Pali BJTඅථ ඛො ආයස්මා සෙලො සපරියො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා එකංසං චීවරං කත්වා යෙන භගවා තෙනඤ්ජලිං පණාමෙත්වා භගවන්තං ගාථාහි අජ්ඣභාසි.
Sinhala BJTඉක්බිති පිරිස් සහිත ආයුෂ්මත් සේල තෙරහු භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ සිවුරු එකස් හි කොට ලා භාග්‍යවතුන් වහන්සේ වෙතැ ඇඳිලි බැඳ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් මෙසේ කීහ:
Pali BJT573. යං තං සරණමාගම්ම ඉතො අට්ඨමී චක්ඛුම, සත්තරත්තෙන භගවා දන්තම්හ තව සාසනෙ.
Sinhala BJT573. පසැසුන් වහන්ස, මෙයින් අටවැනි දිනෙහි යම් බඳු තොප වෙත ආවමෝ නම්, භාග්‍යවතුන් වහන්ස, තොප ගේ සස්නෙහි සත් රැයෙකින් දැමුනමෝ වම්හ.
Pali BJT574. තුවං බුද්ධො තුවං සත්ථා තුවං මාරාභිභූ මුනි, තුවං අනුසයෙ ඡෙත්වා තිණ්ණො තාරෙසි’මං පජං
Sinhala BJT574. මුනිවරයන් වහන්ස, තෙපි බුද්ධවව, තෙපි ශාස්තෘවව. තෙපි මාරාභිභූවව. තෙපි සත්අනුශයන් සිඳ සසර තරණය කළහු මා හා මාගේ ප්‍රජාව හා එතර ලූවහු.
Pali BJT575. උපධී සමතික්කන්තා ආසවා තෙ පදාලිතා, සීහොසි අනුපාදානො පහීණභයභෙරවො.
Sinhala BJT575. තොප විසින් උපධීහු සමක්‍රාන්ත වෙති. තොපගේ ආස්‍රවයෝ පළන ලදහ. ප්‍රහීණ භය භේරව ඇති, උපාදාන විසින් නොගන්නා තෙපි සිංහවව.
Pali BJT576. භික්ඛවො තිසතා ඉමෙ තිට්ඨන්ති පඤ්ජලීකතා, පාදෙ වීර පසාරෙහි නාගා වන්දන්තු සත්ථුනොති.
Sinhala BJT576. මෙ තුන්සිය මහණහු බඳැදිලිව මෙහි සිටිත්, මහාවීරයෙනි, පා විදාපුව මැනව. (නිෂ්පාප හෙයින්) නාගයෝ ශාස්තෘහුගේ පා වඳනාහයි.
Pali BJTසෙලසුත්තං නිට්ඨිතං.
Sinhala BJTසේල සූත්‍රය නිමි.
Pali BJT3. 8.
Sinhala BJT3. 8.
Pali BJTසල්ලසුත්තං
Sinhala BJTසල්ල සූත්‍රය
Pali BJT577. අනිමිත්තමනඤ්ඤාතං මච්චානං ඉධ ජීවිතං, කසිරඤ්ච පරිත්තඤ්ච තඤ්ච දුක්ඛෙන සඤ්ඤුතං.
Sinhala BJT577. මෙලොව්හි මනුෂ්‍යයන් ගේ ජීවිතය (මරණය හඟවන) නිමිති නැතියෙක. එහෙයින් මැ අඥාත යැ. සුඛ යාපනීය නොවෙයි. අල්පද වෙයි. එද දුකින් යුක්තය.
Pali BJT578. නහි සො උපක්කමො අත්ථි යෙන ජාතා න මීයරෙ, ජරම්පි පත්වා මරණං එවංධම්මා හි පාණිනො.
Sinhala BJT578. යම් උපක්‍රමයෙකින් උපන් සත්ත්‍වයෝ නොමියෙත් නම්, එබඳු උපක්‍රමයක් නැත, ජරාවට පැමිණ ද ( නො පැමිණ ද) මරණය වෙයි, ප්‍රාණීහු මෙබඳු සැහැවි ඇතියහ.
Pali BJT579. ඵලානමිව පක්කානං පාතො පතනතො භයං, එවං ජාතානමච්චානං නිච්චං මරණතො භයං.
Sinhala BJT579. පරිපක්ව (ඉදුනු) ඵලයනට ප්‍රාතඃකාලයෙහි (අලුයම) පතනයෙන් වන බිය සෙයින් උපන් සත්නට නිරතුරු මරණින් බිය උපදනේ ය.
Pali BJT580. යථාපි කුම්භකාරස්ස කතා මත්තිකභාජනා, සබ්බෙ භෙදනපරියන්තා{1} එවං මච්චාන ජීවිතං.
Sinhala BJT580. යම් සෙයෙකින් කුඹලු විසින් කරණ ලද මැටිමුවා බඳුන් හැම බිඳුම් හිමි කොට ඇතියේ ද, මිනිසුන්ගේ ජීවිතයත් එබඳු වෙයි.
Pali BJT581. දහරා ච මහන්තා ච යෙ බාලා යෙ ච පණ්ඩිතා, සබ්බෙ මච්චුවසං යන්ති සබ්බෙ මච්චුපරායනා.
Sinhala BJT581. ලදරු කෙනෙක් වෙත්වයි මහලු කෙනෙක් වෙත්වයි යම් අඥාන කෙනෙක් වෙත්වයි පණ්ඩිත කෙනෙක් වෙත්වයි, උහු හැම මරවසට යෙති හැම මෘත්‍යුපරායණ වෙත්.
Pali BJT582. තෙසං මච්චුපරෙතානං ගච්ඡතං පරලොකතො, න පිතා තායතෙ පුත්තං ඤාති වා පන ඤාතකෙ.
Sinhala BJT582. මරහු විසින් මඩනා ලද උන් පරලොව යත් මැ පියා සිය පුතු පරලොවින් නො රක්නේ ය. ඥාතීහු හෝ සිය නෑයන් නො රක්නාහ.
Pali BJT583. පෙක්ඛතං යෙව ඤාතීනං පස්ස ලාලපතං පුථු, එකමෙකො ච මච්චානං ගොවජ්ඣො විය නීයති.
Sinhala BJT583. බලව, ඥාතීන් බලාසිටුත්මැ බොහෝ දෙන නන් දොඩත්මැ එකලා වූ මැ මර මිනිසුන් අතුරෙන් එකඑකා ගෝඝාතකයා සෙයින් ගෙණ යනු ලැබෙයි.
Pali BJT584. එවමබ්භාහතො ලොකො මච්චුනා ච ජරාය ච, තස්මා ධීරා න සොචන්ති විදිත්වා ලොකපරියායං.
Sinhala BJT584. මෙසේ ලොව මෘත්‍යුහු විසිනුදු ජරාව විසිනුදු මැඩුනේ වෙයි. එහෙයින් ලෝකාස්වභාවය දැන ධීරයෝ නො සොවිති.
Pali BJT585. යස්ස මග්ගං න ජානාසි ආගතස්ස ගතස්ස වා, උභො අන්තෙ අසම්පස්සං නිරත්ථං පරිදෙවසි.
Sinhala BJT585. මවු කුසට පැමිණියා වූත් මියගියාවූත් යමකුගේ ගතාගතමාර්‍ගය නොදනුයෙහි නම්, උභයාන්තයන් නො දක්මින් නිරර්‍ත්‍ථකව වලප්නෙහි.
Pali BJT586. පරිදෙවයමානො චෙ කඤ්චි අත්ථං උදබ්බහෙ, සම්මූළ්හො හිංසමත්තානං කයිරා වෙණං විචක්ඛණො.
Sinhala BJT586. ඉදින් වලප්නා තැනැත්තේ කිසි අර්‍ත්‍ථයක් දරා නම් විචක්‍ෂණ තැනැත්තේ ද සම්මූඪ වැ තමා පෙළමින් තෙල මැ කරන්නේ ය.
