Pali BJT264. පාපමිත්තෙ විවජ්ජෙත්වා භජෙය්යුත්තමපුග්ගලෙ ඔවාදෙ චස්ස තිට්ඨෙය්ය පත්ථෙන්තො අචලං සුඛං.
Sinhala BJT264. නිවන්සුව පතනුයේ පාපමිත්රයන් හැරදමා උත්තමපුද්ගලයන් සෙවුනේ යැ. ඔහුගේ අවවාදයෙහි ද සිටුනේ යැ.
Pali BJT265. පරිත්තං දාරුමාරුය්හ යථා සීදෙ මහණ්ණවෙ, එවං කුසීතමාගම්ම සාධුජීවීපි සීදති, තස්මා තං පරිවජ්ජෙය්ය කුසීතං හීනවීරියං.
Sinhala BJT265. කුඩා දඬුකඬකට නැඟ යම්සේ මහසයුරෙහි ගිලෙන්නේ ද, එසෙයින් කුසීතයා කරා පැමිණ මනාදිවිපෙවෙත් ඇත්තේ ද ගිලෙයි (පිරිහෙයි.)
Pali BJT266. පවිවිත්තෙහි අරියෙහි පහිතත්තෙහි ඣායිහි නිච්චං ආරද්ධවිරියෙහි{1} පණ්ඩිතෙහි සහාවසෙ’ති.
Sinhala BJT266. එහෙයින් ඒ කුසීත වූ හිනවීර්ය්යය ඇත්තහු දුරලන්නේ යැ, කායවිවේකය ඇති ආර්ය්ය වූ නිවනට යැවූ සිත් ඇති ධ්යාන කරනසුලු වූ නිරතුරු රුකුළු වැර ඇති නුවණැතියන් හා එක් වැ වසන්නේ යි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා විමලො ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ මේ ගාථා ආයුෂ්මත් විමල ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTවිමලත්ථෙරගාථා.
Sinhala BJTවිමල ස්ථවිරගාථා යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඋද්දානය:
Pali BJTඅඞ්ගාණිකො භාරද්වාජො පච්චයො බක්කුලො ඉසි ධනියො මාතඞ්ගපුත්තො සොභිතො වාරණො ඉසි වස්සිකො ච යසොජො ච සාටිමත්තියුපාලි ච උත්තරපාලො අභිභූතො ගොතමො හාරිතො’පි ච ථෙරො තිකනිපාතම්හි නිබ්බානෙ විමලො කතො අට්ඨතාලිස ගාථායො ථෙරා සොළස කිත්තිතා’ති.
Sinhala BJTනිකනිපාතයෙහි ගාථා ප්රකාශ කළ අඞ්ගණික, භාරද්වාජය, පච්චයය, බක්කුලය, ධනියය, මාතඞ්ගපුත්ත, (බුජ්ජ) සොහිතය, වාරණය, වස්සිකය, යසෝජය, සටිමත්තියය, උපාලිය, උත්තරපාලය, අභිභූතය, ගෝතමය, හාරිතය, විමලස්ථවිරය යයි සොළොස් තෙර කෙනෙක් වෙති, ගාථා අටසාළිසෙකි.
Pali BJTතිකනිපාතො නිට්ඨිතො.
Sinhala BJTනිකනිපාතය නිමි.
Pali BJT4. චතුක්කනිපාතො.
Sinhala BJT4. චතුක්ක නිපාතය
Pali BJT4. 1. 1.
Sinhala BJT4. 1. 1.
Pali BJT267. අලඞ්කතා සුවසනා මාලිනී චන්දනුස්සදා, මජ්ඣෙ මහාපථෙ නාරී තුරියෙ නච්චන්ති නාටකී.
Sinhala BJT267. අබරණින් සැදුණු (හන්) මනා වස්ත්ර ඇති (පළන්) මල්දම් ඇති සඳුන් අලෙව් දුන් සිරුරු ඇති නළඟනක් මාවත මැද තූර්ය්යවාදනය කරන කල්හි නටයි.
Pali BJT268. පිණ්ඩිකාය පවිට්ඨොහං ගච්ඡන්තො නං උදික්ඛිසං,{1} අලඞ්කතං සුවසනං මච්චුපාසංව ඔඩ්ඩිතං.
Sinhala BJT268. පිඬු පිණිස පිවිසි මම යන්නෙම් අබරණින් සැදුණු මනා වස්ත්ර ඇති ඇය බහාලූ මාරපාශයක් මෙන් දිටිමි.
