Pali BJTඑවං මෙ සුතං එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. තෙන ඛො පන සමයෙන සභියස්ස පරිබ්බාජකස්ස පුරාණසාලොහිතාය දෙවතාය පඤ්හා උද්දිට්ඨා හොන්ති, යො තෙ සභිය සමණො වා බ්රාහ්මණො වා ඉමෙ පඤ්හෙ පුට්ඨො ව්යාකරොති, තස්ස සන්තිකෙ බ්රහ්මචරියං චරෙය්යාසීති.
Sinhala BJTමා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහි කලන්‍දකනිවාප නම් වේළුවනයෙහි වැඩ වසන සේක. එකල්හි සභිය නම් පරිව්‍රාජකයාගේ පැරැණි සහලේ නෑවූ දෙවියකු විසින් පැන උදෙසන ලද වෙයි. “සභිය, යම් මහණෙක් වේවයි බමුණෙක් වේවයි තා විසින් මෙ පැන පුළුවුස්නා ලදුයේ විවරණ කෙරේ නම්, උහු හමුයෙහි බඹසර වස”යි.
Pali BJTඅථ ඛො සභියො පරිබ්බජාකො තස්සා දෙවතාය සන්තිකෙ තෙ පඤ්හෙ උග්ගහෙත්වා යෙ තෙ සමණබ්රාහ්මණා සඞ්ඝිනො ගණිනො ගණාචරියා ඤාතා යසස්සිනො තිත්ථකරා සාධුසම්මතා බහුජනස්ස, සෙය්යථිදං: පූරණො කස්සපො{1} මක්ඛලි ගොසාලො අජිතො කෙසකම්බලො පකුධො කච්චායනො සඤ්ජයො බෙල්ලට්ඨි පුත්තො නිගණ්ඨොනාතපුත්තො. තෙ උපසඞ්කමිත්වා තෙ පඤ්හෙ පුච්ඡති, තෙ සභියෙන පරිබ්බාජකෙන පඤ්හෙ පුට්ඨා න සම්පායන්ති. අසම්පායන්තා කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරොන්ති, අපි ච සභියඤ්ඤෙව පරිබ්බාජකං පටිපුච්ඡන්ති. අථ ඛො සභියස්ස පරිබ්බාජකස්ස එතදහොසි: යෙ ඛො තෙ භොන්තො සමණබ්රාහ්මණා සඞ්ඝිනො ගණිනො ගණාචරියා ඤාතා යසස්සිනො තිත්ථකරා සාධුසම්මතා බහුජනස්ස, සෙය්යථීදං. පූරණො කස්සපො -පෙ- නිගණ්ඨො නාතපුත්තො. තෙ මයා පඤ්හෙ පුට්ඨා න සම්පායන්ති අසම්පායන්තා කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤ්ච පාතුකාරොන්ති, අපි ච මමඤ්ඤෙවෙත්ථ පටිපුච්ඡන්ති, යන්නූනාහං හීනායාවත්තිත්වා කාමෙ පරිභුඤ්ජෙය්යන්ති.
Sinhala BJTඑක්බිති සභිය පිරිවැජි ඒ දෙවි වෙතැ පැන උගෙන පූරණ කස්සපය, මක්ඛලි ගෝසාලය, අජිත කේසකම්බලය, පකුධ කච්චායනය, සඤ්ජය බෙල්ලට්ඨිපුත්ත්‍රය, නිගණ්ඨනාථපුත්ත්‍රය යන මෙබඳු ශිෂය සඞ්ඝයාගෙන් යුක්ත වූ ගණයා ඇති ගණාචාර්‍ය්‍ය වූ අභිඥාත වූ යශස් වී වූ දෘෂ්ටිතීර්‍ත්‍ථකර වූ බහුජනයා විසින් සත්පුරුෂය යි සම්මත වූ යම් මහණ බමුණෝ වෙත් නම්, ඔවුන් වෙත් ගොස් එ පැන පුළුවුස්සි. සභිය පිරිවැජි විසින් පැන පුළුවුස්නා ලද ඔහු නො සපයත්. නො සපයන්නාහු කෝප හා ද්වේෂ හා දොම්නස් හා පාළකරත්. වැලිත් සභිය පිරිවැජි ම ප්‍රතිපෘච්ඡා කරත්. එක්බිති සභිය පිරිවැජි හට තෙල සිත් විය: “පූරණ කස්පය -පෙ- නිගණ්ඨනාථපුත්තය යන යම් ශිෂ්‍ය සඞ්ඝයාගෙන් සපන් වූ ගණයා ඇති ගණැදුරු වූ විශ්‍රැත වූ යශස්වී වූ තීර්‍ත්‍ථකර වූ බොහෝ දෙනා විසින් සාධුසම්මත වූ භවත් මහණ බමුණෝ ඇත් නම්, ඔහු මා විසින් පැන පුළුවුස්නා ලද්දාහු පිළිතුරු නො සපයත්. නො සපයන්නාහු කෝප හා ද්වේෂ හා අප්‍රත්‍යය හා පාළ කෙරෙත්. වැලිදු මා මැ පුළුවුස්ති. මම ගිහී භාවයට පෙරැළී කම්සුව වළඳනෙමි මැනැවැ”යි.
Pali BJTඅථ ඛො සභියස්ස පරිබ්බාජකස්ස එතදහොසි: අයම්පි සමණො ගොතමො සඞ්ඝී චෙව ගණී ච ගණාචරියො ච ඤාතො යසස්සි තිත්ථකරො සාධුසම්මාතො බහුජනස්ස, යන්නූනාහං සමණං ගොතමං උපසඞ්කමිත්වා ඉමෙ පඤ්හෙ පුච්ඡෙය්යන්ති.
Sinhala BJTඑක්බිති සභිය පිරිවැජිහට තෙල සිත් විය: “මේ ශ්‍රමණ භවත් ගෞතමයෝත් ශිෂ්‍ය සඞ්ඝයා ඇතියාහු ගණයා ඇත්තාහු ගණැදුරු වූවාහු විශ්‍රැත වූවාහු යශස්වී වූවාහු තීර්‍ත්‍ථකර වූවාහු බොහෝ ජනයා විසින් සාධු සම්මතයහ. මම ශ්‍රමණ ගෞතමයන් කරාත් ගොස් මෙ පැන පුළුවුස්නෙම් මැනැවැ”යි.
Pali BJTඅථ ඛො සභියො පරිබ්බජාකස්සා එතදහොසි: යෙපි ඛො තෙ භොන්තො සමණබ්රාහ්මණා ජිණ්ණා වුද්ධා මහල්ලකා අද්ධගතා වයො අනුප්පත්තා ථෙරා රත්තඤ්ඤූ චිරපබ්බජිතා සඞ්ඝිනො ගණිනො ගණාචරියා ඤාතා යසස්සිනො තිත්ථකරා සාධුසම්මතා බහුජනස්ස, යෙය්යථිදං: පූරණො කස්සපො -පෙ- නිගණ්ඨො නාතපුත්තො. තෙපි මයා පඤ්හෙ පුට්ඨො න සම්පායන්ති. අසම්පායන්තා කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරොන්ති, අපි ච මඤ්ඤෙවෙත්ථ පටිපුච්ඡන්ති, කං පන මෙ සමණො ගොතමො ඉමෙ පඤ්හෙ පුට්ඨො ව්යාකරිස්සති, සමණො හි ගොතමො දහරො චෙව ව ජාතියා නවො ච පබ්බජායාති: අථ ඛො සභියස්ස පරිබ්බාජකස්ස එතදහොසි: සමණො ඛො දහරොති න පරිභොතබ්බො දහරොපි චෙස සමණො ගොතමො මහිද්ධිකො හොති මහානුභාවො, යන්නූනාහං සමණං ගොතමං උපසඞ්කමිත්වා ඉමෙ පඤ්හෙ පුච්ඡෙය්යන්ති.
Sinhala BJTඉක්බිති සභිය පරිව්‍රාජකහට තෙල සිත් විය: පූරණ කස්සපයැ,-පෙ- නිගණ්ඨනාථපුත්තය යන මෙ බඳු යම් ඒ ජරාජීර්‍ණ වූ අඞ්ගප්‍රත්‍යඞ්ග වෘද්ධිමර්‍ය්‍යදාවට පත්, ජාතිමහල්ලකතායෙන් සමන්‍වාගත, දෙතුන් රාජපරිවෘත්තයන් ඉක්ම ගිය, පැසුළු විය පත්, ස්වකීය ශ්‍රමණධර්‍මයෙහි තෙර බවට පත්, චිරරාත්‍රඥ වූ, පැවිදියෙන් බොහෝ කල්ගිය, ශිෂ්‍යගණයා ඇති, ගණයා ඇති කරණ, ගණැදැරු වූ, ඥාතෘ වූ, යශස්වී වූ, තීර්‍ත්‍ථකර වූ බහුජනයා විසින් සාධු සම්මත වූ මහණ බමුණෝ වෙත් නම්, ඔහුදු මා විසින් පැන පුළුවුස්නාලද්දාහු පිළිතුරු නොසපයත්. නොසපයන්නාහු කෝප හා ද්වේෂ හා අප්‍රත්‍යය හා පාළ කෙරෙත්. වැලිත් මා මැ එකරුණෙහි ප්‍රතිපෘච්ඡා කරත්. මා විසින් මෙ පැනපුළුවුස්නා ලද ශ්‍රමණ ගෞතමයෝ කවර නම් විසැඳුමක් කරත් ද? ශ්‍රමණගෞතමයෝ ජාතියෙන් දහරයහ. පැවිද්දෙන් නවකයහ”යි. එකල්හි සභිය පරිව්‍රාජකහට මෙසිත් විය: “මහණ දහර වුව, හේ මහ ඉදු ඇතියේ මහානුභාව ඇතියේ ය. මහණ වනාහි දහර යයි පරිභව නො කටයුතු වෙයි. මම මහණ ගොයුම් කරා ගොස් මෙ පැන පුළුවුස්නෙම් මැනැවැ”යි.
Pali BJTඅථ ඛො සභියො පරිබ්බාජකො යෙන රාජගහං තෙන චාරිකං පක්කාමි. අනුපුබ්බෙන චාරිකං චරමානො යෙන රාජගහං වෙළුවනං කලන්දකනිවාපො, යෙන භගවා තෙනුපඞ්කමි, උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි, සම්මොදනීයං කථං සාරාණීයං{1} වීතිසාරෙත්වා එකමන්තං නිසීදි, එකමන්තං නිසින්නො ඛො සභියො පරිබ්බාජකො භගවන්තං ගාථාය අජ්ඣභාසි:
Sinhala BJTඑක්බිති සභිය පිරිවැජි රජගහ බලා චාරිකාවට නික්ම ගියේය. අනුපිළිවෙළින් සැරිසරන්නේ රජගහ නුවර කලන්‍දක නිවාප නම් වේළුවනය කරා ගොස් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ හා සමග සතුටු විය. සතුටුවියයුතු සිහිකටයුතු කථා කොට නිමවා එකත්පසෙක හින. එකත්පසෙක හුන් සභිය පරිව්‍රාජක භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කරුණු ගන්වා කීය:
Pali BJT513. කඞ්ඛි වෙචිකිච්ඡි ආගමං (ඉති සභියො) පඤ්හෙ පුච්ඡිතුං අභිකඞ්ඛමානො, තෙසන්තකරො භවාහි පඤ්හෙ මෙ පුට්ඨො අනුපුබ්බං අනුධම්මං ව්යාකරොහි මෙ.
Sinhala BJT513. ප්‍රශ්නව්‍යාකරණකාඞ්ක්‍ෂා ඇතියෙම්, ප්‍රශ්නාර්‍ත්‍ථයෙහි විචිකිත්සා ඇතියෙම්, පැන පුළුවුස්නට කැමැතියෙම් පැමිණියෙම්. පුළුවුස්නාලද භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ගේ අන්තය කරණසේක් මැ මට අනුපිළිවෙලින්අර්‍ත්‍ථානුරූප පාළිය විවරණ කළමැනැවැයි සභිය කීය.
Pali BJT514. දූරතො ආගතො සි සභියා (ති භගවා) පඤ්හෙ පුච්ඡිතුං අභිකඞ්ඛමානො, තෙසන්තකරො භවාමි පුට්ඨො අනුපුබ්බං අනුධම්මං ව්යාකරොමි තෙ.
