො එවං ජාතිජරාතිවත්තතෙ තං, සො කරොහි සුදීපමත්තනා ත්වං න හි තාණං තව විජ්ජතෙව අඤ්ඤං.
Sinhala BJT412. මහාසමුද්‍රයාගේ තරඞ්ගවේගය යම්සේ ද එසෙයින් මැ ජාතියත් ජරාවත් (කුසීදභාවයෙන් මඩනාලද) තොප මැඩගෙන යයි. ඒ තෙපි තමනට (අර්‍හත්ඵල සඞ්ඛ්‍යාත) මනා ප්‍රතිෂ්ඨාව කරව. යම් හෙයකින් අනෙක් පිහිටෙක් තොපට නැත්තේ මැ වේ ද එහෙයිනි.
Pali BJT413. සත්ථා හි විජෙසි මග්ගමෙතං සඞ්ගා ජාතිජරාභයා අතීතං,{3} පුබ්බාපරරත්තමප්පමත්තො අනුයුඤ්ජස්සු දළ්හං කරොහි යොගං.
Sinhala BJT413. යම් හෙයෙකින් ශාස්තෲන් වහන්සේ (රාගාදි) සඞ්ගයෙන් ද ජාතිජරාභයින් ද ඉක්මගිය තෙල ආර්‍ය්‍යමාර්‍ගය දිනූ සේක් ද එහෙයින් (මාර්‍ගාධිගමය පිණිස) පූර්‍වපශ්චිම යාමයෙහි අප්‍රමාද වැ අනුයෝග කරව. දැඩි වැ යෝගභාවනා කරව.
Pali BJT414. පුරිමානි පමුඤ්ච බන්ධනානි සඞ්ඝාටි ඛුරමුණ්ඩභික්ඛභොජී, මා ඛිඩ්ඩාරතිඤ්ච නිද්දං{4} අනුයුඤ්ජිත්ථ ඣාය කාතියාන.{5}
Sinhala BJT414. කාතියානයෙනි, පළමු (කාමගුණ) බන්‍ධනයන් මුදව, සඟළ සිවුරු දරනුයේ කරයෙන් මුඩු කළ හිස් ඇති වැ භික්‍ෂාහාර වළඳනුයේ ක්‍රීඩාරතියෙහිත් නිද්‍රායෙහිත් නො යෙදෙව, ධ්‍යාන කරව.
Pali BJT415. ඣායාහි ජිනාහි කාතියාන යොගක්ඛෙමපථෙසු කොවිදොසි, පප්පුය්ය අනුත්තරං විසුද්ධං පරිනිබ්බාහිසි වාරිනාව ජොති.
Sinhala BJT415. කාතියානයෙනි, ධ්‍යාන කරව, (කෙලෙසුන්) දිනව, නිවන්මඟෙහි (බෝධිපාක්‍ෂිකධර්‍මයෙහි) නිපුණ වව, අනුත්තර විශුද්ධියට (අර්‍හත්ත්‍වයට) පැමිණ ජලයෙන් ගිනි සෙයින් පිරිනිවෙව.
Pali BJT416. පජ්ජොතිකරො පරිත්තරංසො වාතෙන විනම්යතෙ ලතාව, එවම්පි තුවං අනාදියානො මාරං ඉන්දසගොත්ත නිද්ධුනාහි, සො වෙදයිතාසු වීතරාසො කාලං කඞ්ඛ ඉධෙව සීතිභූතො’ති.
Sinhala BJT416. මඳ වූ ගිනිසිළු ඇති පහන ලතාවක් මෙන් වායුව විසින් විධ්වංසන කරනුලැබෙයි. එසෙයින් මැ තෙපි උපාදාන නො කරනුයේ ඉන්‍ද්‍රයාට බඳු ගෝත්‍ර ඇති මරහු විධ්වංසන කරව. ඒ තෙපි වේදනායෙහි පහ වූ ඡන්‍දරාග ඇති වැ මෙ අත්බැව්හි මැ නිවියේ පරිනිර්‍වාණකාලය බලව යි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා කාතියානො ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් කාතියාන ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළහ.
Pali BJTකාතියානත්ථෙරගාථා.
Sinhala BJTකාතියාන ස්ථවිරගාථා යි.
