Theragāthā

Verses of the Elder Monks

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 1-100 න් 2250

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTසුත්තන්තපිටකෙ
Sinhala BJTසූත්‍රාන්තපිටකයෙහි
Pali BJTථෙරගාථාපාළි
Sinhala BJTථේරගාථා
Pali BJTනිදානගාථා
Sinhala BJTනිදානගාථා
Pali BJTනමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස
Sinhala BJTඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!
Pali BJTසීහානං’ව නදන්තානං දාඨීනං ගිරිගබ්භරෙ සුණාථ භාවිතත්තානං ගාථා අත්තූපනායිකා.
Sinhala BJTගිරිගුහායෙහි නද දෙන, දළ ඇති සිංහයන් වැනි වැඩූ සිත් ඇති ආර්‍ය්‍යයන් තමන් පිළිබඳ වැ ගෙනහැර දැක් වූ ගාථාවන් අසවු.
Pali BJTයථානාමා යථාගොත්තා යථාධම්මවිහාරිනො යථාධිමුත්තා සප්පඤ්ඤා විහරිංසු අතන්දිතා.
Sinhala BJT(සුභූති ආදී) යම් යම් නම් ඇති (ගෞතම ආදි) යම් යම් ගෝත්‍ර ඇති යම් බඳු සමාපත්ති විහරණ ඇති, ශ්‍රද්ධා අධිමුක්ති ඇති, ත්‍රිහේතුක කර්‍මජ ප්‍රඥාවෙන් ප්‍රඥා ඇත්තෝ අනලස් වැ වාසය කළාහු ද,
Pali BJTතත්ථ තත්ථ විපස්සිත්වා ඵුසිත්වා අච්චුතං පදං කතන්තං පච්චවෙක්ඛන්තා ඉමමත්ථමභාසිසුං.
Sinhala BJTඔහු ඒ ඒ තන්හි විවසුන් වඩා නිවන්සුව ලැබ කෘතාන්ත සඞ්ඛ්‍යාත අග්‍රඵලය නුවණින් සලකා බලනුවෝ මේ (අත්තූපනායිකගාථා) අර්‍ත්‍ථය වදාළහ.
Pali BJT1. එකකනිපාතො
Sinhala BJT1. ඒකකනිපාතය
Pali BJTපඨමො වග්ගො
Sinhala BJTප්‍රථම වර්‍ගය
Pali BJT1. 1. 1.
Sinhala BJT1. 1. 1.
Pali BJT1. ඡන්නා මෙ කුටිකා සුඛා නිවාතා වස්ස දෙව යථාසුඛං චිත්තං මෙ සුසමාහිතං විමුත්තං ආතාපී විහරාමි වස්ස දෙවා’ති.
Sinhala BJT1. මා ගේ කුටිය සොයන ලද, (එහෙයින් මැ) සුව එළවයි, වාතපීඩා රහිත යැ, මේඝය, රිසිසේ වසිනු මැන. මා ගේ සිත මොනවට සමාහිත වූයේ යැ, (කෙලෙසුන් කෙරෙන්) වෙසෙසින් මිදුණේ යි, ආරබ්ධවීර්‍ය්‍ය ඇති වැ වෙසෙමි. මේඝය, (එහෙයින්) වසිනු මැන.
Pali BJTඉත්ථං සුදං ආයස්මා සුභූතිත්ථෙරො ගාථං අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ආයුෂ්මත් සුභූති ස්ථවිරයන් වහන්සේ මේ ගාථාව වදාළහ.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJTනොහොත් මා ගේ ආත්මභාවය සංවෘත යැ, එහෙයින් මැ සුඛප්‍රාප්ත යැ, නිහතමාන යැ, මේඝය, රිසිසේ වසිනු මැන, මා ගේ සිත මොනවට සමාහිත වූයේ යැ, විමුක්ත යැ, (මම) ආරබ්ධවීර්‍ය්‍ය ඇති වැ වෙසෙමි, මේඝය, (එහෙයින්) වසිනු මැන.
Pali BJTසුභූතිත්ථෙරගාථා.
Sinhala BJTසුභූති ස්ථවිරගාථා යි.
Pali BJT1. 1. 2.