Sinhala BJT514. “සභිය, දුරැ සිට (තෝ) පැන පුළුවුස්නට කැමැති ව ආයෙහි ය. (තා විසින්) පුළුවුස්නාලද්දෙම් ඒ ප්‍රශ්නයන්ගේ පර්‍ය්‍යවසාන කරම්. පැන පිළිවෙළින් අර්‍ත්‍ථරූප ධර්‍මය තොපට විවරණ කරන්නෙමි”යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
Pali BJT515. පුච්ඡ මං සභිය පඤ්හං යං කිඤ්චි මනසිච්ඡසි, තස්ස තස්සෙව පඤ්හස්ස අහං අන්තං කරොමි තෙ’තී.
Sinhala BJT515. සභිය, සිතින් යම් මැ කිසිවක් කැමැතියෙහි නම්, එ පැන මා පුළුවුස්ව, මම තොපට එ එ ප්‍රශ්නාගේ පර්‍ය්‍යවසානය කරන්නෙම්.
Pali BJTඅථ ඛො සභියස්ස පරිබ්බාජකස්ස එතදහොසි, අච්ඡරියං වත භො අබ්භුතං වත භො යං වතාහං අඤ්ඤෙසු සමණබ්රාහ්මණෙසු ඔකාසකම්මමත්තම්පි නාලත්ථං, තං මෙ ඉදං සමණෙන ගොතමෙන ඔකාසකම්මං කතන්ති අත්තමනො පමොදිතො උදග්ගො පීතිසොමනස්සජාතො භගවන්තං පඤ්හං පුච්ඡි:
Sinhala BJTඑකල්හි සභිය පිරිවැජිහට තෙල සිත් විය: “භවත්නි, එකැතියන් අසිරියෙකි. භවත්නි, එකැති යෙන් නො වූ විරූයෙකි. අන් මහණ බමුණන් වෙතැ මම එකැතින් යම්බඳු අවකාශමාත්‍රයකුදු නොලදිම් ද, මට ඒ අවසරය ශ්‍රමණ ගෞතමයන් වහන්සේ විසින් දෙන ලද වේ ය”යි ආරාධිත සිත් ඇත්තේ ප්‍රමුදිත වූයේ ඔද වැඩි සිතැතියේ හටගත් ප්‍රීතිසොම්නස් ඇත්තේ භාග්‍යවතුන් වහන්සේ ගෙන් පැන පිළිවිසි.
Pali BJT516. කිං පත්තිනමාහු භික්ඛූනං (ඉති සභියො) සොරතං කෙන කථඤ්ච දන්තමාහු, බුද්ධොති කථං පවුච්චති පුට්ඨො මෙ භගවා ව්යාකරොහි{1}
Sinhala BJT516. (සභිය මෙසේ විචාරයි) කවර ප්‍රාප්තියක් (අධිගමයක්) ඇතියහු මහණැයි කියත් ද? කවර කරුණෙකින් (මහණ) සොරත (මොනොවට සන්හුන්) යයි කියත් ද? කිසෙයින් (මහණ) දාන්තයයි කියත් ද? කිසෙයින් බුද්ධ යයි කියනු ලැබේ ද?භාග්‍යවතුන් වහන්සේ මා විසින් පුළුවුස්නා ලද ඔබ වහන්සේ විවරණ කරන සේක්ව යි.
Pali BJT517. පජ්ජෙන කතෙන අත්තනා (සභියාති භගවා) පරිනිබ්බානගතො විතිණ්ණකඞ්ඛො, විභවඤ්ච භවඤ්ච විප්පහාය වුසිතවා ඛීණපුනබ්භවො ස භික්ඛු.
Sinhala BJT517. (බුදුහු සභිය අමතා) තමා (භාවනා විසින්) කළ මාර්‍ගයෙන් ක්ලේශපරිනිර්‍වාණයට ගිය, වෙසෙසින් තුණු සැක ඇති (විපත්ති සම්පත්ති, හානි - වෘද්ධි, උච්ඡේද - ශාශ්වත, අපුණ්‍ය - පුණ්‍ය සඞ්ඛ්‍යාත) විභව හා භව හැරපියා වැස නිමවූ මඟ බඹසර ඇති, ක්‍ෂීණ වූ පුනර්‍භව ඇති එ පුද්ගල භික්‍ෂූ වෙයි.
Pali BJT518. සබ්බත්ථ උපෙක්ඛකො{2} සතිමා න සො හිංසති කඤ්චි සබ්බලොකෙ, තිණ්ණො සමණො අනාවිලො උස්සදා යස්ස න සන්ති සොරතො සො.
Sinhala BJT518. යමෙක් රූපාදි හැම අරමුණුහි(ෂඩඞ්ගෝපේක්‍ෂායෙන්) උපෙක්‍ෂිතවූ ස්මෘතිමත් වූ හේ හැම ලොව්හි කිසිදු ප්‍රාණයකු නොපෙළන්නේ ද චතුරෝඝ තරණය කෙළේ ද (සන්හුන් පව් ඇති හෙයින්) ශ්‍රමණ වූයේ ද, (ඇවිළගත් මිථ්‍යා සඞ්කල්ප නැති හෙයින්) අනාවිල වූයේ ද, යමකුහට ඖදාරික වේවයි සූක්‍ෂම වේවයි රාග, ද්වේෂ, මෝහ, මාන, දෘෂ්ටි, ක්ලේශ, දුශ්චරිත සඞ්ඛ්‍යාතා සප්තොත්සදයෝ නොමැත්තාහු ද, හෙ සොරත නම් වෙයි.
Pali BJT519. යස්සින්ද්රියානි භාවිතානි අජ්ඣත්තං බහිද්ධා ච සබ්බලොකෙ, නිබ්බිජ්ඣ{3} ඉමං පරඤ්ච ලොකං කාලං කඞ්ඛති භාවිතො ස දන්තො.
Sinhala BJT519. යමකු විසින් අධ්‍යාත්මයෙහි හා බාහිරයෙහිදැයි හැම ස්කන්‍ධලෝකයෙහි වූ චක්‍ෂුරාදි ෂඩින්‍ද්‍රියෝ (ගෝචරභාවනා වාසනාභාවනා විසින්) වඩනාලදහුද, මෙ ස්වසන්තිස්කන්‍ධලෝකය හා පරසන්තිස්කන්‍ධලෝකය හා පිළිවිද (දැන) වැඩූ සිතැතියේ ජීවිතක්‍ෂය කාලය සාපේක්‍ෂ ව වෙසේ ද, හෙ දාන්ත වෙයි.
Pali BJT520. කප්පානි විචෙය්ය කෙවලානි සංසාරං උභයං චුතූපපාතං, විගතරජමනඞ්ගණං විසුද්ධං පත්තං ජාතික්ඛයං තමාහු බුද්ධන්ති.
Sinhala BJT520. තෘෂ්ණා දෘෂ්ටිකල්පයන් ද, සසර ද, ච්‍යුති උප්පත්ති දෙක ද, යන මෙ හැම අනිත්‍යාදි විසින් දැන කෙලෙස් රජස් දුරැ ලූ, රාගාදි අඞ්ගණ රහිත වූ, රාගාදිමලවිගමයෙන් විශුද්ධ වූ, නිර්‍වාණ සඞ්ඛ්‍යාත ජාතික්‍ෂයට පැමිණි එ පුඟුල් බුද්ධ යි කියත් යැයි (වදාළහ.)
Pali BJTඅථ ඛො සභියො පරිබ්බාජකො භගවතො භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා අත්තමනො පමොදිතො උදග්ගො පීතිසොමනස්සජාතො භගවන්තං උත්තරිං පඤ්හං පුච්ඡි:
Sinhala BJTඑකල්හි සභිය පිරිවැජි භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිලිගෙණැ අනුමෝදන් වැ සතුටුසිත් ඇතියේ ප්‍රමුදිත වූයේ ඔදපත්සිතැත්තේ හටගත් ප්‍රීති සොම්නස් ඇතියේ භාග්‍යවතුන් වහන්සේගෙන් මත්තෙහිදු පැන පිළිවිසී.
Pali BJT521. කිං පත්තිනමාහු බ්රාහ්මණං (ඉති සභියො) සමණං කෙන කථඤ්ච නහාතකොති. නාගොති කථං පවුච්චති පුට්ඨො මෙ භගවා ව්යාකරොහි.
Sinhala BJT521. (සභිය මෙසේ පිළිවිසියි:) කවර ප්‍රාප්ති ඇතියක්හු බ්‍රාහ්මණයැයි කියත් ද? කවර කරුණෙකින් ශ්‍රමණයැයි කියත් ද? කිසෙයින් ස්නාතකයයි කියත් ද? කිසෙයින් ‘නාග’ කියනු ලැබේ ද? භාග්‍යවතුන් වහන්ස, ම විසින් පුළුවුස්නාලදහු විවරණ කළ මැනව.
Pali BJT522. බාහිත්වා සබ්බපාපානි (සභියාති භගවා) විමලො සාධු සමාහිතො, ඨිතත්තො, සංසාරමතිච්ච කෙවලී සො අසිතො තාදි පවුච්චතෙ බ්රාහ්මා.
Sinhala BJT522. (‘සභිය’ යි අමතා බුදුහු මෙසේ වදාළහ:) හැම පව් බැහැර ලා (විගතමල භාවයෙන්) විමල වූ, අග්‍රඵල සමාධියෙන්මොනොවට සමාහිත වූ, ස්ථිතාත්ම ඇති, සංසාරහේතු සමතික්‍රණයෙන් සසර ඉක්මැ සිටි, ( වැසනිම වූ කිස ඇති හෙයින්) කේවලී වූ, තෘෂ්ණා දෘෂ්ටියෙන් අනිඃශ්‍රිත වූ, (ලෝකධර්‍මයෙන් නිර්විකාර හෙයින්) තාදී වූ එ ක්‍ෂීණාස්‍රව තෙම ‘බ්‍රාහ්මණ’යි කියනු ලැබේ.
Pali BJT523. සමිතාවි පහාය පුඤ්ඤපාපං විරජො ඤත්වා ඉමං පරඤ්ච ලොකං, ජාතිමරණං උපාතිවත්තො සමණො තාදි පවුච්චතෙ තථත්තා.
Sinhala BJT523. අරීමගින් කෙලෙස් සන්හිඳ වූ, පින් පව් නසා පියා එහෙයින්ම රාගාදි රජස් නැති, මෙ ආධ්‍යාත්මික ස්කන්‍ධාදි ලෝකය හා අනිත්‍යාදි විසින් දැන, ජාති හා මරණ හා ඉක්ම ගිය තථාත්ම වූ තාදී පුත්ගල ‘ශ්‍රමණ’ යි කියනු ලැබෙ යි.
Pali BJT524. නින්හාය{1} සබ්බපාපකානි අජ්ඣත්තං බහිද්ධා ච සබ්බලොකෙ, දෙවමනුස්සෙසු කප්පියෙසු කප්පං නෙති තමාහු නහාතකොතී.
Sinhala BJT524. ආධ්‍යාත්මික වූත් බාහිර වූත් හැම ස්කන්‍ධාදි ලෝකයෙහි හැම පව් දොවාපියා (තණ්හාමාණදිට්ඨියන) කල්පන කටයුතු දේවමනුෂ්‍යයන් කෙරෙහි යමෙක් තෘෂ්ණාදි කල්පනයට නොයේ ද, ඔහු ‘ස්නාතක’ යි කියත්.
Pali BJT525. ආගුං න කරොති කිඤ්චි ලොකෙ සබ්බසංයොගෙ විසජ්ජ බන්ධනානි; සබ්බත්ථ න සජ්ජතී විමුත්තො නාගො තාදි පවුච්චතෙ{2} තථත්තාති.
Sinhala BJT525. (යමෙක්) ලොවැ සර්‍වසංයෝජන සඞ්ඛ්‍යාත බන්‍ධන හැරැපියා කිසිදු ආගු සඞ්ඛ්‍යාත පාපයක් නොකෙරේ ද, උභය විමුක්තියෙන් මිදුනේ හැම ස්කන්‍ධාදියෙන් සඞ්ගවශයෙන් නොලැගේ ද, තථාත්ම වූ එ තාදී පුද්ගල ‘නාග’ යි කියනු ලැබේ.
Pali BJTඅථ ඛො සභියො පරිබ්බාජකො -පෙ- භගවන්තං උත්තරිං පඤ්හං අපුච්ඡි:
Sinhala BJTඉක්බිති සභිය පරිව්‍රාජක ... මත්තෙහිදු භාග්‍යවතුන් වහන්සේ වෙතින් පැන පිළිවිසී.
Pali BJT526. කං ඛෙත්තජිනං වදන්ති බුද්ධා (ඉති සභියො) කුසලං කෙන කථඤ්ච පණ්ඩිතොති, මුනි නාම කථං පවුච්චති පුට්ඨො මෙ භගවා ව්යාකරොහි.
