Sutta Nipāta

Collection of Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 601-700 න් 1570

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT440. ලාභො සිලොකො සක්කාරො මිච්ඡා ලද්ධො ච යො යසො, යො චත්තානං සමුක්කංසෙ පරෙ ච අවජානති.
Sinhala BJT440. ලාභ යැ ප්‍රශංසා යැ සත්කාර වැ යි කියනලද යම් යශසෙක් වේ නම් එ ද, යමෙකුත් තමා හුවා දක්වා නම්, මෙරමාත් හෙලා දක්නේ නම්,
Pali BJT441. එසා නමුචි තෙ සෙනා කණ්හස්සාභිප්පහාරිණී, න තං අසූරො ජිනාති ජෙත්වා ච ලභතෙ සුඛං.
Sinhala BJT441. නමුවිය, කෘෂ්ණ වූ තාගේ (මහණ බමුණනට) අන්තරායකර වූ තෙල සේනා වෙයි. අශූර පුරුෂ ඒ සේනාව නො දිනය (ශූරපුරුෂ වැලිත් මරයෙන්) දිනා (මාර්‍ගඵල සඞ්ඛ්‍යාත) සුවයට පැමිණෙයි.
Pali BJT442. එස මුඤ්ජං පරිහරෙ ධීරත්ථු මම ජීවිතං, සඞ්ගාමෙ මෙ මතං සෙය්යො යඤ්චෙ ජීවෙ පරාජිතො.
Sinhala BJT442. යුදෙහි නො පසු බස්නා බව හඟවනු විසින් තෙල මම මුදුතණ පරිහරණ කරන්නෙමි. (තගේ සේනාව විසින් පරදවන ලද හොත්) ඒ මාගේ දිවියට නින්‍දා වේවා, යම් හෙයකින් පරාජිත වැ ජීවත් වෙම් නම් (එයට වඩා) සමර බිම්හි මට මරණ උතුමි.
Pali BJT443. පගාළ්හා එත්ථ{2} න දිස්සන්ති එකෙ සමණබ්රාහ්මණා. තඤ්ච මග්ගං න ජානන්ති යෙන ගච්ඡන්ති සුබ්බතා.
Sinhala BJT443. මෙ ලොව්හි ඇතැම් ශ්‍රමණබ්‍රාහ්මණයෝ (අත්මොත්කර්‍ෂණ පරවම්භන පර්‍ය්‍යවසාන කොට ඇති තාගේ සේනායෙහි) නිමග්න වූවාහු (ශීලාදී ගුණයෙන් ) අප්‍රකට වෙත්. යම් මගෙකින් (බුද්ධ ප්‍රත්‍යෙක බුද්ධාදි) සුව්‍රතයෝ නිවන් යෙත් නම්, නිවන්මඟ ද නො දනිත්.
Pali BJT444. සමන්තා ධජිනිං දිස්වා යුත්තං මාරං සවාහිනිං, යුද්ධාය පච්චුග්ගච්ඡාමි මා මං ඨානා අචාවයි.
Sinhala BJT444. උද්‍යුක්ත වූ හාත්පසින් සේනාසහිත වූ (ගිරි මෙවුල්) ඇත්රජු සහිත වූ මාරයා දැක යුද පිණිස ඉදිරි බලා යෙමි. (එමරදෙව්) මා අපරාජිත පර්‍ය්‍යඞ්කස්ථානයෙන් නහමක් සලාවා.
Pali BJT445. යන්තෙතං නප්පසහති සෙනං ලොකො සදෙවකො, තන්තෙ පඤ්ඤාය ගච්ඡාමි ආමං පත්තංව අස්මනා.
Sinhala BJT445. සදෙව් ලොව යම්බඳු තෙල මරසෙන් නො මැඩලීය හේ නම් තාගේ එ මරසෙන් පහණින් අමුමැටිපසක් සෙයින් මාගේ ප්‍රඥායෙන් මැඩැගෙණ යමි.
Pali BJT446. වසිං කරිත්වා සංකප්පං සතිඤ්ච සුප්පතිට්ඨිතං, රට්ඨා රට්ඨං විචරිස්සං{3} සාවකෙ විනයං පුථු.
Sinhala BJT446. සම්‍යක්සංකල්පය වශී කොට සම්‍යක්ස්මෘතිය ද සුප්‍රතිෂ්ඨිත කොට බොහෝ සව්වන් හික්මවමින් රටින් රට සරනෙම්.
Pali BJT447. තෙ අප්පමත්තා පහිතත්තා මම සාසනකාරකා, අකාමස්ස තෙ ගමිස්සන්ති යත්ථ ගන්ත්වා න සොචරෙ.
Sinhala BJT447. අප්‍රමත්ත වූවාහු නිවන් සඳහා මෙහෙයූ සිත් ඇත්තාහු මාගේ අනුශාසනා පිළිපදනා එසව්වෝ තා නො කැමැතිවත් මැ යම් නිවණකට පැමිණ ශෝක නො කෙරෙත් නම්, එනිවන් කරා යන්නාහ.
Pali BJT448. සත්තවස්සානි භගවන්තං අනුබන්ධිං පදා පදං, ඔතාරං නාධිගච්ඡිස්සං සම්බුද්ධස්ස සතීමතො.
Sinhala BJT448. සත්වසක් භාග්‍යවතුන් පියෙන් පිය නුහු බැඳියෙමි. ස්මෘතිමත් සම්බුදුන් ගේ විවරයක් නො ලද්මි.
Pali BJT449. මෙදවණ්ණංව පාසාණං වායසො අනුපරියගා, අපෙත්ථ මුදු වින්දෙම අපි අස්සාදනා සියා.
Sinhala BJT449. “මෙහි මෘදු බව විඳුනමෝ නම්, මැනව. ආස්වාදනයෙක් වන්නේ නම් මැනැවැ”යි කවුඩු මේදවර්‍ණපාෂාණයක් වටා ගියේ යම් සේ නම්,
Pali BJT450. අලද්ධා තත්ථ අස්සාදං වායසෙත්තො අපක්කමි, කාකොව සෙලං ආසජ්ජ නිබ්බිජ්ජාපෙම ගොතමං.
Sinhala BJT450. කවුඩු එහි ආස්වාද නො ලැබ එතැනින් පලා ගියේ යම්සේ ද, සෙල් ගටා යන කවුඩු සෙයින් ගොයුම් හා ගැටි පැරැද පලායම්හ.
Pali BJT451. තස්ස සොකපරෙතස්ස වීණා කච්ඡා අභස්සථ, තතො සො දුම්මනො යක්ඛො තත්ථෙවන්තරධායථාති.
Sinhala BJT451. සොවින් මඩනාලද උහු කැසින් වෙණ ගිලිහිනි. එයින් දුටුසිත්ඇති එ යක් එහි මැ නො පැණී ගියේ යි.
Pali BJTපධානසුත්තං නිට්ඨිතං.
Sinhala BJTපධාන සූත්‍ර නිමි.
Pali BJT3. 3.
Sinhala BJT3. 3.
Pali BJTසුභාසිත සුත්තං
Sinhala BJTසුභාසිත සූත්‍රය
Pali BJTඑවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ -පෙ- භගවා එතදවොච:
Sinhala BJTමා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අසලැ අනේපිඬුහු ගේ ජේතවන නම් අරම්හි වැඩවසනසේක -පෙ- භාග්‍යවතුන් වහන්සේ තෙල කරුණ වදාළ සේක.
Pali BJTචතූහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතා වාචා සුභාසිතා හොති න දුබ්භාසිතා, අනවජ්ජා ච අනනුවජ්ජා ච විඤ්ඤූනං, කතමෙහි චතූහි:
Sinhala BJTමහණෙනි, කරුණු සතරෙකින් සමන්‍වාගත වාක් සුභාෂිත වෙයි දුර්‍භාෂිත නොවෙයි. අනවද්‍ය ද වෙයි. විඥයන් විසින් අනුවාද නො කටයුතු ද වේ. කවර සතෙරකින යත්:
Pali BJTඉධ භික්ඛවෙ භික්ඛු සුභාසිතං යෙව භාසති නො දුබ්භාසිතං ධම්මං යෙව භාසති නො අධම්මං, පියං යෙව භාසති නො අප්පියං, සච්ච යෙව භාසති නො අලිකං. ඉමෙහි ඛො භික්ඛවෙ චතූහි අඞ්ගෙහි සමන්නාගතා වාචා සුභාසිතා හොති න දුබ්භාසිතා, අනවජ්ජා ච අනනුවජ්ජා ච විඤ්ඤූනන්ති. ඉදමවොච භගවා ඉදං වත්වා සුගතො අථාපරං එතදවොච සත්ථා:
Sinhala BJTමහණෙනි, මෙසස්නෙහි මහණ සුභාෂිතය මැ කියයි, දුර්‍භාෂිත නො කියයි. ධර්‍මය මැ කියයි, අධර්‍ම නො කියයි. ප්‍රියතෙපුල් මැ කියයි, අප්‍රියවචන නො කියයි. සත්‍යය මැ කියයි, අලීක නොකියයි. මහණෙනි, මෙ කරුණු සතරින් සමන්‍වාගත වාක් සුභාෂිත වෙයි, දුර්‍භාෂිත නො වෙයි. අනවද්‍ය ද වෙයි. විඥයන් විසින් නො ගැරැහියයුතු වේ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. මෙය වදාරා සුගතශාස්තෘන් වහන්සේ ඉක්බිති තෙල ගාථා ද වදාළසේක.
