Theragāthā

Verses of the Elder Monks

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 1001-1100 න් 2250

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT317. ඔරං ඔදනපාකම්හා තම්හා ඨානා අපක්කමිං, සතිමා සම්පජානොහං එකමන්තං උපාවිසිං.
Sinhala BJT317. බතක් පැසීමෙන් මෙපිට එතැනින් බැහැර ගියෙමි. මම සිහි ඇත්තෙම් නුවණ ඇත්තෙම් එක් පසෙකැ හුන්මි.
Pali BJT318. තතො මෙ මනසිකාරො යොනිසො උදපජ්ජථ, ආදීනවො පාතුරහු නිබ්බිදා සමතිට්ඨථ.
Sinhala BJT318. එයින් මට යෝනිසෝමනසිකාරය උපන. ආදීනව පහළ විය. නිර්වේදය එළැඹ සිටියේ.
Pali BJT319. තතො චිත්තං විමුච්චි මෙ පස්ස ධම්මසුධම්මතං, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසන’න්ති.
Sinhala BJT319. එයින් මාගේ සිත (කෙලෙසුන් කෙරෙන්) මිදිණ. ධර්‍මයාගේ සුධර්‍මතාව බලව, ත්‍රිවිද්‍යාවෝ ලබන ලදහ. බුදුන්ගේ අනුශාසනය කරනලදැයි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා රාජදත්තො ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් රාජදත්ත ස්ථවිරයන් වහන්සේ ගාථා කීහ.
Pali BJTරාජදත්තත්ථෙරගාථා.
Sinhala BJTරාජදත්ත ස්ථවිරගාථා යි.
Pali BJT5. 1. 2.
Sinhala BJT5. 1. 2.
Pali BJT320. අයොගෙ යුඤ්ජමත්තානං පුරිසො කිච්චමිච්ඡතො, චරං චෙ නාධිගච්ඡෙය්ය තං මෙ දුබ්භගලක්ඛණං.
Sinhala BJT320. කටයුතු කැමැති වන පුරුෂ තෙම නො යෙදියයුතු අත්තකිලමථානුයෝගයෙහි තමා යොදන්නේ වේ ද, ඉදින් එහි හැසිරෙනුයේ අභිමතාර්‍ත්‍ථය නොලබන්නේ වේ ද, එය මාගේ දුර්‍භග ලක්‍ෂණය යි.
Pali BJT321. අබ්බූළ්හං{1} අඝගතං විජිතං එකං චෙ ඔස්සජෙය්ය{2} කලීව සියා, සබ්බානිපි චෙ ඔස්සජෙය්ය අන්ධොව සියා සමවිසමස්ස අදස්සනතො.
Sinhala BJT321. ඉදින් ක්ලේශවිජය නො කොට එක මැ අප්‍රමාදය හරනේ නම් දුර්‍භගයෙක් මැ වන්නේ යැ, ඉදින් සියලු වීර්‍ය්‍යාදී ධර්‍මය හරනේ නම් සමවිෂම නො දක්නා හෙයින් අන්‍ධයෙක් මැ වෙයි.
Pali BJT322. යං හි කයිරා තං හි වදෙ යං න කයිරා න තං වදෙ, අකරොන්තං භාසමානං පරිජානන්ති පණ්ඩිතා.
Sinhala BJT322. යමක් මැ කරන්නේ නම් එය මැ කියන්නේ යැ. යමක් නො කරන්නේ නම් එය නො කියන්නේ යැ. නො කරන දැය කියනුවන්ට පඬිවරු පරිභව කෙරෙති.
Pali BJT323. යථා’පි රුචිරං පුප්ඵං වණ්ණවන්තං අගන්ධකං, එවං සුභාසිතා වාචා අඵලා හොති අකුබ්බතො.
Sinhala BJT323. යම්සේ සිත්කලු වූ වර්‍ණවත් වූ සුවඳ නැති මලෙක් වේ ද, එපරිද්දෙන් සුභාෂිත වචනය ද නො කරනුවහුට නිෂ්ඵල වෙයි.
Pali BJT324. යථා’පි රුචිරං පුප්ඵං වණ්ණවන්තං සගන්ධකං, එවං සුභාසිතා වාචා සඵලා හොති පකුබ්බතො’ති.{3}
Sinhala BJT324. යම්සේ සිත්කලු වූ වර්‍ණවත් වූ සුවඳ සහිත මලෙක් වේ ද, එපරිද්දෙන් සුභාෂිත වචනය කරනුවහුට සඵල වේ යයි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා සුභූතො ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් සුභූත ස්ථවිරයන් වහන්සේ ගාථා කීහ.
Pali BJTසුභූතත්ථෙරගාථා.
Sinhala BJTසුභූත ස්ථවිරගාථා යි.
Pali BJT5. 1. 3.
Sinhala BJT5. 1. 3.
Pali BJT325. වස්සති දෙවො යථා සුගීතං ඡන්නා මෙ කුටිකා සුඛා නිවාතා, තස්සං විහරාමි වූපසන්තො අථ වෙ පත්ථයසී පවස්ස දෙව.