Sinhala BJT1. 1. 2.
Pali BJT2. උපසන්තො උපරතො මන්තභාණී{1} අනුද්ධතො ධුනාති පාපකෙ ධම්මෙ දුමපත්තං ව මාලුතො’ති.
Sinhala BJT2. සන්හුන් ඉඳුරන් ඇති පවින් වැළැකුණු නුවණින් පිරික්සා බණනසුලු උඩඟු නො වූ (කොට්ඨිත මහණ) පවන රුක්පතක් මෙන් පාපධර්‍මයන් දුරු කෙරේ.
Pali BJTඉත්ථං සුදං ආයස්මා මහාකොට්ඨිතො ථෙරො ගාථං අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ මේ ගාථාව ආයුෂ්මත් මහාකොට්ඨිත ස්ථවිරයන් වහන්සේ වදාළහ.
Pali BJTමහාකොට්ඨිතත්ථෙරගාථා.
Sinhala BJTමහාකොට්ඨිත ස්ථවිරගාථා යි.
Pali BJT1. 1. 3.
Sinhala BJT1. 1. 3.
Pali BJT3. පඤ්ඤං ඉමං පස්ස තථාගතානං අග්ගි යථා පජ්ජලිතො{1} නිසීථෙ ආලොකදා චක්ඛුදදා භවන්ති යෙ ආගතානං විනයන්ති කඞ්ඛං’ති.
Sinhala BJT3. යම් කෙනෙක් තමන් වෙත පැමිණියවුන් ගේ සැක දුරලත් ද, නුවණ එළිය දෙන්නාහු වෙත් ද, පැණැස දෙන්නාහු වෙත් ද, මධ්‍යමරාත්‍රියෙහි ඇවිළෙන ගින්නක් බඳු වූ ඒ තථාගතවරුන් ගේ මේ ප්‍රඥාමහිමය බලනු මැනැවි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා කඞ්ඛාරෙවතො ථෙරො ගාථං අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ මේ ගාථාව ආයුෂ්මත් කඞ්ඛාරේවත ස්ථවිරයන් වහන්සේ වදාළහ.
Pali BJTකඞ්ඛාරෙවතත්ථෙරගාථා.
Sinhala BJTකඞ්ඛාරේවත ස්ථවිරගාථා යි.
Pali BJT1. 1. 4.
Sinhala BJT1. 1. 4.
Pali BJT4. සබ්භිරෙව සමාසෙථ පණ්ඩිතෙහත්ථදස්සිභි{2} අත්ථං මහන්තං ගම්භීරං දුද්දසං නිපුණං අණුං ධීරා සමධිගච්ඡන්ති අප්පමත්තා විචක්ඛණා’ති.
Sinhala BJT4. ප්‍රාඥ වූ යථාර්‍ත්‍ථය දක්නාසුලු වූ සත්පුරුෂයන් සමග මැ එක්වවු, අප්‍රමාද වූ විචක්‍ෂණ වූ ප්‍රාඥයෝ මහත් වූ ගැඹුරු වූ දුකසේ දැක්කයුතු වූ නිපුණ වූ සියුම් වූ අර්‍ත්‍ථය (සිව්සස්) අවබෝධ කෙරෙත්.
Pali BJTඉත්ථං සුදං ආයස්මා පුණ්ණො මන්තාණිපුත්තො ථෙරො ගාථං අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ මේ ගාථාව ආයුෂ්මත් මන්තානිපුත්‍ර පුණ්ණ ස්ථවිරයන් වහන්සේ වදාළහ.
Pali BJTපුණ්ණත්ථෙරගාථා.
Sinhala BJTපුණ්ණ ස්ථවිරගාථා යි.
Pali BJT1. 1. 5.
Sinhala BJT1. 1. 5.
Pali BJT5. යො දුද්දමියො{3} දමෙන දන්තො දබ්බො සන්තුසිතො විතිණ්ණකඞ්ඛො විජිතාවී අපෙතභෙරවො හි දබ්බො සො පරිනිබ්බුතො ඨිතත්තො’ති.