Pali BJT587. නහි රුන්නෙන සොකෙන සන්තිං පප්පොති චෙතසො, සීයසසුප්පජ්ජතෙ දුක්ඛං සරීරං උපහඤ්ඤති.
Sinhala BJT587. රෝදනයෙන් හෝ ශෝකයෙන් හෝ චිත්තශාන්තිය නො ලබයි. ඔහට අධිකමාත්‍රායෙන් දුක් උපදනේ ය. සිරිරු ද වැනැසෙයි.
Pali BJT588. කිසො විවණ්ණො භවති භිංසමත්තානමත්තනා, න තෙන පෙතා පාපෙන්ති නිරත්ථා පරිදෙවනා.
Sinhala BJT588. කෘශවූයේත් දුර්වර්‍ණවූයේත් වෙයි. තෙමේ තමා නසන්නේ ද වෙයි. ඒ පරිදේවනායෙන් මිය ගියාහු ද තමන් නො රක්නාහ. එ හෙයින් පරිදේවනා නිරර්‍ත්‍ථක වෙයි.
Pali BJT589. සොකමප්පජහං ජන්තු භිය්යො දුක්ඛං නිගච්ඡති, අනුත්ථුනන්තො කාලකතං සොකස්ස වසමන්වගු.
Sinhala BJT589. ඥාතිව්‍යසනශෝක නොහරනා නරතෙම බෙහෙවින් දුකට පැමිණෙයි. කලුරිය කළහු අනුව සොවින්නේ ශෝකවශයට ම ගියේ වෙයි.
Pali BJT590. අඤ්ඤෙපි පස්ස ගමිනෙ යථාකම්මූපගෙ නරෙ, මච්චුනො වසමාගම්ම ඵන්දන්තෙ විධ පාණිනො.
Sinhala BJT590. පරලොව ගමනට සැදි සිටුනා, කම්වූ පරිදි මියන, මාරවශයට පැමිණ සසලන, මෙලොව්හි අන්‍ය ප්‍රාණීන් ද බලව.
Pali BJT591. යෙන යෙන හි මඤ්ඤන්ති තතො තං හොති අඤ්ඤථා, එතාදිසො විනාභාවො පස්ස ලොකස්ස පරියායං.
Sinhala BJT591. යම් මැ අයුරෙකින් සත්ත්‍වයෝ හඟිත් නම්, එය එයින් අන් පරිදි වෙයි. මෙබඳු විනාභාවයෙක් ඇත. ලෝකස්වාභාවය බලව.
Pali BJT592. අපි චෙ වස්සසතං ජීවෙ භීයො වා පන මානවො, ඤාතිසඞ්ඝා විනා හොති ජානාති ඉධ ජීවිතං.
Sinhala BJT592. ඉදින් මිනිස් තෙමේ සිය වසක් හෝ ඉන් වැඩියක් හෝ ජීවත් වේ නම්, නෑ ගණයාගෙන් (මරණ විසින්) වියෝ වේ මැයි. මෙලොව්හි දිවි මෙසේ දන්නේ ය.
Pali BJT593. තස්මා අරහතො සුත්වා විනෙය්ය පරිදෙවිතං{1}, පෙතං කාලකතං දිස්වා න සො ලබ්භා මයා ඉති.
Sinhala BJT593. එකරුණින් මැ රහත්හුගේ (සම්බුදුන්ගේ) මෙබඳු ධර්‍මදේශනා අසා පරිදේවනා හැරපියා කලුරිය කළ පරලොව ගියහුදැක තෙල ප්‍රේත මා විසින් යලි නොලද හැක්කේ”යි පරිදේවනා හැර පියන්නේ ය.
Pali BJT594. යථා සරණමාදිත්තං වාරිනා පරිනිබ්බුතො, එවම්පි ධීරො සප්පඤ්ඤො පණ්ඩිතො කුසලො නරො ඛිප්පමුප්පපතිතං සොකං වාතො තූලංව ඩංසයෙ.
Sinhala BJT594. ගින්නෙන් ඇවිළගත් ගෙයක් දියෙන් යම් සෙයින් නිවන ලදුයේ ද එසෙයින් කෙලෙස් පිරිනිවි ධෘතිසම්පන්න ස්වාභාවික ප්‍රඥා ඇති (බහුශ්‍රුත ප්‍රඥායෙන්) පණ්ඩිත වූ චින්තාමය ප්‍රඥායෙන් දක්‍ෂවූ නරතෙම උපන් ශෝකය මාරුතය පුළුන් පෙදක් සෙයින් වහා පිඹ හරනේ ය.
Pali BJT595. පරිදෙවං පජප්පඤ්ච දොමනස්සඤ්ච අත්තනො, අත්තනො සුඛමෙසානො අබ්බහෙ සල්ලමත්තනො.
Sinhala BJT595. තම හට සුව පතනුයේ තමාගේ පරිදේව යැ තෘෂ්ණා යැ, දොම්නස යැ යන ශල්‍යයන් උදුරා ලන්නේය.
Pali BJT596. අබ්බුළ්හසල්ලො අසිතො සන්තිං පප්පුය්ය චෙතසො, සබ්බසොකං අතික්කන්තො අසොකො හොති නිබ්බුතොති.
Sinhala BJT596. උදුරා ලූ සෝහුල් ඇතියේ තෘෂ්ණාදෘෂ්ටි නිඃශ්‍රිත නොවූයේ චිත්තශාන්තියට පැමිණ සර්‍වශෝකයන් ඉක්මැවූයේ කෙලෙස් පිරිනිවියේ අශෝක වේ යයි.
Pali BJTසල්ලසුත්තං නිට්ඨිතං.
Sinhala BJTසල්ල සූත්‍රය නිමි.
Pali BJT3. 9.
Sinhala BJT3. 9.
Pali BJTවාසෙට්ඨසුත්තං
Sinhala BJTවාසෙට්ඨ සූත්‍රය
Pali BJTඑවං මෙ සුතං එකං සමයං භගවා ඉච්ඡානඞ්ගලෙ විහරති ඉච්ඡානඞ්ගලවනසණ්ඩෙ, තෙන ඛො පන සමයෙන සම්බහුලා අභිඤ්ඤාතා බ්රාහ්මණමහාසාලා ඉච්ඡානඞ්ගලෙ පටිවසන්ති, සෙය්යථීදං වඞ්කි බ්රාහ්මණො තාරුක්ඛො බ්රාහ්මණො, පොක්ඛරසාති බ්රාහ්මණො ජාණුස්සොණී බ්රාහ්මණො තොදෙය්ය බ්රාහ්මණො අඤ්ඤෙ ච අභිඤ්ඤාතා අභිඤ්ඤාතා බ්රාහ්මණමහාසාළා. අථ ඛො වාසෙට්ඨභාරද්වාජානං මාණවානං ජඞ්ඝාවිහාරං අනුවඞ්කමමානානං{1} අනුවිවරමානානං{2} අයමන්තරා කථා උදපාදි, කථං භො බ්රාහ්මණො හොතීති.
Sinhala BJTමා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ ඉච්ඡානඞ්ගල නම් ගම්හි ඉච්ඡානඞ්ගල වනලැහැබ්හි වැඩ වසන සේක, එ සමයෙහි බොහෝ අභිඥාත වූ බ්‍රාහ්මණමහාසාරයෝ ඉච්ඡානඞ්ගලයෙහි වාසය කරති. උහු කවරහ යත්: චඞ්කී බ්‍රාහ්මණය, තාරුක්ඛ බ්‍රාහ්මණය, පොක්ඛරසාති බ්රාහ්මණය, ජානුස්සෝණී බ්‍රාහ්මණය, තෝදෙය්‍ය බ්‍රාහ්මණය, අන්‍යවූත් අභිඥාත බ්‍රාහ්මණ මහා සාරයෝ ය යන මොහු යි. එකල්හි ජඞ්ඝාවිහාර සඳහා ඔබ මොබ අනුචඞ්ක්‍රමණ කරණ අනුවිචරණ කරණ වාසෙට්ඨ, භාරද්වාජ බ්‍රාහ්මණ මාණවකයන් අතර මෙ අතුරු කථාව පහළ විය. “භවත්නි, කෙසේ බ්‍රාහ්මණ වේ ය”යි?