Pali BJT269. තතො මෙ මනසිකාරො යොනිසො උදපජ්ජථ, ආදීනවො පාතුරහු නිබ්බිදා සමතිට්ඨථ.
Sinhala BJT269. එයින් මට යෝනිසෝමනසිකාරය උපන. ආදීනව පහළ විය. නිබ්බිදාඤාණය එළැඹැ සිටියේ යැ.
Pali BJT270. තතො චිත්තං විමුච්චි මෙ පස්ස ධම්මසුධම්මතං, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසන’න්ති.
Sinhala BJT270.එයින් මාගේ සිත (කෙලෙසුන්ගෙන් ) මිදිණ. ධර්මයාගේ සුධර්මත්වය බල.(මා විසින්) ත්රිවිද්යාවෝ ලබන ලදහ. බුදුසසුන කරනලදැයි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා නාගසමාලො ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසෙයින් නාගසමාල ස්ථවිරයන් වහන්සේ ගාථා කීහ.
Pali BJTනාගසමාලත්ථෙරගාථා.
Sinhala BJTනාගසමාල ස්ථවිරගාථා යි.
Pali BJT4. 1. 2.
Sinhala BJT4. 1. 2.
Pali BJT271. අහං මිද්ධෙන පකතො විහාරා උපනික්ඛමිං, චඞ්කමං අභිරූහන්තො තත්ථෙව පපතිං{2} ඡමා.
Sinhala BJT271. මම මිද්ධයෙන් මඩනාලද්දෙම් විහාරයෙන් සක්මනට නික්මුණෙමි. සක්මනට නැඟෙනුයෙම් එහි මැ බිම වැටිණිමි.
Pali BJT272. ගත්තානි පරිමජ්ජිත්වා පුනපාරුයුහ චඞ්කමං, චඞ්කමෙ චඞ්කමිං සොහං අජ්ඣත්තං සුසමාහිතො.
Sinhala BJT272. ඒ මම අවයවයන් පිරිමැදගෙන යළිදු සක්මනට නැඟැ සක්මන්මළුයෙහි සක්මන් කෙළෙමි, ගෝචර සඞ්ඛ්යාත අධ්යාත්මයෙහි මොනොවට සමාහිත වූයෙම් ද වෙමි.
Pali BJT273. තතො මෙ මනසිකාරො යොනිසො උදපජ්ජථ, ආදීනවො පාතුරහු නිබ්බිදා සමතිට්ඨථ.
Sinhala BJT273. එයින් මට යෝනිසෝමනසිකාරය උපන. ආදීනව පහල වී, නිර්වේදඥානය එළැඹැ සිටියේ යැ.
Pali BJT274. තතො චිත්තං විමුච්චි මෙ පස්ස ධම්මසුධම්මතං, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසන’න්ති.
Sinhala BJT274. එයින් මාගේ සිත (කෙලෙසුන් කෙරෙන්) මිදිණ. ධර්මයාගේ සුධර්මත්වය බල, (මා විසින්) ත්රිවිද්යාවෝ ලබනලදහ. බුදුසසුන කරණ ලදැ යි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා භගුථෙරො ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසෙයින් භගුස්ථවිරයන් වහන්සේ ගාථා කීහ.
Pali BJTභගුත්ථෙරගාථා.
Sinhala BJTභගු ස්ථවිරගාථා යි.
Pali BJT4. 1. 3.
Sinhala BJT4. 1. 3.
Pali BJT275. පරෙ ච න විජානන්ති මයමෙත්ථ යමාමසෙ, යෙ ච තත්ථ විජානන්ති තතො සම්මන්ති මෙධගා.
Sinhala BJT275. ‘අපි මේ විවාදයෙහි නැසෙම්හ’ යි අන්ධබාල වූ අන්යයෝ නො දනිති. යම් පණ්ඩිත කෙනෙක් එහිලා (ආදීනව) දනිත් නම් එයින් කලහයෝ සන්හිඳෙත්.
Pali BJT276. යදා ච අවිජානන්තා ඉරියන්ත්යමරා{3} විය, විජානන්ති ච යෙ ධම්මං ආතුරෙසු අනාතුරා.
