Sutta Nipāta

Collection of Discourses

මූලාශ්‍රය සහ සංස්කරණ විස්තර

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-25 · 1562 segments

කියවීමේ විකල්පමෙම උපාංගයේ පමණක් සුරැකේ

ඔබගේ පෞද්ගලික සටහන

ඔබට පමණක් පෙනේ. මූලාශ්‍ර පාඨයේ කොටසක් නොවේ.

පෙන්වන කොටස් 801-900 න් 1562

පාඨයක් සොයන්න හෝ පිටුව වෙනස් කරන්න
kn-snp-3:180.6
575. තොප විසින් උපධීහු සමක්‍රාන්ත වෙති. තොපගේ ආස්‍රවයෝ පළන ලදහ. ප්‍රහීණ භය භේරව ඇති, උපාදාන විසින් නොගන්නා තෙපි සිංහවව.
kn-snp-3:180.7
576. මෙ තුන්සිය මහණහු බඳැදිලිව මෙහි සිටිත්, මහාවීරයෙනි, පා විදාපුව මැනව. (නිෂ්පාප හෙයින්) නාගයෝ ශාස්තෘහුගේ පා වඳනාහයි.
kn-snp-3:180.8
සේල සූත්‍රය නිමි.
kn-snp-3:182.1
3. 8.
kn-snp-3:182.2
සල්ල සූත්‍රය
kn-snp-3:182.3
577. මෙලොව්හි මනුෂ්‍යයන් ගේ ජීවිතය (මරණය හඟවන) නිමිති නැතියෙක. එහෙයින් මැ අඥාත යැ. සුඛ යාපනීය නොවෙයි. අල්පද වෙයි. එද දුකින් යුක්තය.
kn-snp-3:182.4
578. යම් උපක්‍රමයෙකින් උපන් සත්ත්‍වයෝ නොමියෙත් නම්, එබඳු උපක්‍රමයක් නැත, ජරාවට පැමිණ ද ( නො පැමිණ ද) මරණය වෙයි, ප්‍රාණීහු මෙබඳු සැහැවි ඇතියහ.
kn-snp-3:182.5
579. පරිපක්ව (ඉදුනු) ඵලයනට ප්‍රාතඃකාලයෙහි (අලුයම) පතනයෙන් වන බිය සෙයින් උපන් සත්නට නිරතුරු මරණින් බිය උපදනේ ය.
kn-snp-3:182.6
580. යම් සෙයෙකින් කුඹලු විසින් කරණ ලද මැටිමුවා බඳුන් හැම බිඳුම් හිමි කොට ඇතියේ ද, මිනිසුන්ගේ ජීවිතයත් එබඳු වෙයි.
kn-snp-3:182.7
581. ලදරු කෙනෙක් වෙත්වයි මහලු කෙනෙක් වෙත්වයි යම් අඥාන කෙනෙක් වෙත්වයි පණ්ඩිත කෙනෙක් වෙත්වයි, උහු හැම මරවසට යෙති හැම මෘත්‍යුපරායණ වෙත්.
kn-snp-3:182.8
582. මරහු විසින් මඩනා ලද උන් පරලොව යත් මැ පියා සිය පුතු පරලොවින් නො රක්නේ ය. ඥාතීහු හෝ සිය නෑයන් නො රක්නාහ.
kn-snp-3:182.9
583. බලව, ඥාතීන් බලාසිටුත්මැ බොහෝ දෙන නන් දොඩත්මැ එකලා වූ මැ මර මිනිසුන් අතුරෙන් එකඑකා ගෝඝාතකයා සෙයින් ගෙණ යනු ලැබෙයි.
kn-snp-3:182.10
584. මෙසේ ලොව මෘත්‍යුහු විසිනුදු ජරාව විසිනුදු මැඩුනේ වෙයි. එහෙයින් ලෝකාස්වභාවය දැන ධීරයෝ නො සොවිති.
kn-snp-3:182.11
585. මවු කුසට පැමිණියා වූත් මියගියාවූත් යමකුගේ ගතාගතමාර්‍ගය නොදනුයෙහි නම්, උභයාන්තයන් නො දක්මින් නිරර්‍ත්‍ථකව වලප්නෙහි.
kn-snp-3:182.12
586. ඉදින් වලප්නා තැනැත්තේ කිසි අර්‍ත්‍ථයක් දරා නම් විචක්‍ෂණ තැනැත්තේ ද සම්මූඪ වැ තමා පෙළමින් තෙල මැ කරන්නේ ය.
kn-snp-3:184.1
587. රෝදනයෙන් හෝ ශෝකයෙන් හෝ චිත්තශාන්තිය නො ලබයි. ඔහට අධිකමාත්‍රායෙන් දුක් උපදනේ ය. සිරිරු ද වැනැසෙයි.
kn-snp-3:184.2
588. කෘශවූයේත් දුර්වර්‍ණවූයේත් වෙයි. තෙමේ තමා නසන්නේ ද වෙයි. ඒ පරිදේවනායෙන් මිය ගියාහු ද තමන් නො රක්නාහ. එ හෙයින් පරිදේවනා නිරර්‍ත්‍ථක වෙයි.