Sinhala BJT325. මනා ගැයුමක් මෙන් වැසි වසී. මාගේ කිළිය සොයනලද, සුව එළවන්නී යැ, (පියූ දොරකවුළු ඇති බැවින්) වාතපීඩා රහිත යැ, එහි සන්හිඳුනෙම් වාස කෙරෙමි. මේඝය ඉදින් රිසියෙයි නම් වර්‍ෂා කර.
Pali BJT326. වස්සති දෙවො යථා සුගීතං ඡන්නා මෙ කුටිකා සුඛා නිවාතා, තස්සං විහරාමි සන්තචිත්තො අථ වෙ පත්ථයසී පවස්ස දෙව.
Sinhala BJT326. මනා ගැයුමක් මෙන් වැසි වසී. මාගේ කිළිය සොයනලද, සුව එළවන්නී යැ, වාතපීඩා රහිත යැ, එහි සන්හුන් සිත් ඇත්තෙම් වාස කෙරෙමි. මේඝය ඉදින් රිසියෙයි නම් වර්‍ෂා කර.
Pali BJT327. වස්සති දෙවො යථා සුගීතං ඡන්නා මෙ කුටිකා සුඛා නිවාතා, තස්සං විහරාමි වීතරාගො අථ වෙ පත්ථයසී පවස්ස දෙව.
Sinhala BJT327. වැසි වසී ... පහවැගිය රාග ඇත්තෙම් එහි වෙසෙමි. ... මේඝය ඉදින් රිසියෙයි නම් වර්‍ෂා කර.
Pali BJT328. වස්සති දෙවො යථා සුගීතං ඡන්නා මෙ කුටිකා සුඛා නිවාතා, තස්සං විහරාමි වීතදොසො අථ වෙ පත්ථයසී පවස්ස දෙව.
Sinhala BJT328. වැසි වසී ... පහවැගිය ද්වේෂ ඇත්තෙම් එහි වෙසෙමි. … මේඝය ඉදින් රිසියෙයි නම් වර්‍ෂා කර.
Pali BJT329. වස්සති දෙවො යථා සුගීතං ඡන්නා මෙ කුටිකා සුඛා නිවාතා, තස්සං විහරාමි වීතමොහො අථ වෙ පත්ථයසී පවස්ස දෙව.
Sinhala BJT329. වැසි වසී ... පහවැගිය මෝහ ඇත්තෙම් එහි වෙසෙමි. ... මේඝය ඉදින් රිසියෙයි නම් වර්‍ෂා කර.
Pali BJTඉත්ථං සුදං ආයස්මා ගිරිමානන්දො ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් ගිරිමානන්‍ද ස්ථවිරයන් වහන්සේ ගාථා කීහ.
Pali BJTගිරිමානන්දත්ථෙරගාථා.
Sinhala BJTගිරිමානන්‍ද ස්ථවිරගාථා යි.
Pali BJT5. 1. 4.
Sinhala BJT5. 1. 4.
Pali BJT330. යං පත්ථයානො ධම්මෙසු උපජ්ඣායො අනුග්ගහී, අමතං අභිකඞ්ඛන්තං කතං කත්තබ්බකං මයා.
Sinhala BJT330. උපාධ්‍යායන් වහන්සේ (ශමථවිදර්‍ශනාදි) ධර්‍මයන් කෙරෙහි යම් දහමක් පතන්නාහු අමා කැමැති මට (ඔවා දීමෙන්) අනුග්‍රහ කළ සේක් ද(එය ලබනුවට) මා විසින් කරණී කරනලද.
Pali BJT331. අනුප්පත්තො සච්ඡිකතො සයං ධම්මො අනීතිහො, විසුද්ධඤාණො නික්කඞ්ඛො ව්යාකරොමි තවන්තිකෙ.
Sinhala BJT331. තමා විසින් (නවලොවුතුරු) දහම ලබන ලද, පසක් කරනලද, නිසැක (ඉතිකිරා රහිත) කරනලද. (මම) විශුද්ධඥාන ඇතියෙම් නිසැක වැ තොප වෙත ප්‍රකාශ කෙරෙමි.
Pali BJT332. පුබ්බෙනිවාසං ජානාමි දිබ්බචක්ඛු විසොධිතං, සදත්ථො මෙ අනුප්පත්තො කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT332. පෙරවිසූ කඳපිළිවෙළ දනිමි. දිවැස පිරිසුදු කරනලද, මා විසින් ස්වාර්‍ත්‍ථය (රහත්බව) ලබනලද, බුදුන්ගේ අනුසසුන් කරනලද.
Pali BJT333. අප්පමත්තස්ස මෙ සික්ඛා සුස්සුතා තව සාසනෙ, සබ්බෙ මෙ අසවා ඛීණා නත්ථි දානි පුනබ්භවො.