Sinhala BJT276. යම් කලෙකැ ආදීනව නො දන්නාහු වෙත් ද ඔහු ජරාමරණ නැතියවුන් මෙන් වෙසෙති. යම් කෙනෙක් ධර්මය දනිත් නම් ඔහු (කෙලෙසුන්ගෙන්) ආතුර වූවන් කෙරෙහි අනාතුර වෙත්.
Pali BJT277. යං කිඤ්චි සිථිලං කම්මං සඞ්කිලිට්ඨං ච යං වතං, සඞ්කස්සරං බ්රහ්මචරියං න තං හොති මහප්ඵලං.
Sinhala BJT277. යම්කිසි ලිහිල් වූ කුශලකර්මයෙක් වේ ද, කිලිටි වූ යම්කිසි ව්රතසමාදානයෙකුත් වේ ද සැකයෙන් සිහි කළයුතු බඹසරෙකුත් වේ ද ඒ මහත්ඵල නො වේ.
Pali BJT278. යස්ස සබ්රහ්මචාරිසු ගාරවො නූපලබ්භති, ආරකා හොති සද්ධම්මා නභං පුථුවියා යථා’ති.
Sinhala BJT278. යමක්හු ගේ සබ්රම්සරුන් කෙරෙහි ගෞරවයෙක් නැද්ද හෙතෙම පොළොවට අහස මෙන් සද්ධර්මයෙන් දුරු වේ යයි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා සභියො ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් සභියස්ථවිරයන් වහන්සේ ගාථා කීහ.
Pali BJTසභියත්ථෙරගාථා.
Sinhala BJTසභිය ස්ථවිරගාථා යි.
Pali BJT4. 1. 4.
Sinhala BJT4. 1. 4.
Pali BJT279. ධිරත්ථු පූරෙ දුග්ගන්ධෙ මාරපක්ඛෙ අවස්සුතෙ, නවසොතානි තෙ කායෙ යානි සන්දන්ති සබ්බදා.
Sinhala BJT279. අසූචියෙන් පිරුණු දුඟඳ වැහෙන මාරපාක්ෂික වූ රාගයෙන් තෙත් වූ තැනැත්තිය,( තිට) නින්දා වේවා, යම් ද්වාර කෙනෙක් හැමදා වැගිරෙත් ද තීගේ කයෙහි එබඳු නව ශ්රෝතස්හු වෙත්.
Pali BJT280. මා පුරාණං අමඤ්ඤිත්ථො මාසා දෙසි තථාගතෙ, සග්ගෙ’පි තෙ න රජ්ජන්ති කිමඞ්ග පන මානුසෙ.
Sinhala BJT280. පැරණි කෙළිසිනා නහමක් සිතව, තථාගතශ්රාවකයන් නහමක් ගටව. ඔවුහු ස්වර්ගයෙහි දු නො ඇලෙති. මානුෂසුඛයෙහි කියනු මැ කිම?
Pali BJT281. යෙ ච ඛො බාලා දුම්මෙධා දුම්මන්තී මොහපාරුතා, තාදිසා තත්ථ රජ්ජන්ති මාරඛිත්තම්හි බන්ධතෙ.
Sinhala BJT281. දුෂ්ප්රාඥ වූ වරදවා සිතනසුලු මෝහයෙන් වැසුණු යම් බාල කෙනෙක් ඇත් ද එබඳු වූ ඔහු මරහු විසින් බහාලූ ඒ පාශයෙහි රැඳෙත්.
Pali BJT282. යෙසං රාගො ච දොසො ච අවිජ්ජා ච විරාජිතා, තාදී තත්ථ න රජ්ජන්ති{1} ඡින්නසුත්තා අබන්ධනා’ති.
Sinhala BJT282. යම් කෙනකුන් විසින් රාගයත් ද්වේෂයත් අවිද්යාවත් ප්රහීණ කරන ලද්දාහු ද තාදී වූ සිඳිනලද තෘෂ්ණාසුත්ර ඇති ක්ලේශබන්ධන රහිත වූ ඔහු එහි නො රැඳෙත් යයි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා නන්දකො ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් නන්දක ස්ථවිරයන් වහන්සේ ගාථා කීහ.
Pali BJTනන්දකත්ථෙරගාථා.
Sinhala BJTනන්දක ස්ථවිරගාථා යි.
Pali BJT4. 1. 5.
Sinhala BJT4. 1. 5.
Pali BJT283. පඤ්චපඤ්ඤාසවස්සානි රජොජල්ලමධාරයිං, භුඤ්ජන්තො මාසිකං භත්තං කෙසමස්සුං අලොචයිං.