Pali BJT6. 1. 8.
Sinhala BJT6. 1. 8.
Pali BJT417. සුදෙසිතො චක්ඛුමතා බුද්ධෙනාදිච්චබන්ධුනා, සබ්බසංයොජනාතීතො සබ්බවට්ටවිනාසනො.
Sinhala BJT417. පසැස් ඇති සූර්‍ය්‍යබන්‍ධු වූ බුදුරදුන් විසින් හැම සංයෝජනයන් ඉක්මගිය හැම (කර්‍ම, ක්ලේශ, විපාක) වර්‍තය නසනසුලු (ආර්‍ය්‍යමාර්‍ගය) මොනොවට දෙසනලදි.
Pali BJT418. නිය්යානිකො උත්තරණො තණ්හාමූලවිසොසනො, විසමූලං ආඝාතනං ඡෙත්වා පාපෙති නිබ්බුතිං.
Sinhala BJT418. නෛර්‍ය්‍යාණික වූ, (සංසාරමහොඝයෙන්) තරවන, තෘෂ්ණාවගේ මුල් වියළවන ආර්‍ය්‍යමාර්‍ගය දුකට මුල් වූ අඝාතත සඞ්ඛ්‍යාත කර්‍මක්ලේශය සිඳ නිවණට පමුණුවයි.
Pali BJT419. අඤ්ඤණමූලභෙදාය කම්මයන්තවිඝාටනො, විඤ්ඤාණානං පරිග්ගහෙ ඤාණවජීරනිපාතිනො.
Sinhala BJT419. අඥානයාගේ මුල් සිඳුනා පිණිස (දෙසනලද) කර්‍ම (ආත්මභාව) යන්ත්‍රය නසාලන, (කාමභවාදියෙහි) විඥානයන්ගේ ග්‍රහණය එළඹසිටි කල්හි මාර්‍ගඥාන නමැති වජ්‍රය හෙලන-
Pali BJT420. වෙදනානං විඤ්ඤපනො{1} උපාදානප්පමොචනො, භවං අඞ්ගාරකාසුං ව ඤාණෙන අනුපස්සකො
Sinhala BJT420. වේදනාවන් (දුඃඛාදිවශයෙන් ඇති සැටි) හඟවන,(කාමාදි) උපාදානයන්ගෙන් (චිත්තසන්තානය) මුදාලන, භවය අඞ්ගාරකර්ෂුවක් (අඟුරුවළක්) සෙයින් මාර්‍ගඥානයෙන් දක්වන -
Pali BJT421. මහාරසො සුගම්භීරො ජරාමච්චුනිවාරණො, අරියො අට්ඨඞ්ගිකො මග්ගො දුක්ඛූපසමනො සිවො.
Sinhala BJT421. (ශාන්තප්‍රණීත බැවින් හෝ පරිඥාදි කෘත්‍යභාවයෙන් සාමඤ්ඤඵල සම්පත්තීන් හෝ) මහාරස ඇති ඉතා ගැඹුරු වූ, ජරාමරණ වළහන (සසර) දුක් සන්හිඳුවන ක්‍ෂේම වූ ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගමාර්‍ග (දෙසනලදි.)
Pali BJT422. කම්මං කම්මන්ති ඤත්වාන විපාකං ච විපාකතො, පටිච්චුප්පන්නධම්මානං යථා වා ලොකදස්සනො මහාඛෙමඞ්ගමො සන්තො පරියොසානභද්දකො’ති.
Sinhala BJT422. ප්‍රතිත්‍යසමුත්පන්නධර්‍මයන් කෙරෙහි කර්‍මය ‘කර්‍ම යැ’ යි දැනැ විපාක ද විපාක විසින් දැනැ ඇති සැටියෙන් ඥානාලෝකය දක්වන, (සත්ත්‍වයන්) මහත් වූ (නිර්‍වාණ) ක්‍ෂේමයට පමුණුවන (ක්ලේශ දරථ සන්හිඳුවන හෙයින්) ශාන්ත වූ පර්‍ය්‍යවසාන කල්‍යාණ වූ (ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගමාර්‍ගය දෙසනලදි.)
Pali BJTඉත්ථං සුදං ආයස්මා මිගජාලො ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් මිගජාල ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළහ.