Pali BJT452. සුභාසිතං උත්තමමාහු සන්තො ධම්මං භණෙ නාධම්මං තං දුතියං, පියං භණෙ නාප්පියං තං තතියං සච්චං භණෙ නාලිකං තං චතුත්ථන්ති.
Sinhala BJT452. බුද්ධාදි සත්පුරුෂයෝ සුභාෂිතය උතුමැයි කීහු: (පළමු අඞ්ගය) ධර්‍මය මැ කියනේය, අධර්‍මය නො කියන්නේය යන එය දෙවන අඞ්ගය. ප්‍රියවචන මැ කියනේය, අප්‍රියවචන නො කියන්නේය යන එය තෙවන අඞ්ගය. සත්‍යය කියනේය, අලීක (බොරු) නො කියන්නේය යන එය සතරවන අඞ්ගය.
Pali BJTඅථ ඛො ආයස්මා වංගීසො උපට්ඨායාසනා එකංසං චීවරං කත්වා යෙන භගවා තෙනඤ්ජලිං පණාමෙත්වා භගවන්තං එතදවොච: පටිභාති මං භගවා පටිභාති මං භගවාති.
Sinhala BJTඑක්බිති ආයුෂ්මත් වඞ්ගීස තෙරණුවෝ හුනස්නෙන් නැගැ සිවුර එකස්හි ලා භාග්‍යවතුන් වහන්සේ වෙතැ ඇඳිලි බැඳ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කළේය. භාග්‍යවතුන් වහන්ස, මට වැටැහෙයි, සුගතයන් වහන්ස, මට වැටැහෙයි.
Pali BJTපටිභාතු තං වංගීසා’ති භගවා අවොච.
Sinhala BJT“වඞ්ගීසයෙනි, ඒ තට වැටැහේවා” යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.
Pali BJTඅථ ඛො ආයස්මා වංගීසො භගවන්තං සම්මුඛා සාරුප්පාහි ගාථාහි අභිත්ථවි.
Sinhala BJTඑක්බිති ආයුෂ්මත් වඞ්ගීස තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ හමුයෙහි සාරුප්‍ය ගාථායෙන් පැවසූහ.
Pali BJT453. තමෙව භාසං භාසෙය්ය යායත්තානං න තාපයෙ, පරෙච න විහිංසෙය්ය සා වෙ වාචා සුභාසිතා.
Sinhala BJT453. යම් බසෙකින් තමා නො තවන්නේ නම්, මෙරමාත් නො පෙළන්නේ නම්, ඒ බස් ම කියන්නේය. ඒකාන්තයෙන් ඒ වචන මැ සුභාෂිත වේ.
Pali BJT454. පියවාචමෙව භාසෙය්ය යා වාචා පතිනන්දිතා, යං අනාදාය පාපානි පරෙසං භාසතෙ පියං.
Sinhala BJT454. යම් බසෙක් අභිනන්‍දිත වේ නම්, අප්‍රියවචන නො ගෙණ මෙරමාහට යම් ප්‍රිය වචනයක් කියා නම්, එබඳු ප්‍රියවචන ම කියන්නේය.
Pali BJT455. සච්චං වෙ අමතා වාචා එස ධම්මො සනන්තනො, සච්චෙ අත්ථෙ ච ධම්මෙ ච ආහු සන්තො පතිට්ඨිතා.
Sinhala BJT455. “ඒකාන්තයෙන් සත්‍යය අමෘතසදෘශවචනයි යන තෙල පෞරාණික ධර්‍මය”යි සත්‍යයෙහි හා අර්‍ත්‍ථයෙහි හා ධර්‍මයෙහි පිහිටි සත්පුරුෂයෝ කීහ.
Pali BJT456. යං බුද්ධො භාසතී වාචං ඛෙමං නිබ්බානපත්තියා, දුක්ඛස්සන්තකිරියාය සා වෙ වාචානමුත්තමාති.
Sinhala BJT456. ක්ලේශපරිනිර්‍වාණප්‍රාප්තිය සඳහා සංසාරදුඃඛයා ගේ අන්තකරණය සඳහා ද යම් නිරුපද්‍රව වචනයක් බුදුරජානන්වහන්සේ වදාරත් නම් ඒකාන්තයෙන් එය වචනයන් අතුරෙහි උත්තම වේ යි.
Pali BJTසුභාසිතසුත්තං නිට්ඨිතං.
Sinhala BJTසුභාසිත සූත්‍රය නිමි.
Pali BJT3. 4.
Sinhala BJT3. 4.
Pali BJTසුන්දරිකභාරද්වාජ සුත්තං
Sinhala BJTසුන්‍දරිකභාරද්වාජ සූත්‍රය
Pali BJTඑවං මෙ සුතං: එකං භගවා කොසලෙසු විහරති සුන්දරිකාය නදියා තීරෙ. තෙන ඛො පන සමයෙන සුන්දරිකභාරද්වාජො බ්රාහ්මණො සුන්දරිකාය නදියා තීරෙ අග්ගිං ජුහති, අග්ගිහුත්තං පරිචරති, අථ ඛො සුන්දරිකභාරද්වාජො බ්රාහ්මණො අග්ගිං ජුහිත්වා අග්ගිහුත්තං පරිචරිත්වා උට්ඨායාසනා සමන්තා චතුද්දිසා අනුවිලොකෙසි කො නු ඛො ඉමං හව්යසෙසං භුඤ්ජෙය්යාති. අද්දසා ඛො සුන්දරිකභාරද්වාජො බ්රාහ්මණො භගවන්තං අවිදූරෙ අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ සසීසං පාරුතං නිසින්නං දිස්වාන වාමෙන හත්ථෙන හව්යසෙසං ගහෙත්වා දක්ඛිණෙන හත්ථෙන කමණ්ඩලුං ගහෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමි.
Sinhala BJTමා විසින් මෙසේ අසන ලදී: එක්සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කෝශල ජනපදයෙහි සුන්‍දරිකා නදීතීරයෙහි වැඩ වසනසේක. එකල්හි සුන්‍දරිකභාරද්වාජ බ්‍රාහ්මණ සුන්‍දරිකා හෝ තෙරැ ගිනි පුදයි. අග්න්‍යායතන පරිචරණ කෙරෙයි. ඉක්බිති සුන්‍දරිකභාරද්වාජ බ්‍රාහ්මණ ගිනි පුදා අග්න්‍යායතන පරිචරණ කොට හුනස්නෙන් නැග කවරෙක් මෙ හුතාවශේෂය බුදුනේය යි වටා සිව් දික් බැලීය. සුන්‍දරිකභාරද්වාජබ්‍රාහ්මණ නුදුරෙහි එක්තරා රුක්මුලෙක්හි හිස වටා පෙරවූ කහවත් ඇතිවැ වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ දිටී. දැක වමතින් හව්‍යශේෂය ගෙණ දකුණතින් කමණ්ඩලාව (කෙංඩිය) ගෙණ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේය.
Pali BJTඅථ ඛො භගවා සුන්දරික භාරද්වාජස්ස බ්රාහ්මණස්ස පදසද්දෙන සීසං විවරි, අථ ඛො සුන්දරිකභාරද්වාජො බ්රාහ්මණො “මුණ්ඩො අයං භවං මුණ්ඩකො අයං භවන්ති” තතො ව පුන නිවත්තිතුකාමො අහොසි, අථ ඛො සුන්දරිකභාරද්වාජස්ස බ්රාහ්මණස්ස එතදහොසි.
Sinhala BJTඑකල්හි භාග්‍යවතුන් වහන්සේ සුන්‍දරිකභාරද්වාජ බ්‍රාහ්මණයාගේ පියහඬින් හිස විවර කළසේක. එක්බිති මෙ භවත් මුඬෙක, මෙ භවත් මුණ්ඩකයෙකැයි එතැනින් මැ පෙර ලා නවතිනු කැමැතියේ වියැ. එකල්හි සුන්‍දරිකභාරද්වාජබමුණුහට තෙල සිත විය:
Pali BJTමුණ්ඩාපි භි ඉධෙකච්චෙ බ්රාහ්මණා භවන්ති යන්නූනාහං උපසඞ්කමිත්වා ජාතිං පුච්ඡෙය්යන්ති, අථ ඛො සුන්දරිකභාරද්වාජො බ්රාහ්මණො යෙන භගවා තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා භගවන්තං එතදවොච කිංජච්චො භවන්ති, අථ ඛො භගවා සුන්දරිකභාරද්වාජං බ්රාහ්මණං ගාථාහි අජ්ඣභාසි.
Sinhala BJT“මෙ ලොව්හි ඇතැම් මුඬුබමුණෝත් ඇත. මම් තුලුන් වෙතැ ගොස් දෑ පුළුවුස්නෙම් මනාය”යි. එක්බිති සුන්‍දරිකභාරද්වාජබ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේට තෙල බස් කීය: භවත් කිනම් ජාති ඇතියේ” දැ?යි. එකල්හි භාග්‍යවතුන්වහන්සේ සුන්‍දරිකභාරද්වාජ බමුණුහට ගාථායෙන් කරුණුගන්වා වදාළහ.