Sinhala BJT283. පස්පනස්වසක් මුළුල්ලෙහි රජස්දැලි දැරීමි, මසකට වරක් (දිවග තැබීමෙන්) බත් බුදිනු වීමි, කෙහෙරවුළු උදුරාලීමි.
Pali BJT284. එකපාදෙන අට්ඨාසිං ආසනං පරිවජ්ජයිං, සුක්ඛගූථානි ච ඛාදිං උද්දෙසං ච න සාදියිං.
Sinhala BJT284. එක් පයින් සිටියෙමි, අසුන් හැරපීමි, වියළි අසූචි ද කෑයෙමි, නිමන්ත්රණ ද නො පිළිගතිමි.
Pali BJT285. එතාදිසං කරිත්වාන බහුං දුග්ගතිගාමිනං, වුය්හමානො මහොඝෙන බුද්ධං සරණමාගමං.
Sinhala BJT285. මෙබඳු බොහෝ වූ දුගතිගාමී පව්කම් කොට මහත් වූ කාමාදි චතුරොඝයෙන් උල්පවනු ලබනුයෙම් බුදුන් සරණ කොට ගියෙමි.
Pali BJT286. සරණාගමනං පස්ස පස්ස ධම්මසුධම්මතං, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසන’න්ති.
Sinhala BJT286. (මාගේ) සරණගමනය බල, ශාසනධර්මයාගේ සුධර්මත්වය බල, තිවිද්යාවෝ ලබනලදහ. බුදුන්ගේ ශාසනය කරන ලදැ යි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා ජම්බුකො ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් ජම්බුක ස්ථවිරයන් වහන්සේ ගාථා කීහ.
Pali BJTජම්බුකත්ථෙරගාථා.
Sinhala BJTජම්බුක ස්ථවිරගාථා යි.
Pali BJT4. 1. 6.
Sinhala BJT4. 1. 6.
Pali BJT287. ස්වාගතං වත මෙ ආසි ගයායං ගයාඵග්ගුයා,{2} යං අද්දසාසිං සම්බුද්ධං දෙසෙන්තං ධම්මමුත්තමං.
Sinhala BJT287. ගයාතීර්ත්ථසමීපයෙහි ගයඵල්ගු සඞ්ඛ්යාත උතුරුපල්නකත්හි මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් වී, යම් හෙයෙකින් උතුම් වූ දහම් දෙසන-
Pali BJT288. මහප්පභං ගණාචරියං අග්ගප්පත්තං විනායකං, සදෙවකස්ස ලොකස්ස ජිනං අතුලදස්සනං.
Sinhala BJT288. මහත් වූ ශරීරප්රභා හා ඥානප්රභා ඇති ගණාචාර්ය්ය වූ දෙවියන් සහිත ලෝකයාට අග්රප්රාප්ත වූ විනායක වූ පස්මරුන් දිනූ අසදෘශදර්ශන ඇති-
Pali BJT289. මහානාගං මහාවීරං මහාජුතිමනාසවං, සබ්බාසවපරික්ඛීණං සත්ථාරමකුතොභයං.
Sinhala BJT289.මහානාග වූ මහාවීර වූ මහත් ප්රතාප ඇති අනාස්රව වූ සියලු ආස්රවයන් ක්ෂය කළ කොයිනුත් බිය නැති ශාස්තෘ වූ සම්යක් සම්බුද්ධයන් දිටිම් ද එහෙයිනි.
Pali BJT290. චිරසඞ්කිලිට්ඨං වත මං දිට්ඨිසන්දානසන්දිතං,{3} විමොචයී සො භගවා සබ්බගන්ථෙහි සෙනක’න්ති.
Sinhala BJT290. ඒ භාග්යවත්හු ඒකාන්තයෙන් බොහෝ කලෙකසිට කිලිටි වූ දෘෂ්ටිබන්ධනයෙන් බැඳුණු සේනක නම් වූ මා සියලු ග්රන්ථයන්ගෙන් මුදාලූහ යි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා සෙනකො ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් සෙකනස්ථවිරයන් වහන්සේ ගාථා කීහ.
Pali BJTසෙනකත්ථෙරගාථා.
Sinhala BJTසේනක ස්ථවිරගාථා යි.
Pali BJT4. 1. 7.
Sinhala BJT4. 1. 7.