Sinhala BJT5. දමනයට දුෂ්කර වූ යමෙක් ආර්‍ය්‍යමාර්‍ගයෙන් දෝහෝ නොහොත් පුරුෂදම්‍යසාරථීහු විසින් දමනය කරන ලද්දේ ද, භාග්‍ය වූ සන්තුෂ්ට වූ දුරු කළ සැක ඇති දිනනලද කෙලෙස් ඇති, පහ වූ බිය ඇති අචලස්වභාවයට පැමිණි ඒ ‘දබ්බ’ මහණ ක්ලේශපරිනිර්‍වාණෙයන් පිරිනිවියේ යි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා දබ්බො ථෙරො ගාථං අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ මේ ගාථාව ආයුෂ්මත් දබ්බස්ථවිරයන් වහන්සේ ...
Pali BJTදබ්බත්ථෙරගාථා.
Sinhala BJTදබ්බ ස්ථවිරගාථා යි.
Pali BJT1. 1. 6.
Sinhala BJT1. 1. 6.
Pali BJT6. යො සීතවනං උපාග{4} භික්ඛු එකො සන්තුසිතො සමාහිතත්තො විජිතාවී අපෙතලොමහංසො රක්ඛං කායගතාසතිං ධිතීමා’ති.{5}
Sinhala BJT6. යම් මහණෙක් (විවේක සුව පතා) සීතවනයට පැමිණියේ ද ධෘතිමත් වූ ඒ මහණ හුදෙකලා වූයේ සතුටු වූයේ එකඟසිතැත්තේ කාගියාසී රක්නේ දිනනලද කෙලෙසුන් ඇත්තේ පහ වූ ලොමුදහ ඇත්තේ යි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා සීතවනියො ථෙරො ගාථං අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ... සීතවනවැසි සම්භූත ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTසීතවනියත්ථෙරගාථා.
Sinhala BJTසම්භූත ස්ථවිරගාථා යි.
Pali BJT1. 1. 7.
Sinhala BJT1. 1. 7.
Pali BJT7. යොපානුදී මච්චුරාජස්ස සෙනං නළසෙතුං ව සුදුබ්බලං මහොඝො විජිතාවී අපෙතභෙරවො හි දන්තො සො පරිනිබ්බුතො ඨිතත්තො’ති.
Sinhala BJT7. මහත් වූ ඕඝය ඉතා දුඹුල් වූ නළ හෙයක් මෙන් යමෙක් (කාමාදි) මරසෙන් (අග්‍රමාර්‍ගයෙන්) දුරු කෙළේ ද, කෙලෙසුන් දිනූ පහ වූ බිය ඇති දැමුණා වූ (ක්ලේශපරිනිර්‍වාණයෙන්) පිරිනිවි හෙතෙම අකම්ප්‍ය වූ සිත් ඇත්තේ යි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා භල්ලියො ථෙරො ගාථං අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ... භල්ලිය ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTභල්ලියත්ථෙරගාථා.
Sinhala BJTභල්ලිය ස්ථවිරගාථා යි.
Pali BJT1. 1. 8.
Sinhala BJT1. 1. 8.
Pali BJT8. යො දුද්දමියො{1} දමෙන දන්තො වීරො සන්තුසිතො විතිණ්ණකංඛො විජිතාවී අපෙතලොමහංසො වීරො සො පරිනිබ්බුතො ඨිතත්තො’ති.
Sinhala BJT8. දුකසේ දමනය කළයුතු යමෙක් ආර්‍ය්‍යමාර්‍ගයෙන් දෝහෝ නොහොත් පුරුෂදම්‍යසාරථිහු විසින් දමනය කරනලද්දේ ද, වීර වූ සන්තුෂ්ට වූ දුරු කළ සැක ඇති කෙලෙසුන් දිනූ පහ වූ ලොමුදහ ඇති ඒ වීර මහණ පිරිනිවියේ (එහෙයින් මැ) අචලස්වභාව ඇත්තේ යි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා වීරො ථෙරො ගාථං අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ... ආයුෂ්මත් වීර ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTවීරත්ථෙරගාථා.
Sinhala BJTවීර ස්ථවිරගාථා යි.
Pali BJT1. 1. 9.
Sinhala BJT1. 1. 9.