kn-snp-3:184.3
589. ඥාතිව්‍යසනශෝක නොහරනා නරතෙම බෙහෙවින් දුකට පැමිණෙයි. කලුරිය කළහු අනුව සොවින්නේ ශෝකවශයට ම ගියේ වෙයි.
kn-snp-3:184.4
590. පරලොව ගමනට සැදි සිටුනා, කම්වූ පරිදි මියන, මාරවශයට පැමිණ සසලන, මෙලොව්හි අන්‍ය ප්‍රාණීන් ද බලව.
kn-snp-3:184.5
591. යම් මැ අයුරෙකින් සත්ත්‍වයෝ හඟිත් නම්, එය එයින් අන් පරිදි වෙයි. මෙබඳු විනාභාවයෙක් ඇත. ලෝකස්වාභාවය බලව.
kn-snp-3:184.6
592. ඉදින් මිනිස් තෙමේ සිය වසක් හෝ ඉන් වැඩියක් හෝ ජීවත් වේ නම්, නෑ ගණයාගෙන් (මරණ විසින්) වියෝ වේ මැයි. මෙලොව්හි දිවි මෙසේ දන්නේ ය.
kn-snp-3:184.7
593. එකරුණින් මැ රහත්හුගේ (සම්බුදුන්ගේ) මෙබඳු ධර්‍මදේශනා අසා පරිදේවනා හැරපියා කලුරිය කළ පරලොව ගියහුදැක තෙල ප්‍රේත මා විසින් යලි නොලද හැක්කේ”යි පරිදේවනා හැර පියන්නේ ය.
kn-snp-3:184.8
594. ගින්නෙන් ඇවිළගත් ගෙයක් දියෙන් යම් සෙයින් නිවන ලදුයේ ද එසෙයින් කෙලෙස් පිරිනිවි ධෘතිසම්පන්න ස්වාභාවික ප්‍රඥා ඇති (බහුශ්‍රුත ප්‍රඥායෙන්) පණ්ඩිත වූ චින්තාමය ප්‍රඥායෙන් දක්‍ෂවූ නරතෙම උපන් ශෝකය මාරුතය පුළුන් පෙදක් සෙයින් වහා පිඹ හරනේ ය.
kn-snp-3:184.9
595. තම හට සුව පතනුයේ තමාගේ පරිදේව යැ තෘෂ්ණා යැ, දොම්නස යැ යන ශල්‍යයන් උදුරා ලන්නේය.
kn-snp-3:184.10
596. උදුරා ලූ සෝහුල් ඇතියේ තෘෂ්ණාදෘෂ්ටි නිඃශ්‍රිත නොවූයේ චිත්තශාන්තියට පැමිණ සර්‍වශෝකයන් ඉක්මැවූයේ කෙලෙස් පිරිනිවියේ අශෝක වේ යයි.
kn-snp-3:184.11
සල්ල සූත්‍රය නිමි.
kn-snp-3:186.1
3. 9.
kn-snp-3:186.2
වාසෙට්ඨ සූත්‍රය
kn-snp-3:186.3
මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ ඉච්ඡානඞ්ගල නම් ගම්හි ඉච්ඡානඞ්ගල වනලැහැබ්හි වැඩ වසන සේක, එ සමයෙහි බොහෝ අභිඥාත වූ බ්‍රාහ්මණමහාසාරයෝ ඉච්ඡානඞ්ගලයෙහි වාසය කරති. උහු කවරහ යත්: චඞ්කී බ්‍රාහ්මණය, තාරුක්ඛ බ්‍රාහ්මණය, පොක්ඛරසාති බ්රාහ්මණය, ජානුස්සෝණී බ්‍රාහ්මණය, තෝදෙය්‍ය බ්‍රාහ්මණය, අන්‍යවූත් අභිඥාත බ්‍රාහ්මණ මහා සාරයෝ ය යන මොහු යි. එකල්හි ජඞ්ඝාවිහාර සඳහා ඔබ මොබ අනුචඞ්ක්‍රමණ කරණ අනුවිචරණ කරණ වාසෙට්ඨ, භාරද්වාජ බ්‍රාහ්මණ මාණවකයන් අතර මෙ අතුරු කථාව පහළ විය. “භවත්නි, කෙසේ බ්‍රාහ්මණ වේ ය”යි?
kn-snp-3:186.4
භාරද්වාජ මාණව මෙසේ කීය: යම් කරුණෙකින් මවුපසින් හා පිය පසින් හා දෙපසින් සුජාත වේද, සුපුරිසිදු මවුකුස් ඇතියේ ද, සත්මුතු පරපුර තෙක් (ජාතිගෝත්‍ර විසින්) අවඥාත නොවූයේ ද, ජාතිවාදයෙන් අනුපකෘෂ්ට වූයේ ද මෙ තෙක් කරුණින් බ්‍රාහ්මණ වේය”යි,
kn-snp-3:186.5
වාසෙට්ඨ මාණව මෙසේ කීය: “භවත්නි, යම්කරුණෙකින් සිල්වත් වේ ද, වත්සපන් වේ ද මෙතෙක් කරුණෙන් බ්‍රාහ්මණ වේය”යි. භාරද්වාජමානව වාසෙට්ඨ මාණවයාට කරුණු ගන්වන්නට නො මැ හැකි විය. වාසෙට්ඨමාණවයාත් භාරද්වාජ මාණව හට කරුණු හැඟැවිය නො හැකි මැ විය.