Pali BJTභාරද්වාජො මාණවො එව මාහ: යතො ඛො භො උභතො සුජාතො හොති මාතිතො ච පිතිතො ච සංසුද්ධගහණිකො යාව සත්තමා පිතාමහයුගා අක්ඛිත්තො අනුපක්කුට්ඨො ජාතිවාදෙන එත්තාවතා ඛො බ්රාහ්මණො හොතීති.
Sinhala BJTභාරද්වාජ මාණව මෙසේ කීය: යම් කරුණෙකින් මවුපසින් හා පිය පසින් හා දෙපසින් සුජාත වේද, සුපුරිසිදු මවුකුස් ඇතියේ ද, සත්මුතු පරපුර තෙක් (ජාතිගෝත්‍ර විසින්) අවඥාත නොවූයේ ද, ජාතිවාදයෙන් අනුපකෘෂ්ට වූයේ ද මෙ තෙක් කරුණින් බ්‍රාහ්මණ වේය”යි,
Pali BJTවාසෙට්ඨො මාණවො එව මාහ: යතො ඛො භො සීලවා ච හොති වත්තසම්පන්නො ච එත්තාවතා ඛො බ්රාහ්මණො හොතීති. නෙව ඛො අසක්ඛි භාරද්වාජො මාණවො වාසෙට්ඨං මාණවං සඤ්ඤාපෙතුං, න පන අසක්ඛි වාසෙට්ඨො මාණවො භාරද්වාජං මාණවඤ්ච සඤ්ඤාපෙතුං.
Sinhala BJTවාසෙට්ඨ මාණව මෙසේ කීය: “භවත්නි, යම්කරුණෙකින් සිල්වත් වේ ද, වත්සපන් වේ ද මෙතෙක් කරුණෙන් බ්‍රාහ්මණ වේය”යි. භාරද්වාජමානව වාසෙට්ඨ මාණවයාට කරුණු ගන්වන්නට නො මැ හැකි විය. වාසෙට්ඨමාණවයාත් භාරද්වාජ මාණව හට කරුණු හැඟැවිය නො හැකි මැ විය.
Pali BJTඅථ ඛො වාසෙට්ඨො මාණවො භාරද්වාජං මාණවං ආමන්තෙසි: අයං ඛො භාරද්වාජ සමණො ගොතමො සක්යපුත්තො සක්යකුලා පබ්බජිතො ඉච්ඡානඞ්ගලෙ විහරති ඉච්ඡානඞ්ගලවනසණ්ඩෙ, තං ඛො පන භවන්තං ගොතමං එවං කල්යාණො කිත්තිසද්දො අබ්භුග්ගතො: ඉතිපි -පෙ- බුද්ධො භගවාති. ආයාම භො භාරද්වාජ, යෙන සමණො ගොතමො තෙනුපසඞ්කමිස්සාම, උපසඞ්කමිත්වා සමණං ගොතමං එතමත්ථං පුච්ඡිස්සාම, යථා නො සමණො ගොතමො ව්යාකරිස්සති තථා නං ධාරෙස්සාමාති. එවං හොති ඛො භාරද්වාජො මාණවො වාසෙට්ඨස්ස මාණවස්ස පච්චස්සොසි.
Sinhala BJTඑකල්හි වාසෙට්ඨ මාණව භාරද්වාජ මානවයා ඇමතීය: “භාරද්වාජයෙනි, ශාක්‍යකුලයෙන් පැවිදිවූ මේ ශ්‍රමණ ගෞතම ශාක්‍ය පුත්‍ර ඉච්ඡානඞ්ගල ගම්හි ඉච්ඡානඞ්ගල වනලැහැබ්හි වැඩැ වෙසෙයි. එ භවත් ගෞතමයන්ගේ මෙවන් කලණ කිත් ගොසෙක් උස්ව නැංගේය. එ භවත් -පෙ- බුද්ධය, භාග්‍යවත්”හයි. භවත් භාරද්වාජයෙනි, යම්හ, ශ්‍රමණ ගෞතමයන් කරා එළැඹෙම්හ. එළැඹ මහණ ගොයුම්හුවෙතින් තෙල කරුණ අසා දැනුම්හ, ශ්‍රමණ ගෞතමයෝ යම් ලෙසකින් අපට විවරණ කරන්නාහු නම් එසෙයින් අසා ධරම්හ”යි. “භවත්නි, එසේය”යි භාරද්වාජ මාණව වාසෙට්ඨ මාණව හට පිළිවදන් ඇස් වීය.
Pali BJTඅථ ඛො වාසෙට්ඨභාරද්වාජා මාණවා යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදිංසු. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදිංසු, එකමන්තං නිසින්නො ඛො වාසෙට්ඨො මාණවො භගවන්තං ගාථාය අජ්ඣාභාසි.
Sinhala BJTඑක්බිති වාසෙට්ඨ භාරද්වාජ මානවයෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ හා සමග සතුටු වූහ. සතුටු විය සිහිකටයුතු කථා කොට නිමවා එකත් පස්හි හුන්හ. එකත්පස්හි හුන් වාසෙට්ඨ මාණව භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කරුණු සැල කළේයැ:
Pali BJT597. අනුඤ්ඤාතපටිඤ්ඤාතා තෙවිජ්ජා මයමස්ම භො, අහං පොක්ඛරසාතිස්ස තාරුක්ඛස්සා’යං මාණවො.
Sinhala BJT597. අපි දෙදෙන (ගුරුන් විසිනුදු අප විසිනුදු) අනුඥාත ප්‍රතිඥාත ත්‍රිවිද්‍යා ඇතියම් හ. මම් පොක්ඛරසාතී ඇදුරුහුගේ දෙටු අතැවැසි යෙමි. මෙ මාණව තාරුක්ඛ ඇදුරුහුගේ දෙටු අතැවැසි වෙයි.
Pali BJT598. තෙවිජ්ජානං යදක්ඛාතං නනු කෙවලිනො’ස්ම සෙ, පදකා’ස්ම වෙය්යාකරණා ජප්පෙ ආචරියසාදිසා.
Sinhala BJT598. ත්‍රිවේදයන් පිළිබඳ යමක් උගන්වන ලද නම්, අපි එහි නිෂ්ඨාගතයම්හ. පදහදාරන්නමෝ වියරණ දතුවමෝ (වේද සඞ්ඛ්‍යාත) ජල්පයෙහි ආචාර්‍ය්‍ය සදෘශයම්හ.
Pali BJT599. තෙසං නො ජාතිවාදස්මිං විවාදො අත්ථි ගොතම, ජාතියා බ්රාහ්මණො හොති භාරද්වාජො ඉති භාසති. අහඤ්ච කම්මනා බ්රූමි එවං ජානාහි චක්ඛුම.
Sinhala BJT599. ගෞතමයන් වහන්ස, එ අප දෙදෙන අතර ජාතිවාද නිමිත්තයෙන් විවාදැයෙක් ඇත. ඒ ජාතියෙන් බ්‍රාහ්මණ වේ යයි භාරද්වාජ බෙණෙයි, කර්‍මයෙන් බ්‍රාහ්මණ වෙතී මම් කියමි, චක්‍ෂූර්‍මතුන්වහන්ස, තෙල කරුණ මෙසෙයින් දැනගන්නා සේක්වා.
Pali BJT600. තෙ න සක්කොම සඤ්ඤාපෙතුං අඤ්ඤමඤ්ඤං මයං උභො, භගවන්තං පුට්ඨුමාගම්ම සම්බුද්ධං ඉති විස්සුතං.