Sinhala BJT526. (සභිය මෙසේ පිළිවිසියි:) බුදුහු කවරකු ‘ඛෙත්තජින’ යි කියත් ද? කවර කරුණෙකින් ‘කුශල’ යි කියත් ද? කිසෙය්න ‘පණ්ඩිත’ යි කියත් ද? කිසෙයින් ‘මුනි’ නමැයි කියනු ලැබේ ද? භාග්‍යවතුන් වහන්ස, මා විසින් පුළුවුස්නා ලදහු විවරණ කළ මැනව.
Pali BJT527. ඛෙත්තානි විචෙය්ය කෙවලානි (සභියාති භගවා) දිබ්බං මානුසකඤ්ච බ්රහ්මඛෙත්තං, සබ්බඛෙත්තමූලබන්ධනා පමුත්තො ඛෙත්තජිනො තාදී පවුච්චතෙ තථත්තා.
Sinhala BJT527. (බුදුහු සභිය අමතා මෙසේ වදාරති:) දිව්‍ය ක්‍ෂේත්‍ර, මානුෂක ක්‍ෂේත්‍ර, බ්‍රහ්ම ක්‍ෂේත්‍ර වූ, චක්‍ෂුරාදි ආයතන සඞ්ඛ්‍යාත සකල ක්‍ෂේත්‍රයන් අනිත්‍යාදි විසින් විමසා දැන සකල ක්‍ෂේත්‍රයනට මූලබන්‍ධන වූ අවිද්‍යා භව තෘෂ්ණාදියෙන් ප්‍රමුක්ත වූ තථාත්ම වූ තාදී පුද්ගල ‘ඛෙත්තජින’ යි කියනු ලැබේ යි.
Pali BJT528. කොසානි විචෙය්ය කෙවලානි දිබ්බං මානුසකඤ්ච බ්රහ්මකොසං, සබ්බකොසමූලබන්ධනා පමුත්තො කුසලො තාදි පවුච්චතෙ තථත්තා.
Sinhala BJT528. දිව්‍ය කෝෂ, මානුෂක කෝෂ, බ්‍රාහ්ම වූ සකල කර්‍ම කෝෂයන් (අනිත්‍යාදි විසින්) පිරිසිඳ දැන සර්‍ව කර්‍මකෝෂයනට මූලබන්‍ධන සඞ්ඛ්‍යාත අවිද්‍යා භව තෘෂ්ණාදියෙන් ප්‍රමුක්ත වූයේ තථාත්ම තාදී පුද්ගල ‘කුසල’යි කියනු ලැබෙ යි.
Pali BJT529. තදුභයානි විචෙය්ය පණ්ඩරානි අජ්ඣත්තං බහිද්ධා ච සුදධිපඤ්ඤො, කණ්හං සුක්කමුපාතිවත්තො පණ්ඩිතො තාදි පවුච්චතෙ තථත්තා.
Sinhala BJT529. ආධ්‍යාත්මික වූත් බාහිර වූත් චක්‍ෂුරාදි උබය පණ්ඩරයන් (ආයතනයන්) අනිත්‍යාදි විසින් විමසා දැන ශුද්ධ ප්‍රඥා ඇතියේ පාපපුණ්‍ය සඞ්ඛ්‍යාත කෘෂ්ණ ශුක්ල ධර්‍මයන් ඉක්ම ගියේ තථාත්ම තාදී පුද්ගල ‘පණ්ඩිත’ යි කියනු ලැබෙයි.
Pali BJT530. අසතඤ්ච සතඤ්ච ඤත්වා ධම්මං අජ්ඣත්තං බහිද්ධා ච සබ්බලොකෙ, දෙවමනුස්සෙහි පූජනීයො සඞ්ගං ජාලමතිච්ච{1} සො මුනීති.
Sinhala BJT530. ආධ්‍යාත්මික වූ ද බාහිර වූ ද සියලු ලෙව්හි අසත්පුරුෂයන්ගේ හා සත්පුරුෂයන්ගේ ධර්‍මය (ප්‍රවිචයඥානයෙන්) දැනසිටි යමෙක් දෙව් මිනිසුන් විසින් පිදියයුතුවේ ද, සප්තවිධ සඞ්ග හා තෘෂ්ණා දෘෂ්ටි යන ද්විවිධ ජාලය ද ඉක්මැ සිටි හෙ ‘මුනි’යි කියනු ලැබේ.
Pali BJTඅථ ඛො සභියො පරිබ්බාජකො -පෙ- භගවන්තං උත්තරිං පඤ්හං අපුච්ඡි:
Sinhala BJTඉක්බිති සභිය පිරිවැජි ... මතුයෙහිදු භාග්‍යවතුන් වහන්සේ ගෙන් පැන පිළිවිසී.
Pali BJT531. කිං පත්තිනමාහු වෙදගුං (ඉති සභියො) අනුවිදිතං කෙන කථඤ්ච විරියවාති, ආජානියො කින්ති නාම හොති පුට්ඨො මෙ භගවා ව්යාකරොහි.
Sinhala BJT531. (සභිය මෙසේ පිළිවිසියි:) කුමකට පැමිණියහු ‘වේදගු’ යි කියත් ද? කවර කරුණෙකින් ‘අනුවීදිත’යි කියත් ද? කිසෙයින් ‘වීර්‍ය්‍යවත්’යි කියත් ද? කවර හෙයින් ‘ආජානේය’ නම් වේ ද? භාග්‍යවතුන් වහන්ස, ම විසින් පුළුවුස්නා ලදහු විවරණ කරණු මැනව.
Pali BJT532. වෙදානි විචෙය්ය කෙවලානි (සභියාති භගවා) සමණානං යානිධත්ථි{2} බ්රාහ්මණානං, සබ්බ වෙදනාසු වීතරාගො සබ්බං වෙද මතිච්ච වෙදගූ සො.
Sinhala BJT532. (බුදුහු සභිය අමතා මෙසේ වදාරති) මෙලොවැ මහණ බමුණන්ගේ යම් වේදයෝ ඇත් ද? එ හැම වේද ශාස්ත්‍ර (අනිස ඈ විසින්) පිරිසිඳ දැන ( එ වේද ප්‍රත්‍යයන් උපදනා) සියලු වේදනාවන්හි වීතරාග වූයේ එ හැම වේද ඉක්මවා සිටි හෙ ‘වේදගු’ යි කියනු ලැබෙයි.
Pali BJT533. අනුවිච්ච පපඤ්චනාමරූපං අජ්ඣත්තං බහිද්ධා ච රොගමූලං, සබ්බරොගමූලබන්ධනා පමුත්තො අනුවිදිතො තාදි පවුච්චතෙ තථත්තා
Sinhala BJT533. ආධ්‍යාත්මික සන්තානයෙහි හා බාහිර සන්තානයෙහි රෝගයනට කරුණු වූ (තණ්හා දිට්ඨිමාන යන) ප්‍රපඤ්චයන් හා (එයින් උපදනා) නාමරූප ද (අනිත්‍යාදි විසින්) දැන, හැම නාමරූප රෝගයන්ගේ මූලබන්‍ධනයෙන් ප්‍රමුක්ත වූ තථාත්ම තාදී පුද්ගල ‘අනුවීදිත’ යි කියනු ලැබෙයි.
Pali BJT534. විරතො ඉධ සබ්බපාපකෙහි නිරයදුක්ඛමතිච්ච විරියවා සො, සො විරියවා පධානවා ධීරො තාදී පවුච්චතෙ තථත්තා.
Sinhala BJT534. යමෙක් මෙලොවැ හැම පව් දහමින් වෙන් වූයේ නිරාදුක් ඉක්මැ සිටි හෙ වීර්‍ය්‍ය ඇත්තේ වෙයි. (චතුරඞ්ග සමන්‍වාගත) වීර්‍ය්‍ය ඇති ප්‍රධන් ඇති තථාත්ම වූ තාදී එ පුද්ගල ධීර යි කියනු ලැබෙයි.
Pali BJT535. යස්සසසු ලුතානි බන්ධනානි අජ්ඣත්තං බහිද්ධා ච සඞ්ගමූලං, සබ්බසඞ්ගමූලබන්ධනා පමුත්තො ආජානීයො තාදි පවුච්චතෙ තථත්තා’ති.
Sinhala BJT535. යමකුගේ ආධ්‍යාත්මික සන්තානයෙහිත් බාහැර සන්තානයෙහිත් වූ සංයෝජන සඞ්ඛ්‍යාත බන්‍ධනයෝ ද රාගාදි සඞ්ගමූලයද සිඳලන ලද්දාහු වෙත් ද, හැම සඞ්ගමූලයෙන් හා බන්‍ධනයෙන් මුත් තථාත්ම වූ තාදී පුද්ගල ‘ආජානේය’ යි කියනු ලැබේ.
Pali BJTඅථ ඛො සභියො පරිබ්බාජකො -පෙ- භගවන්තං උත්තරිං පඤ්හං අපුච්ඡි:
Sinhala BJTඉක්බිති සභිය පිරිවැජි ... මතුයෙහිදු භාග්‍යවතුන් වහන්සේ ගෙන් පැන පිළිවිසී.
Pali BJT536. කිං පත්තිනමාහු සොත්තියං (ඉති සභියො) අරියං කෙන කථඤ්ච චරණවාති, පරිබ්බාජකො කින්ති නාම හොති පුට්ඨො මෙ භගවා ව්යාකරොහි.
Sinhala BJT536. (සභිය මෙසේ පිළිවිසියි:) කුමකට පැමිණියහු ‘සොත්තිය’ යි කියත් ද? කවර කරුණෙකින් යුක්ත වූවහු ‘අරිය’ යී කියත් ද? කිසෙයින් ‘චරණ සම්පන්න’ යි කියත් ද? කවර හෙයෙකින් පරිබ්බාජක නම් වේද? භාග්‍යවතුන් වහන්ස, මා විසින් පුළුවුස්නා ලදහු විවරණ කරණු මැනව.
Pali BJT537. සුත්වා සබ්බධම්මං අභිඤ්ඤාය ලොකෙ (සභියාති භගවා) සාවජ්ජානවජ්ජං යදත්ථි කිඤ්චි, අභිභුං අකථංකථිං විමුත්තං අනීඝං සබ්බධිමාහු සොත්තියොති.
Sinhala BJT537. (බුදුහු මෙසේ වදාළහ, සභිය:) (ශ්‍රැතමය ප්‍රඥකෘත්‍ය වශයෙන් හෝ කර්‍තව්‍යකෘත්‍ය වශයෙන් හෝ) විදර්‍ශනෝපගත වූ සාවද්‍ය වූත් යම් මැ කිසිධර්‍මයෙක් ඇත් නම් එ හැම ධර්‍මය අසා අනිත්‍යාදි වශයෙන් දැන ක්ලේශ හා ක්ලේශස්තානීය ධර්‍ම මැඩ සිටී, කථංකථී භාව නැති, කෙලෙස් බැඳුමින් මිදුනු සියලු ස්කන්‍ධාදි රාගාදි ඊඝ නැතියහු ‘සොත්තිය’ යි කියත්.
Pali BJT538. ඡෙත්වා ආසවානි ආලයානී විද්වා සො න උපෙති ගබ්භසෙය්යං සඤ්ඤං තිවිධං පනුජ්ජ පඞ්කං කප්පං නෙති තමාහු අරියොති.
Sinhala BJT538. චතුරාස්‍රවයන් හා උභයාලයන් ප්‍රඥාශස්ත්‍රයෙන් සිඳ (සිවුමගනැණින්) විද්වද් වූ හේ කිසිදු යෝනිගර්‍භශර්‍ය්‍යාවකට (පුනර්‍භවයට) නො එයි. කාමාදි ත්‍රිවිධසංඥාවන් හා කාම පඞ්කය හා හැරපියා තෘෂ්ණා දෘෂ්ටි කල්පයට නො එයි. ඔහු ‘අරිය’ යි කියත්.
Pali BJT539. යො ඉධ චරණෙසු පන්තිපත්තො කුසලො සබ්බදා ආජානි ධම්මං, සබ්බත්ථ න සජ්ජති විමුත්තො{1} පටිඝා යස්ස න සන්ති චරණවා සො.
Sinhala BJT539. මෙ සස්නෙහි යම් මහණෙක් පසළොස්චරණධර්‍ම හේතුයෙන් (අර්‍හත්‍ව සඞ්ඛ්‍යාත) ප්‍රාප්තවයට පැමිණියේ චරණධර්‍මකුශල වූයේ හැමවිට නිර්‍වාණධර්‍ම දතුයේ ද, සියලු ස්කන්‍ධාදි ධර්‍මයන්හි නො ලැගේද, උභය විමුක්තියෙන් මිදුනේ ද, යමකුට ප්‍රතිඝයෝ නැද්ද, හෙ ‘චරණ’ සම්පන්න’යි කියත්.