kn-snp-3:186.6
එකල්හි වාසෙට්ඨ මාණව භාරද්වාජ මානවයා ඇමතීය: “භාරද්වාජයෙනි, ශාක්‍යකුලයෙන් පැවිදිවූ මේ ශ්‍රමණ ගෞතම ශාක්‍ය පුත්‍ර ඉච්ඡානඞ්ගල ගම්හි ඉච්ඡානඞ්ගල වනලැහැබ්හි වැඩැ වෙසෙයි. එ භවත් ගෞතමයන්ගේ මෙවන් කලණ කිත් ගොසෙක් උස්ව නැංගේය. එ භවත් -පෙ- බුද්ධය, භාග්‍යවත්”හයි. භවත් භාරද්වාජයෙනි, යම්හ, ශ්‍රමණ ගෞතමයන් කරා එළැඹෙම්හ. එළැඹ මහණ ගොයුම්හුවෙතින් තෙල කරුණ අසා දැනුම්හ, ශ්‍රමණ ගෞතමයෝ යම් ලෙසකින් අපට විවරණ කරන්නාහු නම් එසෙයින් අසා ධරම්හ”යි. “භවත්නි, එසේය”යි භාරද්වාජ මාණව වාසෙට්ඨ මාණව හට පිළිවදන් ඇස් වීය.
kn-snp-3:186.7
එක්බිති වාසෙට්ඨ භාරද්වාජ මානවයෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ හා සමග සතුටු වූහ. සතුටු විය සිහිකටයුතු කථා කොට නිමවා එකත් පස්හි හුන්හ. එකත්පස්හි හුන් වාසෙට්ඨ මාණව භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කරුණු සැල කළේයැ:
kn-snp-3:188.1
597. අපි දෙදෙන (ගුරුන් විසිනුදු අප විසිනුදු) අනුඥාත ප්‍රතිඥාත ත්‍රිවිද්‍යා ඇතියම් හ. මම් පොක්ඛරසාතී ඇදුරුහුගේ දෙටු අතැවැසි යෙමි. මෙ මාණව තාරුක්ඛ ඇදුරුහුගේ දෙටු අතැවැසි වෙයි.
kn-snp-3:188.2
598. ත්‍රිවේදයන් පිළිබඳ යමක් උගන්වන ලද නම්, අපි එහි නිෂ්ඨාගතයම්හ. පදහදාරන්නමෝ වියරණ දතුවමෝ (වේද සඞ්ඛ්‍යාත) ජල්පයෙහි ආචාර්‍ය්‍ය සදෘශයම්හ.
kn-snp-3:188.3
599. ගෞතමයන් වහන්ස, එ අප දෙදෙන අතර ජාතිවාද නිමිත්තයෙන් විවාදැයෙක් ඇත. ඒ ජාතියෙන් බ්‍රාහ්මණ වේ යයි භාරද්වාජ බෙණෙයි, කර්‍මයෙන් බ්‍රාහ්මණ වෙතී මම් කියමි, චක්‍ෂූර්‍මතුන්වහන්ස, තෙල කරුණ මෙසෙයින් දැනගන්නා සේක්වා.
kn-snp-3:188.4
600. එ අපි දෙදෙන උනුන් ගිවිස්වන්නට නො හැකියම්හ. (එහෙයින් ) ‘සම්බුද්ධහ’යි විශ්‍රැත භාග්‍යවතුන් පුළුවුස්නට පැමිණියම්හ.
kn-snp-3:188.5
601. යම්සේ ජනයෝ (ක්‍ෂයාතීතවූ) පිරිපුන් සඳ දැක බදැඳිලි වෙත්ද: එසෙයින් ලොව්හි ගෞතමයන් ද වෙතැ පැමිණ වදනාහු නමදිත්.
kn-snp-3:188.6
602. අපි ලොව්හි උපන් නුවණැසවූ ගෞතමයන් පුළුවුසුම්හ: “ජාතිමාත්‍රයෙන් බ්‍රාහ්මණ වේද? නැතහොත් කර්‍ම හේතුයෙන් බ්‍රාහ්මණවේ? දැ”යි. යම් පරිද්දෙකින් අපි බ්‍රාහ්මණයා හඳුනමෝ නම්, එපරිද්දෙන් නොදන්නා අපට දන්වා වදාළ මැනැවි.
kn-snp-3:188.7
603. වාසෙට්ඨයෙනි, එ තොපට මම අනුපිළිවෙළින් ජාති විභාගය ඇති සැටියෙන් විවරණ කරන්නෙමි. ඒ ඒ ප්‍රාණීන්ගේ ජාතිහු අන්‍ය අන්‍ය (නානාප්‍රාර වූවාහු) මැ වෙත් යි භාග්‍යවතුන් වහන්සේ වදාළහ.