Pali BJTමිගජාලත්ථෙරගාථා.
Sinhala BJTමිගජාල ස්ථවිරගාථා යි.
Pali BJT6. 1. 9.
Sinhala BJT6. 1. 9.
Pali BJT423. ජාතිමදෙන මත්තොහං භොගඉස්සරියෙන ච, සණ්ඨානවණ්ණරූපෙන මදමත්තො අචාරිහං.
Sinhala BJT423. මම ජාතිමදයෙනුදු භෝගසම්පත්තියෙනුදු ඓශ්චර්‍ය්‍යසම්පත්තියෙනුදු මත් වූයෙම් පැහැසටහන් රුවිනුදු තදන්‍ය මදයෙනුදු මත් වැ හැසුරුණෙමි.
Pali BJT424. නාත්තනො සමකං කඤ්චි අතිරෙකං ච මඤ්ඤිසං, අතිමානහතො බාලො පත්ථද්ධො උස්සිතද්ධජො.
Sinhala BJT424. තමා හා සම වූ හෝ වැඩිසිටි හෝ කිසිවකු නො සිතීමි. බාල වූයෙම් අතිමානයෙන් නටුයෙම් ඉතා තදමන් ඇතියෙම් නඟනලද මානධ්වජ ඇතියෙම්-
Pali BJT425. මාතරං පිතරඤ්චාපි අඤ්ඤෙපි ගරුසම්මතෙ, න කඤ්චි අභිවාදෙසිං මානත්ථද්ධො අනාදරො.
Sinhala BJT425. මව හෝ පියා හෝ ‘ගරු කටයුතු යැ’යි සම්මත වූ අන්‍ය වූ හෝ කිසිවකු තදමන් ඇතියෙම් ආදර රහිත වූයෙම් අභිවාදන නො කෙළෙමි.
Pali BJT426. දිස්වා විනායකං අග්ගං සාරථීනං වරුත්තමං, නපන්තමිව ආදිච්චං භික්ඛුසඞ්ඝපුරක්ඛතං.
Sinhala BJT426. (වෛනෙය ජනයන්) විනයන කරන අග්‍ර වූ පුරුෂදම්‍යසාරථීන් අතුරෙහි ඉතා උතුම් වූ දිලියෙන හිරු බඳු, මහණගණා විසින් පෙරටු කරනලද ශාස්තෲන් වහන්සේ දැක-
Pali BJT427. මානං මදං ච ඡඩ්ඩෙත්වා විප්පසන්නෙන චෙතසා, සිරසා අභිවාදෙසිං සබ්බසත්තානමුත්තමං.
Sinhala BJT427. මානයත් මදයත් හැරපියා පහන්සිතින් යුතු වැ හැම සත්නට උතුම් වූ ශාස්තෲන් වහන්සේ සිරසින් අභිවාදන කෙළෙමි.
Pali BJT428. අතිමානො ච ඔමානො පහීනා සුසමූහතා, අස්මිමානො සමුච්ඡින්නො සබ්බෙ මානවිධා හතා’ති.
Sinhala BJT428. (මාගේ) සෙය්‍යමානය ද හීනමානය ද ප්‍රහීණ වූහ. මොනොවට උපුරාපියනලදහ. අස්මිමානය මොනොවට සිඳුනාලද යැ. සියලු මානකොට්ඨාසයෝ නසනලදහ’යි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා ජෙන්තො ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ පුරෝහිතපුත්‍ර ආයුෂ්මත් ජෙන්ත ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළහ.
Pali BJTජෙන්තත්ථෙරගාථා.
Sinhala BJTජෙන්ත ස්ථවිරගාථා යි.
Pali BJT6. 1. 10.
Sinhala BJT6. 1. 10.
Pali BJT429. යදා නවො පබ්බජිතො ජාතියා සත්තවස්සිකො, ඉද්ධියා අභිභොත්වාන පන්නගින්දං මහිද්ධිකං.
Sinhala BJT429. යම් දවසෙකැ අලුතැ පැවිදි වූයෙම් උපතින් සත්හැවිරිදි වූයෙම් මහත් ඍද්ධි ඇති නාරජහු ඉදුහයෙන් අභිභවන කොට (මැඬලා) -
Pali BJT430. උපජ්ඣායස්ස උදකං අනොතත්තා මහාසරා, ආහරාමි තතො දිස්වා මං සත්ථා එතදබ්රවී.