Sinhala BJT600. එ අපි දෙදෙන උනුන් ගිවිස්වන්නට නො හැකියම්හ. (එහෙයින් ) ‘සම්බුද්ධහ’යි විශ්‍රැත භාග්‍යවතුන් පුළුවුස්නට පැමිණියම්හ.
Pali BJT601. චන්දං යථා ඛයාතීතං පෙච්ච පඤ්ජලිකා ජනා, වන්දමානා නමස්සන්ති එවං ලොකස්මි ගොතමං.
Sinhala BJT601. යම්සේ ජනයෝ (ක්‍ෂයාතීතවූ) පිරිපුන් සඳ දැක බදැඳිලි වෙත්ද: එසෙයින් ලොව්හි ගෞතමයන් ද වෙතැ පැමිණ වදනාහු නමදිත්.
Pali BJT602. චක්ඛුං ලොකෙ සමුප්පන්නං මයං පුච්ඡාම ගොතමං, ජාතියා බ්රාහ්මණො හොති උදාහු භවති කම්මනා; අජානතං නො පබ්රූහි යථා ජානෙමු බ්රාහ්මණං.
Sinhala BJT602. අපි ලොව්හි උපන් නුවණැසවූ ගෞතමයන් පුළුවුසුම්හ: “ජාතිමාත්‍රයෙන් බ්‍රාහ්මණ වේද? නැතහොත් කර්‍ම හේතුයෙන් බ්‍රාහ්මණවේ? දැ”යි. යම් පරිද්දෙකින් අපි බ්‍රාහ්මණයා හඳුනමෝ නම්, එපරිද්දෙන් නොදන්නා අපට දන්වා වදාළ මැනැවි.
Pali BJT603. තෙසං වොහං ව්යක්ඛිස්සං (වාසෙට්ඨාති භගවා) අනුපුබ්බං යථාතථං ජාතිවිභාගං පාණානං අඤ්ඤමඤ්ඤා හි ජාතියො.
Sinhala BJT603. වාසෙට්ඨයෙනි, එ තොපට මම අනුපිළිවෙළින් ජාති විභාගය ඇති සැටියෙන් විවරණ කරන්නෙමි. ඒ ඒ ප්‍රාණීන්ගේ ජාතිහු අන්‍ය අන්‍ය (නානාප්‍රාර වූවාහු) මැ වෙත් යි භාග්‍යවතුන් වහන්සේ වදාළහ.
Pali BJT604. තිණරුක්ඛෙපි ජානාථ න චාපි පටිජානරෙ, ලිඞ්ගං ජාතිමයං තෙසං අඤ්ඤමඤ්ඤා හි ජාතියො.
Sinhala BJT604. (පළමු මැ) තෘණ වෘක්‍ෂයන් (අනුපාදින්නක වස්තූන්) දනුව. ඔහු(අපි තෘණයම්හ, අපි වෘක්‍ෂයම්හ’යි) ප්‍රතිඥා නොකෙරෙති. ඔවුන්ගේ ලිඞ්ගය (සංස්ථානය) ජාතිමය වෙයි, (ඔවුන්ගේ) ජාතිහු නානාප්‍රකාර මැ වෙත්.
Pali BJT605. තතො කීටෙ පටඞ්ගෙ ච යාච කුන්තකිපිල්ලිකෙ, ලිඞ්ගං ජාතිමයං තෙසං අඤ්ඤමඤ්ඤා හි ජාතියො.
Sinhala BJT605. අනතුරුවැ සිනි කිහිඹින් හිම්කොට ඇති කෘමි පලඟැටියනු දු දනිවු. ඔවුන්ගේ ලිඞ්ගය ජාතිමය වෙයි, ජාතිහූ අන්‍යෝන්‍ය මැ වෙති.
Pali BJT606. චතුප්පදෙ පි ජානාථ ඛුද්දකෙ ච මහල්ලකෙ, ලිඞ්ගං ජාතිමයං තෙසං අඤ්ඤමඤ්ඤා හි ජාතියො.
Sinhala BJT606. කුදු මහත් සිවුපා සතුනුදු දනුව, ඔවුන්ගේ ලිඞ්ගය මැ ජාතිමය වෙයි, ජාතිහූ නානාප්‍රකාර වෙත්මැයි.
Pali BJT607. පාදුදරෙ’පි ජානාථ උරගෙ දීඝපිට්ඨිකෙ, ලිඞ්ගං ජාතිමයං තෙසං අඤ්ඤමඤ්ඤා හි ජාතියො.
Sinhala BJT607. දික් පිටු ඇති උදරය මැ පාකොට ඇති උරගුන් ද දනුව. ඔවුන්ගේ ලිඞ්ගය ජාතිමය වෙයි, ජාතිහූ අන්‍යෝන්‍ය මැ වෙත්.
Pali BJT608. තතො මච්ඡෙ’පි ජානාථ ඔදකෙ වාරිගොචරෙ, ලිඞ්ගං ජාතිමයං තෙසං අඤ්ඤමඤ්ඤා හි ජාතියො.
Sinhala BJT608. තවද, දිය මැ වාසභුමි කොට ඇති ජලජ මත්ස්‍යයනුදු දනුව, ඔවුන්ගේ ලිඞ්ගය ජාතිමය වෙයි, ජාතිහූ අන්‍යෝන්‍ය මැ වෙත්.
Pali BJT609. තතො පක්ඛීපි ජානාථ සත්තයානෙ විභඞ්ගමෙ, ලිඞ්ගං ජාතිමයං තෙසං අඤ්ඤමඤ්ඤා හි ජාතියො.
Sinhala BJT609. තවද, පියාපත් යාන කොටගත්, ආකාශචාරී පක්‍ෂීහු දු දනුව, ඔවුන්ගේ ලිඞ්ගය ජාතිමය වෙයි, ජාතිහු නානාප්‍රකාර වෙත්.
Pali BJT610. යථා එතාසු ජාතීසු ලිඞ්ගං ජාතිමයං පුථු, එවං නත්ථි මනුස්සෙසු ලිඞ්ගං ජාතිමයං පුථු.
Sinhala BJT610. යම් සෙයෙකින් තෙල ජාතීන් කෙරෙහි පෘථක් ලිඞ්ගය ජාතිමය වේ ද, එසෙයින් මනුෂ්‍යයන් කෙරෙහි ජාතිමය වූ පෘථග් ලිඞ්ගයෙක් නැති.
Pali BJT611. න කෙසෙහි න සීසෙන න කණ්ණෙහි න අක්ඛීහි න මුඛෙන න නාසාය න ඔට්ඨෙහි හමූභි වා.
Sinhala BJT611. කෙස් හෙයිනුදු පෘථග් ජාතිමය ලිඞ්ගයෙක් නැත. ශීර්‍ෂයෙනුදු නැත. කර්‍ණයෙනුදු නැත. නේත්‍ර හේතුයෙනුදු නැත. මුඛයෙනුදු නැත. නාසායෙනුදු නැත. තොලිනුදු නැත, බැමිනුදු නැත.
Pali BJT612. න ගීවාය න අංසෙහි න උදරෙන න පිට්ඨියා, න යොනියා න උරසා න සම්බාධෙ න මෙථුනෙ.
Sinhala BJT612. ග්‍රීවායෙනුදු (පෘථක් ජාතිමය ලිඞ්ගයෙක් ) නැත. අංසයෙනුදු නැත, උදරයෙනුදු නැත, පෘෂ්ඨයෙනුදු නැත, යෝනියෙනුදු නැත, හෘදයෙනුදු නැත, සම්බාධස්ථාන යෙහි දු නැත. මෛථුන යෙහිදු නැත.