Pali BJT540. දුක්ඛවෙපක්කං යදත්ථි කම්මං උද්ධමධො තිරියඤ්චාපි මජ්ඣෙ, පරිබ්බාජයිත්වා පරිඤ්ඤචාරී මායං මානමථොපි ලොභකොධං පරියන්තමකාසි නාමරූපං තං පරිබ්බාජකමාහු පත්තිපත්තන්ති.
Sinhala BJT540. (අතීතාධ්ව සඞ්ඛ්‍යාත) උඩ හා (අනාගතාධ්ව සඞ්ඛ්‍යාත) යට හා (ප්‍රත්‍යුපන්නාධ්ව සඞ්ඛ්‍යාත) සරස මැද හා වූ දුඃඛ විපාක ඇති යම් කිසි කර්‍මයෙක් ඇත් නම් එ ද, මායා මාන ලෝභ ක්‍රෝධ යන ධර්‍මයන් (අප්‍රතිසන්‍ධිජනකභාවයෙන්) ආර්‍ය්‍යමාර්‍ගයෙන් දුරු කොට පියා පහාණ පරිඤ්ඤා වශයෙන් පිරිසිඳ දැන හැසිරෙන්නේ නාම රූපය අවසන් කෙළේ ද, ප්‍රාප්තව්‍යයටපත් එ මහණ පරිබ්බාජකැ යි කියත්.
Pali BJTඅථ ඛො සභියො පරිබ්බාජකො භගවතො භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා අත්තමනො පමුදිතො උදග්ගො පීතිසොමනස්සජාතො උට්ඨායාසනා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා යෙන භගවා තෙනඤ්ජලිං පණාමෙත්වා භගවන්තං සම්මුඛා සාරුප්පාහි ගාථාහි අභිත්ථවි:
Sinhala BJTඉක්බිති සභිය පරිව්‍රාජක භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගෙණ අනුමෙවෙනි කොට තුටුසිත් ඇත්තේ ප්‍රමුදිත වූයේ ඔදවැඩි සිතැතියේ හටගත් ප්‍රීති සොම්නස් ඇතියේ හුනස්නෙන් නැඟී සිට උතුරුසළුව එකස්හි කොට ලා භාග්‍යවතුන් වහන්සේ වෙත ඇඳිලි බැඳ හමුයෙහි සිට සාරුප්‍ය ගාථායෙන් භාග්‍යවතුන් වහන්සේ පැසසීය.
Pali BJT541. යානි ච තීණි යානි ච සට්ඨි සමණප්පවාද සිතානි භූරිපඤ්ඤ, සඤ්ඤක්ඛරසඤ්ඤනිස්සිතානි ඔසරණානි විනෙය්ය ඔඝන්තමගා.
Sinhala BJT541. මහාප්‍රාඥයෙනි, (අන්‍යතීර්‍ත්‍ථක) ශ්‍රමණයන්ගේ ප්‍රවාදශාස්ත්‍රයන් ඇසුරු කළ යම් තෙසැට මිසදිටු කෙනෙක් ද, ව්‍යවහාරනාමයන් හා විපරීත සංඥාවන් ඇසුරු කළ යම් තීර්‍ත්‍ථායතනයෝත් වෙත් නම්, එ තීර්‍ත්‍ථයන් මැඩ පියා ඕඝසඞ්ඛ්‍යාත තමස ඉක්ම ගියහ නොහොත් ඕඝයාගේ අන්තයට ගියහ.
Pali BJT542. අන්තගූ’සි පාරගු දුක්ඛස්ස අරහාසි සම්මාසම්බුද්ධො ඛීණාසවං තං මඤ්ඤෙ, ජුතිමා මුතිමා පහුතපඤ්ඤො දුක්ඛස්සන්තකර අතාරෙසි මං.
Sinhala BJT542. නිවන් කරා ගියා ව, (එහෙයින්) දුඃඛයාගේ පරතෙර කරා ගියාව, අර්‍හත් වහු සම්‍යක්සම්බුද්ධවහු, ඔබ ක්‍ෂීණාස්‍රව කොට හඟිම්. ධෘතිමත් වව, මුතිමත්, ප්‍රභූතප්‍රඥා ඇති වව, දුක් කෙළවර කළ නිදුකාණනි, මා තරණය කළාව,
Pali BJT543. යං මෙ කංඛිතමඤ්ඤාසි විචිකිච්ඡා මං තාරයි නමො තෙ මුනි මොනපථෙසු පත්තිපත්ත අඛිලආදිච්චබන්ධූ සොරතොසි.
Sinhala BJT543. මාගේ යම් සැකයෙක් දන්නා ලද ද, විචිකිච්ඡාවක් වීද, එයිනුදු මා තරණය කළහු ය. ඔබට නමස්කාර වේවා! මෝනපථයෙහි අර්‍හත්‍වයට පැමිණි මුනිවරයානනි, ආදිත්‍යබන්‍ධු වූ ඔබ සොරත වහු යැ.
Pali BJT544. යා මෙ කඞ්ඛා පුරෙ ආසි තං මෙ ව්යාකාසි චක්ඛුමා, අද්ධා මුනීසි සම්බුද්ධො නත්ථි නීවරණා තව.
Sinhala BJT544. මට පෙර යම් සැකයෙක් වී නම්, පසැස්හු එය දුරැලූහ. ඒකාන්තයෙන් සම්බුද්ධ මුනි වූවහු ය. ඔබට නීවරණයෝ නැත.
Pali BJT545. උපායාසා ච තෙ සබ්බෙ විද්ධස්තා විනලීකතා, සීතීභූතො දමප්පත්තො ධිතිමා සච්චනික්කමො.
Sinhala BJT545. ඔබ විසින් සියලු උපායාසයෝ වෙසෙසින් නසන ලද්දාහ, එහෙයින් විනලීකෘත වෙති. සිහිල් වූවහු දාන්ත වූවහු ධෘතිසම්පන්න වූවහු සත්‍යනිෂ්ක්‍රිම ඇත්තහුය.
Pali BJT546. තස්ස තෙ නාග නාගස්ස මහාවීරස්ස භාසතො, සබ්බෙ දෙවානුමොදන්ති උභො නාරදපබ්බතා.
Sinhala BJT546. නිෂ්පාපී උතුමාණනි, නාග වූ මහාවීර වූ දම් දෙසන එ ඔබගේ භාෂිතය, සියලු දෙවියෝ ද, නාරදපබ්බත දෙපවු වැසි උබය දේවගණයෝ ද අනුමෙවෙනි කෙරෙත්.
Pali BJT547. නමො තෙ පුරිසාජඤ්ඤ නාමො තෙ පුරිසුත්තම, සදෙවකස්මිං ලොකස්මිං නත්ථි තෙ පටිපුග්ගලො.
Sinhala BJT547. පුරුෂ ශ්‍රේෂ්ඨයෙනි, ඔබට නමස්කාරවේවා, පුරුෂෝත්තමයෙනි, ඔබට නමස්කාරවේවා, දෙවියන් සහිත ලෝකයෙහි ඔබට ප්‍රතිපුද්ගලයෙක් නැත.
Pali BJT548. තුවං බුද්ධො තුවං සත්ථා තුවං මාරාභිභූ මුනි, තුවං අනුසයෙ ඡෙත්වා තිණ්ණො තාරෙසි’මං පජං.
Sinhala BJT548. මුබවහන්සේ බුද්ධ වන සේක, මුබ වහන්සේ ශාස්තෘ වන සේක. මුබ වහන්සේ මරුන්මැඩලූ මුනි වන සේක. මුබවහන්සේ සප්තානුශය සිඳපියා ඕඝතරණ කළ සේක. මේ සත්ත්‍වාඛ්‍යා ප්‍රජාව එතෙර කළ සේකි.
Pali BJT549. උපධී තෙ සමතික්කන්තා ආසවා තෙ පදාලිතා, සීහොසි අනුපාදානො පහීනභයභෙරවො.
Sinhala BJT549. මුබ වහන්සේ විසින් උපධීහු මොනොවට ඉක්මවනලදහ. මුබ වහන්සේ විසින් ආස්‍රවයෝ ප්‍රදාලිත වෙත්. මුබ වහන්සේ සිංහ වනසේක, උපාදාන රහිත වනසේක. ප්‍රහීණභය භෛරව ඇති සේකි.
Pali BJT550. පුණ්ඩරීකං යථා වග්ගු තොයෙ න උපලිප්පති, එවං පුඤ්ඤෙ ච පාපෙ ච උභයෙ ත්වං න ලිප්පසි, පාදෙ වීර පසාරෙහි සභියො වන්දති සත්ථුනො’ති.
Sinhala BJT550. යම්සේ මනරම් පඬෙර දියෙහි නො තැවරේ ද, එසෙයින් පින් හා පව් යන දෙක්හි මුබ වහන්සේ නො තැවරෙන සේක. වීරයන් වහන්ස, පා සඟළ දිගු කළ මැනව, සභිය ශාස්තෘන්ගේ පා සඟළ වඳනේයි.
Pali BJTඅථ ඛො සභියො පරිබ්බාජකො භගවතො පාදෙසු සිරසා නිපතිත්වා භගවන්තං එතදවොච: අභික්කන්තං භො ගොතම -පෙ- ධම්මඤ්ච භික්ඛු සඞ්ඝඤ්ච, ලභෙය්යාහං භන්තෙ, භගවතො සන්තිකෙ පබ්බජ්ජං ලභෙය්යං උපසම්පදන්ති,
Sinhala BJTඑක්බිති සභිය පරිව්‍රාජක භාග්‍යවතුන් වහන්සේගේ පාමුල්හි හිසින් හෙවැ භාග්‍යවතුන් වහන්සේට තෙල කීය: භවත් ගෞතමයන් වහන්ස, ඉතා කාන්තය, ..... ධර්‍මය හා බික්සඟුන් හා සරණ කොටයෙමියි. වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේ වෙතැ පැවිදි ලබම්වා උපසම්පත් ලබම්වා යි.
Pali BJTයො ඛො සභිය, අඤ්ඤතිත්ථියපුබ්බො ඉමස්මිං ධම්මවිනයෙ ආකඞ්ඛති පබ්බජ්ජං ආකඞ්ඛති උපසම්පදං සො චත්තාරො මාසෙ පරිවසති, චතුන්නං මාසානං අච්චයෙන ආරද්ධචිත්තා භික්ඛු පබ්බාජෙන්ති උපසම්පාදෙන්ති භික්ඛු භාවාය, අපිච මෙත්ථ පුග්ගලවෙමත්තතා විදිතාති.
Sinhala BJTසභිය අන්තොටුවිරූ යමෙක් මෙ ධර්‍මවිනයෙහි පැවිදි කැමති වේ ද, උපසම්පදාව කැමති වේද, හේ සාර මසක් පිරිවෙස් වසයි. සිවුමස් ඇවෑමෙන් ඇරයූ සිත් ඇති මහණහු ඔහු භික්‍ෂුභාවය සඳහා පැවිදි උපසපන් කරවත්. තවද මෙ අන්තොටු පිරිවෙස්හි ලා මා විසින් පුද්ගල නානාත්‍වය දන්නා ලද වේය යි.
Pali BJTසචෙ භන්තෙ, අඤ්ඤතිත්ථියපුබ්බා ඉමස්මිං ධම්මවිනයෙ ආකඞ්ඛන්තා පබ්බජ්ජං ආකඞ්ඛන්තා උපසම්පදං චත්තාරො මාසෙ පරිවසන්ති, චතුන්නං මාසානං අච්චයෙන ආරද්ධචිත්තා භික්ඛුපබ්බාජෙන්ති උපසම්පාදෙන්ති භික්ඛුභාවාය, අහං චත්තාරි වස්සානි පරිවසිස්සාමි, චතුන්නං වස්සානං අච්චයෙන ආරද්ධචිත්තා භික්ඛු පබ්බාජෙන්තු උපසම්පාදෙන්තු භික්ඛුභාවායාති.
Sinhala BJTවහන්ස, ඉදින් අන්තොටු විරූහු මෙ සස්නෙහි පැවිදි පතන්නාහු උපසපුව පතන්නාහු සාරමසක් පිරිවෙස් පුරත් නම්, සාරමස් ඇවෑමෙන් ආරාධිත චිත්තයෙන්යුත් මහණහු පැවිදි කරවත් නම් භික්‍ෂු භාවය සඳහා උපසම්පන්න කරවත් නම්, මම් සතර වසරක් පිරිවෙස් පුරන්නෙමි, සිව්වස ඇවෑමෙන් ආරාධිතචිත්ත භික්‍ෂූහු (මා) පැවිදි කෙරෙත්වා, භික්‍ෂු භාවය සඳහා උපසපන් කෙරෙත්වා යි.