kn-snp-3:188.8
604. (පළමු මැ) තෘණ වෘක්‍ෂයන් (අනුපාදින්නක වස්තූන්) දනුව. ඔහු(අපි තෘණයම්හ, අපි වෘක්‍ෂයම්හ’යි) ප්‍රතිඥා නොකෙරෙති. ඔවුන්ගේ ලිඞ්ගය (සංස්ථානය) ජාතිමය වෙයි, (ඔවුන්ගේ) ජාතිහු නානාප්‍රකාර මැ වෙත්.
kn-snp-3:188.9
605. අනතුරුවැ සිනි කිහිඹින් හිම්කොට ඇති කෘමි පලඟැටියනු දු දනිවු. ඔවුන්ගේ ලිඞ්ගය ජාතිමය වෙයි, ජාතිහූ අන්‍යෝන්‍ය මැ වෙති.
kn-snp-3:188.10
606. කුදු මහත් සිවුපා සතුනුදු දනුව, ඔවුන්ගේ ලිඞ්ගය මැ ජාතිමය වෙයි, ජාතිහූ නානාප්‍රකාර වෙත්මැයි.
kn-snp-3:190.1
607. දික් පිටු ඇති උදරය මැ පාකොට ඇති උරගුන් ද දනුව. ඔවුන්ගේ ලිඞ්ගය ජාතිමය වෙයි, ජාතිහූ අන්‍යෝන්‍ය මැ වෙත්.
kn-snp-3:190.2
608. තවද, දිය මැ වාසභුමි කොට ඇති ජලජ මත්ස්‍යයනුදු දනුව, ඔවුන්ගේ ලිඞ්ගය ජාතිමය වෙයි, ජාතිහූ අන්‍යෝන්‍ය මැ වෙත්.
kn-snp-3:190.3
609. තවද, පියාපත් යාන කොටගත්, ආකාශචාරී පක්‍ෂීහු දු දනුව, ඔවුන්ගේ ලිඞ්ගය ජාතිමය වෙයි, ජාතිහු නානාප්‍රකාර වෙත්.
kn-snp-3:190.4
610. යම් සෙයෙකින් තෙල ජාතීන් කෙරෙහි පෘථක් ලිඞ්ගය ජාතිමය වේ ද, එසෙයින් මනුෂ්‍යයන් කෙරෙහි ජාතිමය වූ පෘථග් ලිඞ්ගයෙක් නැති.
kn-snp-3:190.5
611. කෙස් හෙයිනුදු පෘථග් ජාතිමය ලිඞ්ගයෙක් නැත. ශීර්‍ෂයෙනුදු නැත. කර්‍ණයෙනුදු නැත. නේත්‍ර හේතුයෙනුදු නැත. මුඛයෙනුදු නැත. නාසායෙනුදු නැත. තොලිනුදු නැත, බැමිනුදු නැත.
kn-snp-3:190.6
612. ග්‍රීවායෙනුදු (පෘථක් ජාතිමය ලිඞ්ගයෙක් ) නැත. අංසයෙනුදු නැත, උදරයෙනුදු නැත, පෘෂ්ඨයෙනුදු නැත, යෝනියෙනුදු නැත, හෘදයෙනුදු නැත, සම්බාධස්ථාන යෙහි දු නැත. මෛථුන යෙහිදු නැත.
kn-snp-3:190.7
613. අතිනුදු නැත, පයිනුදු නැත, ඇඟිලියෙනුදු නැත, නියෙනුදු නැත, ජඞ්ඝායෙනුදු නැත, ඌරුයෙනුදු නැත, පැහැයෙනුදු නැත, ස්වරයෙනුදු නැත, අන්‍ය (පශුපක්‍ෂී ආදී) ජාතීන්හි සෙයින් (මිනිසුන් කෙරෙහි) ජාතිමය පෘථක් ලිඞ්ගයෙක් නො මැති.
kn-snp-3:190.8
614. මිනිස් සිරුරෙහි (අන්‍යජාතීන් කෙරෙහි මෙන්) තෙල (පෘථග් ජාතිමය) ළිඞ්ගයෙක් විද්‍යාමාන නොවෙයි, මනුෂ්‍යයන් කෙරෙහි (නානාත්‍වවිධාන පර්‍ය්‍යාය සඞ්ඛ්‍යාත) වෙනස ව්‍යවහාරමාත්‍රයෙන් කියනු ලැබේ.
kn-snp-3:190.9
615. මනුෂ්‍යයන් අතුරෙහි යම් මැ කිසිවෙක් ගෝරක්‍ෂායෙන් (කෘෂිකර්‍මයෙන්) දිවි වටා නම්, වාසෙට්ඨය, හෙ කෘෂක (ගොවි) හයි මෙසේ දනුව, බ්‍රාහ්මණ නොවේ.