Pali BJT613. න හත්ථෙහි න පාදෙහි නාඞ්ගුලීහි නඛෙහි වා, න ජඞ්ඝාහි න ඌරූහි න වණ්ණෙන සරෙන වා. ලිඞ්ගං ජාතිමයං නෙව යථා අඤ්ඤාසු ජාතීසු.
Sinhala BJT613. අතිනුදු නැත, පයිනුදු නැත, ඇඟිලියෙනුදු නැත, නියෙනුදු නැත, ජඞ්ඝායෙනුදු නැත, ඌරුයෙනුදු නැත, පැහැයෙනුදු නැත, ස්වරයෙනුදු නැත, අන්‍ය (පශුපක්‍ෂී ආදී) ජාතීන්හි සෙයින් (මිනිසුන් කෙරෙහි) ජාතිමය පෘථක් ලිඞ්ගයෙක් නො මැති.
Pali BJT614. පච්චත්තං ච සරීරෙසු මනුස්සෙස්වෙතං න විජ්ජති, වොහාරඤ්ච මනුස්සෙසු සමඤ්ඤාය පවුච්චති.
Sinhala BJT614. මිනිස් සිරුරෙහි (අන්‍යජාතීන් කෙරෙහි මෙන්) තෙල (පෘථග් ජාතිමය) ළිඞ්ගයෙක් විද්‍යාමාන නොවෙයි, මනුෂ්‍යයන් කෙරෙහි (නානාත්‍වවිධාන පර්‍ය්‍යාය සඞ්ඛ්‍යාත) වෙනස ව්‍යවහාරමාත්‍රයෙන් කියනු ලැබේ.
Pali BJT615. යො හි කොචි මනුස්සෙසු ගොරක්ඛං උපජීවති, එවං වාසෙට්ඨ ජානාහි කස්සපො සො න බ්රාහ්මණො.
Sinhala BJT615. මනුෂ්‍යයන් අතුරෙහි යම් මැ කිසිවෙක් ගෝරක්‍ෂායෙන් (කෘෂිකර්‍මයෙන්) දිවි වටා නම්, වාසෙට්ඨය, හෙ කෘෂක (ගොවි) හයි මෙසේ දනුව, බ්‍රාහ්මණ නොවේ.
Pali BJT616. යො හි කොචි මනුස්සෙසු පුථු සිප්පෙන ජීවති, එවං වාසෙට්ඨ ජානාහි සිප්පිකො සො න බ්රාහ්මණො.
Sinhala BJT616. මිනිසුන් අතුරෙහි යම් මැ කිසිවෙක් නා නා ශිල්පයෙන් දිවි වටා ද, වාසෙට්ඨය, හෙ ශිල්පියෙකැ යි මෙසේ දනුව, බ්‍රාහ්මණ නොවේ.
Pali BJT617. යො හි කොචි මනුස්සෙසු වොහාරං උපජීවති, එවං වාසෙට්ඨ ජානාහි වාණිජො සො න බ්රාහ්මණො.
Sinhala BJT617. මනුෂ්‍යයන් අතුරෙහි යම් මැ කිසිවෙක් ව්‍යවහාරයෙන් (වණික්කර්‍මයෙන්) දිවි වටා නම්, වාසෙට්ඨයෙනි, හෙ වෙළඳෙකැයි මෙසේ දනුව බ්‍රාහ්මණ නොවේ.
Pali BJT618. යො හි කොචි මනුස්සෙසු පරපෙස්සෙන ජීවති, එවං වාසෙට්ඨ ජානාහි පෙස්සිකො සො න බ්රාහ්මණො.
Sinhala BJT618. මනුෂ්‍යයන් අතුරෙහි යම් මැ කිසිවෙක් පරහට මෙහෙවරින් දිවිවටා නම්, වාසෙට්ඨය, හෙ මෙහෙකරුවෙකුයි මෙසේ දනුව, බ්‍රාහ්මණ නොවේ.
Pali BJT619. යො හි කොචි මනුස්සෙසු අදින්නං උපජීවති, එවං වාසෙට්ඨ ජානාහි චොරො එසො න බ්රාහ්මණො.
Sinhala BJT619. මනුෂ්‍යයන් අතුරෙහි යම් මැ කිසිවෙක් අයිනාදනින් දිවිවටා නම්, වාසෙට්ඨය, හෙ සොරෙකැයි මෙසේ දනුව, බ්‍රාහ්මණ නොවේ.
Pali BJT620. යො හි කොචි මනුස්සෙසු ඉස්සත්ථං උපජීවති, එවං වාසෙට්ඨ ජානාහි යොධාජීවො{1} න බ්රාහ්මණො.
Sinhala BJT620. මනුෂ්‍යයන් අතුරෙහි යම් මැ කිසිවෙක් ආයුධ ශිල්පයෙන් දිවිවටා නම්, වාසෙට්ඨය, හෙ යෝධාජීවයෙකැයි මෙසේ දනුව, බ්‍රාහ්මණ නොවේ.
Pali BJT621. යො හි කොචි මනුස්සෙසු පොරොහිච්චෙන ජීවති, එවං වාසෙට්ඨ ජානාහි යාජකො සො න බ්රාහ්මණො.
Sinhala BJT621. මනුෂ්‍යයන් අතුරෙහි යම් මැ කිසිවෙක් පෙරෙවි කැමින් දිවිවටා නම්, වාසෙට්ඨය, හෙ යාජකයෙකැයි මෙසේ දනුව, බ්‍රාහ්මණ නොවේ.
Pali BJT622. යො හි කොචි මනුස්සෙසු ගාමං රට්ඨඤ්ච භුඤ්ජති, එවං වාසෙට්ඨ ජානාහි රාජා එසො න බ්රාහ්මණො.
Sinhala BJT622. මනුෂ්‍යයන් අතුරෙහි යම් මැ කිසිවෙක් ගමත් රටත් වලද කෙරේ නම්, වාසෙට්ඨයෙනි, තෙල බ්‍රාහ්මණ නොව රජෙකැ මෙසෙයින් දනුව.
Pali BJT623. නවා’ හං බ්රාහ්මණං බ්රූමි යොනිජං මත්තිසම්භවං, භොවාදි නාම සො හොති සචෙ හොති සකිඤ්චනො.
Sinhala BJT623. මවුකුස උපන්, යෝනිජ වූ පුඟුලකු බ්‍රාහ්මණ යි මම නොකියමි. හේ ‘භොවාදි’ නම් වේ. හෙ ඒකාන්තයෙන් (රාගාදිකිඤ්චනයෙන් යුක්ත වන හෙයින්) සකිඤ්චන වේ. රාගාදි කිඤ්චන නැති, ආදාන රහිත ඒ රහත් ම බ්‍රාහ්මණ යි මම කියමි.
Pali BJT624. සබ්බසංයොජනං ජෙත්වා යො වෙ න පරිතස්සති, සඞ්ගාතිගං විසංයුත්තං තමහං බ්රූමි බ්රාහ්මණං.
Sinhala BJT624. හැම දස සංයෝජනයන් සිඳපියා යමෙක් එකැතියෙන් තෘෂ්ණායෙන් නොබා නම්, රාගාදි සඞ්ගයන් ඉක්මැ ගිය, චතුර්විධ යෝගයෙන් නො බැඳුනු එ රහත් බ්‍රාහ්මණ යි මම කියමි.
Pali BJT625. ඡෙත්වා නද්ධිං වරත්තඤ්ච සන්දානං සහනුක්කමං, උක්ඛීත්තපලිඝං බුද්ධං තමහං බ්රූමි බ්රාහ්මණං
Sinhala BJT625. (බද්ධ වෛර සඞ්ඛ්‍යාත) ක්‍රෝධයද (බන්‍ධන භාව සඞ්ඛ්‍යාත) තෘෂ්ණාවරත්‍රයද ( අනුශය සඞ්ඛ්‍යාත) අනුක්‍රම සහිත දෙසැට මිසදිටු හැකිල්ල ද සිඳපියා උත්ක්‍ෂිප්ත වූ අවිද්‍යා සඞ්ඛ්‍යාත පලිඝ ඇති සිවුසස්දම් පිළිවිදි හෙයින් බුද්ධ නම් වූ එ රහත් බ්‍රාහ්මණ යී මම කියමි.