Pali BJT9. ස්වාගතං න දුරාගතං නයිදං දුමන්තිතං මම සංවිභත්තෙසු ධම්මෙසු යං සෙට්ඨං තදුපාගමින්ති.
Sinhala BJT9. මේ මාගේ ස්වාගතයෙකි, (එහෙයින් මැ) දුරාගතයෙක් නො වෙයි, මේ මා විසින් වරදවාගත් සිතිවිල්ලෙක් ද නො වෙයි. කවර හෙයින යත: (දුඃඛාදි) ප්‍රකාරයෙන් බෙදනලද ධර්‍මයෙහි ශ්‍රේෂ්ඨ වූ යම් සිව්සස්දහමෙක් වේ නම් එය ලදිම් ද එහෙයිනි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා පිළින්දවච්ඡො ථෙරො ගාථං අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ... ආයුෂ්මත් පිළින්‍දවච්ඡ ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTපිළින්දවච්ඡත්ථෙරගාථා.
Sinhala BJTපිළින්‍දවච්ඡ ස්ථවිරගාථා යි.
Pali BJT1. 1. 10.
Sinhala BJT1. 1. 10.
Pali BJT10. විහරි අපෙක්ඛං ඉධ වා හුරං වා යො වෙදගූ සමිතො යතත්තො සබ්බෙසු ධම්මෙසු අනූපලිත්තො ලොකස්ස ධඤ්ඤා උදයබ්බයඤ්ඤා’ති.
Sinhala BJT10. යමෙක් මෙ අත්බැව්හි හෝ පරඅත්බැව්හි නොහොත් ආධ්‍යාත්මික බාහිර ආයතනයන්හි තෘෂ්ණාව වෙසෙසින් දුරු කෙළේ ද මඟනුවණින් (නිවනට) ගිය සන්හුන් වූ (මාර්‍ගසංවරයෙන්) සංයත වූ සිතැති හෙතෙම (උපාදානස්කන්‍ධ) ලෝකයා ගේ උදය ව්‍යය ද දැන සියලු ආලම්බනධර්‍මයන්හි නො ඇලුණේ වේ.
Pali BJTඉත්ථං සුදං ආයස්මා පුණ්ණමාසො ථෙරො ගාථං අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ... පුණ්ණමාස ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTපුණ්ණමාසත්ථෙරගාථා.
Sinhala BJTපුණ්ණමාස ස්ථවිරගාථා යි.
Pali BJTපඨමො වග්ගො.
Sinhala BJTප්‍රථම වර්‍ගය යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඋද්දානය:
Pali BJTසුභූති කොට්ඨිතො ථෙරො කඞ්ඛාරෙවතසම්මතො{2} මන්තාණිපුත්තො දබ්බො ච සීතවනියො ච භල්ලියො වීරො පිළින්දවච්ඡො ච පුණ්ණමාසො තමොනුදො’ති.
Sinhala BJTසුභූති ස්ථවිර ද කොට්ඨිත ස්ථවිර ද කඞ්ඛාරේවත ස්ථවිර ද මන්තානිපුත්‍ර (පුණ්ණ) ස්ථවිර ද දබ්බ ස්ථවිර ද සීතවන වැසි (සම්භූත) ස්ථවිර ද භල්ලිය ස්ථවිර ද වීර ස්ථවිර ද පිළින්‍දවච්ඡ ස්ථවිර ද අවිදු අඳුර දුරු කරන පුණ්ණමාස ස්ථවිර දැ යි (ප්‍රථමවර්‍ගයෙහි තෙරවරු දස දෙනෙකි.)
Pali BJTදුතියො වග්ගො
Sinhala BJTද්විතීය වර්‍ගය
Pali BJT1. 2. 1.
Sinhala BJT1. 2. 1.
Pali BJT11. පාමොජ්ජබහුලො{1} භික්ඛු ධම්මෙ බුද්ධප්පවෙදිතෙ අධිගච්ඡෙ පදං සන්තං සඞ්ඛාරූපසමං සුඛන්ති.