Pali BJTඅලත්ථ ඛො සභියො පරිබ්බාජකො භගවතො සන්තිකෙ පබ්බජ්ජං අලත්ථ උපසම්පදං -පෙ- අඤ්ඤතරො ච ඛො පනායස්මා සභියො අරහතං අහොසීති.
Sinhala BJTසභිය පරිව්‍රාජක භාග්‍යවතුන් වහන්සේ වෙතැ පැවිද්ද ලැබීය, උපසම්පදා ලැබීය -පෙ- ආයුෂ්මත් සභිය රහතුන් අතර අන්‍යතරයෙක් වීය යි.
Pali BJTසභියසුත්තං නිට්ඨිතං.
Sinhala BJTසභිය සූත්‍රය නිමි.
Pali BJT3. 7.
Sinhala BJT3. 7.
Pali BJTසෙල සුත්තං
Sinhala BJTසේල සූත්‍රය
Pali BJTඑවං මෙ සුතං එකං සමයං භගවා අඞ්ගුත්තරාපෙසු චාරිකං චරමානො මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං අඩ්ඪතෙළසෙහි භික්ඛුසතෙහි යෙන ආපණං නාම අඞ්ගුත්තරාපානං නිගමො තදවසරි, අස්සොසි ඛො කෙණියො ජටිලො සමණො ඛලු භො ගොතමො සක්යපුත්තො සක්යකුලා පබ්බජිතො අඞ්ගුත්තරාපෙසු චාරිකං චරමානො මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං අඩ්ඪතෙළසෙහි භික්ඛුසතෙහි ආපණං අනුප්පත්තො, තං ඛො පන භවන්තං ගොතමං එවං කල්යාණො කිත්තිසද්දො අබ්භුග්ගතො “ඉතිපි සො භගවා අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා”ති සො ඉමං ලොකං සදෙවකං සමාරකං සබ්රහ්මකං සස්සමණබ්රාහ්මණිං පජං සදෙවමුනස්සං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙති, සො ධම්මං දෙසෙති ආදිකල්යාණං මජ්ඣෙ කල්යාණං පරියොසානකල්යාණං සාත්ථං සබ්යඤ්ජනං කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං පකාසෙති, සාධු ඛො පන තථාරූපානං අරහතං දස්සනං හොතී’ති.
Sinhala BJTමා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ අඞ්ගුත්තරරාජ දනවුයෙහි සැරිසරණ සේක් අඩ තෙළෙස් යල් සියක් මහණුන් ඇති මහ බික් සඟුන් සමග අඞ්ගුත්තරාපයන්ගේ ආපණ නම් නියම් ගමට වැඩි සේක. කේණිය ජටිල මෙ බස් ඇසී: “ශාක්‍ය කුලයෙන් (නික්මැ) පැවිදි වූ ගෞතම ශ්‍රමණශාක්‍ය පුත්‍රයෝ අඞ්ගුත්තරාප දනවුයෙහි සැරිසරන්නාහු අඩ තෙළෙස් යල් සියක් මහණුන් ඇති බික්මහසඟුන් හා කැටිව ආපණයට පැමිණියහ. ඒ භවත් ගෞතමයන් වහන්සේගේ මෙබඳු කලණ කිත් ගොස මෙසේ පැන නැංග: ‘එ භවත්හු මෙ කරුණෙන් ද අර්‍හත්හ, සම්‍යක් සම්බුද්ධයහ, විද්‍යාචරණ සම්පන්නයහ, සුගත්හ, ලෝකවිද්හ, අනුත්තර පුරුෂදම්‍යසාරථිහ, දේව මනුෂ්‍යයනට ශාස්තෘහ, බුද්ධහ, භාග්‍යවත්හ’යි මෙසේ උස්ව නැංගේය. හේ දෙවියන් සහිත මරුන් සහිත, බඹුන් සහිත මේ ලෝකය, මහණ බමුණන් සහිත දෙවිමිනිසුන් සහිත සත්ත්‍වාඛ්‍යප්‍රජාව තෙමේ විශිෂ්ට ඥානයෙන් සාක්‍ෂාත් කොට ප්‍රකාශ කෙරෙයි. හේ ආදි කල්‍යාණ වූ මධ්‍යකල්‍යාණ වූ පර්‍ය්‍යවසාන කල්‍යාණ වූ සාර්‍ත්‍ථ කොට සව්‍යඤ්ජන කොට ධර්‍මය දේශනා කරයි. කේවල පරිපූර්‍ණ පරිශුද්ධ බ්‍රහ්මචර්‍ය්‍යය පවසයි. එබඳු වූ රහතුන්ගේ දර්‍ශනය මනා වේ මැ”යි.
Pali BJTඅථ ඛො කෙණියො ජටිලො යෙන භගවා තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි, සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි, එකමන්තං නිසින්නං ඛො කෙණියං ජටිලං භගවා ධම්මියා කථාය සන්දස්සෙසි සමාදපෙසි සමුත්තෙපෙසි සම්පහසෙසි.
Sinhala BJTඉක්බිති කේණිය ජටිල භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු විය යුතු, සිහිකට යුතු කථාව කොට නිමවා එකත්පසෙක හින. එකත් පසෙක හුන් කේණිය ජටිලයන් භාග්‍යවතුන් වහන්සේ දැහැමි කථායෙන් මොනොවට දැක්වූහ. සමාදන් කරවූහ. මැනවින් උත්තේජිත කරවූහ, සම්ප්‍රහර්‍ෂිත කරවූහ.
Pali BJTඅථ ඛො කෙණියො ජටිලො භගවතා ධම්මියා කථාය සන්දස්සිතො සමාදපිතො සමුත්තෙජිතො සම්පහංසිතො භගවන්තං එතදවොච: අධිවාසෙතු මෙ භවං ගොතමො ස්වාතනාය භත්තං සද්ධිං භික්ඛුසඞ්ඝෙනාති, එවං වුත්තො භගවා කෙණියං ජටිලං එතදවොච: මහා ඛො කෙණිය, භික්ඛුසඞ්ඝො අඩ්ඪතෙළසානි භික්ඛුසතානි, ත්වඤ්ච ඛො බ්රාහ්මණෙසු අභිප්පසන්නොති. දුතියම්පි ඛො කෙණියො ජටිලො භගවන්තං එතදවොච: කිඤ්චාපි භො ගොතම, මහා භික්ඛුසඞ්ඝො අඩ්ඪතෙළසානි භික්ඛුසතානි, අහඤ්ච බ්රාහ්මණෙසු අභිප්පසන්නො, අධිවාසෙතු මෙ භවං ගොතමො ස්වාතනාය භත්තං සද්ධිං භික්ඛුසඞ්ඝෙනාති, තතියම්පි ඛො භගවා කෙණියං ජටිලං එතදවොච: මහා ඛො කෙණිය, භික්ඛුසඞ්ඝො අඩ්ඪතෙළසානි භික්ඛුසතානි, ත්වඤ්ච ඛො බ්රාහ්මණෙසු අභිප්පසන්නොති, තතියම්පි ඛො කෙණියො ජටිලො භගවන්තං එතදවොච: කිඤ්චාපි භො ගොතම, මහා භික්ඛුසඞ්ඝො අඩ්ඪතෙළසානි භික්ඛුසතානි, අහඤ්ච ඛො බ්රාහ්මණෙසු අභිප්පසන්නො, අධිවාසෙත්වෙව මෙ භවං ගොතමො ස්වාතනාය භත්තං සද්ධිං භික්ඛුසඞ්ඝෙනාති.
Sinhala BJTඑක්බිති කේණිය ජටිල භාග්‍යවතුන් වහන්සේ විසින් දැහැමි කථායෙන් සන්‍දර්ශිත වූයේ සමාදන් කරවන ලදුයේ සමුත්තේජිත වූයේ සම්ප්‍රහර්‍ෂිත වූයේ භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැළ කෙළේය: භවත් ගෞතමයෝ සෙට දවසට බික්සඟුන් හා සමග මාගේ ඉවසත්වා යි. මෙසේ කියන ලද භාග්‍යවතුන් වහන්සේ කේණිය ජටිලයන් හට තෙල කරුණ වදාළ සේක: කේණියෙනි, බික්සඟහු මහත් වෙත්, අඩ තෙළෙස් යල් සියක් මහණහු වෙත්, තො ද වනාහි බ්‍රාහ්මණයන් කෙරෙහි අභිප්‍රසන්නයෙහි’යි. දෙවන වටත් කේණිය ජටිල භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ දැන්වීය: භවත් ගෞතමයන් වහන්ස, බික්සඟුන් මහත් වුව, අඩ තෙළෙස් යල් සියක් මහණුන් වුවද, මා ද බ්‍රාහ්මණයන් කෙරෙහි අභිප්‍රසන්න වුව ද, භවත් ගෞතමයන් වහන්සේ සෙට දවසට බික් සඟුන් සමග ම මගේ බත ඉවසත්වා”යි. තෙවන වටත් භාග්‍යවතුන් වහන්සේ කේණිය ජටිලයන් හට තෙල කරුණ වදාළ සේක: කේණියෙනි, බික්සඟහු මහත් වෙති, අඩ තෙළෙස්යල්සියක් මහණහු වෙත්, තොපද වනාහි බ්‍රාහ්මණයන් කෙරෙහි අභිප්‍රසන්නයෙහි’යි. තෙවන වටත් කේණිය ජටිල භාග්‍යවතුන් වහන්සේට තෙල කීය: භවද් ගෞතමයන් වහන්ස, බික්සඟුන් මහත් වුව, අඩ තෙළෙස්යල්සියක් මහණුන් වුව, මා ද බ්‍රාහ්මණයන් කෙරෙහි අභිප්‍රසන්න වුව, භවද් ගෞතමයන් වහන්සේ සෙටදස් සඳහා බික් සඟුන් හා සමග මාගේ බත ඉවසත්වා”යි.
Pali BJTඅධිවාසෙසි භගවා තුණ්හීභාවෙන.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ තුෂ්ණීම්භාවයෙන් ඉවසා වදාළ සේක.
Pali BJTඅථ ඛො කෙණියො ජටිලො භගවතො අධිවාසනං විදිත්වා උට්ඨායාසනා යෙන සකො අස්සමො තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා මිත්තා මච්චෙ ඤාතිසාලොහිතෙ ආමන්තෙසි: සුණන්තු මෙ භවනෙතා මිත්තා මච්චා ඤාතිසාලොහිතා සමණො මෙ ගොතමො නිමන්තිතො ස්වාතනාය භත්තං සද්ධිං භික්ඛුසඞ්ඝෙන. යෙන මෙ කායවෙය්යාවටිකං කරෙය්යාථාති.
Sinhala BJTඉක්බිති කේණිය ජටිල භාග්‍යවතුන් වහන්සේගේ අධිවාසනය දැන හුනස්නෙන් නැඟී සිය අසපුව කරා ගියේය. ගොස් මිත්‍රාමාත්‍යයන් හා නෑසාලේ නෑයන් ඇමතීය: භවත් මිත්‍රාමාත්‍යයෙනි, නෑසාලේ නෑයෙනි, මබස් අසව. මවිසින් බික්සඟුන් හා ශ්‍රමණ භවද් ගෞතමයෝ සෙට බතට නිමන්ත්‍රණය කරණ ලදහ. මට කයින් වතාවත් කරව”යි.
Pali BJTඑවං හොති ඛො කෙණියස්ස ජටිලස්ස මිත්තාමච්චා ඤාතිසාලොහිතා කෙණියස්ස ජටිලස්ස පටිස්සුත්වා අප්පෙකච්චෙ උද්ධනානි ඛණන්ති, අප්පෙකච්චෙ කට්ඨානි ඵාලෙන්ති, අප්පෙකච්චෙ භාජන්ති ධොවන්ති, අප්පෙකච්චෙ උදකමණිකං පතිට්ඨාපෙන්ති, අප්පෙකච්චෙ ආසනානි පඤ්ඤාපෙන්ති. කෙණියො පන ජටිලො සාමංයෙව මණ්ඩලමාලං පටියාදෙති.
Sinhala BJTභවත්නි, එසේය යි කේණිය ජටිලගේ මිත්‍රාමාත්‍යයෝ ද නෑ සාලේ නෑයෝ ද කේණිය ජටිලයන් පිළිවදන් අස්වා ඇතැම් හු ගිනි උදුන් වළ කණිති, ඇතැම්හු දර පලති, ඇතැම්හු බඳුන් දොවති, ඇතැම්හු දිය සැළ තබති, ඇතැම්හු අසුන් පණවත්. කේණිය ජටිල තෙමෙ හේ මැ මණ්ඩල මාලය පිළියෙල කරයි.