Pali BJT457. න බ්රාහ්මණො නො’ම්හි න රාජපුත්තො න වෙස්සායනො උද කොචි නො’ම්හි, ගොත්තං පරිඤ්ඤාය පුථුජ්ජනානං අකිඤ්චනො මන්ත චරාමි ලොකෙ.
Sinhala BJT457. බ්‍රාහ්මණයෙම් නො වෙම්මැ යැ. රාජපුත්‍රයෙම් ද නො වෙමි. වෛශ්‍යගෝත්‍රඇතියෙම් ද නොවෙමි. වැලිත් (ශ්‍රද්‍රාදි) අන්කිසිවෙකිම් ද නො වෙමි. පුහුදුනන් ගේ ගෝත්‍ර (ත්‍රිවිධපරිඥායෙන්) පිරිසිඳ දැන රාගාදිකිඤ්චන නැතියෙම් ප්‍රඥායෙන් ලොව්හි හැසිරෙම්.
Pali BJT458. සඞ්ඝාටිවාසී අගහො චරාමි නිවුත්තකෙසො අභිනිබ්බුතත්තො, අලිප්පමානො ඉධ මානවෙහි අකල්ලං මං බ්රාහ්මණ පුච්ඡසි ගොත්තපඤ්හං.
Sinhala BJT458. සඟලසිවුරු දැරුයෙම් (තෘෂ්ණාසඞ්ඛ්‍යාත) ගෘහ නැතියෙම්, බහාලු කෙස්රවුළු ඇතියෙම්, අතිශයින් නිවුනු සිතැතියෙම්, මෙලොව්හි මනුෂ්‍යන් හා නො ඇලෙන්නෙම් හැසිරෙමි. බමුණ, (එහෙයින් තෝ) මා අතින් අකල්‍ය ගෝත්‍රප්‍රශ්න පුළුවුස්හි.
Pali BJT459. පුච්ඡන්ති වෙ භො බ්රාහ්මණා බ්රාහ්මණෙහි සහ බ්රාහ්මණො නො භවන්ති බ්රාහ්මණො, වෙ ත්වං බ්රූසි මඤ්ච බ්රූසි අබ්රාහ්මණන්තං සාචිත්තිං පුච්ඡාමි තිපදං චතුවීසතක්ඛරං.
Sinhala BJT459. භවත්නි, බ්‍රාහ්මණයෝ බමුණන් හා සමග භවත් බ්‍රාහ්මණයෙහිනුයි? එකැතින් පුළුවුස්නාහ. ඉදින් තො ද ‘මා අබ්‍රාහ්ම’යි කියහි නම් සූවිසි අකුරු ඇති (බුද්ධං සරණං ගච්ඡා මි, ධම්මං සරණං ගච්ඡා මි, සඞ්ඝං සරණං ගච්ඡා මි යන) ත්‍රිපද යුක්තවූ ආර්‍ය්‍ය සාවිත්‍රිය තා පුළුවුස්මි.
Pali BJT460. කිං නිස්සිතා ඉසයො මනුජා ඛත්තියා බ්රාහ්මණා දෙවතානං යඤ්ඤමකප්පයිංසු පුථු ඉධ ලොකෙ, යදන්තගු වෙදගූ යඤ්ඤ කාලෙ, යස්සාහුතිං තස්සිජ්ඣෙති බ්රූමි.
Sinhala BJT460. මෙලොව්හි ඍෂිහූත් බ්‍රාහ්මණයෝත් තදන්‍ය බොහෝ මනුෂ්‍යයෝත් දෙවියනට කවර නම් අධිප්‍රාය ඇතිව යඥාකළාහු ද? යමෙක් (ත්‍රිවිධ පරිඥායෙන්) වර්ත්තයාගේ අන්තයට ගියේ (සිවුමගනැණ නම් වූ) වේදයෙහි කෙල පැමිණියේ යඥකාලයෙහි යමෙකුගේ (දේයධර්‍ම සඞ්ඛ්‍යාත) ආහුතියක් ලබා නම්, ඔහුගේ එ යඥකර්‍මය සමෘද්ධ වන්නේයයි කියමි.
Pali BJT461. අද්ධා හි තස්ස හුතමිජ්ඣෙ (ඉති බ්රාහ්මණො) යං තාදිසං වෙදගුං අද්දසාමි, තුම්හාදිසානං හි අදස්සනෙන අඤ්ඤො ජනො භුඤ්ජති පූරළාසං.
Sinhala BJT461. යම්හෙයකින් තොප බඳු වේදසඞ්ඛ්‍යාත චතුර්මාර්‍ගඥානයේ කෙළපැමිණියකු දක්නමෝ නම්, ඒකාන්තයෙන් මැ ඒ මාගේ (දේයධර්‍මසඞ්ඛ්‍යාත) මෙ හුතය සමෘද්ධ වන්නේය. (මහත් ඵල වෙයි) තොප වැන්නවුන්ගේ අදර්‍ශනහේතුයෙන් මැ අන් දෙනේ (චරුක හා පූවසඞඛ්‍යාත) භව්‍යශේෂය( පුරෝඩාශය) වලඳනේය යි (බ්‍රාහ්මණ කීය.)
Pali BJT462. තස්මාතිහ ත්වං බ්රාහ්මණ අත්ථෙන අත්ථිකො උපසඞ්කම්ම පුච්ඡ, සන්තං විධූමං අනිඝං නිරාසං අප්පෙවිධ අභිවින්දෙ සුමෙධං.
Sinhala BJT462. බමුණ, එකරුණින් මැ (මා කෙරෙහි පහන් වූ හෙයින් මැ) තෝ මෙ විසා හි අර්‍ත්‍ථයෙන් අර්ත්‍ථී වෙහි නම්, (කෙලෙස් ගිනි සන්හුන්හෙයින්) ශාන්ත වූ (ක්‍රොධදූම විගමනයෙන්) විධූම වූ (දුඃඛභාවයෙන්) අනීඝ වූ (ආශාභාවයෙන්) නිරාශ වූ මා කරා එළඹ පුළුවුස්ව. මෙ සස්නෙහි පිහිටියේ මැ ඒකාන්තයෙන් උත්තම ප්‍රාඥ (ක්‍ෂීණාස්‍රව) යකු ලබනයෙහිය.
Pali BJT463. යඤ්ඤෙ රතාහං භො ගොතම යඤ්ඤං යට්ඨු කාමො නාහං පජානාමි අනුසාසතු මං භවං යත්ථ හුතං ඉජ්ඣෙ බ්රූහි මෙතං.
Sinhala BJT463. (භවත් ගෞතමයන් වහන්ස) මම (යඥසඞ්ඛ්‍යාත) දානයෙහි නියැලියෙම් දන් දෙනු කැමැතියෙමි මම දක්‍ෂිණාර්‍හයා නොදන්මි. යම් පුඟුලෙක් කෙරෙහි පුදන ලද (දානසඞ්ඛ්‍යාත) හුතය මහත් ඵල වේ නම්, එපරිද්දෙන් භවත් මට අනුශාසනා කෙරේවා. තෙල කරුණ මට වදාරන්න.
Pali BJT464. තෙන හි ත්වං බ්රාහ්මණ ඔදහස්සු සොතං ධම්මං තෙ දෙසිස්සාමි,
Sinhala BJT464. බ්‍රාහ්මණය, එකරුණින් මැ කන් රුකොට ගණුව, තහට දහම් දෙසන්නෙමි යි.
Pali BJT465. මා ජාතිං පුච්ඡි චරණඤ්ච පුච්ඡ කට්ඨා හවෙ ජායති ජාතවෙදො, නීචා කුලීනොපි මුනී ධිතිමා ආජානියො හොති හිරීනිසෙධො.
Sinhala BJT465. (ඉදින් මහත්ඵල කැමැතියෙහි නම්) දක්‍ෂිණාර්‍හයාගේ ජාතිය නහමක් පුළුවුස ශීලාදී චරණ ම පුළුවුස. කාෂ්ඨයෙන් ඒකාන්තයෙන් ගිනි උපදනේය. නීච වූයේත් අකුලීන වූයේත් ධෘතිසම්පන්නවූ හ්‍රීයෙන් දොස් වළහන මුනිතෙම ආජානේය වේ.
Pali BJT466. සච්චෙන දන්තො දමසා උපෙතො වෙදන්තගූ වුසිතබ්රහ්මචරියො, කාලෙන තම්හි හව්යං පවෙච්ඡෙ යො බ්රාහ්මණො පුඤ්ඤපෙඛො{1} යජෙථ.
Sinhala BJT466. පරමාර්‍ත්‍ථ සත්‍යයෙන් දැමුනේ ඉන්‍ද්‍රියදමනයෙන් සමන්‍වාගතවූයේ සිවුමගනැණින් කෙලෙසුන්ගේ අන්තයට ගියේ වැසැ නිමවූ මගබඹසර ඇති යම් දක්‍ෂිණාර්‍හයෙක් වේ නම්, නිසි කල්හි යම් බ්‍රාහ්මණයෙක් පුණ්‍යාපේක්‍ෂා ඇතියේ යාග ද කෙරේ නම්, ඔහු කෙරෙහි දේයධර්‍ම සඞ්ඛ්‍යාත භව්‍යය පිරිනමන්නේය.