Sinhala BJT11. බුදුරදුන් වදාළ (නවලොවුතුරු) දහම්හි ප්‍රමෝද බහුල වූ මහණ තෙම ශාන්තපද වූ සංස්කාරයන් ගේ ව්‍යුපශම සඞ්ඛ්‍යාත (නිවන්) සුවය විඳිනේ යි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා චූළවච්ඡො{2} ථෙරො ගාථං අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ... චූළවච්ඡ ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTචූළවච්ඡත්ථෙරගාථා.
Sinhala BJTචූළවච්ඡ ස්ථවිරගාථා යි.
Pali BJT1. 2. 2.
Sinhala BJT1. 2. 2.
Pali BJT12. පඤ්ඤාබලී සීලවතූපපන්නො සමාහිතො ඣානරතො සතීමා යදත්ථියං භොජනං භුඤ්ජමානො කඞ්ඛෙථ කාලං ඉධ වීතරාගො’ති.
Sinhala BJT12. (පාරිහාරිය විපස්සනා වශයෙන්) ප්‍රඥාබල ඇති (සිව්පිරිසිදු) සීලයෙන් හා (ධූතධම්ම සඞ්ඛ්‍යාත) ව්‍රතයෙන් සමන්‍වාගත වූ එකඟසිත් ඇති ධ්‍යානයෙහි ඇලුණු මනාසිහි ඇති (කායස්ථිති ආදී) අර්‍ත්‍ථයෙන් නො වෙන් වැ අහර වළඳන මේ සසුන්හි රහතන් වහන්සේ (අනුපාදා පරිනිර්‍වාණ) කාලය අපේක්‍ෂා කරන්නාහු යි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා මහාවච්ඡො{3} ථෙරො ගාථං අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ... මහාවච්ඡ ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTමහාවච්ඡත්ථෙරගාථා.
Sinhala BJTමහාවච්ඡ ස්ථවිරගාථා යි.
Pali BJT1. 2. 3.
Sinhala BJT1. 2. 3.
Pali BJT13. නීලබ්භවණ්ණා රුචිරා සීතවාරී සුචින්ධරා ඉන්දගොපකසඤ්ඡන්නා තෙ සෙලා රමයන්ති ම’න්ති.
Sinhala BJT13. නිල්වලා බඳු වූ පැහැපත් සිහිල්දිය ඇති, සුවිශුද්ධභූමිභාග ඇති, රතිඳුගොව්වන් විසින් වැසුණු ඒ පර්‍වතයෝ මා සිත් අලවත්.
Pali BJTඉත්ථං සුදං ආයස්මා වනවච්ඡො ථෙරො ගාථං අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ... වනවච්ඡ ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTවනවච්ඡත්ථෙරගාථා.
Sinhala BJTවනවච්ඡ ස්ථවිරගාථා යි.
Pali BJT1. 2. 4.
Sinhala BJT1. 2. 4.
Pali BJT14. උපජ්ඣායො මං අවච{4} ඉතො ගච්ඡාම{5} සීවක ගාමෙ මෙ වසති කායො අරඤ්ඤං මෙ ගතො මනො සෙමානකො පි ගච්ඡාමි නත්ථි සඞ්ගො විජානත’න්ති.
Sinhala BJT14. “සීවකය, මෙයින් වනයට යම්හ” යි උපාධ්‍යායයන් වහන්සේ මට කීහ, මාගේ කය ගම්හි වෙසෙයි, (එහෙත්) මාගේ සිත අරණ්‍යයට ගියේ යි. හෝනෙම් නමුදු යෙමි. (කාමයෙහි ආදීනව හා නෛෂ්ක්‍රම්‍යයෙහි අනුසස්) දන්නවුන් ගේ (කිසිවක) ඇලීමෙක් නැති.
Pali BJTඉත්ථං සුදං ආයස්මතො වනවච්ඡස්ස ථෙරස්ස සාමණෙරො ගාථං අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ... ආයුෂ්මත් වනවච්ඡ තෙරුන්ගේ හෙරණුන් දෑ ...
Pali BJTවනවච්ඡත්ථෙරසාමණෙරගාථා.
Sinhala BJTවනවච්ඡත්‍ථේර සාමණෙරගාථා යි.
Pali BJT1. 2. 5.
Sinhala BJT1. 2. 5.