Sinhala BJT333. අප්‍රදමාද වූ මා විසින් තොපගේ ශාසනයෙහි ශික්‍ෂාවෝ මොනොවට හික්මෙනලද. මාගේ සියලු ආශ්‍රවයෝ ක්‍ෂය වූහ. දැන් පුනර්‍භවයෙක් නැත.
Pali BJT334. අනුසාසි මං අරියවතා අනුකම්පි අනුග්ගහි, අමොඝො තුය්හමොවාදො අන්තෙවාසිම්හි සික්ඛිතො’ති.
Sinhala BJT334. ආර්‍ය්‍යව්‍රතයෙන් මට අනුශාසනා කළහ, අනුකම්පා කළහ, අනුග්‍රහ කළහ. තොපගේ අවවාදය නො සිස් විය. හික්මුණු අතැවැසියෙක් වීමි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා සුමනො ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් සුමන ස්ථවිරයන් වහන්සේ ගාථා කීහ.
Pali BJTසුමනත්ථෙරගාථා.
Sinhala BJTසුමන ස්ථවිරගාථා යි.
Pali BJT5. 1. 5.
Sinhala BJT5. 1. 5.
Pali BJT335. සාධූ හි කිර මෙ මාතා පතොදං උපදංසයි, යස්සාහං වචනං සුත්වා අනුසිට්ඨො ජනෙත්තියා, ආරද්ධවිරියො පහිතත්තො පත්තො සම්බොධිමුත්තමං.
Sinhala BJT335. මනා මැ යැ, මාගේ මවු තොමෝ අවවාද නැමැති කෙවිට මට දැක් වූ, යම් මවක විසින් අනුශාසිත වූයෙම් ඇයගේ බස් අසා රුකුළු වැර ඇත්තෙම්-නිවනට මෙහෙයූ සිත් ඇත්තෙම් උතුම් වු අර්‍හත්ත්‍වයට පැමිණියෙමි.
Pali BJT336. අරහා දක්ඛිණෙය්යොම්හි තෙවිජ්ජො අමතද්දසො, ජෙත්වා{1} නමුචිනො සෙනං විහරාමි අනාසවො.
Sinhala BJT336. රහත් වූයෙම් දක්‍ෂිණාවට නිසිවීමි. ත්‍රිවිද්‍යා ඇත්තෙම් දුටු නිවන් ඇත්තෙමි. මරහුගේ (කෙලෙස්) සෙන් දිනා ආස්‍රව රහිත වැ වෙසෙමි.
Pali BJT337. අජ්ඣත්තං ච බහිද්ධා ච යෙ මෙ විජ්ජිංසු ආසවා, සබ්බෙ අස්සො උච්ඡින්නා න ච උප්පජ්ජරෙ පුන.
Sinhala BJT337. ආධ්‍යාත්මික වූ ද බාහිර වූ ද මාගේ යම් ආස්‍රව කෙනෙක් විද්‍යමාන වූහු ද, නිරවශේෂ වූ සියලු ආස්‍රවයෝ සිඳින ලද්දාහු යැ, ඔහු යලි නො ද උපදිත්.
Pali BJT338. විසාරදා ඛො භගිනි එතමත්ථං අභාසයි, අපිහා නූන මයි’පි වනථො තෙ න විජ්ජති.
Sinhala BJT338. විශාරද වූ බුහුනැණි මෙකරුණ කිවු (මවත් තමාත් රහත් බැවින් බුදුන් උදාරපුත් බව ගෙන කියයි.) ඒකාන්තයෙන් මා කෙරෙහි දු අභිලාශා නැත. තොපට තෘෂ්ණාවක් නැතැ.
Pali BJT339. පරියන්තකතං දුක්ඛං අන්තිමො’යං සමුස්සයො, ජාතිමරණසංසාරො නත්ථි දානි පුනබ්භවො’ති.
Sinhala BJT339. දුක් කෙළවර කරනලද. මේ අන්තිමශරීරය යි. ජාතිමරණ සංසාර සඞ්ඛ්‍යාත පුනර්‍භවයෙක් දැන් නැතැ යි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා වඩ්ඪො ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් වඩ්ඪ ස්ථවිරයන් වහන්සේ ගාථා කීහ.
Pali BJTවඩ්ඪත්ථෙරගාථා.
Sinhala BJTවඩ්ඪ ස්ථවිරගාථා යි.
Pali BJT5. 1. 6.
Sinhala BJT5. 1. 6.
Pali BJT340. අත්ථාය වත මෙ බුද්ධො නදිං නෙරඤ්ජරං අගා, යස්සාහං ධම්මං සුත්වාන මිච්ඡාදිට්ඨිං විවජ්ජයිං.
Sinhala BJT340. මම යම් බුදු කෙනකුන්ගේ දහම් අසා මිසදිටු හළෙම් ද, ඒකාන්තයෙන් මට වැඩ සඳහා ඒ බුදුහු නේරඤ්ජරානදිය වෙත වැඩියහ.