Sinhala BJT430. නුතන් දහතළායෙන් උපාධ්‍යායන් වහන්සේට දිය ගෙන එම් ද එසඳ භාග්‍යවතුන් වහන්සේ මා දැකැ තෙල කරුණ වදාළහ:
Pali BJT431. සාරිපුත්ත ඉමං පස්ස ආගච්ඡන්තං කුමාරකං, උදකුම්භකමාදාය අජ්ඣත්තං සුසමාහිතං.
Sinhala BJT431. ශාරීපුත්‍රයෙනි, මෙ කුමරහු දියකළය ගෙන සන්හුන් සිතැති වැ එන්නා බලව.
Pali BJT432. පාසාදිකෙන වත්තෙන කල්යාණඉරියාපථො, සාමණෙරොනුරුද්ධස්ස ඉද්ධියා ච විසාරදො.
Sinhala BJT432. ප්‍රසාද එළවන ආචාර වතින් සපන් ඉරියව් ඇති, අනුරුද්ධයන්ගේ හෙරණ තෙම ඍද්ධියෙහි ද විශාරද වෙයි.
Pali BJT433. ආජානීයෙන ආජඤ්ඤො සාධුනා සාධුකාරිතො, විනීතො අනුරුද්ධෙන කතකිච්චෙන සික්ඛිතො.
Sinhala BJT433. පුරුෂශ්‍රේෂ්ඨ වූ (ආත්මහිත පරහිත සාධනයෙන්) සාධු වූ, කළ (සියුමඟ) කිස ඇති අනුරුද්ධයන් විසින් විනයන කරනලද හික්මවනලද (එහෙයින් මැ) පුරුෂශ්‍රේෂ්ඨ වූ යහපත් කරවනලද-
Pali BJT434. සො පත්වා පරමං සන්තිං සච්ඡිකත්වා අකුප්පතං, සාමණෙරො ස සුමනො මා මං ජඤ්ඤාති ඉච්ඡතී’ති.
Sinhala BJT434. ඒ සුමන සාමණේර පරම ශාන්තියට පැමිණ අර්‍හත්ඵලය සාක්‍ෂාත් කොට ‘මා (ක්‍ෂීණාස්‍රව යැ’යි අනෙකෙක්) නො දනීව’යි කැමති වේ යයි (බුදුහු වදාළහ’යි.)
Pali BJTඉත්ථං සුදං ආයස්මා සුමනො ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් සුමන ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළහ.
Pali BJTසුමනත්ථෙරගාථා.
Sinhala BJTසුමන ස්ථවිරගාථා යි.
Pali BJT6. 1. 11.
Sinhala BJT6. 1. 11.
Pali BJT435. වාතරොගාභිනීතො ත්වං විහරං කානනෙ වනෙ, පවිද්ධගොචරෙ ලූඛෙ කථං භික්ඛු කරිස්සසි.
Sinhala BJT435. මහණ, දුර්‍ලභප්‍රත්‍යය ඇති රූක්‍ෂ වූ මහවෙනෙහි වසන තෝ වාතරෝගයෙන් අවසභාවයට පමුණුවනලද්දෙහි කෙසේ වාස කරන්නෙහි ද?
Pali BJT436. පීතිමුඛෙන විපුලෙන ඵරිත්වාන සමුස්සයං, ලූඛම්පි අභිසම්භොන්තො විහරිස්සාමි කානනෙ.
Sinhala BJT436. මහත් වූ ප්‍රීතිසුඛයෙන් ශරීරය පතුරුවාගෙන ප්‍රත්‍යය රූක්‍ෂය පවා මැඩලමින් වනයෙහි වාස කරන්නෙමි.
Pali BJT437. භාවෙන්තො සත්තබොජ්ඣඞ්ගෙ ඉන්ද්රියානි බලානි ච, ඣානසොඛුම්මසම්පන්නො විහරිස්සං අනාසවො.