Pali BJTතෙන ඛො පන සමයෙන සෙලො බ්රාහ්මණො ආපණෙ පටිවසති තිණ්ණං වෙදානං පාරගු සනිඝණටුකෙටුභානං සාක්ඛරප්පභෙදානං ඉතිහාසපඤ්චමානං පදකො වෙය්යාකරණො ලොකායතමහාපුරිසලක්ඛණෙසු අනවයො තීණි මාණවකසතානි මන්තෙ වාචෙති, තෙන ඛො සමයෙන කෙණියෙ ජටිලෙ සෙලො බ්රාහ්මණො අභිප්පසන්නො හොති.
Sinhala BJTඑසමයෙහි සේල බ්‍රාහ්මණ නිඝණ්ඩු ශාස්ත්‍ර හා ක්‍රියාකල්ප විකල්ප ශාස්ත්‍ර සහිත (ශික්‍ෂා, නිරුක්ති සඞ්ඛ්‍යාත) අක්‍ෂර ප්‍රභේද ඇති (අර්‍ත්‍ථව වේද සතරවන කොට) පුරාණ කථා සඞ්ඛ්‍යාත ඉතිහාසය පස්වනු කොට ඇති වේදත්‍රයෙහි කෙළ පැමිණියේ පද හා ව්‍යාකරණ දතුයේ (විතණ්ඩවාද ශාස්ත්‍රසඞ්ඛ්‍යාත) ලෝකායත ශාස්ත්‍රයෙහි හා මහා පුරුෂ ලක්‍ෂණාධිකාරයෙහි පරිපූර්‍ණ වූයේ ආපණයෙහි වෙසෙයි. ශිෂ්‍ය මාණවකයන් තුන්සියකට වේද මන්ත්‍ර හදාරවයි. එසමයෙහි කේණිය ජටිල කෙරෙහි සේලබ්‍රාහ්මණ මොනොවට පැහැදුනේ වෙයි.
Pali BJTඅථ ඛො සෙලො බ්රාහ්මණො තීහි මාණවකසතෙහි පරිවුතො ජඞ්ඝාවිහාරං අනුචඞ්කමමානො අනුවිචරමානො යෙන කෙණියස්ස ජටිලස්ස අස්සමො තෙනුපසඞ්කමි. අද්දසා ඛො සෙලො බ්රාහ්මණො කෙණියස්මිං ජටිලෙ අප්පෙකච්චෙ උද්ධනානි ඛණන්නෙ -පෙ- අප්පෙකච්චෙ ආසනානි පඤ්ඤාපෙන්තෙ කෙණියං පන ජටිලං සාමංයෙව මණ්ඩලමාලං පටියාදෙන්තං දිස්වාන කෙණියං ජටිලං එතදවොච:
Sinhala BJTඑකල්හි සේල බ්‍රාහ්මණ තුන්සියක් මාණවකයන් විසින් පිරිවරණ ලදුයේ ජඞ්ඝා විහාර කරණුයේ කේණි ජටිලයන් ගේ අසපුව කරා එළැඹියේයැ. සේල බ්‍රාහ්මණ කේණිය ජටිල වෙතැ උදුන් කණනුවන් අසුන් පනවනුවන් ද කේණිය ජටිලයන් තමා මැ මණ්ඩල මාලය පිළියෙල කරණුවන් ද දිටී. දැක කේණිය ජටිල හට තෙල කීය:
Pali BJTකින්නු භොතො කෙණියස්ස ආවාහො වා භවිස්සති, විහාහො වා භවිස්සති, මහායඤ්ඤො වා පච්චුපට්ඨිතො, රාජා වා මාගධො සෙනියො බිම්බිසාරො නිමන්තිතො ස්වාතනාය සද්ධිං බලකායෙනාති.
Sinhala BJTකිම භවත් කේණියගේ ආවාහයක් හෝ වන්නේ ද? විවාහයෙක් හෝ වන්නේ ද? මහායාගයෙක් හෝ එළඹ සිටියේ ද? සෙට දවස් සඳහා බලකායයෙන් යුත් මගධාධිපති සේනිය බිම්බිසාර රජ හෝ බතින් පවරණ ලදුයේ දැ? යි.
Pali BJTන මෙ සෙල, ආවාහො භවිස්සති, නපි විවාහො භවිස්සති නපි රාජා මාගධො සෙනියො බිම්බිසාරො නිමත්ති තො ස්වාතනාය සද්ධිං බලකායෙන, අපි ච ඛො මෙ මහායඤ්ඤො පච්චුපට්ඨිතො අත්ථි. සමණො ගොතමො සක්යපුත්තො සක්යකුලා පබ්බජිතො අඞ්ගුත්තරාපෙසු චාරිකං චරමානො මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං අඩ්ඪතෙළසෙහි භික්ඛුසතෙහි ආපණං අනුප්පත්තො, තං ඛො පන භවන්තං ගොතමං එවං කල්යාණො කිත්තිසද්දො අබ්භුග්ගතො -පෙ- බුද්ධො භගවාති. සො මෙ නිමන්තිතො ස්වාතනාය සද්ධිං භික්ඛුසඞ්ඝෙනාති.
Sinhala BJTසේලයෙනි, මාගේ ආවාහයෙක් හෝ නො වන්නේ යැ, විවාහයෙක් හෝ නොවන්නේ යැ, බල සෙන් හා මගධපති සේනිය බිම්බිසාර රජ හෝ සෙට දවස් සඳහා නිමන්ත්‍රිත නො වෙයි, වැලිදු මට එළඹ සිටි මහා යඥයෙක් ඇත. සැහැකුලෙන් නික්ම පැවිදි වූ ශ්‍රමණ ශාක්‍ය පුත්‍ර ගෞතමයෝ අඞ්ගුත්තරාප ජනපදයෙහි සැරිසරන්නාහු අඩ තෙළෙස් යල් සියක් බික්මහසඟන හා කැටිව ආපණයට පැමිණියහ, එ භවත් ගෞතමයන්ගේ මෙවන් කල්‍යාණ කීර්තිඝෝෂයෙක් උස්වැ නැංගේ යැ. -පෙ- බුද්ධයහ, භගවත්හ”යි. ඔබ බික් සඟුන් හා සමග මා විසින් සෙට දවසට නිමන්ත්‍රණ කරණ ලදහ.
Pali BJTබුද්ධොති ඛො භො කෙණිය, වදෙසි? බුද්ධොති භො සෙල, වදාමි, බුද්ධොති භො කෙණිය, වදෙසි? බුද්ධොති භො සෙල වදාමිති.
Sinhala BJTභවත් කේණියෙනි, බුද්ධයහ’යි කියහි? භවත් සේලයෙනි, ‘බුද්ධයහ’යි කියමි. භවත් කේණියෙනි, බුද්ධයහ’යි කියහි? භවත් සේලයෙනි, බුද්ධයහ’යි කියමියි.
Pali BJTඅථ ඛො සෙලස්ස බ්රාහ්මණස්ස එතදහොසි: ඝොසොපි ඛො එසො දුල්ලභො ලොකස්මිං යදිදං බුද්ධො’ති. ආගතානි ඛො පන අස්මාකං මන්තෙසු ද්වත්තිංස මහාපුරිසලක්ඛණානි යෙහි සමන්නාගතස්ස මහාපුරිසස්ස ද්වෙව ගතියො භවන්ති අනඤ්ඤා. සචෙ අගාරං අජ්ඣාවසති, රාජා හොති චක්කවත්ති ධම්මිකො ධම්මරාජා චාතුරන්තො විජිතාවි ජනපදත්ථාවරියප්පත්තො සත්තරතනසමන්නාගතො. තස්සිමානි සත්තරතනානි භවන්ති, සෙය්යථීදං: චක්කරතනං හත්ථිරතනං අස්සරතනං මණිරතනං ඉත්ථිරතනං ගහපතිරතනං පරිණායකරතනමෙව සත්තමං, පරොසහස්සං ඛො පනස්ස පුත්තා භවන්ති සූරා වීරඞ්ගරූපා පරසෙනප්පමද්දනා, සො ඉමං පඨවිං සාගරපරියන්තං අදණ්ඩෙන අසත්ථෙන ධම්මෙන අභිවිජිය අජ්ඣාවසති. සචෙ ඛො පනාගාරස්මා අනගාරියං පබ්බජති අරහං හොති සම්මාසම්බුද්ධො ලොකෙ විවත්තච්ඡද්දො.
Sinhala BJTඑකල්හි සේල බමුණ හට තෙල සිත විය: ‘බුද්ධයහ’ යන යම් මෙ තෙපුලෙක් වේ නම් තෙල හඬ ද ලොව්හි දුර්‍ලභ වේ ය”යි අපගේ වේද මන්ත්‍රයෙහි දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ කෙනෙක් ඇත. යම් බඳු ලක්‍ෂණයෙන් සමන්‍වාගත මහාපුරුෂයකු හට දෙ ගතියෙක් මැ වේ ද අන්‍ය ගතියෙක් නො වේ ද එබඳු ලක්‍ෂණයෝ ය. ඉදින් ගෙහි ඉසුරුව වෙසේ නම් ධාර්මික වූ ධර්‍මරාජ වූ සිව්සයුරු හිම් කොට ඉසුරු වූයේ සතුරන් දනන සුලු වූයේ දනවුහි තහවුරු බවට පැමිණියේ සප්තරත්නයෙන් සමන්‍වාගත වූයේ සක්විති රජ වෙයි. ඔ හට මෙ සප්තරත්නයෝ වෙති, ඔහු කවරහ යත්: චක්‍ර රත්නය, හස්ති රත්නය, අශ්ව රත්නය, මණී රත්නය, ස්ත්‍රී රත්නය, ගෘහපති රත්නය, සත් වැනි වූ පරිණායක රත්නය. ඔ හට වනාහි ශූර වූ විරාඞ්ගස්වරූප වූ සතුරු සෙන් මඬනා, අයිරා දහස් පුත්‍රයෝ වෙත්, හේ සයුරු පිරියත් කොට ඇති මෙ මුළු පොළොව අදණ්ඩයෙන් අශස්ත්‍රයෙන් ධර්‍මයෙන් දිනා ගෙණ ඉසුරු ව වෙසෙයි. ඉදින් ගෙන් නික්ම අනගාරිය සඞ්ඛ්‍යාත ශාසනයට වදී නම්, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ වූයේ ලොව්හි පෙරළු ක්ලේශච්ඡදන ඇතියේ වෙ’යි.
Pali BJTකහං පන භො කෙණිය, එතරහි සො භවං ගොතමො විහරති අරහං සම්මා සම්බුද්ධො’ති.
Sinhala BJTභවත් කේණියෙනි, දැන් එ භවත් ගෞතම සම්‍යක් සම්බුද්ධයෝ කොහි වෙසෙත් ද?
Pali BJTඑවං වුත්තෙ කෙණියො ජටිලො දක්ඛිණං බාහං පග්ගහෙත්වා සෙලං බ්රාහ්මණං එතදවොච: යෙනෙසා භො සෙල නිලවනරාජීති,
Sinhala BJTමෙසේ අසත් මැ කේණිය ජටිල දක්‍ෂිණ බාහුව නඟා සෙල බමුණු හට තෙල කීය: භවත් සෙලෙයිනි, යම් දිගෙකින් තෙල නිල් වන පෙත වේ නම් (එහි යයි).
Pali BJTඅථ ඛො සෙලො බ්රාහ්මණො තීහි මාණවකසතෙහි සද්ධිං යෙන භගවා තෙනුපසඞ්කමි, අථඛො සෙලො බ්රාහ්මණො තෙ මාණවකෙ ආමන්තෙසි: අප්පසද්දා භොන්තො ආගච්ඡන්තු පාදෙ පදං නික්ඛිපන්තා, දුරාසදා හි තෙ භගවන්තො සීහාව එකවරා, යදා වාහං භොන්තො, සමණෙන ගොතමෙන සද්ධිං මන්තෙය්යං මා මෙ භොන්තො, අන්තරන්තරා කථං ඔපාතෙථ, කථාපරියොසානං මෙ භවන්තො ආගමෙන්තූති.