kn-snp-3:190.10
616. මිනිසුන් අතුරෙහි යම් මැ කිසිවෙක් නා නා ශිල්පයෙන් දිවි වටා ද, වාසෙට්ඨය, හෙ ශිල්පියෙකැ යි මෙසේ දනුව, බ්‍රාහ්මණ නොවේ.
kn-snp-3:190.11
617. මනුෂ්‍යයන් අතුරෙහි යම් මැ කිසිවෙක් ව්‍යවහාරයෙන් (වණික්කර්‍මයෙන්) දිවි වටා නම්, වාසෙට්ඨයෙනි, හෙ වෙළඳෙකැයි මෙසේ දනුව බ්‍රාහ්මණ නොවේ.
kn-snp-3:192.1
618. මනුෂ්‍යයන් අතුරෙහි යම් මැ කිසිවෙක් පරහට මෙහෙවරින් දිවිවටා නම්, වාසෙට්ඨය, හෙ මෙහෙකරුවෙකුයි මෙසේ දනුව, බ්‍රාහ්මණ නොවේ.
kn-snp-3:192.2
619. මනුෂ්‍යයන් අතුරෙහි යම් මැ කිසිවෙක් අයිනාදනින් දිවිවටා නම්, වාසෙට්ඨය, හෙ සොරෙකැයි මෙසේ දනුව, බ්‍රාහ්මණ නොවේ.
kn-snp-3:192.3
620. මනුෂ්‍යයන් අතුරෙහි යම් මැ කිසිවෙක් ආයුධ ශිල්පයෙන් දිවිවටා නම්, වාසෙට්ඨය, හෙ යෝධාජීවයෙකැයි මෙසේ දනුව, බ්‍රාහ්මණ නොවේ.
kn-snp-3:192.4
621. මනුෂ්‍යයන් අතුරෙහි යම් මැ කිසිවෙක් පෙරෙවි කැමින් දිවිවටා නම්, වාසෙට්ඨය, හෙ යාජකයෙකැයි මෙසේ දනුව, බ්‍රාහ්මණ නොවේ.
kn-snp-3:192.5
622. මනුෂ්‍යයන් අතුරෙහි යම් මැ කිසිවෙක් ගමත් රටත් වලද කෙරේ නම්, වාසෙට්ඨයෙනි, තෙල බ්‍රාහ්මණ නොව රජෙකැ මෙසෙයින් දනුව.
kn-snp-3:192.6
623. මවුකුස උපන්, යෝනිජ වූ පුඟුලකු බ්‍රාහ්මණ යි මම නොකියමි. හේ ‘භොවාදි’ නම් වේ. හෙ ඒකාන්තයෙන් (රාගාදිකිඤ්චනයෙන් යුක්ත වන හෙයින්) සකිඤ්චන වේ. රාගාදි කිඤ්චන නැති, ආදාන රහිත ඒ රහත් ම බ්‍රාහ්මණ යි මම කියමි.
kn-snp-3:192.7
624. හැම දස සංයෝජනයන් සිඳපියා යමෙක් එකැතියෙන් තෘෂ්ණායෙන් නොබා නම්, රාගාදි සඞ්ගයන් ඉක්මැ ගිය, චතුර්විධ යෝගයෙන් නො බැඳුනු එ රහත් බ්‍රාහ්මණ යි මම කියමි.
kn-snp-3:192.8
625. (බද්ධ වෛර සඞ්ඛ්‍යාත) ක්‍රෝධයද (බන්‍ධන භාව සඞ්ඛ්‍යාත) තෘෂ්ණාවරත්‍රයද ( අනුශය සඞ්ඛ්‍යාත) අනුක්‍රම සහිත දෙසැට මිසදිටු හැකිල්ල ද සිඳපියා උත්ක්‍ෂිප්ත වූ අවිද්‍යා සඞ්ඛ්‍යාත පලිඝ ඇති සිවුසස්දම් පිළිවිදි හෙයින් බුද්ධ නම් වූ එ රහත් බ්‍රාහ්මණ යී මම කියමි.
kn-snp-3:192.9
626. යමෙක් නො කිපි සිත් ඇත්තේ දශවිධ ආක්‍රෝශය ද (පාණිආදියෙන්) පෙළුම් ද අන්‍දුබන්‍ධනාදියෙන් බැඳුම් ද ඉවසා නම්, ක්‍ෂාන්ති බල ඇති ක්‍ෂාන්ති බලය අනීක (ඇනි) කොට වැටෙන එ රහත් බ්‍රාහ්මණ යි මම කියමි.
kn-snp-3:192.10
627. ක්‍රෝධ නොකරණ, ධූතව්‍රඇති, චතුපාරිශුද්ධි ශීලයෙන් යුත් තෘෂ්ණෝත්සද රහිත වූ, ෂඩින්‍ද්‍රිය දමනයෙන් දැමුනු, (පශ්චිම ස්කන්‍ධ සඞ්ඛ්‍යාත) අන්තිම ශරීර ධරණ එ රහත් බ්‍රාහ්මණ යි මම කියමි.