Pali BJT341. යජිං උච්චාවචෙ යඤ්ඤෙ අග්ගිහුත්තං ජුහිං අහං, එසා සුද්ධීති මඤ්ඤන්තො අන්ධභූතො පුථුජ්ජනො.
Sinhala BJT341. නුවණැසින් අන්‍ධ වූ පුහුදුන් වූ මම ශුද්ධි නම් මේ යයි හඟිමින් කුදුමහත් යාගයන් කෙළෙමි. අග්නිහෝම කෙළෙමි.
Pali BJT342. දිට්ඨිගහනපක්ඛන්නො{2} පරාමාසෙන මොහිතො, අසුද්ධිං මඤ්ඤිසං සුද්ධිං අන්ධභූතො අවිද්දසු.
Sinhala BJT342. නුවණැස් නැති අපණ්ඩිත වූ දෘෂ්ටිගහනයට වැදුණු දෘෂ්ටිපරාමර්‍ශයෙන් මුළා වූ මම අශුද්ධිය ශුද්ධි යයි සැලැකීමි.
Pali BJT343. මිච්ඡාදිට්ඨි පහීනා මෙ භවා සබ්බෙ විදාලිතා, ජුහාමි දක්ඛිණෙය්යග්ගිං නමස්සාමි තථාගතං.
Sinhala BJT343. මාගේ මිසදිටු ප්‍රහීණ යැ. හැම භවයෝ නසනලදහ. දක්‍ෂිණීය වහ්නිය පුදමි. තථාගතයන් නමස්කාර කෙරෙමි.
Pali BJT344. මොහා සබ්බෙ පහීනා මෙ භවතණ්හා පදාලිතා, වික්ඛීණො ජාතිසංසාරො නත්ථි දානි පුනබ්භවො’ති.
Sinhala BJT344. මාගේ හැම මෝහයෝ ප්‍රහීණයහ. භවතෘෂ්ණාව නසනලදි. ජාතිසංසාරය ක්‍ෂීණ විය. දැන් පුනර්‍භවයෙක් නැතැ’යි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා නදීකස්සපො ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් නදීකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ ගාථා කීහ.
Pali BJTනදීකස්සපත්ථෙරගාථා.
Sinhala BJTනදීකාශ්‍යප ස්ථවිරගාථා යි.
Pali BJT5. 1. 7.
Sinhala BJT5. 1. 7.
Pali BJT345. පාතො මජ්ඣන්තිකං සායං තික්ඛත්තුං දිවසස්සහං, ඔතරිං උදකං සො’හං{1} ගයාය ගයඵග්ගුයා.
Sinhala BJT345. මම ගයාවෙහි ‘ගයාඵල්ගු, නම් තොටැ ජලස්‍රෝතසට උදය දාවල සවසැ’ යි දවසට තුන් වරක් බටිමි.
Pali BJT346. යං මයා පකතං පාපං පුබ්බෙ අඤ්ඤාසු ජාතිසු, තං දානීධ පවාහෙමි{2} එවංදිට්ඨි පුරෙ අහුං.
Sinhala BJT346. ‘පෙර අන්‍යජාතියෙහි මා විසින් යම් පාපයෙක් කරනලද නම් ඒ පව් දැන් ගයාඑල්ගුයෙහි දී උල්පවා හරිමි’ යි පෙර මෙවන් දෘෂ්ටි ඇත්තෙම් වීමි.
Pali BJT347. සුත්වා සුභාසිතං වාචං ධම්මත්ථසහිතං පදං, තථං යාථාවතං{3} අත්ථං යොනිසො පච්චවෙක්ඛිසං.
Sinhala BJT347. ධර්‍මාර්‍ත්‍ථ සංහිත වූ පද ඇති සුභාෂිත වචන අසා තථ්‍ය වූ තත් වූ පරිදි සිටුනා දුඃඛාදි අර්‍ත්‍ථය නුවණින් ප්‍රත්‍යවේක්‍ෂා කෙළෙමි.
Pali BJT348. නින්හාතසබ්බපාපොම්හි නිම්මලො පයතො සුචි, සුද්ධො සුද්ධස්ස දායාදො පුත්තො බුද්ධස්ස ඔරසො.
Sinhala BJT348. සෝදා හළ සියලු පව් ඇති නිර්‍මල වූ ප්‍රයත වූ පවිත්‍ර වූ ශුද්ධ වූ මම පරිශුද්ධ වූ බුදුන්ගේ දායාද වූ ඖරසපුත්‍රයෙමි.
Pali BJT349. ඔගය්හට්ඨඞ්ගිකං සොතං සබ්බපාපං පවාහයිං, තිස්සො විජ්ජා අජ්ඣගමිං කතං බුද්ධස්ස සාසන’න්ති.
Sinhala BJT349. ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ග නමැති ස්‍රෝතසට බැසගෙන සියලු පව් උල්පවා හළිමි, ත්‍රිවිද්‍යා ලදිමි, බුදුසසුන් කෙළෙමි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා ගයාකස්සපො ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් ගයාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ ගාථා කීහ.