Pali BJT467. යෙ කාමෙ හිත්වා අගහා චරන්තී සුසඤ්ඤතත්තා තසරං ව උජ්ජුං, කාලෙන තෙසු හව්යං පවෙච්ඡෙ යො බ්රාහ්මණො පුඤ්ඤපෙඛො යජෙථ.
Sinhala BJT467. යම් කෙනෙක් වස්තුකාමක්ලේශකාමයන් හැරපියා තෘෂ්ණා නැතියාහු මොනොවට සංයත සිත් ඇත්තාහු ඍජු ත්‍රසරයක් සෙයින් හැසිරෙත් නම්, යම් බ්‍රාහ්මණයෙක් පින්කැමැතියේ යාග ද කෙරේ නම්, සුදුසු කල්හි ඔවුනට පුරෝඩාශය පිරිනමන්නේය.
Pali BJT468. යෙ වීතරාගා සුසමාහිතින්ද්රියා චන්දො’ව රාහුග්ගහණා පමුත්තා, කාලෙන තෙසු හව්යං පවෙච්ඡෙ යො බ්රාහ්මණො පුඤ්ඤපෙඛො යජෙථ.
Sinhala BJT468. යම් කෙනෙක් පහවූ රාගඇත්තාහු මනාකොට සන්හුන් ඉඳුරන් ඇත්තාහු රාහුග්‍රණයෙන් මුත් සඳමෙන් කෙලෙසුන් කෙරෙන් මිදුනාහු ද, යම් බමුණෙක් පින් කැමැතිව යාග කෙරේ නම්, උන් කෙරෙහි භව්‍යය පිරිනමන්නේය.
Pali BJT469. අසජ්ජමානා විචරන්ති ලොකෙ සදා සතා හිත්වා මමායිතානි, කාලෙන තෙසු හව්යං පවෙච්ඡෙ යො බ්රාහ්මණො පුඤ්ඤපෙඛො යජෙථ.
Sinhala BJT469. පඤ්චස්නක්ධසඞ්ඛ්‍යාත ලෝකයෙහි නො ලගනාහු තෘෂ්ණාදෘෂ්ටි මමායිතයන් හැරපියා හැමකල්හි ස්මෘතිමත් වූවාහු හැසිරෙත් නම්, යම් බ්‍රාහ්මණයෙක් පුණ්‍යාපේක්‍ෂා ඇතියේ යාග කෙරේ නම් නිසි කල්හි ඔවුන් කෙරෙහි භව්‍ය්‍ය පිරිනමන්නේය.
Pali BJT470. යෙ කාමෙ හිත්වා අභිභුය්යචාරි යො වෙදි ජාතිමරණස්ස අන්තං, පරිනිබ්බුතො උදකරහදොව සීතො තථාගතො අරහති පූරළාසං.
Sinhala BJT470. යමෙක් ක්ලේශකාමයන් හැරපියා වස්තුකාමයන් මැඩැගෙණ හැසිරෙන්නේ ද, යමෙක් ජාතිමරණයන්ගේ අන්තය වන නිර්‍වාණය ප්‍රඥාබලයෙන් දත්තේ ද දියවිලක් සෙයින් සිහිල් වූයේ කෙලෙස් පිරිනිවියේ නම් ඒ තථාගත පුරෝඩාශයට නිසි වෙයි.
Pali BJT471. සමො සමෙහි විසමෙහි දූරෙ තථාගතො හොති අනන්තපඤ්ඤො, අනූපලිත්තො ඉධ වා හුරං වා තථාගතො අරහති පූරළාසං.
Sinhala BJT471. විපස්සීබුද්ධාදී සමපුද්ගලයන් හා සමවූයේ විෂමපුද්ගලයන් කෙරෙන් දුරැ වෙසෙන තථාගත තෙමේ අනන්තප්‍රඥා ඇතියේ වෙයි. මෙලොව්හි හෝ පරලොව්හි හෝ ක්ලේශවශයෙන් නො ලැගි එ තථාගත පුරෝඩාශයට නිසි වේ.
Pali BJT472. යම්හි න මාහා වසතී න මානො යො වීතලොභො අමමො නිරාසො, පනුණ්ණ කොධො අභිනිබ්බුතත්තො යො බ්රාහ්මණො සොකමලං අභාසි තථාගතො අරහති පූරළාසං.
Sinhala BJT472. යම් පුද්ගලයෙකු කෙරෙහි මායාව නො වේ ද, මාන නැතියේ ද යමෙක් පහකළ ලෝභ ඇතියේ මමත්‍ව නැතියේ ආශාරහිත වූයේ ක්‍ෂීණක්‍රෝධ ඇත්තේ මොනොවට කෙලෙස් පිරිනිවුමෙන් යුත් සිත් ඇත්තේ ද, යම් (බාහිතපාපී) බ්‍රාහ්මණයෙක් ශෝකමලප්‍රහීණ කෙළේ ද, එ තථාගත හව්‍යද්‍රව්‍යයට සුදුසු වෙයි.
Pali BJT473. නිවෙසනං යො මනසො අහාසි පරිග්ගහා යස්ස න සන්ති කෙචි, අනුපාදියානො ඉධ වා හුරං වා තථාගතො අරහති පූරළාසං.
Sinhala BJT473. යමෙක් සිත පිළිබඳ තෘෂ්ණාමානදෘෂ්ටිනිවේසන දුරු කෙළේ ද, යමකුට නිසි පරිග්‍රහයෝ නැත් ද, මෙලොව්හි හෝ පරලොව්හි හෝ කිසිවක් උපාදාන විසින් නො ගන්නේ ද, එබඳු තථාගත පූරලාසයට සුදුසු වෙයි.
Pali BJT474. සමාහිතො යො උදතාරි ඔඝං ධම්මං චඤ්ඤාසි පරමාය දිට්ඨියා, ඛීණාසවො අන්තිමදෙහධාරී තථාගතො අරහති පූරළාසං.
Sinhala BJT474. මාර්‍ගසමාධියෙන් සමාහිත වූ යමෙක් චතුරෝඝ තරණය කෙළේද, උත්තම සර්‍වතාඥානයෙන් පඤ්චවිධඥේයධර්‍මය ද දත්තේ ද, ක්‍ෂීණාස්‍රව වූයේ අන්තිම දේහය ධරණ සුලු ඒ තථාගත යඥද්‍රව්‍යයට සුදුසු වෙයි.
Pali BJT475. භවාසවා යස්ස වචීඛරා ච විධූපිතා අත්ථගතා න සන්ති, ස වෙදගූ සබ්බධි විප්පමුත්තො තථාගතො අරහති පූරළාසං.
Sinhala BJT475. යයමකු විසින් භවතෘෂ්ණා, ධ්‍යානිකාන්ති, ශාශ්වතදෘෂ්ටිසහගත රාගයෝ ද කැකුළුබස් ද දවනලදහු නම්, අස්තයට ගියාහු විද්‍යමාන නො වෙත් ද, (චතුර්මාර්‍ගඥානසඞ්ඛ්‍යාත) වේදයාගේ අන්තයට ගියේ හැම ස්කන්‍ධායතනයන්හි විප්‍රුක්ත වූයේ නම් එ තථාගත යඥයට නිසි වෙයි.
Pali BJT476. සඞ්ගාතිගො යස්ස න සන්ති සඞ්ගා සො මානසත්තෙසු අමානසත්තො දුක්ඛං පරිඤ්ඤාය සඛෙත්තවත්ථුං තථාගතො අරහති පූරළාසං.
Sinhala BJT476. යමෙක් රාගාදි හැම සඞ්ගයන් ඉක්මැගියේ ද යමකුහට මානයෙන් ලැගුනු සත්‍වයන් කෙරෙහි සඞ්ගයෝ විද්‍යාමාන නොවෙත් ද, යමෙක් හේතුප්‍රත්‍යයන් සහිත වර්ත්තදුඃඛය පිරිසිඳ දැන මානයෙන් නොලැගියේ ද, එ තථාගත පුරෝඩාශයට සුදුසු වෙයි.
Pali BJT477. ආසං අනිස්සාය විවෙකදස්සී පරවෙදියං දිට්ඨිමුපාතිවත්තො, ආරම්මණා යස්ස න සන්ති කෙචි තථාගතො අරහති පූරළාසං.
Sinhala BJT477. තෘෂ්ණාව නිඃශ්‍රය නො කොට නිර්‍වාණසඞ්ඛ්‍යාත උපධිවිවේකය දක්නා සුල්ලේ (අන්‍යතීර්‍ත්‍ථක වූ) පරා විසින් දතයුතු දෙසැටමිසදිටු ඉකුමැ ගියේ ද, පුනර්‍භවකාරණ නම් වූ ආලම්බනප්‍රත්‍යයයෝ කිසිත් යමකුට නැත් ද, එ තථාගත පුරෝඩාශයට අර්‍හ වෙයි.
Pali BJT478. පරොවරා යස්ස සමෙච්ච ධම්මා විධූපිතා අත්ථගතා න සන්ති, සන්තො උපාදානඛයෙ විමුත්තො තථාගතො අරහති පූරළාසං.