Pali BJT626. අක්කොසං වධබන්ධඤ්ච අදුට්ඨො යො තිතික්ඛති, ඛන්තීබලං බලානීකං තමහං බ්රූමි බ්රාහ්මණං
Sinhala BJT626. යමෙක් නො කිපි සිත් ඇත්තේ දශවිධ ආක්‍රෝශය ද (පාණිආදියෙන්) පෙළුම් ද අන්‍දුබන්‍ධනාදියෙන් බැඳුම් ද ඉවසා නම්, ක්‍ෂාන්ති බල ඇති ක්‍ෂාන්ති බලය අනීක (ඇනි) කොට වැටෙන එ රහත් බ්‍රාහ්මණ යි මම කියමි.
Pali BJT627. අක්කොධනං වතවන්තං සීලවන්තං අනුස්සදං, දන්තං අන්තිමසාරීරං තමහං බ්රූමි බ්රාහ්මණං.
Sinhala BJT627. ක්‍රෝධ නොකරණ, ධූතව්‍රඇති, චතුපාරිශුද්ධි ශීලයෙන් යුත් තෘෂ්ණෝත්සද රහිත වූ, ෂඩින්‍ද්‍රිය දමනයෙන් දැමුනු, (පශ්චිම ස්කන්‍ධ සඞ්ඛ්‍යාත) අන්තිම ශරීර ධරණ එ රහත් බ්‍රාහ්මණ යි මම කියමි.
Pali BJT628. වාරි පොක්ඛරපත්තෙව ආරග්ගෙරිව සාසපො, යො න ලිප්පති{1} කාමෙසු තමහං බ්රූමි බ්රාහ්මණං.
Sinhala BJT628. පොකුරු පත්හි දිය සෙයිනුදු හිදි අගෙහි අබ ඇට සෙයිනුදු වස්තුකාම ක්ලේශකාමයන්හි යමෙක් නොලැගේ නම්, ඒ රහත් බ්‍රාහ්මණ යි මම කියමි.
Pali BJT629. යො දුක්ඛස්ස පජානාති ඉධෙ’ව ඛයමත්තනො, පන්නභාරං විසංයුත්තං තමහං බ්රූමි බ්රාහ්මණං.
Sinhala BJT629. යමෙක් තමාගේ පඤ්චස්කන්‍ධය පිළිබඳ ක්‍ෂය මෙ අත්බව්හි ම දන්නේ ද, බහාලූ ස්කන්‍ධභාරය ඇති චතුර්යෝගයෙන් හෝ සියලු කෙලෙසුන්ගෙන් වියෝ වූ එ රහත් බ්‍රාහ්මණ යි මම කියමි.
Pali BJT630. ගම්භීරපඤ්ඤං මෙධාවිං මග්ගාමග්ගස්ස කොවිදං, උත්තමත්ථං අනුප්පත්තං තමහං බ්රූමි බ්රාහ්මණං.
Sinhala BJT630. (පඤ්චස්කන්‍ධාදියෙහි) ගැඹුර පැණ ඇති, ධම්මෝජපඤ්ඤායෙන් ප්‍රඥාවත් වූ (මෙ දුගතිමඟය, මෙ සුගතිමඟය, මෙ නිවනට මඟයි) ම නොමඟෙහි දක්‍ෂ වූ (අර්‍හත්‍වසංඛ්‍යාත) උත්තමාර්‍ත්‍ථයට පිළිවෙළින් පත් එ රහත් බ්‍රාහ්මණ යි මම කියමි.
Pali BJT631. අසංසට්ඨං ගහට්ඨෙහි අනාගාරෙහි චූභයං, අනොකසාරිං අප්පිච්ඡං තමහං බ්රූමි බ්රාහ්මණං.
Sinhala BJT631. ගිහීන් හා පැවිද්දන් හාත් (දර්‍ශන ශ්‍රවණ සමුල්ලාප පරිභෝගකාය යන) උභයසංසර්‍ගයෙන් නො හැනුනු (ආලය සඞ්ඛ්‍යාත) පඤ්චකාමයන්හි නො හැසිරෙනසුලු අල්පේච්ඡ වූ එ රහත් බ්‍රාහ්මණ යි මම කියමි.
Pali BJT632. නිධාය දණ්ඩං භූතෙසු තස්සෙ ථාවරෙසු ච, යො න හන්ති න ඝාතෙති තමහං බ්රූමි බ්රාහ්මණං.
Sinhala BJT632. යමෙක් ත්‍රස්තවූත් ස්ථාවරවූත් (නොරහත් - රහත්) සත්‍වයන් කෙරෙහි, දඬු බහා තබා පරපණ නො නසා නම්, නො ද මරවා නම්, එ රහත් බ්‍රාහ්මණ යි මම කියමි.
Pali BJT633. අවිරුද්ධං විරුද්ධෙසු අත්තදණ්ඩෙසු නිබ්බුතං, ආදානෙසු අනාදානං තමහං බ්රූමි බ්රාහ්මණං.
Sinhala BJT633. (ආඝාත වශයෙන් තමහට) විරුද්ධ වූ ලෞකික මහජනයා කෙරෙහි (ආඝාතභාවයෙන්) අවිරුද්ධ වූ, තමහට ප්‍රහාරදානයෙහි නියුතු මහදනා කෙරෙහි (නික්‍ෂිප්ත වූ දඬු ඇති බැවින්) නිවුනු (පඤ්චස්කන්‍ධයන් පිළිබඳ මමය, මාගේ යයි) ආදාන සහිත පුද්ගලයන් කෙරෙහි (ග්‍රහණ නැති හෙයින් ) අනාදාන වූ එ රහත් බ්‍රාහ්මණ යි මම කියමි.
Pali BJT634. යස්ස රාගො ච දොසො ච මානො මක්ඛො ච පාතිතො, සාසපොරිව ආරග්ගා තමහං බ්රූමි බ්රාහ්මණං.
Sinhala BJT634. යමකුගේ පඤ්චකාමගුණික රාගය ද ද්වේෂය ද නව විධ මානය ද පරගුණ මැකුම ද හිදිඅගින් අබැටක්, සෙයින් ගිලිහිනි නම්, එ රහත් බ්‍රාහ්මණ යි මම කියමි.
Pali BJT635. අකක්කසං විඤ්ඤපනිං ගිරං සච්චං උදීරයෙ, යාය නාභිසජෙ කඤ්චි තමහං බ්රූමි බ්රාහ්මණං.
Sinhala BJT635. යම් වචනයෙකින් නො ලැගේ නම්, එබඳු නො කැකුළු වූ අර්‍ත්‍ථ විඥාපනයෙන් යුත් කිසියම් සත්‍ය වචනම කියනේ නම් එ රහත් බ්‍රාහ්මණ යි මම කියමි.
Pali BJT636. යො’ධ දීඝං ව රස්සං වා අණුං ථූලං සුභාසුභං, ලොකෙ අදින්නං නාදියති බ්රූමි බ්රාහ්මණං.
Sinhala BJT636. යමෙකුන් (ශාටකාදි) දික් වූ හෝ (ආභරණාදි) ලුහු වූ හෝ කුදු වූ හෝ මහත් වූ ශුභ වූ හෝ අශුභ වූ හෝ මෙලොවැ නුදුන් දැය නොගන්නේ නම්, එ රහත් බ්‍රාහ්මණ යි මම කියමි.
Pali BJT637. ආසා යස්ස න විජ්ජන්ති අස්මිං ලොකෙ පරම්හි ච, නිරාසසං විසංයුත්තං තමහං බ්රූමි බ්රාහ්මණං.