kn-snp-3:194.1
628. පොකුරු පත්හි දිය සෙයිනුදු හිදි අගෙහි අබ ඇට සෙයිනුදු වස්තුකාම ක්ලේශකාමයන්හි යමෙක් නොලැගේ නම්, ඒ රහත් බ්‍රාහ්මණ යි මම කියමි.
kn-snp-3:194.2
629. යමෙක් තමාගේ පඤ්චස්කන්‍ධය පිළිබඳ ක්‍ෂය මෙ අත්බව්හි ම දන්නේ ද, බහාලූ ස්කන්‍ධභාරය ඇති චතුර්යෝගයෙන් හෝ සියලු කෙලෙසුන්ගෙන් වියෝ වූ එ රහත් බ්‍රාහ්මණ යි මම කියමි.
kn-snp-3:194.3
630. (පඤ්චස්කන්‍ධාදියෙහි) ගැඹුර පැණ ඇති, ධම්මෝජපඤ්ඤායෙන් ප්‍රඥාවත් වූ (මෙ දුගතිමඟය, මෙ සුගතිමඟය, මෙ නිවනට මඟයි) ම නොමඟෙහි දක්‍ෂ වූ (අර්‍හත්‍වසංඛ්‍යාත) උත්තමාර්‍ත්‍ථයට පිළිවෙළින් පත් එ රහත් බ්‍රාහ්මණ යි මම කියමි.
kn-snp-3:194.4
631. ගිහීන් හා පැවිද්දන් හාත් (දර්‍ශන ශ්‍රවණ සමුල්ලාප පරිභෝගකාය යන) උභයසංසර්‍ගයෙන් නො හැනුනු (ආලය සඞ්ඛ්‍යාත) පඤ්චකාමයන්හි නො හැසිරෙනසුලු අල්පේච්ඡ වූ එ රහත් බ්‍රාහ්මණ යි මම කියමි.
kn-snp-3:194.5
632. යමෙක් ත්‍රස්තවූත් ස්ථාවරවූත් (නොරහත් - රහත්) සත්‍වයන් කෙරෙහි, දඬු බහා තබා පරපණ නො නසා නම්, නො ද මරවා නම්, එ රහත් බ්‍රාහ්මණ යි මම කියමි.
kn-snp-3:194.6
633. (ආඝාත වශයෙන් තමහට) විරුද්ධ වූ ලෞකික මහජනයා කෙරෙහි (ආඝාතභාවයෙන්) අවිරුද්ධ වූ, තමහට ප්‍රහාරදානයෙහි නියුතු මහදනා කෙරෙහි (නික්‍ෂිප්ත වූ දඬු ඇති බැවින්) නිවුනු (පඤ්චස්කන්‍ධයන් පිළිබඳ මමය, මාගේ යයි) ආදාන සහිත පුද්ගලයන් කෙරෙහි (ග්‍රහණ නැති හෙයින් ) අනාදාන වූ එ රහත් බ්‍රාහ්මණ යි මම කියමි.
kn-snp-3:194.7
634. යමකුගේ පඤ්චකාමගුණික රාගය ද ද්වේෂය ද නව විධ මානය ද පරගුණ මැකුම ද හිදිඅගින් අබැටක්, සෙයින් ගිලිහිනි නම්, එ රහත් බ්‍රාහ්මණ යි මම කියමි.
kn-snp-3:194.8
635. යම් වචනයෙකින් නො ලැගේ නම්, එබඳු නො කැකුළු වූ අර්‍ත්‍ථ විඥාපනයෙන් යුත් කිසියම් සත්‍ය වචනම කියනේ නම් එ රහත් බ්‍රාහ්මණ යි මම කියමි.
kn-snp-3:194.9
636. යමෙකුන් (ශාටකාදි) දික් වූ හෝ (ආභරණාදි) ලුහු වූ හෝ කුදු වූ හෝ මහත් වූ ශුභ වූ හෝ අශුභ වූ හෝ මෙලොවැ නුදුන් දැය නොගන්නේ නම්, එ රහත් බ්‍රාහ්මණ යි මම කියමි.
kn-snp-3:196.1
637. යමකුහට මෙලොවැ හා පරලොවැ හා තෘෂ්ණාවෝ විද්‍යමාන නො වෙත් නම්, එ නිස්තෘෂ්ණ වූ විසංයුක්ත වූ රහත් බ්‍රාහ්මණ යි මම කියමි.
kn-snp-3:196.2
638. යමකුහට (පඤ්චකාම ගුණික තෘෂ්ණා සඞ්ඛ්‍යාත) ආලයයෝ විද්‍යාමාන නො වෙත් ද (බුද්ධාදි අෂ්ට වස්තූන්) දැන (අෂ්ටවස්තුක විචිකිත්සා සඞ්ඛ්‍යාත) කථංකථි භාවය නැත්තේ ද, අමෘත වූ නිර්‍වාණයට අනුක්‍රමයෙන් ප්‍රාප්ත වූ එ රහත් බ්‍රාහ්මණ යි මම කියමි.