Sinhala BJT478. යමකුට (බාහිර ආධ්‍යාත්මික) පරඅවර ස්කන්‍ධාදි ධර්‍මයෝ නැණින් පිරිසිඳ දැන දවනලද්දාහු අස්තයට ගියාහු නො මැත්තාහු ද ශාන්තවූයේ උපාදානක්‍ෂය නම් වූ නිර්‍වාණය නිමිති කොට විමුක්ත වූයේ ද එ තථාගත පුරෝඩාශයට අර්‍හ වෙයි.
Pali BJT479. සංයොජනං ජාතිඛයන්තදස්සී යොපානුදි රාගපථං අසෙසං, සුද්ධො නිද්දොසො විමලො අකාචො{1} තථාගතො අරහති පූරළාසං.
Sinhala BJT479. සංයෝජනක්‍ෂය හා ජාතික්‍ෂය දක්නා සුලු යමෙක් (දුර්‍ගතියට පථ වන) රාගාරම්මණපථය නිරවශේෂ කොට දුරු කළේ ද, (පරිශුද්ධ කාය සමාචාරාදිය ඇති බැවින්) ශුද්ධ වූයේ (රාග දෝස, දෝස දෝස, මෝහදෝසයන්ගේ අභාවයෙන්) නිර්දෝෂවූයේ (රාගමලාදියෙන් දුරු හෙයින්) විමල වූයේ (ආගුසඞ්ඛ්‍යාත අපරාධ නො කරණ හෙයින්) කාම රහිත වූයේ ද, එ තථාගත භව්‍යට නිසි වෙයි.
Pali BJT480. යො අත්තනාත්තානං නානුපස්සති සමාහිතො උජජුගතො ඨිතත්තො, ස වෙ අනෙජො අඛිලො අකඞ්ඛො තථාගතො අරහති පූරළාසං.
Sinhala BJT480. යමෙක් (ඥානසම්ප්‍රයුක්තචිත්තයෙන්) තෙමේ (ස්කන්‍ධයන්හි) නිත්‍යාත්මයක් නො දක්නේ මාර්‍ග සමාධියෙන් යුක්තවූයේ, (කායවඞ්කාදීන්ගේ අභාවයෙන්) ඍජු වූයේ (ලෝකධර්‍මයන්හි අකම්පනියභාවයෙන් ස්ථිතාත්මවූයේ ද, තෘෂ්ණසඞ්ඛ්‍යාත එජා නැති, පඤ්චචේතෝඛිලාභාවයෙන් අඛිල වූ අටතන්හි සැකනැතියෙන් අකඞ්ඛවූ තථාගත පූරළාසයට අර්‍හ වෙයි.
Pali BJT481. මොහන්තරා යස්ස න සන්ති කෙචි සබ්බෙසු ධම්මෙසු ච ඤාණදස්සී, සරීරඤ්ච අන්තිමං ධාරෙති පත්තො ච සම්බොධිමනුත්තරං සිවං එත්තාවතා යක්ඛස්ස සුද්ධී තථාගතො අරහති පූරළාසං.
Sinhala BJT481. යමකුහට කිසිදු (ක්ලේශසඞ්ඛ්‍යාත) මෝහකාරණයෝ නැත් ද සකලඥේයධර්‍මයන්හිත් සාක්‍ෂාත්කෘත සර්‍වඥතාඥාන ඇත්තේ ද, (පුනර්‍භවනිරෝධයෙන්) අන්තිමශරීරය දරන්නේ ද, ප්‍රත්‍යෙකබුද්ධශ්‍රාවකයන් හා අසාධාරණ හෙයින් අනුත්තරවූ ක්‍ෂේමවූ (අර්‍හත්‍වසඞ්ඛ්‍යාත) සම්බෝධියට ද පැමිණියේ ද, එපමණෙකින් (පුරුෂසඞ්ඛ්‍යාතයක්හුගේ ව්‍යවදානතා සඞ්ඛ්‍යාත) ශුද්ධිය වේ. එබඳු තථාගත පූරළාසයට නිසි වේ.
Pali BJT482. හුතං ච මය්හං හුතමත්ථු සච්චං යං තාදිසං වෙදගුනං අලත්ථං, බ්රහ්මා හි සක්ඛි පතිගණ්හාතු මෙ භගවා භුඤ්ජතු මෙ භගවා පූරළාසං.
Sinhala BJT482. යම්හෙයකින් භවතුන් වැනි වේදපාරගතයක්හු ලදිම් නම් එමාගේ හුතය සත්‍ය වූ ම හුතයෙක් වේවා ප්‍රත්‍යක්‍ෂබ්‍රහ්ම වූ ම භාග්‍යවතුන් වහන්සේ මාගේ හව්‍යය පිළිගන්නා සේක්වා. භාග්‍යවතුන් වහන්සේ මාගේ හව්‍යය වළඳනසේක්වා.
Pali BJT483. ගාථාභිගීතං මෙ අභොජනෙය්යං සම්පස්සතං බ්රාහ්මණ නෙස ධම්මො, ගාථාභිගීතං පනුදන්ති බුද්ධා ධම්මෙ සතී බ්රාහ්මණ වුත්තිරෙසා.
Sinhala BJT483. ගාථාභාගීතය මා විසින් නොවැළඳිය යුතු වෙයි. බ්‍රාහ්මණ, සම්‍යගාජීවශුද්ධිය දක්නා සම්බුදුන්ගේ තෙල චාරිත්‍ර නොවේ. සම්බුද්ධයෝ ගාථාභිගීත (පිණ්ඩපාතය) පිළිකෙවු කරත්. බ්‍රාහ්මණය, සුචරිතධර්‍මය නොහොත් චාරිත්‍රධර්‍මය (ලොවුහි) ඇතිකල්හි තෙල ජීවිතවෘත්තිය වේ.
Pali BJT484. අඤ්ඤෙන ච කෙවලිනං මහෙසිං ඛීණාසවං කුක්කුච්චවූපසන්තං, අන්නෙන පානෙන උපට්ඨහස්සු ඛෙත්තං හි තං පුඤ්ඤපෙඛස්ස හොති.
Sinhala BJT484. අන්‍යතර ආහාර පානයෙකින් මැ සර්‍වගුණ පරිපූර්‍ණ වූ, ක්‍ෂීණාස්‍ර වූ, සන්සුන් කුකුස් ඇති, මහර්ෂී වටව. පුණ්‍යාපේක්‍ෂහට ඒ පුණ්‍යක්‍ෂෙත්‍රම වෙයි.
Pali BJT485. සාධාහං භගවා තථා විජඤ්ඤං යො දක්ඛිණං භුඤ්ජෙය්ය මාදිසස්ස, යං යඤ්ඤකාලෙ පරියෙසමානො පප්පුය්ය තව සාසනං.
Sinhala BJT485. භාග්‍යවතුන් වහන්ස, මුඹවහන්සේගේ අවවාදශාසනයට පැමිණ යඥකාලයෙහි යම්බඳු දක්‍ෂිණාර්‍හයකු සොයනුම් වටනෙම් නම්, යම්, දක්‍ෂිණාර්‍හයෙක් මාගේ දන් වළඳා නම්, එම පුඟුල්හු මම් එලෙසින් දනුම් නම් මැනැවි.
Pali BJT486. සාරම්භා යස්ස විගතා චිත්තං යස්ස අනාවිලං, විප්පමුත්තො ච කාමෙහි ථිනං යස්ස පනූදිතං.
Sinhala BJT486. යම් පුඟුලක්හුගේ සාරම්භයෝ පහවූහු ද, යමකුගේ චිත්තයත් නො කැලැඹිනි ද, වස්තුකාමක්ලේශකාමයෙන් විප්‍රමුක්ත හා වේ ද, යමකුන්ගේ ථිනමිද්ධයත් ප්‍රහීණ වී ද,
Pali BJT487. සීමන්තානං විනෙතාරං ජාතිමරණකොවිදං, මුනිං මොනෙය්යසම්පන්නං තාදිසං යඤ්ඤමාගතං
Sinhala BJT487. සීමාන්තයන් (කෙලෙස්මියරත්) මඩනා, ජාතිමරණ දෙක්හි දක්‍ෂ වූ, මොනෙය්‍යසඞ්ඛ්‍යාත ප්‍රඥායෙන් සමන්‍වාගත වූ යඥයට සම්ප්‍රාප්ත එබඳු මුනිහු -
Pali BJT488. භුකුටිං විනයිත්වාන පඤ්ජලිකා නමස්සථ, පූජෙථ අන්නපානෙන එවං ඉජ්ඣන්ති දක්ඛිණා.
Sinhala BJT488. භූකුටි (බැමහැකිලීම්) හැරැපියා බඳැදිලි වැ නමස්කාර කරව. ආහාරපානයෙන් පූජාකරව, මෙසෙයින් දක්‍ෂිණාවෝ සමෘද්ධ වෙත්.
Pali BJT489. බුද්ධො භවං අරහති පූරළාසං පුඤ්ඤක්ඛෙත්තමනුත්තරං, ආයාගො සබ්බලොකස්ස භොතො දින්නං මහප්ඵලන්ති.
Sinhala BJT489. අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වූ භාග්‍යවත් බුදුරජානන්වහන්සේ පුරෝඩාශයට නිසි වෙති. සව්ලෙවන් විසින් වෙත පැමිණ පිදිය යුතු වෙත්. භවතුන්වහන්සේට දෙනලද දෑ මහක්ළග ඇතියේ යයි.