Pali BJT291. යො දන්ධකාලෙ තරති තරණීයෙ ච දන්ධයෙ අයොනි{1} සංවිධානෙන බාලො දුක්ඛං නිගච්ඡති.
Sinhala BJT291. යමෙක් විනයකුකුයින් ලැසි වැ සිටියයුතු කල්හි ලාහෙලා (ත්වරිත වැ) ක්රියා කෙරේ ද යළි ත්වරිත වැ ක්රියා කළ යුතු කල්හි ලැසි වේ ද අනුපායසංවිධානය හේතු කොටගෙන ඒ බාල තෙම දුකට පැමිණෙයි.
Pali BJT292. තස්සත්ථා පරිහායන්ති කාළපක්ඛෙව චන්දිමා ආයසස්යඤ්ච{2} පප්පොති මිත්තෙහි ච විරුජ්ඣති.
Sinhala BJT292. ඒ බාලයාගේ දෘෂ්ටධාර්මිකාදි අර්ත්ථයෝ අවපස සඳ සෙයින් පිරිහෙති. (හේ) අපකීර්ති ඇතිබවට ද පැමිණෙයි. මිත්රයින් හා සමග ද විරුද්ධ වේ.
Pali BJT293. යො දන්ධකාලෙ දන්ධෙති තරණීයෙ ච තාරයෙ යොනිසො සංවිධානෙන සුඛං පප්පොති පණ්ඩිතො.
Sinhala BJT293. යමෙක් ලැසි වියයුතු කල්හි ලැසි වේ ද යළි ත්වරිත වියයුතු කල්හි ත්වරිත වේ ද නුවණින් උපායසංවිධානය හේතු කොටගෙන ඒ පණ්ඩිත තෙම සැපයට පැමිණෙයි.
Pali BJT294. තස්සත්ථා පරිපූරෙන්ති සුක්කපක්ඛෙව චන්දිමා යසො කිත්තිඤ්ච පප්පොති මිත්තෙහි න විරුජ්ඣතී’ති.
Sinhala BJT294. ඔහුගේ අර්ත්ථයෝ පුරපස සඳ සෙයින් පිරෙති. හෙතෙම යශසට හා කීර්තියට ද පැමිණෙයි. මිත්රයින් හා සමග ද විරුද්ධ නො වේ යයි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා සම්භූතො ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් සමභූතස්ථවිරයන් වහන්සේ ගාථා කීහ.
Pali BJTසම්භූතත්ථෙරගාථා.
Sinhala BJTසම්භූත ස්ථවිරගාථා යි.
Pali BJT4. 1. 8.
Sinhala BJT4. 1. 8.
Pali BJT295. උභයෙනෙව සම්පන්නො රාහුලභද්දො’ති මං විදූ යඤ්චම්හි පුත්තො බුද්ධස්ස යං ච ධම්මෙසු චක්ඛුමා.
Sinhala BJT295-296. යම් හෙයෙකින් (මම්) බුදුන්ගේ පුත්රයෙම් ද යම් හෙයෙකින් සිව්සස් දහම්හි මඟනුවණැස් ඇතියෙම් ද යම් හෙයෙකින් මාගේ ආස්රවයෝ ක්ෂය වූහු ද යම් හෙයෙකින් පුනර්භවයක් නැතියෙම් ද අර්හත් දක්ෂිණාර්හ වෙම් ද ත්රිවිද්යා ඇතියෙම් අමෘතාධිගම කෙළෙම් ජාතිසම්පත් ප්රතිපත්තිසම්පත් යන දෙකින් මැ යුක්ත වූ මා “රාහුලභද්ර යයි විඥයෝ දනිත්.
Pali BJT296. යං ච ආසවා ඛීණා යං ච නත්ථි පුනබ්භවො අරහා දක්ඛිණෙය්යොම්හි තෙවිජ්ජො අමතද්දසො.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT297. කාමන්ධා ජාලපච්ඡන්නා{3} තණ්හාඡදනඡාදිතා පමත්තබන්ධුනා බද්ධා මච්ඡාව කුමිනාමුඛෙ.
Sinhala BJT297. තෘෂ්ණාජාලයෙන් සර්වප්රකාරයෙන් වැසුණු එහෙයින් මැ තෘෂ්ණා-ඡදනයෙන් සොයනලද කාමයෙහි අන්ධ වූවාහු මරහු විසින් කෙමින්මුවෙහි මසුන් මෙන් බඳනා ලදහ.