kn-snp-3:196.3
639. යමෙක් මෙලො වැ පින් හා පව් හා යන දෙක හා රාගාදි සඞ්ගය හා ඉක්ම ගියේ ද, වර්‍තමූලක ශෝක රහිත වූ රාගාදි ක්ලේශ රජස් නැති නිරුපක්ලේශ හෙයින් ශුද්ධ වූ එ රහත් බ්‍රාහ්මණ යි මම කියමි.
kn-snp-3:196.4
640. මල රහිත හෙයින් විමල වූ චන්‍ද්‍රයා සෙයින් පරිශුද්ධ වූ වෙසෙසින් පහන් සිත් ඇති, කෙලෙස් විසින් නො කැලැති සිත් ඇති ත්‍රිභවයෙහි ක්‍ෂය වූ නන්‍දි සඞ්ඛ්‍යාත තෘෂ්ණා ඇති එ රහත් බ්‍රාහ්මණ යි මම කියමි.
kn-snp-3:196.5
641. යම් මහණෙක් මේ රාග පරිපථය හා ක්ලේශ දුර්‍ගය හා සංසාර වර්‍තය හා චතුස්සත්‍යය නො පිළි විදුනා මෝහය හා ඉක්මැ ගියේ ද, චතුරෝඝ තරණය කෙළේ නිර්‍වාණ පාරයට ගියේ උභයධ්‍යාන කරණ සුලුයේ (තෘෂ්ණා සංඛ්‍යාත) එජා නැතියේ කථංකථිභාව (සැක) නැතියේ උපාදාන විසින් නොගෙණ කෙලෙස් පිරිනිවුමෙන් නිවියේ ද, එ රහත් බ්‍රාහ්මණ යි මම කියමි.
kn-snp-3:196.6
642. මොලොවැ යමෙක් උභය කාමයන් හැරපියා අගාර නැතියේ නික්මයේ ද, කාම භවය පරීක්‍ෂණ කළ එ රහත් බ්‍රාහ්මණ යි මම කියමි.
kn-snp-3:196.7
643. මෙලොවැ යමෙක් සදොර පවත්නා තෘෂ්ණා ප්‍රහීණ කොට අනාගාර වූයේ නික්මයේ නම්, තෘෂ්ණා හා කර්‍මභවය පරික්‍ෂීණ කළ එ රහත් බ්‍රාහ්මණ යි මම කියමි.
kn-snp-3:196.8
644. මානුෂක ආයුෂ හා කාම ගුණ ද හැරපියා දිව්‍යායුෂ හා කාම ගුණහැර පියා ගියේ නම් හැම චතුර්යෝගයෙන් විසංයුක්ත එ රහත් බ්‍රාහ්මණ යි මම කියමි.
kn-snp-3:196.9
645. පඤ්ච කාමගුණ රතිය ද අරණ්‍ය වාසයෙහි උකටලී බව යි කියූ අරතිය ද හැර පියා කෙලෙස් පිරිනිවුමෙන් සිහිල් වූ නිරුපක්ලේශ වූ හැම ස්කන්‍ධලෝකය මැඩ සිටිනා සම්‍යක් ප්‍රධන් වීර්‍ය්‍ය ඇති එ රහත් බ්‍රාහ්මණ යි මම කියමි.
kn-snp-3:198.1
646. යම් මහණෙක් සත්ත්‍වයන්ගේ ච්‍යුතිය හා ප්‍රතිසන්‍ධිය සර්‍වප්‍රකාරයෙන් දන්නේ වේ ද, පස්කම් ගුණෙහි නො ලැගුනු (මනා පිළිවෙතින් නිවන් වන් හෙයින්) සුගත වූ සිවුසස් දම් පිළිවිදි එ රහත් බ්‍රාහ්මණ යි මම කියමි.
kn-snp-3:198.2
647. දේව, ගන්‍ධර්‍ව මනුෂ්‍යයෝ යම් රහත් මහණක්හුගේ (උත්පත්ති) ගතියක් නො දන්නාහු නම් ඒ ක්‍ෂීණාස්‍රව රහත්හු මම බ්‍රාහ්මණ යි කියමි.
kn-snp-3:198.3
648. යම් මහණකු හට අතීත පඤ්චස්කන්‍ධ කෙරෙහිදු අනාගත පඤ්චස්කන්‍ධ කෙරෙහිදු වර්‍තමාන පඤ්චස්කන්‍ධ සඞ්ඛ්‍යාත මධයෙහිදු තෘෂ්ණාග්‍රාහ සඞ්ඛ්‍යාත කිඤ්චන නැද්ද, රාගාදි කිඤ්චන නැති ආදාන රහිත ඒ රහත් බ්‍රාහ්මණ යි මම කියමි.
kn-snp-3:198.4
649. (තැති නොගන්නා හෙයින්) වැහැප් වූ උත්තම වූ වීර වූ (මහත් වූ ශීලස්කන්‍ධාදිය සෙවි හෙයින්) මහර්ෂී වු තුන් මරුන් දිනූ තෘෂ්ණා සඞ්ඛ්‍යාත එජා රහිත වූ දෙවි කෙලෙස් ඇති හෙයින් නහාතක වූ බුද්ධ වූ ඒ රහත් බ්‍රාහ්මණ යි මම කියමි.