Pali BJTඅථ ඛො සුන්දරිකභාරද්වාජො බ්රාහ්මණො භගවන්තං එතදවොච: අභික්කන්තං භො ගොතම, අභික්කන්තං භො ගොතම, සෙය්යථාපි භො ගොතම නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්ය, පටිච්ඡන්නං වා විවරෙය්ය, මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්ය, අන්ධකාරෙ වා තෙල පජ්ජොතං ධාරෙය්ය චක්ඛුමන්තො රූපානි දක්ඛිනන්ති, එවමෙවං භොතා ගොතමෙන අනෙකපරියායෙන ධම්මො පකාසිතො. එසාහං භවන්තං ගොතමං සරණං ගච්ඡාමිධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච. ලභෙය්යාහංභොතො ගොතමස්ස සන්තිකෙ පබ්බජ්ජං ලභෙය්යං උපසම්පදන්ති, අලත්ථ ඛො සුන්දරිකභාරද්වාජො බ්රාහ්මණො -පෙ- අරහතං අහොසීති.
Sinhala BJTඉක්බිති සුන්‍දරික භාරද්වාජබ්‍රාහ්මණ භාග්‍යවතුන්වහන්සේට තෙල කරුණ දැන්වීය: භවත් ගෞතමයන් වහන්ස, ඉතා කාන්ත වෙයි. භවත් ගෞතමයන් වහන්ස, ඉතා කාන්ත වෙයි. භවත් ගෞතමයන් වහන්ස, යම් පරිදි යටිහුරු වූවක් උඩුහුරු කරණලද නම්, පිළිසන් වූවක් විවර කෙරේ නම්, මංමුළාවුවකුට මාර්‍ගය හෝ කියා නම් ඇස් ඇතියහු රු දකිත්වා”යි අඳුරෙහි තෙල් පහනක් දරන්නේ හෝ වේ නම් එ පරිද්දෙන් ම භවත් ගෞතමයන්වහන්සේ විසින් අනේකපර්‍ය්‍යායෙන් ධර්‍මය ප්‍රකටකරණලද, තෙල මම් -පෙ- සරණ යෙමි -පෙ- රහතුන් අතුරෙහි වීයයි.
Pali BJTසුන්දරිකභාරද්වාජසුත්තං නිට්ඨිතං
Sinhala BJTසුන්‍දරිකභාරද්වාජ (පූරළාස) සූත්‍රය නිමි.
Pali BJT3. 5.
Sinhala BJT3. 5.
Pali BJTමාඝසුත්තං
Sinhala BJTමාඝ සූත්‍රය
Pali BJTඑවං මෙ සුතං එකං සමයං භගවා රාජගහෙ විහරති ගිජ්ඣකූටෙ පබ්බතෙ. අථ ඛො මාඝො මාණවො යෙන භගවා තෙනුපසඞ්කමි උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි, සම්මොදනීයං කථං සාරාණීයං{1} වීතිසාරෙත්වා එකමන්තං නිසීදි, එකමන්තං නිසින්නො ඛො මාඝො මාණවො භගවන්තං එතදවොච:
Sinhala BJTමා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර ගිජුකුළු පවුයෙහි වැඩ වසන සෙයෙක. එකල්හි මාඝ නම් බමුණු මණෙවු භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටුවියයුතු සිහිකටයුතු කථා නිමවා එකත්පසෙක හින. එකත්පසෙක් හුන් මාඝ මණෙවු භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ දැන්වීය.
Pali BJTඅහං හි භො ගොතම, දායකො දානපති වදඤ්ඤූ යාචයොගො ධම්මෙන භොගෙ පරියෙසාමි, ධම්මෙන භොගෙ පරියෙසිත්වා ධම්මලද්ධෙහි භොගෙහි ධම්මාධිගතෙහි එකස්සාපි දදාමි දවින්නම්පි දදාමි තිණ්ණම්පි දදාමි චතුන්නම්පි දදාමි පඤ්චන්නම්පි දදාමි ඡන්නම්පි දදාමි සත්තන්නම්පි දදාමි අට්ඨන්නම්පි දදාමි නවන්නම්පි දදාමි දසන්නම්පි දදාමි වීසායපි දදාමි තිංසායපි දදාමි චත්තාරීසායපි දදාමි පඤ්ඤාසායපි දදාමි සතස්සපි දදාමි භිය්යොපි දදාමි. කච්චාහං ගොතම එකං දදන්තො එවං යජන්තො බහුං පුඤ්ඤං පසවාමිති,
Sinhala BJTභවත් ගෞතමයන් වහන්ස, මම වනාහි දානපති දායකයෙම් යදියන්ගේ බස් දන්නෙම් යදනට නිසි වූයෙම් ධර්‍මයෙන් භෝග සොයමි. දැහැමින් භෝග සොයා ධර්‍මයෙන් ලද, ධර්‍මාධිගත භෝගයෙන් එකක්හට ද දෙමි, දෙදෙනකුන්හට ද දෙමි, තිදෙනකුන්ට ද දෙමි, සතර දෙනකුන්ට ද දෙමි, පස්දෙනකුන්ට ද දෙමි, සදෙනකුන්ට ද දෙමි, සත්දෙනකුන්ට ද දෙමි, අටදෙනකුන්ට ද දෙමි, නවදෙනකුන්ට ද දෙමි, දසදෙනකුන්ට ද දෙමි, විසිදෙනකුන්ට ද දෙමි, තිස්දෙනකුන්ට ද දෙමි, සාලිස්දෙනන්හට ද දෙමි, පණස් දෙනකුන්ට ද දෙමි, සියදෙනකුන්ට ද දෙමි, ඉන් වැඩි බොහෝ දෙනකුන්ට ද දෙමි, භවත් ගෞතමයන් වහන්ස, කිම මම මෙසේ දන්දෙනුයෙම් මෙ සෙයින් යාග කරනෙම් බොහෝ පින් රැස් කරම් දැයි?
Pali BJTතග්ඝ ත්වං මාණව, එවං දදන්තො එවං යජන්තො පරියෙසිත්වා ධම්මලද්ධෙහි භොගෙහි ධම්මාධිගතෙහි එකස්සපි දදාති -පෙ- සතස්සපි දදාති භිය්යො පි දදාමි බහුං පුඤ්ඤං පසවතීති,
Sinhala BJTමාණවය, ඒකාන්තයෙන් මැ (තෝ මෙසෙයින් දන් දෙන්නෙහි මෙසෙයින් යාගකරන්නෙහි බොහෝ පින් රැස් කෙරෙහි. මාණවය, යම් දායකයෙක් දානපතිවූයේ යදියන්ගේ බස් දන්නේ යාචයෝග වූයේ ධර්‍මයෙන් භෝගපර්ය්‍යේෂණා කෙරේ නම්, ධර්‍මයෙන් භෝගපර්ය්‍යේෂණා කොට ධර්‍මලබ්ධි වූ ධර්‍මාධිගත වූ භෝගයෙන් එකකුහට ද දන් දේ නම් -පෙ- සිය දෙනකුන්හට දේ නම්, එයින් වැඩි දෙනකුන්ට ද දේ නම්, බොහෝ පින් රැස් කෙරේ යයි,
Pali BJTඅථ ඛො මාඝො මාණවො භගවන්තං ගාථාය අජ්ඣභාසි.
Sinhala BJTඉක්බිති මාඝ මාණව භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් මෙසේ කීය.
Pali BJT490. පුච්ඡාමහං ගොතමං වදඤ්ඤුං (ඉති මාඝො මාණවො) කාසායවාසිං අගිහං{2} චරන්තං යො යාචයොගො දානපතී ගහට්ඨො, දදං පරෙසං ඉධ අන්නපානං කත්ථ හුතං යජමානස්ස සුජ්ඣෙ.
Sinhala BJT490. “මම වදන් දන්නා, කාෂායවස්ත්‍රධාරී වූ තෘෂ්ණායෙන් තොර ව හැසිරෙණ භවත් ගෞතමයන් වහන්සේ පුළුවුස්මි. යදනට නිසි, දානපත් වූ පුණ්‍යාර්ත්‍ථි යම් ගෘහස්ථයෙක් පින් කැමැතියේ යාග කෙරේ නම්, මෙලොව්හි මෙරමාහට අහර පැන් දෙන්නේ නම්, කොතන්හි යාගකරන්නහුගේ යාගය ශුද්ධවන්නේදැයි?” යි මෙසේ මාඝ ඇසීය.
Pali BJT491. යො යාචයොගො දානපතී ගහට්ඨො (මාඝාති භගවා) පුඤ්ඤත්ථිකො යජති පුඤ්ඤපෙඛො දදං පරෙසං ඉධ අන්නපානං ආරාධයෙ දක්ඛිණෙය්යෙ හි තාදි.
Sinhala BJT491. “මෙ ලොව්හි පින් කැමැති මෙරමාහට ආහාරපාන දෙන දානපති වූ පුණ්‍යාර්ත්‍ථි ගෘහස්ථයෙක් යදනට නිසි වූයේ යාගකෙරේ නම්, හේ තාදී වූ ම දක්‍ෂිණාර්‍හයන් අරියන්නේය”යි මෙසේ භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
Pali BJT492. යො යාචයොගො දානපතී ගහට්ඨො (ඉති මාඝො මාණවො) පුඤ්ඤත්ථිකො යජති පුඤ්ඤපෙඛො, දදං පරෙසං ඉධ අන්නපානං අක්ඛාහි මෙ භගවා දක්ඛිණෙය්යෙ.