Sinhala BJT637. යමකුහට මෙලොවැ හා පරලොවැ හා තෘෂ්ණාවෝ විද්‍යමාන නො වෙත් නම්, එ නිස්තෘෂ්ණ වූ විසංයුක්ත වූ රහත් බ්‍රාහ්මණ යි මම කියමි.
Pali BJT638. යස්සාලයා න විජ්ජන්ති අඤ්ඤාය අකථංකථී, අමතොගධං අනුප්පත්තං තමහං බ්රූමි බ්රාහ්මණං.
Sinhala BJT638. යමකුහට (පඤ්චකාම ගුණික තෘෂ්ණා සඞ්ඛ්‍යාත) ආලයයෝ විද්‍යාමාන නො වෙත් ද (බුද්ධාදි අෂ්ට වස්තූන්) දැන (අෂ්ටවස්තුක විචිකිත්සා සඞ්ඛ්‍යාත) කථංකථි භාවය නැත්තේ ද, අමෘත වූ නිර්‍වාණයට අනුක්‍රමයෙන් ප්‍රාප්ත වූ එ රහත් බ්‍රාහ්මණ යි මම කියමි.
Pali BJT639. යොධ පුඤ්ඤං ච පාපඤ්ච උභොසඞ්ගං උපච්චගා, අසොකං විරජං සුද්ධං තමහං බ්රූමි බ්රාහ්මණං.
Sinhala BJT639. යමෙක් මෙලො වැ පින් හා පව් හා යන දෙක හා රාගාදි සඞ්ගය හා ඉක්ම ගියේ ද, වර්‍තමූලක ශෝක රහිත වූ රාගාදි ක්ලේශ රජස් නැති නිරුපක්ලේශ හෙයින් ශුද්ධ වූ එ රහත් බ්‍රාහ්මණ යි මම කියමි.
Pali BJT640. චන්දං ච විමලං සුද්ධං විප්පසන්නමනාවිලං, නන්දිභවපරික්ඛිණං තමහං බ්රූමි බ්රාහ්මණං.
Sinhala BJT640. මල රහිත හෙයින් විමල වූ චන්‍ද්‍රයා සෙයින් පරිශුද්ධ වූ වෙසෙසින් පහන් සිත් ඇති, කෙලෙස් විසින් නො කැලැති සිත් ඇති ත්‍රිභවයෙහි ක්‍ෂය වූ නන්‍දි සඞ්ඛ්‍යාත තෘෂ්ණා ඇති එ රහත් බ්‍රාහ්මණ යි මම කියමි.
Pali BJT641. යො ඉමං පලිපථං දුග්ගං සංසාරං මොහමච්චගා, තිණ්ණො පාරගතො ඣායී අනෙජො අකථංකථී, අනුපාදාය නිබ්බුතො තමහං බ්රූමි බ්රාහ්මණං.
Sinhala BJT641. යම් මහණෙක් මේ රාග පරිපථය හා ක්ලේශ දුර්‍ගය හා සංසාර වර්‍තය හා චතුස්සත්‍යය නො පිළි විදුනා මෝහය හා ඉක්මැ ගියේ ද, චතුරෝඝ තරණය කෙළේ නිර්‍වාණ පාරයට ගියේ උභයධ්‍යාන කරණ සුලුයේ (තෘෂ්ණා සංඛ්‍යාත) එජා නැතියේ කථංකථිභාව (සැක) නැතියේ උපාදාන විසින් නොගෙණ කෙලෙස් පිරිනිවුමෙන් නිවියේ ද, එ රහත් බ්‍රාහ්මණ යි මම කියමි.
Pali BJT642. යොධං කාමෙ පහත්වාන අනාගාරො පරිබ්බජෙ, කාමභවපරික්ඛීණං තමහං බ්රූමි බ්රාහ්මණං.
Sinhala BJT642. මොලොවැ යමෙක් උභය කාමයන් හැරපියා අගාර නැතියේ නික්මයේ ද, කාම භවය පරීක්‍ෂණ කළ එ රහත් බ්‍රාහ්මණ යි මම කියමි.
Pali BJT643. යොධ තණ්හං පහත්වාන අනාගාරො පරිබ්බජෙ, තණ්හාභවපරික්ඛීණං තමහං බ්රූමි බ්රාහ්මණං.
Sinhala BJT643. මෙලොවැ යමෙක් සදොර පවත්නා තෘෂ්ණා ප්‍රහීණ කොට අනාගාර වූයේ නික්මයේ නම්, තෘෂ්ණා හා කර්‍මභවය පරික්‍ෂීණ කළ එ රහත් බ්‍රාහ්මණ යි මම කියමි.
Pali BJT644. හිත්වා මානුසකං යොගං දිබ්බං යොගං උපච්චගා, සබ්බයොගවිසංයුත්තං තමහං බ්රූමි බ්රාහ්මණං.
Sinhala BJT644. මානුෂක ආයුෂ හා කාම ගුණ ද හැරපියා දිව්‍යායුෂ හා කාම ගුණහැර පියා ගියේ නම් හැම චතුර්යෝගයෙන් විසංයුක්ත එ රහත් බ්‍රාහ්මණ යි මම කියමි.
Pali BJT645. හිත්වා රතිඤ්ච අරතිඤ්ච සීතිභූතං නිරූපධිං, සබ්බලොකාභිභුං වීරං තමහං බ්රූමි බ්රාහ්මණං.
Sinhala BJT645. පඤ්ච කාමගුණ රතිය ද අරණ්‍ය වාසයෙහි උකටලී බව යි කියූ අරතිය ද හැර පියා කෙලෙස් පිරිනිවුමෙන් සිහිල් වූ නිරුපක්ලේශ වූ හැම ස්කන්‍ධලෝකය මැඩ සිටිනා සම්‍යක් ප්‍රධන් වීර්‍ය්‍ය ඇති එ රහත් බ්‍රාහ්මණ යි මම කියමි.
Pali BJT646. චුතිං යො වෙදි සත්තානං උපපත්තිඤ්ච සබ්බසො, අසත්තං සුගතං බුද්ධං තමහං බ්රූමි බ්රාහ්මණං.
Sinhala BJT646. යම් මහණෙක් සත්ත්‍වයන්ගේ ච්‍යුතිය හා ප්‍රතිසන්‍ධිය සර්‍වප්‍රකාරයෙන් දන්නේ වේ ද, පස්කම් ගුණෙහි නො ලැගුනු (මනා පිළිවෙතින් නිවන් වන් හෙයින්) සුගත වූ සිවුසස් දම් පිළිවිදි එ රහත් බ්‍රාහ්මණ යි මම කියමි.
Pali BJT647. යස්ස ගතිං න ජානන්ති දෙවා ගන්ධබ්බමානුසා, ඛීණාසවං අරහන්තං තමහං බ්රූමි බ්රාහ්මණං.
Sinhala BJT647. දේව, ගන්‍ධර්‍ව මනුෂ්‍යයෝ යම් රහත් මහණක්හුගේ (උත්පත්ති) ගතියක් නො දන්නාහු නම් ඒ ක්‍ෂීණාස්‍රව රහත්හු මම බ්‍රාහ්මණ යි කියමි.
Pali BJT648. යස්ස පුරෙ ච පච්ඡා ච මජ්ඣෙ ච නත්ථි කිඤ්චනං, අකිඤ්චනං අනාදානං තමහං බ්රූමි බ්රාහ්මණං.
Sinhala BJT648. යම් මහණකු හට අතීත පඤ්චස්කන්‍ධ කෙරෙහිදු අනාගත පඤ්චස්කන්‍ධ කෙරෙහිදු වර්‍තමාන පඤ්චස්කන්‍ධ සඞ්ඛ්‍යාත මධයෙහිදු තෘෂ්ණාග්‍රාහ සඞ්ඛ්‍යාත කිඤ්චන නැද්ද, රාගාදි කිඤ්චන නැති ආදාන රහිත ඒ රහත් බ්‍රාහ්මණ යි මම කියමි.