Pali BJTගයාකස්සපත්ථෙරගාථා.
Sinhala BJTගයාකාශ්‍යප ස්ථවිරගාථා යි.
Pali BJT5. 1. 8.
Sinhala BJT5. 1. 8.
Pali BJT350. වාතරොගාභිනීතො ත්වං විහරං කානනෙ වනෙ, පවිද්ධගොචරෙ{4} ලූඛෙ කථං භික්ඛු කරිස්සසි.
Sinhala BJT350. මහණ ගෝචර රහිත රූක්‍ෂ වූ මහවෙනෙහි වසන තෝ වාතරෝගයෙන් අවසඟ බවට පමුණුවනලද්දෙහි කෙසේ වසන්නෙහි ද?
Pali BJT351. පීතිසුඛෙන විපුලෙන ඵරමානො සමුස්සයං, ලූඛම්පි අභිසම්භොන්තො විහරිස්සාමි කානනෙ.
Sinhala BJT351. මහත් වූ ප්‍රීතිසුඛයෙන් ශරීරය පතුරුවමින් ප්‍රත්‍යරූක්‍ෂය පවා මැඩලමින් මහවෙනෙහි වෙසෙමි.
Pali BJT352. භාවෙන්තො සතිපට්ඨානෙ ඉන්ද්රියානි බලානි ච, බොජ්ඣඞ්ගානි ච භාවෙන්තො විහරිස්සාමි කානනෙ.
Sinhala BJT352. සතරසීවටන් ද පඤ්චේන්‍ද්‍රියයන් ද පඤ්චබලයන් ද වඩමින් සප්තබෝධ්‍යඞ්ගයන් ද වඩමින් වෙනෙහි වෙසෙමි.
Pali BJT353. ආරද්ධවිරියො පහිතත්තො නිච්චං දළ්හපරක්කමො,{5} සමග්ගෙ සහිතෙ දිස්වා විහරිස්සාමි කානනෙ.
Sinhala BJT353. පටන්ගන්නාලද වීර්‍ය්‍ය ඇත්තෙම් නිවනට මෙහෙයූ සිතැත්තෙම් නිරතුරු දෘඪපරාක්‍රම ඇත්තෙම් එක් වැ වසන සමග වූ සබ්‍රම්සරුන් දැක (කල්‍යාණමිත්‍රසම්පත්තින්) වෙනෙහි වෙසෙමි.
Pali BJT354. අනුස්සරන්තො සම්බුද්ධං අග්ගං දන්තං{6} සමාහිතං, අතන්දිතො රත්තින්දිවං විහරිස්සාමි කානනෙ’ති.
Sinhala BJT354. අග්‍ර වූ දාන්ත වූ සමාහිත වූ සම්බුද්ධයන් සිහි කෙරෙමින් රෑදාවල් නො මැලි වූයෙම් වෙනෙහි වෙසෙමි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා වක්කලිත්ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් වක්කලී ස්ථවිරයන් වහන්සේ ගාථා කීහ.
Pali BJTවක්කලිත්ථෙරගාථා.
Sinhala BJTවක්කලී ස්ථවිරගාථා යි.
Pali BJT5. 1. 9.
Sinhala BJT5. 1. 9.
Pali BJT355. ඔලග්ගෙස්සාමි තෙ චිත්ත ආණිද්වාරෙව හත්ථිනං, න තං පාපෙ නියොජෙස්සං කාමජාල සරිරජ.
Sinhala BJT355. චිත්තය, තා නුවර කුරුබිලයෙහි ඇතකු සෙයින් (බැහැර නොයාදී) වළහන්නෙමි. කාමජාලයක් වූ (රූපප්‍රතිබද්ධ වෘත්ති ඇති බැවින්) ශරීරජ නම් වූ චිත්තය, තා පාපයෙහි නො යොදන්නෙමි.
Pali BJT356. ත්වං ඔලග්ගො න ගච්ඡසි ද්වාරවිවරං ගජො’ව අලභන්තො, න ච චිත්තකලි පුනප්පුනං පසහං පාපරතො චරිස්සසි.
Sinhala BJT356. ද්වාරවිවරය නො ලබන ඇතකු සෙයින් වළහනලද තෝ නො යෙහි. චිත්තකාලකණ්ණිය, පුනපුනා සැහැසි වැ පව්කම්හි ඇලී නො ද හැසිරෙන්නෙහි.
Pali BJT357. යථා කුඤ්ජරං අදන්තං නවග්ගහමඞ්කුසග්ගහො, බලවා ආවත්තෙති අකාමං එවං ආවත්තයිස්සං තං.
Sinhala BJT357. යම්සේ බලවත්වූ ඇතරුවෙක් අලුත අල්වාගන්නාලද නො දැමුණු ඇතකු නො කැමැති සේ වළහා ද, එපරිද්දෙන් තා වළහන්නෙමි.
Pali BJT358. යථා වරහයදමකුසලො සාරථි පවරො දමෙති ආජඤ්ඤං, එවං දමයිස්සං තං පතිට්ඨිතො පඤ්චසු බලෙසු.