Sinhala BJT492. මෙලොව්හි යදනට නිසි, දානපති වූ පුණ්‍යාර්ත්‍ථි වූ යම් ගැහැවියෙක් පින් කැමැතියේ මෙරමාහට දන් දෙමින් යාග කෙරේ ද, භාග්‍යවතුන් වහන්ස, එබඳු මාහට දක්‍ෂිණාර්‍හයන් වදාළ මැනැවි.
Pali BJT493. යෙ චෙ අසත්තා විචරන්ති ලොකෙ අකිඤ්චනා කෙවලිනො යතත්තා, කාලෙන තෙසු හව්යං පවෙච්ඡෙ යො බ්රාහ්මණො පුඤ්ඤපෙඛො යජෙථ.
Sinhala BJT493. ලෝකයෙහි යම් කෙනෙක් (රාගසඞ්ගාදි විසින්) නො ලැගියාහු පරිනිෂ්ඨිතකෘත්‍ය ඇතියාහු කිඤ්චන රහිත වූවාහු යතාත්ම වූවාහු හැසිරෙත් නම්, යම් බ්‍රාහ්මණයෙක් පින් කැමැතියේ යාග කෙරේ නම් නිසි කල්හි ඒ පුඟුලන් කෙරෙහි හව්‍යසඞ්ඛ්‍යාත දන් පිරිනමන්නේ ය.
Pali BJT494. යෙ සබ්බංසයොජනබන්ධනච්ඡිදා දන්තා විමුත්තා අනීඝා නිරාසා, කාලෙන තෙසු හව්යං පවෙච්ඡෙ යො බ්රාහ්මණො පුඤ්ඤපෙඛො යජෙථ.
Sinhala BJT494. යම් බමුණෙක් පින් කැමැතියේ යාග කෙරේ ද, හේ යම් කෙනෙක් හැම සංයෝජනබන්‍ධනයන් සිඳලූවාහු අනුත්තර දමථයෙන් දැමුනාහු ප්‍රඥා-චේතෝවිමුක්ති දෙකින් විමුක්තිවූවාහු (ආයතිවර්‍ත දුඃඛභාවයෙන්) ඊඝරහිත වූවාහු (ක්ලේශභාවයෙන්) ආශා රහිත වූවාහු වෙත් නම්, ඒ පුඟුලන් කෙරෙහි සුදුසු කල්හි හව්‍යය දානය කරන්නේය.
Pali BJT495. යෙ සබ්බසංයොජනවිප්පමුත්තා දන්තා විමුත්තා අනීඝා නිරාසා කාලෙන තෙසු හව්යං පවෙච්ඡෙ යො බ්රාහ්මණො පුඤ්ඤපෙඛො යජෙථ.
Sinhala BJT495. යම් බමුණෙක් පින් කැමැතියේ යාග කෙරේ නම් හේ, යම් කෙනෙක් සර්‍ව සංයෝජනයෙන් වෙසෙසින් මිදුනු දාන්තවූ විමුක්ත වූ අනීඝ වූ නිරාස වූහු නම් ඔවුන් කෙරෙහි නිසි කල්හි යඥශේෂය පවරන්නේ ය.
Pali BJT496. රාගඤ්ච දොසඤ්ච පහාය මොහං ඛීණාසවා වුසිතබ්රහ්මචරියා, කාලෙන තෙසු හව්යං පවෙච්ඡෙ යො බ්රාහ්මණො පුඤ්ඤපෙඛො යජෙථ.
Sinhala BJT496. යම් බමුණෙක් පුණ්‍යාපේක්‍ෂා ඇතියේ යාග කරන්නේ නම් රාග දෝස, මෝහ හැර පියා ක්‍ෂීණාස්‍රව වූ වැසනිම කළ මඟබඹසර ඇති යම් කෙනෙක් වෙත් නම් නිසි කල්හි ඔවුන් කෙරෙහි හව්‍යය දෙන්නේ ය.
Pali BJT497. යෙසු න මායා වසති න මානො යෙ වීතලොභා අමමා නිරාසා, කාලෙන තෙසු හව්යං පවෙච්ඡෙ යො බ්රාහ්මණො පුඤ්ඤපෙඛො යජෙථ.
Sinhala BJT497. යම් බමුණෙක් පුණ්‍යාපේක්‍ෂා ඇතියේ යාගකෙරේ නම්, හේ යම් කෙනෙකුන් කෙරෙහි මායා නැද්ද, මාන නැද්ද, යම් කෙනෙක් පහ කළ ලෝභ ඇත්තාහු ද මමත්‍වයෙන් තොරවූවාහු ආශාරහිත වෙත් ද, ඔවුන් කෙරෙහි නිසි කල්හි දන් දෙන්නේ ය.
Pali BJT498. යෙ වෙ න තණ්හාසු උපාතිපන්නා විතරෙය්ය ඔඝං අමමා චරන්ති. කාලෙන තෙසු හව්යං පවෙච්ඡෙ යො බ්රාහ්මණො පුඤ්ඤපෙඛො යජෙථ.
Sinhala BJT498. යම් බමුණෙක් පින්කැමැතියේ යාග කෙරේ නම් හෙ, යම් කෙනෙක් ඒකාන්තයෙන් කාම තෘෂ්ණාදියෙහි නො වැටුණාහු, චතුරෝඝය තරණය කොට මමත්‍වයෙන් තොරව හැසිරෙත් ද, ඔවුන් කෙරෙහි නිසි කල්හි දන්දෙන්නේ ය.
Pali BJT499. යෙසං තණ්හා නත්ථි කුහිඤ්චි ලොකෙ භවාභවාය ඉධ වා හුරං වා, කාලෙන තෙසු හව්යං පවෙච්ඡෙ යො බ්රාහ්මණො පුඤ්ඤපෙඛො යජෙථ.
Sinhala BJT499. යම් බ්‍රාහ්මණයෙක් පින්කැමැතියේ යාග කෙරේ නම් හේ, යමකුන්හට මෙලොව්හි වේවයි, පරලොව්හි වේවයි කිසිදු ලොවෙක්හි ශාශ්වත උච්ඡේද විසින් නොහොත් පුනර්‍භවයාගේ අනඟිනිර්‍වෘතිය සඳහා තෘෂ්ණා නැත් ද, ඔවුන් කෙරෙහි නිසි කල්හි හව්‍යය දෙන්නේ ය.
Pali BJT500. යෙ කාමෙ හිත්වා අගිහා{1} චරන්ති සුසඤ්ඤතත්තා තසරංව උජ්ජුං කාලෙන තෙසු හව්යං පවෙච්ඡෙ යො බ්රාහ්මණො පුඤ්ඤපෙඛො යජෙථ.
Sinhala BJT500. යම් බමුණෙක් පින්කැමැතියේ යාග කෙරේ නම් හේ, යම් කෙනෙක් කාමයන් හැරපියා තෘෂ්ණා රහිත වූවාහු (අනගාරව) මොනොවට සංයත්ආත්ම ඇත්තාහු ඍජු නඩාවක් සෙයින් හැසිරෙත් ද, නිසි කල්හි එ පුඟුලන් කෙරෙහි දන් දෙන්නේ ය.
Pali BJT501. යෙ වීතරාගා සුසමාහිතින්ද්රියා චන්දොව රාහුග්ගහණා පමුත්තා, කාලෙන තෙසු හව්යං පවෙච්ඡෙ යො බ්රාහ්මණො පුඤ්ඤපෙඛො යජෙථ.
Sinhala BJT501. පුණ්‍යාපේක්‍ෂා ඇති යම් බමුණෙක් යාග කෙරේ නම් හේ, පහ කළ රාග ඇති යම් කෙනෙක් මොනොවට සමාහිත වූ ඉඳුරන් ඇත්තාහු රාහු ග්‍රහණයෙන් ප්‍රමුක්ත වූ චන්‍ද්‍රයා සෙයින් ප්‍රමුක්ත වෙත් ද, එපුඟුලන් කෙරෙහි නිසි කල්හි දන් දෙන්නේ ය.
Pali BJT502. සමිතාවිනො වීතරාගා අකොපා යෙසං ගතී නත්ථි ඉධ විප්පහාය, කාලෙන තෙසු හව්යං පවෙච්ඡෙ යො බ්රාහ්මණො පුඤ්ඤපෙඛො යජෙථ.
Sinhala BJT502. යම් බමුණෙක් පින්කැමැතියේ යාග කෙරේ නම් හේ, යම් කෙනෙක් කෙලෙස් සන්හිඳවන්නාහු පහ කළ රාග ඇත්තාහු කෝප රහිත වූවාහු ද, යමකුන්ට මෙලොව්හි ස්කන්‍ධ හැරපියා ලීමෙන් පුනර්‍භව ගමනෙක් නැත් ද, එ පුඟුලන් කෙරෙහි සුදුසු කල්හි යඥ දෙන්නේ ය.
Pali BJT503. ජහිත්වා ජාතිමරණං අසෙසං කථංකථිං සබ්බමුපාතිවත්තා, කාලෙන තෙසු හව්යං පවෙච්ඡෙ යො බ්රාහ්මණො පුඤ්ඤපෙඛො යජෙථ.