Pali BJT15. පඤ්ච ඡින්දෙ පඤ්ච ජහෙ පඤ්ච චුත්තරි භාවයෙ පඤ්චසඞ්ගාතිගො භික්ඛු ඔඝතිණ්ණො’ති වුච්චතී’ති.
Sinhala BJT15. (ඕරම්භාගිය සංයෝජන) පස සිඳින්නේ යැ, (උද්ධම්භාගිය සංයෝජන) පස දුරැලන්නේ යැ, මත්තෙහි (ශ්‍රද්ධාදි ඉන්‍ද්‍රියයන්) පස ද, වඩන්නේ යැ, (රාගාදි) පඤ්ච සඞ්ගයන් ඉක්ම ගිය මහණ තෙම ඕඝතිණ්ණ (කාමාදිචතුරෝඝයන් තරණය කෙළේ) යයි කියනු ලැබේ.
Pali BJTඉත්ථං සුදං ආයස්මා කුණ්ඩධානො ථෙරො ගාථං අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ආයුෂ්මත් කුණ්ඩධාන ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTකුණ්ඩධානත්ථෙරගාථා.
Sinhala BJTකුණ්ඩධාන ස්ථවිරගාථා යි.
Pali BJT1. 2. 6.
Sinhala BJT1. 2. 6.
Pali BJT16. යථා පි භද්දො ආජඤ්ඤො නඞ්ගලාවත්තනී සිඛී ගච්ඡති අප්පකසිරෙන එවං රත්තින්දිවා මම ගච්ඡති අප්පකසිරෙන සුඛෙ ලද්ධෙ නිරාමිසෙ’ති.
Sinhala BJT16. අං ඇති සොඳුරු අජානීය වෘෂභයෙක් නඞ්ගලපථයෙහි (හීවිටෙහි) යම්සේ නිදුකින් යේ ද, එසෙයින් මට දවරෑ නිදුකින් ඉක්මෙයි. (මා විසින්) නිරාමිස (ඵලසමවත්) සුවය ලබන ලද්දේ යි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා බෙල්ලට්ඨිසීසො ථෙරො ගාථං අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ... බෙල්ලට්ඨිසීස ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTබෙල්ලට්ඨිසීසත්ථෙරගාථා.
Sinhala BJTබෙල්ලට්ඨිසීස ස්ථවිරගාථා යි.
Pali BJT1. 2. 7.
Sinhala BJT1. 2. 7.
Pali BJT17. මිද්ධි යදා හොති මහග්ඝසො ච නිද්දායිතා සම්පරිවත්තසායී මහාවරාහො’ව නිවාපපුට්ඨො පුනප්පුනං ගබ්භමුපෙති මන්දො’ති.
Sinhala BJT17. යම් කලෙකැ මඳ නුවණැත්තේ ථීනමිද්ධයෙන් මඩනා ලදුයේ බොහෝ කොට අහර බුදින්නේත් වේ ද, නිදනසුලු වූයේ පෙරැළි පෙරැළී නිදන්නේත් වේ ද හෙතෙම හූරු බතින් පුස්නාලද මහහූරකු සෙයින් පුනපුනා ගැබට වදී. (සසර උපදී යි සේ යි)
Pali BJTඉත්ථං සුදං ආයස්මා දාසකො ථෙරො ගාථං අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ... දාසක ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTදාසකත්ථෙරගාථා.
Sinhala BJTදාසක ස්ථවිරගාථා යි.
Pali BJT1. 2. 8.
Sinhala BJT1. 2. 8.
Pali BJT18. අහු බුද්ධස්ස දායාදො භික්ඛු භෙසකලාවනෙ කෙවලං අට්ඨිකසඤ්ඤාය{1} අඵරී පඨවිං ඉමං මඤ්ඤෙ’හං කාමරාගං සො ඛිප්පමෙව පහිස්සතීති.
Sinhala BJT18. බුදුන්ගේ (නව ලොවුතුරු දහම්) දායාද ඇති මහණෙක් භේසකලාවනයෙහි වෙයි. (හෙතෙම) මේ සියලු (ආත්මභාව සඞ්ඛ්‍යාත) පෘථිවිය ‘අට්ඨික’ සංඥායෙන් පතුළේ ය, හෙතෙම වහාමැ කාමරාගය ප්‍රහීණ කෙරේ යයි මම හඟිමි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා සිගාලපිතා{2} ථෙරො ගාථං අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ... සිගාලපීතෘ ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTසිගාලපිතුත්ථෙරගාථා.