Sinhala BJT358. යම්සේ උත්තම අශ්වයන් දමනය කිරීමෙහි නිපුණ වූ උත්තම සාරථියෙක් අජානීය අශ්වයකු දමනය කෙරේ ද, එපරිද්දෙන් පඤ්චබලයෙහි පිහිටි මම තා දමනය කරන්නෙමි.
Pali BJT359. සතියා තං නිබන්ධිස්සං පයතත්තො වොදපෙස්සාමි, විරියධුරනිග්ගහිතො න නියතො දූරං ගමිස්සසෙ චිත්තා’ති.
Sinhala BJT359. චිත්තය, තා සිහි නමැති යොතින් බඳනෙමි. පවිත්‍ර වූ සිත් ඇත්තෙම් (කෙලෙස්මලයෙන් තා) පිරිසිදු කරන්නෙමි. වීර්‍ය්‍යධුරයෙන් වළහනලද්දෙහි මෙයින් දුරට නො යන්නෙහි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා විජිතසෙනො ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් විජිතසේන ස්ථවිරයන් වහන්සේ ගාථා කීහ.
Pali BJTවිජිතසෙනත්ථෙරගාථා.
Sinhala BJTවිජිතසේන ස්ථවිරගාථා යි.
Pali BJT5. 1. 10.
Sinhala BJT5. 1. 10.
Pali BJT360. උපාරම්භචිත්තො දුම්මෙධො සුණාති ජිනසාසනං, ආරකා හොති සද්ධම්මා නභසො පඨවී යථා.
Sinhala BJT360. දෝෂාරෝපණය කරන සිත් ඇති දුෂ්ප්‍රාඥ තෙම බුදුන්ගේ අනුශාසනය අසා නමුදු අහසට පොළොව මෙන් පිළිවෙත් සදහමින් දුරු වෙයි.
Pali BJT361. උපාරම්භචිත්තො දුම්මෙධො සුණාති ජිනසාසනං, පරිහායති සද්ධම්මා කාළපක්ඛෙව චන්දිමා.
Sinhala BJT361. දෝෂාරෝපණය කරන සිත් ඇති දුෂ්ප්‍රාඥ තෙම බුදුන්ගේ අනුශාසනය අසා නමුදු අවපසැ සඳ සෙයින් නවලොව්තුරු දහමින් පිරිහෙයි.
Pali BJT362. උපාරම්භචිත්තො දුම්මෙධො සුණාති ජිනසාසනං, පරිසුස්සති සද්ධම්මෙ මච්ඡා අප්පොදකෙ යථා.
Sinhala BJT362. දෝෂාරෝපණය කරන සිත් ඇති දුෂ්ප්‍රාඥ තෙම බුදුන්ගේ අනුශාසනය අසා නමුදු දියත්තක මසකු සෙයින් ලොවුතුරුදහම්හි වියැළෙයි.
Pali BJT363. උපාරම්භචිත්තො දුම්මෙධො සුණාති ජිනසාසනං, න විරූහති සද්ධම්මෙ ඛෙත්තෙ බීජංව පූතිකං.
Sinhala BJT363. දෝෂාරෝපණය කරන සිත් ඇති දුෂ්ප්‍රාඥ තෙම ජිනශාසනය අසා නමුදු කෙතෙහි වපුළ කුණු වූ බිජුවට සෙයින් නවලොවුතුරු දහම්හි නො වැඩෙයි.
Pali BJT364. යො ච තුට්ඨෙන චිත්තෙන සුණාති ජිනසාසනං, ඛෙපෙත්වා ආසවෙ සබ්බෙ සච්ඡිකත්වා අකුප්පතං, පප්පුය්ය පරමං සන්තිං පරිනිබ්බාති අනාසවො’ති.{1}
Sinhala BJT364. යමෙකුත් තුටුසිතින් ජිනශාසනය අසා නම්, (හේ) සියලු (කාමාදි) ආස්‍රවයන් ගෙවා අර්‍හත්ත්‍වය ප්‍රත්‍යක්‍ෂ කොට පරමශාන්තියට පැමිණ ආශ්‍රව රහිත වූයේ පිරිනිවේ යයි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා යසදත්තො ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් යසදත්ත ස්ථවිරයන් වහන්සේ ගාථා කීහ.
Pali BJTයසදත්තත්ථෙරගාථා.
Sinhala BJTයසදත්ත ස්ථවිරගාථා යි.
Pali BJT5. 1. 11.
Sinhala BJT5. 1. 11.
Pali BJT365. උපසම්පදා ච මෙ ලද්ධා විමුත්තො චම්හි අනාසවො, සො ච මෙ භගවා දිට්ඨො විහාරෙ ච සහාවසිං.