Pali BJT298. තං කාමං අහමුජ්ඣිත්වා ඡෙත්වා මාරස්ස බන්ධනං සමූලං තණ්හමබ්බුය්හ සීතිභූතොස්මි නිබ්බුතො’ති.
Sinhala BJT298. මම ඒ කාමය හැරපියා මාරබන්ධන සිඳ මුල් සහිත තෘෂ්ණාව උදුරාපියා සිහිල් වූයෙමි, නිවුණෙමි යි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා රාහුලො ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් රාහුලභද්රස්ථවිරයන් වහන්සේ ගාථා කීහ.
Pali BJTරාහුලත්ථෙරගාථා.
Sinhala BJTරාහුලභද්ර ස්ථවිරගාථා යි.
Pali BJT4. 1. 9.
Sinhala BJT4. 1. 9.
Pali BJT299. ජාතරූපෙන පච්ඡන්නා{4} දාසීගණපුරක්ඛතා අඞ්කෙන පුත්තමාදාය භරියා මං උපාගමි.
Sinhala BJT299. රන්මුවා අබරණින් සැදුණු සිරුර ඇති දාසීගණයා විසින් පෙරටු කරනලද භාර්ය්යා තොමෝ ඇකයෙන් පුතු වඩාගෙන මා වෙත එළඹියා යැ.
Pali BJT300. තං ච දිස්වාන ආයන්තිං සකපුත්තස්ස මාතරං අලඞ්කතං සුවසනං මච්චුපාසං’ව ඔඩ්ඩිතං.
Sinhala BJT300. සැරසුණු හන්පෙරෙවි මනා වස්ත්ර ඇති බහාලූ මාරපාශයක් වැනි එන්නා වූ සියපුතුගේ මෑණියන් වූ ඇය දැක.
Pali BJT301. තතො මෙ මනසිකාරො යොනිසො උදපජ්ජථ ආදීනවො පාතුරහු නිබ්බිදා සමතිට්ඨථ.{5}
Sinhala BJT301. එයින් මට යෝනිසෝමනසිකාර උපන, ආදීනව පහළ වී, නිර්වේදය උදාවී.
Pali BJT302. තතො චිත්තං විමුච්චි මෙ පස්ස ධම්මසුධම්මතං තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනන්ති.
Sinhala BJT302. එයින් මාගේ සිත කෙලෙසුන් කෙරෙන් මිදිණ. ධර්මයාගේ සුධර්මතාව බලව, ත්රිවිද්යාවෝ ලබනලදහ, බුදුන්ගේ අනුශාසනය කරනලදැ’යි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා චන්දනො ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් චන්දනස්ථවිරයන් වහන්සේ ගාථා කීහ.
Pali BJTචන්දනත්ථෙරගාථා.
Sinhala BJTචන්දන ස්ථවිරගාථා යි.
Pali BJT4. 1. 10.
Sinhala BJT4. 1. 10.
Pali BJT303. ධම්මො හවෙ රකිඛති ධම්මචාරිං ධම්මො සුචිණ්ණො සුඛමාවහාති, එසානිසංසො ධම්මෙ සුචිණ්ණෙ න දුග්ගතිං ගච්ඡති ධම්මචාරී.
Sinhala BJT303. සුචරිතධර්ම තෙම එකත්නෙන් එදහම් පිළිපදිනුවනු රක්නේ යැ. මොනොවට රැස් කළ එදහම සුව එළවයි. ධර්මය මොනොවට රැස් කළ කල්හි තෙල අනුසස් ඇත. ධර්මචාරී තෙම දුගතියට නොයන්නේ යැ.
Pali BJT304. න හි ධම්මො අධම්මො ච උභො සමවිපාකිනො, අධම්මො නිරයං නෙති ධම්මො පාපෙති සුග්ගතිං.
Sinhala BJT304. ධර්මය අධර්මය යන දෙදෙන සමවිපාක ඇත්තාහු නො වෙති. අධර්මය නිරය කරා පමුණුවයි. ධර්මය සුගතියට පමුණුවයි.
Pali BJT305. තස්මා හි ධම්මෙසු කරෙය්ය ඡන්දං ඉති මොදමානො සුගතෙන තාදිනා, ධම්මෙ ඨිතා සුගතවරස්ස සාවකා නීයන්ති ධීරා සරණවරග්ගගාමිනො.