Sinhala BJTඉක්බිති සෙල බ්‍රාහ්මණ මාණවකයන් තුන්සිය කැවිටිව ලා ගෙණ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේය. එක්බිති සේල බමුණු මාණවකයන් තුන්සිය ඇමැතීය: භවත්නි, අල්පශබ්දව පියෙහි පිය බහන්නාහු එව, සිංහයින් සෙයින් ඒකචර වූ එ භාග්‍යවත්හු දුරාසද වෙත් මැයි. (ලංවිය නොවෙත් මැයි) භවත්නි, යම් විටෙක ශ්‍රමණ ගෞතමයන් සමග මන්ත්‍රණ කෙරෙම් නම්, භවත්හු මාගේ කථායෙහි නහමක් අතුරු කථා හෙළවයි, භවත්හු මාගේ කථා පර්‍ය්‍යවසානය අපේක්‍ෂා කෙරෙත්වා යි.
Pali BJTඅථ ඛො සෙලො බ්රාහ්මණො යෙන භගවා තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි, සම්මොදනීයං කථං සාරාණීයං{1}වීතිසාරෙත්වා එකමන්තං නිසීදි, එකමන්තං නිසින්නො ඛො සෙලො බ්රාහ්මණො භගවතො කායෙ ද්වත්තිංසමහාපුරිසලක්ඛණානි සමන්නෙසි{2}, අද්දසා ඛො සෙලො බ්රාහ්මණො භගවතො කායෙ ද්වත්තිංස මහාපුරිසලක්ඛණානි යෙභුය්යෙන ඨපෙත්වා ද්වෙ, ද්වීසු මහාපුරිසලක්ඛණෙසු කඞ්ඛති විචිකිච්ඡති නාධිමුච්චති න සම්පසීදති, කොසොහිතෙ ච වත්ථගුය්හෙ පහූතජිව්හතාය ච,
Sinhala BJTඑක්බිති සේල බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේ කරා ගියේය. ගොස් භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු විය යුතු කථා නිමවා එකත් පස් හි හින. එකත් පස් හි හුන් සෙල බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේගේ සිරුරෙහි දෙතිස් මහපුරිස් ලකුණු සෙවීය. සෙල බමුණු භාග්‍යවතුන් වහන්සේගේ සිරුරෙහි දෙකක් තබා බොහෝ කොට දෙතිස් මහපුරිස් ලකුණු දිටී. දෙමහපුරිස් ලකුණෙකැ සැක දනවයි, විචිකිත්සා කෙරෙයි, අධිමෝක්‍ෂ නො කෙරෙයි, ප්‍රසන්න භාවයට නො යෙයි: කෝෂාවහිත වස්ත්‍රගුහ්‍යයෙහි ද ප්‍රභූත ජීහ්වතායෙහි දැයි.
Pali BJTඅථ ඛො භගවතො එතදහොසි: පස්සති ඛො මෙ අයං සෙලො බ්රාහ්මණො ද්වත්තිංසමහාපුරිසලක්ඛණානි යෙභුය්යෙන ඨපෙත්වා ද්වෙ, ද්වීසු මහාපුරිසලක්ඛණෙසු කඞ්ඛති විචිකිච්ඡති නාධිමුච්චති න සම්පසීදති, කොසොහිතෙ ච වත්ථගුය්හෙ පහූතජිව්හතාය චාති. අථ ඛො භගවා තථාරූපං ඉද්ධාභිසඞ්ඛාරං අභිසඞ්ඛාසි යථා අද්දස සෙලො බ්රාහ්මණො භගවතො කොසොහිතං වත්ථගුය්හං, අථ ඛො භගවා ජිව්හං නින්නාමෙත්වා උභොපි කණ්ණසොතානි අනුමසි පරිමසි, උභොපි නාසිකසොතානි අනුමසි පිරිමසි, කෙවලම්පි ලළාටමණ්ඩලං ජිව්හාය ඡාදෙසි.
Sinhala BJTඑකල්හි භාග්‍යවතුන් වහන්සේට තෙල සිත විය: මෙ සේල බ්‍රාහ්මණ දෙකක් තබා මාගේ දෙතිස් මහපුරිස් ලකුණු බොහෝ කොට දක්නේය, දෙමහපුරිස් ලකුණෙක් හි සැක දනවයි, විචිකිත්සා කෙරෙයි, අධිමෝක්‍ෂ නො කෙරෙයි, පහන් නොවෙයි: කෝෂාවහිත වස්තුගුහ්‍යයෙහි හා ප්‍රභූත ජිහ්වතායෙහි හායි. එක්බිති භාග්‍යවතුන් වහන්සේ යම් පරිදියෙකින් සෙල බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේ ගේ කෝෂාවහිත වස්ත්‍රගුහ්‍යය දිටී නම්, එපරිද්දෙන් ඍද්ධ්‍යභිසංස්කාරයක් කළසේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ දිව බැහැරි කොට ලා දෙකන් සිළු අනුමර්‍ශන කළහ, පරාමර්‍ශන කළහ, දෙනාසාසිදුරුදු අනුමර්‍ශන කළහ, පරාමර්‍ශන කළහ, හැම නළල් මඩුලු දිවේ වැසූහු.
Pali BJTඅථ ඛො සෙලස්ස බ්රාහ්මණස්ස එතහොසි සමන්නාගතො ඛො සමණො ගොතමො ද්වත්තිංසමහාපුරිසලක්ඛණෙහි පරිපුණ්ණෙහි නො අපරිපුණ්ණෙහි නො ච ඛො නං ජානාමි බුද්ධො වා නො වා, සුතං ඛො පන මෙතං බ්රාහ්මණානං වුද්ධානං මහල්ලකානං ආචරියපාචරියානං භාසමානානං, යෙ තෙ භවන්ති අරහන්තො සම්මාසම්බුද්ධො තෙ සකෙ වණ්ණෙ භඤ්ඤමානෙ අත්තානං පාතුකරොන්තීති, යන්නූනාහං සමණං ගොතමං සම්මුඛා සාරුප්පාහි ගාථාහි අභිත්ථවෙය්යන්ති, අථ ඛො සෙලො බ්රාහ්මණො භගවන්තං සම්මුඛා සාරුප්පාහි ගාථාහි අභිත්ථවි.
Sinhala BJTඑකල්හි සෙල බමුණු හට තෙල සිත විය: අපරිපූර්‍ණ නො ව පරිපූර්‍ණ වූ ම දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණයෙන් ශ්‍රමණ භවත් ගෞතමයෝ සමන්‍වාගත වෙති. උහු බුදුහු හෝයි නො බුදුහ හෝයි නො ද දනිම්. “යම් මැ අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ වෙත් නම්, උන් වහන්සේ තමන් ගුණ වණනු ලබත් ම තමන් පාළ කෙරෙතැ”යි වෘද්ධ වූ ජාති මහල්ලක වූ ආචාර්‍ය්‍ය ප්‍රාචාර්‍ය්‍යයන්ගේ තෙල බස මා විසින් අසන ලද මැයි. මම ශ්‍රමණ ගෞතමයන් වහන්සේ අබිමුවෙහි සාරුප්‍ය ගාථායෙන් තෙමන්නෙම් නම් මැනැවයි. එක්බිති සෙල බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේ අභිමුවෙහි සාරුප්‍ය ගාථායෙන් පැසැසීය.
Pali BJT551. පරිපුණ්ණකායො සුරුචි සුජාතො චාරුදස්සනො, සුවණ්ණවණ්ණොසි{1} භගවා සුසුක්කදාඨොසි විරියවා.
Sinhala BJT551. භාග්‍යවතුන් වහන්ස, (මහ පුරිස් ලකුණින් පිරිපුන් හෙයිනුදු නො හුනු අඟ පසඟ ඇති බැවිනුදු) පිරිපුන් සිරිරු ඇතියව, සොඳුරු සිරිරු පැහැ ඇතියව, (ආරෝහ පරිණාහ සම්පත්තියෙනුදු සංස්ථාන සම්පත්තියෙනුදු) සුජාතයව, සිත්කලු දර්‍ශන (හෙවත් නෙත්) ඇතියව, රන්වන් පැහැ ඇත්තව, ඉතා සුදු දළ ඇත්තව, ප්‍රධන් වීර්‍ය්‍ය ඇත්තව.
Pali BJT552. නරස්ස හි සුජාතස්ස යෙ භවන්ති වියඤ්ජනා සබ්බෙ තෙ තව කායස්මිං මහාපුරිසලක්ඛණා.
Sinhala BJT552. සුජාත වූ පුරුෂයකුට යම් බඳු වියදුන්හ වෙත් නම්, ඒ හැම මහා පුරුෂ ලක්‍ෂණයෝ මුඹවහන්සේගේ සිරුරෙහි වෙති.
Pali BJT553. පසන්නනෙත්තො සුමුඛො බ්රහා උජු පතාපවා, මජ්ඣෙ සමණසඞ්ඝස්ස ආදිච්චො’ව විරොචසි.
Sinhala BJT553. (පඤ්චවර්‍ණ ප්‍රසාද සම්පත්තියෙන්) පහන් නෙත් ඇත්ත ව, (පිරිපුන් සඳ මඬල බඳු හෙයින්) සුමුඛ ව, (ආරෝහ පරිණාහ සම්පත්ති හෙයින්) වෘහත් වව. (බඹහුගේ මෙන් ඍජු ගාත්‍ර ඇති හෙයින්) ඍජුවව, (ජ්‍යොතිර්‍මත් භාවයෙන්) ප්‍රතාප ඇතිය ව, ශ්‍රමණ සඞ්ඝයාගේ මධ්‍යයෙහි ආදිත්‍ය හෙයින් වොරඳහු.
Pali BJT554. කල්යාණදස්සනො භික්ඛු කඤ්චනසන්නිභත්තවො, කිං තෙ සමණභාවෙන එවං උත්තමවණ්ණිනො.
Sinhala BJT554. කලණ අසුන් ඇති මහණ ව, කසුන් බඳු සිවි ඇත්ත ව, මේ සෙයින් උත්තම වර්‍ණ ඇති තොපගේ ශ්‍රණ භාවයෙන් කවර අර්‍ත්‍ථයෙක?
Pali BJT555. රාජා අරහසි භවිතුං චක්කවත්ති රථෙසභො, චාතුරන්තො විජිතාවි ජම්බුසණ්ඩස්ස ඉස්සරො.
Sinhala BJT555. දඹදිවට ඉසුරු වූ සිව්සයුරු හිම් කොට සතුරන් දිනන සුලු රාජශ්‍රේෂ්ඨ වූ සක්විති රජවන්නට නිස්සෙහි:
Pali BJT556. ඛත්තියා භොජරාජානො අනුයුත්තා භවන්ති තෙ, රාජාභිරාජා මනුජින්දො රජ්ජං කාරෙහි ගොතම.
Sinhala BJT556. භවත් ගෞතමයන් වහන්ස, භෝග යුක්ත ක්‍ෂත්‍රියෝ ද රජහු ද තොපට අනුයුක්ත වෙත්. මනුජේන්‍ද්‍රරාජාධිරාජ වූ යෙහි රජය කරව.
Pali BJT557. රාජාහමස්මි{1} සෙල (ඉති භගවා) ධම්මරාජා අනුත්තරො, ධම්මෙන චක්කං වත්තෙමි චක්කං අප්පතිවත්තියං
Sinhala BJT557. සේලයනි, මම අනුත්තර ධර්‍ම රජාන් වූ රජිමි. (කිසිවකු විසිනුදු) නො පැවැත් විය හැකි චක්‍රය වන ආණාචක්‍රය (සත්තිස් බෝධිපාක්‍ෂික) ධර්‍මයෙන් පවත්තන්නෙමි’යි ( භාග්‍යවතුන් වහන්සේ වදාළහ.)
Pali BJT558. සම්බුද්ධො පටිජානාසි (ඉතිසෙලො බ්රාහ්මණො) ධම්මරාජා අනුත්තරො, ධම්මෙන චක්කං වත්තෙමි ඉති භාසසි ගොතම.
Sinhala BJT558. (සෙල බ්‍රාහ්මණ මෙසේ කියයි) ගෞතමයන් වහන්ස, ‘අනුත්තර ධර්‍ම රාජ වූ සම්බුද්ධ යෙමි’යි පිළින කරවු ද? දැහැමින් අණසක් පවත්ව මැයි කියයි නො:
Pali BJT559. කොනු සෙනාපතී භොතො සාවකො සත්ථුදන්වයො, කො තෙ ඉමං අනුවත්තෙති ධම්මචක්කං පවත්තිතං.
Sinhala BJT559. ශාස්තෘ වූ භවත්හු ගේ අන්‍වයාගත ශ්‍රාවක වූ දම් සෙනෙවි කවරේ ද? තොප විසින් පවත්වන ලද මෙ ධර්‍ම චක්‍රය කවරෙක් අනුවර්‍තන කෙරේ ද?