kn-snp-3:198.5
650. යම් මහණෙක් පූර්වේ නිවාසය දන්නේ ද, (කාම රූප අරූප යන සවිසි දෙව්ලෝ නම් වූ) ස්වර්‍ගය හා සිවුඅවා හා දක්නේ ද, වැලිත් ජාතික්‍ෂය සඞ්ඛ්‍යාත අර්‍හත්‍වයට පැමිණියේත් වේ ද, ඒ රහත් බ්‍රාහ්මණ යි මම කියමි.
kn-snp-3:198.6
651. ලොවැ (ක්‍ෂත්‍රිය, බ්‍රාහ්මණාදි විසිනුදු භාරද්වාජ, වාසෙට්ඨ ආදි විසිනුදු) යම් නාමග්‍රොතයෙක් ප්‍රකල්පිත වේ නම්, තෙල ප්‍රඥප්ති ව්‍යවහාරමාත්‍රයෙක් මැයි. ඒ ඒ කාලයෙහි ඔහට ප්‍රකල්පිත වූ එ නම් ගොත්වහර සම්මුතියෙන් පැමිණියේ ය.
kn-snp-3:198.7
652. තෙල නාම ගෝත්‍රය (ප්‍රඥප්තිමාත්‍රයෙකැයි) නො දන්නවුන්ගේ දීර්‍ඝරාත්‍රියෙහි අනුශයිත වූ දෘෂ්ටිගතයෙකි. (ජාති හෙයින් බ්‍රාහ්මණ නොවේ යයි) නො දන්නා වූ ඔහු (ජාතියෙන් බ්‍රාහ්මණ වේ යයි) කියන්නාහ.
kn-snp-3:198.8
653. ජාති හේතුයෙන් බ්‍රාහ්මණ නො වේ. ජාති හේතුයෙන් අබ්‍රාහ්මණ ද නො වේ. කර්‍ම හේතුයෙන් බ්‍රාහ්මණ වෙයි. කර්‍ම හේතුයෙන් අබ්‍රාහ්මණ වේ.
kn-snp-3:198.9
654. කර්‍මයෙන් ගොවි වෙයි. කර්‍මයෙන් ශිල්පි වෙයි. කර්‍මයෙන් වෙණෙ ද වෙයි. කර්‍මයෙන් මෙහෙකරු වෙයි.
kn-snp-3:198.10
655. කර්‍මයෙන් සොර ද වෙයි. කර්‍මයෙන් යෝධාජීව ද වෙයි. කර්‍මයෙන් යාජක ද වෙයි. කර්‍මයෙන් රජ ද වෙයි.
kn-snp-3:200.1
656. ප්‍රතීත්‍ය සමුත්පාදය දක්නා වූ කර්‍ම විපාක දෙක්හි දක්‍ෂ වූ පණ්ඩිතයෝ මෙසෙයින් තෙල කර්‍මය යථාභූතයෙන් දක්නාහ.
kn-snp-3:200.2
657. කර්‍මයෙන් ලෝකය පවතී. කර්‍මයෙන් ප්‍රජාව පවතී. සත්ත්‍වයෝ යන්නා වූ රථයාගේ අකුර මෙන් කර්‍මය නිබන්‍ධන කොට ඇත්තාහුය.
kn-snp-3:200.3
658. ඉන්‍ද්‍රිය සංවරයෙන් ද ශ්‍රෙෂ්ඨචර්‍ය්‍යයාවෙන් ද ශීලයෙන් ද ප්‍රඥායෙන් ද යන තෙල කර්‍මයෙන් බ්‍රාහ්මණ වෙයි. මේ උතුම් බ්‍රාහ්මණ භාවය යි.
kn-snp-3:200.4
659. ත්‍රිවිද්‍යායෙන් යුක්ත වූ ශාන්ත වූ ක්‍ෂය කළ පුනර්‍භව ඇති බ්‍රාහ්මණ පණ්ඩිතයන් විසින් බ්‍රහ්ම යයි ද ශක්‍ර යයි ද කියන ලදැයි වාසෙට්ඨ ය, මෙසේ දනුව.
kn-snp-3:200.5
මෙසේ වදාළ කල්හි වාසෙට්ඨ, භාරද්වාජ යන මාණවයෝ භාග්‍යවතුන් වහන්සේට මෙ කරුණ සැල කළහ: භවත් ගෞතමයන් වහන්ස, ඉතා කාන්තය, ....... තෙල අපි භවත් ගෞතමයන් හා ධර්‍මය හා භික්‍ෂු සඞ්ඝයා හා සරණ කොට යම්හ. භවත් ගෞතමයන් වහන්සේ අදින් මත්තෙහි අප දිවිහිම් කොට කරණ ගිය උපාසකයන් කොට ධරණ සේක්වා යි.
kn-snp-3:200.6
වාසෙට්ඨ සූත්‍රය නිමි.
kn-snp-3:200.7
3. 10.
kn-snp-3:200.8
කෝකාලික සූත්‍රය