Sinhala BJT365. මා විසින් (දුකසේ දසවග්ගික සඞ්ඝයා රැස් කොට ලත්) උපසම්පදාව ද (වරදාන විසින් පසල් දනව්වෙහි විනධරයා පස්වනු කොට ඇති ගණඋපසම්පදාව ද) ලදු ආස්‍රව රහිත වැ කෙලෙසුන් කෙරෙන් මිදුණෙම් ද වෙමි. මා විසින් ඒ බුදුහු ද දක්නා ලදහ. විහාරයෙහිදු (බුදුන්) සමග විසීමි.
Pali BJT366. බහුදෙව රත්තිං භගවා අබ්භොකාසෙතිනාමයි, විහාරකුසලො සත්ථා විහාරං පාවිසී තදා.
Sinhala BJT366. බුදුහු රෑ බොහෝ වේලාවක් අභ්‍යවකාශයෙහි විසූහ. සිවුවිහරණයෙහි දක්‍ෂ වූ ශාස්තෘහු එකල්හි ගඳකිළියට පිවිසියහ.
Pali BJT367. සන්ථරිත්වාන සඞ්ඝාටිං සෙය්යං කප්පෙසි ගොතමො, සීහො සෙලගුහායං’ව පහීනභයභෙරවො.
Sinhala BJT367. ගොයුම්ගොත් බුදුහු සඟළසිවුර අතුරා ප්‍රහීණ වූ භය හා භය අරමුණු ඇති වැ සිංහයකු ශෛලගුහාවකැ සෙයින් ශයනය කළහ.
Pali BJT368. තතො කල්යාණවාක්කරණො සම්මාසම්බුද්ධසාවකො, සොණො අභාසි සද්ධම්මං බුද්ධසෙට්ඨස්ස සම්මුඛා.
Sinhala BJT368. ඉක්බිති කල්‍යාණවාක්කරණ ඇති සම්‍යක්සම්බුද්ධ ශ්‍රාවක වූ සෝණකුටිකණ්ණ තෙම බුද්ධශ්‍රේෂ්ඨයන් හමියෙහි සදහම් දෙසී.
Pali BJT369. පඤ්චක්ඛන්ධෙ පරිඤ්ඤාය භාවයිත්වාන අඤ්ජසං, පප්පුය්ය පරමං සන්තිං පරිනිබ්බිස්සත්යනාසවො’ති.
Sinhala BJT369. පඤ්චස්කන්‍ධයන් පිරිසිඳ දැන අරිඅටඟිමඟ වඩා පරමශාන්තියට පැමිණ ආස්‍රව රහිත වැ පිරිනිවෙන්නේ යයි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා සොණො ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් සෝණ ස්ථවිරයන් වහන්සේ ගාථා කීහ.
Pali BJTසොණකුටිකණ්ණත්ථෙරගාථා.
Sinhala BJTසෝණ ස්ථවිරගාථා යි.
Pali BJT5. 1. 12.
Sinhala BJT5. 1. 12.
Pali BJT370. යො වෙ ගරූනං වචනඤ්ඤු ධීරො වසෙ ච තම්හි ජනයෙ ච පෙමං, සො භත්තිමා නාම ච හොති පණ්ඩිතො ඤත්වා ච ධම්මෙසු විසෙසි අස්ස.
Sinhala BJT370 යමෙක් ඒකාන්තයෙන් ගුරුන්ගේ වදන් දන්නේ ධීර වූයේ ඒ ගුරුන්ගේ අවවාදයෙහි වසනුයේ එහි ප්‍රේම උපදවන්නේත් වේ ද, හෙතෙම භක්ති ඇත්තේ නමුදු පණ්ඩිත වූයේ නමුදු වෙයි. (සිව්සස්දහම්) දැන (ලොවිලොව්තුරා) දහම්හි විශිෂ්ට ද වන්නේ යැ.
Pali BJT371. යං ආපදා උප්පතිතා උළාරා නක්ඛම්භයන්තෙ පටිසඞ්ඛයන්තං, සො ථාමවා නාම ච හොති පණ්ඩිතො ඤත්වා ච ධම්මෙසු විසෙසි අස්ස.
Sinhala BJT371. උපන් (ශීතොෂ්ණාදි ප්‍රකට වූත් රාගාදී ප්‍රතිච්ඡන්න වූත්) ආපදාවෝ බලවත් වූවාහු නුමුදු පටිසංඛානබලයෙහි සිටි යම් පුද්ගලයකු නො සලත් ද ඒ පුද්ගල තෙම පරාක්‍රම ඇත්තේ නමුදු පණ්ඩිත වූයේ නමුදු වෙයි. (සිසුසස්දහම්) දැන දහම්හි විශිෂ්ට වූයේ ද වන්නේ යැ.
Pali BJT372. යො වෙ සමුද්දො’ව ඨිතො අනෙජො ගම්භීරපඤ්ඤො නිපුණත්ථදස්සී, අසංහාරියො නාම ච හොති පණ්ඩිතො ඤත්වා ච ධම්මෙසු විසෙසි අස්ස.