Pali BJT560. මයා පවත්තිතං චක්කං (සෙලාති භගවා) ධම්මචක්කං අනුත්තරං, සාරිපුත්තො අනුවත්තෙති අනුජාතො තථාගතං
Sinhala BJT560. (සෙල බමුණු අමතා බුදුහු මෙසේ වදාළහ:) “තථාගතයනට අනුජාත වූ ශාරිපුත්‍ර මා විසින් පවත්වන ලද චක්‍රය වූ අනුත්තර ධර්‍ම චක්‍රය පවත්වයි.”
Pali BJT561. අභිඤ්ඤෙය්යං අභිඤ්ඤාතං භාවෙතබ්බඤ්ච භාවිතං, පහාතබ්බං පහීනං මෙ තස්මා බුද්ධොස්මි බ්රාහ්මණ.
Sinhala BJT561. (විද්‍යා, විමුක්ති සඞ්ඛ්‍යාත) අභිඥෙය ධර්‍මය මා විසින් අභිඥාත වෙයි. (මාර්‍ග සත්‍යය සඞ්ඛ්‍යාත) වැඩි යුතු ධර්‍මය වඩන ලද, සමුදය සත්‍ය සඞ්ඛ්‍යාත ප්‍රහාතව්‍ය ධර්‍මය ප්‍රහීණ වෙයි. බමුණ, එහෙයින් බුද්ධයෙමි.
Pali BJT562. විනයස්සු මයි කඞ්ඛං අධිමුච්චස්සු බ්රාහ්මණ, දුල්ලභං දස්සනං හොති සම්බුද්ධානං අභිණ්හසො.
Sinhala BJT562. බ්‍රාහ්මණය, මා කෙරෙහි සැක හැරපියව, අධිමෝක්‍ෂය පිහිටුව, සම්බුදුන්ගේ එක්වන් දර්‍ශනය දුර්‍ලභ වේ.
Pali BJT563. යෙසං වො දුල්ලභො ලොකෙ පාතුභාවො අභිණ්හසො, සො’හං බ්රාහ්මණ සම්බුද්ධො සල්ලකත්තො අනුත්තරො.
Sinhala BJT563. යම් සම්බුදු වරුන්ගේ නිරතුරු පාළවීම ලෝකයෙහි දුර්‍ලභ වෙයි, බ්‍රාහ්මණය, එබඳු මම් අනුත්තර වූ (රාගාදිශල්‍යයන් උදුරණ හෙයින්) ශල්‍යවෛද්‍ය වූ සම්‍යක් සම්බුද්ධ යෙමි.
Pali BJT564. බ්රහ්මභූතො අතිතුලො මාරසෙනප්පමද්දනො, සබ්බාමිත්තෙ වසීකත්වා මොදාමි අකුතොභයො.
Sinhala BJT564. බ්‍රහ්ම (ශ්‍රේෂ්ඨ) භූත යෙම් උපමා ඉක්ම වූ යෙම්, මර සෙන් මඩනෙම් (පඤ්චමාර සඞ්ඛ්‍යාත) හැම සතුරන් වශයෙහි කොට (මැඩ) කිසිවෙකුගෙනුදු නොබානෙම් තුටු වෙමි.”යි
Pali BJT565. ඉමං භොන්තො නිසාමෙථ යථා භාසති චක්ඛුමා, සල්ලකත්තො මහාවීරො සීහො ව නදතී වනෙ.
Sinhala BJT565. භවත්නි, පසැස් ඇතියේ යම් සේ බෙණේ නම්, මෙය අසවු. ශල්‍යවෛද්‍ය වූ මහා වීර තෙමේ වෙනෙහි සිහරදකු සෙයින් නාද කෙරෙයි.
Pali BJT566. බ්රහ්මභූතං අතිතුලං මාරයෙනප්පමද්දනං, කො දිස්වා නප්පසීදෙය්ය අපි කණ්හාභිජාතිකො.
Sinhala BJT566. ශ්‍රේෂ්ඨ වූ උපමාතික්‍රාන්ත වූ මර සෙන් මඬනා සම්බුදුන් දැක නීච ජාතික වූ ද කවරෙක් නම් නො පහද නේ ද?
Pali BJT567. යො මං ඉච්ඡති අන්වෙතු යො වා නිච්ඡති ගච්ඡතු, ඉධාහං පබ්බජිස්සාමි වරපඤ්ඤස්ස සන්තිකෙ
Sinhala BJT567. යමෙක් රුස්නේ නම් මා අනුගමන කෙරේ වා, යමෙක් නො කැමැතියේ නම්, (හෙ) යේවා, උත්තම ප්‍රඥා ඇති බුදුන්ගේ හමුයෙහි මැ මම් පැවිදි වන්නෙමි’යි,
Pali BJT568. එතඤ්චෙ රුච්චති භොතො සම්මාසම්බුද්ධසාසනං, මයම්පි පබ්බජිස්සාම වරපඤ්ඤස්ස සන්තිකෙ.
Sinhala BJT568. ඉදින් භවත් හට තෙල සම්‍යක් සම්බුද්ධ ශාසනය රුස්නේ නම් වරප්‍රාඥ වූ බුදුන් ගේ හමුයෙහි අපිදු පැවිදි වන්නෙමු.
Pali BJT569. බ්රාහ්මණා තිසතා ඉමෙ යාචන්ති පඤ්ජලීකතා, බ්රහ්මචරියං චරිස්සාම භගවා තව සන්තිකෙ.
Sinhala BJT569. භාග්‍යවතුන් වහන්ස, ඇඳිලි බැඳි මෙ තුන්සියක් බමුණෝ, මුබ වහන්සේ හමුයෙහි බඹසර සරම්හයි යදනාහ.
Pali BJT570. ස්වාක්ඛාතං බ්රහ්මචරියං (සෙලාති භගවා) සන්දිට්ඨිකමකාලිකං, යත්ථු අමොඝා පබ්බජ්ජා අප්පමත්තස්ස සික්ඛතොති.
Sinhala BJT570. සේලයනි, යම් ශාසනයෙක්හි අප්‍රමත්තව හික්මෙන්නහුගේ ප්‍රව්‍රජ්‍යාව නො සිස් වේ නම්, මෙ ශාසනබ්‍රහ්මචර්‍ය්‍යය සාන්දෘෂ්ටික වෙයි. අකාලික වෙයි. ස්වාඛ්‍යාත ද වේ යයි භාග්‍යවතුන් වහන්සේ වදාළහ.
Pali BJTඅලත්ථ ඛො සෙලො බ්රාහ්මණො සපරිසො භගවතො සන්තිකෙ පබ්බජ්ජං අලත්ථ උපසම්පදං. අථ ඛො කෙණියො ජටිලො තස්සා අත්තියා අච්චයෙන සකෙ අස්සමෙ පණීතං ඛාදනීයං භොජනීයං පටියාදාපෙත්වා භගවතො කාලං ආරොචාපෙසි, කාලො භො ගොතම නිට්ඨිතං භත්තන්ති.
Sinhala BJTසෙල බ්‍රාහ්මණ පිරිස් සහිත වූයේ භාග්‍යවතුන් වහන්සේ වෙතැ පැවිදි ලද්දේය. උපසම්පදා ලැබීය. එක්බිති කේණිය ජටිල එ රෑ ඇවෑමෙන් සිය අසපුයෙහි ප්‍රණීත ඛාද්‍ය භෝජ්‍යයන් පිළියෙල කරවා භාග්‍යවතුන් වහන්සේට භවත් ගෞතමයන් වහන්ස, (මෙ දනට) කල් වෙයි. බත් නිමැවිනැයි කල් දැන්විය.
Pali BJTඅථ ඛො භගවා පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය යෙන කෙණියස්ස ජටිලස්ස අස්සමො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි, සද්ධිං භික්ඛුසඞ්ඝෙන. අථ ඛො කෙණියො ජටිලො බුද්ධපමුඛං භික්ඛුසඞ්ඝං පණීතෙන ඛාදනීයෙන භොජනීයෙන සහත්ථා සන්තප්පෙසි සම්පවාරෙසි. අථ ඛො කෙණියො ජටිලො භගවන්තං භුත්තාවිං ඔනීතපත්තපාණිං අඤ්ඤතරං නීචං ආසනං ගහෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො කෙණියං ජටිලං භගවා ඉමාහි ගාථාහි අනුමොදි.
Sinhala BJTඑකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙර වරුයෙහි හැඳැ පෙරවැ පා සිවුරු ගෙණ කේණිය ජටිලයාගේ අසපුව කරා එළැඹිසේක. එළැඹ පනවන ලද අස්නෙහි බික් සඟුන් සමග හුන් සේක: ඉක්බිති කේණිය ජටිල බුදු පාමෙක් බික් සඟුන් ප්‍රණීත ඛාද්‍ය භෝජ්‍යයෙන් සියතින් සන්තර්‍පණ කෙළේය. මොනොවට පැවරීය. ඉක්බිති කේණිය ජටිල දන් වැළඳූ පාත්‍රයෙන් ඉවත් කළ අත් ඇති භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණ අන්‍යතර නීචාසනයක් ගෙණ එකත් පසෙක හින. එකත් පසෙක හුන් කේණිය ජටිල හට භාග්‍යවතුන් වහන්සේ මෙ ගාථායෙන් අනුමෙවෙනි කළ සේක:
Pali BJT571. අග්ගිහුත්තමුඛා යඤ්ඤා සාවිත්තී ඡන්දසො මුඛං, රාජා මුඛං මනුස්සානං නදීනං සාගරො මුඛං.
Sinhala BJT571. යඥයෝ අග්නි හොත්‍රය ප්‍රමුඛ කොට ඇත්තාහ. වේදයට සාවිත්‍රිය ප්‍රමුඛ වෙයි, මිනිස්නට රජ ප්‍රමුඛ වෙයි. නදීනට සයුර ප්‍රමුඛ වෙයි.
Pali BJT572. නක්ඛත්තානං මුඛං චන්දො ආදිච්චො තපතං මුඛං, පුඤ්ඤං ආකඞ්ඛමානානං සඞ්ඝො චෙ යජතං මුඛන්ති.
Sinhala BJT572. (යෝග වශයෙන්) නැකැත් තරුනට සඳ පාමොක් වෙයි. තවනවුනට ආදිත්‍ය (හිරු) ප්‍රමුඛ වෙයි. පින් කැමැතිව යාග කරණ වුනට ඒකාන්තයෙන් සඞ්ඝයා ප්‍රමුඛ වේ.
Pali BJTඅථ ඛො භගවා කෙණියං ජටිලං ඉමාහි ගාථාහි අනුමොදිත්වා උට්ඨායාසනා පක්කාමි. අථ ඛො ආයස්මා සෙලො පසරිසො එකො වූපකට්ඨො අප්පමත්තො ආතාපි පහිතත්තො විහරන්තො න චිරස්සෙව යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති. තදනුත්තරං බ්රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහාසි.
Sinhala BJTඉත්බිති භාග්‍යවතුන් වහන්සේ මෙ ගාථායෙන් කේණිය ජටිල හට අනුමෙවෙනි කොට හුනස්නෙන් නැඟි වැඩි සේක. එකල්හි ආයුෂ්මත් සෙල තෙරහු පිරිස් සහිතව එකලා වූයේ ගණසඞ්ගණිකායේන් වියෝවූයේ අප්‍රමත්තව කෙලෙස් තවන වැර ඇතියේ නිවන් කෙරෙහි මෙහෙයූ සිත් ඇතිව වසනුයේ යම් රහත් බවක් සඳහා ආචාර කුලප්‍ර‍්‍රත්‍රයෝ මොනොවට ගෙන් නික්ම අනගාරිය සස්නට වදිත් නම්, මාර්‍ග බ්‍රහ්මචර්‍ය්‍යයෙහි අවසානය වූ ඒ උතුම් අර්‍හත් ඵලය ඉහාත්මයෙහි ම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන සාක්‍ෂාත් කොට එයට එළඹ වාස කෙළේය.
Pali BJTඛීණා ජාති වුසිතං බ්රහ්මචරියං කතං කරණීයං නාපරං ඉත්ථත්තායාති. අබ්භඤ්ඤාසි අඤ්ඤතරො ච ඛො පනායස්මා සෙලො සපරියො අරහතං අහොසි.
Sinhala BJT(ප්‍රතිසන්‍ධි ජනක කර්‍මක්‍ෂයෙන්) පුනර්‍භව සඞ්ඛ්‍යාත ජාතිය ක්‍ෂීණ වූය, මග බඹසර වැස නිමවන ලද, සිවු මග කරණී කරණ ලද මෙ රහත්බව පිණිස අනෙකෙක් නැතැයි මොනොවට පසක් කොට දති. ආයුෂ්මත් සෙල තෙරහු පිරිස් සහිතව රහතුන් අතුරෙහි අන්‍යතර ද වූහ.