Sinhala BJT503. යම් බමුණෙක් පුණ්‍යාපේක්‍ෂා ඇත්තේ යාග කෙරේ නම් හේ, යම් කෙනෙක් ජාති මරණ නිරවශේෂයෙන් හැරපියා හැම කථංකථි භාවය ඉක්ම ගියාහු වෙත් ද, ඔවුන් කෙරෙහි නිසි කල්හි දක්‍ෂිණා පිරිණමන්නේ ය.
Pali BJT504. යෙ අත්තදීපා විවරන්ති ලොකෙ අකිඤ්චනා සබ්බධි විප්පමුත්තා, කාලෙන තෙසු හව්යං පවෙච්ඡෙ යො බ්රාහ්මණො පුඤ්ඤපෙඛො යජෙථ.
Sinhala BJT504. යම් බමුණෙක් පින් කැමැතිව යාග කෙරේ නම් හේ, යම් කෙනෙක් රාගාදි කිඤ්චනයෙන් තොර වූවාහු හැම ස්කන්‍ධයන්හි මිදුනාහු ආත්මගුණම, පිහිට කොට ඇත්තාහු ලොව්හි හැසිරෙත් ද එ පුඟුලන් කෙරෙහි නිසි කල්හි දක්‍ෂිණා පිරිණමන්නේ ය.
Pali BJT505. යෙ හෙත්ථ ජානන්ති යථා යථා ඉදං අයමන්තිමා නත්ථි පුනබ්භවොති, කාලෙන තෙසු හව්යං පවෙච්ඡෙ යො බ්රාහ්මණො පුඤ්ඤපෙඛො යජෙථ.
Sinhala BJT505. යම් බමුණෙක් පින් කැමැතියේ යාග කෙරේ නම් හේ, යම් කෙනෙක් තෙල ස්කන්‍ධාදි ආයතනයෙහි මෙ ස්කන්‍ධාදිආයතනාදිය යම් පරිදි නම්, ඒ ස්වභාව එසේ ම යයි ද මේ අන්තිම ජාතිය වේ පුනර්‍භවයෙක් දැන් නැතැයි ද දනිත් නම්, ඔවුන් කෙරෙහි නිසි කල්හි දක්‍ෂිණා දෙන්නේ ය.
Pali BJT506. යො වෙදගූ ඣානරතො සතීමා සම්බොධිපත්තො සරණං බහුන්නං, කාලෙන තම්හි හව්යං පවෙච්ඡෙ යො බ්රාහ්මණො පුඤ්ඤපෙඛො යජෙථ.
Sinhala BJT506. යම් බමුණෙක් පින් පතන්නේ යාග කෙරේ නම් හේ, යමෙක් (සිවුමග නැණ නම් වූ) වේදයෙහි කෙල පැමිණියේ (සවැදෑරුම් සතත විහාර ස්මෘතියෙන්) ස්මෘතිමත් වූයේ ධ්‍යානාභිරත වූ යේ සර්‍වඥතාඥානයට පැමැණියේ බොහෝ දෙනාට සරණ වේ ද, එ පුඟුලා කෙරෙහි නිසි කල්හි දක්‍ෂිණා දෙන්නේ ය.
Pali BJT507. අද්ධා අමොඝා මම පුච්ඡානා අහු (ඉති මාඝොමාණවො) අක්ඛාසි මෙ භගවා දක්ඛිණෙය්යො, ත්වං හෙත්ථ ජානාසි යථා තථා ඉදං තථා හි තෙ විදිතො එස ධම්මො.
Sinhala BJT507. (මාඝ මාණව මෙසේ විචාරයි:) එකැතින් මාගේ පැන පිළිවිසුම නො සිස් මැ වීය. භාග්‍යවතුන් වහන්සේ මට දක්‍ෂිණාර්‍හයන් දෙසූ සේක. නුඹ වහන්සේ ඒකාන්තයෙන් මෙ ලොව්හි මෙ ඥේයධර්‍මය යථාත්‍වයෙන් දන්නා සේක. තෙල ධර්‍මධාතුව නුඹ වහන්සේ විසින් ඒ ඇති සැටියෙන් දන්නා ලද වෙයි.
Pali BJT508. යො යාචයොගො දානපතී ගහට්ඨො පුඤ්ඤත්ථිකො යජති පුඤ්ඤපෙඛො, දදං පරෙසං ඉධ අන්නපානං අක්ඛාහි මෙ භගවා යඤ්ඤසම්පදං.
Sinhala BJT508. යදනට යෝග්‍ය වූ දානපති වූ පුණ්‍යාර්ත්‍ථි වූ යම් ගැහැවියෙක් පින් කැමැතියේ යාග කෙරේ නම් මෙලොව්හි මෙරමා හට ආහාර පාන දෙනුයේ නම්, එබඳු මට භාග්‍යවතුන් වහන්ස යඥ සම්පත්තිය වදාළ මැනැව.
Pali BJT509. යජස්සු යජමානො මාඝාති (භගවා) සබ්බත්ථ ච විප්පසාදෙහි චිත්තං, ආරම්මණං යජමානස්ස යඤ්ඤං එත්ථ පතිට්ඨාය ජහාති දොසං.
Sinhala BJT509. (බුදුහු මෙසේ වදාළහ:) මාඝය, යජමාන වූයෙහි යාග කරව, සියලු තන්හි තෙකල්හි සිත් පහන් කරව, යාග කරන්නා හට යඥය ආලම්බන වෙයි. එ යඥාලම්බනයෙහි පිහිටා රාගාදි ත්‍රිවිධ දෝෂය හැරපියන්නේ ය.
Pali BJT510. සො වීතරාගො පවිනෙය්ය දොසං මෙත්තං චිත්තං භාවයං අප්පමාණං,{1} රත්තින්දිවං සතතං අප්පමත්තො සබ්බාදිසා ඵරතෙ අප්පමඤ්ඤං.
Sinhala BJT510. මෙසෙයින් භෝගයන්හි වීතරාගී වූ හේ, සත්‍වයන් නිමිති කොට උපදනා ද්වේෂය මැඩැ අප්‍රමාණ මෛත්‍රීචිත්තය වඩන්නේ රාත්‍රින්‍දිතයෙහි නිරතුරු අප්‍රමත්ත වූයේ මෙත්දැහැන් නම් වූ අප්‍රාමාණ්‍යය හැම දික්හි පතුරන්නේ යි.
Pali BJT511. කො සුජ්ඣති මුච්චති බජ්ඣතී ච කෙනත්තනා ගච්ඡති බ්රහ්මලොකං, අජානතො මෙ මුනි බ්රූහි පුට්ඨො භගවා හි මෙ සක්ඛි බ්රහ්මජ්ජ දිට්ඨො තුවං හි නො බ්රහ්මසමොති සච්චං කථං උපපජ්ජති බ්රහ්මලොකං ජුතීමා.
Sinhala BJT511. කවරෙක් ශුද්ධ වේ ද? මිදේ ද? බැඳේ ද? කවර කරුණෙකින් තෙමේ බඹලොව යේ ද? මුනීන්‍ද්‍රයන් වහන්ස, මෙ කරුණ නො දත් මට වදාළ මැනැව, භාග්‍යවතුන් වහන්ස, ම විසින් අද බ්‍රහ්ම සියැසින් දක්නා ලද ය. මුඹ වහන්සේ අපට සත්‍ය විසින් බ්‍රහ්මසම වෙති. ජ්‍යෙතිෂ්මත් වූ භාග්‍යවතුන් වහන්ස, කෙසේ නම් බඹලොවට පිළිසඳ විසින් පැමිණේ දැයි (මාඝ බුදුරදුන් පිළිවිසි.)
Pali BJT512. යො යජති තිවිධං පුඤ්ඤසම්පදං (මාඝාති භගවා) ආරාධයෙ දක්ඛිණෙය්යෙති තාදී, එවං යජිත්වා සම්මා යාචයොගො උපපජ්ජති බ්රහ්මලොකන්ති බ්රූමි.
Sinhala BJT512. මාඝ, යමෙක් (පූර්‍ව මුඤ්චන අපරචේතනා ප්‍රසාද සඞ්ඛ්‍යාත ) ත්‍රිකාල ප්‍රසාදයෙන්යුතු යඥසම්පත්තිය සපයා ද තාදීගුණ යුත් දක්‍ෂිණාර්‍හයන් ආරාධනා කෙරේ නම්, යදනට යෝග්‍ය වූයේ මෙසේ මැනැවින් යඥ කොට බඹලොවට පැමිණේ යයි කියමි”යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේකි.
Pali BJTඑවං වුත්තෙ මාඝො මාණවො භගවන්තං එතදවොච: අභික්කන්තං භො ගොතම -පෙ- අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතන්ති.
Sinhala BJTමෙසේ වදාරත් ම මාඝමාණව භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ දැන්වීය: භවත් ගෞතමයන් වහන්ස, ඉතා කාන්තය -පෙ- අද පටන් දිවිහිමියෙන් සරණ ගිය උවසුවකු කොට මා ධරණ සේක්වයි.
Pali BJTමාඝසුත්තං නිට්ඨිතං.
Sinhala BJTමාඝ සූත්‍රය නිමි.
Pali BJT3. 6.
Sinhala BJT3. 6.
Pali BJTසභිය සුත්තං
Sinhala BJTසභිය සූත්‍රය