Sinhala BJT372. යමෙක් ඒකාන්තයෙන් සමුද්‍රය මෙන් අකම්පිත වූයේ ස්ථිර වැ සිටියේ ද ගැඹුරු නුවණැත්තේ සියුම් අරුත් දන්නාසුලු වේ ද හෙතෙම (කෙලෙසුන් විසින්) පැහැරගත නො හැක්කේ නමුදු පණ්ඩිත වූයේ නමුදු වෙයි. සිවුසස් දහම් දැන දහම් හි විශිෂ්ට වූයේ ද වන්නේ යැ.
Pali BJT373. බහුස්සුතො ධම්මධරො ච හොති ධම්මස්ස හොති අනුධස්සචාරී, සො තාදිසො නාම ච හොති පණ්ඩිතො ඤත්වා ච ධම්මෙසු විසෙසි අස්ස.
Sinhala BJT373. යමෙක් බහුශ්‍රුත වූයේ ධර්‍මධර වූයේත් වේ ද, නවලොව්තුරුදහමට අනුධර්‍ම වූ පූර්‍වභාගප්‍රතිපදායෙහි හැසිරෙන්නේත් වේ ද හෙතෙම ගුරුන් හා සදෘශ වූයේ නුමුදු පණ්ඩිත වූයේ නුමුදු වෙයි. සියුසස්දහම් දැන දහම්හි විශිෂ්ට වූයේ ද වන්නේ යැ.
Pali BJT374. අත්ථං ච යො ජානාති භාසිතස්ස අත්ථං ච ඤත්වාන තථා කරොති අත්ථන්තරො නාම ස හොති පණ්ඩිතො ඤත්වා ච ධම්මෙසු විසෙසි අස්සා’ති.
Sinhala BJT374. යමෙක් (සම්බුද්ධ) භාෂිතයාගේ අර්‍ත්‍ථයත් දනී ද අර්‍ත්‍ථය දැන ඒ දහම්හි වූ පරිදි පළිපදනේත් වේ ද, හෙතෙම අර්‍ත්‍ථාන්තර ඇත්තේ නමුදු පණ්ඩිත වූයේ නමුදු වෙයි. සිසුසස් දහම් දැන දහම්හි විශිෂ්ට වූයේ ද වන්නේ යි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා කොසියො ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් කෝසිය ස්ථවිරයන් වහන්සේ ගාථා කීහ.
Pali BJTකොසියත්ථෙරගාථා.
Sinhala BJTකෝසිය ස්ථවිරගාථා යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඋද්දානය:
Pali BJTරාජදත්තො සුභූතො ච ගිරිමානන්දසූනුනා වඩ්ඪො ච කස්සපො ථෙරො ගයාකස්සපවක්කලී විජිතො යසදත්තො ච සොණො කොසියසව්හයො සට්ඨී ච පඤ්ච ගාථායො ථෙරා ච එත්ථ ද්වාදසා’ති.
Sinhala BJTරාජදත්ත යැ, සුභූත යැ, ගිරිමානන්‍ද යැ, සුමන යැ, වඩ්ඪ යැ, නදීකස්සප යැ, ගයාකස්සප යැ, වක්කලී යැ, විජිතසේන යැ, යසදත්ත යැ, සෝණ යැ යන තෙරවරු දොළොස් දෙනෙක් ද ගාථා සැටක් ද පඤ්චකනිපාතයෙහි වෙත්.
Pali BJTපඤ්චකනිපාතො නිට්ඨිතො.
Sinhala BJTපඤ්චකනිපාතය නිමි.
Pali BJT6. ඡක්කනිපාතො.
Sinhala BJT6. ඡක්කනිපාතය
Pali BJT6. 1. 1.
Sinhala BJT6. 1. 1.
Pali BJT375. දිස්වාන පාටිහීරානි ගොතමස්ස යසස්සිනො, න තාවාහං පණිපතිං ඉස්සාමානෙන වඤ්චිතො.
Sinhala BJT375. පතල කීර්තිශබ්ද ඇති ගොයුම්ගොත් බුදුරදුන්ගේ (තුන්දහස්පන්සියක්) පෙළහර දැක ඊර්‍ෂ්‍යායෙන් හා මානයෙන් නුළුයෙම් (කස්ඛ තෝ නො රහත්හි රහත්මගට හෝ නො පිළිපන්හි’ තා කෙරෙහි එවන් ප්‍රතිපදා හෝ නැතැ’යි යම්තාක් තර්‍ජන නො කළ සේක් ද) එතෙක් මම ප්‍රණිපාත නො කෙළෙමි.
Pali BJT376. මම සඞ්කප්පමඤ්ඤාය චොදෙසි නරසාරථි, තතො මෙ ආසි සංවෙගො අබ්භුතො ලොමහංසනො.
Sinhala BJT376. පුරුෂදම්‍යසාරථී වූ බුදුහු මාගේ සංකල්පය දැන (මට) නිග්‍රහ කළහ, එහෙයින් මට අද්භූත වූ ලොමුදහ ගන්වන සංවේගයෙක් වී.