Sinhala BJTසිගාලපීතෘ ස්ථවිරගාථා යි.
Pali BJT1. 2. 9.
Sinhala BJT1. 2. 9.
Pali BJT19. උදකං හි නයන්ති නෙත්තිකා උසුකාරො නමයන්ති තෙජනං දාරුං නමයන්ති තච්ඡකා අත්තානං දමයන්ති සුබ්බතා’ති.
Sinhala BJT19. දියාළුවෝ දිය (රිසි රිසි තැනට) ගෙනයෙති, හීවඩුවෝ හීය (රිසිසේ) නමති, (ඍජු කෙරෙති යි සේ යි). දැව වඩුවෝ දැවය නමති, එසේම ශීලාදී මනා පැවතුම් ඇත්තාහු තමා (සිත) දමනය කෙරෙත්.
Pali BJTඉත්ථං සුදං ආයස්මා කුණ්ඩලො ථෙරො ගාථං අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ... කුණ්ඩල ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTකුණ්ඩලත්ථෙරගාථා.
Sinhala BJTකුණ්ඩල ස්ථවිරගාථා යි.
Pali BJT1. 2. 10.
Sinhala BJT1. 2. 10.
Pali BJT20. මරණෙ මෙ භයං නත්ථි නිකන්ති නත්ථි ජීවිතෙ සන්දෙහං නික්ඛිපිස්සාමි සම්පජානො පතිස්සතො’ති.
Sinhala BJT20. මට මරණයෙහි බියක් නැත, ජීවිතයෙහි අපේක්‍ෂාවක් නැති, සම්‍යග්ඥාන ඇත්තෙම් එළඹසිටිසිහි ඇත්තෙම් සිය සිරුර බහාතබන්නෙමි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා අජිතො ථෙරො ගාථං අභාසිත්ථා’ති.
Sinhala BJTමෙසේ ... අජිත ස්ථවිරයන් වහන්සේ ...
Pali BJTඅජිතත්ථෙරගාථා.
Sinhala BJTඅජිත ස්ථවිරගාථා යි.
Pali BJTදුතියො වග්ගො.
Sinhala BJTද්විතීය වර්‍ගය යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඋද්දානය:
Pali BJTචූළවච්ඡො මහාවච්ඡො වනවච්ඡො ච සීවකො කුණ්ඩධානො ච බෙලට්ඨි දාසකො ච තතොපරි සිගාලපිතිකො ථෙරො කුණ්ඩලො ච අජිතො දසා’ති.
Sinhala BJTචුළවච්ඡ ස්ථවිර යැ, මහාවච්ඡ ස්ථවිර යැ, වනවච්ඡ ස්ථවිර යැ, සීවක ස්ථවිර යැ, කුණ්ඩධාන ස්ථවිර යැ, බෙල්ලට්ඨිසීස ස්ථවිර යැ, දාසක ස්ථවිර යැ, ඉන් මතුයෙහි සිගාල පීතෘ ස්ථවිර යැ, කුණ්ඩල ස්ථවිර යැ, අජිත ස්ථවිර යැ යි දෙවැනි වගැ තෙරවරු දස දෙනෙකි.
Pali BJTතතියො වග්ගො
Sinhala BJTතෘතීය වර්‍ගය
Pali BJT1. 3. 1.
Sinhala BJT1. 3. 1.
Pali BJT21. නාහං භයස්ස භායාමි සත්ථා නො අමතස්ස කොවිදො යත්ථ භයං නාවතිට්ඨති තෙන මග්ගෙන වජන්ති භික්ඛවො’ති.
Sinhala BJT21. මම භය (ජාතිජරාමරණාදි) හේතුයෙන් නො බමි, අප ගේ ශාස්තෘහු අමෘතයෙහි නිපුණයහ. යම් නිවනෙකැ බිය නො බැසැගෙන සිටී නම් භික්‍ෂූහු ඒ ආර්‍ය්‍යමාර්‍ගයෙන් එහි යෙත්.