Sinhala BJT437. සප්තබෝධ්‍යඞ්ගයන් ද (ශ්‍රද්ධාදි) පඤ්චේන්‍ද්‍රියයන් ද (ශ්‍රද්ධාදි) පඤ්චබලධර්‍මයන් ද වඩමින් ධ්‍යානසූක්‍ෂමභාව සඞ්ඛ්‍යාත අරූපධ්‍යාන සම්පන්න වූයෙම් ආස්‍රව රහිත වැ වාස කරන්නෙමි.
Pali BJT438. විප්පමුත්තං කිලෙසෙහි සුද්ධචිත්තං අනාවිලං, අභිණ්හං පච්චවෙක්ඛන්තො විහරිස්සං අනාසවො.
Sinhala BJT438. කෙලෙසුන් කෙරෙන් මිදුණු නො කැලඹුණු ශුද්ධචිත්තය එක්වන් ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙමින් ආස්‍රව රහිත වැ වාස කරන්නෙමි.
Pali BJT439. අජ්ඣත්තං ච බහිද්ධා ච යෙ මෙ විජ්ජිංසු ආසවා, සබ්බෙ අසෙසා උච්ඡින්නා න ච උප්පජ්ජරෙ පුන.
Sinhala BJT439. මාගේ ආධ්‍යාත්ම වූත් බාහ්‍ය වූත් යම් ආස්‍රව කෙනෙක් විද්‍යාමාන වූහු ද එ හැම ශේෂ රහිත වැ සිඳුනාලද්දාහු යළි නූපදනාහ.
Pali BJT440. පඤ්චක්ඛන්ධා පරිඤ්ඤාතා තිට්ඨන්ති ඡින්නමූලකා, දුක්ඛක්ඛයො අනුප්පත්තො නත්ථි දානි පුනබ්භවො’ති.
Sinhala BJT440. පඤ්චස්කන්‍ධයෝ පිරිසිඳ දන්නාලද්දාහු සිඳුනාලද මුල් ඇති වැ සිටිති. දුඃඛක්‍ෂයට පැමිණියෙමි. මින් මතු පුනර්‍භවයෙක් නැතැ යි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා න්හාතකමුනිත්ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ආයුෂ්මත් නහාතකමුනි ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළහ.
Pali BJTන්හාතකමුනිත්ථෙරගාථා.
Sinhala BJTනහාතකමුනි ස්ථවිරගාථා යි.
Pali BJT6. 1. 12.
Sinhala BJT6. 1. 12.
Pali BJT441. අක්කොධස්ස කුතො කොධො දන්තස්ස සමජීවිනො, සම්මදඤ්ඤා විමුත්තස්ස උපසන්තස්ස තාදිනො,
Sinhala BJT441. ක්‍රෝධ රහිත වූ (රහත් මගින් ඉඳුරන් දමනය කිරීමෙන්) දාන්ත වූ සම වූ දිවිපැවැතුම් ඇති මැනැවින් දතයුතු දහම් දැනැ (ආස්‍රවයෙන්) විමුක්ත වූ උපශාන්ත වූ (ඉටු අනිටු අරමුණෙහි නො සැලෙන) තාදී ගුණ ඇතියාහට ක්‍රෝධයෙක් කොයින් ද?
Pali BJT442. තස්සෙව තෙන පාපියො යො කුද්ධං පටිකුජ්ඣති, කුද්ධං අප්පටිකුජ්ඣන්තො සඞ්ගාමං ජෙති දුජ්ජයං.
Sinhala BJT442. යමෙක් තමා කෙරෙහි කිපියහුට පෙරළා කිපේ ද එයින් ඔහට මැ ඉතා අයහපතෙක් වෙයි. කිපියහුට පෙරළා නො කිපෙන්නේ දුර්‍ජය (ක්ලේශ) සඞ්ග්‍රාම දිනයි.
Pali BJT443. උභින්නමත්ථං චරති අත්තනො ච පරස්ස ච, පරං සඞ්කුපිතං ඤත්වා යො සතො උපසම්මති.
Sinhala BJT443. යමෙක් මෙරමා කිපියා දැනැ සිහි ඇති වැ (උපේක්‍ෂායෙන්) ඉවසා ද හෙතෙම තමහට ද මෙරමාහට ද යන දෙදෙනාට හිතයක් කරයි.