Sinhala BJT305. එහෙයින් ධර්මයෙහි සිටි බුද්ධශ්රාවක වූ ධීරයෝ උතුම් සරණ ගියාහු නිවනට ගෙනයනු ලැබෙති. තාදීගුණ ඇති සුගතයන් හේතු කොටගෙන මෙසේ සතුටු වනුයේ ධර්මයෙහි ඡන්දය කරන්නේ යැ.
Pali BJT306. විප්ඵොටිතො ගණ්ඩමූලො{1} තණ්හාජාලො සමූහතො, සො ඛීණසංසාරො න චත්ථි නිඤ්චනං චන්දො යථා දොසිනා පුණ්ණමාසියාති.{2}
Sinhala BJT306. පඤ්චස්කන්ධ සඞ්ඛ්යාත ගණ්ඞයාගේ මූලය නසනලද, තෘෂ්ණාජාලය උපුටනලද. ඒ මම ගෙවනලද සසර ඇත්තෙමි. මට රාගාදි කිඤ්චනයෙක් නැත. (මහිකාදි) දෝෂ රහිත බැවින් පණුරැසි සඳ මෙනි යි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා ධම්මිකො ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් ධම්මික ස්ථවිරයන් වහන්සේ ගාථා කීහ.
Pali BJTධම්මිකත්ථෙරගාථා.
Sinhala BJTධම්මික ස්ථවිරගාථා යි.
Pali BJT4. 1. 11.
Sinhala BJT4. 1. 11.
Pali BJT307. යදා බලාකා සුචිපණ්ඩරච්ඡදා කාළස්ස මෙඝස්ස භයෙන තජ්ජිතා, පලෙහිති ආලයමාලයෙසිනී තදා නදී අජකරණී රමෙති මං.
Sinhala BJT307. යම් කාලෙක පිවිතුරු සුදුපියාපත් ඇති කෙකිනි කළුමෙකුළට බියෙන් තැතිගන්නාලද්දී සැඟවෙන තැන් සොයන්නී වාසස්ථානය කරා පලායන්නී ද එකල්හි අජකරණී නදිය මා සතුටු කෙරෙයි.
Pali BJT308. යදා බලාකා සුවිසුද්ධපණ්ඩරා කාළස්ස මෙඝස්ස භයෙන තජ්ජිතා, පරියෙසති ලෙණමලෙණදස්සිනී තදා නදී අජකරණී රමෙති මං.
Sinhala BJT308. යම් කලෙක පිවිතුරු පඞෙරවන් වූ කෙකිනි කළුමෙකුළට බියෙන් තැතිගන්නාලද්දී තිලීයනස්ථාන නො දක්නී සැඟවෙන තැන් සොයන්නී ද එකල්හි අජකරණී නදිය මා සතුටු කෙරෙයි.
Pali BJT309. කං නු තත්ථ න රමෙන්ති ජම්බුයො උභතො තහිං, සොභෙන්ති ආපගාකූලං මම ලෙණස්ස පච්ඡතො.
Sinhala BJT309. එහි මාගේ ලෙන පිටිපස ජම්බුවෘක්ෂයෝ දෙපස ගංඉවුරු හොබවති. ඒ වෘක්ෂයෝ එහි කවරක්හු නො පිනවත් ද,
Pali BJT310. තා මතමදසඞ්ඝසුප්පහීනා භෙකා මන්දවතී පනාදයන්ති, නාජ්ජ ගිරිනදීහි විප්පවාසසමයො ඛෙමා අජකරණී සිවා සුරම්මා’ති.
Sinhala BJT310. සර්පසමූහයාගෙන් මොනොවට මිදුණු ගම්භීරනාද ඇති ඒ මඬියෝ නද දෙති. දැන් ගිරිනදින්ගෙන් වෙන් වැ විසියයුතු කාලය නො වෙයි. නිර්භය වූ අජකරණී නදිය භද්ර වූවා අතිශයින් සිත්කලු වූ යයි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා සප්පකො ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් සප්පක ස්ථවිරයන් වහන්සේ ගාථා කීහ.
Pali BJTසප්පකත්ථෙරගාථා.
Sinhala BJTසප්පක ස්ථවිරගාථා යි.
Pali BJT4. 1. 12.
Sinhala BJT4. 1. 12.
Pali BJT311. පබ්බජිං ජීවිකත්ථො’හං ලද්ධාන උපසම්පදං, තතො සද්ධං පටිලභිං දළ්හවිරියො පරක්කමිං.