Pali BJT649. උසභං පවරං වීරං මහෙසිං විජිතාවීනං, අනෙජං නහාතකං බුද්ධං තමහං බ්රූමි බ්රාහ්මණං.
Sinhala BJT649. (තැති නොගන්නා හෙයින්) වැහැප් වූ උත්තම වූ වීර වූ (මහත් වූ ශීලස්කන්‍ධාදිය සෙවි හෙයින්) මහර්ෂී වු තුන් මරුන් දිනූ තෘෂ්ණා සඞ්ඛ්‍යාත එජා රහිත වූ දෙවි කෙලෙස් ඇති හෙයින් නහාතක වූ බුද්ධ වූ ඒ රහත් බ්‍රාහ්මණ යි මම කියමි.
Pali BJT650. පුබ්බෙ නිවාසං යො වෙදි සග්ගාපායඤ්ච පස්සති, අථො ජාතික්ඛයං පත්තො තමහං බ්රූමි බ්රාහ්මණං.
Sinhala BJT650. යම් මහණෙක් පූර්වේ නිවාසය දන්නේ ද, (කාම රූප අරූප යන සවිසි දෙව්ලෝ නම් වූ) ස්වර්‍ගය හා සිවුඅවා හා දක්නේ ද, වැලිත් ජාතික්‍ෂය සඞ්ඛ්‍යාත අර්‍හත්‍වයට පැමිණියේත් වේ ද, ඒ රහත් බ්‍රාහ්මණ යි මම කියමි.
Pali BJT651. සමඤ්ඤා හෙසා ලොකස්මිං නාමගොත්තං පකප්පිතං{1} සම්මුච්චා සමුදාගතං තත්ථ තත්ථ පකප්පිතං{2}
Sinhala BJT651. ලොවැ (ක්‍ෂත්‍රිය, බ්‍රාහ්මණාදි විසිනුදු භාරද්වාජ, වාසෙට්ඨ ආදි විසිනුදු) යම් නාමග්‍රොතයෙක් ප්‍රකල්පිත වේ නම්, තෙල ප්‍රඥප්ති ව්‍යවහාරමාත්‍රයෙක් මැයි. ඒ ඒ කාලයෙහි ඔහට ප්‍රකල්පිත වූ එ නම් ගොත්වහර සම්මුතියෙන් පැමිණියේ ය.
Pali BJT652. දිඝරත්තමනුසයිතං දිට්ඨිගතමජානතං, අජානන්තා තෙ{3} පබ්රුවන්ති ජාතියා හොති බ්රාහ්මණො.
Sinhala BJT652. තෙල නාම ගෝත්‍රය (ප්‍රඥප්තිමාත්‍රයෙකැයි) නො දන්නවුන්ගේ දීර්‍ඝරාත්‍රියෙහි අනුශයිත වූ දෘෂ්ටිගතයෙකි. (ජාති හෙයින් බ්‍රාහ්මණ නොවේ යයි) නො දන්නා වූ ඔහු (ජාතියෙන් බ්‍රාහ්මණ වේ යයි) කියන්නාහ.
Pali BJT653. න ජච්චා බ්රාහ්මණො හොති න ජච්චා හොති අබ්රාහ්මණො කම්මනා බ්රාහ්මණො හොති කම්මනා හොති අබ්රාහ්මණො.
Sinhala BJT653. ජාති හේතුයෙන් බ්‍රාහ්මණ නො වේ. ජාති හේතුයෙන් අබ්‍රාහ්මණ ද නො වේ. කර්‍ම හේතුයෙන් බ්‍රාහ්මණ වෙයි. කර්‍ම හේතුයෙන් අබ්‍රාහ්මණ වේ.
Pali BJT654. කස්සකො කම්මනා හොති සිප්පිකො හොති කම්මනා, වාණිජො කම්මනා හොති පෙස්සිකො හොති කම්මනා.
Sinhala BJT654. කර්‍මයෙන් ගොවි වෙයි. කර්‍මයෙන් ශිල්පි වෙයි. කර්‍මයෙන් වෙණෙ ද වෙයි. කර්‍මයෙන් මෙහෙකරු වෙයි.
Pali BJT655. චොරොපි කම්මනා හොති යොධාජීවොපි කම්මනා, යාජකො කම්මනා හොති රාජාපි හොති කම්මනා.
Sinhala BJT655. කර්‍මයෙන් සොර ද වෙයි. කර්‍මයෙන් යෝධාජීව ද වෙයි. කර්‍මයෙන් යාජක ද වෙයි. කර්‍මයෙන් රජ ද වෙයි.
Pali BJT656. එවමෙතං යථාභූතං කම්මං පස්සන්ති පණ්ඩිතා, පටිච්ච සමුප්පාදදසා{1} කම්මවිපාකකොවිදා.
Sinhala BJT656. ප්‍රතීත්‍ය සමුත්පාදය දක්නා වූ කර්‍ම විපාක දෙක්හි දක්‍ෂ වූ පණ්ඩිතයෝ මෙසෙයින් තෙල කර්‍මය යථාභූතයෙන් දක්නාහ.
Pali BJT657. කම්මානා වත්තති ලොකො කම්මනා වත්තති පජා, කම්මනිබන්ධනා සත්තා රථස්සාණීව යායතො.
Sinhala BJT657. කර්‍මයෙන් ලෝකය පවතී. කර්‍මයෙන් ප්‍රජාව පවතී. සත්ත්‍වයෝ යන්නා වූ රථයාගේ අකුර මෙන් කර්‍මය නිබන්‍ධන කොට ඇත්තාහුය.
Pali BJT658. තපෙන බ්රහ්මචරියෙන සංයමෙන දමෙන ච, එතෙන බ්රාහ්මණො හොති එතං බ්රාහ්මණමුත්තමං.
Sinhala BJT658. ඉන්‍ද්‍රිය සංවරයෙන් ද ශ්‍රෙෂ්ඨචර්‍ය්‍යයාවෙන් ද ශීලයෙන් ද ප්‍රඥායෙන් ද යන තෙල කර්‍මයෙන් බ්‍රාහ්මණ වෙයි. මේ උතුම් බ්‍රාහ්මණ භාවය යි.
Pali BJT659. තීහි විජ්ජාහි සම්පන්නො සන්තො ඛීණපුනබ්භවො, එවං වාසෙට්ඨ ජානාහි බ්රහ්මා සක්කො විජානතන්ති.
Sinhala BJT659. ත්‍රිවිද්‍යායෙන් යුක්ත වූ ශාන්ත වූ ක්‍ෂය කළ පුනර්‍භව ඇති බ්‍රාහ්මණ පණ්ඩිතයන් විසින් බ්‍රහ්ම යයි ද ශක්‍ර යයි ද කියන ලදැයි වාසෙට්ඨ ය, මෙසේ දනුව.
Pali BJTඑවං වුත්තෙ වාසෙට්ඨභාරද්වාජා මාණවා භගවන්තං එතදවොචුං: අභික්කන්තං භො ගොතම -පෙ- එතෙ මයං භවන්තං ගොතමං සරණං ගච්ඡාම ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච, උපාසකෙ නො භවං ගොතමො ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං{2} සරණං ගතන්ති.
Sinhala BJTමෙසේ වදාළ කල්හි වාසෙට්ඨ, භාරද්වාජ යන මාණවයෝ භාග්‍යවතුන් වහන්සේට මෙ කරුණ සැල කළහ: භවත් ගෞතමයන් වහන්ස, ඉතා කාන්තය, ....... තෙල අපි භවත් ගෞතමයන් හා ධර්‍මය හා භික්‍ෂු සඞ්ඝයා හා සරණ කොට යම්හ. භවත් ගෞතමයන් වහන්සේ අදින් මත්තෙහි අප දිවිහිම් කොට කරණ ගිය උපාසකයන් කොට ධරණ සේක්වා යි.