Sinhala BJT311. මම ජීවිකාර්ත්ථී වැ පැවිදි වීම, උපසපුව ලැබ එයින් සැදැහැ ලදිමි, දැඩි වෙර ඇති වැ උත්සාහ කෙළෙමි.
Pali BJT312. කාමං භිජ්ජතු’යං කායො මංසපෙසී විසීයරුං, උභො ජණ්ණුකසන්ධීහි ජඞ්ඝායො පපතන්තු මෙ.
Sinhala BJT312. එකත්නෙන් මේ කය බිඳී යේවා, මාංශපේශීහු විසිරී යෙත්වා, මාගේ දෙදණ සන්ධියෙන් දෙකෙණ්ඩයෝ ගිලිහෙත්වා.
Pali BJT313. නාසිස්සං න පිවිස්සාමි විහාරා ච න නික්ඛමෙ, න’පි පස්සං නිපාතෙස්සං තණ්හාසල්ලෙ අනූහතෙ.
Sinhala BJT313. තෘෂ්ණා නමැති හුල නූදුළ කල්හි නො කමි, නො බොමි, වෙහෙරින් නො නික්මෙමි, ඇලය (බිම) නො තබමි.
Pali BJT314. තස්ස මෙවං විහරතො පස්ස විරියපරක්කමං, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසන’න්ති.
Sinhala BJT314. මෙසේ වාසය කරන්නා වූ මාගේ වීර්ය්ය සඞ්ඛ්යාත පරාක්රමය බලව, (මා විසින්,) ත්රිවිද්යාවෝ ලබනලදහ. බුදුන්ගේ අනුශාසනය කරනලදැ යි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා මුදිතො ථෙරො ගාථායො අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් මුදිත ස්ථවිරයන් වහන්සේ ගාථා කීහ.
Pali BJTමුදිතත්ථෙරගාථා.
Sinhala BJTමුදිත ස්ථවිරගාථා යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඋද්දානය:
Pali BJTනාගසමාලො භගු ච සභියො නන්දකො’පි ච ජම්බුකො සෙනකො ථෙරො සම්භූතො රාහුලො’පි ච භවති චන්දනො ථෙරො දසෙතෙ බුද්ධසාවකා ධම්මිකො සප්පකො ථෙරො මුදිතො චා’පි තෙ තයො ගාථායො ද්වෙ ච පඤ්ඤාස ථෙරා සබ්බෙ’පි තෙරසා’ති.
Sinhala BJTනාගසමාල යැ , භගු යැ, සභිය යැ, නන්දක යැ, ජම්බුක යැ, සොනක යැ, සම්භූත යැ, රාහුල යැ, යන බුදුසව්වෝ ද ධම්මික යැ, සප්පක යැ, මුදිත යැ යන තෙරවරු ද වෙති. ගාථා දෙපනසක් හා තෙළෙස් තෙර කෙනෙක් ද වෙත්.{*}
Pali BJTචතුක්කනිපාතො නිට්ඨිතො.
Sinhala BJTචතුක්කනිපාතය නිමි.
Pali BJT5. පඤ්චකනිපාතො.
Sinhala BJT5. පඤ්චක නිපාතය
Pali BJT5. 1. 1.
Sinhala BJT5. 1. 1.
Pali BJT315. භික්ඛු සීවථිකං ගන්ත්වා අද්දසං ඉත්ථිමුජ්ඣිතං, අපවිද්ධං සුසානස්මිං ඛජ්ජන්තිං කිමිහී ඵුටං.
Sinhala BJT315. භික්ෂුවක් වූ මම අමුසොහොනට ගොස් සොහොනෙහි හැරපියන ලද පණුවන් විසින් පැතිරැ කනලද (මළ) ස්ත්රියක දිටිමි.
Pali BJT316. යං හි එකෙ ජිගුච්ඡන්ති මතං දිස්වාන පාපකං, කාමරාගො පාතුරහු අන්ධො’ව වසතී අහුං.
Sinhala BJT316. ඇතැම් කෙනෙක් ලාමක වූ යම් මළ සිරුරක් දැක පිළිකුල් කෙරෙත් ද, මට එහිලා කාමරාගය පහළ විය. (යම් සිරුරක්) නවදොරින් අසූචි වැහේ නම් එහි අන්ධදයකු මෙන් වීමි.